.

.

Apr 16, 2012

බ්ලොග් ළොව මුල්ම "අනංගයා" - First Sinala "Blog Valentine"


මේ වැඩේ පටන් ගන්න උන්නේ වැලන්ටයින් දවසේ. ඒ උනාට මම බිසි නිසාත්, සහයට කෙනෙක් හොයාගන්න නැති නිසාත් වැඩේ කල් දැම්මා. මම පටන් ගන්න යන එකට වඩා, පහසුකම් සියල්ල පිරි, කපු සර්විස් තිබුනත්. මේ සේවයේ එම පහසුකම් ඇත්තෙම නෑ. චැට් රූම්, වල් පල් දෙඩවීම්, දුරකථන අංක ප්‍රචාරය කිරීම් ඇත්තෙම නෑ. ඒ නිසා මේ සේවය, තම දරුවනට මනාල, මනාලියන් සොයන දෙමව්පියන්ට වඩාත් සුදුසුයි, ඒ කියන්නේ රහස්‍ය බව වැඩියි. අනෙක් කපු සර්විස් වල, හොර බොරු කාරයොත් වැහි වැහල. කෙල්ලො කොල්ලෝ යාළුවෙලා විවාහවෙනවා වගේම. එසේ නොවන පිරිස තවමත් වැඩියි. අපේ රටේ විතරක් නෙමෙයි මේ මැච් මේකර් එහෙම නැත්නම් කපු සර්විස් එක ළොකයේ දියුණු රටවල පවා තියෙන දෙයක්.

Apr 15, 2012

ඔට්ටුව මාරුවීම - What's the bet


ලෝන් ගහල, හතර අතේ ණය වෙලා, අවුරුදු කෑවයි කියලා හිතන් උන්නට, අවුරුද්ද ඇවිත් අපිව කාලා ගිය එකයි කලේ. අප්ෂෙට් එකේ ඉන්න වෙලාවේ මට හිතුනා ජෝක් එකක් ලියලා දාන්න..සමහර විට අහලාත් ඇත. කියවලාත් ඇත. එහෙම කලින් අහලා තියෙනවනම් නොබැලුවාට අවුලක් නැත. අපේ පිරිමි කස්ටිය රජ කාළේ පටන් බොනවාය. ඒ කාළේ බිව්වේ කිතුල් රාය. ඔක්කෝම සජ්ජුරුවන්ට අයත්ය. පුරුතුගීසී ආවාට පස්සේ, අපේ අය බය නැතුව බොන්න පටන් ගත්හ. සුද්දගෙන් රේන්ද ලයිසොන් ලැබිච්චි පින්වතුන් අදටත් පට්ටම සල්ලි කාරයෝය. සැටලයිට් නෝනාගේ කාළයේ බේබද්දෝ වැහි වහින්න බෝ උනේය. එතුමිය කුමක් නොකලත් රට පුරා බාර් නම් දැම්මාය. ඒ එතුමියගේ ගුණ යහපත් කම නිසාමය. එයාගේ අම්මා මෙන්ම අපෙත් අම්මා උන, මැතිනිගේ කාළේනම් අපට අල බතල කන්න කියා එයාලා පොරින් කෑම කෑවේය. නමුත් සැටලයිට් නෝනා තනියෙන්නොබී, අපටත් බොන්න රට පුරා ඒවා ව්‍යාප්ත කලාය. නිවන් දැකීමට එතුමියට ඒ පිනම ඇත. එතෙක් උපදින සෑම ආතමයකම, ඇයට විස්කි ලැබේවායි පතමි.

Apr 10, 2012

කුමාර් මහත්තයා පිටුවහල් කලාද, ආපහු ගියාද, ගිහින් ඇරලුවාද - Confuse Journalism


බුද්ධිමත් ජනතාව කෙසේ වෙතත්, මාතලන්ගේ නම් මොළේ මඤ්ඤංය. අදක ඊයේක සිට නොවේය. දැන් බොහෝ කාළේක සිටය. මට එහෙම උනාට, මුතූගේ දොස්තර මහත්තයා නම් කියන්නේ එහෙම අවුලක් නෑ කියාය. ඒ පිළිබඳව සහතික කර දෙන ලද ලිපියක්ද මාළඟ තියෙන්නේය. ඒත් මොළේ අප්ෂෙට්ය. ඒ නිසා දොස්තර මහත්තයා හම්බ වෙන්න ගියාම නැවතත් නිරීක්ෂනය කොට කීවේ කිව්වේ මඤ්ඤං නොවී ඉන්න නම් එක පත්තරයක්. එක රූපවාහිණි චැනලයක්, එක රේඩීයෝ එකක්, එක වෙබ් සයිට් එකකට සීමා වෙන්න කියාය. එතුමා අප්ෂට් නොවි සිටින්නේ, එහෙම ඉන්න නිසා බවත් නැත්නම් එතුමාටත් මඤ්ඤං වෙන බව කියා තවත් සැටිපිකට් එකක් දුන්නේය.

