.

.

Jun 22, 2010

තිස්ස... තිස්ස.. පෝයට මොකද කරන්නේ...? - Poson Full Moon Day


තිස්ස.. තිස්ස..

කවුද ඩෝ නම කියල කතා කරන්නෙ...?

මම මේ මිහිඳු..

මොන මිහිඳුද ඩෝ කෝ සිව්රූ..?

තිස්ස මචං මම මේ මහින්ද..

DP - මචං.. අංමුවාට හුඩූ මේ අපෙ 8 වෙනි මිහිඳු නේ.. මොකෝ මචං මේ කැලේ කරන්නෙ..?
උඹ මට කෝල් එකක් දුන්න නම් මම පැලස් එකට එනවනේ..

MR - ඒක හරි නෑනේ මචං උඹ මට වඩා සීනීයර් නේ.. ඒත් මචං උඹ තාම මුවන් පස්සෙ එලවන්නෙ මක්කටෙයි..

DP - දැන් අපි මුවාට විඳින්නෙ නෑ පඳුරට තමයි විඳින්නේ ඒ උනාට උන්ගේ අවාසනාවට මුවාටමයි වඳින්නෙ. නම මුවා උනාට මුවා වෙන්න දන්නෙ නෑ..

MR - මොනවැයි මචං මේ ගස්...?

DP - ඇයි උඹේ ගොලයන්ට කියල මේ ටිකටත් වැඩක් දෙන්නද පලයන් බං යන්න.. තොපේ එවුන් කපල කපල දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ ටික විතරයි.

MR - ඉතිං බන් උඹ තාමත් දඩයමේ යන්නෙ විනෝදෙට වෙන්න ඇති..

DP - මොන පිස්සුද මචං මේ පොසොන් කාළේ තමයි මම වැඩිපුර කීයක් හරි හොයාගන්නෙ. උඹට පින්සිද්ධ වෙන්න පෝය දවස්වල හරක් මස් කුකුල් මස් ගන්න නැති නීසා උපාසක මහත්තුරු හොයන්නෙම දඩ මස්. ඉල්ලුමේ හැටියට සැපයුම නැති නිසා ගානත් හොඳයි.

MR - ඉතිං ඉතිං උඹට ආදායම් මාර්ගෙකට තියෙන්නෙ ඒක විතරෙයි..? අපරාදෙ මට කිව්වනම් මම අර සිංදු කියන එකා එලවල උඹට ආන්ඩූකාරකමවත් දෙනවනේ..

DP - පිස්සුද බන් මම අවුරුද්දක් ආතල් එකේ ඉන්න පොසොන් එකට ඇතිවෙන්න හොයාගන්නවා.. පුරඟනන්ගෙන් හෝටල් වලින් හැම එකෙන්ම කොමිෂන් එකක් හම්බ වෙනවා. එතකොට ගල් විකුනල..

MR - මොනව උඹ මිහින්තලෙ ගල් ටිකත් විකුණනවැයි...?

DP - පිස්සුද මචං ඒව නෙමේ ගල් අරක්කූ. උපාසක මහත්තුරු වතුර බොනව වගේ රහමෙර බොන්නෙ.. මම හිතන්නෙ උඹගෙ මොකක් හරි අණකිරීමක් වගේ මුන් එදාට බොන්නෙ..

MR - ආ... ඔව්... ඔව්... මම උන්ට කියල තියෙන්නෙ තිතට මත් වෙන්නෙයි කියල...

DP - දැන් ඉන්න කොල්ලො මාර ආතල් එකක් ගන්නෙ නේද පොයට,,,?

MR - ඔව් ඔව් දැන් යුද්දෙත් ඉවරයි.. සුද්දෙත් නියමෙට යනව.. උන්ට කිසි ප්‍රශ්නයක් නෑ. අනික මම උන් ගැන බලන්න දීලා තියෙන්නෙ අර කටින් යාපනේට රේල් පාර මාස තුනෙන් දාපු එකාටනේ. ඌ ළඟදීම නිවන් යන්නත් ක්‍රම හොයල දෙන්න බැරි කමක් නෑ... හරිය...

DP- ඇත්තට....?

MR - ඒක නෙමෙයි මිහිඳු හාමුදුරුවෝ එහෙම හම්බ උනේ නැතෙයි..?

