.

.

Jun 11, 2021

සවු භාගේ දකිමින් සිටිමු

 


පසු ගිය දින කීපයේම සව් බාගේ දැක්ම හොඳින් දකිමින් සිටියද, පොලීසියෙන් කනට ගැහුවා වගේ දැනුනේ ඊයේ රාත්‍රියේය. ඒ මාතලන්ගේ අසල්වැසියා වන ඉක්බාල් නානා දොරට තට්ටු කරමින්, ආන් ලොක්කා පැස්ටෝල් රුපියල් විස්සකින් වැඩි කරලා කියන පනිවිඩය දුන් නිසාය, ගං කබර ටොයියන් මෙන් නොව සුරංගනාවියන් හැත්තෑවක් ගත්තත්, රනිල්ට ඇපේ නැති උනත් එජාපයට චන්දය දෙන ඉක්බාල් නානාත් ඉන් මහත් උද්දාමයට පත් වී සිටියේය. 

ඒ ස්වයං රැකියාවක් හෙවත් වාහනයක් හයර් කරන් ජීවත් වෙන එයා මේ දිනවල රජයෙන් ලබා දී ඇති දීර්ඝ සති අන්තය සමඟම මේ ආතල්ලෙකත් ලැබුන නිසාය. එයා ඇහුවේ පෝට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රමයක් තියෙනවා නම් කියන්න ලොක්කා කියලාය. මම පොරට කිව්වේ 21 වෙනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලාය.

ඇත්තටම මේ තෙල් ඇමති ඉතාම බුද්ධිමත් බවත්, එතුමා මිළ වැඩි කලේත් විජ්ජාත්මක ක්‍රමයකට බවත් ඔබට වැටහෙනවා ඇතිය. එතුමා වැඩි වන මිළක් හෝ දිනයක් හරියට නොකීවේ. සවු භාගයෙන් ධනවත් වී ඇති පිරිස කලින්ම ගොස් පැස්ටෝල් ෂෙඩ් කාරයන්ට වැඩි කළ මුදල් ලබාදෙමින් ඔවුන්ද කූට  වියාපාරකියින් ඝනයට පත් කරනා නිසාය. 

මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය සඳහා පත් කර ඇති අජිත් නෙවාඩ් කබරාල නම් ආර්ථික විජ්ජාග්නයා භාන්ඩාගාරයේ මුදල් ඕනා තරම් තියෙනවා කීවාට, මේ යක්කු අහන්නේ නැතිය. ගම්මන්පිලලා බලන්නේ ගෙවුම් ශේෂයේ අතිරික්තය තවත් වැඩි කර ජනාධිපතිතුමාගෙන් ළකුණු දමාගන්නටය. බංගලාදේශය දැන් ජීවත් වන්නේත් අප සතු මේ අතිරික්ත විදෙස් සංචිත මතය. 

මීටාමතරව සවු භාගයේ දැක්ම තුලින් අපේ රටට ලැබී ඇති තවත් විශේෂිත කරුණු කීපයක් ලියා තැබීම මාතලන්ගේ යුතුකමය.

එන්නත්කරණය - 

මේ වන විට තෙවන මාත්‍රාවද ලබා දී අවසාන බවට කොට, මාත්‍රා තුනල් ලබාදුන් ලෝකයේ පළමුවන රට බවට පත් වී අවසානය. සිව්වන මාත්‍රාව නිවසටම පැමිණ ලබා දීමට මේ වන විටත් සියල්ල සංවිධානය කර අවසන් අතර. විපක්ෂ නායක තුමා පමණක් තම එන්නත කුර සහිත ජීවීයකුට ලබා දීමට තීරණය කිරීමෙන් පසු, වෛද්‍ය සංගමය එම තීරණය අනුව යමින්, සියළු කුර සහිත ජිවීන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබා දීමට තීරණය කර ඇත.

සහල් මිළ - 

ඩේටා බේස් එකක් බගින් සහල් මිළ සම්පූර්ණයෙන්ම අඩු කල අතර, සම්බා හා කීරී සම්බා, බා බා කියා කුකුලන්ට දමනාතර, නාඩූ පාඩුවට දුන්නත් ගන්නේ නැතිය. ජනතාව බාස්මති වලට හුරුව ඇත. දිනපතා කිරිබත් කැමට හුරු වූ බයි ජනතාව දැන් කිරිබත් කන්නේත් බාස්මති වලිනි.

එළවළු මිළ - 

ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩි විමත් සමඟ හෙට්ටු කර වෙළඳුන් මට්ටු කරන ජනතාව වෙනස් වී ඇති අතර. කීර මිටියක් රුපියල් 70 කට අසූවකට පමණ මිළකට අළෙවි කරනා කීර ගොවියා දැන් එන්නේ, බයිසිකල්වල, ලී රෝද පෙට්ටි කරත්තවල නොව, මර්සඩේස් බෙන්ස් ලොරි වලිනි. මාළු, එළවලු හා පළතුරු ලංකාව පුරා විසිරි සිටිනා පාරිභෝකික ජනතාව වෙත ඉතා සාධාරණ මිළකට ලබා දිමට ක්‍රමවත් විජ්ජාත්මක වැඩපිලිවලක් සකසා ඇති අතර, වෙළඳුන් හා ජනතාව බුදුන් වඳින දැතීන් අහසට වැද බන්ධුල ගුණවර්ධන මැතිතුමාගේ හා අළුත්ගමගේ මැතිතුමාගේ මැණීවරුන්ට දිනපතා පින් දී තම කෘතග්නතාවය පලකර සිටි.

මන්ත්‍රී වාහන - 

මුදල් අමාත්‍යශයේ කාර්‍යක්ෂමතාවය හා දේශීය ආර්ථිකයේ ශක්තිමත් බව මොනවට පෙන්වමින්, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැන්මටත් පෙර පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන් සඳහා අති සුඛෝපභෝගී වාහන 227 ක් ඇනවුම් කර ඇති අතර, ඒ සෑම වාහනයක් සඳහාම මන්ත්‍රී වරප්‍රසාදයන් වන කුඩයක් හා විදුලි පන්දමක් හෙවත් ටෝච් එකක්ද අග්‍රාමාත්‍යවරයා අතින් වාහනය ලබා ගන්නා දිනයේදී ලබා දීමට නියමිතය. 

