.

.

Jul 15, 2013

ව්‍යවස්ථා..... කන්නද ඕයි..!!! - Constitution on your menu.....!!!


ජේ ආර් පප්පා ඇහුවේ "සාහිත්‍යය.. කන්නද ඕයි...!!!" කියලාය. උන්නැහේ කිව්වේ ඇත්තය. එයාලා පොලිටික්කෝය, එයාලාට සාහිත්‍යය වැඩක් නැතිය. එයාලා කන තරමක් කන්නේ ජරාවය, කොමිස්ය. එහෙම නැත්නම් පොලිට්‍රික්ස් වලට සම්බන්ධ දේවල්ය.

පොලිට්‍රික්ස් කරන උන්ට, අපට කියන්න තියෙන්නේත්, "ව්‍යවස්ථා..... කන්නද ඕයි..!!!" කියාය. දැන් අලුත්ම සීන් එක ව්‍යවස්ථා හදන එකය. ඒවා, එක එකාට පිළිගන්වන එකය. එවා අගය කරන එකය. ඒත් අපේ රටේ උන් ඒ මලදානේ තියෙන්නේ මොකක්ද තියා, ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියාවත් දන්නේ නැතිය.

සමහර උන් හිතාගෙන ඉන්නේ, අපේ උන් මාරම බුද්ධිමත් ජන කොටසක් කියාය. ඒ නිසා ඒ බුද්ධිමත් ජනතාව රැස් කොට, තැන තැන මීටින් තියනවාය, ඇත්තටම මේ රැස්වීම් වලට බුද්ධිමත් ජනතාව ආවත් එකය, නාවත් එකය. උන්ට ඕනෑ ටෙලිවිෂන් කාරයෝ එන එකය.

මේ වැඩේට කප් ගහලා උන්නේ යූ ඇන් පීය විනාශ කරපු සජිත් මහත්තයාය. එතුමා මේ පොකට් මීටීන් වලට කප් ගහපු පොරක්ය. මුලින්ම මහණ මැෂින් දුන්නේය. ඊට පස්සේ පන්සල් වලට දාන පරිත්‍යාග කළේය. අර මහණ මැෂින් අරන් මහණ උණ අය, පන්සල් වලට දීපූ සල්ලි වලින් දහමෙහි කෙළ පැමිණ, සති පූජා පවත්වන සේක, ගුටි පූජා පවත්වන සේක. උපත් පාලන මැෂින් කුඩුකරන සේක, පාර පුරා පාලියෙන් නොව ශුද්ධ හිංගලෙන් දහම් දෙසන සේක. පෙළපාලි යන සේක.

බොදු බල සේනා හා තවත් නොයෙකුත් පූජනීය සේනාවන් පිළිබඳ සොයා බලන්න, කමිටුවක් දැම්මොත් මුලින්ම මාට්ටු වෙන්නේ සජිත් ප්‍රේමදාස මැති තුමාය. මොකෝ, එයාගේ දන පරිත්‍යාග හේතුවෙන් ශාසනයේ මහා පිබිදීමක් ඇතිවිය. මහණ මැෂින් නිසා මහණ අය හංදියක් හංදියක් ගානේ බිහි උණාය.

අලි පාටියේ උණුයි, ජෙප්පොයි තියන්නේ, මේ වගේ පොකට් මීටින්ය. ඒවාට එන උන්ට. (එන උන් කිව්වාට 20-30 ගෙන්න ගන්නේත් බොහෝම අමාරුවෙන්ය.) ඔෆීස් වල උන්ට, මැනේජ්මන්ට් සෙමිණර් තියනවා වාගේ, 13 ගැනයි. ව්‍යවස්ථාව ගැනයි, හර බර දේශන පවත් වනවාය.

ජෙප්පන්ගේ ඒවා වල නම්, පොඩි ජෝක් කෑල්ලක් වත් යනවාය. රනිල්ගේ එවාවල ඒවත් නැතිය. ඊළඟඩ ලවුස්පීකරේ දැම්මා වගේ, තිස්ස පිස්සු කෙළිනවාය. මරු කියවනවාය. නැවතීම් නැත, කොමා නැත, හතරේ පන්තියේදි, අභයා දහම්සොඬ ජාතකේ කියෙව්වා වගේය. අනිතීමේදි, මීටීමේ කිව්වේ මොනවාද ඇහුවොත්, එකෙක්වත් මොකුත් දන්නෙ නැතිය.

ව්‍යවස්ථාව ගැන බයිලා ඇහුවාට, ජනතාවගේ බඩ පිරෙන්නේ නැතිය. ජීවන බර අඩු වෙන්නේත් නැතිය. මිනිස්සුන්ට ඕනා. මිලදී ගැනීමේ හැකියාව ඇති, ජනතාවක් ලෙස ජීවත් වීමටය. ඒක උනත් මිනිසුන්ට තේරෙන්නේ නැතිය.

දුප්පත් මිනිස්සුන්ට, ඉර හඳ අල්ලන්න ඕනා නැතිය. පොල් සම්බල් එක්ක, බත් ටිකක් කන්න තිබුනා නම් ඇතිය. ඒ බත් ටික හදාගන්නවත්, පෝර ටික වෙලාවට ගෙනල්ලා දෙන්න, මේ ඉන්න බත් කන හරක්ට බැරිය. විපස්සේ ගොනුන්ටත් ඒවා වල වගේ වගක් නැත.

කෑගල්ල පැත්තේ, ආන්ඩුවේ ඉන්න නොම්මර එකේ හරකෙක් කිව්වේ, පෝර ටික දෙනකන් මාසයක්, දෙකක් ඉවසන්න බැරිද කියාය. අම්මපා.... මම රටේ නායකයා නම්, මූව ගෝල්පේස් ගෙනත්, රෙනකන් එළු බෙටි කවනවාය. මුගේ අම්මා මූට කැව්වේ බත්ද, පාන්ද, කියා මම එතුමාගේ මෑනියන් වහන්සේගෙන් අහනවාය.

දැන් ඡන්දයක් කට ළඟට ඇවිල්ලත්, එකෙකුටවත් ගාණක් වත් නැති සයිස්ය. විපස්සෙ උන් එකතුවෙලා සංධානයක් වත් හැදෙන පාටක් නැතිය. ෆොන්සේකා මහත්තයාගේ පක්ෂේ තියෙන්නේ මාෂල් ලෝ එකය.

අන්තීමේදි හිඟන අලි ටිකත් පැනලා ගිහින් වාගේය. අර ළඟින්ම ඉන්න එකා ඉන්නේත් මුන්නැහේ නිසා ඌ පාර්ලීමේන්තුවේ කැන්ටිමෙන් කෑම ටිකක් කන නිසාය. ඌ පාර්ලිමේන්තුවේ කතා කරනවා තියා ඉඳගෙන ඉන්නවාවත් මම නම් දැකලා නැතිය.

