.

.

Dec 1, 2022

රනිල්ට තනියෙන් ආර්ථිකය ගොඩගත හැකිද?

 



රනිල්ට තනියෙන්

ආර්ථිකය ගොඩගත හැකිද?

➖➖➖➖➖➖➖➖⭕➖

.

මින් පෙර පැවති අයවැය විවාද වලදි කතාකරන වඳුරු කුණුහබ්බ වෙනුවට, මේ දවස්වල අයවැය විවාදයේදී ධර්ම දේශනා මෙන්ම අර්ථික ප්‍රතිපත්ති ගැනත් කතා වෙනවා. ඒක හොඳ දෙයක්..


ඊට හේතුව ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිනීම, කොහොමත් රනිල් කියන්නෙ වෙස්ට් මිනිස්ටර් ක්‍රමය පිලිගන්න කෙනෙක්. එකිනෙකාට මඩ ගසා ගැනීම් වෙනුවට, රනිල් මක්කා හරි කරන්න ට්‍රයි කරන බවක් පේනවා.


කලින් මේ වගේ මුදල් ඇමති කෙනෙක් උන්නේ රොනී ද මැල් මහත්තයගෙ කාළේ. රොනී ද මැල් මහත්තයා ජේ ආර් ලොක්කගෙ ආන්ඩුවේ මුදල් ඇමති. උන්නැහේට පට්ට ඇමති මණ්ඩලයක්, උපදේශකයින් වගේම, පක්ෂයේ තනතුරුවලත් සුපිරි බඩු සෙට්ටෙකක්ම උන්නා. රනිල් මෙතරම් බහුශ්‍රතයෙක් වෙන්නේ ඒ අයත් එක්ක හැදිලා වැඩිලා, දැකලා විඳලා ලැබුන ඇක්ස්පීරියන්ස් එකෙන් හෙවත් පරිචයෙන්.


හැබයි ජේ ආර් කලා වගේ විප්ලවයක් රනිල්ට කරන්න පුලුවන් වෙයිද? ඒකට ටීම් එකක් ඉන්නවද? තනියෙන් සියල්ල කල හැකි වෙයිද?


දැන් රනිල්ට ඉන්නේ පෝට්ටු බයි ඇමතිවරු. එයාලා රනිල්ට පක්ෂයි වගේ පෙන්නුවට, රනිල් ක්‍රියාත්මක කරන්න යන්නේ බයියන්ට අරහං ප්‍රතිපත්ති. ඒක නිකන් දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්.


බලය බෙදීම හා අජ්ජාපනය පෞද්ගලීකරණය කියන්නේ බයියන්ට වහ කඳුරු සබ්ජෙක්ට් දෙකක්. මහින්ද මහත්තයා පාර්ලිමේන්තුවේදී නැගිටලම බලය බෙදිල්ලට කැමතියි කිව්වට, එයාගේ කැමැත්ත බයියන්ට අදාල නෑ. බයියන්ගේ මුදුන් මල් කඩ මහින්ද දෙයියා උනාට, ප්‍රධාන කපුරාල බැසිල් ලොක්කා.


ඉතින් මේ දේවල් කරන්න නම් රනිල් බැසිල් සුසංයෝගයක් අනිවාර්‍යයි. මොකෝ මැදමුලන දේවාලේ රාජපක්ෂලාගේ වුනාට, දියවඩන නිළමේ ඇවිල්ලා රනිල්. පෝට්ටු බයියන්ගේ අනාගතේ මේ මොහොතේ තියෙන්නේ රනිල්ගේ අතේ. ඒ වගේම රනිල්ගේ අනාගතේ තියෙන්නෙත් දේවාලේ රැකුනොත් ඉතරමයි.


රනිල් ගන්න තීන්දූ තීරණවල එෆෙක්ට් එක පෝට්ටු බයින්ගේ චන්ද වලට කෙලින්ම බලපානවා. මහින්ද නැගිට්ටන්න හැදුවට, ඒ වැඩේ කෙලවර වුනේ, අමාරුවෙන් ඇවිදින මහත්තයගෙ පුකත් බිම ඇනලා. වෙන්නේ ඕකයි කියලා අපි නම් කලින්ම කිව්වා.


