.

.

May 3, 2018

අන්දරේ සීනී කා අතේ කෝට් වේ




ඕන්න එකෝමත් එක රටක, එකෝමත් එක කාලෙක, එකෝ එකෙන් වගේ ආතල් දෙන ජෝකර් කෙනෙක් උන්නා. නම අන්දරේ. දෙන තරමක් දෙන්නේ පට්ට ආතල්, ඒ රටේ රජ්ජුරුවෝ දවසක් අන්දරේ එක්ක ආප්ප කන්න සෙට් උනා.

ඒ පාර රජතුමා කිව්වා අන්දරේ අපි විහිළුවට වගේ අපේ පෝස්ට් දෙක මාරු කර ගමුය කියලා. ඕන් ඊට පස්සේ අර රජ්ජුරුවොත් පට්ට ජෝකර් කෙනෙක් උනා. හැමදාම ආතල් දෙන එකමයි කරන්නේ. අන්දරේටත් පරණ පුරුදු අත් අරින්න බැරි හන්දදෝ මන්දා, එයත් කරන්නේ ආතල් දෙන එකම විතරයි. රට ඔහේ යනවා. දෙන්නම එක්ක පට්ට ආතල් ගන්නවා.

ඕන් ඉතින් අපේ අන්දරේට දවසක් හිතුනා සීනී හොරෙන් කන්න කන්න. මේ රටේ රජෝරු ඇමතිවරු වගේම සමාන්නිය ජනතාවහ් මාර ආසයි හොරෙන් කන්න. ඒ කැවත් මන්ද පෝෂණයනුත් කප් ගහලා ලෝකේ ශ්‍රේෂ්ඨම රාජ්ජේ කියලා කොයි වෙලාවෙත් කප් එක ගන්නවා.

අන්දරේ රජ්ජුරුවන්ට ආස හිතුනෙ කන්තලේ සීනී කන්න. ඒ උනාට කෙවට්ටයෝ රජතුමාට කිව්වා කන්තලේ සීනී වලට වඩා ඉන්දියන් සීනී බොහෝම රසයිය, අපි කනවා නම් ඒ සිනී කමුය කියලා හිටන්.

අන්දරේ ගල් ආඳා කියලා බබාලා දන්නවනේ. අන්දරේ කිව්වා මම දැන් රජ්ජුරුවො නේ, උඹලා හොරෙන් කාලා මටත් ටිකත් ගෙනල්ලා දීපිය කියලා. මොකෝ රජ්ජුරුවෝ අන්දරේ කාළේ ඔස්ට්‍රේලියාවේ ගිහින් සීනී හොරෙන් කාලා හත් පොලේ ගාගෙන නාගෙන ඉන්න නිසා.

ඒත් ඉතින් අන්දරේ අරුන්ට කිව්වා, හදිසියේ හරි අහු මාට්ටු උනොත් හෙම, පරණ කතාවම කියපල්ලය කියලා හිටන්. ඕන් ඉතින් කේවට්ටයෝ දෙන්නා මාලිගාව ළඟම තියෙන තරු පහේ භෝජනාගාරයක් ඉස්සරහා පැදුරකුත් එලාගෙන, සීනී ටිකක් දාගෙන, කන්න ලෑස්ති උනා ඉතරයි.

රජතුමාගෙන අල්ලස් ඩිපාර්ට්මන්ට් එකෙන් පැනලා සීනී එක්කම අර කේවට්ටයෝ දෙන්නා අතටම අල්ල ගත්තා. අරුන් කිව්වා මේ සීනී නෙමේය පස්ය කියලා. ඒක දැකපු මාලිගාවේ උන්න රජතුමාට එලෝ තරු පෙනිලා

දැන් ඉතින් තොපේ කටෙත් පස්
මගේ කටෙත් පස් හිටන් කියලා ඉබේම කිය උනා..

මාලිගාවට ටිකක් එහායින් ඉන්නා යුව රජ තුමාට පුකෙන් හිනා ගියා ආයිබන්ඩ.

මොකෝ එයා බාන්ඩාගාරේ තිබ්බ වහ වගයක් සීනී කියලා හිතාගෙන කාලා හත් පොලේ ගාගෙන ඉන්න නිසා..

ඉතින් බබාලා මේ කතාවෙන් ගන්න ඕන ආදර්ශය තමයි, වහපාලනයක් තුල උනත් සීනී කනකොට බොහෝම පරෙස්සමෙන් කන්න ඕන කියන එක.

අනතුරු ඇඟවීමයි..!!!

සීනී කෑම ශරීර සවුක්කයට හානිකර වන්නට පුළුවන..

