.

.

Mar 21, 2023

ඒකාධිපතියකු විය යුතුය.

 



ලංකාව දියුණු රටක් වන තෙක්

පාලකයා හැලපයෙක් නොව

ඒකාධිපතියකු විය යුතුය.

➖➖➖➖➖➖➖➖➖🔴


ලියන්න බලාපොරොත්තු වූ ආරම්බය මෙය නොවේය. වැඩේ පටන් ගන්නට ගියේ තරුණ කාළයේ අපේ බ්ලඩ් පෙසොර් එක වැඩි කළ ධර්මසිරි බණ්ඩාරනායක සඕදරයාගේ ඒකා අධිපති නාට්ටියෙන්ය. එහෙත් සුන්දර Geethika Dharmasinghe සඕදරිය මතුකල ප්‍රශ්ණයක් නිසා වැඩේ එතනින් පටන් ගැනීම හොඳ යැයි කියා සිතුනේය.


ගීතිකා සුදූ ඒ ප්‍රශ්ණය මතු කරන්නේ මා දැමූ පෝස්ටුවක් තුලය.. මාතලන් කීවේ... මේ රට පාලනය කල යුත්තේ ඝෝඨා මෙන් පැපොල් ඇට ලොන්තයෙක් නොව, ඒකාධිපතියෙක් බවය ... 


ගීතිකාගේ ප්‍රශ්ණය වන්නේ... උඹ අකමැති එකෙක් රටේ පාලකයා වී ... ඌ ඒකාධිපතියෙක් වුවහොත් උඹ කැමති වනවාද යන්නය. 


ඇත්තටම මේ ලිවිල්ල ගීතීකා සඕදරියට ලියන ලව් ලෙටර් එකක් ලෙස සැලකුවාත් අවුලක් ඇත්තේම නැතිය...


මාතලන් මතය වන්නේ, අපි හැම එකාම ඇතුලේ ඒකාධිපතියෙක්, ඊගෝ කාරයෙක්, රාක්ෂයෙක් ඉන්නා බවය, ස්වයං පාලනයකින් ඒ රාක්ෂයා අප දමනය කරගෙන සිටියද, ඒ ශිෂ්ඨත්වය වෙනුවෙන්ම මිස, වෙන හේතුවක් නිසා නොවේය යන්නය.


ජූන්ජක් ඌවා වූවත් කැමරා කාරයෝ සමඟ මානව හිමිකම් කොමිසමට දුවනා, මිනිසත්කම කම බණ දෙසනා අහිංසාවාදී මානව මානවිකාවන්ගෙන්  මැයි 9 වනදා බුකියේ දෝරේ ගලා ගියේ, ඒ රාක්ෂයාගේ ආදරයයි.


නැවතත් ප්‍රස්තුතයට එන්නේ නම්, වත්මන් දේශපාලන පරිසරය අනුව, රනිල්ගෙන් පසු රටේ නායකත්වයට පත් වීමට වැඩිම ප්‍රවනතාවය ඇත්තේ, අපේ අන්‍රයියාට බව සක්සුදක් සේ පැහැදිලිය. නැතිනම් සජිත් ප්‍රේමදාසය.


ඒත් සුදු ඔයා දැන ගත යුත්තේ, මේ දෙදෙනාම මම කැමති නායකයන් බවය. මේ දෙදෙනාම රටේ නායකයා වුවද මට අවුලක් නොවන්නේ, විවේචන තිබුනද දෙදෙනාම මා කැමති නායකත්ව ලක්ෂණ වලින් හෙබි නායකයන් බවය. දෙදෙනාම ඒකාධිපති ලක්ෂණ වලින් හෙබි නායකයෝය. වත්මනෙහිද දෙදෙනාම රඟන්නේ විධායක ජනාධිපති චරිතයය.


සජිත් පියානෝම විය හැකි අතර, අන්‍රයියා චීන ජනරජයේ දේශීය නියෝජිතයා වනු ඇත්තේය.


මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පසු, ‍රටේ වාසනාවට දැන්  අපට නැවතත් ඒකාධිපතියකු ලැබී ඇත්තේය.


අප ඝෝඨා ගෙනාවේද දරුණු ඒකාධිපතියකු බලාපොරොත්තුවෙන් මිස වෙන කිසිඳු බලාපොරොත්තුවකින් නොවේ.


ජනාධිපතිවරණය පැවති සමයේ පිරිවර සමඟ ප්‍රෙස් කොන්ෆරන්ස් එකට පැමිණ අයියාගෙන් අහගන්න කියා හක හක ගෑ වෙලේ, මේ යකා මෙලෝ අල බෝලයක් නොදන්නා එකෙක් බව දැන ගත්තද, අප සිතුවේ යුද්ධයට බයේ පැන ගියත්, වැඩ්ඩන් ඉදිරියට ගෙන යුද්ධයට නායකත්වය දුන්නා සේ, රට ගොඩ දැමීමටත් නායකත්වයක් දෙයි කියලාය. 


එහෙත් සිදූ වූ සියල්ල දැන් හැම එකාම දන්නා නිසා නැවත ලිවිය යුතු නැත්තේමය.


වසරක් වැනි කෙටි කාළයක් තුල අපට IMF ලබා ගත හැකි වූයේ, රනිල් ඒකාධිපතියකු සේ ක්‍රියා කිරීමේ හේතුවෙන්ම මිස වෙන කිසිඳු හේතුවක් නිසාවෙන් නොවේය. (ඒ තිත්ත බෙහෙත් තව කාළයක් බීමට අපට සිඳුවනු ඇත) 


2005 - 2010 කාළයේ යුද්ධය නිමා කිරීමට ඇමරිකාවේ පවා සහාය ලැබුනේ මහින්ද රාජපක්ෂ  එකාධිපතියෙක් වූ නිසාමය.


එපමණක් නොව, මොකා මොන බයිලා ගැහුවත් 2010 - 2015 අතර කාළයේ චීනා බය නැතිව ණය දුන්නේද, ඒ අනුව රටේ ආර්ථිකයේ සියළු දර්ශක ඉහළ ගියේද, මහින්ද රාජපක්ෂගේ තීරණය අවසාන තීරණය වූ නිසාවෙන්මය. ආර්ථිකය ගැන සැලකීමේදී අග්‍රවිනිශ්චකාරිවරිය ගෙදර යැවිම ප්ලස් මාක් එකක් මිස, ඩිසැඩ්වාන්ටේජ් එකක් නොවන්නේමය.


ඉතා කෙටි කාළයක් තුල මේ විප්ලවය ජයගත හැකි වූයේ, පහළ නිලවල උන් වැඩ්ඩෝ ඉහළ නිලවලට ගෙන යුද්ධය ජයගත්තාක් මෙන්ම, රනිල් හා IMF වැඩේ සප් එකට උන්නේ අලී ෂබ්‍රි හා ෂෙහාන් සේමසිංහ යන ෆ්‍රෙෂර්ස්ලා දෙන්නා සමඟ සාර්ථක මෙහෙයුමක් සිඳු කළ නිසාවෙන්මය. 


එමෙන්ම අරගලයට එල්ල කල ප්‍රහාරය, පුතානෝට කෙහෙල්වත්තේදීම නෙලීම, අන්‍රයියාගේ පුප කසන්නට බේරෙන්ම ගෙන පිරිත් පැන් ඉසීම මෙන්ම අධිකරණය අභියෝග කිරීමද ඔවුන් සලකා බලන්නට ඇතිය.


