.

.

Aug 31, 2014

18 වන සංශෝධනේ හිල හා මීළඟ ජනපති - There is a hole in a bucket Dear Laisa


කට්ටිය සාධාරණ සමාජ, පිවිතුරු හෙටක්, බටහිර කුමන්ත්‍රණ කරුවන්ගෙන් තොර රටක්, සිංහළ කළ ක්‍රමයට හැදූ මැළේ අච්චාරුවක්, අරකක් මේකක් උදා කරන්න යද්දි, ජනාධිපති ක්‍රමේ ඉදිරියටත් ගෙන යාම සඳහා ඡන්දයකට යන්න දින නියම කොරලාය. දැන් ඉතින් වෙන්නේ හැම එකාම බොරුවට එපා කියපු, ඒත්, හීනෙනුත් මහින්ද රාජපක්ෂ කෙනෙක් වගේ ඉන්න හිතාපු, ජනාධිපති ක්‍රමේ එයාගෙන ඩැහගන්නා ගේම් එකට සෙට් වෙන්නය. හැම එකාටම ඕන ජනාධිපති ක්‍රමේ නැති කරන්න නොව, මහින්ද රාජපක්ෂ ගෙදර යවන්නය. එහෙම ගියාම කේතුමති රාජ්ජේ පහළ වෙනවා කියා හැම එකාම හිතන්නේය.

මහින්ද මහත්තයාට තුන් පාරක් බැරිය කියා සරත් සිල්වා කියලා තියෙනවා දැක්කාම, මාතලන්ට පුකෙන්ම හිනා ගියේය. අම්මට සිරි ලංකාවේ ජහ මනයාගේ ප්‍රජාතන්ත්‍රවාදයට කෙලින්න පුළුවන් හොඳම කෙලිල්ල කෙලියේ මේ උපාසක මහත්තයාය. අපේ ඡන්දේ බලෙන් පාර්ලිමේන්තු යන එකා, එහා ගෙදර මළ පෙරේතයා ඡන්දේ දීපූ පක්ෂෙට පනින්න, ස්ප්‍රින් බෝඩ් එක හදලා දුන්නේ, මේ නීතී විසාරදයාය. මුන්ගේ නීතී ඇවිල්ලා උගෙ අම්මාගේ නීතීය. එහෙම උන් නීති විසාරදලා නොව, මළ විකාර කාරයෝය. මුන් ඇවිල්ලා කන්න ඕනා උනාම කබරගොයත් මරාගෙන කන හාදයෝය.

ඉස්සර තිබුනේ, එහෙම එකෙකුට යන්නම ඕනා නම්, පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා අතුරු මැතිවරණයකින් එන එකය. එහෙම ගිහින් ගොඩ ආපු උන් මෙන්ම, කෙළවෙලා ගෙදර ගිය උනුත් ඒ කාලේ හිටියේය. වටින් ගොඩින් එන ආරංචි වලින් කියන්නේ, දැන් මේ සිස්ටම් එක නීතී පොතට අතුලත් කරන්නත් යනවා කියලාය. මම නම් හිතන්නේ ඒක ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය නීතීගත කිරීමක් කියලාය. මේ කාළකන්නි වැඩෙන් වෙන්නේ, එකම පිරිසක් හැමදාම පත්වේන එක විතරමය. හරියටම රජ කාළේ වගේමය. රජා වෙනස් උනාට. රට පාළණය කරන්නේ තුප්පහි පවුල් ටිකක් විතරක්ම වීමය.

එහෙව් නීතී හදපු එකා, අද වික්ටර් අයිවන්ලාට "නීතී විශාරදයෝය". ඒ කාළේ කළු පාට මුල් පිටු දාලා, ජිනීවා ගිහින් නඩු කියපු එකා, අද තලගොයා වෙලා තියෙන්නේ එහෙමය. දැන් ඒ දෙන්නා කියන ආකාරයට, මහින්ද මහත්තයාට තුන් වෙනි වතාවේ ඉල්ලන්න බැරිය. මට පේන්නේ මේ කරලා තියෙන්නෙත්, මහින්ද මහත්තයාට සපෝට් එකක් දීමය. එහෙම කේස් එකක් තියෙනවා නම් ඒකෙන් ගැලවෙන ආකාරයත් ලොක්කාට පෙන්වා දීමක්ය. අග්‍ර විනිසුරු නෝනා පැය විසි හතරෙන් ගෙදර යවපු මහින්ද මහත්තයාට, ඔය අග්ගලාව මහ ලොකු ලබ්බක් නෙමේය. දෙකට තුනට විතරක් නොව, කතරගම දේවාලේ වගේ, බිම දිගාවෙලා වඳින උන්, ඔය සන්සෝදනේටත් අත් කකුල් විතරක් නොව, ඕන නම් ජුන්ඩා උනත් උස්සලා සම්මත කොරලා දෙනවාය.