දයාසිරියත් ගියොත් නම්, අම්මට හැමිණිලාම තියෙයිය. රනිල් මෙන්ම සජිතුත් කැමති, එයැයි යනවානම්ය. කලින් යන්න ගිහින් කෙළ උණේ, වේලපත්කඩේ ලෙඩක් නිසාය. එයැයි යනවානම් යන්නෙත් නිකන් නෙමේය. අලියෝ 15 ක් පෙරහැරේම යනවාය. දැන් එයාට අළුත් නමකුත් වැටිලාය. ඒ සිංදු කියන අලියා කියාය.

ටී ඇන් ඒ එකට තියෙන රුදාව, අනික් පක්ෂ වලට නැත්තේ, ඒවත් ආණ්ඩුවේම නිසාද කියන්න දන්නෙ නැතිය. කොහොම හරි ලොක්කා මීටීමට ආවම, ව්‍යවස්ථා ගැන කියන්නේ නැතිය. එයා කතාකරන්නේ ජනතාවගේ බොක්කටය. කවුරු මොනවා කිව්වත්, මැදමුලන දේශිය ඖෂධ ගිලින්න, අපේ ජනතාව මාරම මනාපය. ඒවා නිකන් මදන මෝදක වගේය.

ලොක්කා ළඟ, ඒවා විකුණන්න, හොඳ තෙල් බේත් කාරයෝත් ඉන්නවාය. උන් දාලා, බඩු මාකට් කරන කොට, අපේ උන්, ගුලිය කාලා. තණමල්විල මල් ගහපු, බොග් මාලේ වගේ, උඩ බලාගෙන හිනා වෙවි ඉන්නවාය. උතුරේ වාසුගේ මස්සිනා දිනුවත්, අනිත් දෙක නම්, ලොක්කාටම බව, දැන්ම උණත් කිසි බයක් නැතිව ලියලා තියන්න පුළුවන්ය. ඒ වගත් මෙසේය............

113 comments:

  1. මොකද්ද උඹේ පොයින්ට් එක?

    $-සජිත් ලොක්ක දන්නව කරන්න ඕන මොකද්ද කියල. මැසිමක් බෙදල පන්සලකට කීයක් හරි දීල දැම්මම ඔක්කොම හරි. වැඩිම මනාප ප්‍රථිශතය කී සැරයක් නං ගත්තද?

    $-රනිල්-තිස්ස නඩය නං ජිල්බෝල හොද්ද වගේනේ. මෙලෝ රහක් නෑ. රහක් ඇති එකෙකුට උඩට එන්න දෙන්නෙත් නෑ.

    $-දයාසිරි (උඹ කියන විදියට තවත් 10ක් 15ක් එක්ක) ගියත් වැඩි වෙනසක් වෙන්නෙ නෑ. මොකද දෑත් ශක්තිමත් කරන්න දැනටම එල්ලිලා ඉන්න කූඩැල්ලෝ එක්ක තමයි ඉන්න වෙන්නෙ. අනිත් අතට නහයෙන් උඩට වතුරට අහුවෙච්ච රනිල් තිස්ස නඩයටත් තවත් උඩට වතුර ගැලුව කියල අවුලක් නෑ නෙව.

    $-බොහොර වලටත් කෙලින සයිස් එකක් දැන් තියෙන්නෙ. හැබැයි හම්බන්තොටට නං අවුලක් නෑ. දැනට (යම් තරමකට කප්පාදු කලත්) පොහොර දෙනව. ඒ වගේම වැඩි මිලට ගන්නත් පොහොර තියනව. අනෙක් පලාත් වලට තමයි අවුල. හම්බන්තොටට කිරි ගමට කැකිරි!

    $-උඹට තරහ ගිහිල්ල!

    ReplyDelete
    Replies
    1. සජිත්ට විතරය දුමින්දටත් වැඩිම මනාප හම්බ උනේ. එයත් සල්ලි බෙදනවනේ ලෝස් නැතුව. කොහොමත් අපේ බුද්ධිමත් ජනතාව කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ.

      තරහ ගිහිල්ලා නම් නෑ. හරිම දුකයි... ඒ වගේම බෝරිං... ඡන්දයක් උනාම ගේමක් තියෙන්න එපාය..

      Delete
    2. මොකද්ද උඹේ පොයින්ට් එක?

      රනිල්ගේ(සිංහල කථා පමණි ) මහින්දගේ කථා වගේම මාතලන්ගේ මේ ලියුමටත් පොයින්ට් එකක් නැලු , හැබැයි මාතලන්ගේ එක සමීප මහින්දගේ කථා වලට , මොකද පොයින්ට් තිබුනත් නැතත් බලා ඉන්න උන් අප්පුඩි ගහන්වා

      Delete
    3. ඉතින් රත්තරන් බුවෝ ලියන්නකෝ පොයින්ට් එකක් ඇති ඒවා. වහලා දාලා මකුළු දැල් බැදලා තියෙන්න අරින්නේ..
      ඇත්ත ලිව්වම බොහොම අයට කේන්ති යනවා.. ඒක ඉතින් ළෝක ස්වභාවයක්..

      Delete
    4. වැඩිම චන්ද හම්බ උනේ පබාට බං.. ඉතිං උඹලාට තේරෙන්නෙ නැද්ද රජවරු වැඩ කරන්නෙ ජනතාවට ඕනෙ විදිහටය කියල ?

      Delete
  2. අපේ පොරවල් ගේ සාක්ෂරතාවය ඉහල උනත් හිතන්න පුලුවන් කෑල්ලේ මොකක් හරි අඩුවක් තියෙන හින්දා වාසි ගන්නේ දේශපාළුවන්.....මහින්ද මහත්තය මේක හරියටම තේරුම අරං ඉන්න හින්දා එයා හැමදාම දිනුම්..

    ReplyDelete
    Replies
    1. @ Mayya
      හරියටම හරි.

      Delete
    2. සාක්ෂරතාවය හොඳ උනාට තේරෙන්නේ නෑ. ඒකනේ බස් කොන්දෝ බස් එක යන තැන කිය කියා කෑ ගහන්නේ..

      Delete
    3. එහෙම කෑ ගහන්නේ සාක්ෂරතාවය හොඳ නැති නිසා නෙවෙයි , ගොඩක් බස් යන්නේ බෝඩ් එක දාලා තියෙන දිහාවට නෙවෙයි. බෝඩ් එක ලස්සනට තියෙනවා, එත් කාඩ්බෝඩ් කෑල්ලක කාටවත් පෙන්නේ නැතිවෙන්න වෙනම නමක් ගහගෙන එහෙට තමයි බස් එක යන්නේ.

      Delete
  3. ශා එළ ලිපියක්..... එන්න හැමෝම පිට පලු යන්න කසන්න.... මාතයගෙ පිට නිකන් කබර හම වගේ කසලම....

