.

.

Mar 11, 2024

පිල් මාරූ, අත මාරූ, හුවමාරූ, ග්‍රහ මාරූ පිරි, අංජබජල් කාළයක්

 


පිල් මාරූ, අත මාරූ, හුවමාරූ, 

ග්‍රහ මාරූ පිරි, අංජබජල් කාළයක්

➖➖➖➖➖➖➖➖➖➖➖⭕


සියල්ලෝ ලැහැස්ති වී උන්නේ ජනපතිවරණයකටය. එහෙත් ජනාධිපතිරණයක් තිබ්බොත් රැල්ල ඇත්තේ අනුර කුමාරයාටය. අනෙක් පක්ෂ සියල්ල මෙන්ම බටහිර තානාපති කාර්‍යාල සියල්ලම වාගේ, මීට පිලියමක් ලෙස, දක්ෂිනාංශික පක්ෂ සියල්ල එකතු කරමින් ගේමක් ගහන්න ගියද, ඒ වැඩේ හරිගියේ නැතිය.


සැටලයිට් නෝනා මෙන්ම පාඨලීද ගෙන ගිය මේ මෙහෙයුමට කෙලවීමට ප්‍රධානම හේතුව වූයේ සජිත් ප්‍රේමදාසය. සජිත් සමඟ සිටිනා එජාපයේ උන් මේ සරළ සත්‍යය තේරුම් ගෙන, මේ මොහොතේ, "රනිල් ජනපති සජිත් අගමැති'" යෝජනාවක් ගෙන ආවද, ගෝටාබයට දිරච්ච ලණු දී රාජපක්ෂලා විනාශ කළ සට්ටැඹියන් හා ගොඩ පෙරකදෝරුවෝ දෙන ළණු රස කර කර බුදිමින් සිටිනා වෙන්ට ජනපති පුතානෝ ඒ යෝජනා කෙලින්ම ප්‍රතික්ෂේප කළේය.


ලබා ගන්නා චන්ද ප්‍රතිශතය කුමන ප්‍රමාණයක් වුවත්, හිටපු මැකෝ කියනා විදියට වැඩි ප්‍රතිශතයක් ගන්නා එකා ජනපති වන්නේය. මෙය හොඳින් දන්නා රනිල් උන්නැහේ, ජනපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන්, පාදයක් පසු පසට ගෙන, බැක් ෆුට් එකේ ආරක්ෂාකාරී පිතිකරණයක නියැලෙන්නේ ඒ නිසාවෙන්මය. 


කවුරු මොනවා කීවත්, තත්වය මෙයාකාරයෙන් පවතින්නේ නම්, රනිල් ලොක්කා ජනපතිවරණයට එන්නේ නැති බව මාතලන්ගේ මතයයි. බොහෝ විට ඔහුද අනුර කුමාරයාට සප් එක දෙනු ඇත්තේය. පොහොට්ටුවේ හා සුළු ජාතික පක්ෂවල සහාය නොමැතිව මෙන්ම, ජහමනයාගේ බොක්ක හිරි වැටෙන්නට  රැස්වීම් වල කතා කරන්න පිරිසක් හෝ නොමැතිව චන්ද දිනන්න බැරි බව ඔහු අවබෝධ කර ගත්තේ පසුගිය මහ මැතිවරණයේදීය. මේ බව කුලියාපිටියේදී කාටත් නැවත වරක් ඊයේ අවබෝධ වෙන්නට ඇතිය.


ඒ කතා කල සියල්ලෝම මහත්වරුන් මෙන්ම, කිව් සියල්ල රනිල් ලොක්කා කීවාක් මෙන්, ඇත්තම ඇත්ත උනාට, ජනතාවට ඒ ඇත්තෙන් වැඩක් ඇත්තේ නැතිය. ඩොලර් එක 600 ටම ගොස් වැටෙන්නට ගිය නරා වලෙන්, ලොවම මවිත කරමින්,  70% උද්ධමනයකින් එය නවත්වා ගෙන අද වන විට එය 7% දක්වා ගෙන ආවද, ජනතාව ඉල්ලන්නේ 250 කොත්තුය.


ආයේ 250 ට කොත්තු දෙන්න, අනුර කුමාරයාට, පුතානෝට තියා ධම්මික පෙරේරාට හෝ දිලිත් ජයවීරටත් නොහැකි බව ආර්ථිකය ගැන මෙළෝ අලබෝලයක් නොදන්නා ජහමනයාට තේරෙන්නේ නැතිය. ඒ ගානට කොත්තු ජන්බ කන්න නම් උද්ධමනය -70% වී, මහ බැංකුවේ උන්ගේ පඩියද පෙර පැවති තත්වයට පත් විය යුතු බව මේ කුර හා අං සහිත ජීවීන්‍ට අවබෝධයක් ඇත්තේ නැතිය. උන්ට ඕනෑ රනිල් එලවා දමන්නටය.


මේ අරගලය ගොඩ නැගූ මානසිකත්වයයි... අනුරටත් දීලා බලමු කියන්නේද, මේ මානසිකත්වයේ සිටිමිනි. එහෙත් අනුර කුමාරට රට බාර දී ගෝටා එලෙව්වා වගේ එලවන්න බලාගෙන ඉන්නා උන්ට නම් කියන්න තියන්නේ අනුර කුමාරයා කියන්නා සේම "ඔයාලා හරි පව්..." කියලාම පමණය...


මේ බව තේරුම් ගෙනදෝ ඇමරිකාවේ සිට පැමිණි මොළ හතානෝ, සජිත් හා එක්ව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ එබැවින්මය. බොහෝ විට රනිල්ටත් ඊට එකඟ වෙන්නට සිඳු වනවා ඇතිය.


හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමයට කීවා සේ සියල්ලෝම ඔල්මොරොන්දම් වන්නේ ඉන් අනතුරුවය. බොහෝ උන්ට අපේක්ෂකත්වය වෙනුවෙන් සෑම පක්ෂයක් තුලම මරාගන්නට සිඳුවනු ඇත්තේය. සියළුම පක්ෂ දෙදරා යනු ඇත්තේය. 


ඒ සියල්ල මේ මාසය තුල ආරම්බ වී...  ග්‍රහ මාරුවක් මෙන්ම සූර්‍යග්‍රහණයක් සිඳුවන අප්‍රේල් 8 න් පසු වඩාත් උග්‍ර අතට හැරෙනවා ඇතිය. එය ලංකාවට මෙන්ම ලෝකයටම අංජබජල් කාළයක් වුවත්, නොත්‍රඩාමුස් මෙන්ම බබා වැන්ගා කියූ සේ, ඉන්දියාවේ ආර්ථිකය ලොව සියළු ආර්ථිකයන් අභිභවා ඉදිරියටම ගමන් කරනු ඇත්තේය.


