.

.

Feb 15, 2025

LGBTQ, QUE එක හෙවත් පෝලිම තව දිග විය හැක.


 


➖➖➖➖➖➖⭕➖


අම්මට සිරි ලංකාව මාර ආතල් රටක් කියන්නේ..... ලෝකයේ මොනවා හරි පරසිද්ධ මාතෘකාවක් ආවොතින් අපේ නමත් එකේ තියෙන හින්දාය....  මේ අම්මට සිරි ලංකාවේ නම ඇන්ඩෝරා පේපර්ස් වලත් තිබුණේය, පැනමා පේපර්ස් වලත් තිබුණේය, බහමාස් වල ලිස්ට් එක නම් තාම ආවේ නැතිය... සුවිස් බෑන්ක් එකවුන්ට් වලත් අපේ එවුන්ගේ නම් තිබුණේය, 


අපේ එවුන් මාර බඩු කියන්නේ... රුසියාවයි යුක්‍රේනයයි කරන යුද්ධයටත් ගිහිල්ලා තිබුණේය. කොහේ ගියත් නම තියලා රටේ නම්බුව තියලා හෝ කාලා එන්න අපේ එවුන් නං සුපිරි චැම්පියම්ලාය.


ඊයේ පෙරේදා තඹුත්තේගම මරිසි කොටා කමිසේ බොම්බේ කිත්තන් මාරු කරගෙන ගොස් ලෝක ප්‍රසිද්ධියට පත් වූ ජනාධිපතිවරයෙක් වෙලා නැවත සිය රට ආවේය. පොඩි කාලේ ඉඳන් ඇබා අහපු බබා හෙවත් පොරින් මිනිස්ටර් සලු පාලියට ඇඳලා හිටියේය. ලෝක නායක සමුළුවකට ගියා මුන් ගිහින් තිබුණේ මේ ජාතියම ලෝකයන්ගේ නායක සමුළුවකටය. බොත්තම් මාරු වෙලා තිබුනෙත් ඒ නිසා වෙන්න ඇතිය. 


මොකෝ අරාබිකාරයෝ කියන්නේ කන්න බොන්න විතරක් නොව හැමිණෙන්නත් ලෝක ප්‍රසිද්ධ බඩු නිසාය... සමහරවිට තඹුත්තේගම මරිසි කොටා කෝ උක්තෝ මේකේ ලෝක නායකයෝ කියා යටත් විජිතගෙන් අහන්නත් ඇතිය.


දැන් ඒ මල සමයං ඔක්කොම පැත්තක තියෙද්දි.... මාතෘකාව වෙලා තියෙන්නේ පන්සලේ සෙල්ලම හා ආප්ප බෑමය..

ඒකට එක එක සයන්ටිෆික් සහ මැඩිකල් කෑලි එකතු වෙලා LGBTQ ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වී අවසානය.


 පන්සලේ සෙල්ලම කියන්නේ අපේ ප්‍රෞඪ ඉතිහාසයේ හා සංස්කෘතියේ ප්‍රධාන අංගයක්ය ... ආප්ප බෑමද අතීතයේ සිටන් පැවතියද... ඒක පොරින් ඒඩ් වලින් ප්‍රමෝට් කරන්න ආවේ.... ඉංග්‍රීසියෙන් කතාබහ කරන වැඩේට තරමක් ප්‍රසිද්ධියක් උසුලන හරිනිඅමරසූරිය ළමා තැනීය. හරිනි අමරසූරිය එක කරලා තියෙන්නේ ඇඟේ තියෙන අමාරුවට නොව. එයාට සල්ලි ලැබුණ නිසාය කියලා දැන් කතන්දරයක් යනවාය. 


මේවා ඇත්තද නැත්ද කියන්නට අපි දන්නේේ නැතිය. හැබැයි පාපිස්සක් ඔලුවේ නවාගෙන ලෝක වාර්තාවක් තිබූ කථානායකගේ ඩිග්‍රියේ ප්‍රශ්නය තබා... කිසිදු දේශපාලන ප්‍රශ්නයක් දනිහෙන් උඩට ගති ගත්තේ නැති බුද්ධච්ච උද්දච්ච කුක්කුච්ච ආරච්චිලාගේ නලින්ද ජයතිස්ස නම් ජොස්තර මහත්තයාගේ පාර්ලිමේන්තුව රාජකාරිය වී තිබෙන්නේ... වෙද මහත්තයාගේ බෙහෙත් වට්ටෝරුව කියවනවා වාගේ. එක එකාගේ නම් ලැයිස්තුවක් ගණන් මිමි සමග දිනපතා කියවන එකය. 


