.

.

Feb 25, 2018

හරීන්ගේ ඇමතිකම හා බැරි බැරියාව - Government needs Viagra




මේ ගැන ගැඹුරු විද්වත් විග්‍රහයක් දෙන්න ඕන නිසා
මම කළ වැඩේ ප්‍රොපෙසර් සුමනසිරි ලියනගේත් අඬ ගහගෙන
එහා වත්තේ බඹ 10 විතර ගැඹුරු ළිදකට බැස්සා.
හරින් ඒ කාළේ ඉඳන් වැඩක් කරන්න පුළුවන් ඇමතිකමක් ඉල්ලනවනේ
මේ... වැඩක් කරන්න කියලා හැම එකාම ඉල්ලන්නේ
රටට වැඩක් කරන්න නෙමෙයි
උන් ගාව එහෙම කිසිම වැඩ පිලිවෙලක් නෑ
උන් ගාව නෙමෙයි අනික්කුන් ගාවත් නෑ
ඔක්කෝම නම්බර් වන් බයිලා චැම්පියන්ලා
උන් මේ කියන්නේ තමන්ගේ වහල්ලුන්ට කොහෙන් හරි රස්සාවල් දීපිය කියලා 
තමන්ගේ වහළුන්ට රස්සාවල් දෙන්න දීපිය කියලා ඉල්ලන එක
මුන්ගේ පින් ගොන්නු අරගෙන 
තමන්ගේ කොම්පැනි වහ ගන්න 
ප්‍රයිවට් සෙක්ටර් එකේ උන් කැමති නෑ
මොකෝ ප්‍රයිවට් සෙක්ටර් එකෙන් කුඹුරු හාන්නේ නෑ නේ
එහෙම නම් මුන් ටික කුඹුරු හාන්නවත් ගන්න තිබ්බා
ලංකාවේ ඔක්කෝම කුඹුරු කරන්නෙත් ආන්ඩුවෙන් නේ
පත ලොස් බිස්නස් එකකට ඉන්වෙස්ට් කරනවා පුක ඉරාගෙන
වී වෙනුවට ගංජා වවපන් කිව්වම උන් අපේ අම්මට බනිනව
ඔස්ට්‍රේලියාව ගංජා වවලා ඇක්ස්ටුපෝත් කරනවා
අපි මෙහේ ඔස්ට්‍රේලියන් ඇපල්, දොඩං, මිදි, බනානා පළතුරු වට්ටි අරගෙන 
මල්වතු අස්ගිරි වඳින්න යනවා

ඉතින් උන්ට හම්බ වෙන අමාත්‍යංශයට ගමේ ඉන්න මී හරක් ටික ගෙනත් ගාල් කරනවා
ඒ කරලා මැරිලා මැරිලා හම්බ කරන මිනිස්සුන්ගෙන් උදුරගෙන 
අර කාළකන්නි හිඟන්නෝ ටික නඩත්තු කරනවා.
ඔය අරජුණ රණතුංග තෙල් සංස්ථාවේ උන්ට 20% - 30% පඩි වැඩි කරලා තියෙන්නේ
බාන්ඩාගාරේ අවසරයක්කත් නැතිව
එතකොට මේක උගෙ අම්මා අප්පගෙ බූදලේද
උගෙ ඇමතිකම බේරගන්න මුන් රට කනවා කාලකන්නි

හරින්ට දීලා තියෙන්නේ විදේශ සේවා
දැන් ඌට පුළුවන් ටෙලිකොම් එකට දාන්න බැරි උන මී හරක් සෙට් එක
රට පටවන්න
ඒකෙන් කියන්නේ ඉදිරි අවුරුදු දෙකෙත් 
ආයොජකයෝ පැත්ත පලාතෙවත් එන්නේ නැති බව
නැත්නම් කියන්න පුළුවන් නේ 
එන ආයෝජකයෙක් බදුල්ලට දීලා 
අපි එහේ උන්ට ජොබ් දෙමු කියලා
මුන්ට කිසිම වැඩ පිලිවෙලක් නෑ
අඩුම ගානේ ප්‍රේමදාස මහත්තයා කරපු
ඇඟළුම කර්මාන්ත වැඩ පිලිවෙලවත් නෑ
ප්‍රේමදාස මහත්තයා ආයෝජකයෝ හොය හොයා උන්නේ නෑ
පාස්කරලිංගම්ට කිව්වා ෆීල්ඩ් එක ගැන දන්න උන්ට ලෝන් දීපල්ලා 
බදු සහන දීපල්ලා ගමේ උන්ට ජොබ් දීපල්ලා කියලා
එහෙමයි, ඒ කර්මාන්තය ඉතා කෙටි කළකින් 
ලංකාවෙ ප්‍රධාන ආදායම් මාරගය කළේ
නැතිව මේ 56 කාලකන්නි වගේ
 හිඟන්නෝ එක්ක වී වගා කරලා නෙමෙයි
ඉතින් ඉතාම පැහැදිලියි ඉතිරි අවුරුදු දෙකෙත් 
මේ රටේ කිසිවක්ම සිද්ද වෙන්නේ නෑ කියලා

