.

.

Nov 13, 2012

මොත්තෙට කෙළවීම - Prison Break

මොත්තෙට කෙළ වූ කළ
එළියේ ඉන්න එකට වඩා, ඇතුලේ ඉන්න එක ආතල් කියා කියන්නේ අපි නෙමේය. ඇතුලට ගියපු උන්ය. ඒත්.. එක්කො බලවත් විය යුතුය, නැතිනම් පොහොසත් විය යුතුය. ඒ පිළිබඳ ඇතුලේ හිටපු එකෙක් ළිපි මාලාවක් ලිවීමට යන නිසා, (මෙතනින් බලන්න) ඇතුලේ භාෂාව හා සංස්කෘතිය ගැන කතා කරන්නේ නැතිය. නමුත් පොළොවේ පය ගසා ජීවත් වන අයකු නම්, හිර ගෙදර සිඳුවන්නේ කුමක්ද යන්න ගැන අමුතුවෙන් කතා කල යුතු නැත. මෑතකම ඇතිවූ දේ පිළිබඳවද සමාජයේ විවිධ මතයන් පවති. දේවල් සිඳුවූ ආකාරය, වැරදි ලෙස දකින අය හා නිවැරදි යයි කියන පිරිසක් මෙන්ම මැද සිටින පිරිසක්ද සමාජයේ වේ.මෙහිදි මා ඉදිරිපත් කිරීමට උත්සාහ කරණුයේ එම මත ගැන මගේ දැක්මයි.

විරුද්ධව මත ප්‍රකාෂ කරන අය කියනුයේ, මේය සැලසුම් සහගතව නිශ්චිත පිරිසක් ඝාතනය කිරීම සඳහා කළ මෙහෙයුමක් බවයි. ඒ ගැන සැකයක් ඇතිකර ගත හැක්කේ, අවි අතදරා සිටින අය මෙහෙයවනුයේ මේ මේ මේ අය යැයි පොලීසිය එළියේ සිටම ප්‍රකාෂ කළ නිසාය. නමුත් මගේ අදහස නම්, එය එසේ විය නොහැකි බවයි. ඒ සඳහා, ආයුධ පෙන්වන්නට යාමේදි ඇති වන ගැටුම් මත මිය යාමේ ක්‍රමය අනුගමනය කළ හැක. අනෙක් කරුණ නම් උසාවිය ඉදිරියේදීම දෙනෝදාහක් ඉදිරිපිට සැකකරුවන් සුදු වෑන් රථයක කැඳවා ගෙන යා හැකි බැවිනි. ඒම නිසා ඒ මතය නිශ්ප්‍රභා වේ.

තවත් කරුනක් වනුයේ, මෙම ඉඩම නිදහස් කර ගැනීම සඳහා උවමනාවෙන් ඇතිකල මෙහෙයුමක් බවයි. ඒම මතයද මා පිළිගන්නේ නැත. ඒ සඳහා පිඹුරුපත් සැකසෙනුයේ මංගල සමරවීර නිවාස ඇමති ලෙස සිටි කාළයේ සිටය. ඔහුද, සහස් පුර නමින් එය ආරම්බ කළද, චන්ද්‍රිකා ආන්නුවේ බැරි බැරියාව යටතේ එය එතනින්ම අවසන් විය. ඉන් පසු මෙය වෙනත් ස්ථානයකට ගෙන යාමේ කතා බහ කීප විටකම ඇතිවිය. එය එසේ කිරීමට අවශ්‍යම නම්, හමුදා මූලස්ථානය ඉවත් කළ ආන්ඩුවකට, මෙය කජු කනවා වාගේ වැඩක්ය. අනෙක් කාරනයනම්, ඇත්ත වශයෙන්ම මෙය මෙතනින් ඉවත් කළ යුතු කාළය පැමිණ ඇත.

සිරකරුවන්ද මනුෂ්‍යයෝ කියා බිත්තියේ ලියා තිබුනාට වැඩක් නැත. සිරකරුවන්ද මනුෂ්‍යයෝ යන්න මා නම් පිලිගන්නේ නැත. ඒ ගැන වෙනම කතා කළ හැක. සිරකරුවෝ මනුෂ්‍යයෝ නොව, මංකොල්ලකාරයෝය, කුඩුකාරයෝය, (බොන හා විකුණන.(ගෙන්වන එකාට අවුලක් නැත.)) ස්ත්‍රි දූෂකයෝය, ළමා අපචාරකරුවෝය, මිනිමරුවෝය, කොටින්ම සමාජයෙන් ඇත් කර තැබිය යුතු තිරිසනුන්ය. සිර ගෙදරකින් සිඳුවිය යුත්තේ වරදකරුවන් (තිරිසනුන්) පුනරුත්තාපනය කර සමාජයට මුදා හැරීමය. නමුත් සිඳු නොවන්නේද එයමය. දඩයක් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතවන පුද්ගලයාද රඳවනුයේ, දරුණු රටේ නමගිය අපරාධකරුවන් සමගය.

අනෙක් කාරනය නම්, අධිකරණ නියෝගයක් ගෙන, සෝදිසි මෙහෙයුම සඳහා පැමිණිය යුතුව තිබූ බවයි. මට සිනහ පහල වන්නේ මාගේ මුවෙන් නොවේය. එසේනම් සිඳුවිය හැකි දේ, මට නම් සිතින් මවා ගත හැක. එසේනම් එදින ,බන්ධනාගාරයේ සීල ව්‍යාපාරයක් පවත්වනවා නොඅනුමානය. එහි මූලිකත්වය ගනුයේ සිරකරුවන් නොවේය. මොත්තෙ දාන ජේලර්ලාය. එසේනම් කඩා පනින අයටත් සිඳුවනුයේ සිරකරුවන් හා සීල ව්‍යාපාරයට සහභාගී වී, අධිකරණයේ නිළධාරින්ගේ මෑනිවරුනට ඒ පින අනුමෝදම් කොට පිටව යාමය. මේ තර්ක නගන අය නම්, මේ ශ්‍රී ලාංකික පොළොව මත සිටින අයවලුන් විය නොහැකිය. (පොලිසියෙන් කසිප්පු වටලන කොට, කුඩු අල්ලන්න මෙහෙයුම් කරන කොට වෙන දේ දන්නවනේ...?)

කෙසේ හෝ ජංගම දුරකථන සෙවීමට හෝ, කුඩු සෙවීමට මේ මෙහෙයුම සිඳුකළේ නම්, එය ඔය ආකාරයෙන් සිඳු කළ යුතු නැත. වෙනත් විදි ක්‍රම ඕනෑ තරම් ඇත. හමුදා උපක්‍රම ඕනෑ තරම් ඇත. මොත්තෙ දාන අයගේ විසිල් එක තුල කුඩු ඇතිදැයි, සිරකරුවන් ඉදිරියේ සෙවීම, ලැජ්ජාවට පත් විය යුතු දෙයක් නොවන්නේය. බුලත් විට සප්ලයි කරන එකා, කුඩු සප්ලයි කරන බව මුලු ලංකාවම දන්නා කතන්දරයක්ය. ලැජ්ජා විය යුත්තෙ, එවන් දෙයක් සිඳුවූයේ ඇයි යන්නය.  ඒ ගැන එතරම් ලැජ්ජා නම්, ඔය අවසරයක් අරගෙන එන්න ඔනෑ යයි කියු අධිකරණයේම, අපහාස නඩුවක් දැමිය හැක. නැතිනම් මානව හිමිකම් එකට හෝ කම්කරු උසාවියට යා හැකිය. කුඩු හා ජංගම දුරකතන ඇතුලේ තුබූ බව, දැන් මොන්ටිසෝරි බබාලා පවා දන්නවාය. කොතරම් මොත්තේ දැම්මත් දැන් නම් චාටර්ය.

ඇත්ත කුමක්ද..? ඇත්ත කතාව නම් ජේලර්ලා නොව හැම පුද්ගලයාම මොත්තෙන් ජීවත් වීමයි. ජේලර් තනතුරට පත්වන්නේ 100% දේශපාළණ පත්වීම් මතය. හිරේ යන අයි ආර් සී කාරයෝද දේශපාළන හෙංචයියෝය. දේශපාලකයෝ ඔවුන් තබා ගන්නේ මොත්තෙන්ය. මිය ගිය අයගෙන් සේවය ලබා ගත් දේශපාලකයන් කවුරුන්ද යන්න, සමාජයේ සියළු දෙනාම හොඳින් දන්නේය. එකෙකු ප්‍රසිද්ධ නිළියකුගේ ස්වාමියාය. නීත්‍යානූකූලවද යන්න නම් දන්නෙ නැත. ඒ කියන්නේ මියගිය වැඩි පිරිස සමාජයේ කුප්‍රසිද්ධ පුභූ පුද්ගලයන්ය. රට පාලනය කරන අයගේ සුවච කීකරු ගෝලයන්ය. ඔවුනට කරදරයක් වූ විට. ඔවුන් සමාජයෙන් ඉවත් කිරීම දේශපාලකයන්ගේ සිරිතයි. එතනදි මොත්තයක් නැත. එවිට ඇත්තෙ ගේමයි. වැනිෂ් කිරීමයි.

