.

.

Apr 9, 2012

කොමුපිළි # 4 ((තනපට - අවසාන කොටස) කාන්තාවන්ට පමණයි) - Lingerie # 4


තනපටේ එහෙමම අමතක වෙලා ගියේය. කොල්ලෙක් උනේ හොඳ වෙලාවටය. නැතනම් ඉතින් මටත් යන්න වෙන්නේ වන වනාය. ඒ උනාට ගොඩක් අය, කෝ අනේ ඉතුරු ටික කියා අසනවාය. තියෙන ඉල්ලුම ගැන පෝස්ට් එකේ දෙපැත්ත බැලුවාම ඔහේලාටත් බලාගත හැකිය. ඒ නිසා ලින්ක් දාන්න ඕනෑ නැතිය. වැඩි විස්තරත් ඕනෑ නැතිය. මෙතනින් බොඩි කතනන්දර අවසන්ය. ඒ උනාට ජෝක් එකක් එහෙම හම්බ උනොත් පළ කරනවාය. අවසාන කොටස නිසා. සිංහල සෝ වල වගේ හැපි එන්ඩින්ය...


සීම්ලස් බ්‍රා
මේ වර්ගය ටී ෂර්ට් බ්‍රා වගේමයි බොහෝ විට සමේ වර්ණයෙන්ම මිළදී ගන්නත් තියෙනවලු. තනපටයක් ඇඳපු බවක් කිසිසේත්ම නොපෙනෙන ලෙස වාටී කිසිම දෙයක් නොපෙනන ආකාරයට නිමවා ඇත.


ට්‍රයිඈන්ග්ල බ්‍රා
මෙහි හැඩයෙන්ම ඔබට තේරුම් ගන්න පුළුවන් ඇයි මේ නමින් හඳුන්වන්නේ කියලා. පියයුරු වැසෙන පෙදේස ත්‍රිකෝනාකාර ලෙස නිමවලා තියෙනවා. බොහෝ විට බිකිනි නිමවන්නේ මේ හැඩයෙන්.


බැල්කොනෙට් බ්‍රා
මේ නම ඇවිත් තියෙන්නේ බැල්කනිය ඉඳන් බලන කොට ක්ලෙවාජ් එක වැඩිපුර පෙනෙන ලෙස නිපදවා ඇති නිසයි 1930 ගනන්වල පියයුරු වල උඩ කොටස වැඩිපුර ප්‍රදර්ෂණය විලාසිතාවල් වී තිබුනා ඒ කාළේ ස්ටයිල් එකක් උනාට. දැන් ඩෙමී බ්‍රා වලටත් ෂෙල්ෆ් බ්‍රා වලටත් මුල් වෙලා තියෙන්නේ මේ ස්ටයිල් එකයි. විශේෂත්වය වන්නේ කප් එක තිරස් හැඩයෙන් යුක්ත වීමයි.

ඇඩ්හයිසිව් බ්‍රා
තනපුඩුව වැසෙන ලෙස අලවා ගත හැකි ආකාරයට නිමවා ඇති මේ වර්ගය සිල්ක් ඇඳුම් අඳින විට බොහෝ අය භාවිතා කරනවා. පිට ප්‍රදේශය හා උරහිස නිරාවරණය වන ඇඳුම් ඇඳිමට ප්ලාස්ටික් පටි සහිත තනපට අඳින එක අපේ රටේ විලාසිතාවක්. ඒ වෙනුවට මේ වර්ගය යොදා ගත හැකියි. නමුත් එකම දේ වැල වරකා කරන වැඩේ ඉටු වෙන්නේ නෑ..


බැන්ඩේඋ බ්‍රා
මුලින්ම හඳුන්වා දී තියෙන්නේ සරල රෙදි පටියක් අපේ තනපට අඳිනවා වගේ අඳින ක්‍රමයක්. පුරාණේ උන්න අපේ කෑලීත් උඩු කය ආවරණය කරගෙන තියෙන්නේ මේවලින් බව බිතු සිතුවම් වලින් පේනවා. පියයුරු වලට හැඩයක් හෝ සහයක් නොදුන්නත් තනපටයක හැඩයටම නිපදපුවත් තියෙනවා.

ප්ලන්ජ් බ්‍රා
ප්ලන්ජ් බ්‍රා වලින් කරන්නේ ක්ලේවාජ් එක වැඩිපුර පෙන්වන අතරම පියයුරු වලට හොඳ සහයක් ලබාදීම. ඩීප් ප්ලන්ජ් හා යූ ප්ලන්ජ් නමින්ද තියෙන්නේ මේ වර්ගයෙම මෝස්තරයි.


