.

.

Feb 23, 2013

ආර්ථික ඝාතකයෝ - Economy Killers



රැයේ නිදා, උදයේ කබ කඩන කොට....
ඇස්. ඇම්. ඇස්. එකක් එවලා මට දෙරණෙන්
පැට්‍රල්, භූමිතෙල්, කුප්පියේ ලාම්පු තෙල්....
ගනන් උස්සලා අපෙ නව ඇමති සඳ....

හිටපු එකා මේ ළෝකේ රහක් නැති....
අජ්ජාපනේ කා පැට්‍රල් බිව්වාය....
සත පහ නොවටිනා අළුතෙන් ආපු එකා...
පිලිගත්තේ කෝටියක්ම ගිලලාය....

මිල වැඩි කරන්නට මක්කට ඇමතිහොරු...
ඒවට ඇතේ ටයි දා ගත් මහත්හොරු...
ඕනෑනම් තව වැඩි කරපන් යාළු...
වැඩට දුවමු ගාගෙන පැට්‍රෝල් පුකේ....

බැංකු තුනක් වැටෙනවා.....ලූ ආන්ඩුවේ...
පා කරනට ගොස් අහසේ.... අභිමානේ...
මරං කන්න යයි ලේඛම් බන්ඩා.... පුංචී....
ඇමතිහොරුයි ඝාතකයෝ ආර්ථිකේ...!!!
.
oOo.

ඇමතිහොරු රට කන හැටි මෙතනින් බලන්න.... (නොවේ මෙවන් වින්දනයක් ළොවේ.....)

79 comments:

  1. හොඳම ආතල් එක ආන්ඩුවෙ උත්තමයොම ආර්තික ඝාතකයො ගැන කියවන එක. ඇයි වදේ දන්නවනම් අල්ලගෙන ගිහින් උල තියපියකො. අපිට කිය කිය ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ උකුස්සෝ. අපිට කියන්නේ ලොක්කට ගිහින් කියාපියකෝ. මයික් එකක් දැක්කම ගිරිය පුප්පන් මැරෙන්න යන්නේ. බල මාළුවල සැරද මන්දා....

      Delete
  2. ආර්තික ඝාතකයෝ ගැන පින්තූරයක් දැකලා මම ෆේබ් එකේ දැම්මා මෙහෙම එකක් . . .

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර ආර්ථික ඝාතකයෙක් . .
    - උගත් නිවාස ඇමැති විමල් වීරවංශ -

    එතකොට ලේකමාගේ ලොක්කා මුදල් ඇමතියා මොකාද ආයිබෝං?
    - නූගත් ගැමියෙක් -

    :D :D :D

    ReplyDelete
    Replies
    1. ඌ ගොන් බදින කනුව බන් දුකා.
      - උක්කුන් පුතා -

      Delete
    2. දේශපාලකයා හැම දේම නොදන්න බව කියා දෙන්න පුළුවන් කොන්ද පන තියෙන නිළධාරින් නැති කම තමයි හෙනේ. හොඳම උදාහරණය. විදේෂ ප්‍රතිපත්තිය. එක එක කාලෙට හිතෙන හිතෙන එකාට දෙනවා. අන්තීමෙදි ඒඩ්ස් හැදිලා තමා නවතින්නේ.

      Delete
  3. කෙහෙළිය රඹුක්වැල්ල ඇමති කියලා තියනවාලු ලංකාවේ මාධ්‍යවේදීන් තමන්ගෙ වත්කම් හෙළි කළ යුතු යැයි කියා මාධ්‍ය අමාත්‍යාංශයට. බ්ලොග් ලියන මාතලන් වගේ අයටත් වත්කම් හෙළි කරන්න වෙයි ද?!!!! ඇමෙරිකාවේ නම් ඉතින් අපි වත්කම් හෙළි කරන්න කියලා ඉල්ලන්නෙ වත්කම් තියෙන මිනිස්සුන් ගෙන් -මිට් රොම්නි වගේ!!!!!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මාද්ධියවේදියන්ගේ වත්කම ඉතින් ලොක්කා දුන්න ලැප් එකයි ලස්ස දොළහෙ පොර්මිට් එක විතරයි. මාද්ධිය අයිතිකාරයන්ගෙ ඒවා පොඩ්ඩක් හොයා බැළුවනම් අවුලක් නෑ..

      Delete
  4. කරත්තයක් වගේ එකක් දැංමම අරං තියා ගන්න එක හොදයි....

    ReplyDelete
    Replies
    1. ඕනන්නෙ නෑ.. ප්ස්ටෝල් චුට්ටක් පුකේ ගා ගත්තම ගමන යන්න පුළුවන් හුසේන් බෝල්ටත් ඇරගෙන. ඔය වල් කොල්ලෝ පුකේ පැස්ටෝල් ගහපු, බල්ලො දුවනවා දැකලම නැතෙයි....

      Delete
  5. මුන්ට ඊළඟ ජවුසමට තව බිලිබෝයි කෙනෙක් උවමනායි. තෝරාගෙන තිබෙන්නේ පීබීව. කොහොමත් හොරානෙ. දැන් කොන්ඩම් එකක් වෙන්නයි යන්නෙ.

    ReplyDelete
    Replies
    1. පි බි හොරෙක් නෙවෙයි පැරකුම්. මම ඒක පුද්ගලිකවම දන්නවා. දුෂිත පි බි කතාව මිඩියා මිත්‍යාවක් මිනිහ උගත් දක්ෂයෙක් අයි එම එෆ් එකේ වර්ල්ඩ් බෑන්ක් එකේ අහංකාර සුද්දොන්ට පවා කට උත්තර නැතිවෙන්න වැඩ පෙන්නන එකෙක්. උනුත් පි බි ට බයයි. ඒ ගානට උගත් මිනිහෙක් කියන්නේ සාරුව සුනිල් හරි විමල් විරවංශ වගේ සල්ලි වාහන වලින් සතුටට පත් වෙන අය නොවෙයි මිනිහට සල්ලි හොරකං කරලා වැඩක් නෑ සල්ලි වලට වඩා අය වැය හදල ආර්ථික විද්‍යාවේ ඉලක්කන් එක්ක සෙල්ලං කරලා සතුටු වෙන මිනිහෙක් පි බි කියන්නේ.චන්ද්‍රිකා ආණ්ඩුව වගේම මේ ආණ්ඩුව දුවන්නේ මිනිහ හින්ද.

      Delete
    2. උදිත ඔයා නිකං පොරක් වෙන්න හදන්න එපා, වැඩ පෙන්නන කතා කියලා. දැනට WB ඉන්න CO හෙඩ් PB ට මෙහෙම කිව්වා කියලා වත් දන්නවද? you have intimidated my predecessor.. don't try that with me...

      Delete
    3. @AnonymousFebruary 23, 2013 at 10:12 PM
      මමද ඔයාද ඇනෝ මෙතන වැඩ පෙන්නන කතාව කියල තියෙන්නේ, අවංකවම මම දන්නේ නෑ ඔය කතාව. මම ලොකු ලොකු පොරවල් ආශ්‍රය කරන්නේ නැහැ. දැනට නිව්යෝර්ක් වල වරායක සාමාන්‍ය රැකියාවක් කරන්නේ. ලංකාවේ ඉන්න දවස් වලත් මම පොරක් නොවෙයි. පි බි ජයසුන්දරගේ කොම්පියුටරේ කැඩුනම ඒ කාලේ හදල දීල තියනවා ඊට වඩා වැඩි සම්බන්ධයක් නැහැ.මාව මතකත් නැතිව ඇති දැන්. මොකද්ද උඹ මේ ඉංග්‍රීසියෙන් කියල තියෙන්නේ දැන් ලෝක බැංකුවේ ලොක්ක පි බි ට කිව්වලු උඹ මට කලින් හිටිය කෙනා භය කරා මාත් එක්ක ඒ සෙල්ලන් කරන්න එන්න එපා කියල. නේද? ඉතින් ඒ කතාවෙන් මම කියපු දේ තහවුරු වෙනවා නේද? අයි එම එෆ් එකේ වර්ල්ඩ් බෑන්ක් එකේ අහංකාර සුද්දො භය කරන එකෙක් මිනිහ.

      මේකත් බලන්න ඇනෝ මේ ලිපියට ලියපු කමෙන්ට් එක දිග උනා ඒක නිසා මම පොස්ට් එකක් විදියට දැම්මා ඔයා පොර හොඳේ මගෙන් තරඟයක් නෑ හොඳේ.
      ආර්ථික ඝාතකයෝ කවුද? පී බි ද?විමල්ද?අපිද?

      Delete
    4. @ පැරා හා උදිත වෙත
      මම නම් මේක දකින්නෙ මෙහෙමයි. මෙතන බලන්න ඕන අවංකද හොරෙක්ද කියන එක නෙමෙයි. මෙයාගේ වැඩ පිලිවෙල. උදාහරණයකට රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය ගන්න, ඒක හරිද වැරදිද. සම්පූර්ණයෙන්ම වැරදියි, මොකද රක්ෂණ සංස්ථාව ලාබ ලබපු ආයතනයක්. කොහොම හරි මුන්නැහේ බෑන්ක් ඔෆ් සිලෝන් එකයි, පීපල්ස් බෑන්ක් එකත් විකුනන්න ඔන්න මෙන්න කියලා තිබුනේ.හොඳ වෙලාවට පොන්නයා කියන රනිල් ඇවිත් ඒක නැවතුනා. එහෙමනම් සල්ලි හොයන්නේ. පී බී වගේ උගතෙක් මෙතනට අවශ්‍ය නෑ. විමලෙ වගේ හොඳ තෙල් බෙහෙත් වෙළෙන්දෙක් උන්නම ඇති.

      පාලකයෝ පත්කරේ ජනතාව කියලා. පාලකයන් කරන් හැම ගොන් වැඩේටම ඉයස් සෑර්, ඉයස් මැඩම් කියන උගතෙක්ගෙන් වැඩක් නෑනේ. බෙල්ල ගියත් වැරද්ද පෙන්වලා දෙන්න ඕන. කෝ මේ මිනිස්සුන්ට ආර්ථික වැඩපිලිවලක්, කෝ ප්‍රොජෙක්ට් රිපෝට් එකක්, කෝ ටයිම් ටාගට් එකකි. කොටින්ම කෝ මැනේජ්මන්ට්, නිළධාරින් දේශපාලඥයින්ටයි, දේශපාලඥයින් නිළධාරීන්ටයි බනින එක විතරයිකරන්නේ. මේක ඇස් ඇල් පී ඇෆ් එකේ උපන් ගෙයි දෝෂයක්. ඉතිහාසය ලියන දවසක බන්ඩාරනායකගේ සිට මේ දක්වා රටට කරපු එකම දේ යුධ ජය පමණයි කියලා ලියවෙයි.

      රොනීද මෙල්ලා, ප්‍රේමදාසලා, ගාමිණිලා, ඇතුලත්මුදලිලා, පාස්කරලිංගම්ලා ජේ ආර්ලා එහෙමද. ප්‍රේමදාස මහත්තයට කවුරු බැන්නත් එයා දයාන් ජයතිලක, ජනසවිය සුසිල්, පාස්කරලිංගම් කියන දේ ඇහුවා, දොකොන විලක්කුවක් අරගෙනත්, රට සංවර්ධනය කලේ ඒ නිසා. ඒ මිනිස්සු ලඟ ප්ලෑන් තිබුනා. සම්ප්‍රදායික බෝගවලින් හම්බ කරන් කාපු රටක්, ඇඟළුම් කර්මාන්තයෙන් මුල් තැනට ගන්න උපරීමයෙන් ක්‍රියාත්මක උනා, ජනතාවට නිවාසත් ලබා දුන්නා. නිශ්පාදන ආර්ථිකයක ඇති වැදගත්කම ජනතාවට පස්ක් උනා. ජනතාවත් නිශ්පාදන ක්‍රියාවලියට යොමු උනා.

      ඒත් මෙයයි මක්කැයි 94 ඉඳන් මේ දක්වා කලේ. කරපු කිසිම දෙයක් නෑ. 94 සිට මේ දක්වා, දෙයක් කල එකම රාජ්‍ය නිලධාරියා ඝෝඨා විතරයි. එතනත් ඝෝඨා නැතුව, වෙන හාල් පාරුවෙක් උන්නා නම්, මහින්ද මහත්තයත් සුදු නෙළුම් පෙරහරේ එක්ක යයි. අදත් බය නැතුව 13 එපා කියන්න එයාට කොන්දක් තියෙනවා. අයියා, මඩේ ඉන්න වගේ වැනෙනවා. ලොක්කා කියන කියන විදියට ණය බෙදන්න පී බී කෙනෙක් ඕන නෑනේ. ඔය සුද්දෝ එක්ක සුස් බුස් ගාන්න පුළුවන් සමුපකාර මැනේජර් කෙනෙක් උන්නත් ඇති. ණය ගන්නවා බෙදනවා, මදිවෙනකොට තව ගන්නවා බෙදනවා. මේකද නිළධාරියකුගේ වගකීම.

