.

.

Feb 18, 2018

දැන්වත් තොපි දැනගනියව් - Enough is enough




රජෙක් එලවලා තොපිව පත් කලේ

ආයෙත් රජ ගහේ නාඩගම් බලන්න නෙමේ..

තොපේ හෙලිකොප්ටර් කරණම් බලන්නත් නෙමේ
තොපේ රථ ගායවල් බලන්නත් නෙමේ..
තොපේ කටවුට් බලන්නත් නෙමේ
තොපේ බයිලා අහන්නත් නෙමේ
තොපේ බිස්නස් කරගන්නත් නෙමේ
තොපේ හොරකම් පටන් ගන්නත් නෙමේ
තොපේ හොරකම් වහගන්නත් නෙමේ
තොපේ ගොන් පාට් බලන්නත් නෙමේ
තොපේ දරුවන්ගේ ගොන් පාට් බලන්නත් නෙමේ
තොපේ පඩ ෂෝ බලන්නත් නෙමේ
තොපේ යාලුවෝ බේර ගන්නත් නෙමේ
තොපේ බැරි කම් බලන්නත් නෙමේ
තොපේ පිස්සු කෙලිලි බලන්නත් නොවේ
තොපේ ගෝරි බලන්නත් නෙමේ
තොපේ පක්ෂවල කචල් බලන්නත් නෙමේ
තොපේ රැස්පොට් බලන්නත් නෙමේ
කොටින්ම කියනවා 
තොපේ විගඩම් බලන්න නෙමේ

යහපාලනයක් ගේන්න.
සථාවට රටක් හදන්න.
නීතියේ ආධිපත්‍ය සුරකින්න.
රට ආර්ථිකව ශක්තිමත් කරන්න.
රටේ ජනතාව සුඛිත මුදිත කරන්න.
බිස්නස් දියුණු කරන්න.
ආයෝජකයෝ ගේන්න.
රැකියා බිහි කරන්න.

අවුරුදු තුනක්ම තොපි පිස්සු කෙලියා.
ඒකට තොපි ඔක්කෝටම අපි හොඳ පාඩමක් ඉගැන්නුවා.
දැන්වත් රී ෂෆල් දාලා ජනතාව ගොනාට අන්දන්නේ නැතිව,
මක්කා හෝ රට වෙනුවෙන් කරපල්ලා.

තොපේ සුඛ විහරනේ ගැන ඊට පස්සේ බලා ගනිල්ලා
කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු පුකේ අමාරු තියේ නම් 
ඉස්පිරිතාලෙකට වෙලා බෙහෙත් ගනිල්ලා
නැත්නම් වහ ටිකක් බීලා මැරියල්ලා

ඉතිරි අවුරුදු දේකේ හරි,
තුනම නැති කර ගන්නේ නැතිව. 
රටට දෙයක් කරපල්ලා..
එහෙම බැරි නම්..,
අඩි යහක් ගැඹුර වලක් කපාගෙන,
දැන්ම රෙඩි වෙයල්ලා.
රට කාපු කාළකන්නි ටිකක් ලෙස මැරියල්ලා.

තොපි හැමට 
අබ සරණයි..!!!

22 comments:

  1. තව අවුරුදු දෙකක් තියෙනවා...ඔය ප්ර තිශතය වෙනස් වෙනවා

    ReplyDelete
    Replies
    1. අම්මපා වැව් මටත් ඕකම හිතුන. දැනට තියෙන 32% ප්‍රතශතය 20% දක්වා වෙනස් වෙයි කියලා. රටකට බත් කන හරක් 20% ක් හිටියම හොඳටම ඇති.
      බත් කන හරක්නම් කැමතියි ඔය ඉලක්කම ඉහල යනවට

      Delete
  2. WELL SAID MATHALAN

    ReplyDelete
  3. වැරදි විවේචනය කරමින් බලයට එනකොට බලා පොරොත්තු වුනේ නම් එහෙම තමයි. :)

    ReplyDelete
  4. මේ සිරි ලංකාවනෙ. ඔය බලාපොරොත්තුවෙන හොඳ දේවල් නෙමෙයි අඩුම නරක මොනවද ඒවා තමයි හොඳ. ඒ මොනවාද කියල තීරණය කරන්නත් අමාරුයි දැනට. අඩු ගණනේ ආර්ථිකයට අඩුම නරක මොකක්ද කියන එක ඉක්මනට හොයා ගන්න වෙයි.

    ReplyDelete
  5. කවුද බොලවු යහ පාලනේට මෙච්චර කඩේ ගිය මාතලංගෙ අමුඩෙ කැත කලේ...