ඒ සියල්ලටම වඩා චීනා නවා ගැනීමට යෙදූ උපායමාර්ගික ක්‍රියාදාමය සියල්ලටම ඉහළින් බලපෑවාට සැක නැතිය. ඒවා ලේසී පාසූ පුතෙකුට කළ නොගැකි සුපිරි ගේම්මය.


ජේ ආර් ගැහුවේ නීතියෙන්‍ ය.

ප්‍රේමේ ගැහුවේ තගෙන්‍ ය.

රනිල් ගහන්නේ මොළෙන් ය.


එය රාජකීය ගැහිල්ලකි..


Disce Out Discade

(උගනිව් බැරි නම් පිටවනු)


.

21 comments:

  1. එහේනම්..... ලංකාවෙ උන්ට ඔය මානව දයාව, මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වගේ ඒවා පෙන්නන්න ගියාම උන් පටන් ගන්නවා දරමිටි බඳින්ඩ. උන්ට ඕනා අයියෝ මෙන්න ගැහුවෝ කිය කියා NGO එක්ක එකතු වෙලා ගානක් කපා ගන්න පුළුවන් ඒකාධිපතියෙක්.
    රනිල්ට ජය !
    ඩිස්කේ අම්මට ඩිස්කාඩේ..(ගහපන් නැත පිටවෙවු)

    ReplyDelete
  2. ඒකා අධිපති

    ReplyDelete
  3. මාතේ මාත් ඉන්නේ ඔබගේ මතයේ
    නමුදු වචනයක් එක් කළ යුතුව තියේ
    'ඒකාධිපති' කිව්වම පණ ගැහෙයි බයේ
    'සාධාරණ' විය යුතු සීයට සීයේ!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව ඇත්තක් තියෙනවා නිදී නමුත් ඒකාධිපති කෙනෙකුට වඩා ආකර්ෂණීය නායකත්වයක් charismatic leadership qualities වලින් විතරයි රටක් විශේෂයෙන් ලංකාව වගේ මජර ජනතාවක් ඉන්න රටක් ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ කියලයි මටනම් හිතෙන්නේ

      ඒකාධිපතියෙක්ට ජනතා සහාය ලැබෙන්නේ නැහැ නමුත් ලංකාවේ ආකර්ෂණීය නායකත්වයක් දෙන්න පුළුවන් බුද්ධිමත් නායකයෝ එකෙක් වත් නෑනේ, සරල උදාහරණයක් විදියට මං ඇත්තටම ආසම නෑ කිසිම කෙනෙක්ගෙ පසුපස ලුහුබඳින්න.

      ඒ කියන්නේ

      "අනේ මාත් එක්ක ඉන්න, මාව දාලා යන්න එපා, ඔයා නැති වුනොත් මට මෙහෙම වෙයි "

      ඔය වගේ වචන මං කවදාවත් කියන්නේ නෑ.

      කෙනෙක්ව දිනාගන්න ලුහුබැඳීමට වඩා ඔවුන්ව තමන් වෙත ආකර්ෂණට කරගැනීම වඩාත් සාර්ථකයි කියලයි මට හිතෙන්නේ.

      කෙනෙක් පසුපස ලුහුබැඳගෙන ගිහින් ඒ පුද්ගලයාව අපි ලඟින් තියාගන්න උත්සාහ කරන එක මං හිතන විදියටනම් හරියන දෙයක් නෙවෙයි.

      ඒ වෙනුවට මං කැමති ක්‍රමය තමයි අනික් පුද්ගලයා තමන් වෙත ආකර්ෂණය වෙන තරමට තමන් බැබලෙන්න ඕනෙ කියන එක.

      තවත් සරලව කිව්වොත් රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න කොට කෙනෙක්ව තමන් කෙරෙහි කොයිතරම් දුරට ඇද බැඳ තබාගන්න පුලුවන්ද කියන එක තීරණය වෙන්නෙ අපි ඒ කෙනා වෙනුවෙන් කැපවෙන තරමට ම විතරක් නෙවෙයි කියලයි මට නම් හිතෙන්නෙ.

      අපි මොනතරම් ආකර්ෂණීය පුද්ගලයෙක්ද කියන එකත් ඒකට බලපානවා.

      තමන් තමන්ට ආදරය කරන්න පටන් ගත්ත දාට, තමන්ගේ අගනාකම් වැඩිකරගත්තුදාට තමයි තවත් කෙනෙක් අපිට ආදරය කරන්නේ. ආකර්ෂණය වෙන්නේ.

      සමහර කෙනෙක්ව දැක්ක ගමන්,

      "මෙයා මගෙ වුනානම්"

      එහෙම නැත්නම්,

      "මටත් මේ වගේ වෙන්න පුලුවන් නම්"

      කියල හිතෙන විදියේ අය ඉන්නවා. ඒ අයගේ විදියට අපිට ලෝබකමක් දැනෙනවා.

      ඇත්තටම ඒ බබලන අය.

      මමත් ආසයි එහෙම බැබලෙන්න.

      හැමදාම බැබලෙන්න මොනවගේ දේවල් ද කරන්න ඕනෙ කියලා දැනගන්න අපි මේ උදේ හවස සැරිසරන මුහුණුපොත, යූ ටියුබය ම ප්‍රමාණවත්. කැමති දේ ගැන හොයන්න, දැනුම් තේරුම් ඇති කෙනෙක් වෙන්න වුවමනා කෙනෙක්ට මේ දේවල් වුණත් තක්සලාවක්.

      ලුහුබැඳගෙන ගිහින් ආයාචනා කර කර තැවෙන කෙනෙක් නොවී ආකර්ෂණීය කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා ඔයාලත් හොයන්න. ඒ ලුහුබඳින්න නෙවෙයි,
      ආකර්ෂණය කරගන්න.

      Delete
  4. Malsha Nangita puke arinna oni

    ReplyDelete
  5. ඒකාදිපතියෙක් ඕණේ කියන්නේ ලංකවේ මිනිස්සු තවමත් ඉන්නේ රාජාණ්ඩු කාලේ......

    ReplyDelete
    Replies
    1. ඔවු ලලිත් නමුත් මෙහෙම දෙයක් තියෙනවා දැන් බලන්න ලංකාවේ අගනුවර වෙච්ච කොළඹ කියලා කියන්නේ ඉස්සර ගමක්, කැලේ කපලා හෝ ගාන පොකුන එළි කරගෙන ගැම්මෙන් හැමතැනම business කරන අය තව ලොකු ලොකු Companies දැන් තියෙනව, තව තව ඒ ඒ කෙනාගේ වියදම් කරන මට්ටම අනුව (එහෙම කියන්නත් අමාරුයි quality එක කියලා හිතමුකෝ) ඒ ඒ අය යන එන සුපිරි ගණයේ shops තියෙනව, ඉතිං ඒ ඒ අය යම් කාලේක යම් ප්‍රදේශයක යම් කුලයක ඇත්තන් විදියට දැං ඒ කුලයේ latest gen එක, ඒ කුලයේ මහ මීමා නොමැරී මැරී ගත්ත ඉඩමෙන් යාන වාහන ආදීයෙන් දැං තලු මර මර රඟනව නමුත්කථා කරන්නෙම බටහිර ඇත්තන්ගේ භාෂාව හැබැයි සිංහල පොදක් කථා කරන්නේ නැති එක එක එක්කෙනාගේ පංති භේද ගැන සැරටම කථා වෙන අනික අමුතුම ජීවන රටාවල් තියෙන ජාතියේ කෙනෙක් තමයි දැන් මේ ඒකාධිපති සුපිරි බලය ලබා ගැනීමට යන්නේ...