පීප් හෝල් බ්‍රා
තන පුඩු තද වන ආකාරයට තන පට අඳින එක පියයුරු පිළිකා වලට හේතුවක් කියලා හොයා ගත්තයින් පස්සේ බටහිර රටවල බොහෝ කාන්තාවන් දැන් තන පුඩු හිරවන ආකාරයට තනපට අඳින්නේ නෑ. ඒ වෙනුවෙන් නිපදවපු වර්ගයක් තමයි මේ.

ඕපන් කප් බ්‍රා
එකෙක් දෙන්නෙක් අහලා තිබුනා අත දරුවන්ට තන කිරි දෙන බ්‍රා එක ගැන දැම්මහම මහ උනුත් ඒවලින කුක්කු බිව්වට කමක් නැතිද කියලා. ඒක හදලා තියෙන්නේ පොඩි උන්ට. මේ තියෙන්නෙ එහෙම අහපු අයට නිපදවපු වර්ගය.


ෂෙල්ෆ් බ්‍රා
මම නම් උඩ වර්ගයට එතරම් කැමත්තක් නෑ. මොකෝ ඒක බ්‍රා එකක් නෙමේනේ. ඊට වඩා කාමුකයි මේ වර්ගය.


හෑන්ඩ් බ්‍රා
පිටරට මොඩල්ස්ලා, මොඩලීන් වලදි බ්‍රා අඳින්නේම නෑ. කුක්කු උඩ දදා යන එක ස්ටයිල් එකක්. ඇත්තටම ඒක හරිම සුන්දර දර්ශනයක්. සමහර සංදර්ශන තියෙනෙවා උඩුකයට වස්තරයක් නැතුවම . එහෙම වෙලාවට කුක්කු කවර් කරන් යනවට කියන්නේ හෑන්ඩ් බ්‍රා කියලා. ඒවා ඕන නෑ. බැඳලා අවුරුදු 10-15 නෙමෙයි මැරෙනකම්ම අපේ රටේ ස්වාමී පුරුෂයන්ට මේ බ්‍රා එක නම් හැම තිස්සේම බලා ගන්න පුළුවන්. බ්‍රා එක ගලවනවට වඩා අමාරියි මේ බ්‍රා එක ගලවන එක.


බෙලි ඩාන්ස් බ්‍රා
බෙලි ඩාන්ස් ගැන දන්නවනේ. බොහෝම කාමුක අරාබි නැටුමක්. මේ නැටුමට අඳින බ්‍රා තමයි මේ නමින් හඳුන්වන්නේ. බොහොම තදට අඳින්නේ. ක්ලෙවාජ් එක මනාව පේන ලෙස. විවිධ වර්ණ හා එක එක සක්කරවට්ටම් වලින් අලාංකාර ලෙස නිමවා තියෙනවා. මේ වර්ගයේම නොවුනත් මුතු මැණික් අල්ලපු ඒවා වගේම දියමන්ති අල්ලපුවත් තියෙනවලු. වාර්ථාවන වැඩිම වටිනාකම තියෙන තනපටේ ඩොලර් මිලියන 12.5 ක්ලු. පිස්සු හැදෙනවා ඇතිනේ. 


ඉස්පැසල් බ්‍රා
මේ මම හොයාගත්ත වර්ගයක්. ඔය මියුසිකල් ෂෝ, කානිවල්, පෙරහැරවල්, තද වෙච්ච බස්, කෝච්චිවල යනකොට ඇඳගෙන යන්න. වල් කොල්ලන්ට හොඳ පාඩමක් උගන්වන්න.


මම හිතන්නේ ඔක්කෝම වගේ ජාති ගැන ලියවුනා. තව හොඳ හෑන්ඩ් බ්‍රා දෙක තුනකුයි. බෙලි ඩාන්ස් එකකුයි මෙතනින් බලාගන්න. හැබැයි ගිනිගත් නරියා ගෙන් පමණයි. (Firefox)

58 comments:

  1. මාතලන් අයියට මාර දැනුමක්නෙ තියෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. උපාධිය තියෙන්නේ මේකට නේ

      Delete
  2. හෆ්ෆා මේක ඉවර උනාද? තව ඇත්තෙම නැද්ද අයියේ.. මේ වගේ දැණුම් සාගරයක් ඉවර උන එක ගැන දුකයි අප්පා..

