.

.

Jul 19, 2011

හොරා පොලිස් සෙල්ළම - High Speed Drama



විදේශයක සිට පැමිණි මිතුරියන් දෙදෙනකු ගුවන් තොටුපලට ඇරලවා, නෝනාත් සමඟ නැවත නිවසට එන විට රෑ 1 . 30 ට පමණි. වැලිසර හරියේදී හඳුන් කූරක් වැනි එළියක් සමග ට්‍රැෆික් රාළහාමී පාරේ මැදටම පනී. උන්නෑහෙත් බේරගෙන වාහනය පාර අයිනට කොට නැවත් වූවෙමි. මගේ සිරිත පොලොස් මහත්තුරු අපහසු තාවයට පත් නොකොට ඔවුන් අසලට යාමයි. මෙය එක්තරා කට්ට කමක්ද වේ.



මොකද රාළහාමී..?
කීයටද ආවේ..?
ගෙදරින්ද...?
නෑ ස්පීඩ් එක
ඇයි ඔය මැෂිමෙ වැටෙනවනේ..?
නෑ මන් ඇහුවේ මහත්තය කීයටද ආවේ..?
මම ආවේ 70 ට අඩුවෙන්..
නෑ ඊට වැඩියෙන්..
කීයටවත් වෙන්න බෑ එහෙනම් මැෂිම පෙන්නන්න..
ඇයි මොකද ප්‍රශ්නේ...? අනෙක් හාල්පාරූවාත් නාටයකට එක්වෙයි..
මම ආවේ 70 ට අඩුවෙන්.. මැෂිම පෙන්නන්න බැරි ඇයි...
ඒක මැකුන, ඒ උනාට තමුසෙ ආවේ 70 ට වැඩියෙන්.. දෙවනි මහත්තය
ඔයාට කොහෙද වායනයක් එනව පෙන්නේ වත්තක් අස්සෙ ඉඳගෙන..
තමුසෙට එව වැඩක් නෑ.. මෙයා කියනවනේ තමුසේ ආවේ 70 ට වැඩියෙන් කියළ..
අයිසෙ මමත් හරකෙක් නෙමෙයි. මේ මගේ රස්සාව මම තමුසෙල ඉන්න තැන් දන්නව. මම ආවේ 70 ට අඩුවෙන්..
හා හා මහත්තය යන්න, යන්න... පළවෙනි රාළහාමී.

මේ අත්දැකීමට ගොඩක් අය මුහුණ දීල ඇති. මහ රෑ පාරේ වාහන නැති වෙළාවටවත් 70 ට වැඩියෙන් යන්න බැරිද? ළක්ෂ ගනන් ගෙවල මිනිස්සු වාහන ගන්නේ බර කරත්ත වගේ යන්නද.? මේ අවස්ථාවල ළොකු වාහනවල එන මහත්වරු පොලෝසියෙන් අහනව මම අනන්තවත් අහල තියෙනව. ඒ තියා දැන් පිට පලාත්වල නොම්බර එකට හදල තියෙන, වාහන අඩු පාරකවත් 70 ට වැඩියෙන් යන්න බෑ. මීටරෙත් උස්සගෙන පාර හරහ පනිනව පඳුරු අස්සෙ හැංගිල ඉඳල. 

මොන මළදානෙටද මෙච්චර වියදම් කරල පාරවල් හදන්නෙ..? පොලෝසියෙන් අල්ලනව තියා බල්ල්නෙවත් නැති, වී අයි පී වාහනවලට යන්න විතරද..? මොකක්ද මේ විකාරේ තේරුම..? දේශපාළකයන්ට අයිති තඩි බස් වලට මේ නීතී බලපාන්නෙ නැද්ද..? සාමාන්‍ය ජනතාවට විතරද මේ නීතිය? අනෙක මේක මාර නීතියක්නේ.. මේ හයි ස්පීඩ් ඇල්ලුවම, උසාවී දාන්නේ "අපරික්ෂාකාරී ලෙස රිය පැදෙව්වයි" කියල.

දැන් එතකොට මේ නීතිය දකුණට හදපු හයි වේ එකෙත් ක්‍රියාත්මක කරනවද..? එතකොට වී අයි පී වාහන, වාහන 10-15 එක දිගට ඕවටේක් කරගෙන යන්නෙ ආරක්ෂාකාරීවද..? අර රජ කාළේ රජ්ජුරුවෝ එනකොට කාණුවට බහිනව වගේ, අනෙක් වාහන කාණුවලට දාලා තම්යි එතකොට ඉඩ දෙන්නෙ. මහ බස් ඕවටේක් කරන්නෙ ඉදිරියට එන මෝටර් සයිකල්, ත්‍රී වීලර් තුට්ටුවකට මායිම් නොකර. හොඳම උදාහරණය, පේරාදෙණියෙ ඊයේ පෙරේදා සිද්ධ වුන අනතුර.

