තිලෝගුරු බෝසතුන්,
සසර සැරි සැරූ මෙන්,
නිබඳ සැරි සරමි මම,
යමි බුකියෙ උඩ පහළ....
ඒ අමා බෝ සතුන්,
සසර කළකිරුණු මෙන්,
කළකිරුණි මා සිතද.
සතර පෙර නිමිති දැක....
ෂෙයාර් කර පිය, කියා වද දෙන
ලයික් හිඟනා, සල් වන - ලෙඩුන්
මහා වංශය, පෙරලමින් එය,
අනුස් මරණා - මහල්ලන්
එළොවටත් නැති, මෙළොවටත් නැති,
ප්‍රාණයන් හිමි - මළකඳන්
අමතකව ඇත, දෙසූ බුදු බණ
ලේම ඉල්ලති - පැවිද්දන්
තන්හාද, රති රඟා පරදා,
බවුන් වඩමින් ඇසටු රුක් මුල,
සැනසුනා හිමියනේ,
නිවනින්....
කෙලෙස් දුරු කොට,
නිවන් යමි මම.
නිබඳවම,
බුකි ගත වෙමින්...
-x-
ලේම ඉල්ලති පැවිද්දන්....බොහෝ දෑ කියවෙයි....
ReplyDeleteරටේ වාසනාවට, ගනින්නාන්සේලා අතරේ, බුදු පුතුන් කීප දෙනෙකුත් තාමත් ඉන්නවා... (අර ගනින්නාන්සෙලා කියන එක වෙනුවට වෙනින් පුත්තු සෙට් එකක් කියලා හිතා ගත්තත් අවුලක් නෑ... අවසර..)
Deleteඑක හුස්මට කියෙව්ව.
ReplyDeleteඒ කරල වතුර ටිකක් බිව්වා.
ගිනි වතුර නොවේ නම් කිසි අවුලක් නැත...
Deleteසාධු සාධු.. බුකියට ගත හිත දැඩිව යොදාපං. මේ මං වගේ.. හැක්
ReplyDeleteෆෝන් එකෙන් බ්ලොග් එක්ක ඔට්ටු අල්ලනවට වඩා බුකි ගත වෙන එක ලේසියි...
Deleteෆෝන් කට්ටෙන් බ්ලොග්ගත වෙන්නත් පහසු ඇප් එකක් තිබුනනම් කීයත් වටී.
ReplyDeleteබුකියනම් වෙලාවකට සල් වනයක් තමයි. ලයික් හිඟන්නො මටනම් අප්‍රසන්නයි.
ඒ අප්‍රසන්න බවම තමයි ජීවීතය ගැන කළකිරීමක් ඇති කරන්නේ... ඒ කළකිරීම අපි ඔවුන් ගැන අනුකම්පාවක් ඇති කර ගන්න යෙදූවාම හිත නිවෙනවා... ඔවුන්ට අනුකම්පා කරන්න...
Deleteනිවන් යන්ඩ හිතල බුකි ගත උනාම සමහර පෝස්ට් දැකල පත්තු වෙනවනෙ.
ReplyDeleteඉස්සට මටත් ඔය ලෙඩේ තිබුනා... දැන් එහෙම නෑ... ළෝකය තෙරුම් ගන්න ගන්න නිවන් යන්න ලේසියි...
Deleteබ්ලොග් කෙරුවාවත් තවත් එකම එක බුකි කෙරුවාවක් නොවේවා.......
ReplyDeleteසාදු සාදු සාදු..........
හිතන්න එපා මේක රෝස මල් යහනාවක් කියලා.. මේකෙත් එහෙම අපතයෝ සෙට් එකක් උන්නා.. (තාමත් එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉන්නවා උඹලත් දැකලා ඇති... මේ මෑතකමත් එකෙත් මේකේ අයිතිවාසිකම් ලියලා තිබුනා..) උන්ව එලවන්න ගේමක් දුන්න එකෙක් තමයි අටමා... කොහොම උනත් හැම දේම උපේක්ෂාවෙන් බාරගන්න පුළුවන් උනාම ප්‍රශ්ණ බොහෝම අඩුයි... නිවන් දකින්න ලේසියි...
