.

.

Mar 1, 2018

රොකට් රෝහිණි සමඟ පඳුරු තැලීම - Beat around the bush with Rocket Rohini


මේ නම් රෝහිණි අක්කා නෙමේ. මා ඉතා ප්‍රිය කරන "පියුමි බොතේජූ "නම් සුරූපි නිලිය.



රොකට් රෝහිණි ගැන ලියන්නෙයි කියන ඉල්ලීම් බොහෝ තිබෙනවාය. එකාතකින් මේ කාලකන්නි දේශපාලනය ලියනවාට වඩා, එයින් එකක් ලියාගෙන සිටිම සිත නිවනවා පමණක් නොව, අප ඒ සුන්දර අතීතයටද රැගෙන යනවාය. මා ඉතිහාසයට කැමති ඒ නිසාය. ඒ කතාවල අතිශෝක්තිය පිරි ඉතිරි තිබුනද, අමුතු සුන්දරත්වයකට අපව කැඳවා ගෙන යන්නේ, සිත් ගත් සිනමා පටයක් නරඹනවා මෙන්මය. මාතලනගේ ගම ඔබේ ගම නොවූවද, අද නාගරිකරනයට ගොඳුරු වී ඇති කැළණිය වරාගොඩ පාර පවා, අප කුඩා කාළයේ, සේකරගේ ගමම විය. තොරණ හංදිය, සේකරගේ තුං මං හංදියම විය. ඒ කතා තුල පුහු ආටෝප, පුහු වර්ණනාවන් අන්තර් ගත වූවද, අති බහුතරය සහතික කරනා ලද ඇත්තය. 

ලියන්නට ගියේ රෝකට් රෝහිණිගේ කතන්දරය වුවද, "හැලපේ ඉට්ටැයිල්" එක අනුව යමින්, මාතලන්ටද සිඳු වූයේ, පඳුරු තැලීමේ කාර්යයේ නියැලෙන්නටය. කොටස් හතරක් ලියා ඇති මුත්, රොකට් රෝහිණි ගැන ලියා ඇත්තේ ඡේද තුනක් පමණය. ඒ ඡේද තුනද ඇත්තේ, මුල් කොටසේ පමණි, මුල් කොටස වෙන්වී ඇත්තේ, "ටිකිරි හා බෙනාගේ" ආදර අන්දරයටය. දෙවන කොටස වෙන් උනේ අපේ ඇග්නස් ආත්තටය. 

තුන වෙන් උනේ, ඇඹුල් තියාල් වලටය. ඒක කොච්චර නැගලා ගියාද කියනවා නම්, මාතලන්ට "චෙප් ලොයිඩ්", "චෙප් පබිලිස්" මට්ටමේ පිලිගැනීමක් ලැබුනේය. ඒක මාතලන්ගේ පෝස්ට් අතර වැඩිම "හිට්ස්" ප්‍රමාණයක් ආපු පෝස්ට් එකක්ය.  (මොකක්ද ඇහුවේ...? "හිට්ස්" කන්නද? ...ඔව්, මම "හිට්ස්" බැදලා කනවා. රෑට වතුරේ දාලා තියලා උදේට බොනවා. "හිට්ස් ගන්න නැත්නම්" අම්මගෙ රෙද්දටද යකෝ බ්ලොග් ලියන්නේ, මොකක්ද කිව්වේ...? ආප්ප කුප්පිය...? ආ මේ ආත්ම තෘප්තිය. අමු බයිලා නේ. එහෙනම් ඉතින් ඇක්සයිස් පොතක ලියලා කොට්ටේ යටින් තියාගෙන නිදා ගන්න බැරිය ඉස්සර කළා වගේ. අමු බොරුනේ බං.)