මගේ දැනීමේ හැටියටනම් පොලීසිය මේ කරන්නෙ උසාවී නියෝගයක් අමු අමුවේ උල්ලංගනය කිරීමක්. මොකද අන්දෝලනාත්මක තීන්දූ කීපයක් දීපූ සරත් ද සිල්වා අඟවිනිසුරු තුමා මේ වැඩේ නීතීයෙන් තහනම් කළා. ඒ තහනම් කළ නිසා තමයි නඩු දාන්නේ "අපරික්ෂාකාරී ළෙස රිය පැදවීම" කියල. මට තියෙන ප්‍රශ්නය තමයි අධිකරණය මේ දේ දන්නෙ නැද්ද..? අඩුම ගානේ උසාවියට පැමිණියාමවත් මේ ගැන ප්‍රශ්ණ කරන්නෙ නැද්ද..? මේ කරන්නේ උසාවියට අපහාසයක් නේද..? අධිකරණයට මේ ගැන පියවරක් ගන්න බැරිද..?

දැන් මෙයාලගෙ ප්‍රධාන ටාගට් එක වෙලා තියෙන්නෙ ටුවරිස්ට් කාර්. ඒවල අයත් රු 500 අතේ තියාගෙන වාහන එළවන්නෙ. සංචාරක ව්‍යාපාරය නංවන්න කියල කියුවට, සංචාරකයෝ කැමති නෑ පාලූ පාරවල් වල කොට කොටා යනවට. අනෙක ඒ මිනිස්සු අදාල තැන්වලට වෙලාවට ගෙනියන්න ඕන. නැත්නම් ඒ මිනිස්සු කේන්ති ගන්නෙ මුලු රටත් එක්කම. ඒ නිසා මේ ගැන අවබෝධයක් තියෙන අය, විශේශයෙන් නීතිවේදීන්ගේ අදහස් මම උදක්ම බලාපොරොත්තු වෙනව. ඒ වගේම මේ සංවාදය ඉදිරියට ගෙන ගොස් කුමක්ද ඇත්ත කියා සමාජය දැනුවත් කරන එක කාගෙත් යුතුකමක්.

28 comments:

  1. හයිස්පීඩ් නීතියනම් අයින් කලා කියල තමයි මමත් දන්නෙ... හැබැයි දෙයියනේ කියල ඕ‍වට කතා කරන්න පොලිස් මාමල ඉඩ දෙන්නෙ නෑනෙ...

    ReplyDelete
  2. @ සාතන්
    මේ නීතිය එක එකාට එක එක විදියට බලපාන්නේ. එක දවසක් ලෝයර් කෙනෙක් අල්ලල නැට්ට පුකේ ගහගත්ත...

    ReplyDelete
  3. Gimhani

    බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.....

    ReplyDelete
  4. වැඩක නෑ අයියා පොලිසිය ගැන කතාකරලා... මහ අමනයෝ ටිකක්.

    ReplyDelete
  5. @ Anonymous
    මෙතනදි නඩු කාර හාමුදුරුවන්ලගෙ අදහස තමයි මම හොයන්නෙ..

    ReplyDelete
  6. @ prasanna86k
    හොඳ ඒවුනුත් ඉන්නව.. ඒකයි පලු යන්න දෙන්න අමාරූ...

    ReplyDelete
  7. ඔබ හරි මේක පුදුම රටක්. අපි සාමාන්‍ය විදියට පුරවැසියො වුනාම හැම එකාගෙම ගෙම්බර් බලන්න ඕනෙ. හැබැයි රාජකාරි හැදුනුම් පත දැක්කම මුන් බල්ලො වගේ නගුට වනනවා. මම නම් කරන්නේ දඩය ලියාගන්න කියලා හයියෙන් කියන එක හැබැයි හයි ස්පීඩ් කියලා ලියන්න කියලා බල කරනවා. කවදාවත් ලියන් නැහැ. උන් ඒකට බයයි. මේ යක්කු නම් හදන්න බැහැ. රාජකාරිය හරිට කරලා ගෙදර යන්න වෙනවට උන් බයයි. (ඒකත් හරි කෙලවුනාම උන්ගේ දරු මල්ලන්ටනේ පාඩුව.) ඒක මේ රටේ මහ උන්ගේ වරද. අපිත් වැරදි මේවා බලන් ඉන්නවට.

