බොරුවෙන් හා අයියා පාට් වලින්
රට පාලනය කළ නොහැක....
➖➖➖➖➖➖➖➖⭕➖➖➖
එසේ කළ නායකයෙක්ද මේ රටේ සිටියේය. ඒ ප්‍රේමදාස මහත්තයාය. ඊටද හේතුවක් තිබුනේය. මිනිසුන් උන්නේ උතුරේ මෙන්ම දකුණේ ත්‍රස්තවාදයෙන් භීෂණයට පත් වෙලාය. මිනිසුන්ගේ ප්‍රධානම පරමාර්තය වූයේ හොඳින් හෝ නරකින් දකුණේ ජවිපේ ත්‍රස්තවාදය නිමා කිරීමය. පාරවල් අයිනේ මිනිසුන් මරා දමා තිබුනත් මිනිසුන් කම්පා නොවූයේ ඒ තරමටම ඔවුන් එපා වී තිබූ නිසාය.
මේ හේතුවෙන් පාලකයා බොහෝ සෙයින් බලවත් විය. ඉන් උපරිම ප්‍රයෝජන ගත් ප්‍රේමදාස ළඟ.... ආන්ඩුවේ නිළධාරින් පමණක් නොව, හූනියන් කාරයෝද බව්වන්ගේ තත්වයට පත් වූ බැවින්, ඔහුට පහසුවෙන් රාජ්‍ය පාලනය කරගෙන යා හැකි වුවත්, තම අභිමානයට කෙලවූ උන් සියල්ලෝම ඔහු එක්ක උන්නේ නයි වෛරයෙන්‍ය.
උන්නැහේ ආමර් වීදියෙන් නිවන් ගියදා රටපුරා රතිඤ්ඤා දමමින් කිරිබත් කමින් රිලීස් කළේ... තිබුනා වූ ඒ වෛරයය.
සමාජයේ විවිධ ස්ථරයන් තුල ජීවත්වන විවිධ ජන කොටස්වල සිතුම් පැතුම් හා සංස්කෘතීන් ගැන නියම අවබෝධයක් ඇති පාලකයෙක් මේ රටේ මෙතෙක් බිහි නොවූ බවත්... ජහමනයාද සිටින්නේ ඒ මානසිකත්වයේම බවත් මා සැමදා ලියන්නේ, එවන් නායකයෙක් පැමිණෙන තුරු මේ රට ගොඩ යන්නේ නැති නිසාමය.
යම් කිසි තරමකින් ඔය තත්වයට ළඟා වුයේ.... බලයට පැමිනීමට පෙර සමාජයේ සෑම තරාතිරකම වුන් හා කා බී ආතල් එකේ වුන් මහින්ද රාජපක්ෂ පමණක් වුවද... දෙවන ධූර කාලයේදී ඔලුව ඉදිමුණ උන්නැහේටද... සියල්ල අමතක වී.... තම පවුල පමණක් ගොඩ ගියොත් ඇති යැයි සිතූ මානසිකත්වයට කෙලවූයේ මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලිලාය.
එතරම් බලයක් සහිත නායකයින්ටත් අත්වූයේ එවන් ඉරණම් නම්, බලයට පැමිණීමෙන් පසුත් පට්ට පල් කෙබරවලින් රට පාලනය කිරීමට යන මේ වැඩ බැරි ගං කබරුන්ට අත්වන ඉරණමේ තරම හිතා ගන්නටවත් නොහැකිය.
ජනාධිපතිවරයා කීවේ රජයේ වී ගබඩාවල එක වී ඇටයක් නැතෙයි කියාය.... එහෙත් දැන් රජයේ වී ගබඩාවක කීරී සම්බා තොගයක් විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබියදීත්... අදත් වෙළඳ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වේ රජයේ ගබඩා වල වී ඇටයක් හෝ තිබුනේ නැතයි කියලාය.
බලය ගැන්මටත් අවිඳින බොරු කියු මුන්ට.... බොරු කියන්නට අමුතුවෙන් ඉගෙන ගන්නට දෙයක් නැතිය.... කට ඇරියොත් කියන්නේ පට්ට පල් බොරුය.
ඒවා නමස්කාරය දී පිලිගන්නා ගොබ්බ වහලුන් තවමත් සිටිනා බව බුකියෙන් පේනවාය.
