.

.

Sep 5, 2012

ආදරණීය ජයලලිතා වෙත, - To Dearest Jayalalitha,


D. මාතලන්
කොළොම්පූර්,
ඊලන්කයි.
05-09-2012
බුදු සරණයි !

මා ආදරණීය ජෙයලලිතා අක්කා වෙත,

අක්කා කියා ඇමතුවාට අමනාපයක් නැතයි සිතමි. අපේ මාලනිට, රවින්ද්‍රට, රෙක්ස්ලාටත්, අවුරුදු 10-15 අය කියන්නේත් අයියේ අක්කේ කියාය.කොටින්ම රනිල් අයියා, එයාගේ මුණුබුරාල වගේ උන්ට කතා කරන්නේත් නංගි මල්ලි කියාය. රවින්ද්‍ර අයියාගේ නම් මූන කචල් උනාට කොන්ඩේ තවමත් කලුය. මාලනි අක්කා නම් ඔයා වගේමය. ඔයා නම් ෆිගර් කොන්චස් නැති උනාට මාලනී නම් එහෙම නැතිය. ගීතා අක්කාත් තවම එක එක රඟපැම් කොරනවාය. එයාගේ අළුත්ම සෝ එක "ගෝනී අරන් කඩේ යාම" බොක්ස් ඔෆීස් ගැහුවේ නැතිය. ඔය ඔක්කෝටම වඩා අපි අක්කාගේ සෝ වලට කැමතිය. MGR අයියා එක්ක නටපු නැටුම් මතක් වෙනකොට ඇඬෙනවාය.


ඒ ඔක්කෝම ඇක්ටින් වලට වඩා, මම නම් ආස අක්කයි, කරුණා නිදි  අයියයි මාරුවෙන් මාරුවට රඟපාන "මහ ඇමති" සෝ එකටය. ඒක නම් නැගලා යනවාය. හරිම පවර්ෆුල්ය, සැක්සිය, රොමෑන්ටික්ය, ඇඩ්වෙන්චර්ය ඒ ඉතින් ටැමිල් සෝ වල හැටිය. හින්දි සිනමාවේ අය ගන්ස් අරන්, ජීන්ස් ඇඳලා, බිකිනි ගහන්, කොම්පියුටර් එෆෙක්ට් දාගෙන වෙස්ටන් උනාට, ඔයාලා එහෙම නැතිය. තවමත් මන්නා, කැති, පිහි, කඩු, පොලු. පොරෝ අරන්, වේට්ටියත් ඇඳගෙන, පෙත්තේ පෙති කපනවාය. සාරි ඇඳන්, කෙහෙ වලු වලින් ඇද ගන්නවාය, ගස් වටේ දුවනවාය. තවමත් කෙල්ල මහතය, කොල්ලා කැතය, ඒ උනාට වලියට බරය. ඒවාට අපිත් කැමතිය. ඉඳලා හිටලා වෙස්ටන් ඒවා හැදුවත්, අපි කැමති අර වගේ ඒවාටය. ඒ අපේ හැටිය. මොකෝ අපිත් එහෙමය. (අපේ අය දැන් හදන්නේ ඔහේ කතාය. ඒ කියන්නේ ජාතක කතාය.)

අක්කාට හදිසියේ ලිව්වේ ඔහේ ඡන්දයක්වත් තියෙනවාද කියලා අහන්නය. ඒ මොකෝ මෙහෙන් ඔහේ ආපු ගොඩක් අයට ඔයයි, ඔයාගේ යාළුවොයි ගේම් ඇදලා තිබුන නිසාය. ඡන්දයක් තියෙනවානම් අවුලක් නැතිය. ඔයාට මහ ඇමති කැරක්ටර් එක තව දුරටත් තියාගන්න එහෙම කොරනවා ඇතිය. (අක්කට ඡන්දේ දිනන්නම ඕන නම් අපේ ලොකු අයියාගේ රත්තරන් බෝලේ ටික දවසකට එවන්න පුළුවන්ය.) ඔයා එහෙම ගැහුවට අපේ පවුලේ අයට දුකකුත් නැතිය. බොහෝම සන්තෝසය. මොකෝ මෙහේ ඔයාලා අපිට බලෙන් දීපූ ප්‍රාන්ත තුනක ඡන්දේ තියෙනවාය. යුද්දේ මතක නැතුව හිටපු අපේ අයට ඒක මතක් කොරලා දෙන්න පුළුවන්ය. සමහර වෙලාවට අපේ ලොකු අයියා මට ඉස්සෙල්ලා ලියුමක් එවලා මේවා කරන්නෙයි කිව්වාද දන්නේ නැතිය. මොකෝ අපේ ලොකු අයියා එහෙමට පොරය.

