.

.

Nov 19, 2012

සුරක්ෂිත පූර්වාරක්ෂාව (පිරිපහඳුවේ කාන්දුව) - Safety Precautions


දෙදෙනකු මිය ගියේය, තවත් අයකු බරපතල තත්වයේය, ජනතාවට වගේ වගක්වත් නැත. 27 ක් මැරුණ එකේ, මේය ගනන් ගත යුතු දෙයක් නොවේය. අනික ලොකු පොරවල් නෙමේය. පොඩි අයය. සුපුරුදු කමිටුවක් පත් කරන්නේය. ඇමතියා කියන්නේ දේශපාලණ වාසි ගන්න, වෘත්තීය සමිතිවල උන් ඇමරිකන් බයිලා කියනවා කියාය. ඇමති කියන්නේ ඊට වඩා බයිලාය. ඉස්පිරිතාලේ ආවම සෑඩ් මූඩ් එකක්වත් දාගන්න, මොළේ කළඳක් නැතිය. එයා කියන්නෙ හදිසි අනතුරු හැම තැනම වෙනවා කියාය. ඒවා වෙන්නේ කියලා නෙමේ කියාය. ඒ නිසා මේවා ගැන කතා කරලා වැඩක් නැත කියාය.

මේ වගේ ඇමතියෙකුගෙන්, මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැරිය. වෙන රටකනම් ඇමතියා ඉල්ලා අස්වෙනවාය. මේ ඇමති කියන්නෙ ඒක එතන නිළධාරින් හා සේවකයන් බලා ගන්න ඕන කියාය. බාල තෙල් ගෙන්නන එකත් නිළධාරින් බලා ගන්න ඕන, මම මොකක් කරන්නද කියාය. බාල තෙල් අසාධුගත සමාගමෙන් ගෙන්වූවා නොවේදයි ඇසුවාම, මගෙන් අහන්න එපා නිළධාරින්ගෙන් අහන්න මම මොකක් කරඤ්ඤද කියනවාය. තෙල් කාන්දු වෙනවාද ඇහුවාම. මුලින්ම කියන්නේ සාමාන්‍ය දෙයක් කියාය. පස්සෙ කියන්නේ මං මක් කොරඤ්ඤෙයි කියාය. අපිට ලොක්කාගෙන අහන්න තියෙන්නේ ඇත්තටම මේ මහත්තයා මක්කයි කොරන්නේ කියාය.

අඩු ගානේ තම කනගාටුවවත් ප්‍රකාශ කොරන්න තරම් නිහතමානී කමක් නැත්තේය. හේතුව මෙයාලා මනාපේ ඉල්ලන කොට මහත්මා දේශපාලනේ විකුනා, ගොන් හරක් මහත්තුරුන්ගේ මනාපෙන් ආයෙත් එන බව ෂුවර් නිසාය. 94 පටන් කරපු මෙළෝ දෙයක් නැත්තේය. අධ්‍යපනය කෑවේය. අධ්‍යාපන පරිපාලනය අවුල් ජාලාවක් කළේය. මිනිස්සුන්ට මල පැන්නාම, ප්‍රෙස් කොන්පරන්ස් එවන්නේ නැතුව හංගලා, පස්සේ ආයෙත් එව්වාම, කෙලින්නේ පිස්සුමය. චන්ද ලැයිස්තුවවත් හදා ගන්න බැරි පොරකට, අමාත්‍යංශක් පාළණය කොරන්න බැරි එක, අහන්න දෙයක් නැත. මේ මහත්තුරු, ජේශ්ඨ පෝස්ට් එකක් දීලා පැත්තකින් තියන එක කෝකටත් හොඳය.

මහත්මයෙක් නොවනත්, නියෝජ්‍ය ඇමති ඇත්තවත් කිව්වේය. මේ නළ පද්ධති ඉතා පැරණි බවත්, මේවා නිසි ලෙස නඩත්තු නොකිරීම පිළිබඳව ඔවුන්ද වග කිව යුතු බවත්. මියගිය සේවකයන් වෙනුවෙන් කනගාටුවන බවත්. සිඳු නොවිය යුතු දෙයක් බවත් කීමට තරම් නිහතමානී කමක් හා උගත් කමක් ඔහුට ඇත. තමන් වැරදි කරන බවත්, ඒ ගැන කනගාටු වන බවත්, සමාව ඉල්ලන බවත්, ප්‍රවාහන ඇමතිත් කීප වරක්ම පවසා ඇත. තම සහෝදරයාට මහ ඇමති කම දෙන්නට, වන ඇමති බොරුවට ඉල්ලා අස්වීමට තරම් හෝ නිහතමානිත්වයක් ඇත. අපේ ඇමති තුමා අහන්නේ ඉල්ලා අස්වෙන්නේ කුමටද කියාය.