      පී බීත් එකයි විමලෙත් එකයි, ජපනා කන මාළුව වත් හරියට දන්නේ නෑ, දන්න එකෙක්ගෙන් අහන්නෙත් නෑ. ඇයි සියල්ල දත් ලා නේ. මේ ආන්ඩුවේ බහුතරය එහෙම ගොන්නු. මෙයාලටහ් එක්ක ලොක්කර බලන්න වෙන්නේ ආශ්චර්ය නෙමේ. දකුණු ආසියාවේ සෝමාලියාව. මොකෝ ඒකට ගැලපෙන නියම ජනම් එකකුත් ඉන්නවානේ..

      Delete
    5. ඒක උඹගේ ආර්ථික දෘෂ්ටිය මචං. රජය ව්‍යාපාර නොකළ යුතුයි කියන දේශපාලන ආර්ථික ස්ථාවරයක් මම දරන්නේ. මම දරන ආර්ථික පතිපත්තියට අනුව පි බි එතන කරන්න හදපු එක හරි. රජයේ බැංකු සහ සියලුම රාජ්‍ය ව්‍යාපාර සල්ලි වලට නොවෙයි නිකං හරි දීල දාල රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත්විය යුතුයි කියන එකයි මගේ මතය. ධනවාදී රටවල රාජ්‍ය බැංකු නෑ. ඇමරිකාවේ ව්‍යාපාර නොවෙයි ආණ්ඩුවේ ඉස්පිරිතාලවත් නෑ.
      විශාල රජය කුඩා කරන්න රජයේ ව්‍යාපාර ඉවර කරලා තමයි පටන් ගන්න ඕනෑ.
      උඹ කියන අනිත් ප්‍රශ්න ටික මිනිහ ගැන මටත් තිබුන ඇයි දැන දැන මේ වගේ දේශපාලකයෝ කියන ගොන් වැඩ කරන්නේ කියන එක
      මිනිහගේ උත්තරේ තමයි ජනතාව දේශපාලකයෝ පත් කරලා තියෙන්නේ මේවා අනුමත කරලා මැතිවරණ ප්‍රකාශනවල.
      දැන් බලපං උඹත් කැමතියි විශාල රජයේ ව්‍යාපාර රජය ලවා නඩත්තු කරන්න.

      Delete
    6. මාතලන්,
      මමත් ඉන්නෙ උදිතගේ මතයේ මම මීට කලිනුත් මේ පිළිබඳ අරුණි අක්කාගේ බ්ලොග් එකේදී ලියා තිබෙනවා. රජයක් ව්‍යාපාර නොකළ යුතුයි. ඉන් වන්නේ හානියක්මැයි. අනික ව්‍යාපාරයක් මූලික දේ ලාභය විය යුතුයි. රජයක් ව්‍යාපාර කළහම දූෂණය වැඩියි. පී. බී. හරි සියලුම බැංකු පුද්ගලික විය යුතුයි. එවිටයි ලාභය සොයා යන්නේ. දූෂිත් දේශ්පාලකයන්ගේ චිට් වලට එවිට ණය දෙන්නෙ නැහැ.

      Delete
    7. ඒ මතයේ මමත් ඉන්නවා. නමුත් ලංකාවේ දේශපාලන ක්‍රමය අනුව පෞදගලික අංශයේ තිබුනත් රාජ්‍ය බලපෑම් වැඩියි. දැන් බලන්න සෙලින්කෝ ප්‍රෆිට් ෂෙයාරින් කියන බැංකුවේ විශාල මුදලක් ලබා දුන්නෙ එක් දේශපාලඥයකුට, අදටත් ඒවා බෑඩ් ඩෙබ්ට්ස්, අනික් ඒවාවල තත්වයත් ඒකමයි, නැතිනම් ව්‍යාපාර කරන්න බෑ. අපිට එක පාරටම ඇමරිකාවේ තත්වයට යන්න බෑ. රටක රජයකට ආර්ථික දැක්මක් තියෙන්න ඕන. කුමක් සඳහාද ප්‍රමුඛත්වය දිය යුත්තේ, කුමක් සඳහාද අරමුදල් ලබා දිය යුත්තේ, ඒවා නිසි ලෙස කෙරෙනවාද යන්න සොයා බැලිය යුතුයි, ඇමරිකාවෙත් ආර්ථිකය හොම්බ රිවට් වෙන්නම කඩාගෙන වැටුනේ ඒකයි. එහේ සල්ලිකාරයෝ මීට අවුරුදු දහයකට ඉස්සරහ ලාබෙත් බෙදාගෙන කාලා තමයි එහෙම කෙල උනේ. අන්තීමෙදි ගොඩ ආවේ ගවර්මන්ට්ස් ෆන්ඩ් වලින්. ලංකාවේ පෞද්ගලික අංශයෙත් කරන්නෙ තනිකර බොරුව, විගනනය කියන දේ සම්පූර්ණ බොරුවක්. ඒවා රඳා පවතින්නෙත් ආන්ඩුවේ ෆන්ඩ්ස් මත. ඇත්ත ඒකයි. නමුත් ප්‍රේමදාසලා ආන්ඩුවේ ඇඟළුම් කම්හල් දැම්මෙ නෑ. ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයටත් විදේශිකයින්ට ලබා දෙන සහන ලබා දුන්නා. කර්මාන්තය බලා සිටිද්දී දුණු උනා. කෝ අද ඒ දේවල්...

      Delete
    8. අඩුතරමේ ප්‍රතිපත්තිමය වශයෙන් වත් එකඟ වීම ලොකු දෙයක්,ප්‍රායෝගික තලයේ නොමේරූ ආර්ථික නිදහස් කරණය හොඳ නැහැ ඇත්ත මාතලන් ඊට පෙර ආයතනික ප්‍රතිසංස්කරණ සහ නෛතික රාමුව සකස් විය යුතුයි. නීතියක් නැති රටක පුද්ගලිකකරණය අප්සට් තමයි. හොඳම උදාහරණය ප්‍රයිවට් බස් පොල් පටවල යන්නේ. නමුත් බැංකු වලදී ? පුද්ගලික බැංකු ලංකාවේ සාර්ථකව ඒ කාලේ ඉඳලම සාර්ථකව මහජනයාට හොද සේවයක් දෙනවා දැනටමත්. එක නිසා මගේ මතය දැන් රජය බැංකු වලින් අයින් වෙන්න කාලේ ඇවිත්. ආණ්ඩුවේ බැංකු වලින් සල්ලි අරන් තමයි ඇමතියෝ දැන් නාස්ති කරන්නේ ඒකවත් නවතිනවා.

      Delete
    9. හොහොමත් අයින් වෙන්න වෙනවා. විකුනන එක ඇර වෙන පිහිටක් නැත. ජාතික අභිමානේ ගුවන් ගත කරන්න ගිහින් ඒවයි, තෙල් සංස්ථාවයි ලොසේ පිට ලොස්... සත්‍ය හා එකඟවනවා හැර වෙන කුමක් කරන්නද මචෝ...

      Delete
    10. "ජාතික අභිමානේ ගුවන් ගත කරන්න ගිහින්"
      පට්ට කතාව. ඒව ගුවන් ගත කරවන්න ඉඩ මදි හින්ද වෙන්න ඇති තව එයාපෝර්ට් හදන්නෙ. ඕවගෙ තියන එකම හොඳේ තව රස්සා ටිකක් වැඩි වෙන එක විතරයි. මම නම් හිතන්නෙ නෑ පිටරට ගුවන් සේවා හම්බන්තොටට ප්ලේන් දායි කියල. අන්තිමට තියන පාඩු මදිවට ඔය අභිමානෙන්ම ප්ලේන් දායි අපේ සල්ලි වලින් උන්ට යන්න

      Delete
  6. මෙහෙව් තිරිසනුන් ඉන්න රටක පව් ගෙවන්නත් ක්‍රමයක් තියෙන්න එපයි..... මුන්ගේ අම්මලට හු න්නස්ගිරියෙන් ගෙයක් හදල දෙන්ට ඕනේ....

    ReplyDelete
    Replies
    1. එයාලනම් හදාගෙන ගොඩක් කල්.. අපිට තමයි සදා සොත්ථී භවඃතුතේ....

      Delete
  7. අනාගත කොන්ඩම් න්‍යායට බිලිවන්නෝ සහ නොවන්නෝ,
    1. පී. බී. ජයසුන්දර - කිසිවක් වන්නේ නැත. පොඩි ආතල් එකක් පමණි. මේ මිනිහගේ වටිනාකම නිසානෙ පූර්ව වැරදි වලට සමාව දීල ආයෙත් ගත්තේ. ඉතාම මෑතකදී ඔහුගේ කතාවකට සවන් දුන්නා. ඇත්තටම පුදුම හිතුනා, මාධ්ය කියන පී. බී. යි, මේ කතාව කළ පුද්ගලයායි අතර ඇති වෙනස ගැන. ලොක්කට මේ පිළිබඳ හොද දැණීමක් තියනවා. ඒ නිසා වි. මලය පොඩි ආතල් එකක් ගන්නවා විතරයි.

    2. මහාචාර්‍ය්‍ය රජීව විජේසිංහ - කොන්ඩම් තියරිය දමන්නට නියමිතයි. නමුත් කිසිවක් වෙන්නෙ නැහැ. මොකද මෙතුමාට ඇති ඉංග්‍රීසි දැනුම ඇත්තෙක් ඔතන නැහැ. අනික පුද්ගල ප්‍රතිරූපය. ලියුමක් ලියා ගන්න ඉන්නෙ මිනිස්සු කීපදෙනයි. එකෙක් කොහොන එයා නිව්යොර්ක්වල, අනිකා මහින්ද සමරසිංහ එයා වැඩ ගොඩක හිරවෙලා. ඉතිරි එකම පුද්ගලයා යවලා කොහොම ද ආයිබොවන්ඩ?

    වි. මලයා හීන මවනවා. මොන ආර්ථික ඝාතකයෙක් ද? එකෙක් කොහෙද ඉන්න උන් රොත්තම ආර්ථික ඝාතකයො තමයි. වැඩකට ඇති කී දෙනා ද ඔතන ඉන්නෙ. අනික් ඔක්කොම ආර්ථික ඝාතකයො තමයි. වැඩක් නොකර නිකම් ඉදගෙන කන උන් ඔක්කොම ආර්ථික ඝාතකයො.

    ReplyDelete
    Replies
    1. මේක නම් නියම කතාව!

      Delete
    2. උඹ හරියට හරි වේදනා.
      හොර ගෙඩි ඇමතිලට මිනිහ එක්ක සෙල්ලම් බෑ නාස්ති කරන්න සල්ලි දෙන්නේ නෑ , කිසි වැඩක් නොකරන රජයේ ආයතන වල ඉන්න deadbeat ගම් බයියාවරු හෙවත් කම්මැලි රජයේ නිලදාරීන්ට ඇමරිකාවේ අචාර්ය උපාධිය ගත්තු කඩිසර ඕනෑ වැඩක් බැහැල කාර්යක්ෂමව කරන පී බි ල එක්ක හැරෙන්නවත් බෑ ඉතින් මුන් ඔක්කොම ජයසුන්දර එක්ක නයි වෛරයකින් ඉන්නේ. පි බි එනකොට බුලත් විඩක් කාල ආතල් එකේ ඉන්න ආණ්ඩුවේ ආයතන වල නිලදාරීන්ගේ ආතල් එක කුඩු සංසාර වෙනවා. ඉතින් දේශපාලකයෝ සහ නිලධාරීන් දෙගොල්ලොම මිඩියා අල්ලගෙන දුෂිත පි බි කියල අර නඩුවක් වටේ මිත්‍යාවක් ගොඩ නැගුවා. කවුරුවත් දන්නවද පි බි වරදකරු උන නඩුවේ චෝදනා? මම දන්නා බි බි සල්ලි හොරකන් කරන හොරෙක් නොවෙයි

      මේකත් බලන්න මේ ලිපියට ලියපු කමෙන්ට් එක දිග උනා ඒක නිසා මම පොස්ට් එකක් විදියට දැම්මා ආර්ථික ඝාතකයෝ කවුද? පී බි ද?විමල්ද?අපිද?

      Delete
    3. @ වෙද මහත්තයා..
      පුංචි බන්ඩා මහත්තයට මක්කත් වෙන එකක් නැහැ. උන්දැ තමයි මෙහෙමවත් ණය ටිකක් හොයලා දෙන්නෙ. නැත්නම් ඉතින් විමලෙ කියනවා වගේ හෙට්ටියන්ගෙන් තමයි ගන්න වෙන්නේ. නමුත් ඔහු දක්ෂ නිළධාරියෙක් නම් නොවේ. ඔහු කඩවසම්, ප්‍රතාපවත්, හොඳ පෞර්ෂයක් තියෙනවා වගේම හොඳ දේශකයෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඔය වගේ අය කැම්පස් වලත් ඉන්නවා, නම්බර් වන් දේශකයෝ, ඉකොනොමික් තියරි ඔක්කෝම දන්නවා, ඒත් වැඩක් බාර දුන්නොත් ප්‍රැක්ටිකල් නෑ. හොඳම උදාහරණය, අල 50යි, ළුණු 50යි, මිරිස් 100 යි. එදා නම්බර් වන් ආර්ථික විජ්ජා දේශකයෙක්. ඒත් මූදට දැම්මම පීනන්න බෑ. ගිලිලා මැරෙන්න යද්දි දැම්මා අජ්ජාපනේට. දැන් එතන කනවා..

