.

.

May 27, 2021

ගිනිගත් නැවේ සත්‍ය කතාව




 ඝෝඨා ගිනිතැබූ නැවේ

ඇත්ත කතාව හා බොරු කතාව

-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

.

බොරු කතාව

----------------------


🔼 මේ නැවේ පෝර්ට් රොටේශන් එක වෙන්නෙ 

.

Port Klang > Singapore > Jebel Ali > Hamad > Hazira > Colombo > Port Klang  https://www.x-pressfeeders.com/Home/FindSchedulePdf/328/S16%7CEAST%20ASIA/Straits%20Middle%20East%20X-PRESS%20(SMX)%20-%20EA

.

🔼 ගිනි ගත්ත නැව ඔය රිජෙක්ට් කරා කියන කටාර්වල පෝර්ට් එකටත් ඉන්දියාවේ පෝර්ට් එජටත් දෙකටම ගිහින් කාගෝ ලෝඩ් අන්ලෝඩ් කරලා ඇවිල්ලා තියෙනවා.. 

https://www.x-pressfeeders.com/Home/Articles/72


🔼 ඒ දෙකෙන්ම මේ ගැටළු සහගත කන්ටේනර් එක භාර ගැන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.


🔼 කොළඹ වරායට නැව ඒමට තිබූ බව ඇත්තක් උනත්, නැවේ ගැටළු සහගත කන්ටේනර් එකක් ඇති බවට වරායට හෝ නැව් සමාගමේ නියෝජිතයින්ට දැණුම් දී නෑ.


🔼 වාසනාවට කොළඹ වරායට ඇතුල් කිරීමට පෙර නැව ගිනි ගන්නවා.


🔼 ගින්න නිවා දැමීමට ඉන්දියාවේ සහායද රැගෙන ගත් සියලු උත්සාහයන් ව්‍යර්ත කරමින් නැව සම්පූර්ණයෙන් ගිනිබත් වෙනවා.


🔼 රසායන ද්‍රව්‍ය හා කන්ටේනර් වල තිබූ ගිනි නොගත් සියළු ද්‍රව්‍ය මුහුදට එකතු වෙනවා.


🔼 මෙයින් සිඳුවන පරිසර හානිය ගැන හා එය තක්සේරූ කිරීමට සමත් කිසිඳු පරිසරවේදියෙක්, විශේෂඥයෙක් හී නීතීවේදියෙක් ලංකාවේ නෑ.


🔼 හම්බන්තොට මුහුදේ නිවාදැමු නෞකාවෙන් නීතීපති දෙපාර්තමේන්තුව ලබාගත් වන්දිය ජාත්‍යන්තර රක්ෂණ ක්ෂේශ්ත්‍රයේ විහිළුවට ලක් වුනා.


🔼 මෙවර ඒ පිළිබඳ විශේෂඥයින් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයෙන් ගෙන්වා තිබෙනවා. ඔවුන් මෙයින් සිඳු වූ පාරිසරික විනාශය තක්සේරූ කිරීමට මෙන්ම ලැබිය යුතු වන්දිය පිළිබඳ නීතිමය කටයුතු ගැනද, ඉදිරියේදි සිඳුවිය හැකි මෙවන් අනතුරු වලදී ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න ගැනත් උපදෙස් ලබා දීමට නියමිතයි.

.

.


ඇත්ත කතාව

----------------------

.

️මෙය අද හෝ හෙට, අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් හෝ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කොරෝනා බැවින් රාජිත සේනාරත්න මැතිතුමා විසින් මාධ්‍ය සාකච්ඡාවක් තබා හෙලිකිරීමට නියමිතයි.

.


☑️ නයිට්‍රජන් ලීක් නැවක් අරාබී මූදේ යනවා කියලා රාජපක්ෂලාට නිව්ස් එක එනවා.

.

☑ ️රාජපක්ෂලා නැව කොළඹ වරායට ගෙනෙන් කියලා කැප්ටන්ට කෝල් එකක් ගන්නවා.

.

✅ රාජපක්ෂලා හොරු නිසා කැප්ටන් කටාර් යනවා. උන් එහේ එන්න එපා කියලා කැප්ටන්ට කියනවා.

.

☑️ දැන්වත් ගෙනෙන් කියලා, රාජපක්ෂලා කියනවා.

.

☑ ️කැප්ටන් නැව ඉන්දියාවට ගෙනියනවා. උනුත් කියනවා යන ලෝකෙක පල, මෙහේ නම් එන්න එපා කියලා.

.

☑ ️නැව අනාත වෙනවා, කැප්ටන් කොර වෙනවා, රාජපක්ෂලා මෙහෙන් ටග් දෙකක් යවලා නැව ඇදගෙන ඇවිත් වත්තල පාර්ක් කරනවා.

.

☑️ එදා රෑ ඝෝඨා හේකිත්තෙන් පන්දමකුත් පත්තු කරගෙන පීනලා ගිහින් නැවට ගිනි තියනවා. එන ගමන් ටැංකියේ දාන්න මෝරෙකුත් අල්ලගෙන එනවා.

.

☑️ නැව ගිනි ගන්නවා.

.

☑ ️රාජපක්ෂලා නැවක් ගිනි ගන්නවා නිවලා දියන් කියලා ඉන්දියාවට කියනවා.

.

☑ ️නැවේ ඉන්න මිනිස්සු ටික බේරලා දුන්නොත් ගින්න නිවන්නම් කියලා ඉන්දියාව කියනවා.

.

☑️ ඒ පාර උන් ටික ගොඩට ගෙනත්, ග්‍රැනේඩ් දෙකක් දාලා නැව පුපුරුවනවා. ඒකත් ඝෝඨා කලා කියලා සාක්ෂි ලැබෙමින් පවතිනවා.

.

☑️ ඒත් ඉවරයක් වෙන්නේ නෑ. නැව 85% ක් වෙන්න ගිනි තියපන් කියලා රෝහිතට ඕඩර් එකක් එනවා රාජපක්ෂලාගෙන්.

.

☑️ රෝහිත නැවම ගිනි තියනවා.

.

☑️ රාජපක්ෂලා අළුත්කඩේ උසාවියේ වන්දි නඩුවක් දාලා අළුත් නීතිපතිට කියනවා මේකේ කලර්ස් පෙන්නුවොත් චීප් ජස්ටිස් කරනවා කියලා.

.

☑️ ඒ අතරේ ඩුබායි බැංකුවට කියනවා තව බිලියන ගානක් එනවා සේප්පුවේ ඉඩ තියෙනවද බලන්න කියලා..

.

☑️ අපේ ආන්ඩුවක් ආපු ගමන් මේ පිළිබඳ පරීක්ෂකයෙක් කරලා රාජපක්ෂලා ගෝල්ෆේස් එකේ එල්ලලා මරණවා කියලා මාධ්‍යවේදීනගේ ඔළුවේ අත තියලා දිවුරනවා.

.

☑️ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම ඉන්දියාවේ විද්වතෙක් වන මහාචාර්‍ය අරුන්දති රෝයි මහතාට බාර දුන් බව ප්‍රකාෂ වෙනවා.

.

☑️ මාධ්‍ය සාකච්ඡාව චීන භාෂාවෙන් සිරස රූපවාහිනිය ඔස්සේ ලෝකයට ප්‍රචාරය වෙනවා.

.

☑ ️නැව් ගිනි ගන්න රටක පෝට් සිටි හදලා අම්ල වැස්සේ තම ජනතාව පෙලන්න බෑ කියලා ෂී ජින් පින් මැතිතුමා පෝට් සිටි පනත රෝල් කරලා අලී සබ්‍රිගේ අරකෙ ගහනවා.

.

.

ඉස්ධූතී .... නන්ඩ්‍රෙයි ... ටෑන්ක්ස් හොඳේ..

.

May 26, 2021

කර්මය විපාක දීම, විපක්ෂය හා විල්බැරෝ

 



පින්වත්නි,

අද වෙසක් පුන් පොහෝ දිනය,

මාතලන් අද ගෙන එන්නේ ගිහි බණක්…

ඒ නිසා සාධූ කාරයක් දීගෙනම මෙය කියවා ගෙන යන්න..


යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං

කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං


පින්වත්නී… යම් සේ අප බීජ වපුරන්නේ ද..

ඒ අනුව අපට අස්වනු නෙළා ගැනීමට හැකි වන්නේය.

කුසල් කරන්නවුන්ට යහපත් වූ ද,

අකුසල කර්ම කරන්නවුන්ට අයහපත් වු ද විපාක විඳීමට සිදුවේ.

මේ කරුණ සිහියේ තබාගෙන දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා සිටින අපි කුසල පක්ෂය දියුණු කරගෙන ලබාගත් මේ ආත්මයේදීම නිවන් යන්න ට්‍රයි එකක් දිය යුතු වන්නේයෙ.


එසේම පින්වත්නී.. කර්මය විපාක දීම අනුවත් එය කොටස් හතරකට බෙදලා තියෙනවාය.


ඒ..


දිට්ඨදම්මවේදනීය කර්මය – එම බවයේදීම කුසල් අකුසල් කර්ම විපාක ලබාදීම.

උපපජ්ජභේදනීය කර්මය – මරණින් මතු පළමු ආත්ම භාවභේදී විපාක ලබා දීම.

අපරාපරියභේදනීය කර්ම – මරණින් පසු තෙවන ආත්ම භාවභේ සිට කවර හෝ ආත්මයකදී විපාක දීම.

අභහෝසි කර්ම – විපාක භනාදී අභහෝසි වී යන කර්ම කියලාය..


පින්වත්නී අප තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වගන්සී මේ පලදීම් බෙදා ඇත්තේ කාළය අනුවය. එහෙත් අපේ මේ රජයට විපක්ෂ සියළුම බලවේගයන්ට එවා පලදී ඇත්තේ මෙලෝ වශයෙන්මය.


පින්වත්නි.. තව කාළයක් යන තුරාවට රාජ්පක්ෂලා එලවීම බොරුය.. පට්ට ෆේල් විපක්ෂය හා විපක්ෂයේ සියළුම බලවේග මෙය දන්නවාය. දැන් ඒ පිරිස උන්මත්තකයින් බවට පත් වී අවසානය. ඒ පිරිස අතර පාර්ලිමේන්තුවේ විපක්ෂය, උන්ගේ පාක්ෂිකයින්, ඇපත් නැති වූ රනිල් විකුම්සිංහ හා අනුර කුමාර දිසානායකගේ පක්ෂය හා පාක්ෂිකයින්, ඔවුන්ගේ මාජ්ජවේදීන්, වෙබ් බලකාය, බුකි බලකාය හා වහලුන්ද සිටිනවාය. ඒ දිට්ඨධම්මවේදනීය කරුමයය.


පින්වත්නි කරුමය කියන්නේ දෙවන ආත්මයේ පලදෙන ඒවාද මේ පිරිසට මේ ආත්මයේ පල දෙන එකය. කරුමය ඒ තරම් පවර්ෆුල්ය. පවිත්‍රාට කොරෝනා හැදුන වෙලේ උම්මා දේවී කියා කින්ඩි දැමූ, පවිත්‍රාට හැමදාම පාර්ලිමේන්තුවේ ලෙඩේ ඇදපු සජිත් හා කසිප්පුවාටද අද කොවිඩ් හැදිලාය. උන් හිතුවේ කොරෝනා හැදෙන්නේ බයියන්ට විතරක්ය කියලාය. මේ මොහොතේ ආන්ඩු පක්ෂයට සහයෝගය දක්වන උන් හැසිරුන ආකාරයත්, එදා පවිත්‍රාට වැලඳුන අවස්තාවේ විපක්ෂයේ උන් හැසිරුන ආකාරයත් අනුව මේ රටේ ටොයියන් හා බයියන් මක්කුන්ද යන්න දැන් පින්වතුන්ට වැටහෙනවා ඇතිය.


පින්වත්නී… මුන්ට මේ පලදෙන්නේ අවුරුදු පහක් තිස්සේ එක පවුලකට කෙලින්නට ගොස් සමස්ත ලංකාවටම කෙලවීමේ පාපයය. එය තව ආත්ම (චන්ද) ගානකින් හෝ ගෙවා දැමීය නොහැකිය.


සංවර්ධනය වෙමින් තිබූ රට, ඒ සියලු සංවර්ධන යෝජනා ක්‍රම නවතා දමා ආයෝජකයෝ සියල්ල එලවා දැම්මේය. මහ දවාලේ මහ බැංකුව කොල්ල කෑවේය. වෝනින් 96 ක් ඇවීල්ලාත් ඉස්ලාම් ත්‍රස්තවාදීන් හා අම්මට හැමිනුනේය. මේ කාළකන්නි අදත් උන් වෙනුවෙන් පෙනි ඉන්නවාය. උන් එක මොහොතකදි මේ රටේම බෝම්බ තබා රට ලේ විලක් කළේය. විදේශිකයින්ද මරා දැම්මේය. අඩු ගානේ ප්‍රභාකරන් මහතාවත් මේ දේ සිඳුකලේ නැතිය. රටේ ණය ප්‍රමාණය දෙගුණයක් කර ඒ මුදල් සියල්ල හොරා කෑවේය. එවන් කාළකන්නි මේ ආත්මයේ (මේ පාලන සමයේ) නොව මුලු ජීවත කාළයේමත් ආත්මයක් ආත්මයක් පාසා විඳවනවාමය.


