.

.

Mar 9, 2023

N M පෙරේරා, IMF, IFC හා අනේ මෙහෙම තන්හාවක්

 



N M පෙරේරා, IMF, IFC හා

අනේ මෙහෙම තන්හාවක්

➖➖➖➖-➖➖➖🔴➖


ඔය ඝෝඨා මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කලා වගේම, 1970 - 77 හත් අවුරුදු සාපය කාළෙත්, රුපියලට අම්මට හැමිනිලාම ගියා.


මිනිස්සු බැංකු විශ්වාස කලෙත් නෑ. ඒ කාළේ තිබ්බෙත් ආන්ඩුවේ බැංකු විතරයි. පෞද්ගලික බැංකු තිබ්බත් නොතිබ්බ ගානයි. සාමාන්‍ය ජනතාව බැංකු එක්ක ගණුදෙණු කලෙත් නෑ. කරපු උනුත් සල්ලි හංගා ගත්තා. මුට්ටි කාසි කිව්වේ ඒවටද කියන්න නම් මම හරියට දන්නෙ නෑ.


දැන් ආන්ඩුවට සල්ලි නෑ. ඇන් ඇම් කියන්නේ ජේ ආර් වගේම ගල් ආඳෙක්. පොර කලේ... තවත් මාසයකින් පැරණි රුපියල් 100 නෝට්ටුව අවලංගු නෝට්ටුවක් බවත්, වහාම ඒවා බැංකුවල තැන්පත් කරන ලෙසත් දැන්විම.


මිනිස්සු පෝලිමේ ඇවිත් බැංකුවල සල්ලි දැම්මා. සමහර උන් රුපියල් 100 ඒවා රුපියල් 50 ට ගත්තා. ඒ වගේ සත්ගුණවත් මිනිස්සු අද වගේම එදත් උන්නා.


මේ වෙමින් පවතින්නේ ඊට වෙනස් දෙයක්.


ඇත්තටම ආන්ඩුවට ඩොලර් නැති උනාට, මිනිස්සු ළඟ ඩොලර් තිබුනා. හැබයි ආනයන තහනම් දාලා මිනිස්සුන්ගේ බිස්නස් වලට කෙලලා රට කාබාසීනියා කලාම ඩොලර් එකේ මිළ ඉහළ යන බව දන්න නිසා, ආන්ඩුව කොච්චර සෙල්ලම් දැම්මත් ඒ ඩොලර් හොල්ලන්නවත් බැරි වුනා. අපි මේ ගැන අනන්ත ලිව්වා.


ඒ අස්සේ තමා IMF පත්තු වෙන්න යන බව තේරුන IFC (International Financial Corporation) එකෙන්, ඩො:මි: 400 ක් ප්‍රයිවට් බෑන්ක්ස් වලට ලැබෙන්නේ. ඒකට තා හේතුවක් තිබුනා. 


ඒ මීට මාස දෙක තුනකට කලින් ආනයන භාන්ඩ රාශියකට තිබූ තහනම ඉවත්වීම හේතුවෙන් ආයෙත් බජාර් එකේ බිස්නස් ටිකක් ඕ කේ වීම. මේ ගොබ්බයෝ කාර් සේල් වලට කෙලියා වගේ රට පුරාම තියෙන බියුටි සැලෝන් වලටත් කෙලින්න ගියේ. ඒවයෙන් ජීවත් වෙච්චි උන් රජයට බරක් නෙමේ නේ.


මිනිස්සුන්ගේ පරිභෝජන රටාවට දොස් කියපු උන්ටම මේ රට දුවන්නේ ඒ නිසා බව දැන් තේරිලා. ආන්ඩුවේ පින් පඩි ගන්න උන්ට ටැක්ස් වැදිලා කෙලවෙලා ගියාට, මේ රටේ මහන්සිවෙලා හරි හම්බ කරන මිනිස්සු උපයන දෙයින් තමා, උනුත් පින්පඩි අරගෙන ආතල් ගත්තේ.


ඕන් අද ඩොලර් රුපියල් වලට මාරු කරගන්න මිනිස්සු බැංකුවල පිරිලා. මෙ බොහෝ දෙනෙක් පිටරට ගිහින් හම්බ කරගෙන ආපු උන්.


