.

.

Apr 19, 2018

ගමයා පවුල් පිටින් දිවිය ලෝකේ ගිහින්




එකෝමත් එක රටක උන්න එකාධිපතියෙක් එලවා, යහපාලනයක් ගෙන එනවා යැයි කියා හොටු පෙරාගෙන අනුන්ගේ ඡන්ද වලින් රජ වූ ගමයෙක්, පවුල් පිටින් දිවිය ලෝකේ ගිහින් ඇතැයි වාර්ථාවේ..

මේ ගමනට පවුලේ උන්ට අමතරව ගමයාගේ වතු පිටි වල උන් පිං ගොන්නූද සමඟ බැටෑලියන් එක 120 ක් පමණ සහභාගී වී ඇත. සියළු විය හියදම ගමයා විසින් දරනාතර, ගමයා ගම හාමිනේට කියා ඇත්තේ පන පිටින් දිවිය ලෝකේ යන්න චෑන්ස් ආයේත් දිවි ඇති තෙක් හමු නොවනා බැවින්, කර ගත යුතු යමක් දැන්ම කර ගත යුතු බවය.

ඉහත ඡායාරූපයේ ඇත්තේ ගමයා සිය පවුල හා පිං ගොනුන් සමඟ දිවිය බවනට යන වෙලාවේ, දිවිය ලෝකේ ලොක්කි හා ලොක්කිගේ පුතා මේ මී හරක් රැල උද්දාමයට පත් වූ අවස්ථාවකි.

22 comments:

  1. යකෝ මාතලන්, කටහැකර වීරසංගිලි පණික්කියලෑ බූරුවංසයා කියපු කතාව හරි මෙතනනම්, අමු හෙළුවෙන් ඉන්න මේ යෝදයා අයියෝ සිරෙක්ම තමයි, හැබැයි මූට හපන් අර ටයි කෝට් ඇඳපු නොම්මර එකේ පුස් චරිතයක් වන අග මැටි ගොඩ. නොදෝමකින් මුන් නම්, මහ එපාම කරපු කාලකණ්ණි රැලක් !

    ReplyDelete
    Replies
    1. ඒකට යහ පාලනේ කියනවා

      Delete
  2. මාත මචෝ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන කූට වැඩ පිළිවෙළ ඔස්සේ ඔහුගේ ආශීර්වාදය ඇතිව මරාගේ මිනීමෝර මල්ලී වූ භයානක ජනඝාතක ගෝඨාභය රාජපක්ෂ 2020 දී ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලසුම් සහගතව ඉදිරියට ගෙන එමින් සිටින්නේ යැයි පුරවැසි බලය සංවිධානය ප්‍රමුඛ සිවිල් සමාජ කොන්ත්‍රාත් සමාගම් චෝදනා කර සිටිති.

    සිවිල් සංවිධාන සමාගම් ඊට කිසිසේත් ඉඩ තබන්නේ නැතැයි ද ජනතාවට පොරොන්දු වූ පරිදි විනාශකාරී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බල කර සිටින්නේ යැයි ද පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මාධ්‍යට කිව්වා.

    පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, සෞඛ්‍ය සේවා විශේෂඥ සමන් රත්නප්‍රිය, ප්‍රවීන ව්‍යවසායක ගැමුණු විජේරත්න වැනි විද්වත් උගත් බුද්ධිමතුන් රැසක් මෙහිදී කරුණු පැහැදිලි කළා.

    අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අරමුණු ඉදිරි අවුරුදු 2 ඇතුළතදී නිසි පරිදි ඉටු කර ගැනීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඩ නොතබන බව ඔහුගේ එදා සිට මේ දක්වා වූ ක්‍රියාකලාපයෙන් මේ වන විට පැහැදිලිව ඔප්පු වී තිබෙනවා.

    මහනුවර සිද්ධියෙන් පසුව එම දිස්ත්‍රක්කයේ සංචාරය කිරීමේදී 1983 කළු ජූලියට සම්බන්ධ අල්ලේ (වට දෙකේ) ගුණවංශ ද කැටුව යාමටත් එහිදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට තවත් ජාතිවාදී සහ ආගම්වාදී භික්ෂූන් එකතු කර ගැනීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කිරීමෙන් ද සිය ජපන් නිල සංචාරයට ගලබොඩඅත්තේ ඥානසාර නමැති මිනීමරුවා එක්කර ගැනීමෙන් ද ඒ බව තව තවත් තහවුරු වුණා.

    එදා අන්ත දූෂිත මිනීමරු අශීලාචාර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිහ්සුණු දූෂිත සහෝදර සමාගමේ නියමුවා වූ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා රටේ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට උඩ ගෙඩි දුන්නා හා සමානවම මෛත්‍රීපාල සිරිසේන ද ඊට උඩ ගෙඩි දෙමින් සිටින්නේ කුමකට ද කියා අප කවුරුත් දන්නවා.

    අගමැති රනිල් වික්‍රමසිංහ මේ කිසිවකට විරුද්ධ නොවී නිහඬව බලා සිටීමෙන් පැහැදිළි වන්නේ ඔහු කිසිවකට එරෙහිව නැගී සිටිය හැකි සහ ක්‍රියා කළ හැකි දේශපාලන කසේරුකාවක් සහිත නායකයකු නොවන බවයි.

