.

.

Aug 23, 2011

පැන පැන හපනා බල්ලො මරාපිය - Who let the Dogs Out



කොලුවෙක් මරලා වෙළඳ කලාපේ
ළොකු, පොලොස්ට එරෙහිව නගපු විලාපේ
පොඩි, කොස්සෙක් මරලා අනෙ මගෙ අප්පේ
මොකෑ කොරන්නේ පොලිසියෙ චොප්පේ

ග්‍රීස් නාගත්ත යකුන් මවනවා
ජනය බුද්ධිමත් ඒව ගිලිනවා
වාහිනි ස්වර්ණෙ තලු මර මර දෙනවා
මේවට දවසක හෙනත් වදිනවා

අත්වැරදීමෙන් වාහන හැපුනත්
කරන්නෙ මොහොතෙන් ඒවා ගිනිබත්
පොලිසය එන්නෑ කොච්චර ඇඬුවත්
පටන් ගත්තේ එහෙමයි දැන් මේවත්

මුල් පිටුවෙත් සිරසෙත් ලක් දෙරණේ
ලංකාදීපේ ලක්බිමේ දිවයිනේ
අනුහසිනුයි හැම දේ සිඳු වන්නේ
ග්‍රීස් යකුන් බිම් මල් ලෙස පිපුනේ

දෙන්නෙක් මැරුවා හැටන් පලාතේ
මාර යුද්ධයකි ඉර එන පැත්තේ
ඒත් අනේ නෑ ගානක් ගත්තේ
ගති බිල්ලක් පුත්තලම් පළාතේ

දැන් ඇති කෙරුවා මේ කෙලි සෙල්ලම
කඩු පොලු අරගත් බූරූ නාඩගම
කොස්සට බැරිනම් ෆෝසස් ඔක්කොම
තියපිය වෙඩි මුන් රොත්තක් යන්නම

තිස් අවුරුද්දක් විඳි දුක මදි වෙලාද
සතුටින් සිටියේ කොයි කී දොහක්ද
නඩුත් බඩුත් හරකුන් හට දෙනවද
හදිසි නීතියක් තියෙන්නෙ මොකටද

බල්ලට දුන්නට ජීවිත දානය
ජලේ භීතිකාව සැම තැන හැදිලය
පිස්සු තද උනොත් වන්නෙ විනාශය
පැන පැන හපනා බල්ලො මරාපිය

36 comments:

  1. ඉතාම හොඳ අදහසක්. මිනිසුන්ට නීතිය ගැන තියන විශ්වාසෙ නැති වුනාම ඔහොම තමයි. මම නම් මේවා බලාපොරොත්තු වුනා. මට තව සැක තැනක් තියනවා. මෙතන ලියන්න බැහැ. රජය දැන්වත් හරියට ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කල යුතුයි. මෙහෙම ගියොත් අපිට පාරෙ බැහැලා යන්න අමාරු වෙනවා. මොනවා වුනත් මල්වංශ කියනවා වගේ මේකත් ලිබියාවක් වෙන්න කලින් ගන් කෙල්ල ගෙට.

    ReplyDelete
  2. @ වෙද ගෙදර මහ වෙදනා

    වෙද මහත්තයට කියන්න බැරිදේ මම කලින් පෝස්ට් එකේ අගදි කිව්ව.. අනික් ටිකට උත්තරේ ... අනිවා..

    ReplyDelete
  3. කොහොමත් ඉස්සරහට එයි මචං කාලයක් යුද්දෙ තිබුන කාලෙටත් වඩා බයානක . . . . මේ විදියට ගියොත්

    ReplyDelete
  4. [[පිස්සු තද උනොත් වන්නෙ විනාශය
    පැන පැන හපනා බල්ලො මරාපිය]]

    කොටියට කලෙත් ඕකමයි. ඒත් කීයක්‌ එවුන් තවම ගොරවනවද? ආණ්ඩුවත් බය ඇති බං ඔහොම වෙඩි තියන්න.

    හැබැයි මගේ මතයත් උඹේ මතයමයි.

    මට නොතේරෙන එක දෙයක් නම් ඇයි මේක මුස්ලිම් පැති වලම වෙන්නේ?

    ReplyDelete
  5. පට්ටයි මාතලන් .. පට්ටම කවි ටික .. කාලයේ තාලට

    ReplyDelete
  6. @ ඕනය

    මේ ව්දියට ගොයොත් උඹේ අනාවැකිය හරියනවා

    ReplyDelete
  7. @ sujeewa kohuwala

    ප්‍රශ්නෙ එතනටම බැර කොරන්න එපා.. හැටන් වල කොළඹදී වෙන වෙන කන්ඩායම්

    ReplyDelete
  8. @ හිස් අහස

    ටැන්කූ සඳරූ.....

