.

.

Feb 12, 2017

හාල්, හාල්පාරූවෝ, මෝල් කාර්යෝ හා මෝල් ආන්ඩු




හාල් මිළ ඉහල ගිය එකට ආන්ඩුව කමිටුවක් පත් කළේය. ඒ කමිටුවේ උන් හාල් තම්බා බත් කන මිනිසුන් වෙන්නට බැරිය. බොහෝ විට තනකොළ කා පුනක්කු බොන, මිනිසුන්ට වඩා බුද්ධිමත් පිරිසක් වෙනඩ ඕනාය. මොකෝ පාලන මිළක් තීරණය කරන්න මාසයක් ඉතර ගියේය. බුද්ධිමත් අය එහෙමය. අපි වාගේ පිස්සන් මෙන් කඩි මුඩියේ තීරණ වලට එළඹෙන්නේ නැතිය. කෙසේ හෝ ඒ බුද්ධිමතුන්ගේ කමිටුවට හාල් මිළ අධික බව තේරුනේය. ඒක අපි බත් කන ජාතියක් වසයෙන් මාර විදියට ඇප්‍රිසේට් කොරන්න ඕනාය. ඉදින් ඒ මහා බුද්ධිමතුන් හාල් මිළට පාලන මිළක් දැම්මාට. කඩ කාරයෝ මුන්ව පයිසෙකට මායිම් කළේ නැතිය. ඒ මුන් පාලකයෝය කියා කඩ කාරයෝ පිලි නොගන්නා නිසාය. 

කඩ කාරයෝ පමනක් නොව, ජහමනයාද මුන් පාලකයන් පිරිසක්ය කියා පිලිගන්නේ නැතිය. මේ රටේ ජනතාව, කඩ කාරයෝ රාජ්ජ නිළධාරින් ඉතරක් නොව, රාජ්ජ නායකායද, එයාගේ පක්ෂේ ගෝලයෝද,  තාමත් රාජ්ජ නායකයා ලෙස පිලිගන්නේ මහින්ද මහත්තයාය. ඕන් එයා කිව්වා නම්, මහ රෑ 12:00 සිට නොව, රෑ 11:00 සිට මහ රෑ ජාමේත් කඩ ඕපන් කොරලා ජනතාවට සහනේ සලස්සනවාය. ඒ වාගේම මහින්ද මහත්තයාගේ ආන්ඩුවේ අගමැති වන ප්‍රසන්න රණතුංග සිරිමතානෝ මිනිවන්ගොඩ පොළ ඕපන් කරනවාය. පාන්ඩු ආන්ඩුවේ උන් පුකෙන් අඬනවාය. මහින්ද සහ මහින්දගේ ගෝලයෝ, තාමත් එයාලාට ඕනා විදියට රට පාලනය කොරනවාය. 

(මහින්දගේ වාසනාවට, සතියෙන් සියල්ල අමතක වන බත් කන හරකුන්ට, මහින්දටත් කෙල උනේ මිනිස්සුන්ගේ බඩට ගහපු නිසාය කියනා එක අමතක වෙලා බොහෝ කල්ය. එහෙම හරක්, යහපාලන හරක්ගෙන් අහන්නේ ඔබට සතුටුයිද දැන් කියලාය.)

දියවන්නා ගව ගාලේ එකාබද්ධ මළබද්දේ කම්බා හොරු රවීට කින්ඩිය දැම්මේ, අඩෝ කෝ ඩෝ ඒ ගානට හාල් දෙන්නේ කොහේද ඩෝ කියාය. එතකොට රවී කිව්වේ, ඒක මගෙන් අහන්න අවශ්‍ය ප්‍රශ්ණයක් නොව, වෙළඳ ඇමතිගෙන් අහන්න අවශ්‍ය ප්‍රශ්ණයක් කියනා එකය. වෙළඳ ඇමතියා කියන්නේ හාල් ප්‍රශ්ණය උගේ එකක් නෙමේ කියලාය. ඒක අයිති ග්‍රාමිය ආර්ථිකේ බාර එකාටෙයි කියලාය. බලාගෙන ගියාම හැට හුටාමාරක් ඉන්න කැබිනට් එකේ, තමන්ට අයිති දේ මකක්ද, අයිති නැති දේ මොකක්ද කියලා එකෙක්කත් දන්නේත් නැතිය. ඒ නිසා ඔක්කෝම කුණු අන්තීමට එන්නේ මහ රජානන් වහන්සේටය.

