.

.

Mar 8, 2023

IMF සහනය සියල්ලට තෛලය වන්නේද?


 IMF සහනය

සියල්ලට තෛලය වන්නේද?

➖➖➖➖➖➖➖➖🔴➖


පරගලයෙන් ගිනිකන වැටුන උන් මුලින්ම කිව්වේ, මේ ආන්ඩුවට හා රනිල් රාජපක්ෂට IMF එකෙන් මෙලෝ දෙයක් දෙන්නේ නෑ කියලාය. එහෙත් මේ මාසය තුලදීම හෝ නුදුරු දිනකදි එම සහණ ණය මුදල ලැබීම ආරම්බ වනු ඇත්තේය.


දැන් පරගල අපතයන් පාරට බැස උද්ඝෝෂණ කරමින් වලිකන්නේ, එය නවතා දමා, රට තවදුරටත් කාබාසිනියා කර දැමීමටය. මේ උද්ඝෝෂණ හා වැඩ වර්ජන කරනා සියල්ලන්ටම සංග්‍රහ කල යුත්තේ ත්‍රස්තවාදීන් සේ සලකාය.


IMF එක ලැබුනාම සියල්ල එයින් ගොඩ යන්නේය යන අමන සිතුවිල්ලක් ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා උන්ට ඇති විය හැකි වුවත්, ආර්ථිකය ගැන දන්නා උන්ට එහෙව් ගොබ්බ සිතිවිලි ඇති වන්නේ නැතිය.


දැන් මේ දෙස බලා සිටීමට නොහැකිව අර්ශෂ් තද වූ, වැඩිපුර ඩොලර් 500 න්, ත්‍රිකුණාමලයෙන් හා දේශීය ආර්ථිකයකින් රට ගොඩ දැමීමට බලා සිටිනා ආර්ථික උස්තාද්ලා කියන්නේ, තව තවත් ණය අරගෙන, රට තවත් ආමාරුවේ දාන්න යනවාය කියලාය.


රට මේ ලෙස විනාශ වූයේ ඝෝඨා විසින් එහෙම දේශීය ආර්ථිකයක් හදන්න ගිහිල්ලාය. එහෙව් බඩකඩුත්තුවක් මේ රටේ කරන්න බැරි බව මේ වෘෂභයින්ට අත්දැකීමෙන් හෝ තේරුම් ගැන්මට මොළය කළඳක් ඇත්තේ නැතිය.


මේ රටේ කාර්මික හෝ කෘෂිකාර්මික නිශ්පාදන කරනවාට වඩා කළ යුත්තේ ඩුබායි, සිංගප්පූරුව මෙන් සේවා ආර්ථිකයකට යාමය. ඊට හේතුව වන්නේ, අපේ නිශ්පාදන පිරිවැය ඉතා ඉහළ විමත්, නිශ්පාදන අමුද්‍රව්‍ය නොමැති වීමත්‍ය.


හොඳම උදාහරණය බිත්තරයය. 


100% බද්දක් ගසා ඉන්දියාවෙන් ගෙනත් ලාබයකුත් තබාගෙන රුපියල් 35 කට පාරිභෝගිකයාට ලබා දිය හැකි බිත්තරයට, අද අපි රුපියල් 55-60 ක් ගෙවමින් සිටිමු.


 පුද්ගලයින් හතර පස් දෙනෙකුගේ මාෆියාවක් හා උන්ගෙන් කප්පම් ගන්නා දේශපාලන පක්ශයක් මෙන්ම, උන්ගෙන් අල්ලස් ගන්නා රාජ්‍ය නිළධාරින් වෙනුවෙන්, බිත්තර වෙනුවට පරිප්පු කන්නේ කුමකටද?


මේ IMF ණය ගැන ඇති අනියම් බියද අමු ප්‍රොපගැන්ඩාවකි. අපි 16 වතාවක් ණය ලබගෙන ඇතයි කීවත්, ඒ 16 වතාවේම ලබාගෙන ඇති මුලු මුදලේ එකතුව ඩොලර් බිලියන 3.6 කි. 