පින්වත්නී අද ඒ කාළකන්නි, කොරෝනාවෙන් විඳවනවාය. ගෑස් ටැංකි කර තබාගෙන යනවාය. විල්බැරෝ තල්ලු කරගෙන යනවාය. පාර පුරා රස්තියාදු ගහනවාය. බුකියේ වැලපෙනවාය. යූ බටේ මරළතෝනී දෙනවාය. වෙබ් පඩංගුවා අමු කෙප්ප ලියනවාය..


උන්ගේ විරෝධතා සියල්ල මොහොතක් යන්නට පෙර පච වෙනවාය. විල්බැරෝ තල්ලු කරගෙන ගියේ මක්කුන්ද කියා මේ වන විට හෙලි වී අවසානය. උන් පාක්ෂිකයින්ගේම විරෝධයට ලක් වී අවසානය.


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ බොරුවට කෑ ගැසුවාට පොර වැඩිපුරම පාර්ලිමේන්තුවේ කරන්නේ බිලියඩ් ගහන එක බව දැන් ඔප්පු වෙලා අහවරය. ඒ රනිල් පොකට් බිලියඩ් ගහපු පුරුද්දට වෙන්න ඇතිය. ඒ වගේ පිස්සෙකුට බලය ගියේ නම්, මේ වන විට අපට ලේසියෙන්ම කොරොනා වලින් ඉන්දියාව පරදා කප් එක ගන්න තිබුනේය. ඒ යකා කරන්නේ බිලියඩ් ගහනෙක හා යාල සෆාරි යන එකය. පක්ෂය පාලනය කරන්නේ ජලනි ප්‍රේමදාස ආර්යාවය. අනික් උන් ඔයා කියන දෙයක් තමා මැඩම් කියා උන් පස්සේ යන වන්දිභට්ඨයෝය.


පාර්ලිමේන්තුව ඉස්සරහා පෝට් සිටියට විරුද්ධව උද්ඝෝෂණ කල උන්ටත් කරුමය පලදී දැන් කොරෝනාය. මුන් ඒ කාළේ පෝට් සිටියට වෙනම පාලනයක් එන බව දිවුරා පොරොන්දු උන උන්ය. උන් කියපුවා උන්ට මතක නැති තරමටම දැන් උන්ගේ මොලේ අවුල්ය. අපේ විපක්ෂයයට සම්මා සම්බුදු සරණමය…!!


පින්වත්නි මෙයින් පට්ටම ආතල් එක අහෝසි කර්මයය.


මාතලන්ට මෙලෝ වශයෙන්ම පලදී තිබෙන්නේ ඒකය. ඇත්ත… මාතලන් යහපාලනයට කඩේ ගියේය. එහෙත් දවස් තුනක් යන්නට මත්තෙන් කළ පාප කර්මයේ තරම වැටහිනි. එදා සිට මාතලන් කළ වැරදි වටහාගෙන රට නිවැරදි මාවතට ගෙන ඒමට යුනිකෝඩ් වලින් සහාය දුන්නේය. ඒ නිසා, ඒ පව මේ ආත්මයේම අහෝසි විය. බැරි උන උන් සැමදා නිරයේය…


පින්වත්නී….

ඒ වගත් මෙසේය…..

May 22, 2021

කොරෝනා විශේෂඥ බයිලා චැම්පියන්ලා


රට ඉන්න මහාචාර්‍යලා, මෙහේ ඉන්න මහාචාර්‍යලා, ඉස්පැසොලිස්ට්ලා ඔක්කෝම රට වහපියෝ කියා නහින්නට යනවාය. උන් කියන්නේ දවස් 14 ක් රට වැහුවාම වෛරසය ඉවරයි කියලාය. කොරෝනා මඩින්න රතන සුත්තරේ කියනා උන්ගේත්, මුට්ටි ගඟේ දාන උන්ගේත්, දිව්‍ය පූජා තියන උන්ගේත්, මුන්ගේත්, කිසිඳු වෙනසක් මා නම් දකින්නේ නැතිය. උන් හදන්නේ උන්ගේ වගකීමෙන් බේරී, කෙලවෙලාම ගියොත් ඒක ආන්ඩුවේ ඇඟේ ගසා පොරවල් වෙන්නටය. උන් රෝගියකුගේ අතක් පයක් කැපුවත්, මරා දැම්මත්, එදා ඉඳන් අද වන තෙක් කළෙත් ඔය සෙල්ලමමය.

ඔය එකෙක්වත් ලෝකයේ කිසිවෙක් ගනන් ගන්නා උන් නෙමේය. මුන් බයිලා ගහන්නේ රජය ගත යුතු නියම පියවර අරගත්තායින් පස්සේය. මුන් හැම එකාටම තියෙන්නේ උන්ගේ මමත්වය හා ඩිග්නිටිය ගැන ප්‍රශ්ණයකි. ඔය එකෙක්වත් කොරෝනාවට බෙහෙතක් තබා ප්‍රතිකාරයක්වත් නොදන්නා උන්‍ ය. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල දුන්නේ විටමින් සී හා කොත්තමල්ලිය. ඇත්ත කතාව ඒකය. මැරෙන්නම යනවා නම් ඔක්සිජන් එක නහයේ ගැසුවේය. නාවුක පොකුර කෑම්ප් එක තුලම සනීප දේශීය ක්‍රමයටය. ඒවාට කවුරුත් ක්‍රෙඩිට් ඉල්ලුවේත් නැතිය. ප්‍රශස්ති ලියවුනේත් නැතිය. එය සෞඛ්‍ය අංශවල දස්කමක් නොව රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය හා වාසනාවය. මධ්‍යස්ථානවල හිටපු උන් රෝහල්වල හිටපු උන් මේවා දන්නවාය. මධ්‍යස්ථාන වල හිටී උන් බලාගත්තේ සෞඛ්‍ය අංශ නොව හමුදාවය. 

මේ බයිලා කාරයෝ කරන්නේ රනිල් වික්‍රමසිංහ වගේ කොහේ හෝ වෙන කෙනෙක් හොයා ගත් දෙයක් කියනා පෙත්තප්පුලාය. ඉතින් අපේ උන්ට රනිල් වික්‍රමසිංහ ලෝකේ හොඳම මොළේ වනාතර, අරුන්, සියල්ල දත් ප්‍රාඥ්ඥයෝය.

ඇත්තටම ඔය එකෙක්වත් කොරෝනා ගැන දන්නා මළහත්තිලව්වක් නැත. අන්ධයෝ සෙට් එක ඇතා ගැන විශ්ලේෂණය කලා සේ මුන් එක එකා උන්ට හිතෙන හිතෙන බයිලා ජනමාධ්‍ය ඔස්සෙ හලමින් සිටී. මුන් ලොක්ඩවුන් හා කර්ෆියු කියන්නේ මොනවාද කියාවත් දන්නේත් නැත.  ලෝකයේ කිසිම රටක කර්ෆියු දැම්මේ නැති අතර, ලොක්ඩවුන් නම් හැම රටේම දැම්මේය. මුන් සිල්ලර කඩ වහන්න කිව්වාට, සුප්ර් මාර්කට් හා ඩිලිවරි සර්විස් වහන්න කියා කියන්නේ නැතිය. ආන්ඩුව හිතන්නේ උන් ගැන නොව ෂැෂේ පැකට් විකුණන සිල්ලර කඩෙන් ජීවත් වන උන් ගැනය. උන්ට ඕනෑ උන් තරම් දන්නා උන් ලොවෙත් නෑ කියා පෙන්වන්නටය.

ඇත්තම කතාව කොවිඩ් වැක්සීන් එක ගහපු උන්ටත් බඩු බනිස් වෙච්චි එකය. කවදත් සල්ලි හම්බ කරනා කොම්පැනි හා රටවල් දැන් සල්ලි හොයන්නේ වැක්සීනයෙනි. ඕවා ඩොලර් බිලියන් ගනන්වල බිස්නස් වී අවසානය. ලෝක ඖෂධ මාෆියාව එය ඒකාධිකාරියක් කර ගැනීමට මාෆියාවෙ හෙඩ් ක්වාටර්ස් වන ලෝක සවුක්ක සංවිධානය හා ගේමක් ගැසූවද , මැද පෙරදිග රටවල් අනුමැතිය නොමැතිවත් චීන වැක්සීනය හා රුසියානූ වැක්සීනය භාවිතයට ගැන්මත්, එය සාර්ථක වීමත් නිසා නැට්ට පුචේ ගහගත්තේය.

අපේ බයිලා කාරයෝ ඔක්කොම කුලප්පු වූයේ ඉන්දියාවට කෙල වූ පසුය. ලෝකයේම මරි මෝඩ ජනතාවට කොරෝනා ගැන තේරුනේත් ඉන් පඩුවය. ඊට හේතුව උනේ ඉන්දියාවේ කිසිඳු මාධ්‍ය සදාචාරයක් නොමැති වීම, මෝඩ ආගමික මතවාද හා ගෝත්‍රිකත්වයයි. ඒ මාධ්‍ය වර්ථා එලෙසම අපේ රටේත් පෙන්නු නිසා අපේ බයිලා චැම්පියන්ලාගේද ඉහ මොළ රත් වුනේය. අපේ රටෙත් මාධ්‍ය සධාචාරයක් නොමැති වීම එක අතකින් වාසනාවක් විය. බයිලා චැම්ප්ලා මෙන්ම මරි මෝඩ ජනතාවද දැන් බය බිරාන්ත වී සිටී. ඒ අස්සේ කැරම් ගහන්න යන් චක්කන්ද නැතුවා නොවේ.

කොවිඩ් වෛරසය විවිධ වෙස් ගනිමින් සිටි. එය මාරාන්තික බවද සත්‍යයකි. එහෙත් දැන් ලංකාවේ තත්වය කැපී පෙනෙන්නේ , එය පළමු වටයේත් , දෙවන වටයේත් සාර්ථකත්ව මැඩ පැවැත්වූ නිසාවෙනි. අවුරුද්දට පිස්සෝ වගේ ෂොපින් යන්න එපා, අඩු ගානේ නෑගම් හෝ යන්න එපා කීවේ ශවේන්ද්‍ර සිල්වා පමණි. එ මොහොතේ රට  වහන්න කියා ඔය විශේෂඥ බයිලා චැම්පියන්ලා එකෙක්වත් කිව්වේ නැතිය. උනුත් නුවරඑළියේ ගොස් පට්ට ෆන් එකක් ගත්තේය. රට යන්න චාන්ස් තිබුනා නම් ඒවායෙත් යන්නේය.

අපේ රටේ දැන් සිඳුවෙමින් තිබෙන්නෙ මුල් කාලයේ ඉතාලියේ ස්පාඤ්ඤයේ ජර්මනියේ ප්‍රශයේ ඇමරිකාවේ සිඳුවූ තත්වය. ජනතාව නොදන්නවා උනාට ඒවා මැඩ පැවැත්වුනේ හර්ඩ් ඉමියුනිටි නිසාවෙන් බව බෝවන රෝග විශේෂඥයින්ගේ මතයයි. ඔය ඉන්දියාවේ වාගේම පේරූ හා බ්‍රසීලයේද මිනිසුන් බුරුතු පිටින් මියගියා කියා අපේ විශේෂඥයෝ දන්නේ නැතිය. ඒවා පාලනය වූයේත් හර්ඩ් ඉමියුනිටි තත්වයෙන් මිස වැක්සීනයෙන් නොවේ

මේ කාළකන්නින් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියල්ලෝම මේ කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි මානසික පීඩනයක සිටිනා බව ඇත්තය. ඒ මෙය මැඩලීමේ වගකීම ඔවුන් සතු නිසාය. ඔවුන් පමණක් නොව පාසල් දරුවන්ගේ සිට සෑම පුද්ගලායම සිටින්නේ දැඩි මානසික පීඩනයකය. දැන් මරණ බයද ඊට එක් වී ඇත. එහෙත් මාෆියාවක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රයට නායකත්වය නොදී එය හමුදාවට බාර දුන් නිසා රට මේ තත්වයෙන් හෝ තිබෙනවාය. සෞඛ්‍ය ක්ෂෙශ්ත්‍රයේම එකිනෙකාට දොස් පවරා ගන්නා එම මාෆියාවට මෙහි නායකත්වය දුන්නා නම්, මේ වන විට මුලු රටම වැලලිලා අහවරය.