    ReplyDelete
  8. @ වෙද ගෙදර මහ වෙදනා
    මේකට විරුද්ධව උසාවියක නඩුවක් දාන්න බැරිද.. ඔය මානව හිමිකම් සුරකින ඇන්.ජී.ඕ. එකකටවත්..

    ReplyDelete
  9. පොලිසිය ගැන කාටත් තියෙන්නෙ වැඩිය හොඳ චිත්‍රයක් නෙමෙයිනේ. මේ ලඟදි මාත් මගේ පළවෙනි දඩ කොලේ ලියාගත්තෙ ඔය වගේම තමයි.
    බෙලිඅත්තෙ අපේ තාත්තගේ මහ ගෙදර ගිහින් ආයෙ ගාලු එනව. රෑ 8ට විතර. හබරාදුව හරියෙදි. මට ඉස්සරහින් මාතර කොළඹ බස් කාරෙයෙක් යනව වැලිගම වගේ ඉඳන්. මට දැන් මල පැනල මොකද මූ එක දිගට යන්නෙත් නෑ හෝල් එකක් ගානෙ යන්තම් නතර කරල සෙනග ගන්නව. ඒ නවත්තන්නෙත් පස්ස පාර හරහා හිටින්න. ආයෙ පාර පුරා කෙළගෙන යනවා. ආයෙ තව එකෙක් අත දැම්ම ගමන් නැවැත්තුව. දැන් මාත් හිත යටින් කුණුහර්ප කිය කිය යනවා පස්සෙන්. හබරාදුවට කලින් වංගුවත් තිබ්බා ‍ඩබල් ලයින් දාපු. බස් එකට ඉස්සරහින් තව කාර් එකක් යනවා. දැන් බස් කාරයා යන්නෙ පාරෙ අනිත් පැත්තේ. දන්නවනේ උන් යන විදිහ. වංගුවෙ උනත් එහෙමයි. වංගුව යන්තම් පහුවෙන්කොටම බස් එක හුටස් ගාල බ්රේක් ගහල අයින් කලා මම හිතුව මූ තව එකෙක් නග්ග ගන්න නැවැත්තුව තමයි කියල වංගුව පහුවෙනකොට පේනව අනිත් පැත්තෙන් වාහනත් නෑ සුටුස් ගාල 3rd එකට දාල ඉස්සර කලා. අනේ පහුකරලා අනිත් පැත්තට ගන්න කොටම ඉන්නව පොලිස් මාමල රතු පොල්ලත් තියාගෙන. නැවැත්තුව ඉතින්. බස් කාරය මුළු වංගුවෙම පාරෙ අනිත් පැතෙතෙ ආපු එක ඌ දැක්කෙ නෑ. වංගුව පහුවෙන කොටම මම ඉස්සර කරපු එක දැක්කා. මොන දෙයියන්ට කියන්නද. පස්සෙ ගිහින් දඩේ ගෙවල ලයි‍සොම ගත්තා.

    ReplyDelete
  10. @ සුසිත රවීන්ද සෙනරත්

    පව් කොලුව.. ආගියු කොලේ නැත...?

    ReplyDelete
  11. නීතිය,යුක්තිය වල්වැදුන රටක පොලිසියෙන් සාධාරණය බලාපොරොත්තු වීම පලකට නැති දෙයකි.

    ReplyDelete
  12. @ Anonymous
    එහෙමෙයි කියල හැම එකටම සද්දෙ වහල ඉන්නෙ කොහෙමෙයි..?

