.

.

Dec 3, 2013

මහා බ්ලොග් සම්මාන උළෙල - Mega Blog Awards


දිනය - ක්‍රිස්තු වර්ෂ 2015 ක් වූ දුරුතු මස 15 ලත් ශනිදා
ස්ථානය - හම්බන්තොට නාමල්පොකුණ සම්මන්ත්‍රණ ශාලාව
උත්සවය - 2014 මහා බ්ලොග් සම්මාන උළෙල
උත්සවය ආරම්භ වන වේලාව - උදෑසන 10.00
දැන් වේලාව - උදෑසන 9.45

විශාල ශාලාව පඩිපෙල අසල, දෙදෙනෙක් රැඳී සිටී, තවත් සිකියුරිටි කාරයන් කීපදෙනෙකුට අමතරව වෙන කිසිවකු නැත.

දෙදෙනා රැඳි සිටින්නේ, පඩිපෙල කෙලවර සම්මන්ත්‍රණ ශාලාව පැත්තට වන්නය. එකෙක් කොටෙකි, අනෙකා සාමාන්‍ය උසක් ඇති එකෙකි.

තුවක්කුවක් කර තියා ගත්, සුදු ඇඳගත් මැදි වයසේ එකෙක්, තව කීප දෙනෙකුන් සමග වෙගයෙන් පඩි පෙලේ උඩට නගී.

කව්ද නලීන් කියන්නේ.

එයා එනකන් තමයි අපි දෙන්නත් බලාන ඉන්නේ.

බොරු කියන්න එපා කව්ද නලීන් කියන්නේ.

ඒක තමයි අයියේ කලින් කිව්වේ.

ඔයා කව්ද..? සරා ගොයියද..? මේ තුවක්කුවකුත් කරේ තියාගෙන..?

තුවක්කුවක්..... අඩෝ.... දැනගනින්, මේ ටී 56.., මම තමයි ජූලම්පිටියේ අමරේ..

අම්මට උඩු.... මේ ඔයාද....? ඉතින් කොහොමද මචං..

මචං, රෙද්ද මචං...., උඹ හිතුවද මම රෙස්ටුරන්ට් එකක් කියලා. සෑර් කියලා කතා කරපන්, උඹලට උපාධියක් තියෙනවද....?

මට නම් නෑ... මෙයාට තියෙනවා.... උස එකා, කොට එකා, පෙන්වමින් කියයි. සෑර්ට මොකක්ද තියෙන උපාධිය.

මට විතරක් නෙම්යි ඕයි.... මෙතන ඉන්න කීප දෙනෙකුටම උපාධි තියෙනවා. සමාජ විජ්ජාව හා අපරාධ පිළිබඳ.

එතකොට කව්ද නලීන්...?

එයාව තමයි අපිත් හොයන්නේ. ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ.

එතකොට උඹලා කව්ද....?

මම මාතලන්.... මේ වෙද මහත්තයා....

මොකා..... ඒයි මේ බලාපනකෝ මුන්ගේ නම්.

උඹ වෙද මහතයෙකුත් එක්කගෙන ආවේ... අම්බානක කෑවම, පත්තු බඳින්නද....?

අනෙක් උන් කොක් හඬලා සිනාසෙයි.

මෙහෙමයි ජූල් සෑර්.... අපි මෙතන මේ බ්ලොග් සම්මාන උළෙලක් තියනවා

උළෙලක් ..... කෝ ඔයි සෙනග.. තොපි දෙන්නටද සෙනග කියන්නේ.....?

අනේ සෑර්.....  අපිට අපේ වැඩේ කර ගන්න දෙන්න.... අපි මේකට අවසරත් අරගෙන තියෙන්නේ.. දෙන්නා බැගෑපත් වෙයි..

ඒක අපි දන්නවා ඩෝ. අපිව එව්වේ රාජ් මහත්තයා.. එයා කිව්වා, තමුසෙලට අවුලක් ආවොත්, පොඩ්ඩක් බලන්න කියලා.. ඒත් ඉතින් තමුසෙලා දෙන්නා ගහගන්නවා මිසක්.. මෙතන එකෙක්වත් නෑ නේ..

ඒකනේ සර්. බලන්නකො. එකෙක්වත් නෑ නේ. අපි හරි අමාරුවෙන් මේක සංවිධානය කර ගත්තේ.

මුන් පව් ඕයි..

මේකේ විනිස්ච මණ්ඩලේට එන්න කිව්වම, හැම එකාම කිව්වේ...., මණ්ඩලේ කචල් කරපු තමුසෙලගෙ ඒවට අපි එන්නේ නෑ ඔයි කියලා..

පව් ඕයි.. ඉතින්..?

ඉතින් අපිම තෝර ගත්තා..

මක්කුද....?

බ්ලොග් කාරයෝ....

අමරේ අයියා...... මාත් බ්ලොග් ගල් කපනවා.. එකෙක් ඉදිරියට එයි..