සුපුරුදු පරිදි රටේ ගෞරවය ඉහළටම ඔසවා තබන මෙවන් යෝජනාක්‍රම වලට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණ මේ වාහන ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට කැප්ටන් බැස ගිය නැව් තුනක් පක්ෂයට ලබා දෙන මෙන් මාතර තිහගොඩ පදිංචි සුනිල් හන්දුන්නෙත්ති මහතා ඉදිරිපත් කල පෙස්සමක්, පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගරු කතානායක තුමා වෙත ඉදිරිපත් කර ඇත.

වෛද්‍යවරුන්ට විශේෂ දීමනාවක් ලබා දීම -

ගාල්ල, මොරටුව, නුගේගොඩ යන ප්‍රදේශවල එන්නත්කරණය විජ්ජාත්මක ක්‍රමයකට ලබා දීම හා කොරෝනා මරණ හා රෝගීන් පිළිබඳ නිවැරදි දත්ත සපයමින් කරනා සේවය වෙනුවෙන් වයිජ්ජවරුන්ගේ වැටුප විශාල මුදලකින් වැඩිකර ඇති අතර, ඊට සමගාමීව නඩුකාර හාමුදුරුවරුන්ගේ වැටුප්ද වැඩිවීමට නියමිතය. ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් හා දීමනාද වැඩි වීමට නියමිතය. ඒ අනුව කම්කරුවාගේ වැටුප්ද වැඩි වීම අනිවාර්‍යය. ඉතා සුළු කළෙකින් ලොව වැඩිම වැටුප් ගන්නා ජනතාව ජිවත් වන රට බවට පත් වීමට නියමිතාතර, පෝට් සිටියේ වැටුප් හා දීමනාද වැඩි කිරීමට චීන රජය මේ වන විටත් තීරණය කර ඇත.

ඇත්ත වශයෙන්ම වසර දෙකක් යාමටත් මත්තෙන් සවු භාගයක් නොව ෆුල් එකම ලැබී ඇති බව මේ දිනවල පාර දෙස බැලූ විට ඕනෑම කෙනෙකුට බලාගත හැකිය. ජනතාව ලෝකයේ දියුණු රටවල මෙන් සමර් වැකේසොන් විඳමින් සිටී. වෙන රටවල උන්ට ලැබෙන්නේ එක වැකේසොන් එකක් වුවද, වසරක් තුල ලබා දුන් දෙවන සමර් වැකේසොන් එකද ලබා ගනිමින් ජනතාව ප්‍රීතියෙන් නිවෙස් තුලට වී අන්තර්ජාලයේ සර්ෆින් කරමින් සිටි. 

සවුභාගේ දැක්ම රටට උදාකිරීමට දායක වූ පිරිස ගැන අපට ඇති දුක නම්, දැන් සැපද කියලා අහන්න අපේ අප්පච්ච්ට එලියට පහලියට බහින්න බැරි එකය. එතුමා පාරේ ගියත් ඔය පාරේ යන උන්ගෙන් නම් එහෙම අහන්නට එපාය, මොකෝ ඔය පාරේ යන්නේ සංචරණ සීමා පවා පයිසෙකට මායිම් නොකරනා ආන්ඩු විරෝධී ජාතිද්‍රෝහී පිරිසය. උන්ගෙන් වොයිස් කට් අරගෙන දිලිත් ජයවීරගේ අද ද රෙණ එකේ පෙන්නුවත් ඒවා විශ්වාස කරන්නනෙපා කියා අපි එතුමාට කියනවාය.

 ඇත්ත කතාව ඒක නෙමේය

අපි ඉන්නේ පට්ට සැපෙන්‍ ය.


අපි අපේ යුතුකම ඉටු කලෙමු

ඔබ ඔබේ යුතුකම ඉටු කලේය



ඉස්ධූතී.... නන්ඩ්‍රෙයි... ටෑන්ක්ස් හොඳේ....!!!!










23 comments:

  1. මේ සතුට වෙනුවෙන් අපි කිරිබත් හදමු

    අවශ්‍ය ද්‍රව්‍ය:

    සුදු හෝ රතු කැකුළු හාල් 1Kg
    පොල්ගෙඩියක කිරි
    ලුණු රස අනුව
    සාදන ක්‍රමය :

    හාල් ගරා හොදින් සෝදා වතුර අවශ්‍ය තරමට දමා ලිප තබන්න. හොදින් ඉදී ගෙන එන විට කිහිප සැරයක්ම හැදි ගාන්න. වතුර හිදුන පසුව උකු පොල් කිරි වලට ලුණු මිශ්‍ර කර බතට එකතු කර කූරූ ගා මඳ ගින්නේ ඉදෙන්නට හරින්න.කිරි වලින් හොදින් ඉදුණු පසු කෙසෙල් කොළයක් මත අතුරා අවශ්‍ය හැඩයකට කපා ගන්න.

    සැ.යු.

    ලංකාවේ ඛණිජ තෙල් ආනයනය සදහා වැයවන ඩොලර් බිලියන දෙකක් විතර මුදල් අඩු කර ගැනීම සඳහා විදුලි මෝටර් රථ සහ සූර්ය කෝෂ, සුළං ටර්බයින හරහා විදුලිය නිෂ්පාදනය වගේ දේවල් ඉතාමත් ඉක්මනින් ලංකාවේ ප්‍රචලිත කිරීමට වේගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පේනවා නේද මචන්?

    ReplyDelete
  2. ශ්‍රී ලාංකික අපි, අවට සමස්තය දෙස විවෘත මනසින් බලා මේ ආකාරයට සබුද්ධිකව කරුණු විශ්ලේෂණය කිරීමට සහ ඒ් අනුව තීරණ ගැනීමට පුරුදුවෙමු.

    ඒ වගේම ලංකාවේ 2021 ජූනි මාසේ 12 වෙනකොට තියෙන නිල විදේශ සංචිත ප්‍රමාණවත් වෙන්නේ මාස තුනකට අවශ්‍ය ආනයනය සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා.

    දැනට ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන හතරක් ලෙස පවතින බව මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර කියනවා.