දැන් දෙපිරසටම තියෙන්නේ යටිකූට්ටු රස්තවාදී ගේම් වලට නොයා රාජ්‍ය නිළධාරීන්  සෙට්ටෙක මාරු කරලා හරි,


රනිල්ගේ "සෝෂල් මාකට් ඉකොනමි" හෙවත් "රනිලොමික්ස්" සහ බැසිල්ගේ "බ්ලැක් ඉකොනමි" හෙවත් "බැසිලොමික්ස්" මුහු වූ හයිබ්‍රිඩ් ඉකොනමි සිස්ටම් එකකින් ආර්ථිකය ගොඩ දාන එක විතරමයි.


නැත්නම් දෙගොල්ලටම හුප්පෙ තමයි....

මොකෝ මිනිස්සුන්ට මහින්ද මහත්තයා පෙන්නලා ආයේ චන්ද ගැනිලි බොරු කියලා එයාලම පෙන්නුවා.


ඒ වගත් මෙසේය....

.

11 comments:

  1. බැසිල් රාජපක්ෂ මැතිතුමාට තෙරුවන් සරණයි

    ReplyDelete
    Replies
    1. රසික සූරියආරච්චිගේ අම්මා මැරුණම නිවන් සැප ලැබේවා කියලා දැන්වීම් ගැහුවේ ඇයි? නාකි උන්දා නිවන් නොයයි කියලා සැක හිතුනද? අනික බෝර්ඩ් ගැහුවා කියලා නිවන් යනවද? අනික් උන් කරන දේ තමුනුත් කරන්නේ ඇයි? ඕකට විරුද්ධ වෙන්න තිබ්බනේ. වෙන උන් ඔහොම කරද්දී ඒවා විවේචනය කරන මිනිහා තමුන්ගේ අම්මා මලාමත් එහෙම තමයි කරන්නේ.

      මේ පින්තුරය රසික ෂෙයාර් කර ඇති නිසා මම ප්‍රශ්නේ ඇහුවේ. අනික දු දරුවන් මේක හදලා තියෙන්නේ කියලා යටින්ම දාලත් තියෙන්නේ. ඒ කියන්නේ රසිකත් ඇතුළුව.
      මේවා ගැහුවා කියලා නිවන් යනවද? ෆේස්බුක් එකේ ෂෙයාර් කළා කියලා? කොහෙද නිවන තියෙන්නේ? අමන කම නිසා කරන වැඩ.

      නිවන් සැප ලැබේවා

      Delete
  2. අයිසේ මාතලන් IRAJ ගේ අලුත් සිංදුව බැලුවා ද? ඉක්මනට බලහන්, පොර කලින් පොරොන්දු වුනා වගේම ඒක නෙක්ස්ට් ලෙවෙල් ප්‍රඩක්ෂන් එකක්. ටෙක්නොලොජි එක, සෙට්ස්, එඩිටිං හැමදේම ලංකාවේ වර්තමාන තාක්ෂණයට වඩා ගව් ගානක් ඉදිරියෙන්. සිංදුවේ සමහර තැන් යුනිවර්සල් ස්ටූඩියොස් වල කරලා තියෙනවා.

    ටයිම් ට්‍රැවල් කන්සෙප්ට් එකක් උඩ තියෙන විෂුවල් එකට ප්‍රසිද්ධ "Back to the future" ෆිල්ම් එකේ ඔරිජිනල් කාර් එකම අරන් තියෙනවා.

    මේ වගේ වැඩක් ලංකාවේ කරන්න පුලුවන් එකම හාදයා ඉරාජ් විතරයි.

    මේ ඉරාජ්ව රිජෙක්ට් කරපු, ඇඩ්‍රස් ෆේස්බුක් පබ්ලිෂ් කරපු ඉරිසියාවෙන් පුපුරන දෙකයි පණහේ අවජාතක වේස කලාකාරයොන්ට හැරෙන්නවත් බැරි ප්‍රොජෙක්ට් එකක්.

