.

.

May 13, 2014

රෝගය, විධායකය පමණමද? - Why only Executive Power?




හැම එකාම පොදු අපේක්ෂකයෙක් ඉල්ලුවාට, එයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක, කවුරුත් කතාවෙන්නේ නෑ. ඒ කියන්නේ මේ සිස්ටම් එකම කිසි අවුලක් නෑ, පුද්ගලයා වෙනස් කරාම ඇති කියන එක. මේ විධායක ජනාධිපති ක්‍රමය කරුමයක්ය කියලා කියන්න තව වචන නාස්ති කරන්න ඕන නෑ නේ. ජනාධිපති මේන්ටේන් කරන්න, බජට් එකෙන් වෙන් කරන ගාන බැලුවාම හොඳටෝම ඇති. කෙනෙක් පෙන්වලා දුන්නේ, ඒක එංගලන්තේ මහ රැජිණිගේ බජට් එකටත් වඩා, පෝඩ්ඩක් වැඩියි කියලා. ප්‍රථිශතයක් හැටියට නෙමෙයි. මුදල්මය වටිනාකමෙන්. එතකොට හිතාගන්න පුළුවන් නේද ගානේ තරම.

ඒ ජනාධිපතිට. එතකොට සිය ගානක් ඉන්න, සත පහක වැඩක් නැති ජනාධිපති උපදේශකලා. උන් අර බජට් එක ඇතුලෙද, එහෙම නැත්නම් වෙනම වියදමක්ද කියන්න, මම හිතන්නේ ආන්ඩුවේ ඇතුලේ ඉන්න උන්වත් දන්නේ නෑ. මේ හැම එකාටම අඩුම ගානේ වාහනයක් තියෙනවා. රියදුරෙක් ඉන්නවා, ඉන්ධන වෙනම ගෙවනවා. මේවා ගැන ඇයි ඇතුලේ ඉන්න එකෙක්වත්, අහෝසි කරන්න හදන එකෙක්වත් කතා කරන්නේ නැත්තේ.

එතකොට ඇමති මණ්ඩලේ. ඒකේ ඉන්න ගාන ජනාධිපති තුමා තියා පාර්ලීමේන්තුවේ ඉන්න එකෙක්වත්, දේශපාළණේ ගැන උපාධියක් ලියපු එකාවත්, දන්නෙ නෑ. ඒ මදිවට නාකි ලොම් හැලිච්ච, බානී රේමන්ඩ් එකේ වේටින්ග් ලිස්ට් උන් දාලා ඉන්නවා, ජේෂ්ඨ ඇමතිලා කරලා. උන්ට කරන්න මෙළෝ දෙයක් නෑ. ඒ උනාට ඉන්න දහ දෙනාටද කොහෙද, ඩැයිවර්ලා 90 ක් ඉන්නවලු. ඒ කියන්නේ එකාට දහයයි. මේ මක්කුන්ද, එක්කෝ මේ නාකින්ගේ නෑයෝ, එහෙම නැත්නම් ඇමති ආච්චිලගේ නෑයෝ. එයාලට මුන් නෑයෝ උනාට, අපිට මුන් වේයෝ.

අනිත් ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලය ඔක්කෝම පවුලේ උන්. එක්කෝ නෝනා. නැත්නම් මහත්තයා. එහෙමත් නැත්නම්, දුව, පුතා, නෑනා, මස්සිනා, බෑනා, ලේලී, එහෙම නැත්නම් ලේලීගේ මල්ලි. කොහෙන් හරි, නෑ කමක් තියෙනවා. එතකොට අපි ගෙදර ගේන හාල්මැස්සෝ සීයෙනුයි, සීනී පන්යෙනුයි, පරිප්පු පන්සීයෙනුයි කෙලින බද්දෙන්, මුන් පවුල් පිටින් කනවා. කිසි ලැජ්ජාවක් නෑ. සත පහක ගානක් නෑ.

අනික එහෙම අපෙන් කන එකාට, අපි නැගිටින්නත් ඕන. සෑර් කියන්න ඕන, මහජන දිනේට ගියාම උගේ රැස්පෙක්ට් එකයි, උගේ කටු කන බල්ලන්ගේ රැස්පෙක්ට් එකයි, දෙකම බලන්න ඕන. රෙන්න පුකේ ගූ නැතිව, බට පතුර වගේ, දන ගගගෙන ආපු එකා, ඉටැලියන් ලෙදර් පුටුවේ වාඩිකරවපු මිචිලින් පප්පා වගේ, ඔළුව උස්ස ගන්නත් බෑ. මොකෝ බලේ වැඩි වෙලා, මොළේ බරවෙලා. මූණ හරවන්න කොහොමත් බෑ. මොකෝ ඒකට බෙල්ලක් නෑ.

උන් පාරේ එනකොට, අපි කාණුවට බහින්න ඕන. එහෙම බැස්සෙ නැත්නම්, රණවිරුවන්ගේ, “ඇමති මුදාගැනිමේ” මෙහෙයුමට ලක්වෙන්න සිඳු වෙනවා. නැත්නම් ගෙදර ඉන්න මාස්ශුද්දියත් නැවතිලා ඉන්න අම්මා එක්ක සංසගර්යේ යෙදෙන්නද කියලා ආදරෙන් විමසනවා. එයාලට ඉතින් වයසේ ප්‍රශ්ණයක් නෑ නේ. දර කොටයක් උනත් අවුලක් නෑ. හුස්ම ගන්න විතරයි ඕන. පැදුරු පෑගුවත් බඩ වෙනවා.

මුන් මෙහෙම පිඹගෙන යන්නේ, එක්කෝ මුන්ට කක්කා බරවෙලා, එහෙම නැත්නම් පෝල් වෝල්ට් ගේ, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් බලලා. උන්ට පාරේ නීතී රීති එකෙක්වත් නෑ. ගස් අස්සේ, කණු අස්සේ හැංගිලා ඉන්න ට්රැෆික් කාරයෝන්ගේ, කලිසමේ ගූ යනවා මුන් යන යෑමට. ගඳක් එන්නේ නැත්තේ, වාහන පෝලිම යන සැරට එන හුළං පාරට කක්කා ටික වේලෙනවා.

ඒත්, උන්ගේ ඉස්පීඩ් එකට, උන් එක්කම ගියත්, අපිව අල්ලනවා. ඊට පස්සේ ආයෙත් මුන්ව නඩත්තු කරන්න ගානක් කඩාගෙන කුවිතාන්සියක් දෙනවා. එහෙම නැත්නම් පොලීසියේ පවුල් වල සුබ සාදනේට අපෙන් ගානක් ඉල්ල ගන්නවා. මුන් මේ පුක ඉරාගෙන විද්දට, කරන ලබ්බක් තියෙනවය? විවෘත කිරීම් කියලා, කක්කුසියක් විවෘත කරයි, ටැප් එකක් කරකවයි, ලයිට් එකක් දායි, අහවල් වියාපෘතිය කියලා පත බෝඩ් එකක රෙද්ද ගලවලා බිමට දායි. පොඩි උන්ට පිටු හතලියේ කොපි පොතක් දෙයි, ඕවනේ මුන්ගේ දේශපාළනේ.

හැබයි එතෙන්ට පිලිගැනීමේ ගීතයකුත් තියෙනවා, ඉස්ටේජ් එක ගහන්නම ඕන. බුලත් හපයෝ ටිකත් කහ පාට සිවුරු පොරවගෙන ඇවිල්ලා, වෙනම ඉස්ටේජ් එකක. හොඳ කෑල්ලක් හොයලා, මල් මාලයක් එහෙම දානවා. ගමේ තගාලා බුලත් දෙනවා. ඌ බුලත් ටික පස්සට විසි කරනවා. මොකෝ මුන් කන බුලතක් තියෙනවය? ඊට පස්සේ කොහොඹා කංකාරිය. තාම නොකරන්නේ, පාවඩ දාන එක විතරයි. සම හරක් මුතු කුඩ සේසත් හිටන් අල්ලනවා. ඉතින් අරුත් යනවා මහින්ද රාජපක්ෂ වගේම.

යකෝ මේ ඔක්කෝම අපේ සල්ලි. එකෙකුටවත් නෙමෙයි ගානක්වත්. කක්කුස්සිවලට මොන ඕපනින් සෙරමනිද ආයිබෝවන්ඩ? කට කපලා රෙන්නේ නැතුව. එතකොට විධායකේට කෙලියම ඔක්කෝම හරියනවද? නෑ. අනික් උන් ඉන්නෙත් යුව රජවරු වගේ. මොකක්ද හේතුව? කේවල ඡන්ද ක්‍රමය නැති කම. කරුමක්කාර සමානුපාතික ක්‍රමය. මුන් ගමේ උන්ට සල්ලි දීලා හරි, ලිස්ට් එකේ උඩට එනවා, දිණුවත් පැරදුනත් පාර්ලීමේන්තුවේ.

ආන්ඩු පක්සෙට පනින එක, නිකන් බට්ටෝ පනිනවටත් වඩා ලේසියි. මොකෝ අවුරුදු පහක් ඇදගත්තොත් පැන්සනුත් තියෙනවා. ළෝකේ කොහේවත් නැති ආතල් එකක් ඒ. කොටින්ම මේක ඉල්ලමක්, හැබයි යන්නේ රට වෙනුවෙන්. අම්මගේ රෙද්ද. යන්නේ රට වෙනුවෙන් නෙමෙයි, පරපුර වෙනුවෙන්. නැත්නම් මෙච්චර කාලයක් ඉහගෙන කාපු කෑම නැති වෙලා, ගෙදර ගෑණීගෙන් කන්න වෙනවා බඩ යන්න. ඇත්ත කතාව ඕකයි.

එතකොට මාතලන් මෙච්චර දෙයක් ලිව්වේ ඇයි.? විධායකය විතරක් අහෝසි කරලා හරියන්නේ නෑ කියන්න.
එහෙනම් ඒ සමගම, තව තව දේත් වෙන්න ඕන කියන දේ කියන්න. කෙටියෙන් කියනවනම්.

  • විධායකය මෙන්ම සමානුපාතික ඡන්ද ක්‍රමයද අහෝසි කළ යුතුයි.
  • රාජ්‍ය නායකයා මොකා වූවද, සෑම පාරලිමේන්තු රැස්වීමකටම අනිවාර්යයෙන් සහභාගි විය යුතුයි. (විදේශ ගතවීමකදි හැර.)
  • ඇමති මණ්ඩළය උපරිමය 20 කට සීම කළ යුතුය.
  • රාජ්‍ය නායකයාට හා ඇමති මණ්ඩලයට උපදේශකයින් පත් කිරීම, සිවිල් සේවාවෙන්ම පමණක් විය යුතුය.
  • විදේශ තානාපතිවරුන් පත් කිරීම විදේශ සේවයෙන් පමණක්ම විය යුතුය.
  • ජනමතය වෙනස් කොට පක්ෂ මාරු කිරීමට ඉඩ නොතැබිය යුතුයි.
  • දේශපාළණය රැකියාවක් ලෙස සැලකීම වහාම අහෝසි කළ යුතුයි.
  • පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප, වහා අහෝසි කළ යුතුයි.
  • සුඛෝපභෝගී වාහන බලපත්‍ර ලබා දීම වහාම අහෝසි කල යුතුයි.
  • රජය සතු සමාන්‍ය ප්‍රමාණයේ මෝටර් රථයක්, සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට ලබා දිය යුතුයි.
  •  කිරිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට හෝ ඇමතිවරයකුට ආරක්ෂකයින් සැපයීම වහාම අහෝසි කළ යුතුය. ජනතා සෙවකයන් ලෙස දිවි පරදුවට තබා හෝ ජනතා සේවය ඉටු කළ යුතුය.
  • කාර්ය මන්ඩලවලට පවුලේ සාමාජිකයින් පත් කර ගැනීම වහාම නැවත්විය යුතුයි.
  • ඇමති කාරය මණ්ඩල සීමා කළ යුතුයි.
මෙම කරුණු ක්‍රියාවට නැගීමෙන් පමණක්ම රජයේ වියදම 80% කපා හැරිය හැකි බව මාතලන්ගේ මතයයි.

තව දුරටත් මේ පිළිබඳව ඉදිරියට විස්තරාත්මකව කතා කරමු.

165 comments:

  1. හොඳ දේවල්. කොහොමද ඕක කරන්නෙ? ඕව කරන්න ගියොත් ඒ ආණ්ඩුව පරද්දන්නේ අපේ මිනිස්සුමයි නේද?

    ReplyDelete
    Replies
    1. ආණ්ඩු තියෙන්නේ දිනන්නම් විතරක් නෙමෙයි පරදින්නත් ඕන. එතකොට මෙහෙම විකාර වෙන්නේ නෑ. මේක දැන් ප්‍රාණභුක්තියක් කියලයි හිතාගෙන ඉන්නේ.

      Delete
    2. ඒක නෙවෙයි කිව්වෙ. දැන් උදාහරණයකට ඇමැතිවරුන් 20ට සීමා කිරීම ගනිමු. ඕක කරන්න ගියොත් වෙන්නෙ තැනක් නොලැබෙන මන්ත්‍රීලා විරුද්ධපක්ෂය එක්ක සෙට් වෙලා ආණ්ඩුව පෙරළන එක. එතකොට කරන්න යන එකා අනාතයි. යෝජනාවක් කරන කොට ඒක ප්‍රායෝගිකව කරන්නෙ කොහොමද කියලත් කියන්න ඕනැ. නැත්නම් ඒ යෝජනාවෙන් වැඩක් නෑ.

      Delete
    3. ප්‍රායෝගිකව තමයි කිව්වේ. ඊට පහලින් තියෙන ටිකත් කියවන්න. දෙයක් දැක්ක ගමන් මෝල් වෙන්න එපා. එහෙම ආන්ඩු පෙරලෙන එකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඒකයි ඊශ්‍රායලය, ජපානය වගේ රටවල ආන්ඩු සහ පාළකයෝ නිතර වෙනස් වෙන්නේ. රටක ජාතික ප්‍රතිපත්තියක් කියලා දෙයක් හදා ගන්න ඕන. එතකොට මොකා ආවත් එකයි.

      Delete
    4. මට පේන විදිහට මාතලනුයි බස් හොල්ට් වල මළ පැනලා ආණ්ඩුවට බනින මිනිස්සුයි අතර ලොකු වෙනසක් නෑ. ඔහොම යං ඔහොම යං. මාතලන්ගේ මළ ඔහොමවත් එළියට යනව නම් හොඳයි. හැබැයි මේ යෝජනා නම් පුස්ස බින්දා වගේ. කරන හැටි මාතලන් වත් දන්නෙ නෑ. ඔහේ වෙයි කියලා හිතාගෙන ඉන්නවා. බස් හෝල්ට් වල ආණ්ඩුවට බනින මිනිස්සු කොහොමත් එහෙම තමයි.

      Delete
    5. හැබයි උන්ට මොලේ තියෙනවා, සුමනසිරි ලියනගේලට වැඩිය. කුසල් පෙරේරලට වැඩියේ. කොටින්ම බහුබූත දේශපාළඥ්ඥයන්ට වඩා. මොකෝ බස් හෝල්ට් වල සමාජවාදි හිඟන්නන්ගේ ඉඳලා, සමහර වෙලාවට රහස් පොලීසියේ ඔෆිසර්ලත් ඉන්න නිසා. එතන විශාල සමාජ නියෝජනයක් තියෙනවා. සමාජවාදි හිඟන්නෝ කිව්වේ අර කැට හොල්ලන උන්ට.

      Delete
    6. මේ ඇනෝනම් මාරයාම තමයි. මාතලන් කියන යෝජනාවලින් 80%ක්ම ජවිපෙ කරපු යෝජනා. හැබැයි ජවිපෙ ඕවා කිව්වේ මාතලන් කියන්න බොහොමයක් කලින්.

      Delete
    7. ජෙප්පන්ට කලින් මම ඕවා ලිව්වේ. දන්නෝ දනිති.

      Delete
    8. ඇනෝ, මාතලන්,

      ඇත්තට ම දැන් වෙලා තියෙන්නේ මේවා කරන්න බැරි කමක් හෝ කරොත් ආණ්ඩුව මිනිස්සුම ගෙදර යවන එකක් නෙමෙයි. ඇත්තට ම තියෙන්නේ මේවා කරන්න කාටවත් වගකීමක් නැති කමයි. මේවා කරන්න ඕනේ නෑ ඡන්දයක් දිනන්න හෝ මහජන ප්‍රසාදය තියා ගන්නට. මොක ද ඒකට වෙනම ක්‍රම තියෙනවා ඡන්දෙ කාලේ ලං වුණාම කරලා දිනන්න පුළුවන්. ඉතින් මේවා මොකට ද ????

      ඇත්තට ම මෙතන තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා ලෝකයට දැන් නොගැලපෙන හද්ද පරණ ක්‍රමයක් අල්ලන් අපි දගලන වැරැද්දයි. ඉස්සර රජවරු පාලනය කළ කාලය පසුව ආගමෙන් ගෙන ගිය පාලනය වගේ දේවල් අගාධයට ගියේ පාලකයන්ගේ නොමනා ක්‍රියාකලාපයන්ට ඒ පාලනය නතු කරගත්ත නිසායි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් ඒ විදිහට පාලකයන් විසින් දූෂණය කරපු ක්‍රමයක්. දැන් මේ පාලන ක්‍රමය වෙනස් නොකර අපි මොන තර්ක දැම්මත් ඒවා එක තැනකදී පාලකයන්ගේ ගේමට ලක්වන බව අපි තේරුම්ගත යුතුයි මාතලන්........

      Delete
    9. ඒකාධිපති පාලකයෙක් ඉවත් කිරීමෙන් පසු මිසක් ඔය කිසිම ප්‍රජාතන්ත්‍රවාදි මොඩ්ල් එකක් හදන්න බැහැ. අඩුම වශයෙන් නාමික ඩිමොක්‍රසි එකවත්. ලෝක ඉතිහාසය සාක්කි දරනවා.ෆර්ඩිනන්ඩ් මාකෝස් ඉවත්කර රාමොස් බලයට රැගෙන ඒම වැනි අගනා කටයුතු. න්‍යාය තියෙන්නේ දාස් කැපිටාල් එකේ හෝ ඇඩම් ස්මිත්ගේ න්‍යාය තුල නොවේ. ජනතා හදවත් තුල. ඒ හදවත් වෙනසක් ඉල්ලනවා. අපි පිටු පෙරලගෙන කොල ඉරාගෙන කාක්කෝ හදලා උන්ව පියාඹනවා. මටනම් පිස්සුයි ඕයි. සාකච්ඡ අල කිරීමත්..අල කෙරූ තැන්වව්ල ටෙනිසන්ලා පැල වීමත් හැර මේ මොනන කුණුහරපද කතාකරන්නේ.

      Delete
    10. @ කුරුටු ගෑ ගී පවුර
      දැන් ඔය කියන තත්වය ඇවිල්ලා තියෙන්නේ. මේකේ තව ගන්න දෙයක් නෑ. බැර්ම තැන තමයි කැසිනෝ වලට යන්නේ. ණය උගුලේ හිර වීමෙන් වෙන්නේ, දුප්පත් අප්‍රිකානු රටවල් මුහුණ දීලා තියෙන තත්වෙට පත්වෙන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. යටි තල පහසුකම් වලට 100% ණය යොදවන ගොබ්බ රටක් මුළු ළෝකෙම නැතුව ඇති. අධ්‍යාපනය මේ තරම් විනාශ කරන රටක් මුළු ළෝකෙම නැතුව ඇති. කොටින්ම යුද්ධේ ඇර අනිත් හැම අතින්ම මේ ආන්ඩුව ෆේල්.