      ඔය උඩ කියලා තියෙන දේවල් භාගෙට භාගයක් අපේ මනසට වැට්ටුවේ පරණ චිත්‍රපට වලින් තව ලංකාවේ රජයේ ඉස්කෝලේකට ගිය එකෙක්නම් සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගෙන ගන්නවනේ ඒ වගෙත් තියෙනවා පීඩිත පංතිය ගැන දුක් ගැහැට වේදනාව හැම දෙයක්ම...

      මුලින්ම කියන්නම් අපි හැමෝම ගේමක් ගහන්නේ ලලිත් ඔයා ඔයාගේ ජීවිතේ වෙනුවෙන් කන කට්ට අර දැං සැපට කොහේ හරි ඉන්න එකෙක්ගේ ගෙදර තාත්තා හරි අම්මා හරි සුපිරිම ගේමක් ගහනවා ඒ නිසා ඔතන වෙනස තියෙන්නේ හිතන පතන විදිහෙයි අවුල තියෙන්නේ...

      Colombo වල තියෙන භාගෙට භාගයක් තියෙන companies වැඩ කරන්නෙ පිටරට companies එක්ක මල්ටිනැසනල් කම්පැණි අන්න ඒවා නැත්තං ආදි කාලේ ඉදලම ගේමක් ගහන් එන එවා ඉතිං ඒ වගේ තැන් වල English language එක Normal දෙයක්...

      "කපුටාස් හිට් ද ප්ලේන්" හැමෝටම English language එක භාවිතා කිරීමේ අයිතිය තියෙනවා ඒක කරන්න පුළුවන් හැබැයි අනිවා ඕනෙමයි කියලා දෙයක් නෑ හැබැයි වටිනවා

      අනික් එක තමයි ගොඩයන්ගේ concept එක හිතන්නකෝ ඔබ හද්ද ඩොටේ ඉදලා ඇවිල්ලා ගේමක් ගහලා මාසේට ලංකාවේ රුපියල් ලක්ෂ 5ක් දහයක් පහළොවක් විතර හම්බකරවා කියලා...

      ඊට පස්සේ ඇඳුම් ගැන ඕන එකක් කියමුකෝ සුපිරි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්...

      හැබැයි අර මැරෙන්නේ නෑ වගේ අමරණීය ඩයල් වගේ හැසිරෙන උන්ට තමයි කියන්න වෙන්නේ ඔහොම වසල ගති ඒවා උන් කරගෙන උන්ම ගෙවයි (දැං ලඟදීම එහෙම නෙමෙයි ඒ අයටත් කාලයක් එනවා කට උත්තර නැතිවෙන)...

      පංතී භේද තේරුමක් නැති අමුතු කථා ඕවා දැං වැඩක් නෑ...

      අපි ඔක්කොම මිනිස්සු, හෑල්ලක් ලිව්වේ චරිතයක් වෙන්න නෙමෙයි හොඳේ 😂

      නිකං බොරු වහල් මානසිකත්වයෙන් දැංවත් මිදෙන්නට ඕනෑ නේද?...

      සරලවම කිව්වොත් හිතපංකෝ සල්ලි තියෙන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සුපිරිම hotel එකකින් රෑ කෑමක් ගත්තා කියලා ගාන රු.15,000
      දැං ඔබේ අතේ තියෙන්නේ රු. 1000යි නමුත් ඔබ හුල්ලන්න යන්න එපා වෙනදා කොත්තුවක් හරි රයිස් එකක් ගන්න තැනින් අරං රෑ කෑම කාපං නැත්තං ගෙදර කෑම හදලනම් තියෙන්නේ ඔය තියෙන්නේ සුපිරිම දේ රෑ කෑම කාලා නිදා ගනින්...

      හැබැයි අර වගේ ලොකු තැනකින් කන්න බෑ කියලා එහෙම දෙයක් නෑ සල්ලි තියෙනවනම් ගිහිල්ලා කාලා එන්න පුළුවන්...

      මේ වචන වල ටිපර් වෙන්න දෙයක් තියේනම් ඔබතුමාගේ හෝ ඔබතුමියගේ රථ වලින් මට වැඩක් නැත... යම් යම් තැන් ඔබට ගැලපෙන්නේ නැතුව ඇති ඒකයි එහෙම වෙන්නේ හා ද 😂😂😂

      Delete
    2. @ Lalith,

      ලොව පුරා ජගත් පුරවැසි Global citizenship සංකල්පය ඉතා සීග්‍රයෙන් මතුවෙමින් ඇත. මෙහි නරකද හොඳද නියතයෙන්ම ගැබ් වී ඇත. එහි රට ජාතිය ආගම සංස්කෘතික අනන්‍යතා වියැකෙමින් පවතී. එම තත්වය හොඳද නරකද යන්න අනාගත පරපුරවල් තීරණය කරනු ඇත. මෙය පිටුපස සැඟවුන නළුවන් සිටී (hidden actors) ඔවුන් තුල New World Order ලෙස සහ තව වෙනත් නම්වලින් හැඳින්වෙන ගැඹුරු සහ දරුණු න්‍යාය පත්‍රයක් ඇත වැඩිදුර සොයා බලන්න. ඒ අනුව මේ ගැන වැඩි විස්තර සාකච්ඡා කරමු.

      Delete
  6. Kisu ge chooty chuwa uranna asayi kelle

    ReplyDelete
  7. මාතලං බොරු තර්ක එපා. තාමත් IMF කොන්දේසි සමහරක් රහසක්. ඒව විනිවිදබාවයකින් යුතුව උන එකඟ වීමක් නෙවෙයි. උදාහරණයක් විදියට ලෙබනනය වගේ රටවල් සමහර කොන්දේසි වලට එකඟ නෑ...... ඒ රටවල් වලට ජාත්‍යන්තර යුධමය ගැටළුවක් තියෙනව එතන තිබෙන ගැටළුවත් ඒ රටේ දේශපාලකයො ජණතාවට වග කියන ජණ මතයෙන් ගොඩ නැඟුන ආණ්ඩුවක් තියෙන්නෙ. අපේ රටේ වගේ කිසි ජණ මතයක් නැති රටේ ජණතාව බල්ලට දාල ගෙඩිය පිටින් උන්ගෙ කොන්දේසි පිලිගත්තෙ නෑ ඒ රටවල්. ලංකාවට අවූරුදු 4ටම ඩොලර් බිලියන 2.9යි ලැබෙන්නෙ. හැබැයි මේ ජුනි වෙද්දි ඩො.බි. 3.2ක ණයක් ගෙවන්න තියෙනවා. එය එදිනට ගෙවා අවසන් කල යුතුයි කියල කොන්දේසියක් තියෙනවා. දන්නවද ඒ ගැන?