    මේ නිසා චීන මහ බැංකුවෙන් විනිමය හුවමාරු පහසුකම යටතේ ලැබෙන ඇමරිකන් ඩොලර් බිලියන 1.5 මුදල ලංකාවට මාසයකට සෑහෙන ආනයන සඳහා ප්‍රමාණවත් නමුත් දකුණු කොරියාව සහ බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු පහසුකම හිමිවන බවත් කී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 780 ලබන අගෝස්තු මාසයේදී ලබා ගැනීමට නියමිත බවත් කියනවා.

    ණය ගෙවීමට ශ්‍රී ලංකාවට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැති බව පේනවා නේද මචන් මේවායින්, ණය ගෙවීමට අපට තිබෙන විසදුම් වන්නේ ණය ගෙවීමට තවත් ණයක්, එම ණය ගෙවීමට තවත් ණයක් යනාදී වශයෙන් නිමා නොවෙන ණය උගුලක හිරවීම හෝ රටේ ආර්ථික වටිනකමක් ඇති ජතික සම්පත් විකිණීම හෝ දිගු කාලීනව බදු දීම වැනි පිලිවෙත් බව දැන් රටම හොදින්ම දන්නා කරුනක්.

    අපි විදේශ රටවල් වලින් ණයක් ගැනීමේ දී , ඒ ලබාගන්නා ණය කොතරම් ඵලදායී ලෙස භාවිතා කරන්නේද, එම ව්‍යාපෘතිමගින් රටේ ආර්ථිකයට, රටේ දියුනුවට කෙතරම් උපකාරී වෙනවද හා ණය ගෙවීමේ හැකියාව ගැන මීට වඩා ගොඩාක් පරිස්සමින් සැලකිලිමත් විය යුතුයි.

    අප විසින් IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, IBRD ලෝක බැංකුව, වැනි ආයතන වලින් ණය ලබා ගැනීමට නම් විශාල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී කරුණු, භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය ඇතුළු කොන්දේසි රාශියක් ගැන සලකා බලනු ලබයි. එහෙම උනත් පහුගිය යහපාලන ආණ්ඩුව මේ කොන්දේසි අනුව ආර්ථිකය පාලනය කිරීමට ගිහින් බදු ආදායම් වැඩි කර ගැනීම සඳහා විශාල ලෙස බදු අය කිරීම, ඩොලර් අනුපාතය ෆ්ලෝට් කරන්න එහෙම ගියපු නිසා විශාල වශයෙන් ආර්ථිකය අඩපණ වී ගිය අතර බොහෝ ආයතන වැසී ගොස් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා රටින් පිටවී ගියා.

    කෙසේ වෙතත් අද වනවිටත් අපේ අපනයන ආර්ථිකයට විශාලම දායකත්වයක් (96%) ලබාදෙන්නේ බටහිර () වෙළද පොලයි.

    For more information : https://www.srilankabusiness.com/blog/sri-lanka-export-trade-lanscape-2019-2020.html

    මේ නිසා ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමට කුමක්ද කළ යුත්තේ?

    ReplyDelete
  3. ඔවු ඉතින් 2018 තිබුණ ගානට ගොඩක් කිට්ටු වෙලා තියෙන්නෙ තව ටික දවසක් යනකොට 2018 මංගල සමරවීරගේ මිල සූත්‍රයේ ගාන පවා පහු කරලා දායි

    ඒ කාලේ තෙල් මිල ගණන්,

    මංගල සමරවීර 11.10.2018 දින මිල සූත්‍ර (P = V1 + V2 + V3 + V4) අනුව සටහන් කළ තෙල් මිල;

    පෙට්රල් ඔක්ටේන් 92 රුපියල් 155.00

    සාමාන්‍ය ඩීසල් 123.00

    ඩීසල් මිල නම් ලොකු පාඩුවක් නෑ ඒත් පෙට්රල් මිල වැඩි වෙලා. ඉලෙක්ට්‍රික් වාහන වලට හුරු වෙන්න වෙනවා ඉදිරියට අනිවාර්යයෙන්ම. සෝලා වින්ඩ් පවර් සහ විදුලි වාහන සමග ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් හදාගන්න වෙනවා ආණ්ඩු වලට බම්බු ගහගන්න කියලා.

    ReplyDelete
    Replies
    1. බයියො අන්දන ක්‍රමේ දන්නෙ මේ හාම්පුතාල තමා හොදටම විස්සක් වැඩි කරනව බයියො ඒක සාධාරණීකරණය කරනව ආයෙ පහක් අඩු කරනව බයියො ඒකට උපහාර දෙනව අන්තිමේ බයිය අන්දල පාලොවක් වැඩි කරල.

      Delete
    2. @ AnonymousJune 12, 2021 at 2:23 AM

      ඇනෝ ඔය කියන මිල සූත්‍රය තිබ්බ් නම් හොද අඩු වැඩි දෙකම තිබුණ නම් විතරයි. ඒක තියෙනකම් එක පාරක් ඇරෙන්න අනිත් හැම වතාවකම තෙල් මිල වැඩි උනා විතරයි . හැම මාසේම දහ වෙනිදා වෙනකොට මොනාද වෙන්නේ කියලා හෘද ස්පන්දනය වැඩි කර ගන්නවට වඩා මේ ක්‍රමය හොදයි.
      රටක ව්‍යාපාර කරන ව්‍යවසායකයන්ට දැනෙන පීඩනය නිකන් කන දේශ පාලුවන්ට නොදැනෙන එක තමයි තියෙන ලොකුම කරුමය ...��

      Delete
  4. ඇට දෙක මගේ නෑ සමුගෙන ගියේ.

    ReplyDelete
  5. This is exactly the problem in most cases. No project prioritization. Neither No proper evaluation nor any proper Cost Benefit analysis on RoI, No follow-up. If anyone interested about further info on this regard pls listen to my YouTube channel (Wije)

    ReplyDelete
  6. මාතා,

    ලංකාවේ මුදල් රාජ්‍ය ඇමති කබරරාළ ඛනිජ තෙල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවත් මුල් මාස 4 වෙනි පමණක් රු. බිලියන 45ක පමණ පාඩුවක් සිදුව ඇති බවත් කියනවා මේක ඇත්ත ද?

