.

.

Jan 25, 2017

කොස් කොළ වහළු කවනා අම්බරුවෝ හා නින්දෙන් ඇහැරුනු බෙල්ලන්විල හාන්දුරුවෝ...



ඒ කාළේ පොදු අපේක්සොකයා ලෙස සෝභිත හාන්දුරුවෝ ගෙන එන එකට මාතලන් තදින්ම විරුද්ධව ලිව්වේය. ඒ හාන්දුරු කෙනෙක් රජ උනොත් සිද්ධ වෙන දේ කලින්ම දුටුව හින්දාය. ඒත් දැන් ඉන්න උන්නැහේගේ මළ විකාර හැසිරිම් දුටු විට නම් හිතෙන්නේ, අපේ ගලගොඩ අත්තේ ඥානසාර හාන්දුරුවන් වහන්සේ රජා උනා නම් මීට හොඳ යැයි කියාය.

ලද නිදහස නිසා එකසිය ගානට පොර ටෝක් දෙන චන්ඩි වැහි වැහැලාය. බැඳුම්කර විවාදෙදි අපි නම් මොකා කලත් වැරද්ද වැරද්දයි කියා කියන්න බය නෑ කියා සිංහ ටෝක් දුන් සුසිල් ප්‍රේමජයන්තලා දැක්කම හිනා යන්නේ පුකෙන් විතරක් නෙමේය. කක්කුසි කටවලුත් හිනා වෙනවාය. මහින්ද මහත්තයා දුන්න පාර හරි තැනට නොවැදි බේරුන නිසා අදත් ජීවත් උනාට, එල්ලය හරි ගියේ නම් නවතින්නේ නවලෝකේ නොව පරලොකේ බව දන්නා උන්ට, එසේ සිනාවී සිටය නොහැකිමය.

මුන් ඒ කාළයේ මහින්ද මහත්තයාට ඉතරක් නොව බැසිල්, නාමල්, යෝෂිත හා චිචීටත් පුක ළඟින් නැවී සෑර් කිව්වා පමණක් නොව, මහිදගේ මහත්තයාගේ මැකෝ ගිරවාටත් කතා කළේ නැට්ට පුකේ ගහගෙන, "සෑර් බත් කෑවාද..." කියලාය. ඊයේ අභයාරාමයට වැඩ අවුරුදු දෙකක් තිස්සේ කළේ මක්කද කියා අසනා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාන්දුරුවන්ට අපට නම් කියන්න තියෙන්නේ, ඕවා අහන්න උන්නාන්සෙගේ මුඛේ විවරවීමම මදිදැයි කියලාය. උන්නාන්සේලා අද බයිලා ගහන්නේ මුඛයෙන් නොව පුකෙන් වෙන්න ඕනාය. එක්කෝ ඒ කාලේ වැඩ ඉන්න ඇත්තේ වෙනත් දිවිය ළෝකයක වෙන්නට ඕනාය.

අනිත් චන්ඩි සැට් එක ඇවිල්ලා රජයේ නිළධාරින්ය. මේ කාළකන්නින්ට මාධ්‍යවලට අදහස් දක්වන්න තරම් නිදහසක් දුන්නේ මොකාද කියා මුලින්ම හොයන්නට ඕනෑය. අලි පාටියේ උන් කෙලින්න හැදුවත්, විගනකාධිපති කෝප් එකට ඉන්ෆොමේසොන් ලබා දීම ගැන වරදක් කියන්නට නම් බැරිය. අනික පාරලිමේන්තුවට වග කියනා තනතුරකට ගේම් අඳින්න යාම පාර්ලිමේන්තුවම හෑල්ලු කිරීමක්ය. ඇමති වරුනට වඩා නිළධාරින් චන්ඩි වෙන්නවත්, නිළධාරින්ට වඩා ඇමතිවරු ජන්ඩි වෙන්නවත් ඕනා නැතිය. ඒකෙන් වෙන්නේ දෙගොල්ලාම නෝන්ඩි වෙන එකය.

ප්‍රශ්ණය තියෙන්නේ කෝප් එකට ඉන්ෆොමේසොන් දීම නෙමේය. එක එක ටැලිවොස්න් චැනල් වලටයි, පත්තරවලටයි ඉන්ෆොමේසොන් දෙනවා පමණක් නොව, තමන්ට කන්න බොන්න පඩිය දෙන තැනට පුද්ගලයන්ට ගහනා එකයි. වැදගත් මිනිසුන් නම් කරන්නේ තමන්ට කරන්න බැරි නම් දමලා ගසා ගොස් කෙලිනා එක මිස, අඟේ ඉඳන් කණ කන එක නම් නෙමේය. මේවාට මිනිස්සු කියන්නේ, කන පතේ රෙනවා කියලාය. කා සමඟ හෝ ගැටළුවක් තියෙනවා නම් ඒවා විසඳාගත් යුත්තේ එම ආයතනය හා කළමණාකාරිතවය තුල මිස, යහපාලනයට කෙලින්න ඉන්නා උන්ගේ වාහිනි අස්සෙ රිංගා නෙමේය. එයින් සිඳු වන්නේ, පොරක් වීම කෙසේ වෙත්ත පීචං පොරක් වෙන එකය.

අනෙක් එකා සීමා නීර්ණ කමිටුවක නායකත්වය තාවකාලිකව බාර දුන් එකාය. ගහන්න ඕන මේ වාගේ දෙපිටකාටුවෝ පත් කරපු උන්ට මිස, මේ හාල්පාරුවන්ට නොවේය. කමිටුවක ලොක්කා උනාම ඌ හිතන්නේ ඌ රටේම ලොක්කා කියලාය. ප්‍රශ්ණ කතා කරන්නේ ඇමති එක්කවත් පත් කරපු එකාවත් එක්ක නෙමේය. පත්තරෙන්ය. කමිටුවට නායකත්වය දුන් පස් දෙනෙක්ගේ අස්සන ගන්න බැරි නෝන්ජල් පොරක්, පත්තරවල හීරෝලා වෙන්න යනකොට හිකෙන් පුනා යනවාය. අනික මුන්ගේ ඇජෙන්ඩා එක මොකක්ද කියා වාර්ථාව බාර දී ජෙප්පන්ගේ මීටිමට නැගීමෙන්ම පේනවාය.