තිත තැබිය යුත්තේ මේ ජරාජීර්ණ වූ කාළකන්නි මොත්ත ක්‍රමයටයි. ප්‍රාදේශීය වශයෙන් එය ආරම්බ කිරීම ගැන අප ආන්ඩුවට ස්තූති කළ යුතුය. නමුත් එය එතනින් අවසන් කිරීමෙන් සිඳුවිය හැක්කේ කෙදිනක හෝ මොත්තය වෙඩි උන්ඩ ලෙස වෙනස්ව, තමා වෙතද එල්ල වීමයි. පාතාලය මැඩලිය යුතුමය. එමෙන්ම මේ සමානුපාතික ඡන්ද ක්‍රමය, ජාතික තලයෙන්ද ඉවත් කළ යුතුය. ආසන මට්ටමෙන් පවත්වන ඡන්දයකදි මැරයන් අවශ්‍ය වන්නේ නැත. වැදගත් මහතුන් දේශපාළනයට ඉදිරිපත් කළ විට, කාළකන්නින් අවට සැරිසැරීමට අවශ්‍ය වන්නේ නැත. එවිට ජනතාවටද මොත්තේ දැමිය යුතු නැත.

කෙසේ වූවද යටත් වූ සිරකරුවන් පෙලගස්වා වෙඩි තබා මරා දැමූ බවට පැතිරෙන කතාව නම් ජාත්‍යන්තර වශයෙන් අපට විශාල කැලලක් වන බව නම් නොකිව මනාය. එය එසේ වන්නේ වෙල්ලමුල්ලි වයික්කාල්වලද එවන් දෙයක් සිඳුවූ බවට ජාත්‍යන්තරය ගෙනයන මතවාදයට ඉන් ලැබෙන්නාවූ උත්තේජනයයි. නමුත් අවි ගබඩා කඩා හෝ, (මා මෙය පිලිගන්නේ නැත) පැහැරගෙන, වහලයක් මතට වී හතර අතේ වෙඩි තබනා මුර්ගයන් පිරිසකට සැලකු ඉවසුම් සහගත ආකාරය නම් අගය කළ යුතුමය. ත්‍රස්තවාදියාට, ත්‍රස්තවාදයෙන්ම පිලිතුරු දෙනු විනා මොත්තෙ දැමීමක් අවශ්‍ය වන්නේ නැත.

මෙතනදි අප, අප හදවතට මොත්තේ දැමීම නවතා හදවතට එකඟ විය යුතුය.එනම් මිණිමරුවනට එල්ලුම් ගස ඉල්ලන අප. ඔවුන් මියගිය පසු පොලිසියට හා හමුදාවට දොස් පැවරීම නොකල යුතුය. මගේ නම් අදහස මේ රටේ වරදකරුවනට මරණිය දන්ඩනය වහාම ලබා දිය යුතු බවය. නමුත් ඒ ඉක්මන් නිවැරදි සාධාරන නඩු තීන්දුවක් මතින් පමණය. අවි පෙන්වීමට යාමෙන් හෝ අතුරුදහන් කිරිමෙන් නොවේ. මන්ද යුක්තිය කාට වුවද එක සමාන විය යුතු නිසාය. එමෙන්ම අප ලැජ්ජා විය යුතු තවත් කරුනක්ද මෙහිදි මතක් කර දිය යුතුමය. මේ අනුකම්පාව. මේ විරුද්ධත්වය. මේ පාර්ලිමේන්තු කමිටු, කොමිසම් හා කම්පාවීම් වව්නියාව සිර ගෙදර උන් සිරකරුවන්ද මනුෂ්‍යයෝ නම් පිරිස වෙතද යොමු වූයේ නම් අපද මනුෂ්‍යයෝ විය හැකි බවයි.

ඇත්තටම අප මනුෂ්‍යයයෝද....?

94 comments:

  1. මාතලන්.. එදා තද වැස්සයි ට්‍රිප් ස්විච් එකේ ප්‍රශ්නෙකුයි හින්දා මේ සිද්ධිය දැන ගත්තේ පහුවෙනිදා.. පස්සේ ඔය විස්තර ටික දැනගත්තම ඔයා මේ කියලා තියෙන ටිකම තමයි අපේ මහත්තයත් කිව්‌ෙව්....

    ///කෙසේ වූවද යටත් වූ සිරකරුවන් පෙලගස්වා වෙඩි තබා මරා දැමූ බවට පැතිරෙන කතාව නම් ජාත්‍යන්තර වශයෙන් අපට විශාල කැලලක් වන බව නම් නොකිව මනාය.//

    මේවනං ඉතිං පුද්ගලික කෝන්තර පිරිමහගන්නයි තමන්ගේ බඩ වඩා ගන්නයි ටික දෙනෙක් කරන වැඩනේ... දැං පහුවුනු ටිකේ ඇතිවෙන්න මේවා කළානේ...

    ReplyDelete
    Replies
    1. එමගින් එළබෙන්නාවූ ප්‍රශ්ණ ගැන නොසිතන එක තමයි කරුමේ. නමුත් එදා සිඳුවීමේදී මේ තරමින් හෝ පාලනය කර ගැනීම ගැන සියළුම ආරක්ෂක අංශ වලට අප කෘතඥ විය යුතුයි.

      Delete
  2. ඔක්කොම ටික කොටල තියෙද්දි අපි මොනා කියන්නද...

    අන්තිම ප්‍රශ්නෙට නම් කියන්න තියෙන්නෙ මම මනුස්සයෙක් නෙමෙයි හරිය...

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා මමත් එහෙමයි කියලා. යටි හිතේ තවමත් යක්ෂයෙක් ඉන්නවා.... ඒකයි අර මිනිසුන් ගැන මේ තරම් නොදැනුනේ...

      Delete
  3. හිර ගෙදර ඉන්න ඕන උන් කීදෙනෙක් ආතල් එකේ පාර්ලිමේන්තු යනවද ? මේ රටේ සිද්ධවෙන හැම ස්වාභාවික නොවන ව්‍යසනයකටම හේතුව ජරාජීර්න බලු ගැත්තර දේශපාලනයයි,ඒක තුලින් රට පාලනය කරන දේශපාලුවොයි..

    ReplyDelete
    Replies
    1. ඇයි අධිකරණය මුදල් හා බලය ඇති එකාට වෙනම නීතීයක්. මේ ඇඟිලි ගැසීම් වලට පෙර සිටම. අධිකරණයත් විශාල ලෙස වග කිව යුතුමයි.

      Delete
  4. ගිනි අව් රැගෙන වහලෙට නැංගට පස්සේ තව මොන කතාද.....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අවංකව අදහස් දැක්වීම ගැන මගේ ස්තූතිය..

      Delete
  5. මේ වගේ ප්‍රශ්නෙක පැති කීපයක්ම තියෙනවනේ මාතලන්. කොහොමටත් අපේ රටේ හැම ප්‍රශ්නයකම වගේ දේශපාලන සාධකය තමයි මෙතනත් හැම විටම ප්‍රබල.

    කොහොම උනත් ඕක වෙන තැනකට (ටිකක් ජනශුන්‍ය පැත්තකට) ගෙනිහින් අටව ගන්නව නම් ලොකු දෙයක්, ඇයි දෙයියනේ පාරෙ යන එන මිනිස්සුන්ටත් ස්වල්ප වධයක්ද.

    ReplyDelete
    Replies
    1. මේක හදලා තියෙන පිරිසට වඩා 6 ගුණයක පමණ සෙනගක් මෙතන ඉන්නවා. වහාම මේ ගැන සොයා බැලිය යුතුයි. මේකට වෙනම ඇමතියෙක් ඉන්නවා.. දාලා ඉන්නෙ හාල්පාරුවෙක්.

      Delete
  6. මිනිසුන් උපදින විටම මිනීමරුවන්, කුඩුකාරයින්, ස්ත්‍රී දූෂකයින් වශයෙන් උපදින්නේද?

    නඩු අසන තෙක් රිමාන්ඩ් බාරයේ සිටි පුද්ගලයින් ගැන ඔබ කුමක් කියන්නේද?

    ReplyDelete
    Replies
    1. නඩු අසන් තෙක් රිමාන්ඩ් බාරයේ සිටින මිනිසුන් ගැන මම පෝස්ට් එකේ කතාකරලා තියෙනවා. පළවන ප්‍රශ්නයට පිළිතුර නම් ඔව් යන්නයි. එවන් සමාජයක් අපේ රටේ තියෙනවා. පිළිගැනීමට අකමැති වූවත්.

      Delete
  7. //සිරකරුවන්ද මනුෂ්‍යයෝ කියා බිත්තියේ ලියා තිබුනාට වැඩක් නැත. සිරකරුවන්ද මනුෂ්‍යයෝ යන්න මා නම් පිලිගන්නේ නැත. ඒ ගැන වෙනම කතා කළ හැක. සිරකරුවෝ මනුෂ්‍යයෝ නොව, මංකොල්ලකාරයෝය, කුඩුකාරයෝය, (බොන හා විකුණන.(ගෙන්වන එකාට අවුලක් නැත.)) ස්ත්‍රි දූෂකයෝය, ළමා අපචාරකරුවෝය, මිනිමරුවෝය, //

    නැත නැත අප මාතලං ලාය. (හැක්. අර වගේ වචන දෙක තුනක් උඩින්ම තියෙන නිසා එහෙම කීමට සිදු විය)

    පස්ට විග්‍රහයකි.. චූර්නිකාවේ තියෙන කරුණු සමහර ඒවා මා අතපත ගෑවා මිස දැන සිටි ඒවා නොවේ. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. යමක් දැන ගත්තනම් ඒ ඇති..