DP - අපොයි ඉඳල හිටල මිහිඳු ගූහාවෙදී බැහැ දකිනව.. ඒ හැම වෙලාවෙම උන්වහන්සේ අඬනවා එයාගේ තාත්තට දොස් කිය කිය.

MR - අනේ පව්... අර මක්කටෙයි...?

DP - මෙහේට එව්වට වඩා හොඳයි ඇෆගනිස්ථානෙට යැව්වනම් කියල.උන්වහන්සේ කියනවා හොඳ වෙලාවට මම ඉන්න කාළේ ආවේ.. දැන් කාළේ එහෙම ආවනම් අන්‍ය ආගමක් ප්‍රචාරයට ආපූ NGO කුමන්ත්‍රණ කාරයෙක් කියළ උන්වහන්සෙත් අපවත් කරල. මිහින්තලෙත් ඩයිනමයිට් දාලා පුපුරුවයි කියළ..
එහෙම ආරංචියක් ඇවිල්ලද දන්නෙ නෑ.. අර අහිංසක මහ ඇමතිටවත් කියන්නෙ නැතුව දැන් ඉන්න නායක හාමුදුරුවොත් රට දාල වැඩ්ඩ වැඩිල්ලක් පිට රටටම......

ප: ලි:
වෙසක් ආතල් අරගෙන මාදු ගඟ දිගේ තුන් දෙනෙක් නිවන් ගියා.. පොසොන් එකටවත් ගානට බීපීයව්.....

ඊටත් පසුව ලියමි -

උපසාන්ත මහත්තය අහල තිබුනා.. මක්කයි උනේ කියල.. පරණ ලදරං ගොන්පීටර් කෙනෙක් ඉන්නෙ. මේ ටිකේ ලෙඩ වෙලා.. ලෙඩේ හොයාගන්න බෑ.. හදාගත්ත ගමන් ආයෙත් සුපුරුදු පරිදි දෙඤ්ඤං... මේක මම කලින් ලියල තිබුන එකක්..

27 comments:

  1. ඔක්කොමත් හරි අර අන්තිමට කියපු NGO කතාව තමයි නියම. ඇත්තට්ම අද කාලේ උනානම් එහෙම තමා වෙන්නේ... නියමටම ලියල තියෙන්වා ගොයියො...

    ReplyDelete
  2. ඒක නියම කතාව!

    මෙන්න මගේ ඇත්තම කතන්දරයක් ඔය තිස්ස ගැනම.

    http://kathandara.blogspot.com/2010/02/blog-post.html

    ReplyDelete
  3. හික් හික්!! මරු කතාව...

    ReplyDelete
  4. අපූරුයි.. අපූරුයි...!!!
    ඔක්කොටම වඩා topic එක මරු
    ("... පෝයට මොකද කරන්නේ...? ")

    හැබෑටම මිහිඳු හාමුදුරුවො ආයෙමත් මේ පැත්තෙ ආවොතින් එහෙම මක්ක වේවිද?
    නෑ මං නිකමට ඇහුවෙ!

    ReplyDelete
  5. ආ මම ඒත් බයේ හිටියේ අපේ මාතලන් අයියා සේරම රට ජාතිය වෙනුවෙන් කරන වැඩ නවත්තලා පාසල් සමය ගැන කථා කියන්න පටන් ගනීවත්ද කියලා.

    ඇන්. ජී. ඕ. කථාව නම් වදින්න ඕන තැනට වදින්න ලියා තියෙනවා අයියේ. එක අතකට බැලුවාම ඒ කාලේ දැන් කාලේට වඩා විචාර බුද්ධියක් තිබුණු මිනිස්සු ඉඳලා තිබුනු නිසා අපිට අද බුද්ධාගම අදහන්න පුළුවන් වෙලා තියෙනවා.

    ReplyDelete
  6. නියම කතාව..

    ReplyDelete
  7. මම දවසක් අහගෙන කවුද ලොකු ඇමතියෙක් කියනව ලංකාවට බුද්ධාගම ආව සමානම වැදගත් දෙයක්ලු ත්‍රීවීල් පැමිනීමත්!

    ලොක්ක මේක 2010, ගන්නකො එළ i5 උකුල් ටොප් එකක්. ලොකු පොරවල් උනාම එහෙමනෙ ඉන්න ඕන. හැමදාම අනුන්ට කඩෙ ගිහින් හරියන්නෙ නෑ, ඔය මංකොල්ල කන ඒවැයින් ටිකක් තමන්ගෙ වැඩ වලටත් තියා ගන්න.

