.

.

Apr 28, 2010

කැබිනට් මණ්ඩලය


ඉහලින් ඉන්නෙ ශ්‍රී ලංකාවෙ ප්‍රථම කැබිනට් එක..

  1. D.S. සේනානායක (මිරිගම) - අගමැති/ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු
  2. S.W.R.D බන්ඩාරනායක (අත්තනගල්ල) - සොඛ්‍ය, පලාත් පාලන
  3. Sir. ඔලිවර් ගුණතිලක (සෙනෙට් සභික) - ස්වදේශ කටයුතු, අඩු පහසු ප්‍රදේශ සංවර්ධන
  4. J.L. කොතලාවල (දොඩම්ගස්ලන්ද) - ගමනා ගමන, වැඩ
  5. T.B. ඡයා (මැද කොළඹ) - කම්කරු, සමාජ සේවා
  6. L.A. රාජපක්ෂ (සෙනෙට් සභික) - අධිකරණ
  7. ජොර්ජ් E. ද සිල්වා (නුවර) - කර්මාන්ත සහ ධීවර
  8. C. සුන්දරලින්ගම් (වවුනියා) - වෙළඳ සහ වානිජ
  9. J.R. ජයවර්ධන (කැලණිය) - මුදල්
  10. C. සිත්තම්පලම් (මන්නාරම) - තැපැල් හා විදුලි සන්දේශ
  11. ඩඩ්ලි සේනානායක (දැදිගම) - කෘෂිකර්ම හා ඉඩම්
  12. මේජර් E.A. නුගවෙල (කඩුගන්නාව) - අධ්‍යාපන
  13. A. රත්නායක (වත්තෙගම) - ආහාර හා සමුපාකාර
  14. R.S.S. ගුනවර්ධන (ගම්පොල) - කාර්ය බාරයක් නොමැති ඇමති
ඉලක්කම් වලින්ම සදහන් කලේ කී දෙනාද ඉන්නෙ කියල බලාගන්න. 14 දෙනයි ඉදල තියෙන්නේ. මේ මහත්වරු අදටත් මතක තියෙන්නෙ රජ වැඩකාරයො නිසා තමයි. මේ කාලේ රට කාටවත් ණයත් නැහැ. ඒත් පොඩි පොඩි කචල් නැත්තෙම නැත්තෙත් නැහැ. සේනානායක සමාගමක් එහෙම පේන්න තියෙනව. අර කාලයක් හිටිය වගේ වැඩක් නැති ඇමති කෙනෙකුත් ඉඳල තියෙනව. නියම ගාම්භිර බවකුත් ලංවෙන්න බය ගතියකුත් තියෙනව නේද?

පහලින් ඉන්නෙ 1994 සිට මේ රට කාපු සෙට් එක. මේ සැරෙත් ශෆල් කරල දීල තියෙන්නෙ බාල කොල ටිකම තමයි. මම හිතුවෙ අලුත් පැක් එකක් එක්ක වාසි කොල ටිකක් ජනතාවට ලැබෙයි කියල. රජතුමත් අපිට වැඩියෙන් ඒ පිළිබදව දන්න නිසා හොඳ කොල ඔක්කොම වගේ සමාගමට සහ උන්වන්සේටම බෙදාගෙන.

අලුත් කැබිනට් මණ්ඩලයේ පින්තුර දාන්න පත්තරවලත් ඉඩ මදි. මේකත් පරන කාටුන් එකක් ඔය එල්ලිල ඉන්නෙ මේ පාරත් අන්තිමට නගින්න ඉන්න තොන්ඩමන් මහත්තය.

දෙසැම්බර් වලදිවත් තරුන්යන්ට හෙටක් බලාපොරොත්තුවෙන් ඉමු.

බය නැතුව පරණ සෙට් එක විසි කරල අලුත් එවුන්ට දීල ට්‍රයි එකක් දාමු මහරජානනි.

7 comments:

  1. ඒ කාලෙට වඩා ලංකාවේ ජනගහනය දැන් කොච්චර වැඩි වෙලාද?

    ReplyDelete
  2. තරහ ගන්න කාරි නෑ ඕං.....
    ඉන්දියාවෙ ජනගහනය කොච්චරද දන්නෙ නෑ? ......

    කොමෙන්ට් එකට පින්.... (තෑන්ක්ස් මෙයා)

    ReplyDelete
  3. ඉන්දියාවත් රටක් ද මෙයා...
    මේක ඇවිල්ලා ආසියාවේ පශ්චාත් භාගය සමාවෙන්න වැරදුනා ආශ්චර්ය නේ
    අඩුම ගානේ ඇමති මණ්ඩලෙන්වත් ආශ්චර්යක් කරන්න එපායෑ

    ReplyDelete
  4. කෑගැස්සෙනවා මෙක කියවපු හාම.. කොහෙන්ද මෙ වාර්ථා හොයාගත්තෙ ඉතිහාසය ගැන විස්තර තියන තැනක් තියනවා නම් අපිට දෙන්න අපිත් ආසයි කියවන්න, 48 ඉදන් හරි ඉට කලින් ඉදන් හරි වෙච්චි කෙරිච්චි දෙවල් මෙ වගෙ ඇතුලෙ...

    ReplyDelete
  5. " නියම ගාම්භිර බවකුත් ලංවෙන්න බය ගතියකුත් තියෙනව නේද?" ..

    මෙහෙම කියන්නෙ මේ කට්ටිය ටේල් කෝට් ඇඳල ඉන්න කලු සුද්දො ටිකක් හින්දද?

    ReplyDelete
  6. ඒ ඕනම පරණ දෙයක පොඩි හොල්මන් ගතියක් තියෙන නිසා.. හෙහ් හෙහ්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න