      Delete
  2. මේ සියල්ල හොදයි ...එත් මාතලන් මේ පක්ෂ ක්‍රමය ගැන අවධානය යොමු වුණොත් මොකද ??

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදි.. පැහැදිලි කලොත් අවධානය යොමු කරන්නම්..

      Delete
    2. මම නම් කියන්නෙ හැම ප්‍රශ්නෙකටම මුල මේ පක්ෂ ක්‍රමය කියල.මේක ඇදහිල්ලක් වෙලා.අපි කැපුවත් මේපාට අර පාට කියල.පක්ෂය තුල පුද්ගලයා සිරකරුවෙක්.පක්ෂය වෙනුවට විකල්පයක් අවශ්‍යයි.

      Delete
    3. පක්ෂ ක්‍රමය තුල තමයි ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ. එහෙම නැත්නම් ඉතින් සමාජවාදී ක්‍රමයක්, එහෙම නැත්නම් එකාධිපති ක්‍රමයක්. එහෙමත් නැත්නම් හමුදා පාළණයක්. ඉතින් වඩා හොඳ පක්ෂ ක්‍රමය නේද?

      Delete
    4. ඇනෝත් හරි මේ තියෙන පක්ෂ ක්‍රමයත් අවුල් ...සමාජවාදී ක්‍රමය තුල වුණත් පක්ෂ තියෙනවා නේ ??????
      මාතලන් මං නම් පක්ෂ වලට වඩා නිතිය කියන තැන ස්වාධීන වෙන්න ඕන කියලා හිතනවා,අනික පුද්ගලයාට මිනිස්සු ජන්දය දෙන්න ක්‍රමයක් අවා නම් ,සරල බහුතර ක්‍රමයත් මේ යන විදියට හොද දෙයක් ,

      Delete
  3. උඹ හිතන්නේ මේවා කරාම හරි යයි කියලාද? මේක නිකං අර පොඩි කික් එකක් තියෙන කතාව උනාට ඒක නෙමෙයි බං ඇත්ත. ඇත්තටම රට වෙනස් කරන්න නං අපි එපා කියල තියෙන ස්වාධින කොමිෂන් පත් කරන්න ඕන. අන්න ඊට පස්සේ හෙමින් සීරුවේ නීති පිළිපැදීම හා නීති අභියෝගයකට ලක් කරන්න පුළුවන්. එකාට එක කාර් එක දුන්නත් ඒ නීති ක්‍රියාත්මක නොවේ නම් මොකද කරන්නේ..

    ReplyDelete
    Replies
    1. මොකද බන් හරියන්නේ නැත්තේ 77 ට කලින් තිබුනේ එහෙම ක්‍රමයක්නේ. අනික දියුණු රටවල තියෙන්නෙත් මේ ක්‍රමයමයි. උඹ දැකලා ඇති නේ කමරන් කෝච්චියේ යනවා. ඔස්ට්‍රේලියාවේ එකා බයිසිකලේ යනවා තනියම.

      Delete
    2. මාත් ඕක හිතුවා මේක විෂම ච්ක්‍රයක්...කොතැනින් හරි කඩන්න ඕනේ...
      පරිවාස කාලේ ගෙනාපු කොමිෂන් ආපහු හරවන්න පුළුවන් වුනේ යුධ ජයත් එක්ක බොහෝම ශක්තිමත් බලයක් ගොඬනැගුණු හින්දා...දේශකයා කියන// අන්න ඊට පස්සේ හෙමින් සීරුවේ නීති පිළිපැදීම හා නීති අභියෝගයකට ලක් කරන්න පුළුවන්. // ක්‍රියාවට අවශ්‍ය කරන කාලේ ලැබුනේ නෑ..
      හැබැයි මහින්ද වැ‍ටුනොත් කාලයකට ඒ වාගේ අසාමාන්‍ය බලයක් ගොඩ නැගෙයි කියලා හිතන්න අමාරුයි...දුර්වල ආණ්ඩුවක්..ඕනෑම අවස්ථාවක ජන්දේකටගි හින් අනිත් පැත්තට යන්න ඉඩ තියෙන ආණ්ඩුවක් පිස්සු නටන්න තියෙන ඉඩ අඩුයි....

      Delete
    3. උඹ හිතුවද කැමරන් ඇයි එහෙම කරන්නෙ කියලා.. අන්න ඒකට මුල මචං... නියම අයුරින් නීතිය ක්‍රියාත්මක වීම හා නීතිය පිළිපැදීම.. ඔය උඹ කියන නීති ගෙනාව කියල කව්ද ක්‍රියාත්මක කරන්නේ අපිද? වැඩක් නැහැ බං. උන්ව උනත් අල්ලන්න පුළුවන් විදියට නීති ක්‍රියාත්මක වෙන්න ඕන. සමානතාවය කියන්නේ ඕකට.. නැතිව මගුල් නීති දැම්ම කියල වැඩක් නෑ මාතලං මේ තියන සිස්ටම් එකටම

      Delete
    4. අනිවාර්යයෙන් නීතීය හැමටම සමාන වෙන්න ඕන. ඒකේ ආයේ දෙකක් නෑ. අද අධිකරණය කියන්නේ ව්‍යවස්ථාදායකටත් එහා ජරා ජීර්න උන තැනක්නේ. අපරාධකාරයෝ 94% එලියේ ඉන්නේ ඒ නිසානේ. ඒක වෙනම කතා කල යුත්තක්. නමුත් එක දෙයක් මතක තියාගන්න ඕන. නීතී සම්පාදනය කරන්නේ ව්‍යවස්ථාදායකයෙන්ය කියන එක. එතකොට එතන ආදර්ෂමත් යහපාළණයක් ඇති වෙන කොට. අනික් ආයතන ඉබේම හැදෙනවා.

      Delete
    5. අනේ බං හීන ලෝකෙන් බැහැපං. ඒක කවදාවත් වෙන්නෑ..

      Delete
    6. දේශකයෝ !දේශපාලන ලොකේ ඕනෑ හීනයක් ඇත්ත වෙන්ඩ පුළුවන්.....
      කවුද කියලා තිබුනා ලින්කන් වහල් සේවය තහනම් කරන පනත් ඊට අවුරුද්දූ 3 කට කලින් ගෙනවානම් ජෝක් එකක් විදිහට කොංග්‍රසය විසි කරන්ඩ තිබුනා කියලා...
      ඇමරිකාවට යන්ඩ ඕනේ නෑ,මේහේ 2004දී 2009 වේද්දී කොටි ඉවර කරන්ඩ පුළුවන් කියුවානම් ඒක හීන කතාවක්....

      Delete
    7. සම හරක්ගේ හීන හැබෑවෙනවා බං. එහෙම වෙලත් තියෙනවා. ඉදිරියට වෙන්නත් ඉඩ තියෙනවා. මම හීනවලට බොහෝම ආසයි.. මේ තියෙන්නේ මගේ සැබෑ වූ සිහිනයක්.

      http://maathalan.blogspot.com/2010/04/olcott-mawatha.html

      Delete
    8. කතාව ඇත්ත. නමුත් මේ පවතින රාමුවෙන් පනින්න අපිට මොකක්ද කරන්න අවශ්‍ය?? එහෙම පැන්නොත් මොකක් හරි පොටක් පෑදෙවි..

      Delete
    9. විශාල ජනතා හඬක් අවශ්‍යයි.

      Delete
  4. 100% එකඟයි...අනිවා ඔය විදිහටම වෙන්න ඕනේ...ආපහු හිතුමතේට වෙනස් කර ගන්ඩ බැරි විදිහට අධිකරණ පද්ධතියත් ශක්තිමත් වෙන්න ඕනේ...

    පහුගිය 20 වාගේ කාලේ තුළ ආණ්ඩු පක්ශයේ වාගේම විපක්ෂයේ අයත් අඩු වැඩි නැතිව ඔය කාරනා වලට එකඟ වේලානේ, බලය ලැබුණාම සද්ද නැතිව ඉන්නේ....මේ ව්‍යවස්ථාවේන් බලය ලබාගත්ත දේශපාලකයාව අම්බාන් කරන්න කිසිම ඉඩක් අධිකරනයට තියා පත් කරන ජන්දදායකට දීලා නෑ..
    සමානුපාතික ක්‍රමේ හොඳ තැන් තියෙනවා හැබැයි ලංකාවේදී වුණේ දේශපාලකයාව පාලනය කර ගන්න කේවළ ක්‍රමේ ජනතාවට තිබුන චුට්ටා බලය හරි සමානුපාතික ක්‍රමයෙන් කෙලවිලා ගිය එක..
    සයිබර් අවකාශය රටේ නියෝජනය බොහෝම කුඩා කොටසක් වෙන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. අපේ නියෝජනය කුඩා වෙන්න පුළුවන්. ඒත් එක ගැටළුවක් කර ගන්න ඕන නෑ. මේවා ගැන එකෙක්වත් කතා නොකරන්නේ. එන උනුත් බලාගෙන ඉන්නේ මේ ක්‍රමේටම කන්න.

      Delete
    2. සයිබර් අවකාශය රටේ නියෝජනය බොහෝම කුඩා කොටසක් වෙන්න පුළුවන්....හැබැයි මුකුත් නොකරම ඉන්නවාට වඩා මෙහෙම හරි දෙයක් කරන එක ලොකු දෙයක්....කියලයි ලියන්න ගියේ...කොහේද දේශකයාගේ කොමේට් එක දැකලා ඒක කියවන්ඩ ගියානේ...

      Delete
  5. මාතලන්, ප්‍රායෝගිකව සහ අඩුම කාලයකින් මේ තත්වය ටිකක් හරි වෙනස් කරන්න තියන විදිහ තමයි. දේශපාලකයන් ගණන අඩුකරන එක.
    දේශපාලකයන් සහ මදුරුවන් මේ අතින් සමානයි. දෙගොල්ලොම පර පෝෂිතයන්. දෙගොල්ලොම හොඳ කරන්නවත් වඳ කරන්නවත් බෑහෑ. බෝවීම පාලනය කරන එක තමයි උත්සාහ කරන්න ඕනෑ. දේශපාලකයන් ගණන අඩු වෙන කොට නාස්තිය, දූෂනය, තගරි ආදිය නෑතිවෙන්නෙ නෑහෑ ඒත් ගණනින් අඩුවෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවා තව කතා කල යුතු දේ බොහෝ තියෙනවා. මේ අංශූ මාත්‍රයක් පමණයි. පාතලය වර්ධනය උනේ මේ සමානුපාතික හෙනේ නිසා. දූෂණය, හොරකම, නාස්තිය වැඩි යැපෙන් පිරිස වැඩි නිසා.

      Delete
  6. මාතලන්! මේ ඔබ පවසන බොහොදේවල් වලට මුල විධායක ජනාධිපති ක්‍රමයයි.1977 ට පෙර දේශපාලනය මේ තරම් ජරා ජීර්ණ එකක් වුනේ නැහැනේ.මුලින්ම කලයුත්තේ විධායක ජනාධිපති දුරය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීමයි.දෙවනුව අනෙකුත් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා කටයුතු කල හැකිය.

    ReplyDelete
    Replies
    1. දැන් කී සැරයක් අයින් කලාද. තව මොනවද ඒකේ අයින් කරන්න තියෙන්නේ. මගේ තර්කය විධායකය විතරක් අහෝසි කරලා වැඩක් නෑ. පුද්ගලයෝ මාරු වෙලා වැඩක් නෑ. මේ සම්පූර්ණ ක්‍රමයම අහෝසි කරන්න ඕන.

      Delete
  7. මිනිසාට මිනිසා පලනය කරගන්න බෑ නමුත් ළඟදීම ජේසුස් වහන්සේ පාලනය කරන පාරාදීස පොලවක් බ ිහිවෙනවා එතකන් ඉවසපන්

    ReplyDelete
    Replies
    1. හා... ළඟදීම එනවා කියලා දෙහිවල තාප්පෙක ගහලා තියෙනවා දැන් අවුරුදු හතලිහක් විතර තිස්සේ.

      Delete
    2. හා මචන්....

      Delete
    3. දැන් නං මකල මයේ හිතේ..

      Delete
  8. ඔහොම කිය කිය මේ පාරත් ලොක්කව පොර කරාම හරියයිද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. දැනට ඉන්න හොඳම කෙනේ ලොක්කා නිසා ඒ. ඒත් මේ වෙනස්කම් එක්ක අළුත් ව්‍යවස්ථාවක් එක්ක එන කෙනෙක් ඉන්නවනම් අපි එයාට. මේ ක්‍රමේ යටතේ දන්න යකා හොඳයි. නොදන්න උන්ට වඩා.

      Delete
    2. මෙහෙමනෙ මාතලන් අයියා.. මේ ඉන්න යකා ආව කියල අපිට උන සෙතක් නෑනෙ. (අපිට කීවෙ මුලු සිරිලංකාවම ගැන ). ඒත් එක්කම මාරුවෙන් මාරුවට ආව කොල පාටිනුයි, නිල් පාටෙනුයි අපිට වෙච්ච දේවල් දිහා බැලුවම අපිට ආයෙ අලුතින් වෙන්න දේකුත් නෑනෙ. නහයෙන් උඩට ගිලුනට පස්සෙ ආයෙ අලුතින් හුස්ම හිරවෙන්න දෙයක් නෑනෙ. ඒනිසා 1%ක බලාපොරොත්තුවක් හරි තියාගෙන අත්හදා බැලීමක් කලාට පාඩුවක් නෑ. මං කියන්නෙ ඒකයි.

      Delete
    3. //දැනට ඉන්න හොඳම කෙනේ ලොක්කා//
      යුද්ධය අවසන් කිරීම පාරවල් සෑදීම සම්බන්ධව උඹ මේ කතාව කියනව නං පිලිගන්නං. මොකද ඒව විවාද කරල විසඳගන්න බැරි කාරණා.
      නමුත් පහලට විහිදුන (යහ)පාලන ක්‍රමය ඇතිකිරීම කියන පැත්ත සැලකුවොත් මෙතෙක් බිහිවෙච්ච නරකම පාලකය මහින්ද රාජපක්ෂ.
      තවත් එකක්, දැනට විධායකය අතට ගත්ත පුද්ගලයන් පස්දෙනාගෙ මිම්මෙන් 6 වෙනිය මැනීම‍ට මම විරුද්ධයි. අපිට එයා ගැන කියන්න බෑ දැන්ම. උදාහරණයක් විදියට පස්වැන්න යුද්ධය අවසන් කලා. එතෙක් අපි ඒක හිතුවෙත් නෑ නෙව. 6වැන්න සමහර විට මේ ක්‍රමය වෙනස් කරයි. නැත්තං ඊටත් පස්සෙ කෙනෙක් වෙනස් කරයි. නොවෙනව කියල දැන්ම උපකල්පනය කරන්න බෑ. එහෙම පුළුවන් අනාගතේ දකින්න පුළුවන් කෙනෙක් ඉන්නව නං....

      Delete
    4. අත්හදාබැලීම් නම් සැහෙන්න පරිස්සමේන් කරන්න වෙන්නේ අපේ ව්‍යවස්ථාව පාලකයාට ලබාදෙන බලයත් ඒක්ක.....ජේ.ආර්ලා ,සැටලයිට්ලා ,මහින්දලා තව හොඳයි කියන්න පුළුවන්...
      පොල්පොට් වාගේ මිනිහෙක් බලයට ආවොත් කම්බොජයේ කරපු දේවල්ට එහා දේවල් මෙහේ කරන්න පුළුවන් වේයි ව්‍යවස්ථානූකූලවම.....

      Delete
    5. ඕක මේ රටේ උන්ගේ සුව කරන්න බැරි ලෙඩක්. මට නම් තව දුරටත් මෝඩයෙක් වෙන්න අවශ්‍ය නෑ. එක එකාට එක්ස්පරිමන්ට් කරන්න. ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස හාමුදුරු කෙනෙක් ඉල්ලන, උගත් කියන උන් ඉන්න ගොබ්බ රටක් කොට තව මොන කතාද? තව එකෙක් නිර්මාල් ඉල්ලනවා. තව එකෙක් විග්නේස්වරන් ඉන්නවා. ඇත්තටම උන් අපිට විහිළු කරනවද? නැත්නම් උන්ට පිස්සුද?

      Delete
    6. මං කතාකරන්නෙ ඔය කෙහෙල්මල් පොදු අපේක්ෂකයො ගැන නෙවෙයි මාතලන්. එවුන් කාලෙන් කාලෙටෙ එන මෙරු වගේ. උන් ගැන කතාකරල වැඩක් නෑ.

      Delete
    7. එහෙනම් කා ගැනද සත්තරනේ කියන්නේ?

      Delete
    8. මූ කතාකරන්නේ මාතලන්ගේ කොන්දේසි විරහිත රාජපක්ෂ ප්‍රේමය ගැනයි.

      Delete
    9. ඒක රාජපක්ෂ ප්‍රේමය හැටියට දකින එක වැරදියි. නමුත් අපි මෙහෙම දෙයක් ඉගෙනගෙන තියෙනවා. වෙද හී ඉස් රයිට් ඕ රෝන්ග්, බොස් ඉස් ඕල්වේස් රයිට් කියලා.

      Delete
    10. මාතලන් ට විධායකය ප්‍රශ්නයක් විධායකය කරන නැති නාස්තියය ප්‍රශ්නයක්, මුන් ගේ අළුගුත්තේරු වැඩ ප්‍රශ්නයක් හැබැයි දැන් තියෙන තත්වයට ලොක්කා තමයි හොඳ! අනේ බං!

      Delete
  9. මාතලන් මේ මොනව කළත් විධායක බලය ඉවත් කරන තුරු හරියන්නේ නැහැ. ඔබ සමග එකඟයි. මම හිතන්නේ මොන චන්දයක්වත් එපා. කලින්ම ජනමතයක් ගන්න අලුත් ව්‍යවස්ථාවක් හදලා. ඒක ව්‍යවස්ථාදායක සභාවක් තුළ නිර්මාණය විය යුතුයි. ව්‍යවස්ථාදායක සභාවකට පොදු මහජනයාට ද යා හැකියි. එවිටයි නියම ක්‍රමයක් නිර්මාණය වන්නේ. අන්න එවිට යමක් වෙයි. එතකන් මේ කට්ටියම කාපුදෙන් අලුතෙන් ඇවිත් කන්න ගත්තොත් අපිට යන්න අතක් නැතිවෙයි.
    \

    ReplyDelete
    Replies
    1. අනිවා මම ඉන්නේ ඔය තර්කයේ. ලොක්කට 18 සම්මත කර ගන්න අත් දෙකම උස්සලා. දැන් වීදූරු ගෙවල් ඇතුලේ ඉඳගෙන හෙළුවෙන් කෑ ගැහුවට වැඩක් නෑ.

      Delete
  10. දැන් මොකද්ද කලයුත්ත කියන මගේ පුරස්නෙට මේකෙනුත් උත්තරයක් නෑ. උඹේ වැඩපිලිවෙල ගැන ලිව්වම බලමු.

