.

.

Apr 27, 2010

විමල් මෙතඩ්ස්



මෙයාගේ මෙතඩ්ස් වගෙ පෙනුනට මේව අපේ මහත්හොරු මීට පෙරත් කරපු නාටකම තමයි. ඉතිහාසය රීපීට් වෙනව කියල කියමනකුත් තියෙන බව අමතක කරන්න නරකයි

එ වගේම සහෝගෙ සමහර නාට්ටි චොර වෙච්ච වෙලාවල් නැතුවාද නොවේ. මතකනේ මුසම්මීල් නාටකය. එතකොට පිටරටින් කොපි කරණ ඒවට විදේශිය කුමන්ත්‍රණ කියල සදහන් කරන්නත් පුලුවන්.

මේන් යකෝ මේ යකා වැඩ බාරගන්න ආවේ නැතැ නෝනයි, කොල්ලයි, කෙල්ලයි, මල්ලියි, බාප්පයි, නැන්දයි, මාමයි, පන්සලේ හාමුදුරුවොයි නෑයොයි යාලුවොයි හැත්ත බුරුත්ත ඔක්කොම එක්ක.

මේ ගැන එතුමාගෙන් ඇහැව්වම එතුමා කිව්වෙ "ඇයි මලහත්තිලව්වෙ උඹ මට කියන්නෙ මට උදව් කරපු උන් අමතක කරල මේ වගෙ ආශ්චර්යමත් මොහොතකට සහභාගි වෙන්නද?" කියල.

ඒත් අර නාට්ටියේ නාගත්තු ප්‍රධාන නලුව මුසම්මිල් මහත්තයයි අචල ජාගොඩ හිටපු ඇමති තුමා එහෙම දකින්න හිටියෙ නෑ. ජාගොඩ මහත්තයනම් SLFP එකට බාගන්න යනව කියල කට කතාවක් යනව. කොහොමත් අපේ මහරජ තුමා ඒ වැඩේට හරි දස්සය. නන්දන ගුණතිලක මහත්තයට වෙච්ච දේ බලන්නකො.

පරණ සහෝ කෙනෙක් නිසා මම හිතුව ඩලස් ලොක්ක වගේ වැඩේ පටන් ගනීවි කියල. ඒ උනාට මනුස්සයෙක් රස්සාවක් කරන්නෙ පවුල පන්සල රකින්න කියල කියමනකුත් තියෙනවනෙ. මේ ආපු සියලු දෙනාටම අමාත්‍යයන්සෙ හොද රැකියා අවස්ථා ලැබේවි. ආ මට අමතක උනා බල්ලත්, සොරි... සොරි... ශශී මැඩම්ගෙ ඩොගිත් ආවද දන්නෙ නෑ.

මින් පස්සෙ මම අළුත් රැකියාවකට යන කොට භාරගැනිමේ ලිපිය ලබා ගන්න යන්නෙ අපේ නෑයොයි යාළුවොයි කොල්ලයි බල්ලයි ඔක්කොම එක්ක. එදාට වැඩ නෑ ආගමික කටයුතු සහ සංග්‍රහ පමණයි.
ආසියාවේ ආශ්චර්යය ආරම්භය .......
ඔහොම යං ඔහොම යං..........

5 comments:

  1. සුභ කටයුත්තක් උනාම සුභ විදිහට පටන්ගන්න එපායෑ

    ReplyDelete
  2. සුභ අනාගතයක් ! ....

    ReplyDelete
  3. මෙයට වසර 12කට පමණ ඉහතදී විමල් මාඑරමණ්ඩියේ මගුල් ගෙදරකදී මට හමු උනා.
    කඩා හැලෙන පැරණි සී90 බයික් එකක පවුලත් එක්ක ඇවිත් කිබුනේ,දරුවෙකුත් හිටියා වගේ මතකයි.
    අද ඔය කියන ශශී මැඩම් එදා නම් මම දුටුවෙ බොහෝම නිරහංකාර කාන්තාවක් ලෙසයි.
    එතනදී දේශපාලනය ගැන කතා උනත් දේශපාලනය ගැන කතා නොකල එකම පුද්ගලයා විමල් කියලා කිවුවොත් පිළි ගත හැකිද..
    අද ඔහු කෙසේ දැයි මම නොදනිමි.
    නමුත් එදා මම දුටුවෙ ඉතා ඉවසිලිවන්ත හොද මිනිසකුව බව මට විශ්වාසයි.
    සමහර විට මාධ්‍ය මගින් ඔහුව වැරදි ලෙස අර්ථකථනව කරනවාද යන්න මම නොදනිමි.

    ReplyDelete
  4. මටත් ඔහු ගැන පොඩ් බලාපොරොත්තුවක් තියෙනව.........

    බලමු නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න