    ඒ වගේම මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ රජයේ ව්‍යවසායන් අනාගත පරම්පරාවට ප්‍රයෝජන ගත හැකි ආකාරයට වර්තමානයේ කළමනාකරණය කළ යුතු බවත්
    අද වන විට ලොව රටවල් කිහිපයක් හැර අනෙක් සෑම රටවල් වල ම ශ්‍රී ලංකාවට වඩා ඉන්ධන මිල ඉහළ බවත් පෙන්වා දෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ, එංගලන්තයේ වැනි සංවර්ධිත රටවල මෙන්ම දකුණු ආසියාවේ බංග්ලාදේශය, භූතානය වැනි රටවලද අපට වඩා ඉන්ධන මිල ඉහළ බවත් ඉන්දියාවේත් මේ මිල වැඩිවීමට කලින් ලංකාවට වඩා ගොඩාක් වැඩි මිලක් තිබිලා දැන් යන්තම් ලංකාවට වඩා චුට්ටක් විතර අඩු බව ඇමතිවරයා පැවසුවේ ලංකාවේ මහ බැංකුවේ නිවේදනයක් උපුටා දක්වමින්. ආන්ඩුව සමහර ආනයන සීමා කරද්දි මහ ජනතාව ඒක පිලි අරන් ඉවසුව.. කොවිඩ් වලට වියදම් කරන්න සල්ලි නෑ කිව්වම මිනිස්සු ඉටුකමට සල්ලි දුන්න. හැබැයි එහෙම ඉවසන් හිටපු උන්ට කින්ඩි දාල සුඛෝපභෝගී වාහන ගේනව නම් අනිවාර්යෙන්ම වෙනසක් අවශ්යයි. පවතින ප්‍රධාන දේශපාලන පක්ශ 03-04 ම එකයි. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මීටත් වඩා අමන කාලකන්නි හැත්තක්, හැම එකාම බලේට එනකම් විතරයි කතා. උන් දන්නෙත් නෑ ඇමතිල මන්ත්‍රීල විදිහට තමන් මොනවද පාර්ලිමෙන්තුවෙ කරන්න ඕනි කියල. අනේ මන්දා බන් කවදාවත් හදන්න බැරි වෙච්ච රටක් මේක.

    ReplyDelete
  7. මාතලන් මේකේ කොමෙන්ට් කොටන ඇනෝලාගේ කොමෙන්ටු කියවනවිට මට සිතෙන්නේ මේ බියගුල්ලන් අමුම අමු ගොන්ම ගොන් බයියන් බවය. සැබෑ නමින් පෙනී සිටින්නට ශක්තියක් නොමැති එකාට මාතලන් තේරෙන සිංහලෙන් කියන සැබෑ තත්වය පිළිබඳ නිවැරදි නිරීක්ෂණ තේරුම් නොයාම පුදුමයට කරුණකුත් නොවේ. එක්සත් ජාතික පක්ෂ ඡන්දවලින් දිනා රනිල්ගේ කකුලින් අදින්නට ඕනෑම නිහීන ක්‍රියාවක් කරන්නට සැදී පැහැදී සිටි නූතන ජුදාස් හෙවත් තුට්ටු දේකේ පඹයාධිපති නිසා පසුගිය යහපාලන රජය විනාශ වී ගිය අතරම හොරු නලවමින් සර්පයන්ට කිරි පොවමින් අවුරුදු හතරක් විතර අපතේ යැවූ රනිල්ට ලබන පාර ඒ සෙල්ලම කරන්නට නොහැකිය. මේ රටට යමක් කරන්නට,වැසියනට ප්‍රයෝජනවත් දෙයක් දෙන්නට ඔහුට තව ඇත්තේ අවුරුදු කීපයක් තරම් ඉතාමත් කෙටි කාලයකි.

    බලු පාදඩ රාජපක්ෂ දුෂිතයන් හැත්ත බුරුත්ත පිටින් පලවා හැර, වැදගත් ද්‍රවිඩ, මුස්ලිම් සහ ජේවීපී වැනි පිරිසිදු රටට හිතැති පක්ෂ හා එකතුවී සුපිරි කැබිනට් මණ්ඩලයක් පිහිටුවා රට හදන්නට කටයුතු කරනවා හැරෙන්නට මේවන විට ආසියාවේ පමණක් නොව මුළු ලෝකයේම සිටින ඉහළම බුද්ධියෙන් යුතු විශිශ්ටතම බුද්ධිමතා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන විකල්පයක් ඇත්තේ නැත.

    ජාතික ජන බලවේගයේ ජේවීපී නායකයන් තේරුම් ගත යුතු තිත්ත ඇත්ත නම් ඔවුන් දැන් කරනවාට වඩා අති විශාල වූ සේවයක් රනිල් වික්‍රමසිංහ මහතා හා එකතුව රට වෙනුවෙන් කළ හැකි බවය. ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ වල ඉන්නා ප්‍රවීණ බුද්ධිමතුන් (සම්බන්ධන්, විග්නේස්වරන්, සිවාජිලිංගම්, විනයාගමූර්ති මුරලිතරන්, සෙල්වම් අඩෛක්කලනාදන්, ජීවන් තොණ්ඩමන්) සිටිය යුත්තේ රාජපක්ෂ ඔඩොක්කුවේ නොව රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ රජයක අමාත්‍ය මණ්ඩලයේයි.

    තමනුත් හැදී, රට හදනවාද යන්න ගැන තීරණය කලහැක්කේ ආචාර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණි. සිරිසේන ගොයියා සමග එක්වී ගමන යන්නට ගොස් කෙළවිලා ගිය බව මුළු රටටම තේරී අවසන්ය. දැන් ඉතින් හොඳින් හෝ නරකින් ගොන් බයියන් ලක්ෂ කිහිපයක්ය බිල්ලට දී හෝ කෙසේ හෝ ඩීකින් සරසවියේ ආචාර්ය උපාධිය සහිත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ තුන් කල් දකින නායකයා මුලු රටටම විධායක ජනපති කර ලමු....!

    2024 දී එකම බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට හැමෝම එන්න. රැකගමු අපි දිනු දේ එන්න...!

    t.a. පොන්නම්පෙරුම,
    අලුත් යෝක් නුවර,
    පණස් එක් ඇංග්ලිකාව,
    ඇමෙරිකන් ඔරුමට්ටු නාඩුව.