පට්ටම සීන් එක කියන්නේ, මුන් ලද ප්‍රජාතන්ත්‍රවාදි නිදහස භාවිතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නොව, ප්‍රජාතන්ත්‍රවාදෙට කෙලපු එකා රැකගන්න වීමය. හාන්දුරුවරු උනත්, ඇමතිවරු උනත්, නිළධාරින් උනත්, මුන් අමුම අමු වහළුන්ය. උන්ට ඕනෑ රට හදන්නට නොව, උන්ගේ මඩිය තර කර ගැනීමය. පසුගිය පාලන සමයේ එය හොඳින්ම සිඳු උනේය. ඒවා නැතිව මුන් ඉන්නේ පිස්සු වැටිලාය. වාහන 90 භාවිතා කළා පමණක් නොව, ඒවා ටැක්සි සර්විස් වලට දමා හම්බ කරගෙන කාපු උන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා උඩු බුරන්නේ ඒ නිසාය. ඒ වගේ කම්බා හොරුන්ට "ගරු" කියා කියනවා නම්, අපෙ පැත්තේ කෙහෙල් කැන් කපන එකා "අතිගරු විමලසෙන මැතිතුමා" විය යුතුය.

මේ රටේ පොදු අපේක්ෂකයා ලෙස පත් කරගන්න තිබුනේ, රාජිත සේනාරත්න උන්නැහේය. ඊයේ උන්නැහේ කීවේ මම ඕකාගේ ඇමතියා නම් ඉස්සෙල්ලාම කොස් කොලයි ක්‍රෝටන් කොලයි කවන්නේ ඕකාටය කියලාය. සහතික ඇත්තය. ජනතාවට කොස් කොල ක්‍රොටන් කොළ කවන්න යන්නේ පොඩි එකෙක් නොව මේ රටේ කෘෂිකර්මේ බාර මහ එකා හෙවත් අධ්‍යක්ෂ ජෙනරාල්ය. මේ වගේ බූරුවෝ ඒ වගේ තනතුරුවලට එන්නේ කොහෙන්දෝ කියා මාතලන්ට නම් ප්‍රශ්ණයක් තියෙනවාය.

නියඟයක් ඇවිල්ලා කුඹුරු පාලු උනා යකෝ කියා ගොයියෝ මොර දෙනවාය. එතකොට එහෙම නියගයක් එනවා කියා කාළගුණේ මහ එකා දන්නවා නම්, ඒ ගැන මේ අම්බරු අද්දියක්ෂයා දන්නේ නැද්ද? මොළයක් ඇති එකෙක් නම් මිනිසුන්ගේ සල්ලි කාබාසිනියා නොකර මහ කන්නය වගා කරන්න එපා කියා කීවා නම් අහවරයි නේද? එහෙම නැත්නම් ජලය විනාශ නොකරනා වෙනත් භෝගයක් වගා කරන්නෙයි කියා උපදෙස් දෙන්න බැරිද?

කොස් කොළ ක්‍රොටන් කොළ කොස් වහලු කවන්න ඕනා මේ වගේ හරකුන්ටම නොවේද? කාබනික පොහොරෙන් පමණක් වගා කොට ඉල්ලාගෙන කෑ ගොවීන්ට, මේ එක එකා ඇවිත් දෙන්නේ දිරච්ච ලණු කියා කියන්නට දැණුමක් මේ අම්බරුවන්ට නැද්ද? වී වලට වඩා ආදායම් ඉපයිය හැකි ආර්ථික භෝග කෙරේ ගොවියන් යොමු කිරීමේ වැඩ පිලිවලක් මේ අම්බරුවන්ට නැද්ද?

තොපි ඕවාට වෙලා ටයි කෝට් දමාගෙන, තොපේ අම්මාවරුන්ට පින් අනුමෝදන් කර ගන්නේ නැතිව, අමාත්තියන්සයේ නිළධාරින් හා කෘෂි උපසේනලා ගාලම එක්කාසුවී මිනිසුන්ගේ ක්‍රෝටන් පාත්ති වලට තොපේ ගොම සප්ලයි කොරා නම්, ආන්ඩුවෙන් පිනා කන පඩියට මුන් ගොම ටිකක් හෝ දානවා නේදැයි කියා හිතා හදා ගන්නවත් ඇහැකිය. මෙහෙම අම්බරු නිළධාරින් මහ පුටුවල ඉන්නා තාක් කල් මේ රටේ ගොවි ජනතාව පමණක් නොව, බත් කන සියළුම ජනතාවට අයියනායක දෙයියන්ගේම පිහිටය.

67 comments:

  1. පබිලිස් සිල්වාගේ කොස් වහළු ව්‍යජනයක් ගැන ලිපියක් කියවලා තියෙනවා. ඒ වගේම එරයා තණකොල වර්ගයක් යොදාගෙන මැල්ලුම් හදන්න පරික්ෂණ කරන බවත් අසා තිබුනා

    ReplyDelete
    Replies
    1. පබිලිස් සිල්වා කුණු කරෝල කාපු කතාව දන්නෙ නෑ නේ...

      Delete
  2. හනිච්චේ දුක්ඛේ.

    ReplyDelete
  3. කොස් කොළයි,ක්‍රෝටන් කොළයි කාලා.....පූනක්කුත් වීදුරුවක් ගැහුවමනම් මරු ඈ

    ReplyDelete
    Replies
    1. පුනක්කු නෙමෙයි මුන්ට දෙන්න ඕන... ගව මුත්‍රා

      Delete
  4. වී හිටවන්නේ නැතුව බැ යකෝ

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං... ගොඩක් ආහාර පිටරටින් ගෙනත් කම එක මීට ලාබයි...

      Delete
  5. ඊළඟ පොද්දා ගැන හිතන්න කාලය හරිද මාතලන් කොල්ලො ?

    ReplyDelete
  6. මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ සන්නිවේදන ගැටළුවක්. ඔය කොස් කොළ කන එක පර්යේෂණ මට්ටමේ තියෙන දෙයක්. ඉස්සර මිනිස්සු තක්කාලි කෑවෙ නැල්ලු විෂ ගෙඩි කියලා. ඒ කාලේ තක්කාලි කන්න කතා කරා නම් ඌ පිස්සෙක් වෙනවා. එක සරසවි ප්‍රදර්ශනයක කෘමි සත්තු ප්‍රෝටීන් බහුල ආහාරයක් කියලා පෙන්නුවා.ඒත් ඒ පර්යේෂණයක් විදිහට. එක්කො කියන මඟුල හරියට කියන්න ඕන. අනික ඔය මාධ්‍ය නිදහසයි අරකයි මේකයි වලංගු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හඳුනන සමාජයක.ගෝත්‍රික සමාජයකට මාධ්‍ය නිදහස දෙන එක අන්තිම භයානකයි.