    ReplyDelete
    Replies
    1. කළ යුත්ත තමයි අළුත් ව්‍යවස්ථාවක හදන එක. ඒකට අඩංගු වෙන්න ඕන කාරනා තමයි මේ ලියන්නේ. තව තියෙනවා. එහෙම සංපූර්ණ ව්‍යවස්ථාවක් හදලා, ජනාධිපතිවරණ්යේදී ඒක ජනතා පරමාධිපත්‍යයෙන් අනුමත කරලා, අළුතෙන් එන ආන්ඩුවකට පුළුවන් අළුත් ව්‍යවස්ථාව අනුව රට පාළණය කරන්න. දැන් අහන්න එපා ඒක නිත්‍යානූකූලද කියලා. ජනතාවට සෙතක් වෙනවනම් ඒක නිත්‍යානූකූල වෙන්න ඕන නෑ. අනික ඉතින් එහෙම නීතීමය බලයක් ගන්න අති පාරිශුද්ධ අධිකරණයක් රටේ නෑ නේ. ඒ වෙනස් කරන්න ඕන අනිත් එක. ඒක පාර්ලිමේන්තුවට එහා.

      Delete
    2. මම අනුමාන කලා හරි. උඹ ඔය කියන මෙතඩ් එක චන්ද්‍රිකා නෝනගෙ කාලෙත් මතුවුනා නේද? 2/3ක් ඕන නෑය ජනතාව ඉස්සරහට දැම්මනං හරි ය වගේ කතන්දරයක් තිබුන ව්‍යවස්ථාව වෙනස් කරන්න හදපු කාලෙත්.

      ඒක නෙවේ මම කියන්නද තව කාරණාවක්. සැටලයිට් නෝන පාර්ලිමේන්තුවට දාපු අර ව්‍යවස්ථා සංශෝධනය සම්මත උනානං අද තියන තත්වයට වඩා ටිකක් හරි හොඳ ක්‍රමයක් එනව නේද? (හැබැයි පරහකට තියෙන්නෙ ඒක ක්‍රියාත්මක උනානනං මහින්ද බොස්ට චාන්ස් නැතිවෙන්නත් ඉඩ තිබුන. ඉතිහාසය වෙනස් වෙලා ලියවෙයි එහෙම උනානං. නමුත් සැටලයිට් නෝනගෙ ව්‍යවස්ථාව මීට වැඩිය සෑහෙන්න බලතල කපල තිබුන කියල මතකයි

      Delete
    3. අතීතය ගැන නම් තව කතා කරන්න බැරිය බං. සිද්ධ නොවුන දේවල් ගැන. නිකන් හිතපා සුද්දා අපිව දාලා නොගියනම් කියන සිද්ද නොවිච්චි දේ ගැන. එහෙනම් රාජ් අද ආඩම්බර සිවිල් සර්වන්ට් කෙනෙක්.

      Delete
    4. චන්ද්‍රිකාගේ ව්‍යවස්ථාව සම්මත වුණා නම් අර "සමනළ විප්ලවේ" කතාව ඇත්ත වෙන්ඩ තිබුනා.........
      සැහෙන්න බල කප්පදූවක් තුබුණා හැබැයි ඒ ව්‍යවස්ථාව ගෙනාපු මුලිකම අරමුණ චන්ද්‍රිකා ආපහු විධායක අගමැති විදිහට බලේ ඉල්ලන ඒක....

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ඉතින් බන් කවුරුහරි ජනාධිපතිවරනය දිනන එකාට තියෙන්නේ ඊළඟට පාර්ලිමේන්තු මැතිවරනයක් තියලා ,ඒ පාර්ලිමේන්තුවේදී නව ව්‍යස්ථාවකින් ජනාධිපතිධූරය අහෝසි කරන එකනේ. කවුද අකමැතිවෙන්නේ?

      Delete
    7. කව්ද එහෙම කරන්නේ. දෙන්නෙක්ම ආවේ එහෙම කරනවයි කියාලනේ. ආවම ඔක්කෝම අමතක වෙන එක නේ ලෙඩේ.

      Delete
  11. ඒකඟයි.. රාජ්‍ය තන්ත්‍රෙය් නාස්තිය දූෂණය අවම වෙනකල් රටක් විදියට අපට ගොඩ නැගෙන්න අමාරුයි. ඒත් විධායකය අහෝසි කරල මේ ටික කළාටත් මදි කියල මට හිතෙනවා.. මේ එක් පැතිකඩක්....... යහපත් සමාජ පැවැත්මක් වෙනුවෙන් ජනතාවගේ පැත්තෙනුත් සිදු විය යුතු වෙනස්කම් රැසක් තියෙනවා. කතාවක් තියෙන්නෙ අළුත් ජනතාවක් පත් කරගන්න ඕන කියල.. ඒ අළුත් ජනතාව ගොඩනගන විදියක් ගැනත් හිතන්න වෙනවා....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්. ඇත්තටම විප්ලවයක් වෙන්න ඕන. ඒ කියන දේ සඳහා අධ්‍යාපන ක්‍රමය නවීන ළෝකයට ගැලපෙන ලෙස වෙනස් කල යුතුමයි. මුලින්ම දෙමව්පියන් පාසල් යාම නවත්තන්න ඕන. අද ඒ කාළකන්නි නොකරන්නේ පන්තියේ ඉඳගන්න එක විතරයි.

      Delete
    2. තරු.......ජනතාව ගොඩනැගෙන්නේ පාලකයින්ගේ මග පෙන්වීම සහ හැසිරීම මත. අද අප දකින සමාජය මේ තාක් රට කරපු පාලකයින්ගේ හැසිරීම් රටාවන්ගේ සහ ඒ ඒ කාලවලදි ඇතිවු සමාජ සංසිද්ධීන්ගේ සම්මිශ්‍රණයක් කියලායි මට හිතෙන්නේ. සිවිල් සංවිධානයන්ට හෝ ආගමික මැදිහත්වීම් හෝ අධ්‍යාපනික දේශන තුලින් පමනක් අළුත් ජනතාවක් හදන්න බැහැ. ඒ රටේ පාලකයින් සහ ඒ ක්‍රමය ආදර්ශයක් විය යුතුයි. උදාහරනයකට පිටරටක කාලයක් ජීවත්වෙන කෙනෙක් ආපහු කාලයකට පසු තම රටට එන්නේ තමන් කාලයක් ජීවත් වෙච්ච රටේ ආභාශයත් ඇතිව නේද? නිවාඩුවකට ලංකාවට එන අපේම අය සිගරට් බට් එකක්, හිස් කඩදාසියක් ඉවත දමන්න සුදුසු තැනක් ලැබෙන තුරු එය රැගෙන යනවා නේද? ඒ ඇවිත් ටික දොහකින් අර පරණ පුරුදු විදිහට ඔහේ කොතනක හෝ අත හරිනවා. නිවාඩු ඉවරවෙලා ආපහු ඒ රටට ගියාම ඒ වැඩේ ආපහු කරන්නේ හරි විදිහට. මම සරල නිදසුනක් ගත්තේ.

      Delete
  12. මම නම් කියන්නෙ වැරැද්ද තියෙන්නෙ දේශපාලන ක්‍රමයෙ නොවෙයි.පුද්ගලයන්ගෙ කියල.විධායක ක්‍රමය සංශෝධන සහිතව ඉදිරියට යා යුතුයි.ඕක තිබ්බෙ නැත්නම් යුද්දෙ පරදිනව.දැන් බලන්න ඇමරිකාවෙ ප්‍රංශෙ තියෙන්නෙත් ඔය ක්‍රමයමනෙ.ඒත් මේ තරම් බලතල නැහැනෙ.මේක රාජාන්ඩුවකට කිට්ටු එකක්.වැරද්ද ජේ ආර්ගෙ.
    ඇමරිකාවෙ ජනාධිපති හරියටම අවුරුදු හතරකට සැරයක් නිශ්චිත දිනයකට පත් කරනව.ඔහුට කැමති ඕනම දෙයක් කරන්න බෑ.ඔහුගෙ ක්‍රියාවන් සෙනෙට් හා කොන්ග්‍රස් මණඩල වලින් පාලනය කෙරෙනව.
    දෙවතාවකට වඩා මොනම විදියකින්වත් ඉල්ලන්න බෑ.
    විධායක ක්‍රමයට වඩා කැබිනට් ක්‍රමයකදි රාජ්‍ය නායකත්වයට පත්වෙන්න වැඩි පිරිසකට පුළුවන්.ඉන්දියාවෙ දේව් ගව්ඩල,චන්ද්‍රසේකර්ල,වී පී සින්ල අගමැති වුනේ එහෙම.
    ක්‍රමය දැඩි ලෙස සංශෝධනය කළ යුතුයි.ඒත් ශක්තිමත් ආන්ඩු තිබීම රටට හොඳයි.
    දුර්වල ආන්ඩුවලට කැමති ජේවීපී ,එල්ටීටී ඊ අය.ඒ අය තමයි විධායක ක්‍රමයට කැමති නැත්තෙ.
    පත්කිරීම් ,අස්කිරීම්,මාරුකිරීම් සමබන්ධව ජනපතිට තිබෙන බලතල අඩුකරන්නම ඕන.
    කොමිෂන් සභා පත්කිරීමත් ඉතාම වැදගත්.

    ReplyDelete
    Replies
    1. මුල්ම දේ ගැන කියනවනම්. මේ ක්‍රමය යටතේ, බුදු හාමුදුරුවෝ ආවත් වෙන්නේ මේ දේමයි. ඒ කියන්නේ වැරද්ද තියෙන්නේ ක්‍රමයේ කියන එක. ඇයි 77 ට පෙර තිබුන ක්‍රමය කොතරම් සරළද. පැහැදිලිද, මොකටද මේ අච්චාරූ.

      Delete
    2. ඔබ කියන සියළු දේට මමත් එකඟයි. හැබැයි විධායක බලය නම් ලංකාව වගේ රටවල තිබිය යුත්තේ ව්‍යවස්ථාදායකය මතමයි. නැත්නම් එන එකා මහජන නියෝජිතයන්ව ප්‍රාන ඇපයට ගන්නවා.

      Delete
    3. හරියට හරි. ඒ දෙක එකක් වෙන්න ඕන. එතකොටයි නියම ජනතා පරමාධිපත්‍යයක් තියෙන්නේ. එකෙක්ටවත් එක්සෙකටිව් පවර්ස් දෙන්න නරකයි. හැම එකාම නීතිය ඉදිරියේ එක සමාන වෙන්න ඕන.

      Delete
  13. මේ ක්‍රමයෙ තියෙන ලොකුම වරද චන්දෙකදි ද්විකෝටික වෙනව.ඉන්න කෙනා හා පොදු අපේක්ෂකය ලෙස.ප්‍රේමදාස හිටියනම් 1994දිත් චන්ද්‍රකාට ලේසි වෙන්නෙ නෑ.ඩී බී ට බුද්ධි අංශවලින් කිව්වලු ඉස්සරවෙලා ජනාධිපතිවරනෙ තියල පස්සෙ මහ චන්දෙ තියන්න.ඒත් ජ්‍යෝතිර්වේදියො කිව්වෙ ඉස්සරවෙලා මහ චන්දෙ තියන්න කියලලු.බුද්ධි අංශ කියපු දේ ඇහුවනම් අදත් යූ ඇන් පී ආන්ඩුවක් .ඩීබී ඇහුවෙ සාත්තරකාරයො කියපු එකලු.

    ReplyDelete
    Replies
    1. අනිවා... ක්‍රමය වෙනස් කළ යුතුයි කියන්නේ ඒ නිසාමයි.

      Delete
    2. මේ ක්‍රමය තුල ඉන්න කෙනාව පරද්දන්න අමාරු ගතියක් තියෙනව.වැදගත් වෙන්නෙ පුද්ගලකත්වය.ඒක තමයි නරකම.ඒත් මේ ක්‍රමයෙන් ශක්තිමත් ආන්ඩු බිහිවෙන නිසා මේක පවත්වගෙන යන ගමන් බලතල දැඩි ලෙසම අඩුකිරීමයි කළ යුත්තෙ.
      ඉන්න කෙනාව පරද්දපු ඉතිහාසයක් නෑ.1994 අහම්බයක්.18 සංශෝධනය නිසා මේක තවත් නරක අතට හැරිල.ඕනම කෙනෙකුට දෙපාරක් ඇති.
      අනිකෙ ලංකාවෙ විධායක,ව්‍යවස්ථාදායක කියන ආයතන එකට බැදිල තියෙනව වැඩියි.
      ශ්‍රී ලංකාකාරයන්ට ඕන ඉන්නකෙනාව තියාගන්න.යූඇන්පී ජේවීපී අයට ඕන තම තමන්ගෙ ආන්ඩු.එහෙම නැතිව යහපාලනය නොවෙයි.ඒකයි ඇත්ත.මේ ප්‍රශ්නෙට විසදුම පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි.ජනාධිපතිගෙ සියළු ක්‍රියාකාරකම් අධීක්ෂනය විය යුත්යි.
      ඩොනමෝර් ක්‍රමයෙ තිබුන වගේ විධායක කාරක සභා ක්‍රමයක් හදල ඇමතිවරුන්ගෙ බලයත් ඒ එක්කම අඩුකරන එක කළ යුතුයි.
      කාරක සභාවෙ සභාපති තමයි ඇමති.කන්නන්ගර අච්චර දේවල් කළේ ඒ වගෙ බලයක් ඇතිවයි.
      ඕන නම් ජනධිපති කාරක සභාවකුත් පත් කරල ජනාධිපත් එහි සභාපතිවරයා පමනක්ම කරන්නත් පුළුවන්.කාරක සභාවෙ විපක්ෂෙ අයත් ඉන්නවනෙ.අනික එතකොට අනුප්‍රාප්තිකයො පත්වෙන එකත් මීට වඩා ලස්සනට කෙරෙයි.

      Delete
    3. එකඟයි මේ තියෙන්නේ බැලන්ස් යෝජනාවන්. ඒත් දේශපාළණයෙන් හම්බ කරගෙන කන ජෙප්පන්ටවත් මේවා ගැන කිසි උනන්දුවක් නෑ.

      Delete
  14. මතා,මීට කාලෙකට කලිනුත් මේ වගේ යෝජනාවලියක් ගෙනාවා මතකයි.

    ඇත්ත කියලා තියෙන දේ විධායකය අහෝසි කරනවා වගේම මේ ක්‍රමයේ වෙනසක් කරන්නත් ඕනේ එත් මේ ඔක්කොම එක පාරින් වේවි කියලා හිතන්න බැහැ.එක නිසා කරන්න ඕනේ හොදම දේ එකින්,එක මේ විසදුම් වලට යන එකයි.උඩින් දේශා කිවා වගේ ස්වාධින කොමිෂන් පත්කරන වැඩේන් තමයි මේක පටන් ගන්න ඕනේ.දැන් රටේ තියෙන තත්වය අනුව නිතිය ගැනවත් කිසිම විශ්වාසයක් තියන්න බැරි නිසා,අතනින් පටන් ගන්න එක තමයි හොදම දේ.

    ReplyDelete
    Replies
    1. එවා වෙන්නේ නැති වැඩ. දැන් කී සැරයක් ඔය බයිලේ ගැහුවද? මේ සැරේ ඒ බොරුවට සිවුරක් අන්දගෙන එන්න හදනවා. සම්පූර්ණ ක්‍රමයම වෙනස් වෙන්න ඕන. ඇයි මේ ගැන වෙනසක් කරන්න ඉන්න උන්වත් කතා කරන්නේ නැත්තේ. මේ තියෙන ක්‍රමයේ රහ දන්න නිසා. ඒ නිසා මිනිස්සු රැවැට්ටුවා හොඳටෝම ඇති.

      Delete
  15. තවත් කාරණා තියෙනවා. දැනට ලංකාවේ මැතිවරණ පවත්වන්නෙ ලොක්කට ඕන විදිහට. තමන්ට වාසි ටයිම් එකේ ඡන්දෙ තියලා අවස්ථාවාදීව ඡන්දෙ දිනනව. අනිත් එක තමයි ජ්‍යොතිශ කාරයො දෙන නැකැත් දවස් වල ඡන්ද තිබීම. මේක සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි. මැතිවරණය ව්‍යවස්ථාවෙන්ම නියම කරපු දිනයක තැබිය යුතුයි ඇමෙරිකාවෙ වගේ. උදා:- සෑම වසර හතරකටම පසු එළැඹෙන ජනවාරි 04 වෙනිදා ආදී වශයෙන්. විශේෂිත අවස්ථාවකදි මේක වෙනස් වෙන්න පුලුවන් (උදා: ලොක්කගෙ මරණය, දෝෂාභියෝග වගේ).

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්. ඒ විතරක් නෙමෙයි, ඉන්දියාව බලෙන් ඇඟේ ගහපු සත පහක වැඩක් නැති පලා බබා නැති කරන්න ඕන. පාර්ලීමේන්තු මැතිවරණයයි, පලාත් පාලන මැතිවරණයයි එකම දවසේ තියන්න ඕන. ඒක අවුරුදු හතරකට වරක් නිශ්චිත දිනයක තියන්න ඕන. අනික් කාරනය. මැතිවරණය පැවත්විය යුත්තේ භාරකාර රජයක් යටතේ.

      Delete
    2. මාත් කිව්වෙ ඇමරිකන් ක්‍රමය තමයි.කෙන්දරකාර තක්කඩින්ට ඕන විදියට දින දාගන්නෙ නැතිව(විශේෂයෙන් ඉන්න කෙනාට ඕන විදියට )නිශ්චිත දිනයක් ඕන.

      Delete
    3. එකඟයි ඇනෝ.. කෙන්දරයි ආගමයි බල්ලට දාන්න ඕන. ඕක තමයි මේ රටේ ප්‍රධාන කොඩිවිනේ..

      Delete
    4. පැහැදිලිවම. මේ රට කන්නේ මේ ජරා යක්කුයි. පර ආගමික නායකයොයි කියන තිරිසන්නු තමා. ජාතිය සහ ආගම කියන්නේ පුද්ගලික කාරනා ඒවා වැඩක් නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට.

      Delete
    5. සිරාවටම මචන්, මම ඊළඟට කියන්න හිටිය ටික උඹම (මාතලන්) කියල තියෙනව. එලම කිරි. මගේනම් අදහස කේවල සහ සමානුපාතික දෙක මිශ්‍ර වූ හැබැයි මහජන නියොජිතයින්, ඒ කිව්වෙ සැබෑවටම තම ඡන්ද දායකයින්ට වග කීමක් තියෙන තම ඡන්ද කොට්ඨාසයෙ ජනතාවට, ඔවුන්ගේ මතයට සහ ඔවුන්ගේ ප්‍රශ්නකිරීම් වලට මුහුණදිය හැකි අයෙක්. ඔයවගේම සියලුම ඡන්ද එකවර පවත්වා කොටසක් පාර්ලිමේන්තුවටත් තවත් කොටසක් දිස්ත්‍රික් සංවර්ධන
      සභා වලටත් පත් කරගෙන පලාත් සභා අහෝසි කළ යුතුයි. පර්ලිමේන්තු මන්ත්‍රීවරු දිස්ත්‍රික් සභාවලද සාමාජිකයන් ලෙස කටයුතු කල යුතුයි.

      Delete
  16. අපි හෑමෝටම Utopia එක කුමක් විය යුතුද සහ එය කෙලෙස සෑදිය යුතුද කියල අදහස් තියනවා.
    ඒත් කල යුත්තේ ඊට පහලින්, ප්‍රායෝගික, ටිකක් හරි හොදක් වෙන, කරන්න පුලුවන් දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. මොන වගේ දෙයක්ද?