මේ වගේ රාජකාරියක් අතීතයේත් තිබිලා තිබෙනවාය. ඌට කිව්වේ අණ බෙරකාරයා කියලාය. උගේ රාජකාරිය වන්නේ රජ්ජුරුවන්ගේ පණිවිඩ ජනතාවට කියන එකය. මුන්නැහේත් දැන් කරන්නේ ඒකය. පැලවත්තේ ටින්ටින් අයියා ලියලා තියෙන ලිස්ට් එක උදේ පාන්දර පාර්ලිමේන්තුවේ කියවන එකය.  


බුවා ඒ ලිස්ට් ගෙනත් මහින්ද මහත්තයාගේ විජේරාමේ තියෙන මාළිගාවේ තිබෙන පර්චස් ගාන විතරක් නොව... මහින්ද මහත්තයාගේ හා ශිරන්ති නෝනාගේ කක්කා හෙවත් වර්චස් වල වටප්‍රමාණය බර අරය සහ පරිදියද පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතකර අවසානය. 


ජනාධිපති මුදලින් හොරා කෑ උන්ගේ නම් ගම් ලැයිස්තුවද, උන්ට තිබූ ලෙඩ රෝග සියල්ලද, කොටු පනින්නට ගොස් සිදු වූ අකරතැබ්බයන්ද හැන්සාඩ් ගත කර අවසානය. 


ඒවාගේ තව ගොඩක් ඒවා ආවේය. මට දැන් ඒවා මතකත් නැතිය. හැබැයි කන්ටේනර් 323 තිබුනේ මොනවාද ඒවා ගෙනාවේ කවුද කියන ලිස්ට් එක නම් තාම ආවේ නැතිය. 


දැන් ඔන්න ඔය අතරට තවත් ලිස්ට් එකක් ඉදිරිපත් කරන්න වෙලා තිබෙනවාය. ඒ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්පච්චි සහ ඉලෝන් මස් නම් හොර සල්ලි හෙව් හාදයා..... මුළු ලෝකයටම ප්‍රසිද්ධ කල .. උන්ගේ සල්ලි වලින් ලංකාවේ ආප්ප බෑ පිරිස සහ පන්සලේ සෙල්ලම කරන පිරිසගේ නම් ගම් ටික සහා ඒවා හෙළිකළ උන්ගේ නම් හැන්සාඩ් ගත කරනා එකය. 


ඔය වැඩේ අනාදිමත් කාලයක සිට යන නිසා... ඕන මල හත්තිලව් බඩ කඩිත්තුවක් කර ගත්තා කියලා අපිට අමාරුවක් ඇත්තේත් නැතිය. හැබැයි ජූලි චන් නෝනාගෙන් සල්ලි අරගෙන.... මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ කටවල් පුලවල්  වහලා දාපු එක නම් කැතයිය. උන්වහන්සේලා දෙන්නා දානෙ කන්නවත් කට හරිනවාද කියා මට පුදුම කණගාටුවක් තිබෙනවාය.


ඒ වගේම ලංකාවේ අගමැතිනිය සහ අධ්‍යාපන ඇමතිවරිය වන හරිනි ළමා තැනී මේ වැඩේ ප්‍රචාරය කරපු එක නම් හරම වැරදිය. 


ඩොනල්ඩ් ටන්පච්චි නම් කියන්නේ... මේ ලෝකයේ ඉන්නේ පිරිමි සහ ගෑනු කියලා දෙවර්ගයක් පමණයි කියාය. 


ඔයා LGBTQ සීන් එක ආවේ නපුංසකයන්ගේ මාෆියාව ලොව පුරා බොහෝ ඉන්ඩස්ට්‍රින් තුළ බලවත් වූ නිසාය. ඇත්තටම ඕක රෝගයක්ය. රෝගයක් නොවෙයි කියා හදාගත්තේ ද සල්ලි වල බලයෙන්ය. ඉන්දියාවේ ෆිල්ම් ඉන්දස්ට්‍රී එකේ හා පාතාලයේ මෙන්ම දේශපාලනයේද ගෝඩ් ෆාදර්ලා ඒගොල්ලන්‍ය.


තවත් බොහෝ රටවල මාෆියා නායකයො ඉන්නේ මේ සබ්ජෙක්ට් එකේය. මෑතකදී ලංකාවේත් ආටිස්ලා සැලබරිටිලා බියුටි කුවින්ලා ඉතරක් නොව... දේශපාලන සැලබිරොටිලා හදන්නේත් මේ සබ්ජෙට් එකේ ඉන්න බඩුය. 