දැන් හෝ හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා. එක එක බයිලා කාරයන්ගේ කොරෝනා මාධ්‍ය සංදර්ශන නවතා දමා. රජයේ මාධ්‍ය ප්‍රකාෂක ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා පත්  කල යුතුය. යුද්ධය කාලෙත් හමුදවේ උන්ට තබා හමුදාපතිවරුන්ටවත් මාධ්‍ය සංදර්ශන තැබීමට ඉඩ නොදී මාධ්‍ය  ප්‍රකාෂකට එම කාර්‍යය භාර දීම කෙතරම් හොදද කියා සිතෙන්නේ සරත් පොන්සේකා අද කරනා ප්‍රකාෂ දැක්කාමය..

කොරෝනා ලංකාවට ගෙනාවේ ඝෝඨාභයවත්, ශවේන්ද්‍ර සිල්වාවත්, ආන්ඩුවවත් නොවේ.

එදා නැවෙන් බාගත් එකාට විරුද්ධ වූ කාලකන්නින්

පසුව රට ඉන්නා උන් ගේන්නේ නැත්තේ ඇයි කියා පොලොවේ පස් කෑවේය.

ආන්ඩුව නිවැරදි දේ කරමින් සිටි..

මෙය ලෝක වසංගතයකි..


තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න


මාස්ක් එක දැමීමට අත් හේදීමට

ඝෝඨා හෝ ශවේන්ද්‍ර ඔබේ නිවසට පැමිණීමේ තීරණය තවම ගෙන නැත..



ඉස්ධූතී ....... නන්ඩ්‍රෙයි ...... ටෑන්ක්ස් හොඳේ.....!!!!

May 18, 2021

යුධ ජය කර තබාගෙන නොව කරඬුවක තබා හිසින් රැගෙන යා යුතුය.

 


අපේ රටේ හිඟන මානසිකත්වයක් ඇති කාලකන්නි ජෙප්පෝ හා උන්ගෙන් කැඩි බිඳී ගොස් ගොබ්බ වහලුන් හරි හම්බ කරනා දෙයකින් කොටසක් කඩා ගෙන ජීවත්වන කාල් මාක්ස් පැටවුන් මෙන්ම වාමවාදී ගොබ්බ මහාචාර්‍යවරුන් හා ආචාර්‍යවරුන්ද නිතර අසනා ප්‍රශ්ණයක් නම්, නිදහස ලබා වසර 70 ගනනක් ගෙවී ගියද රට කරපු උන් කරලා තියෙන්නේ මොනවාද කියලාය. මුන්ට අමතක හෝ අමතක කරනා කාරනය නම්, එයින් වසර තිහක්ම අති දරුණු ත්‍රස්තවාදයකට රට මුහුණ දුන් බවය.

ඒ මදිවාට ප්‍රභාකරන් නම් නරුම මිලේච්ඡ ත්‍රස්තවාදියා නන්දිකඩාල් කලපුවෙන් ස්වර්ගයට අපායට හෝ මෝක්ෂයට යවා වසර 12 ගතවූ විජයග්‍රාහී දිනයේ උන් ලියා තිබුනේ වසර 12 ගත වෙලාත් තාම යුද්ධය කරේ තබාගෙන යනවා ඕයි කියලාය. 2005 දී ප්‍රභාකරන් රනිල් වෙනුවට මහින්ද තෝරා ගෙන ඉල්ලාගෙනම කෑ එක ගැන පුදුම දුකකින් තබපු සටහනුත් දුටුවාය.

ඒ අස්සෙ දුටු පට්ටම ආතල් එක නම් පිස්සු වහන්සේ නමක් කියු වැදි බණක් උස්සාගෙන ගොබ්බ වම්මු බුදු සරණ ගොස් තිබීමය. උන්නාන්සේ පසුගිය වසර 40 පමණ දීර්ඝ නින්දකට ගොස් නැවතත් බුදුන්ගේ කාළයේ ඉපදී ගහන බයිලා දැක්කාම මාතලන්ට සසර කළකිරි පස්සෙන් වාත වැලක්ම බිහි විය. සමහර විට මුන්නාන්සේ අර දිඹුලාගල හාන්දුරුවන්ගේ නිකායේ වහන්සේ කෙනෙක් නම් වෙන්නට බැරිය. අරන්තලාවේ කුරීරූ ලෙස ඝාතනය කරනා ලද සාමනේර වහන්සේලාගේ නිකායේ වෙන්නත් බැරිය. සමහර විට ඇන් ජී ඕ නිකායක කෙනෙක් වෙන්න ඇතිය.

මේ එක කාලකන්නියෙක්වත් ඊයේ පාර්ලිමේන්තුවේ ඉන්නා ත්‍රස්තවාදීන් විසින් ඉටි පහන් දල්වා ප්‍රභාගේ ධජයත් පසෙකින් තබාගෙන ප්‍රභාකරන් සමරන එක ගැන වචනයක් හෝ ලියන්නේ නැත. උන් ඒවා වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නොව, ඒවා උන්ගේ මානුෂික අයිතිවාසිකම් කියා පුක පොලොවේ ගහන් නහිනවාය.

කරුමය කියන්නේ ත්‍රස්තවාදීන්ට ඇති අයිතිය රටේ සාමාන්‍ය ජනතාවට නැත්තේ ඇයි කියනා එකය. මුන් අදත් නිරුපද්‍රිතව ඉන්නේ උන්ට එදාත් ත්‍රස්තවාදීන් හා තිබූ සම්බන්ධතාවයන් නිසාය. එපමණක් නොව අදත් උන්ගේ ගිණුම් පිරී යන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් වලින් නිසාය. ඒ නිසා ඇත්තටම අපි උන්ට අනුකම්පා කළ යුතුය. මුන් රටට ආදරේ නැති බව කෙලින්ම කියා ඇත. උන් කියන්නේ මේ රට කාළකන්නි රටක් කියාය. අපි නම් කියන්නේ තොපි වාගේ කාළකන්නි නිසා මේ රටට එහෙම වෙලා තියෙනවා කියලාය.

ඇත්තටම අද ඉන්නා තරුණ පරම්පරාව වසර තිහක් තිස්සේ මේ රටේම මිනිස්සු විඳි වේදනා හා කාපු පරිප්පුව දන්නේ නැතිය. අද නිදහසේ රට පුරාම යන්න නිදහස ඇතත් එදා කොළඹට ඒමටවත් නිදහසක් තිබුනේ නැතිය. චෙක් පොයින්ට් හන්දියක් හන්දියක් ගානේය. සිංහළද දෙමළද මුස්ලිම්ද අදාල නැතිව හැම එකාම පරීක්ෂාවට ලක්විය. වාහන පරීක්ෂාවට ලක් වීය. ඇත්තටම ඒවා දේශසීමා චෙක්පොයින්ට් වලටත් වඩා දරුණු ඝනයේ ඒවා විය. මොරටුවේ සිට රත්මලානට එන විට අදටත් දකින්නට තිබෙන්නේ එයින් එකක් පමණි.

උතුරට යාමට ප්‍රභාගෙන කිලිනොච්චියේදී වීසා ලබා ගන්නට උනේය. ඒවාට වරු ගනන් පෝලිම් වල ඉන්නට විය. උතුරේ වෙනම පොලීසියකි, හමුදාවකි. මායිම් ගම්මාන වල මිනිස්සු කපා කොටා මරා දැම්මේය. දකුණේ හිතෙන හිතෙන තැන බෝම්බ තබා මින්සුන් සිය ගනනින් මරා දැම්මේය. හමුදා කඳවරු වලට පමණක් නොව මහ බැංකුවටත් කුඩු වෙන්නම ගැහුවේය. මරාගෙන මැරෙනා උන් එවා කොළඹම කුඩු කලේය. පාසල් වල ගාඩ් කලේ දෙමව්පියන්‍ය. අම්මා තාත්තා එකට වැඩට ගියේ නැතිය. එකට ගමන් බිමන් ගියේ නැතිය. කොයි බස් එක කොයි කෝච්චිය පුපුරනවා දැයි අන්ෂුවර්ය. අවසානේ කුරුම්බැට්ටි මැෂින් උඩිනුත් ඇවිත් කොළඹටම කෙලින්නත් පටන් ගත්තේය.

මේවා මෙසේ වෙද්දී අපේ නපුංසකයින් සුදු නෙළුම් පුදා මිස්ටර් ප්‍රභාකරන් වැන්දේය. සටන් විරාම ගිවිසුම් ගසා රජයේ හමුදා හා පොලීසී, බල්ලන් කූඩූ කරන්නා සේ කඳවුරු තුලට කොටු කර, උන්ට නිදහසේ ඇවිත් බුද්ධි අංශවල සොලිඩ්ම බඩු මරා දමා යාමේ පහසුකම් සලසා දුන්නා පමණක් නොව, 2015 කළාක් මෙන්ම හමුදාවේ බුද්ධි අංශ හා රහසිගත් කඳවුරු හා හමුදා අනුකංඩ සියල්ල පිළිබඳ තොරතුරු උන්ට ලබා දුන්නේය.

එවන් කාළකන්නි යුගයක් නිමා කළේ රාජපක්ෂලා මිස වෙන එකෙක්වත් නොවේ. ඒක මේ කාළකන්නින් හොදින්ම දන්නවාය. ඒ නපුංසකයන් රට කා බංකොලොත් කළ වසර පහේ යුධ ජය සමරනා විට කිසිඳු අර්ශෂ් අමාරුවක් නොතිබූ මේ කාළකන්නින්ට පුක කහන්න පටන් අරගෙන තියෙන්නේ නියම යුධ වීරයින් බලයට පැමිණ ඒවා සමරන නිසාය.

ෆොන්සේකා යනු හමුදාපති පමණි. දින 12 පෙන්ෂන් යන්න උන් පොර හමුදාපති කළේ ඝෝඨාය. උතුරට කෙලියේ ෆොන්සේකාගේ ප්ලෑන් එකකට නොව තොප්පිගල ජයගත් චාගී ගාල්ලගේ ගේ ප්ලෑන් එකකට අනුවය. අවාසනාවකට චාගී හදවත් සැත්කමකට භාජනය වූ නිසා එතැන් සිට ශවේන්ද්‍ර සිල්වාට වැඩි බරක් කරට ගන්නට විය. ශවේන්ද්‍රගේ හෙවනැල්ල මෙන් උන්නේ සුව වී ඉස්පිරිතාලයෙන් එලියට ආ දිනයේ සිට යුධ බිමට ගිය චාගී ගාල්ලගේය. මේවා හමුදාවේ උන් දන්නවාය. මේ නියම රණවිරුවෝය. අදටත් චාගීලාට ශවේන්ද්‍රලාට කේස් ඇද්දාට, රට හා හමුදාව පාවා දුන් ෆොන්සේකාට කිසි ගේමක් නැත්තේ ඒ නිසාය.

රට මේ තත්වයට ගෙන ඒමට මියගිය රණවිරුවන් ප්‍රමාණය අති විශාලය. අදටත් අත් ඇස් පා අහිමිව ජීවත්වන විරුවන් ප්‍රමාණය අති විශාලය. ඒ අතර සදාකාලිකව යහන් මත ගත කරනා අයද වෙති. ඒ අය අතර අපේ කල්‍යාන මිතුරන් මෙන්ම ඥාතීන්ද ඒ අතරවේ. එමෙන්ම බෝම්බ ප්‍රහාරයන්ට ලක් වී මියගිය හිතවතුන්ද වේ. ඒ ඇර මහ බැංකු ප්‍රහාරය අත්දැකීමෙන්ම විඳ ඇත. ඒ ඇර කොළම සිඳුවූ ප්‍රහාරයන් දෑසින්ම දැකලා තියෙනවාය. ඒ නිසා ඒ ත්‍රස්තවදයේ කුරිරු බව මූසල බව හා කාළකන්නිකම ගැන හොදින්ම දන්නවාය.

එවන් කාළකන්නි යුගයක් නිමා කිරීම මේ රට පවතිනා තෙක් සැමදා සැමරිය යුතුය. ඇත්තටම අපේ නිදහස් දිනය පෙබරවාරි හතර වෙනිදා නොවේ. එකඳු ලේ බිදක් හෝ නොසලා ඉන්දියාවට දුන් නිසා අපිට බලෙන් දුන් නිදහසකි. එහෙත් මැයි 18 වෙනිදා මේ රටේ ලබාගත් නිදහස් මුලු රටම ලෙයින් තෙත් කොට ලබාගත් නිදහසකි. එය වසර 12 ක් ගත වී නොව මේ කල්පය පවතිනා තුරා සැමරිය යුතු නිදහසකි. එදිනේ මහින්ද රාජපක්ෂ නම් ඒ නිදහසේ පියා අමතක කරන්නේ නම්. එතරම් කුහක කමක් ශ්‍රී ලාංකිකයකුට තවත් කළ නොහැක.