පුළුවන්නම් ඕක ගැසට් කරපන් ඩෝ කියා රාජ්ජ නායකයා වන මහින්ද මහත්තයාගේ උන් නීතීය මතක් කලාම, මෝල්කාර හාල්පාරුවන්ගේ පාන්ඩු ආන්ඩුව ඒකත් කොලේය. ඒත් එක පාර නෙමේය. ඒකෙත් කොල කෑල්ලක් අලවලා හත් පොලේම ගාගෙන නෑවේය. නාගෙන හරි ගැසට් එකත් ගහුවේය. ඒත් ඒ ගානට හාල් ඉල්ලුවාම ගැසට් එක අරගෙන එන්නෙයි කියලා කඩ කාරයෝ කියනවාය. ගැසට් එක තියෙන්නේ කොහේද කියා නොදන්න උන්, සිරිසේනගෙයි, රනිල්ගෙයි, රවීගෙයි, හැරිසන්ගෙයි, අම්මාලට අම්මමෝ නැතිව බනිනවාය. 

දැන් ජේ ආර් ගේ ඕපන් ඉකොනොමි එකෙත්, පාරිභෝගික ජනතාව මාර සතොසෙන් සතොසේ පෝලිමේ ඉන්නවාය. හරියට පෙස්ටිවල් සීසන් එකට හවුස් ඔප් පැසොන්, පැසොන් බග් පෝලිමේ ඉන්නවා වාගේය. හරක් වගේ ඔහේ කකා උන් බත් එකටත්, මාර වටිනාකමක් දීලා තියෙනවාය. බයියෝ ඉතරක් කාපු රතු හාල්, සුදු හාල් ඉතරක් නොව,  බල්ලොත් නොකනා නාඩු වලටත් ඉන්ටර්නොසොනල් ලෙවල් එකේ බාස්මති සයිස් වටිනාකමක් දීලා තියෙනවාය. ඒ වාගේ වටිනාකම් දේශීය හාල් වලටත් ලබා දීමේ ප්‍රීතිය බුක්ති විදීම සඳහා මහින්ද අමරවීරත් සතොසෙන් සුදු හාල් කිලෝ පහක් අරගෙන ගිහින් කිරි බත් උයලා කනවාය. 

එදා නිස්සන්කමල්ල රජතුමා කවදාවත් ගොයියෙක් රජ කරන්න එපා කියා පොලොන්නරුවේ ගල් පොතේ කොටලාම තිබ්බේ, මේ දේ උන්වහන්සේ එදාම දුටු නිසා වෙන්නට ඇතිය. ගොවියෝ රජ උන දවසට රජවරුන්ට කෙලවෙන බව, උන්වහන්සේට උපුල්වන් දෙයියෝ හරි පුලතිසි දෙයියෝ හරි  හීනෙන් හෝ කියන්නට ඇතිය. එයයි එපා කීවාට, බෙලෙක් පිඟානේ බත් කන, බොහෝම සරළ ගොවි පුතෙක්, බුද්ධ වර්ෂයෙන් 2559 ක් වෙන වර්ෂයෙදි ඒ උතුම් වූ පින් බිමේ ජනතාව පත් කර ගත්තේය. 

ගොවි පුතෙක් රජ වීමේ වටිනාකම ඕකය. එපමනක්ද? නැත. ගොවිබිමක උපන් කෘෂිකර්ම ඇමතියෙක්ද, හාල් බාර මෝල් පුතෙක්ද, සමාවෙන්න ගොවි පුතෙක්ද, සහල් වලට අධිපති ඩඩ්ලි නම් දෙවියෙකුද ලැබීමට තරම් වාසනාවන්තයෝ වම්හ. ඉඳින් එවන් රජෙක් පහළ වූ පින්වන්ත බිමෙක ඉපදීමට තරම් පින් කොට ඇති අප කෙතරම් වාසනාවන්ත, පින්වන්ත, ජනතාවක් විය යුතුද? එවන් උත්තමයෝ බුදු දහම් සඟුන් මෙන් පිදිය යුතු නොම වේද?