    ReplyDelete
    Replies
    1. ගෝත්‍රික සමාජයකට මාධ්‍ය නිදහස දෙන එක අන්තිම භයානකයි X 2

      Delete
    2. ගෝත්‍රිකයන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදෙද අප්පා....

      Delete
  7. බෙල්ලන්විල විමලරත්න උන්නැහේගෙ පන්සල මායිමේම වගේ පොඩි ගෙයක් තියෙනවා. ඒ ගෙයි ගෑනියෙකුයි ළමයි තුන් දෙනෙකුයි ඉන්නවා. මං දන්නෙ ටික කාලෙකට ඉස්සර. ඒ කාලෙ නම් ළමයි පොඩියි. දැන් ලොකු ඇති.

    ReplyDelete
    Replies
    1. අපොයි ඉතින් ඕන පන්සලක් ළඟ ගෙවල් තියෙනවා නේ අප්පා... ඒවයේ උපාසිකාවොත් ඉන්නවා... ඉතින් බෙල්ලන්විල කියලා විසේසොයක් නෑ...

      Delete
  8. කෘසි විද්‍යාඤ්ඤයො කියල ජාතියක් ඉන්නවා... ඩිග්‍රි ගැහිල්ලයි සවාරි ගැහිල්ලයි ගැන නම් ප්ලෑන් තියනවා,කෘසිකර්මාන්තෙ ගැන නම් නෝ අයිඩියා. ගොයියො එක්ක බෑ කියල උන් කියනකොට මහත්තුරු එක්ක බෑ කියල ගොවියො කියනවා.
    මෙහෙම ගියොත් ඇත්තටම කන්ට අඳින්ට පිටරටින් එනකන් දත නියවන්න තමයි වෙන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තව මොනවා නියවන්නද අප්පා මේ අහාර සඟිස්කුරුතියත් ලැබුනේ සුද්දන්ට පින් අත් වෙන්න... නත්නම් ඉතින් කුරහන් තලප ගිලලා වතුර බීපූ ජාතියක් නේ.. බත් කාලා තියෙනවා හත් මාලුවත් එක්ක එච්චරයි...

      Delete
    2. // මෙහෙම ගියොත් ඇත්තටම කන්ට අඳින්ට පිටරටින් එනකන් දත නියවන්න තමයි වෙන්නෙ.
      ජයවේවා..!! //

      දත් නියෙවුවට කමක් නෑ ගස්ලභ්භ තුමෝ.. හැබැයි දත් ගලවන්න ආවොත් තමා අපේ දර්මේ අදර්මෙ වෙන්නේ හරිය?

      Delete
    3. එක්ටා එකත් එක්ක උනුත් එනවලු නේද...? අඩුවට දතක් ගලව ගන්න පුළුවන් වෙයි අප්පා... :)

      Delete
    4. දාන්ඩ මාතයියෙ පහක්. ආයෙ ඉතිං ගිණිගණන් ගැනිලි බොරු ඉස්සරහට.. හෙහ්

      ඒක නෙමෙයි.අපි ඉස්සර දාඩිය දාගෙන යක්කු වගේ වැඩ කරලා කොත ගහපු පත් පිඟානක් කාලා පන් එකේ උන්නා.අද ඒ වගේ ඇඟ වෙහෙසන්නැතුවත් කොත ගහපු බත් එකක් නෙලනවා.අපේ ආහාර සංස්කෘතිය අතරමං වෙච්ච එකක් නෙව.
      දාමුද අදට ගැලපෙන මෙනූ ටිකක්..

      Delete
    5. රෑට කමු අපි..කමු අපි ගස්ලබු හොදි හදලා...

      Delete
    6. අරූ අයියෙ, අමු ගස්ලබ්බකින් මැල්ලුමක් හදලා කරවල කෑල්ලක් පුච්චලා අච්චාරු ටිකකුයි උණු උණු සම්බා බතක් එක්ක දෙන්නෙයි?

      Delete
    7. පිස්සු හැදෙනවා බං. මම කැමතිම කෑමක් තමයි ගස්ලබු මැල්ලුම. ගස්ලබු මාලුවටත් කැමතියි. අපේ අම්මායි, ලොකු නංගියි ඕක රහට හදනවා.අමු ගස්ලබු තම්බලා, පොලුත් එක්ක කාලා තියෙනවා ඇති පදම්, අහේනි කාලේ. මෙහෙත් ඉන්දියන් කඩවල අමු ගස්ලබු තියෙනවා. ඒත් ඒවා හෙන වර්චස්.

      Delete
    8. දන් ලංකාවේ තිබුන ඔරිජිනල් බඩු එකක්වත් නෑ. ඇට නැති නායකයෝ වගේ ඇට නැති කෑම තමයි තියෙන්නේ. කෑම ඉතිරිවේය මේ වගේ මී හරක් මහ පුටුවල ඉන්න කොට. මොනවද මුන් රටට කරලා තියෙන්නේ.

      Delete
  9. මාතේ ...ලස්සන කෙටි කථාවක් ලියහන්කෝ...මෙව්වා හැමෝම ලියනවනේ...පොඩි විරාමයක් ගත්තනං මොකෝ වෙන්නේ මේ ආන්ඩුගැන ලියන එකෙන්...!

    ReplyDelete
    Replies
    1. කෙටි කතා වගේද අප්පා මුන්ගේ රස කතා... ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා මේවා කියෙව්වම...