    ReplyDelete
  8. 'අප ලියා පළ කරන දේවල් පසුව ඉවත් කරන්නේ නැහැ. නමුත්, කාට හෝ සැකයක් තිබේනම් ස්ක්‍රීන්ෂොට් අරගෙන තියාගන්න. '

    2019දී ගෝඨාට ඇමරිකන් පුරවැසි භාවය අත්හරින්න වෙන්නේ නෑ කිව්වා වාගෙද?

    2019 ජනාධිපතිවරණය දිනන්නේ සජිත් ප්‍රේමදාස කිව්වා වගේ ද?

    රනිල් අගමැති උනාම පස්සේ කිව්වනේ ඉස්සරහට මාස හයක් යනකන් වත් රනිල්ට බලය ඉන්න වෙන්නේ නෑ කියලා වගේද?

    ජමුලේ ණය හම්බෙන්නෙ නැතුව රට බංකොලොත් වෙලා මිනිස්සු කන්ඩ නැතුව මහමග මැරෙනවා කිව්වා වගේ ද

    තවත් බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා ඉකොනෝ.

    ඉකොනොමැට්ටා මොනාහරි කියනවා නම් ඒකට හාත්පසින්ම විරුද්ධ තමයි වෙන්නේ.

    තවත් මේකෙ මෝඩ පෝස්ට් නොදා ඉන්න

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ මිනිහා කියන දේවල් නම් තනිකර විහිළුවක් කතා කරල වැඩක් නෑ කරුණු කාරණා සහිතව කමෙන්ට් කළොත් මකනවා කුණුහරුප කමෙන්ට් එහෙමම තියෙනවා මෑන් අයි එම් එෆ් වන්දනාවේ යන ගමන් අයි එම් එෆ් එකේ වැඩ පිළිවෙලවල් කරලා ගොඩ ගිය එකම එක රටක් වත් නෑ ලංකාවේ ආර්ථිකය උනත් පහුගිය දාසය වතාවක් ගිහින් වුණේ මොකක්ද? ඒ වෙනුවට මැලේසියාවේ කළා වගේ අපේම කියලා ආර්ථිකය දියුණු කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුයි නමුත් එහෙම එකක් හදන්න සහ ක්‍රියාත්මක කිරීමට දක්ෂ කට්ටිය ඇත්තෙත් නැහැ ඊටත් වඩා එහෙම එකක් හැදුවොත් ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නෙත් නෑ ලංකාවේ පාලනය මෙහෙයවන්නේ පිටින් නේද දැනුත් රනිල් වගේ ඉත්තෙක් දාලා පාලනය කරන්නේ එක්සත් ජනපදයේ සහ ඉන්දියානු අවශ්‍යතා ඉටු කර ගැනීමට විතරයි නේ ලංකාවේ උන්ට හුළං තමයි

      Delete
    2. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 සහ ලෝක බැංකුවේ ඩොලර් බිලියනයක ණයත් ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් බිලියන එක හමාරක ණයත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් බලාපොරොත්තු වන ඩොලර් බිලියන දෙකත් තුනත් අතර ණයත් ලබාගැනීමට නියමිත නමුත් එම ණය ප්‍රමාණය රජයේ අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එබැවින් එම ණය වලට අමතරව තවත් වැඩිපුර ණයක් ලෙස ශ්‍රී ලංකාවේ රජය ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ග ගත විද්වත් කථිකාවකට එක්වමින් පැවසුවේය.

      එම ණය මුදල ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ණය මුදලේ වටිනාකම තවම තීරණය කර නැතත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකත් තුනත් අතර ගණනක් වනු ඇති බවත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දී ඇත.

      එම මුදල ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන ආහාර පාන වර්ග, බිත්තර, කුකුල් මස්, ගව මස් සහ එළු මස්,ල තිරිඟු පිටි, බඩ ඉරිඟු, මුංඇට, පරිප්පු කඩල කවුපි එලවලු පලතුරු වර්ග, එලවලු තෙල්, නිස්සාරණය කරපු පාම් තෙල්, කුළු බඩු, මේස ලුණු, අල ළූණු, වෙනත් කෘෂි නිෂ්පාදන, පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර, බීජ හා රෝපණ ද්‍රව්‍ය මෙන්ම පොල් මිල පාලනයට ඉන්දියාවෙන් පොල් ටොන් තුන් දහසක් ආනයනය කිරීම සහ රජයේ නිලධාරීන්ට අවශ්‍ය වන වාහන අවශ්‍යතාවය වෙනුවෙන් සැහැල්ලු මෝටර් රථ ජීප් සහ කැබ් රථ ආදියත් පොලිස් ජීප් රථ තොගයක් ආනයනය කිරීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. මෙම ණය මගින් තවත් රටේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කරනු ඇති බව විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සහ ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන් බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.

      Delete
  9. මාතලන් වනිඳු හසරංගයා බයියෙක් කියලා බුකියේ මේ දවස් වල සෑහෙන මඩක් යනවානේ උගේ වෙඩිමට නාමල් රාජපක්ෂ ගෝතයා ඇවිත් පින්තූරයක් අරන් ඒක දැකලා මාලිමා බයි ජෙප්පන්ටයි ටෙලිෆෝන් බයියොන්ටයි ඌරු ජුවල් ගිහින් අරූව මරාගෙන කන්න තරම් තරහෙන් බනිනවා, ඒ වගේම තමයි අනිත් පැත්තෙන් රාජපක්ෂ බයියෝ වනිඳුවාව කරේ තියාගෙන උඩපනින තැරිදාර පුන්නක්කු මීහරක් වහල්ලූ, හැබැයි I like wanindu but එයත් බොරුව තමයි කරන්නේ. Wanindu ට ඉතින් අඩුපාඩුවක් නෑ නේ. ඌ බොරුව දායි post එකක් දාලා සුබ පතලා. අරගලයට සපෝට් කරපු වනිඳු වගේම මෙතන තියෙන නොන්ඩිය තමයි අරගලයට ගිය අනිත් උනුත් උන් විහින්ම තනිකර joke එකක් වුන එක. අද මහින්ද ගේ රැලි එකට දහස් ගණන් මිනිස්සු යනකොට, පේස්බුක් එකේ එක පක්ෂෙක දෙකක මිනිස්සු නාමල් ගේ live එකට ගිහින් නිවන් සුව පැතුවට වැඩක් නෑනේ කපටි රාජපක්ෂ තෙම්පරාදු හොරරැළ කොච්චර පළපුරුද්දක් තියෙනවා ද කියනවානම් ඌන් දන්නවා මිනිස්සු ගේ හැටි. හැම දෙයක්ම ඉතාමත්ම කෙටි කාලයක් ගියාම ලංකාවේ සිංහල ජනතාවට අමතක වෙනවා. ඉතින් wanindu මෙහෙම දෙයක් කරාම ඌට බනින්න බෑ. ප්‍රශ්නය තියෙන්නේ අපිට, මොකද අපේ පඩි තමයි කපන්නේ රනිල්ගේ ටැක්ස් වලට. Wanindu ගේ නෙවෙයි නේ. ඌ හොදට IPL ගහලා තවත් සල්ලි හොයා ගනී. ඒ හින්දා ඌට වැඩක් නෑ. Anyway අපි කාව follow කරත්,ආදරය කරත්, at the end of the day අපි හම්බ කරොත් අපි කෑවා! එච්චරයි! Wanindu එන්නේ නෑ නේ අපිට කන්න දෙන්න,deduct කරපු පඩිය දෙන්න. අනිත් එක තමයි කොහොමත් cricketers ලා එක්ක politicians ලා ට very close relationships තියෙනවා. "ඒ ගොල්ල සේරම යාලුවෝ මල්ලී' wanindu ව එපා වුනා ඇත්තටම! දුක හිතෙනවා මේවා දැක්කම. Genuinely මහින්දලාව ගෝඨාභය ලාව යවන්න අපි හිතුවට වෙන ඌන් ගේ අනිත් පැත්තකුත් තියෙනවා ලැජ්ජයි ලංකාවම ගැන! 😪