    "බ්‍රා එක ගලවනවට වඩා අමාරුයි මේ බ්‍රා එක ගලවන එක."

    ඒක පට්ට කතාව...

    ReplyDelete
    Replies
    1. ඇක්ස්පීරියන්ස් තියෙනවා වගේ

      Delete
  3. ඇවිදින විස්සකෝසයක් නොවැ මේ මනුස්සය. ගෙදර උන්දැටත් දැං මං ගැන සැකයිද කොහෙද මෙවයෙ නං දෙක තුනක් කිව්වදාට පස්සෙ ඉඳල.

    ReplyDelete
    Replies
    1. සැක හිතෙන එක අහන්නත් දෙයක්ය. එයාලත් දන්නෙ නෑනේ මෙව්වා

      Delete
  4. ගෑනු කෙනෙක්වත් මේ බ්‍රා වර්ග ගැන දන්නේ නැතුව ඇති ලොල්.නියමයි අයියා.

    ReplyDelete
    Replies
    1. ගෑණූ තියා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එවුනුත් දන්නේ නෑ

      Delete
  5. මේවා බලනකොට මට දාඩිය ගදක් වගේ එකක් දැනෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇඟ උනු කරවා යනාඅ ඇති.. ලෙඩක්. බෙහෙත් ගන්න වෙයි....

      Delete
  6. යකෝ... මාතලං දන්න කුක්කු හැට්ට තොගේ..... :O :O

    හෑන්ඩ් බ්‍රා එක ගලවන්න ක්‍රම සහ විදි තියෙනව... ;)

    ReplyDelete
    Replies
    1. ලියපන් කස්ටියට දැන ගන්න

      Delete
  7. මාතලන් අය්ය කොමු පිලි නමින් කඩයක්වත් කොරනවයි??
    අලුත් අදහසක් දෙන්න පුළුවන් රජයට හැබැයි!
    දිවි නැගුම වගේ,"ජාතියේ කාන්තාවන්ට කොමු පිලි ඇන්දවීම"
    වගේ එකක් දාල!
    නැගල යාවි වැඩේ!:D,
    එකේ උපදේශක කමකුත් ගන්න බැරිය!:P

    ReplyDelete
    Replies
    1. ඉන්න උපසේනලා මදිවටද, මම කැමති නෑ අපෙ අම්මට හච්චිං යනවට

      Delete
  8. මේක දැනුම් සාගරයක්නෙ........

    ReplyDelete
    Replies
    1. පොත් හතක් අටක් දැනටත් ලියා දාලා
      තියෙනවා
      මත්තටත් තවත් ලියනට හිතේ අඳිලා

      Delete
  9. මචං අර අන්තිම එකට කාන්දම් ඇලෙනවද ?

    ReplyDelete
  10. අඩේ මාතලන් අයියා දන්නා දේවල්.. මම මේ නිකමට දැන ගන්න අහන්නේ.
    මේ තියෙන ඒව්වා හැර තවත් හඳුන්වා දිය යුතුයි කියලා හිතන එව්වා මොනවා ද?

    ReplyDelete
    Replies
    1. උඹලැ එපයි මට කියන්න

      Delete
  11. "ඇඩ්හයිසිව් බ්‍රා"මෙන්න මේක තමා මම පහුගිය ටිකේම අයියගෙන් අහ අහ හිටියේ... මේක මම එකම එක පාරයි දැකලා තියෙන්නේ ජීවිතේටම(පින්තූරෙකින්)... දැං ඉතිං මේවා ගන්න තැනකුත් දැම්මොත් හොඳා මොකෝ වෙන්ඩ බාරි වෙන දැරිවි එක්ක ෂොපිං ගියාට මේ පෝස්ට් තුන හතරින්ම දාපු බ්‍රා දැකලම නෑ...ඕන්නං ජාති දෙකක් තියෙන්න ඇති

    අර අන්තිමට දීපු ලින්ක් එක මම කලින්ම ලෝඩ් කොරගෙන හිටියේ හි හි අර හෑන්ඩ් බ්‍රා එක ගලවන්න හෙනම අමාරු ඇති කියලා මාත් හිතනවා....

    ReplyDelete
    Replies
    1. ඕන් වැඩේ හරිනේ. හෑන්ඩ් බ්‍රා ගලවන විදිය පොඩි මෑන් ලියයි මයේ හිතේ...