      දෙක. රජීව විජේසිංහ මහත්තයා. එයාව එලවන්නෙ නැත්තේ ඉන්ගිරිස් නිසා නෙමේ. ලිබරල් පස්සෙ නායකයා නිසා. ඒක නිකන් ඇමරිකාවට කනට ගහනවා වගේ වැඩක්. ඉන්ගිරිස්වලට නම් ඔය ඉන්නේ ලේඛම් මහත්තයයි, ලූෂන් රාජකරුණානායක මහත්තයා එහෙම.

      Delete
  8. අයියෝ සල්ලි. මෙලෝ රහක් නැති නැහැ ඔය දේසපාලුවෝ.

    ReplyDelete
  9. විදුලි මිලට හෙට අනින්දා
    වෙනදේ මට මැවී පෙනේ

    ReplyDelete
    Replies
    1. පත්තරේකට අනාවැකියක් ලෙස කිව්වා නම්. ගානක් හොයා ගන්න පුළුවන්. සමහ විට එහෙම වෙන එකකුත් නෑ. විදුලි බලයටත් වඩා පවර්ෆුල් එක්කෙනෙක් දැන් ඉන්න ඇමති නෝනා.. ඒවට ආවොත් කියයි දෙකක් ලොක්කට ගෙදර යන්න...

      Delete
  10. ආර්ථික ඝාතකයො ගැන හදිස්සියෙම කරළියට ආවෙ විමලයට පිස්සුවක් හැදිලා නෙමෙයි...විමලෙ කියන්නෙ ආණ්ඩුවෙ පිටපතට ඇක්ට් කරන නළුවෙක් හින්දයි...

    ReplyDelete
    Replies
    1. විමල් කියන්නෙ අම්බලන්ගොඩ රූකඩයක්, ඔය කට හෙල්ලුවට වොයිස් දෙන්නෙ වෙන අය....

      Delete
  11. ගණන් ගන්න එපා මේ අපි නගින පඩිපෙලක මුල් පඩි විතරයි තාම.තව ඉහලට නගින්න නගින්න දකින්න අහන්න දේවලුත් ගොඩක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නගුන පඩිපෙලද, බහින පඩිපෙලද...?

      Delete
  12. උදිතගේ සටහනේ දැම්මා, මේක ලියන්න ගොඩ කාලයක් සිට උවමනාවක් තිබ්බට ප්‍රවේශයක් ලැබුනේ මාතලන් සහ උදිත ගෙන යන සංවාදය නිසයි. ස්තූතියි.

    උදිත සලකා නොබැලූ වැදගත් දෙයක්: අපි අපිට දෙන ඕඩර්ස් අනුගමනය කරනවා විතරයි ... we are just following orders කියපු හිට්ලර්ගේ ජර්මන් ආණ්ඩුවේ ඒකීය නිලධාරීන්ගේ චින්තනය එසේ වූයේ නැත්නම් හිට්ලර්ට එච්චර විනාශයක් කරන්න පුළුවන් වෙයි ද?

    අනික දේශපාලන දැක්ම කුමක් වූවත් මිනිස් ස්වභාවයට සහ ලෝක ස්වභාවයට පටහැනි ආර්ථික සැලසුම් අසාර්ථක වෙන ඒවා. ඒක ඇමෙරිකාවටත් එහෙමයි, රුසියාවටත් එහෙමයි, ජර්මනියටත් එහෙමයි; ඉතිහාසය ඇති තරම් සාක්ෂි සපයා තියෙනවා.

    "capital goods කියන ඒවා නිෂ්පාදන ක්‍රියාවලියේ දී අතුරුදහන් වී යන ඒවා. මූල්‍ය කියන එක ඒ වුනාට පවත්වාගෙන යන විස්ථාපනය කරන්නක්. එය අරපිරිමැස්මෙන් කටයුතු කරන මිනිස්සු ඕනෑ කමෙන් කරන ස්වභාවික අවශ්‍යතාවයක් නිසා සිද්ධ වෙන්නක් නෙමෙයි. එය නිෂ්පාදනය සහ පරිභෝජන කටයුතු උවමනාවෙන් කරද්දී ඇතිවන ප්‍රතිඵලය. එයින් මූල්‍යයේ මුළු එකතුවේ අගය (sum value of capital) පවත්වා ගෙන යමින් පරිභෝජනයට ඉඩහරින්නේ අමතරව තියෙන අතිරික්තය (surpluses) කොටස පමණයි. සමාජයක ආර්ථික accounting වැඩේ දී නිෂ්පාදනයේ සාර්ථකත්වය test කරන්න නම්, එයට අවශ්‍ය වෙනවා මුල්‍ය වැඩි වෙලා ද, පවත්වා ගෙන යනවා ද, නැතිවෙලා ගිහින් දැයි විමසන්න. මේක කරන්න බැහැ සමාජවාදී ආර්ථික ක්‍රමයක දී, නැත්නම් ආණ්ඩුව විසින් ආර්ථික කටයුතු වලට (අද ඇමෙරිකාවේ වගේ) ඉතා දැඩිව මැදිහත් වෙලා සිටිය දී. ආණ්ඩුවක් ලාබ ගැන විගණනය කිරීම පමණකින් ආර්ථිකයේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය කුමන් මාර්ගයක ද යාම දැයි කියන්න බැහැ. ආර්ථිකයක මුදලේ අගය ගැන වූ, නිෂ්පාදන සාධක (factors of production) වලට බෙදා දෙන්නෙ (allocate) කරන්නේ කොහොම දැයි පෙන්වන ආර්ථික calculus එකක් ඉතා වැදගත්.

    සමාජවාදී ක්‍රම වල දී නිෂ්පාදන ක්‍රම (means of production) මධ්‍යගත පාලනයක දී කෙරෙද්දී (අද ඔබාමාගේ ෆෙඩරල් තීරණ අනුව ව්‍යාපාර කරගෙන යන්න බැහැ කියල ව්‍යවසාකයන් ව්‍යාපාර වහලා ගෙදර යන්නෙ ඒ නිසා) ඔක්කොම නිෂ්පාදන ක්‍රම වල අයිතිකරුවා ආණ්ඩුවයි. එතකොට නිෂ්පාදන සාධක හුවමාරුවට ඉඩක් ලැබෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලය නිෂ්පාදන සාධක වල මුදල් මිල අගය සොයාගන්න විධියක් නැහැ.

    ඊ ළඟට ඉතාමත් වැදගත් ආර්ථික විගණනයක් (economic calculation) කරන්න වෙන කිසිම විදියක් නැහැ යන්නයි!!!!!

    නිෂ්පාදන ක්‍රම වලට යන මුදල් වල මිල අගයන් ලැබෙන්නේ නිෂ්පාදන ක්‍රම පුද්ගලික අයිතියක් ඇත්නම් පමණයි.

    (economic calculation requires money prices for factors of production, which can only come into existence where factors of production are privately owned.)

    මුදල් කැල්කියුලස් එකක් පමණක් ආර්ථික යථාර්ථය පෙන්වන පරිපූර්ණ උදාහරණය වෙද්දී, සමාජවාදය නෛසර්ගික වශයෙන්ම යථාර්ථවාදී නොවේ. (Inso far as the money calculus epitomizes economic rationality, socialism if inherently irrational.)

    1902 දී Nicholas G. Pierson නම් ඕලන්ද අර්ථ ශාස්ත්‍රඥයා, ඕලන්ද සෙන්ට්‍රල් බැංකුවේ ආණ්ඩුකාරයා, සහ ඕලන්ද මුදල් ඇමති මේ අදහස මුලින්ම ලෝකයට ඉදිරිපත් කළේ. ඔස්ට්‍රියානු මාක්ස්වාදියෙක් වූ Karl Kautsy හා වාදයක දී වෙළඳපොල මිල ගණන් නොමැතිව මේ විගණනයන් කළ හැකි ආකාරය පෙන්වන්න යැයි ඔහු මුලින්ම කළ අභියෝගයට උත්තර දෙන සමත් වූ අයෙක් තවම ලෝකයේ නැහැ. ඔහුගේ රචනාව ලියැවුනේ ඕලන්ද බසින්. ඒක ජර්මන් ඔස්ට්‍රියා වැඩි දෙනෙක් අතරට ගියේ නැහැ ඒ නිසා. එය නොදැන ලුඩ්විග් වොන් මීසස් මෙම අදහසම තවත් පහදමින් 1919 දී ජර්මන් භාෂාවෙන් ඉදිරිපත් කළාම එය ගැන පුංචි විචාරයක් පටන් ගත්තා. ඒත් ලුඩ්විග්ට උත්තර දෙන්න සමත් වූවෙක් ද තවම නැහැ.

    ඒත් ආණ්ඩුවේ බලය අල්ලා ගන්නට කැමති අය ඒ සඳහා රටේ ආර්ථිකය ගැන පාරට්ටු බෑවාට ඒ ගැන ඇත්තෙන්ම උනන්දුවක් තියෙනවා ද යන්නත්, එයට ඔවුන් පත් කරගන්නා නිලධාරීන් just following orders අය ද යන්නත්, මේ අයට රටේ සේරම නිෂ්පාදන ක්‍රම තීරණය කරන්න දෙන බලය පවරා ඔවුන් තෝරා පත් කරගන්නා ආර්ථික ඝාතකයන් වන අපි විමසා බැලිය යුත්තක්!!!!

    http://udithame.blogspot.com/2013/02/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. සංවාදයට එක්වීම ගැන ස්තූතියි. මම හිතන්නෙ මම කියන්න උත්සාහ කරන්නෙත් ඊට සමාන දෙයක්. ඕඩර්ස් තියරිය ගැන සම්පූර්ණයෙන් එකඟයි. මට මතක විදියට ඔයගේ එකෙත් ලංකාවට උචිත ආර්ථික ක්‍රම වේදය ගැන අපි කතා උනා. අපේ රටවලට ගැලපෙන්නේ මම හිතන විදියට, ජපන් ක්‍රමය, ජපානයට සමාන ක්‍රමයකින් තමයි සිංගප්පූරුවත් දියුණු උනේ. නමුත් සිංගප්පූරුවේදි නිශ්පාදන ආර්ථිකයක් නෑ. මේ පාලන ක්‍රමයත් එක්ක නම් අප්ට ගැලපෙන් ක්‍රමය තමයි මැලේසියාවේ ක්‍රමය. ආන්ඩුව කරන්න හදන්නෙත් ඒ වගේ දෙයක්. ඒ ගැන මට වඩා අරුණිට තේරෙනවා ඇතිනේ. ඇමරිකන් සිස්ටම් එක එන්න නම් මුලින්ම අපේ "බුද්ධිමත් ජනතාව" සැබැවින්ම බුද්ධිමත් ජනතාවක් වෙන්න වෙනවා. ඒත් එහෙම ගතියක් පේන් තෙක් මානයකවත් නෑ. අමුතුම දේවල් ඔලුගෙඩියෙ තියෙන ජනතාවක් මෙහේ ඉන්නේ. එහෙම නැත්නම්. පුරාණ කොරියාවේ ගැහැණියකගේ කල් ක්‍රියාවන් අද මහත් ඉහලින් පිලිගන්නෙ නැහැනේ. (ඔබ තුමියට ඒ ගැන හොල්මන් වෙයි, මම කියන්නෑ චංගුමී ගැන.)

      අපේ රට දියුණු කරන්නනම් අනිවාර්යයෙන් විප්ලව වාදියෙක් අවශ්‍යයි, ඒක මැනේජ් කරන්න නම් බුලට් බඩුවක් ඉන්නවා, ඒ ඝෝඨාභය රාජපක්ෂ, ඒත් කඩිනම් වැඩ පිලිවලක් ඉදිරිපත් කරන්න එකෙක්වත් නෑ. සිවිල් සමාජයේ බුද්ධිමතුනුත් අපි වගේම හලාල්වල එල්ලිලා. ආන්ඩුව දෙන ගුලි එකසිය ගානට ගිලිනවා. බුද්ධිමතුන්ගේ සංවාදවලට සූ ගාලා සෙනග 10ක් විතර. ඒ ඇයි. අළුතින් කිසිම දෙයක් නෑ. තියෙන එක විවේචනය කරනවා පමණයි. එයාලත් හර බර දේෂන දීලා හැන්දෑවට චංගුමී බලනවා.. ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නේ. එකම එක පුද්ගලයෙක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලමු.

