.

.

Jul 21, 2011

නව පරපුර ටැලන්ට් නැද්ද...? - Talented New Generation


මොන බොරුද මල්ටි ටැලන්ටඩ්. ඉතාම දක්ෂයි. නමුත් අපේ වගේ රටවල් වල පරණ සෙට් එක, ඒක පිළිගන්න අකමැතියි. ඔවුන් හොඳටම දන්නව අළුත් පරපුර මාරම දක්ෂයි කියල. (අමරදේව රූකා බදාගන්නෙ ඒ නිසයි..) නමුත් ඒක කියන්න කැමති නෑ කුහකයි. එයාලා කැමති එයාලට දෙවිවරුන්ට වගේ දෙකට නැමිල වඳින අයට විතරයි. ටැලන්ට් එක තියෙන එකා අනිත් ඒවුන්ට වඳින්න ඕන නෑ. අඩුමගානේ දෙවියන්ටවත්.

මම මේ පෝස්ට් එකේ කතා කොරන්න යන්නෙ සංගීත අංශය ගැන විතරයි. එතනදි සංගීත කාරයන්ට වටිනාකමක් හදල දීපූ ෂෙහාන්ට, කොයි සංගීත කාරයත් ණයයි කියලයි මම හිතන්නෙ. මේක ලියන්න හේතු උනේ, මම ඉතා ගරු කරන, අගේ කරන, සන්නස්ගල මහත්තය දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ කරපු ප්‍රකාෂණයක් නිසයි. ඒ වැඩසටහනේ විශේෂ දෙයක් සිද්ධ උනා. එනම් රියැලටි වැඩ සටහනක (මේව රියල් රියැලටි නෙවෙයි - දන්නෝ දනිති.) ප්‍රථම වතාවට බයිල ගීත වටයක් තිබුන. එතනදි සන්නස්ගල මහත්තය පළකළ සියළුම අදහස් වලට මම 100% එකඟයි. එකම එක ප්‍රකාෂයකට ඇර. ඒ තමයි එදා වගේ, අද ගීත රස නෑ කියන එක. මම ඒක කීයටවත් පිලිගන්න කැමති නෑ.



ඇයි අද තියෙන ගීත වල පදවැල් ලස්සන නැද්ද. එදා ඒව විතරද ලස්සන. එදා සින්දු විතරද හම් කරන්න පුළුවන් ඇයි මෙදා සින්දු හම් කරන්න බැරිද. "සඳ පිනි දියේ, හිම කුමරියේ" ගීතය හම් කරණ කොට අත දරුවෝ පුදුම වෙලා වගේ හම් කරන එකාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නේ. ඒක තමයි ආවාජ්‍ය තක්සේරුව. භාතිය ෂන්තුෂ් ගේ පළවෙනි ගීතය "වසන්තයේ" වීඩීයෝ එක දැකපු මුල් වතාවෙම මම කිව්ව මුන් දෙන්න රූකටත් වඩා ඉදිරියට යනව කියල. අද ඒක උන් ඔප්පු කරල ඉවරයි. චින්තිගෙයි රයිනිගෙය් "පෙම පණ වැනි" අහපු සුද්දියෙක් මට කිව්වෙ ඒ ගීතය ජාත්‍යන්තරව ජනප්‍රිය වෙන්නෙ නැත්තෙ ඇයි කියලයි.

භාතිය ෂන්තුෂ්, ක්ලැරන්ස්ටයි රූකටයි කරන්න බැරි උනදේ ලස්සනටම කරපු දෙන්න. භාතියලගේ පන්තියට වෛර කරන පන්තියේ ආදරය ලබාගන්න උන් සමත් උනා විතරක් නෙමෙයි, ගම් වලට ළෝකය ගෙනියන්නත් උන් සෑහෙන සේවයක් කලා. අද ගමකට ගියත් කලිසම් අඳින කෙල්ලෙක් දැක්ක ගමන් මටනම් දැනෙන්නෙ අහිංසක සතුටක්. මේ ස්ටයිල් එකේ සින්දු විතරක් නෙමේ. "බාගෙට සැලුන් දොරෙන් රිංගා", "උඹේ මනාපේ කාටද දෙන්නෙ" දුකාගේ "ගොවී ගීතය" කොච්චර ලස්සන සින්දුද. අනෙක භාතියලගේ, ඉරාජ්ලගේ, කසුන් කල්හාරගේ, දසනායකලගේ, ඉන්ද්‍රචාපලගේ අන්තර්ජාතික සංගීතය ගැන තියෙන දැණුම ඔය එක විශාරද කෙනෙක් ළඟ වත් නෑ. එයාල දන්නේ ඉන්දියාවේ ශාස්ත්‍රීය සංගීතය ගැන විතරයි. අඩුගානේ බැද්දගේ මහත්තය දන්න දේශීය සංගීතය ගැනවත් හරි දැනීමක් නෑ.

එතකොට අද එතරම් ජනප්‍රිය වෙන ගීත ඉක්මනින්ම අමතක වෙලා යන්න හේතුව මොකක්ද..? දීපන්කො එහෙනම් උත්තර.. මෙන්න මේකයි උත්තරේ.. අද ළෝකය ඉතාම දියුණුයි, ඉතාම වේගයෙන් ගමන් කරන්නේ. ඉන්දියාවේ උනත් ඇමරිකාවේ උනත් ළෝකෙම ජනප්‍රිය වෙන සින්දු, හිට් වෙන සින්දු, වැඩි කල් තියෙන්නෙ නෑ. ඒකට හේතුව අද බොහෝ දෙනෙකුට ළෝකය ඕපන් වෙලා තියෙන්න. ඒකෙන් කියන්න බෑ නේ සාර්ථක ගීත බිහිවෙන්නෙ නෑ කියල. නමුත් මෑතක ජනප්‍රිය වෙල අමතක උන සිංදුවක් නැවත යන කොට මතයයෙන් කියන්න පුළුවන් කියන්නේ ඒ ගීතය අපේ මතකයෙන් ඉවත් වෙලා නෑ. නමුත් අළුත් දේවල් වලින් ඔලුව පිරිල, ඒකයි හේතුව. කොටින්ම මේ පොස්ට් එකට දාන්න උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයගේ ෆිල්ම් එකේ ජනප්‍රිය උන සින්දුව කොච්චර මතක් කලත් මට මතකයට ආවේ නෑ. (පස්සෙ කවුරු හරි මතක් කලොත් මට මතක් වෙයි.)