ඒ වගත් මෙසේය…..

May 14, 2021

හත්පොලේ ගාගත් ආන්ඩුවේ කොරෝනා මාධ්‍ය වසංගතය…

 


මාතලන් දන්නා පරිදි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උන්ට මොන ප්‍රශ්ණ තිබ්බත් එවා මාධ්‍ය සාකච්ඡා තබා ලෝකයටම හෙලිකිරීම කෙසේ වෙතත්, පුවත් පතකට ඉන්ටවීව් එකක් දෙනවා නම්, ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසර ලබා ගත යුතුය. මේ නීතී රීතී පිලිගන්නා උන් මාධ්‍ය මගහැර හිනාවක් දමා මාරු උනද, විනයක් නැති ඔළුව ඉදිමිච්ච උන්, එක එක ප්‍රකාශ සිඳුකොට ටීම් එකේ ප්ලේස් එක නැති කරගත් ආකාරයත් අපි දැකලා තියෙනවාය.

ත්‍රිවිධ හමුදාවේද එසේය. ඒවායේ හමුදාපතිවරුන් හෝ මීඩීයා කාරයෝ වටකරගෙන ප්‍රෙස් බ්‍රීෆීන් හෝ ප්‍රෙස් කොන්පරන්ස් තියන්නේ නැතිය. ඒ වෙනුවට ඒ ඒ හමුදාවට අදාලව මාධ්‍ය ප්‍රකාෂකයෙක් වෙනම ඉන්නවාය. හමුදාවේ විනය පවත්වාගෙන යන්නේ එසේය.

වසර 30 ක් පැවති ත්‍රස්තවාදී යුගයේදී මේ ක්‍රියාදාමය පොලීසියටද හඳුන්වා දුන් අතර, දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාෂක ලෙස කටයුතු කරන අජිත් රෝහණ එම කටයුත්ත ඉතා සාර්ථකව ඉටු කරනවා පමණක් නොව. විශේෂයෙන් කාන්තා පාර්ෂවයේ සිහිණ කුමාරයෙක් බවටද පත් වී අවසානය.

පොලීසිය කෙරේ ජනතාවගේ පැවති අපුලතාවය තරමක් දුරට හෝ තුනී කිරීමට තරම් ඔහුගේ භූමිකාව ඉවහල් වූ බවත් නොකියා සිටිය නොහැකිය.

ඊට පෙර පොලීසියේ ඕ අයි සීලා වැඩ පෙන්නුවේ පත්තර කාරයෝ එක්කය. වැඩේ හබක් වූ පසු පත්තර කාරයෝ පාතාලේ හා එක් වූ අතර, උන් බොහෝ දෙනෙක් ඒකෙන් ගොඩ ගියේය. කොස්ගොඩ තාරකගේ වියෝවෙන් ශෝකයට පත් පිරිස අතර ලෝයර්ලාට අමතරව පත්තරකාරයෝ හා උන්ගේ මිත්‍රයෝද සිටින්නේ ඒ නිසාය.

එහෙත් රටම වෙලාගත් ලෝක වසංගතයක් වූ කොරෝනා පාලන වැඩසටහන අතරේ ආන්ඩුවේ මාධ්‍ය මෙහෙයවීමද වසංගතයක්ම වී ඇති බව ඉතා කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුමය. කොරෝනා රෝගය හා රෝගය මැඩලීමේ වැඩ සටහනේ ඉතා වැදගත්ම අංශය වන ප්‍රචාරණය හා සංනීවේදන කටයුතු පිළිබඳව නොදැණුවත්කම හා නොසලකා හැරීම, මේ මොහොතේ ඉතා පැහැදිලිවම පේනවාය.

මේ මාධ්‍ය නිදහස කිසිසේත්ම ආන්ඩුවේ ඉදිරි ගමනට මෙන්ම වර්තමානයටද හිතකර දෙයක් නොවන්නේමය. හිතෙන හිතෙන එකා මාධ්‍ය සාකච්ඡා තබා කියන්නේ ආන්ඩුවේ වැඩපිලිවරට එදිරි ප්‍රකාශනයන් හා විවේචනයන්‍ය. මේ අතර ආන්ඩුවෙන් පඩි කන උන් මෙන්ම ජනාධිපති තුමා සමඟ රැස්වීම් වලට සහභාගී වන උන්ද සිටීම ඉතා කනගාටුවට කරුනක්‍ය.

විශේෂයෙන් රාජ්‍ය ඇමතිනි ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය සංගමයේ සභාපතිනි පද්මා කරුණාරත්න හා ගොම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනියගේ භූමීකාවන් හා මාධ්‍ය සාකච්ඡා පිලිකුල් සහගතය. කිසියම් අඩු පාඩුවක් ඇත්නම්, විය යුතු දෙයක් ඇත්නම් ඒවා කියා සිටය යුත්තේ මාධ්‍යටවත් ජනතාවටවත් නොව, කෙලින්ම ජනාධිපතිවරයාට හෝ ඇමතිනියටය.

කොවිඩ් මැඩලීමේ මධ්‍යස්ථානයක් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පිහුටුවා අවසානය. එහි පරිපාලනයේ කිසියම් අඩුවක් හෝ ක්‍රියාවිරහිත වීමක් හෝ සිඳූ වූවාදැයි යන සැකයක් බොහෝ දෙනා තුල ඇත.

මන්ද, පළමු වටයේත් දෙවන වටයෙත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූයේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාත්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහත්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩනත් පමණි.

එහෙත් දැක් කෝකියෝ හැට හුටහාමාරකටත් එහා පිරිසක් වොයිස් කට් වීරයෝ වී අවසානය. විශේෂයෙන් ආන්ඩුවේ පඩියෙන් ජීවත් වන PHI මහ එකා හා එජාපයේ වෘතීය සමිති කාරයෙක් වන රවී කුමුදේශ් නැමැත්තා කරනා හානිය සුලුවෙන් තැකිය නොහැකිය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කියා එකෙක් ඉන්නවාද නැද්ද කියා දන්නේ නැත. එක්කෝ පොර පට්ට ෆේල් පොරක්ය. එසේ නොමැති නම් දක්ෂ පරිපාලයකු නොවේය. අනිල් ජාසිංහ නැවතත් මිනිසුන් ඉල්ලන්නේ මේ නිසාය. පබා පළිහවඩණ නැවතත් මිනිසුන් ඉල්ලන්නේ මේ නිසාය.

මෙහිදි කනගාටුදායකම කරුණ නම්, මෙවර වැක්සීන්කරණය රාජ්‍ය විරෝධි ආන්ඩු විරෝධී මහ උන්ගෙන් සමන්විත PHI ලාට හා MOH ලාට බාර දී තිබීමය. උන් එය අල කර අවසානය.

මේ තරමට ඇදගෙන නාන්නේ සුපිරි සන්නිවේදකයින් මෙන්ම ඝෝඨාගේම මිනිසුන් තිදෙනෙක් වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපතිතුමාගේ මාධ්‍ය ප්‍රකාෂක ලෙස පත්වීම් ලද කින්ග්ස්ලී රත්නායක හා මොහාන් සමරනායකලා එතුමා ළඟම සිටියදීයය.

එමෙන්ම යූ ටියුබ් කාරයෝ හා චැනල් කාරයෝ කොහේ හෝ ඉන්නා එකෙක් උස්සාගෙන විත් කරනා මළ විගඩම් විකාරද වහාම තහනම් කර දැමිය යුතුය. මාධ්‍ය නිදහස කියා මුන් කරනා මළ සමයන් නිසා මිනිස්සු ඉන්නේ නන්නපෝල් වෙලාය. උන් එකිනෙකා පරදා ජනතාවට ආතල් දෙයි. පසුව වෙබ් පඩංගු කාරයෝ ඒවා ප්‍රචාරණය කරනාතර, වේලී වේලී ඉන්නා ජාතික පත්තර කරයෝ ඒවා හෙඩ් ලයින් ලෙස දමා ජාත්‍යන්තරයටම ගෙන යනවාය.

කොරෝනා එක්ස්පර්ට්ලා වන ආන්ඩුවේ මෙන්ම විපක්ෂයේ කාළකන්නි පොලිටික්කන්ට අමතරව පසුගිය සතියේ කොරෝනා මාධ්‍ය උස්තාද්ලාගේ ලිස්ට් එකක් පහතින් පලවේ.

ඒ, හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා, ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, කොරෝනා ඇමතිනි ප්‍රනාන්දුපුල්ලේ හා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට අමතරව බව කරුණාවෙන් සලකන්න. මෙය විගඩමක් බව පෙන්වීමට වෙනත් හේතූන් අවශ්‍යද?


🎈මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

🎈සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්

🎈ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති

🎈කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීනී

🎈ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක

🎈දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

🎈රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

🎈රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

🎈රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා

🎈ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා

🎈හෝමාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ

🎈කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා

🎈ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

🎈ආචාර්ය චන්දනමලී පුංචිහේවා

🎈කොලඹ අයි ඩී එච් රෝහලේ ‍අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

🎈නාලක ගොඩහේවා


.

May 10, 2021

ඉන්ගිරිස් පත්තර මල්ලි හා කුර සහිත ජීවීන්ගේ සර්ව පාක්ෂික සමුළු..


ඉන්ගිරිස් පත්තර මල්ලි හා කුර සහිත ජීවීන්ගේ සර්ව පාක්ෂික සමුළු..

ටැලිවිසන් එකේ පත්තර කියවන්න කලින්, පත්තර කියෙව්වේ වයර්ලැස් එකේය. මේක පටන් ගත්තේ කව්දැයි කියන්න දන්නේ නැති නමුත්, වයර්ලැස් එකට වැඩියේ සවන් දෙන්නේ නැති මාතලන් දන්නේ “පත්තර මල්ලි” හෙවත් නුවන් ජූඩ් ලියනගේ ඉතරය. පස්සෙ කාලෙක රූපවාහිනියේ “රෝද හතර” ගෙන ආ ජූඩ් දැන් යූ බටේ වැඩ පෙන්වනවාය. ඒ කටහඬට මාතලන් කැමතිය.

ටෙලිවිසොන් හෙවත් රූප පෙට්ටියට මුලින්ම පත්තර කියවිල්ල ගෙනාවේ මොකාද කියා නිච්චියක් නැතත් කලින් මල් පත්තර කාරයෙකු වූ බන්ධුල පද්මකුමාර උන්නැහේගේ පත්තරේ විස්තරේ අභිබවා යන්න අද වෙනකන් එකෙක්ටවත් බැරි වෙලා තියෙනවාය. බන්දුල පද්මකුමාරගේ පත්තරේ විස්තරේට අමතරව ඉතා ජනප්‍රිය වූ ලොව වටා ප්‍රවෘත්ති ලිව්වේ මාතලන් දන්නා පරිදි සුපිරි ලියන්නකු වන සහන් කසීර වික්‍රමසිංහය.

දැන් ඉන්න පත්තරේ කියවීම කෙසේ වෙතත් උන් කරන්නේ ඕන නිව්ස් එකක් තමන්ගේ හෝ තමන්ගේ චැනල් එකේ පොලිටිකල් ඇජෙන්ඩා එකට අනුව ආලවට්ටම් හා කැටයම් දමා කියවීමය. ඒවා බලනවාට බලනවා මිසක් මෙලෝ රහක් ඇති ඒවා නෙමේය. එහෙත් බන්දුල පද්මකුමාරලා හැරුනත් රස වෑහෙනවාය. ඊට හේතුව උන්නැහේ මල් පත්තර කාරයෙක් වීමත් විය හැකිය.

ඔය බන්ධුල පද්මකුමාරගේ උන්නැහේගේ හෝ කාගේ හෝ පත්තර කියවන වැඩ සටහනක ඉන්ගිරිසි පත්තර කියවන්නත් ලස්සන ගෑල්ලමෙක් උන්නාය. ඒකෙත් ලොකු වටිනාකමක් තිබුනාය. ඒ අදටත් ඉන්ගිරිසි පත්තරවල තියෙන ඒවා හින්ගල පත්තරවල යන්නේ නැතිය. විශේෂයෙන් ආර්ථික කාරනා යන්නේම නැති තරම්‍ ය. එමෙන්ම ලෝකයේ අනෙක් රටවල ප්‍රවෘත්ති යන්නේම නැතිය. මේවා ටැලිවිසොන් නිව්ස් වලිනුත් හැලිලාය. යන්නේ එලොවටත් මෙලොවටත් නැති කාළකන්නි දේශපාලුවන්ගේ අමු ගොබ්බ වොයිස් කට්, ත්‍රී වීල් පක්ෂවල හා කාලකන්නි හූනියන් කාරයන්ගේ ප්‍රෙස් කොන්පරන්ස්‍ය. රටේම උන් අමු ගෝත්‍රික ළිං මැඩියෝ වෙලා තියෙන්නේ මේ හේතුවෙන්‍ ය. ඉතින් ලෝකය ගැන දන්නා පොඩි එකෙක් දැක්කත් මුන්ට ඇල්බට් අයිබ්ස්ටයින් දැක්කා වාගේය.

