.

.

Apr 29, 2010

ඕල්කොට් මාවත - Olcott Mawatha



A380 මිහින් ලංකා ගුවන් යානය මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලට ගොඩබස්වන ලදි. යානයේ වැඩිපුරම පැම්ණියේ විදේශකයින් වූ අතර බොහෝ රුසියානු සහ තායිලන්ත අඟනුන් ඒ අතර විය. මාගේ ඇස් අදහා ගැනීමට නොහැකි විය. ඩුබායි ගුවන් තොටුපොල මොන මලදානයක්දැයි සිතිනි. පිටතට ගොස් ගුවනේ දුටු දර්ශනීය වටා පිටාව බලා ගැනීමට සිත් වූවද ගමනාන්තය කොළඹ වූ බැවින් ඩොමෙස්ටික් ෆ්ලයිට් එක පැමිනෙන තුරු ගුවන් තොටුපොලේ සිටි මට දැනගැනීමට ලැබුනේ සෑම විනාඩි 20 කට වරක් ගුවන් යානයක් පැමීනීම හෝ පිටත්වීම වන බවත් මෙය ඉතා කාර්යය බහුල බැවින් ලොව විශාලතම ගුවන් තොටුපොල ඉරණමඩු වල ඉඳිවන බවත්ය.

කටුනායක පරිසරය ඒ අකාරයෙන්ම වූ අතර මත්තලට සාපේක්ෂව පාලු ස්වභාවයක් ඉසීලීය. විස්කි බෝතලයක් මිලදී ගැනීමට ඩ්යුටි ෆ්‍රී වෙත ගියද, දැන් ලොව ඕනෑම මත් පැන් වර්ගයක් ඕනෑම වෙළඳ සැලකින් මිලදී ගැනීමට හැකි බවත්, ඒ සඳහා කලයුතු වන්නේ රුපියල් 10,000 ගෙවා වර්ෂයක් සඳහා සළාක පතක් ලබා ගැනීම පමණක් බවත් සඳහන් කරන ලදි. සළාක ක්‍රමය වැරදි වැඩක් නොවේදැයි විමසන ලදුව ඔහු පැවසුවේ මුලින් බලපත්‍රයක් නිකුත් කලද එය අයුතු ආකාරයෙන් භාවිතා කරන ලදුව නව ක්‍රමය හදුන්වා දුන් බවයි.

ගුවන් තොටුපලෙන් පිටත දිවයිනේ ප්‍රධාන නගර කරා අධි සුකෝපභෝගී බස් රථ වූ අතර කොළඹ බලා එන බසයකට ගොඩවීම්. රථය ගමන් කලේ අධි වේගී මාර්ගයේ වූ අතර එහිදි මට දැනුනේ සියලූම බස් රථ මේ ආකාරයේම බවයි. කොළඹ කරා වේගයෙන් ඇදුනු බසයේදී මා දුටුවේ මෙට්‍රෝ මාර්ගයක් ඉඳිවන ආකාරයයි. එමෙන්ම සියනෑ සිලිකන් සිටි යනුවෙන් සඳහන් මාර්ග පුවරු දුටු මගෙ සිත පිනා ගීයේය. විනාඩි 20 කින් බස් රථය කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලේ 3 වන මහලට ලඟා විය. මගෙ ඇස් මටම අදහාගත නොහැකි විය.

විදුලි සෝපනයෙන් පළමු මහලට පැමින අවට සිරි නරබා ගෙදර යා යුතුයැයි සිතා ඕල්කොට් මාවතට පිවිසියෙමි. මධ්‍යම බස් නැවතුම් පොලේ පළමු මහල ලොව ප්‍රමුඛ පෙලේ නිෂ්පාදන අලෙවි කරන ෂෝ රූම්, බැංකු ශාඛා, ඩොලාර් චේන්ජ් වලින් යුක්ත විය. සුදු පැහැති සුපිරි කුලී රථ පිටත ගාල් කර තිබිනි. මැනිං මාර්කට් පිහිටි භුමිය අහස සිබින ගොඩනැගිලි 6 පමණ විය. ඒවායෙහි අපේ පරණ දුරකථන සේවා සමාගම් මෙන්ම ලොව සුපතල ටෙලිකොම් සමාගම්, දුරකථන නිෂ්පාදන අලෙවි සැල්, ඉලෙක්ට්‍රොනික සමාගම් කොම්පියුටර් සමාගම් පිරි ඉලෙක්ට්‍රොනික් ට්‍රේඩ් සෙන්ටර් එකක් විය. බොහො විදේශිකයින්ගෙන් මේවා පිරි ඉතිරි තිබින.