Deleteඒ කියන්නෙ අටං අයිය කලින්ම නිවන් යයිද ? දකින හැම වෙලේම ඉන්නෙ පත්තු වෙච්චි ගමන්නෙ
Deleteදිලිසි දිලිසි කම්මලෙයො :D
Deleteතොපි ඔක්කොම එකතු වෙලා ඇග හරහට පොල්ලක් ගහල ගිනි මැලේක මාවදාල පුච්චාගන කාපියව්
Deleteහරස්මස් ඌරුමස් නොකෑවට කමක් නැ
Deleteදුක = බුකියේ කෝලම් දැකීම
ReplyDeleteදුක ඇති විමට හේතුව = බුකියට ලොග් වීම
නම්
දුඛ නැති කිරීම = බුකියෙන් දුරස් වීම
දුක නැති කරන මාර්ගය = බුකි ගිනුම කැන්සල් කර දැමීම
විය ්‍රුතුි නේද?
නැතිනම් මාතලන් යෝජනා කරන්නේ දුඛෙන් දුක නැසීමක් ද?
විය යුතු නම් මෙහෙම තමයි. නොවෙන්නෙත් ඒකයි. ඉතින් අපිට නිවන හරි දුරයි නේද?
Deleteකියන විදියට නම් නිවන් දකින් තෙක් සසර සැරිය යුතුයි නේද....?
Deleteදුකෙන් දුක නැසීම = මේ කවිය බුකියේ දමා ලයික් සහ ෂෙයා දැක සතුටුවීම
ReplyDeleteමුල් කාළේ නම් එහෙම ලෙඩක් තිබුනා... දැන් සතුටු වෙන්නේ වෙන දේකින්... පරිනත වෙනවා කියන්නේ ඒකයි මම හිතන හැටියට...
DeleteHappy Nivan !
ReplyDeleteU2 (not the musical group)
Deleteබුද්ධිමතුන් පය ගහන්නේ නැති තැන් වල මෝඩයෝ පිනුම් ගහනවනේ...:))
ReplyDeleteඕක නම් බුකිය ගැන තියෙන සාධාරණ කතාවක් නම් නෙමෙයි..
Deleteකෙසේ වෙතත්... ලංකාවේ බුද්ධිමතුන් ඉන්නවාද...?
ඕක නම් බුකිය ගැන තියෙන සාධාරණ කතාවක් නම් නෙමෙයි..
Deleteකෙසේ වෙතත්... ලංකාවේ බුද්ධිමතුන් ඉන්නවාද...?
ඇත්තටම බුකියේ සතර පෙර නිමිති දැක දැන් නම් කලකිරී වනගත වෙන්නට හොඳටම ළඟ ය.
ReplyDeleteබලාගෙන වනගත වෙන්නේ.... මේ දවස් වල නාය යනවා...
Deleteඒ නිසා අදහස වෙනස් කළා.. මේ බල බල ඉන්නෙ වෙසක් සති අන්තයේ කවුරුවත් සමාජ සේවා වැඩක්වත් දාගනියිද කියල. උදව්වක් දෙන්න පුලුවන්නෙ නිවාඩුත් තියෙන නිසා...
Deleteමැසිම අරින්න, බුකියට ලොග් වෙන්න, "චේන්ජ් පාස්වර්ඩ්" යන්න, නෝට්පෑඩ් ඕපන් කරන්න, ඇස්දෙක පියාගන්න, කී බෝඩ්එක එහෙමෙහෙ විකාර ටිකක් කොටන්න (අතරමැද ශිෆ්ට් එකත් ඔබන්න), කොටාපු ටික කට් කරන්න, නෝට්පෑඩ්එක ක්ලෝස් කරන්න, සේව් නොකර අයින් වෙන්න, ක්ලිප්බෝඩ් එකේ තියන ටික බුකි පාස්වර්ඩ් එක විදියට සෙට් කරන්න, ලොග් අවුට් වෙන්න, මැසිම රීස්ටාට් කරන්න.........
ReplyDeleteදැං නිවන් ගියා වගේ තමයි හිටං!
හැක.... හැක...
Deleteහැක හැක කිව්වම මතක් උනේ... ඒ කාළේ අපිව බලෙන්ම නිවන් යවන්න උත්සාහ කරපු අයත් උන්නා නේ...