    ReplyDelete
  10. මාතලන් අයියේ මම UK ඇවිත් දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගිහින්. රටවල් ගණනාවකින් ආව international nursesලා එක්ක අපිට OSCE එකට training තිබුනා, ඒක pass වෙලා මේ දවස්වල hospital එකට හඳුන්වා දීමේ වැඩසටහන් යනවා. මේ මාස දෙකට මම මුහුණ දුන්න අත්දැකීමක් ලියන්න හිතුනා. මගේ කණ්ඩායමේ මාත් එක්ක ලංකාවේ තව nursesලා දෙන්නෙක් විතරයි හිටියෙ ඉතිරි අයගෙන් බහුතරයක් ඉන්දියානු කේරලයෙන් පැමිණි අය සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් වල අය.

    මමත් එක්ක තව ඉන්දියාවේ කේරලයේ තුන්දෙනෙක් හිටියා practice කරන්න. දවසක් අපි IELTS OET ගැන කතා කර කර ඉද්ද එක ඉන්දියානු මිතුරියක් කියුවා එයාව IELTS pass කලේ දෙයියෝ කියලා. මම ඇහුවා විහිලුවට මොකද දෙයියෝ ඇවිත් ලියුවද කියලා 😏 ඒ සැරේ එයා කියනවා නෑ මගේ IELTS Score එක මටත් හිතාගන්න බෑ overall 8.5 තිබුනා කියලා. ඒක කියනකොට මටත් හිතාගන්න බෑ මොකද උන්දා කඩ්ඩ කොටන විදිහට අපේ රටේ නම් ජීවිතේට pass වෙන්නේ නෑ. මම ඇහුවාම speaking වලට කීයද කියලා 8.5, යකෝ මිත්‍රවරුනි මාත් එක්ක IELTS පටන් ගත්ත මගේ ලංකාවේ මිත්‍රයෙක් තුන්පාරක් IELTS කලා Speaking වලට 6.5 නිසා. (මම දන්නවා උඹ මේක කියවනවා කියලා. උඹ ගැන තමයි අයියා මේ කියුවේ) අනිත් සේරම 7.5 සහ වැඩියි, නමුත් ලංකාවේ ඒකාගේ කඩ්ඩත් එක්ක බලනකොට කේරළයේ මේ උන්දා නිකං නවදැලි හේනක දැවිලා ගියපු වැදිරියක් වගේ. ඒත් මේකිට 8.5. ඔය පලවෙනි එක.

    ඊයේ පෙරේදා MSc එක කරන එක ගැන මමත් මෙහේදි හම්බ වෙලා සෙට් වුණ සිම්බාබ්වේ මිතුරෙකුත් කතා කලා. පොර කියුවා මෑන් Manchester uni එකේ කරන්න ඉන්නේ කියලා. Manchester uniඑක world ranking 38 තියන uni එක. Masters කරන්න second upper එකක්වත් ඕන. මම ඒක මිනිහට කියුවාම පොර කියපි මට first class තියනවා කියලා. මට පුදුම හිතුනා. මොකද මම අපේ uni batch එකේ හෙන මෝddම මෝddඩ ඩෑල් එකක්. මට තියෙන්නේ ඉතාමත් සාමාන්‍ය ජෙනරල් degree එකක්. අපේ මුලු batch එකටම class තිබුනේ 5කට වගේ. මෙතෙක් අපේ faculty එකෙන් කිසිම කෙනෙක්ට first class තිබිලා නෑ. දැනට අවුරුදු 15ක් විතර වෙනවා අපේ faculty එකට. මෝ ddඩ මගේ දැනුමත් එක්ක බලනකොට සිම්බාබ්වේ එkකාට එයින් හතරෙන් එකක්වත් නෑ. අපේ මීටරයක් එක්ක සංසන්දනය කරන්න ඕන නෑනේ එතකොට. හැබැයි මිනිහගේ degree එකට first class එකක් තියනවා.

    මම හෙමීට කල්පනා කරලා බලනකොට මිත්‍රවරුනි මට තේරෙන්නේ ලංකාවේ අපේ එවුන්ගේ තියනවා හෙන කුහකකමක්. ලේසියට එකෙක්ට උඩට එන්න දෙන්නේ නෑ. Standards ලබ්බක් ඉස්සරහට දාලා පුලුවන් තරම් පාගනවා. ලංකාවේ බොරු බයිලා standards. අපේ එවුන්ට උන්ගේ මහන්සියට හරියන විදිහට සැලකුවා නම් ලංකාවේ එවුන් මීට වඩා ලෝකේ ඉස්සරහයින් ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ IELTS fail කරනවා, campus වල fail කරනවා. කොයි දේද ලේසියෙන් ගොඩදාගන්න දෙන්නේ. African එවුන්ගේ කඩ්ඩ බල්ලෙක්ට තේරෙන්නේ නෑ උන්ට grammer කියලා නාමයක් නෑ. හැබැයි IELTS 7.5, ඉන්දියන් එවුන්ට Practice එක මෙලොව දෙයක් නෑ. Warfarin දෙන්නේ මොකටද කියලවත් දන්නේ නෑ හැබැයි ⁣මෙහේ ඉන්න බහුතරයක් international nurseලා සෑහෙන පිරිසක් ඉන්දියන්. තව උදාහරණ නොසෑහෙන්න දෙන්න පුලුවන් කතාව දික් වෙනවා විතරයි.

    අපේ රටට මෙහෙම වෙන්න පාලකයෝ විතරක් නෙමෙයි පාලකයොන්ට වඩා කුහක මිනිස්සු වගකියන්න ඕන මිත්‍රවරුනි. මේක ගැනත් ලියන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
  11. තව මීට වඩා විශ්ලේෂණයක් ඔබෙන් අවශ්‍යයි මාතලනං මොකද දේශපාලන වශයෙන් ලංකාව දැන් ගමන් කරමින් ඉන්නේ 2009න් පසු ග්‍රීසිය ගමන් කළ ගමන් පථයට ඉතා ම කිට්ටු ගමන් පථයක බවයි පේන්නේ එහෙම නේද?

    ලංකාවේ මේ දවස්වල සමාජ ජාල වල ජනප්‍රිය බව පේන ජාතික ජන බලවේගය වගේම ග්‍රීසියේත් ආර්ථිකය බංකොළොත් වුණු පසු වාම ජනප්‍රියවාදී (left-wing populist) බලවේගයක් රැල්ලක් වගේ ඉහළට මතු වී ආවා. එහිදී ඒ බලවේගය හැඳින්වූයේ සිරිසා (Syriza) කියන නමෙන්.