අපෝ නෑ නෑ.. මේ බ්ලොග් කියන්නේ..... සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..

අපි දන්න බොගක් නෑ. මක්කයි ඔය මල්ලේ තියෙන්නේ..?

ආ මේ සම්මානයි. සහතිකයි.. වව්චරුයි...

වර්චස්... ආ... රාජ් මහත්තයා කියපු එක හරි..... මුන් මේ වර්චස් දාන උන්ට දෙන සම්මාන වගයක්.. කැම්පස් වල ඉන්න තරමක් ඉන්නේ වර්චස් උන්ම තමා.. මටත් ඕකුන් පෙන්නන්න බෑ.....

නෑ නෑ පැම්පස් ඇඳපු, වර්චස් උන්ට විතරක් නෙමෙයි, අනික් චාටර් උන්ටත් දෙනවා..

එහනම් ඉතින් ඔය ටික මට දෙනවා.. අර බ්ලොග් ගල් හදන එකා ඉදිරියට විත් මල්ල ඇදීමට තැත් කරයි...

පිස්සුද....? එහෙම මේ බ්ලොග් ගල් හදන උන්ට මේවා දෙන්න බෑ.... මේකට පරිඝනක දැණුම ඇති විශේෂඥ්ඥයෙක් වෙන්න ඕන....

මෙන්න මෙහේ යන් බන් යන්න...... පිස්සෝ දෙන්නෙක්ද කොහෙද..... හරි පව් ඕයි...

මෙතන හිටියොත් මාත් නෝන්ඩි වෙනවා..

ඒ ඇයි අයියා ඒ... ?ගෝලයෙක් අසයි..

තව ටිකක් උන්නොත්, මටත් ඇඬෙනවා යකෝ... වරෙව් යන්න.. ආචාරය ජූලම්පිටියේ අමරේ ඇතුලු පිරිස පුක් මුහුණුවලින් යුතුව පඩිපෙල බැස යයි..

උස එකා හා කොට එකා මුහුණට මුහුණ බලාගනී...

ඒතරේ සිකුයුරිටි කාරයෝ හා පිරිසිඳු කරන කම්කරුවෝ පිරිසක් දෙදෙනා වට කර ගනී..

මාර වැඩේ නේ සෑර්.. එකෙක්වත් නෑ.. ඒ මදිවට තව ටිකෙන් නඩ යන්න කොටාබාන්න වෙනවනේ අරූගෙන්..

ඒක නෙමෙයි.... තමුසෙල අතරේ උපාධියක් තියෙන උන් ඉන්නවද..?

අපෝ ඔව් සෑර්.. මේක මේ පැන්ෂන් ජොබ් නේ.. අපි වැඩි හරියක් උපාධිධරි..

කියලා වැඩක් නෑ.. එහෙනම් ඔහෙලා බ්ලොග් එකක් පටන් ගන්නවා.. මෙන්න මේ සම්මානයි සහතිකයි ඔහේලම තියාගන්නවා.. මේ වව්චර් වලින් පොඩි උන්ට පොත් අරගෙන දෙනවා..

අපි යන් වෙද මහත්තයා යන්න.. හැම එකාටම එපානම් අපිටත් පාන්ද..

දැන් මාතලන් කොහෙද යන්නේ..?

මම යනවා ෂොට් එකක් ගහලා ..... තිස්ස රෙස්ට් එකෙන් නාලා ගෙදර යන්න.....

මේ නෑවා මදිද....? යං.... මාත් එනවා...

වෙද මහත්තයා බොන්නේ නෑ නේ....?

නෑ මාත් හිතුවා අද ඉඳලා බොන්න....

දෙදෙනා නික්ම යයි....
-x-

දිනය - ක්‍රිස්තු වර්ෂ 2016 ක් වූ දුරුතු මස 04 ලත් ශනිදා
ස්ථානය - හම්බන්තොට නාමල්පොකුණ සම්මන්ත්‍රණ ශාලාව
උත්සවය - 2015 මහා බ්ලොග් සම්මාන උළෙල
උත්සවය ආරම්භ වන වේලාව - උදෑසන 10.00
දැන් වේලාව - උදෑසන 9.45

දෙදෙනෙක් ශාලාවේ දොරටුව අසල රැඳී සිටී..

අදත් කලින්ම ,ඩ්‍රින්ක් එකට සෙට් වෙන්න පුළුවන් වෙයි වගේ...බඩු හෑව් ඩිකියේ..

වෙද මහත්තයා මාතලන්ට කියයි..

-x-

වර්ෂ 2017

මාතලන්ගේ සින්ඩිය..

ඇත්තේ බ්ලොග් දෙකකි..

පැම්පස් සින්ඩිය..

කැළණිය යටතේ එකම එක බ්ලොග් අඩවියක් ඇත..