බෝධිය එසෙම වූ අතර එහි පිටුපසින් ලෝක බොදු සමුළු ගොඩනැගිල්ල අහස් කුස අරා සිටි අතර ලොව සියලුම නිකායන් වල ශාඛා එහි ඇතී බවත් ඕනෑම ආකාරයක සේවා සපයන බවත් පිටත පිහිටි ඇඩ්වර්ටයිසින් බෝඩ් වල සඳහන් විය. සියළුම හරස් වීදී පෙනෙන්නට නොවු අතර ස්ටේසමේ ඉදිරිපස දක්වාම අහස සිබින ශොපින් මෝල් සහ සුපිරි නිවාස සංකීර්න විය. ඒවාහි ෂෝ රූම් අතර ලොව සුපතල ඇඳුම්, යට ඇඳුම්, සපත්තු හා ලොව සුපතල රෙස්ටුරන්ට්ද විය. මේ අතරින් මා සිත් ගත්තෙ ලොව විශාලතම පොත් ප්‍රදර්ශනාගාරයයි. එහි පළමු මහල සහ දෙවන මහල ගුණසේන සමාගම සඳහා උපහාරයක් ලෙස වෙන්කර තිබිනි.

දූම්-රිය ස්ථානය ගුවන් තොටුපලක් මෙන් වූ අතර එහි පිටුපසින් බේරේ වැව වටා ඉඳිවූ තරු පන්තියේ හෝටල් දිස් විය. දූම්-රිය ස්ථානය ඉදිරිපස කිසිවකුටත් අවහිරයක් නොවන පරිදි කොළඹ ප්‍රධාන මෙට්‍රෝ තොටුපල ඉඳිවෙමින් තිබිනි.

නැවතත් දිනෙක පැමින මෙසිරි නරබන අටියෙන් මධ්‍යම බස් නැවතුම කරා ඔටෝ මැටික් පේමන්ට් එක දිගේ පැම්නෙන් විට නීලගිරි යනුවෙන් ඉංගිරිසියෙන් සඳහන් රෙස්ට්ටුරන්ට් එකක් දුටුවෙන්, ස්වයං සේවා මගින් ලබාගත් ෆලුඩා එකක රස බලන අතර මහත්මයෙක් සමග කතාවට වැටුනෙමි.

මේවයෙ තිබිච්ච කඩ, මාටිස් ලේන් එකේ ගෙවල් වලට එහෙම මොකද උනේ....

ඒ අය ඔක්කොටොම මේ අලුත් බිල්ඩින් වල කඩ සාප්පු ලැබුන ...

එතකොට අර පේමන්ට් එකේ වෙලඳම් කල අහිංසකම අහිංසක මිනිස්සු ...

එයාල ගැන හරි විස්තරයක් නම් දන්නෙ නැ. සමහර අය හම්බ ඉන්නව කියල ආරංචියි .....

පව් නේද? ....

නෑ, මොකද එ'වට ලයිට් වතුර තිබ්බත් අනවසර ඉඳිකිරීම්නේ ......

ඒකත් ඇත්ත ඒත් මව්ලානා මහත්තය ඒකට විරුද්දව හෙන සද්දයක් දැම්ම නේද? .....

එදාම රෑ සුදු වැන් දෙකක් මවුලානා මහත්තයලගෙ ගෙවල් වටේ කැරකිල තියෙනව. පහුවදා කොටුව ස්ටේසම ඉස්සරහ ලොකු විරෝධතා ව්‍යාපාරයක් තිබ්බ 80 ජූලී වර්ජකයො එතුමට විරුද්ධව .....

ඔහුට ස්තූති කොට නැවතත් බස් නැවතුම කරා පැම්නෙද්දි හොදින් ෂෝ රූම් එකක නේම් බෝඩ් එක් බැලු මට දිස්වූයේ මේ මාවත ඝොඨාභය රාජපක්ෂ මාවත ලෙස නම් කර ඇති බව‍යි.

බස් නැවතුම් පොලේදි තද චූ බරක් පැමිනියෙන් රු. 50/= ගෙවා වායු සමීකරණය කරන ලද ලක්ශරි ටොයිලට් එකේ චූ කර බස් රථයට ගොඩවී අසුන් ගත්තා පමණි කවුදෝ මගේ උරෙන් අල්ලා මා සොලවන ලදි.

මොකක්ද ඕයි හැමදාම අයිස් පෙට්ටියට හුජ්ජ කරන්නෙ ...
කන පැලෙන්න බීල ආන්ඩුවට බැන බැන නිදාගන්න යනව ...
ගිහිල්ල රනිල්ලයි ගෙදර නීදාගන්නව....
නැත්තං ගීහින් දොස්තර කෙනෙක් හම්බ වෙනව. ....

නොදොමකින් මේ ගෑනී.... මගේ ආතල් එක කෑව....

පන්ච බල කේන්ද්‍රයද මොකක්ද එක .......



4 comments:

  1. අහ් මම මේ හිතුවේ උඹ අනාගතයවත් සැපත් වුණා කියලා.මමත් ඔය වේගේ හීනයක් හැමදාම උදේ සවස බස් එකට පිටකොටුවෙන් නගිද්දී දකිනවා බන්ග් මාරයි නේද ?

    ReplyDelete
  2. very interesting post.

    ReplyDelete
  3. මම දැන් කමෙන්ට් කරන්නෙ නැහැ
    ඔක්කොටම කැගැස්සෙනවා...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න