.

.

Jul 31, 2020

දේශපලන විජ්ජාව හා ගල් යුගයේ විස්ස විජ්ජාල



එල්ලෙන්න වැල් නැතිව ඉන්නා 3% වඳුරු හමුදාව (පේටන්ට් බලපත්‍රය නිර්මාල් දේවසිරි සතුය) හා වෙන්න ටොයියෝ බලාගෙන ඉන්නේ, පඩයක් ගියත් ඒකේ එල්ලෙනටය. පරාජය නියත බව දන්නා දෙපිරසම ඉන්නේ මානසිකව ඇද වැටි දරුණු ලෙස බුද්ධියට හානි වූ තත්වයකය. දැන් උන් එල්ලිලා ඉන්නේ දේශපාලන විජ්ජාවේය. 

ඝෝඨාගේ ජන හමුවකදි නැවත ගොඩ එන මේ ගැටළුව එන්නේ 77 විවෘත ආර්ථිකයත් එක්කමය. මෙහිදි "නැවත ගොඩ එන්නේ" යන යෙදුම යෙදුවේ මොකෑ කියා අලුත් පරපුරේ එකෙක් අහන්නට ඉඩ තියෙනවාය. විශේෂයෙන් සමාජ මාධ්‍යවල ඉන්න අති බහුතරය මේ අතීතය දන්නේම නැතිය. ඒ නිසා උන් හිතන්නේ මේවා මේ ආන්ඩුව පත් වුනායින් පස්සේ ආපූ එවා කියාය.
  
මේ කලා සබ්ජෙක්ට් මෙලෝ වැඩක් නැතෙයි කියා මුලින්ම කිව්වේ විවෘත ආර්ථිකේ හඳුන්වා දුන් ජේ ආර් උන්නැහේය. ඉන් පස්සේ චන්ද්‍රිකා නෝනාත් මේ කතාවම කිව්වේය. එහෙත් ඒ වෙනුවෙන් කිසිවක්ම කෙරුවේත් නැතිය. ඝෝඨාභය උන්නැහෙත් මේකට මූලිකත්වය ගෙන මක්කත් නොකලොත්, වෙන එකෙක්කත් මේ සැරෙත් මක්කත්ම කරන්නේ නැති බවත් ඉර හඳ මෙන් විශ්වාසය. 

එහෙත් මෙහිදි අප සොයා බැලිය යුත්තේ, අපටත් පසුව ඩෙන් ෂියාඕ පින් ගේ පිහිටෙන් විවෘත ආර්ථිකයට ගිය චීනය, අද ලෝකයේම බලවත් රාජ්‍ය වූයේ කොහොමද කියලාය. සිංගප්පුරුව හා ඩුබායි ඉදිරියට ගියේ කොහොමෙයි කියලාය. ඩුබායිවල කාන්තාවෝ ඇමරිකාව හා එක්ව අභ්‍යාවකාශයේ සෙල්ලම් දාන්නේ කෙසේදෝ කියාය.

රටක් ගොඩ ගන්න වෙනස් විදියට හිතනා එකෙක් දෙන්නෙක් ඉඳලා වැඩක් නැතිය. ඊට සෑම ෆීල්ඩ් එකක් ගැනම අප්ඩේට් මිනිසුන් සෑම තැනකම ඉන්නට ඕනාය. එහෙම උන් උන්නත්, උන් අමු කුහකයෝ නම් ඒත් වැඩක් නැතිය. මාතලන් හිතන්නේ ලංකාවට කෙලවෙලා තියෙන්නේම මේ පිරිස නිසා බවය. 

අපිට කෙල වුනේ මෙන්න මෙතනදීය. නව ලෝකයට ගැලපෙන ලෙස අපේ අජ්ජාපන ක්‍රමය හදන්නට එකෙක්ටවත් බැරි උනේය. අපේ අජ්ජාපනේ තාම තියෙන්නේ සුද්දා රට දමා ගිය යුගයේය. ඒ කියන්නේ අජ්ජාපනයේ ගල් යුගයේය. 