දේශිය ගොවියාට, මෝල් හිමියාට හා දේශිය සහලට මෙවන් වටිනාකමක් ලබා දීම මහින්දවාදීන්ට දිරවන්නේ නැතිය. ඒ නිසා හාල් මිල වැඩි යැයි කියා, පනසල් ගානේ, හන්දි ගානේ කිය කියා යනවාය. ප්‍රෙස් කොන්පරන්ස් තියලා ආන්ඩුව වගේ එකට කින්ඩිය දානවයා. ආන්ඩුව මේවාට සැලෙන්න ඕනා නැතිය. 

එපමනක් නොව ඔය රවි කරුණානායක වගේ, බටහිර ගැති, නව ලිබරල්වාදි කාළකන්නි ධනපති හැත්ත, හාල් ආනයනය කොට කෙලවන්න හදන්නේ දේශීය වියාපාරිකයාටය. මෝල් කාරයාටය. වී ගොයියාටය. ඔය අලි පාටියේ උන් හදන්නේ මේ රටේ වී ගොවිතැන නැත්තටම නැති කොරලා දමා, මේ රටේ සබ්බත්තය, සඟිස්කුරුතිය බව් බව්මික අනඩවාතය හා ලක් මවගේ ගර්බාසය, ඩිම්බ මෝචනය මෙන්ම, උඩ්ඩුකපුඡ්චයත් විනාස කොරලා දමන්නය. 

ඒ නිසා මේ පාන්ඩුව වගෙ ආන්ඩුව කළ යුත්තේ, සතොසෙන් ලාබේට දෙන එකත් නවත්වා. කඩේ මිළටම සතොසෙනුත් දීලා, මෝල් කාරයන් මෙන්ම, මෝල් ඇමතිලාද ආරස්සා කොට, මලයා මෙන්ම ගොයියාද රජෙක් කොරනා එකය. දේසියත්වය ගරු කරනා අප කළ යුත්තේ, අඩු මිළ හාල් අපිට එපා, වැඩි මිළට දීපල්ලා කියා නාමල් කරුණාරත්න නම් ගොයි රජා සමඟ අමුඩයෙන් කොළඹ එන එක හෝ අමුඩ නැතිව සරමෙන් ඇවිත් පාර්ලිමේන්තුව පැත්තට පුක හරවා හාල් වලට පාලන මිළක් නියම කළ ගැසට් එක රෝල් කර අධෝමාර්ගයේ ඔබාගෙන මහා මාර්ගයේ ඉඳගැනීමය.

60 comments:

  1. අන්තිම වාක්‍ය කියවනකොට පඩයකුත් ගියා ඕං

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බලහන් ගැසට් එක හැලුනද කියලා

      Delete
  2. මේ ළඟදි හාල් ගන්න කඩේට ගියාම ඒකා මට ඌ හාල් ගත්තු බිලත් පෙන්නුවා...ඌට හාල් කිලෝ එකකින් රුපියලක් විතර තමා ලාභ තියෙන්නේ...හාල් දාපු සොපින් කවරෙටත් පාඩුයි...

    කමක් නෑ මචං අපිට තණකොළ තියනවනේ...දැන් ඒවත් හිඟයි මේ දවස්වල නියඟෙ හින්දා...

    අසංක

    ReplyDelete
    Replies
    1. දේශීය ගොවියා නගා සිටවමු

      වැඩි මිළට ගෙන කමු

      Delete
    2. අන්න හොඳයි! මමනම් එහෙම කරනවා . අපි එක්කෙනෙකට් හාල් කිලෝ එකක් දවස් කීයකට ඇතිද ? මම හිතන්නනේ දෙවේලට බත් කන්න හාල් ගෑම් 250ක් හොඳටම ඇති. දැන් හාල් රු 200ට ගියත් එක්කෙනෙකුට යන්නනේ දවසට හාල්වලට රු 50 . මේක මාළුපාන් ගෙඩියක ගාන නේද ?

      Delete
  3. මාත,

    වසවිසෙන් තොර සහල් වගාව නම් තරමක සාර්ථකත්වයක් තියනවා. මම පෙරේදා මේ සහල් සේව්වහම් මට ගන්න පුළුවන් උනේ හාල් කිලෝවක් විතරයි අනෙක් ඒවා විකිණිලා.

