.

.

Nov 5, 2012

කොමියුනිස්ට් පක්ෂ සමාජිකයාගේ කයිය - Keep Left Poem


කුල හීනයෝ දකුණුකරේ
අපි යනවද ඒ පාරේ
ආන්ඩුවේ තුවක්කුවෙන්
උන් යැව්වා නිවන් පුරේ
අපි යනවා වරෙන් මචෝ
දකුණට යන සොමි පාරේ

ඊළම නම් දෙන්න ඕන
බලේ බෙදා දෙන්න ඕන
එක නිසා හෙට මැරුනත්
අපි සප් එක දෙන්න ඕන
අපි යන්නේ කොයි පාරේ
ප්‍රභාකරන් යන පාරේ
 
තනියෙන් බෑ සටන් පුතේ
එල්ලෙනවා සාරි පොටේ
ඒකී හැලිලා ගියාට පසු
සාටකයත් අවුල් නැතේ
අපි යන්නේ කොයි පාරේ
අපේ මැඩම් යන පාරේ

පර දෙමළා උතුරුකරේ
රට බෙදන්න සටන්කරේ
ඒකයි ඔක්කෝම මැරුවත්
ලොක්කට අපි සපොට් කරේ 
අපි යන්නේ කොයි පාරේ
යුද්ධ ටැංකි යන පාරේ

හීනෙන් හරි අපි ආවොත්

අධිපති වාදයම තමයි
බොක්කෙන් උස්සමු අත් දෙක
18 පනතට සත්තයි
අපි යන්නේ කොයි පාරේ
රජ්ජුරුවෝ යන පාරේ


දෝශාභියොගයට පනේ
අපි නම් අත් උස්සන් නෑ
ගහලා එලෙව්වත් අම්මේ
රජ සැප දා යන්නත් බෑ

අපි යන්නේ මොන පාරේ
සහෝදරයෝ යන පාරේ

පලයන් කිව්වේ එලියට
තොපෙ මයිකුයි කැමරා අරන්
අපේ සමුළුවේ විස්තර
ඔහෙලට මක්කටද බොලන්
අපි යන්නේ කොයි පාරේ
ඉඩී අමින් යන පාරේ

අහෝසියට දහ තුන රන්
අපෙ සහයෝගය නම් නෑ
ගෙදර ගිහින් බලපුවාම
අම්මට හුඩු ඇට දෙක නෑ
අපි යන්නේ කොයි පාරේ
පොන්නයන්ට හැදු පාරේ

.oOo.

45 comments:

  1. අපූරු විචාරයක්. මුල ඉදලම මෙයාල කළේ බොරුව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ තනියෙන් ඉල්ලන්නේ නැත්තෙ. ලොක්කගෙනුත් අම්බානක කැපිලා ඉන්නේ ඒත් යන්නේ නෑ. යන්න වෙන්න කනත්තට තමයි.

      Delete
  2. මාර ප්‍රහසනයක් මාතලං මේකනම් නියමයි. නියමයි

    ReplyDelete
    Replies
    1. මේක නම් ප්‍රහසනයක් නෙමෙයි, යථාර්තය.

      Delete
  3. අපි යන්නේ කොයි පාරේ
    පොන්නයන්ට හැදු පාරේ....හූහ් හූ ......

    ReplyDelete
    Replies
    1. හූ තියන එක නම් හරි නෑ නේ. ඉතකොට අර සිංහ පරපුරේ කතාව අප්සෙට් යනවා.

      Delete
  4. අයියේ පස්ට කවි සෙටි එක. සිරා

    ReplyDelete
  5. Replies
    1. එහෙමත් කියනවා තමයි මෙයාලා පෙලපාලි වල.

      මිරිස් නැතුව හිදි කන්නම්
      සීනී නැතුව තේ බොන්නම්

      ඒ මැතිනිගේ සාරි පොටේ එල්ලිච්ච කාලේ. මාර විදියට රට ගොඩ නැගුවා ඒ කාළේ.