නිපුනතාවයකින් හෙබි ගුණගරුක මිනිසුන් මේ අජ්ජාපනය තුලින් බිහිවන්නේ නැතිය. මොන්ටිසෝරියේ පටන් ඩිග්‍රිය දක්වා තියෙන්නේ ආත්මාර්ථකාමී ගුණමකු ගිරවකු බිහි කිරීමය. උන්ගේ කිසිවකුත් නිර්මාණශීලී නැතිය. වෙන්ස්වීම්වලට ගල් වැද්දෝ මෙන් බියය. ටයි පොලු එල්ලාගෙන උන්නාට මුන් ඔක්කෝම අමුඩ කාරයෝය. එහෙම නැත්නම් යාර හයක් ඇඟේ ඔතාගෙන යන පට්ට ගෝත්‍රිකයෝය. 

මේවායේ වගකීම දේශපාලකයින්ටම පමණක්ම දැමීම, සහගහනා අපරාධයක් බවත් කිව යුතුමය. මන්ද ආන්ඩුවෙන් පඩි කන, අධ්‍යාපනයේ ප්‍රථිසංස්කරණයන් සඳහාම වෙන් වූ පිරිසක් මේ සඳහා ඉන්නා නිසාය. උන් අද වෙන තාක් කිසිවක්ම අධ්‍යාපනයේ යහපත සඳහා කර තිබේද? එහෙත් මුන් සියල්ලෝම ආන්ඩුවෙ මුදලින් ලෝකය පුරා රවුම් ගසා දියුණු අධ්‍යාපන ක්‍රමයන් ගැන හොඳින් හැදෑරුවෝය. 

කරුමය කියන්නේ මුන්ගේ මානසිකත්වය තියෙන්නේ වැඩ වසම් යුගයේ වීමය. රටේම දරු පරපුර ගොඩ යනවාට මුන් කැමති නැතිය. ඒ හේතුවෙන් මෙලෝ රහක් නැති විෂය මාලාවන් කැම්පස් වල පවා අදටත් පවත්වාගෙන යන්නේය. එහෙත් මුන්ගේ දරුවන් ඒ කැම්පස් වලට එවන්නේ නැතිය, උන් යවන්නේ පිට රට ඒවාටය. මුන් අමු කුහකයෝ කියා මා මුලින් කීවේ ඒ නිසාය. 

එමෙන්ම ග්‍රාමිය දරු දැරියන්ට ලෝකය ගැන කියා දීමට කිසිම දේශපාලන පක්ෂයක එකෙක්ටවත් වගේ වගක් නැතිය. ඒ උන්ගේ බැල මෙහෙවර කිරීමට වහලුන් නැති වන නිසාය. හොඳම උදාහරණය කැම්පස් එකට එන උන්ට බෙදනා තෙලය. ඒ බෙදන්නේ හිඟන තෙලය. 

එනම්, සියල්ලම ආන්ඩුවෙන් කර දිය යුතුය යන්නය. මැරෙණකන්ම ආන්ඩුවෙන් සියල්ල සිඳු විය යුතුය කියා උගන්වන එකය. මෙවන් මානසිකත්වයක ඉන්නා උන් අතරින් නිර්මණශීලී ව්‍යවසාකයින් බලාපොරොත්තු වීමම විහිළුවකි. දේශපාලකයෙක් දුටු තැන ආන්ඩුවේ රස්සාවක් ඉල්ලා වැඳ වැටෙන්නේ තෙලේ බලෙන් හිඟන්නෝ වූ වාමාංශික දේශපාලනයේ වහලුන්මය. 