හදිසි අනතුරු වෙන්නේ කලින් කියලා නෙමේය කියා එතුමා කියන්නේය. ඒක ඇත්තය. ඒත් හදිසි අනතුරු වලින් ආරක්ෂා වීමට "සේෆ්ට් ප්‍රිකෝෂන්ස්" කියා දෙයක් තියෙනවා කියා, මේ වගේ අයනම් කීයටවත් දැන ගෙන සිටින්න නම් බැරිය. එහෙම දේවල් එතන නොතිබුන බව මරණ පරීක්ෂණ පැවැත්වූ දොස්තර මහතා කියා සිටියේය. අපරාද සල්ලි වියදම් කර කමිටු පත් කරනවාට වඩා ඒ අවශ්‍ය කරණ උපකරණ දැන්වත් සැපයිය යුතුය. වෘත්තීය සමිති කාරයන්ට හා සෙවකයන්ටද කියන්න තියෙන්නේ, කෙල උනායින් පසු ආන්ඩුවලට දොස් කියන එක නෙමේය. සල්ලි කෝටි ගනන් නැති කරන තැන, තම රැකියාවේ සුරක්ෂිත භාවය තහවුරු කරන, සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ඇති කරණ ලෙසය. අවශ්‍ය කරන්නේ සල්ලි විතරමය. තම ජීවීතය ගැන වත්, ආරක්ෂාව ගැනවත් හිතන්න කාලයක් නැත්තේය. සල්ලි විතරමය. මට දැන ගැනීමට හැකිවූයේ මෙතන මුකවාඩම් වගේ ප්ලාස්ටික් උපකරණයක් ඇර, ගෑස් මාස්ක්ස් එකක් වත් නැති බවය.

අනෙක් කරුණ නම් ලාංකිකයන් වශයෙන් පොදුවේ ඇති ගොන්කම්ය. මේ උපකරණ සපයා ඇති ස්ථානවල පවා ඒවා පළඳින්නේ, පාවිච්චි කරන්නේ නැති එකය. සේෆ්ටි හෙල්මට් හොඳ ඒවා තිබුනා නම් ජීවීත බේරා ගත හැකි බව මරණ පරික්ෂණයේදී එළිවිය. අනික, නිළධාරින්ගේ හා කළමණාකරුවන්ගේ යුතුකම වන්නේ මේවා නිසි ලෙස නොපැලද සේවය ලබා නොගැනීමයි. මේවා, මෙවන් ස්ථාන වල අනිවාර්ය කළ යුතුමය. අනික සාමන්‍ය ඇඳුම් නොව, ඔවුනට නිළ ඇඳුම් ලබා දිය යුතුමය. ඒ වරද ඉස්පිරිතාලයෙදි කැපී පෙනුනි. අමාරු සේවකයෙක්, බංකුව මත වෛද්‍ය පහසුකම් නොළබා සිටියේ, සිවිල් ඇඳුමෙන් සිටී නිසාය. නිළ ඇඳුමෙන් සිටියේ නම්, රෝහල් සේවකයන්ට පිරිපහදුවේ සේවකයින් පහසුවෙන් හඳුනාගත හැකිව තිබුනි.

මේවා මහා මුදලක් වැය වන දේ නොවේය. විනාශයක් වන තුරු සිටිය යුතු නැත. ඊළඟ මහා විනාශය සිඳුවන්නේ, වරායේ සිට කොලොන්නාව තෙක් ඇති නළ මාර්ගයේය. ඒක දිරලා කියා ඒ පැත්තේ ඉන්න ගල් ආඳෝ දන්නවාය. තෙල් බාලා කියලා එකෙක් බිහිවන්නේත් ඒ නිසාය. මේවට නිළධාරින්ද සම්බන්ධදැයි සැකයක් වුව ඇති වන්නේය. වහාම ප්‍රමුඛත්වය දී, මේ නළ පද්ධතිය අළුත්වැඩියා කළ යුතුමය. කාන්දු වන තැන ප්ලාස්ටර් දා, සෙලෝටෙප් දා, හරියන්නේ නැතිය. ඔතනින් ගින්නක් ඇති උනොත් කෙලවර වන්නේ කොහෙන්ද කියා හිතාගන්නත් බැරිය. කොටි මැරුවාට වැඩක් නැතිය. ඇමති මන්ඩලේ ඉන්නේ කොටින්ටත් වඩා බඩුය.

