.

.

May 31, 2010

අග්ග මහා පන්ඩිත උදය ගම්මන්පිල මහා ප්‍රඥ්ඥාවන්තයා .. - Udaya Gammnpila the Genius

.
කීප දිනක් ජනහඬ දේශපාළන ප්‍රහසනය තුල කරන ලද අදහස් දැක්වීම් අධ්‍යයනය කිරීමෙන් පසු මා සොයාගත් කරුණ නම්. වත්මන් ලෝකයේ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා අප පුන්‍ය බූමීයේ පහළව ඇති බවයි. තුන් සිංහලයම එක්සේසත් කල දියසෙන් කුමාරයා රජ කරන සමයෙහි. මෙවන් බුද්ධිමතුන් බිහිවන්නේ එතුමාගේ මෙන්ම. මෙරට වාසනාවන්ත ජනතාවගේ පින් මහිමයෙනි.

අප රජතුමාගේ වගකීම වනුයේ. මෙතුමාට, විජාතික කුමන්ත්‍රණ වලින් අප බේරා ගන්නා පචායුධ මැතිතුමට දෙනු ළබන ආරක්ෂාවටත් වඩා වැඩි ආරක්ෂාවක් ලබාදීමයි. විශේෂයෙන් වැහි පොදකටවත් නොතෙමෙන ලෙස මේ ඇවිදින මොළය ආරක්ෂා කර ගැනීම අප කාගේත් යුතුකමය.

එතුමාගේ සම්පුර්ණ නම ලියන ආරච්චිගේ උදය ගම්මන්පිලදයි නොදන්නා තරමට විවාදයෙ නොයෙදන අවස්ථාවලදී, අනෙකුත් බූරූවන් මෙන් නොව, එතුමාගේ බුද්ධියට පහළ වන අති ශ්‍රේෂ්ඨ අදහස් ලේඛන ගත කිරීම අප ඉතා අගය කළ යුතුය.

අනෙක් කරුණ නම් එතුමා ජනතාවගේ හාස්‍යයට ලක්වන මොන්ටිසෝරියකට වැස්සකටවත් ගොඩ නොවූ අඳබාලයන්, ගායකයන්, තුට්ටු දෙකේ විප්ලවකරුවන්, නළුවන්, මෝඩ නිතීවෙදීන් හා කිසිම දෙයක් නොදන්නා හරකුන් සමඟ සංවාදවලට එවීම වහා නැවැත්විය යුතුය. මේ සඳහා එතුමාගේ පක්ෂයේම, මේ තරම් උගත් කමක් නැති චම්පික රණවක මැතිතුමාට, කීර්ති ශ්‍රී රාජසිංහ මැතිතුමාට හෝ දෙශපාලන සාදු මැතිතුමා සහභාගී කරවිය හැක.

මෝඩ අපට මෙතුමාගේ දැනීම ගැන වැටහීමක් නැති වුවද, බස්නාහිර පලාතේ බුද්ධිමත් ජනතාව අති විශාල මනාප ප්‍රමානයකින් මොහුව බස්නාහිර පලාත් සභාවේ පාරිසරික ඇමති වශයෙන් පත් කරණ ලදී. එතුමාගේ පැමිනීමෙන් පසු එක් රැයකින් මුළු බස්නාහිර පලාතම මොන්ටිකාලෝ නගරයටත් වඩා සුපිරිසිඳු ප්‍රදේශයක් බවට පත් කරණ ලදි.

බ්ලූමැන්ඩල්, පංචිකාවත්ත, තොටලඟ හා පෑලියගොඩ ප්‍රදේශවල වෙනදා නැගෙන දුගඳ වෙනුවට දැන් නැගෙනුයේ ලොව ඉස්තරම්ම වර්ගයේ සුවඳ විළවුන් වලින් හමනා සුවඳයි. හන්දියක් ගානේ දක්නට ලැබුනු කුණු ගොඩවල් වෙනුවට දක්නට ඇත්තේ ඉස්තරම් වර්ගයේ ආවරණය කල හැකි කසළ බඳුන්ය. ඒවාද දවසකට අට වතාවක් පමණ රැගෙන යයි. නගර සභාවල පිරිසිඳු කරන සේවකයන්ට ටයි පටියක් හැර අනෙකුත් සියළුම දෑ ලබදී ඇත. බේරේ වැවේ වතුර බෝතල් කිරීම සඳහා කර්මාන්ත ශාලා රාශියක් ඒ අවට පිහිටුවා ඇත. ගංඟාවල ජලය ක්ලොරීකරනයකට ලක් නොකොට බීමට ගත හැක.