    ReplyDelete
  9. අඩේ පට්ට පට්ට...ඉස්සෙල්ලා Daddy ට හදපු එක දැන් මේක..
    පට්ටයි

    ReplyDelete
  10. @ ChammA

    මේක පද මාලාවක් නෙමේ බන්.. හැබයි නන්දා මාලනිලා මේ වගේ ඒව ඉස්සර කිව්වා..

    ReplyDelete
  11. නඩුත් හාමුදුරුවන්ගෙලු බඩුත් හාමුදුරුවන්ගෙලු... අනේ ඉතිං අපි මොකෑ කොරන්නෙ....

    ReplyDelete
  12. කොළ කොටි හිටි මෙහෙව් රටේ
    මේවා අරුම දේද පුතේ?

    ReplyDelete
  13. 1990 ගනන් වල විදේශ රටකින් ඇවිත් ලංකාවෙ චිත්‍රපටයක් රූගත කලා The Land of Cannibals (මිනී කන්නන්ගේ දේශය) වගේ නමක් තියෙන. මේ ගැන ලොකු ආන්දෝලනයක් ඒ දවස් වල ඇති උනා, මේමගින් ලංකාවෙ ප්‍රතිරූපයට හානි කරන්න යනව කියල. මහෝදර නම් මේ චිත්‍රපටයේ අන්තර්ගත්යවත් දන්නෙ නැහැ, නමුත් අපි මේ යන ගමන නැවැත්තුවෙ නැතිනම්, ආසියාවේ ආශ්චර්යය කෙසේ වෙතත්, මිනී කන්නන්ගේ දේශයක් කරන්න හැකි වන බව නම් පැහැදිලියි.

    ReplyDelete
  14. හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්... ඒ වගේම දේශප්‍රේමියෙක්.........

    මේ ටිකට මං ගොඩක් කැමතියි!

    සයිබර් ලෝකේ මාතලන්ලා හිටියට දැං හැබෑ ලොකේ එහෙම අය නෑ. හැබෑ ලෝකේ මාතලන්ල කියලා හිතාගෙන හිටපු අය දැං කුට්ටියට යටවෙන කාලයක්නෙ මේ.....

    ReplyDelete
  15. @ ප්‍රසංග

    ඔක්කොම ඔහොම හිතුවොත් ....

    ReplyDelete
  16. @ විලම්බීත


    ඒක සැබැයි..
    සැබැයි.. සැබැයි...//

    ReplyDelete
  17. පැන පැන හපනා බල්ලො මරාපිය - Who let the Dogs Out?

    පළවෙනි වැඩේ කොරන්ට කලින් අපි සොයා ගත යුතුයි දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු....

    ReplyDelete
  18. @ මහොදර

    දිවයින පත්තරේ කට්ටිය එහෙම මැරෙන්න ගියා..
    ටුවරිසම් වලදි ලංකාවට කියන්නේ..
    "ලෑන්ඩ් ලයික් නෝ අදර්...."
    කතාව සතික ඇත්ත

    ReplyDelete
  19. @ බුද්ධි

    තවමත් කීප දෙනෙක් ඉන්නව..

    ReplyDelete
  20. @ Ravi

    ඒකට උත්තරේ මහාවංශේ ආරම්බෙම තියෙන්නේ...

    ReplyDelete
  21. @මහෝදර,

    චිත්‍රපටය "Eaten Alive" මෙහි ලංකාවේ නළු නිළිටයන් රැසක් රගපෑවා.

    http://www.imdb.com/title/tt0081112/

    http://thepiratebay.org/torrent/4222151

    ලාංකික සමාජය මිලිටරීකරණය කිරීමේ ප්‍රතිවිපාක තමයි මේ. නීතිය පිළිබ‍ද විශ්වාසය බිද වැටුනු විට මෙවැනි දෑ සිදුවීම වැළැක්විය නොහැකිය.

    ReplyDelete
  22. @ තිසර

    එහෙම කියල.. ගල් යුගයෙකටෙයි මන්ගච්චන්නේ....

    ReplyDelete
  23. @තිසර
    නිවැරදි කලාට ස්තූතියි.

    @මාතලන්
    "Land like no other" හැඳින්වීම නම් ස්වභාව සෞන්දර්ය, ඓතිහාසික ස්ථාන වගේ දේවල් සැලකීමේදී සැබවින්මත්; වර්තමාන ලාංකීය සමාජයේ විපරීත හැසිරීම අනුව උපහාසාත්මකවත් ඉතාම උචිතය. පිස්සන්ට හිතූ පැතූසේ පිස්සු කෙලින්නත්, හොරුන්ට රාජ්‍ය අනුග්‍රහය සහිතව හොරා කන්නත්, ස්ත්‍රී දූශකයින්ට/කුඩ්ඩන්ට රාජ්‍ය උපදේශක පට්ටම් දරන්නත් හැකි රටක් වෙන කොයින් සොයන්නද?