    ග්‍රීක ආර්ථිකයත් (ලංකාවේ ආර්ථිකය විනාශ කළ අන්ත දූෂිත 2015- 2019 රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ කාලේ වගේම) ඉතා අවදානම් තත්ත්වයක් යටතේ පැවතියා, ඒ සමගම එවකට පැතිර ගිය 2008/09 ගෝලීය ආර්ථික අර්බුදයට සමගාමීව 2009 ග්‍රීක් ආර්ථික අර්බුදය ඇතිවෙනකොට සිරිසා කියන වමේ බලවේගයට තිබුණේ සියයට 4.6ක ඡන්ද ප්‍රතිශතයක්. ඒක පහුගිය මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිඵලයට දළ වශයෙන් සමාන එකක්.

    එම ග්‍රීක ආර්ථික අර්බුදය ඇති වී වසර තුනක් යනකොට, ඒ කියන්නේ 2012 දී, සිරිසා ව්‍යාපාරය සියයට 26.9ක් ඡන්ද ලබාගත්තා. 2015 වන විට ඔවුන් එම ප්‍රතිශතය සියයට 36.3 දක්වා වැඩි කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නට ද සමත් වුණා.

    ලංකාවේ 2019 දී රාජපක්ෂ පවුලේ හවුල් ව්‍යාපාරයක් වූ පොහොට්ටුව බලයට ඇවිත් හිටියා වගේම ග්‍රීසියේ ආර්ථිකය කඩාවැටෙනකොට බලයේ හිටියේ PASOK කියන පක්ෂයයි. එතනදී අපි කියපු ඒ 2009 ග්‍රික ආර්ථිකය කඩාවැටෙන්න කලින් PASOK පක්ෂයට සියයට 43.9ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා. නමුත් අර්බුදය නිසා දැඩි ලෙස විවේචනයටලක් වූ ජනතාවගේ දැඩි ක්‍රෝධයට බඳුන් වූ පසුව දැඩි පසුබෑමකට ලක්ව එම පක්ෂය 2012 වන විට ජනවරම සියයට 12.3 දක්වා කඩාවැටුණා. 2015 වන විට එය සියයට 4.7ට පහත වැටී පක්ෂය අතුගෑවිලා ගියා.

    ඒ වගේ ම ලංකාවේ සමගි ජන බලවේගය වගේ ග්‍රීසියේ ඒ වන විට අනෙක් ප්‍රධානම විපක්ෂ කණ්ඩායම වන 'නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්' දුබල විසුළු සහගත මුග්ධ නායකත්වය නිසාම දැඩි ලෙස සමාජය තුල නායයාමකට ලක්වුණා.

    පේන විදියට නම් ලංකාවේ දැනට දකින්න ලැබෙන්නේත් ආර්ථිකය කඩාවැටුණු පසු ග්‍රීසියේ දකින්න ලැබුණාට සමාන දේශපාලන තත්ත්වයක් බවයි මට නම් හිතෙන්නේ, ලංකාවේත් යෝජිත පළාත් පාලන මැතිවරණය මේ වසරේදී ඉදිරි මාසවලදී පැවැත්වුණොත් ග්‍රීසියේ 2012 ලැබුණු ප්‍රතිඵලයට සමාන්තර ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි මමත් ගෙස් කරනවා.

    නමුත් ඇත්තට ම බලන්නට අවශ්‍ය වන්නේ බලයට පැමිණි පසුව ග්‍රීසියේ වාම ජනප්‍රියවාදී පක්ෂයට සිදුවුණේ කුමක්ද කියලයි.

    ඒ ගැන සොයා බැලුවහොත් ඔබටත් දකින්නට පුළුවන් වෙයි 2015 ලොකු රැල්ලකින් බලයට ආ විදියට ම 2019 වන විට සිරිසා පක්ෂය බලයෙන් අතිශය පිළිකුල් සහගත ලෙස වීසි වුණා.

    වාම ජනප්‍රියතාවාදය ආර්ථික අර්බුදයකට විසඳුමක් නොවන බව ග්‍රිසියේ මිනිසුන් අත්දැකීමෙන්ම තේරුම් ගත්තා.

    ඒ නිසා මේ වන විට ලොකු රැල්ලක් පෙනෙන්න තියෙනවා නම් ඒ රැල්ලට එරෙහිව පීනන්න උත්සාහ කිරීම තේරුමක් නැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔය ඕනෑම රැල්ලක් රැල්ල උඩ එන විදියටම රැල්ල යට යන වෙලාවක් එනවා. දේශපාලන රැලිවල ස්වභාවය ඒකයි. ඒකට හොඳම උදාහරණය වන්නේ ගෝඨාභය බලයට පැමිණි විදියත්, ගෝඨාභය බලයෙන් ගිය විදියත් මතක් කර ගැනීමයි.

    මේ රැල්ලේ මා දකින එක හොඳ ප්‍රතිඵලයක් වන්නේ සජිත් ප්‍රේමදාසට පළාත් පාලන මැතිවරණයෙන් පසු පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නට එම පක්ෂයේ ඇතුලතින්ම විශාල පීඩනයක් එල්ල වීමට ඉඩ ඇතිවන බවයි. එසේ නැතිවුණොත් බොහෝ දුරට සමගි ජන බලවේගය කැඩී අලුත් පක්ෂයක් හැදෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.

    එක්සත් ජනපදයේ, යුරෝපීය සංගමයේ සහ ඉන්දියාවේ දැවැන්ත මූල්‍ය සහ බුද්ධිමය සහාය මත පදනම් වූ දැවැන්ත කැම්පේන් වල පිහිටෙන් ලංකාවේ දූෂිත රාජපක්ෂ
    ආණ්ඩුව මේ තරම් ජනප්‍රියත්වයෙන් පිරිහී තිබෙන වෙලාවක, විදේශීය සහාය සහිතව රටේ ජනතාව පාරට ඇවිත් ජනාධිපතිවරයා ගෙදර යැවූ වෙලාවක, වෙන නායකයන් හොයා ගන්න නැති නිසාම මැතිවරණ කල් දමා එක්සත් ජනපදයේ සෘජු මැදිහත්වීමෙන් තනි අලියා රනිල්ව පොහොට්ටු නායකත්වයට බලෙන්ම පත් කරන්නට සිදු වූ මොහොතක, විපක්ෂ නායකයාට තමන් ගේ දේශපාලන ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට බැහැ කියලා කියන්නේ එම විපක්ෂ නායකයා දේශපාලනයට සුදුස්සෙකු නොවන බවයි.

    එවැනි පසුබිමක මගේ අදහස නම් ඔහු තවදුරටත් විපක්ෂ නායකකමේ කාලය නාස්ති නොකොට තමන්ට කරන්නට පුළුවන් වෙනත් රැකියාවක් සොයාගත යුතුයි.

    වාම ජනප්‍රියතාවාදයෙන් කටුක පාඩමක් ඉගෙන ගත්තාට පසුව බොහෝ විට මිනිසුන් හැරෙන්නේ මධ්‍ය-දක්ෂිණාංශික පාලනයක් වෙතටයි.

    ග්‍රීසිය මේ සම්පූර්ණ ගමන් පථය යන්නට අවුරුදු 10ක් ගත කළා. හුඟ වෙලාවට ලංකාවේ මෙය අවුරුදු 5-6ක් ඇතුළත හෝ ඇතැම් විට ඊටත් කලින් සිදුවෙන්නට පුළුවන් කියා මා හිතනවා.

