.

.

Feb 28, 2018

තඹුත්තේගමින් ඇරබි තුන් වන කැරැල්ල - Get ready for the next Revolution




ඊයේ තඹුත්තේගම සිඳු වූ සිඳුවීම, වඳ පෙත්තට එහා ගිය දෙයක් බව ආන්ඩුව තේරුම් නොගන්නේ නම් එය මහා විනාශයක ආරම්බය බව, අප විසින් මේ ගවපාලකයන්ට මතක් කර දිය යුතුව ඇත. අද මේ දෙපලම රටේ නායකයන් ලෙස ජනතාව පිලිගන්නේ නැත. ඔවුන්ගේ එකම නායකයා හා ගැලවුම් කරුවා මහින්ද රාජපක්ෂම වී අවසානය. 

ජනවාරි 10 වන්දා පැවති ආන්ඩුව ඉල්ලාගෙනම කෑ හුටප්පරයෙන් ලෝකටයටම දුන් පණිවිඩය එය බව තිත්ත වහ කඳුරු වුවත් පට්ට ඇත්ත ලෙස අප කවුරුත් පිලිගත යුතුය. තම පක්ෂය, ඇමති මණ්ඩලය, කැබිනෙට්ටුව පාලනය කර ගන්න බැරි උන්ට, රටක් තියා ප්‍රාදෙශීය සභාවක්කත් පාලනය කර ගන්න බැරි බව අද අපූරුවට පෙන්වමින් සිටින්නේය.

පොලිසිය, හමුදා කඳවුරු, ඇස් ටී ඇෆ් කඳවුරු සියල්ල තිබියදි, පෙත්තක් දැම්මාය කියා ක්ෂනයකින් මහා පරිමාන ප්‍රහාරයක් එල්ල කරන්නේ, හොඳ සංවිධාන ශක්තියකින් පමණක්ම නොව, අර කලින් සඳහන් කළ ඒවායේ ආශීර්වාදයද ඇතිව බව සැක කිරීමට, අප ජීවිතය තුල දෑසින්ම දැක ඇති දෑ ඕනාවටත් වඩා ඇතිය. 

එය ආන්ඩුවේම ක්‍රියාදාමයක්ය කියා සැක කිරීමට නොහැක්කේ, මේ ආන්ඩුවට එවන් දෙයක් කර ගැනීමට ශක්තියක් ඇතැයි කියා කිසිවකුත් නොසිතනා නිසාය. ඒ කෙසේ වෙතත්, 83 දී මෙන් මෙය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිඳු වූ දෙයක් විය හැකි සම්භාවිතාවයක්ද පවතින්නේ, මෙතක් කිසිවකු හෝ අත් අඩංගුවට ගෙන නොතිබීමමය. 

පෙත්තේ ගිනි නිවී යාමටත් ප්‍රතම, තඹුත්තේගම ඇතිවන සිද්දිය අප සුළු කොට තැකිය යුතු නැත. යහපාලන ආන්ඩුවක් ලෙස, වතුර ඉල්ලු ජනතාවට පොලීසියේ බවුසරයෙන් වතුර බෙදීම අප අගය කළ යුතු වුවද, මෙතරම් ජනම් එකක් පොලීසියට විරුද්ධව කැරලි ගසන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුම කාරනාවක්මය. මක්කා කීවත් පොලීසිය ආන්ඩුවේය. පොලීසිය අයිති ආන්ඩුවට වූවද පොලීසියේ අති බහුතරයද මහින්ද වාදින්ය. පොලීසියේ පමනක් නොව, අධිකරණයේ අති බහුතරයද මහින්දවාදීන් බව, අති ශ්‍රේෂ්ඨාධිකරනයෙන් දෙන ඉල ඇදෙනා නඩු තීන්දුවලින් මනාව දිස් වෙනවාය. 

තත්වය එසේ හෙයින් මේ ආන්ඩුව මෙන්ම, ජෝකර් කෙනෙකු යටතේ පාලනය වන විගඩම් පොලෝසියද එකෙක්කත් සත පහකට මායිම් කරන්නේ නැතිය. එය එසේ හෙයින්, ඡන්දයට කලින් 100-200 එක් වී ආන්ඩුවට එරෙහිව පාරවල් වසාගෙන කළ උග්ගෝෂණ, තඹුත්තේගමටත් වඩා දරුණු ලෙස, හෙට හෝ අනිද්දා ඇති වීම කිසිවකුටත් වැලැක්වීමට නොහැකිය. මන්ද අම්මට සිරි ලංකා නිදහස් පක්ෂයේ පෙර උන් ප්‍රාදේශීය චන්ඩීන් සියල්ලම පොහොට්ටුවෙන් ජන වරම ලබා ගෙන අවසානය. දැන් උන් කරමින් සිටින්නේ, පාලිත තෙවරප්පෙරුමගේ බජාර් එකේ චන්ඩියා සෝ එකේ සීන්ය. 

තඹුත්තේගම පොලීසිය ඉදිරිපිට විශාල ජනම් එකක් රැස්වන්නේ. බහු ජාතික සමාගමකට එරෙහිව නොව චීනාට එරෙහිවය. ඒ, ජලාශයේ ජලය, පානීය ජලය නිශ්පාදනය කරණා කර්මාන්තශාලාවකට බදු දීමට එරෙහිවය. මහින්දගේ කාළේ මේ වාගේ ඒවා අනන්තවත් සිඳු වූවද, එකෙක් පාරට බහිනවා තියා හූම් කීවේ නැතිය. ඒ පොහොර සහනාධාර මක්කා කොලත් හම්බ වූ නිසාත්. උන් ගැන බලා ගන්නා බව පෙන් වූ නිසාත්ය. 

