.

.

Aug 24, 2020

ගමනක අවසානය – ජවිපේ

 


ගමනක අවසානය – ජවිපේ කොටසටද මාතලන් තෝරාගත්තේ අවන්ත ආටිගලගේ කාටුනයකි. මේ කාටුනයේ ජවිපෙට අත් වූ ඉරණම අපූරුවට නිරූපනය වූයේය. එය දරාගත නොහැකි වූ ජවිපාවුන් අවන්ත නොමරා මැරුවේය. ජවිපෙට එය සාමාන්‍ය දෙයකි, එහි සංවාද විසංවාද නැතිය, විවේචන දිරවන්නේම නැතිය, ප්‍රශ්ණ ඇසීම් බැරිය, එවා ඔවුන්ට දරාගත නොහැක. විවේචකයා විරුද්ධවාදියා උස්සා ප්ලොවේ ගසා මරා දැමීම ඔවුන්ගේ තියරියය.

අතීතයේ ඔවුන් විවේචනය කල පක්ෂයේ බල මණ්ඩලවල උන් අය පවා කෲර ලෙස මරාදැමූ සාඩම්බර ඉතිහාසයකට ඔවුන් උරුමකම් කියනවාය. ජනතාවට මේවා අමතක නැතිය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියනා නාමයට තව දුරටත් පැවැත්මක් නැති බව පක්ෂයේ මහ උන්ද දන්නවාය. ඒ නිසා ඔවුන්ද දැන් එන්නේ අමුතුම පොතක් දමාගෙනය.

ජවිපේ ගමනක අවසානය සටහන් වන සංධිස්ථානය ලෙස මාතලන් නම් දකින්නේ විමල් වීරවංශගේ නික්ම යාමයි. එය මහින්දගේ ප්‍රොජෙක්ට් එකක්ද, එහෙම නැත්නම් විමල්ගේ තනි කැමත්තට ගත් තීරණයක්ද යන්න අනාගතය විසින් විසඳනවා ඇතිය.

විමල් එලියට බහින්නේ විමල්ගේ සටන් උපක්‍රමවලට බල මණ්ඩලය අකමැති වීම නිසාය යන්න පොදු මතයයි. විමල්ට සැලසුමක් තිබිනි. ඒ ශ්‍රීලනිපය ගිලගැනීමයි. නියාමාකරයෙන් සැලසුම ක්‍රියාත්මක වූයේ නම්, 2015 දි ලංකාවේ ජනාධිපති වන්නේ ජෙප්පෙක් වීමටද බොහෝ දුරට ඉඩ තිබිනි. මේ පිළිබඳව විමල් ලියූ පොත පවා ජවිපාවුන් විසින් තහනම් කලේ ඒ සියල්ලන්ගේම රෙදි ගැලවෙන නිසාවෙන්ය.

කෙසේ වුවත් විමල් සමඟ පක්ෂයේ 50% ක් කඩාගෙන ගිය බව ජවිපේ ඊළඟට මුහුණ දුන් මැතිවරණයෙන් මනාව දිස් වූයේය. ඉන් පසු පක්ෂයේ රහස් පොලිස් කණ්ඩායමද පෙරටුගාමීන් ලෙස ප්‍රාජාතන්ත්‍රවාදයට ආවද, අද ඒ පක්ෂයේ ජනාධිපති නාගමුව කියන්නේ, මැතිවරණ ක්‍රමය බලය ලබා ගැනීමට හරියන මළදානයක් නෙමේ කියලාය. කොහොමත් ඝෝඨා පාලනය තුල එයාලාට පැවැත්මක් ඇත්තේම නැත්තේ, දැන් ආන්ඩුවෙන් නොමිලේ නාවන වැඩේ නවත්වා අව්වේ වේලෙන්නවත් නොදි, 45 – 50 උන්ටත් පින් රස්සා දෙන නිසාය. මෙයාලාගේ නික්ම යාම ජවිපෙට කිසි බලපෑමක් නොකල බවත් ඇත්තය.

එයට හේතුව, කුමාර් ගුණරත්නම්ලා නායකයින් වූවද, එලියට පහලියට බැහැපු පොරවල් නොවූ නිසාය. අනුර කුමාර දිසානායක මෙන්ම ටිල්වින් අයියාද කුමාර් ගුණරත්නම් කෙනෙක් එයාලා දන්නේ නැතැයි කිව්වම, පක්ෂයේ වහලුන් එය පරම සත්‍යය සේ පිලිගන්නේ ඒ නිසාය.

