.

.

May 28, 2014

මෝදී, මහින්ද හා තර්ටීන් ප්ලස් (13+) - Modi meets MR


ඇට්ටි හැලෙන මැජෝරටි එකකින් දිනපු නිසා, දිවුරුම් දීමේ උතසවේට එන්න කියලා, හිතවත් එකාටයි, විරුද්ධ එකාටයි, ඔක්කෝටම කෝල කරපු මෝදී, ජයලලිතාටත් කෝල් කලේය. ලලිතා මම මේ මෝදි කතා කරන්නේ කියා කිව්වාම, ලලිතා කිව්වේ, මොකක්ද අනේ ඔයා කල කැත වැඩේ, අපි ඔයාට අගේන්ස්ට් තමයි, ඒත් ඉතින් එහෙම කියලා මහින්දට ඉන්විටේෂන් දෙන එක වැරදියි නේ කියාය.

ඒක එයාට කරපු ඉස්පෙෂල් එකක් නෙමෙයි මෙයා, සාක් එකේ ඔක්කෝටම ඉන්වයිට් කරන එකේ, එයාව කපලා දාන එක හරි නෑ නේ මෙයා, ඒ නිසා ඒවා ගනන් ගන්න එපා, ඔයා එන්න මෙයා කිව්වත්, ලලිතා කිව්වේ එහෙම කරන්න බෑ මෙයා. මොකෝ මම විගාටත් යන්න එපා කියපු එකේ, මම ආවොත් එහෙම විගාලටයි, සම්පන්තන්ලටයි, තල මල පිපෙන්න පුළුවන් නිසා මම මෙහේම ඉන්නම්. අනික, ඔහෙයි මායි දෙන්නම් තනිකඩයෝ එකේ, අන්තීමෙදි දේශපාලනේ පත්තක තියලා, දෙන්නත් එක්ක සෝ එකක් කරන්න හිතුනොත් හෙම, ඔක්කොම විනාසයි කියාය.

ඇයි අර වයිකොගෙන් අහලා බැලුවේ නැද්ද, එයානේ ඔයාලගෙ පොර, අනික ඉතින් කොයි වෙලාවෙත් ගේමෙම නේ ඉන්නේ කියු ජයලලිතාට මෝදි කිව්වේ, ඒ යකා මගේ එකා උනාට ඌට ඇපත් නෑ නේ. ඌ උත්සවේට ගෙනාවොත් මාත් නෝන්ඩි වෙන නිසා, මම ඌට කිව්වා ජන්තර් මන්තර් පැත්තේ කළු කොඩියක් උස්සගෙන  පොඩි සද්දයක් දාන්නෙයි කියලා, නැත්නම් ඉතින් ඕකට නින්ද යන්නේ නෑ නේ. ඔහේට පුළුවන් නම්, ඔන්න ඕකට ඔය ගූ මෝලක හරි, සභාපතිකමක් දෙන්න නෝනේ කියලාය.

උත්සවේට ගිය අපේ ජනාධිපති තුමා, මෝදිටත් ඉහලින් පිලිගත්තේ, පාදුක්කේ පොල ඕපන් කරන්න ගියා වගේමය. ඒ ත්‍රිල් එකට, වවුලා සැලූට් එකක් ගහන්න හිතුනත්, ඉනටර්නැෂනල් කේස් එකක් නිසා, අත් දෙක එකතු කරලා, නමස්තේ කියා බේරෙන්න හිතුවත්, බවලත් කස්ටිය ඇවිත් අතට අත දෙන කොට ලොක්කා හිතුවේ, මේ යක්කු නිසා ගෙදර ගිහින් මට බේරිල්ලක් නැති වෙනවා නේද යකෝ කියාය.