අපටද අස්වැසිල්ලකට ඇත්තේ එයම පමණමය.


ඒ වගත් මෙසේය.....


.

20 comments:

  1. ඕව ඔහොම තමයි බන් ළමාතන් ජෝන් ඩොයිලිත් බුලත් විටත් කෑවා වගේ ජූලි චෑංග් මල හත්වලාම ලංකාවෙ බිග් මැච් වලටත් ගිහින් ඉන්නවා දැක්කම නම් ඇත්තටම හිනා ගියා. ඩිමොක්රටික පක්‍ෂයේ ආයුකාලය මේ අවුරුද්ද තුල අවසන් වන අතර රටකපටි ලෝකෝත්තර බැසිලා රනිලාගේ ජනාධිපතිකම එතකම් තියාගන්න තමයි ඔය ගේම දෙන්නේ. රිපබ්ලිකන් පක්ෂයේ ආණ්ඩුවක් එක්සත් ජනපදයේ ඇතිවුණ ගමන් ජූලි චංගෙ සමන්තා පවර්ලගෙ සහ උන්ගේ සට්ටැඹි මාලිමා ජෝකර්ලගේ ඔය කෘත්‍රිම කැම්පේන් වල පවර් එක ක්ෂණිකව බහින කලාව දකින්න ලැබෙයි. එතකොට ලංකාවේ දේශපාලනය තව වෙනස්ම තැනකට යයි ඒත් තවම හරියටම හිතන්න අමාරුයි බෝහෝ දුරට රනිලා වෙන විදියකට ගේමක් ගහයි රාජපක්ෂ හොර රංචුව එක්ක

    ReplyDelete
    Replies
    1. Porn බලා අතේ කෙලින අතර ඉහල – පාසල් වල අමනයන්

      කකා බිබී නටන අතර – හම්බ කරන් කන නරුමයන්

      පුක ගිනි ගෙන ඇති වග දුටු – මගේ එකම පුතනුවන්

      පුංචම්මට කෙලපු කරුණ – වරදක් දැයි මට කියන්...!





      මේ පාර මුළු රටම මාලිමාවට !

      Delete
  2. ලංකාවේ ඉදිරි ජනපතිවරණයකදී නම් මේ පක්‍ෂ, එනම් පොහාට්ටුව, දෙමළ සංධානය ඊ.පී.ඩී.පී සහ වෙනත් උතුරේ පක්‍ෂ හකීම්ලගේ පක්‍ෂ සහ වතුකරේ, තොන්ඩමාන් දිගම්බරම්ලා සහ රිෂාද් බදුර්දීන් ඇතුලු සේරම පක්‍ෂ වල ඡන්ද එකතු කරගන්න පුළුවන් කාටද?

    මෙවැනි පක්ෂවල සහාය ලැබෙන්න නියමිත කාටද?. නියමිත වෙනවාට වඩා ඇමරිකන් එම්බසිය සහ ඉන්දියාව ඒවා රනිල් රක්ක තියන්න ඕන කියල හිතන බවයි පේන්නේ එතකොට මොකද වෙන්නේ?

    ReplyDelete
  3. බහුතර මධ්‍යස්ථ ජනතාව ඔය හතර ගොල්ලොටම කැමති නෑ.
    ධනවාදී තියුණු නුවණක් තියෙන හොද දක්ෂ මිනිහෙක් ඉදිරිපත් උනොත් ඔහු ඔය සේරම පරදවා විශාල ඡන්ද සංඛ්‍යාවක් ගන්නවා. ආර්ජන්ටිනාවෙ අලුත් ජනාධිපති දින්නෙ තනියෙන් ඉල්ලලා. ලංකාවෙත් එහෙම වෙයි ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ධම්මික තමා..මිනිස්සුන්ට තියෙන්නෙ මොලේ කල්පනා කරලා වැඩ කරන්න. ඔය මොන කටු පෙන්නන් ආවත් ඕවා ඔක්කොම සාම්ප්‍රදායික, මේ රට විනාශ කරන්න දායක වෙච්ච පක්ෂ කියලා අමතක කරන්න එපා. ඔවුන් එකෙක්ටවත් මේ රට දියුනු කරන්න දැක්මක්, වැඩපිළිවෙලක් නෑ..

      Delete
  4. පන්දු කෙලින අතර ඉහල – පාසල් වල අමනයන්

    කකා බිබී නටන අතර – ධනපති පුත් නරුමයන්

    රට ගිනි ගෙන ඇති වග දුටු – මගේ එකම පුතනුවන්

    එගිනි නිවන්නට අවි ගත් – වරදක් දැයි මට කියන්...!





    මේ පාර මුළු රටම මාලිමාවට !

    ReplyDelete
    Replies
    1. කොන්ස්පිරසි තියරි සඳහා මිනිසුන් තුල අභ්‍යන්තර ආශාවක් පවතියි. නිහාල් සිල්වා ගේ මරණය එලෙස කොන්ස්පිරසි තියරියක් ගොඩ නැංවීය​. නිහාල් සිල්වා 1989 දෙසැම්බර් 03 වෙනිදා රාත්‍රියේ දෙහිවල, ගාලු පාරේ, විලියම්ස් හංදියේ දී හමුදා මුර පොළකදී අණ නොතකා ධාවනය කිරීම නිසා වෙඩි වැදී මිය ගියේය​. මිය යාමට ප්‍රථම නිහාල් ජනාධිපති ප්‍රේමදාස ගේ සමීපතයෙක් විය​. මේ නිසා නිහාල් ගේ මරණය සමග බොහෝ කතා කරළියට පැමිනියේය​.

      නිහාල් සිල්වා පැමිණියේ කොලඹ අඩු ආදායම් වත්තකිනි. ගෙන්දගම් පොළවේ සමාජ ආශරයෙන් ඔහු චරිත පිලිබඳව ඉගන ගත්තේය​. ඕනෑම ලූම්පන් චරිතයක් , සුළු ජාතික චරිත ( සාජන්ට් නල්ලතම්බි - ද්‍රවිඩ / හිරු නොසැලී සිටියේය නාට්‍යයේ මුස්ලිම් මුදලාලි ) රඟපෑම​ට ඔහුට හැකි විය​. එකී සෑම චරිතයකම සියුම් අන්තර්ගතයන් , ගතිකයන් , කථන විලාස ඔහු අති දක්‍ෂ ලෙස ග්‍රහනය කරගෙන සිටියේය​. එසේම පුන්තිලා වැනි නාට්‍ය වල බැරෑරුම් චරිතද ඔහු දක්‍ෂ ලෙස රඟපෑවේය​. මිය යන විට ඔහු සිටියේ ජනප්‍රියතාවයේ හිණි පෙත්තේය​.