      Delete
  8. මේ අයියලත් එසේ මෙසේ බඩු නෙමේ. ඒත් මේ රූකඩ. මුන් නටවන අත් ඇත්තේ වෙන තැනක. පාතාල සංස්කෘතිය අවසන් කිරීමට මුලු බන්ධනාගරයේම සිටිනා රැදවියන් පෙළ ගස්වා වෙඩි තිබ්බත් කවදාවත් කරන්න බැහැ. ඒ මුන් රූකඩ නිසායි. මුලින් පෙළ ගස්වා වෙඩි තැබිය යුත්තේ ඒ අත් හිමි අයටයි. ඊට පසු මෙය කරනවා නම් මම එකඟයි. මේ ගෑවුණු මඩ නම් සෝදලා යවන්න බැරි බව මට සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා, ඩෙෆා, ඔබත් සමඟ එකඟයි....

      Delete
  9. මරණ දඬුවමත් නැතිබැරි එකාටම ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්. ඒකත් ආදයම් මාර්ගයක් කර ගනීවී. හැම ක්ෂේත්‍රයකම අය.

      Delete
  10. ප්‍රධාන නගර වලින් හිරගෙවල් අයින්කල යුතුමයි....

    අනික

    // සිරකරුවන් මනුස්සයෝ ය // යන වැකිය සංශොධනය කිරිමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කල යුතුමය

    ReplyDelete
    Replies
    1. අපේ ඉතින් තියෙන්නෙ ඔහොම බයිලා නේ. මතට තිත, වන අලි, ළෝකෙන් උතුම් රට...

      Delete
  11. කියන්න උත්සාහ කරන කාරණාව එච්චර පැහැදිලි නෑ. මේගැන මගේ අදහස පෝස්ටුවකින්ම ලිව්වනේ. අමතර කාරණා මේ,
    $- හිරගෙවල් ජනශූන්‍ය ප්‍රදේශවලට ගත්තට අවුලක් නෑ.
    $- දඬුවම් නියමවූවන්ට 'නියමවූ දඬුවම' දුන්නට අවුලක් නෑ.
    $- නීතියට එකඟ ආකාරයට, හිරගෙදර ලොක්කගෙ ඉඳල හිරකාරය දක්වා ඕනෑම පරීක්ෂාවක් කලාට අවුලක් නෑ.

    හැබැයි,
    $- පරීක්ෂා කරන්න ගිහිල්ල වැඩ වරද්දගෙන හිරකාරයන්ට වෙඩිතියල මරල/තුවාල කරල 'අනේ එයාල මිනීමරපු අයනෙ' වගේ තමුන්ගෙ මිස්ටේක් සාධාරණීකරණය කිරීමේ කතන්දර ඕන නෑ.
    $- හිරගෙවල් වල පාලනය හමුදාවට දෙන්න ඕන නෑ.

    ඒව කරන්න බැරිනම්,
    $- 'බටහිර කුමන්ත්‍රණකාරයන්' ලඟට ආධාර හිඟමනේ ගියාම, මානව හිමිකම් කැඩුව කියල උන් කියද්දි මෙහේ පෙලපාලි යන්න-උපවාස කරන්න ඔට්ටු නෑ.

    ReplyDelete
    Replies
    1. හමුදාවෙන් පාලනය වන සිර ගෙවල් තිබෙන රටවල්ද ළොවේ නැතුවා නොවේ.

      Delete
    2. * හිරගෙවල් ජනශූන්‍ය ප්‍රදේශවලට ගත්තට අවුලක් නෑ.

      මේක කොහොමත් රජයෙන් කරන්න යන කතාවක් තියෙනවා. මැගසින් එක අයින් කරලා එතැන වටිනා ඉඩම රජය සතු කර ගැනීමේ (රජය සතුවේදැයි නොදනී) කතිකාවක් යනවා..

      Delete
    3. රජය කිව්වට චීනේ හරි ඉන්දියාවේ හරි කොම්පැනියකට තමා ඉතින් !

      Delete
    4. එන්නේ උන්නම් ඉතින් උන්ටවත් දෙනවා ඇර වෙන කරන්න දෙයක් නෑ. කොහොමත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙයි ළඟදිම.

      Delete
  12. ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබෙන්නේ තිරිසන් වැඩ කරන උන්ට
    ස්ත්‍රි දුෂණය,ඉවක් බවක් නැති මිනිස් ඝාතන,මත්ද්‍රව්‍ය වෙළදාම,යන වරදවල් වලට නම් අනිවාර්යෙන් මරණ දඬුවම දිය යුතුය.එහෙම නැතිව මේ රට හදන්න බෑ.අකාල්පම වෙනස නීතිය මඟින් හෝ ඇති කර යුතුය.වැදගත් ලිපියක්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අපේ නීතිය බල්ලට ගිහින් තියෙන්නේ. පාතාලෙට වෙනම නඩු කතා කරන සෙට් එකක් ඉන්නවා, ප්‍රකෝටිපතියෝ... උන් තමයි මේ රට නැති කරන්නේ මුදලට.

      Delete
  13. සියළුම කරුණ වලට එකඟයි... සිර ගෙවල් හා සිරකරුවන් කියන්නේ මනා කලමනාකරණයකට ලක්විය යුතු කොටසක්... එක පැත්තකින් ඔවුන්ගේ පුනුරුත්තාපනය වගේම අනිත් පැත්තෙන් වෘත්තීය පුහුණුව වැඩි දුර අධ්‍යාපනය වැනි දේවල් කෙරෙන්න ඕන... ඒ හැම එකක් සමගින්ම ඔවුන්ට පිනට කන්න නොදී ඔවුන්ගේ ශ්‍රමය පල දායක ලෙසින් ලබා ගන්න වැඩ පිළිවෙලක් උවමනා කරනවා. රිමාන්ඩ් බන්ධනාගාර කියන කොටස ප්‍රධාන බන්ධනාගාරවලින් ඉවත් කරලා උසාවියකට ආසන්නව සකස් කිරීමත්..ප්‍රධාන බන්ධනාගාර ජන ශූන්‍ය පැතිවලට ගෙන යාමත් කෙරෙන්න ඕන දෙයක්... මහින්ද නෙවෙයි රනිල් ආණ්ඩුව කලත් මේ ටික වෙන්න ඕන... බොරැල්ල වගේ ප්‍රදේශයක විශාල ප්‍රදේශයක් මේ වැනි දේකට යොදවනවා කියන්නේ අන්තිම ගොන් කමක්...

    ReplyDelete
    Replies
    1. වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් රඳවා. තීන්දුව ලබා දුන් සිරකරුවන්, හුදකලා ඉඩ පහසුකම් ඇති ප්‍රදේශයකට ගෙන යා යුතුමයි. කොහෙද එහෙම මොළයක් මේ කාළකන්නි නිළදාරීන්ට හා ඇමතියන්ට. සල්ලි හොයන්න නම් මොත්තෙ එකසිය ගානට තියෙනවා...

      Delete
  14. / සිරකරුවෝ මනුෂ්‍යයෝ නොව, මංකොල්ලකාරයෝය, කුඩුකාරයෝය, (බොන හා විකුණන.(ගෙන්වන එකාට අවුලක් නැත.)) ස්ත්‍රි දූෂකයෝය, ළමා අපචාරකරුවෝය, මිනිමරුවෝය, කොටින්ම සමාජයෙන් ඇත් කර තැබිය යුතු තිරිසනුන්ය. සිර ගෙදරකින් සිඳුවිය යුත්තේ වරදකරුවන් (තිරිසනුන්) පුනරුත්තාපනය කර සමාජයට මුදා හැරීමය. නමුත් සිඳු නොවන්නේද එයමය. දඩයක් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතවන පුද්ගලයාද රඳවනුයේ, දරුණු රටේ නමගිය අපරාධකරුවන් සමගය. */

    Contradictory!

    ReplyDelete
    Replies
    1. කොතනද එහෙම ගතියක් තියෙන්නේ. මට නම් එහෙම දෙයක් පේන්නෙ නෑ. මම ලියපු කෙනා නේ. කිව්වනම් බලන්න හදලා දාන්න....

      Delete
  15. meka dala winadi 20kin withara kiyawanna patan gaththe. Dan thamai
    (5.29pm)
    Kiyawala iwara une. Me gena liyaunu hodama post 1 meka. E nisa athaharinna hithune ne.

    Kiyapu siyalla aththaya. Dan dan lankawe wena dewal american wrestling wageya. Aththada, boruda kiya sithagatha nohekiya.e Meruna hemoma minissuya, e hemoma weradi kala unya. Eka peththakin dukaya, anek peththen aulak nethiya.
    Mage adahasa nam samawa diya noheki weradi netha, e wagema samawa diya heki weradida netha.