      Delete
  6. පාං කෑවොත් ඔහොම්මමයි...පව් එයාල..බොරු කාරයෝ උනත් මේ තරම්ම කතා කියන්න එපා අප්පා... :P

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කියන්නද පනේ..

      Delete
  7. ඡන්දෙ කිට්ටු වෙන කොට හැමෝටම අමතක වෙනව. අපි ඔක්කොම පොන්නයො. නිල්- කොළ-නිල්-කොළ. අපිට වෙන විකල්පයක් නෑ.

    ReplyDelete
    Replies
    1. එකඟයි... පාටින් වෙනස් වුනත් පොන්නකම එකයි...

      Delete
    2. @ නිහාල්
      නිල් පාටයි කොල පාටයි විතරයි කියලා පී ලා වෙන එක වැරදිනේ. සටනේ ඉන්න එපයි මැරෙනකම්.

      @ අභීත
      අපි නම් එහෙම නෑ. උඹත් එහෙනම් මේවල ඉන්න ඇති.

      Delete
    3. ඇත්තටම චන්දේ ලංවෙකොට ප්‍රගතිශීලී බව නැතිවෙනවනම් ඊට වඩා පොන්න ඩයල් එකක් ඉන්න විදහක් නැ .......
      මාතලන් අයියට 100 % එකඟයි

      Delete
  8. මචන්, මම මේකට නියම කාරණයක් කියන්නම්... මම විද්‍යා හා තාක්ෂන අමාත්‍යාංශේ වැඩ කරපු කාලේ ඒකේ ඇමති වෙලා හිටියේ තිස්ස විතාරන... එතුමාගේ පක්ශේ ඔක්කෝම එතුමාගේ කාර්‍ය මන්ඩලේ විදිහට හිටියා... පක්ෂ රැස්වීමකට ගිහින් බැලුවත් එතුමගේ කාර්‍ය මංඩලේ අය විතරයි.. කමිටු රැස්වීමකට ගිහින් බැලුවත් ඒ ටිකමයි.., විවෘත කිරීමකට ගිහින් බැලුවත් ඒ ටික දෙනාමයි... ඔක්කොම හැට පැනපු අය... ලේකම්ලා විශිහට පත් කර ගත්තෙත් ඒ පක්ශෙට ලැදි අය.. එයාලා විශ්‍රාම ගිහින් ඇමති තුමාගේ උපදේශකයෙක් වෙලා අමාත්‍යාංශෙම රැදෙනවා.. ඊලඟ කමිටු රැස්වීමෙදි එයාටත් නිලයක් දෙනවා... ඔන්න ඔහොමයි වැඩේ වුනේ....

    ReplyDelete
    Replies
    1. ඒ බන් සම සමාජ කාරයොනේ. අනිත් හොරු ටික. තිස්ස විතරණගේ මරණයත් එක්කම පක්ෂේ බෝඩ් එකත් වැලලුවම හරි.

      Delete
  9. ඇත්තෙන්ම මම එක කාලයක් ජේ.වී.පී. එක ටිකක් මොනිටර් කලා (කාලයක් ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තිබ්බ ප්‍රභූන් මැරුව උනත් සමාව දෙන්න ලෑස්තියෙන්). අනෙක් උන්ට වඩා දේශපාලන සදාචාරයක් පේන්න තිබ්බා ඒත් ටික කාලයක් ගිහින් තේරුනා ඒකත් පොරව ගත්තු බැටලු හමක් කියලා . .

    දැන් හිතා ගන්න බෑ අපේ රට මේ අගාදයෙන් ගොඩ ගන්න පුලුවන් බලවේගය මොකද්ද කියලා . . එහෙම එකක්වත් පේන තෙක් මානෙක නෑ . .