      Delete
    2. කිසිම රටක නිෂ්පාදන ක්‍රම තීරණ කරන්න "එක පුද්ගලයෙක්ට" හෝ "විද්වත් කල්ලියකට" කිසිම දවසක නොහැකි යැයි මම කියන එක තව පැහැදිලි කරන්නේ කෙසේ ද කියා හිතමින් .....

      Delete
    3. ඔබතුමිය කියන එක නවත්තන්න හොඳේ ... උඩ දාන තරමට වැටෙන දුර වැඩිවෙනවා. :D

      Delete
    4. අරුණි මැඩම්(ඔබතුමිය කියන්න එපාලු නේ :-) ) "නිෂ්පාදන ක්‍රම" කියන එක තීරණ කරන්න "එක අයෙක්ට" හෝ "විද්වත් කල්ලියකට" භාර දෙන්න ඕනෑ කියල මේ සංවාදයේ මම හරි මාතලන් හරි අදහස් කරනවා කියල කිව්වොත් වැරදියි. ඒක වෙළඳ පොළ විසින් තීරණය කල යුතුයි. මෙතන ගැටලුව තියෙන්නේ ඒක නොවෙයි මට අනුව බෝක්කුවක් උඩ වාඩිවෙලා බිඩියයක් ගගල ගිහින් සාරුව සුනිල් ට චන්දේ දෙන සර්ව බල ජන්දයෙබලය හිමි රස්තියාදු කාරයගේනැත්නම් මාතලන් කියනවා වගේ සුජාත දියණිය බලන ශරීරයෙන් විතරක් මොඩ් මනසින් ගල් යුගයේ ඉන්න ලංකාවේ ලුම්පන් මධ්‍යම පන්තියේ බල සේනාවේ බලය ලංකාවේ වැඩියි. බහුතර මතය හරි කියන ප්ප්‍රජාත්‍රන්තවාදී ක්‍රමය නිසා උන්ගෙන් තමයි අපේ ජිවිත තීරණය කරන්නේ. ඉතින් රට වේගයෙන් රිවර්ස් ගියර් එකේ යනවා. එහෙම යනගමන් උන් අපිට කෝචොක් කරනවා දැක්කනේ අපි යන වේගේ කියල.
      අරුණි අපි පිටරට ඇවිත් මේ විෂම චක්‍රයෙන් ගැලවුනාට මේ අවුල තේරිලා එත් ලංකාවේ ඉන්න ඉන්න කැමති මාතලන් වගේ එවුන්ට සපෝර්ට් එකක් දිය යුතුයි. අපි අතරේ මතවාද අතින් වෙනස්කම් තිබුනත් මාතලන්ලා වගේ කීප දෙනෙක් හරි ඉතිරිවෙලා ඉන්න හින්දයි මම නම් මගේ කාලය වැය කරන්නේ. ඇමරිකාවේ පැය ගානට ඩොලර් වලින් පඩි ගෙවන්නේ මේවා ලියන වෙලාවෙත් වැඩ කරලා මට පුළුවන් වැඩිපුර කියක් හරි හොයාගන්න. වෙලාවකට හිතෙනවා ඔක්කොම අතහැරලා තමන්ගේ වැඩක් බලාගන්නවා ලංකාව දිහා බලං නිදාගන්නෙවත් නෑ කියල.

      Delete
    5. හපෝයි මම මැඩම් කෙනෙකුත් නෙමෙයි .. නම කියන එක මදිනම්, අක්කෙ හරි ඇන්ටි හරි කියන්නත් බැරිනම්, අඩුගානේ ආච්චි කියලාවත් කියන්න!!!

      මේකයි, ආර්ථිකය වැඩ කරන හැටි මිනිස්සුන්ට තේරුම් ගන්න මොළයක් තියෙනවා. ඇයි හැමදාම ලංකාවේ බඩු මිල ඉහළ යන්නෙ, ඇයි සුඛෝපභෝගී වාහන ගේන අයට හිටිහැටියේ බදු සහන ලැබෙන්නෙ, ඇයි සමහර පුරවැසියන්ට විතරක් කාර් පර්මිට්? මේ වගේ දේවල් ගැන පක්ෂ භේදයකින් තොර සංවාදයක් මිනිස්සුන්ට වැටහෙන විදියට ගෙනියන්න පුලුවන් නම්, බහුතරයක් එය වටහාගත හැකියාවෙන් යුතු අය. ඒ අය දන්නෙ නැත්තෙ, අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු නිසා මේ දේවල් වල අවුල් ලිහා ගන්න. චංගුමී බලන්න වටවුනා කියල මිනිසාගේ මොළය නැතිවෙලා ගිහින් නැහැ. මොළය පාදා දෙන්නට නම් අවබෝධයක් ලැබෙන විදියට කරුණු කාරණා තේරුම් කරන්න ඕනෑ. මට තියෙන ලොකුම අඩුපාඩුව සරල සිංහලෙන් ලියන්න ඔයාලට තරම් නොහැකියාව.

      මගෙන් ප්‍රසිද්ධියේ බ්ලොග් එකෙන් අහන්නෙ නැතිව පුද්ගලිකව අර්ථ ශාස්ත්‍ර පොත පත හා ලේඛකයන් ගැන ප්‍රශ්න අසා එවන අය එන්න එන්නම වැඩිවෙලා.

      සමාජවාදය නෛසර්ගිකව අසාර්ථක ආර්ථිකයක් කැඳවනවා යැයි පෙන්වන හැකියාව අපි සතු නම් ඇයි අපි එයට උත්සාහයක් නොගන්නේ? ලංකාවේ මිනිස්සු විතරක් තමන්ගෙ ආර්ථිකය යහපත් වෙනවාට අකමැති අය නොවෙයිනෙ.

      ලංකාවේ බඩු මිල ඉහළ යෑමේ වේගයට පඩි ඉහළ දාන්න බැරිවෙන කාලය වැඩි ඈත නැහැ. සිරිමාවෝ ආණ්ඩුව පරාජය වුනේ ආර්ථිකය නිසා මිසක් බෝක්කුව උඩ වාඩිවෙලා බීඩිය උරපු මිනිහා ආර්ථිකය කඩා වැටුනේ ඇයි වටහා ගත් නිසා නෙමෙයි. මේ වතාවේ ද ආර්ථිකය වැටෙද්දී අපි එය වැටෙන්නේ මන්දැයි පැහැදිලි කිරීම අතපසු කරනවා නම් රැල්ල පෙරලෙන වේගයට මේ පැත්තට පෙරලිලා ආයෙත් වැඩි කලක් යන්න කළින් පොදු ජනතාවගේ හිත සුව පිණිසයි කියලා සුදු ජාතික සූට් එකක් ඇඳගෙන හැමෝටම වඳින කෙනාට චන්දෙ ලැබෙනවා, රටේ ආර්ථිකේට මොන හෙනයක් ගැහැව්වත් ඒ මන්ද කියා නොදැන.

      ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙන එක මෙහෙ ඉන්න අපිටත් හොඳයිනෙ උදිත. අඩු ගානේ අපේ බදු එකතු කරලා යවන USAid වත් අඩුවේවි!!!!

      Delete
    6. ඉතින් අරුණි අපි හැමදාම කරන්නෙ ඒක තමයි. සිමාවකට යටත්ව සහ ස්වයං වාරණයක් ඇතිව. මොකෝ ඔක්කෝම කරන්න ජීවත් වෙලා ඉන්න එපාය.

      Delete
    7. //මේ අවුල තේරිලා එත් ලංකාවේ ඉන්න ඉන්න කැමති මාතලන් වගේ එවුන්ට සපෝර්ට් එකක් දිය යුතුයි//
      ඔබ ඇමරිකාව-ශ්‍රී ලංකාව සංසන්ධනයකරනුයේ ‘සංවර්ධනය‘ අතින් පමණයි. නමුත්, ශ්‍රී ලංකාව ද ඉදිරියෙන් සිටිනා පැති කිහිපයක් තිබෙන බව අමතක කරන්න එපා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ බදු මුදලින් පෝෂණය වී ඔවුන්ට ආවඩනවානම් මා විරුද්ධයි. ඇමරිකාව අද බොහෝ වෙර දමනවා ඔවුන්ගේ ආර්ථික මොඩලය ගෙඩිය පිටින් මෙහේ එබ්ඹවීමට. මේ සඳහා විවිධ ණය, සහන ලබා දෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මහ ලොකුවට ආර්ථික මොඩලය උසස් යැයි කියා ගන්නා ඇමරිකාව පවා වත්මනයේ මුහුණ දී ඇති ආර්ථික අවපාතය දරා ගත නොහැකි මට්ටමේ සිටිනවා.
      අපි තුන්වෙනි ලෝකේ රටක්. බොහෝ දුප්පත් මිනිසුන් සිටිනවා. ඔවුන් දකිනුයේ ඩොලර් නොව රුපියල් ය. රජයේ වර්ග කිරීම (නිර්ණායකය) අනුව රු 3,612/- (ඇ ඩො 29) කට වඩා උපයනවානම් පොසතුන් වෙනවා. මේවණ් ආදායමක් ඇති ජනතාවට අදත් යන්තමින් හෝ ජීවිත ගැට ගසා ගැනීමට හැකි වී ඇත්තේ රජයේ රෝහල, පාසල, අනෙකුත් කන්තෝරු (ඒවායේ ඇති විෂමතා වෙනම මාතෘකාවක්). මෙහේ ජීවත් වෙන ජනතාව හොඳින් දන්නවා පෞද්ගලීකරණය වූ ආයතනවලින් විධි දුක් පීඩා. අඩුම ගානේ අයිඕසී එකට අඩුවෙන් රුපියලක් හෝ අඩුවෙන් තෙල් ගනුයේ සෙපෙට්කෝ මහත්තයාගෙන්. අපි තවමත් දඟලනුයේ එම ආයතන නියමිත පරිදි ව්‍යුහගතකර පවත්වාගෙන යන්නයි. මන්ද, රටේ සුළු දෙනෙකුගේ නොව බහුතරයකගේ හද ගැසෙනා රාවය අපට හොඳින් වැටහෙනවා.
      ඇමරිකන්, චීන මොඩලයට හෝ වෙනත් කිසිම රටක මොඩලයට මෙය තේරෙනුයේ නැත. අරයා මෙසේ කීවා, මෙයා මෙසේ කීවා කියා අර්ථ දැක්වීම් සිදු වුවද භාවිතය සහ න්‍යාය යනු දෙකක්.
      අපේ රටේ සිටිනා පාලකයින් ජනතාව දෝලනය කළ යුතු ආකාරය හොඳින් හඳුනනවා. එබැවින් නොනවතින දේශපාලන ගමනක යෙදී සිටිනවා. නමුත්, රටේ දේශපාලනය, ආර්ථිකය හැඩගැසිය යුත්තේ ඒ රටට ගැලපෙන ආකාරයකට මිසක, වෙනත් රටට අවශ්‍යතාවයකට නොව.
      කලක් ඇමරිකාවට සමාජවාදය බරපතල ගැටලුවක් බවට පත් වූවා. පසුව එය මුස්ලිම් ව්‍යාප්තවාදයට දෝලනය වූවා. දැන් නැවතත් සමාජවාදය ද ඔහුන්ට ගැටලුවක් වී ඇති බවද අප තේරුම් ගත යුතුය. එය ලතින් ඇමරිකා නැඟිටීම හරහා වඩාත් පිළිබිඹු වූවා. අවම වශයෙන් සමාජවාදයට හිස ඔසවයි කියා සිතෙන සෑම රටකටම ජී.එස්.පී. වැනි සහන සහ ණය (කොන්දේසි සමඟ) ලබා දෙමින් ඔහුන් ධනේශ්වරයේ ගිල්වන්න වෙර දැරීම අප අවබොධකර ගත යුතුය.

      Delete
    8. // අපේ රටේ සිටිනා පාලකයින් ජනතාව දෝලනය කළ යුතු ආකාරය හොඳින් හඳුනනවා. //
      මා මෙසේ කීයුවේ දේශපාලකයන් හරක් නොවේ ය කියා නොවේ ය. ජනතාව අල්ලේ නැටවීම ගැනය.

      Delete
    9. මේ ලියන්නේ Nirmala Madushani නම් කෙනාද ජනතා විමුක්ති පෙරමුණේ කවුරු හරිද එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක් මුලින් නිර්මලා මධුෂානි ලෙස කරලියට බැස්සද? බොරු නම් වලින් එන්න මේ සංවිධානය හරි දක්ෂයි. එක පාරටම ජනතා විමුක්ති පෙරමුණේ අය සහ අඳ බැහැපු වම්මු කට පාඩම් කරගෙන ක ගිරව් වගේ කියන මෝඩ කතා ටික කට් ඇන්ඩ් පේස්ට් කරලා දාල තියෙන්නේ.