    කෙන්ජි එන්න... වෙද මාමා එන්න.... එක සීරුවට කසන්න... හීරෙන්නෙ නැති වෙන්න....

    ReplyDelete
    Replies
    1. අපේ සත්තරන් ඇනෝ... ඔක්කෝටම කලින් ඇවිත්..

      Delete
    2. ඔන්න මම ආවා. හැබැයි දැන් ත්‍රිවිද රත්නෙ වෙනුවට චතුර් වෙලානෙ. ඒ සැරේ ඇනෝත් පටන් අරන් ... කමක් නැහැ. ඔන්න ඔහේ කසමු.

      Delete
    3. කෙන්ජියා දැන් ලිංගික ශ්‍රමිකයෙක් ගානට වැටිලා.... පැරාගෙ බ්ලොග් එකෙත් ඊයෙ එකෙක් සබ්ජෙක්ට් එකට ඌව රෙකමන්ඩ් කරලා තිබ්බා.... පව්....

      Delete
    4. ඒ කවුද බං.
      මගෙ මැනේජර් කාරයගෙන් අහන්නෙ නැතිව?
      නීතිමය පියවර ගන්න වෙයි.
      අද නිය පොතු කැපුව රෑට පොඩි වැඩක් තියෙන නිසා.

      Delete
    5. @ඇනෝ 9:35PM;
      උදිත මගෙ මැනේජර් ගෙන් අහල තමයි ඇනෝට රිප්ලයි කරල තියෙන්නෙ එවන්නම් කියල.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. ඩොලර් වලින්ද නැත්නම් යෙන් වලින්ද එහෙමත් නැත්නම් සුපියල් වලින්ද පුතේ?

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
  4. මාතලන්, තත්වය වෙනස් කරගන්නේ කෙසේදැයි වැටහීමක් ලබාගන්නට උත්සාහයක් නොකර, ප්ලේටෝ ගේ මනෝරාජ්‍යයෙන් පටන් ගෙන ලෝක ඉතිහාසය පුරා පෙර අපර දෙදිග ඵල නොදැරූ යල්පැන ගිය ප්‍රතිපත්ති තවමත් අගය කරමින් මේ ආණ්ඩුවට බැරි දේවල් තවත් එවැනි ම ආණ්ඩුවකට කළ හැකි යැයි සිතන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ, නිකන් අතුරු මැතිවරණයක් වගේ දෙයක් ගැන. කොහොමත් ෆැන්ටසිවල ජීවත් වෙනවට වඩා, සැබෑ ළෝකයේ ජීවත් වෙන්න මාතලන් කැමතියි. මලක් ගැහුවනම් වෙනත් ළෝක වල සැරිසරනවා. නමුත් ඒක ෆැන්ටසියක් කියලත් මාතලන් හොඳට දන්නවා.

      Delete
  5. එකඟය... මේ සේරටම යටින් රුවන් විජේවර්ධන හිමින් සීරුවේ ජාතික මට්ටමින් උඩට එන සැලසුමක් මේ කිසිවකුට හොරා සිදුවෙමින් පවතී.මේ වන විට එය දීපව්‍යාප්තව ඉතාමත් යටි මට්ටමේන් ක්‍රියාවට නැගේ.

    ReplyDelete
    Replies
    1. හොරි කසපිය.... ගිනි පිඹපිය...

      Delete
    2. ඒ කතාව සහතික ඇත්ත. එජාපයට ඝණ දෙව් පිහිටයි....!!!

      Delete
    3. කොහොමත් එක වෙන ලක්ෂණ තමා හැම තැනකදීම අහන්න ලැබෙන්නේ.. හැබැයි එක හොදම නැති උනත් දැන් තියන අවස්ථා වලට වඩා ටිකක් විතර හොදයි.. ඇතුලේ ඉන්න අය උනත් එකට මෙහෙම ඉන්නවට වඩා මනාපයිලුනේ....

      Delete
  6. මාතලන් දැන් නම් ඔය කෙහෙම්මල තිබ්බත් එකයි නැතත් එකයි. බලන්නකො ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක වෙන අපූරුව. එතකොට රටේ මහජනයාගේ ප්‍රශ්න විසඳෙන අපූරුව. කෙතරම් අපූරු ද? අපි මොනවා කිව්වත් කිසි කෙනෙක්ට මේක වෙනස් කරන්නවත් හරි දෙයක් කරන්නවත් කිසිම ඕනෙ කමක් නැහැනෙ. රනිල්, සජිත්, ජෙනරාල්, කිසිම කෙනෙක්ට ඕනෙ කමක් නැහැ මේක වෙනස් කරන්න. එළුවගේ මොකක් ද වැටෙනකන් බලාන ඉන්නව වගේ බලාන ඉන්නව මිසක. වැරදිලාවත් උන්නැහේලාට බලය ලැබුනොත් එයාල මේක වෙනස් කරයි ද? එදාට එජනිස ව්‍යවස්ථාවක් නොහදා ඉදී ද?

    මේ ආතල් බලාගෙන අපිත් ඔහෙ ඉමු. මම යනවා අර මිත්‍රයගේ ආරාධනාවට .... ඔය උඩ.....

    ReplyDelete
    Replies
    1. මේකෙදි තිබුන ප්‍රතිශතෙත් නැති වෙන සයිස් එකක් තියෙන්නේ... පහි ගිය ටිකේ බිසි උනෙ මොකෑ කියලා මට පස්සෙයි තේරුනේ...

      Delete
    2. ඔව් මාතලන් ඒක තමයි හෙතුව මෙවර අන්තර් ජාතික සම්මන්ත්‍රණය පැවැත්තුවේ නැහැ. ඒ ඒක හැමදාම කළේ අපි වෙනම කණ්ඩායමක් විසින්. අපේ පුද්ගලික සම්බන්ධකම් වලිනුත් එයට විද්වතුන් ආවා. නමුත් මෙවර අමාත්‍යාංශය එය තනියම කරන්න හැදුවා. අන්තිමට තිබ්බ තොන්ගලෙත් නැති වුණා. ඔන්න ව්‍යවස්ථාදායක වැඩ.

      Delete
  7. මට මේ මුකුත් මතක නෑනේ මාතලන් අයියේ.....

    මගේ වටේ හිටපු බොහොමයක් එවුන් පුළු-පුළුවන් විදිහට රට අත ඇරලා වෙන රට වලට ගියා. ආර්ථික ප්‍රශ්න හින්දා තවම එහෙම කරගන්න බැරි හින්දා මම තාම මේ රටේ ඉන්නවා. දේශපාලුවෝ රට විනාශ කරනවාටත් වඩා දුක මේ චන්දදායක ඇම්බැට්ටයෝ දිගටම කතිරේ කෙලින එකනේ. යකෝ, ගෙදෙට්ට බලු පැටියෙක් ගෙනාවත් පැටිකිරිය හොයන මුන් කිසිම සුදුසුකමක් නැති බෝක්කු පාලුවෝ උඩින්ම පත් කරලා යවනවනේ...