ඊළඟ කොටසේත් රෝහිණී අක්කා ගැන මක්කත්ම ලියන්නට බැරි උනේ, "පියා" ගේ මාළු වෙළඳාම ගැනම ලියන්න උන නිසාය. ඒ කොටස වෙන්වුනේ මීගමු ලේල්ලම, කැටමරන් හා කකුළුවෝ වෙනුවෙනි. ඉදින් අද පටන් රෝහිණි අක්කා හෙවත් රොකට් රෝහිණි ගැන ලියන්න පටන් ගන්නවාය. රෝහිණි අක්කා ගැන ලියවුන කොටස පමණක් නැවත මතක් කරනා එක මගේ යුතු කමෙක්ය, මන්ද ලින්ක් දැම්මාට, පරණ ඒවා බලන්නේ එහෙමත් එකෙක්ය. ඒ නිසා ලියපු කොටසට අළුත් කෑලීද එකතු කර එය පහළින් දමනවාය. (එහෙම තමයි ඩෝ වතුර ලේබකයෝ, දෙවන සංස්කරනයේදි පොඩි පොඩි අඩු පාඩු හදලා තමයි නිර්මාණය එලියට දාන්නේ)

// රෝහිණී අක්කා තලෙලුයි. ඉස්කින් එක, නිකන් වර්ජින් ඔලිව් ඔයිල් ට්රීිට්මන්ට් එක, දැන් දාලා ගත්තා වගෙයි. ඉන්ගිරිසියෙන් ටෑන් කලර් කියන්නේ, ආන් ඒක. සුද්දෝ සුද්දියොත් ඔය ටෑන් කලර් එකට මාර ආසයි. ජර්මන් උන්ගේ ඉස්කින් කලර් එක ටිකක් මේ වගෙයි. ඒත් ඉතින් මාතලන් වගේ හම ගහලා ගත්ත කුකුල්ලු වගේ සුද්දියන්ට ටෑන් කලර් ඔයිල් කියලා පොල්තෙල් කුප්පි විකුණන එකත් හොඳ විදේශ විනිමය ගේන වැඩක්. ඔය බීච් එකේ ඉන්න බීච් බෝයිස්ලා මේ කුප්පි විකුණන්නේ ගිනි ගනන් වලට. උන් විකුණලා නිකන් ඉන්නෙත් නෑ කොහොම හරි තෙල් ටික ගාන්නත් සෙට් වෙනවා. එයිට පස්සෙ මක්කා වෙනවද කියන්න දන්නේ නැත්තේ, සුද්දි අර අහිංසක වැල්ලේ කොල්ලත් අතින් අල්ලගෙන කාමරේට රිංගන නිසා. අපිට ඔය අනුන්ගේ රෙද්දවල් වඩක් තියේය අප්පා.

කොන්ඩෙ කඩලා දැම්මම, පුකෙනුත් පල්ලෙහා. (පුක යනු කුණුහබ්බයක් නොවේ - කතන්දර ශූරීන්) මේක තනිකරම කැලුම්ට ලව් කළ දේදුණුගේ කොන්ඩෙ වගේ කියලා හිතා ගන්නකෝ. අක් බඹරු, බොහෝම කීකරු කොන්ඩයක්. ගොඩක් වෙලාවට ගෙදර ඉන්න කොට කොන්ඩෙ කඩාගෙන තමා උන්නේ. ඔය අද කෙල්ලෝ පර්ම් කරනවද මක්කද කොරනවා කියලා දාස් ගානක් දීලා කර ගන්නේ. අනේ මන්දා සල්ලි දීලා සැලුන් එකෙන් එලියට එනවා ගඩොල් ඔලුවේ තියාගෙන ඇද්දා වගේ. අපේ හාමිනත් එක පාරක් ගඩොල් ගොඩක් ඇදලා ඇවිත් තිබුනා. එයා නම් ලෙබනීස් එකක් වගේ උන්නා. අපේ සිසීලියා කොතලාවල නෝනත් නිතරම ගඩොල් කුඩු ඇදලා උන්නේ. 