ඒ වගත් මෙසේය...

39 comments:

  1. The Minister also said that the equipment needed for safety precautions are not with his scope and it should be done by the top managerial staff of the CPC. Its all shame, actually that signs a minister will not be needed to function the CPC. (No sinhala today).

    ReplyDelete
    Replies
    1. ඔය කියල තියෙන්නෙ බං සිංහලෙන්. කළබලේ කොමෙන්ට් කොරාම ඔහොම තමා... දැක්ක ගමන් මල පනිනවනේ...

      Delete
    2. හැක්.. හැක්.. ඇත්ත තමා එක වෙන්ට තියෙන ආසාවට හරියට කියවල නෙමෙයි මේ බූරුතඩියා විචාරය ලියල තියෙන්නේ..

      Delete
    3. මොන මල ඉලව්වකටද ඇමතිලා ඉන්නේ .

      Delete
  2. පරිපාලනේ වගේම සේවකයින්ගෙත් වැරැද්ද.ලොක්කෝ ගැන කතා කරල වැඩක් නැහැ ශක්තිමත් වෘත්තීය සමිති පවා තිබියදී තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලීම් කරන්න නොහැකි වීමට වඩා එතන තියෙන්නේ නොසලකා හැරීමක්. අපේ අයට ඔය ආරක්ෂක උපාංග තිබුනත් පාවිච්චි කරන්න කැමති නැහැ, සමහරුන්ට විහිළුවක්, ලැජ්ජාවක්.

    ළඟදී මම දැක්ක අලුතින් හදන තට්ටු 7,8ක බිල්ඩිමක පහල විදුලි බල මණ්ඩලයෙන් කණුවක් හිටවනවා. කලින්ට වඩා සේවකයින්ට ආරක්ෂක උපාංග දීල තියෙන බවත් පෙනුනා.වෙන මොන ප්‍රශ්න තිබ්බත් ඒක අගය කරන්න ඕනි. කණුවේ ආරක්ෂිතව ඉඳල බැහැපු විදුලි සේවකයෙක් ළඟ බිල්ඩිමේ ඉහලම අට්ටාලයේ යකඩ බටයක් උඩ එක අතකින් බඩු ටිකකුත් අරගෙන අනාරක්ෂිතව යන කෙනෙක්ව දැකල කිව්වේ 'මමනම් කීයක්‌ දෙනව කිව්වත් ඔහොම වැඩ කරන්න යන්නේ නැහැ' කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. සේවකයින්ගෙත් වගකීමක් තියෙනවා. හැම එකාටම ඕන මුදල් විතරයි...

      Delete
  3. // ඊළඟ මහා විනාශය සිඳුවන්නේ, වරායේ සිට කොලොන්නාව තෙක් ඇති නළ මාර්ගයේය. //

    සහතික ඇත්ත සහෝ..

    මම දැක්ක මාධ්‍යයක කියනවා කොළඹ වැසිකිලි අපද්‍රව්‍ය ගමන් කරන නල මාර්ගය අලුත් කළා කියලා ඒ සදහා ගැලපෙන මිලාධික නල යොදවලා. ඒත් තෙල් නල මාර්ගය තවමත් දිරච්ච යකඩ වලින් තියෙන බවත් ඔවුන් කිව්වා. මේවා වෙනස් කරන්නේ වරදක් වුනාට පස්සෙද කියල තමා ප්‍රශ්නේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඔක්කෝම ඝෝඨාභයට දෙන්න වෙයි වගේ...

      Delete
  4. අපි කොච්චර කිව්වත් ඔය ගොයියා ඉල්ලා අස් වෙන්නේ නැහැ. මට නම් පේනකොටත් වහ වගේ. මගේ පොඩි මතකයක් මෙතුමා සමඟ තිබෙනවා. ඒ මගේ දුවව පාසැලට ඇතුල් කරන්න ගිය විටක ඇති වූ කතා බහක් නිසා.