    උදේ පාන්දර ලේ කෝප කරගනාවට වඩා හොඳයි වෙන වැඩක් බලාගන්න එක.....

    ReplyDelete
    Replies
    1. නඩුකාරයෝ දැම්මට. බුද්ධිමත් ජනතාව කැමති බඩුකාරයන්ට..

      මාරම ජනතාවක්නේ...

      Delete
    2. BADUKAARAYANTA & KUDUKAARAYANTA

      Delete
  8. මම මේ පාර චන්දේ දෙන්නේ ව්‍යවස්තා කන්නද ඕයි කියල අහන එහෙකුට විතරයි..

    ReplyDelete
    Replies
    1. කලින් දීලා තියෙන්නෙත් එහෙමම උන්ට තමා...

      Delete
  9. WYAWASTHAA KANNADA OOYI?DO YOU KNOW WHO IS THE BEST MAN TO ANSWER THIS QUESTION? BANDU SAMARASINGHE(ACTOR)

    ReplyDelete
    Replies
    1. බන්දු කියන්නෙ පුදගලයෙක් වශයෙන්. දේශපාළකයන්ට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්...

      Delete
    2. අරුණ පෙරේරා... සිංහලෙන් ලියන්න මෙතනට යන්න...

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    3. THANK YOU VERY MUCH.GREAT HELP.HETA INDAN TRY KARANAWA.I LIKE THE WAY OF THINKING OF BANDU SAMARASINGHE.APITA API GANAMA HINAWENNA PULUWAN BANDUGE SAMAHARA DISCUSSION WALADI.
      I USED TO DO A BLOG CALLED ARUGE ADAVIYA(WORDPRESS).MAMATH AVURUDU PANAHA IVARAVUNU OLD RAAJAKEEYA BUWEK.

      Delete
    4. වැල්කම් කිව්වා..... බ්ලොග් එකේ ලින්ක් එකක් දාන්න මෙතන කිසි අවුලක් නෑ...

      නැත්නම් කොහොමෙයි දැන ගන්නේ..

      Delete
    5. ARUNA PERERA
      වයස බැලුවම නං මාතලන්ටම හරියන බුවෙක්! :-)

      Delete
    6. මේ කැපිටල් අන්කල්ද ...?

      Delete
    7. ඔබට ස්තුතියි.මගෙ බ්ලොග් එක පරනයි.(2010).මම කැපිටල් නෙමෙ සිම්පල්.arugeadaviya.wordpress.com.
      IT KNOWLEDGE EKA VERY POOR.AMARUWEN GATAGAHAGANNE.MALLI THAMAI POST WALATA PHOTO DAALA DUNNE.DAN DAN OOTATH WEDA WEDI NISA ,NO KATHA.HABAI AASAYI MONAWA MONAWA HARI LIYANNA.DEKAK DAAGATHTHAMA THAWATH CHOOOOOON.

      Delete
    8. නැගී එන තරුවක්.... අරුණ පෙරේරා...

      Delete
    9. පට්ට බොගක්නෙ.... හැබයි මේ වෙනකන් ලිව්වා නම් ප්‍රොක්සි වලින් තමයි බලන්න වෙන්නේ.

      දෙකක් දාගෙන ලිව්වට කිසි අවුලක් නෑ. මමත් කවි ලියන්නේ ඒ වෙලාවට තමයි. ළෝකේ වෙනස් උනේ දෙකක් දාන අය නිසා තමයි.

      Delete
    10. අර කිව්වත් වගේ, ඒත මරුනේ.

      Delete
    11. සිරාවටම පට්ටම බොගක්නේ..මමත් දැන් දැක්කේ...ආයේ ලියපන් පනේ ... ලොවෙත් හිට් වෙනවා ...

      Delete
    12. මමත් බලන්න ඕන.
      එක වයසෙ කොල්ලො නොවැ.

      Delete
    13. කොහොමද සහන් මල්ලි අරුණ ව බලන්නේ?

      Delete
  10. උගත්තු නැති රටක ඔයිට වඩා මොනවද බලාපොරොත්තු වෙන්නේ? උගත්තු ඔක්කොම පිටරටවල් වලට කොහොමහරි යනවා.... ඉතුරු වෙන්නේ එක්කෝ මෙලෝ දෙයක් කරගන්න බැරි මෝඩයෝ, නැත්තම් කරගන්න දෙයක් නැති හින්දා කටපියාගෙන බලන් ඉන්න උගත්තු

    ReplyDelete
    Replies
    1. *KARAGANN DEYAK NATHI HINDA KATAPIYAGANA BALAN INNAWA NOWEYI LAMAYO.THEY ALL ARE GREEDY BUNCH OF BUFFALOES.

      Delete
    2. උගත්තු නම් ඔය පඳුරකට ගැහුවත් ඕන තරම් ඉන්නේ. ප්‍රාදේශීය ලේඛම් කාර්යල වල ගස් යටත් ඉන්නේ. කරුමේ ඒන නෙමෙයි බුද්ධිමතුන් නැති එක.

      Delete
    3. උගත්තු කියලා මම කියන්නේ පොත් ගුල්ලන්ට නෙවෙයි.... 'යමක්' ඉගෙනගත්තු මිනිස්සු. ලංකාවේ උගත්තු සහ බුද්ධිමත්තු කියල දෙපිරිසක් විග්‍රහ කරන්න වෙලා තියෙන්නේ පොතේ ගුරාල හින්ද.
      ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්නේ මගේ නිර්ණායක වල හැටියට නම් උගත්තු නෙවෙයි. මම එයාලට කියන්නේ 'චයිනිස් ලෑම්ප්ස් ' කියල. ලස්සන විතරයි... මෙලෝ දෙයක් අස්සේ නැහැ...
      එයාලට පුළුවන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න විතරයි.

      Delete
    4. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න බුද්ධිමතුත් ඉන්නවා.මමනම් වැඩිය ඉස්කෝලෙ පොත් පත් කියවලා නැහැ.හැබැයි සමාජය කියවලා තියෙනවා කියලා හිතනවා.මම වගෙ පුද්ගලයින් උගතුන්ද?බුද්ධිමතුන්ද?නිකමුන්ද?මේ වගේ සමහර අය සමාජයට යම්කිසි වැඩත් කරලා තියෙනවා.මම වගෙ අය තව බොහොම ඉන්නවා.ඒ වගේ අය මොක්කුන්ද?

      Delete
    5. ඔහේට කියන්න උපේක්ෂා නෝනේ. මා ගාව වැඩ කරපු නොම්මර එකේ අනාගහයක් තිබුන එකෙක්, පැන්ෂන් එක නිසා රිංගුවනේ ආන්ඩුවට. ඌ අපිත් එක්ක උන්න නම් අද ඉලක්කම් හයක පඩියක් ගන්නවා.. උගත් උනාට බිද්ධිමත් නැති කමේ කරුමේ.. ඒ උනාට ඌට ඒක තමයි දිවිය ළෝකේ..