22 comments:

  1. වැඩේ හොඳයි, මහ බැංකුව කොල්ල කාපු එවුන් කවුද කියලා දැන දැනත් ඒව දැක්කේ නෑ වගේ ඉන්න එකනේ වැඩේ...

    ReplyDelete
  2. මාතලන් දැන් මේ සිදුවීම දිහා කොල පාට, නිල්පාට, රතුපාට, කහපාට ආදී පාට කණ්ණාඩිවලින් විවිධ දේශපාලන න්‍යායවලින් බැලීම සහමුලින් නතර කරලා දාලා මේ සිදුවීම කුමන දේශපාලන පක්ෂය බලයේ සිටියත් නතර කරන්න බැරි වුනු අල්ලස, පගාව නැති කරලා දාන්න පුලුවන් නිර්දේශපාලනික ක්‍රමවේදයක් නිර්මාණය කරගත යුතුයි.

    එහෙම නැති වුනොත් මේ රට ආපස්සට යන එක වලක්වා ගන්න බැරි වේවි සැක්කරයගෙ පුතා වයිමා ආවත්.

    ReplyDelete
  3. මොනවා උනත් මාතලන් මචෝ යහපාලනය පිහිටුවීම වෙනුවෙන් කැපවූ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ යහපාලනය යටතේ යම් දුරකට හොරු අහු උනා. හැම මිනිහගෙන්ම පගා ගාගහා උන්න පුත්තලම LRC (මාදම්පෙ office) එකේ කොමසාරිස් වන්නිනායකයි එයාගෙ චක් ගෝලයා තුශාර යි උනත් කාලයක් තිස්සේම අල්ලස් ගත්තාට අල්ලුවෙ ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ යහපාලනෙන් තමා. අයි. ඒ. කේ. එස්‌. මහානාම ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කිරීම විශේෂත්වයකි. ඔහු මීට පෙර ඉඩම් අමාත්‍යංශ ලේකම්වරයා ලෙසද කටයුතු කළ ආචාර්ය උපාධියක්ද හිමි අයෙකි.

    අත්අඩංගුවට පත් රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපතිවරයා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇත.

    මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයින්ය. මෙම දෙදෙනා ඊයේ රාත්‍රියේ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඊයේ රාත්‍රී ජනපති මාධ්‍ය අංශය නිවේදනයකින් කියා සිටියේ මෙම දෙදෙනාගේ සේවය අත්හිටුවීමට ජනපතිවරයා ක්‍රියා කළ බවකි.

    ReplyDelete
  4. බොරු කියන්න ඕනෑ නෑ. මේකට 100% හුටන්ට ලකුණු ලැබේවි

    ReplyDelete
  5. මාතමචෝ මෝඩ කතා කියන්න එපා. හොර වැඩවලට උඩගෙඩි දෙන්න එපා. හොරු අල්ලන එක වැරදි ද? බොරු කියන්න ඕනනෑ මරා ගේ ආණ්ඩුවේ උනා නම් ඕක කවදාවත් අහු වෙන් නැ. මෛත්‍රිපාල සිරිසේන ජනපතිතුමන්ගේ මේ යහපාලන ආණ්ඩුවෙන් කරපු එක හොද දෙයක් තම අල්ලස් දුෂණ කොමිසම බලගතු කිරීම.

    ReplyDelete
  6. "මේ හොරුන්ගේ දේශයයි"

    ඒ විතරක් නොවේ, රට කාගෙන, කාගෙන, කාගෙන යෑමත් ජයටම සිදු වේ.

    ReplyDelete
  7. මෛත්‍රීය මෛත්‍රීය කියා කියා ඉඳල හරියන්නේ නැහැ. මේක අලුත්ම දේශපාලන අත්දැකීමක්. දැන් යන්නේ මහින්ද ගහපු ගේම් වලින් මහින්දටම ගහන සීන් එකක්.

    මහින්දට කඩේ ගිය කටවල් ටිකක් ලෑස්ති කරලා සුපිරි මඩ පාරක් දුන්නා නම් හරි මැදමුලනේ බයියාගේ ඉඳන් උගේ සිමයියෝ වෙනකම්ම උන්ගේ රෙදි ගැලවිලා පක් වෙලා යන්න.මේ රටේ ජනතාව තවත් මේ මුසාවෙන් මුලාකරන්න බැරිවෙයි. දැන් ඒ යුගය වියැකෙනවා. ඒත් කාලකණ්නින් ඒක ආයෙ ආපස්සට හරවන්න හදන්නෙ. නමුත් කලින් මහින්දගේ උන්ට කලා වගේම මේ පාර සැබෑවටම රට වෙනුවෙන් ආණ්ඩුවේ නාලිකා කඩේ ගියත් අවුලක් නෑ. මේ බොරුව තවත් පැලවෙන්න නොදී.