      Delete
  12. අන්තිම මොඩල් එක තව ටිකක් මොඩිෆයි කරලා ඉබියතුරු දාලා ආරක්‍ෂාව වැඩි කරලා හදාගත්තානම් ආයේ හස්බන්ට ගෙදරින් පිට යන්න පුලුවන් බය නැතුව

    ReplyDelete
    Replies
    1. එතකොට පහල ප්‍රදේශය

      Delete
  13. http://wiki.voyeurweb.com/index.php/Panty#Panty_Types

    විකිපිඩියාවේ වැඩිහිටියන්ට "පනමයි" වර්ගයේ පිඩියාව. ඔබා අයිය ලංකාවේ නිසා මග ඇරෙයිද මන්ද...

    ReplyDelete
    Replies
    1. @ prabath's blog

      uba nam deyyek ban. mama hoya hoya hitapu widhihe site ekak.

      Delete
    2. හිහ්... හිහ්.... පස්ට .... තෑන්ක්ස්

      Delete
  14. මෙවුව කොච්චර දැකල තිබුනත් අමතක වෙන්නෙ නැති එකම බ්‍රා එකයි තියෙන්නෙ. රීගල් එකේ බොක්ස් එකක් ඇතුලෙදි ජීවිතේ ඉස්සෙල්ලම කුක්කුවෙක් එලියට පන්නගත්ත බේජ් පාට ටී ශර්ට් බ්‍රා එක. (ඒකෙ හක් එක පන්නන්න විදපු දුකක්)

    ReplyDelete
    Replies
    1. සොදුරු මතකයන්..
      මට නම් බොරැල්ලේ ලිඩෝ එකේ.

      Delete
    2. ඊට වඩා ලේසී කොරොම තියෙනවා

      Delete
  15. Edible bra

    http://wiki.voyeurweb.com/index.php/File:20081111-87537-8.jpg

    ReplyDelete
  16. හප්පුච්චෝ.....හෑන්ඩ් බ්‍රා ගලවන්න කුචු කවමු :)

    ReplyDelete
    Replies
    1. මල පැනපු වෙලාවක නම් කන්න වෙනවා සුවර් එකටම

      Delete
  17. හෑන්ඩ් බ්‍රා තමා එලම බ්‍රා......

    ReplyDelete
  18. වැඩියෙන්ම පාවිච්චි වෙන ගලවන්න අමාරුම බ්‍රා එක තමයි හෑන්ඩ් බ්‍රා.... ඒකේ දෙකක් නෑ,,, මේකට දාන්න තිබ්බේ මායම් බ්‍රා කියලා.... මොකෝ කෙල්ලත් දන්නවා ඒකි ඊලඟ තත්පරේදි මේ බ්‍රා එක ගැලවෙනවා... ඒත් ජීවිතේට ගැලවෙන්නේ නෑ වගේ ටෝක් දෙන්නේ,,,, :D

    ReplyDelete
    Replies
    1. පව් අනේ එයාලා. ඊට පස්සේ ආයෙත් හැන්ඩ් බ්‍රා තමයි...

      Delete
  19. ඒවා හැර, මේවා හැර, තවත් ඒවා තිබේද, එසේනම් කොහේද ඒවා..?

    ReplyDelete
  20. මෙච්චර වෙනස් වෙනස් දේවල් තියෙනවද?.මම දැකල තියෙන්නේ ඔතනින් දෙකක් විතරයිද කොහෙද?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් උඹේ නමින්ම හිතා ගන්න පුළුවන්නේ...

      Delete
  21. කාලෙකට කලින් මම දැක්කා පොඩි වීඩියෝවක් "නට් බ්‍රා" ගැන.ඒකෙ කියවුනේ අර අහවල් එක බහින උන්දලාට හොඳයි කියන එක..

    ආයෙ හොයා ගත්තා ඒ වීඩියෝ එක.