    ඒ නිසා මේ වන විට අප කළ යුත්තේ ලෝකයෙන් පාඩම් ඉගෙන ගෙන, ඉදිරියේ දී සිදුවන්නට නියමිත පෙරළි සඳහා දේශපාලන වැඩබිම සූදානම් කිරීමයි. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ

      තව දෙයක් මාර්තු 09 මැතිවරණය අනිවා කියපු අනුර කුමාර ඊට පස්සේ තනුව මාරු කලා කෙක්කත් හරි කොක්කෙන් හරි ඡන්දය ගන්නවා කියලා.

      පවතින තත්ත්වය ගැන ගැඹුරු අවබෝධයකින් තොරව ප්‍රකාශ නිකුත් කරන මෙවැනි අදූරදර්ශී තකතිරුවන්ට ලක්‍ෂ ගණන් මිනිසුන් රැවටීම මේ රටේ අභාග්‍යයක්.

      හරි නම් මොහු ජවිපෙ නායකත්වයෙන් ඉල්ලා අස්වී npp නම් වූ NGO CIA බලුපූට්ටුව විසුරුවා දැමිය යුතුයි.

      කෙසේ නමුත් මොහු වැනි අමනයෙකු මේ විකෘති සිස්ටම් එකේ පැවැත්මට අවශ්‍ය නිසා ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සිදුනොවිය යුතුයි.

      Delete
    2. & Both Anonymities

      ඔය කරුණු වලට අමතරව තවත් දෙයක් කියන්න ඕනේ, පහුගිය 2022 අප්‍රේල් මාසයේ තුන් වෙනිදා ලංකාවේ සැලසුම් සහගත ගෝ හෝම් ප්‍රොපගැන්ඩා එක පටන් ගත්ත වෙලාවේ පැහැදිලි දේශපාලන පක්ෂ හා සංවිධානය නොවූ අරගලවලට අප සම්බන්ධ නොවන බව ජවිපේ අරගලය ආරම්භයේ දීම කිව්ව..ඒකම වීරවංසලා සහ ගම්මන්පිල සහ තවත් කට්ටිය ගොඩක් එකම විදියට කියුවා කියන්නේ ආරම්භකයෝ ඔවුන් කවුරුත් නොවෙයි වෙනත් විශේෂ තෝරාගත් පිරිසක්.පස්සේ වැඩේ නැගල යනකොට set උනා...ඇත්ත කතාව ජවිපේ ප්‍රමාණයට වඩා පිම්බුනා, දැන් සිදුරු වෙලා, ඒ නිසා ඇත්ත වශයෙන්ම වෙන්නේ අඩියක් පස්සට ගන්නව නෙවෙයි පිම්බිලා වැඩිවෙලා සිදුරු හැදිලා ටික ටික හුළං යනවා.. අන්තරය මෙන්ම ජවිපෙ ජාතික බලවේගයද ලංකාවේ බලවත් ධනවත් ව්‍යාපාරික ප්‍රජාව හරහා බටහිර සහ භාරතීය තානාපති කාර්යාල විසින් ගෝ හෝම් සීන් එක නැගලා යන වෙලාවේ අරගලයට භාවිතා කල තවත් tool එකක් විතරයි. ඊට පස්සේ 2023 මුලදී ඔවුන් මැතිවරණ ප්‍රචාරක වැඩ හරහා ජන මනස වෙනත් දිශාවකට හැරවීමට යොදා ගත් ටූල් එකක් වුණා නමුත් පේන විදියට නම් වැඩේ ඉවර වුණ නිසා දැන් ඒක විසිකරල. ආයේ අවශ්‍යතාවයක් වුණොත් ආපහු අතට ගන්න පුළුවන් වේවි.

      Delete
  12. මාතලන් මෙතන කියන කතාව ඇත්තක් වෙන්න ඇති නමුත් මට වෙන ප්‍රශ්නයක් තියෙනවා, මේකයි සීන් එක ගොඩක් ෆේස්බුක් සමූහ වල මම ඉන්නවා මාතලන්. ඒවට යොමු කරන නිර්නාමික ගැටළු බොහොමයක්ගෙ මම කාලෙක ඉදන් දකින පොදු ලක්ශණයක් තියෙනවා. මන් දන්නෑ මේක වර්තමාන ට්‍රෙන්ඩ් එකක්ද කියලා..

    ඒ ගොඩක් පෝස්ට් පටන් ගන්නෙ මෙහෙම

    " මම බැඳපු කෙනෙක් . හැබයි මගෙ මහත්තයා බැඳලා ටික කාලෙකින් රට ගියා. එයා ඉන්නෙ රට දැන් අවුරුදු ගානක් තිස්සෙ මන් ඉන්නෙ මෙහෙ. අවුරුදු දෙක තුනකට පාරක් එනවා එයා... බ්ලා බ්ලා "

    " මමයි මගෙ හස්බන්ඩුයි බැඳලා අවුරුදු කිහිපයක්. රැකියාවට යන නිසා මම ඉන්නෙ මගෙ ගෙදර . හස්බන්ඩ් ඉන්නෙ එයාගෙ ගෙදර මාසෙකට දෙපාරක් විතර සති අන්තෙදි අපි හම්බෙනවා.. බ්ලා බ්ලා"

    " මගෙ හස්බන්ඩ්ටයි මටයි ඉන්න වෙනම ගෙයක් නෑ මුලින් අපි හිටියෙ එයාගෙ මහගෙදර..මට එහෙ ඉන්න කරදරයි නැන්දම්මා එක්ක. ඒ නිසා මම අපේ ගෙදර ආවා.. එයා එයාගෙ ගෙදර . එයා අපේ අම්මලට කැමති නෑ . මන් එයාලගෙ අම්මලට කැමතිත් නෑ. අපිට වෙනම ගෙවල් අරන් යන්න සල්ලිත් නෑ. අනේ ඩිවොස් වෙන්න කියන්නෙපා.. එයා ඉන්නෙ අක්කරෙයිපත්තු , මම ඉන්නෙ අටකලම්පන්නෙ.. බ්ලා බ්ලා බ්ලා"

    " මගෙ හස්බන්ඩ් එයාගෙ අධ්‍යාපන කටයුතු වලට පිටරට ගියා. දැන් එයා එහෙ සෙට්ල් වෙලා ජොබ් එකක් කරනවා. මම මෙහෙ. මන් අම්මලා දාලා. යන්න ආස නෑ. බ්ලා බ්ලා"

    " මගෙ අම්මලා මගෙ බබාට ගොඩක් ආදරෙයි. ඉතින් එයාලා කැමති නෑ අපි වෙන කොහෙවත් ඉන්නවට. හැබයි හස්බන්ඩ් එහෙ ඉන්න කැමති නෑ. අම්මලා කියනවා ඩිවෝස් වෙලා බබා අරන් ගෙදර එන්න කියලා. හස්බන්ඩ්ගෙ මුකුත් වරදක් නෑ ඩිවෝස් වෙන්න. අනේ මගෙ අම්මලා පව් නිසා මන් බබා අරන් ගෙදර ආවා බ්ලා බ්ලා බ්ලා"

    මේ මන් දැම්මෙ ඒවගෙ ගොඩක් ප්‍රශ්න පටන් ගන්න හැටි.