    ReplyDelete
    Replies
    1. ඒ කියමන හා මමද එකඟ වෙමි. අන්තර්ජාලයේ සිංහල ඕන තරම් තියෙනවා සහෝ...

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    2. thiyanawa thiyanawa. Eth man mewa balanne 4n 1n.
      4n 1e singlis app 1k thiyanawa. Eka tikak wela yanawa.

      Mage singlish appiriyai wageda mathalan aiye
      :P

      Delete
    3. ඔව් බන් කියවගන්න වෙලා යනවා...

      Delete
  16. ආසන ම຀ට๧මන๞ පවත๞වන ඡන๞දයකຩ ම๠රයන๞ අවශ๯ වන๞๧න๞ - Why not. No This is not a issue of election system.

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තේ මම හිතන්නෙ ඔබ තරුණයෙක්. ආසන මට්ටමින් ඡන්ද පවත්වපු කාළයේ මේ වාගේ පාතාලයක් තිබුනේ නෑ. පාතාලය හා ආශ්‍රය නීච දෙයක් ලෙසයි සැලකුවේ. අද ඇමතිගෙ නම සමග පාතාලේ නමකුත් තියෙනවා, නිලියකගෙ නමකුත් තියෙනවා. මේ සියල්ල මේ කාළකන්නි සමානුපතික ක්‍රමයෙන් පසු ලත් දායාද.

      Delete
  17. සිරගෙවල් වල සිටින්නේද මනුෂ්‍යයින්ය , ගැටලුව ඇත්තේ කලමණාකාරිත්වය තුලය . විශේෂ කාර්ය බලකාය යනු සිර ගෙවල් සෝදිසි කිරීම් සඳහා යැවිය යුතු පිරිසක් නොවේ ,විශේෂ පුපුරණ ද්‍රව්‍ය සෙවීමක් හැර සෝදිසි මෙහෙයුමක් සිදු කරන්නේ නම් සමාන්‍ය පොලිසිය විසින් එය කල යුතුය . මාතලන්ට මොකෙන් හිනා ගියත් අධිකරනය අවසරයෙන් තොරව සිවිල් කටයුතු වලට මිලටරි බලපැමක් එල්ල කිරීම එතරම් හොඳ ආදර්ශයක් වන්නේද නැත . බල්ලෙකුට පඩයක් ගියත් එය රාජපක්ෂලාගේ ඇගේ ගසමින් දඟලන ඊ නිවුසිය මෙන් කුහක ප්‍රකාශයන් නොකලත් , මේ තත්වය ඇති වීමට සිරගෙදර මේ තත්වයට පත්වීමට හේතු වූ සියලුම පාලකයින් හා නිලධාරිනුත් වගකිය්ව යුතුවා සේම , නියමිත ක්‍රමවේදයන් ඉක්මවා විශේෂ කාර්ය බලකාය අනවශ්ය ගැටුමකට මැදි කල වුන්ද වගකිව යුතු බව මාගේ හැඟීමය. විශේෂ කාර්ය බලකාය අවුලවා ගත් ගින්න නිවීමට ආරක්ෂක හමුදාවන්ට මැදි හත්වීමට සිදුවීමද අවාසනාවන්ත තත්වයක් වන්නේ , ලංකාවේ සිරගෙවල් වල තත්වය නොදත් පිටස්තර ලෝකයාට මෙය අවි ගත් සෙබලුන් සිට කරුවන් මැරීමකට වඩා වෙනස් කෝණයකින් දැකීමට නොහැකි නිසාය .

    ප.ලි - ලංකාවේ සිරගෙවල් වල සිටින්නේ අහුවූ මිනි මරුවන් පමනය , මිනි මරුවන් භාගයක් සිටින්නේ හිර ගෙයි තාප්ප වලින් එපිට , නීතියටත් ලඟවිය නොහැකි තැනකය , එනිසා මරණ දඬුවම ගෙන ආ පමණින් රටේ අපරාධ නවතින්නේ නැත , සියලුම අපරාධ කරුවන් නිතිය ඉදිරියට ගෙන ඒමේ ක්‍රම වේදයක් සකස් විය යුතුය . අපරාධ අවම කල ශිෂ්ටාචාරී , ඒකාධිපති නොවන රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත

    ReplyDelete
    Replies
    1. සැ.යු - මෙහි 'පාලකයින්' යන්න එදා සිට අද දක්වා සියලු දෙනාටම අදාලය .

      Delete
    2. බුවා මේ සිදුවීම දිහා එළියේ පිටරට බටහිර කෙනෙක් බලන විදිය ලංකාවට වටහා ගන්න අමාරුයි. වෙන රටවල මිලිටරිය සහභාගී වෙන්නේ වෙනත් රටක් සමග යුද්ධ කරන්න විතරයි. අභ්‍යන්තර සිවිල් කටයුතු වලට මිලිටරිය එන්නේ නෑ එහෙම ආවොත් ලොකු සිවිල් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ඒ රටවල ජනතාව සලකන්නේ. ඇමරිකාවේ අවශ්‍යම විටක යොදවන්න නැෂනල් ගාර්ඩ් කියල යුනිට් එකක් හමුදාවේ තියනවා එත් ඒ අය දාන්නේ තුවක්කු නැතිව. පොලීසිය විතරයි අභ්‍යන්තර සිවිල් කටයුතු වලට ආයුධ අරන් යන්නේ. මෙතන STF එක පොලීසියේ අනුබද්ධ නිසා එතන ඒ ය ගියාට අවුලක් නෑ.හමුදාව සිවිල් කටයුතු වලට එනවට බටහිර සිවිල් ජනතාව කොතරම් විරුද්ධ වෙනවද කියන එක තේරුම් ගන්න The Siege චිත්රපටියේ ේඩන්සිල් වොෂින්ටන් සහ විල්ස් අතර ගැටුම මතකද?

      Delete
    3. අධිකරණයේ අවසර අරගෙන වෙල්ලමුල්ලිවෛක්කාල් වලට ගහන්න ගියානම්, ජේ වී පී එක සුද්ද කරන්න ගියානම් තාමත් බබා උකුං කරනවා. චන්ද්‍රිකාලා රනිල්ලා ජාත්‍යන්තරයට බය වෙලා කළෙත් ඒ ටිකමනේ. ත්‍රස්තවාදයට පිළිතුරු දිය යුත්තෙ ත්‍රස්තවාදයෙන්මයි. බබ හුකුං කර අවුරුදු 30ක් කෑවා හොඳටම ඇත.

      හිරගෙයින් පිට සිටින මිනීමරුවන් ගැන වගකිවයුත්තේ අධිකරණයයි. විශාල මුදල් ගෙවා සාක්කි විකෘති කර ගැලවි යනුයේ නීතීයේ ඇති හිල්වලින්. මේ නීතී රීතී වහා වෙනස්කළ යුතුයි.

      Delete
    4. ත්‍රස්තවාදයට එරෙහිර සටන් කිරීමට සටන් කිරීමට ව්‍යවස්ථාවෙන් බලය දී ඇත්තේ රාජ්‍ය නායකයාටය , අධිකරණයෙන් වරද කරුවන් කල උන් පිලිබඳ තීරක බලය තියෙන්නේ අධිකරණයටය . මර්වින් සිල්වලාගේ චණ්ඩිකමුත් අගයන , ලොක්කා මොකාටවත් බය නැති චණ්ඩියා නිසා එලය කියන මාතලන්ට මේවා හොඳ වීමේ පුදුමයක් නැත . හිරේ ඉන්න උන්ටික හරියට බලාගැනීමටවත් , උන්ව පරීක්ෂා කරන්නට ගොස් 26 ක් බාවන්නට සිදුවීමත් මධ්‍යස්ථව බැලුවීට අපට නම් අජූත සිදුවීම්ය . ජාත්‍යන්තරයට බය නැතිය කීවාට යුද්ධයෙන් පසු තවමත් සියලුම ජාත්‍යන්තර කටයුතු වලදී කරන්නේ හත්පොලේ ගා ගැනීම් පමණි. ජේ.ආර්ට කලාක් මෙන් පරිප්පු දමන්නට පොල් බුරු අගමැතියෙක් ඉන්දියාවේ නොහිටියේ ලොක්කාගේ හොඳ වෙලාවටය . නැති නම් ජාත්‍යන්තරයට බය නැතුව වෙල්ල මුල්ලි යන හැටි අපටත් බලා ගන්නට තිබුනි

      උදිත - විශේෂ කාර්ය බලකාය හදලා තියෙන්නේ පොලිසියට මැඩ පවත්වගන්න බැරි , සිවිල් කටයුතු වලට දායක වෙන්න . මම හිතන්නේ ඇමරිකාවේ SWAT වල කාර්ය භාරයත් ඕක . මේ අයට කලින් සමාන්‍ය පොලිසිය සෝදිසි කිරීම් වගේ වැඩකට යන්න ඕනි . අනිත් එක්ක මේ ගොල්ල අනාගත්තට පස්සේ වැඩේ ඉවර කරන්න හමුදාවට එන්න සිද්ධ වුනා . නැත්නම් ඊලඟ දවසෙ උදෙත් ගහගන්නව කට්ටිය .