    ReplyDelete
  8. "බෛයෙක් වගේ සිතමු" කථා මාලාවේ තවත් කොටසක්!

    ReplyDelete
  9. ඇත්ත වශයෙන්ම කියතොත් තෙල් මිල වැඩිකිරීම ගැන නොයෙක් පුද්ගලයන් නොයෙක් කතා කියනවා.

    මේ පහල ලින්ක් වල තියෙන graph වල පෙන්වන්නේ පහුගිය අවුරැද්ද තුල ඇමරිකන් එක්සත් ජනපදයේ තෙල් මිල වෙනස් වූ ආකාරයයි. කොරෝනා වසංගතය ආරම්භයේදි තෙල් මිල අඩු වුවත් ඉතාමත් ඉක්මනින් ඇමෙරිකාවේ තෙල් මිල වැඩිවුණා. ඒ වගේම, අවුරැදු තුනක් ඇතුලත ඉහළම තෙල් මිල වාර්ථා කලේ මේ මාසයේදියි. තෙල් නිෂ්පාදනය කරන, තෙල් මිල පාලනය කරන රටක් වූ ඇමෙරිකාවේත් තත්වය ඒකනම්, තෙල් ආනයනය කරන රටක් වූ ශ්‍රි ලංකාවේ පහුගිය අවුරැද්දක කාලය තුල තෙල් මිල එකම අගයක තබාගැනීමම හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද?

    පහුගිය අවුරැද්ද ආරම්භයේදි ආණ්ඩුව කිවුවේ, එම වසර අවසාන වෙන තුරැ තෙල් මිල වෙනස් නොකරන බවයි. ඒ නිසා ලෝක වෙළදපොළේ තෙල් මිල අඩු වුනත්, වැඩි වුනත් ශ්‍රි ලංකාවේ තෙල් මිල වෙනස් වුනේ නැහැ. ඒ වගේම මේ 2021 අවුරැද්දෙත් මාස 5ක් ගියත් තෙල් මිල වෙනස් වුනේ නැහැ. ඒක ශ්‍රි ලංකාව වගේ රටකට දරාගන්න පුළුවන් දෙයක්ද?

    මෙහෙම හිතන්න. කොරෝනා වසංගතය එක්ක, රටට මුදල් එන සියළුම ආකාරවලට බලපෑම් වුනාම, මාස ගණන් රට වහගෙන ඉන්න වුනාම, රටේ සංචාරක කර්මාන්තය කඩාගෙන වැටුනාම, රටේ ඇගළුම් කර්මාන්ත කඩාගෙන වැටුනම, ආර්ථිකය අඩු මිනිස්සුන්ට සහනාධාර දුන්නාම, කෝවිඩ් වසංගතය වෙනුවෙන් බිලියන ගණන් වියදම් කලාම, ඒ සමගම තෙල්වලින් පවා මිනිස්සුන්ට සහනයක් ලබාදෙන්න පුළුවන් කාලයක් තියෙනවා. ඉතින් එහි උපරිම අවස්ථාවට ආවම, තෙල් මිල වැඩි කරනවා හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ.

    අපි චෝදනා කරනවා ආණ්ඩුව ණය ගන්නවා කියලා. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියලා. ඒ වගේම තෙල් මිල වැඩිකලාමත් කෑගහනවා. ඒක වැරදියි. රටේ ආර්ථිකය ශක්තිමත්ව තියාගන්නනම්, ණය ගැනීම් අඩුකරන්නනම් ආණ්ඩුව යම් තීන්දු ගන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේ මිනිස්සුන්ට අමාරැ වුනත්, තෙල් මිල වැඩිකිරිම හැරෙන්න මිනිස්සුන්ට වෙන කිසිම විකල්පයක් නැහැ. උඹලා මට බැන්නත් කියන්න තියෙන්නේ මේක තමයි.

    කොරෝනා වසංගතය එක්ක ඇමෙරිකාවට පවා එකපාර අමාරැ වුනා. අපිටත් ඒ වගේම සමහර ප්‍රශ්ණවලට මුහුණ දෙන්න වුනා. ඒ නිසා අපි කුහක නොවී, ඇත්ත කතාකරමු.

    ප.ලි: හැබැයි, මේ අමාරැ අවස්ථාවේ මේ දේවල් මිනිස්සුන්ට කියන්න පුළුවන් අවස්ථාව ආණ්ඩුව නැතිකරගත්තේ, පාර්ලිමේන්තු මංත්‍රීවරැන්ට කියලා අලුතෙන් වාහන ගේන්න හදපු නිසයි. ඇත්තටම මෙච්චර අමාරැ අවස්ථාවේ, ඒ වගේ තීරණයක් ගත්ත එකාට නම් හොඳක් වෙන්නේ නැහැ.

    https://ycharts.com/indicators/us_gas_price

    https://tradingeconomics.com/united-states/gasoline-prices

    ReplyDelete
  10. අයිසේ මාතලන්,

    //ඇත්තටම මේ තෙල් ඇමති ඉතාම බුද්ධිමත් බවත්, එතුමා මිළ වැඩි කලේත් විජ්ජාත්මක ක්‍රමයකට බවත් ඔබට වැටහෙනවා ඇතිය. එතුමා වැඩි වන මිළක් හෝ දිනයක් හරියට නොකීවේ. සවු භාගයෙන් ධනවත් වී ඇති පිරිස කලින්ම ගොස් පැස්ටෝල් ෂෙඩ් කාරයන්ට වැඩි කළ මුදල් ලබාදෙමින් ඔවුන්ද කූට වියාපාරකියින් ඝනයට පත් කරනා නිසාය//