වී ඇටයක් නැති ළණුව ජනාධිපතිවරයාට දුන්නේ වසන්ත ඇමතිවරයාද.... නැතිනන් නිලධාරින්ද.... එසේ නැත්නම් රටින් හාල් ගෙනැවිත් ජරාව සමසේ බෙදාගැන්ම සඳහා දේශපාලුවා හා නිළධාරීන් දෙගොල්ලොම එක්ව ඇඹරු ගුලියක්ද යන්න සොයාබැලීම අපේ වැඩක් නොව ජනධිපතිවරයාගේ වැඩකි. හේතුව වසන්ත මේ වන තෙක් රාජ්‍ය නිළධාරින්ට වචනයක් කියා නැති නිසාය. මේ අමාත්‍යාංශයට සම්බන්ධ තව තව ගේම් මේ වන විට එලියට එමින් තිබෙන්නේය.
අද බස් රථවල බොඩි පාට්ස් හා තොරම්බල් ගැලවීමත් අකුලාගෙන ඇත. ඕවා ගැලෙව්වා කියා ඇක්සිඩන්ට් අඩුවෙයි කියා සිතනා පාලකයින් මෙන්ම ජනතාවද කුර හා අං සහිත ජීවීන් මිස මිනිසුන් වීමට කිසිසේත් ඉඩ නැතිය.
ත්‍රී වීල් වල තත්වයද එසේමය.... මේවා කල්ට් පමණක් නොව කර්මාන්තයන් වී අවසානය.... බෙල්ල කපා දමනවාක් මෙන් මේවා එකවර නවතා දැමීමෙන් එයින් ජීවත් වූ මිනිසුන් ජීවත් වෙන්නේ කෙසේදැයි කියා සිහිකල්පනාවට නොඑනා උන් මිනිසුන් වීමට බැරිය.
බස් රථ සේවකයින්ගේ හා ත්‍රී රෝද රථ සේවකයින්ගේද ඒ හා බැඳුන අනෙක් සේවාවන්ගේද සමාජ තත්වය, පවුල් පසුබිම් මෙන්ම අධ්‍යාපන තත්වය මෙන්ම ඒ හා බැඳි කල්ට් එක දිරවන්නේ නැතයි කියා.. උන්ගේ ආතල් එක උන්ගේ සතුට අප අහිමි කරන්නේ නම්.... ඒ සමාජය කිසිඳු දිනෙක දියුණු සමාජයක් නොවන්නේය.
කළ යුත්තේ මේ දෙකයි පනහේ සිල්ලර වැඩ නොව.... මාර්ග අනතුරු අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගැනීමය. (ඒ ගැන මම කලුන් ලීවෙමි) අලි ඉන්නා පැත්තේ යන බස් එකක ත්‍රීවිලර් හෝන් එකක් තිබිලා හරියන්නේ නැතිය.
කොහොමත් මේ ත්‍රී රෝද රථ කරුවන් සමඟ එම සේවය පටන් ගත් දා සිට සමාජයට වෛරයක් තියෙනවාය. ඒ ඔවුන් කිසිවකුටත් බරක් නොවී, හොඳින් කා බී ජීවත් වෙන නිසාය.
මාතලන් සිතනා පරිදි හදිසි අනතුරුවලදි ඔවුන්ගෙන් ඉටු වූ සේවාව පොලීසියට මෙන්ම සුවසැරියටත් වඩා වැඩි බවය. කුහකයන්ට ඒවා ගැන සිතීමට තරම් බුද්ධියක් ඇත්තේ නැතිය.
මාර්ග නීතී රීතී ක්‍රියාත්මක කිරීමට සිටිනා ට්‍රැෆික් පොලීසිය හා බස් රථවල නීතී රීතී ක්‍රියාත්මක කිරීමට ඉන්නා වුන් ජරා පප්පලාය. අධික වේගයෙන් ධාවනය කිරීමෙන් සිඳුවන මාරක රිය අනතුරු මෙන්ම... පෞද්ගලික බස් රථයේ මගියාට ටිකට් එකක් නැතිව යන්නට සිඳු වී ඇත්තේ ඒ නිසාය.
එබැවින් පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා කියා රෝගය කීයටවත් සුව වන්නේ නැතිය. කෙසේ හෝ මෙවන් ගොබ්බ වැඩ වලින් හා ගොබ්බ අයියා පාට් වලින් අනුර කුමාර පෞද්ගලිකව ලබා ගත් ජයග්‍රහණයට කෙලින්නේත් උන්නැහේගේ ගොබ්බ ඇමති මණ්ඩලයම බවත් නොකියා සිටිය නොහැකිය.
ඒ වගත් මෙසේය....
#මාතලන්