    හස්බන්ඩ් වයිෆ් බැන්ද දා ඉදන් ඉන්නෙ වෙන වෙනම. එක්කො අවුරුදු ගනන් හස්බන්ඩ් රට.. ඉබ්බා විය සිදුරෙන් හඳ දකිනවා වගෙ ලංකාවට එන්නෙ. එක්කො දෙන්නම ලංකාවෙ හැබයි තම තමුන්ගෙ මහ ගෙවල් වල දෙන්නා වෙන වෙනම ඉන්නෙ. පවුල් කන්න හිතුනම සති අන්තෙදි හමු වෙනවා😁

    රටේ තියෙන ජිවන තත්වයත් එක්ක තමුන්ගෙ පවුලේ ආර්ථිකය ‍යහපත් කරගන්න ටික කාලෙකට වෙන් වෙලා ගිහින් කීයක් හරි හම්බු කරන් එන එක ගැන නෙමෙයි මම මේ කියන්නෙ.. වරදවා වටහා ගන්නෙපා..

    මම මේ කියන්නෙ තම තමුන්ගෙ පෞද්ගලික ආත්මාර්ථකාමි හේතු නිසා සහ වැඩිහිටියන් ලෙස කෙලින් තීරණ ගන්න බැරුව සහ දෙමාපියන්ගෙ සාය සරම් අස්සෙ එල්ලිලා බැන්දට පස්සෙවත් ස්වාධිනව පවුල් ඒකකයක් පවුලක් ලෙස ගෙනියන්න අකමැති/ අමාරු/ තේරෙන්නැති / උවමනාවක් නැති අය ගැන

    සමහරවිට මේ ආත්මාර්ථකාමිකම හෝ නූවමනාව තියෙන්නෙ කසාඳයක් ඇතුලේ එක් පාර්ශවයකට පමණයි. අනික් පාර්ශවය ඒ නිසා කායිකව මානසිකව සෑහෙන පීඩනයකට පත්වෙනවා. ඇත්තටම එයාලා නමට විතරක් පවුල් වෙච්ච ඈයෝ..

    රට රැකියා ගැන උනත් සමහර අවස්ථා වලදි මන් දකිනවා ආර්ථිකය යහපත් කරගැනීමෙන් එහාට ගිහින් ශක්තිමත් ආර්ථිකයක් තිබියදි පවා බොහෝ සැමියන් බිරිඳ මෙහෙ අවුරුදු දහය පහ විස්ස තිහ තනිකරලා එහෙට වෙලා ආතල් එකෙ ඉන්න අවස්ථා. සමහරවිට අර තරුණියට කසාඳ ජිවිතය පුරා තමුන්ට ලැබිය යුතු අත්විඳිය යුතු සුන්දර දෑ කිසිවක් ඒ නියමිත වයස් සීමා වලදි ලැබිලා නෑ. දන්න දා ඉදන් මිනිහා රට.. මෙහෙ ගෑනියෙක් තමුන්ගෙ නමින් බුක් කරලා එහෙ ගිහින් ආතල් එකෙ අවුරුදු ගනන් ඉන්නවා.

    ඇත්තටම මිනිස්සු විවාහයකට ඇතුලත් වෙන්නෙ ජිවිතේ බෙදාගන්න නම් කිසිම අනාගත සැලැස්මක් නැති දෙතැනක ඉදන් පවුල් කන්න වෙන මෙලෝ රහක් නැති කසාඳ කරගන්නෙ ඇයි?

    කෙනෙක් කියන්න පුලුවන් ඒක ඒ අයගෙ කැමත්ත කියලා.

    ඒක එයාලාගෙ කැමත්ත නම් එවන් ඩිස්ටන්ස් මැරේජ් ලයිෆ් ඇතුලෙ ඉන්නකොට එන කෝටියක් ප්‍රශ්න වලට විසඳුම් අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඇයි?

    දෙතැනක දිර්ඝ කාලයක් ඉදන් පවුල් කනකොට එන අති බහුතර ප්‍රශ්න ගැන මෙලෝ දැනුමක් නැතුව අනවබෝධයෙන් විවාහ වෙන්නෙ ඇයි? කසාඳ ජිවිතෙන් බාගෙකට වඩා වෙනම ඉන්න නම් ඇයි එහෙම කසාඳ මිනිස්සු කරගන්නෙ?

    මොකක්ද මේ ගැන අදහස? මේකටත් පෝස්ට් එකක් ලියන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
  13. Breaking නිව්ස් 💥

    IMF එකෙන් ලැබුණු $ මිලියන 330න්, 121ක් ඉන්දියාවෙන් ගත්ත ණය වලට ගෙවලා..

    දැන් ඉතිරි $ මිලියන 209යි. ඒකත් බංග්ලාදේශයේ ණය ගෙවන්න ඕන නේද?

    ඒ අස්සේ ෂේප් එකේ බිල් ටිකයි ටැක්ස් වැඩි කරගන්න සහ චීන යුරෝපීය කඹ ඇදිල්ලේ තරඟාවලිය අත්හිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරපු බොරු මැතිවරණ කැරට් අලේ පෙන්නලා කපුටාස් හරහා චීනයේ සහයෝගයෙන් රුපියල් බිලියන ගණනක් වියදම් කරලා හදපු "අපි නම් මාලිමාවට" රැල්ලත් ඉවරයි දැන්, ඒ අස්සේ රැල්ලට අහු වෙලා පාවුණ උන් දැන් ටික ටික වැල්ලට ගොඩ ගහනවා, ඇත්තටම මාතේ ඊළඟ විදේශ ණය වාරිකේ ගන්න රනිල් වික්‍රමසිංහ උන්නැහේ මොන වගේ ගේමක් දෙයිද දන්නේ නැහැ නේද? ආයේ බූරුවංස වාසි දේව මංගොන්පිලයා සොරිසේන ගමරාලලව කොට ඩලස්ලව ප්‍රමෝට් කරන්න උන්ගේ අර මොකක්ද සබාවට රැල්ලක් හදයි ද? සජබයියෝ ටිකනම් තාවකාලිකව ආණ්ඩුව විරෝධි කතා නවතා අයි එම් එෆ් මුරුංගා අත්තේ තබා හෙන වර්ණනාවක් කරලා ෂේප් වුණා වගේ තව ටික දවසක් සයිලන්ස් වෙයි නේද? ඇත්තටම ඊළඟට මොකද වෙන්නේ කියලා කාටහරි කියන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
  14. The reason why IMF went out of the way to give us the so called bailout loan was to privatize our valuable assets like Telecom & Lanka hospital on the influence by Tamil Diaspora. They say to privatize but see, who will buy our bankrupt assets, only by Diaspora & Indians.
    This is the whole game.US & the West ,IMF working under the influence of Tamil Diaspora. Ranil wants cash only whatever way to bring food & cars to keep people happy to call presidential election in November to win. It is good one way or other rules are brought to reduce corruption by our politicians but what will happen is these privatized companies bosses then do worse fraud & corruptions as happened in the US. Specially Telecom & Lanka hospital should be bought by a joint local businesses group like Dhammika Perera & Dilith etc. Forget petty politics among ourselves & look at the broader picture, who are going to buy our assets & we should prevent them going to Diaspora groups & Indians.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න