    මේ වගාව කරන්න නම් අපට දේශීය බිජ විශාල ලෙස උවමනා කරනවා.

    මිට අමතරව රජය නම් හත්පොලේ ගාගෙන තමයි ඉන්නේ, ඔබේ මිත්‍ර කරුනාරත්න පරණවිතාන ලදී හමුවුනේ නැද්ද? උන්නැහැ ගෙන් ඇහුවේ නැද්ද මේ වෙන්නේ මොනවද කියල ?

    ReplyDelete
    Replies
    1. දැන් එතුමා බලන්නේ සිහළ අයගේ උරුමේ ඉතරයි නේ... ඒ වැඩ අර වෙන වැඩ නැතිව ඇති...

      Delete
  4. තාම නියම හාල් හිඟය ආවෙ නෑ. මේ කන්නයෙ වැස්ස නැතුව විනාශ වෙච්ච කුඹුරු වල රිසල්ට් එක තව මාස 2ක් 3ක් යනකොට තැපෑලෙන් එනවා. අන්න එතකොටයි මේ හාල් නාටකේ උච්චතම අවස්ථාව බලන්න පුලුවන් වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. තා මොනවා බලන්නද මේ තමයි උච්චම අවස්තාව... ඊළඟට එන්නේ ඕක පෝඩ්ඩක් එහෙ මෙහෙ වෙලා.. උක්තෙම අවස්ථාව...

      Delete
  5. කුබුරු අක්කරයක් තියනවා කියලා කියපු හින්දා කලබලේට හරි සදු බැදපු එක හොදයි කියලා හිතෙනවා ....
    ගෙදරට කන්න හාල් ටිකක් ලැබෙනකොට ....
    කඩේ මිල අහපුවහම ඇගේ මාළු ගගේ නටනවා

    ReplyDelete
    Replies
    1. හාල් කෑල්ල​

      Delete
    2. සයිඩ් එකෙන් පොල් කෑල්ලකුත් හොයා ගනින්.... දැන් 70 යි...

      Delete
    3. මගේ තරුන මිත්‍රයෙකුට ඉන්නවා වැල්ලේ ප්‍රේමයක්. කෙල්ලගේ තාත්තා ධීවරයා. මම ඌව හම්බවුනාම අහන්නේ "කොහොමද උඹේ මාළු කෑල්ල" කියලා. දැන් හැමෝම එහෙම අහන්නේ....

      Delete
  6. පාලන මිල දැම්මේ ආනයනය කරන හාල්වලට විතරයි නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..... අහුවෙන්න එපා ඔය බටහිර කුමන්ත්‍රණ කාරයන්ගේ ගේම් වලට... කන්න එහෙම එපා එවා... ආසනික් හෝ ගාලා...

      Delete
  7. අඩුම හාල අනුගානක් බං , ආසාවක් ඇතුව පල්ලට බස්ස ගන්ඩනං 120 125 එව්වා තමා

    ReplyDelete
    Replies
    1. ආර්ථිකේ 70 ට තියෙනවා ඉන්දියන් සුදු හාලක්...
      ඒකනම් අවුලක් නැහැ වගේ, කිලෝ එකක් අරගෙන ගියා බලන්නත් එක්ක...

      Delete
    2. ෆුඩ් සිටියට යන්නේ අනේ... පොඩි තත්තෙකුත් තියෙනවා නේ... කැෂියර් එකේ හොඳ කෑලිත් ඉන්නවා...

      Delete
    3. මාතලන් ලිංගික අසහන කාරයෙක් කියලා ඔපීසියෙ උන් කියන්නෙ නිකන්ද

      Delete
  8. හෙළ ජා..ථිඛ අභිමාණේ... පුඃ !

    ReplyDelete
    Replies
    1. ගොයියා වේ රටක බලේ
      ගොයියා වේ....

      Delete
  9. බම්බුව ... මේක මහා ආර්තික විද්‍යාඥ රනිල් වික්‍රම සි'න්හ මැටිතුමා දුරදිග බලල ගත්ත ආර්තික උපායමාර්ගයක්. එතුමෝ නිකන් නෙමෙයි කුබුරු වගා කරන්න එපා කියල මීට කන්න දෙකකට කලින්ම කිවුවෙ.