ග්‍රාමිය ප්‍රදේශවල ආන්ඩුව පැරදීමට ප්‍රධානම වශයෙන් බලපෑවේ පොහොර සහනාධාරය කපා දැමු එකය. (සබීතාට ආතල් දෙන කෘෂි කරුම ඇමතියාගේ ප්‍රදේශයෙන්ම මේ ඇවිලීම ආරම්බ වීම බොහෝ හොඳය) 

එමෙන්ම කිසිවකුටත් නොපෙනුන කටුක සත්‍ය නම්, අරක්කු හා සිකැරට් මිළ වැඩි කරපු එකය. ලංකාවේ ජනතාවට එන්ටර්ටේන්මන් වලට වියදම් කිරීමට මහා ලොකු මුදල් අද ඇත්තේ නැතිය. උන්ගේ එකම ආතල් එක බජාර් එක සමඟ සෙට් වී, පොඩි අඩියක් ගසා, සින්දුවක් කියා, වලියක් දමාගෙන ගෙදර ගොස් පොරක් ගසා හතර ගාතේ නිදා ගැනීමය. මේ බව නොදන්නා ගොන් ගෑණු, පොරක් ගහලා ආතල්ක් එකක් ගන්නවා වෙනුවට, පනසලේ ගුලි කා මත්පැන්වල ආදීනව කියා දෙන්න ගොස්, හත් පොලේ ගාගන්නවාට අපට කොරන්න දෙයක් නැත්තේය. මොකෝ එහෙම උපදේස් දෙන ගනයෝ සුරා මේරය මජ්ජ පමාවෙන් නොව කන පාත්වෙන්නම සංගික කොරනා නිසාය. ගොවි පවුලකින් ආවා යැයි කියනා එකෙක්, මේ කටුක සත්‍යය දන්නේ නැත්නම්, අපට කියන්න තියෙන්නේ හැමෝම කියනවා වාගේ, උන්නැහේට මුල අමතක වෙලා කියලාය. 

මහන්සි වී මැරීගෙන කීයක් හෝ හොයා ගන්න උන්ට වඩා, සමෘධියෙන්, පොහොර සහනාධාරෙන් හා පින් පඩිවලින් ජීවත් වෙන උන් ඉන්නේ මලේ හොඳම එකෙන්ය. උන්ව අමුඩ ගසා නොව නිර්වස්තරෙන් හෝ පාරට බස්සනවා කියනා එක, දානෙකෙට හිඟන්නෝ හොයනවාටත් වඩා බොහෝ සිම්පල් වැඩක්ය. 

ටැබ් ලබා දීම කපා දමමින්, ආර්ථික භෝග වගාව සමච්චලයට ලක් කරමින්, සත පහක් වැඩක් නැති ජල සම්පත කාබාසීනියා කරනා වී ගොවිතැන හා වී ගෝවියා මුරුංගා අත්තේ තබා, උන් ගැන සත පහකට මායිම් නොකරනා ගොවි පුතාට එරෙහිව ජනතාව පාරට බැසීම සර්ව සාධාරනය. උන්ගේ ගොවි තැනට තිබෙනා ජලය විකුණාගෙන ආතල් ගන්නවාට එරෙහිව උන් පාරට බහිනා එක සර්ව සාධාරනය. 

දැන් අර සරළ ගොවි පුතාට ඕවා ගැන මතකයක් ඇත්තේ නැතිය. දැන් බලන්නේ මහින්ද හලා, ඝෝඨා සමගින් හෝ, සිරිසේන සහ සමාගමේ ග්‍රෝව්ත් එක හෙවත් අභිවෘද්ධියම පමණි. ඒ සඳහා කළ හැකි, සියලු යටි කූට්ටූ වැඩ, නූල් සූත්තර, යාග හෝම, වත් පිලිවෙත් කරනවා හැර, රටට මක්කා වූවත් උන්නැහේට පයිසෙක ගානක් නැතිය. 

මේ එන්නේ මහින්ද රාජපක්ෂටත් වඩා ජනතා අප්‍රසාදයට පත් වූ නායකයකුගේ අති භයානක එකාධිපති පාලනයක් බව නොකිව මනාය. මන්ද ඉදිරියේදි එන ජන උද්ඝෝෂණ මීට වඩා අති දරුණු ඝනයේ ඒවා වීම කිසිවකුටත් වැලැක්විය නොහැකිය. තමන්ගේ නොහැකියාව, ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස ලෙස දී විරුද්ධ පාක්ෂිකයා ශක්තිමත් කර ඇති යුගයක, විපක්ෂ බලවේග, ආන්ඩුවට වඩා අති දරුණු ලෙස ශක්තිමත් වී සංවිධානය වී අවසානය. 

මේ ආන්ඩුවට තව දුරටත් ජන බලයක් නොමැති බවත්, ජනාධිපතිවරයා අනුමත කර ඇත්තේ රටේ ජනතාවගෙන් 4% පමණ බවත් තේරුම් ගැනීමට ගවපාලනයට නොහැකි වූවද ජනතාව එය තේරුම් ගෙන අවසානය. පිඳුරු වේලා, ගොඩ ගසා අවසානය, ආන්ඩුවෙන් පැස්ටෝල් ඉහලාද අහවරය. දැන් ඇත්තේ ගිනි කූර ගසා විසි කිරීම පමණමය. 

තුන් වැනි කැරල්ල බලාපොරොත්තු වන්න....!!!

අබ සරණයි සිරි ලංකා.....

35 comments:

  1. //පිඳුරු වේලා, ගොඩ ගසා අවසානය, ආන්ඩුවෙන් පැස්ටෝල් ඉහලාද අහවරය// අපේ අම්මට සිරි ලංකාවේ හැත්ත හැමදාම කරේ ගිනි තියපු එකනේ, හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට නෙමෙයි. දැං ඉතිං වෙන කුමක් කරන්නද.