ඇත්තටම අක්කා තද මදිය, අපේ ගුවන් හමුදාවේ අයට ට්‍රේනින් දෙනකම් ඔයා අහවල් එක කොලාද කියලා අහන තරමට, මට කේන්තිය. ඔයාට තියෙන්නේ මෙහෙන් ඔහේට පැනලා ඉන්න කොටි මල්ලිලාටයි, ඩයස්පෝරා අයටයි, ඉන්දිරා ඇන්ටි දුන්නා වගේ හොඳ ට්‍රේනින් එකක් දෙන එකය. එතකොට බලෙන් පරිප්පු දාලා, බලෙන්ම පලා බබා දුන්නා වගේ, බලෙන්ම ඊළමත් බෙදලා දාන්න පුලුවන්ය. පුට් බෝල් ගහන්න ආපු උන්ට පුක් බෝල් ගහලා එලවපු එකනම් බොහොම හොඳය. අක්කාට පුලුවන් නම් මෙහෙටම ඇවිත් අපේ මනිලාල් අයියටම පුක් බෝල් ගහලා ගියානම් කවුරුත් මුකුත් කියන්නේ නැතිය. මොකෝ එයා ෆුට් බෝල් වලට මාරම සේවයක් කොරනවාය. එයාට කිසිම සේවයක් කර ගන්නේ නැතිය. ඒ ගැන ෆුට් බෝල් ගහන අය ඉන්නේ අමනාපයෙන්ය.

අපේ උන්ට මෙහේ ධාතු වැඳලා, කෝවිල් වැඳලා, බිලි පූජාවන් තිබ්බාට හිතට මදිය ඔහේ තියෙන ඒවාත් වඳින්න ඕනය. ඕකුන්ට වට කොරලාම ගහන්න ඕනය, එකෙක් දෙන්නෙකුට ගේමක් දුන්නාත් අවුලක් නැතිය. එහෙම දෙනකම් අපේ ගුණදාස සීයාත්, නලීන් අන්කලුයි, චම්පික අයියයි, විමල් අයියයි ඉන්නේ කට ඇරගෙනය. ඒ මොකෝ එයාලා 83 වර්ල්ඩ් කප් එක ආයෙත් තියෙනකම් බලාගෙන ඉන්න නිසාය. එයාලත් අක්කා වගේමය. (මේ අයට අපි ආවේ ඔහේ ඉඳන් කියන් එකයි, අදහන්නේ එහෙන් ආපූ එක්කෙනෙක්, මිහින්තලාවෙදි ඇඟේ ගහපු ආගමකුයි කියලා අමතක වෙලාය.) අක්කා ගේම් දෙනකොට එයාලා එලියට එනවාය. මීටිමකටවත් නොයා පපුවේ අමාරුව හැදිලා ඉස්පිටිතාලේ හිටපු විමල් අයියා, ඊයේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් එහෙම තියලා ඔයාට අම්බානක බැන්නේය. ඒ උනාට ඔයා එයාට බනින්න යන්න එපාය. ඒ මොකෝ එයාගේ පපුවේ අමාරුව වැඩි වෙන්න පුලුවන්ය. ජෙප්පො මල්ලිලා නම් කියන්නේ එයාගේ පපුව කොහොමත් හොඳ නැතෙයි කියාය.