-x-


මේ ආරාධනය නියෝෆෝබියාවෙන් තොර උන්ට පමණයි

අළුතෙන් හිතන්න, අළුතෙන් ළියන්න ...

දාපු ගමන් බඩුම තමයි..

කැම්පස් යන අයට - කැම්පස් සින්ඩිය

අනෙක් අයට - පැම්පස් සින්ඩිය

නියෝෆෝබියා - අළුත් දේවලට ඇති බිය
Neophobia - Fear of new things

111 comments:

  1. Replies
    1. ඔව්.... සම හරක්ට...

      Delete
    2. මෙහෙමයි.. මම තාම අධ්‍යනය කරනවා.. ඔය ගැන.. හිටපිය තව ටිකක් හොදවයින් දෙකක් කියන්න

      Delete
    3. උඹ අතුරුදහන් උනාද.. අතුරුදහන් කලාද.....?

      Delete
    4. උවමනාවෙන් අතුරුදහන් ලැයිස්තුවට දාගත්තා.. හැක් හැක්

      Delete
    5. දේශකයා ඇවිත් හෆෝ

      Delete
  2. අළුත් දේවල් වලට ඇති තාවකාලික බිය..ඕක දිගුකාලීන නෑ..බ්ලොග් ලෝකෙම පහුගිය අවුරුදු කීපය තුල සිද්ධ වෙච්ච සමහරක් කළු දේවල් දිහා සහ ඒවයේ පරිනාමය දිහා බැලුවොත් සීන් එක පැහැදිලී නේද ?

    ReplyDelete
    Replies
    1. උඹට මතකද හයිවේ එකේ යන වාහන වලට ගල් ගැහුවා.. ඒ අපේ අති ශ්‍රේෂ්ඨ සංස්කෘතිය හා වසර 2500 ක (සමහර විට අර ලෑලි කෑල්ල නිසා මෙය වෙනස් විය හැක. එතකොට විජය වෙනකන් අළුතෙන් රජවරු මහාවංශයට ඇතුලත් කරන්න වෙනවා.) ආඩම්බරකාර සභ්‍යත්වය.

      Delete
  3. අපිට ඉතින් පැම්පස් සින්ඩිය තමා :/
    හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවේ චෝගම් කලබලේට හදපුවා දැන් ගලව ගලව ආයෙත් රෙපයාර් කරනවා. කොහොමටත් 2015 විතර බ්ලොග් සම්මාන උළෙලක් නම් ඒකෙ තියාගන්න පුළුවන් වෙයි :v

    ReplyDelete
    Replies
    1. මොකෝ බැරි නේ බන් බ්ලෝග් ලියන උන්ගෙන් දැන් ඕක පුරවන්න බැරි කමක් නෑ ඊ මනී වලට හරි බ්ලොග් හදපු බ්ලොග් අයිති කාරයෝ දැන් අම්බානට නොවැ

      Delete
    2. ++++++++++++
      මමත් හැදුවේ දක්ෂිණ ලංකා එකේ ඊ මනි සී ඩි එක බලලා :v

      Delete
    3. @ රෙප් මහත්තයා

      එහෙනම් අවුලක් නෑ

      @ ජිං ජි බිරිස්
      උන්ව ගන්නේ නෑ.. කැම්පස් එකටවත්, පැම්පස් එකටවත්

      Delete
  4. මේක කැම්පස් වල සයිට් වල එල්ලන්න පුළුවන් නම් හරි. දැකපු බ්ලොග් ටිකක් තමයි තාම තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කවදාවත් බලෙන් එල්ලන්න ගිහින් නෑ. එල්ලගන්න කියලත් නෑ. කැමති එකෙක් එල්ල ගත්තාවේ.තාම පටන් අරගෙනත් නෑ. ජනවාරි වල පටන් ගන්න උන්නේ. මේ ට්‍රයල් රන් එක.

      Delete
    2. ජය වේවා මාතලන්. අන්න එහෙම තමා ඉන්න ඕන.

      Delete
  5. නෙළුම් පොකුණෙ චෝගම් කලබලේට හදපුවා නෑ නේ... ගිනි අයිය ඇවිත් ගිනි පූජාවක් වත් තිබ්බොත්.... හි හි...

    ReplyDelete
    Replies
    1. ඒකට නම් මක්කා වෙයිද දන්නේ නෑ. ඒත් මේවනම් ෆයර් පෲෆ්....

      Delete
  6. [බුදු ආතල් එකක් ගත්ත මේ පෝස්ටුවෙන්. :-), උඹ මාවත් කාල! ]

    ආයෙත් කියන්න තියෙන්නෙ උඹලගෙ වැඩේ සාර්ථක වේවා කියල තමයි. ඕං මාත් දානව දැන්ම මේලක්. උඹ නිසා. :-). මොකෝ අපිත් කැම්පස් කොල්ලො තමයි හරිය.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචෝ පබ්ලිසිටියට... මේවට කියන්නේ ගරිල්ලා මාකටින්..