      Delete
    6. @ අනුර පෙරේරා
      අවුලක් ගන්න එපා. මේ රටට වැඩිම සේවය කරලා තියෙන්නේ ඔවුන් තමයි. විදෙස් ශ්‍රමිකයෝ, ඇඟළුම් සේවිකාවෝ, තේ දළු නෙලන්නියෝ සහ කම්කරුවෝ. හැබයි සැප විඳින්නේ අරුන් හම්බ කරන එකෙන් කන රජ හිඟන්නෝ..

      Delete
    7. මමත් දැකල තියෙනවා මාතලන් ඔය පැන්ෂන් කියන කැරට් එක කන්න කියල මෙලෝ රහක් නැති ජොබ් එකකට මාරු උන දෙපක්ෂේම කට්ටිය. කොටින්ම IT ඩිග්‍රී තියෙන මිනිස්සු! එක තමයි 'යමක්' ඉගෙනගෙන නැති කම කියන්නේ. පඩියම විතරක් නෙවෙයි... වෙනත් දේවල් ගැන බැලුවත් ඒක වෘෂභ තීරණයක්... එහෙම යන්නේ නිකන් ඉන්න තියෙන කෑදරකමට. එහෙම ගිහින් බනිනවා ආණ්ඩුවේ මිනිස්සු හොරු කියලා...

      පොතින් පතින් නැත්තම් සමාජයෙන් හරි දැනුමක් එකතු කරගෙන තියෙන්න ඕනේ...
      සමහර වෙලාවට ඔය ආචාර්ය මහාචාර්යවරු උනත් කොර වෙලා යන ප්‍රශ්න අහන සාමාන්‍ය කම්කරුවෝ මම දැකල තියෙනවා.. හැබැයි දැන් නෙවෙයි... ඉස්සර... දැන් කට ඇරපු ගමන් කොයි කවුරුත් දෙසන්නේ එකම ටේප් එකමයි..... ඩිග්‍රී එකක් තිබ්බත්, පාරේ වැඩකලත්.... මොළේ එකම ගානට වැඩිලා තියෙන්නේ

      Delete
    8. @ ARUNA:
      සමාජය කියෝලා තියෙනවා නම් ඔයාට වැටහෙන්න ඕනේ... පේලි දෙක තුනකට වත් කැටිකරගන්න දෙයක් නැති බව... මිනිස්සු දැන් හිස් කොළ වගේ... (මම කියන්නේ අදහස් එලියට දක්වන බහුතරය..) වැල යන අතට මැස්ස ගහන්න විතරයි දන්නේ...

      Delete
  11. කියන්න දෙයක් නැත.......... මොකද මේකට මැලේසියාව සම්බන්ද නැත

    ReplyDelete
    Replies
    1. එහේ ඡන්ද ගැනත් වෙලාවකලියපන්, මේ වගේද කියලා බලාගන්න හැකි නොවෑ...

      Delete
    2. මැලේසියාවෙ එකම පක්ෂයෙ ආණ්ඩුව 57 වැනි අවුරුද්දටත් මාස දෙකකට කලින් පත්වී ඇත.

      Delete
  12. මට නං දැන් මේව අහල,දැකල,කියවල පිස්සු වගෙ ඕයි!
    දුමියටයි,සංජිව කොල්ලටයි දෙන තීන්දු පේනවද ඕයි!
    වයඹින් දන ගහපු ටීචර් එනව නේද හු ඇම්පියෙන් ඕයි!
    රනිල් සමග ජෙප්පො ලොක්කට පුක දෙන බව දැන දැන
    අහිංසක ජනතාව ලොක්කට ම දෙන එක පුදුමයක්ද ඕයි!
    Sep:28 න් පස්සෙ පෙරලිකාරයො රනිල්ව පතුරු ගහන එක නවත්වන පුලුවන්ද ඕයි!
    මේව හිතල මගෙ මොලේ මඤඤං ද හිතෙනව ඕයි!
    දැන් නම් දවල්ටත් දෙකක් උගුරට හලල තමයි කන්නේ ඕයි!
    රෑට කොහොමත් දැන්නම් නප්පියට ගහල තමයි නිදන්නෙ ඕයි!
    මෙහම ගියොත් මගෙ බිරියත් යන්න යයිද ඕයි!
    එහෙම ගියොත් මට රනිල් අයියට ම පුක දී ඉන්න වෙයිද ඕයි!

    ReplyDelete
    Replies
    1. සමාජවාදි ක්‍රමයට නම් ප්‍රශ්නවලට විසඳුම කන පැලෙන්න බොන එකය. කියුබාවේ හා උතුරු කොරියාවේ තියෙන්නේ ඒ මැතඩ්ය. උඹ ඉන්නේ ජපානයේ නිසා මේ පැත්ත බලාගෙන කක්කා කරාම ඇතිය. අනිත් ඒවා වලට හිතේ අමාරු හදා ගෙන බේබද්දෙක් නොවි පොඩි ෂෝට් එකක් කෑමට පෙර ගත්තාට අවුලක් නැතිය. ධනපති ක්‍රමේට බොන්නේ එහෙමය.

      Delete
    2. මාතලන් එදා ඉඳන් දන්නවනේ මගේ මතය ඕක ගැන..මට නම් මේ ව්‍යවස්ථා ගැන අහලා ඇති වෙලා .මේ ගැන එපා වෙනකම් කතා කරලා ඉන්නේ ඕයි...

      Delete
    3. මේ ව්‍යවස්ථාව ගැනමත් නෙමෙයි. ඔය පලා බබා ගැනයි ලිව්වේ. හෙඩිම නිසා ඔක්කොම අප්ෂට් ගියා.. ගාලක් ලෑ...

      Delete
  13. මාතලන් සමඟ එකඟ නැත.රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතුය.ජනාධිපති තුමාගේ සාර්ථකත්වයේ රහස විපක්ෂයේ අසාර්ථකත්වය මිස අන් කවරක් වත් නොවේ.අපේ රටට තවදුරටත් රජවරු වුවමනා නැත,රටේ නීතියට සහ මහජනයාට වගකිවයුතු පාලකයෙකු සිටීම ප්‍රමාණවත්ය.මාතලන් සැමවිටම ලොක්කා හොඳයි අනිත් උන් නරකයි යන්න ඉස්මතු කිරීමට උත්සාහ කරන බව පෙනේ.නමුත් ඇත්ත තත්වය නම් දේශපාලන ගසේ මුදුන්මුල කුණුවී ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් මේ හදලා තියෙන්නේ අළිත් එකක්ද? තීයෙන එකම නේද? ඒක ස්ථිර කර ගන්නවත් කොන්දක් නැතිව ඔප්ෂන් දීලා තියෙන්නේ ජනතාවටය. ජනතාව දන්න ව්‍යවස්ථාවක් නැතිය. ව්‍යවස්ථාව ගැන මීට පෙර මාතලන් ලිව්වාය. පොඩ්ඩක් හොයා බලාගෙන කියවන්නය. ඔහේ ඔහොම කිව්වාට. සමහරු කියන්නේ මම රනිල් ගේ මිනිහා කියාය.