    මාතලන් උන්නැහේ ගෙ වචන වලින්ම එතුමෝ හැර වෙන කවුරු මෙ සිරිලක ආර්තිකය දියුනු කරන්න හැකියාව ඇත්තහුද

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයා කියන දේවල් කලා නම් අද නියං ආධාර හිඟා කකා පාරවල් වල ගානේ රස්තියාදු වෙන්නේ නැතිව ආතල් එකේ ඉන්න තිබ්බා....

      Delete
    2. එතුමා මක්කෛ කිව්වෙ

      Delete
  10. සහල් ගොවිතැන රැක ගත යුතු සංස්කෘතික අංගයක් වගේ සැලකීම දැන්වත් නතර කර ආර්ථිකයට ගැලපෙන අයුරෙන් වෙනස් විය යුතුය.

    ReplyDelete
    Replies
    1. මහවැලි ගඟේ වතුර ටික ලංකාවටම දීලා බටයක් දාලා ඉන්දියාවටත් දුන්නා නම් හරි... ගෝත්‍රිකයෙක් නායකයෙක් උනාම වෙන මක්කා කොරන්නද....?

      Delete
  11. මාත් හිතන්නෙ අපි ගැළපෙන ආර්ථික බෝගයකට යන්න ඕන

    ReplyDelete
    Replies
    1. අම්මප හැබෑව එතකොට කුබුරුවල තණකොළ වලව බඩ පිරෙන්න ආර්ථික බෝග ගිල දැම්මහැකි

      Delete
    2. අපි නම් ඕවා කියන්නේ මේ බොග දාන්නා ගත්ත දවසේ ඉඳලා... ඔය මළදාන වගාව ගැන දන්න නිසා...

      Delete
  12. එදා නිස්සන්කමල්ල රජතුමා කවදාවත් ගොයියෙක් රජ කරන්න එපා කියා පොලොන්නරුවේ ගල් පොතේ කොටලාම තිබ්බේ, මේ දේ උන්වහන්සේ එදාම දුටු නිසා වෙන්නට ඇතිය. ///// athhata ehema liyala thibada ?

    ReplyDelete
    Replies
    1. පොළොන්නරුව බලන්න ගියාම ගයිඩෙක්ගෙන් අහලා බලන්නකෝ, මක්කද ඕකේ ලියලා තියෙන්නේ කියලා හිටන්...

      Delete
  13. පාලන මිල දාපු ආණ්ඩුවෙන් දෙන වී කිලෝව 48 යි ආයිබෝවන්ඩ, හාල් කිලෝ එකකට වී කිලෝ එකහමාරක් ඕන එකේ එතනම 72ක් වෙලා , එතකොට නිෂ්පාදන වියදම , වතුර බිල ලයිට් බිල ,මෝලේ උන්ගේ පඩි නඩි බේරලා 70 ට දෙන්න විදිහක් වයිමාගේ පුතාගෙන්ම තමා අහන්න ඕන බොලව්.
    ඔන්න එකෙන් මේකෙන් මෝල් කාරයෝ වී පාහින එකත් නතර කොලා . මම නම් ක්‍රෝටන් පාත්තියක් වවාගත්තා ,

    වොක්ස්වැගන් එකේ නැගලා ජොලියට වගේ 70 ට හාල් හොයන්න ගියා ගූගල් ලූන් එකෙන් නොමිලේ දීපු වයිෆයි වලින් ඉන්ටනෙට්ම ලොග්වෙලා මැප් එක දිහා බලාගෙන . මේ එනගමන්

    ReplyDelete
    Replies
    1. අප්පේ.. මේ ඉවාන් පවුලුස මහත්තය නේද? ආයිම බ්ලොග් කියවන්න අරන් තියෙන්නේ?

      Delete
    2. ඔහෙප්පලයන්...
      අයිවන් තුමා අවදිවෙලා දෙයියන්ගේ හාල් කැවිලද කොහෙද හිටන්!

      Delete
    3. කොහේද බං උන්නේ...?

      මේක ඇවිල්ලා ටෞහකන රටක්

      වගා ණය දෙන්න ඕන (ආයේ හම්බ වෙන්නේ නෑ)
      පෝර නිකන් දෙන්න ඕන.
      බොන්න තියෙන වතුර ටික ඔක්කෝම දෙන්න ඕන.
      ඊළඟට වී ටික හොඳ මිළකට ගන්නත් ඕන.
      හාල් අඩුවට දෙන්නත් ඕන.