    බලන් ඉම්මු මාතලන් එත් ඇස අරගෙන ඉන්න ඕන. පැරදිච්ච හොර මහින්දගේ පොහොට්ටුවෙ හොරහැත්ත පක්කලියෝ ටික ආපහු අපේ ඔලු වලට විස බීජ දාන්න පුළුවන්. පරිස්සම් වීම කෝකටත් හොඳයි නේ.

    ReplyDelete
  8. සිරාලා මරාලාට හපන් බන් මාතලන් ගේ රනිල් ලොක්කා දෙන පට්ට ගොන් ආතල්. පොර තමයි සීනියර්ම ආතල් කැප්ටන්. 1994 වගේ ඉඳන් ම ජනතාවට ජෝක් සැපයීම ලීඩ් කරපු ලංකාවෙ පොලිටිකල් ලීඩ් ජෝකර්. සිරාලා මරාල ජෝකර් රෝල් එක පටන් ගත්තෙ ගොඩක් පහුවෙලා.

    ReplyDelete
  9. මාත,

    මෛත්‍රිපාලගෙන් තොර ජීවිතයක් නොමැති කාළකන්නින්ට මහින්ද/රනිල් විහිළුවකි...

    මහින්දගෙන් තොර ජීවිතයක් නැති කාළකන්නින්ට රනිල්/මෛත්‍රිපාල/අනුර/ ෆොන්සේකා විහිළුවකි...

    සරත් ෆොන්සේකාගෙන් තොර ජීවිතයක් නොමැති කාළකන්නින්ට මහින්ද විහිළුවකි...

    රනිල් වික්‍රමසිංහ නමැති එජාපයේ එතෙක් මෙතෙක් පහලවූ අසාර්ථකම නායකයාගෙන් තොර ජීවිතයක් නැති කාළකන්නින්ට මෛත්‍රිපාල/මහින්ද විහිළුවකි...

    අනුර කුමාරගෙන් තොර ජීවිතයක් නොමැති කාළකන්නින්ට මහින්ද විහිළුවකි..

    අපට නම් අන්ත දූශිත මහින්ද ඇතුළු කල්ලිය හා සමානවම රනිල් නමැති අන්ත දූශිත අශීලාචාර අසාර්ථක විගඩම්කාරයාද, සිරිසේන නමැති ලංකාවේ පත්වූ විසුළුසහගතම දූශිත ජනපතිවරයාද විහිළුවකි. ඔවුන්ට කඩේ යන අමුම අමු ගොබ්බ මැටි මෝල් මී හරකුන්ද ඊටත් වඩා විහිලුවකි.

    ප්‍රභාකරන් යනු උතුරේ දමිල ජනතාවගේ ජීවිත මෙන්ම ඕවුන්ගේ අනාගතය පමණක් නොව මුළු රටේම් ආර්ථික සමාජීය සංවර්ධනය මුලුමනින්ම විනාශ කල රටම දශක ගණනාවකින් ආපස්සට ඇද දැමු අමු ගොබ්බ දමිල ජාතිවාදී පට්ට ගෝත්‍රිකවාදී කාලකණ්ණියෙක්. ඌව වීරත්වයට නගන මීහරකුන් සියල්ලටම වඩා අමුම අමු ගොබ්බ මෝල්ලුන් ටිකකි.

    ReplyDelete
  10. මහින්ද හොරා කනවෝ කියා ගෙන ආවට හුටං පොනිල් දෙන්නමත් ආවෙම පුලුවන් තරම් ඉක්මනට පුලුවන් තරම් හොරා කන්ඩ බලා ගෙන. මොනවත් නොදන්න ගම රාලව මෝඩය කරල පොනිලා මහ බැන්කුව තමුන්ට තියා ගෙන හමුන්ගෙම ගජයෙකුත් ඒකට දා ගෙන දින 100 න්ම වැඩේ පටන් ගත්තා.

    මෝඩ ගමයට මේක තේරෙන්ඩ අවුරුද්දක් විතර ගියා. තමුන්ට නොදී තනියම හොරා කාපු තරහට මිනිහ කොමිසමක් දාල පොනිලට කෙලියා. පොනිලා කොහොමත් හීන් සූත්තා කාරයනේ. ගමය ගමේ ක්‍රමේට හොරකම් කරන සල්ලි අතටම ගන්න වෙලාවක්, තමුන්ගෙ නෝනගේ හිතවතිය කොමිසමේ ඉන්න කාලේ ඒකට පත් කරපු එකෙක් යවල ඇල්ලුවා.