    ReplyDelete
    Replies
    1. 83 දී ගෝනවල සුනිල් ලවා කොලඹ දෙමල කඩවල් සහ ගෙවල් ගිනිතබවා තමුන්ගේ සහෝදරයන්ගෙ සහ මව් පර්ශවයේ බිස්නස් ටිකට ගොඩ යන්නට පාර කපලා දුන්න "බටලන්දේ" එකා රට පාලනය කොරනා කලෙක මේවා සිම්පල් ප්ලෑන් ය

      Delete
    2. දැන් ඉතින් තියෙන්නේ තා අවුරුදු දෙකක්ම මේ ආතල් බල බලා ඉන්න එක විතරයි

      Delete
  2. මාතා,

    මේක නම් කුභියෝ වල දෙවැනි දර්ශනයයි, පැහැදිලිවම මේක පිරිසක් විසින් අපුරුවට රගදක්වල ඉවරයි, මෙතන මේ පෙති දමපු අය පැනල ගියා කියල කියනවා, මම මේක දකින්නේ ආකාර 2 කින් සිදුවිය හැකි බවයි.

    01. සිංහල අන්තවාදීන් පිරිසක් මෙය ක්‍රියාත්මක කලාවෙන්න පුළුවන් රජය අප්‍රසාදයට පත්කිරීමට.
    02. මුස්ලිම් අන්තවාදී පිරිසක් මෙය ක්‍රියාත්මක කලාවෙන්න පුළුවන් වැඩි වැඩියෙන් ආධාර ලබාගැනීමට.

    කොහොම උනත් රජය නොහැකියාව මොනවට පේනවා රජය වහාම කලයුතු වුනේ ඔවුන් කියන පරිධි CCTV දර්ශන මහින් අදාළ පිරිස අත්අඩංගුවට ගෙන මෙහි අගමුල වේගයෙන් ලිහාගනිමයි.

    දැන් වෙලා තියන්නේ අදාළ කඩයට ගිනි තැබීමයි මෙනිසා මේ පටිගත වීම සොයාගන්න පුළුවන්දැයි මම හරියටම නොදනිමි.

    රජය කොච්චර අකාර්යක්ෂම ද කියන දේ මරුවට පේනවා මචෝ !

    ReplyDelete
    Replies
    1. මිට අමතරව මෙය ආණ්ඩුවේම කොන්ට්‍රත්තුවක් වෙන්න පුළුවන් මුස්ලිම් විරෝදය පොහොට්ටුවට යොමු කිරීමට

      මොකද බේරුවලත් පොහොට්ටුවට ගියානේද ? මේකෙන් පෙන්නේ මුස්ලිම් විරෝදය දැන් පොහොට්ටු පක්ෂයට නැති බවයි.

      Delete
    2. @ Lankika Situili,

      මෙම අම්පාරේ ඇතිවුනා යැයි කියන සැළසුම්සහගත සිද්ධිය ආරම්භ වන්නේ පෙබරවාරි 10 වනදින පැවති මැතිවරණයෙන් මරාගේ පොහොට්ටු කල්ලිය ජයග්‍රහණය කළ පසුබිමකය.

      මැතිවරණය පැවති පෙබරවාරි 10 වනදායින් දින දෙකකට පසු එනම් පෙබරවාරි 12 වනදා ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධානයක නියෝජිතයෙක් වන ”අමීන්” නමැත්තකු විසින් මුස්ලිම් මාධ්‍ය සංවිධානයක ලිපි ශීර්ෂයක් යටතේ ලංකාවේ ඇති සියලු මුස්ලිම් තානාපති කාර්යාල වලට ලිපියක් යවා ඇත. එම ලිපියේ සදහන් කොට ඇත්තේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නායකත්වය දරා ජයග්‍රහණය කළ පොහොට්ටු පක්ෂය විසින් මුස්ලිම් ජනතාවට පහරදෙනවා යන්නයි. එම ලිපිය සමග ජායාරූප කිහිපයකුත් අමුණා සියලු තානාපති කාර්යාල වලට යවා ඇති අතර එම ජායාරූප ඉතා පැරණි ජායාරූපයි. එම ජායාරූප අතර යුධ සමයේ නැගෙනහිර පළාතේ ජයාරූපත්, ඉදි කෙරෙමින් පවතින මුස්ලිම් පල්ලි වල ජායාරූපත් බොහොමයක් තිබී ඇත.

      මෙම ලිපිය සහ ජායාරූප මුස්ලිම් තානාපති කාර්යාල වලට ලැබීමත් සමග ඔවුන් විසින් ඒ පිළිබද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනුවත් කොට ඇති අතර එම අවස්ථාවේ පොදුජන පෙරමුණ කියා ඇත්තේ ඒවා පොලිසියට භාර දෙන ලෙසය.

      එවිට තානාපති කාර්යාල පවසා ඇත්තේ ඒවා තානාපති කාර්යාල වලට ලැබුණු ඒවා නිසා පොලිසිය දැනුවත් කළද ඊට මැදිහත්වීමට පොලිසිය අකමැති බවයි.

      එවන් පසුබිමක මුස්ලිම් රටවල තානාපති කාර්යාල හරහා පොහොට්ටුවේ ජයග්‍රහණය මුස්ලිම් ජනතාවට විරුද්ධව යොදාගන්න බවට ලෝකයට කීමට නොහැකිවීම නිසා එම අන්තවාදී සංවිධාන ඔවුන්ගේ දෙවන සැළසුම් ක්‍රියාත්මක කරමින් සිටියි. අම්පාරේ වද පෙති නාට්‍යය හරහා දිගහැරෙන්නේ ඒ දෙවන සැළසුමයි.

      Continue...

      Delete
    3. Cont'd ...

      ඒ දෙවන සැළසුම හරහා කුපිත වන බහුතර සිංහල අන්තවාදීන් ලවා මුස්ලිම් ජනතාවට සහ පල්ලි වලට පහර දීගෙන ඒ හරහා ඔවුන්ගේ දෙවන සැලසුම සාර්ථක කරගැනීමේ උත්සහය මේ වනවිට සිදුකෙරෙමින් තිබේ.