මක්කා කොලත් ඌවේ ප්‍රතිඵලේ මේ හැම එකටම බලපානවාය. ඒ නිසා දාන්න පුළුවන් ඔක්කෝම සෙල්ලම් දාලා ආන්ඩුව ඌව දිනනවාමය. හැමෝම "බුද්ධිමත් මහ ජනතාවට" බැන්නාට, හරි විදියට නම් බනින්න ඕනා විපක්ෂයේ පක්ෂ වල ඉන්නා නායක නොනායක ඔක්කෝම කාළකන්නින්ටය. ජෙප්පන්ට එජාපේ කියන්නේ වහ කදුරුය. අලි පාටියේ කාළකන්නි ප්‍රේමදාස රෝගය ආයෙත් ඉස්මතු වෙලාය. මෑත කාළයේ එජාපය සුනු විසුනු කිරීමේ කප් එක කිසිම තරඟයක් නැතිව හිමි වෙන්නේ, පොඩි ප්‍රේමදාසටය. ආර් ප්‍රේමදාසලා ගේමට බැස්සේ ආන්ඩු බලය අරගෙනය. එතකන් බලේ ගන්න ගේමේ, දෙන්න පුළුවන් උපරිම ගේම දුන්නේය. ඒත් පොඩි එක්කෙනා කරන්නේ තනිකර අනිත් පැත්තමය. ඒයා කරන්නේ කකුලෙන් ඇදීමේ ක්‍රීඩවමය.


පොන්සේකා කියන්නේත් තනි අලියාමය. මඳ කිපුනු කාලේට ආයෙත් රැලට ආවාට, සීන් එක ඉවර උන ගමන් එයා ආයෙත් තනි අලියාමය. ඡන්දෙන් පස්සේ ආයෙත් සෙට් එකක් පැනලා යනවාය. යන හැම එකාම කියන්නේ සත්තු වත්තේ නම් අහගන්න බැරි නිසා යනවා කියලාය. සෙට් එකක් විගා දාන්න යන අතරේ, තව සෙට් එකක් ඉතිහාසෙ ප්‍රථම වාතාවට, හාන්දුරු කෙනෙක් සිංහාසනේ තියන්නට සෙට් වෙනවාය. සම හරක් නම් කියන්නේ අන්තීම මොහොතේ සෝභිත පෙන්වා, කරු දාන්න යනවා කියලාය.

අන්තීමට බැලුවාම ඔක්කෝම මහින්ද මහත්තයාට එගේන්ස්ට් එකට ඉල්ලනවාය. එතකොට ගේමේ රනිල් විකුම්සිහත් ඉන්නවාය. අනුර කුමාර දිසානායකයානෝත් ඉන්නවාය, විග්නේස්වරනුත් ඉන්නවාය, සෝභිත හාන්දුරුවෝ හරි ආවොත් කරූ පායයි හිරුත් ඉන්නවාය. සිරි ලංකා කාරයන්ගේ කැඩුනු හිත හදන්න සැටලයිට් නෝනාත් ඉල්ලනවාය. සමහර විට වික්‍රමභාහුත් ඉල්ලන්න පුළුවන්ය, ඔය මොකා නැත්ත ටැට්ටර් සාධුත් ඉන්නවාමය. මෙහෙම සැට් එකක් ඉන්න අතරේ, දන්න යකා හොඳා කියා, බුද්ධිමත් ජනතාව ගිහින් ඉන්න යකාටම කතිරේ ගහනවාය. තව සෙට් එකක් මොකා ආවාත් අපිකා කියා, ගෙදරට වෙලා ඉන්නවාය. අන්තීමේදි ජනවාරි හතර උදේ, මහරජානෝ තව සැරයකට සිංහාසනාරූඨ වනවාය. ඒක ඉතින් රාවණා නින්දෙන් නැගිටලා ආවත්, වලක් වන්නට නම් බැරිය.

ඒ වගත් මෙසේය..