ඔහොම පිටරටවල පත්තර මැගසින් කියවා නිව්ස් බලා රටේ ජනතාවට කියනා තවත් එකෙක් ඉන්නවාය. ඒ අවුරුදු පහක් තිස්සේ රට බංකොලොත් කොට කාබාසීනියා කර දමා ඇපත් නැතිව ගෙදර ගිය රනිල් වික්‍රමසිංහය.

උන්නැහේ හොඳ කියවන්නෙක්‍ ය. ඒ නිසා කොහේ හෝ තියෙන දෙයක් දැක්කාම පින්ජුල මාරිස් සඳුදා උදේට දෙරණෙන් සතියකට ප්‍රෙඩික්සොන් දෙනවා වාගේ අර කොහේ හෝ එකෙක් සොයාගත් සිද්ධාන්ත, දත්ත හෝ තොරතුරු තමන්ගේ ඒවා වගේ රටට දෙනවාය.

ඉතින් එජාපයේ ඉන්නා මෙලෝ අල බෝලයක් නොදන්නා කුර සහිත ඩොන්කිලා හා බුකියේ ඉන්නා ගෝත්‍රික ළිං මැඩුයන්ට ඒ යකා ආසියාවේ ළොකුම මොළේ තියෙන එකාය. හරියට සිරස ලක්ෂපතියේ මොනිටරේ බලාගෙන පාන්ඩිත්‍ය රටට පෙන්වන චන්දන සූරියබන්ඩාර වගේය. මෝඩයන්ට මේවා මැජික් උනාට, මේ වෙල් ඕගනයිස් වෙල් ප්ලෑන් වෙස්ටර්න් ප්‍රොපගැන්ඩා දැක්කාම හිකෙන් පුනාම යනවාය.

ඇමරිකාවේ යුවර්සිටි එකක ප්‍රෙඩික්සොන් එනකොටම රනිල් වික්‍රමසිංහ ටැලිවිසොන් එකට එනවාය. මීටාමතරව සැටලයිට් නෝනා හා ඇමරිකන් ඇම්බැසිඩර් නෝනාත් බොහෝ විට එනවාය. මංගල සමරවීරත් එනවාය. එයාගේ වෙබ් මාෆියාව හා බුකි මාෆියාවත් මේවා වනනවාය. උන්ව වන්දනා කරනා අමු ගොබ්බ බයියෝත් මේවා දැකලා බෙට්ටත් රත් වෙලා පල් හෑලී ලියනවාය.

චීනා අපිට නොමිලේ එන්නත දුන්න ගමන්ම මේ වාර්ථා ආපූ එකත් ලෝක වාර්ථාවක්‍ ය. නලීන්ද සිල්වා කියනවා වගේ ඇමරිකාව කියනා ඕනෑම දෙයක් පරම සත්‍යයය. ඒකේ ඇමරිකාව ගැන කියපුවා සත්‍ය වූවාට අනෙක් රටවල් වල ඒවා අමු කෙප්පය. උන් හිතුවේ චීනාට කෙල්වන්නය. ඒත් කෙලවුනේ උන්ටමය. මේකට බේස් කර ගන්න ඇත්තෙ උන්ට කෙලවුන කාළේ දත්තයන් විය හැකිය. ඒවා හැම රටටම් ගලපන්න යාම උන්ගේ මෝඩ කමය.

අපේ කොරෝනා පාලනයේ සුළු සුළු අඩු පාඩු තිබුනත් අපේ වැඩ පිලිවල එක්සත් ජාතින්ගේ ලංකාවේ නියෝජිතයින්ගේ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ප්‍රසංසාවට පත් වී අවසානය. මේ මොහොතෙත් එය උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙමින් තිබේ. එහි සාර්ථකත්වය දන්නා සජිත්ගේ පක්ෂයේ කුර සහිත ජීවීන් සර්ව පාක්ෂික සමුළු තියන්න යන්නේ මේ ක්‍රෙඩිට් එක උන්ට දාගන්නය.

පළමුවන රැල්ලත් දෙවන රැල්ලත් සාර්ථකව මැඩ පැවැත්වු මේ පිරිසට, තුන්වන රැල්ලත් මැඩ පැවැත්වීම ඉතා සුළු දෙයක් ය. මේ වන විටත් එය සාර්ථකව ක්‍රියාත්මක වේ. වැක්සීනය ලබා දිය යුතු සියල්ලන්ටම මාස දෙකක් තුල වැක්සීනය ලබා දිමට සියලු කටයුතු සංවිධානය කර අවසානය. චීනාගේ එන්නත මේ රටේම නිශ්පාදනයට ඇම්බැසිඩර් උන්නැහේ කටයුතු යොදමින් සිටී.

අරුන්දති රෝයි ද සිල්වාගේ කුර සහිත ජීවීන් රැල ලැහැස්ති වෙන්නේ මේවා උන්ගේ වැඩ කියලා ජනතාවට ඒත්තු ගන්වන්නය. ඉස්පුට්නික් එහෙන් ඇරොප්ලේන් එකට දැම්මාටත් පස්සෙ මිස්ටර් අරුන්දති රෝයි රුසියන් එම්බැසිඩර් හම්බ වෙන්නේ මේවා උගේ වැඩ කියලා පෙන්නන්නය.

මේවාට ඉඩ දෙන්නේ නම් මේ ආන්ඩුව කරනා ලොකුම ගොන්කම ඒකය. මන්ද යත් යුද්ධ කාළයෙත් ඔය සර්ව පාක්ෂික සමුළු කෝටියක් තිබ්බත් අපි ඉල්ලගෙනම කෑවා මිස යුද්දේ ඉවර කළේ නැති නිසාය. යුද්ධය ඉවර කළේ රාජපක්ෂලාය. රාජපක්ෂලා නැත්නම් ෆොන්සේකාත් නිකන්ම නිකන් විශ්‍රාමික හමුදා නිළධාරියෙක් ඉතරය.

දැන් උන්ට කියන්න තියෙන්නේ අර ප්‍රෙඩික්සොන් එක අනුව සැප්තැම්බර් මාසයේ දවසකට 20’000 ක් මැරුණාම හුරේ දාන්න බලාගෙන හිටපිය කියලාය. හැබයි ඉතින් වැඩිකල් හුරේ දාන්න වෙන්නේ නැතිය. අවුරුද්දක් යන්න කලින් උනුත් එක්කම මුලු රටම ස්වර්ගස්ථ වෙනවාය.

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි…
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි…//

May 6, 2021

ආන්ඩුව ෆේල් තමයි..

 


ඊයේ කොවිඩ් පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදය නැරඹීමට ජනාධිපතිතුමාද සහභාගී විය. විපක්ෂයට තිබෙනා විශාලම ගැටළුව කොවිඩ් නොව සජිත් ජලනි බලවේගයට අත දිගහැර වියදම් කරනා රිෂාඩ් බදුර්දීන් බේරා ගැනීම බව පැහැදිලිව පෙනිනි.

අපේ බුද්ධි අංශවල හාල්පාරුවන්ට සොයාගත නොහැකි වූවාට, ඉන්දියාව රිෂාඩ්ගේ ත්‍රස්තවාදී සබඳතා මේ වන විටත් සොයාගෙන අවසානය. මේ වර රිෂාඩ් එලියට දමන්නෙ නම්, මේ ආන්ඩුව කරන්නේද ගිය ආන්ඩුව කරපු දේමය. ත්‍රස්තවාදය ගැන ප්‍රශ්ණ කරන එකා පාර්ලිමේන්තුවට ගෙනාවොත් නියමට තියේය.

නීතීපති ලංකාවේ තිබෙනා පිස්සු විකාර නීතියට අදාලව කුමන මතයක් ප්‍රකාෂ කලත්, මේ වෙලාවේ කතානායකවරයා සිටිය යුත්තේ සරත් වීරසේකර සිටිනා මතයේය. බැරි වෙලාවත් පොර පාර්ලිමේන්තුවට රැගෙන ආවොත් එහි සිටිනා ඉතුරු ත්‍රස්තවාදීන්ට සියළු තොරතුරු ලැබෙනා බව ඕන ගොනෙකුට තේරෙන දෙයකි. සරත් වීරසේකර කීවාක් මෙන්ම ඉතිරි සාක්ෂි සියල්ල විනාශ කිරීම මෙන්ම, අනෙක් ත්‍රස්තවාදීන් සියල්ල රටින් පනිනා එක අනිවාර්‍යය. මෙහිදි සොයා බැලිය යුතු විශේෂ කාරණය නම් රිෂාඩ් ඉතා කෙටි කාලයක් තුල මෙතරම් ධනවතෙක් වූයේ කෙසේද යන්නයි. ඒ පිටුපස ත්‍රස්තවාදී මුදල් තිබු බව මේ වන විට ඉන්දියානු ඔත්තු සේවා විසින් සොයාගෙන අවසානය.

මේවා ගැන අපේ ඔත්තු සේවා ලැජ්ජා විය යුතුය. බලයට පත් වී වසර දෙකකට ආසන්න කලක් ගතවී තිබියදිත් පාස්කූ වින්දිතයින් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට අසමත්වු බුද්ධ් සේවා, පොලීසිය, අධිකරණය, නීතී අංශ මෙන්ම, ජනතාවට පොරොන්දු දී පැමිණි ආන්ඩුවද ෆේල් බව කනගාටුවෙන් වුවත් කිව යුතුව ඇත.


ඒ එක කතාවකි.

මේ තවත් කතාවකි. එයත් සිද්ද වූයේ ඊයේ දිනයේය. ඒත් පාර්ලිමේන්තුවේදීමය. කොවිඩ් විවාදයට එක්වන චන්න ජයසුමන කියන්නේ ස්පුට්නික් එන්නත ගේන්න කොක්ක අදින්නේ රාජිත සේනාරත්න කියලාය. ඒ එන්නත අවුල් කියලා පත්තරවල හෙඩ් ලයින් දාන්නේ රාජිත සේනාරත්න කියලාය. මේවා ඇත්ත නම් ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති තුමාගේ මූණටම කියු පරිදි ආන්ඩුව ෆේල් කියලා අපටත් පිලිගන්න වෙනවාය.

ඇමතිකම් දෙන්නේ අමාත්‍යංශයට සම්බන්ධ සියලු ආයතන හා පුද්ගලයින් සමඟ එකතු වී ගමනක් යන්නටය. එය සිඳු කිරීමට නොහැකි නම් ඒ අමාත්‍යවරයා ෆේල්‍ ය. ආන්ඩු බලය රැගන වසරක් පමණ වන විටත් ඒවා කළමණාකරනය කර ගත නොහැකිව මේ වගේ අඬනවා නම් ඒ අමාත්‍යවරයා ෆේල්‍ ය.

කොවිඩ් කෙලින්ම සම්බන්ධ වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය හා ඊට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යංශවලටය. එහෙත් ඒවාගෙන් පඩි ගන්නා රාජ්‍ය සේවකයින් වන PHI මහ එකා, රවී කුමුදේශ්, ගොම සංගමය මෙන්ම අලුතෙන් අටවා ගත් නොයෙකුත් සංගම් වල උන් වැඩ කරන්නේ හා අදහස් ප්‍රකාෂ කරන්නේ රජයේ තීන්දු තීරණවලට විරුද්ධවය.

කොවිඩ් පාලනය නායකත්වයක් නැති ඉබාගාතේ යන තත්වයක් ඇති බව ඉතා පැහැදිලිව පෙනේ. කොවිඩ් මර්ධනය එකම කැද හැලියකි. අච්චාරුවකි. හිතෙන හිතෙන එකා මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටී. හැම හාල්පාරුවාම එක එක චැනල් අස්සේ රිංගා ආන්ඩුවට කෙලිමින් සිටි. සෞඛ්‍ය අංශ සියල්ල හත් පොලේ ගාගෙන අවසානය. වහාම සියල්ලන්ගේම නායකත්වය ශවේන්ද්‍ර සිල්වාට බාරදිය යුතු අවස්ථාව නැවත පැමිණ තිබෙනවාය.