      Delete
  10. මාතා,

    දැන් සිදුවෙන දේවලින් නම් පෙනෙන්නේ රාජපක්ෂ යුගයට වඩා රට තුල දුෂණ වැඩි වී ඇති බවයි

    http://www.dailymirror.lk/article/Sri-Lanka-becomes-more-corrupt-122724.html

    අපට රාජපක්ෂ යුගයේ දී කිසියම් සන්වර්දනයක් සමග සිදුවූ දුෂණයක් තමයි තිබුනේ, රාජපක්ෂයේ වනචර රැල කරපු වැඩ නිසා වැඩි ගදක් තිබුන, රනිල් ගේ මේ යුගයේ ප්‍රංශ විලවුන් සමග කරන ඉංග්‍රීසි හොරකමකුයි තියෙන්නේ, මේවා සාමාන්‍ය මිනිසුන්ට තේරෙනවා හොර නිසා කියනවා "අඩුගානේ දැන් අපි නිදහසේ ඉන්නවනේ කියල " මේ නිදහස ඉතා තාවකාලිකයි කියල මේ මිනිසුන්ට තේරෙන්නේ තම රැකියාවල් නැතිවෙලා ආර්ථිකය දුෂ්කර වෙලා බඩුමිල අහස උසට නැග්ගට පසුවයි.

    අද ප්‍රශ්නයක් විදියට මිනිසුන්ට පෙනෙන්නේ කිසිම දෙයක් හරියට වෙන්නේ නෑ කියලයි. නමුත් ලෝකයේ ආයෝජකයෝ නම් දන්නවා රට හොර රැලක් විසින් පාලනය කරන බව.

    මහබැංකුවේ සිදුවූ වංචාවේ පරිමාව දන්නේ අපි කීපදෙනෙක් පමණයි (මේ වංචාව දිනෙනේ දින වැඩිවෙනවා )
    මෙහින්දගේ කාලෙත් මහබැංකුවේ මෙවැනි වංචා උනත් මේ පරිමාණයෙන් නෙමෙයි.

    ඉදිරියේ අපේ විදේශ සංචිත ඉවර වෙනකොට මිනිස්සු කෑගහිම වැඩිවෙන කොට බලපන් ඔය නිදහසට වෙන දේ.

    එකම සුබ දෙයක් ලෙස මම දකින්නේ ඉදිරියේ ආසියාවේ ප්‍රමුක ස්ථානයක් වීමට ශ්‍රී ලංකාව හේතු වෙනවා ඊට හේතුව ලෝක දේශපාලනය මිසක් රනිල් ගේ ගොබ්බ මොලේ නෙමෙයි. නමුත් අවාසනාව වෙන්නේ මේ සියලු ප්‍රමුකතා වලින් වාසිය ගන්නේ චීනය ඇතුළු බටහිර රටවල් විසින් වීමයි. අපට රෝඩ්ඩ ලැබෙයි ( මේ රෝඩ්ඩෙ පිහිටෙන් මේ ආණ්ඩුව 2020 දක්වා දුවයි ) දැන් ඉතින් රාජපක්ෂලාගේ වහල්ලුන්ට දෙන ප්‍රමුක තාවයට වඩා මේ ආණ්ඩුවේ කරන හොරකම් ගැනත් නොකරන සංවර්දනය ගැනත් කතා කලානම් වටිනවා ලොක්ක! මතකනේ මේ ලියන ලංකා සිතුවිලිත් යහපාලනයට තමයි චන්දය දුන්නේ නමුත් මහින්දගේ මුවහම තලන්නේ නැතුව දැන් කාලය ඇවිත් තියනවා මඩු වලිගෙ අතට ගන්න.

    අමතක උනා කියන්න මහින්දගේ වංචා ගැනත් දැන් අපි පහර දෙන්න ඕනේ යහපාලනයට මිසක් මහින්දට නෙමෙයි මොකද මහින්දව ආරක්ෂා කරන්නේ යහපාලනය බව ඔබට තේරෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔහෙත් මහින්දගේ ගුලි වලට මාට්ටු වෙලා වගෙයි... ඒක ඔහේගේ දුර්වල කමක් නෙමෙයි... මහින්දගේ දක්ෂ කම. නස්කුනියා කළ රටක් අවුරුදු දෙකකින් ගොඩ ගන්න බෑ.. අනික අමු ගෝත්‍රිකයෙක් එක්ක. ඒ යකා එජාපයේ හොඳ තීරණ සියල්ලම බල්ලට දානවා. රනිල්ට මේක හදන්න බැරි නම්. වෙන එකෙක්ටවත් ඒක කරන්නත් බෑ. ඒක රනිල්ගේ අවාසනාව නෙමෙයි රටේ අවාසනාව.. සිංගප්පූරුව අවුරුදු දෙකෙන් හැදුනේ නෑ.

      Delete
    2. මාතේ, ටිකක් මොලේ කල්පනා කරලා බලන්න, මහින්දගේ කාලේ හොරකම් කල කිසිම හොරෙක් වසර 2 ගතවෙලත් තවම දඩුවම් ලබල නෑ, විමල් ව රිමාඩ් කරලා තියනව, ඔහු කල වැරදි සහ හොරා කාපු දේවල් අනුව නොසලකා හැරිය හැකි චෝදනවකට තමයි ඔහුව දඩුවම් කරන්නේ ඔහු පක්ෂය මාරු කලොත් මේ චෝදනා අතුරුදහන් වෙයි.

      ඔබට පේනවද පෙරපරිදිම සොරකම් වෙනවා ? මටනම් පේනවා මොකද මගේ මිතුරන් මේ රජයන් 2 ම ලොකු මිනිස්සු සමග ඉතා ලග සම්බන්දතා තියනවා මේ නිසා මට ඔවුන්ගේ කතාවලින් උබට නොපෙනෙන පැත්තක් මට පේනවා.

      මේ ආණ්ඩුව නවිනයි කිවත් කිසිම සැලැස්මක් නෑ වැදගත්ම වැඩවලදී. මට නම් පෙන්නේ රනිල් කැමති නෑ මේ ආර්ථික ප්‍රශ්න ඉක්මනින් විසදනවට මොකද එහෙම උනොත් එහි සම්පුර්ණ කිර්තිය යන්නේ සිරිසේනට. ඒවගේම සිරිසේනට තේරෙන්නේ නෑ ආර්ථිකය ගැන ඔහුගේ එකම බලාපොරොත්තුව බලයේ ඉදිමයි.

      මේ සෙල්ලම හරිම බයානකයි නමුත් මොවුන් මේක කරනවා.