ඉස්සර තිබුනේ ඊට හාත්පසින්ම වෙනස් ළෝකයක්, විශේෂයෙන් 77 ට පෙර ලංකාවේ. මිනිස්සුන්ට විනෝද වෙන්න තිබුනේ ගුවන් විදුලියේ ප්‍රචාරය වෙච්ච සිංදුයි. නාට්ටියි, මැජික් වගේ කළු සුදු ච්ත්‍රපටියි විතරයි. මේ ච්ත්‍රපටි වල ප්‍රචාරණ කටයුතු උනෙත් ගුවන් විදුලියෙන්, ඒකේදි ප්‍රචාරය උනෙත් ච්ත්‍රපටියේ ගීත තමයි වැඩිපුරම, ඒ නිසා විජේ ගාමිනි වගේම ජෝති ලතාත් අති ජනප්‍රිය තරු උනා. වසරකට චිත්‍රපටි ආවෙත් සුළු ප්‍රමාණයක්, කැසට් පට තිබුනෙත් නෑ, තැටි තිබුනේ, ක්ලැරන්ස්ලගේ සිංදු වලට තැනක් තිබුනේ නෑ ඒයාලගේ ගීත ජනප්‍රිය උනේ තැටි වාදන යන්ත්‍ර තිබුනු අය අතරේ පමණයි. එයාල ජනප්‍රිය වෙන එකට ඒ පන්තියට වෛර කරපු බූවල්ලෙක් වගේ හැම තැනම තම අනසක පතුරන් හිටපු 56 කාළකන්නි සමාජය ඉඩ දුන්නෙ නෑ. එයාලා ප්‍රබුද්ධ කියල වෙනම සමාජ පන්තියක් හදාගෙන ඒක බෞතීස්ම කරන්න සෑහෙන උත්සාහයක් ගෙන ගියා. නමුත් ඒ සෙට් එක සුන්නත් දූවිලී වෙලා ලොම් හැලිච්ච බල්ලන් බවට පත් උනේ ඕපන් ආර්ථිකෙත් එක්ක ආපු කැසට් නිසා. නිහාල් නෙල්සන්ලා කැසට් 100 ත් පන්නල ගීත ඉදිරිපත් කරා. සුනිල් අය්ය  අත දිග ඇරල ප්‍රබුද්ධ ගෙ කනටම දුන්න.

ඔය අද ළොක්කව අන්දගෙන, රජ ගෙදර ඉඳුල කකා වළන් පිඟන් ටික හෝදගෙන ඉන්නෙ ඒ සෙට් එක තමයි. තවමත් පත්තරේකට එහෙම ආටිකල් එකක් දා ගන්න පුළුවන් උනොත් නව පරපුර ටැලන්ට් නෑ කියල තමයි කියන්නෙ. එයාල හරි ටැලන්ට් කට්ටියනේ. එකම ආරක ගීත තමයි වැඩි දෙනෙක් කියන්නෙ. තමන්ට තියෙන ගෞරවය තියාගෙන තමන්ගේ මුණුබුරු මිණිබිරියන් වගේ නව පරපුරටත් ආදරය කරගෙන, දන්න දෙයක් තියෙනවනම් අළුත් අයටත් කියල දීගෙන ඉන්න එක නේද කළ යුතු දේ. මට දුක ඒ ගැන නෙමෙයි අපිටත් අලුතෙන් හිතන්න උගන්වන උපුල් මහත්තයත් මේ කතා කියන එකටයි.

උරේෂා රවිහාරී කියන ගීත වල පද වැල් රස නැද්ද මහත්තයෝ...?  "මල් පිට මල්" පද වැල රස නැද්ද මහත්තයෝ...?

නව පරපුර මල්ටි ටැලන්ටඩ්, උන් සින්දු කියනව විතරක් නෙමෙයි, රඟපානව, මියුසික් දාගන්නව, වීඩීයො එකත් ඩිරෙක්ට් කරනව, හොඳට හම්බත් කරනව, රජවරු වගේ ජීවත් වෙනව, තව මොනවද...?

ඉරිසියා කරමුද..? ආඩම්බර වෙමුද..? තව දුරටත් ගහමුද...?

49 comments:

  1. උපුල් මහත්තයා කියන ගොඩක් දේවල් නම් ලස්සන වචන ටිකක් විතරයි වගේ ගොඩක් වෙලාවට මටනම් ඇහෙන්නේ.. ජැක්සන් මහත්තයත් ඒ සාම්පලේමයි.. සිංහල භාෂාව කොච්චර ලස්සනද කියල විතරක්නම් දැනෙනවා ඒ මහත්තුරු කතා කරනව අහගෙන ඉන්දැද්දි..
    කොහොම උනත් මාතලන් ගොයියා කියන කතාවනම් සම්පූර්ණ ඇත්ත..අළුතෙන් බිහිවෙන ගීත ඉක්මනින් අමතක වෙන එක විස්තර කරලා තියෙන විදිහ නියමයි.. අළුත් පරම්පරාව ටැලන්ට් නැහැයි කියලා ගොඩක් උදවිය කියන්නේ මොකක් හරි කුහක කමකට කියලයි මට හිතෙන්නේ..
    ආහ්.. ඔය චිත්‍රපටියේ සින්දුව කිව්වේ උරේෂත් එක්ක කසුන් කියන "පමා වී පිපුණු මල්.." සින්දුවද...

    ReplyDelete
  2. @ පුතා
    මේ අපේ අඹ ගහ යට පුතා නේ.. තැන්කියු ඈ.. සෑහෙන එනව ගහ යට ඉඳල ඔහේගෙයි කොත්තුගෙයි පින්තූරූ නැති නිසා ඔන්න මම බොගේ පල්ලෙහා පින්තූරත් එක්ක කොනෙක්සොන් එකක් දැම්ම.. මම දන්න බොග.. ඒක නෙමෙයි බන් සින්දුව අර ලස්සන කෙල්ල, කොල්ලෙක් ගේ කමීසයක් විතරක් ඇදන් ඇද උඩ නට නට කියන සින්දුව...