මංගල උන්නැහේ මේකට ප්‍රසිද්ධම වෙලා හිටියේය. රනිල් සහ සාගලටත් මෙහෙම කතාවක් තිබෙනවාය. ඒ අස්සේ තවත් දේශපාලන චරිතද ඕසෙට ඉන්නවාය. එහෙම ඒවා ඉඳහිට එළියට එනවාය. ඒවා ඇත්තද බොරුද කියන්න දන්නේ නැත්තේ... මම ඒකට ලාම්පුව අල්ලන්න ගිහිල්ලා නැති නිසාය.


හැබැයි හරිනි මෙන්ම දිලිත් ජයවීරගේ ඉංග්‍රීසි මැගසීන් එකේ... ප්‍රසිද්ධියේ මේවා කතාකරන බව ඔක්කොම දන්නවාය. එහෙව් බඩුවක් ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයේ හිටියට අවුල් නැතැයි... පන්සල පල්ලිය කෝවිල සහ මේ රටේ සභ්‍යත්වය සදාචාරය සංස්කෘතිය ගැන කතා කරන එවුන්ට අවුලක් නැත්නම්.. අපිටත් අවුලක් නැත්තේය.


මේක ලංකාවේ බය නැතුව ලීගලයිස් කලා නම්.... ලෝකේ ඉන්න LGBTQ  කාරයෝ ඔක්කොම මෙහේ එන්නත් ඉඩ තියෙනවාය. එතකොට මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන්නේ නැතුව.... බැංකොක් වලටත් වඩා ප්‍රසිද්ධ රටක් වෙන්නට ඉඩ තියෙනවාය.


එක්තරා කාලයක උගේ අම්මට සිරි ලංකාව එහෙම ප්‍රසිද්ධ වෙලා තිබුණේය. ඒ බාල පිරිමි දරුවන් අපහරණයට ප්‍රසිද්ධ රටක් ලෙසය.


නමුත් පන්සලේ පල්ලියේ කෝවිලේ සහ විවිධ සංවිධාන වල සහ නායකයින්ගේ ක්‍රියාකාරකම් නිසා ඒ වැඩේ නැවතුණේය. 


හැබැයි ආප්ප බෑම ප්‍රමෝට් කරන අගමැතිනියක් ඉන්න රටක... වැඩේ ලීගලයිස් කරා නම් ..... ලංකාවට මරු නමක් හා බ්‍රෑන්ඩ් එකකුත් ලැබෙනවාය...


ඒ පැරඩයිස් ඔෆ් හොපර්ස් ඇන්ඩ් ඇස් හෝල්ස් කියලාය.....


ඒ වගත් මෙසේය.....


හුදීජන පාන් හා පරිප්පු සංවේගය උදෙසා ප්‍රියන්ත හේවගේ මාතලන් වන මා විසින් ලියූ පල්හැල්ලක් බව සියල්ලන්ගේම දැනගැනීම පිණිස අවසානයේ මතක් කර සිටිනවාය...


ස්තුතියි නන්ඩ්‍රෙයි තෑන්ක්ස් හොඳේ....

.

9 comments:

  1. ක්‍රීම් බනිසට කොතෙක් කැපුණත්
    කෙහෙල් ගෙඩි ඇම්බුන්
    මාලු බනිසට ඔබින කෙහෙලක් තිබිය නොහැකිද යම්...?
    තොපිට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්....//

    ගහක මල් පිපිලා.....

    ReplyDelete
    Replies
    1. මචං නිදී

      මේක නම් පට්ට පට පට ඕයි, මාර නිර්මාණයක් තමුසේ මාර පොරක්නේ 🫡

      කොහොම හරි තමුසේ වගේ හිටපු නොම්මර එකේ මාලිමා ඩෝබි කෙනෙකුටත් ආණ්ඩුවේ ගොබ්බ වැඩ එපා වුණා කියන්නේ තත්ත්වය සෑහෙන්න දරුණුයි වගේ 😪 ආණ්ඩුව මාරු වුණාට කමක් නෑ ගියසැරේ වගේ රට අරාජික තත්ත්වයට පත් නොකර පරිස්සමට කරන දෙයක් කරපල්ලා මචංලා හරිද?

      Delete
    2. මගේ හෘ ද සාක්ෂිය මට වද දෙනවා මගේ ඇනෝ මිත්‍රයා...

      Delete
  2. උදේ පාන්දර නැගිටල කුනු කෙල පෙරාගෙන බොහොම අමාරුවෙන් පුවක් ගහකට නැගල ඒ පුවක් වල්ල විකුනල ඒ සල්ලි වලින් පැකේජ් එක දාල නිදහසේ බ්ලොග් බලන්න එන්නෙ මේ ආප්ප ගහන උන්ගේ අටමගුල් බලන්නද හත් වලාමේ

    ReplyDelete
  3. මාතා ලංකාවේ අධිවේගී මාර්ග සියල්ලම පාහේ 2013 අග වෙනකොට සම්පූර්ණයෙන්ම සැලසුම් කරලා ප්ලෑන් කරලා ටයිම්ලයින් කාලරාමු සකසලා ඉවර කරලා තිබුණේ, ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම අවසන් කරලා මහජන ගමනාගමනයට විවෘත කරන්න තිබ්බේ 2018 දී. රුවන්පුර අධිවේගී මාර්ගය අවසන් කරලා ජනතාවට විවෘත කරන්න තිබ්බේ 2019 දී.