    මේ අනුව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ උදාරතර අරමුණු වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ඉටු කර ගැනීමට නොහැකි වී තිබෙන අතර උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අප ගැඹුරින් සාකච්ඡා කරමින් සිටිනවා. ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අප බල කර කියා සිටින්නේ රටට ජනතාවට විනාශකාරී වූ මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මේ දේශපාලන වශයෙන් කූට වැඩ පිළිවෙළ ඔස්සේ ඔහුගේ ආශීර්වාදය ඇතිව ඒකාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලසුම් සහගතව ඉදිරියට ගෙන එමින් සිටින අතර අප ඊට අපේ දැඩි විරෝධය පළ කර සිටිනවා. කොලඹ කුණු ඇද්දාට ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කිසිම දක්‍ෂයෙක් නොවේ යයි ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක විස්තාර කළ අතර සිවිල් සමාජ සමාගම් ක්‍රියාකාරීන් පැවසුවේ ඔහු දක්ෂ වූයේ උතුරේ නිරායුධ මිනිසුන් බුරුතු පිටින් සමූලඝාතනය කොට උතුරේ ජනතා අරගලය ලෙයින් යකඩින් මර්දය කිරීමටත් දකුණේ සුදු වෑන් ක්‍රමයක් නිර්මාණය කොට අහින්ස්ක තරුණයින්, මාධ්‍යවේදීන්, විද්වතුන් දස දහස් ගණනින් පැහැරගෙන කෝටි ගණන් කප්පම් මුදලුහ් ලබාගෙන පසුව වධකාගාරවල ගෙනගොස් දසවධ දී ඔවුන්ව අතුරුදන් කිරීමටත් බවයි. මේ ගැන මාතලන්ටත් පෝස්ට් එකක් දමා මෙම වැඩපිළිවෙල විවේචනය කර ගෝඨා 2020 රැල්ල මර්දනය කොට රනිල්/ සජිත්/ කරූ / රාජිත/ මංගල වැනි දක්ෂ උගත් බුද්ධිමත් නායකයෙක් 2020 ජනපති කරවීමට ක්‍රියා කරමු.

    ReplyDelete
    Replies
    1. AnonymousApril 19, 2018 at 2:51 AM

      ඇනෝ උඹ ඔය කියන විදිහේ බ්ලොග් පෝස්ට් වලට විශාල වශයෙන් මුදල් එජාපයෙන් ලැබෙන බවක් ගොඩක් බ්ලොග් කාරයෝත් පාඨකයෝත් අතර මතයක් පවතිනවා.

      කට්ටිය කියන විදිහට නම් එජාප මාධ්‍ය බලකාය සහ මංගල සමරවීර ඇමතිවරයාගේ ලේකම්, වෙබ් ගෝඩ්ෆාදර් රුවන් ෆර්ඩ්නැන්ඩස් තමයි මේ කටයුත් මෙහෙය වන්නේ.

      අර මල් යායක් කියලා සම්මාන උළෙලක් කියා පවත්වපු උත්සවයේ සිදුවීම් වලිනුත් ඊට විරුද්ධව ඇතැම් බ්ලොග් කරුවන් විවේචනාත්මකව ලියා තියෙන ඇතැම් දේවල් වලිනුත් එය පැහැදිලි වෙනවා.

      ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට මාරාන්තික විරෝධයක් ඔවුන් දක්වන්නේ ඔවුන් රාජිත නැත්නම් කරූ හරි ඒත් නැත්නම් මංගල හරි ඊළඟ ජනාධිපති / අගමැති කරලා ඒ හරහා අර්ජුන් මහේන්ද්‍රන් වගේ ගේමක් දෙන්න සෙට් වෙන්නලු.

      ගෝඨාට එරෙහිව පෝස්ට් දාන්න බැසිල් රාජපක්ෂගේ මුදලුත් ලැබෙන නිසාද කියා සැකයකුත් සමහරුන් මතුකරති. ඇත්ත බොරු නම් නොදනී. නමුත් පේන හැටියට මේක 80% ක් වත් ඇත්ත වෙන්න පුලුවන්.

      Delete
    2. සියල්ල මුදල් මත රදා පවතින සමාජයක,
      එකෙක්ගේ දෙන්නේක්ක්ගේ පතිවත හොයන්න යන්න එපා...

      හැම එකාටම ලියනප්පුලා ඉන්නවා..
      නෙළුන් යාය පටන් ගත්ත උන් නෙමෙයි දැන් කරන්නේ..
      ඒක වෙනම ප්‍රොජෙක්ට් එකක්..
      එයාලා ඒක කර ගත්තාවේ..
      අපි අපේ ගමන යමු...

      Delete
  3. බොස්, කෝ කලින් දාපු ලියුම? මම යනවා නම් ගිනිතියාගෙන යන එක?

    ReplyDelete
    Replies
    1. පේන හැටියට රජයේ ප්‍රවෘත්ති බලධරයා විසින් කපා දමා ඇති හැඩයි, ඇත්තටම මාතලනෝ පරිස්සමින්, මතකනේ බුකියෙ ඉඳන් ඉන්ස්ට දක්වා බ්ලොක් කරපු හැටි, වෙහෙර ගිල්ල එකාට අග්ගලා කජ්ජක්ද? පුලතිසිපුර සරල රජාගේ කඩ්ඩ වනද්දි කැපෙන්නේ නීලකාස හොරකම් කල තෝරු මෝරු නෙවෙයි අහක ඉන්න හිතට එකඟව ඇත්ත කතා කරන අපි වගේ පොරවල් තමයි. නැද්ද හා? අම්මපා..

      Delete
    2. ඒක කවුරුන් හෝ උලා කා ඇත..

      Delete
  4. මේක මාතේ මේ ව්‍යවස්ථාවෙන් දී තිබෙන බලතල ක්‍රියාත්මක නොකර ජනාධිපතිවරයා අගමැති, සිවිල් සංවිධාන, විපක්ෂ හා දමිළ මුස්ලිම් ජාතිවාදීන්/ බෙදුම්වාදීන්ගේ නූල් රූකඩයක් බවට පත්වීම නිසා වෙච්චි දෙයක්.