      බොහෝ නළුවෝ දේශපාලකයා පසුපස බළු කුක්කන් මෙන් යන විට දේශපාලකයා කෙලින්ම නිහාල්ව තමන් වෙත කැඳවා ගත්තේය​. නිහාල් ගේ සමාජ ප්‍රාග්ධනයේ වටිනාකම ඔහුගේ සන්නිවේදන හැකියාවන් ඔවුන් අවබෝධ කර ගෙන සිටියහ​. මාධ්‍යවේදී නන්දන වීරරත්න පවසන අන්දමට නිහාල් සිල්වා ගේ මරණය ඝාතනයකි. එය පසු පස සිටින්නේ ජනාධිපති ප්‍රේමදාසය​. ජනාධිපති ප්‍රේමදාස බොහෝ දෙනෙකු ස්වර්ගස්ථ කල බව සැබවි. එහෙත් නිහාල් සිල්වා ගේ මරණය කොන්ස්පිරසි තියරියක් හරහා ජනාධිපති ප්‍රේමදාසට බැර කල හැකිද ?

      නිහාල් සිල්වා ගේ මරණය පිලිබඳව මම බොහෝ දෙනෙකු ගෙන් විස්තර විමසුවෙමි. අවසානයේදී තර්කානුකූල විස්තරයක් මට ලැබුනේ අදාල මුර පොල භාරව ක්‍රියා කල මේජර් මහින්දන් සීවරත්නම් ගෙනි . මේජර් මහින්දන් සීවරත්නම් වර්තමානයේ කැනඩාවේ ජීවත් වන අතර එවකට ඔහු ලුතිනන්වරයෙකි. භීෂණ කාලය නිසා මුළු ජන ජීවිත විපරීතව තිබුනේය​. සාමාන්‍ය ජනයා ගේ සිට සාමාන්‍ය සොල්දාදුවා දක්වා පිරිස් සිටියේ ආතතියකිනි. මේ මුරපොලේ සිටි සොල්දාදුවෝ පිරිස් බලය අඩු නිසා දින ගනන් එක දිගට රාජකාරී කිරීමෙන් හෙම්බත්ව සිටියහ​. ඒ කාලයේ ජවිපේ ක්‍රියාකාරකම් උත්සන්නව තිබූ නිසා ඔවුන් සිටියේ සැකයෙනි.

      ජනාධිපති ගේ සමීපතයෙකු නිසා නිහාල් සිල්වා සිටින්නට ඇත්තේ ගැම්මකිනි. එය ස්වභාවිකව ඕනෑම පුහුදුන් මිනිසෙකුට ඇති වන මාන්නයකි. ඒ නිසා ඔහු හමුදා මුරපොලවල් පිලිබඳව එතරම් තැකීමක් නොකරන්නට ඇත​. අණ නොතකා ධාවනය කිරීම නිසා හමුදා සෙබලා එම රථයට වෙඩි තැබුවේය​. එහි ප්‍රතිඑලය වූයේ නිහාල් ගේ මරණයයි.

      මේ මරණය සිදුවූ වහාම ලුතිනන් මහින්දන් සීවරත්නම් එතැනට ගොස් පොලිසිය සමග ස්ථානීය විමර්ශණයක් කරන ලදි. මහින්දන් සීවරත්නම් පවසන අන්දමට එය විඩාබර සහ ජවිපෙ ප්‍රහාර පිලිබඳ නිරන්තර සැකයෙන් සිටි සොල්දාදුවෙකුගේ වෙඩි පහරකි. ඔහු මෙය ඝාතන සැලැස්මක් යන අදහස ඔහු බැහැර කරයි. නන්දන වීරරත්න පවසන පරිදි එම රථයට වෙඩි තැබීමෙන් පසු සමඟ එම රියේ ගමන් කරමින් සිටි තවත් මගීන් තිදෙනෙකු වූහ​. මොවුන් තිදෙනාම තවමත් ජීවතුන් අතර සිටිති. කොන්ස්පිරසියක් අනුව වෙඩි තැබුවේ නම් ඝාතකයන් සාක්‍ෂිකරුවන් තිදෙනෙකු ඉතිරි කරන්නේද නැත​.

      ජවිපේ මිනිස් ඝාතන , ප්‍රේමදාසගේ ඝාතන සපිරි යුගයක නිහාල් සිල්වාගේ මරණය කාගේ හෝ ගිණුමකට බැර කිරීම අපහසු කාර්‍යක් නොවේ. එහෙත් අප එදා සිදු වූයේ කුමක් ද යන්න අනාගත පරම්පරාවට දැන ගැනීමට සහ ඔවුන්ට විචාර බුද්ධියෙන් කරුණු තේරුම් ගැනීමට අප සත්‍ය සාක්‍ෂි ඉතිරි කල යුතුය​.

      වෛද්‍ය රුවන් එම් ජයතුංග

      Delete
  5. බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්

    ආදරෙන් හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි දුකයි , ඉතින් මොකද කරන්නේ උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා ඉන්ජෙක්ෂන් , පලවෙනි එක ගහපු ගමං යාලුවා කසන එක නවත්තනවා , දෙවනි එක ගහපු ගමං වැඩේ ගොඩ.

    නමුත් සමහරක් ඩයල් වලට ඔන්න ආයෙත් හැදෙනවා , ඉතින් වෙට්ගේ හත්මුතුපරම්පරාව ඉවරයි , ඒ අහිංසකයා මක්කොරන්ඩද.

    අපේ ගොංසන්ලා පාජාවේ ගිහින් පාරේ ඉන්න ඩයල් වලින් ලෙඩේ ආපිට ගේනවා

    එක්කෝ මව් සත්තුගෙන් ජානගත රෝගයක් විදිහට ලෙඩේ ඇවිල්ලා.

    එහෙම නැත්තං අපි සමබල අහාරවේලක් දුන්නා උනත් බව්සන්ලාගේ තෝරතෝරා කෑමේ පුරුද්ද නිසා සමහර පෝෂන සංඝටක නොලැබීම නිසා රෝගය නැවත මතුවෙනවා.

    ඔන්න ඔය මොන කාරනාව නිසා හරි ලෙඩවෙන බව් හමට නොවරදින බෙහෙතක් තමයි මේක , ඉන්ජෙක්ෂන් එක නොදී මේ බෙහෙතෙන් උනත් ලෙඩේ සුව වෙනවා , නැවත මතු උනුනොත් නැවත මේ බෙහෙතම කරන්න.