    දැන් යහපාලනේ මගේ අටෙත් පස් තොගෙ කටෙත් පස් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  11. උඹ ඔහොම කිවුවට මාතලන් ගම් වල මිනිස්සු අහලා දැකලා වත් නැති, පොහොට්ටුවෙන් ඉල්ලුව එවුන්ට ගිය පාර චන්දෙ දුන්නා. ඒ ඔක්කොම මහින්දට දුන්නු ඡන්ද. සාමාන්‍යය මිනිස්සු මහින්ද ට ආදරෙයි. ඒ මිනිස්සුන්ට වැඩක් නෑ හොරුද, මිනිමරුවෝද මහින්ද ගේ වටේ ඉන්නේ කියල. ඇත්තටම බැලුවොත් වර්තමාන ආණ්ඩුව ලංකා ඉතිහාසයේ හිටිය අසාර්ථකම ආණ්ඩුවක්. රනිල් ට සජිත් ට හෝ අකිලට ආයේ තනියෙන් ආණ්ඩුවක් හදනවා කියන දේ කරන්න බෑ. තිබ්බ එජාප ඡන්ද ටිකත් රනිල් නැති කර ගත්තා. මහින්ද ට හෝ ඝෝටා ට මිනිස්සු බහුතර බලයක් නොදුන්නොත් මේ විදිහේ අසාර්ථක ආණ්ඩු දිගින් දිගටම ඇති වෙයි. රට අගාධයෙන් අගාධයට යයි. මම නම් කියන්නේ රට ගැන හිතන්න. වෙන මොකුත් නෙවේ.

    ReplyDelete

  12. ඇනෝලන්තේ අන්දරේ රජ්ජුරුවන්ගේ සීනි කෑමේ දොළදුක සංසිඳවන්නට ගොස් කටේ පස් ඔබා ගත් කේවට්ටයින් දෙදෙනාට දැන් සැබෑ මහරජාගෙන්වත් පිහිටක් ගන්නට බැරිවෙන බවක් පෙනේ. සැබෑ රජා ලෝක සුත්තර කාරයෙක් බැවින් අන්දරේ රජා මේ සීනි කෑමෙන් වත් මරා ගන්නට ලැබෙනවා නම් ආප්ප කා පාවා දීමේ විපාකය මේ ආත්මයේදීම ලැබුනා යැයි සිතා ඔහු සතුටු වනවා ඇත. එසේ වුවත් අන්දරේ රාජාද මේ ටික කාලයේදී ලෝක කපටි රජෙකු වී සිටින බැවින් දන්නා සියලුම උප්පරවැට්ටි දමා ජාම බේරා ගන්නටත් පුළුවන.

    එහෙත් අල්ලස් ලොක්කෝ පියවර ගත යුත්තේ රටේ ඉහ වහා ගිය අල්ලස නැති කිරීමට මොවුන්ගේ නඩු ඉක්මනින් අසා උපරිම දඬුවම් දීමට කටයුතු කිරීමය. පරිපාලන සේවයේ ගෞරවය කුණු ඇලට අද දැමු මොවුන්ගේ විශ්‍රාම වැටුප් තහනම් කර, අයථා ලෙස උපයා ගත් සියළු දේපොල රාජසන්තක කර රජයේ නිලධාරියෙකු අල්ලස් ගන්නවා තබා ඒ ගැන සිතන්නටවත් බැරි ආකාරයේ බියක් ඇති කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. @ Tissa Abeyratne,

      මේ සිද්ධියේදී මා දකින ලොකුම දුයුනුව තමයි ජනාධිපති කාර්ය ප්‍රධානී වුවද බරපතල වරදක් කරන විට නොපැකිල කටයුතු කරන්න තරම් ශක්තියක් FCID එකට තියටනවා දැන්. ඒක පිහිටෙව්වේ රනිල්. ඒකට විරුද්ධව එදා විපක්ෂය උසාවි ගියා. මේක සෙසු රජයේ සේවකයින්ටත් රතු එලියක් වේවා.

      මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයින්. පරිපාලන සේවයේ ඔක්කොම ඔහොමමයි, ප්‍රා.ලේ කාලෙම පගාව ගන්න හුරුවෙනවා.

      මේ වගේ ලොකු ඩීල් එකක් කරන්න නම් XXXපතිගෙ OK එක ලැබිල තියෙන්නම ඕන. වැඩේ මාට්ටු උන නිසා දැන් දෙන්න කූඩුවෙ. ඕක ටික දවසකින් ම්නිස්සුන්ට අම්තක වෙනව. කොහොම උනත් ඕව දැක්කොත් බුවා නැත්නම් එබුවා කේස්.