      මීට නරකද ඔය ගොයියෝ ඔක්කෝම අර කතරගම පැත්තේ හිඟන ගමට ගිහින් දාලා..

      රටින් හාල් ගෙනත් ලාබෙට දෙන එක..

      Delete
    4. හායි ගායිස්...... වෙන්ට් එලොව කේම් මෙලොව

      Delete
    5. හායි ගායිස්...... වෙන්ට් එලොව කේම් මෙලොව

      Delete
    6. හායි ගායිස්...... වෙන්ට් එලොව කේම් මෙලොව

      Delete
    7. තුං පාරක්ම...
      තව හය පාරයි ඉතුරු වෙලා තියෙන්නෙ. පරෙස්සමෙන්.

      Delete
    8. සැප සහ දුක්, රෝගි සහ නිරෝගි...මිනිසාටමයි. උඹව දැකීම සතුටක්!!!

      අර ප්‍රසන්නයා කියනවා වගේ පූස් පන. ආදර පූසෙක් නේද...

      Delete
  14. අම්මප මං කොච්චර අවිඥ්ඥානිකද මේ ප්‍රශ්නේ ගැන? ගෙදර උන් මොනවා කනවද මංදා..

    ReplyDelete
  15. මාතලන් දිව්‍යපුත්‍රයා තව්තිසාවේ ඉඳලා අම්මට සිරි ලංකාවට දිවැස් හෙලා කරුණාවෙන් බැලුවාම උන්වහන්සේටත් නොපෙනෙන දෙයක් නෑ නොවැ . එකත් ඉතින් අපේ වාසනාව තමයි. මම මේ කල්පනා කරන්නේ සියලුම දේවල් පත්තර මාර්ගයෙන් දැක බලාගන්නා ජනාධිපති උතුමාණන්ට මාතලන් දිව්‍යපුත්‍රයාගේ කොළම කියවන්නට මග පෙන්වන්නට ක්‍රමයක් තිබේ නම් රටේ ප්‍රශ්ණ බොහොමයක් ක්ෂණිකව විසඳා ගන්ඩ තිබුණා නේද කියලයි. අර කතාවක් තියෙන්නේ "tail is wagging the head" කියලා. දැන් රටේ වෙන්නේ ඒ වගේ හොල්මන් වැඩ තමයි. ස්වීප් විකුණන එවුන් ඒවා විකුණන මිළ නියම කරනවා. වී මෝල්ලු හාල් මිළ නියම කරණවා, ආණ්ඩුවේ ගැසට් බල්ලට දානවා, උන් කියන ගණන නියම කරන කල් තියෙන හාල් තොග එලියට දාන්නේ නෑ කියනවා. ආණ්ඩු කරන උන් සෙවලයෝ වගේ උඩ බලාගෙන ඉන්නවා. අපරාදේ බණ්ඩාරනායක උන්නැහේට සෙවල බණ්ඩා කීවේ ඒ දවස්වල. දැන්නේ නියම සෙවල බන්ඩෙක් රජකම් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. උන්නැහේ බලනවද කියන්න හරියටම දන්නේ නම් නෑ... හැබයි එක උපසේන කෙනෙක් නම් බලනවා කියලා හොඳටම දන්නවා...

      මරු නායකයා අප්පා..

      ඉස්සර ගියා දූ දරුවෝ කියලා ටෙලියක්.. ඒකේ අම්මත් මේ වගේ තමයි...

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. අර ගූ-ගල් බැලුන් ටික උඩ යවලා, රටටම වයි-පයි දීලා, ගොවි මහත්තුරුන්ට ටැබ් ටික බෙදල දුන්න නම් ඔය ප්‍රශ්නේ අහවරයි නේ...

    ReplyDelete
    Replies
    1. එවා කරන්න තිබ්බා එජාප ආන්ඩුවක් තිබ්බා නම්... මේක පාන්ඩු ආන්ඩුවක් නේ...

      Delete
    2. " ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවිමට, අධ්‍යාපනය දියුණු කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරිම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ආචාර්ය උපාධිය අග්‍රාමාත්‍යවරයාට පිරි නමා ඇති බව වාර්තාවේ." Hukazzzz

      Delete
  18. ලංකාවේ වී ගොවිතැන කරන එක අලාභයි කියල මාතලන් වරක් ලිව්වා නේද? වී ආනයනය කරලා වඩා ලාභ දෙයක් වැව්වා නම් හොඳ නැත්ද?