    උඹට මොකෝ හිතෙන්නේ . . අඩු තරමේ 2025 දී වත් අපිට "ප්‍රජාතන්ත්‍රවාදය" ලැබෙන්න. . . ආදායම් විෂමතාවය අඩු වෙන්න, මිනිස්සුන්ට උසස් ජීවන තත්වයක් එන්න බලාපොරොත්තු තියා ගන්න පුලුවන් කවුරු ගැනද?

    ReplyDelete
    Replies
    1. ඒ කාරනාව ගැන නම් තියෙන්නේ පැහිදිලිවම ඝණ මීදුමක් තමයි ......

      Delete
    2. දුකා මල්ලි, ආදායම් විෂමතාවය අඩුවෙන්න කියලා පටන් ගත්තොත් වැඩේ අවුල් පටන් ගන්නත් ඉස්සර වෙලාම. ඒක අත්හැරලා අනිත් ටික තියාගන්න. ආදායම් විෂමතාවයක් නැති කරන්න ගිය හැම රටක්ම නැත්තටම නැතිවුනා. එතැන නෙමෙයි වැරැද්ද තියෙන්නෙ, රජයේ අනුග්‍රහය ඇතිව ආදායම් විෂමතාවයන් ඇති කරන එකයි. තවත් විදියකින් කිව්වොත් රාජ්‍ය පාක්ෂිකයන්ට ආදායම් වැඩි කරගන්නට බලයේ ඉන්නා පැත්තට හෝයියා කියන අයට හැකිවීම නිසයි. ඒකයි අහෝසි කර ගන්නට ඕනෑ.

      Delete
    3. @ දුකා
      ආදායම් විෂමතාව අඩුවෙන එක කෙසේ වෙතත් යහපත් ජීවන තත්වයක් ලැබෙනවනම් ඒ ඇති. ආදායම් විෂමතාවය හැම රටේම තියෙනවා. ඒත් මචෝ මේ සුබසාධන ක්‍රමය සහ ඒ මානසිකත්වය නම් නැති කරන්නම ඕන. ප්‍රේමදාස අවංක චේතනාවෙන් ජනසවිය ගෙනාවත් ඒක දේශපාලනීකරණය වෙච්ච මල ජරාවක්. අනික මිනිස්සුන්ට ළෝකය පෙන්වන්න ඕන. ඔය කුණු ටෙලි නාට්‍ය පෙන්නනවට ආන්ඩුව කැමති ඒකයි. අනික මේ ගල් යුගයට යන ආගම් ප්‍රචාරයත් නවත්වන්න ඕන. එහෙම නැතුවනම් ගොඩ ඒමක් සදාකාලිකව නෑ. සමහර උන් ඉල්ලන්නේ බයිසිකලේ එගොඩකර ගන්න කොන්ක්‍රීට් පාලමක් විතරයි. සමහර උන් ඉල්ලන්නෙ අලි වැටක් විතරයි. උන් හිතන්නේ ජීවීතය කියන්නේ ඒක කියලා. අපේ සමහර උන් පිටරට ගියාම කරකවලා අතඇරියා වගේ වෙන්නේ ඒකයි.

      Delete
  10. මාර පදටික! :)

    ReplyDelete
  11. දෝෂාභියෝගයට සම සමාජය නෑ. why the heck they signed in the first place.
    any way, ආන්ඩුවයි උසාවියයි එක වල්ලෙ පොල්. වැඩියෙ උඩ පනින්න ඕන නෑ

    ReplyDelete
    Replies
    1. තිස්ස විතාරනයට දෝශාබියෝගේ ගෙනාවත් දන්නෙ නෑ. බ්ලෑන්ක් පේපර් එකට සයින් කරනවා. දිවි නැගුමට විරුද්දලු පලාත් සබාවේ අත් උස්සනවා. මුන් මහින්ද මහත්තයගෙන්ම අවසානයි. පෙට්ටියේ දාලා තියෙන්නේ. වලලාන්න විතරයි අවශ්‍ය.

      Delete
  12. රජු යන්නේ මොන පාරේ..???