මේ රස්සා ඉල්ලන උන් අතරේ ජර්මන් ටෙක් එකට ගියපු උන්, වෘතිය පුහුණු මධ්‍යස්ථානවලට ගිය උන් මෙන්ම, ඇක්වයිනස් වැනි ආයතනවලට ගිය අය මෙන්ම ගංඟාරාමෙ පොඩි හාමුදුරුවන්ගේ ටැක්නිකල් කොලේජ් එකට ගියපු එකෙක් හෝ දැක්කොත්, අටපට්ටමට කියන්නම ඕනෑය. ඔය ඉන්නේ කැම්පස් ඩිග්‍රිය ලැබුනාම මුලු ලෝකයම ලැබුනා කියා හිතනා අම්බ හරකුන්ය. ලෝකය කියන්නේ ඩිග්‍රිය නොවනා බව, මුන්ට එකෙක් හෝ මේ වන තෙක් කියලා දීලා නැතිය. 

දැන් හෝ කැම්පස් වල අති බහුතරය වන කලා විශයයන් සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුමය. ඒ වෙනුවට නිපුනතාවයකින් යුත් ව්‍යවසාකයින් බිහිකල හැකි විශයයන් හඳුන්වා දිය යුතුමය. පරිඝණක විෂයයේ වුවද ගණිතයේ කෙල පැමිනිය යුතු උන් සිටිය යුතුමය යන මිත්‍යාවද කුඩු කර දැමිය යුතුය. මන්ද ඒ ක්ශේෂ්තයේ තියෙන්නේ ප්‍රෝගෑමින් ජොබ්ම පමණක් නොවනා නිසාය. ඒ එක් පැත්තක් පමණි. 

අනෙක් කරුණ ඉන්ගිරිසිය. මක්කා ඉගෙන ගත්තත් කඩ්ඩ බැරිනම් ඒ එකකින්වත් ඇති වැඩක් නැතිය. මන්ද තම විශයයේ ප්‍රවීණයෙක් වන්නට නම් අන්තර්ජාලයේ සැරි සැරීමට ඉන්ගිරිස් වුවමනාය. චීන භාෂාවද ඉගෙන ගත්තාට කිසිම පාඩුවක් වෙන්නේ නැතිය. තවත් විශයයන් ඕනෑ තරම් තිබෙනවාය. 

ලෝකය ආටිෆිසොල් ඉන්ටෙලිජන්ස් වලට යද්දි..., අපි කැම්පස් ගොස් ඩිග්‍රියකුත් අරගන... සෙනඟ අස්සේ රිංගාගෙන ගොස් රස්සාවක් හිඟ කනවා නම් ලැජ්ජා විය යුත්තේ ඒ පුද්ගලයා හෝ පොලිටික්කා විතරක් නොවේය. සමස්ත රට වැසියාමය. 

ඒ වගත් මෙසේය...

15 comments:

  1. ඔබගේ විග්‍රහය ඉතාමත් වටිනවා. මා දන්නා හැටියට ගතවූ දශක පහක කාලය තුළදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිහිපයක්ම යෝජනා වූවා. ඒවා ක්‍රියාත්මක කිර්මත් ආරම්භ කළා. එහෙත් විවිධ හේතු (දේශපාලන සහ පරිපාලන ඇතුළුව) නිසා ඒවා අතරමගදී කඩාකප්පල් වුවා. 2010 -2012 කාලයේදී ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහයෙන් කරන ලද SEMP (ද්විතීය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය) සහ EKSP (දැනුමැති සමාජයක් සඳහා අධ්‍යාපන ව්‍යාපෘතිය) යන වැදගත් ව්‍යාපෘති ඉතාමත් සාර්ථකව සැලසුම් කළත් ඒවා හරියාකාර අධ්‍යාපන සද්ධතියේ ක්‍රියාත්මක වුයේ නැහැ. මේ ගැන වගකිව යුත්තේ කව්ද?

