.

.

Sep 30, 2015

පොළොන්නරුවේ නයිට් රේස් - Pulathisi Night Race



යහපාල මහත්මයා නොහොත් ළොකු සිරා තුමාගේ පුත්, පොඩි සිරා නිව් යෝක් ගිහින් හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලාය. ඒ අස්සේ යහපාල තුමා සමුළුව ඇමතුවේ හින්ගලෙන්ය කියා මහින්ද මහත්තයාගේ කෑල්ලක් වන අපේ හාමිනා පත කින්ඩියක් දැම්මේය. අපේ හාමිනාට, මහින්ද මහත්තයා ඕකේ හින්ගලෙන් ඉතරක් නොව, දෙපැත්තේ වීදුරු දෙකෙන් බලාගෙන දෙමළෙනුත් පොරි හැලෙන්න දුන්නා අමතක වෙලාය. ඕක එයාගේ වැරැද්දක් නෙමේය. අපේ හින්ගලයාගේ හැටිය.

Sep 21, 2015

එල්ලුම් ගහේ තීරණය බූරුවන්ට - Donkeys will take a desision !!!



යහපාල තුමා අපිට බෝලේ පාස් කොරා කියා අජිත් පෙරේරා නියෝජ්ජ ඇමති තුමා කියා තියෙනවා දැකලා හනිකට ගොහින් නිව්ස් එක බැලුවේ, මේ හොරු අල්ලන එකක් හරි කොන්ස්ටිටියුසොන් එකේ ගේමක් හරි කියලාය. ගිහින් බැලුවාම පුකෙන් හිනා යන සීන් එක කියන්නේ, බෝලේ පාස් කොරලා තියෙන්නේ එල්ලා මරණ එක පාර්ලිමේන්තුවේ උගත් බුද්ධිමත් පිරිසට බාර දීලා තියෙන කේස් එකක් ගැනය. හැබයි ඉතින් ඔය වැඩේට ගමේ නම් කියන්නේ බොලේ පාස් කොරනවා කියලා නෙමේය. බල්ලාගේ වැඩේ බූරූවාට කියනවා කියලාය.

Sep 18, 2015

සාහිත්ත මාසෙට පොත් - Books to Read



සාහිත්ත මාසෙට හැම අවුරුද්දේම දාන පොත් ලයිස්තුව මේ පාර දැම්මේ නැත්තේ ඇයි කියා කීප දෙනෙක් අහලා තිබුනාය. ඒ නිසා මේ සාහිත්ත මාසෙට බන්ඩාරනායක සම්මන්ත්‍රොන සාලාවෙ තිබෙන පොත් මංගල්ලෙන් ඔහේලාට තෝරා ගන්න පොත් ටිකක් කියනා එක මාතලන්ගේ යුතු කමක්ය. ඒ නිසා මේ පොත් අමාරුවෙන් හෝ හොයාගෙන කියවන්න කියලා ආදරයෙන් මෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවාය.

Sep 15, 2015

පට්ට රටක් ඕයි.... - What a Country...!!!



අන්බානක් බිසි වූවද එහෙ මෙහෙ යනාතරේ වයර්ලැස් එකේ අපූරු වැඩ සටහනකට එහෙන් මෙහෙන් කන් දෙක ඔබාගන්න ලැබුනේය. මොකක්දෝ බඩකඩුත්තුවක යන වැඩ සටහනේ නම "රට යන අත"ය. වැඩසටහට ඕනම එකෙකුට කතා කරන්න පුළුවන්ය. අද කතා කරේ කොටදෙනියාවේ කිරි දරුවාගේ ඝාතනය ගැනය. කවුරුන් හෝ ඒ අහිංසක දරුවා අති අමානුෂික ලෙස ඝාතනය කොරලා අවසානය. 

Sep 11, 2015

ලැයික් කොරන්න... - Please Click Like



මෙන්න මගේ පික්චැර් එක,
ලැයික් කොරන්න..
පවුලට පොඩි එකෙක් ඇවිත්,
ලැයික් කොරන්න..
ආච්චිගේ මල ගම අද,
ලැයික් කොරන්න..
අම්මා අප්පා මලා උනත්,
ලැයික් කොරන්න..