      Delete
    2. මට දෑනට නම් හිතෙන්නෙ පලාත් සබා (උතුරු නෑගෙනහිර හෑර )සහ මනාප ක්‍රමය අහෝසි කිරීම.
      ඒත් උතුර නෑගෙනහිර නිසා පලාත්සබා වෑඩේ සන්කීර්නයි

      Delete
    3. බොහෝම හොඳ යෝජනවක්. ඇයි ඒ වගේ දෙයක් වත් ගෙන්නේ නැත්තේ. ඇයි විපක්ෂයවත් ඒ වගේ දෙයක් ගැන කතා නොකරන්නේ.

      Delete
    4. විපක්ෂයේත් දේශපාලකයන්ගේ breeding grounds පලාත් සබා නිසා

      Delete
  17. 1977 ට ඉස්සර තිබුන ක්‍රමය හරි නෑ.එතන ජනමතය හරියට පිළිබිඹු වෙන්නෙ නෑ.සමානුපාතික හා කේවළ මිශ්‍ර ක්‍රමයක් අවශ්‍ය.ජනාධිපති නිතරම නිර්පාක්ෂිකයෙක් වෙනවනම් වඩා හොඳයි.දිනුවට පස්සෙ හරි තමන්ගෙ පක්ෂෙන් ඉවත් වෙන්න ඕන.අන්න එතකොට නම් සාධාරණ වෙයි.
    සමානුපාතික ක්‍රමයෙ තව වරදක් තමයි කොට්ටාසය විශාල වීම.ජනාධිපති ගැන කියල චන්ද ක්‍රමය ගැන කියන්නෙ ඇයි කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්.ඒත් මේ දෙකම සංශෝධනය විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ජනමතය පිළිබිඹු වෙන්නේ නෑ කියන්නේ වෙනත් කතාවක්. ඔතනදි ප්‍රධාන ප්‍රශ්ණේ වෙන්නේ දෙමල මනුස්සයෙක් විපක්ෂ නායක වෙන එක. එහෙම නැතුව වෙන කෙහෙල්මලක් නෙමෙයි. ක්‍රිකට් මැච් එකක සින්චරි ගහපු උන් පැරදුන ටීම් එකේ හිටියත්, දිනන්නේ මුලු ළකුණු වැඩියෙන් ගහපු ටීම් එක. ඒක තමයි ළෝක සම්මතය. ඒ දේ තමයි දියුණු රටවල තියෙන්නෙත්. මේ රටේ සමානුපාතික ක්‍රමය නිසා ලද හොඳ දෙට වඩා නරක දේ අති විශාලයි.

      Delete
    2. මාතලන් කියන ක්‍රමය සාර්ථක වෙන්න නම් රටේ ප්‍රධාන ජාතික පක්ෂ දෙකක් තිබිය යුතුයි. එනම් එම පක්ෂ ජනවර්ග වලින් ස්වායත්ත වියයුතු අතර සියලුම ජනවර්ග වල මනා නියෝජනයක් තිබිය යුතුයි. 77 දි අමිර්තලින්ගම් දෙමළ වීම නෙමෙයි ප්‍රශ්නෙ ඔහු නියෝජනය කල බෙදුම්වාදී ජාතිවාදී දෙශපාලන ප්‍රවාහයට නොසිතූ විරූ බලයක් ලැබීමයි. ඔහු රටේ සැබෑ විපක්ෂ නායක නොවූ අතර හුදෙක් වර්ගවාදී ප්‍රාදේශීයවාදයකින් වැඩි ආසන ගණනක් ලැබුවා පමණයි. මා පුද්ගලිකව සියලුම ජාතිවාදීන්ට ආගම්වාදීන්ට විරුද්ධ වන අතර මගේ අත්දැකීම් අනුව මෙරට සුළු ජාතීන් බහුතර ජාතියේ නායකයින් නියෝජනය කළ පක්ශවලට එරෙහිව තම වර්ගවාදී බෙදුම්වාදී පක්ෂ බිහිකරගැනීමෙන් ජාතීන් අතර ප්‍රශ්න වැඩිවන අතර නැති ප්‍රශ්න බිහිවෙයි.

      Delete
    3. නැහැ බලවත් පක්ෂ කීපයක් තිබිය යුතුයි. එතකොට සභාග ආන්ඩුවලට යන්න වෙනවා. ඒක යහපත් ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයක්. ජනවාර්ගික පදනමින් හා ආගම්වාදි පක්ෂ නම් ලියාපදිංචිය තහනම් කළ යුතුය යන මතේ මමත් ඉන්නවා, දැක්ම කෙසේ වෙතත් පක්ෂේ නමේ ඒක තියෙන එක ලෙඩක්.

      Delete
    4. දැන් බලන්න ලක්ෂ්මන් කදිරගාමර්. ඔහු දෙමළ ජාතිකයෙක් වුණත් ඔහු සැබෑ ලාංකිකයෙක් යන්න මගේ අදහසයි. මෙරට බහුතර සිංහල ජනතාව වුණත් ඔහු පොදු අපේක්ෂකයෙක්, රටේ අගමැති හෝ ජනාධිපති කරන්න විරුද්ධ වෙන එකක් නැහැ. ඔහු රටටම නායකයෙක් මිස හුදෙක් දෙමළ වෙනම රාජ්‍යයක්, වෙනම පාලනයක්, වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. බෙදී වෙන්වුනු වෙනම කොටසක රජෙක් වෙන්නට පෙරුම් පිරුවේ නැහැ. මෑත යුගයේ සිංහල ජාතිවාදීන්, බෞද්ධ අන්තවාදීන් බිහිවීමට මූලික පදනම දැමුවේ උතුරේ බෙදුම්වාදයත් තම බඩගෝස්තරවාදය වෙනුවෙන් තම ජනවාර්ගික පදනමෙන් ගත් වර්ගවාදී ඡන්ද වෙන්දෙසියෙ දමූ තොණ්ඩමන් හා අශ්‍රෆ් වගේම හකීම් ඇතුලු සුලු ජාතික වර්ගවාදීන්.

      Delete
    5. ඒක ඊට වඩා ඉතිහාසයක තියෙන කතන්දරයක්. ඒත් නිදහසෙන් පස්සෙ ඕක ඇවිලුවේ බන්ඩාරණායක. ඒ පව තමයි අදත් අපි මේ ගෙවන්නේ.

      Delete
    6. ඔබ කියන මොඩලය සාර්ථක වෙන්න නම් සියලු ජාතීන්, විශේෂයෙන්ම සුළු ජාතීන් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක්කර ගත යුතුයි. උදාහරණ ලෙස මෙරට බොහෝ මුස්ලිම් දේශපාලකයන් මුල සිටම ප්‍රධාන දේශපාලන පක්ෂවලට සම්බන්ධවෙලා ජාතික ප්‍රවාහයට එක්වී තම ජාතිකයන්ගේ (ආගමික දේවල්ද ඇතුලූ) ඕනෑ එපාකම්ද ඉටුකර ගත්තා. බහුතර සිංහලයන් මෙන්ම දමිළයන්ද මෙයට විරුද්ධ වුණේ නැහැ. නමුත් වෙනම ජාතිවාදී බෙදුම්වාදී පක්ෂ ජාතික සමගිය විනාශ කරයි. ඇල්ෆ්‍රඩ් තුරයියප්පා (දොරේඅප්පා) මරාදැමුවෙත් ඔහු දෙමළ ජනයාගේ අවශ්‍යතා ඉටුකරමින්ම ප්‍රධාන ප්‍රවාහයට එකතු වී ජාතික මට්ටමේ නායකයෙක් වීම වලක්වන්නයි. ඔහුව මරන්නට කොයිතරම් ට්‍රයි කලාද? අන්තිමට මරලම දැම්ම. අපිට ඕන ඒ වගේ ජාතික නායකයින් මිසක් වර්ගවාදීන් නෙමෙයි. ජාතිකවාදී නායකයෙක් (දෙමළ හෝ මුස්ලිම් වුණත්) රටේ නායකත්වයටත් සුදුසුයි.

      Delete
    7. ලංකාවේ දැනට තියෙන ක්‍රමේට ඔය වගේ සභාග ආණ්ඩු හැදුනොත් වෙන්නෙ ඉන්දියාවෙ තමිල්නාඩු මන්ත්‍රීන් සහ ලංකාවෙම ඉස්සර තොණ්ඩමන් සහ අශ්‍රෆ්/ හකීම් කරාවගේ වර්ගවාදී පක්ෂ බොර දියේ මාලු බාන එක. ඊටපස්සෙ වෙන්නෙ සිංහල ජනතාව ඊට වඩා ජාතිවාදී වෙලා මරා වගේම ඒකාධිපතියෙක් බලේට ගේන එක. වත්මන් රජය බොහොම බලසම්පන්න නිසා හකීම් වගෙ වර්ගවාදීන් නිහඬව හිටියත් දුර්වල ආණ්ඩුවක් ආවොත් මුන් සද්දෙ දාල ජාතිවාදය අවුස්සල ගොඩ වැඩි කරගන්නෙ නැතිවෙයිද? ආණ්ඩුවට තර්ජනය කරල බලය පෙන්නන්නෙ නැත්ද?

      Delete
    8. ඒ කාළේ එහෙම උනාට. දැන් ෆොන්සේකලා. ජෙප්පෝ, විමල්ලා, චම්පිකලා හෙම ඉන්නවනේ.

      Delete
  18. යෝජනා ටික අගෙයි... ඒත් මේ යෝජනා ක්‍රියාත්මක කරන්න ඔය දැන් ඉන්න පක්ෂ කීයක් උදව් කරවිද කියා හිතන්න. මේ සියල්ල මේ විදියටම කෙරෙනවා වග දන්නවනං පොදු අපේක්ෂකයෙකුට සහාය දෙන්න පොරකන මේ පිරිසෙන් කීයක් ඔතැනින් ලිස්සා යාවිද කියාත් හිතනන්න. එකෙක් එන්නේ නෑ සහාය දෙන්න. මොකද හැම එකාම බලය ගන්න දගලන්නේ කන්න බලාගන. මොන මුහුණුවරින් ආවත් එන්නේ ඕය කෑම රහට. ඉතිහාසය පුරා තියනවා නේද උදාහරණ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි නලීන්. ඒක නේ එකෙක් මේ ගැන කතා නොකරන්නේ. හොඳ උදාගරණයක් කියන්නම්. ඊයේ විමල් කිව්වා කිරි පිටි මිල අඩු වෙලා තියෙද්දිත් මිනිස්සුන්ට කිරි පිටි දෙන්නේ වැඩි ගානට කියලා. ඇයි මේවා එයාට කලින් කියන්න බැරි උනේ. එයාට පිස්සු කෙලින්න සල්ලි හම්බ වෙන්නේ නැති කොට පී බී මරාගෙන කන්න යනවා. කුට්ටියක් දුන්නා නම් නෝ කතා, නෝ සිනා. ඔක්කෝම කුහකයෝ ඉන්නේ. ඒකට පක්ෂ විපක්ෂ බේදයක් නෑ.

      Delete
    2. පක්ෂ කොයි මතේ හිටියත්,පක්ෂ වලට මඟ හරින්න බැරි තත්වයක් එනවා... රටේ ජනතාවගෙන් බහුතරයකට මේ සඳහා වුවමනාවක් තියෙනවානම්...
      හැබැයි ප්‍රශ්ණේ තාම බහුතරයක් දේශපාලකයින්ගේන් බලාපොරොත්තු වෙන්නේ රස්සාවක්,ළමයෙක්ව ඉස්කොලේ දාගන්න වාගේ දෙයක්.....

      Delete
    3. මාතා......විමලෙගේ කොමිඩි එක වැඩිය සීරියස් ගන්න එපා බං. ඒකට ආයුෂ නැහැ. ඊයේ පෙරෙදා කට්ටියක් ඇවිල්ලා අමාත්‍යාංශය පැත්තේ. ඕක උඹේ වචණවලින් කියනවා නම් ගරු රඟ පෑමක්. මරා නැතිවුනොත් විමලයෙක් රඳාපවතින්න දේශපාලන සාධක ඉතුරුවෙලා නැහැ. චම්පකයාට මරා නැතිවුනත් යම් පිරිසක් රඳවාගන්න පුළුවන් වෙයි ටික කාලයකට. ඒ සිංහල බෞද්ධ පදනමට තමයි ටික දොහක් තට්ටේ ගාලා,,,මොකක්ද එකක් කරලා ෆවුන්ඩේෂන් එක දැම්මේ. ඌ විමල් තරමට ගොබ්බයෙක් නෙමේ.

      Delete
    4. මාලන් බුකියේදී කියුවා වාගේ විමල් ට්‍රයි කරයි ආණ්ඩු විරෝධි ධජය අතට ගන්න ....පස්සේ ජන්දේ ළං වේලා ආපහු මහින්ද ලඟට යයි......හැබැයි මට හිතෙන්නේ මහින්ද ආන්ඩුවේ නාය යෑමක් වළක්වා ගන්න හදනවා කියලා...
      විමල්ගේ රඟපෑමේන් මහින්දට කෙටි කාළීන වාසිත් තියෙනවා...මේ මොහොතේ ආණ්ඩුව ගැන කළකිරිළා ඉන්න චන්ද්‍රිකාගේ සෙට් එක තක්කු මුක්කු කරලා දාන්න බලාගෙන තමයි විමල්ව ඉස්සරහට ඇද්දේ...මහින්දගේ ගේම් තමයි ගේම්...පළාත් සභා ප්‍රථිඵළ ඉඳන් හැම කාරණාක්ම දැන් පෙළ ගැහිලා තියෙන්නේ ආණ්ඩු විරෝධයක් වෙනුවෙන්.....චන්ද්‍රිකාගේ සෙට් එක ගේමකට ලැහැස්ති වෙන විත්තිය මහින්දට ඉව වැටෙන්න ඇති...

      Delete
    5. ඒක ගේමක් කියලා ඕන හරකෙකුට තේරෙනවා. එහෙමනම් අඩු ගානේ අර හේමකුමාරයා වගේ ගේමක්වත් දෙන්න ඕන.

      Delete
  19. අංක එකට ජනාධිපති නීතියට යටත් විය යුතුයි , ඒ සංශෝධනය අරන් එන්න නම් අවංක මිනිහෙක් වෙන්න ඕන. එත් ලංකාවේ දෙසහ්පලක්යෝ අතරේ කොහෙද අවංක මිනිහෙක්.

    අංක දෙක නිශ්චිත මැතිවරණ කාලසටහනක් තිබිය යුතුයි .

    පළාත් සභාවේ ඇමතිවරු හතරයි පත් කරන්න පුළුවන් , එක ව්‍යවස්ථාවෙනම සීමාකරලා තියෙන්නේ , ඒ වගේ දෙයක් පාර්ලිමේන්තු ඇමතිවරු පත් කිරීමේදීත් කල හැකි පරිදි සංශෝධනයක් තියෙන්න ඕන.

    මේ දේවල් කරන්නනම් මාතලන් අවංක එක මිනිහෙක් හරි ඉන්න වෙනවා , එහෙම එකෙක් ඉන්නවද මේ පීන මානේයේ

    ReplyDelete
    Replies
    1. පේන තෙක් මානෙක නොමැත. ඒත් රනිල් පොද්දා වෙලා අනික් උන් බැක් එක දෙනවා නම් ගේමක් තියෙනවා.

      Delete
  20. මට නම් හිතෙන්නේ පොදු අපෙක්සක සෙල්ලම නැගලා යන නිසා, මොකා පොදු අපේක්සක උනත් ඊට වඩා ආන්ඩුවනට බනින විදියට වීරවන්ස ව form කරලා ඌවත් ජනාධිපති අපෙක්සකයෙක් විදියට නාම යොජනා අරන් දීලා පොදු අපෙක්සක ට ලබෙන්න තියෙන චන්ද කැඩීම මහින්ද මාමා විසින් සිදු කරයි කියලා....

    ReplyDelete
    Replies
    1. දාන්න තියෙන ඔක්කෝම සෙල්ලම් දායි. මොකෝ ඊසී ගේමක් නෙමෙයි තියෙන්නේ..

      Delete
  21. අපි කොහොම මොනා කිව්වත් එයාල නම් කොම්පියුටර් ජිල්මාට් හරි වෙන ජිල්මාට් එකක් හරි දාගෙන ඕක ගොඩ දාගනී

    ReplyDelete
    Replies
    1. ලේසි ගේමක් නෙමෙයි දෙපැත්තටම තියෙන්නේ.

      Delete
  22. මොකා ඕක අයි කරනවා කියාගෙන ආවත් ඔකේ රහ වැටුනට පස්සේ අයින් කොරයි කියල තමා බය :D, අම්මප මන් උනත් ඔය පුටුවේ වාදී උනොත් අයින් කොරාවිද? මොකද අපි ඔක්කොම රහ හොයාගෙන යන මිනිස්සුනේ, විදයකේ නැති ජනපති කම හරියට නිකන් වලිගය නැති ගොනා වගේ තමා ඒ වගේම ඔය විදායකය හරියට මොන ජනාධිපතිය ආවත් අර ගොනා පස්සේන එන කරත්තේ වගේ ගොනා එක ඇදන් යනවා මිසක් කරත්තේ ගොනාව අදින්නේ නෑනේද?

    ReplyDelete
    Replies
    1. මේක එකෙක්වත් වෙනස් කරන්නේ නෑ. එහෙම ඕන කමකුත් නෑ. එහෙම දෙයක් පේන්නෙත් නෑ. අඩු ගානේ විධායක කියන වචනේ වෙනුවට. මේ ක්‍රමය කියන වචනේ යොදන්නවත් කැමති නෑ. සම හරක් කියන්නේ විධායක අගමැති ක්‍රමයක් ඇති කරමු කියලා. ඒක නිකන් වල් අලි, වන අලි කලා වගේ අම්බ පාජාවක්.

      Delete
  23. ඕක මෙහෙමනෙ, ඔය දැන් ඔය පොදු අපේක්ෂක උත්තමයෙක් ගෙනත් රට ශුද්ද කරන්න හදන පක්ෂ වලට මේ යෝජනා ටික පෙන්නුවොත් ඒ පක්ෂ වලින් ඉස්සරහට නගර සභාවක ඡන්දෙකට වත් දාගන්න එකෙක් හොයා ගන්න වෙන්නෑ.

    ගොඩක් උන් එන්නෙ තමා පෝෂණය වෙන්න.

    කළ යුත්තේ ඔළුගෙඩි මාරුවක් නොවේය කියන කරුණත් එක්ක නම් 100% ක් එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මිනිස්සු රැවැට්ටුවේ වෙන බයිලා ගහලා. දැන් හැම එකාම ගහන බයිලේ මේක කරගෙන. මේක තමයි දැන් තියෙන හොඳම බයිලා එක.

      Delete
  24. උඹ පෙන්වාදෙන කරුනු සමඟ එකඟයි. ජනාධිපති කෙනෙක් නැතිවුනොත් පාර්ලිමේන්තුවට නිරතුරුවම වාර්ථාකරන අගමැතිකෙනෙක් එනවාමයිනේ. 77ට ඉස්සෙල්ලා එහෙමයිනේ වුනේ.

    මේ ඒක නෙමෙයි උඹ දැන් ජේවීපි පන්ති යනවාද :D

    ReplyDelete
    Replies
    1. මම ජෙප්පන්ට කැමතියි. ඒත් ආන්ඩු කරන්න නෙමෙයි, විපක්ෂයක් හැටියට. දියුණු රටක බලවත් ආන්ඩු වගේම, බලවත් විපක්ෂයකුත් තියෙන්න ඕන. ජෙප්පන්ගේ හඬ බලවත්, අනික උන් අනික් උන් අනෙක් උන්ට සාපේක්ෂව අවංකයි. මම කවදත් යූ ඇන් පී. ලිබරල් ධනවාදය තමයි මගේ ධර්මය. ඒක නේ මම මහින්ද මහත්තයට කැමති.