ඇන්දේ රෙද්දයි හැට්ටෙයි, එකෙක්වත් අතක් තියලා තියා, මදුරුවෙක් වත් වහලා නැති හංසයෝ දෙන්නා, බැසියර් එකේ තදවෙලා ඉන්න බැරුව, කොයි වෙලාවෙත් හැට්ටෙ අස්සෙන් පනින්න බලාගෙන ඉන්නේ. උන්ව කූඩූ කරලා තිබුනේ මහා දරුණු විදියට. ඒ කූඩූ උන්ට මදි වෙලා තිබුනේ. ඒක දැකපු ඕන එකෙක්, අනේපොයි කියලා දෙසරයක් බලනවා, අරුන් දෙන්න විඳින දුක දැක්කාම. මල්ලිට උනත් ඇඬෙනවා අප්පා. ගොඩාක් වෙලාවට ඇන්දේ කළු පාටට හුරු හැට්ට, මේක කරන්න ඇත්තේ එයාගේ සුද අපිට පෙන්නන්න වෙන්නත් ඇති. ඕන එකෙක් රෝහිණි අක්කා ඉස්සරහින් දැක්කොත් ඉස්සෙල්ලම බලන්නේ මූණ දිහා නෙමෙයි, විලේ හංසයෝ දිහා. හංසයා බොහෝම සුන්දර පක්සියෙක් නේ. 

ඒ කාළේ කාන්තා පාරසොවේ හීනී මල් තියෙන චීත්ත ඇන්දට, මෙයා ඇන්දේ දොර රෙදි වල වගේ ලොකු මල් තියෙන චීත්ත. ඒකත් අමුතුම සුන්දරත්වයකුත් අනෙක් ගෑණු සැට් එක අතරේ කැපී පේන්නත් ලොකුම ලොකු හේතුවක් උනා. හැබයි දැන් ඉන්න ඔය කොම්පැණිවල වැඩ කරන වනචර නෝනලා වගේ, බුරිය එලියේ දාලා නම් ඇන්දේ නෑ කවදාවත්. ඒ උනාට චීත්තෙට හිරවෙච්ච පුට් බෝල් දෙකත්, කොයි වෙලාවෙද පිට්ටනියකට බහින්නේ කියලා බලාගෙන උන්නේ. ඉතින් පිටිපස්සෙන් දකින ඕන එකෙක් ඉස්සෙල්ලම බලන්නේ, අර පුට් බෝල් දෙක දිහා. හැමෝම පෙරුම් පිරුවේ ඒ බෝලත් එක්ක සෙල්ලම් කරන්න. මේවා මේ මස්කට් දොදොල් වගේ සලිත උන ඒවා නෙමෙයි. අනුරාධපුර පොලොන්නරු යුග වල ගල් ගෙඩි දෙකක් කියලා හිතා ගත්තට කිසි අවුලක් නෑ ආයිබන්ඩ.

ඔය ඔක්කෝම දේවල් තිබුනත්. කට ඇරිය ගමන් එකෙක්වත් නෙමෙයි පැත්ත පලාතක ඉන්නේ. ගඳට නෙමෙයි බොලල්ලා. අයේ මක්කටෙයි බොරු කියන්නේ. සුපිරි විකී ඇඩ් එකට ගන්න පුළුවන්, මේකප් එකක් නොදා උනත්. ඒක නෙමෙයි හේතුව. භාෂාව... තනිකර කතා කරේ පාලි හා සඟිස්කෘත. ඒ ඉතින් උන්දැ අවුස්ස ගත්ත වෙලාවට. නැත්නම් ඉතින් තැනේ හැටියට ඇනේ ගහන්න අඳින්න පලදින්න උන්දෑ දැනගෙන උන්නා. ඔය රෝහිණි අක්කා අපේ ගමේ නෙමෙයි. ගමට කැන්දගෙන ආවේ පියා. පියා කිව්වට අපි ඌට කිව්වේ තිලාපියා කියලා. මොකෝ පොරගේ ජීවීකාව ඇවිත් මාළු වෙළඳාම. ඒ කියන්නේ පෙට්ටියේ බැඳන්, ගෙවල් ගානේ ගිහින් මාළු විකුණන එක. //

එහෙනම්, රෝහිණි අක්කා වරාගොඩ පාරට ආපු දවසෙ පටන්, මලට ඇදේන බඹරු, තිලාපියාගේ ගේ වටේ කැරකුන හැටිත්, සෙල්ලම් දාපු හැටිත්, සෙවල පෙරාපු හැටිත්, රඟපු හැටිත්, අරගෙන ඉස්මනටම එන්නම්....