    ReplyDelete
    Replies
    1. ළඟදීම ඔක්කෝටම තේරේවී....

      Delete
  19. මේ ආන්ඩුවට වැඩ බෑ. නැත්නම් මේවා මේ විදිහට අනාගන්න ඕන වැඩ නෙමෙයි. අඩුම තරමේ මිනිස්සු තුන්වේල කාල ඉන්න ඕන. ඒකවත් මුන්ට තේරෙන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මුන්ට තියෙන්නේ හොරා කන එක බෙදාගන්න බැරි කේස් එකක්....

      Delete
  20. ඈ මාතෙ.. මොකෝ බන් මේ වෙන්නෙ හැබෑටම..?

    ReplyDelete
    Replies
    1. හවුලේ කැඳත් එපාය කියලා අපේ ආච්චි කියන්නේ...

      නෑමෙන් හොඳ නෑම ඇදගෙන නානා එකය...

      Delete
  21. මචං...මෝල් ආණ්ඩුයි මෝල් කාරයොයි වැඩක් නැහැ බං. මෝල් කලන්තේ ගැන ලියපන්.

    අවලන්ටයින් උඹේ වර්ශන් එක ලියන්නේ නැද්ද...බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බුකියේ ලිව්වා මචෝ... මේකට වඩා ඒක නැගලා යනවා...

      Delete
  22. මාතලන් ලොක්කා. මේකනම් පට්ට ගවපාලනයක් බං.

    රටේ ලොක්ක අනාගෙන නාගෙන නවසාරන් පෙරාගෙන කුජීතම උනහම තියපු මිටීමේ වීඩියෝ එක නිව්ස් වල පෙන්නනකොට එක වසල කැමෙරා කාරයෙක් කින්ඩියට වගේ ස්ලිප් වෙලා යන්න හාල් "මෝල්" සිරිසේනත් පෙන්නනකොට නම් මට හිතුනෙ "මයිත්‍රී මහත්තයෝ.. අපිටනම් හරිම සතුටුයි" කියලාය..

    පුදුම ආතල් එකක් බං මේ මැටි හරක් අපිට දෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මෙහෙම පාලන ඉතිහාසයෙත් තිබිලා තියෙනවා මචෝ... එකම සතුට තමයි රජ පාලනයකට නොගිහින් නවතුන එක.. මිනිස්සු ඒ තරම් පවු කරලා නෑ.. ඒත් පින් කරපු ජාතියකුත් නෙමෙයි..

      Delete
  23. මෙල්බන්වල ඉන්නව ලංකාවේ දොස්තර කෙනෙක්. හරි ජනප්‍රියයි. මොකද මෙහෙ ප්‍රතිජීවක දෙන්නේ බැරිම තැන (ෆාමසියෙන් ඉල්ලුවට දෙන්නේ නැහැ). මෙයා ගියපු ගමන් දෙන්නේ ප්‍රති ජීවක.

    මෙහෙට එන්න කලින් කෑගල්ල පැත්තේ නගරබදව බෙහෙත් ශාලාවක් ගෙන හිටියලු. නගරයේ පොල දවසට මෙයට හොදට සරුයිලු. පොලට එන මිනිස්සු කෝකටත් කියල තියෙන පොඩි පොඩි ලෙඩ වලටයි, හැදෙයි කියල හිතෙන ලෙඩ වලටයි බෙහෙත් අරගෙනමලු යන්නේ.

    ලෙඩ නැතිවුනාට මෙයා මිනිස්සුන්ගේ හිත අස්පැට් කරන්නේ නැහැලු. මොනවා හරි දීලලු යවන්නේ. ඒ වගේ වෙලාවට තුන්ඩුවේ ලියනවලු ADT කියල. ඒක කවුන්ටරේට දීල බෙහෙත් ගන්න කියල. ADT කියල දැක්ක ගමන් කවුන්ටරේ එකා දන්නවලු මොකද කරන්න ඕනේ කියල.

    මොකක්ද දන්නවද ADT අවුෂධයේ සාමාන්‍ය නම? Any Damn Thing!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න