      Delete
    5. මෙතන බන්ධනාගාර කොමසාරිස් කියනවා එස් ටී එෆ් එක කැඳෙව්වේ ඔහු කියලා. අනික හිරේ ඉන්න උන් බෑවේ නෑ නේ බා ගත්තා. කොටින්ම කියනවනම් ඉල්ලන් කෑවා. ඒකට තනිකර වගකියන්න ඕන ජේලර්ලා. ඇයි ඒ දේ හරියට දකින්නෙ නැත්තේ. හිරකාරයිත් එක්ක මොත්තෙන් ඉන්නද ජේලර්ලා දාලා තියෙන්නේ. මෙතන මහින්ද චන්ඩියද කියන එක නෙමෙයි බලපාන්නේ. පොලිසිය හමුදාව ක්‍රියා කල හැටි විශිෂ්ඨයි. මම හිටියනම් තියන්නේ ස්නයිෆර් වලින් කෑලී යන්න. මතක තියා ගන්න ස්නයිෆර් ටීම් එකත් ආවා. නමුත් ඔවුන් ඉතා ඉවසීමෙන් කටයුතු කලා. ඉවසිමෙත් සීමාවක් තියෙනවා. එතකොට බුවා කියන්නේ. බන්ධනාගාර කොමසාරිස් නෙමෙයි බන්ධනාගාරේ පාලනය හා පැවැත්ම ගැන තීරණ ගන්න ඕන හිරකාරයෝ කියලා. හරි අපි කියමුකො බලෙන්ම ගියා කියලා. එතනදි ගැටුමක් ඇතිවෙනවා. හිරකාරයෝ එස් ටී එෆ් එකේ අයට ගහලා වෙපන්ස් ගන්නවා. අරගෙන එස් ටී එෆ් ඔක්කෝම මරණවා. ඊට පස්සෙ ජේලර්ලා එක්ක පාටියක් දාලා. වෙපන්ස් ටිකත් අරගෙන ගෙදර යනවා යන ගමන්, අහුවෙන ගෑණු රේප් කරණවා. වාහන පැහැර ගන්නවා, දුන්නෙ නැත්නම් වෙඩි තියලා මරලා දානවා. කස්ටියක් දෙමටගොඩ පොලීසියට ගහනවා. තව සෙට් එකක් බොරැල්ලේ පොලීසියට ගහනවා. එතකොට බුවාලට මාර හැපි. එහෙම නැත්නම් වහලෙ ඉන්න උන්ට පොලිස්පති, හමුදාපතියි ඇවිල්ලා වඳිනවා. අනේ රත්තරන් දරුවනේ අපෙන් වැරැද්දක් උනා අපිට සමාවෙලා බිමට බයින්න මගෙ අම්මා. අපි ආයිත් කාවදාවත් මේ පැත්තෙ එන්නෙ නෑ. අපි ඔයාලට මාර බයයි මගෙ අම්මා. මොනවද් බුවා කතාකරන්නෙ ඇත්ත ඇති සැටියෙන් දකින්නෙ නැතුව.

      Delete
    6. බන්ධනාගාර කොමසාරිස් එහෙම කියන තමා , තමන්ම තනියෙන් ගිනි තියා ගත්ත රටේ ඕවා මොනවද ? , ජේලර්ලා වැරදියි තමා කව්ද හරි කියන්නේ . තමන්ට එස්ටීෆ් එකට එන්න කිව්වය කියන කොමසාරිසුත් වැරදියි . තමන්ගේ යටතේ තියන බන්ධනාගාර ටික බලාගන්න බැරුව වෙනත් ආයතනවල උදව් ඉල්ලන්න සිද්ධ වුනාට . ආයූධ සන්නද්ධ විශේෂ පුහුණුවක් ලබපු එස්ටීෆ් සෝදිසි මෙහෙයුමක ඉද්දි ගහල ආයුධ කඩාගන්නව කියන එකත් සැහෙන ලොකු වැඩක් . වැඩේ පටන් ගත්තට පස්සෙ එස්ටීෆ් එක අතපය බැඳගෙන ඉන්න ඕනි කියල මම කියන්නේ නෑ , හේතුව මිසක් ඵලය නැතිකරල වැඩක් වෙන්නේ නෑ . එස්ටීෆ් එකට ඉවර කරගන්න බැරුව හමුදාවටත් එන්න සිද්ධ වෙච්ච එකයි අවුල .!

      Delete
    7. මාතලන් (November 14, 2012 7:02 AM)
      ඇත්ත ඇති සැටියෙන් දකිනව කියන්නෙ ප්‍රශ්නයේ මූල බීජය හඳුනාගැනීම. මෙතන ජේලර්ල-ගාඩ්ල කියන්නේ පරිපාලනයේ පහලම ස්ථරය. එයාල වැරදි කරනව නම් ඒව නිවැරදි කරන්න ඕන එයාලගෙ ඉහල ස්ථරය. එහෙම නැතුව මුවහමට තඩිබාල වැඩක් නෑ.

      ඒ වගේම හිරකාරයන් ඉල්ලන් කෑව කිව්වට වැඩක් නෑ. හිරකාරයන් පාලනය කරන්න නේ ආණ්ඩුවක් ඉන්නෙ. අඩුම ගානෙ ඔවුන්ගෙ පන රැකෙන විදියට වැඩ කිරීමට ආණ්ඩුව දැනගන්න ඕන.

      Delete
    8. එහෙම තමයි වැඩ කළේ. ඒ නිසා තමයි ඔය තරමින් ඕක නැවතුනේ. මාර දුකක් නේ කට්ටියට තියෙන්නේ මේ සිරකරුවන් ගැන.

      Delete
    9. හිරකරුවන් ගැන එහෙමකටම දුකක් නෑ. ඊට වඩා ගොඩාක් දුකයි මේ ක්‍රමවේද ක්‍රියාත්මක කරන එවුන් ගැන.

      Delete
    10. ඒවා හැදෙන්න තව කල් යයි පුතා. අගාදයටම තමයි ගමන...

      Delete
    11. මිනිස්සු 26 ක් එක තැන බැවෙන එකක් දුකක් කෙසේ වෙතත් කම්පනයක් , සිද්දියේ කැත දකින කොට රට ගැන දුකයි !

      Delete
    12. මටත් මාර දුකයි. අර හිර කාරයෝ ටී 56 තියාගෙන වහල උඩ ඉන්න කොට කෙලලා නොඇරියට..

      Delete
  18. මිනීමරුවො ස්ත්‍රී දූශකයො මත්කුඩු ජාවරම් කාරයො මුන්ව ඉක්මනටම පෝරකයට ගෙනියන්න ඕන ආන්ඩුවේ සල්ලිවලින් (අපේ බදු සල්ලි )වලින් මුන්ට කන්න දෙනවට වඩා මුන් හන්දා අසරනවුන පවුල් වලට කන්න දුන්නනම් වටිනවා.

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඔය දේවල් මුදලට වහ වැටුන නීතීඥ්ඥයින්ට තේරෙන්නෙ නෑනේ...

      Delete
  19. මම දවසක් රිමාන්ඩ් එකේ හිටියා මාතලන්.. මේ ගැන ලියන්න දෙන්නේම නෑනේ අපේ බිරින්දෑ.. නැත්නම් ලියනවා අපේ ජේලර් ගොයියො ගැන අපූරුවට... එහෙම එකේ මේ සිද්ධිය ගැන කිසිම නෑ පසුතැවිලි විය යුතු දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඔන්න හිටපු එකෙක් ලියනවා කෝරලේ මහත්තයා කියලා. මේ හිර ගෙදර සිඳුවීම් ගැන මව්බිමේ නියම ආර්ටිකල් ටිකක් ගියා. ඒ නැතත් මමත් මේ ගෙදර ගියා අපේ ලොක්කො ටික ඔක්කොම හිරේ ගිය වෙලාවේ. (සෙලින්කෝ) අපේ ලොක්කා සිරමිතුරෝ කියලා සංවිධානයකුත් හැදුවා. ඇයි ලොක්කට රජ සැප.

      Delete
  20. ඔය සිද්දිය ඔයිට වඩා හොඳට පාලනය කරන්න තිබ්බා අපේ ආරක්ෂක අංශ වලට ඒත් එදා අපේ කට්ටිය මොන මඟුලක් කරාද කියලා තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒක මම පිලිගන්නවා. නමුත් මෙහි සියල්ලම කලේ ජේලර් වරුන්. ඔවුනගේ අභිමානය නැති වූ නිසා.

      Delete
  21. අනේ මන්ද අර යුද්ධ කාලේ බිබිසියේ දැකපු ලංකාව ගැනම එලව එලව වැඩසටහන් කල ගොබිලා නම් ආයේ දැක්කා

    සිරකරුවෝ මිනිස්සු තමයි. හැබැයි හැමෝම නෙමේ . මිනි මරුවෝ මිනිස්සු වෙන්න බැහැනේ . අත්වැරැද්දකින් හරි ආත්මාරක්ෂාවට හරි මිනි මැරීමක් වෙන්න පුළුවන් . ඒ ඇරුනම මතකනේ අතුරුගිරියේ සිදුවීම . ඒවගේ නරුමයින්ට නම් කන්න දිදී තියන් ඉන්නේ අහවල් එකටද .