      මුදල් ඇමැතිකමට සුදුසුම පුද්ගලයා හර්ෂ දිසිල්වයි නමුත් ඔහුට කිසිම වැඩක් නැති අමාත්‍යංශයක් දීල රවී වරායේ විශාල බිස්නස් එකක් කරනවා, රවිට කප්පම් නොදී (සමාවෙන්න ඕනේ එතුමාගේ බිරිදට ) වරායේ කරන බිලියන ගණන් වංචා ගැන ඔබට තේරුමක් නැතුව ඇති.

      මට ඇති ප්‍රශ්නය නම් මහින්දගේ කාලෙත් මේ වගේම හොරකම් කළා නමුත් ගොටාභය සන්වර්දනයක් කල බව අමතක කරන්න එපා.

      වරදවා තේරුම් ගන්න එපා මේ කියන්නේ පසුගිය පාලනය නැවත බලයට ගෙන අයුතු බව නෙමෙයි, මේ පාලනයේ සිටින අය ජනතාවට වැඩක් වෙන ක්‍රමයක් දක්වා යන්න ගන්න ඕනේ මුලික දේවල් වගයක් තියනවා ඒවා සිද්ද වෙන්නේ නෑ ආර්ථිකය පැත්තෙන් ලංකාවට ඉලෙක්ට්‍රොනික වානිය්ජ ගැන මම ලිපි ලියල තියනවා දැනට මේ කිසිම දෙයක් වෙන්නේ නැති බව කනගාටුවෙන් උනත් කියන්න ඕනේ.

      Delete
    3. කිසිම දෙය වෙන්නේ නැත්තේ නෑ.. විශාල දෙයක් සිද්ධ වෙනවා.. ඒ මේ ඇහැට පේන ඇඟට දැනෙන දේ නෙමෙයි.. අනික ඒ දේවල් සිඳු වෙන්නෙත් සිරි ලංකා ගෝත්‍රික පිරිසක් එක්ක බවත් මතක කරන්න එපා. දැන් ගම් වල පාරවල් පවා හැදෙනවා. මම හිතන්නේ ඔයාගේ යාළුවෝ වෙන ලෝකෙකින් එක පාරට ආපු පිරිසක් වෙන්න ඇති... ඔය කියන අක්‍රමිකතා කවුරු ආවත් සිඳු වෙනවා. ජෙප්පෝ ඇමතිකම් කරපු කාළෙත් උනා. මෙහේ නෙමෙයි දියුණු රටවල් වලත් තත්වය ඒකයි. ඒවා ලෝකයටම පොදු දේවල්.

      Delete
    4. //දැන් ගම් වල පාරවල් පවා හැදෙනවා.// සහ //ඒ මේ ඇහැට පේන ඇඟට දැනෙන දේ නෙමෙයි.//

      යකෝ මේක පරස්පර විරෝදී නැද්ද ? ඇහැට පෙන්නේ නැතුව පාරවල් හදන්නේ අහසේද බන්,

      මම නම් දකිනවා ඉතා සුලු වශයෙන් පරිගණක ගත කිරීම වෙනවා මේගැන මම මිට පෙරත් කියල තියනවා නමුත් මේ ක හොදටම ප්‍රමාණවත් මදි.

      Delete
    5. //නමුත් ගොටාභය සන්වර්දනයක් කල බව අමතක කරන්න එපා. //

      අර යුද්ධය ඉවර උනාට පස්සෙ ගුවන් හමුදාවට හෙලිකොප්ටර් 14ක් ගැනීම වගේ සංවර්ධනද?

      Delete
    6. Lankika Sithuwili

      බලන්න අපේ අගමැති තුමා කොච්චර අහිංසකද කියල ...
      ටයර් ෆැක්ටරියේ අයිති කාරය කවුද කියල මුල් ගල තියන කන් දන්නෙ නෑ ...
      පටන්ගත්ත වොක්ස්වැගන් ෆැක්ටරිය වොක්ස්වැගන් නෙමෙයි කියල වොක්ස්වැගන් කොම්පැනිය කියන කන් දන්නෙ නෑ ...
      බැඳුම්කර වංචාවට මුල්ගල තිබ්බෙ තමන් කියල ඊළඟ ආණ්ඩුවෙන් ජම්පරයක් අන්දනකන් දැනගන්න එකකුත් නෑ ...

      අනේ ඉතිං මෙතුමාට බලයට එන්න කතිරෙ ගහපු අය එතුමාගේ අහිංසක කමට උපහාරයක් වශයෙන් පොඩ්ඩක් "උම්බෑ" ගාන්න බාන්ඩ ...

      මාට්ටු වූ පසුව කිසිත් නොදනී. බැසිල් තියරි. හොරු කිය කිය ඇගිල්ල දික් කරපු උං එක්ක නිදි වදින්න ලැජ්ජාවක් නැති උංට සදාචාරෙ ගැන කියලා දෙන්නෙපා මහත්තයො. අවුරුදු දෙකක් ගත වුනා. තාම හොයාගත්ත දෙයක් නෑ. නටපු තොවිලෙකුත් නෑ අන්තිමට බෙරේ එහෙම පිටින්ම නෑ.

      ඔයල බබ්බු. ඔයාල මොකුත් දන්නේ නැ. මහින්ද ගේ කලේ එළිපිට හොර කලා. මෙයාල හැන්ගි හැන්ගි හොර කරන්නේ !

      Delete
    7. ලංකා ඔයා දන්නවද මහින්ද ගත්ත කෙටි කාළින ණය ඉදිරි අවුරුදු කීපයක් තුල පොළියත් එක්කම ගෙවන්න වෙලා තියෙනවා කියලා. එතකොට කරලා තියෙන්නේ සංවර්ධණයක්ද.. එයාලා නම් සංවර්ධණය උනා... නිශ්පාද්නයක් නෑ. රැකියා බිහි වෙන්නේ නෑ. යටිතල පහසුකම් විතරක් කරනවා හෝ ගාලා. ඕය දේවල අපි ඒ කාළෙත් විවෙච්නය කළේ ඒ නිසා. ඒ කාළේ අපි ඕවා කියන කොට අපිත් එක්ක ආගිව් කරන්න ආපු මහාචාරයවරු එදා අපි කියපු දේ අද කියනවා. ඕන් ඕකයි දුක. ස්ලෝ තමයි. නමුත් ස්ලෝ වෙන්න හේතුව මොකක්ද. අඔඉ කතා කරන්න ඕන ආන් ඒ දේ ගැන.