    ReplyDelete
  8. හැබෑවට මිහිඳු හාමුදුරුවෝ දැන් කාලේ වැඩියා නම් වෙන්නේ ඔය සන්තෑසිය තමා....... අනේ කාලේ වනේ වාසේ කිව්වාලු...

    ReplyDelete
  9. කොහෙද ගියේ? මොකද කතන්දර නැත්තේ? මාමංඩි කියපු දවසට තව දුරයි නේද? අනං මනං ලියන්ණ ගිහිං වයිට් වැගන් එකක් වත් සෙට් වුනාද?

    ReplyDelete
  10. එල එල... නියම කතාව

    ReplyDelete
  11. තිස්ස තිස්ස දැං ඇසළත් ඇවිත්, තාම ගොං පීතර නිදිද?

    ReplyDelete
  12. එල මචං එල.....
    පිස්සු කොර.....

    ReplyDelete
  13. මාතලං ගොයියෝ මක්කැයි මෙච්චර දවසක් කිසි හාවක් හූවක් නැත්තේ ?

    ReplyDelete
  14. හුහ්හූ...................... ඇ... හු... ණ....දෝ....!
    යහතින් ඉන්නව නේදෝ....?
    ඉක්මනට ආයෙ වරෝ.............!!!

    ReplyDelete
  15. මොකෝ පේන්න නැත්තේ....? අර පීටර් ආයෙ ලෙඩ වෙලාද?

    ReplyDelete
  16. [url=crush-the-castle.com]Crush The Castle[/url]

    ReplyDelete
  17. කෝ ඇත්තට, මොකද උනේ?

    ReplyDelete
  18. Hey - I am really glad to discove this. great job!

    ReplyDelete
  19. ආයෙත් ළඟයි- තිස්ස, තිස්ස, පෝයට මොකද කරන්නෙ? :D නියම ටොපික් එක.

    ReplyDelete
  20. මොනවා කරන්නද.. ඕක ප්‍රසිද්ධ පොසොන නාටක නේ.. පාස්කු නට්ටිය වගේ තමයි...

    ReplyDelete
  21. නියම ලිපිය .. මට මතක්වූනා කෙනෙක් කියපු විහිලු කතාවක් ... (පව් සිද්ද වෙන එකක් නැහැ නේද? )
    "ඉන්දියාවේ ඉඳල එන්ඩත් දන්නවා ... මගේ නමත් දන්නවා... මේ ගහ මොකක්ද කියල දන්නේ නැහැ ? උඹ බබා "

    ReplyDelete
  22. දෙතුන් වතාවකට වඩා කියවලා තියෙනවා, අදයි කොමන්ටුවක් දාන්නෙ.

    මේ කාලේ ආවනම් ඩයිනමයිට් සුවර්ම තමා..! :D

    ReplyDelete
  23. හිටිගමං අතුරුදහන් වෙන එක පොසොන් කිට්ටුව උඹට එන ලෙඩක් වගේ.. :) හැබෑට පොසොන් වලට මොකද කරන්නේ?

    ReplyDelete
  24. කවුද ඩෝ මගේ නම කියල කතා කරන්නෙ...? බඩගිනි නම් ඔය අඹ ගෙඩියක් කඩාගෙන කාලා පලයන් වද නොදී!

    ReplyDelete
  25. අජිත් ධර්මකීර්ති කියන්නේ ආවොත් සෙන්ට් ගියොත් ඕඩීකොලොන් ජාතියේ පොරක්. යකෙකුටවත් බය නෑ. මෑන් ගාව මරනෙත් පදිරිවෙලා තියෙනව. ගහනව කිව්වොත් ගැහුවා. මරනව කිව්වොත් මැරුව. මීට පෙරත් ඒවගේ ගේම් ගහපු සුපිරි චරිතයක්. අනික් අටදෙනාම ගියත් නොමැරුනොත් මෙයා තනියම හරි ගේම් එක ප්ලේ කරනව. මීට පෙරත් 88/89 භීෂණ සමයේ රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවේ ලංකාවට ඇවිත් ඒ ගමන්ම තුන්දෙනෙක් එක්ක මාතර ගිහින් කැරලිකරුවන් පිරිසක් පස්සෙන් පන්නල බාවපු සුපිරි චරිතයක්.