    පට්ට ස්ට්‍රෝංග් කම් බැක් එකක්.

    මම ඉරාජ්ව කියවන්නේ ලංකාවේ සෝ කෝල්ඩ් ඊනියා අරගල කාලේත් වෙනස් නොවුනු, තමන් දරපු මතයේ ඉදපු ලංකාවේ කලාකාර නලාකාර කාලකන්නි අතරේ යම් තරමක කොලිටි එකක් තියෙන මනුස්සයෙක් විදියට. චරිත හදපු, දක්ෂ පොරක් විදියට. මම පුද්ගලිකව මෑන්ගේ මැදමුලන පැත්තට බර හිංගල බහුත්ද දේසපාලනේට කැමති නෑ ඒත් ඌට ඒ මතය දරන්න තියෙන අයිතියට ගරු කරමින් ඌට වෛර කරන තුප්පහි කාලකන්නි ත්‍රස්තවාදීන්ට ඍජුව විරුද්ධව කටයුතු කළ යුතුයි

    ඒ වගේම මේ වීඩියෝ එකේ සමහරුන්ගේ පොදු කමෙන්ට් එකක් දැක්කා..

    "ඉරාජ් මරු ආටිස්ට් කෙනෙක්, ආටිස්ට් කෙනෙක් වෙලාම ඉන්න දේශපාලනයට නම් මැදිහත් වෙන්න එපා" කියලා.

    ඒ, මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න පුලුවන් ඉරාජ් පොලිටික්ස් වලට ඉන්වෝල් වෙනවට බය මිනිස්සු..

    ඉරාජ්ගේ ඉන්ෆ්ලුවෙන්ස් එකට, හැකියාවට බය මිනිස්සු.

    ඒ බය සාධාරණයි.

    අපට කියන්න තියෙන්නේ ඉරාජ්
    අලුත් වැඩේ පට්ට.. උණුසුම් සුබ පැතුම්.... !

    ReplyDelete
    Replies
    1. @ 10.16

      Yes agreed.

      ඔවු ඉරාජ් කියන්නේ ලංකාවේ සුපර් මාකටින් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන් හාදයෙක් ඒ වගේම quality products deliver කරන්න දක්ෂ කෙනෙක් ගොඩක් ඉස්සර ඉඳලම එහෙමයි ඒත් මරදානේ siththi maneela එක සහ වික්ටර් රත්නායක සීන් එක නිසා පොරට මුස්ලිම් අන්තවාදීන් සහ ලංකාවේ සංස්කෘතික දායක සභාවේ ඇත්තන් ගේමට ආවා

      පස්සෙ පොර යහපාලන රජය සමයේ ආණ්ඩුවෙන්ද ගේම ඉල්ලලා රජය පොරගේ චැනල් තහනම් කිරීමටත් කටයුතු කළා

      ඒත් පොර ඇරියේ නෑ පොරට දැන් බංග්ලාදේශයේ සහ ඉන්දුනීසියාව වගේ රටවල් වල පවා චැනල් තියෙනවා මම හිතන්නේ ලංකාවේ යූටියුබ් වලින් ලොකුම ගේම් දීපු පොරක් යොහානි වගේ

      ඔය පොරට විරුද්ධව කතා කරන ගොඩක් එවුන් ලංකාවේ ටිකක් ජනප්‍රිය වුණා ට යොහානි අරාජික වගේ උන් ඉස්සරහ ලිලිපුට් හිඟන්නන් ටිකක් ඊර්ෂ්‍යාව සහ පටු දේශපාලන වෛරය තමයි ඉතින්

      //ඇත්තටම ඔය ඉරාජ් ඔයා ආටිස්ට් කෙනෙක් දේශපාලනයට නම් මැදිහත් වෙන්න එපා///

      ඔය ඇත්තටම ඉරාජ්ට දේශපාලනය කරන්න එපා කියන මිනිස්සු සහ යොහානිට බලහත්කාරයෙන් උන්ගේ අරගලය වෙනුවෙන් කඩේ පලයන් කියලා බල කරන ගෝතකරුම ඇයි;