මනමෝහනයා ළඟ නතර උන ජනාධිපති තුමා, පොරගෙන් ඇහුවේ, මාර පරිප්පුවක් නේද කෑවේ කියාය. ඒකට හාම් හූම් කිව්වේ නැති මන මෝහන ඇහුවේ, කෝ ඔයාගේ බෝලේ කියාය. බෝලේ ලන්කට් එක ඇතුලේ කියාපු ජනධිපති තුමාට, මන මෝහන කිව්වේ, ඒ බෝලේ නෙමෙයි රත්තරන් බෝලේ කියලාය. ඒක ගෙනාවනම් එහෙම, මෝදි ඕකට ගේම දෙන එක බුදු ෂුවර් නිසා, මම ඒක ගෙනාවේ නෑ කියපු ජනාධිපති තුමා, මන මෝහනට කිව්වේ, දැන් ඉතින් රාහුල්ගේ බෝල මිරිකලා හරියන්නේ නැති නිසා, මේනකා එක්කවත් සෑට් උනොත් නරකද කියාය.

නාකී, ඇවිද ගන්නවත් බැරි, මේකප් අවුට් ගියපු, "ෂ්‍රේක්" වගේ උන්, ඇමතිකම් වල දිවුරුම් දෙන කොට, හිනා වෙවී බලාගෙන හිටපු ජනාධිපති තුමා හිතුවේ, අර, දී මූවා මේක බැලුවොත් හෙම, මෝදි ගේ අම්මගේ වයස ඇවිල්ලත්, පොරව ආයේ ගම්පොල පැත්තේ ස්ථිර පදිංචියට යවන්න වෙන්නෙ නෑ නේද යකෝ කියලාය. මොනවා උනත් තුල්සිට ඇමටි කමක් දෙන වෙලාවේ නම්, ලොක්කාට හිතුනේ මාලනීට ඇමතිකමකි නොදුන්න එක වස වැරද්දක් නේද යකෝ කියලාය.

ලඟ හිටපු අද්වානී අප්සට් මූඩ් එකේ ඉන්නවා දැක්කම, දුක හිතුන ජනාධිපති තුමා, කැත වැඩේ නේද මෝදි කලේ, අඩු ගානේ පොඩි ඇමතිකමක් වත් දෙන්න තිබුනා නේද කියා ඇහුවාම, අද්වානී කිව්වේ, බන්ඩාරනායකලා වෙලත්, චන්ද්‍රිකාට කෙල උන එකේ, මම මොකෙක්ද කියාය. එහෙම නෙමෙයි, වයස 75 පැනපු අයට, අපේ රටේ නම් ජේෂ්ඨ ඇමති කම් දෙන නිසා, පොඩ්ඩක් ඒ ගැන දැණුවත් කලොත් නරකද කියපු ජනාධිපති තුමා කිව්වේ. කරුණලටත් ඇමති කම් දීපූ එකේ ඒ පැත්තේ එනවානම් ජේෂ්ඨ ඇමති සංසදයේ, ආතල් සීට් එකක් දෙන්නම් කියාය.

ඊළඟ දවසේ අපේ සැට් එකත් එක්ක මෝදි හම්බ වෙන ගිය ජනාධිපතු තුමා කිව්වේ, ඕන් තෑග්ගක් හැටියට, මම ඔහෙලගේ මාළු කාරයෝ ටික, ආයේ මෙහේට පැටෙව්වා කියාය. මාළු කාරයෝ නෙමෙයි, කුඩු කාරයෝ ටිකත් එව්වා කියාපු, ජී ඇල් දිහා රවා බැලූ ජනාධිපති තුමා කිව්වේ, අපේ උන් ගැනත් පොඩ්ඩක් සලකා බලන්නෙයි කියලාය. ඔහේලයි කුඩු කාරයෝ මෙහේ නෑ නේද කියා අහපු මෝදිට ජනධිපති තුමා කිව්වේ, නෑ නෑ කුඩු කාරයෝ නෙමෙයි මාළු කාරයෝ ටික කියලාය.