මේවා ආන්ඩුවේ දුර්වලතාවයන්‍ ය. මේවාට උත්තර තිබුනේ සජිත ප්‍රේමදාසගේ පියාණෝ ළඟය. ඔහු බලයට පැමිණියේ ‍‍රට දෙකොන පත්තුවෙන විලක්කුවක් වූ සමයකය. රාජ්‍ය නිළධාරින්ට ඔහු හා සෙල්ලම් දැමීමට හැකි වූයේ නැත. ගම් උදාව, ජනාධිපති ජංගම සේවය ( ගම සමඟ පිලිසඳර සමාන, ඊට වඩා සාර්ථක වැඩ සටහනකි.) හා අදටත් ලංකාවේ ප්‍රධානම ආදයමක් වන ඇගළුම් කර්මාන්තය සාර්ථකව ක්‍රියාත්මක වූයේ ඔහුගේ දරදඬු පාලනය තුලය.

යුනියන් කාරයන් හා එක්වී හදාපු රටක් ඇත්තේ නැතිය. සමාජවාදයෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හදපු රටවල්ද ඇත්තේ නැතිය. රටවල් හැදුවේ එකාධිපතියන් හෝ දරදඬු පාලකයන් විසිනි.

මුන් හා බබා හුකුං කරමින් සිට 2025 ආයේ ගෙදර යන්නට උනොත්, මේ පාර නම් කාල්ටන් එකට හෝ මැදමුලනට හෝ මිරිහානට හෝ බස් වන්දනා එන්නේ නැති බවනම් ලියා තැබිය යුතුමය. මන්ද, ටොයියන්ට වඩා කලකිරි සිටින්නේ බයියන් නිසාය..



Apr 29, 2021

කිං ටු සේව් ද කිං, King to save the King



සිරස හැදුවේ නිමල් ලක්ෂපතිආරච්චි උන්නැහේය. නමුත් සිරස රන් කලේ කින්ග්ස්ලි හා තමාලිය. අද අරා හා පැස්බරා යම් සේ ජනප්‍රියද. ඊටත් වඩා ජනප්‍රිය වී උන්නේ කින්ග්ස්ලි හා තමාලිය. තමාලී පීරිස් සිරසට එන්නේ ඇයගේ මැණියන්ද ජනප්‍රිය නිවේදිකාවක් වූ නිසාය. ඇය ජනප්‍රිය ගේය පද රචිකාවියක්ද වූ කුසුම් පීරිස්‍ ය.  

ඒ සිරස රේඩියෝවය. සිරස ටැලිවිසොනය පටන් ගන්නේ ඊට පස්සේය. මුලින්ම ප්‍රාසාංගිග කලාවෙන් තරුණ තරුණියන් ආකර්ශණය කරගත් සිරස පසු කාළයේදී ඔවුන්ගේ ඇජෙන්ඩාව වෙනස් කර දේශපාලන නාලිකාවක් බවට පත් වුනේය. ඊට නිමල් ලක්ෂපතිආරච්චිගේ වියෝවද සෑහෙන්න බලපෑවේය.

මේ කිසිම දේශපාලන වැඩ සටහනකට සහභාගී නොවූ කින්ග්ස්ලි, කිසි දිනෙක දේශපාලනය කතා කලේ නැත. මාතලන්ට නම් කිං වටින්නේ නිවේදකයකුටත් වඩා සුපිරි ලේඛකයකු ලෙසය. ඔහුගේ ලිවිමේ රටාව යුනීක් වේ. එය ඉතා සරළ බස් වහරක් වුවද එකම සාහිත්‍ය රස ගුලාවකි. කවියකි. කිසි දිනෙක මුණ ගැසී නැති නමුදු මුහුණු පොතේ හමුවූ කිං, සරළ නිහතමානී සුන්දර මිනිසෙකි.

අද ඒ මිනිසා දේශපාලන සත්වයකු වී අවසානය. මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලි වුන් බොහෝ අය දේශපාලනයට පැමිනීම අලුත් දෙයක් නොවේ. එහෙත් කින්ග්ස්ලිගේ පැමිනීම සුවිශේෂී වන්නේ මා කලින් සදහන් කළ හේතුව නිසාවෙන්මය. ඒ ඔහු දේශපාලන සත්වයකු නොවූ නිසාමය.

ඔහු පත්වන්නේ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙසය. ජනාධිපති තුමාගේ අදහස් ප්‍රකාශ කිරීම අවංක වුවද දුර්වල බව සත්‍යයකි. ඊට හේතුව වන්නේ ඔහු දේශපාලකයකු නොවීම‍ය. ඔහු දේශපාලකයින් මෙන් බොරු කියන්නේ නැතිය, අවංකය. නමුත් බොරුවටම හුරු වූ බොරුවෙන්ම ජීවත් වෙන ජාතියකට ඇත්ත දිරවන්නේ නැතිය. ඒ නිසා සිහිණ ටොයියන්ට ජෙන් ගොප්පන්ට මෙන්ම හාල්පාරු බයියන්ටද එතුමා අරහංය.

දැන් කිං ට පැවරි තිබෙන්නේ මේ පිරිස බැලන්ස් කිරීමය. කිං ගේ පත්වීම මේ සියල්ලන්ටම දරා ගත නොහැකිය. කිං ට එල්ල කල ගල් පමණක්ම දැක්ක අතර, එකඳු මලක් හෝ දැක්කේ නැතිය. සම හරක්ට කිං ගේ වේතනය ගැනද විචිකිච්චාවන් තිබෙනා බවක් දුටුවේය.

කීං තේරුවේ කෙලින්ම ජනාධිපතිද සුදේවද මොහාන් සමරනායකද කියන්න මා දන්නේ නැතිය. කෙසේ හෝ මේ තිදෙනාම විනයක් හා හැදියාවක් සහිත මිනිසුන්‍ ය. කිං ද එසේමය. 

ඒ හේතුවෙන් කිං ට අලුතෙන් ඉගෙනගැනීමට හෝ චරිතයකට ආවේශ (Acting) වීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැතිය. මේ රට මෙතෙක් දිව්වේ බොරුකාරයන්ගෙනි. අවංක මිනිසුන්ට තැනක් තිබුනේම නැතිය. 

මේ මොහොත මේ රටේ සියල්ල උඩු යටිකුරු වන සමයකි. එවන් සමයක මෙවන් මිනිසුන් තව තවත් මෙවන් තනතුරු වලට පත් වේවා යන්න මාතලන්ගේ එකම පැතුමය. 


හිතවත් බුකි මිතුර, 


ඔබට ජය....!!!!

Apr 27, 2021

අබ කෑ උන්ගේ මොළේ දන්න පටන් ගෙන ඇත.

 


පාස්කු ප්‍රහාරය පිළිබඳ පත්කල විශේෂ ජනාධිපති කොමිසමේ වාර්ථාව නීතිපති වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නියම ඝාතකයින් එලිවේ යැයි බියෙන් තැතිගෙන ඇති එවකට ඝාතන චෝදනා එල්ලවු, ත්‍රස්තවාදීන් අත් අඩංගුවට පත්විම වැලැක්වූ, එදා එජාපයේ වුන් අද සමගි ජන බලවේගය තුල ඉන්නා පිරිස්, මේ වන විට එම නඩු කටයුතු හා පරීක්ෂණ කටයුතු වෙනත් අතකට යොමු කිරීමේ නින්දිත උත්සාහයක නිරත වෙමින් සිටි.


හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර හා මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි ඒ වෙනුවෙන් විශේෂයෙන් ක්‍රියකරමින් සිටි. ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ මෙය වත්මන් පාලකයින් විසින් සිඳු කල සැලසුම් සහගත ප්‍රහාරයක් බවට ඒත්තු ගැන්වීමටයි.


එහෙත් හාස්‍යයට කරුන නම්, ප්‍රහාරට වක්‍රාකාරයෙන් සම්බන්ධ වූ පිරිස්ද ඇතුලත් වූ එවකට එජාපය විසින් පත්කල පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේදි ශානි අබේසේකර විසින් මේව හෙලි නොකලේ ඇයිද යන්නයි. ඇත්ත එය නම් ශානී අබේසේකරලා මහ රෑ නඩු අසා වැලිකට යවන්නේ ෆොන්සේකාගේ මෙන්ම අනුර කුමාර දිසානායකලාගේද සහායෙනි. මින්  ඉතා පැහැදිලිව පෙනෙන කරුණ නම්, දැන් නියම ඝාතකයින් හා එය සැලසුම් කල පිරිස් නුදුරු අනාගතයේම එලිවන බවයි.


රිෂාඩ් හා ඔහුගේ සොයුරාද මේ වන විට අත් අඩංගුවට ගෙන අවසානය. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී කප්පරක් කෙප්ප කෙලියද, මේ වනතෙක් මේ කිසිවකුත් ඔවුන් සඳහන් කරන පිරිස් හෝ ඝතකයා  පොලිස් ස්ථානයකට හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කර නැත. අබ කෑ උන්ගේ මොළේ දනවා කියා ඉස්සර මිනිස්සු කිව්වේ කට කහනවාට නොවේ.


.

Apr 21, 2021

ඩයනාගේ කොන්ද පාලකයින්ටත් තිබේ නම්..

 


ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පොරි හැලෙන කතාවක් පාර්ලිමේන්තුවේදී කලාය. ඊට පිලිතුරු දෙමින් ඕ ලෙවල් ලියන දරුවන්ට ඝණ දෙයියන්ගේ පෑන් ලබා දෙන අමු ගෝත්‍රික බුද්ධික පතිරණ කියන ගොබ්බයා කීවේ ඊළඟට ඩයනා ඉල්ලන්නේ ගනිකා සේවය නීතීගත කොරන්නෙයි කියලාය.

හැබැයි බුද්ධික පතිරණට අමතක වූ දේ නම් උන්දෑ කසාද බැදලා ඉන්නේ ලංකාවේ පාතාලය වෙනුවෙන් කෝටී ගනන් චාජ් කරමින් උසාවියේ පෙනී උන් එකෙක්ගේ දෝණියැන්දාය කියනා එකය.

ඔය සුද්ධවන්තයින් ලෙස පෙන්නන්න හදන හැම එකාගේම කැරක්ටරේ එසේය. ඩයනා කියන්නේ මේ රට හදන්න නම් විය යුතු දේ හා සහතික ඇත්තය.

ගැහැනියක් ලෙස ඇය ගැන මේ රටේ කන බොන උන් සියල්ලෝම ඇයට ප්‍රසංසා කල යුතුය. එහෙත් බිජු හීනතාවයෙන් පෙනෙන කුණු බේබද්දෝ, ගංජාකාරයෝ හා සල්ලාලයෝද කරේ ඇයට කින්ඩිය දැමීමයි. මේ රටේ ලිබරල් පොරවල් ඇත්තේ නැතයි කියා මාතලන් සැමදා කිගන්නේ මේ නිසාය. ඇත්තටම උන් බිජු හීනතාවයෙන් යුතු දෙමුහුන් දෙබිඩ්ඩෝය.

පාර්ලිමේන්තුවේ ඉන්නා පිරිමින් සියල්ලෝද ඇත්තටම මේ ගැන ලැජ්ජා විය යුතුය. ඒ කාන්තාවක් මේ යෝජනා ගෙන ආ නිසාමය. මන්ද ලාංකීය ගොබ්බ සමාජය හා විශේශයෙන් කාන්තාවන් මේ යෝජනා සියල්ල කෙරේ ඉන්නේ අමු ගොබ්බ චින්තනයක නිසාය. මේ මී ගව චින්තනය ගැන, වේලාවක් ඇතොත් වෙනත් ලිපියකින් ඒ ගැන ලියනවාය.

කංසා වගාව

ඇය කියන්නේ ගංජා බොන්න ඉඩ දෙන්න කියලා නෙමේය. විදෙස් විනිමය ඉපයීම සඳහා කංසා වැවීමට අවසර ලබා දෙන ලෙසය. විදේශයන්හී ඖෂධ සඳහා ලබා කංසා ලංකාවේ ඇත්තේ නැතිය. අනිවාර්‍යයෙන් එම බීජ ආනයනය කළ යුතුය.

මාතලන් නම් කියන්නේ වී වෙනුවට කංසා හා වල්ලාපට්ට වගා කලා නම් මේ වෙන කොටත් රටේ ගොඩේ ගොඩ කියලාය. මේවා කතාකරන්න කොන්දක් නැති සාම්ප්‍රදායික නිළධාරීන් ගැන කනගාටූ වනවා හැර වෙන කරන්නට දෙයක් ඇත්තේ නැතිය.

ගම සමඟ පිළිසඳර වැඩ සටහනේදී ජනාධිපති තුමාගෙන් රට වැසියෙක් කළ ඉල්ලීම ගැන එතුමා සලකා බලන්නේ නම් සිස්ටම් චේන්ජ් කියන්නේ ඒවාටය.

විමල් වීරවංශ ජාත්‍යන්තරයට යන්නේ කුරුඳු සිගරුට්ටුවක් වෙනුවට කංසා සිගරට්ටුවක් හදා වෙළද පොලට එව්වා නම්ය. විප්ලව කියන්නේ ඒවාය.