    නමුත් සතාව වෙට් කෙනෙක් ලගට ගෙනිහින් ඉන්ජෙක්ෂන් එක දෙන්න ඊට පස්සේ මේ බෙහෙත කරන්න , ඒ කියන්නේ දෙවනි ඉන්ජෙක්ෂන් එකත් දුන්නට පස්සේ මේක කරන්න , ඒ මගින් නැවත රෝගය නොඑන්නම සුවකරගන්න පුලවන්.

    හොදින් ඉදුන තලනබටු ගෙඩි තුනයි
    ගෙන්දගම් කුඩු ගෑම් දෙසීයයි
    පිරිසිදු කොහොබතෙල් බෝතල් බාගයයි

    කොහොඹතෙල් වලට ගෙන්දගම් හොදින් කලවම්කරලා , තලාගත්ත ඉදුනු එළබටු ගෙඩි තුනේ ඉස්මත් හොදින් කලවංම් කරන්න

    සතාව හොදින් නාවලා හමේ තෙත නැති උනාට පස්සේ අර හදාගත්ත බෙහෙත ලාවට රත්කරලා අරගන මවිල් වැවෙන අතට විරුද්ධ පැත්ත හොදින් හමේ තැවරෙන විදිහට ගාන්න , මුලු ශරීරයේම ඒ විදිහට ගාන්න ඕන

    දැන් සතාව කූඩුවට දාලා තියන්න , නැත්තං මෑන් ඕය බෙහෙත එව්වායේ මෙව්වායේ උලනවා
    දවස් පහක් නාවන්න එපා , හයවෙනි දවසේ නාවන්න , එදා දවස නිදහසේ ඉන්න දීලා හත්වෙනි දවසේ නැවත පෙර පරිදිම කරන්න

    ඒ විදිහට හතර පාරක් කරන්න , ඒ කියන්නේ මාසයක්

    ආයේ ලෙඩේ මතුවෙන්නේ නැ , හදිස්සියේ හරි ඉදුන තලනබටු ( එළබටු ) හොයාගන්න බැරි උනාට ගැටලුවක් නැ , ගෙන්දගම් සහ කොහොබ තෙල් විතරක් උනත් පාවිච්චි කරන්න.

    රෝගයක් නැති සතෙකුට උනත් නෑවීමෙන් පස්සේ හම වේලෙනකං ඉදලා ශරීරය පුරාම කොහොඹ තෙල් ගැල්වීමෙන් කෙස් හොදින් වැඩීමත් , ලස්සන දිලිසෙන පෙනුමක් ලැබීමත් , මැක්කන් කිණිතුල්ලන් කෑම අවම වීමත් සමග හමේ රෝග වැලදීමේ අවධානම අඩුකරගන්නත් පුලුවන්.

    ReplyDelete
  6. Porn බලා අතේ කෙලින අතර ඉහල – පාසල් වල අමනයන්

    කකා බිබී නටන අතර – හම්බ කරන් කන නරුමයන්

    පුක ගිනි ගෙන ඇති වග දුටු – මගේ එකම පුතනුවන්

    පුංචම්මට කෙලපු කරුණ – වරදක් දැයි මට කියන්...!





    මේ පාර මුළු රටම මාලිමාවට !

    ReplyDelete
  7. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් රජයේ මර්ධන යාන්ත්‍රණයට ගොදුරු වූ ත්‍රීමා විතාණ, වෙනුර​, කොල්ලූරේ , නිශ්මි වැනි සිසුන් සිසු විරුවන් ද නැතහොත් කපටින්ට රැවටුන මුග්ධයන් ද කියා ප්‍රශ්නයක් පැන නැගෙයි. එදා ඔවුන්ව ෆෝම් කරන ලද පුද්ගලයෝ බොහෝ දෙනෙකු තම ජීවිත බේරාගෙන ධනපති පංතිය සමග සංධානවී මිය ගිය සිසුන්ට කොකා පෙන්වති.
    71 පරම්පරාව මෙන් 89 පරම්පරාව ලෝකයට විවෘත නොවීය​. වුන්ට අන්තර්ජාලය ගෝලීය දැණුමට විවෘත වීමට ඉඩකඩ නොවීය​. ඔවුන් දැණුම ලබාගත්තේ මූලිකවම සිංහල පොතපත පුවත්පත් හරහාය​. ඔවුන් දැණුම උකහා ගත්තේ රැඩිකල් පක්‍ෂ හරහාය​. එහිදී ප්‍රශ්න කිරීම් හෝ බුද්ධිමය සංවාද වලට ඔවුනට ඉඩක් නොවීය​. නායකයෝ කියන දෑ දේව භාෂිතයන් මෙන් ඔවුන් පිලිගත් හ​. මේ අනුව රැඩිකල් පක්‍ෂ විසින් ඔවුන්ව උපකරණ මෙන් භාවිතා කලේද ? ඔවුන් කපටීන්ට රැවටුණු හිත හොඳ අවංක මෝඩයෝ ද​?

    ත්‍රීමා විතාණ පිලිබඳ කතා කිරීමේදී ඔහු රත්නපුරයේදී සුසන්ත පුංචිනිලමේ ඝාතනය කරන බව ප්‍රසිද්ධ වේදිකාවේ කී බව ඇතැමෙකු කියති. එසේම පරාළ ඇණ ඔහුගේ ඔළුවට ගසන ලද්දේ මිය යාමෙන් පසුව බව මරණ පරීක්‍ෂණයේදී හෙළි වූ බව සඳහන් වෙයි. මෙම කරුණු සංවාදයට භාජනය කොට සත්‍ය අසත්‍යතාව සොයා ගත යුතුය​. එසේ නොමැතිව ඔවුන් ගේ මරණ රොමෑන්තීකරණය සඳහා මෙම කතා යොදා ගැනීම මගින් වන්නේ අනාගතයේ තවත් බිලි බෝයිස්ලා ඇති කිරීම සඳහා පාර කැපීමකි. තවද ඔවුන් ගේ මරණයන් උත්කර්ශයට පත් කිරීම සුදුසුද යන්න මැදහත් සිතින් විමසා බැලිය යුතු කරුණකි.