      Delete
    8. "කිසිම දෙය වෙන්නේ නැත්තේ නෑ.. විශාල දෙයක් සිද්ධ වෙනවා.. ඒ මේ ඇහැට පේන ඇඟට දැනෙන දේ නෙමෙයි.. "

      - සීතම්බර පට සලුව වගේ වෙන්න ඇති නේද ?? නැත්නම් මේ කියන්නේ Perpetual Treasuries Limited ගැන වෙන්න ඇති එහෙමත් නැත්නම්

      http://www.lankabusinessonline.com/sri-lanka-down-12-notches-on-corruption-index/

      2015 චන්දේට සතියක් වෙනකම්ම මහින්ද පරදින්නේ නෑ කියලා අන්තිමට රැල්ල දැකලා යහපාලනේ පැත්තට හේත්තු වුන මෝඩතලන් (අන්තිමට අර සිංහයෙක් මරපු අලි කුණක් පෙන්නලා මේව අපේ සිංහයන්ගේ හවුල් වැඩ කියලා පොර වුන නරිය වගේ) නේද මේ.

      Delete
    9. ඔය රනිල්මනේ කිව්වේ මම මහින්දගේ ණය ගෙවන්නේ නැහැ, ණය දෙන්න එපා කියලා( මහින්ද එකෙන් ණය ගන්න කාලේ 2007-2008 කාලේ)
      , අපරාදේනේ දැන් ණය ගෙවන්නේ !!!!

      Delete
    10. දැන් මහින්ද කියන්නෙත් ඒකම නේ.. අපි ආවහම ඔක්කොම ඇතුලේ දානවා කියලා.. ඇතුලේ දාන්නේ වෙන්නේ අපායේ ගිහින් එහේ කෑල්ලකට තමයි හිටන්...

      Delete
    11. හිනායනව බං සංවාදෙට.
      ලංකා සිතුවිලි දැන් ගම්වල පාරවල් හැදෙනව. හැබැයි ඒක පේන්නෙ බුද්ධිමත් අයට විතරයි. සීතාම්බර සලුව වගෙ.
      ලංකාට සංවර්ධනය පේන්නැත්නමි ලංකා මෝඩයෙක්ද මංද.
      මට නම් පේනව.

      Delete
    12. මම සාමාන්‍යයෙන් පොටෝ දාන්නේ නෑ. අපේ ගමේ කි මි 6 ක පාර කාපට් කරනවා පාර පළල් කරලා. ඒ ඇර ටෙලිවිෂන් බලනවා නම් හෙම ගම්වල පාරවල් ඕපන් කරන ඒවා පෙන්වනවා. ඒත් ඉතින් මහින්ද විතරක්ම පේන අයට ඕඅවා පේන්නෙ නෑ.

      Delete
    13. මාතා,

      මම ජිවත් වෙන්නේ අග නගරයේ, මේ නිසා මම කොලබ ඇතුලු නගරවල යනවා, මම දකිනවා දැන් නිසිපරිධි කුණු ඉවත්කිරීම වැනිදේ වෙනවා. එක හරි නමුත් මම කියන්නේ මෙරජය කරන සොරකම් වලට සාපේක්ෂව සන්වර්දනයක් වෙන්නේ නෑ කියල.

      පසුගිය රජය කරපු සොරකම් වලට සාපේක්ෂව සන්වර්දනයක් උනා, අද රනිල් චීනෙට දෙන්න යන හම්බන්තොට වරාය නොතිබුනා නම් දෙන්නේ මොකද්ද ? අනෙක් අතට හම්බන්තොට කිසිම වැඩකට නැති වරායක් නම් චීන මෙහෙට රිංගන්නේ ඇයි චිනට මොලේ හොද නැද්ද?

      මචෝ ඔබට මතක ඇති මම මහින්දගේ පාහර වැඩවලට පහර ගැහුවා, ඒවගේම මගේ බොල්ග් අඩවිය බැලුවනම් පෙනෙයි මහින්ද බලයේ ඉන්න කාලෙම මම කිව්වා හම්බන්තොට වරාය තමයි මේ ශතවර්ෂයේ ශ්‍රී ලංකාව කල හොදම ආයෝජනය කියල. මම එහෙම කිව්වේ එතකොටත් ලෝකයේ තෙල් සැපයුමෙන් 40% ට වඩා ප්‍රවාහනය වෙන්නේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් නිසා, ඒ එක්කම මම කිව්වා Oil refinery නැතුව මේ වරාය ඉවර නොකර මත්තලහොටුපල හදපු එක එක අපරාදයක් කියල.

      මම ඒ කලේ නොදැන සිටි දේ තමයි තායිලන්තේ ක්‍රාඇළ ගැන, ඇත්තටම මේක ඉවරකලාට පස්සේ සිංගප්පුරුවට තියන තැන ඉබේම ලැබෙන්නේ ශ්‍රී ලංකාවට නමුත් දැන් තියන තත්වය මත චීන එකේ හොද කොටස ගන්නවා අපට රෝඩ්ඩ දෙන ගමන්,හැබැයි පුතෝ මේ රෝඩ්ඩත් සුළුපටු නෑ, අප ඉන්න තැනින් ආර්ථික වශයෙන් ඉහලට එන්න එක ප්‍රමානවත් හැබැයි මේසදහා අප ගෙවන වන්දිය තමයි පරිසර විනාශය.

      අවසාන ලෙස කියන්න ඕනේ දැන් අපි මඩුවලිගෙ අතට ගන්න ඕනේ මහින්දට ගහන්න නෙමෙයි සිරිසේනටයි රනිල්ටයි ගහන්නයි, මහින්දට දඩුවම් ලැබෙන්නේ නැත්තනම් එකටත් ගහන්න ඕනේ සිරිසේනටයි රනිල්ටයි මිසක් මහින්දට නෙමෙයි.

      Delete
    14. ලංකා වගේ ලෝකය ගැන දන්න කෙනෙක් මෙහෙම ලියන කොට අන් අය ගැන කුමන කතාද...?