    ReplyDelete
  3. අලුත් පරපුර කලින් කට්ටියට වඩා ටැලන්ට්ද නැද්ද කියල නම් මම දන්නෙ නෑ... ඔය දෙක සංසංදනය කරන්න දැනුමකුත් නෑ...

    ඒත් කියන්න ඕන වර්තමානයෙ ලංකාවෙ ඉන්න ගායක ගායිකාවන්ගෙ නිර්මාණගැන පුද්ගලිකව මම නම් සැටිස් නෑ කියන එක.... ගීත 100ක් ආවොත් 2 - 3ක් තමයි අහන් ඉන්න පුළුවන් ඒව තියෙන්නෙ... හොඳ නිර්මාණ නෑ කියන්නෙ නෑ... ඒත් තියෙන්නෙ අතේ ඇගිලි වලින් ගනින්න පුලුවන් ප්‍රමාණයක් විතරයි... ඒ ටිකත් එලියට එන්නෙ දෙතුන් දෙනෙක්ගෙන්... ගොඩක් උන් ඉන්නවට ඉන්නව...

    සමහරක් විට මට ඔහොම හිතෙන්නෙ මම නිවීසැනසිල්ලෙ අහන් ඉන්න පුළුවන් ඒවට කැමති හින්ද වෙන්න ඇති.. අද වැඩිපුර ඉන්නෙ ඩාන්ස් කරන්න සින්දු කියන අයනෙ... ඉතිං එතකොට මට අද පරපුරේ ගොඩක් අය මෙලෝ රහක් නැති අය... අද ගායක ගායිකාවන්ගෙන් මෙයාගෙ සින්දු හොඳයි කියල බය නැතුව මට ගැරන්ට් කරන්න පුළුවන් කෙනෙක්ට ඉන්නෙ කසුන් කල්හාර විතරයි...

    අලුත් පරපුර ටැලන්‍ටඩ් කියන එක නම් මම පිළිගන්නව... ගොඩක්ම මාකටින් වලට... ‍

    ReplyDelete
  4. හප්පේ.. මේ මාතලන් අයිය මතක් කරන්න හදල තියෙන්නෙ අර සචිනි ඉන්න කුමරාණනේ සිංදුව නේද?...

    ReplyDelete
  5. @ සාතන්
    තරහවෙන්න එපා උඹ මගේ යාලුවනේ.. අවංකවම උඹ කසුන්ට කැමති උගේ ගීත නිසා නෙමෙයි.. චරිතයට.. ඒක උඹගේ කැමැත්ත.. මට කිසි දෙයක් කියන්න බෑ.. කවදත් ස්පිරිට් එක හිටියේ අතේ ඇඟිලි ගනනට තමයි. ඒක ළෝක ස්වාභාවය... හැම එකාම ටැලන්ට් නෑ කියන එක එකසීය ගානට පිලිගන්නව.. මම කතා කොරන්නෙ ටැලන්ට් එව්වෝ ගැන විතරයි.. ඇයි උඹ සීනට කැමති ඇති ෂුවර් එකට...

    ReplyDelete
  6. @ සාතන්
    කෑල්ල නම් හරි.. සින්දුව ඒකද..?
    ෂුවර්ද.... හෙහ් හෙහ්

    ReplyDelete
  7. නව පරපුරට ටැලන්ට් නැ කියන්න බැ.ගොඩාක් අය හොද දෙවල් කරනව.
    මාතලන් ගෙ පැහැදිලි කිරිමට මාත් එකගයි..

    ReplyDelete
  8. කසුන්ට කැමති සින්දු හින්ද නෙමෙයි පොරගෙ චරිතයට කියන එකට නම් එකඟ වෙන්න බෑ... අනිත් දේවල් ගැන නම් වාදයක් නෑ මාතලන් අයිය.. මම මුලින්ම කවුලු පියන්පත් වහන්න සින්දුව ඇ‍හුවෙ මගේ යාලුවෙක්ගෙන්.. පොඩ්ඩක් වැදිල ඉන්න වෙලාවක ඌ ඕක කියපු හින්ද... ඔය සින්දුවෙ ‍තිබුන මොකක් හරි හින්ද තමයි තව එකෙක්ට කියල කසු‍න්ගෙ සින්දු ටිකක් හොයාගත්තෙ... ඊ‍ටත් සෑහෙන කාලෙකට පස්සෙයි කසුන් කියන්නෙ මොන වගේද කියලවත් දැනගත්තෙ...
    සීන කිව්වෙ කවුද අයියෙ.. අර අපෙ පොඩි එකාට ටොක්ක ඇනපු හාදයද?... ඔය සින්දුවටත් කැමතී නේන්නම්... ගොඩක්ම රිදම් එකට... :)

    මාතලන් අයිය සින්දු ගැන සෑහෙන දන්නව වගේ... නිවිසැනසිල්ලෙ අහන්න පුළුවන් සින්දු ලිස්ට් එකක් එහෙම නැද්ද?...

    ReplyDelete
  9. හපොයි මාතලන් ගොයියො පොඩි නිවැරදිකිරීමක්.. මමත් ගහ යට සැට් එකේ සයිඩ් එකකින් වගේ ඉන්නව තමයි.. හැබැයි ඒකෙන් වෙන සේවයට සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්ට ඕන චාර්මි සෑම් මහත්තයට.. :)

    ReplyDelete
  10. සමහර අය මේ කාලේ එවා අහන්න බැ කියන ලේබලය ගහන්න උත්සහ කලත් මේ කාලේ ඇහෙන හැම සින්දුවකටම එහෙම ලේබලේ සාධාරන නැ.. ඒ කාලේ සමහර ඒවත් අහන්න පුලුවන් තත්වයක නැ... සමහර ඒවා අහන්න පුලුවන්.... එක කාලේ වැරද්ද නම් නෙමේ මම හිතන්නේ

    ReplyDelete
  11. නව පරපුර දක්ෂකම් සහිත හෝ රහිත බව ගැන විවාදයකට වඩා වැදගත් කරුණ වන්නේ වත්මනෙහි ටැලන්ට් එක කිසිවක්ම නැති තකතීරුවෝද මාකට් වීම හරහාය. නව පරපුර කොතරම් ටැලන්ටඩ් යයි මාතලන් කයිවාරු ගැසුවත්, කසුන් කල්හාර හැර වෙනත් කිසිම සාර්ථක ගායකයෙක් නව පරපුර අතරින් බිහි වී නොමැත. වත්මන් ගායකයන් අතර අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, ටී.එම්., ජෝති, මිල්ටන් වැනි ගායකයන් නැත. අඩු ගණනේ ඔවුන්ගේ තරම් කට හඬපාලනයක් සහිත ගායකයන් නොමැත. ගායිකාවන් අතර තත්වය මීටත් ශෝචනීයය.