      ඒ සදහා පූර්ණ අනුග්‍රහය UNP ආණ්ඩුවෙන් ලැබේ. 2018-02-10 මැතිවරණ පරාජයෙන් පසු UNP ආණ්ඩුවේ අස්ථාවරභාවය, අගමැති තනතුරේ ඇති ගැටුම, UNP-UPFA හවුල් ආණ්ඩුවේ ගැටුම, ජාතික ආර්ථිකය කඩාවැටීම, මෙන්ම මහින්ද රාජපක්ෂට සහ මිළට ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට පහරදීමට මෙම අම්පාරේ සිද්ධිය දඩමීමා කර ගැනීම UNP ආණ්ඩුවේ මේ මොහොතේ සුදානමයි, ඒ වෙනුවෙන් ආණ්ඩුවේ මාධ්‍ය සහ Social Media (including bloggers) කණ්ඩායමක් යොදා ගනිමින් සිටියි.

      ආණ්ඩුවේ UNP ඇමතිවරයෙක් විසින් කොල්ලුපිටියේ එක්තරා තැනකට රැස්කරන ලද ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය (facebook) ක්‍රියාකාරීන් පිරිසකටද දැනුම්දී ඇත්තේ එම ගැටුම ගැන වැඩි වැඩියෙන් කතාබහට ලක් කරන ලෙසයි. අදාළ ඇමතිවරයා ඔවුන්ට උපදෙස් දී ඇත්තේ අම්පාරේ අදාළ වීඩියෝව සිංහල ජනයාටත් සිද්ධියෙන් පසු ගිණි තැබීම වලදී ලබාගත් ජායාරූප මුස්ලිම් ජනයාටත් වැඩි වැඩියෙන් සන්නිවේදනය කරන ලෙසයි.

      මේ මොහොතේ මේ සිද්ධිය හරහා ආණ්ඩුව උත්සහා කරමින් සිටින්නේ රටේ ජනතාවගෙන් UNP ආණ්ඩුවට ඇති විරෝධාකල්පය මැඩ පැවැත්වීම සහ මේ දිනවල දැනෙමින් තිබෙන ජාතික මැතිවරණයක ඉගි වටහාගෙන ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්නට සුදානම් වන අපේක්ෂකයාට විරුද්ධව මතවාදයක් ගොඩ නැංවීමයි. එවන් පසුබිම මේ සැළසුම් සහගත Process වටහා නොගන්නා බොහෝ දෙනා විසින් දක්වන ප්‍රතිචාර ග්‍රහණය කරගන්නට බලා සිටිනා අන්තවාදී සංවිධාන වලටත්, UNP ආණ්ඩුවේ බලධාරින්ටත් ඔක්සිජන් ලබා නොදීමට වග බලා ගෙන මේ මොහොතේ ඉතා කල්පනාකාරිව කටයුතු කිරීමට සමස්ත රටවැසි ජනතාවම කටයුතු කළ යුතුය !

      – දසුන් වානගුරු

      Delete
    4. අසාර්තක රාජ්‍යයක් කරා සීඝ්‍රගාමීයේ යන රටක්

      Delete
  3. The Gnanasara project of UNP is going to backfire this time lol

    ReplyDelete
  4. තඹුත්තේගමින් ඇරබි තුන් වන කැරැල්ල - Get ready for the next Revolution

    හා! එහෙමද ආසා !! මාතලන් , තව කීදෙනෙක් හරි මරුනහම ඒවා ගැන ලියලා ගොඩයන්න පුළුවන්නේ


    මෙතරම් ජනම් එකක් පොලීසියට විරුද්ධව කැරලි ගසන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුම කාරනාවක්මය

    පොහොට්ටුව කණ්ඩායම් මේ පිටුපස සිටිනබව ඔනම කෙනෙකුට තේරෙනවා. අරගල නායකයින් ප්‍රශ්නය ගැන සාකච්චා කිරිමට, රජයේ නිලධාරීන් සමග සාකච්චා කරන්න ගියවිට,උසාවි නියෝගයක් ක්‍රියා කිරමට
    එරෙහිව පාරවල් වසාගෙන කළ උග්ගෝෂණ, පොලිසිය ක්‍රියා කිරීමේ දී පොලිසියට පහර දීමෙන් ප්‍රශ්ණයක් ඇති කලේ කවුරුන්ද නුගත් පොහොට්ටු කාරයන් නොවේද ?

    මාතලන් කොළඹ සිට අංජනම් බලමින් ආතල් සුරාන්තක්ට එලබෙයි! ....අනී සැප කනේ !!!!!!!!

    මාතලන් උඹට 83 වැනි කලබලයක් මුස්ලිම් කණ්ඩායම් සමග ඇතිවුනහොත් උඹ හිතනවද උඹ පදින්ච්ව ඉන්න ගුණසිංහ පුර තට්ටු නිවාස ආරක්ෂා වෙයි කියලා ? උන් කර බාගෙන් ඉඳීවි කියලා උඹලා ගහලා යනකම්

    මැද කොළඹ ජනතාවගෙන් 50% පමණ මුස්ලිම් එවුන් කරබගෙන ඉඳීවි කියලද සිතා ගෙන ඉන්නේ ඉක්මනට ගිහින් පිකොටුවේ බෝගහේ පඬුරක් ගහලා බාරයක් වෙයන් පවුලම ආරක්ෂා කරලා දෙන්න කියලා

    මේවගේ වෙන දේවල්වලින් ආතල් ගන්න පුළුවන් මාතලන් වගේ අසික්කිත බ්ලොග් "ප"-"කින්" කියලා හිතාගෙන ඉන්න එවුන්ට විතරයි නැතිව උන් වෙන් මොනවා කරන්නද ?

    දැන් "හා" ද

    එහෙම කියහන් "හා" හොඳේ

    හා :)

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 1, 2018 at 12:37 AM

      // පොහොට්ටුව කණ්ඩායම් මේ පිටුපස සිටිනබව ඕනම කෙනෙකුට තේරෙනවා.//

      ඉතිං බං මෙතන මාතලන්ට බැන බැන ඇනෝ කෙලින්නෙ නැතුව තොපේ "පාන්ඩුවේ" එවුන්ට කියපන්කො ඔය කඩප්පුලි වැඩ කරණ පොහොට්ටුවෙ එවුන්ටිකයි උන්ව මෙහෙයවන එවුනුයි අල්ලලා නීතිය ක්‍රියාත්මක කරන්නෙයි කියල.