      Delete
  25. මේ පෝස්ට් එක ඇතුලෙ තියෙන කතාව හරියට වික්ටර් අයිවන් රාවය පත්තරේ පිටු ගනන් ලියන කතා වගේ..
    පිටින් එකෙක් ඇවිල්ලා තමුන්ගේ ගෑනි(බිරිඳ) දූෂණය කරන කොට එක දුප්පත් ගැමියෙක් කියනවාලු.දූවිලි පොලවේ ඇතිල්ලුන මහත්තයාගේ ඇටේ වැලිගෑවෙන්න ඕනි නිසා මං ඒ යකාට වැඩේ කරන්න පැදුරක් දුන්නේ නැහැ කියලා..

    ඇත්තටම කාගෙද පස්නෙ තියෙන්නෙ? මේ ක්‍රමය ඇතුලෙ වුනත් හොද මිනිහෙක්ට තැනක් නැත්තෙ මිනිස්සු කැමති හොද එකාට නෙමයි නරක එකාට. පිටිං පන්සල් වල වැලි පුක අස්සට යන තරං වාඩි වෙලා හිටියත් ඇවිල්ල චන්දෙ දෙන්නෙ දුමින්ද සිල්වට,සාරුව සුනිල්ට,මර්වින්ට, සම්පත් විදානපතිරණට. උන් බබ්බුද? උන් දන් නැද්ද අර ඉන්නෙ හොරු කියල.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි රනිල් යෝජනා කරන්නේ. මහින්ද මහත්තයට සාපේක්ෂව රනිල් හොඳ නැතෙයි. වික්ටර් අයිවන්ගේ කතාවල කරන්නේ හැමදාම මැක්කා ගැන ලියන එක නේ. වික්ටර් අයිවන්ගේ මැක්කා තමයි ජේ ආර් ජයවර්ධන.

      Delete
  26. වර්ථමාන දේශපාලනේ ගැන මගේ නම් කිසිම පැහැදිමක් නැ.පක්ෂ විපක්ෂ දෙපිරිසම කරන්නේ එකම දේ.මහජනතාව වන අපි කැහි ගැණි දී හොටු ගැණි ගත්තා වගේ හැමදාමත් නිකටේ අත තියා ගන්න තමයි වෙන්නේ.ලෝක විනාශයක් වි නැවත ලෝකයකදීවත් රටක් වෙනුවෙන් කැපවන රජවරුන් ගැන හිනයක් විතරයි මගේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයා විතරක් නෙමෙයි. බහුතරයගේ කිසිම කැමත්තක් නෑ. මම නම් කියන්නේ නෑ ඡන්දේ නොදාන පිරිසත් ඒ ගොඩේ කියලා. මගේ මතය නම් උන් මේ ක්‍රමයට කැමති උන්ය කියන එක. එහෙම නැත්නම් ඡන්දය කියන්නේ මොකක්ද කියන එකවත් නොදන්න හරක්ය කියන එක. ජනතාව මේ දේ අනුමත කරන්නේ නෑ කියන පෙන්වන එක තමයි පුරවැසි මාධ්‍යකරණයේ යෙදෙන එකාගේ යුතුකම. අපි කරන්නේ ඒ යුතුකම ඉටු කරන එක විතරයි. මම හිතන්නේ ඒක වගකීමක් කියලා.

      Delete
  27. ඉස්සරලාම රාජකීය සාස්තර කාරයෝ යයි කියාගන්නා උන්ටික පන්නලා දාන්ට ඕන... හැම රෙද්දක්ම වෙන්නෙ ඕකුන් හින්ද.
    ඊලඟට ජහමනයාගේ මොල සුද්ද කරලා යතාර්ථය තේරුම් ගන්ට පුළුවන් උන් බවට පත්කරන්ට ඕන.. ඒකටනං සෑහෙන දේවල් කරන්ට ඕන. උදේට ටීවී එකේ රේඩියෝ එකේ සාස්තර කියන එක නවත්තන්ට ඕන, මුල් පිටුවද මොකදද කෙහෙම්මල නවත්තන්ට ඕන... දව්ස පුරා දුවන මල් ටෙලි නාට්ටිය කපලම දාන්ට ඕන. ඒවා කරන්ට හොඳ නායකයෙක් ඉන්ට ඕන...
    එතකොට කවුද නායකයා???
    හුටා මේකත් හරියට 'There's a hole in the bucket, dear Liza, dear Liza..' වගේ කෙලියක්නෙ :-)

    ReplyDelete
    Replies
    1. මේක ඇවිල්ලා හෝල් ඉන් අ බකට් නෙමෙයි. අඩිය නැති බකට් එකක්. අනිවාර්යයෙන් රූපවාහිනි වැඩසටහන් වලට, ගුවන් විදුලි වැඩ සටහන් වලටත් රැඟුම් පාළක මණ්ඩලය වගේ දෙයක් අත්‍යාවශ්‍යයි.

      Delete
  28. විධායකය අහෝසි වෙනවනම් මමත් බොහොම කැමැතියි. හබැයි මේකෙ negative side එක තමයි, මේ තියෙන දෙශපාලන වටපිටාවත් ඒක්ක අස්ථාවර ආණ්ඩු බිහිවෙන්න පුළුවන්කම. එහෙම තැනකදි පාර කැපෙන්නේ ඉන්න හැම වර්ගයකම අන්තවාදීන්ට (සිංහල, දෙමල, මුස්ලිම්).

    ReplyDelete
    Replies
    1. ඕක බොහෝම පරණ තර්කයක්. නමුත් එහෙම බියක් තියෙන එක වත්මන් පරිසරය තුල, හැම අතින්ම සාධාරනයි. යහපත් ආන්ඩුකරණයක් තුල. ඕවා ඉවත් කරන්න පුළුවන් නීතී මගින්ම. මොකක්ද මේ විකාර.

      Delete
  29. ක්‍රමේ වෙනස් කරන්න කියල දේශපාලන ගොබිලොන්ටයි විධායකයටයි බැන බැන පොදු අපේක්ශකයො හොයන්න කීබෝඩ් කඩා ගත්තට තාම මහපොලවෙ ක්‍රමය එහෙම්මයි. මිනිස්සුන්ට විධායකයේ එපා වෙලා නෑ. ගොබ්බ දේශපාලුවො මේකෙ රජවරු වෙන්නෙ වෙන පරයෙක් හන්ද නෙවෙයි. තොපි හන්දමයි. මේකෙ ඉන්න රජයේ සේවක පක්කු බලාගෙන ඉන්නෙ මොකාගෙන් හරි පගාවක් කඩාගන්න. එකෙක්වත් කැපවීමෙන් වැඩ කරන්නෙ නෑ. උන්ට පඩි ගෙවන්නෙ කනවටයි රෙනවටයි, ඒ ඇරෙන්න උන් කරන රෙද්දක් නෑ. ආණ්ඩුවෙන් පඩි ගන්න ජොබ් එකක් මොකටද හොයන්නෙ. අයිස් ගහල මාසෙ අන්තිමට පඩිය ගන්න. රටේ දේශපාලනේ හදන්න කලින් මේ පක්කුන්ටයි තලන්න ඕන. රටේ සල්ලි කනවට. ආණ්ඩුව කනවට වඩා කාබාසිනියා කරනවා මේ හැතිකරේ. මුන් ඔහොම ඉන්නතුරු කුජීත දේශපාල්නේ හැදෙන්නෙ නෑ. හදන්න බෑ.
    කැම්පස් යන ගොබ්බයො ඉගනගන්නවා ඇරෙන්න අනිත් ඔක්කොම කරනවා. මුන් කන්නෙ රටේ සල්ලි නෙවෙයිද? මුන් නේද හෙට රට බාරගන්න ඉන්න මොලගෙඩිටික. ඒ පක්කුගෙන් ටිකක් හරි ඉගනගන්න එවුන් රටේ නවතින්නෑ. රටේ හිගන්නොන්ගෙ තුට්ටුවෙන් ඉගන් ගෙන යනව සුද්දොන්ට හරි මට්ටයොන්ට හරි කඹුරන්න.
    රටට කන්න දෙන උන්ට ඕන සල්ලි විතරයි. ලෝකෙ තියන දහජරා තෙල් ඔක්කොම ගහනව ව්ගාවට. ඔය දැන් හැම එකාටම තියන ගැස්ට්‍රයිටිස් වසන්ගතේ හැදෙන්නෙ රෙද්දෙ කෑම නොකා ඉදලවත් අහවල් එක හින්දවත් නෙවෙයි. ඒකටත් හේතුව ඔය තෙල් පෝර ගැහිල්ලමයි. ඕව ගැන විද්‍යාත්මකව හොයන්න මේ රටේ එක පකයෙක්වත් නෑ.
    රටේ බෞද්ධයො ටික අදත් සෙට් වෙලා ඇති නිවාඩු දවසක්නෙ කට්ටියම ගෙදර ඉන්න. අනේ හුකේ තොපි හන්ද තමයි යකෝ ජොන්ස්ටන්ල අරක්කු දීල චන්ද ගන්නෙ. තොපි ඒව කිය කිය කීබෝඩ් කඩාගත්තට තොපිටත් බෝතලයක් දුන්නනම් බලාගන්න තිබුනා රගේ.
    මේකෙ ඉන්න එවුන් කවුරුවත් කැමති නෑ ඔය කුණු ගද ගහන කුජීත ගොබ්බ දේශපාලනේ වෙනස් කරන්න. උන්ට ඕන කොහොම හරි තියන ක්‍රමය තුල පැවැත්ම විතරයි. ඔය උඩ කියපු එවුන්ගෙයි රටේ දේශපාලන ගොබ්බයොයි අතර වෙනසක් නෑ. උන් ඔක්කොම එකතුවෙලා තමයි ක්‍රමය රකින්නෙ. බස් හෝල්ට් එකේදි බැන්නට ඔපිස් එකේදි, කුඹුරෙදි,මාකට් එකේදි, බස් එකේදි, ඉස්පිරිතාලෙදි,ෆැක්ටරියෙදි උන් තමන් වෙනුවෙන් රකින්නෙ පවතින ක්‍රමය. මේක දේශපාල්නේ ගැටලුවක් විතරක් නෙවෙයි.
    -නොතිර සසර-

    ReplyDelete
    Replies
    1. ප.ලි. "මේක" යනු මේ රටයි

      Delete
    2. මේ මතයත් ප්‍රසිද්ධ බොරුවක්. ඒ කියන්නේ ජනතාව අනුවයි ආන්ඩු බිහිවෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නේ මනස උසස් පිරිසක් කිව්වට. ඇත්තටම වැඩිපුර ගෝත්‍රික ගති ලක්ෂන වලින් හෙබි, ගැටුම් වලට බර, ලේ පිපාසයෙන් වෙලෙන පිරිසක්. ඒක එහෙම නොවෙයි නම්. මේ තරම් ආගම්, නීතී රීතී අවශ්‍ය වෙන්නේ නෑ නේ. එහෙනම් නීතී ගේන්න වෙන්නේ මිනී මරන්න, හොරකම් කරන්න, බොරු කියන්න, වගේ දේවල් ප්‍රමෝට් කරන්න. වලක්වන්න නෙමෙයි. මොකෝ ආසාවටවත් මිනීමැරුමක් ගැන අහන්න වත් නැති නිසා.

      ඇත්ත කතාව ඕක නෙමෙයි. 56 වෙනකන් මේ රටේ තිබුනේ ශිෂ්ඨ සම්පන්න ප්‍රබුද්ධ දේශපාලනයක්. ඒ තුල ජනතාවත් වැදගත් විදියට ජීවත් උනා. මිනිස්සුන්ගේ සිත් නිවිලා නිසා. හොඳ කළා නිර්මාණ බිහි උනා. වැදගත් උගත් බුද්ධිමතුන් බිහි උනා. ඒත් බන්ඩාරණායක කියන නරුමයා, මිනිස්සුන්ගේ අර සැඟවූන මිලේඡ්චත්වය ඉස්මතු කරලා ගත්තා. ඒ කරුමය තමයි අද ගෙවන්නේ.

      රාජ්‍ය සේවකයා ගැන. ජනතාව ගැන සඳහන් කර තියෙන දේ ගැන එකන්නගියි. නමුත් ඒක ජනතාවගේ වරද නෙමෙයි. පවුලක් හදන්න නම් දෙමව්පියෝ ආදර්ශමත් වෙන්න ඕන. දරුවෝ හැදෙන්නේ දෙමව්පියන් විදියට.

      Delete
    3. රාජ්‍ය සේවකයා විතරක් නෙවෙයි රටේ සමස්ත ජනතාවම ඉන්නෙ ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති වල. සමස්තයක් ලෙස හිතන්න අනෙකාගෙ දුකක් තමන්ගෙ කියල දකින්න යථාර්තය දැකල ඒ වෙනුවෙන් කතාකරන්න කිසිකෙනෙක් පෙලඹෙන්නෙ නෑ. විධායකේ ගැන ජනතාවට කිසිම ගැටලුවක් නෑ. ජනතාව වෙහෙසෙන්නෙ එදා වේල වෙනුවෙන්. ඒක ම්ලේච්චත්වය නෙවෙයි. මම දකින වැරැද්ද විවෘත ආර්ථිකේ. ඒකෙන් මිනිස්සු කොටු උනා. ඒ කොටු වීමෙන් තමයි අද කුජීත ගොහොරු දේශපාලනෙ පවතින්නෙ. සල්ලි විතරයි වැදගත්. අසාධාරණයන් දැක දැක ඔලුව පහත් කරනවා හැමදාම.
      මේකෙ ඉන්නෙ ගංජා ගහපු උන්. සිහිය තියන උන්ටවත් අරුන්ව සිහියට ගන්න උවමනාවක් නෑ. උන් උන්ගෙ ලෝක වල් අතරමන් වෙලා. උන් ගංජා ගහල නෑ ගුලි කාල. හැත්ත.
      -නොතිර සසර

      Delete
  30. මචං ....දැන් ඔය චන්දෙ නොදම ඉන්න එවුන්ට පවා වුවමනා උඹ ඔය කියා තිබෙන යෝජනා & ස්වාධින කමිෂන් සභා පිහිට වීම.... මොකා බලයට ආවත් වෙනස් නොවන ජාතික ප්‍රතිපති ඇතුලත් ආකර්ශනීය ප්‍රතිපත්ති මාලාවක් සහතික වශයෙන් ඉෂ්ට කරන බවට ඉදිරිපත් කිරීමයි.... කොහෙදබං මේ හුත්තල බොරුවට කච...කච ...ගානවා විතරයි....උන් ලග මේ මොකුත් නැහැ...අර රත්‍රං කදක් වගේ ඉන්න මයින්ද මාත්තියව අයින් කොරන්ඩ ඉතරයි ඕනි....

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එක උඩු යටි නොකර ඊළඟට එන්නෙත් මහින්ද මහත්තයෙක්ම තමයි. එදා ඉඳන් අද වෙනකන් උනෙත් ඒකයි. ඒකයි මම කියන්නේ මේක විකාරයක් කියලා.

      Delete
  31. චන්දෙයක් කිට්ටුවෙනකොට විධායකය අහෝසි කරන්න කොමිෂන් පිහිටුවන්න කියන කතා අමු බොරු.ඔය එකෙකුටවත් ඕව ඕන නෑ.යූ ඇන්පියට ඕන උන්ගෙ රජෙක්,ජේවීපියට ඕන උන්ගෙ රජෙක්.ජනතාව අතර මේ ඉල්ලීම්වලට සංවාදයක් ගොඩ නගන්න ඕන.ඒක කල්ගතවෙන වැඩක්.දැන් පටන් ගත්තොත් අවුරුදු දෙකතුනකින්වත් පුළුවන් වෙයි.දේශපාලන පක්ෂවලින් බාහිරව මේක ගොඩනගල පස්සෙ පක්ෂ මේ වැඩපිලිවෙලට ආකර්ශනය කර ගත්තොත් හරි.එහෙම නැතිව වැඩක් නෑ.යූඇන්පීකාරයො කියන්නෙ බඩේ බිජුතියන් කතා කරන එවුන්.1994ට පෙර ශ්‍රී ලංකා කාරයො වගේමයි.උන්ට මේ මොන යහපාලනයක්වත් ඕන නෑ.උන්ට ඕන උන්ගෙ රජෙක් අදිකාරම්ල එහෙම.උන්ට ඕන විදියට වැදුම් පිදුම් කරන්න.ඔක්කොටම ඉස්සර මේ කාලකන්නි රටේ කාලකන්නි බැලයන්ගෙ ජනමනස වැඩවසම්වාදයෙන් මුදාගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවාරයයෙන්, මේ කතිකාව අපි දිගටම ගෙනියන්න ඕන. එහෙම නැතුව බකං නිලාගෙන ඉඳිමෙන් වෙන්නේ අපිත් මේ ක්‍රමය අනුමත කරනවයි කියන දේ.

      Delete
  32. මට හිතෙන්නේ . UN එක හරහා එහි සාමාජික රටවල් වල පොදු එකගතාවක් මත රට රටවල් අතර ජනාධිපති මාරුවක් කරන්න ඕනේ.

    උදා: ඔබාමා ලංකාවට දාලා
    අපේ මාමා සෝමාලියාවට දාන්න ඕනේ .

    එහෙම නැති නම් හිට්ලර් වගේ දරදඩු ඒකාධිපති පාලකයෙක් එන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ ලංකාවට ඔබින්නේ. ස්වාසිලන්තේ එකාය කියලා.

      Delete
  33. අද දේශපාලනේ ඉන්න නායකයෝ සහ පැරණි පක්ෂ ඔක්කොම මේ නසරාණි ක්‍රමයට වග කියන්න ඕනෙ. අලුත් පක්ෂ වලට ටහෙනක් තිබ්බානම් එයාල කරන්නෙත් ඕකමයි. ඒ මොකද ඔක්කොම අඩු වැඩි වශයෙක් ඕක ඇති කරන්න සහ ‍රැක ගන්න සවිමත් කරන්න දර දිය ඇදපු අයයි.. මට මතක්වෙන්නෙ අපේ සීය කියල දීපු ඇටි කෙහෙල් කන උගුඩුවාගෙ කතාව.. හුදී ජනයාගෙ ලාම්පු කණගා‍ටුව සඳහා මං ලියන්නම්. ඇටි කෙහෙල් ගහ දිහා බලං ඉන්න උගුඩුවා හැම පියවරක් පාසාම ඌටම කියනවා මෙහෙම
    " මං ඔය බලං හිටියට ගහ ලඟටවත් යන්නෙ නෑ"
    "මං මෙ ගහ ලඟට ආවට ගහට නගින්නෙ නෑ."
    "මං මේ ගහෙ නගින්නෙ තණකොල කපන්න.. මං කෙහෙක්කැන අල්ලන්නෙවත් නෑ."
    "මං මේ කෙහෙල්කැන ඇල්ලුවාට කන එකක්යැ ?"
    "මං මේ කෙහෙල් ගෙඩි කනවා තමයි.. ඒත් කෑවාට හෙට උදේට රෙන එකක්යැ ?"
    ඇත්ත තමයි කෑවට පස්සෙ දවස් ගානක් යනකල් උගෙ පුක මූට්‍ටු.. පුක මූට්‍ටු වෙලා තියෙනකල් ඇටි කෙහෙල් ගහට අම්ම මෝ නැතුව බණිනවා.
    ඔන්න එහෙම ඉඳලා ආපහු පුක මූට්‍ටුව හරිගියාම ආයිත් ඇටිකෙහෙල් කන්නමයි ඌ යන්නෙ.