    "ඉන්ද්‍රචාපලගේ අන්තර්ජාතික සංගීතය ගැන තියෙන දැණුම ඔය එක විශාරද කෙනෙක් ළඟ වත් නෑ" යන තර්කය තනිකරම බොලඳ එකකි. කේමදාස යනු සකල සංගීත විධීන්ම අතික්‍රමණය කළ ගාන්ධර්වයෙකි. අමරදේව පෙරදිග, අපරදිග හා කර්ණාටක සංගීතයෙහි නිපුණයෙකි. සුනිල් ශාන්තලා, අයිවෝ ඩෙනිස්ලා ගේ බටහිර සංගීත දැනුම තිබුණේ කීප දෙනෙක්ට පමණි.

    එසේම "ප්‍රබුද්ධ" යයි ඔබ ගරහන ගායක්යන් මෙරට සංගීත ක්ෂේත්‍රයේ පර්යේෂකයන්ද වූහ. රූකාන්තත්, කසුන් කල්හාරත් ඇරෙන්නට නව පරපුරේ (රූකාන්ත නව පරපුරේ කීමත් වැරදි ප්‍රකාශයකි.) සංගීත පර්යේශකයෝ නැත. මේ ලියන මා සංතුෂ් වීරමන් සමග එක පන්තියේ උගත් කෙනෙකි. මා සමග සේවය කළ මගෙ මිතුරා වන ප්‍රභා කුමාර කසුන් කල්හාරට ගීත ලියූවෙකි. එනිසා මොවුන් මා ඇසුරු කර ඇත්තෙමි. ඔවුන් තම පෞරුෂය ගොඩ නගා ගත්තේ මරදේවගේ, ජෝතිගේ, වික්ටර් ගේ, මිල්ටන්ගේ ගීත ගැයීමෙන් බව ඔවුන්ද පිළිගනිති. නමුත් ඔවුන්ගේ ගීත නව ගුරු කුලයක් ඇථි කරතියිද යන්න පිළිබඳව ඔවුන්ට සැකයන් ඇත.

    අවසානයේ සිංහල සංගීතයේ සන්ධිස්ථාන සනිටුහන් කළ ගීත කිහිපයක් මම ඔබට සඳහ්න් කරමි. නව පරපුරෙන් මෙවන් නිර්මාණ බිහිවේදැයි ඔබම ඔබෙන් විමසා බලන්න

    1. සිනිදු සුදු මුතු - අමරදේව / මහගමසේකර / සෝමදාස ඇල්විටිගල
    2. උදුම්බරා - ටී.එම්. / අයිවෝ ඇතුළු පිරිස / කේමදාස
    3. අඩවන් දෑසින් - වික්ටර් රත්නායක / මහගමසේකර / සෝමදස ඇල්විටිගල
    4. සුදු සඳ එළියේ - ඉන්ද්‍රාණි සේනාරත්න / මර්සලීන් ජයකොඩි / බී.එස්. පෙරේර / සුනිල් ශාන්ත
    5. බලන් කඩතුරා හැර දෑසේ - ටී.එම්. සහ අයිවෝ ඩෙනිස් / කේමදාස

    අවැසි නම් තවත් ගීත දහයක් පමණ මට දිය හැකිය. නමුත් මේ ගීත වලට කිට්ටු කළ හැකි හෝ ඒව මෙන් නව සංගීත භාවිතාවක් ඇති කල ගීත (ගෙඩි පිටින් ආර් ඇන්ඩ් බී කොපි කිරීම නොවා වර්තමානයේ බිහිවේද?

    ReplyDelete
  12. නියම කතා ටික් අයියා. ඒ වගේම පොඩි නිවැරදි කිරීමක්. "රනිදුගෙයි රයිනිගෙය් පෙම පණ වැනි" මේක කියන්නේ මට මතක විදිහට චින්තියි රයිනියි..........

    ReplyDelete
  13. @ පුතා
    ෂොරිම වෙන්ඩෑ... කව්ද අනේ දන්නෙ.. කොහොම හරි බොහොම පින්..

    ReplyDelete
  14. @ දේවා ගේ අඩවිය
    කාළෝ අයංතේ...

    ReplyDelete
  15. @ මීගාර
    කොක්කට නොවේ. ඔබේ අදහස පිළිබඳ මගේ පිළිතුර පමණි. ප්‍රබුද්ධ ගොඩට සෙට් වීම යනු ළිඳකට වැටීමකි, ළිඳකට වැටුණු කල ගොඩ ඒම අමාරුය. ඔබ කියනා ගායක ගායිකාවන් හා ගීත ගැන තර්කයක් නොමැත. නමුත් ඒ අයත් ඔය තත්වයට පැමිණියේ අනුන්ගේ හෝ ඉන්දියාවේ ගීත වලට පද දමා ගායනා කිරීමෙනි. අනෙක ඒ ගායනා ඉන්දියානු ශාශ්ත්‍රිය සංගීතයේ ඇති රාගධාරී තනු මිස නව නිර්මාණ නොවේ. කේමදාස පමනක් නොව, මුත්තුසාමී, රෝහණ වීරසිංහ, එච් එම් ගේ ගීත මෙන්ම, ක්ලෑරන්ස්, රූකා, බී ඇන්ඩ් එස්, ඉරාජ්, රහුමන් ගේ ගීත මෙන්ම, එලිෆන්ට් ෆුට් ගේ ඩ්‍රමින් වලින්ද මා එකම රසයක් විඳී. ඔබ ඉදිරිපත් කළාක් මෙන් මා හටද නව පරපුරේ ගීත රාශියක් ඉදිරිපත් කළ හැක. කසුන් පමණක් රජ කිරීම කිසිසේත්ම පිළිගත නොහැක.