කෙලවෙලාම ගියේ උන්ඩියල් කාරයින්ට. උනුත් බැංකු පෝලිමේ කියලයි ආරංචිය.


බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්

දෙන්නට වේ යැයි සැක සිතලා

මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී

පැණි කොමු පිස කෑවේලූ

අනේ මෙහෙම තණ්හාවක්, 

අනේ මෙහෙම ආශාවක්

මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්...


.

8 comments:

  1. රනිල්, IMF, නන්දලාල් ත්‍රිත්වය රට ණය උගුලක හිරකරන්නේ කෙසේද?

    ජවිපෙ ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ආර්ථික උපදේශක
    - මහාචාර්ය සුමනසිරි ලියනගේ

    .

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවීම සමග, ශ්‍රීලංකාවේ ආර්ථිකය නිවැරදි දිසානතියක ගමන් කරන්නේය යන මිථ්‍යාව විවිධ පිරිස් විසින් සැලසුම් සහගතව ජනමාධ්‍ය හා සමාජ ජාල වල විශාල වශයෙන් පතුරුවා හරිනු ලබන බවක් දැකිය හැක. අත්‍යවශ්‍ය භාංඩ ආනයනය කිරීමට අවශ්‍ය විදේශීය මුදල් සංචිත ලංකාව සතුව ඇතැයි මහ බැංකු අධ්පතියා පවසයි. ආංඩුවේ ප්‍රතිපත්ති නිසා ශ්‍රීලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයකට පැමිණ ඇතිබව කුහක නොවී විපක්ෂයේ අපිත් පිළිගත යුතු බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. IMF මාවත හැර වෙනත් විකල්පයක් නැතැ යි රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ඔඩොක්කු කුක්කන් හරහා රට පුරාවට ප්‍රචාරය කරන අදහස ඇත්තකි යි මේ සියල්ලෝ සිතති.

    අපි මුලින්ම රුපියලේ ශක්තිමත් වීම ගැන බලමු. 2022 ඩොලරයේ නිල අගය කෘත්‍රිම ලෙස රුපියල් 202 ක් හිරකර තිබින. 2022 අප්‍රියෙල් වලදී එය ලිහා දැමීම සමග රුපියල් 380 ක මට්ටමකට ඩොලරයේ අගය ඉහළ ගියේ ය. මේ අගයයන් දෙකම පෙන්වන්නේ රුපියලේ ඇත්ත අගය නොව එය උච්චාවචනය විය හැකි අන්ත දෙක ය. එහි සත්‍ය අගය තිබෙන්නේ මේ අතර ය. පෙන්ඩියුලමය පැද්දී එහි ඇත්ත අගයට ඒමේ ප්‍රවණතාවයක් ද ක්‍රියාත්මක වේ. ඒ අගය රුපියල් 250- 260 වෙතැයි සමහරෙක් සිතූහ. එහෙත් මේ අගයද විචල්‍යයකි. එය විවිධ සාධක මත රැදෙන්නකි.

    ඩොලරයේ වර්තමාන රුපියල් මිල තේරුම් ගැන්මට, 2022 අප්‍රියෙල් සිට දිග ඇරුන ක්‍රියාවලිය මෙහි ලා තේරුම් ගත යුතු වේ.

    1. 2022 අනෙක් මුදල්වලට සාපේක්ෂව ඩොලරයේ අගය එහි ශිඛරයටම නැංගේ ය. මෙහි කිසියම් පහත වැටීමක් 2023 පෙන්නුම් කළේ ය.

    2. ශ්‍රීලංකාවේ විදේශ විනිමය ඉපයුම්වල වැඩිවීමක් 2022 දෙවන භාගයේ සිට දැකිය හැක. සංචාරක පැමිණීම් වැඩිවීම, ප්‍රේශණ වැඩිවීම මෙහිලා වැදගත් වේ. ශ්‍රීලංකාවේ නිර්‍යාත කරුවන් මෙරටට ගෙනඑන විදේශීය ඉපයීම්වල ද වැඩි වීමක් ද දැකිය හැක. වෘත්තිය සමිති නායකයෙකු වූ ස්වස්තිකා අරුලිංගම් ගේ විවේචනය මෙයට බෙහෙවින් බල පෑ බව නොරහසකි. මේ හේතුන් නිසා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමට හේතුවකි. මේ එකක්වත් රනිල් වික්‍රමසිංහ ආංඩුවේ ප්‍රතිපත්ති පියවරවල ප්‍රතිඵලයක් නොවේ.