    ඔය සින්දු කියන අයියලා ඔක්කොම එකයි.. ඇටි කෙහෙල් ගහට නගිනවාමයි.
    ඕක නොකන එකෙක් හොයන එක තමයි අමාරු..

    ReplyDelete
    Replies
    1. දැන් කරන්න හදන්නේ ඇටි කෙහෙල් කන්න උගුඩුවෙක් නැති නිති නිසා උඩුවේත් හරියන්නේ නැති නිසා සෝභිත දමා බැලිල්ලක්. අන්තීමේදි සෝභිතත් උගුඩුවෙක් වෙලා තමයි වැඩේ නවතින්නේ. මම නම් ඒ පව් කාර කමට සම්මාදම් වෙන්නෙ නම් නෑ.

      Delete
  34. මට හිතෙන්නේ මේ සේරම පොදු අපේක්ශකයෝ කපලා දාලා,විග්නේශ්වරම් මාමට දීලා බලන්න,පොර මොකෝ කරන්නේ කියලා.දකුනේ එකාලා කවදාවත් රට හදාවි කියලා විශ්වාස නෑ මට න,,ඒක නිසා උතුරට දීලා බලන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කුසල් පෙරේරා කියලා දේශපාළණය ගැන මාර අවභෝධයක් තියෙන කෙනෙකුත් මේ යෝජනාවම ගෙනත් තිබුනා. ඒ නිසා අපි වගේ උන් මේ වගේ යෝජනාවක් ගෙනාවට කවුරුත් කළබල වෙන්න ඕන නෑ.

      Delete
  35. http://maathalan.blogspot.com/2014/05/why-only-executive-power.html?showComment=1400052730958#c1609968778592857903

    ReplyDelete
  36. විධායක ජනපතික්රනමය හොඳයි.
    මම නම් විධායක ජනපති ක්රවමයට විරුද්ධ නෑ. මේ අවස්ථාවේ අපේ රටට විධායක ජනපති ක්රරමය තමා වඩා සුදුසු.
    මාතලන් ට මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන ඒවායින් සැප විඳින දේශපාලුවෝ හා උන් රකින දේශපාලන ක්රදමය ගැන තියෙන කේන්තිය යි වෛරය මටත් එහෙම්ම තියෙනවා. ඒක නවත්තන්න ඕනි කියන එක මම පිළිගන්නවා. නමුත් ඒක නවත්තන්න විධායක ජනපතික්ර මය ඉවත් කරන්නම ඕනි නෑ. ඒ වගේම විධායකය ඉවත් කළා කියලා ඒක නවතින්නේ ත් නැති බව දැන ගන්න.
    මොකද විධායකය අයින් කළත් විධායක නොවන ජනපති ධූරයක් ඇති වෙනවා. ඒකට අපිට මුදල් වෙන් කරන්න වෙනවා.
    විධායකය තමයි මේ රටේ සියළු ප්රධශ්නවලට හේතුව කියලා සිතන කාලයක් තිබ්බා. ඒක වැරදියි. අපේ මිනිස්සු හරි පටුයි. පුළුල්ව හිතන්නේ නෑ. ඒකයි එහෙම හිතන්නේ. රටේ හැම වැරැද්දකටම මොකක් හරි එක හේතුවක් හිතා ගන්නවා. උදාහරණයකට කාලයක් තිබ්බා රටේ ආර්ථිකය පහළ වැටෙන්න හේතුව තමයි විවෘත ආර්ථිකය, නමුත් අද කවුරුවත් ඒක එපා කියනවා ද? ‍ලංකාවේ ක්රිතකට් ප්ර ශ්න වලට හේතුව තමයි ipl. ලංකාවේ කොටි උඩයන්න බලපෑ හේතුව තමයි 13. මේ වගේ ගැඹුරු ප්රතශ්න වලට සරල හේතු දැක්වීම් තමයි කියන්නේ.
    අන්තිමට කියනවා නම් ලංකාවේ ප්රණශ්නය විධායකය නෙමෙයි. නමුත් ලංකාවේ විධායකය ක්රිආයාත්මක වෙන විදිහේ ප්රමශ්නයක් තියෙනවා තමයි. අපේ විධායකය හදලා තියෙන්නේ ඇමරිකානු හා ජර්මානු ක්රකම පදනම් කරගෙනයි. මේ වායේ තියෙන checks එහෙමත් නැත්නම් විධායකය හොබවන කෙනාට ඕනි විදියට අනිසි ලෙස පාවිච්චි කරන්න බැරි වෙන විදිහේ ක්රකම පාවිච්චි කරලා තියෙනවා. නමුත් ලංකාවේ විධායකය ගෙනාපු අය මේක නැතිව තමයි මේක මෙහෙට ගෙනාවේ. අපි මෙන්න මේ වැරැද්ද හදන්න ඕනි.
    විධායකය නැති කරන්න මට නම් අවශ්යි නෑ. නමුත් මට අවශ්ය යි 18 වන ව්යලවස්ථා සංශෝධනය නැති කරන්න. ස්වාධීන පොලිස් කොමිසම ගේන්න. අධිකරණය තව දුරටත් ස්වාධීන කරන්න. පාර්ලිමේන්තුව විධායකයෙන් ස්වාධීන කරන්න. විධායකයට මේ රටේ දීලා තියෙන පදනම් විරහිත බලයන් ඉවත් කරන්න. මේක තමයි දැන් අපිට තියෙන එක අවශ්යගතාවයක්.
    ඇයි විධායක ක්රඑමය අපේ රටට දැන් අවශ්යලයි කියන්නේ.
    විධායකය නැති වුණොත් මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවට බලය යනවා. එතකොට මේ රටේ තියෙන සංවේදී ප්රතශ්න වලදී සුළු පක්ෂ වලට ඒවාට බලපෑම් කරන්න තියෙන හැකියාව වැඩියි. උදාහරණයක් හැටියට ටීඑන්ඒ එකට පවා ලංකාවේ ආරක්ෂාව සම්බන්ධ තීරණ වලට නරක විදිහට බලපෑම් කරන්න පුළුවන්.
    අවසානයේ තියනවා නම් අපිට අවශ්යේ මොකක්ද?
    1. විධායකයේ බලතල අඩුකිරීම හා විධායකය පිට පැනීම වැළැක්වීමට checks ගෙන ඒම.
    2. 18 වන සංශෝධනය ගෙන ඒම.
    3. ස්වාධීන අධිකරණ හා ස්වාධීන පොලිස් කමිෂන් ගෙන ඒම.
    4. විධායකය නඩත්තු කරන්න යන වියදම පාලනය හා ඒ පිළිබඳව ජනතාවට හෙළි කිරීමත, පාර්ලිමේන්තුවේ සංවාදයට ගැනීමත් අවශ්යමව ඇත.
    5. ඒ වගේ ම සමානුපාත ඡන්ද ක්රශමය නැති කිරීමත් අවශ්යන වෙනවා. හැබැයි මේකට සුළු පක්ෂ වලින් විරෝධය මතු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. 1. 2 වන කරුණ වෙනස් විය යුතුයි 18 වන සංශෝධනය ඉවත් කිරීම ලෙස.

      මම වර්ඩ් එකේ කොටලා පේස්ට් කරන නිසා අකුරු වෙනස් වෙලා තමයි වදින්නේම. ඒ ගැන සමාවන්න.

      Delete
    2. සුළු පක්ෂ වලට ඔච්චර බය වෙන්න දෙයක් නෑ. ඒකට කරන්න ඕන කලින් තිබුන තත්වයට රට පත් කරන එක. ඒ කාලේ සිරි ලංකා කාරයොත් උතුරේ ඡන්ද ඉල්ලුවා. අනික කරන්න ඕන දෙයක් තමයි මහින්ද මහත්තයා කරනවා වගේ, ඒ පක්ෂ වල ඉන්නේ සුළු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටින පිරිසක් නෙමෙයිය. උනුත් කම්බ හොරු පිරිසක් කියලා පෙන්වන එක. ඒක දක්ෂ දේශපාළකයකුට සුළු දෙයක්. අනික ඇත්තත් ඒකමයි. කොහොමත් මේ රටේ සුළු ජාතිකයින්ට කරන කෙනෙහිලි කම් කෙදිනක හෝ නවත්වන්න ඕන. ඒ සුළු ජාතීන් කොටසේ සිංහළ මිනිස්සුත් ඉන්නවා. ඒක වෙනම කතාවක්. මමත් උන්නේ විධායකය රටට අවශ්‍යයි කියන මතයේ. නමුත් ඒක අද කාලේට ගැලපෙන්නෙ නෑ. අනික මේ හැමෝම කළබල වෙලා තියෙනවා. ඊට පස්සෙ බිහිවන්නේ බලවත් ආන්ඩු නෙමේය කියලා. ආන්ඩුවක් බලවත් වෙන්නේ ඡන්දය මත. ඉතින් ජනතාවට සේවය කරන ආන්ඩුවක් එක එක හාල් පාරුවන්ට ඕන විදියට ගෙදර යවන්න ජනතාව කීයටවත් ඉඩ දෙන්නේ නෑ. අනිවාර්යයෙන් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන දියුණු රටවල ක්‍රමයට අපි අනුගත් වෙන්න කාළය ඇවිත් තියෙන්නේ. ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා.

      එකක් විධායකය අහෝසි කොට පාර්ලීමේන්තුවට බලය පැවරීම.
      දෙක කේවල ක්‍රමය නැවත් හඳුන්වා දීම.

      Delete
    3. සුළු ජාතික පක්ෂ වලට බලයක් තියෙනවා. අනික ඉදිරියේදි වැඩි වෙන්න පුළුවන්. මතක තියාගන්න ජේ ආර් විධායක ක්ර මය ගෙනාවේ නිකම්ම නෙවෙයි. 77 දී මෙහේ ප්‍රධාන විපක්ෂය වුණේ ටී එන් ඒ එක. ඒ කාලේ අමිර්තලිංගම් ප්රරසිද්ධියේම වෙනම ඊළමක් සඳහා පිටරට වල පවා කැම්පේන් පටන් ගත්තා. ඒ වගේම ලංකාව ඒ කාලේ යුධමය අවස්ථාවකට මුහුණ දීපු රටක්. අපිට හදිසියේ වැදගත් නීති ගෙන එන්නට සිද්ධ වෙනවා. ඒ අවශ්යයතාවය මත තමයි එදා විධායකය ගෙනාවේ. ඒකෙ බලතල වැඩි කරලා නරක විදිහට විධායකය ගෙන ආ එක ප්රුශ්නයක්. නමුත් විධායක ක්රනමට එදා රට මුහුණ දීලා තිබ්බ ආරක්ෂක වශයෙන් පැවති තර්ජනයන්ට අවශ්යරව තිබ්බා.
      අපිට තවමත් ඒ අභියෝගය පවතිනවා. මාතලන් හොඳට බලන්න ලංකා‍ව මුහුණ දීලා ති‍යෙන තත්වය. අපි කොහොම හරි රනිල් ව බලයට ගෙනාවත් රනිල්ට පවා ටී එන් ඒ එක එක්ක හැප්පෙන්න වෙනවා. ඒක යතාර්ථයක්.
      ටීන්ඒ එක දමිළ ජනතාව‍ගේ අවශ්යරතා වෙනුවෙන් පෙනීසිටිනවා ද කියන එක වෙනම කතාවක්. ඇත්ත කතාව ටීන්ඒ එක තුළ ලංකාවිරෝධී දමිළ ඩයස්පෝරාව ට සෑහෙන්න බලපෑමක් තියෙනවා කියන එක. අනික ටීඑන්ඒ එක තුළ තියෙන මසල් එක තමයි ඉන්දියාව. ඉන්දියාව ඔවුන්ව පාවිච්චි කරනවා. ඒ වගේ තත්වයක් තුළ ඔවුන්ට සෑහෙන්න බලයක් ලැබෙන පාර්ලිමේන්තු ක්රාමයට යන එක සෑහෙන අවදානම් සහගත වැඩක්.
      අනික අපි ඔය කියන නරක විධායකව අයින් කරලා කවුද අපේ පාර්ලිමේන්තුව ට ගේන්නේ?
      අපේ මිනිස්සු වෙනදා වගේම ඡන්දෙ දෙන කට්ටිය තමයි ඉන්නේ එතන. අපි විධායකය අයින් කරා කියලා අපිට මොකක් ද තියෙන ගැරන්ටි එක පාර්ලිමේන්තුවට එන්නේ හොඳ මහත්මා දේශපාලකයින් ටිකක් කියලා? එහෙම පාර්ලිමේන්තුවේ භාගයක් පුරවන්න තරම් වත් මහත්මා ගතිගුණ තියෙන දේශපාලකයින් ඉන්නවාද මේ රටේ දේශපාලනය තුළ?
      අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි.
      1. විධායකය අයින් කළා කියලා මේ රටේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලන ක්ර මය අයින් වෙන්නේ නෑ. මොකද ඒක ඊට කලින් ඉඳන්ම පැවති දෙයක්.
      2. නමුත් විධායකය අයින් කළ විට මේ රටේ බෙදුම්වාදී කොටස් වලට රටේ නීති සම්පාදනය ට කරන්න පුළුවන් බලපෑම ඉහළ යනවා. රටට තවමත් පවතින්නේ භයානක තත්වයක ආරක්ෂක අංශයෙන්!
      3. රටේ පාර්ලිමේන්තුවේ ඉන්න වනචාරීන් ට තමයි බලය යන්නේ.
      4. අපේ රටේ මිනිස්සු විධායක ක්ර මයට හුරුවෙලා තමයි ඉන්නේ. ඒ අස්සේ විධායකය නැති කරලා නොදන්නා පාර්ලිමේන්තු ක්රාමයට මිනිස්සු අකමැති වෙයි. වෙන විදිහකට කියනවා නම් නො දන්නා යකා වෙනුවට දන්නා යකා හොඳයි කියන මතය බලපායි. අන්තිමට ආණ්ඩුව එපා වෙච්ච මහින්දට ඡන්දය නොදෙන්න තීරණය කරලා ඉන්න සාමාන්යත ජනතාවත් අනුදුන් කුන්දුන් වෙනවා මේ නොදන්නා විධියක ක්රයමය නැති කරමු යන බයිලා වෙන්. අන්තිමට මහින්ද අයිත් බලයට ඒම තමයි වෙන්නේ.
      හොඳට මතක තියා ගන්න විධායක ක්‍රමය අහෝසි කරලා බෙදුම්වාදීන්ට බලය ලබා දෙනවා කියලා මහින්ද හා එයාගේ අතවැසියෝ වේදිකාවෙදි කෑගහයි. දැනට රටට අවශ්යෝ අමනෝඥ මහින්ද පාලනයෙන් මිදීමයි. ඒ අවස්ථාව නැති කර ගැනීම තමයි මෙතන වෙන්නේ!



      Delete
    4. ඔය මහත්මයා හිතනවා ද විධායකය ගියා කියලා පාර්ලිමේන්තු ක්රැමය ගෙනාවා කියලා ලංකාව විශේෂයෙන් උතුර තිබුණු තත්වයටම ආපසු යනවා කියලා? ඒක මේ රටේ වත්මන් තත්වය ගැන හරි අවබෝධයක් නැති කෙනෙක් කරන ප්ර්කාශයක්. සමාවෙන්න මෙහෙම කිව්වාට. මම කියන්නේ ටිකක් හිතලා බලන්න කියලා.
      විධායකය අයින් කරන කතාව අතහරින්න. තනිකරම කාලය කාදැමීමක් හා මහින්දට වාසියක්.

      Delete
    5. ප්‍රජාතන්ත්‍රවාදය දියුණු රටවල ක්‍රමයට අපි අනුගත වෙන්න් ඔනි. අැමරිකාව, ජර්මනිය, ප්‍රංශය පුජාතාන්ත්‍රික නැද්ද? ඒවාත් විධායක ක්‍රමයක් ෙන් පවතින්ෙන්?

      ෙක්වල ක්‍රමයට යන ඒක අවශ්‍යයි. නමුත් අමාරු වැඩක්. ෙලාකුම විෙරා්ධය ඒන්ෙන් මුස්ලිම් ෙකාන්ග්‍රසෙයන්

      Delete
    6. සුළු ජාතීන්ගෙන ආරක්ෂා වෙන්න කියලා මහ ජාතියත් මුළු රටමත් අගාදයකට ඇද දාන්න දෙන්න බෑ. 70-77 භූමිකාව වෙනම කතා කල යුතු දෙයක්. එවක ලෝකයේ පැවති දේශපාලන වට පිටාවත් එක්ක. මේක කරුමයක් කියලා. ඒකේ ඉන්න මිනිස්සුත් පිලිගන්නවා. අනික මේක නැති කලා කියලා. ඊළඟ දවසේ උදේ තව්තිසාව මෙහේ පහල වෙන්නේ නෑ. ඒත් මූලික දේ හැටියට මේ අසීමිත බලතල වලින් හෙබි, විධායකය අහෝසී කල යුතුමයි. ඒක ඡන්දයකින් පස්සෙ කරන බොරු පොරොන්දුවක් නොවී. ඡන්දයෙන්ම කළ යුතු දෙයක් කියන එකයි මගේ යෝජනාව.

      Delete
    7. කොහොමද නිවැරදි විදිහට බලය සීමා කළ අවශ්යන checks and balances තියෙන 18 අහෝසි කරපු 17 තියෙන නිවැරදි විදිහට තියෙන විධායක ක්රකමයක් තුළ රට ආගාධයට යන්නේ? තේරුම් ගන්න මාතලන් මේ රටේ තියෙන ලොකුම ප්රතශ්නය විධායක ක්රරමය නෙවෙයි නිවැරදි විදිහට ක්රිියාත්මක නොවන විධායක ක්‍රමය එක ප්රෙශ්නයක් විතරයි.
      නිදහස් පොලිස් කොමිසමක් තියෙන නිදහස් අධිකරණ කොමිසමක් තියෙන හා බලය සීමා කරපු විධායකය තමයි අපිට අවශ්යො. පාර්ලිමේන්තු ක්රමමය ගෙනාවාම කොහොමද මේක විසඳෙන්නේ? කවුද පාර්ලිමේන්තුවට අපේ මිනිස්සු යවන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න වනචාරීන් අතට නේද අද මේ විධායක බලය යන්නේ?
      එතකොට මාතලන් කියන්නේ ඇමරිකාව, ජර්මනිය වගේ විධායක ක්රනමය තියෙන රට වලුත් තියෙන්නේ ආගාධයේද?

      Delete
    8. මාතලන් කියනවා සුළු ජාතික පක්ෂ වලින් බේරෙනවාට වඩා කියලා, මාතලන් බෙදුම්වාදය තමයි අපිට තියෙන ලොකුම ප්රයශ්නය. මෙතෙන්දි ප්රරධානම සුළු ජාතික පක්ෂයක් ඉන්නේ ලංකා විරෝධී තැනක. ඒ ගැන ආයිත් කතා දෙකක් නෑ. අපිට ‍ලොකුම අභියෝගයක් තියෙන්නේ යූ එන් එකේ. අපි පාර්ලිමේන්තු ක්රකමයට ගියොත් මේ අවස්ථාවේ කබලෙන් ලිපට වැටීමක් වෙන්නේ. දරදඬු විදිහට තමන්ගේ මතේම එල්ලිලා ඉන්න එපා පවතින යතාර්ථය තේරුම් ගන්න.