    ReplyDelete
  16. @ හසිත
    මම හිතන්නෙ මම හරිය කියලයි...

    ReplyDelete
  17. http://www.youtube.com/watch?v=wdLxMX61GUY

    ReplyDelete
  18. මාතලන්ටත් මිගාරටත් එතගයි.

    මොනව උනත් ජෝති ලාගේ ජනපුිය ගීත නැවත ගයල සල්ලි හම්බකරන නවපරපුරේ ස්ටාර්ස් ලා ගායකයෝ නෙවෙයි මංකොල්ලකාරයෝ කියලයි මම නම් කියන්නේ.

    ReplyDelete
  19. මාතලන් උදාහරණෙට අරං ඉන්න කොක්කොමලා ටැලන්ටඩ් ඒකේ ආයේ විවාදයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ එයාලගේ නෙමෙයි. නිකමට සති අන්තේ දවසක චාට් ෂෝ කීපයක් බලන්න ජීවිතේටවත් දැකලා නැති අය සිංදු අනුභව කරන හැටි දැකගන්න පුළුවන් වෙයි :D
    අනික ඉරාජ්ගේ "ගායනයට"නම් මම පොඩ්ඩක්වත් කැමති නෑ

    ReplyDelete
  20. @ හසිත
    සමාවෙයන්.. වැරැද්ද නිවැරදි කොලා.. පින්..

    ReplyDelete
  21. @ ජය ශ්‍රී
    එතකොට ජෝතී ඉන්ටනැෂනල් මංකොල්ල කරුවෙක්ද...? මොකෝ මොහොමඩ් රාෆී මැරුණ වෙලාවේ වැඩියෙන්ම අඬල තියෙන්නේ. අපෙ චිත්‍රපටි නිශ්පාදකයොයි ජෝතියිලු නේ...
    නන්දා මාලනිලා කලෙත් ඕවම තමයි..
    අමරදේවයි කේමදාසයි පැටලුනේ අයිතිය ඉල්ලන්.. නියම කළා කාරයෝ කුහකයෝ නෙමෙයි...

    ReplyDelete
  22. @ පූසා
    උඹ හරි ඉරාජ්ට සින්දු කියන්න බෑ.. මියුසික් විතරයි.. බොගකුත් තියෙන්නේ ඒ නමින්...

    ReplyDelete
  23. මම කියන්නෙත් පරන මිනිස්සු අළුතෙන් උඩට යන අයව ආපහු ඇදලා දානවි කියලයි. හතර පෝයට සිල් ගත්තට විතරක් හිත පිරිසිදු වුනා කියලා හිතාගෙන හිටියට කරන කුහකකම් දැක්කම බලාගෙන ඉන්න අයටත් වමනේ යනවා.

    bns ගැන නම් කියන්න දෙයක් ​නෑ... කසකස්ථාන් ප්‍රසංගය ටීවී එකේ ගිය අවසේ ඉඳන් මං ආසම ගායකයෝ දෙන්නා.

    ReplyDelete
  24. මමත් හිතන විදියට අපේ ඊලඟ පරම්පරාවේ කිසි වරදක් නැහැ. ලංකාවට බොහෝ වැරදි කලේ අපේ පිය පරම්පරාව. මට මතකයි අපේ තාත්තලට ඕනේ වුනේ අපිව සුද්දො කරන්න. නමුත් වාසනාවට අපි එහෙම වුනේ නැහැ. දැන් ඉන්න තරුණ පරම්පරාවේ වරද තමයි තමන්ගේ වැරදි හදාගන්න උත්සාහ නොකිරීම. නමුත් අපේ කාලෙට වඩා ගොඩක් දියුණුයි. අපි කරන්න ඕනෙ උන්ට බනින එක නෙමේ, උන්ව හරි පාරට දාගන්න බලන එක. හැබැයි හරි පාර අපිත් හොයාගෙන ඉන්න ඕනේ කලින්ම.
    සංගීතය ගැන කියන්න මට දැණුමක් නැහැ. හැබැයි කාලෙන් කාලෙට එන වෙනස් වීමට අපි මුහුන දිය යුතුයි කියන එක මගේ පිලිගැනීමයි.

    ReplyDelete
  25. නව පරපුරේ බොහෝදෙනා අපේ කලාවන් ගිල දැමු බව කිවයුතුය.2011 ක්‍රිකට් ලෝක කුසලාන නිල සිංහල ගීතය සිහිකරන්න.පොල් ගස්වල කරටි කඩන, කන්ගරුවන්ට බජිරි කවන අන්දම ගායනා කල පිළිකුල් විලාසය මතක ඇතය් සිතමි

    ReplyDelete
  26. සංගීතය රසවිඳින්නට නව පරපුර - පැරණි පරපුර, බටහිර - පෙරදිග, ශාන්ත - ඝෝෂාකාරී, ප්‍රසන්න - කුණුහබ්බ

    හා තවත් බොහෝ ලෙස කුලක හදාගෙන, "මම අහන්නේ පැරණි පරපුරේ පෙරදිග ශාන්ත ප්‍රසන්න" ගීත පමණෙකැයි

    කියාගන්නා තමන්ටම සීමා පනවාගන්නෙකි.

    මේ බෙදුම් අර්ථ දක්වාගන්නේ බොහෝ විට තමන් විසින්ම "පැරණි පරපුර" නම් කුලකයට තමන් දමාගන්නා අයවලුන්

    විසිනි.

    තමන්ට අවැසි ඕනෑම සීමාවක් තමන්ටම පණවාගත්තාට අනෙකුන්ට කම් නැත. නමුත් තමන් හැර අනෙක් සියල්ලන්ටම

    ඇත්තේ බාල රසවින්‍දනයක් යැයි තර්ක කරන්නා අඥාණයෙකි. තමන්ගේ රුචිකත්වයට හැර අනෙක් රුචිකත්වයන් වාරණය

    කළ යුතුය කියන්නා අඥාණයෙකි. සියල්ලෝ තමන් කැමැත්තට කැමැති විය යුතු යැයිද සියල්ලෝ තම අකමැත්තට අකමැති

    විය යුතු යයිද සිතන්නා මිනිසුන් වෙනස් බව නොහඳුනන්නෙකි. සියල්ලේ අනිත්‍ය බව, වෙනස් වන සුළු බව සංගීතයටත් අදාළ

    බව නොහඳුනාගන්නෙකි. මේ ඕනෑම කුලකයක් ගෙන මේක හොඳයි අරක නරකයි කියා පෙන්වන්නට යාම අනුවණ කමකි.