සසර දුක තේරුං ගන්න ඒ පුත්තු තෝරගත්ත මීඩියා එක බුකිය වෙන්නැති මාතෙ. ලෝකය ඇති සැටියෙන් දකිනු රිසියෙනි.... හැක්
ReplyDeleteඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
Deleteලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
පොරණේ මිහි සයනේ ගොඩ නැඟූ මිනිස්සු
අරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සු
Blog hondayi. FB hondaaaaaaaayi..:) sadu sadu sadu...
ReplyDeleteහ්ම්......
Deleteමාතෙට ඉක්මනටම ප්‍රීති වෙසක් වගේ....!
ReplyDeleteඅපිට ඉතින් හැම දාම නත්තල්... හැමදාම වෙසක්.. හැමදාම අවුරුදු කස්ටියනේ....
Deleteවෙසක් වලට කලින් ම ඔලුබක්කොත් නටවනවැයි කියන්නේ...?
ReplyDeleteසරසයෝ......නටපු එකත් ඔලුබක්කෙක්.... ඔලුබක්කෙක් කියලා කියපු එකා ඊට වඩා බලුකුක්කෙක්.
Deleteඑකෙක් ඔලුබක්කෙක්...අනිකා බලුකුක්කෙක්...
තෑන්ක්ස් ඇනෝ... සා රස ට දෙන්න ඕන උත්තරේ ඔහේ කලින්ම දුන්නාට...
Deleteකෝ ඇනෝ.. මේ රියල් ටොයියෙක් වෙච්චි අරූ.
Deleteඅමතකව ඇත, දෙසූ බුදු බණ
ReplyDeleteලේම ඉල්ලති - පැවිද්දන්
එකඟයි බොස් !!!!
අද තමයි ඒ දිනය...
Deleteහරි කෙනාට ඉතින් බුකියත් කමටහනක් තමයි.හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
කොටන කුකුලට කොයි පිටියත් එකයි කිව්වලු හිටං
Delete///එළොවටත් නැති, මෙළොවටත් නැති,
ReplyDeleteප්‍රාණයන් හිමි - මළකඳන්///////
මෙන්න මේක තමයි කරුමේ.....
ෆේස්බුක් කාරයෙක් නොවන නිසා නිවන් යන්න වෙන්නැති පාටයි.
බොග දාලා නම් නිවන් යන්න අමාරුයි....
Deleteමේක බුකියෙන් කියවලා මම ගියානෙ නිවන්..
ReplyDeleteලබන සතියේ මම බ්ලොගෙන් නිවන් යවනවා..
වෙසක් සතියට එන්ඩ !
වෙසක් නම් හේදිලා ගියා නේ...
Deleteඅපි එෆ් බි ඇඩික්, එකෙන්ම...
ReplyDeleteදැකලා නෑ....
Deleteසාදුදුදුදුදුදු.....
ReplyDelete:)
DeleteGood liriks some. Today no there thing to talk about monks. They very raskals some felos. Some there monks no want falow buddism. They some like do politic things. They some anather do bisnes and ern money. There no buddism. They some want chican meet to eat arms giving there.
ReplyDeletetanx. today monks fucks....
Deleteපෙර කිසිම බලයක් නොතිබූ අවංක මිනිහෙක් ජනාධිපති උනොත් ඒ මිනිහා අනිවාර්යෙන්ම අනුන්ගේ කීමට අහුවෙනවා හෝ වන්නට සිද්ධ උනත්, ධනයයි+බලයයි දෙකම තියෙන මිනිහෙක්ව එහෙම ලෙහෙසියෙන් නම්මවන්න බැහැ. ඒකයි මිනිස්සුන්ගේ හැටි ස්වභාවය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති උනොත් අනික් රටවලට ලෙහෙසි වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට ඔබාමටත් ඉහලින් ඉන්න ඇමෙරිකානු පරිපාලනයට ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ දැවැන්ත හිසරදයක් වන නිසා. නමුත් මම නම්, පුද්ගලිකව කැමතියි ඕනෑම රටකට මෙහෙම හරි කොන්දක් තියෙන නායකයෙක් පත් වෙනවට.