    http://www.youtube.com/watch?v=1zdDfQrPi5Q

    ReplyDelete
    Replies
    1. මමත් බලලා තියෙනවා. ස්තූතියි බෙදාගත්තාට

      Delete
  22. මාතලන්නේ යට ඇඳුම් ලිපි පෙළ නම් පට්ටයි ඈ. කියවල කමෙන්ට් කරන්න වෙලාවක් තිබ්බේ නෑ ඔන්න වෙලාවක් ලැබුන වෙලාවේ ඔක්කොටම හරියන්න එක කමෙන්ට් එකක් දාන්නයි කල්පනාව. ඇත්තටම ලිංගිකත්වය කෙසේ වෙතත් යට ඇඳුම් ගැනුවත් ප්‍රසිද්ධියේ කතා නොකරන තරම් සංස්කෘතික සීමා මායිම් තුල අපේ අය කොච්චර හිර වෙලාද කියල පේනවා මේ ලිපි වලට තියෙන හිට්ස් දැක්කම කොල්ලො විතරක් කමෙන්ට් කලාට කෙල්ලොත් හරි හරියට මේවා කියවන බව නම් සහතිකයි. එක අතකට මේක සමාජ සත්කාරයක් වගේ දෙයක් මොකද මේ කොච්චර ජාති තිබුනත් ලංකාවේ අය වැඩිපුරම අඳින්නේ ජංගි නම් ඩෙනිමටයි, සල්වාරියටයි, සායටයි, ටයිට් ජීන්ස් එකටයි ක්ලැසික් බ්රීෆ් එක. බ්‍රා නම් සාරියටයි, ටී ශර්ට් එකටයි, ගවුමටයි, බ්ලවුස් එකටයි හැම එකටම ෆුල් සපෝර්ට් බ්‍රා එක. මේකට හේතුව නොදැනුවත් කම බස් වලදි සාරි හැට්ට වලින් පැනපු පටි හද හද යන එකයි දැන් දැන් අළුතෙන් එන ටෙලිනට්‍ය වල ඔඩෙල් උදාරි එහෙම අඳින උඩුකය නිරාවරණය වෙච්ච ගවුම් වලටත් තඩි පටි තියෙන ෆුල් සපෝර්ට් බ්‍රා ඇඳගෙන යන එකයි මේ නිසාම සුලභ දසුනක්. ඇත්තටම මාතලන් වගේ කොල්ලෝ කෙල්ලන්ට වඩා මේවා ගැන දන්නවා හැබැයි ඉතින් කියන්න යන්නේ නෑ අන්තිමේදී මේවා දන්නේ කොහොමද කියල ප්‍රශ්නනේ. :P මම සුද්දියන්ගේ ෆෝරම් වල කියවල තියෙනවා එයාල කියන විදිහට වඩාත් සුව පහසු ජංගි වර්ග දෙක වෙන්නේ බ්‍රීෆ්ස් සහ බෝයි ශෝර්ට්. තොන්ග් වැඩි වෙලාවක් ඇඳගෙන ඉන්න අපහසුයි කියලයි එයාල කියන්නේ. හැබැයි සුද්දියෝ බිකිනි ඇඳන් හිටියට වෙන ඇඳුම් අඳිනකොට බ්‍රා එකක් අඳින්න නම් වැඩි කැමැත්තක් නෑ. ලංකාවේ පාරවල් වල ඇවිදින සුද්දයෝ දිහා ටිකක් බලාගෙන හිටියොත් ඒක පැහැදිලිව පේනවා :D. ඔන්න මාතලන්ට මඟ හැරිච්ච බ්‍රා ටිකකුයි, ජංගි ටිකකුයි මම දැම්මා.


    මඟ හැරුණු බ්‍රා කිහිපයක්.

    Novelty Bra - (නවල්ටි බ්‍රා) හවායන් නැටුම් වැනි උත්සව වලදි අඳින්නේ මේවා, සාමාන්යෙන් බ්‍රා සඳහා බාවිතා නොකරන පොල් කටු, සිප්පි කටු, ලී කැබලි, යකඩ කැබලි, සම් වැනි අමුද්‍රව්‍ය වලින් නිපදවයි.

    https://lh4.googleusercontent.com/-T6-zdATVKd0/ThWGBgdwkMI/AAAAAAAAaqM/dcRFC2jMGHM/s800/noveltycoconutbra.jpg

    Mastectomy Bra - (මැස්ටෙක්ටමි බ්‍රා) පියයයුරු පිළිකා හේතුවෙන් එක් පියයුරුක් හෝ දෙකම ඉවත් කල අයට තමයි මේ බ්‍රා වර්ගය තියෙන්නේ.

    https://lh4.googleusercontent.com/-dky0tmnh9uA/ThWF-nf8RkI/AAAAAAAAap8/nhTPWCuJVF0/s800/prosthesisbra.jpg

    Male Bra - (මේල් බ්‍රා) හොල්ල හොල්ල යන මහත පිරිමි අයට.

    http://lh3.googleusercontent.com/-WA73HWBUJiw/ThWF_PfJRYI/AAAAAAAAaqA/lWuDaF0M5pY/s0/manbra.jpg

    Water Bra - (වෝටර් බ්‍රා) කුක්කු පුංචියි කියල දැවි දැවී තැවි තැවී ඉන්න අය වෙනුවෙන් නිපදවයි. කප් තුලට ජලය හෝ සිලිකන් ජෙල් පුරවා ඇත.