ඉතින් අක්කේ ලියුම දිග වැඩි උනාට අමනාප වෙන්න එපාය. අපි එදා වගේම අදත් ඔයාට ආදරේය. ඒ අපිත් දේශප්‍රේමී නිසාය. අනික අක්කාගේ ලස්සන මූන බලාගෙන කැත කතාවක් කියන්න හිතෙන්නේම නැතිය. හරියට අපේ ලොකු අයියාගේ මූන වගේමය. අක්කා ගෙනියන ගේම් ඔහොමම ගෙනියන්නය. අනිත් හාල් පාරුවන්ටත් එහෙම කොරන්න කියන්නය. එත් ටිකක් පරෙස්සම් වෙලා ඉන්නය. මොකෝ රාවණා යලි එනවාය. එදාට ඔයාව උස්සන් ඇවිත් රාවණා ඇල්ලේ හංගන්න ඉඩ තියෙනවාය. ඊට පස්සේ අපේ උන් ඔයාගේ නමින් කෝවිලක් අටවගෙන, ඔයාව වන්දනා මන කොරනවාය. ඒ අපේ උන්ගේ හැටිය. ඊට ඉස්සෙල්ලා ඔයා හැංගෙන එක හොඳය. ගේම් ඇදලා ඇදලා, වෙලාවක් තිබුනොත් අපටත් ලියුං කරදහියක් එවන්නය. ඔය එලවලා දාන එකෙක් අතේ එව්වත්, මට ලැබෙනවාය. සෝනියා අක්කා සහ මන මෝහන අයියාත් මතක් කලා කියන්නය. ඔයාටත්, කරුණා නිදි අයියාටත්, අර හාල්පාරුවන්ටත් තිස්තුන් කෝටියක් දෙවි දේවදත්තලාගේ පිහිටය !

මීට...
සදා ආදර,

දේශප්‍රේමී මාතලන් මල්ලි.

38 comments:

  1. මොනවා උනත් ඇත්ත කතාව

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා සෑහෙන අඩුයි

      Delete
  2. // MGR අයියා එක්ක නටපු නැටුම් මතක් වෙනකොට ඇඬෙනවාය. //

    හෙහ් හෙහ් හෙහ් .... ඔන්න අපේ නිලියොන්ටත් ආදරුසෙට ගන්නව නම්, කෙළින් පාර මහ පුටුවට.

    ReplyDelete
    Replies
    1. නිලියො විතරද? ගියක ගෑයිකාවෝ ??
      කිරීඩක කිරීඩිකාවෝ..
      මාධ්‍යයෝ !

      ඇතියෝ !

      Delete
    2. අපේ අයත් මහ පුටුවට යයි කලබල වෙන්න ඕන නෑ... එකම දේ මහ ඇමතිවරු ගෙවලයෝ වගේනේ...

      Delete
  3. සිරා කතාවය..මට නම් ඇඬෙනවාය. ඇඬෙන්නේ ජොලි වැඩි හන්දාය. ඒ මෙන්න මේ කතාවටය...

    // එත් ටිකක් පරෙස්සම් වෙලා ඉන්නය. මොකෝ රාවණා යලි එනවාය. එදාට ඔයාව උස්සන් ඇවිත් රාවණා ඇල්ලේ හංගන්න ඉඩ තියෙනවාය//

    ReplyDelete
  4. ලියුම නං ටොපේ ටොප්!

    බලන්ට එපායෑ අල්ලපු ගෙදර උතුරු පැත්තේ කස්ටිය ඒගොල්ලන්ගේ පත්තරවල අක්කට දාල තිබුන කොමෙන්ට්ස්...

    ඇත්තටම මාතලං කෝ අපේ දේශප්‍රේමි කස්ටිය....සද්දයක් වත් නෑනෙ. කොහෙ හරි ගිහින්ද? නිදිද? එහෙමත් නැත්නං ලොක්කා කටවල් zඉප් කරලා වත්ද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔය කෑ ගහන්නේ. අද ප්‍රොටෙස්ට් එකකුත් තිබුනේ...

      Delete
  5. ලොකු අය්යා මිරිකන ගුලිය ගෙනත් තියෙන්නේ අක්කාගෙ රටින් නිසා අක්කාට එකක් හොයා ගත හැකිය , අනික ලොකු අය්යාගේ ගුලිය එහේ යැව්වාම ඉතුරු පලාත් සභා ටිකේදී ලොකු අය්යා මිරිකන්නේ අහවල් එකක්ද ?

    රාවණාට උනත් මේ මස් පර්වතේ උස්සන්න කලින් "රතු මී හරකෙක්" වත් ගහල ඉන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අයියගෙ බෝලේ වගේ පවර්ෆුල් නෑනේ....

      Delete
  6. අය්යගේ පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි එළකිරිය . උදේ පාන්දරට කියවන්න ඕනෙ මේ වගේ පෝස්ට්ය . ලේ පිරිසිදු කරගන්න මසුරංය .

    ReplyDelete
    Replies
    1. දැන් වැඩිය පෙනෙන්න නැත්තේ මොකැයි.පවුල් පන්සල් වුනාද?