      Delete
    2. MENNA METHANA THIYENAWA ATHTHA KATHAAWA.http://sinhala.lankanewsweb.com/features/9143-2013-07-15-09-23-48

      Delete
    3. මාතලන් සැමවිටම ලොක්කා හොඳයි අනිත් උන් නරකයි යන්න ඉස්මතු කිරීමට උත්සාහ කරන බව පෙනේ//

      පේනේ නෙවෙයි මාතලන් කොහොමත් ලොක්කාට තමයි කඩේ යන්නේ , ලොක්ක හොඳයි ආණ්ඩුවෙන් අනික් උන් නරකයි කියන කතන්දරේ කියන ඕනි එකෙක් ආණ්ඩුවට කඩේ යන එකෙක් , මොකද ලංකාවේ ඔක්කොම වෙන්නේ ලොක්කට ඕනි විදිහටම මිසක් අනික් එක අමාත්‍යාංශයකට නිලධාරියෙකුට අනුව නෙවෙයි

      Delete
    4. @ බුවා
      මම ජීවත් වෙන්නේ ලංකාවේ.
      කියවන එකා තේරුම් ගනීවී මොකක්ද කියන්නේ කියලා.
      මොළයක් තියෙන්නේ දුර දිග බලලා කල්පනාවෙන් කටයුතු කරන්න මිසක්. ගොනෙක් වගේ හැම තැනටම ඇන ඇන යන එක නෙමෙයි. අපිම වාරණයක් දාගත්තම ඒක මගේ පැවැත්මට හොඳයි.

      Delete
    5. ස්වයං වාරණයක් නැතුව ලංකාවේ ඉඳන් ලියන්න බෑ , නමුත් නොලියා සිටීම සහ ලියල කඩේ යාම කියන්නේ දෙකක් , මාතලන්ගේ සමහර ලිපි දකින කොට මතක් වෙන්නෙම දිවයින කතුවැකියා , වීවේචනය උපරිමයි , හැබැයි විවේචනය කල යුතු තැන බේරලා !

      Delete
    6. ඒක ඉතින් තේරුම් ගන්න එකා තේරුම් ගනීවී. මොකෝ මම විතරක් නෙමේනේ ලියන්නේ. ලිව්වත් නොලිව්වත් මිනිස්සු ඒ දේ දන්නවා. දැන් ජූලම්පිටියේ අමරේ ගැන ලිව්වම. එයා එහෙම සෙල්ලම් දාන්නේ කවුරු නිසාද කියලත් ලියන්න ඕන නෑනේ. ඒක පොඩි එකා හිටන් දන්නවා. වාස් කුළියට මිනී මරන එක ලිව්වම. වාස් එහෙම කරන්නේ කාගේ හයොයෙන්ද කියන එක ලියන්න ඕන නෑනේ. මිනිස්සු දන්නවා.

      Delete
    7. රනිලට ගහනවට බුවා කැමති නෑ. ! වටේ වටේ ගිහින් හැමදාම බුවා යන්නෙ රනිල්ට කඩේ !

      Delete
  14. නිකන් ඉන්න එකේ මොනවා හරි කරනවා කියලවත් ව්‍යවස්ථා හඳනවා වෙන්ඩ ඇති

    ReplyDelete
    Replies
    1. අම්මපා. මොකුතම කලේ නෑ නේන්නම්. මේක ඇර...

      Delete
  15. //අම්මට හැමිණිලාම තියෙයිය//

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් පේන්නේ ඔය වගේ එකක් විතරනේ...

      Delete
  16. කෙටියෙන්ම කියනවනම් උඹට කියන්න ඕන උනේ මේ චන්දයක් ලඟ ඇවිල්ලත් කිසි ගතියක් ඇඟට දැනෙන්නේ නෑ කියලද?

    ඒ පැත්තෙන් මේ පැත්තට පැනිලි නෑ

    වෙඩි තියා ගැනිලි නෑ

    මෙලෝ රහක් නෑ

    ඒකද?

    ඉස්සර සිංහල ජාතිය වඳවෙන ජාතියක් කිව්වම පට්ට දුකයි.

    දැන් හිතෙනවා මේ වගේ මෝඩ දීන ජාතියක් මහපොලොවට මොකට බරක් කරගෙන ඉන්නවද කියලා සොබා දහම් මෑනියෝ හිතවා ඇති ඒ නිසා තමා එහෙම වෙන්නේ කියලා . .

    ReplyDelete
    Replies
    1. ආන්න දුකාට විතරයි තේරුනේ.. හප්පේ වඳ වෙන්න නෙමෙයි. නැති වෙලාම ගියා නම් ඉවරයි.

      Delete
    2. යකෝ කට කට---චම්-පකයා.විමලයා.සාරයා අහගෙන ඉන්නවා.

      Delete
  17. ඇත්තටම මොකක්ද ඔය ව්‍ය්වස්තාව කියන්නෙ

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් නෑ බං....

      Delete
    2. ඕක හරියට දන්න කවුරුත් නැද්ද මං අහන්නෙ ?

      Delete
  18. //ව්‍යවස්ථා..... කන්නද ඕයි//

    අනේ ඉතිං ඒ මනුස්සයත් මොනව හරි කරන්න එපෑයැ. නැත්නම් තත්තෙට හොඳ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... මේ අවුරුදු ගානටම කරපු එකම දේත් එච්චරනේ..

      Delete
  19. ඔය ඉන්න අය අපිට හොද වෑඩිය.මිනිමරා නවලොක දෙවලයෙන් සුවය ලබා එනවිට වෑදල පිලිගන්න.ගුරුතුමිය දනගස්සවා හිරෙ ගොස් එනවිට පෙරහෑරෙන් ගොස් පිලිගන්න.එක දෑකපු බව පසුව අමතක උන.මිනිසුන් ඉන්න රටක මිටවෑඩිය හොද පාලකයන් හො ක්‍රමයක් මොකටද මාතලන්.

    ReplyDelete
    Replies
    1. දැන් නම් රජ කාළේ වගේ.. වෙනසක් ඇත්තෙම නෑ..