    3. IMF-රනිල් වික්‍රමසිංහ-නන්දලාල් වීරසිංහ ත්‍රිත්වයේ ප්‍රතිපත්ති රුපියලේ "ශක්තිමත්" වීමට බල නොපෑවේද? සත්තකින්ම උක්ත හේතුන් ට අතිරේකව ත්‍රිත්වයේ ක්‍රියාකාරිත්වය කිසියම් බලපෑමක් කළේ ය. ඒ කෙසේ ද? ත්‍රිත්වයේ පහුගිය මාස 10 ක්‍රියාකාරිත්වය ශ්‍රීලංකාවේ ආර්ථිකය සංකෝචනය කිරීමට හේතුවිය. ඒ ප්‍රතිපත්ති අත්‍යන්තයෙන්ම සංකෝචනාත්මක ඒවා විය. එවායේ ප්‍රතිඵල ලෙස ආදායම් වල වැටීම සමග පොදුවේ ඉල්ලුමේ පහත වැටීමක් සිදුවින. ඉන්ධන ඉල්ලුම විශාල ලෙස පහත වැටින. පොලී අනුපාතිකය අසාමාන්‍ය ලෙස ඉහළ දැමීම නිසා පාරිභෝගික ඉල්ලුම පමණක් නොව ආයෝජන ඉල්ලුමද පහත වැටින. මෙවන් තත්ත්වයක් තුළ ඩොලර ඉල්ලුම පහත වැටීම සමග රුපියලට යම් අස්වැසිල්ලක් ලැබීම අනීවාර්‍යයෙන්ම සිදු වේ.

    මේ අනුව ත්‍රිත්වයේ ආර්ථික වැඩසටහන සාර්ථක යැ යි කිව හැකිද? මගේ නිශ්චිත උත්තරය නැත යන්න ය.

    Continue...

    ReplyDelete
    Replies
    1. ත්‍රිත්වයේ (IMF, රනිල් වික්‍රමසිංහ සහ නන්දලාල් වීරසිංහ) පහුගිය දසමසක ක්‍රියාකාරිත්වය නිසා ශ්‍රීලංකාවේ ආර්ථිකයේ සහේතුක ස්ථාවරත්වයක් ඇතිවී ඇතැ යි ඔව්හු පුන පුනා කියති. ත්‍රිත්වය ඇත්තටම තැත් කරන්නේ ආර්ථිකය අර්බුදයෙන් ගොඩ ගන්න ද? ඒ කෙසේ ද? ඇත්තටම සිදුව ඇත්තේ සහ ඇතිවෙමින් තිබෙන්නේ කුමක් ද? අපි ඔවුන්ගේම දත්ත සහ unicef, save the children දත්ත මෙන්ම පුවත්පත් වාර්තා ද සැලකිල්ලට ගනිමු.

      සමාජ ආර්ථික වර්ධනය දැක්වීමේ එය හොදම මිනුම නොවුනද, බොහෝවිට සහ බොහෝදෙනෙකු යොදාගන්නේ දළ දේශීය ආදායම (GDP) යි. ත්‍රිත්වයේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමෙන් පසු එනම් 2022 තෙවන කාර්තුවේ GDP සියයට 11.8 කින් පහත වැටින. මෙය සැලකිල්ලට ගනිමින් ලෝක බැංකුව පුරෝකථනය කළේ 2022 ශ්‍රීලංකාවේ GDP සියයට 9.2 කින් පහත වැටෙන බව ය. 2023 තත්ත්වය යහපත් වේද? නැත. ලෝක බැංකුවට අනුව 2023 දී මෙය තවත් සියයට 4.2 කින් පහත වැටෙනු ඇත. ත්‍රිත්වයේ මූලෝපායය වන්නේ ආර්ථිකය සංකෝචනය කිරීමය. එසේ ආර්ථිකය සංකෝචනය කොට ආර්ථිකය එහි පතුලටම වැටුනවිට එහි ස්වාභාවික හේතු මගින්ම යම නැගීමකට යෑමක් සිදුවේ. ආර්ථිකයක ගමන චක්‍රාකාරය. ත්‍රිත්වයේ ආර්ථික විද්‍යාව විශ්වාස කරන්නේ ආර්ථික ප්‍රතිපත්ති මගින් කළ යුත්තේ ඒ චක්‍රීය ක්‍රියාවලියට එසේ යෑමට ඉඩ හැරීමය. මේ ප්‍රතිපත්ති හදුන්වන්නේ pro-cyclical ප්‍රතිපත්ති ලෙස ය.