      Delete
    2. මුලින්ම බොහොම ස්තූතියි ඔබට .
      …රැකියාවේ වෙනසක් ඇති උන නිසා වෙනදට වඩා කාර්යබහුල උනා . බ්ලොග් කියවන එකනම් 50% විතර අඩු වෙලා තියෙන්නේ .

      Delete
    3. අනිවා අනිවා... බොග බලනවා වගේ නෙමෙයි, රාජකාරිය...

      Delete
  7. අනුන්ගේ ලියුම් කියවීම හොද නැති වුනත් කියවීමි.

    කරුනා අයියාට එක එක ඒවා කීම වැරදිය. ලොකු මාමාට තරහා යනු ඇතිය.

    උබට ජයය !

    ReplyDelete
    Replies
    1. මේ ඒ කරුණා නෙමේ බන්... කරුණානිධි....

      Delete
  8. ඔයත් රඟපාන්ට නේද හදන්නේ? ඇත්ත කියන්ට.:)

    ReplyDelete
    Replies
    1. කව්ද අනේ රඟපාන්න අකමැති.....

      Delete
  9. මරු මරු...මෙන් මෙහෙම ලියුම් හමබෙන්නේ නැහැ නේ හැමදාම කියවන්ට..හි හි..

    ReplyDelete
    Replies
    1. ඕන නම් ඔයාටත් එකක් එවන්නම්.....

      Delete
  10. ඇයි අර දියකාවා සීන් එක එකත් ඉසරහට රඟ පාන්ට තියනවාය

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද මලේ ඒ ..... මම නොදනී

      Delete
  11. ජයලලිතා අක්කී හරිම සෝයි යි.... මනමෝහන අයියාටවත් සෝනියා අක්කාටවත් ඈ මෙල්ල කරගත නොහැකිය...කරුණා නදී අයියා ඈ මෙල්ල කරන්නට මේ දවස්වල හැරහෙන්නේය... වත්තේ හුළං මදි නිසා එතුමා තවම පිම්බිලා මදිය...

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා අප්පා.. කරුණානිදි නිදි නෑ ඔය නැගිටලා මොන මොනවද කියවනවා

      Delete
  12. ගුණදාස සීයා ඉන්නේ හොඳටම තරහින්ය. තරහ වැඩි වෙලා බලුබ් එකක් වගේ 'පොක්' ගා ගහල යයිදැයි හිතෙනවාය.. මාතලන් ලිව්වොත් ඉතින් එලම කිරිය..

    ReplyDelete
    Replies
    1. ඒ සද්දේ නම් මරුය.. හරියටම හරිය... ඒක තමයි නියම සද්දේ

      Delete
  13. මෙහෙම ලියපු දිගම දිග ලියුමක් තමයි අරවින්ද අඩිගා ගේ වයිට්-ටයිගර් නවකතාව!

    ReplyDelete
    Replies
    1. අම්මපා... එහෙම නවකතා වගේ ලියුනුත් තියෙනවද...? අම්මපා මමත් කොල්ලන්ට ලියලා දීලා තියෙනවා ඒ වගේ කථා.. අදමයි ඇහුවේ ... කතා දන්නවනේ ඉතින් මගේ කියවන නුවණ ගැන....

      Delete
  14. හී හී..:) නියම ලියුම..

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් ඉතින් ලිව්වා තමයි....

      Delete
  15. මාතලන් අයියා.... ලියුම පොස්ට් කරලා ලින්ක් එක අක්කාට යැව්වා නේද? බලාගෙන ගොඩාක් පුග්ගලික ලේකම් අයියලා ලියුම් අක්කාගේ අතට දෙන්නේ නැහැ කියලා තමයි ආරංචිය...

    මොනවා උනත් අර මෙහෙ ඉන්න අයට ඔහොම බනින්න එපා අක්කට කලින් ඒ අය අපි ලගට එනවනේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ... මම රැජිස්ටර් පෝස්ට් යැව්වේ.. රිප්ලයි එකත් ආවා.. ඒක ඉතින් හිතුනොත් දාන්නම්....

      Delete
  16. මොනා උනත් මරු ලියුම..

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් එහෙම තමයි

      Delete
  17. ඉන්දියාවෙං දෙන හැම ලබ්බම බදාගන්නා අපේ උන්දැලාට ඔහොම දීලා මදිය !

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් අපිත් ඉන්දියන් කාරයෝ නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න