2015 රාජපක්ෂලාට විරුද්ධව පොදු අපේක්ෂයාගේ සහායටද එන්නේ නැති ජවිපාවුන් තනියම චන්දයට එන්නේ විද්වතුන් පිරිසක් ඉදිරියට දමාගෙනය. එහිදි ජාතික ලැයිස්තුවෙන් පත් වූ අය ඉවත්කොට බල මණ්ඩලයේ අය ඇතුලට ඔබා ගන්නේ ඉතා පිලිකුල් සහගත ලෙසය.

එහෙත් එය අදාල පුද්ගලයින්ට පමණක් අදාල කරමින්, අළුත් දෙවන පෙල ණ්ඝ්O කාක්කෝ හා සිරිසේන පුක පෙන් වූ අළුත් පරපුර නලාකාරයින් සමඟ ගෝල්පේස් එකේ තොයිලයක් නටන්නේ අනුර කුමාරයා ලංකාවේ මහරාජා කරන්නටය. ඇත්තටම එදා අනුර කුමාර මොහොතකට ජනාධිපති උනා කීවොත් නිවැරදිය.

කොහේදෝ සිට කුමාරයා වේදිකාවට ආවේ මලයාලී සෝ වල හීරෝ වාගේය. උගත් බුද්ධිමත් උපාධීදාරි බක පන්ඩිතයින්ට මහ දවල් තරු පෙනුනේ මැකෝ විසින් ඇපත් නෑ යකෝ කියපු වෙලේය. ගෝල්පේස් ආපු උනුත් චන්දේ දීලා තිබුනේ නැතිය. අවසානයේ සිඳු වූයේ, තිබුන පහත් නැති වී, තීයෙන තුන (3%) බදාගෙන ආතල් එකක් ගන්න එකය.

ඇත්තටම මේ වැඩෙන් උනේ, ග්‍රාමිය ජවිපාවුන් සියල්ලන්ම පක්ශය කෙරේ කළකිරීමය. ඔවුන් වඩාත් පොහොට්ටුවට එකතු වීම ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ විට දකින්නට ලැබුන සුලබ දසුනක් විය. ඔවුන් සියල්ලෝම කැළණි ගඟෙන් මතු වූ නයාගේ ධාතුව වන්දනා මාන කිරීම සඳහා බැති සිතින් දන් දුන් නෙළුම් පොහොට්ටු ආදරයෙන් ගෙදර ගෙනත් තිබුනෝය. ජවිපේ නායකයින්ද ගම අත ඇරියේය. දැන් ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ නාගරික පහළ මධ්‍යම පන්තියයි.

ධනවාදයේ සියළුම ඵලයන් බුක්ති වින්දද ඔවුන්ට ඉහළ සමාජයට වෛර බඳින සුළු පිරිසක් ලංකාවෙ ජීවත් වේ. ඇත්තටම ඔවුන් විවිධ අඩුපාඩුකම් සහිත හීනමාන පිරිසක් බව ඉතා පැහැදිලිය. ලංකාවේ ජනප්‍රිය දේශපාලන මාධ්‍යයක් වී ඇති සකර්බර් මහතාගේ මුහුණු පොත අරක්ගෙන සිටින්නේ මේ පිරිසය.

ප්‍රසිද්ධ දේශපාලන විචාරකයකු මෙන්ම ජාතික ජන බලවේගයේ මුල් පෙලේ ක්‍රියාකාරිකයකුද වන නිර්මාල් දේවසිරි මහතා මොවුන් හඳුන්වන්නේ “බුකියේ වානර හමුදාව” ලෙසයි. චන්දයට පෙර මෙන්ම පසුවද මේ වානර හමුදාව ඔවුන්ගේ බලවේගයට කරනා හානිය අති විශාල බව උන්නැහේ සඳහන් කර සිටියේය. ඔවුන්ගෙන් තවමත් පිලිඹිබු වන්නේ ටිපිකල් ජවිපේ මැන්ටලටියයි. (කරුමයක මහත කියන්නේ, ළිපිය පලවන වන මොහොත වන විට නිර්මාල් දේවසිරි මහතා එම කණ්ඩායමේ නායකයා බවට පත් වීමට තැත් කරන්නේද යන සැකයක් මේ මොහොතේ මතුව ඇත.)