    අධ්‍යාපනය අද තිබෙන කනගාටුදායක තත්ත්වයට පත් කරන්න මූලික වුනේ මෙතුමා. බන්ධුල වැඩේ ඉක්මන් කළා විතරයි. මේ ගොයියා තමා වැඩේට මුල් හැදුවේ.

    තෙල් ටිකටත් දෙයියන්ගෙම පිහිට බව මම නම් මෙයාව පත් කරන විටම දන්නවා. ඉතිරි කිරීමේ බැංකුවේ රස්සාව හරි කරගෙන හිටියනම් ඉවරයි. නැත්නම් ඔප්පුවක් ලියාගෙන ගානක් හොයා ගත්ත නම් අපේ මුදලත් , අර මිනිස්සුන්ගේ ජීවිතත් පහුගිය කාලේ විනාශ වුණු වාහන ටිකත් තාම තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔය් මහත්මා දේශපාලනෙන් එන උන් ඉන්නව නේද වෙද මහත්තයා කම්බ හොරු. මට පෙන්නන්නම් බැරි ජාතියක්. මෙයා. කරූ ජයසූරිය, ග්‍රේරෝ, විජයදාස රාජපක්ෂ, මෙළෝ රහක් නෑ. සත පහක දෙයක් කරන්නෙ නෑ. බයිල චැම්පියන්ලා. අර චන්ද්‍රිකා ගාවත් හිටියේ එහෙම සෙට් එකක්, ජී ඇල්, වර්ණපාල, ඒ වී සුරවීර වගේ අය. කටුගේ බාර එක්කෙනත් එහෙම තමයි ගමටත් වැඩක් නෑ කියලා ගමේ එකෙක් දාලා තිබුනා.

      Delete
    2. //මහත්මා දේශපාලනෙන් එන උන් ඉන්නව නේද වෙද මහත්තයා කම්බ හොරු.// ආං ඒකනං ඇත්ත... ඔය ලිස්ට් එකට දාන්න ඕන තරව අර මිලින්ද මොරගොඩලව එහෙමත්....

      මේ මාතලං ලොක්කෝ... මේ උලව්ව ලෝඩ් වෙන්න වෙලා යනවනේ... මැසිමත් එක්ක හිර වෙන්න බලනවා... මොකක් හරි කොරලා මේකේ බර අඩු කොරපිය...

      Delete
    3. මචෝ ජාලේ අප්සෙට් එකක් වගේ...

      Delete
    4. බොල මාතලං. ඔබන ඒවා හරියට ඔබහං. අන්න යටින් ඔබන්න ගියපු අය තව උන්ගේ ඇග උඩ. පට්ට බරයි බං මේ විජට්ටු ලොට් එක. අපේ සල්ලි නෙව..

      Delete
    5. ජාලේ අවුලක් නෙමේ . අපටත් මේකට එන්න ගියහම මොනවදෝ කියල බනිනවා කීප සැරයක්ම .

      Delete
  5. ඉහල ඉඳලා පහලටම කුනුවූ තැනක මෙයා එක කඳ පණුවෙක් විතරයි.නිකමට බලන්න මොනවා හරි සුළු හොඳක් සිද්ද වුන තැනක එකේ ගෞරවය ගන්න කීදෙනෙක් ඉන්නවද කියලා.එත් වැරදුනු තැන වගකීම ගන්න කවුරුවත්ම නැහැ.ඇත්තම කීවොත් අපේ රට නැවත ගොඩගන්න බැරි තත්වයකට පත්වෙලා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මේ වගේ හාල්පාරුවෝ එක්ක අගාදෙට යනවා ඇර වෙන ගමනක් නෑ. මට දුක අළුත් උන්ට තැනක් නොදෙන එක. මුන්ට 94 ඉඳලම බෑ කියලා ඔප්පු කරලා ඉවරනේ..