      මෙයට හාත්පසින් වෙනස් ප්‍රතිපත්ති ජෝන් මේනාඩ් කේන්ස් යෝජනා කළේ ය. ඒ ප්‍රති-චක්‍රීය (counter-cyclical) ආර්ථික ප්‍රතිපත්ති ය. ආර්ථිකය වැටෙන විටක ආංඩුව කළ යුත්තේ එය ආපසු හැරවීම ය. ත්‍රිත්වය ඊට විරුද්ධ ය. ත්‍රිත්වය යෝජනා කරන්නේ, ආර්ථිකය සංකෝචනය වනවිට එය තවත් සංකෝචනය වීමට ආංඩුව ක්‍රියාකළ යුතු බව ය. පුද්ගල ආදායම් සංකෝචනය වනවිට ඔවුනගේ පරිභෝජනය අඩුවේ. ආංඩුව එවිට එය තවත් අඩු කිරීමට බදු එසවිය යුතු වේ. ඊට අතිරේකව ආංඩුවේ වියදම් ද කැපිය යුතු ය. ත්‍රිත්වය යෝජනා කරන්නේ සහ කරමින් සිටින්නේ මෙය ය.

      ඒ ජාතික ආදායම ට වී ඇති දෙය ය. අපි සේවානියුක්තිය සහ සේවාවියුක්තිය දෙස බලමු. පසුගිය මාස අටක කාලය තුළ විරැකියාව ලක්ෂ හතරකින් පහකින් වැඩ්වී ඇත. රස්සා කරන්නවුන්ටත් හරිමනත් රස්සාවක් නැත. ආංඩුව රස්සා වැඩි කිරීමට මේ මොහොතේ පියවර ගත යුතු වුවත් ආංඩුව කරන්නේ රස්සා තවත් නැති කරන්නට ය. වරෙක නරිලා මේ ප්‍රතිපත්තියේ සැගවුන අරමුණ ඔහුගේ කථාවකින් එලිදරව් කළේ ය. ඔහු බලාපොරොත්තු වන්නේ විරැකියාව වැඩිවනවිට අඩු පඩියකට මිනිස්සු වැඩකිරීමට ගැන්මටය. ඒ මගින් කලාපයේ අනෙක් රටවල් හා තරගකාරිත්වය වැඩිකර ගැන්මට ය.

      Continue

      Delete
    2. රටක ආර්ථික ඉදිරිය අන්කවර දේකටත් වඩා නියෝජනය වන්නේ ඒ රටේ ළමයිනට දක්වන සැලකිල්ල මගිනි. මේ ගැන unicef සහ save the children දෙන වාර්තා දෙසත් බලමු. නරිලා ගේ ආංඩුව විශ්ව විද්‍යාල ඇතුලටත් කදුලු ගෑස් ගසයි. Unicef වාර්තාවට අනුව ත්‍රිත්වයේ ප්‍රතිපත්ති නිසා ළමයින්ගේ මූලික අවශ්‍යතාවනට වැදී ඇත්තේ මරු පහරකි. දැන් අවශ්‍ය බෙහෙත් ගේන්නට ඩොලර් තිබේයැ යි කටමැත දොඩන මහ බැංකු ලොක්කා රිජ්වේ ළමා රෝහලට ගියොත් එහි තත්ත්වය වෙනස් බව පෙනෙනු ඇත. මිලියන 2.3 ක් ළමයින්ට මූලික මානුෂ අවශ්‍යතා නො ලැබේ. ළමයින් 56000 ක් අධික ඌන පෝෂණයෙන් පෙළේ. මිලියන 4.8 ක ළමයිනට අඛණ්ඩ අධ්‍යාපනය ලැබේ යැයි සහතික නැත.