      Delete
    10. මෙහෙමයි නිර්මලා මමත් අරුණිත් එක්ක මරාගන්නේ ඔයිට සමාන අදහසකට, රජයෙන් නොමිලේ දීම හා ව්‍යාපාර කිරීම මම අනුමත කරන්නෙ නෑ. නමුත් එයින් අපට එක පාරටම මිදෙන්නත් බෑ. අනිවාර්ය නියාමනයක් හා විමසිලිවන්ත බාවයක් අවශ්‍යමයි. දැක්කනේ ලංකාවේ හොඳම පෞද්ගලික ව්‍යාපාරිකයා කරපු දේ. ආයෝජකයෝ කියලා ඇවිල්ලා, හම්බකරගත්තයින් පස්සෙ කී දෙනෙක් නම් පැනලා ගියාද. නමුත් මේ තියෙන උදේ 9.30 ට පටන් අරන් 4.00 ට ගෙදර යන රාජ්‍ය සේවයකින් ඒ දේ ලබාගන්න බෑ. ඒකත් රාජ්‍ය මැදිහත්වීමෙන්. පිටරට සමාගමකට දෙන්න ඕන. අපේ උන් නම් කම්බ හොරු සහ රජ කම්මැලියෝ.

      Delete
    11. එකපාරටම නින්දෙන් අවදිවවූවා මෙන් මෝඩ වාමාංශික ජනතා විමුක්ති පෙරමුණේ ට්‍රේඩ් මාර්ක් අදහස් වමාරන්නට ගැනීම නිසා නිරමලා කියන දේවල් වල වලංගුතාවය පිලිබඳ මට සැකයි. අර වගේ දක්ෂ සංවේදී ලිපි ලියපු නිර්මලා නමින් පෙනී සිටින තරුණ ගැහැණිය එක පාරටම අටුවන් බැහැපු වමේ අදහස් සහ 80 70 දශකයේ ජේ වී පී සහ වාමාංශික ශබ්ද කෝෂ වල තිබුන වචන වමාරන්නට ගැනීම අරුමයකි. ඔබ කවුද? අර පින්තුර වල ඉන්න තරුණිය නම් මෙවැනි කතා කිව හැකි වයසක කෙනෙක් නොවෙයි. රාමචන්ද්‍ර හෝ පැරකුම් වැනි කෙනෙකු අතින් කියවෙන දේවල් 80 දශකයේ උපත ලබුවයී සිතිය හැකි තරුණියක් කීම සැක කටයුතු කාරණයකි

      Delete
    12. අවුලක් නෑ උදිත.. මේ නිර්මලාම තමෞඉ කියලා හිතාගමු. මම දැක්කා ඇය තැනක කියා තිබුනා ඇයත් ඇනෝ කෙනෙක් කියා. විහිළුවට කිව්වද ඇත්තට කිව්වද දන්නෙ නෑ. නමුත් ඇය විනයක් ඇතුව සංවාදයේ යෙදෙනවා. උඹත් කොක්කටම නේ එන්නේ... ජෙප්පොත් ඉන්ට එපෑ බං....

      Delete
    13. //නමුත් එයින් අපට එක පාරටම මිදෙන්නත් බෑ. අනිවාර්ය නියාමනයක් හා විමසිලිවන්ත බාවයක් අවශ්‍යමයි.//
      මාතලන් වැඩේ තියෙන්නේ ඔන්න ඔය දෙය තමයි මම හැමතිස්සෙම කියන්නේ පුද්ගලික කරණය සහ ව්වෘත ආර්ථිකය අසාර්ථක වෙන්නේ රටේ නීති රාමුව හා ආයතිනක ප්‍රතිසංස්කරණ නොකර පුද්ගලික කරණය ඊට කලින් කරපු නිසයි. නැතිව පුද්ගලික අංශය අප්සට් හින්ද නොවෙයි. නිර්මලා වැනි අය මීක ඔලුවෙන් හිටගෙන අල්ල ගන්නේ අනික් පැත්තට.
      අසාර්ථක ක්‍රමයක් වූ රාජ්‍යය අසාර්ථක ක්‍රමයක් යන ලොව අත්දුටු සත්‍ය දකිනවා වෙනුවට නිර්මලා හිතන්නේ මෙය රාජ්‍ය ව්‍යාපාර කිරීමේ ගැටළුවක් නොව කරන නරක මිනිසුන්ගේ ගැටළුවක් බවයි.මේ නරක රාජපක්ෂලා වෙනුවට හොඳ ජනතා විමුක්ති පෙරමුණේ අයට රාජ්‍ය ආයතන කාරනා දුන්නොත් ලොව අනෙකුත් රටවල් පරයා ගොස් ලෙනින් ටත් කරන්න බැරි වූ දෙය අපිට කල හැකි බවයි. මෙය පරණ වම්මුන්ගේ මිථ්‍යාවකි.
      ටෙලිකොම් එක සම්පුර්ණ රජයට අයිති සංස්ථාවක් කරලා පුද්ගලික අංශය වහල දැම්මොත් රටේ විදුලිසන්දේශනය කොහොමට තියේවිද ? රාජ්‍ය බැංකු විතරක් තියන ලංකාව කොහොම වේවිද?

      Delete
    14. ඉතින් බන් ඕකට ආගවි කරන්න දෙයක් නෑනේ. ඉස්සට ටැලිපෝන් එකක් ගන්න ඇමතිගෙන් ලියුමක් ගෙනිහිල්ලත් බෑ. දැන් ගෙදරට ලියුම් එවනවා මෝබිටෙල්, පියෝ ටීවී මෙගා ලයින් ගන්න කියලා. එදත් අපිට මළවදේ, අදත් අපිට මලවදේ... හික් හික්.. පේනවනේ වෙනස... නිර්මලාලා තාම පරණ පොත් පහද දන්නෙ නෑනේ කියවන්නේ. අර අරුණි එවන පොතක් දෙකක් නිර්මලාටත් යවමු..

      Delete
    15. උදිත මෙන්ම මාතලන් ද මා එක් පක්ෂයකට තල්ලු කරවීම හෙවත්, මතයක් බැහැරකරවීමේ පහසුම ක්‍රමය තෝරා ගැනීම පිළිබඳව කනගාඩු වෙමි. ස්වයං විවේචනයක් කලෝත් හොඳය කියා සිතනවා. බයට නෙව.
      උදිතට,
      මගේ නම 100% ඇත්ත ද බොරුද කියන එක කියන්න මා බැඳී නැහැ. නමුත් 100%ක් බොරු නොවේ. නමුත්, මා, ඔබ පෙනී සිටිනා එජාපය (රනිල් පාක්ෂික හෝ සජිත් පාක්ෂික), ඇමරිකන් මොඩලය හෝ සන්ධානය, ජවිපේ, පෙරටු හෝ නොවන බව දනිමි. එය මා තරම් වෙන කිසිවෙකු දැන ගැනීමේ හැකියාවක් නැහැ. අනාගතයේ දී කිසියම් දේශපාලනයකට පෙළබේවිද කියා කියන්න බැහැ. එසේ උවහොත් දන්වන්නම්. ඒ දේශපාලනයට ඇති උණ හේතුවෙනි. එය කිසිවක් සොරා ගැනීමේ හෝ වංචාවකට නොවන බව මට පැහැදිලිය. නමුත්, පක්ෂයකට ඇද දමා ඒ ඒ අදාල පක්ෂ කෙරේ මෙය කියවන අයගේ ඇති ඇලජික්කම හෝ අසතුට උපයෝගි කරගෙන තම මතය තහවුරු කරගන්න බොළඳ උත්සාහයක් ගන්නවානම් එය උසස් දේශපාලන දර්ශනයක් නොවිය හැකිය. නමුත් වචන දෙකක් නැහැ, මම වාමාංශික අදහස් සහිතයි. මට එජාප, ජවිපෙ, පෙරටු විවේචනය කිරීමේ අවශ්‍යතාවයක් නැත. මන්ද රටේ ඇතිව ඇති තත්වය අනුව විපක්ෂ අඩපන වන අයුරින් වැඩ කිරීමට මා අකමැති වෙමි. එහෙත් මා බ්ලොග් අවකාශයේ නිර්දේශපාලනික නොවෙමි.
      මා ජවිපෙ, එජාපය, සන්ධානය යන පක්ෂ සියල්ල හඳුනමි. මේ සියලු පක්ෂවල සමහර වැඩ වලටද දායක වී ඇත. එය මාගේ රැකියාව අනුව කළ හැකි දෙයකි (රැකියාව මෙතනට අවශ්‍ය නොවේ) එබැවින් මා ඔහුන් ගැන සහ ඔහුන් එකිනෙකා අතර සිදුවන දේ ගැන හොඳන් දනී. මා එක් පැත්තක දේ පමණක් ඉගෙන ගෙන එය මතුරනුයේ නැහැ. නමුත්, මාගේ බොහෝ අදහස් ජවිපෙ හෝ පෙරටුගාමී හෝ ලඟින් යනවා කියන එක මාගේ වරදක් නොවේ.
      එකම පැණි දොඩම් ගෙඩියක බීජ වලින් දොඩම් ගස් හට ගනී. දකින සැවෝම අන්න පැණි දොඩම් ගස් යැයි කියයි. නමුත් පල දරන විට ප්‍රතිඵලය වෙනස් විය හැකිය.
      //එක පාරටම ජනතා විමුක්ති පෙරමුණේ අය සහ අඳ බැහැපු වම්මු කට පාඩම් කරගෙන ක ගිරව් වගේ කියන මෝඩ කතා ටික කට් ඇන්ඩ් පේස්ට් කරලා දාල තියෙන්නේ.// මා කැමැතියි මා නොදන්නා එකී උපුටා ගැනීම බලන්න. තවද, ගිරවු සේ ඔවුන් කිසියම් කතාවක් කියනවාද? මොනවාද කියන්නේ යන්න පාරම්පරික සිතුවිලිවලින් බැහැරව මට සවන්දිය හැකියි.
      //බොරු නම් වලින් එන්න මේ සංවිධානය හරි දක්ෂයි.// එක ඔවුන්ට කියන්න. ඔවුන්ගේ සයිට් තියනවානේ. පොඩ්ඩක් කියලා බලන්න.
      //ටෙලිකොම් එක සම්පුර්ණ රජයට අයිති සංස්ථාවක් කරලා පුද්ගලික අංශය වහල දැම්මොත් රටේ විදුලිසන්දේශනය කොහොමට තියේවිද ? රාජ්‍ය බැංකු විතරක් තියන ලංකාව කොහොම වේවිද?//
      මේ සියල්ල විකුණා දැමුවහොත් කොහොම තියේවිද...?
      තව දෙයක්. ඔයාලාගේම වචනයෙන් කියනවානම් මා “පොර ටෝක්“ ද දී නැත. එමෙන්ම ඔබේ (උදිත)සමහරක් අදහස් වෛරී සහගතයි. තවත් විටක අසෝබනයි. එය ඔබේ පෞරුෂයට නොගැලපේ යැයි කියා සිතනවා. ඔබ පෙනී සිටින දේශපාලන පක්ෂයේ පැතිකඩක් ඉන් නිරූපණය කරනවා. අද මතයක් ලෙස ඇති වෛරය, බලය ලැබුණදාට වදකාගාර තුළ ක්‍රියාත්මක වන බව නොසිතන්න පුළුවන් අයෙක් නොසිටී කියා මා සිතනුයේ නැහැ.

