.

.

Jun 1, 2010

යුග දිවියේ ඇතිවන ගැටළු - Family Problems

.
ඇමරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා... ටික වෙලාවකින් අපේ එකා...

"ඔයා දන්නවද..? අපේ දෙමව්පියෝ ගෙදරින් එළියටවත් බැහැල නැති,..... මම එකම එක දවසක් දැකපු කෙල්ලෙක්ව බන්දල දුන්න. ඒකී ආදරේ තියා මෙලෝ මළදානයක් දන්නෙ නෑ.. මේ මගුල මට දැන් එපාවෙලා තියෙන්නේ......"

"ඔහේ මගුලක් කතාකරනව.. ආදරේ කරළ කරන මගුල් ගැන...මම බැන්දේ අවුරුදු 3 ක් ආස්සරේ කරල මිනිහ මැරිච්ච ගෑනීයෙක්.. ටික කාලේකට පස්සෙ... අපේ තාත්ත මේ ගෑනිගෙ දුවත් එක්ක යාළු වෙලා ඒ දෙන්නත් කසාද බැන්දා..."

 "දැන් තාත්ත මගේ බෑනා.. මං තාත්තගේ මාමා... තාත්ත බැන්ද කෙල්ල මගේ අම්ම... මගේ ගෑනී මගේ ආච්චි..."

"ප්‍රශ්නෙ තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම... මගේ පුතා මගේ තාත්තගේ මල්ලි.. ඒ නිසා පුතා මගේ බාප්පා..."

"තත්වේ දරුණු වුනේ අපේ තාත්තගෙ නෝනට දුවෙක් ලැබුනම.... දැන් මගේ තාත්තගේ දුව මගේ නංගී. මගෙයි නෝනගෙයි මිණිබිරී..."

"බලාගෙන ගියහම මම මගේම සීය වෙලා.. මගේම මුණුබුරා වෙලා... උඹ මේ පවුල් ප්‍රශ්න කතාකරනවා...."

"දඩස්"... යනුවෙන් සබ්දයක් ලංකාවේ පොර සිටී දෙසින් ඇසින.....

යහලුවෙක් ඊ තැපෑලෙන් එවන ලදුව මාතලන් වන මා විසින් හුදී ජන පහන් සංවේගය උදෙසා පරිවර්ථනය කොට ප්‍රසිද්දියට පත් කොරන ලදී....

23 comments:

  1. හයියෝ බන්....
    තාම ඔළුව කැරකෙනවා නෑදෑකම් ටික පැටලිලා...
    හික්ස්...

    ReplyDelete
  2. අනේ හපොයි.....

    ReplyDelete
  3. පිස්සු පිකුදු....

    හොදයි හොදයි මේ ටිකේ ආගමික සංග්‍රාම, මහණ කිරීම, සීපා ගැන අහලා ඔළුව කුරැවල් වෙලා හිටියේ....

    දුක මේක කාටවත් කියන්න මතක තියාගන්න බැරි එකනේ...

    ReplyDelete
  4. මේක චන්ද්‍ර අනගිරත්නයන්ගේ නරලොව හොල්මන් පොතේ තිබුන කතාවක් වගේ මතකයි. කොහොම වෙතත් ඕක මේ අපේ සංස්කෘතියේ තියෙන අවුලක් අපි අපේම රාමුවක හිරවෙලා නෑදෑකම් කියනවා ආදරය කියන එක රාමුව ඇතුලේ නැත්නම් ඒක ප්‍රතික්ෂේප වෙනවා..

    ReplyDelete
  5. හපෝයි පව් දෙයියනේ. හරිම අවුලක් තමා

    ReplyDelete
  6. අනේ බං මෙච්චර වෙලා මම හිතන් හිටියෙ මට තමයි ප්‍රශ්ණ තියෙන්නෙ කියල. ඒත් මේ සුද්දට තියෙන ප්‍රශ්ණ ගොඩ දැක්කම අපිට තියෙන්නෙ ප්‍රශ්ණද ඇත්තට...

    ReplyDelete
  7. මෙක බලල මට හිනාව නවත්තගන්ඩ බෑ :D හපොයි....

    ReplyDelete
  8. නියම කතාව අයියා. උපරිමයි. ආයේ කතා 2 ක් නැහැ.

    මොනවා වුනත් සුද්දා ෆන් එකේ ඉන්නවානේ අපේ එකාට ඕක අහලා කලාන්තේ දැම්මා. ඇත්තටම ඕක වුණා නම් :) :) :)

    ReplyDelete
  9. දාඩාස්!!! අනේ අම්මෝ මාවත් බිම වැටුනෝ!!!

    ReplyDelete
  10. හප්පොච්චියේ ඔලුවත් රිදෙනවා.... මට තාම තේරුනේ නැහ මේ හුට්ටප්පරේ හික් හික්

    ReplyDelete
  11. විශේෂ නිවේදනයයි.

    මෙම ලිපිය කියවු සහෘදයාගේ මනස මඥං වූ අතර මඥං වූ මනස යථාතත්වයට පත් වු වහාම ලිපිය පිලිබදව කොමන්ට් එකක් දමනු ඇත.

    ReplyDelete
  12. හක් හක් හා..
    මරේ මරු.
    :D

    ReplyDelete
  13. මචං මේක මම ගොඩාක් කාලෙකට කලින් පත්තරේක "නරලොව හොල්මන්" කොලමක කියෙව්ව වගේ මතකයි . .

    හික් හික් හික් නියම සීන් එක මොනා වුනත් . .

    ReplyDelete
  14. adee . . ape lasithaya kiyane eka . . ow ow chandra anigarathna ge tamai mama hitanne . . .

    ReplyDelete
  15. අපේ එකාට හොද වැඩේ, දන්නැති උන්ට දුක කියන්න යනවට... :P

    ReplyDelete
  16. මේක මචෝ චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මං පොතේ කතාවක කොටසක්.සමාවෙන්න ඒක කිව්වට,ඒත් නරලොව හොල්මං පොත් 4 හොයගෙන කියවන්න ආස අයට මේ වගෙ ගොඩක් රසවත් දේවල් කියවන්න පුළුවං වෙයි.

    මොනා උණත් පට්ට කතාව :)))

    ReplyDelete
  17. කැගෙස්සෙනවා..

    ReplyDelete
  18. @ සියළු දෙනාටම

    ඔය කියන විදියට චන්ද්‍රා අනගිරත්නත් මං වගේම මංකොල්ලකාරයෙක්නේ. කොහොමත් ඉතිහාසය රිපීට් වෙනවලුනේ.

    මේක ට්‍රාන්ස්ලෙට් කරන්න මම කාපු කට්ට අනගිරත්න උන්නැහෙත් කන්න ඇතිනේ. මගේ ඔලුව තාම මඤ්ඤං.......

    ReplyDelete
  19. ඒ මාතලන් ගොයියො ඔලුව කැරකෙනව බන් මේක කියවල

    ReplyDelete
  20. අහක ඉදන් අපිත් සම්බන්ධ උනාට කමක් නෑ නොවැ.............. ඇයි බන් මන් මේ බොග් පඩන්ගුව කලින් දැකකෙ නැත්තෙ, දිගටම කියවනව හොදේ.......... උබේ ඔක්කොම පෝස්ට් කියවල තමයි නවතින්නෙ. සුබ පතනව උඹට හොදටම ලියපන් මයෙ යාලුවෙ.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉන්නව මගෙ ජාතියෙ බුවෙක්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න