      Save the Children වාර්තා අනුව ළමයින්ගේ ආහාර අඩකින් කපා දැමීමට පවුල්වලට සිදුවී ඇත.

      සලාක ක්‍රමය නිසා හා මිල ඉහළ දැමීම නිසා ඉන්ධන පෝලිම් නැතිබව ඇත්ත ය. ඉහළ දැමූ ලාම්පුතෙල් මිල නිසා මුහුදු යෑම කප්පාදු කිරීම නිසා ආදායමක් නොලැබෙන ධීවර පවුල් කොපමණද? ඩොලරයට සාපේක්ෂව රුපියලේ ඉහළ යාම ආර්ථිකයේ ඉහත සාකච්ඡා කළ කඩාවැටීම ආපසු හරවන්නේ නැත. ඔව්, එය ඉබේ හැරවෙන දවසක් එනු ඇත. එහෙම නම් ආංඩුවක් හෝ මහ බැංකුවක් මොකටද?

      ජෝශප් ස්ටිග්ලිට්ස් ආර්ථික ව්ද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගයෙන් පුද ලැබූවෙකි. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය වරයෙකි. කලෙක ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා වූ හේ ආසියානු මූල්‍ය අර්බුදයේ දී IMF එක යෝජනා කළ ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළේ ය. එකී IMF ප්‍රතිකර්ම යෝජනා නිවැරදි යැයි අපේ රටේ මහාචාර්යවරු තවමත් විශ්වාස කරති. පුලුල් ලෙස ගත්විට ස්ටිග්ලිට්ස් කේනීසියානු ගුරුකුලයේ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස දැක්විය හැක. කේන්ස් විසිවෙනි සියවසේ අසම්මතයේ ආර්ථික විද්‍යාඥයා (heterodox economist) වූයේ ය. ශ්‍රීලංකාවේ ඒ ගුරුකුලයේ ආර්ථික විද්‍යාඥයන් විරල ය. මෙරට විශ්ව විද්‍යාල පද්ධතීය තුළ මේ ගණයට වැටෙන ආර්ථික විද්‍යාඥයන් ලෙස මා දකින්නේ මහාචාර්ය Wasantha Athukorala සහ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි ය. අඩුතරමේ ත්‍රිත්වය ක්‍රියාවට නගන ප්‍රතිපත්ති සවිඤ්ඤානිකව ආර්ථිකය සංකෝචනය කිරීම ඉලක්කකරගත් ඒවා ලෙස ඒ දෙපොල පෙන්වා දෙති.

      මා ඊයේ සටහනින් දැක්වූයේ ත්‍රිත්වය පාරම්බාන ආර්ථිකය නිවැරදි දිසානතියකට යනු වෙනුවට ඇත්තටම සිදුවන්නේ ආර්ථිකය තවත් පහත වැටීම ය. ඒ සම්ප්‍රදායික දර්ශකයකනහි හැසිරීම පෙන්වමිනි. අද අපි ඒ දෙස වෙනත් කෝණයකින් බලමු. ඒ ස්ටිග්ලිට්ස් මීට කලකට පෙර ඉදිරිපත් කළ අදහසක් යොදා ගනිමිනි.

      ස්ටිග්ලිට්ස් ගේ අදහස සැකෙවින් මෙසේ ය. ආර්ථිකයක ප්‍රගතිය මැනීමට තවදුරටත් දළ දේශීය නිෂ්පාදනය හෝ ඒක ජනක ආදායම හෝ ප්‍රමාණවත් දර්ශක නොවේ. අමර්ත්‍යා සෙන් විසින් යෝජිත මානුෂ සංවර්ධන දර්ශකය (human development index) මේ දෙකටම වඩා හොද මිම්මක් ලෙස පිළිගැනේ. ස්ටිග්ලිට්ස් යෝජනා කරන්නේ, ආර්ථිකයක දිසානතිය සහ ප්‍රගතිය මැනීමේ දී, ප්‍රධාන ප්‍රශ්න තුනකට පිළිතුරු දීමෙන් එය කළයුතු බව ය. ඒ ප්‍රශ්න තුන වන්නේ ආර්ථික දිසානතිය අසමතාවය අඩුකිරීම දෙසට යොමුවූවක් ද? ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නක් ද? පරිසරය රැක දෙන්නක් ද? මේ මිනුම් තුනට දෙන ධනාත්මක උත්තරයකින් ය, ඒ රට ආර්ථික ප්‍රගතියක් ඇතිවන්නේ දැයි මැනිය හැක්කේ.