    ඕනෑම දෙයක් සුදු හෝ කළු නොව අලු පැහැයන් අතර දෝලනය වන මොවුහු නොදනිති.

    අමරදේව, 50 Cent, මිල්ටන්, Michael Jakson, ඉරාජ්, Rahaman වෙනසක් නොමැතිව

    ශ්‍රවණය කරන්නේ නම් ඔබ රසවින්දනයේ සීමා මායිම් බිඳ දැමූවෙකි.

    PS: "පැරණි පරපුර" විසින් "නව පරපුර" වෙත එල්ළ කරන මේ චෝදනා සංගීත ක්‍ෂේත්‍රයට පමණක් සීමා වන්නේද

    නොවේ. ගසෙන් බැස දෙපයින් ගමන් කරන්නට පටන් ගත් මුල්ම වානරයාට ගස් මත සිටි වැඩිහිටියන් කීවේ ඔහු සංස්කෘතිය

    සදාචාරය නොසලකන බවද, ගස් මත යාමේ ප්‍රෞඩත්වය තුට්ටුවකට මායිම් ‍නොකර බිම ඇවිදීම සමස්ථ වානර වර්ගයාට

    නිගාවක් බවය. එසේ කිවූ ඔවුන් තාමත් ගස් මතය, නින්දා ලැබූ වානරයාගෙන් පැවත එන අප දැන් අන්තර්ජාලයේ සිංදු ගැන

    තර්ක කරමු. :)

    ReplyDelete
  27. ඔබේ අදහස් සමග මමද එකඟ වෙමි. නව පරපුරේද දක්ෂතා පිරි අය ඇත. නමුත් පෙර මෙන් ඔවුන්ගේ ගීත අපේ සවනේ නොගැටීමයි ඔවුන් අතීතයේදී මෙන් හඳුනා නොගැනෙන්නේ.
    මැණික්

    ReplyDelete
  28. නව පරපුරේ ඇතැම් අය හරිම දක්ෂයි,ඒකේ විවාදයක් නෑ.ඒත් ඒ ඔය මාධ්‍ය ආයතන වලින් මාර්කට් කරන ඈයොන්ගෙන් සේරම ( ෂෙහාන් ඇතුලුව) ඒ දක්ෂයෝ නෙවෙයි.සංගීතයට වටිනාකමක් ඇතිකලාට සිරසේ බැලුම් බෝලයක් වෙච්චි ෂෙහාන්ට ණය ගැති වෙන්නේ ඇයි කියන එකනම් මට හරි ප්‍රශ්නයක්.තවත් උදාහරණෙකට අරන් තියන චිත්ති කියන සිංදුවක් සංගීතය අයින් කරලා අමුවෙන් අහල බලලා ආයෙත් එතුමා ගැන ලියන්න කියලා මම ආරාධනා කරනවා.
    නව පරපුරේ දක්ෂයෝ ගැන කියනවනම් කේමදාස දවසක පරදවන නදීක ගුරුගේ,හොඳම නව හඬ හිමි කසුන්,වගේම තව බොහෝ පිරිසක් ඉන්නවා.තව අවුරුදු 10 කින් 15 කින් බැලුවොත් ඒ උදවිය ඒ වෙනකොටත් කරලියේ හිඳීවි,ෂෙහාන්ලත් චිත්තිලත් උන්ගේ නෑයොන්ටත් අමතකවෙලා ගිහිල්ලත් තියේවි.

    ReplyDelete
  29. @ parasnna86k
    බී ඇන් එස් ටැලන්ට් සාගරයකි.. කතා දෙකක් නොමැත.. ඔහු සංගීතයට දායාද කළ පිරිස කොපමණද.. අනිත් ටැලන්ට් කොච්චට අගේ කරනවද.. උඩු මහලෙන් බිමට බැහැපු මිනිහෙක්...

    ReplyDelete
  30. @ වෙද ගෙදර මහ වෙදනා
    වෙද මහත්තය පෙරලිකාරයෙක් කියල මම දන්නෙ බොහෝ කල් සිට.. අපි තරුණ පරම්පරාවට ආදරය කර්මු.. (එතකොට අපිත් තරුණයි කියල හිතෙනවනේ... ලොහ් ලොහ්...)

    ReplyDelete
  31. @ ඇනෝ
    එය එකළ සහ අද දිනද පාළක පක්ෂය විසින් මහත් රුචියෙන් වමාරන දෑ ගීතයකට නැගීමක් පමණි.. මටනම් ඔවුන්ගේ නෙතින් බලන කළ එයද සාර්ථක නිර්මාණයකි..

    ReplyDelete
  32. @ budhajeewa
    හත්වලාමයි මේ අපේ හත්මාලුව නේ.. ඔහෙත් සමග මට ගේමක් නැත. සියළු කරුණු හා එකඟවෙමි.. සංගීතයේදී මා මුලු විශ්වයම රස විඳිමි. නුවර පෙරහරේ පන්ච තූර්ය වාදනයට සවන් දීමෙන්ද, බ්‍රෝකන් ඒන්ජල් හී ගායකයාගේ හඬට සවන් දීමෙන්ද මට සමාධි ගත විය හැක.. මගේ සංගීත රසය ඔඹට මගේ සංගීතා වෙබ් අඩවිය තුලින්ද දැන ගත හැක. එයට යලි පණ දිය යුතුය....

    ReplyDelete
  33. @ මැණික්
    තෑන්ක්ස් වේවා මැණිකේ....

    ReplyDelete
  34. @ sithuwilimandiya
    මෙතනදි මම ෂෙහාන්ව අගය කළේ ඔහු එයට මුදල්මය වටිනාකමක් ලබා දුන් නිසා. අමරදේවල බැංකූ කාරයන්ටයි දේශපාලුවන්ටයි සෙකන්ඩ් වෙන කොට.. හැමෝම අද සංගීත කාරයන්ට සෙකන්ඩ්.. ආර්ථික හා සමාජීය යන අංශ දෙකෙන්ම.. රූකත් මේකට දායක උනා.. නමුත් ෂෙහාන් තමයි මිළක් ගෙනාවේ...