    හැමදේටම මිලිටරි යට යන්න සිදුවීම හොඳ දෙයක් නෙමේ . ඒ වුනාට මේ වගේ දෙකදී මිනිස්සුන්ගේ අනුකම්පාව සිරකරුවන්ට හිමිවෙන්නෙත් නැහැ .

    ReplyDelete
    Replies
    1. ඔතන තියෙන්නේ පරිපාලනයෙ වැරද්දක්. හැම එකාම එකම ගොඩේ දාගෙන. ඕනම දෙයක් වර්ගීකරණයක් තියෙන්න එපයි. ලාදුරු රෝගින්, කාස රෝගින්, මානසික රෝගින් ඇස් වාට්ටුවේ තියන්නෙ නෑනේ. ඔය සිම්පල් දේ තේරුම් ගන්න බැරි අධිකරණ අමාත්‍යශයක් මොකටද. ඔය අස්සෙ එල් ටී ටී ඊ කාරයොත් ඉන්නවා. දරයක් ගෙවන්න බැරි උන එකත් ඉන්නවා. පිස්සු ළෝකයක්.

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. එළියේ වගේම තමයි ඇතුලේ හිටියත්,සල්ලි තියන එකා රජ වෙනවා."බලය" කියන එක වැඩි වෙන්නේ ඔහුට තියන මුදල් ප්‍රමාණය මත.හරිම සරලයි.මේක තමයි අද අපේ රටේ තත්වය. මේක තමයි ක්‍රමය.මේ වෙන දේවල් එච්චර පුදුම විය යුතු දේවල් නෙවෙයි.අපි කොච්චර කතා කලත් දසමයක්වත් වෙනස්වෙන දේවලුත් නෙවෙයි.වැරදිච්ච ක්‍රමයකින් වැරදි පැත්තට යන රටක ඇතිවිය යුතු දේවල්.


    "මෙතනදි අප, අප හදවතට මොත්තේ දැමීම නවතා හදවතට එකඟ විය යුතුය.එනම් මිණිමරුවනට එල්ලුම් ගස ඉල්ලන අප. ඔවුන් මියගිය පසු පොලිසියට හා හමුදාවට දොස් පැවරීම නොකල යුතුය. මගේ නම් අදහස මේ රටේ වරදකරුවනට මරණිය දන්ඩනය වහාම ලබා දිය යුතු බවය. නමුත් ඒ ඉක්මන් නිවැරදි සාධාරන නඩු තීන්දුවක් මතින් පමණය. "

    මම මේ දිහා බලන්නේ මිට වඩා මනුස්ස විදියට.උබ ඔය කියන තිරිසන් මිනිස්සුන්ගෙත් හැංගිච්ච සුන්දර මනුස්ස ගතිගුණ ඕන තරම් මම දැකල තියනවා.නිතිය කියන පොතට මනුස්සය කියන කෙනා පැහැදිලි කරන්නවත්, ජීවිතයක් ගැන සර්ව සාධාරණ තීන්දුවක් දෙන්නවත් කවදාවත්ම බැහැ.මම නම් කියන්නේ මිනිහෙක් තවත් මිනිහෙක්ව මරණ එක සාධාරණ ශිෂ්ටසම්පන්න දෙයක් නෙවෙයි.කවුරුත් තිබිරි ගෙදර ඉදන් කුඩුකාරයෝ,මිනීමරුවෝ, ළමා අපචාර කරුවෝ වෙලා එන්නේ නෑ.ඔවුන් ජීවිතය පුරාවට නොමගගිය,විෂම මානසික මට්ටම් වල පුද්ගලයන් මිසක් තිරිසන්නුම නෙවෙයි.ඔය කියන තිරිසන්නු බිහිවෙන්නෙත් උබල අපි බිහිවෙන මේ සමාජෙම කොහේ හරි වැරදිච්ච මුල්ලකින්.තිබිය යුතු පහසුකම් තියනවනම් පුනුරුත්තාපනය කල නොහැකි මිනිසෙක් නැහැ.බන්දනාගාර ගතව සිටින කාලය එම පුද්ගලයා නැවත සමාජගත කළහැකි මට්ටමේ පුද්ගලයකු බවට පත්කළ හැකි කාලය විය යුතුයි.එහෙම කරන්නම අපහසු පුද්ගලයන් ඉන්නවනම් ඔවුන් දරුණු ගනයේ මානසික රෝග වලින් පෙලෙන්නන්.ඔවුන්ට අවශ්‍ය මනෝ වෛද්‍ය ප්‍රතිකාර මිසක් එල්ලුම් ගස නෙවෙයි.

    "මහ උළු ගෙදර ජීවිතය" හෙවත් "ඇතුලේ life එක"
    http://susthiposts.blogspot.com/2012/06/life.html

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++

      Delete
    2. මොන පිස්සුද මචෝ. ළෝකයේ මානුෂික අයිතිවාසිකම් ඉහලින්ම අගයන රටවල හා තිබෙන රටවල පවා අති දරුණු අපරාධකාරයින් සිටිනවා. ඔබ කියන ආකාරයට නම් එය එසේ විය යුතු නෑ. මතකනේ නෝර්වේ වල ඇතිවූ සිද්ධිය. මිනීමරුවා මිනීමරුවාමයි. තව කෙනෙකුගේ ජීවීතය පැහැරගත් කෙනෙකුට තම ජීවිතයට අභය ඉල්ලා සිටීම කිසිසේත්ම සාධරන නෑ. පොඩි එකෙක් පිස්තෝලයක් අරගෙන නොදන්න කමට කොකා ගැස්සුවොත්. ඒකෙන් කවුරුන් හෝ මිය ගියහොත් ඒ පොඩි එකා මරන්න කියන එක නෙමේ මේ කියන්නේ. සැලසුම් සහගත අපරාධ කරන උන්ට නම් කිසිම සමාවක් ලබා දිය යුතු නෑ. ඔවුන් නැවත සමාජ ගත කළ සෑම රටකම නැවතත් හිර ගෙදරට පැමිණීමේ සම්බාවිතාව ඉතා ඉහලයි. පුනරුත්තාපනය කර ඔහුගේ වැරැද්ද ඔහුට වටහා දුන්නද. නැවත සමාජයට එක නොකල යුතුමයි. එවිට රට හැදේවී. මානුෂික අයුරින් සැලකිය යුතු වන්නෙ මනුෂ්‍යයින් සිටිනා රටකයි. අප සිටිනුයේ තිරිසනුන් හා ජීවත්වන සමාජයකයි.

      Delete
    3. එකඟයි.නමුත් අති දරුණු අපරාදකාරයන් ඉන්නේ ඉතාම සුළුතරයක්.ඔවුන් කොහොමත් සමාජගත කරන්නේ බැහැ.නමුත් මම ඔවුන්ව හදුන්වන්නේ තිරිසනුන් විදියට නෙවෙයි දරුණු හෝ සංකීර්ණ මානසික රෝගීන් විදියට.බහුතරය පැහැදිලිව ගොඩගත හැකි අය.යහ සමාජයක් උදා කරන්න උබ ගෙන තර්ක හරි.එත් මම කතාකරන්නේ පරම සත්‍ය ගැන.මිනිස්සු ගැන කතා කරන්න ඕන මනෝවිද්‍යාත්මක පසුබිමක ඉදන්.සිරකරුවෝ කියන්නේ,අපරාදකරුවෝ කියන්නේ නොමග ගිය මිනිස්සුන්ට.අද යහ සමාජයක් ගැන කතා කරන උඹත් කොහේ හරි වත්තක,මුඩුක්කුවක ඉපදුනානම් අම්මෙක් අප්පෙක් නැතුව දුක් විදින්න වුනා නම් ආතල් වලට ආසාවෙන් , සල්ලි වලට ආසාවෙන් ජීවිතේම අයාලේ ගියා නම් මනස විකෘති උනා නම් කුඩ්ඩෙක් ,මිනිමරුවෙක් වෙන්නත් ඉඩ තිබුනා.හැමදේටම මුල් වෙන්නේ පුද්ගලයෙක් වර්දනය වෙන බාහිර පරිසරය.හැම දේටම මුල මිනිස්සුන්ගේ හිත සැකසෙන විදිය.උබ කියන ඔය තිරිසන්නු කියල ජාතියක් සමාජේ කොහෙවත් නෑ බන්.ඔක්කොම මිනිස්සු.