තව දුරටත් ඔවුන්ට ගෙවීමට ඇත්තේ යහපාලන සමයේ ලබා ගත් ඩොලර් මිලියන 700 ක් පමණකි.


යුද්ධයෙන් පස්සෙ රාජපක්ෂලා ලබාගත් වැඩිම   ණට මුදල වූ ඩොලර් බිලියන 1.65 ක මුදලද ගෙවා අවසානය.


(IMF දත්ත එක් ඡායාරූපයක් තුල විස්තරාත්මකව එල්ලා ඇත.)




කෙසේ වෙතත් මේ මොහොතේ මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීමට ගෙන එන යෝජනාව මාතලන්ට අනුව නම් කොමිසම් සභා වලට එහා විකාරයක්මය. කළ යුත්තේ, රට ආර්ථික වශයෙන් ගොඩ එන තෙක් හෝ දිගටම, ඉන්දියාව කලාක් මෙන්, IMF නියෝජිතයින්ගේ අධීක්ෂණයට යටත් කිරීමය.


ඊට හේතුව වන්නේ, ඩොලරය ශක්තිමත් වී රට නැවත යතා තත්වයට පත් වෙමින් තිබෙන්නේ නන්දලාල් වීරසිංහගේ හෝ රනිල් වික්‍රමසිංහගේ දස්කමක් නිසාවෙන් නොව, ඒ දෙදෙනා විසින් ක්‍රියාත්මක කළ IMF යෝජනා හේතුවෙන් වීම නිසාය.


රනිල්ට හා නන්දලාල්ට අපේ ප්‍රණාමය හිමි විය යුත්තේ, කිසිවකුටත් බිය නොවි ඒ යෝජනා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට තරම් කොන්දක් තිබීමේ හේතුවෙන්මය.


ඒ වගත් මෙසේය....


.

3 comments:

  1. ඒක නෙවෙයි ප්‍රශ්නය කුහක ජෙප්පන්ගේ බේගල් වලට රැවටිලා ආන්ඩු පෙරලන්න හිතාගෙන තමුන් පිටරට අමාරුවෙන් හොයාගත්තු සල්ලි ලංකාවට එවන්නේ නැතුව හිටපු එවුන්ට දැන් ඇට දෙක උර උර තමා ඉන්න වෙන්නේ. කොච්චර පවුද ඒ කට්ටිය?

    ReplyDelete
  2. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් පවතින රුපියල, වසර අවසානයේදී නැවතත් දුර්වල විය හැකි බවට අනාවැකි පළවී තිබේ.

    එහිදී රුපියෙල් අගය 23% කින් පමණ පහත වැටෙනු ඇති බව ෆිච් සොලූෂන්ස් (Fitch Solutions) ආයතනය උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදල සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවුවද, මූල්‍ය වැඩසටහනට අනුගතව කටයුතු කිරීම දුෂ්කර අභියෝගයක් වනු ඇති බව ෆිච් මූල්‍ය විසදුම් අංශයේ අවදානම් විශ්ලේෂක සේවෑන්ග් ටින් මහතා පවසයි.

    විදේශ ණය ගෙවීම සඳහා සංචිතය ඉහළ නැංවීමට සිදුවීම, දුර්වල ආර්ථිකය සහ ඉදිරි මැතිවරණ ඊට බාධාවක් ඇති කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.

    ඒ අනුව වසර අවසානය වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 390 දක්වා වාර්තාගත ලෙස දුර්වල විය හැකි බව ෆිච් විශ්ලේෂකයා සඳහන් කරයි.

    ReplyDelete
  3. ගෝටගෝ කියලා හිටපු හූරව එලවන්න අපි කරපු අරගල පොජ්ජෙ අවසාන ප්‍රතිපල පොජ්ජ වුනෙ රනිය ජනාදිපති හූර වෙච්ච එක.

    රනිය හූර එළවන අරගලපොජ්ජෙ අවසාන ප්‍රතිඵල පොජ්ජ අපි ඇත්තොලට ගු වතුර පොජ්ජ නාල ගු පොජ්ජ කොටා බාන්න වෙන එක.😋😋😋😋😋😋😋

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න