    ReplyDelete
  13. මේ වගේ දේවල්වලදි පිටරවල මිනිස්සු නම් එකතු වෙලා සාමූහිකව නීතිය ඉස්සරහ අභියෝග කරනවා (Class Action).මාතලන් සහ අනිත් අය කියන විදියට මේ ගැන නීතිය ඉදිරියේ කතා කල යුතුයි.අනිත් එක තමයි පොලිසිය වේගය මනින්න පවිච්චි කරන රේඩාර් ගන් එකේ නිවැරදිතාවය Accuracy ගැන උසාවියේ අභියොග කිරීම.මොකද හෙම මිනුම් උපකරනයක්ම වරින් වර පරීක්ශා කල යුතුයිCalibration. ලංකාවෙ තියන ඒවා මම හිතන්නෙ නෑ කවදවත් Calibrate කරලා ඇති කියලා.මේවායේ ටෙක්නිකල් පැත්ත දන්න කෙනෙක් ඉන්නවද? පොලිසිය පාවිච්චි කරන වර්ගය දන්නවනම් පුලුවන් වෙයි හොයාගන්න.අනික් කාරනය තමයි පිටරටවල නම් පොලිසිය පාරෙදි පාවිච්චි කරන්න පටන් ගන්න කලිනුත් චෙක් කරනවා Initial Calibration. ඒක කරලා කොලයක් පුරවන්නතියනවා. මේ ගන් එක 100% නිවෙරදි නැහැ.අනික පොලිසිය මේවා නිවෙරදිද කියලා කවදාවත් බලනවද?කවුරුහරි මේ subject එක ගැන expert කෙනෙක් උසාවියට කිව්වොත් පිලිගනී??????

    ReplyDelete
  14. ඈහ්හ්..එහෙම නීතියක් ත්යේ නම් කුජීතයි නෙ...ඔය අපි ක්ලාස් යද්දි පාන්දර 4ට විතර යාපනය-කොලබ(87) බස් එක යස අගේට පැයට කිලෝමීටර් 100 පන්නනෙ :ඔ...කෝ පොලිසිය නෝ කේස් නෙ /

    ReplyDelete
  15. මේක කතා කරන්න ඕනේ මාතෘකාවක් අනිවාර්යයෙන්ම. ඇත්තටම ඔය උපකරණ වල නිවැරදිතාවය පිළිබඳව නඩු කියල, නඩු දිනපු අවස්තාවන් තියෙනවා වෙන රටවල. ලංකාවෙ තවම ඒ දේ සිද්ධ වෙලා නැහැ මං දන්න විධියට. ඒ කාරණාවට කට්ටියක් එකතු වෙලා නඩු කියන එක තමා හොඳම විධිය, මොකද සෑහෙන වියදමකුත් දරන්න සිද්ධ වෙන නිසා.

    ReplyDelete
  16. @ Anonymous
    ඒ ගැන නම් දන්නෙ නෑ. මැෂිම දීල ඕ අය් සී දෙනවලු ටාගට් එකක්, එතකොට ඕ අයි සී මහත්තයයි සාජන් මහත්තයයි කොස්තාපලුයි තුන් දෙනෙක් ජීවත් වෙන මැෂිමක් මේ.. මේ වැඩේ කොහොම හරි නතර කොරන්න ට්‍රයි එකක් දෙමු ඇනෝ...

    ReplyDelete
  17. @ චාටර් කොල්ලා
    ඒකනේ කොලුවො මටත් තියෙන ප්‍රෂ්නේ....

    ReplyDelete
  18. @ Observer
    අන්න හරි ලොක්කො.. ඔය නොමිලේ පෙනි හිටින රාජ්‍ය නොවන ආයතනයකටවත් බැරිද මේ වගේ දේවල් වලට මැදිහත් වෙන්න..

    ReplyDelete
  19. ඔය මැෂින් වල හරියටම මිනුමක් ගන්න පුළුවන් අංශක 15-20 ත් අතර ඇන්ගල් එකකින් අදාල වා‍හනේට එල්ල කලොත් විතරයි කියල තමයි මම අහල තියෙන්නෙ... කොහෙවත් තියෙන වත්තක්, පඳුරක් අස්සෙ ඉඳල දික්කලාට හරි විදිහට ස්පීඩ් එක මනින්න බෑ කියල තමයි කියන්නෙ..
    ඒ වගේම තමයි වාහන දෙකක් එක ලඟ එනකොට ඕක පාවිච්චි කරල ස්පීඩ් එක චෙක් කරන්න බෑලු.. (මම කිව්වෙ ලංකාවෙ තියෙන ගැජමැටික් එක... පිටරටවල දියුණු උපකරණ තියෙනවලු...)

    ReplyDelete
  20. මාතලන් සෑර්, මේ පොලොවේ පය ගහල ඉන්ට ඕනෑ කාලයක්!!
    හීන ලෝක ඔල, සූස්ති ඇද ඇද ආතල් ගන්ට පුලුහන් කාලයක් නෙමේ මේක.