    ReplyDelete
  35. සංගීතය මගේ ආහාරය නිසා වදනක් නොකියම බෑ.
    මාතලන් අය්ය හොද පැහැදිලි කිරීමක් කරල තියනවා ඇයි නව පරපුරේ ගීත අපිට මතක හිටින්නේ නැත්තේ කියල. එකගයි. මානම් හැම පරපුරකම ගීත රසවිදිනවා. කනට මිහිරිනම් අහනවා.වැදි පරපුරේ උනත් කමක් නැ.
    බාතිය, සන්තුශ්, කල්හාර, උරේශා ඉතාමත් දක්ශ අය.ඒවගේම මම දැකලා තියනවා මෙයාලා අනිත් අයටත් අත දෙනවා.ඒක හොද දෙයක්. දැන් චිත්‍රපටි සදහාත් සංගීතය සපයන්නෙ ඉන්නේ මේ ටික තමයි. ඒත් බොහෝ නවපරපුරේ ගායකයෝ ප්‍රමිතියක් නැති ගීත ගයනවා අසා තියනවා. ඇතැම් ගීත මට හිතෙන විදියට ඔවුන්ටවත් බැරුව ඇති දෙවනවර ගයන්න.

    චින්තියි රයිනියි.. ගයන තරුමිනි ඔච්චන් පාවිද?(රයිනිගෙය් පෙම පණ වැනි) මාත් හරිම ආස ගීතයක්.
    .....

    ReplyDelete
  36. @ ගිම්හානී
    ඔහේට මේක කිව්වට කමක් නෑ. ඔහේ කොමෙන්ට්ස් දාලම කොල්ලන්ගේ වැඩ ඔක්කොම දන්නවනේ.. ඔව් ඔව් හත්තිලව්වේ ඒක තමයි. ඒක තමයි.. කොහෙමෙයි පට්ට නේ.. මම හරි ආසම සිටයිල් එකක් වෙන රෙගේ ස්ටයිල් එකට මේක යන්නෙ.. මල් වලට කියාපූ සින්දු මේවා.. තව එකක් කියන්නද.. රෙගේ නොවෙයි හැබයි අපේ මල් වලට කියාපු සින්දුවක් දවසක් පැල නැති හේනේ.. හා උලලේනෝ.. හැබැයි මල් ගහල මට දොස් කියනව එහෙම නෙවෙයි ඕං....

    ReplyDelete
  37. ඔය මාතෘකාව ගැන මගේ හිතේ තිබුන බොහොමයක් දේවලුත් මාතලන් ලියල තියනවා ... අලුත් පරපුරට ටැලන්ට් එකක් නැ කියල කියන්න කාටවත් අයිතියක් නැ . මොකද ඕනිම කාලයක ඒ ඒ දක්ෂතා තියන මිනිස්සු බිහිවෙනවා . වර්ථමානේ තියන අවස්ථාත් එක්ක දක්ෂතා නැති අයත් අලියට ආවත් හැමෝම එක ගනයට දාන එක වැරදියි . මෙතන තියන අවුල එක එක්කෙනාගේ රසඥතාවය අනුව ටැලන්ට් එක ගැන තීරණය කිරීම . තමන් අකමැතියි කියල ටැලන්ට් එකක් නැය කියන්න බැ . උදා හරණයක් විදිහට මම අලුත් අයගෙන් නිරන්තරයෙන් අහන කැමතිම ගායක ලයිස්තුවට දාන්නේ භාතිය - සන්තුෂ් විතරයි , ඊලඟට රියලිටි වලින් ආපු අයගෙන් මම කැමති සුරේන්ද්‍රට , ශිහාන්ට සහ උපේකා නිර්මාණිට විතරයි . හැබැයි එහෙම වුනා කියල අනික් අය අදක්ෂයි කියල කියන්න බැ . මොකද ඒ ඒ අයට ආවේනික දක්ෂතා තියන නිසා . මෙතන තියන ප්‍රශ්නේ ගොඩ දෙනෙක් භාතියල , කසුන් කල්හාරල තුලින් අමරදේව , මිල්ටන් වගේ අයගේ ගායන ශෛලීන් බලාපොරොත්තුවෙනවා , ලෝකේ කොතනකවත් එහෙම වෙන්නේ නැනේ . ඉන්දියාවේ උනත් රාෆිගේ , ලතාගේ ගායනා අසිෆ් අස්ලාම් , ශ්‍රේයා ගෝසාල් ගේ තුලින් දකින්න ලැබෙන්නේ . ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයො වෙනස් වෙනකොට ක්ෂෙත්‍රෙයේ හැඩහුරුකමුත් වෙනස් වෙනවා . මේක සංගීතයට විතරක් නෙවෙයි සිනමාව වගේ හැම කලා මාධ්‍යකටමත් පොදුයි (ලංකාවේ සිනමාවට හැර )

    ReplyDelete
  38. @ buwa
    ඔය තියෙන්නෙ ලස්සනට ලියල.. ඒකනේ බන් මටත් තියෙන අමාරුව...

    ReplyDelete
  39. ඔය ප්‍රශ්නෙ තීන්නෙ ඔතන විතරද? හැම තැනම කියවෙන්නෙ ඉස්සර හොඳයි දැන් නරකයි. බස් සේවය, ගුරුවරු, ගෘහ නිර්මාණය, ආහාර සහ ගොවිතැන, සංගීතය, ගායනය ඔය මොන තැන්දිද අතීතකාමය ඉස්සරහට දාං දැන් තීන දේට නොගරහන්නෙ? කොටින්ම්ම මෙච්චර දේ කතා කරන මේ අන්ත්‍රජාලෙට කොච්චර බනිනවද? ඕව කුහක කම් බං. "රස රස විදියට රස විඳහල්ල" එච්චරයි.