112 comments:

  1. Replies
    1. එහෙම්මම තමයි බොක්කෝ... වෙනෙ මක්කත් වෙන්නේ නෑ..

      Delete
  2. මට නම් දැන් හොදටම මල පැනලාය .....
    අර අනුරය....තනි ගේමක් දෙන්න යනව කියන්නෙ ...අමු ගොන් පාට්ය .....
    ජෙප්පන්ගේ කඩ්ඩ දන්න එකම බුවා ....නැතිව සද්දය......
    ඌවෙ ඉන්න ජෙප්ප සංක්‍යා ලේඛන ගෙන හැර පානවය....
    පොඩ්ඩක් ඉදිං ...මචෝ..... මම බොන ගමන්....
    තව දෙන්නම්...සවසට...... මුංගේ ...අම්මලටත් එක්කල....
    උඹට සුභ අනාගතයක් සුද්ද.......

    ReplyDelete
    Replies
    1. හම්මේ :D

      Delete
    2. ආ කෙන්ජි අයියා....
      සුබ අනාගතයක් එහෙනම්.
      තව ගල් සොට් එකක් දාලම එන්නකෝ....

      Delete
    3. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    4. ගෝල් ලිප් 5 ක්
      -ස්තුතියි-

      Delete
    5. එක්කෝ රනිල් එන්න ඕන.. නැත්නම් අනුර එන්න ඕන..

      Delete
  3. මමත් හිතන්නේ ලොකු මාමා පරාජය කල හැක්කේ ලොකු මාමාටම පමණි. යන විදියටනම්, ඒකත් වෙන ලකුණු පෙනේ දෝ කියා සිතේ

    ReplyDelete
    Replies
    1. මේ සංසාරෙදි මේ නමින් නම් වෙන්න බෑ...

      Delete
  4. Mahinda hondayi. Honda netthe , mulu parapurama ekka ena ekayi. Ranilta parapurak nehe.

    ReplyDelete
    Replies
    1. මොකා ආවත් කරන්නෙ ඔය ටික තමයි.. එකම දේ ප්‍රථිශතයේ වෙනසක් පමණයි..

      Delete
  5. මොන පොර ටෝක් දෑම්මත් , මාතලන් වටෙන් ගිහින් නතර වෙන්නේ මහරජාට කඩේ යෑමෙන් බව මාතලන්ගේ ලිපි කියවන අය අවබෝධ කරගෙන ඇතැයි සිතමි. ලංකාවේ බොහෝ උන් 56 පෝලිමේ ගොස් තමන්ගේ සිංහාසනය රට පාවා දුන් එවුන්ගේ ඔඩොක්කුවට වීසි කල හීන මාන එවුන්මය.උන් සිංහාසනය එසේ උන්ට විසික්ක කලෙ වලව්වේ පිලේ ඈඳි ගන්නට තියෙන ආසාවටය. එංගලන්තයට ගොස් සර්වජන චන්ද බලයේ රඟේ දැන සිටි බන්ඩා ලංකාවේ ගොබ්බයන්ට වලව්වේ කොලොම්බුව පෙන්වා උන්ගේ ඇස් ගිනි කණ වට්ටවා උන්ට උරුම වන්නට තිබු සිංහාසනය ම්ංකොල්ල කෑවේය.

    මේ අටුවාව ලිව්වේ 56 එවුන් නූගත් ,ලෝකය නොදුටු , වැඩවසම් පාලන ක්‍රමය තුල හිංසක ජීවිත ගත කල අහිංසකයන් නිසා උන්ට වැරදුනු එක කමක් නැති බව කියන්නටය. එහෙත් දැං එවුන් උන්ගේ දෙවෙනි තුන්වෙනි පරම්පාවන්ය. උදෙට නැගිටින්නේ , රෙන්නේ හුජ්ජ කරන්නේ 3 ෆෝන් , ටැබ් අතේ තියාගෙනය. ලෝකය විශ්ව ගම්මානයක් වෙලාය. එහෙත් මුන්ගෙන් බහුතරය 56 එවුන්ටත් එහා ගිය දීන මානසිකත්වයක් හිමි කාලකන්නින් පිරිසක්ය. බුකිය පුරා රෙන ජාතිවාදි හැතිකරය මොනවට කියා පාන්නේ එයයි. හැබැයි උන්ගේ ගොබ්බ කම නිසා උන් එය අමුවටම බුකිය පුරා රෙයි.