54 comments:

  1. කඨෝර දේශපාලන කතා වලට වඩා සුපිරි නොස්ටැල්ජියාවක ගිලෙමින් ලියන මෙවන් සුන්දර කතාවලට පාඨකයින් මනාප වීම පුදුමයක් නොවේ. මතක් කරන්නටැ'යි කිවූ මාතර බීච් එකේ කතාවද ලාවට වගේ සිහි කැඳවනු කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. හාන් කවිසියක් මතක නෑ මචෝ... පොඩි ඉඟියක් දුන්නොත් මේකටම ඇදලා දාත හැකි...

      Delete
  2. වරේවා.
    රොකට් රෝහිණී සාදරයෙන් පිලිගනිමු !

    ReplyDelete
  3. හම්මේ , මේකට කමෙන්ට් කරන්න කලින් ගිහිං බුලත් විටක් කාල එන්නං .

    ReplyDelete
    Replies
    1. ඕනාවට වඩා විට කෑම අනතුරුදායක විය හැක..

      Delete
  4. කෝ බං, පොඩ්ඩයිනේ...

    ReplyDelete
    Replies
    1. ඉවසලා හිටහන් ඉතින්

      Delete
  5. පෙරමඟ බලා ඉමි!

    ReplyDelete
    Replies
    1. ඉවසීමෙන් සැනසීම ලැබේ

      Delete
  6. හප්පේ.. ඇති යංතං කාලෙකට පස්සෙ හරි.

    ReplyDelete
    Replies
    1. ඉවසීමෙන් සැනසීම ලැබේ

      Delete
  7. මාතලන් ලොක්කා

    "ඇර සොයිසා ඇර"....කියලා හොදම කතාව අදනේ පටන් අරගත්තේ.....
    මේ වගේ කතා දිගටම ලියපන් ලොක්කා

    බහුබූත දේසපාලනයගැනනම්ලියන්න එපා මීටපස්සේ

    සිරාලොක්කාට මුලු රටමකන්න ඉඩ දෙන්න

    ඉන්පසු මුල ඉදලා අලුතෙන් රට හදපන්

    All are nasty politicians in SriLanka....nobody has a vision or goal to achieve (in related to develop the country)

    These kind of stories give us "instant thrills" and then we can forget the miserable "Sira and the gang"

    Thanks Maathalan

    ====Adrian from Toronto===

    ReplyDelete
    Replies
    1. Tous sont des politiciens méchants au Sri Lanka ... personne n'a de vision ou d'objectif à atteindre (en rapport avec le développement du pays)

      Ce genre d'histoires nous donne des «frissons instantanés» et nous pouvons oublier la misérable «Sira et la bande»

      Merci Maathalan

      ==== Adrian de Toronto ===


      ஸ்ரீலங்காவில் மோசமான அரசியல்வாதிகள் எல்லோரும் .... நாட்டின் அபிவிருத்திக்கான தொடர்பில் யாரும் ஒரு பார்வை அல்லது இலக்கை அடைய முடியாது.

      கதைகள் இந்த வகையான எங்களுக்கு "உடனடி புன்னகை" கொடுக்க பின்னர் நாம் துன்பகரமான மறக்க முடியாது "Sira மற்றும் கும்பல்"

      நன்றி மத்தாலன்

      ==== டொராண்டோ இருந்து Adrian ===


      सभी श्रीलंका में बुरा राजनेता हैं .... किसी को भी प्राप्त करने के लिए एक दृष्टि या लक्ष्य नहीं है (देश के विकास से संबंधित)

      इन प्रकार की कहानियां हमें "त्वरित रोमांच" प्रदान करती हैं और फिर हम दुखी "सिरा और गिरोह" को भूल सकते हैं

      धन्यवाद माथलन

      ==== एड्रियन टोरंटो से ===


      Alle sind fiese Politiker in Sri Lanka .... Niemand hat eine Vision oder Ziel zu erreichen (in Bezug auf das Land zu entwickeln)

      Diese Art von Geschichten gibt uns "sofortigen Nervenkitzel" und dann können wir die elende "Sira und die Bande" vergessen

      Danke Maathalan

      ==== Adrian aus Toronto ===

      Все это скверные политики в Шриланке .... у кого нет видения или цели (в связи с развитием страны)

      Такие истории дают нам «мгновенные острые ощущения», и тогда мы можем забыть несчастную «Сиру и банду»,