Apr 9, 2012

කොමුපිළි # 4 ((තනපට - අවසාන කොටස) කාන්තාවන්ට පමණයි) - Lingerie # 4


තනපටේ එහෙමම අමතක වෙලා ගියේය. කොල්ලෙක් උනේ හොඳ වෙලාවටය. නැතනම් ඉතින් මටත් යන්න වෙන්නේ වන වනාය. ඒ උනාට ගොඩක් අය, කෝ අනේ ඉතුරු ටික කියා අසනවාය. තියෙන ඉල්ලුම ගැන පෝස්ට් එකේ දෙපැත්ත බැලුවාම ඔහේලාටත් බලාගත හැකිය. ඒ නිසා ලින්ක් දාන්න ඕනෑ නැතිය. වැඩි විස්තරත් ඕනෑ නැතිය. මෙතනින් බොඩි කතනන්දර අවසන්ය. ඒ උනාට ජෝක් එකක් එහෙම හම්බ උනොත් පළ කරනවාය. අවසාන කොටස නිසා. සිංහල සෝ වල වගේ හැපි එන්ඩින්ය...

Apr 4, 2012

කන්‍යාපටල පරීක්ෂණයද ඇතුලත් මොඩර්න් වෙඩින් - Verginity Test

ලව් කරපු කෙල්ලන්ට
බූට් දී ඇතිවෙන්ට
දෙමව්පියෝ සොයාදුන්
පතිනි බදිනෙමි තුටින්
හැඩ රුවින් පලක් නැත
ඩවරියෙන් අඩු නොමැත
මට නොමැත වැඩි යමක්
ඒත් ඇත ඩිග්‍රියක්

වසරක්ම ප්ලෑන් කර
එක්....සී... බිසන් විසිට් කර
දෙදෙන දුව පැන යමින්
ඇපොයිමන්ට් සෙට් කරන්
සාරී ඉන්දියාවෙන්
සූට් එක ජපානෙන්
අන්දවන්නේ.... හැරිස්
රමණිගෙන් හෙයාර්ස් ටයිල්

පිස්සු හරක් - Mad Cow Decease


මළම පැන්නේය. මළ කෙළියක්ම උනේය. ඒ නිසා පෝස්ට් එක ලියන්නත් පරක්කු උනේය. සිද්දිය මෙසේය. ඊයේ, අවුරුදු 15 ඉඳන් ආර්ථික විද්‍යාව කර, පන්ති සමාර්ථයක් සහිතව සමත්වී, නිසි තැන නොලැබ. අධ්‍යාපනය කන ඇමතිතුමා, 2500 න් මැරෙන්නේ නැතිව ඉන්න කියා දෙන ටියුෂන් පන්තියක් දෙරණේ ගියේය. මම අපේ ගෑනීට ඕක බලන්නට එන්න කිව්වේ, හැම තිස්සෙම බඩු ගනන්, හරි විදියකට කන්නත් නෑ, යුද්දෙ තියෙද්දිත් මීට වඩා හොඳට කෑවා, කිය කියා අඬෝවැඩියා තියන නිසා, මේ පන්තියට සහබාගී වෙන ලෙසය. උන්දෑ මට කිව්වේ තමුසෙ වගේම පිස්සෙක් නේ ඕයි ඌ. ඌගේ බයිලා තමුසෙම අහ ගන්නවා කියාය. එහෙම කියලා එයා නිදා ගන්නට ගියේය.

Apr 2, 2012

"හොඳ" කොල්ලෙක් ලබාගැනීමේ, යාඤ්ඤාව - Prayer for Dreamed Prince



කෙල්ලෝ මහ පුදුම ජාතියක්ය. ඔක්කෝම ඕනෑය. බඩුවක් ගන්න කඩේකට ගියත් එසේමය. බඩු ඔක්කෝම ඇදලා ඇදලා වෙන කඩේකින බලලා එන්නම් කියා යනවාය. ටවුමේ තියෙන ඔක්කෝම කඩවලට යනවාය. ඒතනින් නවතින්නේත් නැතිය. ලඟම තියෙන ටවුමේ කඩවලටත් යනවාය. ඊට පස්සේ නගරේ තියෙන කඩේටත් යනවාය. ඔහොම ගිහින් මොකක් හරි මළ ජරාවක් උස්සන් ඇවිත්, හොඳයි නේද අහනවාය. වර්චස් උනත් හොඳයි කියා අපි කියනවාය. ඒ එයාලාගේ හැටිය. කොල්ලෙක් ගන්න ගියත් එසේමය. එහෙම තමා කැමති කොල්ලෙක් ලබාගන්න යාඤ්ඤාවක් තියෙනවාය. නිදා ගන්න පෙර මේ යාඤ්ඤාව කියා නින්දට යෑමෙන් බලාපොරොත්ටු වන ආකාරයේ කොල්ලෙක් ලබා ගත හැකිය.

Apr 1, 2012

Why this මට වෙරි මට වෙරි මට වෙරි වී........... - Sad Song, (Dope Song)


Your Boys..I'm singing song....
Sad song..... Dope song.....

Oh.............
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
My life Boring, අරක්කු ඇත වැඩිවී
(Rhythm Correct..)
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී.
(Maintain This.)
My life ..........................ඇත වැඩිවී