    මාතලන්ලා එසේ නොවේ. මිනිහා අමුවටම බෙට්ට බුකියේ අත අරින්නේ නැතිය. ඉතා පරිස්සමෙන් බෙට්ට අයිසින් කර නේක වර්ණ ගන්වා බුකියට මුදා හරියි. බොග් ගාලා ගිල්ලොත් ගිලින එකා දන්නෙත් නෑය. බෙට්ට බඩේය. එහෙත් රස බලලා කන එකාට ගූ බෙට්ට අහු වෙනවාය.

    මාතලන් මේ කරන්නේ ඉතිහාසය පුරා පාවා දෙන්නන් කල පාජාති ජොබ් එකය. එනම් ජුදාස් කල දෙයය. එදා රිදී කාසි තිහකටය ..... අද ??????

    ඌවේ දිළිඳු කම ගැන ලිපිය , අද ලිපිය සහ පලවූ තවත් බොහෝ ලිපි පරිස්සමෙන් කියවා බලන්න. මහා රජාට සුපර් මාකට් යන්න වසන්තිලාට අමතරව මාතලන් ලාද සිටින බව ඔබට වැටහේවි.

    අසීමිත බලය අසිමීත විනාශයයි. විධායක බලය සහිත ජනාධිපති තනතුර අප රට දිනෙන් දින විනාශය කරා ගෙන යන බව සක් සුදක් සේ පැහැදිලියි. විධායක ජනාධිපතිකම අහෝසි කල පමනින් කේතුමති සුර විමන ලංකා පොලෝ තලය මත පහල නොවන බව සත්‍ය වුවත් , විධායක බලය සහිත ජනාධිපති තනතුර සමගින් ඉදිරියට යන සෑම දිනක්ම අප යන්නෙ විනාශය කරා බව අප තේරුම් ගත යුතුයි.

    එම ඉලක්කය කරා යන ගමනෙදි බොහෝ බාධක පවතින අතර , අඩුපාඩුද පවතිනු ඇත. මාතලන්ලා වැනි අයිසිං ගූ බෙටිද හමු වෙනු ඇත. එහෙත් නොවැරදීම අප ශ්‍රී ලාංකීක ජනතාව අපහසු වූ මේ ඉලක්කය ජයගන්නවා ඇත.

    අප ළයාදර ලක් මෑණියන්ව දූශණය කරමින් සිටින වර්තමාන පාහරයින්ගෙන් ඇය මුදා ගෙන ඇයට සලු පිලි පැළඳවීමේ පළමු වෙඩි මුරය එයයි.

    තව බොහෝ දුර යා යුතුව ඇත. එහෙත් පලමු පියවර නොතබා ගව් දුර යා නොහැකිය.

    ReplyDelete
    Replies
    1. කිසිඳු විකල්පයක් නොමැති පළමු පියවරක් ගැන කතා කරන්නෝද අයිසින් දමපු ගූ බෙට්ට වළඳන්නෝම මිස වෙන කිසිවකු නොවේ.. අයිසින් දැමු බෙට්ටේ රඟ පෙන්නුවේ වෙනින් කවුරුත් නොව මහින්ද රාජපක්ෂමය. රනිල්ට එරෙහිව රාජපක්ෂ ගෙන ආවෝද අප නොව ඔවුන්මය..

      එහෙම පළමු පියවර තබා යනවායනම්.. යන තැනකට මාවත් අරන් යන්න රත්තරන්..

      Delete
    2. තමන්ගේ වත්තේ පොල් කැඩූ එකාට පවා රජයේ ඉහල තනතුරු දී රට අතිශය දුෂිත තත්වයකට ගෙනා මේ පවුල් පාලනය මුලින්ම ඉවත් කල යුතුය කේතුමතී රාජ්‍ය එසැනින් පහළ නොවුවත් රටේ යහපාලනය ඇතිවීමේ මුල් පියවර එතනින් ආරම්භ වෙනු ඇත.

      Delete
    3. මාතලන් ගෙ කල්ල මරේ මේ දවස් වල ගෝල්පේස් ඵකේ කන්තෝරැවෙන් හොඳට ගෙවනවඵ මේවට

      Delete
    4. මෙයාව ගෙනාවෙත් එහෙම කියලා තමයි... නිකන් නෙමෙයි මහින්ද මහත්තයා ගේන්න ජෙප්පොත් කඩේ ගියා.. පොඩියට නෙමෙයි.. එකසිය ගානට..

      Delete
    5. ජෙප්පෝ ගැලපෙන්නේ කඩේ යැවීමට පමණි!