    මෙතන උබ කියන කතාව හරි. ඇත්තටම මේ ආණ්ඩුවට තිවුනෙ ගිය ආණ්ඩුව (යහපාලනේ මංගල සමරවීර) ගෙනාපු මිල සූත්‍රය තියන් ඉන්න. එහෙනම් මිනිස්සුන්ට මාසෙන් මාසෙට තේරෙනව මිල වෙනස් වෙන හැටි. ඒ වගේම මිල අඩු කාලෙ වාසිය මිනිස්සුන්ට දෙන්නත් තිවුන. කොහෙද පන්ඩිතයො වගෙ ආපු ගමන් ඒක නැති කරානෙ. ඒකෙ අඩු පාඩු සෑහෙන්න තිබුණා, ඒකේ කිසිම විනිවිද භාවයක් නෑ. ඒ නිසා කරන්න තිවුනෙ ඒව හදල හොඳ විධිමත් විනිවිදභාවයකින් මිල සමීකරණයක් යොදා ලැබෙන ප්‍රතිඵලය අනුව මිල තීරණය කරන එක. හැම ආණ්ඩුම කෙලව ගන්නෙ මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව කලින් වැඩ පිලිවල එහෙම පිටින්ම වෙනස් කරන එකෙන්. එක පාර මේ වගෙ මේ කාලෙ මිල වෙනස් කරාම මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. අර වගේ ටිකෙන් ටික ලෝක වෙළඳ පොළේ මිල ගණන් වැඩි වුණා නම් මේ ප්‍රශ්නය වෙන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. @ AnonymousJune 12, 2021 at 6.34 AM

      ඇනෝ ඔය කියන මිල සූත්‍රය තිබුණා නම් හොඳ වෙන්නේ අඩු වැඩි දෙකම තිබුණ නම් විතරයි. ඒක තියෙනකම් එක පාරක් ඇරෙන්න අනිත් හැම වතාවකම තෙල් මිල වැඩි උනා විතරයි. හැම මාසේම දහ වෙනිදා වෙනකොට මොනාද වෙන්නේ කියලා හෘද ස්පන්දනය වැඩි කර ගන්නවට වඩා මේ ක්‍රමය හොදයි.

      රටක ව්‍යාපාර කරන ව්‍යවසායකයන්ට දැනෙන පීඩනය නිකන් කන දේශ පාලුවන්ට නොදැනෙන එක තමයි තියෙන ලොකුම කරුමය ...��

      Delete
  11. මාතා මොකද හිතන්නේ ලංකාවේ තෙල් මිල ඉහළ ගියා 2018 ඔක්තෝබර් මාසයේ (11/10/2018) පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටර් එකක් රුපියල් 155/= ට ගියා. එතකොට බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 78ක් විදියට තමයි තිබුණේ.

    ලංකාවේ මේ වගේ තත්වයක් තිබුනෙත් නෑ.
    එතකොට කොහොමද එහෙම වැඩි කලේ?
    බොරතෙල් එක නැග්ග නිසාමද ?
    නැත්නම් පාඩුව අඩු කරන්නද ?

    එතකොට එහෙම නම් පාඩුව විඳගෙන දෙන්න බැරි උනේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස් 6.55, එදා මිල අද තියෙන්නේ නෑ මහත්තයෝ. සූත්‍රය අනුව ආවත් මා⁣සිකව වැඩිවෙලා මේ ගාන ඇවිත්. එක පාර 20න් වැඩි උන එකයි රටටම තදට දැනිලා තියෙන්නේ.

      Delete
  12. මංගල සමරවීරගේ මිල සූත්‍රය ක්‍රියාත්මක වූවා නම්,

    දැන්

    පෙට්‍රල් ලීටරය : රු. 188 යි.
    ඩීසල් ලීටරය : රු. 172 යි.

    ReplyDelete
  13. Government!

    100,000 Km Road

    100 Urban City Project

    5000 Villages Bridge

    60000 Graduates Appointment

    100000 Minor Employees Appointment

    Free Covid Vaccine ��

    Quarantine Period Rs.10000 food
    package for families.

    Rs. 5000 allowance for Samurdhi recipient families.

    Etc...

    The price of petrol in the world market is $ 70-76.

    Our Country facing much of critical situation... we want support to this government. Let’s see. Now no need politics. It is priced at US $ 70-76 in the global market. I think last April 20 $.

    https://www.indiatoday.in/business/story/petrol-diesel-prices-hit-fresh-record-highs-after-fresh-hike-check-latest-rates-1813452-2021-06-11

    ReplyDelete
  14. මේ රජය ගත්තාම පහුගිය මාස දහයක් අවුරුද්දක් විතර කාලේ ගත්තාම හැම දේකටම වඩා ලොකු අවුලක් තියනවා. ප්‍රධාන වශයෙන් රජයට පැහැදිලි සැලසුමක් නැති බව පේනවා. කාබනික ඉන්ධන මිල වැඩි කිරීම හොඳ දෙයක්. හැබැයි එයින් සිදුවිය යුත්තේ කාබනික ඉන්ධන භාවිතය අඩු කිරීමයි. එය පරිසර හිතකාමී වන අතරම අනාගත දරුවන්ට උසස් ජීවන මට්ටමක් ලබා දීමට ඉන් හැකියාව ලැබේ. නමුත් මේ මිල වැඩි කරන්නේ එවැනි අරමුණකින් නොවන බව පැහැදිලිය. මන්ද එසේ කළා නම් මුල සිටම ඒ සඳහා ඉතාමත් පරිස්සමින් සැලසුම් කළ යුතුයි.

    මුලින්ම කළේ වාහන ආනයනය තහනම් කිරීමත් සමගම විදුලි කාර් ගෙන්වීමත් තහනම් කිරීම, ඒක මෝඩකමක්.