    ReplyDelete
  13. ““අම්මට හුඩු ඇට දෙක නෑ
    අපි යන්නේ කොයි පාරේ
    පොන්නයන්ට හැදු පාරේ““

    මේ ටික පස්ටයි දොරේ... කියන්න වදන් නෑ... හදාගත්ත කොලුවා බෙල්ලෙ වැල දාගන්නවා දැක්කොත්..

    ReplyDelete
    Replies
    1. මේ මචන් හදාගත්ත කොලුවට නෙමෙයි. ඌ හොඳ යූ ඇන් පී කාරයෙක් දැන්.

      Delete
  14. පනාපුත්‍රNovember 6, 2012 at 4:56 AM

    මචන් මාතලන්,
    අර කවුදෝ උඩ ලියලා තියෙනවා වගේ ලංකාවේ විධායකයෙයි ,අධිකරනයෙයි , වියවස්ථාදයකෙයි මහලොකු වෙනසක් නැ. ඔය අධිකරනෙම තමයි සරත් ෆොන්සේකාව නැති බංගස්ථාන කරලා දැම්මේ. අර කවුදෝ කිව්වා වගේ , මරන්නේ යුදෙව්වනේ කියල දොර වහගෙන හිටපු එවුන්ට දැන් කෙළින්ට පටන් අරන්.
    අරලිය ගහ මන්දිරේ ඉදන් කුරහන් මාමා තීන්දු දෙන දවස හරිම ලගයි. කාටද ආඩම්බර .....

    ReplyDelete
    Replies
    1. අනිවා අපෙත් කෙල උන ඉඩම් නඩුවක් තියෙනවා. මම මේ ඒකත් අරන් පෝලිමට එක්කාසු වෙන්න ඉන්නේ. ලෝයර්ලා ඕනත් නෑනේ. නැත්තන් තව ඉඩමක් විකුනන්න වෙනවා.

      Delete
  15. මාතලන් මට කවි කියවනවා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නෙ. රැඩිකල් කවි ලියන් ගොඩක් උන් ඉන්නවා. කවියක් කියලා දැක්ක ගමන් අහක බලාගන්න එපා.

      Delete
  16. මායාව නිරුවත් කොරලා පෙන්නනවා කියන්නෙ ඔවට තමයි..........
    තිත්ත ඇත්ත අද ඔහොම පක්ෂ තියෙනවා කියලා දැන ගන්නනෙ ඔය මාසෙකට සැරයක් පචයක් එහෙම අරින්නෙ නිවිස් ඉස්සරහ...
    නැත්තමි මෙ ගොන් හරක්ට අත්සන් කරන්න කලින් තීරණයක් ගන්න බැරිවුණාද!..........
    අනේ මන්දා!.............

    ReplyDelete
    Replies
    1. ඉතින් උන්ට අර නම නොකියා වෙන මොකක්ද කියන්නේ...

      Delete
  17. කවිපද වගේම සිරස්තලයත් නියමයි, කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගෙ හැමදාම තිබ්බෙ කයිය විතරයි.

    ReplyDelete
  18. "කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයාගේ" යැයි නිවරද විය යුතුයි!!!!

    ReplyDelete
    Replies
    1. බයිලා ගහලා මැතිනිත් එක්ක මේක සුර පුරයක් කරපු කට්ටියනේ 70 - 77 දක්වා.

      Delete
  19. කවි ටික නම් නියමයි . කොයිදේත් කාලයට සාපේක්ෂයි .

    ReplyDelete
    Replies
    1. මේකනම් එවර් ග්‍රීන් කෙල්ලේ (නෝනා කියන්න එපා කිව්වනේ)

      Delete
  20. අපට පුතේ මගක් ඇතේ කිව්වේ මේ යන පාරවල් වලට වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. මේ මගේම යමුකො පුතේ කියාගෙන එකසිය ගානට යන්නේ ධනපතිනුත් පෙරලගෙන..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න