.

.

Aug 3, 2020

අවසන් චන්ද ප්‍රතිඵලය…?




ආන්ඩුවට හැර වෙන එකෙක්ටවත් මේ චන්දය තියන්න ඕනෑ කමක් තිබ්බේ නැතිය. හැම එකාම දැඟලුවේ අපි ඝෝඨාට සප් එක දෙන්නම් කියා… පට්ට ෆේල් යහපාලන කැඳ හැලිය තව දුරටත් පවත්වාගෙන යාමටය. උන් සියල්ලෝම සිතුවේ ඇමරිකාවේ වගේ කොරෝනා වසංගතේ උග්‍ර වෙලා එක පිට එකා මැරි වැටේය කියලාය. උන් එහෙම හිතූ එක සාධාරණය. ඒ මොකෝ උන් හිටියා නම් වෙන්නේ ඒ සැන්තෑසියමය. ආයේ කතා දෙකක් නැත.

කොහොම හෝ අපේ පිස්සු බුවාලා එක්ක කොරෝනාත් මැඩගෙන හෙට චන්දේ තියනවාය. හැම එකාම තම තමන් කැමති එකෙකුට චන්දය දාන්න යනවා නම් බොහෝ අගේය. මොකෝ චන්දයත් හරියට ආදරේ වගය. ඕකේ අගේ තේරෙන්න චන්ද අයිතිය නැති වෙන්න ඕනෑය. අන්ධ ජනතාවටත් අනෙකෙකුගේ සහයෝගයක් නැතිව චන්දය ප්‍රකාෂ කිරීමට පහසුකම් සලසා තිබීමත් අප අගය කළය යුතුය.

මාතලන් මේ අනාවැකිය කියන්නේ දත්ත කීපයක් ආධාර කරගෙනය. ඊට ඉතිහාසයේ පැවති විවිධ මැතිවරණවල දත්ත ඇතුලත්ය. ඒ අනුව එන පත්තරේ විස්තරේ මෙහෙමය…

පෝට්ටුව

මැතිවරණ දිස්ත්‍රික්ක 16 ක් උඩින් ජයග්‍රහණය කරනවාය. නුවර එළිය දිස්ත්‍රික්කයත් ජයග්‍රහණය කලහොත් එය 17 ක් වනවාය. ඒ කියන්නේ උතුරු නැගෙනහිර හැර අනෙක් සියළුම දිස්ත්‍රික්කවල ජය පොහොට්ටුවට ලැබෙනවාමය. ඊට ප්‍රධානම හේතුව එජාපය දෙකඩ වීමයි. ඒ අනුව නුවර එළිය දිස්ත්‍රික්කද පෝට්ටුව ජයග්‍රහනය කලහොත් එය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වනවා ඇතිය.

ගේමේ ඉන්න අය මොරාල් එක සඳහා මොන කතා කීවත් ආසන 120 කට වැඩියෙන් ගත හැකි නම් එයත් සුපිරි තත්වයක් වෙනවාය. මාතලන්ගේ අදහස ඔවුන් ආස 116 – 122 අතර ප්‍රමාණයක් ගත හැකි බවය.

ටැලිපෝන්

ටැලිපෝන් එක ගේම ඉල්ලන්නේ සිරිකොතේ බලය අල්ලන්නටය. ඒ 2025 ටාගට් කරගෙන වෙන්න ඇතිය. ඒ නිසා සජිත් ප්‍රේමදාස වන් බුද්ධිමත්, සියල්ල දත් අගමැතිවරකුගේ සේවය රටට ලැබීම මේ මොහොතේ අහිමි වීම රටේ අවාසනාවය.

ඒ මහතා රටේ අගමැති වන දිනෙක, අම්මට සිරි ලංකාව පින්ලන්තය වනවා නොඅනුමානය. මන්ද සියල්ල නොමිලේය. ඒ නිසා ජනතාවට කරන්න තියෙන්නේ ගෙදරට වෙලා හැමිනෙන එක විතරමය. මන්ද සියල්ල එයා අපේ දෙපතුල ලඟට ගෙනල්ලා දෙනවාය. තේ එකක්කත් දෙන්න ඕනා නැතිය. මොකෝ එයා කිසිම ගෙදරකින් කිසිවක්ම කන්නේ බොන්නේ නැති නිසාය. හැබයි කියන්නේ නම් අපේ කිහිලිවල ගඳට එයාට මාර ශක්තියක් එනවා කියලාය. ඒකත් හරියට කරනවාද බලන්න, එතුමානෝ රෑට රෑට ගෙවල් වලටත් එනවාය.

මෙහිදි මාතලන් අනුමාන කලේ එජාපයේ චන්දවලින් 75% පමණ ටැලිපෝනයට ලැබේ යැයි කියාය. කෙසේ වෙතත් දෙපිරිසම එකතු වී ආසන 75 – 80 පමණ ලබා ගනු ඇත.

ඒ අනුව ටැලිපෝනය 57 – 63 ක් අතර ප්‍රමාණයක් ලබා ගනු ඇත.