    මඟ හැරුණු ජංගි කිහිපයක්.

    T-backs - (ටී බැක්ස්) මේකත් Thongs වල උප වර්ගයක් පිටිපස්සෙන් බැළුවහම ටී හැඩයක් තමයි තියෙන්නේ

    http://www.femtalks.com/wp-content/uploads/2008/11/t-thong.jpg

    Rios - (රියෝස්) මේකත් Thongs වල උප වර්ගයක් පිටිපස්සෙන් පොඩි වෙනසක් තියෙනව හොඳට බැළුවොත් ඉන පටිය උකුලට වඩා ඉස්සිලා තියෙනවා පෙනේවි.

    http://www.femtalks.com/wp-content/uploads/2008/11/rio-thong.jpg

    Boy cut or Boy short - (බොයි කට් / බෝයි ශෝර්ට්) කුඩා කොට කලිසමක් සේ පෙනේ ඉතා සුව පහසු වර්ගයක් ලෙස ප්‍රකටයි.

    http://s3.hubimg.com/u/1007106_f260.jpg

    Culottes - (ක්‍යුලට්ස්) බොයි ශෝර්ට් හා සමාන පෙනුමක් තිබුනත් කෙටිසායක් වගේ වටේට එල්ලෙන කොටසකින් තමයි ඒ පෙනුම දෙන්නේ.

    http://www.femtalks.com/wp-content/uploads/2008/11/culottes-02.jpg

    ReplyDelete
  23. පොඩි අප්සෙට් එකක් Water Bra - (වෝටර් බ්‍රා) එකේ පින්තූරේ මිස් වෙලා මෙන්න ඒක.

    https://lh6.googleusercontent.com/-2RkowmZflX0/ThWGLeST8AI/AAAAAAAAarI/ayieY9keq2o/s800/waterbra.jpg


    බ්‍රා ගැන වැඩි දුරටත් කියනව නම් Underwire Bra(අන්ඩර් වයර් බ්‍රා - මාතලන් විස්තර කර ඇත.) එක හැර අනිත් හැම එකක්ම අඩු වැඩි වශයෙන් සුව පහසුයිලු. සුද්දියන්ගේ ෆෝරම් වල තියෙන හැයියට Underwire Bra එකට කුක්කු දෙක කැපෙනවලු. බ්‍රා ගැන ජංගි ගැන විතරක්ම වුනත් බ්ලොග් එකක් ලියන්න පුළුවන් තරම් විස්තර තියෙනවා මෙතන ඕන ටික ඔක්කොම වගේ කෙටියෙන් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කසුන්.. මෙහෙම කොමෙන්ට් එකක්.... මාර වටිනවා... තෑන්ක්ස් අගේන්..

      Delete
  24. මෙන්න තවත් අළුත් එකක්

    Bralette bra

    http://scene.barenecessities.com.edgesuite.net/is/image/BareNecessities/835175wac3?$Main375x440$

    ReplyDelete
  25. කාන්තාවන්ට පමණයි කිව්වට ඔක්කොම බලල තියෙන්නේ පිරිමි නෙහ්

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් පිරිමින්ගෙන් වුනත් මේ ලිපි පෙලට තියෙන හිට්ස් දැක්කම ගෑණු අයත් සද්ද නැතුව බලන බව පැහැදිලියි. දැන් ඔය Thongs වර්ග වලට එහෙම මෙහෙ ඉල්ළුම වැඩි වෙලා කියන්නේ... ලොල්ය..

      Delete
  26. මේ ටික සිංහල විකියට දැම්මා නම් මොකද :D

    ReplyDelete
  27. හයියෝ මම පොඩි එකා ඉවරයි,.,., මම නලක් උනා හිටින්න මම අම්මට කීනවා

    ReplyDelete
  28. මාතලන්ට පිං සිද්ධ වෙන්නට "මිඩ්නයිට්දීවාස් ශ්‍රී ලංකා" ආයතනයේ ව්‍යාපාර කටයුතු බොහෝ සෙයින් වැඩි දියුණු වී ඇත.

    ReplyDelete
  29. මාතලන් කොල්ලෝ,

    එලම කිරි. මේ වගේ දැනුම බෙදා ගත්තහම අපේ කොල්ලන්ගේ මෝල් ගාය අඩුවේය්ද වැඩි වෙය්ද ? නිකමට ඇහුවේ !

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න