අහසින් වැටෙන එක දිය බිඳක් ගලා යාමටවත් නොදී අතුරුදහන්වේ. තත්වය එසේ වුවද මෙවර වට අනපේක්ෂිත වර්ෂාවෙන්  මුලු මහත් බස්නාහිර පළාතම යටවිය. එයට හේතුව එතුමාගේ බුද්ධියට ගෝචර වී ඇති බව ජනහඩේදි අපට දැනගැනීමට ලැබින.

එතුමාට අනුව මේ ආකරයේ වැසි වසින්නේ 1948 ටත් පෙර මෙරට යටත් කරගෙන වුන් පර සුද්දන් විසින් කරණ ලද කඳුකරය එළි කිරිමයි. ළෝකයේ සියළුම කාළගුන විපර්යාසවලට මුල එය බව එතුමා විසින් සොයාගෙන ඇත. නැතුව ඔල මොට්ටල බූරූවන් කියනා පරිදි. සැලස්මක් නොමැති ගොඩකිරිම්වත්, ජල බස්නා මාර්ග වසා දැමීමවත්, මුතුරාජවෙල ගොඩකිරීමවත් නොවේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අඩ් 3000 ට ඉහළින් පිහිටි ඉඳිකිරීම් හා වගාවන් අනවසර බවට පනතක් ගෙන ඒමටත්, මේ සිඳුවූ අලාබය බ්‍රිතන්‍ය කිරීටයෙන් ලබා ගැනීමටත් එමගින් අසරණ වූ ජනතාවල ලබා දුන් රු.48 ට අමතරව තවත් රු. 50 ක් හෝ ලබා දීමටත් එතුමා කටයුතු කරනු ඇත.

කොහොමද ටිකිරි මොළේ.. දැන් තේරෙනව නේද මම කියන්නේ බොරු නෙමෙයි කියල......

ප: ලි:

මම මේක පොස්ට් කරන්න යනකොටම පත්තරේ දැක්ක නිව්ස් එකක්... "දෙහිවල-ගලිකිස්ස කුණු ගොඩවල් සති දෙකකින් ඉවත් කරලා නෑ.."

9 comments:

  1. Good Ma Good post ekak. i also listened to the Janhada. whole program was a joke coz of Udaya

    ReplyDelete
  2. දැන් බලනකොට වැස්සට නාපු මිනිස්සු වේලගනිද්දි, වැස්සට නාපු දේශපාලකයො ඇදන් නානව!u

    ReplyDelete
  3. සුද්දට බනින කොට කළු සුද්දන්ට රිදෙනව කියන කතාවෙත් ඇත්තක් තියෙනව නේද ? :P

    ReplyDelete
  4. @ ඉන්දික උපශාන්ත..

    මූ කොච්චර නෑවද කියනවනම්.. වැඩ සටහන හොයාගෙන බැලුවත් පාඩූ නෑ. මූ හොඳටම දන්නව ඌ කියන්නෙ බොරු කියල.. ඒක උගෙ කපටි හිනාවෙන් පේනවා. මුන්ට අහුවෙන හරක්ට තමයි දේශනාව...