ලඩ්ඩුවක් ගිලින ගමන් මෝදී ඇහුවේ, දැන් උතුර කොහොමද කියාය. උතුර ඉතින් හැමදාම කූල් නේ ලොක්කා කියාපු ජනාධිපති තුමාට මෝදී කිව්වේ, නෑ මචං ළෝකේ උතුර නෙමෙයි, ඔහේගේ රටේ උතුර කියලාය. ආ ඒකත් දැන් එකසිය ගානට කූල්. බොරුනම් මේ තංගච්චිගෙන අහලා බලන්න කිව්වාම, යෝගේෂ්වරි කිව්වේ, අයියා ෂාමී යේක ඇවිල්ලම පලන්නකෝ, එහේ දැන් ෆුල් කූල් මෙයා කියලාය. කොච්චර කූල්ද කියනවානම්, රියෝ අයිස් කිරින් කන්න දැන් ළෝකේ හැම තැනින්ම එනවා කියලාය.

දැන් 13 ගැන එහෙම මොකද තත්වේ කියා ඇසූ මෝදිට, අපේ ජනාධිපති තුමා කිව්වේ අයියෝ දැන් දහ තුනේ කෑලිත් නෑ, දැන් නැගලා යන්නේ 18 නේ කියාය. ඒක නෙමෙයි ඔහේ කිව්වනේ තර්ටින් ප්ලස් දෙනවා කියලා කියාපු මෝදිට, අපේ ලොක්කා කිව්වේ, අපොයි එක ඉතින් මන මෝහන් සිංට දීලා ගොඩක් කල් නේ. ගෙදර යන කොට මතක ඇතුව අරගෙන ගියාද දන්නේ නෑ. දැන් ඕන නම් වෙන මක්කා හරි දෙන්නම් කියාය.

එහෙම නෙමෙයි, එහෙනම් තර්ටින් ප්ලස් ප්ලස් හරි දීලා, මේකට සොලියුෂන් එකක් ගෙන්න කියාපු මෝදිට, ලොක්කා කිව්වේ, ආපෝ ගේන්න ගේන්න. ඕන එකක් මම දෙනවා කියා........., (මගේ ඇඟෙන් යනවය කියලය, අනෙ තොගේ තර්ටින් පස්, ඔය පස් කවන්න ගිහින් තමයි, මන මෝහනයටයි, ගාන්ධිලටයි කෙලවුනෙත්, වරෙන්කෝ පස් කවන්න කියා), හිතින් හිතා ගත්ත ජනාධිපති තුමා, ලඩ්ඩු හතරක් පහක් එක පාර ඇරලා දැම්මේ, ඕන ලෙඩක් උනොත් ඒලියන්ත ඉන්නා නිසාය.

එලියට බැහැපු ගමන්, කොළඹට කෝල් එකක් ගත්ත ජනාධිපති තුමා, විමලේට කිව්වේ, මල්ලි ඔහේ පී බී ට ගහන ගමන්, එහෙන් මෙහෙන් මෝදීටත් දෙකක් තුනක් ඇදලා ඇරපන්, ඇරලා, කේලම ගිහින් මහ නායක සෙට් එකට කියපන් කියලාය.

56 comments:

  1. ඉස්සරහට ලොකු අයියා පොල් තෙල් නොගා කොරනකොට දැනෙන සනිපේ ගැන දැන් මම හිතන්නේ..................++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. එදා ඉඳලම පොල් තෙල් භාවිතා කළේ නම් නෑ..

      Delete
  2. උඹටත් පිස්සුද බං ...හෙක්...හේක්.......

    ReplyDelete
    Replies
    1. උඹට මට නෙමෙයි බං ඔක්කෝටම පිස්සු...

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++=

      Delete
  3. මෝඩි මෝඩයෙක් නොවේ.. මරාද එසේ මෙසේ මරාලයක් නොවේ..

    ReplyDelete
    Replies
    1. අපේ අය ලොක්කගේ ගිලි කෑවට. අනික් උන් කන්නෙ නෑ. දැන් ඇත්තක් කිව්වත් බොරු කියලා හිතන්නේ...