    මාතලන්ට මතකනෙ ජේ.ආර්. ජයවර්ධන 1978 විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය, ඇතිව පාලනය ගෙන යන්නයි. රටේ දේශපාලන ස්ථාවරත්වය නැතිනම්, ආර්ථිකය කඩාවැටෙනවා නම් නීතියේ අධිපත්‍යය නැතිව යනවා නම් සංස්කෘතිය පිරිහෙනවා නම් ඒවා නිවැරැදිව ගෙනයන ස්ථාවර දේශපාලන ක්‍රමයක් රටකට ඕන, ජේ.ආර්. වසර 42ක අත්දැකීම් එක්කයි ඔහු විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ. ඔහු මෙය ඉගෙන ගත්තේ චාල්ස් ඩි'ගෝල්ගෙන්. ප්‍රංශය ලොකු වුවත් නිරන්තරයෙන් ආණ්ඩු මාරු වෙනවා. මේ නිසා රට ඉදිරියට ගියේ නෑ. ඒ නිසා ඩිගෝල් විධායක ජනාධිපති ක්‍රමයට ගැළපෙන සමානුපාතික නියෝජනය ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නා. ජේ.ආර්. ඒ ක්‍රමය 1978දී අපේ රටට ගෙනාවා.

    හැබැයි මාතලන් ඒ ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි සංශෝධනය මඟින් අංගවිකල ආණ්ඩුක්‍රමයක් බවට පත් කළා.

    ඒක වුණේ කොහොමද? 1987 අෂ්රොෆ් මුස්ලිම් කොංග්‍රසය හැදුවා. 1988 දෙසැම්බර් 19 වැනි දිනට ජනාධිපතිවරණය නියම වුණා. එම මැතිවරණයට මහ පක්ෂ දෙකෙන් ඉල්ලුවේ ප්‍රේමදාස සහ සිරිමායි. අෂ්රොෆ් ප්‍රේමදාස හමු වී ඉල්ලීමක් කළා. එම ඉල්ලීමට එකඟ වුණොත් මුස්ලිම්වරුන්ගේ සියලු ඡන්ද ඔහුට අරන් දෙනවා කිව්වා. ප්‍රේමදාසට ඕනෑ වුණේ මොන හානියක් වුණත් කමක් නෑ. මම ජනාධිපති වුණොත් ඇති කියා, ඒ ඉල්ලීමට එකඟ වුණා.

    එතකොට මාතලන් එක් කොට්ඨාසයකින් මන්ත්‍රි ආසනයක් දිනාගැනීමට අවශ්‍ය වලංගු ඡන්ද ප්‍රමාණය 12.5%යි. අෂ්රොෆ්ගේ ඉල්ලීම වූයේ එය 5% දක්වා අඩු කරන්නයි. ඒ සඳහා 15 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළා. ඒ 1988 දෙසැම්බර් 17 වැනි එනම් ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි. ඒ උගුලේ අසු වූ නිසා තමයි චන්ද්‍රිකා 62%ක් ඡන්ද ලබාගෙන දිනලා පාර්ලිමේන්තුවේ ආසන 113ක් ගන්න බැරි වුණේ. අන්තිමට අෂ්රොෆ් ඉල්ලූ අමාත්‍යාංශ, සංස්ථා සභාප්තිකම් ඇතුළු සියලුම තනතුරු බලතල සහ දොළ පිදේනිත් එකසිය ගාණට අස්‍රොෆ් කියන නීලකාස කම්බා හොරාට දීලා ඌත් අරගෙනයි ආණ්ඩුව 1994 හැදුවේ.

    ඉතින් එවක පටන් මහ පක්ෂ දෙකම ආණ්ඩු හදන්න සුළු පක්ෂවලට හතරට පහට නැමිලා වඳින්න ඕන. මන්ත්‍රි පහක් හයක් අරගෙන එන සුළු පක්ෂවල වහලෙක් බවට ආණ්ඩු පිහිටුවන බලසම්පන්න ප්‍රධාන පක්ෂ පත් වුණා. එහෙම නොවුණේ මරා මහරජා බවට රූපාන්තරණය වූ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී පමණයි. ඒ යුද්ධය නිම වීමේ ජයග්‍රහණයට ගරු කිරීමක් ලෙස මහින්දට බහුතර සිංහල මිනිස්සු ඒ වෙලාවේ අතිවිශාල බලයක් දුන්න නිසා. 15 වැනි සංශෝධනයේ සිට අද දක්වා පාර්ලිමේන්තුවේ පවතින්නේ අරාජික තත්ත්වයක්.

    ඉතින් ධැන් ඒ ඒ අරාජික තත්ත්වය පළාත් පාලන ආයතනවලට ඊටත් වඩා කුජීත විදිහට මේ ගොබ්බ ආණ්ඩුව ගෙනාවා. ජවිපෙ ඇතුළු සුළුතර පක්‍ෂ හුදෙක් තම වාසිය වෙනුවෙන්ම පමණක් දුන් පිස්සු විකාර සංශෝධන සියල්ල කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඇතුළට රිංගෙව්වා. ඒ විකෘතියත් එක්ක රට පුරා සියලු පළාත් පාලන ආයතන අද අකර්මණ්‍ය වී තිබෙනවා. පළාත් සභා පනතට ගෙනා සංශෝධන ඊටත් වඩා අමුම අමු පිස්සු විකෘතියක්.

    විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව මීට පෙර හිටපු සෑම ජනාධිපතිවරයකුටම අපි චෝදනා කළා. එහෙම චෝදනා කළේ විධායක බලතල අයුතු ලෙස යොදා ගනිමින් ඔවුන් ඒකාධිපති වූ නිසයි. අද ජනාධිපතිට තියෙන්නේ ඒ චෝදනාව නෙවෙයි. රටේ ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ අයිතිවාසිකම් රකින්න ව්‍යවස්ථාවෙන් ඔහුට දීලා තියෙන බලය ක්‍රියාත්මක නොකර මෙලෝ රහක් නැති නූල් රූකඩයක් බවට පත්වී සිටීම ගැනයි.

    ඉතින් මාතලන් මේ නිසා රටේ තිබෙන දේශපාලන වියවුල නිසා මේ ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා. මේ වෙලාවේ කළ යුත්තේ රටේ සියලු දේශපාලන පක්ෂ සහ ආගමික සාමාජික බලවේග එකතු වෙලා ජාතික ආරක්ෂාව හා ජනතාවගේ අයිතිය වෙනුවෙන් ව්‍යවස්ථාව යටතේ තිබෙන බලතල ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිට බලකිරීම නෙමෙයිද? නැත්නම් මොකක්ද කියලා උඹම කියහන්.

    ReplyDelete
    Replies
    1. දෝශාභියෝගය ගෙනවුත්... තමන්ගේ ජොබ් එක නොදන්නා එකා ගෙදර යවා... වෙන එකෙක් පත් කර ගැනීමයි...

      Delete
    2. ඔව් ඒකත් හරි මාතේ, හැබැයි මේකා ඉවත් කරනවා නම් අලුතෙන් ඡන්දයක් තියන්න වෙයි, කොහොමත් ඉතින් තව අවු. 1 1/2 ක් විතර කට්ට කන්න වෙන ලයින් එකක් තියෙන්නෙ.

      Delete
  5. මාතලන් මේකේ කොමෙන්ට් කොටන ඇනෝලාගේ කොමෙන්ටු කියවනවිට මට සිතෙන්නේ මේ බියගුල්ලන් ගොන්ම ගොන් බයියන් බවය. සැබෑ නමින් පෙනී සිටින්නට ශක්තියක් නොමැති එකාට මාතලන් තේරෙන සිංහලෙන් කියන සැබෑ තත්වය පිළිබඳ නිවැරදි නිරීක්ෂණ තේරුම් නොයාම පුදුමයට කරුණකුත් නොවේ. විශ්වාස බංගය දිනුවාට රනිල්ගේ ප්‍රශ්ණ අවසන් වන්නේ නැත. ඒ එක්සත් ජාතික පක්ෂ ඡන්දවලින් දිනා දැන් රනිල්ගේ කකුලින් අදින්නට ඕනෑම නිහීන ක්‍රියාවක් කරන්නට සැදී පැහැදී සිටින නූතන ජුදාස් හෙවත් තුට්ටු දේකේ පඹයාධිපති නිසයිය.

    දැන් ඉතින් හොරු නලවමින් සර්පයන්ට කිරි පොවමින් අවුරුදු තුනක් අපතේ යැවූ රනිල්ට තවදුරටත් ඒ සෙල්ලම කරන්නට නොහැකිය. මේ රටට යමක් කරන්නට,වැසියනට ප්‍රයෝජනවත් දෙයක් දෙන්නට ඔහුට තව ඇත්තේ අවුරුදු දෙකක පමණ කෙටි කාලයකි.

    බලු පාදඩ රාජපක්ෂ දුෂිතයන් හැත්ත බුරුත්ත පිටින් පලවා හැර, වැදගත් ද්‍රවිඩ, මුස්ලිම් සහ ජේවීපී වැනි පිරිසිදු රටට හිතැති පක්ෂ හා එකතුවී සුපිරි කැබිනට් මණ්ඩලයක් පිහිටුවා රට හදන්නට කටයුතු කරනවා හැරෙන්නට මේවන විට ආසියාවේ පමණක් නොව මුළු ලෝකයේම සිටින ඉහළම බුද්ධියෙන් යුතු විශිශ්ටතම බුද්ධිමතා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන විකල්පයක් ඇත්තේ නැත.

    ජේවීපී නායකයන් තේරුම් ගත යුතු තිත්ත ඇත්ත නම් ඔවුන් දැන් කරනවාට වඩා සේවයක් රනිල් හා එකතුව රට වෙනුවෙන් කළ හැකි බවය. ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ වල ඉන්නා ප්‍රවීණ බුද්ධිමතුන් (සම්බන්ධන්, විග්නේස්වරන්, සිවාජිලිංගම්, විනයාගමූර්ති මුරලිතරන්, සෙල්වම් අඩෛක්කලනාදන්, තොණ්ඩමන්) සිටිය යුත්තේ විපක්ෂයේ නොව අමාත්‍ය මණ්ඩලයේය.

    තමනුත් හැදී, රට හදනවාද යන්න ගැන තීරණය කලහැක්කේ ආචාඅර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණි. සිරිසේන ගොයියා සමග එක්වී මේ ගමන යන්නට නොහැකි බව මුළු රටටම තේරී අවසන්ය. දැන් ඉතින් හොඳින් හෝ නරකින් ගොන් බයියන් ලක්ෂයක් හමාරක් බිල්ලට දී හෝ කෙසේ හෝ ඩීකින් සරසවියේ ආචාර්ය උපාධිය සහිත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ තුන් කල් දකින නායකයා මුලු රටටම විධායක ජනපති කර ලමු....!