    ReplyDelete
  24. ඇත්තටම රජ පවුලට උවමනා උනේ රටේ කෙරෙන වැරදි වැඩ නවත්වන්නට නොවේ. ඒ වැඩ තමන් අතට ගන්නටය. ඒ හරහා මුදල් උපයා ගන්නටය. කුඩු, මත්පැන්, කොමිස් ආදී සියළු ඕනෑම මගුලක් කලාට කම් නැත හැබැයි අපේ හරහා අපේ කොටස අපිට ලැබෙන පරිදිය. ඒ ඔවුන්ගේ කලාවයි.

    ReplyDelete
  25. මම චිත්‍රපටියක් ගැන ලියල ටිකාක් විතර ඇනගත්ත . . . . හැබැයි මම ඒකෙං අතාරින්නෙ නෑ . . . මම තව චිත්‍රපටියක් ගැන ලියනව . . . . ඒ ලියන්නෙ උඹ ඔය කියල තියන මිනී කන්නන්ගේ දේශය ගැන තමයි . . . .

    ReplyDelete
  26. සුජීව,

    මේක මුස්ලිම් පැතිවල වැඩි මං හිතන්නෙ ඒ උන් මේ වගේ දේවලට දක්වන සාමාන්‍ය ප්‍රථිචාරය හින්ද වෙන්නැති. ඔය ක්ළුතර කළමුල්ල හරියෙ, බේරුවල පැත්තෙ, නැත්තං අකුරණ පැත්තෙ වාහනයක් හැපුනොත් එහෙම වෙන දේත් ඔයිට වෙනස් නෑනෙ. අනික දැං පොළිසිය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී මානවහිමිකම් රකින පොල්ලක් විතරක් අරන් යන බලු කොස්සො වෙලා නිසා අපේ දියුණු ජනතාවට මොන බයක්ද?

    ReplyDelete
  27. @ ඕනය

    83 දී මගේ ඇස් දෙකෙන්ම දැක්ක.. සුමානයක දෙකක් කන්න බැරුව ෂොක් එකෙන් හිටියේ.. ඒ අපරාධවලට පෙළෙන හොඳම වයසෙදි..

    ReplyDelete
  28. @ ඉන්දික උපශාන්ත..

    මන් උන්නේ සිංහභාහූ අමණාප වෙලාවද්දෝ කියල..

    ReplyDelete
  29. මම මේ පාර පෝයට පන්සල් ගියාම මේ ප්‍රශ්නය ලොකු හාමුදුරුවොන්ගෙන් අහන්න ඉන්නෙ...

    " ඒ කාලේ විසාලා මහනුවරත් ග්‍රීස් යක්කු හිටියද අපෙ හාමුදුරුවනේ??"

    ReplyDelete
  30. @ යසියා

    උන්නාස්සෙත් මඤ්ඤං වෙයිද මන්දා

    ReplyDelete
  31. මිත්‍යා මත, මිත්‍යා ඇදහිලි, මිත්‍යා විස්වාස සමාජ ගත කරන හැමෝම (බ්ලොග් කාරයොත් ඇතුළු) මේවට වගකියන්න ඕන.

    ReplyDelete
  32. අර මක්කටෙයි මාතලං ගොය්යො අමනාප වෙන්නෙ? ඔන්න ඕකනෙ සමහරවෙලාවට මට මුකුත් කියන්න බය. මිනිස්සු ගන්නෙම වැරදියටනෙ!

    ReplyDelete
  33. @ Soda ගුනේ

    අනිවා.. මම කේන්දරය ඇර අනෙක් කිසිම දෙයක් විශ්වාස කොරන්නේ නැත. එය විශ්වාස කරන්නේ ඒ ගැන හදාරා යම් සත්‍යයක් එහි ඇති බව අවබෝධ වූ නිසාවෙනි..

    ReplyDelete
  34. @ ඉන්දික උපශාන්ත
    එහෙම් දේකට නොවෙයි බන් කාළෙකින් මේ පැත්තෙ නාපු නිසා...

    ReplyDelete
  35. සිරාවටම මාතලන් අයියෙ මමත් හිතන්නෙ රොත්තක් එකපාර යන්න වටයක් අල්ලල දැම්මනං ඉවරයි කියල තමයි... ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියනවනෙ...

    ඒත් එහෙම ‍කලොත් රටට කෙලවන්න බලන් ඉන්න උන්ටනෙ වාසිය...

    ReplyDelete
  36. @ සාතන්
    ඝෝඨා කට ඇරිය විතරයි, ග්‍රීස් යක්කුත් නෑ, චන්ඩිත් නෑ, ජඩ මාධ්‍යවේදියොත් නෑ. දැන් ඒ නම කියන්නෙත නෑ.. කොහොමද වැඩ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න