      Delete
    16. මාතලන්ට
      //ඇනෝ කෙනෙක්// ඇත්ත. මාගේ එකවුන්ට් එක හරහා ගිය එකකි. නමුත් අත් වැරදීමකි. අත්වැරැදීමක් කියුවද යහළුවෙකුගේ සිතා මතා වැඩකි. එහෙත්මා මාගේ පෞද්ගලිකත්වය 100% හෙලි කරනුයේ නැත. එය වර්තමානයට නොගැලපේ. අන් බොහෝ දෙනා ද මා සිතනුයේ 100% විවෘත නැතුව ඇතිය කියා. කිසි විටක මා කොමන්ට් බොක්ස් එකේ සටහන් කර සෙන්ඩ් කරනුයේ නැත.
      //නමුත් ඇය විනයක් ඇතුව සංවාදයේ // ඔබ හරි. මා කිසිම තැනක උඹ කියන වදන හෝ පල කර නැහැ. නමුත්, මට එසේ කතා කර තිබෙනවා. මා ෆේස් බුක් වලදී එවැනි අය අන්ෆේන්ඩ් කර ඉවත්කර තිබෙනවා. මා සංවාදයට එළැබෙන අයෙකුට වෛරය මුදා හැර නැත. වට දෙක කට වඩා සංවාද වලදී සිය තැමැත්තෙන් ඉල්ලා අස්වෙනවා. ඒ පරාජයට හෝ අනෙකාට දිණුම දීමට බිය නොව. ප්‍රතිඵලය වෙනකක් වන නිසා. කිහිප දෙනෙක් එය නොහැකියාව කියා සිතනවා විය හැකියි. අවම වශයෙන් දේශපාලකයන්ට පවා මා බොහෝ විට පාලකයා යන නම භාවිත කර තිබෙනවා.
      ඔබ විසින් සමහර අවස්තාවල ලියූ Sex පාදක ලිපිවල මා කොමන්ට් කර නැහැ. මා මට සිතුන අවස්තාවල පමණයි කොමන්ඩ් කර තිබෙනුයේ. ඉබාගාතේ ලිවීම, කොමන්ට් කිරීම මා අරමුණු කරගෙන නැහැ.
      //ජෙප්පොත් ඉන්ට එපෑ බං// ජවිපෙ සිටීම හෝ නොසිටීම ඔහුන්ගේ වැඩ අනුව තීරණය වේ. නමුත්, මා සිතනුයේ මිනිස්සු ජීවත්වෙන්න එපායෑ කියන දෙයයි. ඔබ මාගේ ෆේස් බුක් ලැයිස්තුවේ සිටී. ඔබට හැකිනම් පරික්ෂාකර එකදු හෝ ජවිපෙ, පෙරටු, සංධාන, එජාප promote කිරීමක් පෙන්වන්න. එකදු නායකයෙකු promote කිරීමක් පෙන්වන්න. නමුත්, මට වෙන වෙන අය tag කර ඇති ඒවා නොවේ. මා එවැනි ටැග් කිරීම්වල අනවශ්‍ය ටැග් ඉවත්කර තිබෙනවා. එනිසා මා කැමතියි මට අදාල චෝදනා ඉවත්කර ගන්නවාට. මාගේ FB වල UNP සහ සන්ධානේ අයත් බොහෝ සිටිනවා. මා UNP අඩවි වලට Tag කිරිම් ද කර තිබෙනවා. කිහිපදෙනෙක් තමන්ගේ අඩවි වලට ටැග් කරන්න කියා ඉල්ලාත් තිබෙනවා. මා මුලදී අනුන්ගේ බ්ලොග් වලට ලියුවා. එහෙත් ඔහුන් දේශපාලන තීරුවකට දෝලනය වන බැවින්, මා ඉවත්වූවා. ඒ සියල්ල මාගේ නම් වලින් ගියේ නැහැ. මට අවශ්‍ය මාගේ මතය සමාජයට ගෙන යාමට. එබැවින් මා ටැග් කරනු ලැබුවා. සින්ඩිවල යෙදුවා. මට අවශ්‍ය වූයේ පුද්ගල ප්‍රතිරූපයක් සාදා ගැනීමට නොවේ.
      UNP, ජවිපෙ සම්බන් කර ගත්තානම් මට බ්ලොග් ප්‍රකාශකර ගැනීම ඉතා පහසුයි. නමුත් එවැනි උණක් නැහැ. මේ ලියවෙන්නේ තවත් පුරවැසියෙකුගේ ලිපියක් වන බැවින්, සියලු දේශපාලන අරමුණු වලින් ලියන අය අවධානය ලක් කර ගන්නවානම් හොඳයි කියා සිතමි. තම මතයේ අදහස් පමණක් අවැසි නම්, එය ඔබට අදාලයි.
      මා බ්ලාගේ ලියන විට ඒ ගැන හරියට දැනගෙන සිටියේද නැත. මට බ්ලොග් හිතවතුන්මයි කියා දී තිබෙනුයේ. විටෙක මා ඔබෙන් ද උදවු ඉල්ලා තිබෙනවා.
      මා එක තැනක ජවිපෙ සොයුරියකගේ මරණය ගැන ලියා තිබෙනවා. එය එතනින් කෙටියෙන් ලියා අවසන් කළ ද ඇය ගැන වර්ණා කළයුතු කරුණු බොහෝය. නමුත්, එයද ජවිපෙ ගොඩට වැටීමට හේතුවක් නොවේ. නමුත්, මට පූර්ණ ක්‍රියාකාරී එවැනි ගති ගුණ ඇති අයෙකු එජාපය තුළ හමුවී නැති බව මා හොඳින් දනිමි.
      කිසියම් අයුරිකින් මාගේ අදහස් නොගැලපේ කියා කියනවානම්, ඔබ වේදීකාවට ඊට අවනත අදහස් පමණනම් අවශ්‍යනම්, මා නැවත කොමන්ට් කිරීමට අදහස් කරනුයේ නැහැ. නමුත් මා සිතනවා අරුණී මෙන්, මාතලන් අඩවිය වාරණයක් නැතිය කියා.
      අරුණීගේ පොත් මට අවශ්‍ය නොවේ. මා ඇය පෙරළන පොත තේරුම් ගනු ලැබුවා දිනක් ඇය සමඟ ගිය අදහස් හුවමාරුවේ දී. ජවිපෙ පොත් ද මට අවශ්‍ය නොවේ. අවශ්‍යනම් ලබා ගත හැකිය. එකී පොත් සහ මාගේ අදහස් වෙනස් බව ඔබ එම පොත් කියවා ඇතිනම් වටහා ගනීවි. මා බ්ලොග් අවකාශයේ තවත වසර 1-2 කට වඩා කාලයක් සිටිනුයේ නැත. නමුත් මා ඊට පසුව තව වසර කිහිපයකින් පොතක් එළි දක්වනවා. තවම අදහසක් පමණී. පුවත්පත්වලට ලියා ඇත. මාගේ බ්ලොග් සයිට් එක සහ FB පේජ් එක නවත්වනුයේ නැහැ. එය මා නැවතූ තැනින් ආරම්භ කිරීමට වෙනත් අයෙකුට පවරනවා. නමුත්, මාගේ නමින් එවිට නො ඒවි.

      Delete
    17. මා බ්ලොග් අවකාශයට පැමිණියේ මාගේ අදහස් සමඟයි. මා වැල් වටාරම් ගොතන්න මෙතනට පැමිණියේ නැහැ. මට කාලය / නිදහස ඇත. හේතුව, මා අකාර්යක්ෂම රජයක සේවය කරන බැවින්. මාගෙන් සේවයට අඩුපාඩුවක් වී නැත. නමුත්, රජය කාර්යක්ෂමනම් මීට වඩා රටට සේවයක් අපෙන් ගත හැකිය. එය නොකරන රජයකට කියා දීම පුරවැසියෙකුගේ යුතුකමක් සේ සිතමි. අමතක කරන්න එපා මාතලන් ඔබද, “මිනිසුන් විවිධයි“ ඉතා අතලොස්සක් මේ වාගේ අයත් සිටිනවාකියා. අනුන් වෙනුවෙන් කහිනවාට වඩා. තම කැස්සට කහින එක හොඳයි කියා මා සිතනවා. එවිට කාගේවත් කැහි සෙම ගාගන්න වෙන්නේ නැහැ. උදිතට වී ඇත්තේ එයයි. අතීත සිදුවීමක් මතක් කළහොත් ඔහුට කේන්තිය දරා ගත නොහැක. “සමාජවාදය“ වචනය ඇසුනෝත් ගොන් පොරයක හරකෙකුට රතු රෙදි කැබැල්ලක් දුටුවා මෙනි. (අපහාසයක් නොව)
      මාතලන් - ඔබ මට වඩා වැඩිමහල් බව දනිමි. “මාතලන්“ යනු ඔබේ අනුවර්ක නාමයක් වන බැවින් නම කියා කතා කරමි. නැතිනම් අයියේ කියා කීමට මා අපොහෝසත් නොවෙමි. ඔබ එජාපයට කැමැති අයෙකු විය යුතුය. නමුත්, මධ්‍යස්ථව ගැටලු දෙස බලනවා. සැබවින්ම විය යුත්තේ එයයි. එක් එක් අයගේ දේශපාලන දැක්මෙන් නොව අප මත බැහැර කළ යුත්තේ. දේශපාලනය කළ යුත්තේ සියලුම මිනිසුන් සමඟයි. තම පාක්ෂිකයන් සමඟ පමණක් නොවන බව ඔබට වැටහේ. උදිතට අවශ්‍ය තම පාක්ෂීකයන් පමණක් විය යුතුය.
      ඔබගේ වේදිකාවේ මාගේ අදහසට ඉඩක් ලැබීම පිළිබව ස්තූති වන්ත වෙමි.
      තවද, මාගේ අදහස් යම් ප්‍රමාණයකට හෝ ආන්දෝලනයට ලක් වීම පිළිබඳව මා සතුටු වෙමි.
      ස්තූතියි ෴

      Delete
    18. නිර්මලා. මගේ ලිවිමේ ඉස්ටයිල් එක එයයි. මම කිසිම දෙයක් සිතේ තබාගෙන සිටිනා කෙනෙකු නොවේ. මා නිර්ධය විවේච්නයට ලක් වූවද මා කිසිම කෙනෙකු ඒ ආකාරයෙන් විවේච්නය කර නැත. මා කිසිම කෙනෙකුන් හෝ වෛරක්කාරයන් වනවා දක්නට් කිසිසේත්ම කැමති නැත. එම නිසයි තරමක විහිළු සහගත කොමෙන්ටුවක් පල කලේ එයින් ඔඹට යම් කිසි සිත් රිදීමක් වූවා නම් සමාවන්න. අද ළොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හාශ්‍යය කියන දේ නොතේරීමයි. ලේ රත් කරගෙන විවාදයේ යෙදෙනවාට වඩා, අප සංස්කෘතියෙ අංගයක් වන කවටකම් වලින් එහෙම නැත්නම් වගෙන් ඔරෝ භාෂාවෙන් කතාකිරිම කිසියම් නිවීමක් ඇති කරනා බව මගේ අදහසයි. ඒ වගේම මා සංවාදයට කැමති කෙනෙක්.

      සෙක්ස් ප්‍රශ්ණය ගැන උනත් එහෙමයි. මේ බ්ලොග් එකෙන් ඇත්තටම මම මා දකිනවා. මට කොයිම වෙලාවකවත් ප්‍රභුද්ධ පුදගලයකු ලෙස පෙනි සිටීමට අවශ්‍ය නෑ. මන්ද ඔය ප්‍රභුද්ධ යැයි කියනා අය හැසිරෙන්නෙත් අපි වගේමයි. ඒත් ඔවුන් සමාජය ඉදිරියේ රඟපෑමක යෙදෙනවා. මම කොහොමත් ඕමාර් කයියාම් දර්ශනය අදහන කෙනෙක්. ඒ වගේම මා තුල බොහෝ චරිත ජීවත් වනවා. නමුත් එ චරිත සමාජයට, රටට පවුලට බරක් වන චරිත නම් නොවේ. විශේෂයෙන් කිව යුතුව ඇත්තේ. මා පොරක් නොවේ යන්නයි. කිසිම ඉරිසියාවක් නැති පුද්ගලයකු යන්නයි. මට ඔබ මෙන්ම උදිතත්, අරුණිත් බ්ලොග් මිතුරන්. හැමෝම එක වගේ සිතනවානම්. ඒ ළෝකය ලස්සන නෑ යන්න මගේ අදහසයි.

      එජාපය ගැන. ඔව් අවංකව කෙලින් කතා කරනවානම්. මා කවදත් එජාපයට කැමතියි. කලක් මා යාවජීව සාමාජිකයෙක්, එහෙත් පාතලයන් පක්ෂය හා එක්වීමත් සමග එයින් ඉවත්වූ කෙනෙක්. ඒ වගේම වත්මනෙහි මා පෙනි සිටින්නේ රනිල් වෙනුවෙන්. ඒ කියා ජවිපෙ නැති භංගස්ථාන වේවා කියා පැතුමක් මගේ නෑ. මේ රටේ කාළකන්නි දේශපාලන ක්‍රමය අනුව ජවිපෙයක් හා කොටීන් බිහි නොවූවානම් තමයි පුදුම විය යුත්තේ. අනාගතයේත් නැවත් ඔවුන් මතුවේවි. මේ ලෙස ගියොත්නම්. නිර්මලා නැවතත් කියන්නෙ විහිලුව ඇස් රතුවන විහිලුවක් වූවානම් සමාවන්න. මා දිගටම ඔබව අගය කරමි. බ්ලොග් ළෝකයට අවශ්‍ය ඔබ වැනි අයයි.

      උදිත ගැන.. උදිත හා අරුණි පමණක් නොව ඇල්කේමියා බුවා සහ පැරා අළුතෙන් ලියන කීප දෙනෙක්ද (දේශපාලන ළිපි.) මගේ ප්‍රියතමයන්. එයින් උදිත හා අරුණි ඇමරිකාවේ සිට ලියමින් ඒ වෙනුවෙන් පෙනි සිටිනා දෙදෙනෙක්. ඔවුන් නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ඒත් වාමංශික පැරා කොමෙන්ට්ස් සඳහා දෙන නිදහස, අර දෙන්නා දෙන්නේ නෑ. කියයි කුණුහබ්බ ලියනවා කියලා ඒත් ඉතින් ඒවා පස්සෙ මකලා දාන්න පුළුවන්නේ. ඔය අපේ ගාඩ්න් එකෙත් ගේට්ටුව ඇරලා තිබ්බහම වල් බල්ලෝ රීලා යනවා, ගන්දස්කාරේ බෑ. ඒ වෙලාවට ඉතින් නහය වහගෙන සවලෙන් අරන් විසි කරනවා. ඒ අතර තුරේ දකින් ඕන කෙනෙක් දන්නවා මේක බල්ලෙක්ගේ වැඩක් කියලා. (එතන මට ගැටලුවක් තියෙනවා. දැන් ඒ දෙන්නා මා එක්ක පැටලෙයිද දන්නෙ නෑ.)