      ඇයි දැන් තොපේ මහා ලිබරල් නායකයා අතේ නේද පොළීසිය? මිනිහ හොඳ මදිද ? අර රටෙන්ම චන්ද 25,000 ක් ගන්න බැරිව සිරිකොත පිළිකන්නෙන් පාර්ලිමේන්තු ආපු පිං මාෂල්ටවත් දීල බලපල්ලා පොළීසිය. පෝය දෙකෙන් පොළීසිය ඉවරයි.

      අනේ බොල මීහරකො, මතලන්ට නෙමෙයි තොපේ ජහපාලන මහ එවුටන්ට කියපං අංජනම් බලාගන්න කියල.ආයි එන්නෙ මහින්ද.

      Delete
    2. /**පොහොට්ටුව කණ්ඩායම් මේ පිටුපස සිටිනබව ඔනම කෙනෙකුට තේරෙනවා. අරගල නායකයින් ප්‍රශ්නය ගැන සාකච්චා කිරිමට, රජයේ නිලධාරීන් සමග සාකච්චා කරන්න ගියවිට,උසාවි නියෝගයක් ක්‍රියා කිරමට
      එරෙහිව පාරවල් වසාගෙන කළ උග්ගෝෂණ, පොලිසිය ක්‍රියා කිරීමේ දී පොලිසියට පහර දීමෙන් ප්‍රශ්ණයක් ඇති කලේ කවුරුන්ද නුගත් පොහොට්ටු කාරයන් නොවේද ? **//

      තේරුනේ දැන් තමයි.... ඒ දවස් වල කොලඹ උද්ඝෝෂණවලත් වෙන්න ඇත්තේ ඕකම තමයි. අන්තරේ, අන්තරේ කිව්වට නූගත් පොහොට්ටුවෝ තමයි ඕව කරවන්න ඇත්තේ,,,
      ටැන්කිව් අනෝ, ඇත්ත පහදලා දුන්නාට

      Delete
    3. @ AnonymousMarch 1, 2018 at 7:55 AM

      //ඇයි දැන් තොපේ මහා ලිබරල් නායකයා අතේ නේද පොළීසිය? //

      රනිල් වික්‍රමසිංහ මේ රටේ දෙවරක්ම ඉතා බලගතු ලෙස අගමැති ධූරයට පත් 2001 දී සහ 2015 දී ඔහු භාවිතාවෙන් පෙන්වූයේ ඔහු ධනවාදියකු බව හෝ ලිබරල්වාදියෙකු බවද?

      ඔහු සමාජවාදියකු නොවේ. ඇතැමුන්ට අනුව ඔහු ලිබරල්වාදියෙකි. තවෙකෙකුට අනුව ඔහු ධනවාදියෙකි.

      ධනවාදියෙකු නම් උත්සාහ කළ යුත්තේ මෙරට තුළ ධනවතුන් බිහි කිරීමටය. ඔවුන් උපයන අතිරික්ත ප්‍රාග්ධනය භාවිතා කොට ලෝකයේ අනෙක් රටවල සම්පත් සහ ශ්‍රමය වෙත යොමු වීමටය.

      2001 රීගේනින් ශ්‍රී ලංකා (Regaining Sri Lanka) වැඩසටහන ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරීමෙන් ගම්‍ය වන්නේ ඔහු ධනවාදියෙකු හෝ ලිබරල්වාදියෙකු හෝ වන බව නොවේ.

      ඇමරිකා,චීන ඇතුළු ධනවාදී රටවල බහු ජාතික සමාගම් වලට ලංකාව කොල්ල කන්න උදවු කරන්නට සූදානම් වූ ඔවුනගේ චක්ගෝලයකු බව පමණි ඒ මඟින් පෙනෙන්නේ.

      2001දී ඔහු ගැන කීමට තිබූ එකම හොඳ සෘණ ආර්ථිකයක් ධන කළ බවය. නමුත් ඇත්ත වශයෙන්ම ලංකාව වැනි රටක සෘණ ආර්ථිකයක් ධන කිරීම, ධන ආර්ථිකයක් යළි ධන කරනවාට වඩා පහසුය. එය නිතැතින්ම වාගේ සිදුවන්නකි. මහා දුර්භීක්ෂයක් නොතිබීම ඒ සඳහා හොඳටම ප්‍රමාණවත් වේ. (සෘණ ආර්ථිකයක් ලෙස එදා දේශපාලකයන් විසින් හැඳින්වූයේ ආථික වර්ධන වේගය සෘණ අගයක් ගැනීමය.)

      එකල ඔහු ජනතාවට කීවේ පටි තද කර ගන්න කියාය. මෙවරද එම වචනයෙන් නොකීවද සමස්ථ 2018 අයවැයේ මුඛ්‍ය අර්ථය පටි තද කර ගනු යන්නයි.

      මහින්ද සමයේ තත්වය මීට හාත්පසින්ම වෙනස් විය. මහින්දගේ පණිවුඩ වූයේ ඒක පුද්ගල ආදායම වැඩි කිරීම, දිළිඳු රටක සිට මැදි ආදායම් රටක් බවට පරිවර්තනය කිරීම, සාමයේ ප්‍රතිලාභ, සහ ආසියාවේ ආශ්චර්යය වැනි ඒවායි.

      අප මහින්ද හා මතවාදීව එකඟ නොවන්නෙමු. ඒ පිළිබඳ වෙනම දීර්ඝ ලෙස කතා කළ යුතුය. නමුත් මහින්දට පැහැඳිලි දිශානතියක් විය. ඒ දිශානතියට රට ගමන් කළේය. එහි අඩුපාඩු කොතෙකුත් තිබුණද මහින්දට ගමනක් තිබුනි.