      දැන් ඔබ මේ ප්‍රශ්නය ඇසිය යුතු වේ. පහුගිය මාස අටේ ශ්‍රී ලංකාවේ වර්ධනයන් පෙන්වන්නේ අසමතාවය වැඩිවීමකි, ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමකි. පරිසරය වැනසීමකි. අපි බලා සිටිමු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රීලංකාවේ ප්‍රගති වාර්තාව කෙසේ ලියා ඇත්ද කියා. ඒ මගින් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් තේරුම් ගැන්මට හැකිවෙනු ඇත.

      Delete
  2. පිරිමන්ට මලමිනී ඇදන්වල බාවන ගැහැනු ගැන කතා කරනවා නම් සාමාන්‍ය කාන්තාවන් 2% ලිංගික එක්වීමක් අවසානයේ මොනා හරි කෑමක් කනවා

    3% නින්දට වැටෙනවා

    5% ඇග සෝදාගෙන පිරිසිදු වෙනවා

    90% තමා විසින්ම සුරතාන්තයට පත්වෙනවා

    ඔය මේ දවස්වල tiktok media වල වයිරල් වෙච්ච වීඩියෝවක් ..

    දැං මේ නෝක්කාඩුව පිරිමියා කාන්තාව සතුටු වෙන්න කලිං එහෙමත් නැත්තම් ඉතාමත් ඉක්මනින් තමන්ගෙ කාර්‍ය් කරගෙන ඇදෙන් බහිනව කියන එකනෙ ..

    ඉතිං පිරිමියාට අවනඩු ගොන්නයි !

    මටනං sex ගැන තේරේන්න ගත්ත කාලෙ ඉදම්ම පිරිමියා දර පලනවා වගේ වැඩේ කරං ඉක්මනින් සුරතාන්තයට පත්වෙනවා කියල කියනකොටම හිතෙන්නෙ ...

    තනිකර ගෑණිගෙ වැරැද්ද කියලමයි !

    හේතුව.. ඔය කිසිදිනෙක සුරතාන්තය නොදුටු ගෑනු ගැන කවි කතා ලියන උනුත් දන්න ඔය චෝදනාව එල්ල කරන ගෑනුන්ටත් තේරෙන ගෑණුන්ගෙම කම්මැලි කම සහ නොහැකියාව..

    කතාව සරලයි..

    ඇදේ මලමිනියක් දපල ඉන්නකොට ඒකට සුර සැප දෙන්න පිරිමින්ට පශ්චාත්භාගෙ අමාරුකම් නෑ..

    දැං ඉතිං ගැහැනුන්ට වැල් වටාරම් තියෙයි කියන්න..
    වැඩක් නෑ ටෝක් වලිං ..
    ගෑනු උනාම ඇදට දක්ශ වෙන්න ඕනෙ..
    පිරිමියගෙ හැගීම් අවුස්සන්න නිරතුරු වෙනස්වෙන්න ඕනෙ ..
    උං ආස තාලෙට චලනය වෙන්න ඕනෙ..
    dirty talk කරන්න ඕනෙ..
    කොටින්ම උතුරල යන්න සරාගී වෙන්න ඕනෙ..

    ගෑනුන්ගෙ පිට ඔපේ නෙවෙයි සාරාගිත්වය තියෙන්නෙ..ඒක තියෙන්නෙ attitude වල..
    නිකමට මං මේ හෑල්ල ලිව්වට මට කුණුහරුපෙන් බැනල හරි කමක් නෑ හොද නිල් චිත්‍රපටියක් බලල අලුත් positions ටිකක් ඉගෙනගෙන ස්වාමිපුරුෂයා එක්ක නිදියහනට ගොඩවෙන්න නෝනල ටික..

    සුරතාන්ත එකට දහයක් දැකල තියෙයි..!