      Delete
    19. This comment has been removed by the author.

      Delete
    20. මා කරනු ලැබුවේ සවයං විවේචනයකි. ඔබගේ අදහස් වෙනුවෙන් කරුණු දැක්විය. එහෙත්, මා උදිතව විවේචනය කරමි.
      උදිතගේ ඇත්තේ ධනවාදී ආකල්ප උවද, අරුණීගේ ඇත්තේ (මට දැනෙනා අයුරු) ධනේශ්වර ආකල්පයන්ට වඩා ඇමරිකන් ව්‍යාප්තවාදයක්. නමුත් ඇය බුද්ධිමත් කියා මා පිළිගන්නවා. බුද්ධිය පංසලේ හාමුදුරුවන්ටත් ඇත, පල්ලියේ පියතුමන්ටත් ඇත. නමුත් මේ දෙකෙන් එකයි ඇත්ත. නැතිනම් දෙකම බොරු. එසෙත් නැතිනම් අපි ආගම් දෙකම සත්‍යයි කියමු. (අදහසක් පමණයි)
      ඇය ඉදිරිපත් කළ තර්ක වලට මා පෙර පිළිතුරු බැඳ තිබූ නමුත් එම අදහස් වාරණයකට ලක් කළා. අපි අපේ මතය කෙසේ හෝ සපථ කරනවානම් එය තව කෙනෙකු ඇන්දවීමකි. මා අදහස් වාරණය කරනුයේ සමාජයට ඉදිරිපත් කිරීම සඳහා නොගැලපෙන තත්ත්වයේනම් පමණී. එවැනි එක් අදහසක් පමණයි මේ දක්වා ඇවිත් ඇත්තේ.
      මට කීමට බැරි වූ දෙයක් ඇත,
      උදිත කියා තිබුණා,
      //නිර්මලා නමින් පෙනී සිටින තරුණ ගැහැණිය එක පාරටම අටුවන් බැහැපු වමේ අදහස් සහ 80 70 දශකයේ ජේ වී පී සහ වාමාංශික ශබ්ද කෝෂ වල තිබුණ වචන වමාරන්නට ගැනීම අරුමයකි. ඔබ කවුද? අර පින්තුර වල ඉන්න තරුණිය නම් මෙවැනි කතා කිව හැකි වයසක කෙනෙක් නොවෙයි//
      එය ඔහුගේ වටහා ගැනීමේ අවකාශයේ සීමාවයි. (පහත සටහන ඔහු සඳහා පමණී)
      බුදුන්රජාණන් වහන්සේ හෝ ජේසුස් වහන්සේ හෝ මේ ලොව බිහි වූවේ යැයි කියනුයේ අප ඊට පෙර ඉපදී සිටිය නිසා නොව.
      මා කේෂ්ත්‍ර ගණනවක අධ්‍යයන කර ඇත. ‘පුවත්‘ විෂය මට ගෝචර දෙයක් නොව. නමුත් මට ලිවීමේ සහ කථා කිරීමේ හැකියාව ඇත.
      සැළලිහිණි සංදේශය රචනා කළ තොරගමුවේ ශ්‍රී රාහුල හිමි ගණිකාවන් වර්ණා කරන ලද බැවින් උන් වහන්සේ දුශ්ශීල යැයි රජු හමුවේ ප්‍රකාශ විය. රජු කියා සිටියේ හිමිනම දුරාචාරයේ නොගියේනම් ඒ ගැන කියන්නේ කෙසේද කියා ය. නමුත් රාහුල හිමි අසූචි සහ මළ කෑ කඩුවක් ගෙන්වා ගන්නා ලදී. රජුට අසූචි ඇඹුල් රසයැයි කීය. එය පෙන්වීම සඳහා කඩුව අසූචිවල අතුල්ලා රෙදි කඩකින් කඩුව පිස දැමුවේය. කඩුවේ තිබූ බොහෝ මල ඉවත්විය. “රජතුමණි, මා අසූචි නොකා එය ඇඹුල් රසයැයි කීවෙමි. අසූචි නොකා එය රජතුමාට ඔප්පු කර මෙසේ පෙන්විය හැකිය.“ ඇඹුල් හෙවත් අසූචියේ ආම්ලිකතාවය නැතිනම් PH අඩු අගය හේතුවෙන් කඩුවේ මළ ඉවත් කිරීමට සමත්විය.
      කිසියම් දෙයක් ගැන උදිතලා වාද කරන්නේ නම් “මොඩ වම්මු“ යන වචනය පමණක් පාඩම් නොකර, එහි හරයත් විවෘත මනසින් හිසට ගත යුතුය. නැතිනම් ඔහු සමඟ ඕනම කෙනෙකු කරන සංවාද අවසන් වනුයේ මේ ආකාරයෙනි.

      ඔබට ස්තුතියි අවස්තාව සලසා දුන්නාට ෴

      Delete
  13. පෙට්ට්‍රල් හරාම් / ඩීසල් හලාල්..

    ගණන් අඩුම එක නේද හොද වෙන්නෝනි...

    එදා උදේම මම පන්දාහක පෙට්ට්‍රල් ගැහුවා තරහට !

    ReplyDelete
    Replies
    1. ඩීසල් වාහනේට????

      Delete
    2. බැරල් ටිකක් අරගෙන පුරවලා වත්ත වටේ වලලලා තියපන්. ළඟදීම 200 කරනවා. එදාට උඹත් බිලියනයර් කෙනෙක් වෙනවා. දැන් තියෙන තත්වෙ අනුව රත්තරන්, ඩොලර් තියාගන්නවට වඩා පැස්ටෝල් ටිකක් එකතු කර ගත්ත නම් බඩුම තමයි...

      Delete
  14. ආයෙත් උත්සාහයක් ගන්න හිතුවා ආර්ථික ඝාතකයා කවුදැයි පැහැදිලි කරන්න. මොකද අද පත්තරේක ආචාර්ය? හර්ෂ ද සිල්වා ද ලංකාවේ තියෙන්නෙ වෙළඳපොල ආර්ථිකයක් කියන ගමන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සැලසුම්කරණයෙන් නාවුක, ගුවන්, දැනුම, වානිජ්‍ය හා ඉන්ධන hubs හදන පිළිවෙත් ගැන කියනවා.

    වෙළඳපොල ආර්ථිකයක් කියන්නේ ආණ්ඩුවක් විසින් දියුණු කරන්නේ මොන ක්ෂේත්‍රයන් දැයි තීරණය කරන්නක් නෙමෙයි. වෙළඳපොල විසින් දියුණු කරන්නේ මොන ක්ෂේත්‍ර දැයි තීරණය කරන්නක් තමයි වෙළඳපොල ආර්ථිකයක් වෙන්නේ.

    කවුද වෙළඳපොල? රටේ ඉන්නා සියළුම පාරිභෝගිකයන්.

    හැම පාරිභෝගිකයෙක්ම තමන් ඉන්නා තත්වයේ මදිකමක් දකිනවා. එයට වඩා හොඳ තත්වයක් අත් කරගන්නට මෙහෙම කළාම හැකි යැයි ක්‍රමයක් දකිනවා. එය අත් කරගන්නට උත්සාහයක් ගන්නවා. ඉන්නා තත්වයේ වෙනසක් කරගන්නට හැකියාවක් දකින්නෙ නැත්නම් මිනිසා කිසිවක් කරන්නේ නැහැ.

    යමක් කිරීමත්, නොකිරීමත් දෙකම ආර්ථිකයට බලපාන මිනිස් ක්‍රියාවක්. ඔවුන් කරන ආර්ථික ක්‍රියාවන් වලින් තමයි වෙළඳපොල හැදෙන්නෙ.

    සෑම පාරිභෝගිකයෙක්ටම ආර්ථික ක්‍රියාවලියෙන් තමන්ට වැඩියෙන් වාසියට ලැබෙන එකම තැන එකිනෙකා කරන ගණුදෙනු මැද්දට ආණ්ඩුවක් කඩා පනින්නේ නැත්නම්.

    ආර්ථිකයක් වැඩ කරන්නෙ භාණ්ඩයක මිල කුමක් දැයි දැනගන්න හැකියාව ඇත්නම්. පැට්‍රල් වල මිල උදාහරණයකට ගනිමු. රටේ පිරිසක් පැට්‍රල් එක ගානකට මිල දී ගනිද්දී, තවත් පිරිසකට පැට්‍රල් නොමිලේ නිකුත් වෙනවා, තවත් පිරිසකට සහන මිලකට නිකුත් වෙනවා. දැන් හිතුමතයේ හැදිච්ච බෙදාහරින රෙගුලාසි නිසා රටේ සත්‍යය පැට්‍රල් මිල කුමක් දැයි හදන්න කිසිවෙක් දන්නේ නැහැ.

    අපිට යම් භාණ්ඩයකට පාරිභෝගිකයෙක් දෙන අගය ගණන් කරන්න බැහැ.

    අපිට පුළුවන් එකම දේ යම් භාණ්ඩයකට පාරිභෝගිකයෙක් ගෙවන මිල ගණන් කරන්න විතරයි.

    මිල ගණන් කරන්න වෙළඳපොල දත්ත නැති නිසා බැරි වුනාම, භාණ්ඩ වල මිල ඉහළ යන්නේ ආණ්ඩුව හිතුමතයේ ගෙනෙන රෙගුලාසි නිසා.

    භාණ්ඩ වල මිල ඉහළ යද්දී, ඒ හා සමාන පඩි වැඩි වෙන්නේ නැති වෙද්දී, මිනිසුන්නට ආර්ථික තෝරා ගැනීම් කරන හැකියාව අඩුවී ගිහින් නැතිවෙනවා. මිනිසා එවිට නිෂ්පාදනයන් වගේම පරිභෝජනයන් ද අඩු කරනවා. ප්‍රතිඵලය ආර්ථිකය බංකොළොත්වීම.

    ආර්ථිකයක් බංකොළොත් නොවෙන්නෙ යම් භාණ්ඩයක් වැඩියෙන් පාවිච්චි කරන අය එයට වැඩියෙන් මිල ගෙවද්දී!!! අද වැඩියෙන් මිල ගෙවන්නෙ රටේ බහුතර පාරිභෝගිකයන්. අද අඩුවෙන් මිල ගෙවන්නෙ එය තමන්ට ලැබිය යුතු සහනාධාර හෝ නොමිලේ යැයි කියන රෙගුලාසි පනවන අයයි. ඔවුන්ට එය කළ හැකි වී තියෙන්නෙ භාණ්ඩයක අගය ගැන දන්නවා කියලා භාණ්ඩයේ මිල නොදකින්න ප්‍රතිපත්ති හදලා තියෙන නිසයි.

    එතකොට රටේ ආර්ථික ඝාතකයා යනු මේ වෙළඳපොල මිල කුමක්දැයි හොයාගන්න බැරිවෙන්න බඩුවක මෙහෙම අගයක් තියෙනවා කියන අනුමානයෙන් ඒ බඩුවේ මිල රෙගුලාසි කරන රටේම ආණ්ඩුවයි.

    ReplyDelete
    Replies
    1. අරුණි, (මැඩම්, නෝනේ අනම් මනම් එපා කිව්වනේ.) ලංකාවේ පාරොභෝගිකයා කියන්නෙ කව්ද..? දේශපාලකයින් බුද්ධිමත් ජනතාව ලෙස හඳුන්වන කොටස. අපේ රටේ ඉන්නවා ඡන්දය ප්‍රකාෂය නොකරන විශාල පිරිසක්. මොකක්ද එයාලා දෙන පනිවිඩය. මොකා ආවත් අපිට කමක් නෑ කියන එක. පාරිභෝගියකුට තනියෙන් හඬ නගන්න බෑ. මම දැක්කා ළඟදි බස් එක ස්ලෝ යන්නෙ කියලා ඩ්‍රයිවර්ට ගහපු ගෑණු කෙනෙක් වැලිකඩ යවලා තියෙනවා. ඒ මනුස්සයා එහෙම බේරුණා ඇති. නුගේගොඩ කඩේක කෑම හරි නෑ කියපු පාරිභෝගිකයා, හෝටලේ වහලා, ගහලා ගහලා ඇතුලෙ මරල දැම්මා. පාරොභෝගිකයෝ ඉන්ඩිවිජුවල් සටන් ගෙනිහින් දිනන්න බෑ. ඒ සඳහා සංවිධානය වෙන්න ඕන. ලංකාවේ කවදාවත් කරන්න බැරි දේත් ඕක. මොකෝ අපේ රටේ තියෙන්නේ සංවාදයට වඩා විසංවාදය. මේ කොමෙන්ට් කරන අයගෙන් පේනවනේ මානසිකත්වය මොකක්ද කියලා. අපේ රටේ මිනිස්සු කැමති සුද්දා එන්න ඉස්සර උන්න යුගයට යන්න. ලොක්කට බනින උන් පොඩි උන් වඩාගෙන දුවනවා, ලොක්කට කියලා වඩාගන්න. වතුර ටිකක් බීලා බඩ පුරවගන්නවා.