      Delete
    4. මුල් කරුණු හා එකඟයි. ගිනි දවාලේ දෙනෝදාහක් බලාගෙන ඉඳිද්දි. හතර දෙනෙක් එක්කාසු වෙලා මිනිහෙක් පිහි වලින් කපන උන්, අම්මයි දුවයි මරලා ඊට පස්සේ රේප් කරලා මිනී දෙක තැන් දෙකකට ගෙනිහින් දාන උන්, තමන්ගේ අක්කගේ අවුරුදු 8 දියණිය හොරෙන් කෙලසලා. යාළුවෝ ඉල්ලුවම උන්ටත් දීලා.. ඊට පස්සෙ මරලා දාන් උන්, ගෑණිගේ බෙල්ල කපලා ඔළුව බෑග් එකක් දාගෙන එන උන්, ඇත්තටම් උනුත් මිනිස්සුන්ද...? මාරයි නේ..... මටනම් උන් තිරිසනුන්..

      Delete
    5. උඹ එළකිරි.යහපත් සමාජයක් ගොඩනගන්න උබේ දර්ශනය සිරා.එත් පරම සත්‍ය කියන්නේ උබ මේ කතා කරන දෙයට වඩා ගොඩක් ඉහලින් තියන දෙයක්.ඒක සමාජයට ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයි.එත් එක තමයි ඇත්ත.(මම කියන දේ උබ තේරුම් ගනී කියල මම හිතන්නේ නැහැ.)
      තමන්ගේ ගෑනි මරල ඔලුව බෑග් එකක දාන් යන්න තරම් මිනිහෙක්ගේ හිතක් දැඩි ලෙස කෘර වෙන්නේ එකපාරට නෙවෙයි.ඒ මිනිහගේ අවුරුදු ගානක ජීවිත කාලය , පරිසරය තමයි එහෙම හිතක් හදන්නේ.අවුරුදු අටක දැරියක් කෙලෙසන්න තරම් මිනිස් හිතක් පජාත විදියට කාමුක වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් හිතපන්.මිනි සිය ගානක් මරපු අංගුලිමාල තෙරණුවෝ රහත් වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් හිතපන්.උබ ඔය කියන තිරිසන්නු හැම එකෙක් තුලම මනුස්සයෙක් ඉන්න නිසා.

      Delete
    6. තරහ වෙන්න එපා ඔය බනේ තමයි අපේ රට නැති කලේ... මට බන නම් කියන්න එන්න එපා.. බොහෝම පින්... අවුරුදු 2500 කට කලින් කියපුවා ඔලුවෙ තියන් යන උන්මත්තකයින්... එතනින් නවත්තමු... මට තේරුනා ලෝකෝත්තර ගගා එනකොට.. ළෝකේ හදන්න ඉස්සෙල්ලා.. ඒ හදන්න ඉන්න උන් ටිකට හැදිලා ඉන්නෙයි කියපන්...

      Delete
    7. උබ දේශප්‍රේමියෙක්,යහපත් මිනිසෙක්.උඹේම පෙට්ටියක් අස්සේ ඉදන් හිතන කෙනෙක්.ඒත් උබට "මිනිස් සිත" ගැනවත්,"මනුස්සය" කියන සත්වයා ගැනවත් නිරපේක්ෂ අවබෝදයක් නැහැ.

      Delete
    8. //උබ දේශප්‍රේමියෙක්,යහපත් මිනිසෙක්.උඹේම පෙට්ටියක් අස්සේ ඉදන් හිතන කෙනෙක්.ඒත් උබට "මිනිස් සිත" ගැනවත්,"මනුස්සය" කියන සත්වයා ගැනවත් නිරපේක්ෂ අවබෝදයක් නැහැ.//

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    9. @ සූස්ති & බුවා

      දැන් අති මචෝ... මම හොඳට මිනිස්සුත් නොමිනිස්සුත් දැකලා ආශ්‍රය කරලා තියෙන කෙනෙක්... බොහෝම ස්තූතියි... කොමෙන්ට්ස් වලට... නමුත් මම කවදාවත් හිතන්නේ නෑ මම පරිපූර්ණ කෙනෙක් කියලා.. ඒ වගේම අනි මතයට මම 100% ගරු කරනවා.. ඒකනේ මම පෝස්ට් එකෙත් ඇහුවේ අපි මනුෂ්‍යයෝද කියලා...

      Delete
  24. සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා බිත්තියේ ගහ ගත්තට වැඩක් නෑ... ඒ මිනිස්සුන්ට තමන්ගෙ මූලික අවශ්‍යතා ඉටු කරගන්න වත් සාධාරණ පහසුකම් නොදී... හිරගෙවල් වල රෙන්න යන පෝලිම පටන් ගන්නෙ පාන්දර 2.00 විතර ඉදන්ලු... උදේට රෙනවා බොරුලු...මෙවැනි වාතාවරණයක් යටතේ ජීවත්වන හිරකරුවා තුල කෑකෑරෙන කේන්තිය තමයි මේ කැරළි විදියට එළියට එන්නෙ...

    ReplyDelete
    Replies
    1. හිරේ දානවා කියන්නෙ ඒක තමයි බන්. නැතුව කොමඩ්, බිඩේ හදලා නාන්න ෂවර් හයි කරලා දෙන්නද කියන්නෙ. එහෙම දුන්නොත් කීයයි. අපි ඩාව් ෂැම්පුත් ඕන කියලා...

      Delete
    2. @මාතලන් - ගොන් කථා නොකියා පොඩ්ඩක් ගුගල් කරල බලහන් , මිනිස්සුන්ට මිනිස්සු විදිහට සලකන රටවල හිර ගෙවල් වල තත්වය ගැන , ස්කැන්ඩනේවියානු රටවල් ගැන මුලින්ම බලහන් . එච්චර ඕනි නෑ . ඒත් අඩුම තරමේ මූලික පහසුකම් වත් ලැබෙන්න ඕනි .

      Delete
    3. අනේ නිකන් හිටහන් බන්. මේ ස්කැන්ඩනේවියානු රටක්ද...? ඩොලර් දෙදාහක ආදායමක් ගත්තට. තිරිසනුන් වෙසෙන සමාජයක්. උඹ ඔය පාතාල පොරවල් ආශ්‍රය කරලා නැතුව ඇති. ඒකයි මේ තරම් කැක්කුම.

      Delete
    4. මේක 40% සමෘධියෙන් ජීවත් වන 75% කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන. සත් ගුණවත් නීතීඥ්ඥ මහතුන්ගේ ආධර උපකාරයෙන් 96% අපරාධකාරයන් එළියේ ඉන්න රටක්.

      Delete
    5. කව්ද කිව්වේ එහෙම දෙන්න කියලා , පාතාල කාරයින්ට විතරක් නෙවෙයි අනික් උන්ටත් ලැබෙන්නෙ එකම තත්වෙ තමා . හිරේ දානවා කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන එක නොවෙයි කියන එකටයි මම උත්තර දුන්නේ . ඉන්න ඔක්කොම පාතාල කාරයො නෙවෙයි වගේම ඔය මැරුණ 26 දෙනාමත් පතාල කාරයෝ නෙවෙයි . එතන හිටපු පාතල කාරයෝ පස් හය දෙනෙක් ගේ නම් දාල ආණ්ඩුව වැඩේ සාධාරණී කරනය කරනවා , කොටි මරපු ආතල් එකෙන් එකෙන් ඉන්න අපේ ගොන් හැත්ත ඒකට අප්පුඩි ගහනවා .

      Delete
    6. කොටි මරපු එකට නම් ආතල් එකේ තමයි ඉන්නේ. ඒත් අහිංසක දෙමළ මිනිස්සු මැරුණ එකටනම් දුකයි. ඒ මිනිස්සු තවම ත් ගෙනව ජීවිතය ගැනත් දුකයි. එහේ ගිහින් ඒ මිනිස්සුන්ට කින්ඩිය දාලා වීරයෝ වගේ ට්‍රිප් ගිහින් එන උන් ගැන තරහයි. ඔතන නිකරුනේ සිරගත උන මිනිස්සුත් ඇති. ඒත් මදුරුවෝ මරණ කොට ගෑණු මදුරුවෝ විතරක් නෙමෙයිනේ. පිරිමි මදුරුවොත් මරණවා. මිනිස් අයිතිවාසිකම් තියෙන්නේ මිනිස්සුන්ට නේ බන්. තිරිසනුන්ට කොහෙද මිනිස් අයිතිවාසිකම්. මෙච්චර මිනිස් අයිතිවාසිකම් කතා කරන එකෙක්වත්. මම අන්තීමට කියපු කාරණය ගැන නෙමෙයි කටක් හොලවන්නේ.

      Delete
    7. මදුරුවන්ගේ ගාණට මිනිස් ජීවිත දාන්න එපා , ඔක්කොම මැරුණ එවුන් නෙමේ කියල පිලිගන්නවා නම් ඒ උන්ගේ මිනිස් අයිත්වාසි කම් කඩවුනා කියලත් පිලිගනින් . අන්තිම කැල්ල කිවේ වව්නියා එකද . වැලිකඩ කලත් වව්නියාවේ කලත් වැරැද්ද වැරැද්දම තමා .

      Delete
    8. යුද්දෙට ගියාම සමාන්‍යද අසාමාන්‍යද බලන්නෙ නෑ. ජම්පරේ දාගෙන පිස්සු කෙලින් හැම එකාටම තියනවා. ජේලර්ලා චෙක් කරාට උන්ට තියලා නෑනේ.