      Delete
  4. හිහි...
    පට්ටය... මේවා කියවන්න ලොක්කාට දුන්නොත් බුවා දුවන්නේ ඇදුම් නැතිවය...
    මොකද මේ වගේ එකක් කියවපුවාම ඇදුම් තිබ්බත් නැතත් ඒකෙ ගානක් නැති හිංදාය

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ ලොක්කා ඉන්නේ හෙළුවෙන්ය කියා කියන්න එකෙක් නැති වීමය..

      Delete
    2. ඈයි නෑත්තෙ ඉන්නව. කියන්නෙ එහෙම ඉන්න එක දේශීය, දේශප්‍රෙමි, සහ අදිරාජ්ය විරෝදී කියලනෙ.

      තව ටික දවසකින් ලෙමන් පෆ් කියයි මේ හෙලුව විපක්ශයේ හෙලුවට වඩා දේශප්‍රේමී නිසා රට ආරක්ෂා කිරීමට මේ හෙලුවට චන්දය දීම හෑර විකල්පයක් නෑ කියල

      Delete
  5. කෝ ඔයාගේ බෝලේ කියාය. බෝලේ ලන්කට් එක ඇතුලේ කියාපු ජනධිපති තුමාට, මන මෝහන කිව්වේ, ඒ බෝලේ නෙමෙයි රත්තරන් බෝලේ කියලාය. ඒක ගෙනාවනම් එහෙම, මෝදි ඕකට ගේම දෙන එක බුදු ෂුවර් නිසා, මම ඒක ගෙනාවේ නෑ කියපු ජනාධිපති තුමා, මන මෝහනට කිව්වේ, දැන් ඉතින් රාහුල්ගේ බෝල මිරිකලා හරියන්නේ නැති නිසා, මේනකා එක්කවත් සෑට් උනොත් නරකද කියාය.

    ReplyDelete
  6. අපේ එවුන්වත් එවන්නට කිව්වාදැයි නං හැකයි...

    ReplyDelete
    Replies
    1. ඕන් 80 ක්ද කොහෙද එවනවයි කියන්නේ...

      Delete
  7. 44 ට අඩුකොරන්නේ කොහොමදැයි කියා නහය කහ කහා ඉන්න මෝදිව දැක්කාම සුෂ්මාට දුක සිතී මම 2012 ගිය වෙලේ මරු දෙයක් දැක්කා යැයි කීවිට මෝදී ඇහුවෙ කොහෙ ගිහින්ද යොදියේ කියාය.වෙන කොහේද පහල ගොඩැල්ලේ රාජ මල්ලිලා දිහා මිසක කියා, ඔය මෙගා මිනිස්ට්රිය එකක් දෙකක් දාලා තියෙන කරුම එකට අනලා රාජ මල්ලිවගේ පස්සේ දිග අරිමු හැම අට මගලෙටම මිනිස්ට්රිර දාලා යයි කී විට මෝදි, ෂාරුක් ඛාන් වගෙ ෆ්ල්යින්ග් කිස් එකකින් සුෂ්මාට සතුට ප්රදකාශ කලාය.

    ලිස්ට් එක 23ට එනකොට පැත්තක හිටිය ඉටිකිරිස් කෑල්ල, හරිසිම් රාත් බදාල්, කම්මුල බදාගෙන කියපි මොදි අන්කල් අපිට මුකුත් නැද්ද කියලා..

    මොකෝ නැතුව කියල ඔන්න ඔය තව 21ක් දාන්න අර පහල ගොඩැල්ලේ ගෙදර අය වගෙ අධීක්ෂනද මොකක්ද කියලා කිව්වම, සුෂ්මා කියපි එහෙම ඕන නෑ අපි පෙඩරල් නිසා පහල ගොඩැල්ලේ ඈයොට නැති ස්ටේට් මිනිස්ට්රිය කන් තියෙනවානේ කියලා 60 පැනපු නැති කට්ටිය අත උස්සන්න කිව්වලු..