      නමුත් රනිල්ට කුමන හෝ දිශාවකට රට ගෙනයන ආර්ථික ගමනක් නැති බව පැහැඳිලිය. අතරමංවූ සිරිසේන පාර අසා ඇත්තේ මංමුලාවූ සමනලියකගෙනි. සිරිසේන ගැන නම් මට තේරුම් ගොස් ඇත්තේ කිසිදු තේරුමක් නැති අයකු ලෙසය. ඔහු උත්සාහ කරන්නේ "පරිසරයට" මුවා වී තම නොතේරුම් කම සඟවා තබා ගැනීමටය. නමුත් පරිසරයට ඔහුව සැඟවිය නොහැකි පරිසරයක් ළඟ එන මැතිවරණ සමඟ උදාවනු ඇත.

      රනිල් වික්‍රමසිංහ ධනවාදියෙකිය යන හැඟීම යමෙකු තුළ ඇති විය හැකිය. එය සදොස් නිගමනයක් වුව එවැන්නකට කිසියම් නෑකමක් රනිල්ගේ මතවාදයේ ඇත. තේරුම් ගැනීමට අපහසු මේ මිනිසා තේරුම් ගැනීමට සිත යොමු කිරීම උචිත සහ කාලීන වැදගත්කමකින් යුතු ක්‍රියාවක් වන්නේ අපගේ මවුබිමේ ඉරණම ඒ හා ගැට ගසා තබන්නට සිදු වී ඇති බැවිනි.

      Delete
    4. කොහොම නමුත් රනිල් සාගල රත්නායක නමට දාල තමන් ම පාලනය කරපු 'නීතිය හා සාමය අමාත්‍යාංශය' 2018 නිල වශයෙන් තමන්ගේ අතට ගත්ත ගමන් පක්ෂයේ මිනිසුන් රනිල්ට එරෙහිව සිරුරට ගිනි තබා ගෙන මිය යද්දී පවා රනිල්ට ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී පක්ෂ නායකත්වය අල්ලා සිටින්නට හයියක් ලැබගන්නේ විදෙස් රටවලින් ලැබෙන අනුග්‍රහය ගැන විශ්වාසය තබන නිසා විය නොහැකිද?

      මහින්ද පරදවන්නට තමා ඇමරිකාවට ගොස් ටියුෂන් ගත් බව ඔහු කිසිදු පැකිළීමකින් තොරව පැවසුවේ කිනම් හෝ මොහොතක බටහිර බලවතුන් විසින් තමා බලයට ගෙන එන බව ඔහු විශ්වාස කළ නිසා නොවේද?

      රනිල් වික්‍රමසිංහ ඉතා පැහැඳිලිවම දෙමළ ජාතිවාදයකු වන නිසා, ඔහු බෙදුම්වාදියකුද වෙයි. ඔහු ලංකාව දෙස බලන්නේ ඔහුගේ එම දෙමළ ජාතිවාදී චින්තනයෙන් යුතුවය. ඒ උපැස් යුවලෙන් බලන ඔහුට බෙදුම්වාදයට එරෙහි වූවන් පෙනෙන්නේ ජාතිවාදීන් ලෙසය. ඔහුට අනුව මහින්ද සුළඟ යනු ජාතිවාදී සුළඟකි.

      දමිළ දරුවන්ගේ බෙල්ලෙන් සයනයිඩ් කරල ඉවත් කර ඔවුනගේ අතට පොත් මිටිය ලබා දුන් මහින්ද ජාතිවාදියෙකු වන්නේ අන්තවාදී දෙමළ ජාතිවාදියෙකුගේ ඇසින් මිස අන් කවර ඇසකින්ද?

      ආර් සම්බන්ධන්ගේ සහ රනිල් වික්‍රමසිංහගේ මතවාදයන් අතර වෙනස කල්පනා කරන්නට උත්සාහ කළහොත් මේ බව වඩාත් පැහැඳිලි වනු ඇත. සම්බන්ධන් මෙන් රනිල් දෙමළ නිජබිමක් ඇතැයි මුවින් පවසා නැත. නමුත් ඔහු ක්‍රියා කරන්නේ දෙමළ නිජබිමක් ඇතැයි යන්න පිලිගත්තෙකු ලෙස නොවේද?

      Delete
    5. ජනාධිපතිවරණයකින් පත් වූ ලෝකයේ එකම අගමැති ලෙස රනිල් අගමැති ධූරයේ 2015 ජනවාරි 9 දා ව්‍යවස්ථා විරෝධී ලෙස දිවුරුම් දීමට වාසනාව ලැබ ගත් ඔහුට ඉදිරියටත් යමක් ලැබෙනවා නම් ලැබෙන්නේ දෙමළ ජාතිවාදී මතවාදයට අනුකූලව රට ගෙනයමින් සිංහලත්වය පරාජය කරමින් රට තුළ සංහිඳියාවේ නාමයෙන්ම අසමඟිය හා සැකය වපුරවමින් රට බෙදුම්වාදය කරා රැගෙන යාමට ඔහු කෙතරම් දක්ෂ සහ සූක්ෂම වන්නේද යන කාරණය මත පදනම්වය.

      බටහිර විදෙස් රටවලින් රනිල්ගේ කාර්ය සාධන ඇගයීම සකසන්නේ දෙමළ ජාතිවාදී මතවාදය බලවත් ලෙස ඔසවා තබමින් සිංහලත්වය මරා දැමීමට ඔහුට ඇති දක්ෂතාවයට අනුවය. ඒ නිසා රනිල්ට පැවතිය හැක්කේ ඔහු දෙමළ ජාතිවාදියෙකු වන තුරු පමණි. ඔහුට නොපවතින්නට වුවමනාවක් ඇතැයි නොසිතමි.

      Delete
    6. ටැන්කූ මාව බ්ලොග් වල කින් කලාට.. පකින් හරි කින් නේ ඩෝ..

      Delete
    7. ටැන්කූ මාව බ්ලොග් වල කින් කලාට.. පකින් හරි කින් නේ ඩෝ.