      Delete
    2. මටත් ඒ වගේ මතකයක් තිබුණා. දැන් ඉතිං මොනවා කරන්නද ?

      Delete
  7. Replies
    1. කොහොම වුනත් පට්ට ආතල්. හැබැයි නෙලුම් පොකුණේ බ්ලොග් සම්මාන තියන්න . පරම්පරා ගානක හම්බකරපුවා ඕන වෙයි.

      Delete
    2. පිස්සුද එහම හිතන්න නරකයි.. අපි උත්සාහ ගන්න ඕන එතනට යන්න..

      Delete
  8. මම බැලුව එක සැරේම මොකද මේ කියල.
    එහෙම අප්ෂට් එකක් වෙන්නේ නැහැ ලොක්ක.
    අඩු ගානේ අපේ වෙද මහත්තය බොන්න පුරුදු වෙන එක හරි ලොකු දෙයක්නේ.
    මමත් ඔය "බිය" කියන රෝග නැති බුවෙක් නිසා දෙවැනි එකටවත් දාන්න පුලුවන්ද?
    නැත්නම් මාව අයිති 'කැත කතා' සින්ඩියටද මචං...?

    ReplyDelete
    Replies
    1. දෙවනි එකට දාලා ගොඩක් කල්. කොහේ තිබුනම මොකද බන් බලන එකා බලයි. බලන්නෙ නෑ කියන එකත් හොරෙන් බලයි..

      Delete
  9. මොකද්ද අප්පා මේ?

    ReplyDelete
    Replies
    1. අනාගතේ මේ සමාන්තර විශ්වයේ වෙන්න පුළුවන් දෙයක්

      Delete
    2. මට නම් හිතෙන්නෙ නෑ මෙහෙම වෙයි කියලා මේකෙ අනිත් පැත්ත මිසක්.

      Delete
  10. නියෝෆෝබියා - අළුත් දේවලට ඇති බිය,මේහෙම ලෙඩක් ඇහුවෙත් අදමයි.මේ ලෙඩේ නිට්ටාවට සුවකරන්න බැරිද..?එහෙම සුවකරනකම් රටක් විදියට අපිට ඉස්සරහට යන්න ආමරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් මේ රටට හෙන ගහලා තියෙන්නේ. කැසිනෝවක් එන කොට රෙද්ද උස්ස ගන්න කාළකන්නි ඉන්න රටනේ..

      Delete
  11. මට තියෙන පස්නේ මොන සින්ඩීයටද යන්නේ කියන එකයි..... මොකද මැලේරාළ වගේ එවුන් කවද්ද බන් කැම්පස් ගියේ නිකම්ම නිකන් රාළලානේ.... එත් එකාව නඩත්තු කරන එකානම් මම හිතන්නේ කැම්පස් බුවෙක් (නිකන් නිකන් නයෙක් වගේද).....
    පැම්පස් සින්ඩි යටනම් ආපු මුල් දවස් වලම මාතලන් ලොක්ක එල්ල ගත්තා ... ඒ නිසා තමයි මුල් දවස් වල ඉදන්ම කට්ටිය හෝ ගලා අපේ පැත්තේ ආවේ....... ඔන්න ඔහේ පැම්පස් එකේම ඉන්නවා .....

    ReplyDelete
    Replies
    1. අනිත් එකේ මමවත් නෑ බං...

      Delete
  12. කරකවලා අත හැරියා වගේ.
    අපි නම් දිගටම පැම්පස් සින්ඩියෙ. මේ ඒකට එන උන් පැම්පස් අදින්නම ඕනද?

    ReplyDelete
    Replies
    1. එහෙම අඳගෙන එන එක කෝකටත් හොඳා වගේ..

      Delete
  13. කැම්පස් සින්ඩියට කලින්නේ අපි පැම්පස් සින්ඩියට සෙට් උනේ. මොනවා උනත් මේ පෝස්ට් එකට නම් හිනා කාලා මැරෙනවා මාතලන් අයියේ. ඒ තරම් ජුගුප්සාජනකයි. ආනන්දනියයි.

    තව දෙයක්. පැම්පස් කියන්නේ ලෝකේ අංක එකට තියෙන ඩයපර් බ්‍රෑන්ඩ් එක. ඒක ප්‍රමෝට් කරන්න හේලීස් එකෙන් ගාණක් එහෙම දුන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම දෙනවනම් කොච්චර දෙයක්ද බං..

      Delete
  14. අනේ මම දන්නේ නැහැ.. මම දකින දේවල් බලලා එව්වා බ්ලොග් එකේ ලියන එකෙක්. තාම ඉස්කෝලේ යන එකාට ඔව්ව තේරෙන්නේ නැහැ.. කෝලං.. ඕන සින්ඩියක් ආපුවාවේ.. ඕන තෑග්ගක් දුන්නාවේ.. ඔව්ව තිබ්බත් ලියනවා.. නැතත් ලියනවා...