    ReplyDelete
  2. අපේ සිංහල මිනිස්සුවගේ නෙමෙයි දෙමල අය හරි ශෝක්.
    මම දැකලා තියෙනවා අපේ ඉස්කෝලේ දෙමල ගුරුවරු දෙමල ලමයින්ට හරකුන්ට වගේ ගහනවා.
    එහෙම තමා එ මිනිස්සු එයාලගේ ලමයින්ව හදන්නේ.

    ReplyDelete
    Replies
    1. හරක් ගාලක් දකින්න ඇත්තේ

      Delete
  3. මාත දැන් මේ කොළඹ වරාය නගරය ආසන්නයේම ප්‍රදේශයක මුහුද ගොඩකර තවත් නගරයක් ඉදිකිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම කියන්නේ මොකක්ද?

    මේ ව්‍යාපෘතිය 2013 වසරේ ආරම්භ කරන ලද්දක් වුවත් පසුගිය අවුරුදු පහක දී එය ක්‍රියාත්මක නොවූ බව ද මාධ්‍ය හමුවකදී කියලා තියෙනවා.

    එමනිසා එහි කටයුතු දැන් කඩිනමින් ආරම්භ කර කොළඹ නගරයට මෙම නව භූමි ප්‍රදේශය එකතු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළ බවට මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ ගැන තව මොනවා හරි තියෙනවද විස්තර? මේකේ පරිසර බලපෑම් නැද්ද?

    ReplyDelete
    Replies
    1. සියල්ල නැසෙන සුළුය

      Delete
  4. නුඹේ සිහිනය මට දකින්න ඉඩක් නැතේ
    ණයට පොලිය බර ගානක් වෙලා ඇතේ
    ඒක ගෙවන හැටි නුඹ දන්නවද පුතේ
    ලක්මව වෙත දන්වාපං 'ස'ගෙ අතේ


    ReplyDelete
  5. මාතා දන්නවා ඇතිනේ ළඟ දී කළුතර, ගාල්ල, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, පුත්තලම, මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල අධි තාක්ෂණික විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය ගැන? දැනටමත් දිස්ත්‍රික්ක පහක ශක්‍යතා අධ්‍යයන කටයුතු අවසන් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියලා කියන්නේ.

    මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටවා ඇති බවත් මෙරට සිටින පාසල් හැරයන අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් සඳහා කුසලතා සංවර්ධන දශකයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව තමයි කියන්නේ, ඒ
    කුසලතා සංවර්ධන දශකයට අදාළව මෙම අධි තාක්ෂණික විශ්ව විද්‍යාල ඉදිකිරීම ද සිදු කෙරෙන අතර තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය සහ ඒ ඒ විශ්ව විද්‍යාල පිහිටන දිස්ත්‍රික්කය අනුව බලා මෙම විශ්ව විද්‍යාල ඉදි කිරීම සිදුකරන බව පේනවා.

    ලංකාවේ උසස් අධ්‍යාපනයට නොතේරෙන මෙන්ම කලා අංශයේ උසස් පෙළ කරන්න පෙළඹෙන අතිශය විශාල පිරිසක් ඊට අධෛර්යමත් කරමින් නුපුහුණු තරුණ තරුණියන්ගේ තාක්ෂණික අංශයේ දක්ෂතා සහ කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන් රටටත් ලෝකයටත් වැඩදායී පුද්ගලයින් කරවීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද වාර්තා වනවා.

    මීට සමගාමීව ශ්‍රී ලංකා ජෛව තාක්ෂණික සහ නවොත්පාදන උද්‍යානයක් පිහිටුවීම සඳහාද කැබිනට් අනුමැතිය හිමි වූ බව කියන්නේ මේක ගැන මොකද හිතන්නේ? ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය දවස් වල මේක දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කිරීම සහ විවේචනය කරල තියෙනවා අධ්‍යාපන කටයුතු පෞද්ගලික ව්‍යාපාරයක් කරන්න මූලික පියවරක් ලෙස? මට නම් එහෙම හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේ ගැන මම දැණුම්වත්...