    නිෂ්මි පිලිබඳව කතා කිරීමේදී ඔහු සමරිසියෙකු බවත් ඔහුගේ සමරිසි යොමුව ඇමක් ලෙස දා ආරක්‍ෂක අංශ ඔහුව අත් අඩංගුවට ගත් අයුරු රංජිත් පීරීස් විසින් ලියා ඇති බව .මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි. විජේවීර සහ ජවිපෙ මුල් කාලයේ සිට සමරිසි විරෝධයක් පෙන්වා සිටියද නිෂ්මි සමරිසියෙකු බව ඔවුන් නොදැන සිටි බව පිලිගත හැකි කරුණක් නොවේ. මේ අනුව පක්‍ෂය නිෂ්මි ගේ ඇතැම් ක්‍රියාවන් පිලිබඳ මුණිවත රැක්කේ ඔහු හරහා වැඩ කරගන්නා තෙක් පමණද​? පසුව ජවිපෙ සාමාජික විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් සමරිසි සබඳතා නිසා ඉවත් කලාක් මෙන් නිෂ්මිවද ඉවත් කිරීමට සලසුම් තිබුනේද ?

    ReplyDelete
    Replies

    1. පහත දැක්වෙන්නේ ඝාතනය වූ සිසුන් ගේ සමකාලීනයන් සමහරක් විසින් මුහුණු පොතේ දක්වන ලද කරුණුය​. මේ කරුණු කියවීමේදී මෙම විරු සිසුන් පිලිබඳ නව මානයකින් කියවීමට දොරවල් විවෘත වෙයි

      Priyashantha Rajapaksha · මියගිය සිසු විරුවන් ජීවතුන් අතර අද සිටියේ නම් වර්තමාන දේශපාලන පසුබිම මීටවඩා වෙනස්වීමට ඉඩ තිබිනිද? වර්තමානයේ ඉතිහාස විරු සිසුවන් සමරන ශිෂ්‍යයන්ගේ අදහස එදා දිවි දුන් බාලේ නිෂ්මි වැන්නවුන් සුවිශේෂී හැකියාවන් හා ධාරිතාවන් තිබූ ඓතිහාසික චරිත වන අතර ඔවුන් අද ජීවතුන් අතර සිටියේ නම් වර්තමාන දේශපාලනය පිටිය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබින යැයි යන්නය.... නමුත් මගේ අතීතය මතකයන්ට අනුව නම් මම එය විස්වාස නොකරමි.. 89දී නිශ්මි කැම්පස් එකේ ශිෂ්‍ය සංවිධායකයා ලෙස සිටින කාලවකවානුවේදී ශිෂ්‍ය අංශයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකයා ලෙස සිටියේ "දසේ" ය.. (දැන් ජීවතුන් අතර නැත.) එසේම තාම ජීවතුන් අතර සිටින සහ ඒ වකවානුවේදී නුවර ශිෂ්‍ය අංශයේ දිස්ත්‍රික් කමිටුවේ සිටි "මිලාන්" ද මමද නිෂ්මි සහ අනෙකුත් මියගිය අය පුත්ගලයන් ලෙසද පක්ෂයේ සගයන් ලෙසද ලඟින් ඇසුරු කර ඇත්තෙමි.. ඔවුන් හොඳ මිනිසුන් බව අවිවාදිතය නමුත් පක්ෂයේ ඉහලින් එන දේශපාලන විග්‍රහය එලෙසම පහලට පොම්ප කිරීමේ වාග් චාතුර්‍යය සහ ශිෂ්‍ය වයසටම ආවේණික නොමේරූ රැඩිකල්බව මිසක් ඔවුන් තුල තිබූ සුවිශේෂී විබවයන් හෝ දර්ශනයක් මා එදාද දුටුවේ නැත. එසේම ඔවුන් තුල එදා එවන් බුද්ධිමය විබවයන් තිබිනි නම් සමූලඝාතයකට ගොදුරුව වැසිරැල්වී යෑම පූර්වයෙන්ම අධිනිශ්ච්චය වී තිබූ අරගලයකට ඔවුන් කරගසන්නේ නැත.. අපෝකව බැලූ කල අද මට ඔවුන්ව පෙනෙන්නෙ විමුක්තියේ ආවේශයකින් මෝහනය වී සිටි බාලවයස්කාර සිසු දරුවන් පිරිසක් ලෙසය.... (මීට සතියකට පමණ පෙර මේ ගැන මා සමඟ සංවාද කල දැනට දසක පහයි දසම හයක් වියැති මිලාන්ගේ අදහසද එයමය) ඒ අනුව මාගේ දේශපාලන මතය නම් එදා ඔවුන් මිය නොගොස් අද ජීවත්ව සිටියේ නම් ඔවුන්ද මේ දේශපාලන අලා මුලාව තුලම සිටින්නට තිබින..නැත්නම් ඔවුන්ගේ වැඩක් කරගෙන පැත්තටවී සිටින්නටද ඉඩ තිබින..