බාර් විවෘතව තබන වේලාව

ඩයනා මේ ගැන කතාකරන්නේ ඇය නියෝජනය කරනා සමාජ පන්තිය නියෝජනය කරමිනි. ඇයට අනුව බාර් උදේම ඕපන් කරන්න ඕනා නැතිය. එහෙත් බාර් එක ඕපන් කරනකන් බලාගෙන ඉන්නා වෙහෙසවී වැඩ කරනා කම්කරුවන් ගැන ඇය දන්නේ නැතිය.

මත්පැන් සංස්කෘතිය ලංකාවේ මැජික් එකක් වී තිබෙන්නේ එ ගැන ආන්ඩුවේ ඇති වික්ටෝරියානු නීතී රීතී නිසාය. අපට ඒ නීතී දාපු උන්ගේ ඒ රටවල ඒ නීතී රීතී වෙන්ස් වෙලා බොහෝ කල්ක්‍ය. 21 වන සියවසෙත් නීතී හඳන තැන ඉන්නා එකෙක් ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කසිප්පු පෙරන්න දෙන්නයි කියා අඬන්නේ ඒ නිසාය.

කෙලින් තින්දූ තීරණ ගන්නා නිර්භීත එකෙක් රටේ ප්‍රධානියා වූවා නම්, අපේ කෂියා, ස්කොට්ලන්තයේ විස්කි, රුසියාවේ වොඩ්කා, ජපානයේ සකේ වාගේ ලෝක ප්‍රසිද්ධ පානයක් ලෙස විදේශ විනිමය උපයන මුදල් ආකරයක් වනවා නොඅනුමානය.

මන්ද වෙන්නප්පුව, දංකොටුව පැත්තේ පළතුරු වලින් පෙරනා කසිප්පූ බිව්ව එකෙක් ඒවායේ කොලිටිය දන්නා නිසාය.

නයිට් ලයිෆ් හෙවත් රාත්‍රී ආර්ථිකය

ලිපිය දිග වැඩි නිසා මේ ගැන වෙනම ලියනවාය.

Apr 20, 2021

වෙනම රටක් ඉල්ලන උන්, පෝට්සිටි කොමිසමට එරෙහිව උසාවී යාම හා සිස්ටම් එකට කෙලවීම

 


ඊයේ පෝට් සිටි කොමිසමට එරෙහිව පෙත්සම් ගැසූ පෙත්සම් කාරයෝ ටික දැක්ක වේලේ සිට මගේ පුච තවම හිනා වෙනවාය...


මුන් ඔක්කෝම උතුරු නැගෙනහිරට වෙනම රාජ්ජයක් දෙන්න ඕනමයි කියා අදටත් පුච පොලොවේ ගසාගෙන අඩනා උන්‍ය...


උන් අදහන්නේ පිරිභාහරන් මහතාය... 


ඔය අස්සේ ඉන්න හින්ගල උන්ට, ත්‍රස්තවාදය ජයගත් රාජපක්ෂලා පෙන්නන්න බැරි උනාට, මිනීමරු ත්‍රස්තවාදීයකු වූ පිරිබාහරන්ගේ ශුක්‍රාණුවත් පූජනීයය වන්දනීයය..


හරි නම් මුන් මේ වෙලාවේ පෙනී සිටිය යුත්තේ, පෝට් සිටි කොමිසම වෙනුවෙනි...


එහෙත් වෙනම රාජ්ජයක් ඉල්ලනා මේ ඇන්ජීයෝ කාරයෝ, ටැමිල් ඩයස්පෝරා දායක සභා කාරයෝ, පෝට්සිටි පනතට, පනතේ නැති දේ පවා කියමින් වැලපෙන්නේ ඇයි...?


උන් උතුරු නැගෙනහිර ඉල්ලන්නේ උතුරු නැගෙනහිර හදන්නට නොව උන් හැදෙන්නටය...


හොඳම උදාහරණය මහ ඇමති ලෙස පත් වූ විග්නේෂ්වරන් කියනා අමු මූලධර්මවාදියාය...


ඌ කළේද පිරභාහරන් කළ දෙයමය... 


උතුරේ සංවර්ධනය සඳහා පලාත් සභාවට යැවූ මුදල් ඌ ආපසු භාන්ඩාගරෙට හරවා එවූවේය.. 

හැබයි ඌ විඳිනා වරප්‍රසාද හා සියළු සැප පහසුකම් සියල්ලම වින්දේය... 

අවසානයේ ඌ කිව්වේ උතුර හදන්න ආන්ඩුව සල්ලි දෙන්නේ නෑ කියලාය.. 

උතුරේ ප්‍රශ්ණ අදත් එසේමය.. 

දැන් නැවතත් හිඟන්නාගේ තුවාලය පෙන්වා වවාගෙන කන්නේය...


පිරිබාහරන් හා සැට්ටෙක සුපිරි ජීවිත ගත කළද, 

සාමාන්‍ය දුප්පත් ජනතාවට කළ ලබ්බක් නැතිය.. 

ඌ වෙනම් රාජ්‍යයක් ලබා ගත්තත්..,

කිසිදා අර ජනතාව ගොඩ දාන්නේ නැති අතර, 

ඒ ජනතාව ලෝකයට පෙන්වා ලෝකයෙන් ඩොලර් අදින්නේය...


මාතලන් මුම්බායිවලටත් වඩා කුඩා මේ රට කෑලී කඩනවාට, 

වෙනම රටවල් දෙනවාට විරුද්ධය... 

ඇත්තටම විය යුත්තේ තිබෙනා අජූත සිස්ටම් සියල්ල වෙනස් වීමය...


පෝට් සිටිය තුල දේශපාලන විගඩම් වානාය. 

පෝට් සිටි කොමිසමෙන් දැනට දේශපාලන ඇඟිලි ගැසීම් වලින් පිරී පවතින අන්ත දූෂිත ආයතන සියල්ල ඉවත් කර ඇත.

ඒ වෙනුවට, ඒ සියලුම සේවාවන් එක තැනකින් කර ගත හැකි ආයතනයකි පෝට් සිටි කොමිසම.


මෙය මේ රටේ මජර සිස්ටම් එකට හා රාජ්‍ය නිළධාරී මාෆියාවට ගැසූ බෝම්බයකි. 

දැන් ඒවායේ ආධිපත්‍යට කෙලවී අවසානය.

දේශපාලුවන්ට ඩෙඟා නැටිය නොහැක. 

පගා ගැසීම්, කප්පම් ගැසීම්, කල් මැරීම්, රස්තියාදු කිරීම්, ගෙම්බර් දැමීම් සියල්ල අහෝසිය..


අපේ රටේ උන් අලුතෙන් එන සියල්ලටම බය අමු ගෝත්‍රික සමාජයක්‍ය... 

උන් වෙනස්වීම් වලට ගූ බයය. 

ලෝකය දැකලා නැතිය. 

දැකපු උන්ද අනෙකා ඒ සැප විදිනවාට තබා දකිනවාටත් බයය.


ඇත්තටම සිඳු විය යුත්තේ.., 

පෝට් සිටි කොමිසමේ පරිපාලනය මුලු රටේම විමධ්‍යගත කිරීමය.

සිස්ටම් චේන්ජ් කියන්නේ එයටය..

අප ඝෝඨා ජනාධිපති කලෙත් ඒකටය...

එය කළ හැක්කේත් ඔහුටම පමණය.

මන්ද ඔහු මජර දේශපාලුවකු නොවනා නිසාය..


ඒ වගත් මෙසේය...

Apr 15, 2021

පෝට් සිටි කොමිසම ක්‍රියාත්මක කළ යුතුමය.


පෝට් සිටි ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ යුගයේ ලංකාවට ගෙන එන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ අපේ රටේ සිඳුකල විශාලතම ආයෝජනය ලෙසටය. එය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් 2025 වන විට සියල්ල නිම වීමට සැලසුම් කර තිබිනි.

එහෙත් 2015 පත් වූ වසර පහක් තිස්සේ රට කා විනාශ කල කාළකන්නි යහපාලනය බලයට පැමිණි විගසම කළේ, මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය නවතා දමන එකය. වඩාත් ලොල් සහගත කාරණය නම් රනිල් වික්‍රමසිංහ වැනි ලිබරල් යැයි කියා ගන්නා නායකයකු අතින් එය සිඳුවීමයි.

රනිල් එසේ කළේ ඇයි?

මෙහිදි රනිල් ප්‍රස්තුතයට පෙර, අදාලම නොවුවත් කළු ගල් ජෙප්පන් ගැනද යමක් සඳහන් කළ යුතුමය. ජෙප්පන්ගේ බල මණ්ඩලයේ ඉන්නා මහ වුන්, ලෝකය පිළිබඳව, බටහිර රටවල් පිළිබඳව, ඇමරිකාව පිළිබඳව, චීනය පිළිබඳව, ඒවා දියුණුවට පත්වූයේ කෙසේද, කුමන ක්‍රමයකටද යන්න පිලිබඳව මෙලෝ දෙයක් නොදන්නා වුන් කියා කෙනෙක් සිතන්නේ නම්, ඒ තරම් ගොනෙක් මිහිපිට ඇත්තේ නැතිය.

එහෙත් පෝට් සිටිය හදන්නට මුළු ලංකාවේම කළු ගල් යනවා කියා ඇස් ලොකු කර කට උල් කර කෙප්ප කෙලිනුයේ, රට දියුණු වුවහොත් උන්ගේ තියරි වලට මෙන්ම පක්ෂයටද කෙලෙවෙනා බව හොඳින්ම දන්නා නිසාය. උන්ගේ කළු ගල් කෙප්පය ගල් පැලෙන බොරුවක් බව අද ඔප්පු වි අවසානය.

රනිල් නම් අමු කුහකයාද මේ ව්‍යාපෘතිය නවතා දැම්මේ වෙන කිසි හේතුවක් නිසා නොව, තම ජීවිත කාළය තුලම මේ රට දියුණු වීමේ ක්‍රෙඩිට් එක රාජපක්ෂලාට යන නිසාවෙන්මය.

රනිල් කලේ, මෙය තමන්ගේ වැඩක් බව පෙන්නන්නට චීනේ රවුම් ගසා, නව ගිවිසුමකට යාම පමණි. හාතයි බූරූවන්ට මේක මහා වීරකමක් ලෙස පෙනුනද, චීනා කළේ එතෙක් ලංකාවට අයත්ව තිබූ හම්බන්තොට වරායා සාදාකාලිකව කුණු කොල්ලයට පවරාගැන්මය. කෙනෙක් මෙය දුන්නේ අවුරුදු 198 කට කියා තර්කයක් ගෙන එන්නේ නම් උන්ට කියන්නට තිබෙන්නේ එදාට නැවත පවරාදීමේ උත්සවයට සහභාගී වී ආතල් එකක් ගන්නා ලෙසය.

අද වෙන්නේ කුමක්ද?

පෝට්සිටි කොමිසමට එරෙහිව අදත් සිඳුවන්නේ ඒ 2015 දී සිඳු වූ ක්‍රියාදාමයමය. වෙනසකට ඇත්තේ අමු ගොන් බයියන් හා බයි පාර්ෂවයේ කහකඩයින් හා ආතක් පාතක් නොමැති ඇමතිකම් හා සල්ලිවලට හැම පැත්තටම පනිනා විජේදාස රාජපක්ෂ වැනි දේශපාලන කුහකයින් තම පිලට එකතුකර ගැන්මට ඔවුන් සමත්ව තිබීමය.

උන්, මේ කොමිසම, ජනතාව වෙත පෙන්වන්නෙ රටින් කොටසක් චීනාට දීමක් ලෙසිනි. එහෙත් ඇත්ත කතාව එය් නොවේ. මේ ගැන ඉතා හොදින් පැහැදිලි කරනා මහාචාර්‍ය රොහාන් සමරජීවගේ පහළ ඇති වීඩීයෝව ඊට සාක්ෂි සපයයි.

ඔහු මේ අදහස් පලකරනුයේ ආන්ඩු විරෝධී වෙබ් අඩවියක් වන The Leader වෙබ් අඩවිය වෙත වීම විශේෂයකි. මීට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් සිටින අමු කුහකයින්ගේ මරි මෝඩ ගොන් තර්කවලට පිළිතුරු දීමට කිසිඳු අදහසක් නැතත්, මහාචාර්‍ය රොහාන් සමරජීව මහතා මතු කරන කරුණු දෙකකට පිළිතුරු දීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

පෝට් සිටි කොමිසම පිහිටුවන්නේ ඇයි?

ඊට හේතුව සමරජීව මහතා ඉතා පැහැදිලිව කියා සිටී. මේ පිළිබඳව මාතලන්ද කෙටි ෆේස්බුක් සටහනක් දැම්මේය. ඇත්තටම මේ පිහිටුවන්නේ මෙතෙක් පැවති ආයෝජන මණ්ඩලය (BOI) වැනිම වූ ආයතනයකි. එහෙත් එවන් මණ්ඩලයක් තිබියදී තවත් පෝට් කොමිසමක් පත් කරන්නේ ඇයි?