    ReplyDelete
    Replies
    1. අම්මද බොල... එහෙමෙයි වෙලා තියෙන්නේ...

      Delete
  8. දෙබස් විතරක් තිබුණා නම් වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. විමලෙ ස්ටයිල් එක ඕකයි

      Delete
    2. ලේබලේ දැකලා නෑ නොව..ඒකයි හුටපටේ...

      Delete
    3. මේක කතෝ වෙනම ඉට්ටැයිල් එකක්...

      Delete
  9. 18 දුන්න කියන්නෙ ඉතිං තර්ටීන් ප්ලස් තමයි. 31+5=18 ඔය පහක්ම දීල තියෙන්නෙ නේද?

    ReplyDelete
    Replies
    1. උඹ ටැබූට දුන්න ගේම මොන ප්ලස්ද?

      Delete
    2. උඹ ගනන් කාරයා උනාට මෙතන නම් නාගෙන තියෙනවා...

      Delete
  10. දැන් ඇත්තටම මෝදි ඇවිල්ලා ලංකාව පලලා යයිද?

    ReplyDelete
    Replies
    1. මෙහේ එන්නේ ඇමරිකා එහෙම ගිහින් තමයි... සමහර් විට චීනෙටත් පස්සෙ වෙන්න පුළුවන්... හැබයි ඔය දෙකට කලින් ආවෝත් මෝඩී කියන්නේ පොරක්..

      Delete
  11. ආ එකයි මේක තර්ටින් පලස් උනේ මම හිතුවේ වෙන කතාවක් කියලා..... ඉන්දියාවේත් ගිය එකේ දැන් මහින්ද මාමා මෙහෙත් ඇවිත් යන්න එනවා කියන්නේ

    ReplyDelete
    Replies
    1. තනියෙන් එන්නේ නෑ.. ඉන්න හෝටලේ පිරෙන්න සෙට් එකක් අරගෙන එන්නේ... කන බොන මිනිස්සු උනාම එහෙමයි... තනියෙන් කන්නෙ නෑ..

      Delete
  12. කවදාවත් නැතුව අර දත් දොස්තර රාජිත් ගොයියා ඇත්තක් කිව්වා කරන්ට් වැදුණා වගේ ඇහිපිය ගගහා.

    මාධ්‍යවේදියෙක් ඇහුවා, 'මෝඩි ආවට පස්සේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය කොහොම වෙයිද' කියලා. රාජිත කියනවා, 'ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය, මේ අපේ වගේ, ඒ ඒ පක්ෂය බලයට ආවම වෙනස් වෙන එකක් නෙවේ. ඒක තිබුණු විදිහටම තියනවා. එයාලා විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ බොහොම කලාතුරකින්, ඒ කරන්නෙත් පක්ෂ විපක්ෂ ඔක්කොම පක්ෂ එක්ක සාකච්ඡා කරලා, බහුතර කැමැත්තෙන් විතරයි. ඒ නිසා, මෝඩි ආවා කියලා, එයාලගේ විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් වෙන්නේ නැහැ' කියලා.

    ReplyDelete
    Replies
    1. පුක තමයි. ඉන්දියාවට අපට තරම් වත් නිශ්චිත ප්‍රතිපත්තියක් නෑ. ඔය කවදාවත් ඉන්දියාවට නොගිය, ඉන්දියාව ගැන හාංකවිසියක් නොදන්නා වික්ටර් අයිවන්ගේ බයිලා තමයි ඉන්දියාවට ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවෙන ප්‍රතිපත්ති තියෙනවා කියන එක. ඉන්දියාවෙ විතරක් නෙවෙයි ලෝකෙ බොහෝ රටවල ඇමෙරිකාවෙ පවා ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති මාරු වෙනවා.