      Priyanjith Perera මේ සියලුම සිසු විරුවන් එකල පැවති ජවිපෙට සම්බන්දධ වී සිටියා නේද? එතකොට ඒ කාලේ ජවිපේ විසින් කරන ලද මනුෂය ඝාතන පිලිිිබදව මේ විරුවන්ට වගකීමක් නැතිද? . ජවිපේ විසින් එකල දියත් කරන ලද විප්ලවයට මම සහභාගි නොවුනේ එයින් වැඩක් නොවන බව දැනගෙනය හා මගේ ආත්මාරථකාමී බව නිසාය. ඔය සිසුවිරුවන්ගෙන් එක්කෙනෙක් මගේ අතිජාත මිත්‍රයෙකි. ඔහු මාව සංවිධානයට බදවා ගැනීමට ‌සෑහෙන වෙහෙසක් ගත්තත් මා ඔහු සමග ඔවුන් වැරදි බව තර්ක කලා. ඔහුගේ මරණයත් සමග අතරමං උනේ ඔහුගේ නංගිලාත් 80 වැඩ වර්ජනයෙන් රස්සාව නැති කරගත් තාත්තා ඇතුලු පවුලයි. මගේ ආත්මාර්තයත් ඔහුගේ පරාරත්යත් අතරින් වඩා බුද්ධිමත් කුමක්ද? . මේ බුද්ධිමත්, දේශපාලනිකව සංවේදී, අපේ හිතමිතුරන් ජෙවීපී කැරල්ලේ උච්චතම අවස්තාවේ හැසුරුනේ දැනටම ජයග්‍රහනය කර ඇති පරිද්දෙනි. මගේ මිතුරා අපව හංවඩු ගැහැව්වේ අපතයෝ යන නමිනි. මට එදත් සිතුනේ, මේ අවංක දක්ෂ සංවේදි කොල්ලන්ව ජවිපේ හෝ ඊටත් ඉහල ජවිපේ පාලනය කරන ලද බලවේගයක් විසින් රවට්ටා තමන්ගේ වැඩය කර ගැනීමට ඔවුන් යෙදවූ බවයි. . ඒ වගේම මේ සිසුවිරුවන් ඝාතනය වෙන විට ඔවුන් ලගින්ම සිටි ඔවුන්ගේ සගයන් එයින් බේරුනේ කොහොමද? සමහර උන් අද ඉතාම හොද ධනවතුන්ය. සමහර මේ සිසුවිරුවන්ගේ පෙම්වතියන් ඔවුන් සමග හරි හරියට විප්ලව කලත් ඔවුන්ට වූ දෙයක් නැත. ඒකෙන්ම පේනවා නේද මෙතැන වෙනත් ගේමක් තිබුනු බව. මේ සිසුවිරුවන් ඇත්තටම මෝඩයි නේද?. මේ සිසු විරුවන්ගේ දිවි පිදීමෙන් පලක් උනාද? අද රාගම ‌පවුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවූ ‌කන්සල්ටන්ලා, මහාචාර්ය වරු කොපමණ රටට සේවය කරනවාද? ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල නැතත් නැතත් කොපමණ දෙනෙක් පිටරට ගොස් වෛද්‍යවරු වෙනවාද? ලංකාවේ කොපමණ පුද්ගලික විශ්ව විද්යාල තිබෙනවාද? අඩුම ගානේ ලංකවේ දේශපාලනයවත් හොද තත්වයට පත්වුනාද? සයිටම් එකට මොකද උනේ? දැන් ඒ සියල්ලම කේඩියු එක හරහා වෛද්‍ය වරු නේද? ඔවුන් මේ මෝඩ වැඩය නොකර අපි වගේ තමන්ගේ වැඩක් බලාගෙන ජිවත් උනානම් අදත් රටටත් වැඩක් කරන දොස්තරලා තමන්ගේ අම්මලා තාත්තලාත් ගොඩ. මෙතරම් ජේවිපී ඒකේ කොල්ලෝ මැරෙන්නේත් නැහැ. ජේවිපි එකෙන් මේචචර අනිත් මිනිස්සු මැරන්නේත් නැහැ.

      සංවාදයට විවෘතය

      Delete
    2. මර ලතෝනි ගයමින් සිසුන්ව අධ්‍යපනයට නොව වර්ජන, සටන් සඳහා උසි ගැන්වූ නන්දා මාලනී වැනි කලා කරුවන්ගෙ දෑත්වල මේ මරණවල ලේ තැවරී නැද්ද? අපිට තියන අගහිඟකම් ජය ගන්නනම් මහන්සිවෙලා ඉඟනගෙන ගේමක් ගහලා ඔළුව උස්සපල්ලා කියලා කියනවා වෙනුවට ඔවුන් ගැයුවේ අපිව සූරා කනෝ, සටන් කරපල්ලා, ගහපල්ල, මරපල්ල යන්නයි. මේ දිවයිනෙන් පිට ලෝකයක් තියන බවත් ඉගන ගෙන ඒක ජය ගැනීමට උස්සහා කරපල්ලා යැයි ගැයුනේනම් අකාලයේ මිය ගිය බොහොමයක් සිසුන් අද ලොව දික් විජය කළ අති දක්ෂයන්‍ ය. ඔවුන් අදත් කරන්නෙ ඒ පාපයමය. අදත් විවි සිසුන් ඉගෙනීම පසක තියා වර්ජන, සටන්, උද්ගෝෂණ, අරගල පසුපස දිවගොස් හති වැටී, අතරමංව ඉන් පසු දියව් දියව් යනුවෙන් මර ලතෝනී දෙන්නෙ මේ වැරදි ආභාෂයෙන් ලද වැරදි මග පෙන්වීම නිසාය. ලංකාවේ වි.වි. යනු නොයා යුතු තැන්‍ යැයි ආකල්පයක් ගොඩ නැගෙමින් ඇත්තේ මේවාට පින් සිදු වන්න ය. අනේ නන්දා මාලනී දැන්වත් ළමුන්ගේ ඔළු හදන, උන්ට දහිරිය දෙන, මහන්සියෙන් ගේමක ගසා නැගිටින්න හිතෙන් සින්දු කියන්න. ඒ මගින් ඔබට කළ පවු සෝදා ගැනීමට හැකි වේවී..

      Delete
    3. AnonymousMarch 12, 2024 at 3:12 AM

      කෙනෙක් සමාජයට පනිවිඩයක් දෙනවා නම්, ඔහු එම පණිවිඩය තුල ජීවත් වන්නෙක් විය යුතුයි. කඩුවක් ගෙන කොටනු කියලා කොල්ලො ෆෝම් කරලා ඉන්දියාවට පැනලා ගිහින් ඇවිත් දැන් එකසිය ගානට කඩේ යනවා. කෙනෙක් කියලා තිබුනා එයාලා කඩේ යන්නේ නෑ සල්පිල් යන්නේ කියලා. ඔව් එයාලා ප්‍රබුද්ධ අයනේ ඒකයි. කෙනෙක් අනුන්ට මස් කන්න එපා කියනවා නම්, ඔහු හෝ ඇය මස් නොකන කෙනෙක් විය යුතුයි. නැතනම් නන්දදාස කෝදාගොඩ මහත්තයා වගේ අපිට තෙල් කෑම කන්න එපා කියලා එයා පොල් සම්බල හිටන් තෙල් දාගෙන කෑවම හාට් ඇටෑක් හැදිලා මැරේවා... මම දිනක් ඇයගේ මුහුණටම ඔය ප්‍රශ්ණය ඇසුවා. ඇයට දීමට උත්තරයක් නැතු වූවා.. ඇය සුපිරි ගායිකාවක්, මගේ ප්‍රියතම ගායිකාවන්ගෙන් කෙනෙක්. මම කැමති ඒ හඬ වැනි හඬවල්වලට. ඇය සහ චන්ද්‍රලේඛා ඉදිරියෙන්ම ඉන්නවා. ඇය නිහතමානියි ඇත්ත. එච්චරයි.. ඒත් සමාජය ඇයගෙන් බලාපොරොතු වන්නේ එය නොවේ.. ඇය ස්මාජය හුරු කළේ එයට නොවේ... ඔඹ කනගාටු වෙන්න එපා...