    ඒත් ඕන්න අද නිවුස් එකක් එනවා, මධ්‍යම අධිවේගී මාර්ගය 2026 දී අවසන් කරනවා, රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම් (තාවකාලිකව) නවත්වනවා කියලා....

    දැන් ටිකක් හිතලා බලන්න ඒ සැලසුම් අනුව මේ අධිවේගී මාර්ග හරියට ඉදිවුණානම්, එය රටේ ආර්ථිකයට කොපමණ ආකාරයෙන් දායක වෙනවාද කියලා.

    මේ වගේම තමයි, කොළඹ පෝට්සිටි වරාය නගරය, සාම්පූර් ගල් අගුරු බලාගාරය, උමා ඔය බලාගාරය, වගේ ව්‍යාපෘති පරක්කු වුණෙත්.

    ලංකාවේ රජය බංකොලොත් වෙන්න ඇත්තටම හේතූ මේවා. ලෝකයේ අද බොරතෙල් මිල ස්ටීල් මිල සිමෙන්ති මිල වෙනත් අමුද්‍රව්‍ය ඇස්ෆෝල්ට් වල මිලගණන් හොයාලා බලන්න වැඩිවෙලා තියෙන තරම කොච්චරද කියලා, අද ලංකාවේ ලේබර් කොස්ට් එකම කොච්චරද කියන එක ගැන හිතල බලන්න අඩුම තරමින්

    ඒ නිසා අද මේ ව්‍යාපෘති කරන්න ගියොත්, එදා ගියාට වඩා අවමය තුන්ගුණයකට වඩා වියදමක් වෙනවා. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වීම අඩාල කරන්න කටයුතු කරපු අය කවුද කියලා රටම දැන් දන්නව ඒ නිසා මම කියන්න ඕනේ නැහැනේ! 🥲

    ReplyDelete
  4. දිනය 2009 පෙබරවාරි වල අදවගේ දවසක්

    එදින කැනඩාවේ ස්කාබරෝ නගරයේ බේකරියක කිරිබත් බෙදමින් හිටියා . ඒ කොටි ත්‍රස්තවාදීන් කොළඹට ගුවන් යානයකින් බෝම්බ දාන දවසක් .එතන සිටි LTTE හිතවාදී පිරිසක් මෙහම මා සමග කිව්වා . ඔයගොලන්ගේ හමුදාවේ මල සිරුරු ෆ්‍රීසර් ට්‍රක් වල තියෙනවා. අපි ඒවා ළඟදීම සිංහල හමුදාවට භාර කරනවා. මට කිසි දෙයක් හිතා ගන්න බැහැ.
    ඊට ටික කාලෙකට පස්සේ මම උජාරුවෙන් එතනට ගියා . කෝ ෆ්‍රීසර් ට්‍රක්. මම ඇහුවා . එතකොට මට මෙහෙම කිව්වා හෙට අනිද්දා ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරු එනවා. ඒගොල්ලෝ ඔය යුද්දේ නවත්වනවා .

    ආ එහ්මද කියලා mama ගියා
    ඊට ට්කදවසකට පස්සේ මම දැක්ක මහින්ද ලොක්කා මේ දෙන්නට පොර ටෝක් එකක් මාර ගහක් යට ඉඳන් දෙනවා .

    Rest is history !!!

    කව්රු මොනවා කිව්වත් මහින්ද රාජපක්ෂ කියන්නේ පොරක් .

    The link below shows that he attended the Movie “Rani”

    https://www.facebook.com/share/1BD8v1n4xa/?mibextid=wwXIfr

    ReplyDelete
  5. කෝපිකඩේ ජෝකර් අප්පුවා හොඳයි මොංගල් කයිපඩ මරිසිකොටා අප්පුවා කියන carry basic http ට වඩා නම්

    ReplyDelete
  6. තාරුණ්‍යයට හෙටක්
    ආප්පයට තැනක්

    ආප්ප හරිනිට ජය වේවා

    - සාදර අනුග්‍රහය-US' Aid

    ReplyDelete
  7. අඩුම ගානෙ ආප්පයක් හරි අඩුවට දෙයිද !🤔🙃

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න