    ඒ කාලේ ජේආර් ජනාධිපති. රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමති. ජේආර්ගේ පුතා රවී තමයි ජනපති ඇතුළු ප්‍රභූ ආරක්ෂාව භාරව හිටියේ. එයා ඒකටනේ විශේෂ කාර්ය බලකාය හැදුවෙත්. ඉතින් ඔය කාලේ ජේවීපී ත්‍රස්තවාදය තදටම තියෙනවා. රජයේ දේපල මංකොල්ල කනවා, ගිනි තියනවා, මිනිස්සු මරනවා. එකම අවුලයි.

    ඔය කාලේ මාතර පැත්තේ ගමට ජේවීපී ටෙරාලා සංවිධානය වෙමින් ඉදලා ලොකු ප්‍රහාරයකට. ප්‍රාණ ඇපකරුවන් විදියට ඇමතිවරු දෙදෙනෙකුත් අල්ලා ගෙන. ඕක විසදා ගන්න එක ජේආර් භාර දීලා රවී ජයවර්ධනට සහ රනිල්ට. රනිල් ඒ වෙලේ හිටියේ බියගම බටලන්දේ.

    රනිල්ට එක පාරටම ඔලුවට ඇවිත් තියෙන්නේ මේකට සුදුස්සා නං අජිත් ධර්මකීර්ති කියලා. රනිල් ඒ වෙලේම මොස්කව් වල ශ්‍රී ලංකා තානාතිපති කාර්යාලට රහසිගත කේබල් පණිවිඩ දෙකක් යවලා. එකක් තානාතිපති කාර්යාලය හරහා අජිත් ධර්මකීර්තිට යවලා තියෙන්නේ. අනික එවකට රුසියාවේ ජනාධිපති ගොර්බවෙච්ට.

    රුසියන් ජනාධිපතිට ඉල්ලලා තියෙන්නේ රනිල්ට මේ වෙලේ ලංකාවට ගෙන්න ගන්න අවශ්‍යම කෙනෙක් ඉන්නවා, ඒ අජිත් ධර්මකීර්ති. ඔහුව ගෙන්වා දෙන්න කියලා. අජිත්ගේ පණිවිඩය ලබා දෙන්න අජිත් කොහෙද කියලා කෙජිබි එක දාලා හොයලත් හොයාගන්න බැරි වෙලා.

    පස්සේ බලද්දී අජිත් ඒ වෙලේ කේජිබි ලොක්කා ගැන ඔත්තු බල බලා ඉදලා තියෙන්නේ.

    ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අජිත්ට පණිවිඩේ දීලා. අජිතුත් කම්මැලි කමේ ඉදලා තියෙන්නේ. ඒ නිසා එක පාරම කැමති වෙලා මාතර ඇවිත් ජේවීපී ටෙරාලා එක්ක සටන් කරන්න.

    රුසියන් ජනාධිපති විසින් රනිල්ගේ ඉල්ලීමට ඇති පදම් ඉන්ධන පුරවපු ඇන්ටනෝව් ගුවන්යානයක් ලබා දීලා අජිත්ට අමතර ඉන්ධන බැරලුත් එක්කම. ඒ පාර අජිත් සහයට තව ගුවන් නියමුව්ක් ඉල්ලාගෙන අජිත්ම යානය අරගෙන ඇවිත් කොග්ගලට.

    එතනින් යානය නවත්තවපු ගමන් පළාත් සභා පැජරෝවක් අරගෙන අජිත් කෙලින්ම ගියේ මාතරට. අජිත්ට තව සෙබළු තුන්දෙනෙක් රනිල් දීලා තිබ්බා.
    අජිත් ධර්මා මාතර ගිහින් ත්‍රස්තයන් බාවලා ඇමතිවරු බේරාගත්තා. අජිත්ට හිරීමක් වත් නැහැ. එක සෙබලෙක් නං එනගමන් ගහක මුලක කකුල පැටලවිල වැටිලා කකුල දෙරි ගහගෙන තිබ්බා. එච්චරයි.

    එකපාරක් තිහගොඩ අපේ කට්ටියක් ජේවීපී ත්‍රස්තයන්ට කොටුවෙලා පන පිටින් අල්ලගන්න කිට්ටුම වෙනකොට තුන්දෙනෙක් එක්ක ගේමට බැහැල ජේවීපී ටෙරාව නන්නත්තාර කරල පොකුරු පිටින් එලොව යවල ටැට්ටරේකුත් අල්ලල අපේ කොටුවුන ටීම් එකත් සීරීමක්වත් නැතුව බේරාගත්තු ජාත්‍යන්තර පොරක්.