      Delete
  8. "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව" "අනුර ජනපති පුංචි අම්මා ආර්‍යාව"

    ReplyDelete
  9. පෞද්ගලිකව විජයගෙන් මට ඉතිරි වූයේ ඔහුට මා ලියූ ' දේවදාර ගස් අතරින් ' ගීතය පමණි. මා සතුව තිබු සුවිශාල සේයාරූ සංඛ්‍යාවක් විනාශ වී ගියේය.
    සියල්ල විනාශ වන බව - සියල්ල අනිත්‍ය බව සම්මා සම්බුදු රජාණන්වහන්සේ දෙසූ පරම සත්‍යයයි. එහෙත් විජය ලෝ දහම අනුව නැසුණා නොවේ. ඔහු මරා දමන ලදී. රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කළේ විජේවීරගේ අණයි. විජේවීරගේ දෙවැනියා වූ උපතිස්ස ගමනායක pawaa විජය මරා දමනවාට එරෙහි වූවත් නායක ඝාතකයාගේ අණ බලවත් විය. කොටින්ම තුවක්කුකරුවාට අණ දී තිබුණේ විජයගේ සුන්දර මුහුණ සුණුවිසුණු කරන්නටමය. වරක් වෙඩි තබා මෝටර් සයිකලය වෙත ගොස් යළිත් පැමිණ තුවක්කුකරු විජයගේ හිස තවත් වෙඩි වරුසාවකින් නැහැවූයේ ඒ නිසාය. විජය ඇතුළු දහස් ගණනක් මැරූ පාපයේ ශාපයta ජනතා විමුක්ති පෙරමුණ අදත් lak wei. ඒ පව ගෙවා නිම කළ නොහැක. කිසිවෙකුට නීච ජනතා විමුක්ති පෙරමුණ හෝ විජේවීර ' ශුද්ධවන්තයන් ' කළ නොහැක්කේ සත්‍යය දන්නා බොහෝ පිරිසක් තවමත් සිටින නිසාය. අවලස්සන රෝහණ විජේවීර විසින් ලස්සනම ලස්සන විජය කුමාරතුංගයන් මරා දැමූ බව ලියන්නට මම නම් බිය නොවෙමි.
    " ආදරණීය විජය ! ඔබ යළි මෙවන් රටක නූපදීවා ! ඝාතක තිරිසනුන්ට සදා ශාප වේවා !.."
    ආනන්ද පද්මසිරි

    මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක ආනන්ද පද්මසිරි මහතාගේ මුහුණූ පොතෙන්...

    ReplyDelete
  10. මාතේ පොහොට්ටුවේ පාක්ෂිකයෝ ඇයි රනිල් වික්‍රමසිංහට විරුද්ධ වෙන්න ඕන?

    ඇත්තටම පොහොට්ටු පාක්ෂිකයෝ කියන්නේ යුද්ධය ඉවර කරලා තමන්ගේ ජීවිත සුරක්ෂිත කරපු නිසා රාජපක්ෂලා වෙනුවන් පෙනී ඉන්නවා කියලානේ, එහෙමනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙනුත් පෙනී ඉන්න ඉන්න එක වැරදී නෑනේ

    මොකද යුද්ධයේදී පොහොට්ටු පාක්ෂිකයෝ කියලා විශේෂයෙන් ඉලක්ක කරේ නැහැ

    නමුත් 2022 ලංකාවේ රෙජීම් චේන්ජ් අරගලයේදි පොහොට්ටු පාක්ෂිකයන්ව විතරයි ඉලක්ක කරේ විශේෂයෙන් සමාජමාධ්‍යවල පොහොට්ටුව වෙනුවෙන් පෙනී ඉන්න අයගේ නම් ගම් පවා කියලා ඔවුන්ව ඒ ප්‍රදේශවල ඉන්න අයට ඔවුන්ගෙන් පලිගන්න බලාගන්න කිව්වා ඒ අයගේ ගෙවල් දොරවල් විනාශ කරලා සෑහෙන හිරිහැර කළා සමහර කාන්තාවන් මහමග නිරුවත්කර සමූහ දූෂණයට ලක් කරලා තිබුණා සමහරු බරපතල ලෙස අමානුෂික පහරදීමට ලකවුණා ඒ වගේම පැනගොස් බේරුණු වැඩිදෙනෙක් එවකට සන්නද්ධව මොබ් විදියට ආපු මිනීමරු අරගලකරුවන්ට අහුවුණානම් ජිවිතෙන් වන්දි ගෙවන්නට වෙනවා

    පාර්ලිමේන්තුවේ සහ පලාත් පාලන ආයතන වල පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහ පාක්ෂිකයන්ගේ ජීවිත බේරුවේ රනිල් වික්‍රමසිංහ ජනපති වූ පසු බවයි ඔවුන් හිතන්නේ

    එතකොට රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ මතවාදයට විරුද්ධ වැඩපිළිවෙළක් ගෙනයන නිසාම පොහොට්ටු සාමාජිකයෝ ඔහුට විරුද්ධ වෙන්න ඕන කියලා හිතනවනම් පොහොට්ටු පාක්ෂිකයෝ දරපු මතවාදය වෙනුවෙන් ඔවුන්ට මොනවද ලැබුණේ කියලා කියපන් මාතේ?

    ඔවුන් දුක් මහන්සියෙන් හදපු නිවස නැතිවුණා එකද තමන්ගේ සහ පවුලේ කුඩා දරුවන්ගේ පවා ජීවිත අවදානමට ලක්වුනු එකද පොහොට්ටු පාක්ෂිකයෙක් තවදුරටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට විරුද්ධ වෙනවනම් එය ගුණමකු බවත් රට ලේ විලක් විශාලාවක් වෙන එක නැවැත්තුවේ රනිල් වික්‍රමසිංහ නිසයි කියලයි ඔවුන්ගේ මතය, ඒක වැරදී බව වෙනම කතාවක්

    ReplyDelete
  11. යකෝ යමක් ඉගෙනගන්න බලපන් ළමාතන් , සුද්දා ලංකාවට වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයේ මූලික ව්‍යහය හදලා දුන්නට එවෙලෙත් උන් සැක කලා ලංකාවේ නූගත් ජනතාවට සර්වජන චන්ද බලය දුන්නොත් අවුලක් හදාගනීවී කියලා අවු. හැත්තෑගානකට පස්සෙත් උඹලා වගේ උන් දැක්කම හිතෙනවා යමක් කමක් දන්නවා ඇතැයි හිතන උඹලත් මෙහෙම නම් සුද්දා හිතපු දේ 100% ක් හරි!

    පාර්ලිමේන්තුව තුල නියෝජිතයින් 225ක් ඉන්නේ මොකටද කියලා රනිල් පහුගිය අවු.එකහමාරක කාලය තුල කියාදෙනතුරු ගොඩක් උන් දැනගෙන හිටියේ නෑ....