      Delete
    2. එක උදාහරණයක් කියන්නම්. ඉන්දියාව පරමාණු බෝම්බය හදන්න ගත්ත කාලය තුල ආණ්ඩු කීයක් මාරුවුනාද කියලා දන්නවද? ඒ කිසිම ආණ්ඩුවක් පරමාණු බෝම්බය ගැන රහස එලිකලේ නැහැ. ඒ තමන්ගේ රටට ආදරේ නිසා. ආරක්‍ෂාව තහවුරු කරගැනීම කියන ප්‍රතිපත්තිය රැකපු නිසා.

      Delete
    3. ඉන්දියාවෙ විදේශ සේවයත් ඒ වගෙ, ඒකෙ අපෙ වගෙ බංකොලොත් වෙච්ච දෙස්පලුවොයි පැන්ශන් ගිය පොලිස් පප්පලයි නිලියොයි නෑ.. ඉන්නෙ පලපුරුදු වෘත්තිකයෝ..

      Delete
    4. ඉන්දියාවේ ප්‍රතිපත්ති එහෙම ලේසියෙන් වෙනස් වෙන්නේ නෑ. අනික උන් ක්ෂනික තීරණ ගන්නෙත් නෑ. ඒ වගේම ඉන්දියාවේ තීරණයට කෙලින්ම යන්නෙත් නෑ...

      Delete
    5. බොක්කෙම්ම එකඟයි

      Delete
    6. නොදන්න දේවල් ගැන කතා නොකර හිටපන්. පරමාණු බෝම්බය හදන්න තිබුණු උනන්දුව ආණ්ඩු වෙනස් වීම අනුව පැහැදිළිව අඩු වැඩි වෙලා තියෙනවා. විදේශ සේවයේ වෘත්තිකයින් සිටීම දේශපාලන තීන්දුවක් නෙවෙයි. ඒක එහේ සම්ප්‍රදාය.

      Delete
  13. හොම්බෙන් යන විශ්ලේෂනයක්. වෙච්ච ටිකනම් හරියටම හරි මාතා. දැන් ඉතින් වෙන්න තියෙන දේ ලියපන් මචෝ. දැන් ඉතින් අපේ එවුන් මෙච්චර වෙලා රහ කරපු මෝඩිව පතුරු ගහයි. මම මේ බලන් ඉන්නේ අර දයාන් ගොයීයා අළුතෙන් දෙන වර්ෂන් එක මොකක්ද කියලා.

    උඹ දැක්කාද නියෝමාල් විදේශ නියෝජයා ඇතුළු අය සුෂ්මා ස්වරාජ් ගැන කියන දේවල්. මුන් එකෙකුටවත් තේරෙන්නෙ නැහැ, ඉංදියාව වඩාත් විමසිලිමත්වන්නේ තම පුරවැසියන් පිළිබඳව මිසක් අපේ රජය පිලිබඳව නෙමේ කියලා. 2012 ස්වරාජ්ගේ විසිට් එකක් ගැන තලු මරනවා. එදා එයා විපක්ෂ නායිකා. අද විදේශ ඇමතිනි.
    Indian Express

    ReplyDelete
    Replies
    1. එයා එදා හිටියෙත් ආන්ඩුව හිටපු මතේමයි. ඒකේ වෙනසක් වෙන්නේ නෑ...

      Delete
  14. කොහොමත් මෝඩිට අපිව ඒ තරම් ලොකු නැහැ.මනමෝහන්ට දාපු සෙල්ලම් මෝඩි එක්ක දාන්න ගියොත් අපේ බෝලත් ඉන්දියාවෙන්ම ඇවිත් මිරිකලා දාවි.

    ReplyDelete
    Replies
    1. අපේ කෙහෙල්මල් ප්‍රශ්ණෙට වඩා. පකිස්ථානෙත් එක්ක ගේමක් කවදත් තියෙන එක, එක අතකින් අපිට වාසියක්.

      Delete
  15. මෝදි එක්ක හොදට ෆිට් උනා නම් ජයලලිතලා නිකංම හැලිලා යනවා...ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙ ස්වාධීනව කටයුතු කරන්න බලය තියෙන නිසා...ජයලලිතලගෙ කේවල් කිරීමේ ඔප්ෂන් එක අහෝසි වෙනවා...