    ReplyDelete
  6. රට කාපු කාළකන්නි ටිකක් ලෙස මැරියල්ලා.

    බ්ලොග් ලියන එවුනුත් කාළකන්නි ටිකක් ලෙස මැරියල්ලා

    ReplyDelete
  7. Ranil dan hithanne kohomda Executive Powers ganne kiyala

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මැරිල යන්ඩ කලින් එක දවසකට හරි

      Delete
  8. දැන් ඉතිං වෙන කුමක් කරන්නද?
    ආආආදරය කරනු මිස//

    ReplyDelete
  9. විගඩන් නැති එව්වෝ නම් හොයන්න නැතිවෙයි.. එන මොකා හරි එකාගේ කමක් නෑ විගඩන් ටිකක් හරි අඩු වෙනවා නම්.. :)

    ReplyDelete
    Replies
    1. . එනිසා මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති (fake news) මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීම් වශයෙන් සැලකීම වඩා උචිත ය.

      Delete
  10. අපෙ ලමයින්ටත් මෙ විගඩම් බලන්න වෙයි නෙද මචො???.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇයි අවුල්ද ?

      Delete
    2. නැහැ නිකන් දැන ගන්න ඇහැව්වෙ...

      Delete
  11. Mathaaa mn kamathima matha kiyanna thiyana de kelin kiyana 1ta..mn samahara dewal mathaa hithana widiyata hithala baluwa.ehema hithaddi mama waradi kiyala hithuna welawal thibba.mathaa api hithana widiya godak samanai.eka samahara ayata dirawanne nathi wei.mata kiyanna ona une well said mathaaa kiyala.

    ReplyDelete
  12. මාතා,

    ඉතා විශ්වාශදායක ආරංචියක් ලැබුන, ඉදිරියේ කරු අගමැති වෙනවා, මිනිසුන් නොදන්නා දේ තමයි ඔහු අගමැති වෙන්නේ රනිල්ගේ කැමැත්ත උඩ කියන එක මාස කීපයකට පසු නැවත රනිල්ට අගමැතිකම ලැබෙනවා.

    මේ නාට්‍ය ඉදිරියේ බලාපොරොත්තු වන්න

    ReplyDelete
    Replies
    1. @ Lankika Sithuwili

      2020 පයිට් එකට ගොඨා ට වඩා හොඳ ට්‍රම්ප් කාඩ් එකක් මහින්දට තියෙනවා. ඒ රාජපක්ෂ කෙනෙක් නෙවෙයි. නමුත් දැනට ඉන්නේ ගොඨා. ගොඨා ට ගොඩක් අය කැමති වුනාට ලකුණු කැපෙන පැති තියෙනවා. ඒ නිසා මහින්දගේ මේ ප්ලෑන් බී එක එළියට දාන්න අවස්ථාව වැඩියි. බලාගෙන ඉන්න ඒ කව්ද කියලා.

      හැබැයි UNP එකට නම් දාන්න කෙනෙක් නෑ... සජිත් හරියන්නේ නෑ... සජිත්ගේ පර්සනැලිටි එක කොහොමත් මදි. ඉන්නේ කරු... හැබැයි පහුගිය කාලේ රනිල්ම කරුට කපපු නිසා ඒකත් ෂුවර් නෑ... ඒ නිසා හරි නැති වුනත් සජිත්ව තමයි ගේන්න වෙන්නේ. සජිත්ව ගේනවානම් මහින්දගේ අපේක්ෂකයාට ගේමක් දෙන්න ලේසි නෑ. ඒකට ආර් ප්‍රේමදාසගේ ගුණ ගායණා කරලා පටන් ගන්න වෙනවා. අනිත් එක සජිත්ට ටිකක් වැදගත් විදිහට කතා කරන්න කියලා දෙන්න වෙනවා. ගමේ ගෑණුන්ට මැෂින් බෙදලා දෙන එකයි, කරෝලිස් ආතාට පෙට්ටි කඩයක් දාගන්න සල්ලි දෙන එකයි නෙවෙයි දේශපාලනේ කියන්නේ කියලා පොරට කියලා දෙන්න වෙනවා. ප්‍රේමදාස 100 නම් සජිත් තාම 10 යි.

      Delete
  13. කුහකයන්ට ප්‍රීති වන්නට.... මිතුරනගේ පපු පැලෙන්නට....

    දැන්වත් තොපි දැනගනියව්

    මේ වගේ දෙපිටකාට්ටු සිපයි
    බ්ලොග්වලින්
    දේශපාලකයින් සමග රමණයේ යෙදෙන්න දත් කන

    තොපි හැමට
    අබ සරණයි..!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න