      Delete
  25. අද පොර ටෝක් දුන්නට එදා නිකමට හරි මාතලන් ලොක්කත් වැලිකඩ හිටියනම් මේ විදිහට නොහිතාවී.ලෝක සම්මතය අනුව සිරගෙවල් තුලට අවි රැගෙන යන්නේ නැහැ.අවි රැගෙන යන්නටම වෙනවානම් රිපීටර් ෂොට් ගන් සහ රබර් උණ්ඩ රැගෙන යන්න තිබුනා.තව ඕන තරම් ගෑස් වර්ග තියෙනවා වැදුන එකා නොමැරී කර්පට් වෙන.ඒවත් යොදාගන්න තිබුනා.මේ දේවල් නිසා රටේ ප්‍රතිරූපය සම්පුර්ණයෙන් විනාශ වෙන බව පාලකයෝ වටහා නොගැනීම අරුමයක්.

    ReplyDelete
    Replies
    1. හොඳ කොමෙන්ට් එකක්. මගේ ජීවිතයෙත් මට ඔතෙනට යන්න තරම් හේතු කාරණා මතු වන සිඳුවීම් වෙලා තියෙනවා. නමුත් ඔතන ගැන දන්න නිසාත්, ළෝකය ගැන දන්නා නිසාත්, ළෝක නීතියට ගරු කරණ නිසාත්. ඒ සියළු දේ ඉවසා විඳ දරා ගත්තා. විය යුත්තේ එයයි. මම ඔය ස්ථානය ගැන හොඳටම දන්නවා. ඔතන ජේලර් කෙනෙක් මගේ හොඳම යාළුවෙක්. ඒ නිසා ඔය මෙහෙයුම කළ යුතුමයි. සිර ගෙවල් තුලට ආයුධ රැගෙන නොයා යුතු බව මා පිලිගන්නවා. නමුත් මේ ඒ ආකාරයේ සිර ගෙයක් නොවේ. රඳවා තැබිය යුතු රැඳවියන් මෙන් 6 ගුණයක් පමණ පිරිසක් සිටිනා තැනක්. එතන සෝදිසි කරන්න යන්න ඔය විදියට නැතුව බෑ. ඔබ සෝදිසි කරන අයගේ ජීවීත ගැන වග කියනවද. ඔඹ නීතීය්ට ගරු කරන්නෙක් නම්. ඔබ සිටිය යුත්තේ සිරකරුවන් පැත්තේද. නීතීය ක්‍රියාත්මක කරනා අයගේ පැත්තේද...?

      Delete
    2. මේ විදිහට මර්ධනය කරනවානම් උසාවි ඕන නැහැනේ මාතලන් සහෝදරයා.සැකකාරයෝ අල්ලගත්තු ගමන්ම වෙඩි තියලා දානවනේ.හිරගෙවල් වල සිස්ටම් එක ගැන මට අවබෝදයක් නැහැ.එත් මේ සිදුවුණා දේ නම් කොහෙත්ම පිළිගන්න බැහැ.මෙහෙම උනාම රට වටේම හදන හෝටල් වලට සංචාරකයෝ එයිද? ආයෝජකයෝ වැරදිලාවත් ලංකාව දෙස බලන්නේ නැති වෙයි.කොහොමත් මේ රජය මිනිසුන් කෙරෙහි අනුකම්පාවක් දක්වන්නේ නැහැ.හිරෙන් එළියේ ඉන්න උන්ටත් ඉඩක් ලැබුනම වදින්නේ ඔහොමම තමයි.එදාට කතාකරන්න කවුරුවත් නැතිවේවි.

      Delete
    3. එළියෙ ඉන්න උන්ට තියන්න දෙයක් නෑ. තියලා ඉවරයි. එකෙක් කටක් අරිනවද ආන්ඩුවට විරුද්ධව. අඩු ගානේ හින්ට් එකක් ගහන්නෙත් අපි විතරයි. ළඟදීම මේකටත් කෙලියි. ඒක වෙනම කතාවක්. නමුත් සහෝ හිරගෙදර සිඳුවීම හැමදාම සිඳුවන දෙයක් නොවෙයිනේ, විශේෂ අවස්ථාවක්. අප නීතී ගරුක පුද්ගලයන්නම් අප සිටිය යුත්තේ නීතීය ක්‍රියාත්මක කරනා පැත්තේ මිසක් නීතිය උල්ලංගනය කළ පිරිසක් පැත්තේ නොවේ. ඔබ ඔය පාදඩ පන්තිය ගැන වැඩහීමක් නැති කෙනෙක්. උන් කුඩු පැකට් එකට මිනී මරණවා.

      Delete
    4. මචෝ ඇත්ත.පාදඩ පන්තියේ එවුන් කුඩු පැකට් එකට මිනිත් මරයි.එත් ඒ උඹ කියන "පාදඩ පන්තියේ" හැටි නෙවෙයි "කුඩු" වල හැටි.කුඩු සික් එකේ හැටි.කුඩු ඇබ්බැහියේ හැටි.විකෘති උන මනසක් ක්‍රියා කරන හැටි.පාදඩ පන්තිය විතරක් නෙවෙයි උබ උනත් කුඩු ගැහුවනම් එහෙමයි.ඒවා ප්‍රතිකාර ලබාගත යුතු තත්වයේ මානසික රෝග."පාදඩ පන්තිය" හරි ලස්සන වචනයක්.

      Delete
    5. එතකොට කුඩු ගහන්නෙ නැති රුපියල් දාහට මිනීමරණ උන්, රුපියල් පන්සීයට ඇසිඩ් ගහන උන්. අරක්කු බෝතලේට කකුලක් අයින් කරණ උන් ගැන මොකක්ද කියන්න තියෙන්නේ.

      Delete
    6. එතකොට කුඩු ගහන්නෙ නැති රුපියල් දාහට මිනීමරණ උන්, රුපියල් පන්සීයට ඇසිඩ් ගහන උන්. අරක්කු බෝතලේට කකුලක් අයින් කරණ උන් ගැන මොකක්ද කියන්න තියෙන්නේ.

      Delete
    7. කියන්න තියෙන්නේ එකම උත්තරේ තමයි.ජීවිතේ නොමග ගිය , උතුම් මිනිස් මනස විනාස කරගත්ත එවුන්.යහ මගට ගන්න පුළුවන් එවුන්.
      උබට කෙන්තියන දෙයක් කියන්නද - "මේ ලෝකේ වැරදිකාරයො කියල ජාතියක් නැහැ බන්.".
      (අපි තර්ක කරන එකේ කිසි තේරුමක් නෑ බන්.)

      Delete
    8. පුතා ඔයාට ළෝකේ සහ මිනිස්සු ගැන තව සෑහෙන ඉගෙන ගන්න තියෙනවා.. එච්චරයි මට කියන්න තියෙන්නේ. විද්‍යාවෙන්ම ඔප්පු කරලා තියෙනවා සමහර මිනිසුන් උපතින්ම දාමරිකයින් බව.

      Delete
  26. ඊයේ KOTTU වලට KITTU [මැරිච්ච එකා නෙමේ]වෙන්න බැරුව හිටියේ.මොන මගුලක්ද මන්ද.මාතලන්;ඔබ සහ තව අය ලියන ලිපි කියවනවා.අපි/ඔබ ,ලියන/කියන දේවල් අහන/බලන කොටසක් ලංකාවේ ඉන්නවද කියන එක ප්‍රශ්නයක්?උසස් අධ්‍යාපනයක් ලබා දරුවෙකුට ඉදිරියට එන්න තිබෙන ඒව වලක්වන පඩත්තර ඇමති !@#$ල දෙන්නෙක් ඉන්න රටේ,සූරියප්පෙරුම වගේ වාචාල කතා,කට දෙපැත්තෙන් කෙල බේරී,බේරී කියවනව වගේ,හිරගෙයක සිදුවීමක් උනාම මත්පෙති බීල කලබලයක් වෙලා කියල ෂේප් වෙන පොල් පිති මැටිමෝල්ලු ඉන්න රටේ කවදා යහපත් හොද දෙයක් වෙයිද කියල මට නම් හිතාගන්න බැහැ.









    '

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් ඇමරිකන් බයිලා. හැමදේම බොරුවෙන් වහන ආන්ඩුවක්නේ. නමුත් ඇත්ත සිඳුවීම තමයි මම කතා කළේ. මම කියන්නෙ නෑ ඒ කළ දේ හරි කියලා. නමුත් වෙන විකල්පයකුත් නෑ.

      Delete
  27. STF ඩිරෙක්ට‍ට වැදුනට පස්සෙත් STF එක ඇතුලට යවුවනම් තව 10 කාටවත් sorry තමඊ වුන්ට යන්න වුවමනාව තිබුන මම දන්නා විදියට එත් ඉහලින් දුන්නෙන් නෑ army එක දාල වැඩේ ඉවරකලා නැත්නම් තව අඉයල 10 විතර බඩුම තමඊ

    ReplyDelete
  28. පාලන ක්‍රමේ වැරැද්ද තමයි අයියේ අසහනයට හේතුවත්. උන්ම දීපු බදු උන්ම හොයන්න මෙහෙයුම් කරනවා කියන්නේ තද මෝඩ කමක්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න