ඒ අයෝජන මණ්ඩලයෙන්ද බලාපොරොත්තු වූ කාර්‍යක්ෂමතාවය නොලැබී යාම නිසා නොවේද? රටේ චිර ප්‍රසිද්ධ ව්‍යවසාකයින් කීප දෙනෙක්ම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරුන් ලෙස පත් කලද, ඔවුන් ඉතා කෙටි කලකින්ම ඉන් ඉවත්ව යන්නේ ඇයි? මොකා ආවත් නිළධාරී මාෆියාව හා කිසිවක්ම කල නොහැකි නිසාවෙන් නොවේද?

අන්ත දූෂිත රාජ්‍ය සේවය හා ආ‍යතන සමඟ මේ රට දියුණු කිරීම සිහිණයාක්ම පමණක් බව මේ මේ වසර කිහිපය තුලත් පෙන්වා අවසානය. ගම සමඟ පිළිසඳර ඒ බව මුලු ලෝකයටම පෙන්වා අවසානය. වැඩක් කරන්නේ ශවේන්ද්‍ර පමණි. රාජ්‍ය නිළධාරින් හෝ ලේකම්වරුන්ගෙන් කිසිඳු දෙයක් එතුමා ඉල්ලන්නේ නැත.

ජනාධිපති තුමා මෙය තේරුම් ගෙන අවසානය. එහෙත් ඔහු ජේ ආර් මෙන් නොව, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු වන බැවින් කරනුයේ අර කාළකන්නින්ට හානියක් සිඳු නොකොට, ඔහුගේ අධීක්ෂණය යටතේ පෝට් සිටිය වෙනුවෙන්ම වෙනත් ආයතනයක් පිහිටුවීමයි.

මෙහිදී පවතින ආයතන පද්දතිය හා ක්‍රියාදාමයන් මුලින් විවේචනය කරනා සමරජීව මහතා යෝජනා කරනුයේ, පවතින ආයතන විධිමත් කර ගැනීම බවයි. එහෙත් ඔහු නගනා මුල් තර්කය මේ යෝජනාව තුලින් ඔහුම නිෂේධනය කර ගැනීම කනගාටුවට කරුණකි. සිඳුවිය යුත්තේ නව ආයතන‍‍‍‍‍‍‍යේ ශාඛා රට පුරා පිහිටුවීමය.

සමරජිව මහතාට ගැටලුවක්ව පවතිනුයේ වසර 40 ක බදු විරාමයයි. එහෙත් ඔහු අමතක කරනා කාරණය නම්, බදු මුදලින් ලබනවාට වඩා මුදලක් වක්‍රාකාරයෙන් රට තුලට ගලා එන මුදල් හා සංවර්ධනයේ ප්‍රතිලාභයි. පෝට් සිටිය තුල සියළු ගණුදෙනු සිඳුවන්නේ විදෙස් මුදලින් නම් එය කෙතරම් සතුටක්ද? එය කෙමෙන් කෙමෙන් විදෙස් මුදල් වෙත හුවමාරුවීමක් නොවේද? (ඊශ්‍රායලයේ මුදල් ෂේකල්ස් වූවාට, සියල්ල ගනනය කෙරෙනුයේ අමරිකාණු ඩොලර් වලිනි) මෙහිදි උදාහරණයක් ලෙස කැළණි ගඟ හරහා ඉඳිවන අති දැවැන්ත මාර්ග පපද්ධතියද පෙන්වා දිය හැක. මේ පෝට් සිටිය නිසා රටවැසියා ලද දැවැන්ත සංවර්ධනයකි.

අප ඝෝඨාභය ගෙන ආවේ සිල්ලර කාරනා ඉටු කර ගැන්මටවත්, හිට්ලර් කෙන්ක්ගේ වීරක්‍රියා බලන්නටවත් නොවේ. එකම පරමාර්ථය වූයේ ඔහු දේශපාලකයකු නොවීමේ හේතුවෙන්ම, එක එකා පිනවීමට කටයුතු නොකොට සෘජු තීන්දූ තීරණ ගෙන, රට ආර්ථික වශයෙන් වේගයෙන් සංවර්ධනය කරනා ලී ක්වාන් යූ කෙනෙක්, මහතීර් මොහොමඩ් කෙනෙක්, ඩෙන් ෂියා ඕ පෙන් කෙනෙක් බලාපොරොත්තුවෙනි .

එහෙත් ඒ බලාපොරොත්තුව සිඳබිඳ දැම්මේ නැගෙනහිර ජැටිය පිළිබඳ සිද්දි දාමයයි. එය මාතලන්ට අනුව නම් ඇත්ත වශයෙන්ම ඝෝඨා ෆේල් වූ මුල් අවස්ථාවයි. මේ අවස්ථාවේත් එක එකා ගහනා පදයට නටා මේ ඉදිරිගාමී තීරණය හකුලා ගතහොත් එය ඝෝඨාභයගේ අවසානය පමණක්ම නොව, රාජපක්ෂලාගේද, රටේද අවසානයයි.

.

ඒ වගත් මෙසේය…..









 

Apr 5, 2021

එස් බී කියන්නේ තිත්ත ඇත්තය..

 


මේ ලිපිය ලියන්නට උන්නෙ වියත් මගේ දෙදෙනකුගේ තනතුරුවලට බඩු බනිස් වීම මූලික කරගෙනය. එහෙත් අද ඇස් බී දිසානායක උන්නැහේ ගැටඹේ විහාරයේ නායක උන්නාන්සේ සමග පැවති සුහද සාකච්ඡාවෙන් පසු අප ලියන්නට උන් කරුණු තහවුරු වීම, අප පලකිරීමට උන් කරුණු හා වඩාත් සමපාත වන්නේය.

ඒ නිසා ඇත්තටම ලියන්න දෙයක් ඇත්තේත් නැතිය. කියන්නට ඕනෑ ටික ඒ දෙපල කියලා අහවරය.

අප ඔබතුමා ජනාධිපති ලෙස පත්කලේ මේ රටේ සෑම ක්ෂෙශ්ත්‍රයේම ව්ශාල පරිවර්තනයක් බලාපොරොත්තුවෙනි. ඔබ වෙනුවෙන් සහාය දැක්වූ අප හිතවතුන් හිතවතියන් සියල්ලම තවමත් ඒ බලාපොරොත්තුව අත් හැරලා නැතිය.

මේ රට හදන්නට නම් රාජ්‍ය සේවය, රාජ්‍ය සේවයට අවශ්‍ය ලෙස නොව පාලකයාට අවශ්‍ය ආකාරයට පාලනය කල යුතුය.

හිටපු ජනපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදස රට පාලනය කළේ එසේය. මහින්ද රාජපක්ෂ කලේ රාජ්‍ය සේවය පිරවීම මගින් හා ඔවුන්ට මෝටර් බයිසිකල්, පඩි වැඩිවීම් වැනි අල්ලස් ලබා දිමෙන් ඔවුන්ගෙ සහාය ලබා ගැනිමයි. ඊටාමතරව ඔහුගේ ගෝලබාලයෝ අවශ්‍ය දේ කරගත්තේ තගරියෙනි. ජනතාවට මෙන්ම රාජ්‍ය සේවකයින්ටද මෙය නොදිරවීම මහින්දගේ පරාජයට එක හේතුවක්ද උනේය.

ජේ ආර් කලේ වැඩ කරන්න බෑ කියූ හැම එකාම සදකාලිකව ගෙදර නතර කිරීමය. පරිප්පුව කන්න වෙන බව දැනගත් ඉතිරි උන් හා අළුතෙන් ආ උන් ගිනි කසයෝ වාගේ වැඩ කලේය. ඒ ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩ දැමූ ක්‍රමයයි. 1983 කල ජාතී ආලය නොවන්නට, රටේ සීඝ්‍ර සංවර්ධනය ඔහුගෙ ධුර කාලයන් දෙක තුල ලැබීමට නියමිතව තිබිනි. එහෙත් ජේ ආර් කල මරිමෝඩ ජාතී ආලය හේතුවෙන් ගිනිගත් උතුර දකුණ දෙකම ගිනි ගැනීම නැවතුනේ, මහින්ද පාලන සමයේ ඔබේ නායකත්වයෙන් ගත් තීන්දු තීරණ නිසාවෙනි.

ප්‍රේමදාසට ලැබුනේ දෙකොන පත්තුවන විලක්කුවක් වූවද, දකුණේ ත්‍රස්තවාදය මර්ධනයෙන්ද, උතුරේ ත්‍රස්තවාදය සාම ගිවිසුම් මගින්ද නතර කරගෙන රටේ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙනගියේ රාජ්‍ය සේවය ඔහුට ප්‍රාණ බියෙන් උන් නිසාය.

එතෙක් මෙතෙක් පැවති තේ පොල් රබර් ආර්ථිකය වෙනුවට, ඇඟලුම් කර්මාන්තය මුලට එන්නේ ඒ හෙතුවෙනි. කාර්මාන්තයක් ආරම්බ කිරීමට අවශ්‍ය අනුමැතියන් ආයෝජකයින් ලබා ගත්තේ, සති දෙකක් වැනි සුළු කාලයකිනි. රාජ්‍ය සේවය ඒ තරම් කාර්‍යක්ෂමව වැඩ කල යුගයක් ඉන් පසු උදාවූයේ නැතිය.

අප ඔබගෙන්ද බලාපොරොත්තු වූයේ එවන් සීඝ්‍ර සංවර්ධනයකි. කොවිඩ් ප්‍රශ්ණය පැත්තකින් තැබුවද, වසර එකහමාරක් පමණ ගතවීත් කිසිඳු සැලකිය යුතු කිසිවක්ම ආන්ඩුවෙන් සිඳු වී නැති බව කනගාටුවෙන් උනත් කිව යුතුව ඇත. එය රාජ්‍ය සේවයේ මෙන්ම අමාත්‍යවරුන්ගේද අකර්‍යක්ෂමතාවය කදිමට පෙන්වන්නකි.

මීට හේතුවක්ද ඇත. ඒ මුලින් ඔබ කී… යලිත් බලයට ඒමට අදහසක් නැති බව පැවසීමයි. එවිට රාජ්‍ය සේවකයා සත පහකට බය නැත. අනෙක ඔබේ මැති ඇමති මණ්ඩලයද ඔබට සත පහක බියක් නැත. ඔවුන් වෙහෙසෙන්නේ ඔබට ගොට්ට ඇල්ලීමට නොව 2025 අපේක්ෂකයාගේ කීකරු බලු කුක්කන් වීමට ඔහු හෝ ඇය වන්දනාමාන කිරීමට පෙළඹීමයි.

කෙසේ හෝ මෑතක ඔබ කල ප්‍රකාශයකින් එය අහෝසී වී ගියද, ඉන් ඔබට, රාජපක්ෂ කඳවුරට මෙන්ම පොහොට්ටුවට සිඳු වූ හානිය සුළුපටු එකක් නම් වන්නේ නැතිය.

ඔබ ආන්ඩුව තුල සිටිනා සුළු පක්ෂවල උන් මහා පොරවල් වී සිටින්නේ මේ හේතුවෙනි. ඔබට විශ්වාසිම වූ වියත් මග පිරිසද ඔවුනට අනාගතයක් නොමැති මානසිකත්වයක් තුල කිසිවක් නොකරන බව පැහැදිලිවම පෙනීයයි.

එස් බී කියන්නේ මේ කතාවයි. එස් බී මෙන්ම ගැටඹේ නායක ස්වාමීන්වහන්සේද කියන්නේ මේ කතාවයි.

කොටින්ම කියන්නේ නම්, ත්‍රීකුණාමලයේ කැලෑවක් ස්වාමීන්වහන්සේ නමක් විසින් කපනවා යැයි අපට කියනා ආරක්ෂක ලේකම් කෙනෙක් රටට මක්කටද? කැන්සර් සහිත පොල්තෙල් වලට ලයිසන් දෙන ප්‍රමිති ආයතනයක් රටට කුමකටද? බොහෝ කෑම බීම වල වස තිබෙනවාය… ඒවා මොනවාද කිව්වොත් ඒ කොම්පැනි වහන්න වෙනවා යැයි කියනා රාජ්‍ය නිළධාරින් රටට කුමකටද? සිංහරාජයේ කිසිඳු වන විනාශයක් නැතයි කියන්න බැරි රාජ්‍ය නිළධාරින් රටට කුමකටද? මාෆියාවක් නිසා හාල් මිළ අඩු කරන්න බෑ කියනා ඇමතිවරුන් රාජ්‍ය නිළධාරීන් රටට කුමකටද?


ඒ වගත් මෙසේය…