    ඕන ගැහැනියෙක් සරාගීයී..
    ඒක එළියට දාන්න බය වෙන්න එපා..
    එහෙම ගැහැනු වල් ගැහැනු නෙවෙයි..
    එහෙම ගෑනු තමයි ස්මාට්..

    පිටපොත්ත කැත උනත් සරාගි ගැහැනියෙකුට පුලුවන් මිනිහ පිට යන්න නොදී ජීවිත කාලෙටම රැකගන්න ..

    පිරිමින්ට මලමිනී ඇදන් වල බාවන්න එපා කියලා ලියපිය මාතලන්

    ReplyDelete
  3. මගේ පුංචි මොලේට දැනෙන දේ නම් කවදාවත් ලංකාවේ මිනිස්සුන්ට තමන් කැමති පාලකයෙක් තෝරා ගන්න ඉඩක් ලැබෙන්නේ නෑ. මෙහේ ඡන්දයක් කියන්නේ තනිකරම චීන බුද්ධි අංශ, RAW, CIA, Mozzard වගේ සංවිධාන අතර ගේමක් විතරයි. ඒකට අවශ්‍ය විදිහට බහුතර ලාංකිකයින්ගේ ජන මනස වෙනස් කරන්න ඕන විදිහත් එයාලාමයි තීරනය කරන්නේ. අදටත් වරදකරුවෙක් නැති පාස්කු ප්‍රහාරය, Go home gota campaign එක මේ කිසිම දෙයක් අහබුවක් නෙවේ.

    ReplyDelete
  4. අවුල් සහගත ලිපියක් වුණත් වැරදි නිවැරදි කරගෙන දිගටම ලියන්න.

    දැන් ඇමරිකා එක්සත් ජනපදය ලංකාවේ ආර්ථිකය සහ ආණ්ඩුවේ පාලනයයේ හැඩල් එක සම්පුර්ණයෙන්ම අරන් තින්නේ ඔවුන්ගේ තීරණය අනුව තවදුරටත් ඔව්න් රනිල් ව භාවිතා කරමින් බළළුන් ලවා කොස් ඇට බාවමින් යුරෝපීය සංගමය හා ඉන්දියාවේ සහායද ඇතිව.ඔව්න් ඔවුන්ගේ ආනගත බල දේශපාලනයට අවශය දෙවල් ටික ලංකව සහ ඒ ආසන්න කාලාපය කරන්න අවශ්‍ය දෙවල් ටික ඔව්න්ගේ හිතවත් පාලකයන් හරහා කර ගන්න පුලුවන්. ලංකාවට ඔය කුඩා ඩොලර්මිලියන හාරසීයක් වගේ ගෝලීය ආර්ථිකයට සාපේක්ෂව ඉතා සුළු මුදලක් දීල දැම්මාම ලංකාවේ ආණ්ඩුව වගේම ඔවුනුත් තෘප්තිමත් එක නිසා.

    අනික රනිල්ට කවදාවත් අවේ නැති අවස්තාවක් හම්බුනා. පුද්ගලික කරනයට දැන් රටේ ජනතාව විරුද්ධ නෑ ඔව්න්ම කැමැති පුද්ගලික කරනය කරන්න.

    දනවාදි අර්තික ප්‍රතිසංස්කරණයකට රනිල්ට යන්න මේ හොද අවස්තාවක්. වුර්තිය සමිති රාජ්‍ය ආයතන රකින්න කතා කරාට මිනිස්සු කියන්නේ පුද්ගලික අංශයට දෙන්න ඔනේ වගේ සීන් එකක්.

    හරියට දේශපාලන හසුරුවා ගත්තෝත් අලුත් කන්ඩායමකට දේශපාලන තුල අවස්තාවක් තියේනනවා.

    ඉලග ආන්ඩුව අනිවාරෙන්ම දුබල දේශපාලන සංදාන අන්ඩුවක් වෙයි.

    ReplyDelete
  5. මොනවද වෙන්නේ- මොකද කරන්නේ
    කියවෙන ඒවා - ගොඩක් තියෙන්නේ
    නිවැරදි ඒවා කවුද කියන්නේ
    තෝරන්නට දැනමුත්තෙක් ඕනේ!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න