    යෝශිත හාමුගේ වෙන්ට වයිෆ් කොම්ප්නියක ලොක්කෙක් කොරල, ඒකෙ ඔපීසියත් ජනාදිපති ලේකම් කර්යාල ගොඩනැගිල්ලෙම තියාන, ජනාදිපති කාරයාල වැය ශීර්ශයෙන්ම ඒකේ වියදම් දරල, විකාශන උපකරන ජනාදිපති මාද්දිය ඒකකයෙන් සපයල, ITN එකේ කුලුනෙන් විකාශනය කරන්නත් දීලා, වැඩ කරන ඉන්ජිනේරුවොන්ට ටෙලිකොම් එකෙන් පඩිගෙවල, ක්‍රිකට් විකාශන අයිතියත් ඒකටම දීපු රටක, මහජන් මුදල් වලින් පවුල තරකරගන්න, ලැජ්ජාව කියන එක හූනු බෙට්ටක් වත් නැති මහ එකෙක් ඉන්න රටක, සෑර් මේ කොස්සෙක් දෙන්නෙක් තමන්ගේ ලමයට රෙදිකෑල්ලක්, හාමිනේට චීත්ත කෑල්ලක් ගන්න ගහන පොඩි ගේමට කෑ ගහල වැඩක් නෑ නේද සෑර්?

    ReplyDelete
  21. @ සූස්තී ගුණේ
    කොහෙන්ද ගුණේ පටන් ගන්නේ.. කියාපියෝ..
    මේ ප්‍රශ්නෙ බලපාන පිරිස වැඩියි.. අර ප්‍රශ්නේ බලපාන අයට වැඩිය..

    ReplyDelete
  22. හයිස්පීඩ් ව්ලටනං රේඩාර් ඩිටෙක්ෂන් ගැජමැටික් එකක් හයි කර ගත්තනං වැඩේ ඉවරයි. ඒත් වංගුවල ඉස්සර කිරීම ඉරි කැපීම වගේ ඒව නං පිළි පදින්න හොඳ නීති. මේ මං කියන්නෙ තනියම බුදුවෙන ක්‍රමේ. අර ඔටෝ ලංකා වගේ සයිට් එකක මේ ගැන ලියල මෙම්බර්ස්ල එකතු කරන් නඩුවක් දානවනං අපිත් මෙහෙ ඉඳන් හරි පුළුවන් සප් එකක් දෙන්නං.

    ReplyDelete
  23. @ ඉන්දික උපශාන්ත
    ඒ කොරොමේ මන් ගඡ්ඡාමී.. මට ඕන මේකට ගේමක් අඳින්න...

    ReplyDelete
  24. @මාතලන්
    මගුලක් කතා කරනවා. මොනව කතා කරන්නද? මට කලින් නවත්තපු එකෙක් පොළවෙ අත තියල දිව්රල කියනවා ඩබල් ලයින් කපල නෙමෙයි නැවැත්තුවේ ඊට පස්සෙ කියල. පොලිස් කාරය කියනව නෑ කැපුවමයි කියල. ඉතින් මොනව කරන්නද? මමත් වංගුවෙ පාරෙ දකුණෙන් ආවෙ නෑ. ඕන නම් ඩබල් ලයින් එක ඉවර වෙන්න අන්තිම අඩිය දෙක කැපෙන්න ඇති. ඉතින් නෑ කිව්ව ගියල අරූ පිලි ගන්න එකක්යෑ. මම නම් ජරාව දෙන්නෙත් නෑ. කිව්වා හරි රාලහාමි දඩ කොලේ දෙන්න කියල. රැ 500ක්.

    ReplyDelete
  25. @ සුසිත රවීන්ද සෙනරත්
    ඉරි කැපුවනම් ගෙවන්නම එපායෑ ඉතින්.. අනික් දවසෙ ගල් බලන්නෙ නැතිව ඉරි බලාගෙන පැදපන්

    ReplyDelete
  26. මේකයි මම කියන්නෙ හයි ස්පීඩ් කිව්වම නම් මීටරේ වත් තියනව කියමු. ඉරි කැපුවා කියනකොට? පොලිස් කාරයා කියනවනම් කැපිලා නැත්තම් නෑ. මොකෝ ඉර කැපෙනකොට පොටෝ එකක් වදින්නෙ නෑනෙ. මම හිතන්නෙ අර බස් කාරය ඉරි කපන්නෙ නැතුව ඇති මොකද ඌ තනිකර දකුණෙන්නෙ ගියේ. ඒ නිසා ඌට දඩ නෑ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න