      Спасибо, Мааталан

      ==== Адриан из Торонто ===

      මේ සිංහල නොදන්නා අමතක වී ඇති ලංකාවේ ඉපදුනු එවුන්ට කියවීමට ටොරොන්ටෝවේ ඉන්න
      ==== ඒ ද්රිං ටොරොන්ටෝව සිට ====

      Delete
    2. මාතලන් ලොක්කා

      මෙන්න බොලේ කවදාවත් නැතිව "බහු බාසා කතාකරන" පොන්න ඇනෝ කෙනෙක් අද බොගට කොමෙන්ට් දාන්න ඇවිල්ලා. ....
      මෙහෙම එවුනුත් ඉන්න එපැයි ලන්කාවෙ

      ඇනෝ.... උඹ දිගටම උඹගේ කොමෙන්ට් දාපන් "ඇනෝ විදියටම".....
      මොකද නියම නමින් ආවොත් උඹගේ ඇටදෙකටත් "sorry.com" වෙයි
      බය නැතිව එලිපිට ලියපන් "ඇනෝ මචෝ"

      ආ. ..... උඹට ස්වසිලන්තයේ බාසාව අමතකනැතිනම් එවුනුත් ලියපන් (ඇනො පොන්න හිවලා)

      ඔබට සනීපද දැන්. ....


      ==Adrian from Toronto===

      Delete
    3. හා:)

      මෙන්න මේ සිංහල නොදන්නා අමතක වී ඇති ලංකාවේ ඉපදුනු එවුන්ට කියවීමට ටොරොන්ටෝවේ ඉන්න
      ==== ඒ ද්රිං ටොරොන්ටෝව සිට ====

      ඒ දරින් ගේ ඉල්ලීම පරිදි සහ අවශ්‍යතාවය අනුව

      මෙහෙමද ආසා !!!!



      Mathalan boss

      Here is the bowl never used to "talk multiple", Ano has come to compete today. ....
      Just keep asking me to stay in Kankun

      Ano .... you keep continuing to your Comet, "Ano ..."
      Because if the real name comes to your owl, sorry.com
      Do not scare openly write "Ano Dumas"

      B. ..... If you forget your call in Zwillen, write and write (Ano Ponna)

      You're getting better now. ....


      == Adrian from Toronto ===



      Mathalan baas

      Hier is die bak nooit gewoond aan 'veel praat' nie, Ano het vandag gekom om mee te ding. ....
      Vra my net om in Kankun te bly

      Ano .... jy bly aan jou komeet, "Ano ..."
      Want as die regte naam kom by jou uil, sorry.com
      Moenie openlik skrik nie, skryf "Ano Macho"

      B. ..... As jy jou oproep in Zwillen vergeet, skryf en skryf (Ano Ponna)

      Jy word nou beter. ....


      == Adrian van Toronto ===


      Mookameli oa Mathalan

      Sebaka sena ha se mohla se kileng sa sebelisoa ho "bua ka makhetlo a mangata", Ano o tlile tlhōlisanong kajeno. ....
      Tsoela pele u nkōpa hore ke lule Kankun

      Ano .... u 'ne u tsoele pele ho Comet ea hau, "Ano ..."
      Hobane haeba lebitso la sebele le tla ka sephooko sa hau ke "sorry.com"
      U se ke ua tšosoa pepenene ngola "Ano Dumas"

      B. ..... Haeba u lebala pitso ea hau e Zwillen, ngolla le ho ngola (Ano Ponna)

      U ntse u ntlafala hona joale. ....


      == Adrian oa Toronto ===

      Macallin Mathalan

      Halkani waa madadaalo aan marnaba loo isticmaalin "in badan la hadal", Ano waxa uu u yimid inuu ku tartamo maanta. ....
      Kaliya iga sii weydii inaan sii joogo Kankun

      Ano .... waxaad sii wadaa socdaalka Comet, "Ano ..."
      Sababtoo ah haddii magaca dhabta ahi uu ku yimaado guurka, sorry.com
      Ha u cabsan si cad u qor "Ano Dumas"

      B. ..... Haddii aad illowdo wicitaankaaga Zwillen, qor oo qor (Ano Ponna)

      Hadda waad ka fiicnaanaysaa. ....