පින්නවල

අලි අනාථාගාරය දැන් තියෙන්නේ පිටකෝට්ටේ සිරිකොතේය. ඒ නිසා අනාථ අලි බලන්න යනවා නම් එතන්ට ගියාට කිසි අවුලක් ඇත්තේ නැතිය. සජිත් සිරිකොත අල්ලන්න කඳවුරු බඳිද්දී, රනිල් දැන් සිටම අඬ අඬා කියන්නේ එයා අළුත්කඩේ යනවා කියලාය.

රනිල් මැරෙනකන් ඔය පක්ෂේ නායකත්වය එකෙක්ටවත් දෙන්නේ නැතිය. අනික රනිල්ට වෙනත් තනතුරු ඕනා නැතිය. අරගත්තත් කරන්නේ ඇඟේ හලාගන්නා එක පමණය. එයාට ඕන, මොනිටර් කම ඉතරය. එජාප කෑ පියා ලෙස රනිල් ඉතිහාසයට එක් වනවා ඇතිය.

ඒ අනුව අනාථ අලි ආසන 15 -18 අතර ප්‍රමාණයක් ගනු ඇත.

ජවිපාවුන්

දැන් එයාලාම එයාලාව හඳුන්වා ගන්නේ ජවිපාවුන් ලෙසය. පේටන්ට් බලපත්තරේ ඉරාජ් වීරරත්න සතුය. ඒ අනුව ඇත්ත කලාකරුවන් කප්පරක් උන්නද, ජෙප්පන් වෙනුවෙන් යමක් කලේ ඉරාජ් ඉතරයි කියා වාමාංශික දේශපාලන ඉතිහාසය තුල ඉරාජ්ගේ නම රතු ලේ වලින් ලියවෙනවා නොඅනුමානය.

ජනතා විමුක්ති පෙරමුණට උනේ මක්කාද කියා ලිපි කීපයක්ම ලියා ඇති හෙයින් මෙහිදි ආයෙත් ඒ පල් හෑලි ලියන්න ඕනා නැතිය.

ජවිපාවුන් ආසන 3 පමණ ලබා ගනු ඇතයි යන්න මාතලන්ගේ මතයය උපරිමය 5 කි.

උතුරු නැගෙනහිර සහ-ජීවන්ලා

උතුරු නැගෙනහිර බලය සුළු ජාතික පක්ෂවලට හිමි වනු ඇත. පෝට්ටුව වඩාත් ජාතිවාදී වීම තුල ඔවුන් ලද සුළු චන්ද ප්‍රමාණය හෝ ඔවුනට අහිමි වීම කිසිවකුටත් වැලක්විය නොහැක. එජාපයේ චන්දද බෙදි යන නිසා ඉතා පහසු ජයග්‍රහණයක් දෙපලාතේම සහජීවන්ලාට ලැබෙනු ඇත.

බොහෝ විට ඔවුන් ආන්ඩුව හා එක්වීමටද ඉඩ ඇත. එමෙන්ම පින්නවල සෙට්ටෙකේ සියළුම දෙනා පාහේ ආන්ඩුවට එක්වනු ඇත යන්න මාතලන්ගේ විශ්වාසයයි. මන්ද ඔවුන්ට මින් පසු දේශපාලන අනාගතයක් නැති වන නිසාය.

ඒ අනුව නව ආන්ඩුව පෝට්ටුවන් අනාථ අලි සමඟ උතුරේ සහජීවන්ලාගෙන් සමන්විත ආන්ඩුවක් වන බව මාතලන්ගේ විශ්වාසයයි.

සුළු ජාතික පක්ෂ ආසන 20 -24 ක ප්‍රමාණයක් ලබා ගනු ඇත.

ඒ අනුව අවසාන ප්‍රතිඵලය මෙසේය

පෝට්ටුව…………….. 120
ටැලිපෝන්…………… 62
පින්නවල…………….. 17
ජවිපාවුන්……………… 3
සහ ජීවන්……………… 23

9 comments:

  1. Hmmmm, ahenam Mr Maathe a wagath aseya ha. (Wijebahu)

    ReplyDelete
  2. "අම්මට සිරි ලංකාව පින්ලන්තය වනවා නොඅනුමානය. මන්ද සියල්ල නොමිලේය. ඒ නිසා ජනතාවට කරන්න තියෙන්නේ ගෙදරට වෙලා හැමිනෙන එක විතරමය. මන්ද සියල්ල එයා අපේ දෙපතුල ලඟට ගෙනල්ලා දෙනවාය."

    ඒ කියන්නේ හැමදේම නිකම් දෙන හින්දා පින්ලන්තයේ මිනිස්සු කරන්නේ ගෙදරට වෙලා හැමිනෙන එකද?

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ 'පිං ලන්තය' නැතුව ෆින්ලන්ඩ් නෙවෙයි ඇනෝ. :))))

      Delete
    2. කවුද දන්නෙ...එහෙමනම් ඉතින් "පිං ලන්තය" ම කියලා ලිව්වනං හරිනෙ.... No confusion :-)

      Delete
  3. බලන්න මධුමාධව සහ ශිවාජිලංගම් සන්සන්දනය කරලා.
    ශිවාජිලංගම් පිස්සු බල්ලෙක් වගේ
    මධුමාධව දැක්කාම හිත නිමෙනවා.
    අපි ඒ වෙනසට ගරුකල යුතුයි.

    ReplyDelete
  4. ඒ කියන්නේ තුනෙන් දෙක හරි අත උඩිම්ම නේ? :)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න