Sep 7, 2015

මහා නා යකුනේ... රකින්නේ මෙහෙමදෝ සාසනේ - Child abuse in the name of religion



- නිමිත්ත - 

කිරි දරුවකුගේ හැඩිම තරම් අමිහිරි නාදයක් මාතලන්ගේ සවනට තවත් නැත.. මේ කිරි දරුවාගේ හැඬිම දරාගත නොහැකිව අතිශය වේදනාවෙන් සහ ආවේගයෙන් ලියමි...



අනේ බුදු හාමුදුරුවනේ !
සතර වරම් දෙවි වරුනේ !
මහා නා යකුනේ,
රකින්නේ මෙහෙමදෝ 
සාසනේ...!!!

Sep 5, 2015

කොකා කෝලා, දෙමළා සහ බයියලා - Coca Cola, Tamils & Barbarians



හැමදාම කියනවා වාගේ, අම්මට සිරි ලංකව මහා අමුතු රටක්ය. ඉන්නෙත් අමුතුම ජාතියේ පොරවල්ය. කරන්නෙත් අමුතු ජාතියේ වැඩය. මෙහෙම රටක් තියෙනවා කියා, ඉන්දියාවේ උන් දන්නෙත් නැතිය. ඒ උනාට මේක ළෝකෙන්ම උතුම් රටය. මේ රටේ නැති දෙයක් නැතිය. ඒ උනාට ඇති දෙකුත් නැතිය. ඔක්කෝම අනුන්ගේය. ජාතියත් ඉන්දියාවේ සිංහයකුගේය. ආගමත් එහෙන්ය ධර්මාශෝකගේය. දෙයියොත් එහෙන්ය. කොටින්ම රාවණාත් වාල්මිකිගේය. වාල්මිකිත් ඉන්දියාවේය.

Sep 4, 2015

අයියෝ විමලේ....!!! - I O Wimale....!!!



අයියෝ විමලේ,
පට්ට යහපාලනේ නේද විමලේ,
දැන් ඉතින් බූරුවන්ට තප්පුලන්න බෑ නේද විමලේ,
වඳුරන්ට රිලවුන්ට පිණුම් ගහන්න බෑ නේද විමලේ,
රජා උඹට කඩුව දීලා කෙලව ගත්තා නේද විමලේ,
උබ මැස්සන්ට දෙන්න කියලා දීපූ පාරෙන් රජා මළා නේද විමලේ,
බල්ලෝ මලාම මැක්කොත් මැරෙනවලු විමලේ,
රජාගේ උන් දැන් කියන්නේ උබයි ගොනයි නැත්නම් උන් දිණුම් කියලා විමලේ,

Sep 2, 2015

හරකෙක් පාර්ලිමන්ට් ඇවිත් - Bull in a Parliament



අළුත් ආන්ඩුව

ගැල බැඳි ගොනුන්
දමා පසු පසට
ඇදෙයි ගැල ඉදිරියට
බැඳ
නැවුම් ගොන් බානක් 

-x-


සිහළුන්ට පුකක් නැත

දෙන්නෙපා දෙමළුනට
විපස්සේ නායකත්වය

"හේතුව...?"
පෙන්නනවාලු
දෙමළු "පුක"
සිහළනුට.

එතකොට,
පෙන්නන්න.
පුකක් නැද්ද,
සිංහලයට...?

-x-


හරකෙක් පාර්ලිමන්ට් ඇවිත්

පිළිගැනීමේ කතාව,
නව කතා නායක,
අංකුර මන්තිරියෙක්
(අං) සහ (කුර.)
පෙඩරල්,
ගිනි අවි,
 ගිනි කෙලි,
මව් බිම පව්..
උම්බෑ......

-x-

Aug 29, 2015

ප්‍රගීත් එක්නැළිගොඩ නැවත ඝාතනය නොකරනු - Don't Kill Prageeth Twice



"සූරියකන්ද" කියන්නේ මොන ජාතියේ කන්දක්ද කියා, අද ඉන්නා උන් නොදන්නවා වෙන්න ඇතිය. "ඇඹිලිපිටිය සමූහ ඝාතනය" කියන්නේ මොකක්ද කියා අද ඉන්නා උන් දන්නේ නැතිය. එවා, හෝල් සේල් එකේ විකුණා බලයට ඇවිත් චුත වෙලා ගිය කාළකන්නීන්ටද, ඒවා මතක නැතිව ඇතිය. සූරියකන්දේදී නිරපරාදේ ඝාතනය කොට මරා දැමූ අහිංසකයින් වෙනුවෙන් යුක්තිය ඉටුවීමටද බොහෝ කළෙක් ගත වීය.