      Delete
    9. මාතලන් කියනවා “70-77 භූමිකාව වෙනම කතා කල යුතු දෙයක්. එවක ලෝකයේ පැවති දේශපාලන වට පිටාවත් එක්ක” එක ඉතින් 77-88 ටත් අදාළයි, 88-93 ටත් එහෙමයි, 94-2005 ටත් එහෙමයි, 2005- 2014 ටත් එහෙමයි.

      ඇත්තම කියනවා නම් බාහිර බලපෑම් අපිට අවම වශයෙන් තිබ්බ කාලය තමයි 70-77 කියන්නේ. ඒ කාලේ තිබ්බ ජරා ජීර්ණ දේශපාලන වැඩ, ව්යනවස්ථා විරෝධී වැඩ, අධිකරණය හෑල්ලු කිරීම් වගේ ඒවා සුද්ධ කරන්න බෑ බාහිර ලෝකයක් පෙන්නලා. ඇත්ත කතාව ඕගොල්ලෝ ඔය කියන ජරා ජීර්ණ අමන දේශපාලනය ඒ කාලෙත් තිබ්බා. ඒක විධායකයත් එක්ක ආව දෙයක් නෙමෙයි. විධායකය නැති වුණා කියලා ඒක නැති වෙන්නේ නෑ කියන එක මතක තියා ගන්න.

      අනික මාතලන් පුන පුනා කියන දෙයක් තමා 56 දී බණ්ඩා ගොන් වැඩ කරන කම් මහත්මා දේශපාලනයක් තිබ්බා කියලා. ඒක ටිකක් පිළිගන්න අමාරු දෙයක්. 56 ට කලින් හිටියෙත් මහත්මා දේශපාලනඥයෝ නෙමෙයි. අදට සාපේක්ෂව ටිකක් හොඳ ඇති. නමුත් ඔක්කොම සුන්දරව තිබ්බා කියලා හිතනවා නම් අමු ම අමු මෝඩ කමක්. ඔයා ඔය තරම් වෛර කරන විධායක ක්‍රමය මෙහෙට ගෙනාවෙත් ඒ කාලේ හිටිය මහත්මා දේශපාලකයින් තමා. නිකන් රැල්ලට යන්න එපා මාතලන් මොළේ කල්පනා කරන්න.
      අපේ රටේ දැන් තියෙන දැවෙන ප්රනශ්න වලින් එකක් වත් නෙමෙයි මේ විධායක ක්ර්මය. මීට වඩා ගැඹුරු භයානක ප්ර ශ්න අපි ඉස්සරහා තියාගෙන මට කියන්න තියෙන්නේ විධායකයක් අල්ලන් බයිලා ගහනවා කියලා තමයි.
      ආයිත් මම කියන්නේ අපි පාර්ලිමේන්තු ක්රමමයකට ගියොත් කබලෙන් ලිපට වැටීමක් තමයි සිද්ධ වෙන්නේ! ඕගොල්ලෝ සෙල්ලම් කරන්න හදන්නේ මේ රටේ අනාගතය එක්ක.

      Delete
    10. තව මොන සෙල්ලම්ද අප්පා නගරාධිපති පිස්තෝල එක්ක සෙල්ලම් කරන රටේ. තංගල්ලේ සභාපති සිද්දිගේ තන කාලා දාන රටේ. මේකේ හරි නම් වෙන්න ඕන ලේ වැගිරෙන විප්ලවයක්. ඒත් මම ඒකට කැමති නෑ. ඒකයි අපි වඩාත් ප්‍රායෝගික. ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් යෝජනා කරන්නේ. ඒවාට විරුද්ධ වෙන ඔබත්. මේකේ කට්ටක් හරි සූප්පු කරන් එක්කෙනෙක් කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. නැතුව රටට ආදරේට කොහොමද හදවතට එකඟව මේ දේවල් කතා කරන්නේ.

      Delete
    11. මාතලන් නගරාධිපති කෙනෙක් පිස්තෝලයක් අරන් සෙල්ලම් කරන එකයි මේ වගේ අතිශය තීරණාත්මක මොහොතක ඕගොල්ලෝ මේ රටේ ව්‍යවස්ථාවත් එක්ක සෙල්ලම් කරන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඔයාට සංවාදය දිගටම කෙරෙන්න ඕනි නම් මෝඩ අන්දමේ පහර ගැසීම් නැතිව තාර්කික විදිහට සංවාදය කරන්න.
      ඔයාට මේ රට විධායක ක්‍රමයේ ඉඳන් පාර්ලිමේන්තු ක්‍රමයට යන්න ඕනි නගරාධිපති කෙනෙක් පිස්තෝලයක් දික්කරපු හින්දාද එහෙම නැත්නම් සුද්දියෙක් ව දූෂණය කරපු හින්දාද? මේවා සහගහණ අපරාධ බව ඇත්තයි ඒත් අතාර්කික විදිහට මේක දිහා විතරක් ඇහැ යොමු කරලා මේ රටේ ඉතා වැදගත් ඉතා සංවේදී වන්නට පුළුවන් දෙයක් මේ රටේ ව්‍යවස්ථාව. ඒ වගේ දෙයක් වෙනස් කරන එක ගොඩාක් හිතලා අනාගතය ගැන වගේම ඉස්සරාහට වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන බලලා තමයි කරන්න ඕනි.
      ඔයා ඔය කියන විදිහේ නීතිය බල්ලාට දාන්න පුළුවන් වෙලා තියෙන්නේ විධායකය නිසා නෙමෙයි නේ මාතලන්. මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවීම නිසායි නේ. සුද්දිව දූෂණය කරපු උන්ට හා පිස්තෝල නගරාධිපතිට විරුද්ධව ක්‍රියා කරන්න මේ රටේ ඇති තරම් නීති තියෙනවා. වෙන්නේ මේ රටේ පොලිසිය හා අධිකරණය විධායකයට යටයි. විධායකයෙන් ඒ බලතල අයින් කරන්නයි ඕනි.

      ඒකයි අපි කියන්නේ 17 වන සංශෝධනය ගේන්න කියලා, 18 අයින් කරන්න කියලා. ස්වාධීන පොලිස් හා අධිකරණ කොමිසම් ‍ගේන්න කියලා අපි කියන්නේ ඒකයි.
      ඔයා හිතනවාද පාර්ලිමේන්තු ක්‍රමයට ගියාම ඕක හරි යනවා කියලා? කවුද පාර්ලිමේන්තුවේ ඉන්නේ? මේ වගේ ජරා ජීර්ණ, දේශපාලනයක් පාර්ලිමේන්තු ක්‍රමයේදී වුණත් පවතින්න පුළුවන්. උදාහරණයකට බලන්න කාම්බෝජය!

      17 වන සංශෝධනය, කියන්නෙත් වෙනත් කොමිසම් කියන්නෙත් ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයන් තමයි.
      අනික ඔයා මම මතු කරපු කාරණා වලට උත්තර දුන්නේ නෑ නේ ඒවායින් පැනලා ගියා මිසක්.
      1. පාර්ලිමේන්තු ක්‍රමය තුළ සුළු ජාතික පක්ෂ වලට අනිසි බලයක් එනවා රටට සංවේදී ආරක්ෂක ප්‍රශ්න හමුවේදී. මේක අතිශය බරපතල කාරණාවක්. ඔයා හරියට ඒකට උත්තර දුන්නේ නෑ.
      “නැතුව රටට ආදරේට කොහොමද හදවතට එකඟව මේ දේවල් කතා කරන්නේ”

      රටට ආදරේ හින්දා තමයි පණ්ඩිත කම් නොකර තියෙන තත්වය තවත් වර්චස් නොකර ඉන්න කියන්නේ.

      “මේකේ කට්ටක් හරි සූප්පු කරන් එක්කෙනෙක් කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.”වෙනත් විදිහකට කියනවා නම් තමන් කියන දේ ට එකඟ නොවන කෙනා දේශෙදාහියෙක්! මට රජ මැදුරේ ඉන්න එක්තරා ලෙමන් පෆ් කවටයා මතක් වුණා. ඒයා ෙන් ඔෙහාම කතා කියන්ෙන්.

      මම කියන්නේ ඕගොල්ලන් ගේ මේ විධායකය අහෝසි කරමු කියන යෝජනවා මේ වෙලාවේ අතීසාරයට අමුඩෙ ගහනවා වගේ වැඩක් කියලායි. ඕගොල්ලෝ ඔය කියන ජරා ජීර්ණ වෙච්ච ක්‍රමය අයින් කරන්න පුළුවන් විධායක බලතල ඉවත් කිරීමක් හා අවශ්‍ය ස්වාධීන කොමිසම් ඉදිරිපත් කිරීමෙනුත්.

      අනික ඔය කියන පදනමින් පොදු අපේක්ෂකයාට දිනන්න හම්බෙන්නේ නෑ. අනවශ්‍ය විධායක ක්‍රමය ඉවත් කරන කතාවකින් ‍වෙන්නේ මහින්දට නැවතත් බලය ලැබෙන එක. ඒ වගේම අපි කතා කරන්න ඕනි ඔයිට වඩා වැදගත් දේවල් මේක නිසා මගහැරීම තමයි වෙන්නේ.

      Delete
    12. වැඩි දෙයක් ඕන නෑ. මට මේ දේට විතරක් උත්තර දෙන්න. නීතීය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තේ. මමද, ඔයාද, එහෙම නැත්නම් අධිකරණයද. එහෙමත් නැත්නම් වෙනින් කවුරු හරිද. ඇයි ඔයාලා ඇත්ත කතා කරන්න මේ තරම් බය. කන්නාඩි ගලවලා එන්න අදහස් ප්‍රකාෂ කරන කොට. අගවිනිසුරුවරිය ගෙදර යවපු විදිය ඔයා අනුමත කරනවද? එතකොට එයා ගෙදර යැව්වේ ඔයාද? නැත්නම් මමද? එහෙම නැත්නම් අධිකරණයද?

      Delete
    13. මම කොහෙද මාතලන් කතා කරන්න බය වෙලා තියෙන්නේ? ඔයාට කියන්න ‍දෙයක් නෑ කියලා නිකං ගොන් කතා කියන්නේ නැතිව ඉන්න. මේ රටේ වෙන හේතුවක් නෙමෙයි නීතිය ක්රිඅයාත්මක නොවෙන්නේ මහින්දයි, එයාගේ යටතේ තියෙන පොලිසියයි, අධිකරණයයි මොට්ට ජනතාවයි නිසා (ඔයාත් ඇතුළුව). ඒකයි මම කියන්නේ විධායකයට තියෙන අනවශ්ය බලතල අනික් කරලා අධිකරණය හා පොලිසිය ස්වාධීන කරන්න කියන්නේ. ඔයා ට තේරෙන්නේ නැත්නම් කීපවාරයක් මම කියන දේ කියවලා තේරුම් ගන්න, එකපාරටම තේරුම් යන්න අපහසු නම්.
      ප්රුජාතන්ත්රයවාදයක විධායකය, ව්යනවස්ථාදායකය, අධිකරණය කියන 3 සමතුලිත වෙන කොට තමයි ඒක හරියට වැඩ කරන්නේ. අපේ විධායකයට බර වැඩියි. ඒකයි ප්රයශ්නේ. ඒකයි කියන්නේ අනිත් දෙක බලවත් කරන්න කියලා. නැතුව නිකං කෝකටත් තෛලය වගේ පාර්ලිමේන්තුවට බලය දීලා හරියන්නේ නෑ.
      මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයත් එක්ක වාද කරන එත කිසි තේරුමක් නෑ. නිකං මහින්ද භක්තිකයෙක් වගේ මෝඩයි. මේක මගේ අවසාන අවස්ථාව ඔයාත් එක්ක සංවාදයේ යෙදෙන.
      මම ඇහුවා,
      බෙදුම් වාදීන්ට බලය ගිහින් සංවේදී ප්රඅශ්න වලට බලපෑම් කරයි කියලා-----මාතලන් ගේ උත්තරය - නෑ එහෙම වෙන්නේ නෑ..............ඇයි එහෙම වෙන්නේ නැත්තේ? උත්තර නෑ, හේතු දැක්වීමක් නෑ.......

      විධායකය ගේන්න කලින් ඉඳන් ජරාජීර්ණයි නේද කියලා ඇහුවාම,--------------------නෑ එහෙම නෑ නැත්නම් බාහිර සාධක නිසා-----------ඇයි ඒ? මොනාද බාහිර සාධක? බාහිර සාධක එදා විතරද? හේතු දැක්වීමක් නෑ, තර්කනයක් නෑ......

      අළුත් ව්යවවස්ථාවන් ගෙනාවාම බලය බෙදීමේ ප්රේශ්නය මතුවෙනවා නේද? දෙබර මුලට ගල් ගැහුවා වගේ නේද කිව්වාම-----------------නෑ එහෙම නෑ. එච්චරයි. ඇයි නැත්තේ? හේතු දැක්වීමක් මුකුත් නෑ.

      ඔයත් එක්ක තාර්කික සංවාදයක යෙදෙන්න බෑ.ඔබත් මොට්ට වහන්සේලා ගෙන් එක් අයෙක් පමණි.

      Delete
    14. ඔය තමයි ලංකාවේ ඉන්න නොම්මර එකේ බුද්ධිමතා. ඔයා වගේ ගොන්නු මේ පැත්තේ නාවට කිසි අවුලක් නෑ. මොකක්ද තර්කය කියන් දේ ඔයා දන්නේ නෑ. ඔයා ඇවිත් එකාධිපතියෙක්. ඔයා කියන මතය අපි පිලිගන්න ඕන. ඔයා තරම් මෝඩයෙක් මේ ළොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ඔයාගේ මොළේ ඇලේ වැටෙයි බලාගෙන.

      Delete
  37. මාතලන් ගේ සමහරක් ප්රනකාශ වලින් ‍තේරෙනවා මාතලන් හිතනවා කියලා ලංකාවේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලන ක්ර මය ආවේ 1978 විධායක ක්රාමය ‍ගෙනාවාට පස්සෙයි කියලා. ඒක එහෙම නෑ.
    සිරිමාවෝ ආණ්ඩුව කාලේ තමයි මේවා පටන් ගත්තේ. ලේක් හවුසිය රජයට පවරගෙන තම රජයට හිතවාදී අයව පත්කරලා ඒකෙ විනාසය ආරම්භ කළේ ඒ කාලේයි. මුග්ධ ආර්ථික ප්ර තිපත්ති පටන් ගත්තේ ඒ කාලේ. අධිකරණයට ඇඟිලි ගැසීම් පටන් ගත්තේ ඒ කාලේ. 71 කැරැල්ලේදි තරුණයින් දහස්ගණනක් මැරුවේ ඒ කාලේ. අපිට පෙන්නන්න බැරි මර්වින් පවා ඒ කාලේ සිරිමා ආණ්ඩුවේ හිටියා. ඒ වෙද්දි විධායක ක්රාමයක් තිබ්බේ නෑ. කෙටියෙන් කියනවා නම් අද අපි නරකයි කියන හැම දේම ආරම්භක ස්වරූපයෙන් තිබ්බා විධායකය ගේන්න කලින් ඉඳන්ම.
    ප්රාශ්නය තියෙන්නේ විධායක ක්රවමයේ නෙමෙයි. තැන් ගොඩකම ප්රවශ්නය තියෙනවා. ලොකුම ප්ර්ශ්නය දේශපාලනය රටේ තත්වය ගැන මෙලෝ හසරක දැනීමක් නැති අය යි අපේ මහජනයා. අපේ මිනිස්සුන්ගේ කොන්ද පණ නෑ නැත්නම් ආත්මාර්ථකාමී. පෞද්ගලික වාසියක් තියේ නම් රටට වෙන ඕනිම නරක දෙයක් ඉවසනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම කනගාටුයි ඇනෝ. එහෙනම් ඔහේ මගේ මේ ළිපිය විතරක් කියවපු කෙනෙක්ය කියන එක. මේ රට විනාශ කලේ 70 ආපු සිරිමාවෝ නෙමෙයි. 56 ආපු එයාගේ මහත්තයා. ඒ කාළකන්නියා බලය ලබා ගන්න, ගෝත්‍රික යුගයට මේ රට ගෙනගියා. එතෙක් වැදගත් උගත් මිනිස්සු අතරේ තිබුන දේශපාළණය හිඟන්නෝ අතරට ගෙනිහින් ඒකට තිබුන ගරුත්වය සම්පූර්ණයෙන්ම නැති කළා. ඒ ආපු කාළකන්නින්ගේ දෙවන පරපුර තමයි අද මේ රට විනාශ කරන්නේ. සුද්දියන්ගේ තන් හපලා කන්නේ. උන් ඒ තරම් ගෝත්‍රිකයි. කොටින්ම මිනී මස් කන තරම්.

      Delete
    2. ඔව් මම ඔයාගේ වෙනත් ලිපි කියවා නෑ. නමුත් ඉදිරියට කියවන්නට බලාපොරොත්තු වෙනවා. මම කිව්වේ නෑ ලංකාවේ ජරා ජීර්ණ දේශපාලනය ගෙනාවේ සිරිමාවෝ කියලා මම කිව්වේ හැම එකකටම බැණුම් අහන විධායකය ගේන්න කලින් ඉඳන් මේ රටේ ඒ ජරා ජීර්ණ දේශපාලන ක්රවමය පැවතුනා කියන එකයි. මම හිතන්නේ ඔබ මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ.

      ඉතින් විධායක ක්රඔමය ගේන්න කලින් ඉඳන් තිබ්බ දේ විධායකය නැති කරලා දේශපාලන ක්රයමයෙන් ඉවත් කරන්නේ කොහොමද? සරල ප්ර්ශ්නයක්.

      මට බණ්ඩා ගැන කියන්න ඕනි නෑ. මම මුළු බණ්ඩා පවුලේම දැඩි විවේචකයෙක්. නමුත් මම දැන් තියෙන විධායක ක්‍රමය අයින් කරන්න ඕනි කියන මතයට එකඟ නෑ. ඒක අවශ්ය නැති දෙයක් විදිහටයි දකින්නේ. මේ රටේ සාමාන්යන ජනයා ට ඕක ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ගේ අග හිඟකම, නීතියක් නැති කම, ආණ්ඩුවේ නාස්තිය, රැකියා විරහිත භාවය ගැනයි විපක්ෂය කතා කරන්න ඕනි. ඒවායි මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න. ඒකයි ඒ ගැන කතා කරන ජවිපෙ අද නැගලා එන්නේ. මේ රටේ ජනයා ට විධායකය ප්‍රශ්නයක් නෙමෙයි.
      ඇත්ත ඒකයි. ඉතින් එහෙම එකක් අල්ලගෙන ආණ්ඩුව පෙරලන්න හදදන එක මහා මෝඩ වැඩක්. විපක්ෂයේ හා රජයේ විවේචකයින්ගේ මේ තියෙන ගොන් කම තමයි මේ වගේ ආණ්ඩුවකට රට කන්න මෙච්චර කල් ඉඩ ලැබුණේ.