      = Adrian oo ka yimid Toronto ===



      Delete
    4. ටැන්කූ ඒඩ්‍රියන් මචෝ....
      ඇනෝලා ගනන් ගන්න එපා... උනුත් ඉන්න එපාය..

      Delete
  8. තඹුත්තේගමින් ඇරබි තුන් වන කැරැල්ල කියලා සිඟිති ආතල් එකක් අරගෙන ස්වයන් වින්දනයක් ගත්තු මාතලන් ,වැඩේ වනවෙලා විතරක් නොවෙයි කොරත් වෙලා කියලා ඇත්ත දැනගෙන ,
    හිටිගමන් භූගතව සිට රොකට් රෝහිනී සමග විශ්වතරනයට යන්නේ බ්ලොග් ලොවේ "ප" කින් ළඟදීම පැ "කින්" වෙන්න යන බව දැනුන නිසා කියලා ද කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. පල හුත්ත යන්න
      - මීට මාතලන්

      Delete
    2. අනේ පලයල්ලා බන් යන්න, මාතලන් මොනතරම් කුපාඩියෙක් වුනත් මේ බ්ලොග් ලෝකේ මේ කුජීත පහරදීම ගැන ලියපු එකමෙකා ඌ. මහලොකු මානවහිතවාදී අජියල, මනොචික්ත්සකල කටයි පුකයි වහගෙන නිදි. පැරා අරහේ පරණ කුඩුකෙස් ලියල මේක යට ගහන්න හදනවා.

      Delete
    3. හා :) ගෙවීම පදනම මත පමණක් මා බ්ලොග් ලියමි.

      Delete
    4. AnonymousMarch 2, 2018 at 3:23 PM

      ඈ, එතකොට මේ සත්කාරක නෙලුම්යාය බ්ලොග් සංසදය කතෘ /සංස්කාරක තුමා ද ?

      Delete
    5. ප කින් හරි... පැ කින් හරි... කින් නේ ඩෝ....

      වේදනා දෙන්නේ නෑ
      ඔබ හැර මා යන්නේ නෑ

      Delete
  9. Ano 12.31 AM

    පළාත් පාලන මැතිවරණයේදී ලද ජනතා තීන්දුව අනුව කටයුතු කරන ලෙසත් නැතහොත් ශ‍්‍රී ලංකාවේ ඇති තම ආයෝජන සම්බන්ධයෙන් දැඩිව සලකා බැලීමට සිදු වනු ඇති බවත් ප‍්‍රබලතම ආසියානු රාජ්‍යයක කොලඹ සිටින තානාපතිවරයා ආණ්ඩුවේ ඉහල බලවතෙකුට දන්වා තිබේ.

    තමන් මේ වන තෙක් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට කිසිදු මැදිහත්වීමක් කර නැති නමුත් විශාල වශයෙන් ආයෝජන කර ඇති බවත් පෙන්වී දී ඇති මෙම තානාපතිවරයා අස්ථාවර දේශපාලන වටපිටාවක් තුල කම අයෝජන රැුදවීමට කිසිදු උවමනාවක් නැතැයිද දන්වා ඇත.

    එනිසා ගන්නා ඕනෑම තීන්දුවක් රටේ ස්ථාවරභායය ශක්තිමත් කරන ආකාරයේ එකක් විය යුතු යයිද ඔහු අවධාරණය කර තිබේ.

    ප‍්‍රල තානාපතිවරයා විසින් මෙම අනතුරු ඇගවීම කර ඇත්තේ ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මෙරට දේශපාලනය සම්බන්ධයෙන් බරපතල ලෙස මැදිහත් වෙමින් ඇති තත්වය නිරීක්‍ෂණය කරමිනි.