      🎈කපුගේ ඔයා හොද කලා කරුවෙක් . දේශපාලනය ඔයාට ගැලපෙන්නේ නෑ

      🎈සමනලී ඔයා දක්ශ නිළියක් හැබැයි දේශපාලනය ට ගිහින් සවුත්තු වෙන්න එපා

      🎈දීපානි සිල්වා කියන්නේ හොද කලාකාරිනියක් හැබැයි නොදන්න දේශපාලනය කියන්න ගිහින් චොර උනා එහෙම කරන්න එපා ?

      🎈රූකාන්ත ඔයා සංගීතය විතරක් කරන්න දේශපාලනය එපා

      තව ඔය වගේ නන්දා මාලිනී සුනිල් ආරියරත්න ටී එම් ජයරත්න, නදීක ගුරුගේ, ධර්මප්‍රිය ඩයස් රොඩ්නි වර්ණකුල ජගත් මනුවර්ණ ඩබ්ලිව් ජයසිරි දමිතා අබේරත්න පේෂල මනෝජ් වගේ උන්ටත් එක එක දේශපාලන පක්ෂ වලට රෙදි නැතුව කඩේ යන්න එපා කියලා

      වගේ කතා නොකියන්නෙ ඇයි?

      Delete
  3. ගුටාබේ මහත්තය

    ReplyDelete
  4. ඔබතුමාගේ හැදියාව පැහැදිලි නෑ.
    ඔබතුමා බලය බෙදනවා කිව්වේ ඒකීය පුද්ගලයාට බලය ලබාදීම ගැනද?
    නැතිනම් වැඩවසම් කොමියුනිස්ට් වාර්ගික ප්‍රාෙද්ශීය වර්චස් නායකයන්ට බලය ලබාදීමද?

    ReplyDelete
    Replies
    1. @ Jagath,

      ඒකීය පුද්ගලයන් කියලා කියන්නේ කවුද කියලා ඩිෆයින් කරන්නේ කොහොමද? ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියන් වශයෙන් හැමෝටම ඍජුව රටේ පාලනය සඳහා වූ විධායක බලය ව්‍යවස්ථාදායකත්වය වගේම අධිකරණයේ විනිසුරුවරුන් තෝරාපත් කිරීම සහ සම්ප්‍රදායන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ හැකියාව ලබා දීමද?

      Delete
  5. රනිල් කොරයි පම්කක්.

    ReplyDelete
  6. එතකොට ඔය රනිල් පත් කිරීමේ මෙහෙයුමට දායක වෙන්න උගුර පරදුවට තියලා කෑගහමින් දඟලමින් නිතඹත් උඩ දාගෙන අරගලයට ගිහින් පාර්ලිමේන්තුවයි ජනාධිපති බේරගෙන තුවාල වෙච්ච කෙල්ලෝ කොල්ලොන්ට උසස්වීම් නැද්ද ඩෝ? කැතයි හොඳේ?

    ReplyDelete
  7. ඔන්න මොනවා හරි කුරුටු ගානවා ?????

    ReplyDelete
  8. අයිසේ මාතලන්,

    රනිල් වික්‍රමසිංහ දැන් කී පාරක් රටේ අගමැති වෙලා සිටියා ද? ඔවු මේ පාර බැසිල් එක්ක සෙට් වෙලා නිසා වෙනස් කම්බිනේෂන් එකක් ඒ නිසා බලාපොරොත්තු තියාගන්න පුලුවන් දෙයක් ඒ වගේම අනිත් පැත්තෙන් විපක්ෂයක් කියලා එකක් නෑනේ අර මෝල් පුතාණෝ වගේ මොළේ කළඳක් නැති පිස්සෙක් සහ විවේචනය පමණක් දන්න ජවිපෙ වගේ කණ්ඩායම් වලට සාපේක්ෂව නම් රනිල් වික්‍රමසිංහ සෑහෙන ඉදිරියෙන් නමුත් ලෝකයේ අනිත් අපේ රේන්ජ් එකේම සංවර්ධනය වන රටවල් එක්ක බලන කොට ලංකාවේ හරි හමන් නායකත්වයක්වත් හරිහැටි වැඩපිළිවෙලක්වත් නැති බව පැහැදිලිවම පේනවා.