    @ තර්ඩ් මෑන්

    බොරුවට සරමක් ඇඳගෙන, සුද්දන්ගෙ සැප සම්පත් සියල්ලම විඳමින්. අහිංසක මෝඩ ජනතාව ගොනාට අන්දන ඒවුන් දකින කොටත් කේන්ති එනවා.. ඒක බොරුවක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මම ගම්මන්පිල ගැන දන්නවා මචන්.. රටේ දේශපාලනේ උඩ අතුවල ඉන්න කම්බ හොරුන්ට වඩා මේ මනුස්සයා දාහෙන් සම්පතයි. නූගත් හරක් වෙච්ච මර්වින් සිල්වලා වගේ උන් උංගෙ පුත්තුංට ලැම්බො ගිණි අරන්දෙන කතා කරන හැටි ඊයෙ පෙර්දා ටීවි එකේ ගියා. උගෙ පුතා ඕලෙවලුත් අනාගෙන අමරිකා ගිහින් කරේ ග්‍රැෆික් ඩිසයිනින් කියලා ඌම කියලා තිබ්බා ග්‍රැෆික් එකත් බාගෙට කරලා නැවැත්තුවා කියලත් කියලා තිබ්බා. ඒ පත්තරේකින් තිබ්බ සාකච්චාවකදි කියලා තිබබෙ ඒකෙ ලොකුම විහිළුව ඊලඟට ඇහුවම විනෝදාශය මොකක්ද කියලා ඌ කෝටි ගණන් මිල කාර්වල නම් කියලා කියපි ඒවා එකතු කරන එක කියලා. බාගෙට නවත්තපු ග්‍රැෆික් ඩිසයිනින් කොස් එක කරලා වෙන්න ඇති උට සල්ලි කාර් ගන්න. උගෙ තාත්තලා උන් වගේ ඕලෙවල්වත් පාස් නැති කුඩු කාරයින්ට කොහෙන්ද දන්නෑ සල්ලි ඒවට. ගම්මන්පිලලා බන් උගත්. උඹ යූඇන්පී උනත් ජේවීපී උනත්, මුස්ලිම් උනත් දෙමළ උනත් පලයන් බදදා දවසක ඒ ඔෆිස් එකට‍, උඹ පැයක් කියෙව්වත් උඹෙ ප්‍රශ්ණෙ අහන් ඉඳලා එවලෙම අදාල උන්ට කතා කරලා වැඩේ කරලා දෙනවා. ඒ සතයක දෙයක් අරගෙනද ? නෑ. සතපහක් ගන්නෙත් නෑ. උන්ගෙ පක්ෂෙ වෙන්න ඕනෙත් නෑ. ගම්මන්පිල ශිෂ්‍යත්වෙ ලංකාවෙන්ම තුන, ඒලෙවල් ලංකාවෙන්ම එක ලංකාවෙන්ම එක උනයින් පස්සෙ තමා ඔස්ට්‍රේලියාවෙන් කතා කරලා එහෙට අරන් ශිෂ්‍යත්වයක් දිලා තියෙන්නෙ. ලංකාවෙ දේශපාලනේට ඕනේ මර්වින් සිල්වලා වගේ කාලකණ්නිද නැත්තං මොළයක් තියෙන උන්ද කියලා මම දන්නෑ.

      සෝමා අක්කගෙ රියැලිටි සෝවල මර්වින් සිල්වලෑ ගොන් පාට් බලලා.. සෝමා අක්කගෙ ටීවි එකේ පෙන්නන රට කන දේශපාලකයොන්ගෙ කට හැකරකමට "කියන කතා" බලලා පහුවදා ගිහින් හොඳම ගොන් ජෝක් කාරයට කතිරෙ ගහලා එන එක සෝක්. ආණ්ඩුවෙ මුදුනෙ ඉන්න යූඇන්පීයෙන් එහෙට පැනලා දැන් ඇමති කන් අරන් රටම විකුණන් කන, මිනිස්සුන්ගෙ රුපියල හරි හොරකම් කරන් සාක්කුවේ දාගන්න අයට වඩා මේ මනුස්සයා හොඳයි. මෙතන බන් කුණුගොඩ කාරණේ කරගෙන තමයි මුළු ලිපියම ලියලා තියෙන්නෙ. මේ මිනිහා වැඩක් කරන බුවෙක්. උඹලා නොදන්නවා උනාට නිල සංචාරවලදි රජයෙන් භාවිතයට දෙන මුදල් ඉතිරි කරන්න, හෝටල්වල සැපට ලගින්නෙ නැතුව යාළුවන්ගෙ ගෙවල්වල ඉඳලා නැවත ඒ ඉතිරිය අමාත්‍යාංශයට දෙන්නෙත් මේ මනුස්සා ඇතුළු ආණ්ඩුවෙ ඇමතිලා කීපදෙනෙක් විතරයි. ඒව රිටන්කරනකොට අමාත්‍යාංශවල උනුත් හිනා වෙනව මෝඩකම කියලා. අනේ මන්දා ඉතින් ඊලඟ චන්දෙදි ගහපන් මර්වින් සිල්වාට.

      Delete
  5. මේක ඇත්තක්ද බන් . . හෆොයි . . මාම් හිතාගෙන හිටියේ මේකා වත් මිනිහෙක් කියලා . . .මදැයි එතකොට දියවන්නා මොන්ටිසෝරියේ ඉන්න උන් ඔක්කෝම බූරුවෝ එකක් වත් නැද්ද මිනිස්සු??? මල මගුලයි . .

    ReplyDelete
  6. i think Ranjan Ramanayaka talked more sensibly than this idiot

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Sorry for my bad english. Thank you so much for your good post. Your post helped me in my college assignment, If you can provide me more details please email me.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න