.

.

Aug 8, 2011

බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ.. - Lyrics from Maathalan


මාතලන්ට හිතුන සිංදුවක් ලියන්න.. මොකද ඒයා මාර ආසයි නේ සිංදු වලට, ගොඩක් ආසයි නව පරපුරේ සරළ ගීත වලට.. ඕන් මාතලන් එකක් ලිව්වා.. මේක හොඳයි කියල හිතෙනවන්ම් කියන්න.. මාතලන් ආසයි මේක ඩැඩී බෑන්ඩ් එක හරි, සුරේන්ද්‍ර හරි, සීනා හරි කියනවනම්, කවුරු හරි එයාල දන්න කෙනෙක් ඉන්නවනම් එයාලට ලැබෙන්න සලස්වන්න.. ස්තූතියි..

(මම කාළයක් විදේශ ගතව හිටිද්දී සෑහෙන ඒව ලිව්ව. ඒ පොත අපෙ චූටි බෝතල් පත්තරේට දීල.)

ඔව් රසික රසිකාවියනි...නි..නි..නි...නි........... (එකෝ.)
පිලිගන්න.. මාතලන්ගේ පළමු වැල...ල...ල...ල....ල.... (එකෝ.)..
ෂොරි ෂොරි.. පද වැල...ල....ල...ල...ල..ල.. (එකෝ.).

බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ..
මහ රෑක නෙමෙයි.. හැන්දෑවක...
පැනල යමු ප්‍රියේ....
රෑට යන්න බෑ පැටියෝ..හෙඩ් ලයිට් නෑ රීයේ....//

පට්ට යන්න කට්ට කාලා,
දා...ගහ්ත හංදියේ.......
උඹෙ,
අයියල මට වට කර ගෙන,
නෙලපු හංදියේ.....


බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ..
මහ රෑක නෙමෙයි.. හැන්දෑවක...
පැනල යමු ප්‍රියේ....
රෑට යන්න බෑ පැටියෝ..හෙඩ් ලයිට් නෑ රීයේ....//

හයිලෙවල් එක දීගේ,
කොට්-ටාවේ හංදියේ.....
හයි වේ.... දා.. .,. ලෑල්ලටම,
පදිමු මගෙ ප්‍රියේ..


බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ..
මහ රෑක නෙමෙයි.. හැන්දෑවක...
පැනල යමු ප්‍රියේ....
රෑට යන්න බෑ පැටියෝ..හෙඩ් ලයිට් නෑ රීයේ....//

ටික දොහක් ගිහින්,
ඩැඩා..කූ...ල්
උනොත් නංගියේ....
පැලස් වගේ ඇනෙක්ස් එකක්,
ගමුකො පැංචියේ...
බංගලා හංදියේ නම් බෑ.......
ගම් සභා හංදියේ........./////.





39 comments:

  1. එතකොට මාතලන් බහින්නෙත් කෝට්ටෙද ???? ප්‍රීතියි . . . .ප්‍රීතියි . . . .ප්‍රීතියි . . !!!!!

    ReplyDelete
  2. අන්න වැඩේ..කොට්ටාවනම් ...පන්කාදුයි... ප්‍රියේ...
    මාකුබුරෙන් හයිවේ.. එකෙ... වැනිශ්... වෙමු ප්‍රියේ.....

    ReplyDelete
  3. දැනට මේ ගීය ගායනා කරන්ට පුලුවන් තාලයක් එහෙම තියෙනවද?...:D

    ReplyDelete
  4. අනිවා මේක Daddy එකට තමා හරියන්නේ

    ReplyDelete
  5. දැන් තියන සිංදුවල හැටියට මේක ඉහටත් උඩින්, මටත් හිතෙන්නේ ඩැඩීලට තමයි මැච්වෙන්නේ. පංකාදු පහයි.

    ReplyDelete
  6. @ ඕනයා
    උඹ දන්නවැයි ඕනයෝ වැඩක්.. කෝට්ටෙන් ගෙයක්ම ගත්තලු නේ...
    මැජික් කාරයෙක්..

    ReplyDelete
  7. @ Gimhani
    මම මේ කල්පොනා කොරන්නේ.. ගිම්හානී කෙලීගේ දෙවනි පේලිය එක්කහු කරන්න තැනක්.. ඒක රහයි...

    ReplyDelete
  8. @ Podi Kumarihami
    ම්..ම්..ම් ලැට් මී තින්ක් එබවුට් ඉට්... ඔන්න නිකන් බයිල වගේ කියන්නකො කුමාරීහාමීයේ..

    ReplyDelete
  9. @ ChammA
    උඹට කියන්න චම්මෝ මගෙත් ෆස්ට් චොයිස් උන්ම තමා.. ටැලන්ට් බේරෙනව...

    ReplyDelete
  10. @ වෙද ගෙදර මහ වෙදනා
    ඕන් බලහන්කො ඉතින්.. වෙද මහත්තයත් මනාප කොට.. මම හිතුවේ ඉසකුඩිච්චියක්වත් දාගන්න කියයිද කියලයි...

    ReplyDelete
  11. කෝකටත් කොපි රයිට්ස් තියාගන්න,,, මේක නං කවුරු හරි හොරකම් කරයි :)

    ReplyDelete
  12. @ හරි - පිණිපළස
    ඒත් කමක් නෑ හරියෝ.. සාක්කි වලට උඹල ඉන්නව නෙවැ...

    ReplyDelete
  13. කවුද ඔය නංගි දැන්... ???