      ඒකයි ඝෝඨා ගැන විශාල බලාපොරොත්තු තබාගෙන ඉන්නේ....

      Delete
  6. හුන්ගාක්ම ප්‍රශ්නවලට මුල අපේ තියෙන බොරු අහංකාර කුහක ඉරිසියාකාරී මානසිකත්වයයි. රටේම කරුමය කවුරු වුණත් ඉහළකට- තනතුරකට- බලයකට පත් වෙනවාත් එක්කම, එයාලගේ අර දුර්ගුණ මානසිකත්වය 100%ක්ම වගේ වැඩි වීමයි!

    ReplyDelete
  7. ඉහත දයාරත්න වීරසේකර මහතාගේ කොමෙන්ට් එකේ කියැවෙන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මාතලන්ට මතක නැද්ද ?? O/L වෙනුවට 1975 දී NCGE එන්නත ලබා ගත් පළමු කණ්ඩායමේ මාත් හිටියා. ප්‍රාග් වෘත්තීය 1 කියලා මැටි /ලෝහ/ලී වැඩත් , ප්‍රා වෘ 2 කියලා මුද්‍රණ/ඡායාරූප ශිල්ප සහ කෘෂිකර්මයත් අපිට කරන්න උනා. කොහොම හරි මම NCGE කරන කොට වයස 13යි. 77 ආණ්ඩු මාරුවත් සමග ඒ ක්‍රමය නැවත වෙනස් කළා. මම ඒ ක්‍රමයේ හොඳ වත් නරක වත් කියන්න යන්නේ නැහැ. නමුත් ඒ ඉගෙන ගත දේවල් එකක් වත් අපතේ ගියේ නැති බවත්, සමහරු තමන්ගේ වෘත්තීය ජීවිතය ඒ ප්‍රාග් වෘත්තීය විෂය මගින් අත්පොත් තැබූ වෘත්තීන්ට යොමු වූ බවත් උදාහරණ දෙකක් මතකයේ තියනවා. මගේ වසරේම Printing ඉගෙනගත් අභය අමරදාස, දැන් ලේක් හවුස් එකේ GM. අපිට පසු වසරේ Printing කරපු සුභාෂ් කරුණාරත්නත් එහිම AGM කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මම කලේ මෝටර් මැකනිසම්..

      මුලු අවුරුද්දෙම පිස්ටන් එක විතරයි

      Delete
    2. මම කලේ මෝටර් මැකනිසම්..

      මුලු අවුරුද්දෙම පිස්ටන් එක විතරයි

      Delete
  8. මාතේ ගම්පහ දියමන්ති මාක් එක දාල ඉන්න ගොන් දොස්තර පැතුම් කියන පිස්සු ගෝතයගෙනුත් ඇති වැඩේ මොකක්ද? ඒ පොල් බූරුවත් ඉස්සර රාජපක්ෂ හොර හැත්ත කළා වගේම යුද්ධය විකුණන් කන එකයි ඊට අමතරව ගස් කැපීම සහ අලි මැරීම කියන ජනප්‍රිය කාරණා අල්ලගෙන අලි ඇතුන් ටිකයි කැලෑ ටිකයි විකුණා ගෙන ගාණක් කපා ගන්න හදනවා කියලා හිතන්න පුළුවන් නේද මචන්. අනික ඔය අනිත් NGO කාරයෝ වගේ මූත් මොකක් හරි පිට රටක පරිසර හිතවාදී/ වනසතුන් රකින සංවිධාන/ පුද්ගලයන් අන්දවා සල්ලි හොයන්න දෙන ගේමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා විපක්ෂනායක තනතුරට සජිත් ප්‍රේමදාස පත් කරන්න කටයුතු කරන එක කරන්න පුළුවන් නම් හොඳයි නේද? මේ ගැන කියන්නේ මොකක්ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න