      "ප"-"කින්" කියලා හිතාගෙන ඉන්න මාතලන් , ඔහොම හිටපු කින් ලා "ප"-"කින්" ලා අන්තිමට ජනෙල් පඩියේ එල්ලිලා ගෙදර ගියේ

      උඹට ඉතින් එල්ලෙන්න වෙන්නේ ගුණසිංහ පුරේ පීපල් පාක් එකේ තමයි

      දැන් "හා" ද

      එහෙම කියහන් "හා" හොඳේ

      හා :)

      Delete
  5. මාතලන්,

    ///පොලීසිය අයිති ආන්ඩුවට වූවද පොලීසියේ අති බහුතරයද මහින්ද වාදින්ය. පොලීසියේ පමනක් නොව, අධිකරණයේ අති බහුතරයද මහින්දවාදීන් බව, අති ශ්‍රේෂ්ඨාධිකරනයෙන් දෙන ඉල ඇදෙනා නඩු තීන්දුවලින් මනාව දිස් වෙනවාය. ///

    ඈ? හහ් හහ් හා විහිළු කරනවද මාතලන්???

    :D :D :D

    මාතලන් දන්නවද පළාත් පාලන මැතිවරණයේ ලද
    පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය සමරමින් බැනරයක් ප‍්‍රදර්ශණය කර, කිරිබත් පිසුවේ යයි විදේශ රැකියා අමාත්‍යංශයේ නිලධාරීන් 30 දෙනෙකු දුෂ්කර ප‍්‍රදේශවලට මාරු කර යවා ඇති බව ???

    මෙම සේවකයන් මාරු කර යවා ඇත්තේ යාපනය, වවුනියාව, කිලිනොච්චිය වැනි ඈත දුෂ්කර ප‍්‍රදේශවලට බවත් ඊට එරෙහිව තලතා අතුකෝරාල හිටපු ඇමතිනියට එරෙහිව ශ්‍රේෂාඨාධිකරණයේ නඩු පවරන බවත් මාතලන් දන්නවද ???

    ReplyDelete
    Replies
    1. අපරාදේ සුදු වෑන් වල යවන්න තිබ්බේ මාරු කරන්නෙ නැතිව

      Delete
    2. සුදු වෑන් එකේ දාලා බටලන්දට ගෙනිහින් පාරක් අයිනෙ ටයර් එකක් උඩ නේද ? මට 88/93මැයි කාලේ මතක් උනා බං. කරගත්තු කුසල කර්මයට බාබු බුදු වෙන්ඩ ඕනේ

      Delete
  6. ඒ දවස් වල, බඩට කන්න නැතත්, බලන්න කඩු පයිට්, ඉල ඇදෙන කොමික්, රහස් පරීක්ෂක වැඩ, ලව් සීන් තිබ්බා. කෙහෙල්මල් චන්දෙකින් පස්සේ ඒ මුකුත් නෑ. ඉතින් ජනතාවට බොරිං.... උන් කැරලි ගහනවා.

    ReplyDelete
    Replies
    1. මෝඩ අසංග උන්නැහේ දන්නවද රාජංගනය වැවේ ජලය පානීය ජල බෝතල් සැකසීම සහා චීන සමාගමකට ලබා දීම මගින් ශ‍්‍රී ලංකාවට අවම වශයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 120ක් ලබා ගත හැකි බවත් එය මත්තල ගුවන් තොටුපලේ වාර්ෂික ආදායමටද වඩා වැඩි බවත් එක්සත් ජාතික පක්‍ෂය පවසන බව?

      මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ නිල ෆේස්බුක් ගිණුමේය.

      එම තර්කය අනුවම ලංකාවේ ලොකු කුඩා සියළු වැවු හා ගංගා ඇල දොල ආදියේද ජලය චීනාට හෝ කාට හෝ දීමෙන් ලංකාමට මහත් ධනයක් ඉපයිය හැකිය.

      වසරක් හෝ දෙකක් ඇතලත සිංගප්පුරුවද පරාජය කිරීම සිම්පල් වැඩකි.

      Delete
    2. Dear Asanga,

      Great piece of writing. We need kind of people like you to see beyond what we really see. I think you have understood the situation correctly. This fact has to be understand by the leaders of SLPP and try not be a pray of those who set these kind of traps to create fear among minorities.

      This is happening over and over whenever the nationalistic forces are getting a momentum. We should learn from the mistakes made in the past. Majority of Sri Lankans love to live in peace and harmony like a sons and daughters of mother Sri Lanka irrespective of you are a Sinhalese, Tamil, Muslim or live in north south, east or west.

      Leaders of SLPP should take note of this. Up to now you all are behaving very rationally.

      I have never come a cross “sterilization tablets” in scientific literature, even if something similar can be there it cannot be given by mouth to get the desired effect as it is losing its potency in the digestive tract because most of the enzymes are proteins. These are fabricated stories to create uneasiness among people.

      Delete
    3. අසංග,

      ශ්‍රී ලංකාවේ වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය උසුළනු ලබන්නේ කාන්තාවක්. ඇය නමින් සරෝජිනීදේවී මම්මත්රාජා චාර්ල්ස්. ඇය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පැමිණියේ බර්දුදීන් නිසා බව හා බර්දුදීන්ගේ දකුනු අත වන ඇය ඔහුගේ සියලු මරි වැඩ සඳහා පහසුවනු පිණිස රේගුවට ගෙනා බව ඔබ නොදන්නා හැඩයි. මඩකළපුව සහ වව්නියා යන දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම් ධුර දරමින් රාජ්‍ය සේවයේ වසර 26 ක සේවය සොයා බලන්න. සත්‍ය සොයාගැනීම අපහසු නොවනු ඇත.

      Delete
    4. එයාගේ ගොන් ජෝක්ස් වලට කැමති උනේ 4% යි නේ... දැන් අමු කැවිලා ඉන්නේ..