      Delete
  6. මේ කියන අනතුර ගැන නම් මාතලන් කියනකල් මම දන්නෙ නෑ, නමුත් අපේ මිනිස්සු ආරක්ෂිත උපකරන පලඳින්න නම් පුදුම කම්මැලිබව නම් මාත් අනන්ත දැකලා තියෙනවා.
    මාස්ක් එක නැතුව කෘමිනාශක ගහන ගොවියගෙ ඉඳල, බීලා මේසයක් උඩට නැගලා කරන්ට් වයර් දෙක නිකම්ම අතින් අල්ලලා සම්බන්ද කරන විදුලි බල මන්ඩලේ සේවකයොත් මම දැකලා තියෙනවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒ මචෝ අපේ රටේ හැටි, වෙන රටක නම් ඇමතියා ගෙදර යනවා. වෘත්තීය සමිති පාරට බහිනවා. ඒවා මුකුත් නෑ. ජහ මනයත් එහෙමනේ. එක්කෝ හෙල්මට් එක අතට දාගෙන යනවා. නැත්නම් හෙල්මට් එක දාලා, බකල් එක නොදා යනවා. දන්නවනේ ජැකට් එක අනිත් පැත්තට ඇඳගෙන ගිහින් වෙච්චි දේ...

      Delete
    2. ඇයි පොල් ගස් කැපිල්ල... හැක්..

      Delete
  7. මේක ඇමතියා දැක්කොත්, ගොන්නුන්ට තණකොළ පුන්නක්කු නැතුව ෆ්‍රයිඩ් රයිස් කවන්නද කියනනෙ කියල හිතයි....

    සේෆ්ට් ගැන නම් ඉතිං උඹත් දන්නව ඇතිනෙ අයියෙ... බඩු තිබ්බත් පාවිච්චි කරන්න කැමති නැති උන් මෙහෙ ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඌ ඒක දන්නවා. ඒකනේ මිනිස්සු මැරුණත් උන් හිනාවෙලා ඉන්නේ. මඩු වලිගෙන් ගහන්න ඕන මුන්ට මනාපෙ දෙන උන්ට..

      Delete
  8. මේවා මෙපරිද්දෙන් උනාට අහස උසට නැගෙන ගොඩනැගිලි තුලින් අපි ආසියාවේ ආස්චර්යය උනාම මදෑ... මිනිස් ජීවිතයක වටිනාකමක් මේ මෝඩ ජෝකර් ඇමතියො හදුනන්නෙ නෑ... උගෙම පවුලෙ එකෙක් මැරෙනකං....

    මේ මරණ පරීක්ෂණය කල මරණ පරීක්ෂක තුමා කිව්වෙත් මේ දේවල් පහසුවෙන් වළක්වාගන්න පුලුවන් ආරක්ෂිත උපකරණ භාවිතා කලා නම් කියලා... කොමිස් කුට්ටි ගහන එක කොච්චර ආතල් ද සේවකයෙක්ගෙ ජීවිත වලට වඩා... ඔන්න ඕකයි තත්වෙ...

    ReplyDelete
    Replies
    1. උංට ඌගේ ගෑණී මැරුණත් ගානක් නෑ. මුදල් හා බලය යටතේ මුන්ගේ මනුස්ස කම නැතිවෙලා ගොඩක් කල්...

      Delete
  9. ඇත්තටම මේකනම් අපේ කරුමෙ...ටී.වී. එකට මේ ඇමැත්තා කියපු ටික අහන් ඉන්නකොට ඇ‍‍‍‍ඟේ ලේ පිච්චෙනවා..ඇයි යකෝ මුන් පඩිගන්නෙ මොන කෙංගෙඩියක් කොරනවටද ඉතින්...වැරැද්ද අපේම ගොන් ජහ මනයගෙනෙ..උඩින්ම දිනවල දෙන්නෙ උස්සලම...මුන්ව ගෙවල්වලට යවන්නෙ නැතුව...

    ReplyDelete
    Replies
    1. මුන්ව එලවන්න ඕනෙ කම ලොක්කට තිබුනත් ඒක කරන්න ලේසි නෑ. මුන් පයිත්තියන් වෙලා නේ ඉන්නේ. එකෙක් නම් එළවලා දැම්මා, මැරෙණකම් මහ ඇමති, එක්කො ලොක්කා මුන්ව එලවන්න ඕන. නැත්නම් ජහ මනයා මුන්ව එලවන්න ඕන.

      Delete
  10. තමන් කළයුතු කාර්්‍ය පිළිබදව අවබොදයක් නැති පිරිසක් පාර්ලිමෙන්තු ගියහම මෙහෙම වෙනවා. සල්ලි තියනවා වියදම් කරනවා ජනතාව රැවටෙනවා ජන්ද දිනනවා ...හැමදාම ගොබ්බයො දිනුම්...ජනතව පරාදයි..