හරීන්, එහෙනම් බදුල්ලේ සෙට් එක මැද පෙරදිග පටවපල්ලා
එහෙම පටවලා ඇවිත් ටැලිවිසොන් එකෙන් කියහන්
මම රටට මාර සෙවයක් කරලා තියෙනවා කියලා
සේවය මොකක්ද ඇහුවාම 
බය නැතිව කියහන් 
විදේශ සේවය කියලා

එකම පිහිට රින්සෝ තම්යි

ඔබ අපෙයි සිරි ලංකා
අප ඔබෙයි සිරි ලංකා..//
තා දෙදහස් පන්සිය වසරක්
මේ මත මියෙදී පන ලැබුවත්
ඔබ සතු මහ ගූ කන්දා
නැති වන්නේ නෑ කිසිදා
ඔබ අපෙයි සිරි ලංකා
අප ඔබෙයි සිරි ලංකා..//

29 comments:

  1. මොනවා වුනත් මොකා ආවත් රටට වැදගත්ම දේ ආර්ථිකය කියන පදනමෙන් කෙරෙන්නේ නෑනේ?
    චන්දදායකයො වුනත් තමන්ගේ පුද්ගලික ආර්ථිකයේ වැදගත්කම දන්නවා ඒත් රටටත් එහෙම තමා කියල තේරෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඉතාම ස්වල්ප දෙනෙකුට තේරෙනවා.... මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අති බහුතරයකට නම් තේරෙන්නේ නෑ... මහ පුටුවේ ඉන්න එකාට නම් තේරෙන්නෙම නෑ... ඒත් අර කිව්වා වගේ උගේ ආර්ථිකේ නම් නියමෙටම හදා ගන්නවා...

      Delete
  2. මාතලන්, උඹ වගේම හරිනුත් කටෙන් බතල හිටවලා අලෙ බහිනකම් බලා ඉන්න රාජකීය පුත්‍රයෝ දෙන්නෙක්
    උඹෙයි උගෙයි වෙනසක් පෙන්වපන්

    ReplyDelete
    Replies
    1. ඌ අනිත් ඇඟිලි නවාගෙන ඇඟිලි දෙකක් ඉතරක් පෙන්නනවා
      මම උඹට පෙන්නන්නේ අනික් ඇඟිලි නවාගෙන මැද ඇඟිල්ල විතරයි

      Delete
    2. මාතලන් අන්න ඒ ඇඟිල්ලෙන්. උඹ යමක්, උඹටම කරගන්න පුළුවන් උනාට අඩුම ගානේ හරින්ට දැනෙන්න යමක් උඹ මැද ඔය ඇන්ගිල්ලෙන් කරලා පෙන්වපන් අන්න එවෙලෙට අපි පිළිගන්නම් උඹ රාජකීය ගෝල වැඩකාරයෙක් කියලා

      Delete
  3. හරීන් යනු නොම්ම්බර එකේ බයිලා කාරයෙක් බව ආටියා හොදින් දන්නවා ය .

    විදුලි සංදේශ සහ ඩිජිටල් පහසුකම් යටතේ වැඩක් කරන්නට බැරිනම් උන්දැ ට මිනිහෙක් දම්මවා බදුල්ල ඉස්ටේෂම ගාව රිලෝඩ් කඩයක් කරන්නටවත් බැරි ය. මක් නිසා ද යත් විදුලි සංදේශන සහ ඩිජිටල් පහසුකම් යනු සීග්‍රයෙන් දියුණු වන මාවතකි .

    ඇත්ත වශයෙන්ම හරීන් යනු වැඩක් කරන්නට වැඩක් කරන්නට නොදත් අයෙක් ය .

    අවසාන වශයෙන් මුන්ගේ ආතල් බලන්නට තවත් ඇත්තේ සුළු කාලයක් නිසා මීට වඩා මුකුත් කියන්න ට යන්නේ නැත .

    ReplyDelete
    Replies
    1. රනිල් එජාපය විනාශ කළ නායකයා වශයෙන් ඉතිහාස ගත වනු ඇත.

      Delete
    2. සත්‍ය වශයෙන්ම . එජාපයය ට වූ විනාශයට සුජුවම වගකිව යුත්තේ රනිල් ම ය .

      එදා රුක්මන් සේනානායක සිරිකොතෙන් නික්ම යාම සහ මේ දුර්භාග්‍යාසාමත් සාමය අතර ගැලපුමක් ඇති දෝ කියා මගේ හිත මගෙන් අසයි .