    ReplyDelete
    Replies
    1. ආන් එහෙමයි ඉන්න ඕන... එළ කොල්ලෙක් නේ...

      Delete
    2. :3 හැබැයි ඉතිං මමත් තෑගී ගන්ට ආසයි හරිය

      Delete
  15. අනේ අපිට ඉතිං ඔය සිංඩි වලට දාගන්න බ්ලොග් නෑනෙ. ඔය මොකක්හරි කොමෙන්ට් දාන සිංඩියක් තිබ්බොත්නං සලකා බලතහැකි.

    නාමල් පොකුණ නෙළුම් පොකුණට වඩා ලොකු ඇති නෙහ්..

    ReplyDelete
    Replies
    1. හෝගාන පොකුණ ඊටත් වැඩිය ලොකුයි.

      Delete
    2. සෑහෙන ළොකුයි කියලා පේනවනේ...

      Delete
  16. උඹලා එතන හිටපු සිකුරිටි සහ පිරිසිදු කරන එවුන්ගෙනුත් කැම්පස් ගිය අයට විතරද වව්චර් දුන්නේ? උඹල ගියාට පස්සෙ උන් ටික මරාගත්තද දන්නේ නෑ... :)

    ReplyDelete
    Replies
    1. අපේ උන් ඉතින් මරා නොගන්නේ මොකටද.. පඩේටත් ඇර ගන්න ජාතියනේ..

      Delete
  17. හි හි හලි තෝයි.. ඒ වෙද්දී අපිත් කසාද බැදලා දරුමල්ලෝ හදාගෙන ඉදි, බ්ලොග් එක නවතීවි :(

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා තමන්ගේ නිදහස නැති කර ගන්න නරකයි...

      Delete
  18. ඔන්න කැම්පස් ගිය එල කොල්ලෙක් මෙහෙම කොටලා කැම්පස් සින්ඩියේ,
    >>අපි කැම්පස් ගියාට අපි විදිනා දුක අර කලු ලේබල් වැඩි අටපාස් පඩත්තරයන්ට නොවැටෙහෙනා බව මා හොදින් දනිමි<<
    උගේ ලියවිල්ල පෂ්ට.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ ඌත් කැම්පස් ගිය එකෙක් වෙච්චි එකයි...

      Delete
  19. පැම්පස් සින්ඩිය...
    මගෙ ඔළුව කැරකෙනව...

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා වෙද මහත්තයා ඉන්නවා..

      Delete
  20. කැම්පස් සින්ඩියේ,කැම්පස් කොල්ල කියල එකෙක් කොමන්ට් කරල රස බේරෙනවා.
    කොහොමට හිටියිද ඌ ලිපි ලියන්න ගත්තොත්.
    එල මාතලන් ලොක්ක.

    ReplyDelete
    Replies
    1. එළ මචං කොහොමත් ඌත් උඹ වගේ පටන් ගනීවී කියලා හිතනවා.. උඹත් දැන් ලියන්නේ දොඹෙන්..

      Delete
  21. කැම්පස් යන්න බලාගෙන ඉන්න අය දැන් මොන සින්ඩියට ද ඇප්ලයි කරන්න ඕනෙ?

    ReplyDelete
    Replies
    1. ඒකම තමා මටත් තියෙන ප්‍රශ්නේ

      Delete
    2. පැම්පස් එකට.. ගියයින් පස්සේ කැම්පස් එකට...

      Delete
  22. මොකද බං හම්බන්තොට යන්න වෙදා අල්ල ගත්තෙ,නලිය නේද පුරෝහිතය වගේ පස්සෙන් හිටියේ.

    ReplyDelete
    Replies
    1. ඌත් යනවා සොට් එකක් හරි දාන්න ඇහැකියේ ඔයත් යං.

      Delete
    2. කැම්පස් එකේ හොස්ටල් වල හොරෙන් බුදියනව වගේ.. මේකෙදිත් මොක නැතත් අපටත් අර "සොට් එකක් දාන" හරියට වත් සැට් වෙන්න බැරියැ...

      Delete
    3. ඌව අල්ලගන්න හරි අමාරුයි.. අනික ඌට නිවාඩු තියෙන්නේ හෙනහුරාදා නොහොත් ශනිදට විතරයි..

      Delete
  23. ඔන්න මාත් දැම්මා පත්තුඋනා කියල රිප්ලයි එකකුත් ආවා හැබැ ලොක්කයියේ ඇහැක් විදිහට ලියඥා...

    ReplyDelete
    Replies
    1. ඇහැක් විදියට කනක් අඳින්නෙයි කිව්වලු මාතර පැත්තේ ගුරෙක්..