    ReplyDelete
  14. @ පොඩි මෑන්
    අපොයි පොඩි මෑන්.. මේ උඹලගේ නංගිල ගැන.. මගේ දුවලටත් ළමයි ඉන්නව..

    ReplyDelete
  15. නියමයි නියමයි. :D හොඳට අල්ලලා යයි ට්‍රිප්වලදි එහෙම.

    ReplyDelete
  16. මට හිතෙන්නේ මචෝ මේකේ වචන සෙට් එකේ හැටියට ළහිරැටත් සෙට් වෙයි.

    කන්ට්‍රි ස්ටයිල් එකේ සිංහල සිංදු ටිකක් කරන්න මට මාර උණක් තියෙනවා.

    ReplyDelete
  17. @ නලිනි චන්දිමා

    ඇත්තෙයි.. ඒ කියන්නේ මරු නොවැ දොස්තර නෝනේ.. ටන්කූ ඈ...

    ReplyDelete
  18. @ තිසර

    නියමයි තිසරෝ.. ඕන වෙලාවක කියහන් ලස්සන එකක් ලියල දෙන්නම්..

    ReplyDelete
  19. අනේ ඇත්තටම අර මල් සින්දු වලට වඩා නම් හොඳයි තමයි.

    ReplyDelete
  20. හැබෑටම දැන් සමහරක් කියන සින්දු වගේ එව්වල වචන සැට් එක එක්ක බලද්දි මේක පංකාදුයි නේ...

    ReplyDelete
  21. දසබිම්බර මාර සෙනග කොළඹ හන්දියේ
    උන් එක්කයි මං වෙළඳම් කලේ නංගියේ..

    කියල සින්දුවක් තියෙනව රන්වල බලකායෙ. මට ඒකයි මතක් වුණේ මේක කියවද්දි...

    ReplyDelete
  22. තනුවක් දලා අරං කියලා . අපිට අහන්න පුලුවන් විදිහට දාන්ඩත් ට්‍රයි එකක් දියං මාතලේ !.. ට්‍රයි කරලා බලහං

    ReplyDelete
  23. මට හිතෙන්නෙ මේක හරියන්නේ සීනට.
    අර මැදින් ලස්සන හිනා පාරකුත් දාල එහෙම ගතියට කියාවි .

    ReplyDelete
  24. මේ සිංදුව උඹම කියහං අයියේ... මං එවන්නම් මහින්ද එකේ බෑන්ඩ් එක...

    ReplyDelete
  25. මේ ... ඩැඩීලට හොඳයි කියලනේ ඔක්කොමලා කියන්නේ... චිලිට එහෙම දුන්නොත් මොනා වෙයිද...

    ReplyDelete
  26. අපේ දුමියට කිව්ව නම් තනුවක් දාලා දෙයි මේකට . . . අහ් මාතලං කෝට්ටෙන් ගෙයක් ගත්තද . . . උපන් දා ඉඳන් කෝට්ටේ හිටි මම කෝට්ටේ තදබදය එපා වෙලා ඊට කිලෝමීටර් 20ක් දුරින් පදින්චි උනා ඕන් . . ඒත් කෝට්ටේ ට තාම ආදරෙයි (තදබදය එපා උනාට කෝට්ටේම එපා උනේ නෑ)

    ReplyDelete
  27. බංගලා හන්දියේ ඉඳලා දෙපැත්තටම තියෙන්නේ පල්ලම නේද? ලයිට් විතරක් නෙමේ බ්රේක් නැති වුනත් කමක් නෑ.

    ReplyDelete
  28. @ Bindi

    තැන්කූ වේවා බින්දියෝ...

    ReplyDelete
  29. @ පිස්සා පලාමල්ල

    අගය කිරීම ගැන ස්තූතියි පිස්සො...

    ReplyDelete
  30. @ hare :-)

    බලකායයි සින්දුවයි දෙකම ගැන ඇහුවේ අදමයි.. අවන්කවම හරේ....

    ReplyDelete
  31. @ හිස් අහස

    උපරිම ට්‍රයි එකක් දෙමු සඳරුවෝ...

    ReplyDelete
  32. @ පිසාචයා

    පිසාච්ගේ යෝජනාවත් නරකම නෑ....

    ReplyDelete
  33. @ prasanna86k

    මේකයි ප්‍රසන්නයෝ.. චිලී නම් හැන්ඩියා.. මමත් කැමතියි.. ඒත් උගේ බොක්කෙ වැදුන එකක් නම් නෑ තවම....

    ReplyDelete
  34. @ දුකා

    මමත් ඔය තද බදයට කැමැත්තක් නෑ දුකෝ.. වයසට ගියාම ඉන්න ගමක දොලක් ළඟ පැලක් අටවගෙන ඉන්න තමා කැමත්ත...

    ReplyDelete
  35. @ කතන්දර

    ඇයි කතෝ.. නියුට්‍රලේ දාගත්තම පැස්ටෝල් ටිකත් ඉතුරුයි නේ...

    ReplyDelete
  36. kawru hari kamak na hoda kenekta kiyala apita ahanna thibunoth ela...

    ReplyDelete
  37. @ Sandaru1
    මම හැමෝගෙම උපකාර බලාපොරොත්තු වෙනව ඒකට

    ReplyDelete
  38. :))) ela ela balamu api :)

    ReplyDelete
  39. පට්ට පට...පට.....මචන්..ඕක සෙට් වෙන්න පොරකට දීල වැඩේ කරපන් කොහොම හරි.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න