    එයාට යුධ පුහුණුව ලබා දීමට රුසියාවෙ කෙජිබි බුද්ධි අංශයට යැව්වේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාගේ උවමනාවට.

    ඊට පස්සේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය, ඉන්දියාවේ රෝ ඔත්තු සේවය, බ්‍රිතානයේ බුද්ධි අංශ මගින් පුහුණුව ලබා දුන්නා.

    අජිත් ධර්මකීර්ති මහතා කොතරම් දක්ෂයෙක් දැයි කිවහොත් කොටි සංවිදානයේ ටොසි බුද්ධි අංශයෙනුත් පුහුණුව ලබා ගැනීමට ඔහු සමත් උන.
    බුද්ධි අංශ නායක කර්නල් සුසෙයිගේ අභ්‍යන්තර කවයේත් හිටියා. ඒ ආණ්ඩුවේ උවමනාවට.

    ReplyDelete
    Replies
    1. 1) අජිත් ධර්මකීර්ති මහත්තයා රාජකීය විද්‍යාලයේ පන්ති නායක කම ගත්තේ හම්බුනේ නැති නිසා නෙමේ. උදේම ඇවිත් පන්තිය අතුගාන්න වෙන නිසා.
      2) අජිත්ගේ ඔලුවේ එක කොන්ඩේ ගහක් වත් නැහැ. මොකද අජිත්ගේ ඔලුවට උඩින් කොන්ඩේ වත් ඉන්නේ නෑ, බයට.
      3) එක පාරක් ඇෆ්ගන් යුධ බිමේදී අජිත් ධර්මාගේ මාරයාගේ ගෙදර දොරකඩට ගිහින් ආවා. ඊට පස්සේ අජිත් මාරයාගේ ගෙදර අල්ලා ගත්තා. දැන් මාරයාට ඉන්න තැනක් නැ.
      4) අජිත් කොච්චර අරක්කු බිව්වත් අජිත්ට වෙරි වෙන්නේ නැහැ. ඒ වෙනුවට බෝතලේ වෙරි වෙනවා.
      5) ටයිටනික් චිත්‍රපටියේ ජැක් ගේ චරිතෙට අජිත් ධර්මාකීර්ති තමයි කැමරන් තෝරා ගත්තේ. ඒත් රෝස් ලස්සන මදි කියලා අජිත් බෑ කිව්වා.
      6) කේජිබි එකේ ලොක්කා ගැන ඔත්තු බලන්න දාලා හිටියේ අජිත්ලු.
      7) ජේආර් ව්‍යවස්ථාව හැදුවෙත් අජිත් ධර්මාගේ උපදෙස් අරං
      8) අජිත් ඉපදෙනකොට අජිත් ලෑ තාත්තා ආච්චිගේ බඩේ. අජිත් තමයි තාත්තට නම දාලාත් තියෙන්නේ.
      9) මහින්ද මහත්තයා උඩු රවුල වවන්නේ අජිත් කිව්ව නිසාලු.
      10) අජිත් කොට නිසා ඉස්සර ඉස්කෝලේ බුලි වෙලා, ඒ නිසා අජිත් එයාගේ ළමයි අජිත්ට වඩා උසට හැදුවලු.
      11) අජිත් කවදාවත් අව්ව තපින්නේ නෑ. ඒ වෙනුවට අව්ව අජිත්ව තපිනවාලු.
      12) කොටි එක්ක යුද්දෙදි ඕමන්තෙයි ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගන්න බැරුව හමුදාව මාස තුනක් විතර බලං ඉද්දි අජිත් ඇවිත් ඒක විනාඩියෙන් කඩලා දුන්නලු.
      13) අජිත් කෝච්චි පාරේ ඇවිදන් යනකොට කෝච්චි අයින් වෙලා යනවලු.
      14) අජිත් ධර්මා හුස්ම අරං එලියට දාන්නේ නැල්ලු. මොකද කාබන්ඩයොක්සයිඩ් හොද නැති නිසා. වෙනුවට අජිත් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඔක්සිජන් එලියට දානවලු.
      15) අජිත්ගේ ඔළුවට උඩින් ඉර උනත් පායන්නේ නැල්ලු, බයට.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න