උන් වෙනුවෙන් දියවන්නාවේ පාර්ලිමේන්තුව අසල ඉඳිවුනු "ආරාමයද" අද නැත. අරාමයද, සහාසික ඝාතනයකට ලක්වූ අතර, අද එයි ඇත්තේ අද එහි ඇත්තේ ආතල් ගැනීමට තනා ඇති, "දියත උයනයි". එය වෙනත් ස්ථානයක ඉඳිකරනවා කියා වූ පොරොන්දුව අමතකව ගියේ, එවන් සොහොන් රාශියක් මුළු රට පුරාම ඉඳිකරන්න වෙන නිසා වෙන්නත් පුළුවන්ය.

Aug 27, 2015

හැලපයාගේ පාටිය, Smirnoff, Absolute & Vodka



හැලපයාගේ නිවසේ තිබු අටමාගේ පාටිය ගැන ලියන්න හිටපු ලියවිල්ල, ඉල ඇදෙන ඉලැක්සොන් ගේම් නිසා පස්සට ගියේය. එයිටත් වඩා පස්සට ගිය පඳුරු තැලිල්ලක් තියෙනවාය. ඒ කතන්දරේ දැන් ගොඩක් උන්ට මතකත් නැතිව ඇතිය. ඒ රොකට් රෝහිණිගේ කතාවය. ඒකට අදාලව ලංසි ගැන ලියන්න, හිතවත් "ප්‍රා"ගෙන් ලංසි ගැන පොතක් ඉල්ලාගෙන ආවද, ඒකත් තාම උන්නැහේ දුන්න කවරේ ඇතුලේ යහතින් ඉන්නවාය.

Aug 24, 2015

පිච්චු නම් කෙලින්න එපා සංඝා - Sanga, Don't be Crazy



ඒ කලේම මම දැනගත්තා ජැන්ටල්මන් කිව්වට පුල් පිස්සු බුවෙක් කියලා.
උඹ ක්‍රිකට් ගහන්න ආපු කාලේ උඹට කිව්වේ, ජරාව දීලා, කළුවව කපලා, ගහන පොරක් කියලා.
හැබයි ඉතින් මොකක්දෝ චෑන්ස් එකකට පට්ට ක්‍රිකටර් කෙන්ක් උනා.
ඒ මදිවට ළෝකෙම පිලිගන්න මහත්තයෙක් උනා.
උඹ ඉස්සෙල්ලම ආවේ කඩුළු රකින්න. 
උඹ කඩුල්ල ඉතරක් නෙමෙයි බං
රටේ නමත් රැක්කා.
ඒත් ඉතින් මම දන්නවා බුවා අප්සට් පොර කියලා.
එහෙම නැහ්නන් අර සුද්දගේ රට ගිහින් කියාවිය.
මම හින්ගලය මම දෙමලය, මම මුස්ලිම්ය, මම බර්ගර්ය, මම බුඩිස්ය, මම ක්‍රිස්මස්ය, මම හින්දුය, මම අල්ලය ...,අයි ඇම් ඒ සිරි ලන්කන්යැ කියලා...

Aug 22, 2015

එක ගෙයි කෑම හා ඇදගෙන නෑම - "National Govt", Will it work..?



හිතවත් චානුක වත්තේගමයන් බොහෝ කළෙකට පසූ අපූරූ සටහන් ටිකක් බුකියේ කොටලා තිබුනාය. එකකින් අසා තිබුනේ, //සිහි මඳ ගතියකින් පෙළෙමින් අර්ථ ශූන්‍ය දේවල් කියවමින් සිටි මෙම පුද්ගලයා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ දින සිට ගිය තැනක් සොයා ගන්ට නොහැකි වී තිබේ. අවසාන වරට දකින විට බොර පාට ජාතික ඇඳුමක් හැඳ වර්ගපූර්ණිකාවේ ෆොටෝ කොපියක් කිහිල්ලේ ගසා ගෙන සිටියේය. ඔහු ගැන ආරංචියක් ලැබෙතොත් විදුසර කර්තෘ මණ්ඩලයට හෝ ළඟම ඇති නාථ දේවාලයට දැනුම් දෙන්න.// කියලාය. ඒ පිස්සු නාථ හෙවත්, අනාථ නාථ හෙවත්, මහා ආචාරිය නලීන් ද සිල්වා උන්නැහේ ගැනය.