    ආණ්ඩු පක්ෂයේ උන් හැමදේටම එකඟ වීමත් විපක්ෂයේ උන් හැමදේටම විරුද්ධ වීමත් හැර උන්ට වෙනදෙයක් තිබ්බුනේ නෑ....

    ආංශික අධීක්ෂණ කමිටු පිහිටුවලා ඒවාට නෛතික බලයක් ලැබෙන අණපනත් සම්මත කරලා පක්ෂ විපක්ෂ හැම එකාටම ස්වාදීනව වැඩක් කරන්න ඉගැන්වූවේ 2022 ආපු ජනාධිපති රනිල්.

    රාජපක්ෂ සජිත් ප්‍රේමදාස අනුර කුමාර වගේ දෙකයි පණහේ ගං කබරයින් සමඟ අවු.100ක් වැඩකලත් ඉගෙනගන්න බැරි දෙයක් දැන් ඔය 225 ඉගෙනගනිමින් ඉන්නවා , හැම උප කමිටුවකටම ඇඟිලි ගහන එක ජනාධිපති ගේ වැඩක් නොවෙයි...

    ඔය කෝප් කමිටුව තුල චන්ද විමසීමෙන් එම කමිටුවේ උන් සභාපති පත්කර ගත්තා 8 යි 13යි බෙදුනු චන්දයකින් එකෙක් පත් උනා
    ...

    එතකොට 225 ඇතුලට බූරුවන් පත් නොකරන්න ජහ මනයත් දැනගන්න ඕන ඕකට චන්දය දුන්නු 13 ගැනත් හොයලා බලපන් උන්ව ප්‍රශ්න කරමින් උඹේ පුරවැසි වගකීම ඉටුකරන්න බලපන් , උඹලාගේ වැරදි අවධාරණය අහිංසක නෑ , දැනුවත්ව හෝ බොහෝවිට නොදැනුවත්ව කරන්නේ රටට අහිතකර තක්කඩි වැඩක් 😥

    ReplyDelete
  12. මාතේ ළඟදීම විවෘත කිරීමට නියමිත දැවැන්ත ITC Colombo ව්‍යාපෘතිය ගැන ලියන්න පුළුවන්ද?

    ගාලු මුවදොර අභියස අක්කර පහක භූමියක පැතිරුණූ මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ආයෝජනයකි. මහල් 49 කින් යුත් නේවාසික කුලුනක් (Residential Tower) (මීටර් 224) සහ තට්ටු 28 කින් යුත් හෝටල් කුලුනක් (Hotel Tower)(මීටර් 139) මෙහි ඇත.

    මීටර 54 ක් දිග අහස් පාලමකින් කුලුනු දෙකෙහි 19 සහ 21 මට්ටම් එකිනෙක සම්බන්ධ කරන අතර මෙම පාලම ඉහල කොටසේ නාන තටාකයක් (infinity pool) සහ එහි පහළ කොටසේ විවේකාගාරයක් (bar lounge) ද ඇත.

    තට්ටු හතරකින් යුත් පහළ ගොඩනැගිල්ලේ අන්තර්ජාතික මට්ටමේ වෙළඳ සංකීර්ණයක්, කාර්යාල පහසුකම් සහ විවේක ස්ථාන පිහිටා තිබේ. වාහන 1,210ක් නැවැත්වීම සදහා පහසුකම් ඇති තට්ටු 4ක කාර් පාක් එකක්ද වෙන්කර ඇත.

    2011 වර්ෂයේ මෙම භූමිය ශ්‍රී ලංකා රජය විසින් මුලදී චීනයේ CATIC (China National Aero-Technology Import & Export Corporation) සමාගමට වෙන්කර තිබූ නමුත් ඉන්දියානු රජයේ දැඩි ඉල්ලීම මත පසුව එවක ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ එය ඉන්දියාවේ ITC සමාගමට හිමි කර දුන් අතර ඒ වෙනුවෙන් චීනයේ CATIC සමාගම ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 54.4 රාජපක්ෂ රජය මගින් චීන සමාගමට ආපසු ගෙවන ලදි.

    මෙහීදී ITC (Indian Tobacco Company) මේ සදහා ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කර ඇත. මෙය ITC සමාගම සිදුකළ දෙවන විශාලම ආයෝජනය වන අතර ඉන්දියානු වෙළඳපොළට ඇතුළු වීමේ අවස්ථාව ලංකාවේ දම්රෝ සිට එලිෆන්ට් හවුස් දක්වා විවිධ සමාගම් විසින් විවිධාකාරයෙන් භාවිතා කර තිබේ. මෙවැනි ආයෝජන සිදුකිරීමට තරම් ධනවතුන් ලංකාවේ නැත. ඉන්දියාවේ ධනවතුන් ලංකාවෙහි මෙසේ ආයෝජනය කිරීම කිසිදු වරදක් නැති බවත් එම ආයෝජන විසින් ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකය සමග ලංකාව වඩාත් තිරසරව සම්බන්ධ කරනු ඇති බවත් පැලසෙන මත පිළිබඳව වැඩිදුර විස්තර පැවසිය හැකිද?

    ReplyDelete
  13. ජනප්‍රිය රංගන ශිල්පිණි මහේෂි මදුසංකා සහ කුප්‍රකට රංජන් රාමනායක හෙවත් ගොන්ජන් බූරුනායක රිළවා අතර වන කුණුහරුප සංවාදයක හඬ පටයක් යැයි කියන හඬ පටයක් සමාජ ජාල වල හුවමාරුවෙමින් තිබේ.මෙි හඬපටි කේස් එකත් සමාජ පිළිල. හුඟක් එවුන්ගෙ ලිංගික අසහනය යමිතාක් දුරකට මෙමගින් සමාජ ගතවෙනවා. පුක්කාර ගොන්ජන් බූරුනායක සක්කිලි බල්ලා වගෙම දේශපාලන, පුභූ, හා කලාකෙත හා සමිබන්ධ එවුන්ගෙ මානසික අසහනය හා ලොංත සිපයි කැරැටිටු මෙමගින් වටහා ගත හැක. මුංට ලැජ්ජාවක් ඇත්තේ නැත. ටික දිනකින් නැවත විශේෂයෙන් රෑපවාහිනී තිරයෙන් ඇඳුමි ඇදඟෙන ජනතාවට බන දෙසයි, නැත්තං ආතල් සපයයි.

    ReplyDelete
  14. "කඩුලු 801 ලබාගත් පසු මා ඉක්මනින්ම ටෙස්ට් වලින් සමුගන්නවා"

    - ජිමී ඇන්ඩර්සන් -

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න