.

.

Apr 27, 2010

විසිල් ගහන කෙල්ල (Derana Dream Star)

දෙරණ ඩ්‍රීම් ස්ටාර් 2, ඩ්‍රීම් ස්ටාර් උනේ උපේකා නිර්මානී. මෙයා ගැන ආර්ටිකල් එකක් තිබුන w3lanka.com එකේ. මේ කෙලි පැටියට ලංකාවේ හැමෝම ආදරේ කරනව මම හිතන්නෙ.

එක එක රියැලටි ෂෝ වලින් බිහි වෙච්ච ස්ටාර්ස්ල (තරු ) අතරින් ටැලන්ටඩ්ම ස්ටාර් තමයි මේ කෙල්ල. පුදුම කටහඩක් තියෙන්නේ. හයි පිච් ලෝ පිච් මොකේ ගායනා කලත් ඇට්ටි හැලෙන්නම දෙනව.

මම වඩාත්ම කැමති මේ කෙල්ලගෙ තියෙන ළමා ගතියයි නිහතමානී කමටයි. අහන ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරයෙන් ඒක පැහැදිලිවම පේනව. දිනපු වෙලාවේ තියපු හූව ඒ වයසෙ කෙල්ලෙක්ගෙ බොක්කෙන්ම ආව හැගීම කියල මට හිතෙන්නෙ. ඊට පස්සෙ දවසෙ අද දෙරණ නිව්ස් වලට ඇවිල්ලත් කතා කලේ අවංකවමයි. (අනේ දෙරණෙ නිව්ස් කියන කොල්ලන්ගෙ කිට් එක චේන්ජ් කරන්න කියන්නකො. වස කැත කෝට් එකක් අදින්නෙ. එක්කො කෝට් එක මාරු කරන්න නැත්නම් පාජා කිට් එක ඇඳල කියන්න. චැනල් එකේ නම "දෙරණ" නිසා)

දෙවනිය තුන්වෙනිය ආපු අයත් ටැලන්ටඩ් නමුත් මේ බට්ටි ඊට වඩා ගව් ගනනක් ඉස්සරයින් ඉන්නෙ. අනිත් එක දෙවනියට ආපූ කොලු පැටිය රණවිරුවො විකුනල ඒකෙන් ගොඩ එන්න බැලුවෙ. හැබයි පුතේ ලොකුම රණවිරුවත් හිරේ දාලා ඉන්න වෙලාවෙ රණවිරු කොන්සෙප්ට් හරියන්නෙ නැහැ අදට.

ඇත්තම කියනවනම් මම මේ කෙල්ලට එක SMS එකක්වත් දැම්මෙ නෑ. අපේ ගෙදර කෙනා නම් සැහෙන්න දැම්ම. කෙල්ලො කෙල්ලෙකුට SMS දාපු එකත් ලොකු දෙයක්. මේ බට්ටිගෙ ඇස් දෙකටයි ශරීරයේ හැඩයටයි හුරුබුහුටි කමටයි ලිංග බේදයක් නැතුව ලෝභ නැතුව හැමෝම ආදරය කලා. දැන් තියෙන වටය තමයි දුවේ අමාරුම වටය. ඉගෙනීම කඩාකප්පල් කර ගන්නෙ නැතුව ගායන ලොවේ ඉදිරියටම යන්න සියලු ශක්තිය සහ ධෛර්යය (වචනෙ වැරදියි මයෙ හිතේ) ලැබේවා !!!

අනිවාර්‍‍යයෙන්ම ඔයා ලංකාවෙ නොම්බර එකේ ගායිකාවක් වෙනව වෙනවාමයි...

5 comments:

  1. අම්මපා ගොයියෝ, සහතික ඇත්ත. උඹහැගේ කටේ මසුරං දාන්න වටිනවා. අනේ වාසනාවන්, දැං ඉන්න සරුවපිත්තල භාන්ඩ එක්ක බලනකොට, අපූරු කෙලි පොඩ්ඩ, ඇස් වහක් කට වහක් නෑ.

    මං ගියා YouTube.ගැහුවා නම. කිව්වෙ නැතෑ " වෙද හාමිනේ" සිංදුවක්, පණ පිහිටවලා ( YouTube බුදු වේවා, උඹ අගසවුවේවා). මං ආසාම සින්දුවක්.

    වෙද හාමිනේ, ඇල්ල ලග වලව්ව, දඩුබස්නාමානය...... ආං ටෙලි නාට්ටිය

    ReplyDelete
  2. ඒව කොහෙද දැන්.

    මළම මළ ජරාව තමයි දැන් බලන්න තියෙන්නෙ....

    ReplyDelete
  3. ඒව කොහෙද දැන්.

    මළම මළ ජරාව තමයි දැන් බලන්න තියෙන්නෙ....

    ReplyDelete
  4. meeke thibbata lassanata sindu kiyanava kiyala mama beluwe. malini miss ge sandaken sinduwa eya hariyat akiyanne nahane. meeka liyapu kenata poddak dekee wenasa ahala balanda. kiyanavanam mul giithayata haaniyak nowenda kiyanda oone meyaa ee sinduwata oonewata wediya aalavattam danda gihin naagannavane . kellata honda katahandak thiyenava namuth wadeee hariyata kerune nehe.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න