      Delete
  11. ඒ ඇත්තෝ අපි විසින් චන්දේ දීළ පත්කරන්නේ මක්කටද? එකතුවෙල තීරණ ගන්න..
    ලොතරයි ගැටලුව..
    මෑන්පවර් පස්නය..
    ආයතන විකිනීම
    වරාය පැවරීම..
    පෝට් සිටි
    ඔය එකක් ගැනවත් ආන්ඩුවේ මතය මේකයි කියල හරිහමන් ස්ථිර එකක් තියෙනවාද? නෑනෙ..එක එකා එක එක වැල් බයිල කෙලිනවා.. විපක්සෙත් ආන්ඩුවමයි තීරණ ගන්නෙත් ආන්ඩුවමයි..

    මෙහෙම කරන්න බෑ.. ආන්ඩුවක් වුනාම එක තීරණයක් තියෙන්නට ඕනි.. රවී ලොතරයි තිහ කලානම් ජනාධිපති හිපාටුවා කරන්න ඕනි රවීට හෙමීට ඇඩ්වයිස් දෙන එක ආයේ 20ට බස්සන්න කියලා..මිනිහා මොකද කරන්නේ මීඩියා සන්දර්ශන දානවා ඒක 20ක් කරලා..

    ඔය වගේ දෙපැත්තට ඇදිලි ගොඩයි නේ.. එක වැඩක්වත් මහින්ද කාලේ තරංවත් මුන්ට කරගන්න බැරි ඕක නිසා..

    ReplyDelete
    Replies
    1. මේක ලේසි වඩක් නෙමෙයි අමිල. මෙහෙම දෙයක් කවදාවත් ලංකාවෙ වෙලා නෑ. එහෙම දෙපැත්තට ඇදිමේ වාසි වගේම අවාසිත් තියෙනවා. ඒ කාළේ ළොතරැයිය 10 කින් වැඩි කළාම (100% කින්) හාම් හූම් කියන්නේ නැති වෙන්නත්. අද (50% කින්) වැඩි කළාම ඒක රටේ ප්‍රධාන ප්‍රශ්ණයක් වෙන්නත් හේතුවයි බලන්න ඕන. ඔතන තියෙන්නේ බල අරගලයකට වඩා කොමිස් අරගලයක් බව දන්නෝ දන්නවා. ඉතින් හවුලේ ආන්ඩු කරනවා වගේම හවුලේ කන්නත් පුරුදු උනා නම් අවුල් අඩු වෙයි. එතකන් ප්‍රශ්ණ තියෙයි. දැන් තියෙන්නේ බලය පිළිබඳ ගෞරවයේ හා හිමිකමේ ප්‍රශ්ණයක්. මේ චන්ඩි වෙලා ඉන්න සිරි ලංකා කාරයො එදා කොහේද උන්නේ.

      Delete
    2. මෙතන මාතලන් කියන කතාව සහතික අැත්ත. සංවර්ධනය පැත්තෙන් ප්‍රශ්න තියනව වුනත් මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන්නම් ලොකු වර්ධනයක් තියනව. නොදියුනු සමාජයකට ඒක ඔරොත්තු නොදෙන එකයි ප්‍රශ්නෙ.
      දෙපැත්තට අදින එකේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න ඕන.

      Delete
  12. මාධ්‍යයෙන් පෙන්නුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ කථාවෙන් උන්ට market කරන්න පුළුවන් ටික විතරයි. සම්පූර්ණ කථාවම අහලා කියන්න කියන දේ කිව්වානම් තමා හොද

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කතා අහන්න මිනිස්සුන්ට අමාරුවක් නෑ. මේ කතාව අහුවාම් හරකා මොකාද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ වගේ හරක් කතා නොකට ඉන්න තාක් ඕකුන්ගේ ගෞරවය රැකෙනවා. උම්බෑ කියපෞ ගමන් තේරෙනවා හරක් කියලා. මේ වගේ මී හරක් වැඩ මින් ඉදිරියටවත් නොකර ඉන්න හිතාගන්නවා නම් බොහෝම හොඳයි..

      Delete
    2. එතකොට ඔය කට ඇරියොත් පරාජිත මහත්තයා, අර මහත්තයට කොස් කොළ කවන්න හදන්නේ කතාව බාගෙට අහලද...

      Delete
    3. ඒක තමා මේ රටේ මිනිස්සුන්ගේ වැරැද්ද.බාගෙට අහල කෑ මොර දෙනවා

      Delete
    4. මිනිස්සුන්ට කොස් කොල ක්‍රෝටන් කන්න කියන මී හරක්ගෙන් තව මොන කතා අහන්නද... ඒ මදිවට තව දවසක් ඇවිත් කොස් වහල්ල හතරට පලලා කන්නලු... මුන් මී හරක් මිස වෙන මොක්කුද...?

      Delete
  13. රහස් පොලිසිය විසින් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ මුදල් තැන්පතුකරුවන් පිළිබඳව කරන ලද පරීක්ෂණයකට අනුව බෙල්ලන්විල විමලරතන භික්ෂුව විසින් මෙම මුල්‍ය ආයතනයේ රුපියල් මිලියන 200 කට අසන්න මුදලක් තැන්පත් කොට ඇති බවට සොයාගෙන ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නීති උල්ලංඝනය කරමින් මේ සා මුදල් තොගයක් පුද්ගලික මුල්‍ය තැන්පතු ආයතනයක තමන්ගේ නමින් තැන්පත් කිරීම ආදායම් බදු වංචාවක් මෙන්ම ලංකාවේ මුදල් නීති රීති බරපතල ලෙස බිඳ දැමීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් විසින් පෙන්වා දී තිබේ. ලංකාවේ දේශීය ආදායම් නීති රීති අනුව මෙවැනි වංචනික මුදල් තැන්පතු සඳහා සිර දඬුවම් ලබා දිය හැකිය. රුපියල් ලක්ෂ 23ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ‍්‍රී පාදස්ථානයේ භාරකාර දම්පහල සීලානන්ද හිමියන් අත්අඩංගුවට ගත්තාක් සේ බෙල්ලන්විල විමලරතන භික්ෂුව ද මෙම මුදල් වංචා සම්බන්දයෙන් අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබේ.
    මෙවැනි විශාල මුදල් තොගයක් තමන්ට ලැබුණු අන්දම බෙල්ලන්විල විමලරතන භික්ෂුව හෙළි කොට නැති නමුත් රහස් පොලිස් පරීක්ෂණ අනුව 2002 වසරේ නොර්වේ රජයෙන්ද බෙල්ලන්විල විමලරතන භික්ෂුවට විශාල මුදල් ප්‍රමාණයක් නිල නොවන අයුරින් ලබා දී තිබේ. ඒකීය නොවන ෆෙඩරල් ක්‍රමය ලංකාවේ ඇති කිරීමට නොර්වේ රජය උත්සහ දැරූ අතර එම ක්‍රමය සඳහා සිංහල බොදු ජනතාවගෙන් මතු විය හැකි විරෝධතා යටපත් කිරීමට සංඝ නායකයන් යොදා ගැනීමට නොර්වේ රජය විසින් සිදු කරන ලදී. ඒ අනුව 2002 වසරේ නොර්වේ රජය විසින් බෙල්ලන්විල විමලරතන භික්ෂුවට නොර්වේහි සංචාරයක් ලබා දුන්නේය. එම සංචාරයේදී විශාල විදේශීය මුදල් ප්‍රමාණයක් නොර්වේ රජය විසින් බෙල්ලන්විල විමලරතන භික්ෂුවට ලබා දී ඇත. එසේම බෙල්ලන්විල රජමහා විහාරය සතු මුදල් ද මහාභාරකාර දෙපාර්තමේන්තුවට පවා නොදන්නවා බෙල්ලන්විල විමලරතන භික්ෂුව විසින් තමන්ගේ පුද්ගලික ගිණුමක් යටතේ ලලිත් කොතලවලගේ කුප්‍රකට ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කරන ලදී.
    http://www.slguardian.org/si/archives/2254