    දිනූ දේ රැක ගන්නට එන්න. රැකගමු අපි දිනු දේ එන්න...!

    t.a. පොන්නම්පෙරුම,
    අලුත් යෝක් නුවර,
    ඇමෙරිකන් ඔරුමට්ටු නාඩුව

    ReplyDelete
    Replies
    1. t.a. පොන්නම්පෙරුම කියන්නෙත් ඇනෝ කෙනෙකි. එසේ නොමැතිනම් ඔබගේ ජාතික හැඳුනුම්පතේ දෙපැත්ත/ පාස්පෝට් එකේ පොටෝ එක තිබෙන පිටුව හා උප්පැන්න සහතිකේ සහ තිබේනම් අර සිනුවර ගමරාලගේ වගේ IELTS සහතිකේ ඉදිරිපත් කර අනන්‍යතාවය තහවුරු කර පෙන්වන්න.

      Delete
    2. අම්මපා සිපිපියා මේ දවස්වල දේශපාලනේ ගැන කතා කරන්නෙම නෑ නේද?

      Delete
  6. //ඇමෙරිකන් ඔරුමට්ටු නාඩුව//

    ඇමෙරිකන් එක්සත් ජනපදය කියන වචනය දැන් පරණ වැඩියි.

    ඇමරිකන් ඔරුමත්තුනාඩුව වෙනුවට පනස්එක් ඇංග්ලිකාව කිව්වත් වරදක් නෑ (තුන් සිංහලය වගේ)

    ඔරුමත්තුනාඩුව යනු ලෝකෙට ලොක්කා නෙමෙයි. (ඔය අදහස හැමදේම ආර්ථික සාධක වලට ඌණනය කරන කෂිකබලුන්ගේ කතාවක්).

    දැන් ලෝකෙට ලොක්කා වී ඇත්තේ "බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහය"යි. ඔරුමත්තුනාඩුව යනු සුපිරි ව්‍යුහයට පෝශණය සපයන ප්‍රධාන පෝශක මාධ්‍යයයි. හෙට මේ පෝශණ මාධ්‍යය වෙනස් වෙන්න පුළුවන්.

    මෙයට හොඳම උදාහරණයක් තමයි මෙක්සිකෝව තුල ගබ්සාව පිලිබඳ කතෝලික පල්ලියේ මතයට එරෙහි මත ප්‍රචාරය කිරීමට ඔරුමත්තුනාඩු ජනතාවගේ බදු මුදල් යෙදවීම. (ඩොනල් ට්‍රම්ප් කල මුල්ම රාජකාරියක් තමයි එයට මුදල් යෙදවීම වැලැක්වීම.)

    ReplyDelete
  7. හැන්ද අතේ නිසා බෙදා ගැනීම

    ReplyDelete
  8. ගමයා දෙව්ලොව ගියා විතරක් නම් මදැයි. යන ගමන් කවුන්සිලෙත් වහගෙන යතුරත් අරන් ගිහින්!

    ReplyDelete
  9. අයිසේ මාතලන්,

    ලංකාව හොඳයි බන්, බලපන් මේ බලගතු නායක නරේන්දර් මෝඩි ලොක්කා රජකරන ඉන්දියාවේ තත්වය:

    ඉන්දියාවේ රැකියා ගැටලුව යනු බලයට පත්වන ආණ්ඩුව තීරණය කිරීම දක්වා බලසම්පන්න එමෙන්ම කිසිදා නොවිස‍ෙඳෙන ගැටලුවකි. මේ රැකියා ගැටලුව දඩමීමා කරගෙන ආණ්ඩු ඇතිකිරීමටත්, ආණ්ඩු පෙරළා දැමීමටත් එරට ජනතාව කටයුතු කළේ වරක් හෝ දෙවරක් නොවේ. ඉන්දියානු රැකියා ගැටලුව හේතු සාධක මගින් නිර්මාණය කළ සංකීර්ණ තත්ත්වයක් ලෙසද හැඳින්වීමේ කිසිදු වරදක් නැත. මන්දයත් ඉන්දියානු රැකියා ගැටලුව දිනෙන් දින ඔඩු දුවන හිඟන්නාගේ තුවාලයක් මෙන් යොදා ගනිමින් ඉන්දියානු දේශපාලන ප්‍රවාහයේ දේශපාලනඥයන් එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කරමින් තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ උත්සාහයක නිරත වීම නිසාය.

    ඉතිහාසය පුරා වරින් වර මතුවන මේ ඉන්දියානු රැකියා ගැටලුව හා ආර්ථික කඩාවැටීම යළිත් වරක් පසුගියදා දක්නට ලැබුණේ එරට දුම්රිය දෙපාර්තමේන්තුවෙනි. ලෝකයේ 10වන විශාලතම සේවායෝජකයා වනුයේ ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවයි. පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය සේවකයන් 90000ක් බඳවා ගැනීම වෙනුවෙන් අයැදුම්පත් කැඳවූ අතර එහිදී ලැබුණු රැකියා විරහිත අයැදුම්කරුවන්ගේ අයැදුම්පත් ප්‍රමාණය මිලියන 28ක් විය.

    ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රට පුරා සිටින දුම්රිය රියැදුරන් සහ අනෙකුත් සේවක සංඛ්‍යාව මිලියන 1.3කට ආසන්න වන අතර අයැදුම්පත්‍ර කැඳවා තිබුණේ සහායක දුම්රිය රියැදුරු තනතුර සඳහා 26000ක් ද දුම්රිය කම්කරු රැකියා සඳහා 63000කට ආසන්න ප්‍රමාණයක් වූ පුරප්පාඩු පිරවීමටය. මෙහිදී සේවකයන් බඳවා ගැනීමට මසක පමණ කාලයක් තුළදී මිලියන 28ක ප්‍රමාණයක් අයැදුම් කර තිබූ අතර අවසන් දින පහ තුළදී පමණක් මිලියන 9ක ප්‍රමාණයක් අයැදුම් පත්‍ර එවා තිබිණි. වයස 18 - 31 අතර වූ වයස්හි පසුවන අයැදුම්කරුවන්ට පිටු 57කින් යුත් අයැදුම්පත්‍රයක් අන්තර්ජාලය මගින් (ඔන්ලිනේ සම්පූර්ණ කළ යුතු විය.

    දිනෙන් දින උග්‍ර වන ජනගහන ගැටලුවටද මුහුණ දෙන ඉන්දීය ජනතාව ඒ හා සමානවම ඉදිරියේදී රැකියා ගැටලුවටද මුහුණ දීමට නියමිත බවට ඉඟි දැනටමත් පෙනේ.

    ඉන්දියාවේ රැකියා අර්බුදය මේ අාකාරයෙන් ඔඩුදුවද්දී ඉන්දීය වැසියන් වඩාත් උත්සාහ කරන්නේ රජයේ රැකියා ලබා ගැනීමටය. මන්ද යත් පෞද්ගලික ආයතන වර්තමානය වන විට දැඩු පසුබෑමකට පත්වීමත් දිනෙන් දින උග්‍රවන ආර්ථික අවපාතයකට එරට ආර්ථිකය මුහුණ පෑමත් නිසාය.

    ස්ථිර වූ ආදායම් මාර්ගයක් සහ සුරක්ෂිත රැකියාවක් බලාපොරොත්තුවෙන් රැකියා සොයන වර්තමාන ඉන්දියානු තරුණ ප්‍රජාව තවමත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලයට ඒමට පෙර ඔහුගේ ප්‍රධානම ප්‍රචාරණ පොරොන්දුව වූ මිලියන 10ක නව රැකියා උත්පාදනය ඉන්දියාව තුළ ඇති කරලීමේ වැඩසටහන දෙස බලා සිටින අතර ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් පවතින බවද ‍දක්නට ලැබේ.

    ඉන්දීය දුම්රිය සේවය තුළ සේවකයන් මිලියන 1.3කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර වාර්ෂිකව දළ වශයෙන් දුම්රිය මගීන් බිලියන 8.2ක පමණ ප්‍රමාණයක් එරට දුම්රිය සේවය ලබා ගනිති. උග්‍රවන රැකියා අර්බුදය වෙනුවෙන් ඉන්දීය ආණ්ඩුව කුමක් කරයිද? ආර්ථික විශ්ලේෂකයන්ට අනුව නම් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ ඇති අඩුපාඩුකම් සහ නව රැකියා උත්පාදනය කෙරෙහි ඇති උනන්දුවේ අඩුකම මේ ආකාරයෙන් ගැටලුව තවතවත් වර්ධනය වීමට ප්‍රධානම හේතුව වී තිබේ.

    මූලාශ්‍රය : වත්මන් ඉන්දීය ගැති ලංකා ආණ්ඩුවේ හොරණාවක් වන සිළුමිණ පත්තරයෙන්;

    https://bit.ly/2Jck8di

    ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම් අත්සන් කොරලා රටේ ආර්තිකේ දියුණු කොරන්න පුළුවන් කියපු අමුම අමු මැටි මීහරක් රැලකුත් යුරෝපියන් ෆුල් සූට් දාපු ගංකබර මහ අම්බරුවෙක්ගේ වහල්ලු රැලකුත් හිටියා නේද කාලෙකට ඉස්සර, දැන් නම් උන් චුත වෙලා ගිහින්. ලැජ්ජනැති පර හැත්ත.

    ReplyDelete
    Replies
    1. තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් ETCA ඇතුලු ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වල අක්‍රමිකතා පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට කරුණු දැක්වීම සදහා යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

      ///අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
      ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

      අතිගරු ජනාධිපතිතුමනි,

      සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යංශය විසින් ජාතික අභිලාෂයන්ට පටහැණිව ක්‍රියාකිරීම වළක්වා එය නිවැරදි කරන්නට මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම

      සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ ආකාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුබෑමකට ලක් වීමට බෙහෙවින්ම බලපා ඇත. එම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඔබතුමා විසින් පොදුවේ දරන මතයට පටහැණිව දේශීය නිෂ්පාදන අධෛර්යමත් කරමින් ආනයන පමණක් දිරිගන්වන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එසේම ඒ සඳහා ක්‍රියාත්මක වීමේදි යහපාලනයේ මූලිකාංග නොතකා හරිමින් අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇත.

      සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය විසින් සිදු කළ රටට අහිතකර ක්‍රියාවන් කිහිපයක් ඔබතුමාගේ අවධානය පිණිස පහත දක්වන්නෙමු.

      සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශයේ ප්‍රධාන කටයුතු හැසිරවීමේ වගකීම ඇමරිකානු ජාතිකයන් තුන්දෙනෙකුට (වැටුප් ගෙවා) පැවරීම හරහා ජාතික අභිලාෂයන්ට පටහැනිව ක්‍රියාකරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමද විදේශීය බලපෑම්වලට සෘජුවම යටත් කරවීමට කටයුතු කිරීම.
      ඉන්දියාවෙන් සහ චීනයෙන් විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කරන බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ආචාර්ය සමන් කැලේගම මහතාව එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා වශයෙන් පත් කරමින් බැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීම සහ අයතා වාසි ලබා ගැනීමට ඉඩ සැළසීම.

      ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum ) වෙත ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟින් වාසි ලබා ගන්නා ආකාරය පිළිබඳව උපදේශකයෙකු ලෙස සේවය සපයා මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු වන කේ. ජේ වීරසිංහ මහතා එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කිරීම මඟින් අල්ලස් ලබා ගැනීම හා සමාන ක්‍රියාවකට අනුබල දීම සහ ඒ හරහා අනෙකුත් දේශීය කර්මාන්තවලට පාඩු සිදු වන ආකාරයේ තීන්දු සඳහා දායක වීම.

      නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක Bridging the Gap නමැති එන් ජී ඕ ආයතනයේ සාමාජිකයෙකි. එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. මෙම පුද්ගලයා එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීමද මොහුට පවරා ඇත. ඒ මඟින් ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්වයක් නිර්මාණය කරමින් ඔහු සේවය කරන වෙනත් රටවලට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකාවේ ආනයනය වර්ධනය කිරීමට අවස්ථාවක් ඔහුට නිර්මාණය කරදී ඇත.

      Continue...

      Delete
    2. continue...

      ඉහත කී ආචාර්ය රවී රත්නායක නමැති නවසීලන්ත පුරවැසියාට ශ්‍රී ලංකාවේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සකස් කිරීමද භාරදීමට ක්‍රියා කිරීම සහ දේශීය ව්‍යාපාර වසා දමා ආනයන දිරිගන්වන ප්‍රතිපත්තියක් සකස් කරමින් ඔහු උපදේශකයෙකු ලෙස මුදල් ලබා ගන්නා ආයතනයන්ට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අනුබල දීම සහ එම ව්‍යාජ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ගරු ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය නොමඟ යැවීම.

      සිංගප්පුරු වෙළඳ ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයන් කිහිපදෙනෙකු සිංගප්පුරු සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයෙන් වෙතින් පුහුණුවක් ලබා ගැනීම සඳහා සිංගප්පුරුව වෙත යැවීම මගින් ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමේ නොහැකියාව සහ අඩුපාඩු සිංගප්පුරු සාකච්ඡා කණ්ඩායම වෙත නිරාවෘත්ත කිරීම සහ ඒ මඟින් ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක ගිවිසුමක් සිංගප්පුරුව සමඟ ඇති කරගැනීමට කටයුතු සිදු කිරීම.

      සිංගප්පුරු වෙළඳ ගිවිසුම මඟින් ආනයන බදු මඟින් පමණක් ශ්‍රී ලංකාවට වාර්ෂිකව අහිමි වන මුදල රැපියල් මිලියන 1500ක් පමණ වේ. මෙම ගිවිසුම තුළ ශ්‍රී ලංකාව සඳහා සිංගප්පූරුව විසින් බදු සහන ලබා දුන් භාණ්ඩවලින් 99% ක්ම මෙම ගිවිසුම නොපැවතියද, ශ්‍රී ලංකාව ඇතුලු ලොව ඕනෑම රටක් සඳහා සිංගප්පූරුවේදී ආනයන බදුවලින් නිදහස් කර තිබූ භාණ්ඩ වීම.

      සිංගප්පූරු ගිවිසුම මඟින් වෙනත් රටවල නිපදවෙන භාණ්ඩද සිංගප්පූරුව හරහා ලංකාවට ඇතුලු වීමට විශාල ඉඩකඩක් නිර්මාණය කරදීම. එසේම, වෘත්තිකයන් ලෙස සිංගප්පූරු පුරවැසියන්ට පමණක් නොව සිංගප්පූරුවේ ස්ථිර පදිංචි කරුවන්ටද සිංගප්පුරු වෙළඳ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ සලසා ඇත.

      ලොව පිළිගත් නිර්දේශයන් නොතකා හරිමින් දැනට සාකච්ඡා පවත්වන කිසිදු වෙළඳ ගිවිසුමක් පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කර නොමැති වීම, පාර්ශව කරුවන්ගෙන් අදහස් විමසීමට අසමත් වීම, ඒ සඳහා කිසිදු විනිවිදභාවයක් පවත්වා ගැනීමට අපොහොසත්වීම යනාදි දුර්වලතාවයන් ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තීරණාත්මක ලෙස බලපාන අතිශය සංවේදී ආර්ථික ගිවිසුම් සම්බන්ධයෙන් දුර්ධාන්ත ලෙස කටයුතු කිරීම සහ ඒ අනුව මෙම ආර්ථික ගිවිසුම් රට හිතකරද යන්න සොයා බැලීමට හිතාමතාම කටයුතු නොකිරීම මඟින්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජනජීවිතය දැඩි අවදානමක හෙළීම.

      ඉහත දැක්වූ කරුණු අනුව මෙම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හානිදායක අයුරින් ක්‍රියාකර ඇත. එසේම වර්තාමානයේ සිදු කරගෙන යන කාර්යයන්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා නරක ආකාරයෙන් බලපානු ඇත. ජාතික අහිලාෂයන්ට පටහැණිව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යංශය විසින් සිදු කරගෙන යන ක්‍රියාදාමයන් නතර කරලීම සඳහා ඔබතුමා සෘජුවම මැදිහත් විය අවස්ථාව එළඹ ඇති බව අපි විශ්වාස කරමු.
      ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන මෙන් ඉතා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

      සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය ගරු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගෙන් ඉවත් කර වෙනත් ඇමතිවරයෙකු වෙත පවරා දී ඉදිරි කටයුතු ජාතික අභිලාෂයන්ට අනුව සිදුවන බව තවුරු කර ගැනිම.