      Delete
  20. මාතලන් මහත්තයෝ මොනවා උනත් මිනිස්සුන්ට මොන විදිහෙන් හරි දේශපාලනේ පොඩ්ඩක් උගන්නන්ඩ ඕනේ කියන මතේ මමනං ඉන්නේ.පොඩ්ඩක් ඒක ගැන ඉගෙනගද්දි තමයි තේරෙන්නේ මිනිස්සුංව කොච්චර අන්දනවද කියලා.ජෙප්පන්ගේ කිසිම දේකට කැමති නැති උනත් මම උං උංගේ පක්ෂේ උන්ට දේශපාලනේ උගන්නන එකට නං මනාපයි.ඒක උගන්නන්නේ උංගේ දෘෂ්ඨි කෝණෙන් වෙන්ඩ පුළුවං.ඒ උනත් අනිත් ප්‍රධාන පක්ෂ එක්ක බලද්දි අඩුම තරමේ උං කතා කරන දේ ගැනවත් දන්නවනේ.(උපේක්ෂා ස්වර්ණමාලි මැතිනිය 360ට ආ වැඩසටහන බැලුවෙමි.) ඒ නිසා කට්ටියගේ මූලික අරමුණු මොනවා උනත් ලංකාවෙ උන්ට දේශපාලනේ උගන්නන එක හොඳය.

    ඒ වගේම යුගාන්තයේ එන මේ දෙබස ද මට අමතක නැත.

    'ඔය මිනිස්සුන්ට අර්ථ සාස්ත්‍රය උගන්නන්ඩ පුළුවන්නං එළදෙනුන්ට ගණිතය උගන්නන්ඩ පුළුවං.ඒ මිනිස්සුන්ට ඒවයින් පලක් නෑ.ඕනෙ කරන්නේ බඩට කන්ඩ, ඉණට අඳින්ඩ'

    ReplyDelete
    Replies
    1. එහෙම පන්ති තියන්න දර්ශණයක් ප්‍රතිපත්තියක් දැක්මක් තියෙන්න එපායා. එදා වේල ටුවර්ස් උන්ට මොන පන්තිද. අනික එහෙමම කියන් එකත් වැරදියි. මුලින්ම පාතාලේ.. ඊළඟට හිරගෙදර, ඊට පස්සේ ප්‍රාදේශීයේ, ඊටත් පස්සෙ පලාත් සභාව අන්තීමට දියවන්නාව. ඔය එන අතරේ වටේ පිටේ ඉන්න ජනතාවත් දැණුවත් කරගෙන එන්නේ. ඒකනේ ඔය තරම් මනාපේ හම්බ වෙන්නේ..

      Delete
    2. @දිනුක :: නියම කතාවක්..... +++++++

      Delete
  21. මාතලන් මේ ව්‍යවස්තවක් ගැන කියෝනවා.
    ඕවත් ප්‍රශ්නද .?ව්‍යවස්තව අහෝසි කරලම දාමුකෝ.

    ReplyDelete
    Replies
    1. අහෝසි කරලා ගොඩක් කල්. හෙඩිම දැක්කම්, තේරෙන්නේ නැතෙයි ඒක..

      Delete
  22. දයාසිරි ආණ්ඩුවට යන්නට තීරණය කරලා ඉවරයි. දැන් කරන්නේ තවත් බොරු රඟපෑමක් විතරයි. මේ චන්දෙදි එන්නට බැරිනම් අනිවාරයෙන්ම ලබන අවුරුද්දේ ජනාධිපති වරනේ කිට්ටු කරලා පනින්න කියලයි දයාසිරිට උපදෙස් ලැබිල තිබෙන්නේ. දයාසිරි කියන්නේ අවස්ථාවාදය කියන දේශපාලන දර්ශනය හොඳින් හදාරපු කෙනෙක්. එයා වෙලාවට තීන්දුව ගනියි.

    ReplyDelete
    Replies
    1. කාළය පිළිබඳ ප්‍රශ්ණයක් විතරයි තියෙන්නේ. මම නම් හිතන්නේ මේ සැරේ බඩු එනවා. අපේ මලයගේ හොඳ යාළුවා. ඒත් ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑනේ..

      Delete
  23. එල එල ඈ. මේ අර නලින් අයියගේ සිංහල පාඩම හින්දා අහන්න හිතුනේ. මහන ද හරි මහණ ද හරි? මේ කියන්නේ මහන/ මහණ මැෂිම ගැන. දැන් ඉතිං අදාලම නෑ කියලා බැන්නොත් තමා අවුල.

    ReplyDelete
    Replies
    1. මොන "න" යන්න උනාම මොකද බං. කියන් දේ තේරෙනවනම්. සෙල්ලිපි වල තියෙන්නේ අමුතුම න යන්නක්...

      Delete
  24. මිනිසුන්ට ව්‍යවස්තා අවශ්‍ය නැත.

    අසාධාරණයට විරුද්ධව කෙලින් කතා කරනවාද?
    පාරට බහිනවාද? යන්නයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. නමුත් දයල්, එයට නායකත්වයක් අවශ්‍යයි නේද? පොකට් මීටීන් වලට සීමා වෙල කොහොමෙයි ආන්ඩු පෙරලන්නේ. නිකං මෝය කටෙන් පොල් ලෙලි යනවා වගේ. පඩිනවනම් පඩින්න ඕන හොඳට ගඳ ගහන්න. මේවා ගඳ නැති පඩ. ගඳ තියා සද්දෙ වත් නෑ..

      Delete
  25. දයාසිරි යන්න හිටියේ අද ඊයේ නෙවෙයි. චන්දෙ දිනපු ගමන නිල්වලා විජේසිංහ එක්ක. ගියේ නැත්තේ ඉල්ලපු ඇමති කම නොලැබුණු නිසා. හැබැයි දයාසිරිට අනාගතයක් තියෙන්නේ යූ.එන්. පී. එකේ හිටියොත් විතරය. මොකද රජතුමා කවදාවත් නාමල් කුමාරයාට තර්ජනයක් වෙන කෙනෙකුට තැන්ක දෙන්නේ නැත. අද එස්. බී. හිටියානම් නියෝජ්‍ය නායකයාය. ආණ්ඩුවට ගිහිං ආතක් පාඨක නැති වෙලාය. රාජපක්ෂ පරම්පරාව ඉන්නකම් වෙන එකෙකු එ පක්ෂයෙන් ඔලුව උස්සනවා බොරුය.අනික සජිත් වගේ ගොබ්බයෙකුට පක්ෂය යනවා කියන්නේ රනිල් ඉතුරු කරගත්තු ටිකත් නැතිවෙනවා කියන එකය.