    ReplyDelete
    Replies
    1. ප‍්‍රබලතම ආසියානු රාජ්‍යයක කොලඹ සිටින තානාපතිවරයා හට මාතලන් හරහා රොකට් රෝහිනී සමග පැයක කාලයක් වෙන්කරවා ගන්න ඔය කියක් හරි මාතලන්ට අත මොලවන්න ඔහු දෙන දේ සතුටින් බර ගනී

      හා කියන්න මාතලන්

      හා:)

      Delete
  10. හම්මේ.. ඊයේ පෙරේදාත් පෑලියගොඩ සයිට් එකේ ඉඳන් වරාගොඩ පාරෙන් එද්දී රෝහිණි අක්කව මතක් උනා කියහන්කෝ.. එයයිට තව ආයුස තියෙනවා මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. හම්මේ.. මිත්‍රය මතක් කොර කොර ගැහුවා නේද ථෙ

      Delete
    2. ඔයා පොඩි වැඩියි ඇනෝ මල්ලී බ්ලොග් කියවන්න තවම 😀😀

      Delete
    3. හා :)

      රො බට් නොවන මා:)

      Delete
    4. රෝහිණි දැක්කා නම් පිස්සු පීකුදු වෙනවා බං

      Delete
  11. නියමයි... :D

    ( අයියා මම මේ බ්ලොග් ලිපියක් හොයන ගමන් ඉන්නේ කසාද බැඳපු දෙන්නෙක්ගේ ලිංගික ජීවිතයට නැන්දම්මලාගෙන් සහ ලමයින්ගෙන් වෙන බධාවන් ගැන තමයි ඒ ලිපියේ තිබ්බේ ඒ ලිපියේ ඒ ගැන අදහස් දක්වලා තිබුනු අයත් මරු මරු කතා කියලා තිබ්බා, මට ඒ ලිපියේ ලින්ක් එක හෝ ඒ ලිපියේ තිබ්බ බ්ලොග් එක ඔයාට මතක නම් කියන්නකෝ අයියා ලොකු උදව්වක් මගේ වයිෆ්ට ඒක පෙන්වන්න ඕනේ.... )

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ රාජ් ද කොහෙද ලින්ක් එක දාලා

      Delete
  12. http://raj1st.blogspot.com/2013/08/18.html

    ReplyDelete
  13. ඒ දවස්වල ෆයිල් අස්සේ දාගෙන කියවපු 'නව සරණ' පත්තරේ 'ගණිකාවගේ කථාව' මතක් වුනා.
    ඉතිරි කොටස හෙට...

    ReplyDelete
  14. මාතලන්

    එක්සත් ජාතික පක්ශය, ශ්‍රී ලංකා නිදහස් පක්ශය හා ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ආසන සංඛ්‍යාව එකට එකතු කිරීම හා එමඟින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ආසන සංඛ්‍යාව හා ජයග්‍රහණය අභිභවා යාමට සිතන්නේද එය ඔවුන් විසින් පැවැත්වනු ලැබූ පළාත් පාලන චන්දය හා චන්දය භාවිතා කල මහ ජනයාද ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ද උපහාසට ලක් කිරීමක් සේ සැලකිය යුතුය..

    කෙසේ හෝ බලය පිහිටුවීමට ඔවුන්ට( UNP, SLFP, JVP) ඇති අවශ්‍යතාව නිසා මහ ජනතාවගේ කාලය හා ශ්‍රමය නිකරුනේ භාවිතයට ගැනීම මම නම් හෙළා දකිමි.

    පළාත් පාළන ආයතන 341 න් 234 කම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි..

    එසේ වූයේ එය මහජනතාවගේ තීරණය වී බැවිනි. එය එසේ නම් මහජන මතයට ගරු කරමින් එය පිළිගත යුතුමය.

    පිළිගන්නට බැරි නම් චන්ද පවත්වා තේරුමක් ම නැත..

    නමුත් දැන් උත්සහය නම් ඊයේ දිනට පෙර කුළල් කා ගත් පක්ශයන් මිත්‍ර වී එකට එකතු වී පොදුජන පෙරමුණට පහර දී බලය තර කරගැනීමටයි..

    රවටන්නට සිතන්නේ මහ ජනයා නම් ඔවුන් තව දුරටත් රැවටෙන බියගුළු පිරිසක් නොවන බව ඔප්පු වන දිනය වැඩි ඈතක නොවේ !