      සිවිල් සංවිධාන කියලා දෙයක් ඇත්තෙම නෑ. ඔය සමබිම කියලා එකක් තියෙනවා. මොකක්ද කරන්නේ. එයාලත් අවසානේ දේශපාලකයගෙ පිහිට පතනවා. ඉතින් මිනිස්සු සද්ද නැතුව ඉඳලා ආන්ඩු පෙරලනවා. දැන් ඒක කරන්නත් බෑ. මොකෝ සාධාරන ඡන්දයක් තිබ්බෝත් කොමසාරිස්ට ආතතිය හැදෙනවා. ඉතින් එයාගේ ආතතිය වෙනුවෙන්. මුළු රටම පාවාදෙනවා. කොන්ද කෙලින් තියාගෙන හිටියෙ එක්කෙනෙයි. ඒ ගෙදර ගියපි චීප් ජස්ටිස් නෝනා. දැන් තේරෙනව ඇතිනේ ලංකාවේ තත්වේ. ඉතින් පාරිභෝගිකයාට විකල්ප දෙකක් තියෙනවා. එක රනිල් මහත්තයා. දෙක ෆොන්සේකා මහත්තයා. ඒත් තාමත් බුද්ධිමත් ජනතාව ඉන්නේ මහින්ද මහත්තයත් එක්ක.

      එතකොට බඩු මිල විතරක් නෙමෙයි, අපි හිතන්න ඕන හැටි, කන්න බොන්න ඕන හැටි, විනෝද වෙන්න ඕන හැටි, අඳින්න පලදින්න ඕන හැටි, දේශප්‍රේමීද දේශද්‍රෝහීද කියන එක, ඒ විතරක් නෙමෙයි පින්තූරයක් බලලා අඬනවද නැද්ද කියලා තීරණය කරන්නෙ එක පුද්ගලයෙක්, එතකොට තේරෙනවා ඇතිනේ ආර්ථික ඝාතකයා කවුද කියලා. ඉතින් අපි කියනවා වගේ නිළධාරින්ට කියන්න තියෙන්නේ. සෑර් මේ සිස්ටම් එකට ගියොත්, නාමල් සෑර්ට පාලනේ කොරන්න රටක් ඉතිරි වෙන්නෙ නෑ කියලා. දුටුගැමුණුගෙන් පස්සෙත් ආයෙත් රටට කෙල උනානේ, පරාක්‍රමභාහුගෙන් පස්සෙත් රටට කෙල උනානේ. මට පේන්නේ ආශ්චර්ය කෙසේ වෙතත්, මෙයාගෙන පස්සෙ නෙමෙයි ඉඳිද්දිම වෙන්න යන්නෙ ඒ ටික. ආදයමෙන් 80% කටත් වඩා ණය ගෙවනවනම් කොහොමෙයි ජීවත් වන්නේ. මොනවටද මේ තරම් වියදමක් යන්නේ. බබ්බු නලව නලව ඉන්නෙ නැතුව ඒවයි හොයලා බලන්න ඕන. මම ඒකයි කිව්වේ එකම එක බලාපොරොත්තුවයි තියෙන්නේ. එතකන් අපි ලියමු.

      Delete
    2. මාතලන්,
      පාරිභෝගිකයා දේශපාලන හෝ වෙනත් බුද්ධියකින් යුතු වූවෙක් යැයි ද කියා ආර්ථිකයක් හොයන්නේ නැහැ.

      ආර්ථිකයක් පෙන්වන්නේ යම් ආකාරයකට එහි සිද්ධ වෙන කටයුතු නිසා සරුසාර යන, තවත් ආකාරයකට එහි කටයුතු සිද්ධ වෙන නිසා අලාභ හානි වෙන තත්වයක්.

      එක පුද්ගලයෙක් කැමති වුනත් නැති වුනත් එයා භාණ්ඩ සහ සේවා පරිභෝජනයේ යෙදෙනවා නම් වෙළඳපොලට අයත්වෙන්නෙක් හැටියට වෙළඳපොල හසුරවන්නෙක්. එයා ජීවත්වෙන නිසා කරන තෝරාගැනීම් නිසා ස්වභාවයෙන්ම ජීවිත සටනක නියැළෙන්නෙක්. සටන කුමක් දැයි නොදැන සටන් කරන අය කොච්චර ඉන්නවා ද?!!!! නමුත් සටන කුමක් දැයි වටහාගන්නට දැඩි උවමනාවක් ඇති අයම තමයි සටනේ වැඩි බර කරගහන්නේ. අපි ඒ අයට කියා දෙන්න ඕනෑ ජීවිත සටන ජයගත හැකි මාර්ගය පැහැදිලිව. අනිත් අය එන එන රැල්ලට පෙරළෙන අය. ඒ අය ජනප්‍රිය දිනන රැල්ලට හැමදාම එකතුවෙන නිසා ඒ අය ගැන වෙහෙසෙන්න අවශ්‍ය නැහැ.

      Delete
    3. මිනිස්සු දියුණු වෙන්න දන්නවා. නමුත් සෑම දේම රජය හා ගැට ගැහිලා තියෙන්නෙ. මිනිහෙකුට වගාවක් කරන්න බෑ. ග්‍රාමයගේ පටන් හැම් එකාම ලෙඩේ අදිනවා. ව්‍යාපාරයක් පටන් ගන්න බෑ. ප්‍රාදේශිය සභාවේ පටන් ඇමතියා දක්වා කප්පම් ඉල්ලනවා. ඉතින් හොහොමද ජීවන් සටන ජයගන්න ස්වාධීනව නැගිසිටින්නේ. ඒ ඔක්කෝම කරලා පටන් ගත්තා කියමුකෝ. ටැක්ස් කීයක් ගෙවන්න තියෙනවද...? ඔහේ මෙහෙන් ගියපු කාලයට වඩා අද රට ප්‍රපාතයට ගොහින් තියෙන්නේ. මම කියන්නෙ බොරුද කියලා, හිතවතුන්ගෙන් අහන්න බලන්න. මිනිසුන්ට මේකේ වෙනසක් පේන්න නැත්තේ. ඒවා ජීවිතයට ඇබ්සෝබ් වෙලා, පයිත්තියං වෙලා තියෙන්නේ. ඉත්ජින් නම් කුමක් කරමුද. ඒකයි මම කිව්වේ ආර්ථික විප්ලවවාදියෙක් අවශ්‍යයි කියලා. ළොකු පඩියකට ෆිරිනර් කෙනෙක් ගත්තත් අවුලක් නෑ...

      Delete

  15. කොහොම හරි අන්තිමටම මාතලන් ඔය වචන පෙරලි ඉවර
    වෙන්නේ

    " මේ සියල්ලට වගකියන්න ඕනේ , 3 වෙනි ලෝකයේ රටක් විදිහට
    පාඩුවේ රජයට ඉන්න නොදී , සීග්‍ර සංවර්ධනයක් ඕනේ ඕනේ ඕනේ
    කිය කියා ආණ්ඩුව උසි ගන්නපු සාමාන්‍ය ජනතාව "

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් බැරි නෑ. ඒත් මචෝ දැන්නම් කකුළුවෝ හැලියෙන් එළියට පනින්න ට්‍රයි.. ඔය ජනක බන්ඩාර තැන්නකෝන් මහත්තයත් කෑ ගහන්නේ...

      Delete
    2. මතලන්ගේ අදහසට එකඟයි ජේ ආර් ගෙන් පස්සේ අපේ රටට උඹකියන ආර්ථික විප්ලවවාදියෙක් ආවේ නෑ. එකෙන් රට තාම වට වංගු වල ගෙනියනවා. ගෝඨාභය වගේ සරත් ෆොන්සේකා වගේ tough මිනිහෙක්ට ජේ ආර්ට වගේ මොලේ තිබුනනං ගොඩ. රනිල්ට ආර්ථිකය ගෙනියන්න මොලේ තියනවා ඒත් බලය දිනා ගන්න කොන්ද සහ තුන නැහැ. මොලේ සහ කොන්ද දෙකම තියන මිනිහෙක් ඉපදේවා.....

      Delete
    3. දියසේන එනකන් බලන් උන්නා.. ආවා.. ගේමක් දුන්නා.. ඒත් සෙතක් නෑ.. දැන් මං මේ රාවණා එනකන් බලන් ඉන්නවා...

      Delete
    4. සිරාවටම සතුටුයි සහන් මාතලන් උබල මෙ විදිහට එකම පොස්ට් එකක අයෙමත් ඩිස්කස් කරනව දකිද්දි.
      දහසක් මත ගැටේවි - ද්ාහසක් මල් පිපේවි

      Delete
    5. වෛරයෙන් වෛරය නොසන්සිදේ.....

      Delete
    6. ඇනෝ මචන් මේකනේ බන් අපි දෙන්නා ඔය පින්තූරෙකට
      දිගටම පවතින අමනාපයක් තියාගත්තා නම් ඒ පින්තූරේ එලියට
      ආව එකේ අරමුණ ඉෂ්ට වෙලා...

      අනිත් එක මේ එදා වේල හොයන් කන අපි මොන දේ උනත්
      ගහ මරාගෙන වැඩක් නැහැ.ඉස්සර මතකද UNP > < ශ්‍රී ලංකා
      බිම් මට්ටමේ අය මරාගන්නවා...

      අන්තිමට දෙපැත්තේම ඇමතිලා එකට ප්ලේන්ටිය ගහනවා..
      ගමේ උන් මරාගන්නවා..දැන් දැන් අපි ටික ටික ඕව තේරුම්
      අරන් අනේ ඉන්නේ...
      ස්තූතියි ඇනෝ අදහස් දැක්වීම ගැන..

      Delete
    7. @ uditha

      දැන් ඉන්න පුද්ගලයෝ කිසිම විටක ආර්ථික විප්ලවවාදියෝ
      නම් නෙවේ උදිත.ඒක පැහැදිලිවම තේරෙනවනේ.ආර්ථික
      සංවර්ධනය කරන්න ඕනෙම නම් ඔහොම අමාත්‍යංශ අලුතෙන්
      හදන්න දෙයක් නැහැ..94 වෙද්දී තිබ්බ ටිකත් ඇති..

      මෙතන උනේ උදිත තමන්ගේ නම ගෑවෙන්න අලුතෙන් දෙයක්
      කරන්න යෑම .නිකම්ම දිළිඳු අදාර ජනසවිය > සමෘදී >
      දැන් නම් මොනවා තියෙනවද මන්දා ..

      ඕව ගැන කතා කරලා වැඩක් නැහැ බන්..කොහොම හරි මේකේ
      කිසි කෙනෙක් නැහැ දෙයක් මිනිහෙක් වෙනුවෙන් වැඩක් කරන්න.
      හැමෝම යන්නේ තමන්ගේ නම ගෑවෙන්න මොනවා හරි කරන්න...

      ratak washayen dakkamak nathi kama thamayi ithi..
      ( api giyath ochcharai..)

      Delete
  16. කුරුණෑගල සියලුම බැංකු ගතහොත් එහි තැන්පතුවලට වඩා ඇත්තේ ණය ගැනීම් ය. වත්මන් ආර්ථීක ඝාතන පහලට ගලා විත් ජනතාව විදවනා අයුරුයි ඒ. ඒකට දවසක් ටීවී එකේ කියනවා ඇමතියෙක් (පාඨලී) කියනවා, වගා හානි නිසාලු මේ තරම් ජනතාව ණය ගන්නේ.

    ඇමතිහොරුයි ඝාතකයෝ ආර්ථිකේ...!!! ---- (මාතලන්) 100% එකඟයි. එපමණද නොව,
    silentsahan, ඔබේ කියමන ද නිවැරැදියි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සංවර්ධනේ පේනවා හංදියක තියෙන උකස් කඩ ගාන දැක්කාම. දියුණු රටවල තියෙන්නේ. ඩොලර් එක්ස්චේන්ජ් සැන්ටර්.. බැංකුවලත් මේන් ඉන්කම් එක උකස් ගැනිල්ල.. මේවා ඔක්කෝම වහනවා අර කබරාල උන්නෑහේ...

      Delete
    2. ජය වේවා !

      Delete
  17. පාස්කරලින්ගම්ලට ගහන්න කවුරුත් හිටියෙ නැති උනාට ඩිංගිරි බන්ඩලාට මෙහෙම හරි අපිව "චුං"කරන්න ගහන එක ගැන ඩබල් එකේ අපි "චුං"විය යුතුයි කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඩිංගිරි බන්ඩා නෙමෙයි බන් පුංචි බන්ඩා. මතක් කරන්න එපා ඔය පොන්න ඩිංගිරි බන්ඩව.. අපි මේ දුක් විඳින්නේ ඔය යකා නිසා....

      Delete
    2. නැත්නම් තාමත් ඉන්නෙ අලි නේ.....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න