ඇත්තටම මේ මැතිවරණයේදී ඔවුන් පරාජයන් දෙකක් ලැබුවේය. පළමු එක ආසන හය තුන දක්වා අඩු වීමයි. දෙක ජවිපෙට වඩා බලවේගය ශක්තිමත් වීමයි. මාලිමාවේ විරුද්ධවාදීන් ගෙන ගිය බලපෑම් හමුවේ 2015 කල සෙල්ලම් මේ සෑරේ කරන්නට බැරි වූයේය. ඇත්තටම මාලිමාව තුල සිටින ජවිපෙන් පරිභාහිර පිරිස එම ස්තූතිය ලබා දිය යුත්තේ විරුද්ධවාදීන්ටය.

හරිනිගේ පත් කිරීම තනිකරම මාලිමාවේ විරුද්ධවාදින් ලද ජයග්‍රහණයකි. එය ඉදිරියේදීද වෙනස් නොවනු ඇත යන්න මාතලන්ගේ විස්වාශයයි. එජාපයට ශ්‍රීලනිපයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද එම නම් වලින් ඉදිරියට කිසිඳු පැවැත්මක් ඇත්තේ නැතිය. අවුරුදු 72 ක් ගැන අනුන්ට කින්ඩි දැමූවද, ජනතා විමුක්ති පෙරමුණත් අවුරුදු 55 ක් තිස්සේ කරපු ලබ්බක් ඇත්තේ නැතිය.

කරලා තියෙන්නේ ගොන් වැඩ දෙකක් පමණමය. ඒ 1971 හා 1988/89 කල මරි මෝඩ ත්‍රස්තවාදී චේ ගුවේරා කැරළි දෙක පමණමය. තමන් චන්ද බලාගෙන දේශපාලනය කරනා පක්ෂයක් නොවේය යන ප්‍රසිද්ධ දාර්ශනික ප්‍රකාෂය මේ වන තෙක් මේ මැතිවරණයෙන් පසුව ටිල්වින් අයියා තවම අපට කිව්වේ නැතිය.

අවංකවම තමන් එවන් පිරිසක් නම් ජනතා විමුක්ති පෙරමුණ ලෙසින්ම නැවත කල එලි බැස්සද අවුලක් ඇත්තේත් නැතිය. මන්ද එවිට ඔය තියෙන තුනත් නැතිව, අත් දෙකෙන් විලි ලැජ්ජාව වසාගෙන පාරේ යන්න පුළුවන් නිසාය.

ඒ වගත් මේසේ ලියා හමාර කරන ලද්දේය…..

10 comments:

  1. තෝරන කලට ජනපති
    ගෝටට චන්දෙ දීලා
    මහ මැතිවරණයට මම
    ජෙප්පන්ට මැයි කියූ

    පෙම් ලොව දී දුටු
    ඔහුමද මේ.......

    ReplyDelete
  2. 88/89 Gramasewaka, Bus driver, Chanda dayaka, School lamai maru Bheeshanaye sapaya iwara netha.

    ReplyDelete
  3. පරන ලිපි දෙකත් කියවලා එන්නම්

    ReplyDelete
  4. ජවිපෙ හරියටම හරි නැහැ තමයි. මෝඩකමුත් තියෙනවා තමයි. ඒ මට හිතෙන විදිහ.

    ඒත් සාපේක්ෂව අනෙක් උදවියගෙ වැරදි එමටයි... ඒ නිසා මේ වතාවේ මගේ ඡන්දෙත් ජවිපෙටයි දුන්නේ.

    ReplyDelete
  5. මාතේ

    මේ පී බී ජයසුන්දර ගොයියා කියන කතා ගැන ඔබේ අදහස් හා යෝජනා මොනවාද?

    https://m.youtube.com/watch?feature=share&v=C652vJxMTNU

    මේ ගැන විග්‍රහයක් ඉදිරිපත් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. එයාලා මක්කා හරි කරයි

      Delete
    2. එයාලා මක්කා හරි කරයි

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න