    ReplyDelete
    Replies
    1. ජයලලිතා තවත් ශක්තිමත් වෙලා ඉන්නේ. ඒ නිසා ජයලලිතා අත්‍යාවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. ඒකයි ගෑණී දිවුරුම් දීමේ උත්සවේටවත් නොගියේ.

      Delete
  16. කොම වුනත් ලංකාවට දෙමල ජනයා ගැන යම් බලපෑමක් නොකර ඉදි කියලා හිතන්න අමාරුයි ,ජයලලිතා කිව්වත් නැතැත් .....

    ReplyDelete
    Replies
    1. මෙහේ ප්‍රශ්ණවලට හොට දාන එක කවදාවත් නවත්තන්නේ නෑ..

      Delete
  17. මේ හුමවීමට පසු හමුවීමක් ද යෙදි ඇත.ඒ ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් කතා කිරීමටය.මෙහිදී ආණ්ඩුව ජාතිවාදි ස්ථාවරයෙන් බැලැන්ස් කරන,විමල් ඥාණසාර චම්පික වැනි කණ්ඩායම් සිය අදහස් දැක්විමට උතුමාණන් හමු වී ඇති අතර මෙසේ හමුවීමට පැමිණි අය රැගෙන ආ තෑගි අධෝමාර්ග ගත කිරීම ජනාධිපතිතුමාගේ සංග්‍රහය වී ඇත.අවාසනාවකට මේ සියළු දෙනාම ජූරියන් රැගෙන ගොස් ඇති අතර සාකච්ඡාව අවසානයෙ තමන් මේ දක්වා කතා කළේ කුමන පැත්තෙන්දැයි සිතා ගැනීමට අපහසුවෙන් සියළු දෙනාම ප්‍රතිකාර සදහා දන්ත වෛද්‍ය අමරසේකරයන් සොයා ගොස් ඇත.එතුමාද මේ කතා වලට සවන් දීමෙන් පසුව සිය අධෝමාර්ගයද දත් ඇත්දැයි බැලීමට කණ්නාඩියක් අසළට ගොස් ස්වයං නිරීක්ෂණයකට ලක් කර තිබේ.අවසානයේ මේ සියළු දෙනා විසින් එකගතාවයකට පැමිණ මෝඩිගේ හමුවීමට යන උතුමාට ද ජුරියන් කන්ටේනරයක්ම පරිත්‍යාග කර ඇත්තේ මෝඩිට යන පිරිවරටම එකම දෙයින් සංග්‍රහ කිරීමේ අවස්ථාව ලබා දෙනු පිණිසය.නමුත් ඇතැම් අයටනම් එයද මුහුදට පොල් ලෙල්ලක් වෙන්නට ඉඩ ඇති බව ද එම පුද්ගලයන්ගේ ක්‍රියා කළාපයන්ට අනුව මෙහිදී සාකච්ඡා වී ඇත.

    ReplyDelete
    Replies
    1. දූරීයන් මක්කද බං. අලි පත පතොක් ගහකුත් නිකන් පඩයක් වගේ වෙච්චි උන්ට..

      Delete
  18. මාළු කාරයෝ ටික ගොනා වගේ නිදහස් කරල දැම්මා. ඉතින් මෝඩිට අහක බලං ඉන්න පුලුවන්යෑ. උන්දැ ඉතින් නොකර බැරි කමට අපේ එවුන් ටිකත් නිදහස් කලා. ඔන්න ඕකෙ හරිම යථාර්තය දැනගන්න තිබුනා, අගමැති උන සතුටට මෝඩි ඉස්සෙල්ලාම අපේ උන් ටික නිදහස් කලානම්.

    අනේ මංද, මහ එකාගෙ කොන්ද පණ නැති කරුමෙට දැන් ඉතින් රටේ කොන්දත් පණ නැතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තටම කොන්දේ ප්‍රශ්ණයක් නෙමෙයි. ගෝලියකරනය කියන දේ පිළිබඳව කිසි අවභෝධයක් නොමැති කම..