      Delete
  24. අනේ මන්ද ලොක්කා ඔය වැඩෙන් සිංහල බ්ලොග් අවකාශෙට සෙතක් වෙනවා වුනාට අර කියනවා වගේ කැම්පස් ගිය හා නොගිය අය අතර apartheid එකක් ඇතිවෙයිද කියලා.
    මොනවා වුනත් දුලා සහයෝගය දෙනවා!!!

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක දාන හැම එකාම. උඹ නෙමෙයි හැම එකාම. ඒක ඔළුවේ තියෙන උන්. ඒවා නැති කරන්න මට බෑ. ඒවා හැදියාවෙන් ලැබෙන්න ඕන දේවල්.. ඉතින් අළුතෙන් ඇතිවෙන්න දෙයක් නෑ. මගේ ගාව වැඩ කල උන් දන්නවා, මට කොයි එකත් එකයි කියලා. කැම්පස් ගිය උන් උන්ගේ උන්ට වඩා මටයි ආදරේ.. ඒ මට ඔක්කෝම එක නිසා.. ටොයිලට් හෝදන එකත් මට මචං

      Delete
  25. උඹට කොමෙන්ට් දාන්නත් බයයි .. දාපු ගමන් පස් පඩංගුවෙ බනිනවනෙ.. :D

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්.. ඒවටද බැණුම් කියන්නේ.. එහෙනම් අපේ අම්මා මතක කරලත් සමහර උන් දෙන්නේ..

      Delete
  26. ඇත්තටම මට කැම්පස් යන එක නතර කරලා මේ බ්ලොග් කටුව අප්ඩේට් කොර කොරම ඉන්න හිතෙනවා මේක දැක්කම. මාතලන් ලොක්කා අපි දෙන්න කොහොම හරි නාමල් පොකුණද මොකක්ද හම්බන්තොට අටමගලේට එදාට යන් උදේම. හවසට බොන්න ෆ්‍රැක්ටිස් කොරන්නත් තියනවනේ. ඒක නෙමේ. කාර් කට්ට ට රථාචාරියෙකුත් ගෙනියමු. එද්දි ඒක දක්කන්න එකෙක් එපෑ. මාතර මහ ගෙදර නොගිහින් ඉමු. ආස්තැරිය පාරෙන්ම කොළඹ එමු. හෝ ගාන පොකුනෙන් නාමු.

    ReplyDelete
    Replies
    1. මහ වෙදන බොන දවසට මාත් එනව මොන ලෝකෙ හිටියත්.

      Delete
    2. වෙද පප්පා අරිෂ්ටෙ නෙවැ බොන්නේ.

      Delete
    3. නෑ බං ගල් අරිෂ්ටෙ බොන්නෙ !

      Delete
    4. එහෙනම් ඉතින් බාල්දියකුත් ගේන්න වෙනවා... හෝ ගාන පොකුනේ නාන්න..

      Delete
  27. උඹේ පැම්පස් සින්ඩිය හොඳා...නිතර යන එන තැන නොවැ!
    කොහෙ ගියත් ඩිකියෙ බඩු! ...ඒ වගේම තැඹිලි ගෙඩි දෙකතුනක් එහෙම නැත්නං ඇල්කසෙල්සර් පැකට් එකක් ගෙනියන්ට අමතක කරන්ට එපා!

    ReplyDelete
    Replies
    1. තැඹිලි නැතත්. ඉස්මැක් මික්ස් ෆෘට් එකනම් තියෙනවා..

      Delete
  28. ටීන් ට්‍රී ට්‍රී න්................
    ටීන් ට්‍රී ට්‍රී න්................
    "කවුද මේ රජ වාසලට කතා කරන්නේ"
    "ආ............... එතුමා එහෙම කීවද?, එළ කිරි නිවුස් එක! ටුක් ගාලා දාන්නම්"
    <<<<------ මෙන්න දැන් ලැබුණ පුවතක් ------>>>>
    එතුමා : "එඩුවාන්ගල් වන්ගිපුරම් භයන්කර වාදන් එන්ඩු පෝම්...! පෝම්!! හාමුදුරුවනේ! මට මේ අය වැයෙන් මීට වැඩිය දෙයක් දෙන්න බෑ මගේ හාමුදුරුවනේ!!......."
    හාමුදුරුවෝ : "එහෙයි එහෙයි."

    ReplyDelete
    Replies
    1. බල්ලන්ගේ පුසන්ගේ කෑම ටිකනම් අඩුකරලා දෙයි අය වැයෙන්.. ඊලග ආත්මේ ,, බවුවෙක් වෙලා පෝසත් ගෙදරක ඉපදෙන්න මල්ලි

      Delete
    2. බල්ලො කන්නේත් ඉතින් අපි කන ඒවායින් ඉතුරු ටිකනේ ඒ කියන්නේ අපේ මහ රජතුමා අපි වගේ අයගේ කෑම වේලෙ මිල අඩු කරල දෙයි නේද ආයිබෝං...