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගොබ්බයන්ට ඡන්දේ දෙන උන් මීටත් ගොබ්බයෝ....

      Delete
    2. මෙන්න කතාව. මෙයිට වඩා වෙන මොනවත් ලියන්නේ මොකටද?

      Delete
  11. කතා කරලවත් වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා පනේ...

      Delete
  12. ලංකාවේ Safety First නම් නිල්.ව්‍යපෘති නරබන්න යන ඒවා TV එකේ පෙන්වනවා ඔළුබක්ක වගේ මහ එකා යනවා මුට්... සමාවන්න හෙල්මට් එක දාගෙන,ඉන්ජෝ යනව ජෙල් ගාපු කොන්ඩෙ පෙන්නගෙන.බුදුහාමුදුරුවෝ දෙතුන් සැරයක් වැඩිය භූමියක් නම් ඇයි දෙයියනේ මුන්ට යහතින් ඉන්ඩ දෙන්නේ???මුන් යහතින් ජිවත් වන්නේ ලංකාවට බුදුන් වැඩල නැහැ කියන එකද?????????????????

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ ගේම් දීපු උත්තමයෙක්ද....?

      Delete
    2. මේවා මෙහෙම වෙනකොට එහෙම හිතාගන්ට වෙයි සම "හරක්" ට!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  13. ඇමතියට මේ ලොකේ මොලයක් නෑ තමා... ඒත් අපේ මිනිස්සු තමන්‌ෙග් ආරක්ෂාව ගැන මේ ලොකේ දෙයක් හිතන්නේ නැති කමත් මේකට හේතුවක්...

    අපේ තාත්තගේ කම්පැනි එකේ ඔෆිස් එකෙන්, යාඩ් එකට යන්න එළියට බහින කොට සේෆ්ටි ජැකට්, බූට්, හෙල්මට් චෙක් කරන්න කෙනෙක් දැම්මලු ඉස්සර.. දැං නං කටිටිය පුරුදු වෙලා...

    ඒ උනාට ඔය අපේ මහත්තයා උනත් වැඩක් කරනකොට පොඩ්ඩක්වත් තමන්ගේ පරිස්සම ගැන හිත්නනේ නෑ.. මම නම් බනිනවා ඒ වෙලාවට.. මොනා හරි කරගත්තම මටයි දුක් විඳින්න වෙන්නෙ කියලම... ඒත් ඉතිං මං නැති තැන ආයිත් මෝඩයා වගේ වැඩ කරනවා... අපේ මිනිස්සුන්ව හදන්න බෑ අප්පා... තමන්ගේ ලේසිය ගැන හිතනවා.. මොනා හරි උනාම වෙන දේ ගැන හිතන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. ගෙදර එකාවවත් හදාගන්න බලන්න.. මහ කාළකන්න්ණි මිනිස්සු ඉන්න රටක්. මේ වගේ දේවල් සත පහකට ගානක් වත් නෑ. කෝ මුන් පාරටවත් බැස්සද ඉන්න ඒවුන්ටවත් සේෆ්ටි ප්‍රිකෝෂන්ස් දෙන්න කියලා. ආන්ඩුව වන්දියක් දුන්නම. ඔක්කෝම ඉවරයි. මුදලටම යට වුන කාළකන්ණි ජාතියක්. ඒත් අපි රෝශේන් චානකලගේ දෙමව්පියන්ට ගරු කරන්න ඕන, වන්දි ප්‍රතික්ෂේප කිරීම ගැන.

      Delete
  14. ඇමතිය වග කියන්න ඕන තමා . ඒ වුනාට මෙතනදී සේෆ්ටි ගැන වගකියන නිලධාරින් පළමුවෙන්ම වැරදියි.

    කොහෙත් ආයතනයක් විනයක් සහ ආරක්ෂාවක් ඇතිව පවත්වා ගන්න හැමෝගෙම කැපවීමක් ඕන . ඇමතියාට බනින්න පුළුවන් . ඒ වුනාට ඒ ගොල්ලන්ට ලජ්ජා නැහැ නේ . කබර හම වගේ .

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. නිළධාරින් නෙමෙයි සේවකයන්ගෙමයි වැරද්ද....?

      Delete
  15. හෑ මම බ්ලොගේ ෆලෝ කොරල තිබ්බට.. මට ලියන ලිපි පෙන්නන්නේ නැතෝ/.. මොකක්ද අවුල

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න