      Delete
    2. Anonymous May 5, 2018 at 7:47 AM

      නිලධාරිනුත් උන්ගේ හාම්පුතාලා වන හම්පඩ දේශපාලුවන්ගේ මට්ටමට වැටිලා. ගුරා හිටගෙන අහවල් එක කොරද්දී ගෝලයෝ ඒක දුව දුව උඩ පැන පැන කොරනවලු. මේ රටේ හොරකම, දූෂණය, වංචාව, නාස්තිය නැති කරන්න නම් මුලින්ම ඔය දේශපාලුවෝ ඒවයින් වැලකිලා රටට ආදර්ශයක් දෙන්න ඕනෙ. එහෙම නැතුව හැමදාම පහල ඉදලා ඉහලට නිවැරදි කරන්න හැදුවට වැඩක් නෑ.ඉහල සිට පහලට නිවැරදි විය යුතුයි.

      Delete

  13. ඕව් මොනවද මේවනෙ කතා...



    ------------------------------------------------------------------

    ජනපති සිරිසේන මයා. වෙත ආදරයෙන් - To Mr. President with Love


    සෙත් වේවා...!!!

    ගරු ජනාධිපති තුමා වෙත,


    එහෙත් දින් 50 ක් යෑමටත් ප්‍රථම, පොදු හතුරා වී ඇත්තේ මිස්ට ක්ලීන් ලෙස නමක් දිනා සිටිනා, රනිල් වික්‍රමසිංහයන්ය. ඔහුට විරුද්ධව සෑම අතින්ම විරෝධතා මතු වෙද්දි, ඔබ නිහඬව සිටීමෙන් කරනුයේ එම මතවලට ශක්තියක් ලබා දීමය. එය අසාධාරන ක්‍රියාවක් හා සිඳු නොවිය යුත්තක් බව අපගේ මතයයි.


    මීට,
    කවදත්, රාජ්‍ය නායකයාට හිතැති...
    මාතලන්.


    February 28, 2015

    ----------------------------------------------------------------


    ReplyDelete
  14. Andare hatiyata inna rajjuruwo mechchara kal kochchara seeni gennagena kanna adda?
    Hari haman pareekshanayak keruwoth cabinet eke haththa buruththa seramayi manthirila wadi denekuyi walikada thamayi nawathinne!

    ReplyDelete
  15. කොහොම උනත් හැමදාම ජනතාව කොටවා උංගේ බඩ පුරවා ගත් උං චේන්ජ් එකකටත් එක්ක උං උං කොටා ගන්නවා බලන එකත් පට්ටය.

    ReplyDelete
  16. අල්ලස් චෝදනාව,දෝෂාභියෝග,පාර්ලිමේන්තුවේ බහුතරය,අගමැති ජනාධිපති වීම.කොහොමද ටිකිරි මොලේ?

    ReplyDelete
  17. puka hodanna awasthaak pabuna neda goyyoooo

    ReplyDelete
  18. මීලග ජනාදිපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂකයා වීමට සූදානම් බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

    පොදු අපේක්‍ෂකයා ලෙස තරග වදින්නැයි තමන්ගෙන් ඉල්ලීමක් කලහොත් ඊට සූදානම් බවත් පසුගිය පළාත් පාලන මැතිවණයේ ප‍්‍රතිඵල අනුව රාජපක්‍ෂ කණ්ඩායම පරාජය වී ඇති බවත් බහුතර බලය තම කණ්ඩායමට ඇති බවත් ඔහු කියා සිටී.

    යම් ලෙසකින් මීලග ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස ගෝටාභය රාජපක්‍ෂ එන්නේ නම් ඉතා සතුටු වන බවත් ඔහු මුස්ලිම් දෙමල ඡන්ද නොලැබෙන නිසා තම කණ්ඩියමේ ජයග‍්‍රහණය පහසු වන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

    සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

    ReplyDelete
  19. බස්තියන් මාවතේ පොන්නය්ක් හිටියා උට කස්ටමර් ලා නැතිවුනාම මේ වගේ 2 පන්තියේ අන්දරේ ගේ මෝඩ kathaa කියලා කට්ටිය වට කරන් ලෝන්ත පොල් ආතල් ගන්නවා හවස 6-7 විතර. මාතලනුත් ඒ වගේම පොන්න කතා ලියනවා දැන් පොන්න ආතල් ගන්න තු නොදකින්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න