      Delete
    3. ඇනෝ.... ඔබ ඔය කියන සියළුම දේට හේතුව, අද තියෙන කිසිම නීතියකට යටත් නැති, අසීමිත බලතල තියෙන විධායකය කියන පෝස්ට් එක මිස වෙන දෙයක් නොවෙයි. ඇන් ඇම් පැහැදිලිව කිව්වේ ඒකයි. මේක උන්මත්තයකු අතට ගියොත් වෙන්නේ මොකක්ද කියන එක. මහින්ද මහත්තයා කාටවත් බය නැති කෙනෙක් බව ඇත්ත. ඒත් එයා උනත් මෙල්ල කරන්න පුළුවන්. එයත් නීතීයට යටත් පුදගලයකු නම්. දැන් තියෙන්නේ මොකක්ද. කොටින්ම කියනවනම් වැඩවසම් යුගයේ රාජාන්ඩුවක්. මහින්ද මහත්තයා හැම දේම කරනවා, ඒත් දේශපාළණය නොකර. ඒකයි මේ රට අද ඉබාගාතේ යන එකක් වෙලා තියෙන්නේ. ඇමති මණ්ඩලයක් හිටියට සත පහක වැඩක් නෑ. උපදේශකයෝ හිටියට සත පහක වැඩක් නෑ. සියල්ල තීරණය වෙන්නේ එක පුද්ගලයකු මත. ඒ ක්‍රමය හොඳයි කියලය ඔහේ කියන්නේ.

      Delete
    4. “ඇනෝ.... ඔබ ඔය කියන සියළුම දේට හේතුව, අද තියෙන කිසිම නීතියකට යටත් නැති, අසීමිත බලතල තියෙන විධායකය කියන පෝස්ට් එක මිස වෙන දෙයක් නොවෙයි. ඇන් ඇම් පැහැදිලිව කිව්වේ ඒකයි. මේක උන්මත්තයකු අතට ගියොත් වෙන්නේ මොකක්ද කියන එක”

      ඕකනේ කියන්නේ මේ රටේ මහින්ද ගෙන් ගැලවෙන්න ඕනි කියන අයත් ඒ කුලකයටමයි අයිති කියලා. තමන්ගේ මතයේ හිස් තැන් කොච්චර පෙන්නුවත් දරදඬු විදිහටම එකෙ එල්ලිලා ඉන්නවා කියන එක.
      මම අහන ප්ර්ශ්නයට ඔයා උත්තර දුන්නේ නෑනේ!
      මේ රටේ ජරාජීර්ණ දේශපාලනය, අධිකරණය පවා හෑල්ලු කරන ක්රුමය පවතින්නේ විධායක ක්රාමය ගේන්න කලින් ඉඳන් නම් කොහොමද විධායකය අයින් කළ පමණින් ජරා ජීර්ණ දේශපාලනය අයින් වෙන්නේ? මේකට උත්තර දෙන්න!

      A කියන දේ පැවතුණා නම් B ගේන කලින් ඉඳන්ම හා A හි පැවැත්මට B අවශ්යි නැත්තම් කොහොමද B නැති කළ පමණින් A නැති වන්නේ?

      විධායකය ප්රනශ්නයක් නෙමෙයි මාතලන්. නමුත් ලංකාවේ විධායකය ක්රි යාත්මක වෙන විදිහේ ප්රටශ්නයක් තියෙනවා. ඇමරිකාව, ජර්මනිය වගේ රටවලත් තියෙන්නේ විධායක ක්රනමය තමයි. ඇයි අපේ එක විතරක් අජූව? මොකද අවශ්ය checks and balances මෙතන නෑ.

      විධායකයේ බලයන් සීමිත කරමු. 18 ඉවත් කරන්න, 17 ට පණ දෙන්න. නැතිව පාර්ලිමේන්තු ක්රාමයකට ගියා කියලා ඔක්කොම හරියන්නේ නෑ.

      Delete
    5. ඔයා කියන හැම දේකටම හේතුව මේ විධායකය කියන දේ ඔයාට නොතේරුනාට. විධායකයේ ඉන්න අයටත් ඒක තෙරිලා ගොඩක් කල්. මේ තියෙන රෙද්දට තව පැච් දාලා වැඩක් නෑ. කොහෙන් පැච් දැම්මත් පුක එලියේ. ඒ නිසා මේ රෙද්ද ගලවලා දාල, අළුත්ම අළුත් ඇඳුමක් අන්දන්න ඕන. ඒකට මේ රෙද්දේ තිබුනු මෝස්තර පොඩ්ඩක් ඇප්ලයි කලාට අවුලක් නෑ. ඒත් එක අළුත්ම අළුත් රෙද්දක් වෙන්නම ඕන.

      Delete
    6. ඔව් ඔව් මට මුකුත් තේරෙන්නේ නෑ මාතලන් මහත්තයාට විතරයි තේරෙන්නේ. හැබැයි කියන්නේ හැම දේම තේරෙන මාතලන් මහත්තයාට මම අහපු මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න අමාරුවීම තමයි.
      1. මේ රටේ ජරාජීර්ණ දේශපාලනය, අධිකරණය පවා හෑල්ලු කරන ක්රුමය පවතින්නේ විධායක ක්රාමය ගේන්න කලින් ඉඳන් නම් කොහොමද විධායකය අයින් කළ පමණින් ජරා ජීර්ණ දේශපාලනය අයින් වෙන්නේ? මේකට උත්තර දෙන්න!

      ඔබතුමාට ඒක සරලව කියනවා නම්,

      A කියන දේ පැවතුණා නම් B ගේන කලින් ඉඳන්ම හා A හි පැවැත්මට B අවශ්‍ය නැත්තම් කොහොමද B නැති කළ පමණින් A නැති වන්නේ?

      2. දැනට නිසි ලෙස විධායකය ක්රිණයාත්මක වන ඇමරිකාව, ජර්මනිය වගේ රටවල් විධායකය නිසා ආගාධයට වැටිලාද?

      විධායකය ගැන ඔක්කොම තේරුණ ඔය මහත්මයා මෙන්න ඔය උඩ තියෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කෝ.

      මාතලන් මහත්තයා එක්ක කතා කරන එකත් නිකං අන්ධ මහින්ද භක්තිකයෙක් එක්ක මත්තල ගැන කතා කරනවා වගේ නේ.

      මහත්තයෝ ඔයා ඔය අඳිමු අඳිමු කියන අළුත් රෙද්ද ඇඳගෙන හිටිය කාලේ තමයි ලංකාව දැන් පෙළන හැම ප්‍රශ්නයකම ළදරු අවධිය තිබ්බේ. ඒ කාලෙත් පුක එළියේ තමයි. ඒ විතරක් නෙමෙයි ඒ රෙද්ද අඳන කාලේම තමයි 71 ආවේ, වර්ග වාදී කෝලාහල අවේ, 88-89 ට මූලික බීජ වැටුණේ. ලංකාවේ ආර්ථිකය ප්‍රපාතයට වැටිලා අපේ මිනිස්සු කුණු බක්කි වල කෑම ‍හොයන්න ගත්තේ ඔය රෙද්ද අඳන් හිටිය කාලේ තමයි.
      ඒ රෙද්ද අඳන් හිටිය කාලේ වැඩ හින්දා තමයි දැන් පුක ඉරාගෙන ඉන්නේ. ‍මේකයි මහත්තයා වැඩේ,
      ඕගොල්ලෝ ඔය කියන රෙද්ද අළුත් නෑ. අනික රෙද්ද නෙමෙයි ප්‍රශ්නය!

      Delete
    7. 1. සහතික ඇත්ත. ඊට කලින් ජරාජීර්ණ වෙලා තිබුනා. නමුත් කුමක් හෝ දෙයක් නාමිකව හෝ තිබුනා. අද තියෙන්නේ එකාධිපති රජෙක්ගේ බලයක්. ඒක රජගෙදර ඉඳලා, ගමේ පිං ළිඳ දක්වා විහිදිලා තියෙන්නේ. ඉතින් මේක තව දුරටත් තියා ගන්න කියලද ඔබ කියන්නේ.

      2. ඔබ කියන රටවල, විප්ලව රාශියකට පසුව තමයි ඔබ කියන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ඇවිත් තියෙන්නේ. අනික ඒ රටවල ජනයාගේ චින්තනයෙත් විප්ලවයක් ඇති වෙලා තියෙන නිසා තමයි ඇමරිකාවේ ඔබාමා කෙනෙක් ජනාධිපති වෙන්නේ. මේ වගේ මට්ට මෝල් හරක් ඉන්න රටකට කොහෙද ඒ දේවල් ගැලපෙන්නේ. ඉස්සෙල්ලම ජන මනසේ වෙන්සක් ඇති කරන්න ඕන ඊට කලින්. නමුත් වෙන්නේ ගෝත්‍රික ගතිය ඉස්මතු කරන දේ විතරයි. විමල් කෑ ගගහා මොකක්ද කියන්නේ. සෝභිත මොකක්ද කරන්න හදන්නේ. වෙන්න ඕන ඒක නෙමෙයි.

      ස්තූතියි අපි දිගටම සංවාදය ගෙන යමු.

      Delete
    8. 1. ඒ කියන්නේ ඔබ දැන්වත් (කිහිපවාරයක් එකම ප්‍රශ්නය ඇහුවා ට පස්සේ) පිළිගන්නවා විධායක ක්‍රමය ගේන්න කලින් ඉඳන් අපේ දේශපාලනය ජරා ජීර්ණයි කියලා. එහෙනම් විධායකය අයින් කළා කියලා ජරා ජීර්ණ බව නැති කරන්න පුළුවන් කියලා ඔබ කියන්නේ කොහොමද? මොකක් ද ඔය ඒ කාලේ තිබ්බ නාමික දෙය? ඔබට නම් කරන්න බැරි විස්තර කරන්න බැරි දෙයක් ද?

      මම පිළිගන්නවා රාජපක්ෂ ගේ බලය රටේ හැම මගුලටම දැන් බලපානවා කියලා. මතක තියාගන්න තවමත් මහින්ද ඒකාධිපති නෑ. නමුත් ඒකාධිපති ගමනක යනවා කියන එක මම පිළිගන්නවා.

      ඔයා කොහොමද කියන්නේ විධායක ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් කියලා? රපේ රටේ එක ඒකාධිපති සිස්ටම් එකට මාරුවෙන්න ගත්තේ 18 වන සංශෝධනයේ ඉඳන්නේ. ඉතින් අපි කියන්නේ ඒ 18 අයින් කරලා විධායකයේ බලතල අයින් කරන්න කියලායි. ස්වාධීන කොමිසම් ගේන්න කියලායි. එ වැඩෙන් කරන්න පුළුවන් දේට තනිකර අයහපත් අතුරු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් පාර්ලිමේන්තු ක්‍රමය ගේන්න ඕනි නෑ කියන එකයි මම කියන්නේ. තේරුම් ගන්න. මේ බෝනික්කාම ඕනි කියලා අඬන පොඩි ළමෙක් වෙන්නේ නැතිව.

      2. ඉතින් මාතලන් මේ වගේ මොට්ට මෝල් හරක් ඉන්න රටකට පාර්ලිමේන්තු ක්ර්මය ගැලපෙන්නේත් නෑනේ. එතකොට අපේ මොට්ට වහන්සේලා තොග පිටින් පාර්ලිමේන්තුවට යවන වන චාරීන්ටම නේද ඔය පාර්ලිමේන්තු ක්‍රමයේ වැඩි බලතල යන්නේ? ඉතින් සෝභිත කියන දේම නේ ඔයා මෙතන කියන්නේත්.

      කොහොම හරි ඔයා දැන්වත් පිළිගත්තා ඇමරිකාව වගේ විධායක ක්‍රමය පවතින ප්‍රජාතාන්ත්‍රික රටවල් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබ පිළිගන්නවා හුදු විධායක ක්‍රමය නිසාම ජරා ජීර්ණ දේශපාලනයක් ඇති වන්නේ නැති බව.

      Delete
    9. මට හිතන්නේ මාතලන් ට මම කියන දේ තේරුම් ගන්න ටිකක් අපහසුයි වගේ. මම මහින්දයා ගේ අසික්කිත වැඩ අනුමත කරන්නේ වත් උගේ තියන හැම මගුලටම නම දාගන්න පිස්සුව වත් ආරක්ෂා කරනවා නෙමෙයි. මහින්දව මෙතනින් අයින් කරන්න ඕනි. මම කියන්නේ විධායක ක්‍රමය අයින් කරන්න අවශ්‍ය නෑ කියන එක. ඒකට අවශ්‍ය සංශෝධන කරලා ස්වාධීන කොමිසම් ගෙනත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු කියන එකයි මම කියන්නේ.

      පාර්ලිමේන්තු ක්‍රමයට ආවඩන ඕගොල්ලන නොදකින තවත් පැත්තක් තියෙනවා. අපිට විධායක ක්‍රමයේ ඉඳන් නිකම්ම පාර්ලිමේන්තු ක්‍රමයට මාරුවෙන්න බෑ. තනිකර අළුත් ව්‍යවස්ථාවක් ගේන්න වෙනවා. ලංකාවේ එතකොට ඒත් එක්කම එන අනිත් ප්‍රශ්නය මොකක්ද උතුරු නැගෙනහිරට බලය බෙදීම. දැනගන්න දෙමළ මිනිස්සු ඉල්ලන්නේ ෆෙඩරල්. ඒ කියන්නේ අළුත් ව්‍යවස්ථාවක් එක්ක අපිට ෆෙඩරල් ගේන්නත් වෙනවා, දෙමළ මිනිස්සුන්ව සතුටු කරන්න.

      අපි එහෙම කළේ නැතිනම් දෙමළ මිනිස්සු එක්ක නැවතත් ප්‍රශ්නයක් ඇති වෙනවා. පවතින ව්‍යවස්ථාවේ අඩුම ගණනේ කුමන හෝ බලය ‍බෙදීමක් තියෙනවා. ඒක අමතක කරලා ව්‍යවස්ථාවක් ‍ගෙනාවොත් 72 සිරිමාවෝ ජනරජ ව්‍යවස්ථාව ගෙනාවා ව‍ගේ තියෙයි. අළුතින් ව්‍යවස්ථාවක් ගේන මාතෘකාව ඇවිස්සුවොත් දෙබරෙට ගල් ගැහුවා වගේ තියෙයි. හොඳම දේ පවතින ක්‍රමයට සංශෝධන එක් කරමින් ගොඩයාමයි.

      Delete
    10. ඔයා මේ සාඛඡ්චාවේ අරමුන වත් දන්නේ නැතිව මෙතන කොමෙන්ට්ස් දාන්නේ. මම කියන්නේ නෑ මම කියන දේ හරිය කියලා. නමුත් මම කියන දේ වෙනුවෙන් මම පෙනි ඉන්නවා. මෙතන අපි මුල ඉඳන්ම අළුත් ව්‍යවස්ථාවක් නැතිව සෝභිත් හිමි නෙමෙයි බුදු හාමුදුරුවෝ ගෙනාවත් වැඩක් නෑ කියන දේයි. 18 අයින් කලා කියලා. කොමිෂන් ගෙනාවා කියලා රට ආයෙත් ප්‍රකෘතිමත් වෙන්නේ නෑ. මේ රට මුල ඉඳලා හදන්න ඕන. එතනදි සිංහළයා ගැන විතරක් නෙමෙයි දෙමලා මෙන්ම තම්බියා ගැනත් හිතන්න ඕන.

      Delete
    11. මම කියවලා නම් තේරුම් ගත්ත විදිහට ඔයා ගේ සාකච්ඡාවේ අරමුණ අපේ රටට හැකි ඉක්මනින් විධායක ක්රකමය අයින් කරලා පාර්ලිමේන්තු ක්රගමයට යන්න ඕනි. ඕක තමයි රටේ හැම වැරැද්දටම හේතුව. ඔබ තුමාගේ හිතේ තියෙන අරමුණු කියන්න මම දන්නේ නෑ. කවුද කියන්නේ සෝභීත ගේන්න කියලා. සෝභිත කියන්නේත් ඔයාගේ මතයම දරණ ඔයාගේ කෑම්ප් එකේ කෙනෙක් නේ. මම කිව්වාද 18 අයින කළා කියලා ප්රා්කෘතිමත් වෙනවා කියලා. අපි කොහොමත් ප්රානකෘතිමත් වෙලා හිටියේ නෑ. මම කිව්වේ ප්ර ජාතන්ත්ර වාදය ශක්තිමත් කිරීමේ එක අංගයක් විතරයි 18 ඉවත් කිරීම කියලා.

      මම ලියලා තියෙන දේ හරියට කියවන්න.

      ඔව් හැමෝම ගැන හිතලා තමයි වැඩ කරන්න ඕනි. හැබැයි අළුත් ව්යරවස්ථාවක් මේ රටට මේ වෙලාවේ නරකයි. මොළයක් තියේ නම් තේරුම් ගන්න.

      මගේ අවසාන සටහන. ඔබත් එක්ක තාර්කික සංවාදයක යෙදීම තේරුමක් නැති වැඩක්.

      Delete
    12. තර්කය කියන්නෙ මොකක්ද කියා නොදැන් තර්ක කරන්න එන්න එපා..

      Delete
  38. මම මෙ පලවෙනි වතාවට බ්ලොග් එකක කොටන්නෙ.ඒත් හැමදාම කියවනව අලුත් පෝස්ට්.මේ පෝස්ට් එක දැක්කම මට මොකුත් කොටන්නෙ නැතුව යන්න හිත දුන්නෙම නෑ.ඇත්තටම මාතෙ රටේ කාලකන්නි කමට ඉපදුනු බන්ඩාරනායක නැත්තම් මෙ රට මේ වෙනකොට ලොකෙ ගොඩක් ඉදිරියෙන් ඉන්න බලවත් රටක්.එයා තමයි හැමජාතියක්ම එකට එකතු වෙලා පිහිටවාගෙන හිටපු ජාතික සන්ගමයෙන් වෙන් වෙලා සින්හල මහා සභාව කියල එකක් අටෝ ගත්තෙ ඩී.ඒ රාජපක්ශත් එක්ක.ඒකෙන් තමා ජාතීන් වෙන්වෙලා දෙමල සන්ගමය ,යෝනක සන්ගමය කිය කිය වෙන වෙන සන්ගම් හදාගෙන ජාති වාදය වපුරන්න ගත්තෙ.දැන් ඉන්න උන්ගෙ පරම්පරාවෙ උන් අප්පල ගිය මගේම ගිහින් ජාතිවාදය අව්ස්සල තමන්ගෙ බඩ කට පුරෝ ගන්නව.උන් ජහමනයට කතාකරන්නෙම බුද්දිමත් ජනතාව කියල.අම්මගෙ රෙද්දෙ බුද්දියක් තමා චන්දෙ දෙන උන්ට තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සාරංග. ජනතාව බුද්ධිමත් නෑ. බහුතරය අමු ගොන්නු. පට්ට ගෝත්‍රිකයෝ. උන්ගේ ගෝත්‍රික ගතියෙන් උපරිම ප්‍රයෝජන ගත්ත එක තමයි ගොන් බන්ඩා කරේ. නැත්නම් මේ රට පාරාදීසයක්.

      Delete
    2. සමානුපාතික චන්ද ක්‍රමය මුළුමනින් ඒවත් කිරීම වැරදියි. එතකොට ලොකු චන්ද ප්‍රතිශතයක් ගන්න පොඩි පක්ෂ වලට නියෝජනයක් නැති වෙනවා

      සිහල උරුමය 2001 දී 5% විතර ගත්තා . නමුත් ඒ ගොල්ලෝ ආසනයක් දිනන්නේ නෑ කවදාවත් .. මේ ක්‍රමය යටතේ එක ආසනයක් ලැබුනා

      Delete
  39. I really love your work it’s very beneficial to many people’s. Your blog approach helps many people like myself. Its content is very easy to understand and helps a lot,
    Do visit my site for new and Updated software :u!
    iMyFone D-Back Crack
    Camtasia Studio Mac Crack
    Signal Desktop Mac Crack
    SmartGit Crack
    NTLite Crack
    LinkAssistant Crack
    DVDFab Crack
    PalTalk Crack

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න