    ඔය වගේම මාතලන් නොදැකපු තවත් පැත්තක් තියෙනවා උදාහරණයකට අපි හිතමු ධම්මිකා කියලා ව්‍යාපාර හිමි ව්‍යවසායකයෙක් ගැන, එතකොට දැන් ධම්මිකා අගමැති/ජනාධිපති සහන අරමුදලට රුපියල් 5000ක් පරිත්‍යාග කළා කියලා හිතමු...

    අනික් අතට සුසන්ත රුපියල් 5000 ක් වැයකර විස්කි බෝතලයක් ගත්තා...

    අපි දැන් බලමු වඩා ප්‍රයෝජනවත් දායකත්වයක් දුන්නේ වූයේ කවුද කියලා.

    01. ධම්මිකා පරිත්‍යාග කළ රුපියල් 5000ට ඇයට 30%ක බදු සහනයක් ලැබෙනවා නම් එම නිසා, ඇයට ඇත්තටම රුපියල් 1500 ආපසු උපයා ගැනීමට හැකියි, වෙනත් වචන වලින් කිවහොත්, රු. 5000 පරිත්‍යාග කිරීමෙන් ඇය රුපියල් 3500 ක ශුද්ධ දායකත්වයක් ලබා දුන්නා...

    02. මධ්‍යසාර මත, එකතු කළ මුළු බදු (සුරාබදු සහ GST) දළ වශයෙන්. MRP (නිෂ්පාදකයා සඳහන් කරන මිළ) වලින් 72% නිසා, සුසන්ත රුපියල් 5000ක් ගෙවනකොට රුපියල් 3600ක් රාජ්‍ය භාණ්ඩාගාරයට ගියා.

    ඒ වගේම විස්කි පෙග් 12.5ක් රස විඳීමේ සතුට ඔහු ලැබුවා...!!!
    🥃🥃

    ඒ නිසා සුසන්ත වැඩි දායකත්වයක් ලබා දුන්නා පමණක් නොව, ඔහු ස්කාගාරයේ රැකියා ද, ඒවායේ ලේබල්, බෝතල්, කැප්, යන්ත්‍රෝපකරණ ආදිය සපයන්නන් ද, අලෙවිකරණ සමාගමේ රැකියා ද, වයින් ස්ටෝර්ස් එකේ රැකියා ද ආරක්ෂා කිරීමට දායක වූවා සේම ඊට අමතරව, ඔහුට උසස් විනෝදාත්මක හැඟිමකින් යුතුව කාලය ද ගෙවිය හැකි විය.

    අනෙක් අතට, ධම්මිකාගේ සල්ලි කොහෙ ගියාද කියා ඇයවත් හරි හැටි දන්නේ නැහැ....... මොකද රනිල් සහ ඔහු වටේ ඉන්න ගජමිතුරන් ගැනත් හැමෝම හොඳින් දන්නවානේ, ඒ නිසා...

    ඒ නිසා මාතලන් සහිත මෙහි සහෝදර පාඨක භවතුන් වශයෙන් ඔබ සැම ඊළඟ වතාවේ, ඔබ මධ්‍යසාර බෝතලයක් මිලට ගන්නා විට, ඔබ ඔබේ ජාතියට සේවය කරන බව සිතට ගන්න...!!!

    වගකීම් සහිත පුරවැසියෙකු වන්න. ඔබට මෙම වැසි බර මෝසම් කාලය උණුසුම්ව ගත කිරීමට වාසනාව ලැබේවා...!!! චියර්ස් ගායිස්....!!! 🍻🥃🍾

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න