    ReplyDelete
  15. අලුත් කතා පෙළක් වගේ , ඔහොම යන්

    ReplyDelete
    Replies
    1. අපි ඕන සහයෝගයක් දෙන්නම්, රනිල්ව අගමැති තනතුරරේ තියාගෙන ඔබතුමා මේ විදිහටම කරගෙන යන්න. අපි කිසිම විදිහකින් බාධා කරන්නෙ නෑ. හැබැයි එකම ඉල්ලීම නීතිය හා සාමය, ෆොන්සේකාට නම් දෙන්න එපා. දුන්නොත් සේරම වැඩ අවුල් වෙනවා. කියා නෙලුම් යායට සම්බන්ධව කටයුතු කල සියලු දෙනාම එක හඬින් ඉල්ලා සිටින්නේ එහි ඇතිවී ඇති "බජට් නැති පජන්ට් ෂෝ" නිසා හුවමාරුවූ කළු සල්ලි මගඩිය අජිත්/ මාතලන් / අටමා /කල්‍යාන මිත්‍ර /ඉවන්පලුෂා /පැරා ඒ ඒ කොමිසෝන් වල සාක්කිදීමට අකමැති නිසා ද නැතිනම් අවම වශයෙන් සුමාන 2 + ඇතුලට යාමට ඇති බය නිසාද

      Delete
    2. පරණ එකක් ආයේ පටන් ගන්න හිතුවා මචෝ

      Delete
  16. Anonymous March 4, 2018 at 4:32 PM

    ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා වෙත නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබා දුන්නොත් එතුමා කාගෙන්වත් පළිගනී කියලා, මම නම් හිතන්නේ නැහැ. නීතිය සහ සාමය කියන ඇමතිකම එතුමාට හොඳටම ගැලපෙනවා. මේ රටේ තිබෙන මත් උවදුර නැති කරන්න, ජනතාවගේ ආරක්‌ෂාව සහ රටේ ආරක්‌ෂාව සඳහා විධිමත් ක්‍රමවේදයක්‌ හදන්න වගේම එන්ජීඕ අටෝගෙන විදේශ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරාකමින් රටම අපකෙර්තියට පත්කරන කාලකණ්ණි මළ පෙරේතයින්ටත් දැඩි ලෙස විරුද්ධ අන්ත දූෂිත එන්ජීඕ හොරගුහාවල් පෙන්නන්න බැරි සරත් ෆොන්සේකා වැනි චරිතයක්‌ රටට වුවමනයි.

    එතුමා හමුදාපති ලෙස මුලින්ම කළේ, හමුදාවේ තිබුණු ක්‍රමවේදය වෙනුවට විධිමත් ක්‍රමවේදයක්‌ අනුව එය පෙළගැස්‌සවීමයි. අනවශ්‍ය පුද්ගලයන් ඉවත් කරලා, දක්‌ෂයන් නිසි තැන්වලට යොදවලා, තාක්‌ෂණය සහ නිසි ක්‍රමවේදය හමුදාවට යොදවපු නිසා තමයි එතුමාට යුද්ධය ජය ගන්න පුළුවන් වුණේ. එවැනි ක්‍රමවේදයක්‌ අද රට අවශ්‍යයි. එතුමා මේ වගේ තනතුරකට ආවොත්, රටේ නීතිය හා සාමය තහවුරු කරනවා වගේම ඒ සඳහා රටට ගැලපෙන නව ක්‍රමවේදයක්‌ පිහිටුවාවී. එතුමා කාගෙන්වත් පළිගන්නවත්, නීති විරෝධීව කාටවත් උදව් කරන්නවත් යන කෙනෙක්‌ නෙමෙයි. එතුමා තමන්ගේ හිතේ තියෙන එක කෙලින්ම කියලා දානවා. ඒ වුණාට කාගෙන්වත් පළිගන්න යන්නේ නැහැ. නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කර විවිධ ප්‍රෝඩා සිදුකරපු අමනයින්ට එරෙහිම නීතිය ක්‍රියාත්මක කිරීම වගේම ලංකා-ඊ-නිව්ස්/ ලංකා නිව්ස් වෙබ් වැනි මඩ වෙබ් අඩවි වල සිටින දූෂිතයින්ට නිසි පාඩම් උගන්වයි.

    ReplyDelete
  17. මාතලන් මුහුණු පොතේ බබා හුකුන් ටෝක් දෙයි ඕනනම් ගිහිල්ලා කියවලා බලාපල්ලා මුගේ දෙපිටකාට්ටු කම !!!!

    හා:)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න