    ReplyDelete
    Replies
    1. දයාසිරි නෙමෙයි බරක් ඔබාමා ශ්‍රී ලංකා එකට ගියත් ඔච්චර තමයි. අද හැම එකාම නාමල්ට බයයි. බැසිල්ට සර් කියනවා. කොන්ද පන නැති කාළකන්නි. සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරණවා. මේ සැරේ ටෝක් වලින් නම් පේන්නේ දයාසිරි යන එක ඉන්ෂුවරන්ස් එකටත් වඩා ෂුවර් කියලා. ඊටපස්සෙ දයාසිරිත් පොන්නයෙක් වෙනවා. ඒත් පොරගේ ජීවීතේ ගොඩ. නම්බර් වන් ව්‍යාපාරිකයෙක් වෙයි. නම්බර් වන් පාතාලයෙක් වෙයි. මොකෝ ආන්ඩු පෙරලුවත් මේ වගේ අයගේ ටාගට් ඒවා නිසා. ඔය වටේ පිටේ ඉන්න උන් ටික දෙනෙකුත් ගොඩ යයි.

      රනිල්ට තමා මගේ කැමත්තත්. නමුත් රනිල් කියන්නේ අට ෆේලියර් එකක් කියලා මමත් තේරුම් අරගෙන ඉවරයි. රනිල්ට තිබුනේ සජිත්ව කපලා. සජිත් නිසා කැපුන උන් ටික ගොඩ දාන්න. එතකොට යන්නේ සජිත් විතරයි. ඒත් අද ගොන් බූරූ ජහමනයා ඉල්ලන්නෙම. සජිත් වගේ සෝඩා බෝතල් විතරයි.

      Delete
    2. @ඉවාන් : හරියට හරි....
      අපි මෙතන දත් මැදගෙන මෙගා නාට්ටි බලනවා වගේ වසී වෙලා බලන් ඉන්නවා....

      Delete
  26. ව්‍යවස්ථාවක්??? ඒ මොකටද? රනිල්ට මඤ්ඤං! මරණාධාර සමිතියක ව්‍යවස්ථාවක්වත් කියවලා නැති කස්ටියට මොන ව්‍යවස්ථාද?
    අනික රනිල් ලොක්ක හොට බිම ඇනෙනකං ඕක අරන් රට වටේ ගිහින් ආපහු හිටපු තැනටම එයි.

    ReplyDelete
    Replies
    1. පිස්සු මඤ්ඤමක්. වෙන කියන්න දෙයක් නෑ..

      Delete
  27. හපොයි දේශ පාලනය හරියට පවුල් පාලනය වගේ වාත කෙස් එකක් . එත් පොඩි රහක් තියෙනවා වෙලාවකට
    හඃ හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. පවුල් පාළණේ ඊට අමාරුයි... මොකෝ බොරු කියලා බේරෙන්න බෑ නේ..

      Delete
  28. ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වී තිබේ

    1. විධායක ජනාධ්පති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන විධායකයක් නැවත පිහිටුවීම

    2.මනාප ක්‍රමය සහිත සමානුපාතික ක්‍රමය වෙනුවට ආසන ක්‍රමය පදනම් කරගත් මැතිවරණ ක්‍රමයක්

    3. අධිකරණයේ සහ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීම

    4. වර්තමාන පළාත් සභා ක්‍රමය අහෝසි කර රටට ගැලපෙන ප්‍රාදේශීය ආණ්ඩුකරන ක්‍රමයක් හඳුන්වාදීම

    5. මානව හිමිකම් තහවුරු කිරීම

    6. අල්ලස සහ දූෂණයට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන ආයතන තහවුරු කිරීම

    7 ජාති ආගම කුල වයස් ලිංග පන්ති ආදී භේද මත මත පුරවැසියන් වෙනස්කම් නොකිරීමේ නීතිමය පදනමක් සැකසීම

    එම නව ව්‍යවස්ථාවේ ලක්ෂණ විය යුතුය. මෙය අද හෙට කළ හැකි කටයුත්තක් නොවේ. නමුත් රටේ අනාගත සබ සිද්ධිය අදෙසා කෙසේ හෝ කළ යුතු කටයුත්තකි. ඒ සඳහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සමාජ ව්‍යාපාරයක් රටට අවශ්‍ය වී තිබේ.


    ReplyDelete
    Replies
    1. ඔය කතනදරේම මම කීප සැරයක් ලිව්වා. ඇත්ත ඇනෝ කියන දේ තමයි විය යුත්තේ..

      http://maathalan.blogspot.com/2013/05/new-constitution-from-unp.html

      Delete
  29. Kiyawala balapan.. may not be related to this post
    http://sithuwilidahara.blogspot.com/2013/07/ward-no-09.html

    ReplyDelete
    Replies
    1. කියෙව්වා.... මේකට අදාල නෑ. දිග වැඩියි..

      Delete
  30. ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
    Replies
    1. මේක සේව් කරලා තියාගෙනද ඉන්නේ. බොහොම ස්තූතියි ප්‍රචාරණයට. අර ඉස්සර වගේ අනිත් තැනවලත් දාන්න. දැන් බලගෙන ගියාම, කොටි මැරුවට වඩා හොඳයි උන් හිටියනම්. අර කිඹුලා කන එක ඉවසන්න පුළුවන් වගේ..

      Delete
    2. ඇනෝ !!! මඟුල් ගෙදර ඇවිත් මනමාලයාගේ ඔඩොක්කුවේ රෙනවා වගේ වැඩක් ඔහේ කරන්නේ.

      Delete
    3. //මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන්//

      Ano July 17,2013 at 9:05 PM

      ඔබ විසින් කර අැති ඉහත සදහන් ප්‍රකාශයත්, මාතලන්ගේ මෙම ලිපියත් අතර අැති සම්බන්ධතාවය කුමක්දැයි මට නොවැට හේ. රජයට විරුද්ධව යම් අදහසක් ඉදිරිපත් කිරීම කොටින්ට කඩේ යාමක් වශයෙන් අර්ථදැක්වීම යල්පැනගිය කුමෝපායකි. දැන් ගොඩක් මිනිස්සු ඒ ගොනා විකුනලාය. ඔබ තවමත් ඒ අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමෙන් පෙනෙන්නේ, ඔබ මහින්දට පස්සනවාගෙන අල්ලන්නෙක් නැත්නම් කඩේ යන්නක් බවයි.

      ඔබ මෙහිදී අදහස් කරන්නේ මහින්ද ජනාධිපති වරයාගේ සමයේ යුද්ධය අවසන් වූනිසා ඒහි සියළුම ගෞරව ඔහුට හිමිවිය යුතුය යන අදහසේ සිට බව පැහැදිලිය.නමුත් සත්‍යය ඒය නොවේ. ඒ පිලිබදව පුළුලු් කතිකාවතක් මේ බ්ලොග් අවකාශයේ සිදුකිරීමට යම් කිසි බ්ලොග් හිමියෙක් පියවර ගන්නවා නම් ඒය කාලීන අවශ්‍යයතාවයක් ඉටුවීමක් ලෙස මා දකින අතර මෙම Ano වැනි අයගේ දෑස් පෑදීමට ඒය බෙහෙවින් උපකාරී වනු අැතැයි මම සිතමි

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න