    ඒ නිසා කාබනික ඉන්ධන මත යැපීමෙන් මිදීමට නම් අනිවාර්යයෙන්ම විදුලි බලයෙන් දුවන වාහන වැඩි වැඩියෙන් භාවිතා කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සූර්ය සහ සුළඟ වගේ පුනර්ජනනීය විදුලිය ජනනය කරන සහ තැන්පත් කර බෙදාහරින ව්‍යාපාර විශාල වශයෙන් රටපුරා ප්‍රචලිත කිරීමට වේගයෙන් වැඩ කළ යුතුයි. මේ දෙක සමාන්තරව සිදුකළ යුතුයි. එනම් ඉල්ලුම සහ සැපයුම කළමනාකරණය කරන එක. මේ සම්බන්ධයෙන් ජනපති නම් විදේශ ආයෝජන හෝ ආධාර ගෙන ඒමට මැදිහත් වී එවැනි පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය කරන තැන්පත් කරන බෙදාහරින සහ විදුලි බලයෙන් දුවන යතුරුපැදි, කුඩා කාර් ආදී වාහන එකලස් කිරීම සහ නිෂ්පාදනය ස‍ඳහා කටයුතු කළ යුතුයි. එනජි ස්ටෝරේජ් තාක්ෂණය දියුණු වීමත් අවශ්‍ය වගේම සියලු දුම්රිය හැකි තාක් විදුලි බලයෙන් දුවන ක්‍රමයට දියුණු කළ යුතුයි. එවිට රටේ විදුලිබලය සඳහා රට ඇතුළතම නව වෙළඳපොළක් නිර්මාණය කරගත හැකිය. ආයෝජනයෙන් ප්‍රතිලාභ ලැබිය හැකිය. ඉලක්කය විය යුත්තේ රට පුනර්ජනනීය විදුලියෙන් ස්වයංපෝෂිත කිරීමයි. පාර්ලිමේන්තුවේ 2/3 ක් තිබුණා නම් මා කරන්නේ මෙන්න මෙවැනි දේ සඳහා පනත් සම්මත කරගැනීමයි.

    මේ වගේම පෝට් සිටිය වැනි අධිපරිභෝජනවාදී අධිවිදුලිභක්ෂක ව්‍යාපෘති සඳහා දැන්ම අවශ්‍ය විදුලිය සහ සිසිලනය, ජල සැපයුම වගේ දේවල් ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. මොකද පෝට් සිටිය සඳහා අඩුම තරමින් අලුතෙන් ඩීසල් විදුලි බලාගාර තුනක් අවශ්‍ය විය හැකියි. ඉන්ධන මිල වැඩිවෙන විට විදුලිබිල සමගින් ආනයන වියදම් වැඩිවෙන්නේ පෝට් සිටියේ අයට විතරක් නෙවේ.

    ඒ අස්සේ කාබනික ඉන්ධන ගුඩු ගුඩු ගා බොන පත වාහන ආනයනය කර මන්ත්‍රීන්‍ට පඬුරු දෙන්නට යයි. කාබනික ඉන්ධන පිරිපහදුව පෞද්ගලිකකරණය කරන්නට යයි. මේ සියල්ලෙන්ම පෙන්වන්නේ පැහැදිලි දැක්මක් අනුව යන සැලැස්මක් නැති බවයි. එක එක අය එක එක වෙලාවට කියන ඒවා කරමින් නොගොස් නායකත්වය ඉතා බුද්ධිමත් ලෙස කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.

    ReplyDelete
  15. මාතා,

    ලංකාවේ පහුගිය 2015 එක්සත් ජාතික පක්ෂයේ දූෂිත අසික්කිත අමන පාලනය සමග විනාශ වී ගිය සාමුහික වගකීම කියන සංකල්පය වර්තමානයේ නූතන දූෂිත ම රාජපක්ෂ රෙජී මය පවා අනුගමනය කිරීම ඉතාමත් කණගාටුදායක තත්වයක්. සැබැවින්ම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස (Kalinga Indatissa) මහතා ඔහුගේ මුහුණු පොතේ ඉංග්‍රීසි භාෂාවෙන් තැබූ අතීතාවර්ජනයක් මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරලා තිබුණා, මේක බුකියේ ප්‍රසිද්ධ සොනාල ගුණවර්ධන සිංහලෙන් දාල තිබ්බ මෙහෙම;

    සාමුහික වගකීම

    ��වසර : 1983

    ��ස්ථානය : P. සරවනමුත්තු ක්‍රීඩාංගනය ( මෙය ඕවල් ක්‍රීඩාංගනය ලෙස ද හැඳින් වේ.)

    රාජකිය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව 104 වන වරටත් පැවත්වූ ක්‍රිකට් තරගාවලියේ දී සිදුවූ සිදුවීමකි.

    රාජකීය නායකත්වය දැරුවේ චූලක අමරසිංහ විසිනි. මගේ මතකය නිවැරදි නම් ඔහු එම තරග වාරයේදී ලකුණු 1200 ක් ලබා ගෙන තිබුණි.

    ශාන්ත තෝමස් විද්‍යාලයේ නායකත්වය දැරුවේ කපිල විජේගුණවර්ධන විසිනි.

    පළමු දිනයේ දිවා ආහාරය වන විට රාජකීය කඩුලු 4 ක් දැවී ලකුණු 52 ක් ලබා සිටියේය. ජෙරොම් ජයරත්න රාජකීය මුල්පෙළ පිතිකරුවන් අසරණ කර තිබුණි.

    ඉන්පසු පිටියට පිවිසි රොචන ජයවර්ධන මනරම් ලකුණු 145 ක් රැස් කළ අතර එම පිතිහරඹය තරගය වෙනස් කිරීමට හේතුවිය. ඊට අමතරව ඔහු ලකුණු 73 කට කඩුලු 9 ක් ද දවා ගත්තේය.

    රාජකීයන් 1969 පසු තරගයක් ජයග්‍රහණය කළ අතර එය වසර 14 ක් මුළුල්ලේ ජය පරාජයෙන් තොරව අවසන් වු තරග රටාව නිමා කළේය.

    ReplyDelete
    Replies
    1. මා මෙහි ලිවීමට අදහස් කළේ ක්‍රිකට් තරගය ගැන නොවේ.

      එම තරඟයෙන් පසුව සිදු වූ දේ ගැන ය. ඕවල්හි මණ්ඩපය එවකට සිටි සියලුම බලවත් පුද්ගලයන් විසින් පිරී තිබුණි. එහි ජනාධිපති, අතිගරු ජේ.ආර් ජයවර්ධන ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙක් ද සිටියහ. තරගයේ අවසාන සැසිවාරයට රාජ්‍ය නායකයා සහභාගී වීම කලක් මුළුල්ලේ පැවත එන සිරිතකි.

      ඔවුන් ක්‍රීඩාමණ්ඩපයේ ප්‍රධාන කොටසේ වාඩි වී සිටියහ.