ReplyDeleteජාතිවාදීව කතා කරන අයට තමයි ලෝකෙ කොහෙ වුණත් වැඩි ජනතා ආකර්ෂණයක් හිමි වෙන්නේ. ඒක ලංකාවෙත් එහෙමයි ඇමරිකාවෙත් එහෙමයි. ට්‍රම්ප් කියල කියන්නෙත් එහෙම අන්ත ජාතිවාදීව කතා කරන පුද්ගලයෙක්. මිනිහ සලකන්නේ සුදු හම තියෙන ඇමරිකානුවන්ට විතරයි. මෙයා ජනාධිපති වුණොත් හොඳින් හරි නරකින් හරි තමුන්ට අවශ්‍ය දේවල් කරන්න පටන් ගනියි. ඒකෙන් කෙල වෙන්නෙ අපේ ලංකාව වගේ පුංචි රටවල් වලට. ඇමරිකාවෙ නීත්‍යානුකූලව හෝ නීති විරෝධීව නැවතිලා රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ටත් සමහරවිට වැලේ වැල් නැති වෙන්න පුළුවන්. මිනිහා දැනටමත් කියලා තියෙන්නෙ ඇමරිකානුවන්ට ලැබෙන්න ඕනෙ රස්සා ආසියාතිකයො විසින් අල්ලගෙන කියලා. ඔයින් මෙයින් අන්තිමට ඇමරිකාවෙ ඉන්න අපේ මිනිස්සු මහන්සි වෙලා හම්බ කරන ඩොලර් ටිකත් අපිට නැති වෙන්න පුළුවන්.
Deleteඒක නිසා පුද්ගලිකව මම නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙනවට කැමති නැහැ.
බුෂ් ගිහිල්ල ඔබාමා අාවම මිනිස්සු හිතුව ලෝක සාමය ඇතිවෙයි කියල මොකද ඔහු එයට අදාළ පොරොන්දු රාශියක් ලබා දුන්නා.ඒත් ඔහු බුෂ් ගෙ ප්රතිපත්ති බුෂ් ට වඩා හොඳට කළා.දැන් හිතනව trumpt ඇවිල්ල කරයි කියල.මිනිස්සුන්ට තේරෙන්නෙ නැ ඇමෙරිකාවට තියෙන්නෙ එකම ප්රතිපත්තියක් කියල. අමෙරිකාවෙ දේශපාලනඥයනුත් ජාතිවාදය අවුස්සල ,බොරු පොරොන්දු දීල තමයි කොහොමහරි බලය ගන්න උත්සාහ කරන්නේ.
DeleteDonald Trump කියන්නේ ඕන බොරුවක් ගහලා හරි ජනාධිපති වෙන්න දගලන බුවෙක්. ඔය යකා කියන කිසි දෙයක් ජනාධිපති වුනොත් කරන්නේ නෑ. ඇමරිකාවේ එවුන් මූට බය මූ කෙලින් කතා කරන නිසා නෙවෙයි මූ ආවොත් ඇමරිකාවට කෙලවෙන නිසා. Trump කාරයා ජනාධිපති වුනොත් ඒක බලාගන්න පුලුවන් වෙයි.
ට්‍රම්ප් උන්නැහේ ඒ ටිකට සෑහෙන වෙනස් වෙලා... ජනාධිපති උනොත් තවත් වෙනස් වෙයි...
Deleteසාදු සාදු.
ReplyDeleteඅපිවත් එතෙර කරනු මැන...
අර බුදු හාන්දුරුවෝ ඉන්න පින්තූරේ ඉන්ගිරිස් එකෙන් තියෙන අකුරු ටික කියවහන්....
Deleteඅපුඍුයි..
ReplyDelete"Justice delayed is justice denied" කියා ඉංගිරිිසියෙන් කියමනක් ඇත. එය" යුක්තිය ඉටුවීම ප්‍රමාදවීම යුක්තිය ඉටුනොවීමකි" කියා කිවහැකිය. දැන් ඔය යුක්තිය ප්‍රමාදවීමට යහපාලනය කිසිම පියවරක් ගන්නවාදැයි නොතේරේ. මේ වායින් වාසි වන්නේ ලොයර් මහත්තුරුන්ට විතරය. රස පරීක්‍ෂක, සහ නීතිපති නිදි ! මුන් ඈහැරවීමට අපි කුමක් කල යුතුද ?
ReplyDelete