    ReplyDelete
    Replies
    1. මම හෝල්ඩන් කී සෙවකයෙක් නේ රුවන්... ඕකේ ඩිපොසිටර්ස්ලගේ නම් ටික හෙලි කරා නම්... මුළු ලංකාවෙම නිරුවත එලි වෙනවා... එහෙම කාළකන්නි තමයි අනුන්ට ඇඟිල්ල දික්කොරන්නේ...

      Delete
    2. මේ ඩිපොසිටර්ස්ලගෙ නම්ගම් සහ තැන්පත්කල මුදල ප්‍රසිද්ධ කල යුතුයි. මම දැක්ක විකල්ප පත්තරේක නම් ලැයිස්තුවක්. ඔය ගනරාල(සමූහයක ප්‍රධානියා/ගනයේ රාලහාමි) ගෙ නමත් තිබුන.

      Delete
    3. මේ ඩිපොසිටර්ස්ලගෙ නම්ගම් සහ තැන්පත්කල මුදල ප්‍රසිද්ධ කල යුතුයි. මම දැක්ක විකල්ප පත්තරේක නම් ලැයිස්තුවක්. ඔය ගනරාල(සමූහයක ප්‍රධානියා/ගනයේ රාලහාමි) ගෙ නමත් තිබුන.

      Delete
  14. හෙට අනිද්දා වෙනකොට ඔක්කොම අපේ හාමුදුරුවනේ, අනේ හාමුදුරුවනේ කිය,කිය වේදිකාව උඩම රෙදි ගලවගනියි. මුන්ට රෙදි අන්දපු අපිටත් හෙලුවෙන් ඉන්න වෙන එකයි හිතට දුක. ලොවෙත් නැති නායකයෝ. එකෙක් ගේනවා. අනිකා නවත්තනවා.

    ReplyDelete
    Replies
    1. මම සමලිංගික පනත විසික්කා කොලා හාමුදුරුවනේ කියනවා සමලිංගියන්ගේ දෙවොල වන පන්සලේ ඉඳන්... ඉතින් කාටද පිස්සු...

      Delete
    2. අන්තිමට කියයිද දන්නෑ මම ජනාධිපති කමත් විසික්ක කලා කියලා.

      Delete
    3. ඒක නම් උසික්ක කොරන එකක් නෑ හිටන්...

      Delete
  15. කොස් කොල මැල්ලුම ගැන නම් දන්නෙ නෑ හැබැයි ඉන්දියාවේ සමහර පැතිවල අය කොස් කොල තම්බපු වතුර බොනවා
    http://uniquefacts.net/health/jackfruit-leaves-super-anti-diabetes-plant/

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් උන් උයන්නේ වේලිච්ච ගොම වලින් නේ... මේන් මේකා යවන්න තිබ්බේ එහේ...

      Delete
  16. කරප්සොන් ඉන්ඩැක්ස් එක නැග්ගීමට ආණ්ඩුවේ කැපවීම ගැන අපේ ස්තූතිය !!
    (වැලිඅමුණ මහත්තයව දැක්කේ නෑ කාලෙකින් )

    ReplyDelete
    Replies
    1. දැන් වෙලා තියෙන්නේ හොරා මොන පක්ෂෙද කියලා හොයා ගන්න බැරි එක...

      Delete
  17. බයි ලොජික් :- මහින්ද යුද්ධය ඉවර කල නිසා...මහින්ද හෝ...පව්ලේ අය සහ හෙංචයියන් හොරුන් නොවේ !
    ටොයි ලොජික්:- රනිල්ට ළමයි නැත...ඒ නිසා රනිල් හෝ...ඔහුගේ හෙංචයියන් වන රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන් සහ බෑණා හොරුන් නොවේ !

    ReplyDelete
    Replies
    1. ජනපති

      දෙගොල්ලොම පාර්ලිමේන්තුවේ නෑවා හාමුදුරුවනේ

      මම අභයාරාමෙට ගිහින් නා ගත්තා හිටන්

      Delete
  18. අද 27.
    අනේ අපිට කරදර නොකර, පාරවල් බ්ලොක් නොකර, කෝටි දෙකකට ඉඩ තියන තැනකට ගිහින් පෙරලගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. තා ටික දවසක් යනකොට පිස්සු තදවෙලා ගෙදර බඩු මුට්ටු පෙරලුවාය කියලා නම් නිව්ස් එයි

      Delete
  19. අපිටත් පුන්නක්කු කන්න වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි..

    සිතුවිලි සිංහල බ්ලොග් කියවනය

    ReplyDelete
    Replies
    1. දැණටත් කන පිරිසකුත් ඉන්නවා අප්පා... ඔය නුගේගොඩ පැවිත් ක්‍රෝටන් කොළ කාලා එහෙම ගියේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න