      රොනී ද මෙල්, ලලිත් අතුලත්මුදලි, වෛද්‍ය රංජිත් අතපත්තු, අනුර බණ්ඩාරනායක මහතා සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය නිශංක විජේරත්න වැන්නන් එම පිරිස අතර සිටි බව මට මතකය.

      සියලුම රාජකීය විද්‍යාලයේ ආධාරකරුවන් ප්‍රධාන කොටස වටා රැස් වී "සඳුදා නිවාඩු, සඳුදා නිවාඩු, සඳුදා නිවාඩු" යනුවෙන් කෑ ගැසීමට පටන් ගත්හ. වසර 14 කට පසු රාජකීය විද්‍යාලය ජයග්‍රහණය කළ නිසා නිසැකවම එය ප්‍රීතිවීමට අවස්ථාවක් විය.

      රාජකීය විද්‍යාලයේ විදුහල්පති සී.ටී.එම් ප්‍රනාන්දු මහතා අධිකරණ අමාත්‍ය ආචාර්ය නිස්සංක විජේරත්න මහතා ගේ කනට යමක් පවසනු මම දුටුවෙමි. ආචාර්ය විජේරත්න නැගිට මයික්‍රෆෝනය වෙත ගොස් “කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මා වෙත ඇති බලතල ප්‍රකාරව මම සඳුදා රාජකීය විද්‍යාලයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරමි” යනුවෙන් පැවසීය.

      පිරිස උද්දාමයට පත්ව ඝෝෂා කරන්නට වූහ.

      සියලුම සිසුන් ඔල්වරසන් දීමට පටන් ගත්හ.

      ජනාධිපති ජේ. ආර් ජයවර්ධන ප්‍රීති ඝෝෂා අවසන්වන තෙක් බලා සිට නැඟිට ගොස් මයික්‍රෆෝනය දක්වා ඇවිද ගියේය. එහි ඇල්පෙනෙත්තක් බිම වැටුණත් ඇසෙන තරමේ නිශ්ශබ්දතාවයක් තිබුණු අතර ඔහු මෙසේ පැවසුවේය "නෝනාවරුනි, මහත්වරුනි, ගරු ඇමතිතුමාගේ ප්‍රකාශය නීති විරෝධීයි, නීති විරෝධී සහ අවලංගුයි".

      අපට ලබාදුන් නිවාඩුව අවලංගු කරයි කියා අප සියලු දෙනා සිතූ බැවින් යම් ප්‍රතිරෝධී හඬක් නැගෙන්නට විය.

      ඔහු කතාව කරගෙන ගියේය,

      "කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකුට මුළු කැබිනට් මණ්ඩලයේම අදහස් විමසීමකින් තොරව ප්‍රකාශ නිකුත්කළ නොහැකි බව ගරු අමාත්‍යවරයා දැන සිටිය යුතු නිසා එම ප්‍රකාශය නීති විරෝධීයි. ඒකට කියන්නේ “සාමූහික කැබිනට් වගකීම” කියලා. ඒක අපිට වෙස්ට්මිනිස්ටර් සංකල්පවලින් උරුම වුණ දෙයක්. ඒක නිසා ඔහුගේ ප්‍රකාශය අවලංගුයි."

      "කෙසේ වෙතත්, මම මේ රටේ පළමුවෙන්ම තේරී පත් වූ විධායක ජනාධිපතිවරයා සහ ආරක්ෂක හමුදා ප්‍රධානී සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා නිසා මම සඳුදා සහ අඟහරුවාදා යන දෙකම රාජකීය විද්‍යාලයේ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශ කරනවා."

      එය “සාමූහික වගකීම” යන සංකල්පය මා තුළට කාවැදුණු අවස්ථාවක් විය.

      ජේ.ආර්.ජයවර්ධන යනු හාස්‍යය, මුඛරිබව, සරදම සහ සෘජුබව පිළිබඳව ප්‍රසිද්ධියක් ඉසිලූ පුද්ගලයෙකි.

      සාමූහික වගකීම යන්නෙන් අදහස් වන්නේ කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ට ඔවුන්ගේ පෞද්ගලික එකඟ නොවීම් පැවතිය ද කැබිනට් මණ්ඩලයේ සියලු ක්‍රියා සඳහා සාමූහිකව වගකිව යුතු බවයි. එය සාමූහික අමාත්‍ය වගකීම ලෙස ද හැඳින්වෙන අතර එය පදනම් වන්නේ පාර්ලිමේන්තුවේ සම්මුතීන් මතය. තීරණයක් ගත් පසු සියලුම සාමාජිකයන් වගකිව යුතුය. මෙය ආරම්භ වූයේ 18 වන සියවසේ එංගලන්තයේ දී ය .

      පසුගිය දශක කිහිපය තුළ කැබිනට් මණ්ඩලයේ හිටපු සාමාජිකයින් විසින් ගනු ලැබූ මුල් තීරණ සමඟ ඔවුන් වෙන්ව සිටිනු අපි දුටුවෙමු. ඔවුන්ද එම තීරණය ගත් අදාළ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් විය. ඔවුන් එවැනි තීරණයකට සම්බන්ධ නැති බව හෝ නොදන්නා බව මවාපායි.

      එය සිදුනොවිය යුතු අතර, එමගින් ඔවුන්ගේ වගවීමේ අඩුවක් ද සිදු නොවෙයි.//

      මේ වගේම දැන් තියෙන ආණ්ඩුවත් මේ ගැන දැඩි අවධානයක් යොමු කර සාමූහික වගකීමක් සහිතව කටයුතු කළ යුතුයි.

      Delete
    2. මට මේ සිඳුවිම හොඳින්ම මතකයි මම 1984

      මම මේක බුකියේ දානවා

      Delete
    3. මේක සොනාල ගුණවර්ධන සිංහලෙන් දාල තියෙන්නෙ.

      මේකේ ඔරිමජිනල් ඉංගිරිසියෙන් ලියපු එක මේකෙන් බලන්න;

      https://m.facebook.com/story.php?story_fbid=10157876221326128&id=623276127

      ඒ වගේම මාතා මොකද හිතන්නේ මේ ගැන;

      මේ කතාවේ ඇත්තක් නැත්තේ ම නෑ නේද?


      https://m.facebook.com/story.php?story_fbid=2932859297003261&id=100008376572442

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න