    ඉන්දික උපශාන්ත

    ReplyDelete
  40. නවපරපුර සහ පැරනි පරපුර ටැලන්ට් එක අතින් කොටස් දෙකකට බෙදීම මගෙ හිතට අනුව නං වැරදියි. මම පට්ට විදියට old is gold කියන තියරියෙ ඉන්න එකෙක්, ඒත් මම සුනිල් ශාන්තයන්ගෙ ඉඳන් ශිහාන් මිහිරංග වෙනකං ගායක ගායිකාවන්ගෙ ගීත රස විඳිනව. බස් අජිත්ට මිනිස්සු කොච්චර නම් බනිනවද . . . .??? ඇල්බම් දෙක තුනක් කාගත්තට බස් අජිත්ගෙ නැද්ද සාර්තක නිර්මාන . . . . ??? බයිලා සැන්ටි ගැන කවුරුවත් දන්නවද . . . ??? ඒත් අද දවස වෙනකොටත් සංගීත කන්ඩායම් කීයක් නම් සැන්ටිගෙ ගීත ගායනා කරනවද . . . ???
    මම දකින ගායකයෙකුගෙ ටැලන්ට් එක වෙන්නෙ . . . . . මගෙ හිතෙන් (මම අනිත් ගීත රසිකයො ගැන දන්නෙ නෑ) අමතක නොවෙන ගීත නිර්මාන ඉදිරිපත් කිරීමයි.
    අවසාන වශයෙන් මම දකින්නෙ "නව පරපුර" සහ "පැරනි පරපුර" වෙන් වෙන්නෙ ටැලන්ට් එකෙන් නෙමේ . . . . . මාස් මීඩියා වලින් දෙන මාකටින් පාරෙං . . . . .

    ප.ලි.
    හැබැයි කවුරු මොනා කීවත් දෙකක් නමාගත්තාමයි ට්‍රිපක් යද්දියි . . . . ජෝති, ක්ලැරන්ස් සමග සී.ටී. තමා අපිට ඉන්නෙ . . . . .

    ReplyDelete
  41. මෙහෙ එල්විස් ප්‍රෙස්ලිට බැනපු අය හිටියා සංගීතය විනාශ කරනවා කියල. බීට්ල්ස්ලා හිපියො කියලා සිංදු අහන්න තහනම් කරපු දෙමව්පියෝ හිටිය. මයිකල් ජැක්සන්, මැඩෝනා දැන් අද ලේඩි ගාගා එහෙම අයටත් මුලින් මුලින් සිංදු කියන්නත් බැහැයි කියපු අයත් හිටිය.

    අන්තිමට ජනතා කැමැත්ත අනුව කාට ද ටැලන්ට් තියෙන්නෙ නැත්තෙ කියලා තීරණය වෙයි. අතීතයේ අය වගේ ම ප්‍රසිද්ධිය ලබන්න අද අයටත් හෙට දිනයේ අයටත් හැමදාම හැකිවේවි.

    ඉහත ඉන්දික උපශාන්ත කිව්ව වගෙ ""රස රස විදියට රස විඳහල්ල"!!!

    ReplyDelete
  42. @ ඉන්දික උපශාන්ත..
    ප්‍රබුද්ධ ත් දෙකක් දා ගත්තම ... ඔය කියන්නෙ බයිළා...

    ReplyDelete
  43. @ ඕනය
    බයිල සැන්ටි මතක් කළාට උඹට පින්..වන් ඔෆ් මයි ෆේවරිට්.. උඹ ඇහුවද අප්පුව ගේ හින්දි සින්දු සෙට් එක මරු බන්....

    ReplyDelete
  44. @ arunishapiro
    මටත් තියෙන ප්‍රශ්නෙ ඕකම තමා.. ඇයි අපි ඊර්ෂ්‍යා කොරන්නේ...

    ReplyDelete
  45. අඩේ තවත් සැන්ටි රසිකයෙක් . . . . එල එල . . . සැන්ටි දැනට අවුරුදු කීපයකට කලිං එලියට දැම්ම කැසට් කෑල්ලක් (සීඩිය හොයාගන්න බැරි උනා) නම "අයිතිකාරයා" . . . . නන්ස්ටොප් එකක්, ගොඩක් තියෙන්නෙ වෙන එවුං කියල ගොඩ ගිය සැන්ටිගෙ සිංදු . . . . නියමයි ඈ . . . .

    ReplyDelete
  46. මගෙ ප්‍රස්නෙ මේකයි.
    අළුත් සිංදු මතකයේ නොරුඳෙන්නෙ වැඩිපුර නිර්මාණ බිහිවෙන නිසා නම් ඒ දවස් වල බිහි වුණ නිර්මාණ අදටත් මතකයෙ රැඳෙන්නෙ ඇයි? ඇයි අළුතින් බිහි වෙන නිර්මාණ විතරක් අමතක වෙන්නෙ. බාතියලගෙ ඇල්බම් එකක් එද්දි කලින් එකේ සිංදු අමතකයි. ඇයි පණ්ඩිත් අමරදේවගෙ සිංදු වලට ඒව අදාළ නැත්තෙ.

    ReplyDelete
  47. @ සියාතු

    ඕකට උත්තරෙ පෝස්ට් එකේම තියෙනවා. අපේ තාත්තල ජෝතිලගෙ, සී ටී ලගේ සින්දු කිව්වේ නෑ විනෝද වෙනකොට. එයාලා කිව්වේ යාල යාල යාල යන්න.. වගේ ගොඩක් පරන ඒවා.. ලෝකයත් එක්ක ඉස්සරහට යන්න අමාරු අයට අතීතය අමතක කරන්න අමාරුයි. වර්ථමානය වැළඳගන්න අමාරුයි...

    ReplyDelete
  48. ප්‍රතිපත්තියක් විදියට
    පහුගිය අවුරුදු 15-20ක කාලෙ කළ
    කිසිම නිර්මාණයක් පිළිගන්නෙ නෑ.
    හොඳ ඒවත් ඇති..
    නරක කාලෙක හොඳ නිර්මාණත් දූෂ්‍ය වෙනවා.

    ReplyDelete
  49. චිත්‍ර ශිල්පයෙදි
    අමු වර්ණ වලින් අඳින චිත්‍ර
    කල් පවතින්නෙ නෑ.
    වර්ණයක අගය.. පැවැත්ම වැඩි වෙන්නෙ
    තව වර්ණ මිශ්‍ර වුණාමයි.

    සංගීතයත් එහෙමයි.

    අද තියන ගීතවල වචන අමුයි..
    අදහස් අමුයි.. ස්වර අමුයි...
    පවතින්න පදනමක් නෑ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න