      Delete
    3. රුක්මන් සේනානායක ඉන්න කාලේ කරපු මගුලක් නෑ. සේනානායක නම තිබ්බට වැඩකාරයෝ වෙන්නේ නෑ.කොහොමත් ප්‍රේමදාස මලාට පස්සේ යූඑන්පී කියල එකක් තිබ්බේ නෑ දැන් තියෙනේ පිම්පී

      Delete
    4. ඉවාන් කොලුවෝ කට ඇරහන් බුලත් විඩක් දාන්න හිටන්

      Delete
    5. //කොහොමත් ප්‍රේමදාස මලාට පස්සේ යූඑන්පී කියල එකක් තිබ්බේ නෑ දැන් තියෙනේ පිම්පී//
      එලම ටෝක......

      Delete
    6. නියම රිපලයි ටිකයි..කමෙන්ට් එකයි...

      Delete
    7. ජෙප්පොයි, එල්ටීටීයයි, කරපු හපන්කම් වල ප්‍රථිපල තමයි.

      Delete
  4. බදුල්ලට වැඩක් කරන්න දැක්මක් තියෙන එකම ඒක දේශපාලකයයි හිටියේ . ඒ තමා පර්සි සමරවීර. ඊට පස්සේ කවුරුත් නෑ . හරින්ට වඩා කළා නිදිමත සිරිපාල

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ කොල කැඳයා

      Delete
    2. ඉවාන් පවුලූශා
      මෙයා මගුලක් කතා කරනවා ඔය ඔක්කොටොම වඩා බදුල්ලේ ඩිලාන් යමක් කරා බදුල්ලට විතරද නෑ රටටම ඒ දෙන ආතල් එක ඔය දෙන්නටම දෙන්න බැ

      Delete
    3. ඉවාන්.....ඔය කියන්නේ කියන්නේ එක කාලෙක හිටපු නෙට්බෝල් ප්‍රසිඩන්ට් මානෙල් සමරවීරගේ හස්බන්ඩ් වෙච්ච පොල්වත්ත සමරවීර ආරච්චිලගේ පර්සි ගැනද? ආවඩ ආයුබෝ වේවා.....සත්‍යම් සිවම් සුන්දරම්...හරියට අහලා තියෙනවද ගීතය..

      Delete
  5. හරීන්ට බොහොම ලේසියෙන් කරන්න වැඩ දෙකක් තිබුණි. එකක් නම් මිනිස්සුංගෙ අතිං පෝන් එකේ මොකක් හරි එකක් එබිච්ච පලියට ටෙලිපෝන් සමාගම් වලින් සල්ලි කපාගන්නා හොරකමට නීති දැමීමය. අනෙක නම් පේ පෑල් හරහා ලංකාවට සල්ලි ගන්න පුළුවන් ක්‍රමය හදන එකය. මං ඒ දෙක ලියලා ලියුමක් උන්නැහැගේ කන්තෝරුවට තැපෑලෙම යැව්වෙමි. එතන ලියුං කඩන මොකා හෝ ඒක කුණු කූඩෙට දමලාය. මං උන්නැහැගෙ කාර්යාලෙට ගිහිං ඕක කියන්න ගියත් ඔය ලියුම අහක විසිකළ එකාම මාවත් දොට්ට විසික් කරන්න හැකි බැවින් මං ඒ ගැන ආයෙ කියන්න නොගියෙමි.

    ReplyDelete
    Replies
    1. යකෝ ටෙලිපෝ(ර්)න් කොම්පැනි වලටත් කීයක්හරි හොයාගන්න දියං.

      Delete
    2. ආන් බුකියෙ නම් එයාගේ සැක්‍රටරි කෙනෙක්ද කොහෙද ඇවිත් මගෙන් හොඳට අහගෙන ගියා...

      Delete
  6. මාතලන් බොස්. ! කුට්ටම නං පට්ට විදිහට අනල අනල තියෙනව. හැබැයි ඉතිං මුං දෙන්නගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.

    මරු තනතුර. ග්‍රාමසේවක ජනාදිපති කළා වගේ.. 😂😂

    ReplyDelete
    Replies
    1. ආයේ අලුතෙන් එකෙක් එනකන් මේ නාඩගම ඔහොම්ම යයි මචෝ

      Delete
    2. අනේ ගොනෝ උඹ හිතනවද ජෙප්පො හරි මහින්දයා හරි ආවා කියල මුන් දෙන්නට වඩා වෙනස් දෙයක් කරයි කියලා ? උන් ආවත් මුන් වගෙම හොරා කන එකම විතරයි

      Delete
  7. මේකනම් පට්ට කතාවය. වර්තමාන දේශපාලනයේ පැතිකඩක් පෙන්නන්න කිව්වොත් මේ පෝස්ට් එකේ පැත්තක් ඉරලා දෙතෑකි. සුපිරිම කතාව...ආයෙ වෙඩිතියන්න වගේ දීලා තියෙනවා...යකෝ රටක් හදන එකෙක්ට මේ ලිපියත් ඇති.මසුරන්......

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න