      Delete
    3. මාත් මේ බැලුවේ මීට පස්සේ බලු කෑමවත් කන්න කියලා..

      Delete
  29. ඉතුරු වෙච්ච තෑගි වවුචර් තියනවනං දියං !!
    සහතික කන්ඩද බං ?

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම දීලා දැම්මා බන්.. අපි ගාව තිබුනයි කියලත්, හදිස්සියකට කන්නය..

      Delete
  30. හරියන්නෑ වැඩේ. මමත් තනියම සින්ඩියක් හදාගෙන මමම ලියලා මටම කමෙන්ට් දාගෙන මමම සම්මානත් දෙනවා.

    ReplyDelete
    Replies
    1. ආං ඒක තමයි මාත් මේ කල්පනා කලේ...

      Delete
    2. සම හරක් නම් එහෙමත් කරනවා.. දැක්කම දුක හිතෙනවා..

      Delete
  31. අර සින්ඩ් මේ සින්ඩ් කැම්පස් සින්ඩි මේ මොන සින්ඩිය තිබුනත් ඉතින් මෙව්වට සම්මාන දෙන්න හදන එකනම් ට්කක් අවුල් වගේ නේද?
    මුලින් ට්කක් හොදට දුවයි නමුත් පසුව........?
    දැන් තිබෙන නාට්‍ය සම්මාන උලෙළවල්, සාහිත්‍ය සම්මාන උලෙළවල් වගේ නොවෙයි කියා කාට කිව හැකිද??
    සම්මාන එපා.... (හොද දේ හරි දේ හරි විදියට දකිමු.)
    පැම්පස් සින්ඩියට ජය වේවා..
    කැම්පස් සින්ඩියත් වැජබේවා!!!
    මේ සියල්ලෙන් අල්පයක් හෝ සමාජය යහපත් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සම්මාන දෙන එක නවත්තලත් නෑ නේ..

      Delete
  32. අපොයි මාළු... එහෙම වෙන එකක් නෑ මයේ හිතේ...කෝකටත් ඔය කැම්පස් යන නංගිලට මල්ලිලට කියමු දැන්ම වැඩේට සෙට් වෙන්ඩ කියලා නැත්නම් ලේට් වෙන්න ලේට් වෙන්න පරක්කු වෙනවා...

    ReplyDelete
    Replies
    1. හික්ස්... ඒක ඇත්ත... මල් මසුරන් කතාව..

      Delete
  33. මෙකට මෙහෙම වෙන්නෙ නැ මාතේ.ලියන වුන් වැඩි වෙනව මට පේන හැටියට.

    ReplyDelete
    Replies
    1. රාජ් ගෙ ලිපිය දැන්නෙ දැක්කෙ.ඉට පස්සෙ තමයි නියමෙට මෙක තෙරුනෙ

      Delete
    2. අනිවාර්යයෙන්... ඒකයි සමහර උන් බය වෙලා තියෙන්නේ.. අනේ ඉතින් ඉන්නකන්නේ..

      Delete
  34. මාතලන් අපි ඔය දෙකේම ඉන්නවා නොවැ...නඩු දායිද අපිට ?????

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ.. නිකන් රහත් ඵල ලැබුවා වගේ වැඩක් නේ..

      Delete
  35. එතකොට කැම්පස් යන ගමන් පැම්පස් අඳින උන්ද ඔය සින්ඩි දෙකේ එකපාර ඉන්නෙ? මම ඔය දෙකේම ඉන්නවා නෙ!

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.. වැඩිපුර ඒවල ඉන්න එක තමයි වාසී...

      Delete
  36. උඹලත් රජාට දොස් කිය කියා හම්බන්තොට පැත්තටමයි හැරෙන්නෙ හුජ්ජ කරන්නත්...

    ReplyDelete
    Replies
    1. නිකන් වෙන්සකටත් එක්ක.. නැත්නම් ඉතින් හැම මලදානෙම, මහවැලි කේන්දරෙයි, ජයවර්ධන සැන්ටර් එකෙයි, පුස්තකාල මණ්ඩලෙයි නේ...

      Delete
  37. කැම්පස් සින්ඩිය, කැම්පස් ගිය උදවිය ලියන බ්ලොග් ඇතුලත් සින්ඩියක් කිව්වහම මුලින්ම මට හිතුනෙ මරුනෙ කියල... මොකද මම බලාපොරොත්තු වුනේ ඒ ඒ උදවිය කැම්පස් ගිහින් ලබාගත්තු විෂය දැනුම බෙදාදෙන්න කරන වැඩක්... ඒත් අද ඔය සින්ඩියට ගිය වෙලාවෙදි මම දැක්කෙ වෙනද බ්ලොග් ටිකම, වෙනද විදිහටම අලුත් තැනක එල්ලිලා තියෙන එක මිසක් බලාපොරොත්තු වුන දේ නම් නෙමෙයි...