      ඉහත සඳහන් සියලු ක්‍රියාදාමයන් සඳහා වගකිවයුතු අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය එම තනතුරින් පහකිරීම

      දූෂිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ඉන්දු- ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සඳහා වන ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම විසුරුවා හැරීම.

      සභාපති / ලේකම්
      තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය///

      මයිත්‍රී ගොයියට ඔය වගෙ බර කාරනා තේරෙන්නේ නෑ මන් හිතන්නෙ… ඔකට උපදෙස් කලක් ත්‍රිවිධ හමුදාවටම අණදුන් ගරුකටයුතු ආරක්ෂක ලේකම් ව සිටියදී ඉතා සුළුතර ප්‍රාදේශිය කොටිනායකයකු වූ පුළිතේවන් ට රෝහලකට ගොස් ඇපල් මල්ලක් දී "මචං" කියා බදාගෙන සමස්ත ආරක්ෂක අංශම විහිළුවක් බවට පත්කළ රට කෝලමක් වූ ඔස්ටින් ෆර්නෑන්ඩු උපදේශක උන්නැහෙගෙන් ඉල්ලගත්තොත් ??? මරු නේද? ආ අර ඇමරිකාවට චැලෙන්ජ් එක දෙන්න ඉන්දියාවෙන් සෙට් බස්සන්න ඕන කිව්ව බනානා සුජී ගෙන් ඇහුවොත් කොහොමද???

      Delete
  10. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන 20 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි සහිතව සහාය ලබා දෙන බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

    ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ සැනින් පාර්ලිමේන්තුව විසිරුවිය යුතු යන අතුුරු යෝජනාව අදාල සංශෝධනයේම යෝජනාවක් ලෙස ගෙන ආ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණට දැන්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

    යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන බවයි.

    විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමට එක්සත් ජාතික පක්‍ෂය, ඒකාබද්ද විපක්‍ෂය, දෙමල ජාතික සන්දානය, ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් මූලික එකගතාවයන් පල කර ඇති නිසා පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් ලබා ගැනීමට හැකියාව නිර්මාණය වී ඇත.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත‍්‍රි පාර්ශවය පමණක් මෙම යෝජනාව සදහා විරෝදය පල කර ඇතත් ඔවුනට ඇත්තේ මන්ත‍්‍රී ධුර 42ක් පමණි.

    නව පාර්ලිමේන්තු සැසියේ මුල්ම යෝජනාවක්ලෙස මෙය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.

    JVP යට අවශ්‍ය රට අස්ථාවර කරන්න. 2014/2015 හංසයා බලයට ගෙනෙන්න කටයුතු කලෙත් ඒ අරමුණෙන්. එය යම් තරමකට සාර්ථක වුනත් පොහොට්ටුවේ ආගමනය නිසා JVP අරමුණ අසාර්ථක වෙන්න යන්නේ. ජනාධිපති තනතුර කොන්දක් තිබෙන නායකයකු අතේ තිබේනම් රට ස්ථාවර වෙනවා. මේ තියන පාර්ලිමේන්තුව සඳහා මනාප චන්ද ක්‍රමය අනුව අස්ථාවර පාර්ලිමේන්තුවක් තමා ඇතිවන්නේ. එය වලක්වනොගෙන ජනාධිපති ක්‍රමය අහෝසි කලොත් ජාතිවාදී කුඩා පක්ෂවලට කප්පම් දීම හැර වෙනත් විකල්ප නැත. ස්ථාවර පාර්ලිමේන්තුවක් ජනාධිපති නැතිව හදන්න නම් දැනට අවම 5% වන චන්ද ප්‍රතිශතය 12.5% එනම් 1/8 කල යුතුය. නැතිනම් රටක් විදියටම විනාශයට යනු ඇත. එතකොට මේ පනතට සහය දෙන්නෝ දේශයේ ස්ථාවර බව විනාශකලවුන් ලෙස ඉතිහාස ගතවනු ඇත.

    මහින්දට ඕන තමුන්ගෙන් පස්සේ රට නාමල්ට දෙන්න. නමුත් අති විශාල බහුතරයක් කැමති ගොඨාභය රටේ නායකයා වෙනවා දකින්න.
    රටට වෙන හානිය ගැන හිතන්නේ නැතුව, පුතා ගැන හිතලා තීරණගන්න ගියොත් මහින්දත් ඉවරෙටම ඉවරයි.

    මහින්ද අපිට වැදගත් වෙන්නේ කාරණා දෙකකට විතරයි.

    1. ජනතා ආක්ර්ෂණය රඳවා තබාගැනීමට.

    2. ගෝඨාභයට එක්වරම සම්පූර්න බලතල නොදී, යම්පරිණත භාවයක් ලැබෙන තෙක්, සීලිමක් ලෙසට තබාගන්න.

    මේ වැඩේ කරන්නෙ ගොඨා ජනපති වීම වැලැක්වීමට. මේ කුමන්ත්‍රනයට මහින්ද සහ රනිල් හවුල්.

    මහින්ද පාර්ශ්වය මේ බව දන්නවා. නමුත් ඔවුන් තියෙන නඩුවලට හිරේ දායි කියලා බයයි. ඔවින්ට නීති උපදෙස් දෙන්නෙත් යහපාලනේ නීති විශාරදයින් ම තමයි. රට අස්ථාවර කරන්නෙ නැතිව නාමල් බබා රජ කරවන්න බැරි බව ඔවුන් දන්නව. නැත්නම් සමානුපාත චන්දය තියාගෙන විධායක ය අයින් කරන්න කැමති කවුද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න