      Delete
  19. මාතලන්,

    අපි ඉන්දියාව ගැන මීට වඩා සාකච්ඡා කළ යුතු කාලය එළැඹිලා. මෝඩි මන්මෝහන් සිං වගේ දකුණු ඉන්දියාවට නැමෙන එකක් නෑ. නමුත් ඔහු හින්දු භක්තිකයෙක්. ලංකාවේ ගැටළුවට ලක්වෙලා ඉන්නේ හින්දූන්... ඉතින් ඔහු එල්.ටී.ටී.ඊ එකට කඩේ නොගියට 13 ප්ලස් එක ගැන නම් දරුණු විදිහට ඉදියි. දෙමළ ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් වෙනදට වඩා බරපතල විදිහට වැඩ කරයි.

    රජීව් ගාන්ධිත් එල්.ටී.ටී.ඊ එකට කඩේ නොගියට ලංකාවට ඕනේ දේ කරන්න දුන්නේ නෑනේ. ඔහු ලංකාවේ දේශපාලනයට අනවශ්‍ය විදිහට අත ගැහුවා වගේ මෝඩිත් කරයි ද කියලා අපි අවදියෙන් ඉන්න වෙනවා..... නමුත් සිදුවෙන්නේ ඒ ගැන විද්වත් සංවාදය වෙනුවට වෙන වෙන චූන් ගැනීමක් පමණි....

    ReplyDelete
    Replies
    1. මන මෝහනටයි, බෑන්කුවේ මූන්ටයි දීපූ පොරොන්දු ඉටු කරන්නය කියලා.. අපේ එක්කෙනා හා කියලා.. එහෙම කිව්වා කියලා යාපනේ නගරාධිපති නෝනා ඇන් ඩී ටී වී එකට ඉන්ටර්වල් එකකුත් දුන්නා මම බලාගෙන උන්නේ.

      Delete
  20. තුල්සිට ඇමති කොමක් දුන්න එක නං ලොකු දෙයක් අප්පා

    ReplyDelete
    Replies
    1. අපේ පබාටත් අදීක්සොන එකක් වත් දෙයි ඔයි පාර..

      Delete
  21. මෝදිට ලංකාව ගැන ඔය කින තරම් ඉන්ටරස්ට් එකක් නැතිය. එයාට කොරන්න් තියෙන දාහක් වැඩ අතරේ එකක් පමණි ලංකාව , ඒ නිසා අපේ උන් පුක උඩ දමන් දැඟලුවට මෝඩි මෝඩයෙක් නොවේ . එත් ලංකාවට දෙන්න ඕන බෙහෙත අවශ වෙලාවට බල නහරෙටම දෙන බව ලොක්කා දන්නේය. ඒ නිසා නොදැනුවත්වම දඟලනවා ය

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය වෙලාවට නෙමෙයි, දෙන්න ඕන බෙහෙත්, අපේ එක්කෙනාටයි, නවාස් සරීෆ්ටයි දෙන්නටම දීලා තියෙනවා එදාම. සෙරීෆ් කාරයා ප්‍රෙස් රිලීස් එකක් දී ගන්න බැරුව ඇඹරුනා පැය ගානක්..

      Delete
  22. මේ ටිකට මෙච්චර පුවත් මවන මෝඩි ගැන ඉදිරියේදී කවර කතාද මාතයියෙ

    ReplyDelete
    Replies
    1. මෝඩී එක්ක ලේසී වෙන්නේ නෑ.. මොකෝ එයත් අපේ එක්කෙනා වගේම නිසා..

      Delete
  23. My partner and I absolutely love your blog and find almost all of your post's
    to be precisely what I'm looking for. Would you offer guest writers to write content to suit your needs?
    I wouldn't mind writing a post or elaborating on a lot of the subjects you write in relation to here.
    Again, awesome site!

    my webpage Summoners War Cheat

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න