    ඒ දැක්කහම මට හිතුනෙ රාජ්ගෙ සටහනේ තිබුන කතාව බෙදීමක් ඇතිවෙන කතන්දරේ සාධාරණයි කියල තමා... මොකද කැම්පස් සින්ඩිය කියල අමුතු දේකට වෙලා තියෙන්නෙ ලියන උදවියට ලේබලයක් ඇලවීම විතරයි... අනාගතේදි කැම්පස් යන උදවිය බ්ලොග් ලියන්න ආවත් කන්ටෙන්ට් වල ලොකු වෙනසක් වෙයිද කියන එක ප්‍රශ්නයක්? ( සැකයේ වාසිය සුභවාදී පැත්තට දෙමුකො ;)) මම හිතන විදිහට නම් සිංහල බ්ලොග් අවකාශය කියල හදුන්වන මොකක් හරි එකට අවශ්‍ය ප්‍රමාණාත්මක වැඩිවීමකට වඩා ගුණාත්මක වැඩිවීමක්...

    හැබැයි ඉතිං මේ පෝස්ට් එකේ කියල තියෙන විදිහට මාතලන් අයියා දෙතුන් දෙනෙක් විතරක් නම් වෙන්නෙ නෑ... බෙදීමක් ඇතිවෙනව කියල තර්ක කරන උදවිය වුනත් ඕකෙ තමන්ගෙ බ්ලොග් එක එල්ලන්නෙ නැතුව ඉන්නෙ නෑ... :) (එහෙම කවුරුහරි ඉන්නව නම් අපි කියමු 5%ක් විතර කියල... නොදැනුවත් කම හින්දා ඕකට නොඑන අය නම් ඊට වඩා ඉදී...)

    දැන් ඉතිං බ්ලොග් ලිවීම, කියවීම කියන එක කරන්නෙ අර කණ කැස්බෑවා මොකෙන්ද මොකක්ද බලනව වගේ හින්දයි, කියවපු ලියපු කාලෙත් සින්ඩි පාවිච්චි නොකල හින්දයි මේ ගැන මීට වඩා මට කියන්න දෙයක් නෑ ඕන්..

    ReplyDelete
    Replies
    1. අපි සින්ඩි පාවිච්චි කරන්නේ නැතෙයි කිව්වට. සින්ඩි නිසා තමයි අපි ජීවත් වෙන්නේ. මටත් අදටත් වැඩියෙන්ම එන්නේ එස් බී යූ එකෙන් තමයි.. ඒ වගේම සින්ඩියක් නූනත් කතාගෙනුත් එනවා සෑහෙන්න..

      Delete
  38. ගණන් ගන්නෙපා ඔහොම තමයි!

    ReplyDelete
    Replies
    1. මේවා ගනන් ගන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි..

      Delete
  39. වැඩිපුර නොහිතා වැඩේට යන්න දීපන්...කැම්පස් වුනත් පැම්පස් වුනත් ගොම්පස් වුනත් එන කෙනෙක් එයි...කමෙන්ට් කරන කෙනෙක් කමෙන්ට් කරයි....ලියන කෙනෙයි ලියයි...හොඳක් වෙනවා නම් එච්චරයිනේ,

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවෙ ඔය දේමයි මචං.
      මම හොදට කොමන්ට් කරන උන්ටත් හැකි වෙලාවට කියනවා උඹලත් පටන් ගනිල්ලා ලියන්න කියල උනන්දු කරනවා.
      අපේ සම හරක් ගෙ සිරිතක්මනේ යමක් පටන් ගන්න පෙර අසුභ පැත්තම දැකීම.

      Delete
  40. ඇත්තටම සම්මාන උලෙලක් කියලා හිතුනේ. ළඟදි බ්ලොග් ලියන්න ගත්තු නිසා මේවා ගැන දැනීමක් නෑ මටනම්, මාතලන්, කැම්පස් ගිහින් ඉවර අයට එතකොට මොන සින්ඩියද ?

    ReplyDelete
  41. පැම්පස් සින්ඩිය හදපු එක හොඳයි! එතකොට කැම්පස් නොගිය අයටත් තැනක් තියෙනවානේ. හැබැයි සමාජයේ කරක් ගහලා ගන්න දැනුම නම් කැම්පස් එකෙන්ම ගන්න බෑ. ජය වේවා මචෝ!!!

    ReplyDelete
  42. මේකේ අනිත් පැත්ත වෙයිද මන්දා.....:D :D

    ReplyDelete
  43. අපිට පැම්පස් අන්දන්න අන්නෙ පව් නැද්ද යකෝ...
    සෑහෙන්න හොයල හොයල සිංඩියට ලිංකුවක් මාත් දුන්න ඕන්
    මැදිං පැන්නට බයිනව එහෙම නෙමේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න