      Delete
  7. @ Asanga/ මාතලන් & සිංහල අන්තවාදීන්

    අපේ අය රෙද්දේ වද පෙත්තක් කියවනවා………

    බෝම්බ බස් වල පිපිරැණ කාලේ සැක කටයුතු බස් එකක් ලගින්වත් නොයන්න පරිස්සම් වෙච්ච එකාලාට තමන්ගේ ජීවිත ගැන සැලකිලි නම් වද නොවී ජීවත් වෙනවා කියලා හිතනවනම් මුස්ලිම් කඩ වලින් නොකා නොබී උන්ගේ සැක කටයුතු ව්‍යාපාර සේවා නොගෙන හිටපල්ලා ඉවරනේ...

    ජාතිය වද වෙන්නේ ඕවා ගෙන් නෙවේ. අවුරැද්දකට බොන ටොන් ගානක කුඩු වලින් වද වෙන්නේ සිංහල ජාතිය.

    මම ඊයේ දැක්කා අගරදගුරැ මැල්කම් කාදිනල් තුමා තම තමන්ගේ මීසම් වල ෆාදර්ලාට කන්‍යා සහෝදරියන්ට කියනවා නිවරදිව තම තමන්ගේ කලාප වල කුඩු මත්ද්‍රව්‍ය වලට වැට බදින්න කමිටු පිහිටුවන්න කියලා.

    කෝ බං සිංහල ජාතිය වද කරනවා කඩු පොළු අරං වරෙං පාරට කියන එක හාමුදුරැ කෙනෙක් එහෙම තම තමන්ගේ පංසල වටේ දානේ දෙන දායකයන් රැක ගන්න වැඩ පිලිවෙලක් හදනවද?

    මේ ජාතිය වද බෙහෙත් දීලා වද වෙන්න කලිං වද බෙහෙත් සල්ලි වලට අරං කැමැත්තෙන් වද වෙන එක ඔය කවුරැ කවුරැ හරි දැක්කද?

    පිරිසිදුවට තේ කෝප්පයක් දෙන්න ආචාරශීලීව තමනගේ ගණුදෙණු කාරයාගේ අවශ්‍ය තාවය ඉටු කරන්න සිංහල වෙලෙන්දන්ටත් කියපල්ලා.

    මිනිස්සුත් අරැන් අපව වද කරනවා කියලා ඊස්ට් දාපු කසිප්පු විදුර ගහගෙන බයිලා නොගහා විද්‍යාත්මකව දරැවන් සෑදිය හැකි සරැ පිරිමි ශක්තිය දිය නොකරගෙන වැඩ කරපල්ලා.

    ආත්මයෙන් වැටිලා අරක්කු වීදුරට රැපියල් දාහට අපේ මන්ත්‍රී තුමා පත්වෙලා අපට රස්සා දෙයි කියලා හීන මවන්නේ නැතුව හැකියාවට යමක් කරපල්ලා.

    උන්ට වද බෙහෙත් නෙවේ, අවශ්‍ය නම් උඔලට බෝම්බත් ගිල්ලවන්න පුළුවන් උඔලා උන් ලගට ගියොත්නේ?

    උන් ඒකට අඩු කරන රැපියල ගනන් බලන්න අවශ්‍ය නොවන ආර්ථික හැකියාවක් උඔ හදා ගත්තොත් උන්ට උඔ බෙහෙත් දීලා වද කරන්න බෑ.

    හිතෙන් වද නොවී ලෝකය ඉස්සරහා මිනී මරන මිලෙජ්‍යයන් නොවී අනුන්ගේ බෙදුම්වාදී ව්‍යාපෘති වලට අහු නොවී තමන්ගේ ආරක්ෂාව බෝම්බ ගහන කාලේ බස් එකක යනකොට විමසිලිමත් වුනා වගේ තමන්ම සපයා ගනිල්ලා.

    අන්තිමට දෙකොන පත්තු කරපු විලක්කු අතට දීලා කංකාරිය නටවන්න බලා ඉන්න උන්ගේ උගුල් වලට අහුවෙන්න එපා.

    ReplyDelete
  8. නුතන දේශපාලනය නාටකීය අයුරින් රගදක්විම මෙත්-පල් මහරජ අරබා ඇත .

    තුන් වැනි කැරල්ලට පිළිවෙතින් පෙලගැසෙමු !

    විප්ලවය පාවා නොදීමට අදිටන් ගනිමු !

    ReplyDelete
    Replies
    1. ගෙදර සිට තනියම පෙළ ගෑසියන් සීරුවෙන් හිට ගෙන . පාරට බහින්න එපා පොහොට්ටුවේ උන් උඹව නායකයෙක් කරයි !!
      උඹ මොකෙක් උනත් , හරි හරිය ට මහරගම බයිසිකලේ උන්ට කළා වගේ

      එට පස්සේ 89 කාපු පරිප්පුව හෝල් සෙල් ගානට කන්න පුළුවන් පහසුවෙන් ඉඳගෙන.

      Delete
    2. අනිවා ඇත්ත බං

      Delete
    3. 88-89 වදකාගාර කිං රට පාලනය කරන නිසා බලය නැති වෙන බව පෙනෙන කොට 88 පරිප්පුව අයෙත් දෙයි වගේ !!
      ඔන්න හා හා පුරා කියල රාජාංගනේම වැඩ ඇල්ලුවා

      Delete
    4. මටත් එහෙම හිතුනා . මිනිහාට ඉතිං රකින්න කියල පරපුරක් ඉන්න එකක් යෑ

      Delete
  9. මාතලන් උඹ මොනතරම් කුපාඩියෙක් වුනත් මේ බ්ලොග් ලෝකේ මේ කුජීත පහරදීම ගැන ලියපු එකමෙකා උඹ. මහලොකු මානවහිතවාදී අජියල, මනොචික්ත්සකල කටයි පුකයි වහගෙන නිදි. පැරා අරහේ පරණ කුඩුකෙස් ලියල මේක යට ගහන්න හදනවා.

    ReplyDelete
  10. මේක ගේම් එකක් නොවෙයිද මාතේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න