      Delete
  6. දන්න යක්කු හැමදාමත් ගෙන්න ගෙන පිදේනි දිදී ඉඳපුවාවේ. අපිට මොකෝ... හැමදාමත් බැන බැන ඉන්නෙකනෙ තියෙන්නෙ. කියන කට හොඳා ගලක උලාගන්නවා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කළ ගුණ සළකනවා තාම..

      Delete
  7. ////දන්න යකා හොඳා කියා, බුද්ධිමත් ජනතාව ගිහින් ඉන්න යකාටම කතිරේ ගහනවාය. /// මේක නම් වෙනවාමය,,, ෂෝයි අනේ පෝස්ට් එක, අපේ රට යන පැත්ත දැක්කම ඇඩෙනවා දේශපාලකයෝ දැක්කම හිනා යනවා ... හාමුදුරුවරු ජනාධිපති වෙනවා තියා චන්දෙ ඉල්ලනවට වත් මං නම් ආස නැහැ,,, සිවුරකින් විලිවහගත්ත පෘථග්ජන මිනිහෙක් විතරයි මට නම් ඔය දේශපාලනේ කරන සිවුරු දාන් ඉන්න අය,,, චනද්‍රිකා නෝනාගේ මුණ හරිම සෙස්සි නේද

    ReplyDelete
    Replies
    1. එයා කොහොමත් සැක්සිනේ මෙයා... නැත්නම් විජේ අහුවෙයිද...?

      Delete
  8. මොකක් කියන්නද මන්දා...මොකක් කිව්වත් වැඩක් වෙයිද...???

    ReplyDelete
    Replies
    1. එහෙම හිටියොත් පොඩි හින්ට් එකක්වත් ගහන්න බැරි වෙනවා...

      Delete
  9. එහෙනං නියත විවරනෙත් දුන්න ඈ .

    ReplyDelete
    Replies
    1. යථාර්තය බොහෝම තිත්තයි මචෝ...

      Delete
  10. // එහෙව් නීතී හදපු එකා, අද වික්ටර් අයිවන්ලාට "නීතී විශාරදයෝය". //

    අම්මට හුඩු එහෙමත් වෙලාද. මම හිතුවෙ චන්ද්‍රිකයි සිල්වයි එක්ක පොරගෙ ගේම නම් මළත් ඉවර වෙන එකක් නෑ කියලා.

    සජිත් නම් පට්ට ම අපතයෙක්. ඕක නියෝජ්‍ය නායක නෙවෙයි විපක්ෂ නායක වුනත් එදාටත් ෂුවර් කියනවා වැඩ පෙන්නන්න ඕන නම් ජනාධිපති කම දෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. මෙළෝ වැඩ පිලිවලක් නැති හාදයෙක්.. අඩු ගානේ කතාකරන්නවත් බෑ.. සිංදු කියන්නත් බෑ.. ප්‍රේමදාස නම කන පුතෙක්..

      Delete
  11. හරිම සෙන්ටිමෙන්ටල් ස්ටෝරි එකක් නේද

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මෙයා..

      Delete
  12. විපක්සෙ එකාට එකා නැහැ. නීතිය , සාමය, අරක,මේක මොන මංගල්ලේ කරන්නත් රට ඉතුරු වෙලා තියෙන්න ඕන.
    රට ඉතුරු වෙන්න මේ චකබ්ලාස් රෙජිමේ පන්නන්න ඕන.
    එක හරියට කරන්න නම් යූඑන්පී, ජේවීපී, ෆොනී,ටැට්ට්ර්, රනිල්, සජිත් , සෝභිත බේධ ඉවත් කරලා මේ ඔක්කොමල එක ඡන්දෙකට වත් එකතු වෙලා ඉදිරිපත් වුනානම් මිනිස්සුන්ගේ ඇස් ඇරෙනවා.

    කොහෙද ඉතින්, එහෙම අදහසක් කාටවත් නැහැ. ඔක්කොම හදන්නේ තමන්ට බෙදා ගන්න පුළුවන් විදියේ ලොකු හඬක් හොයා ගන්න.

    මාතලන් බොස්...ලිපිය නම් ශ්‍රේෂ්ඨයි...

    හැබැයි අපේ මල මූසල විපස්සේ එවුන්ටත් මේක කියෝගන්න ලැබුණානම් තමයි වටින්නේ...

    උන් දැනගන්න ඕන උන් හිතන් ඉන්න තරම් කතාව සුන්දර නැහැ කියල...

    ReplyDelete
    Replies
    1. උනුත් කියවනවා කියලා ආරංචියි...

      Delete
  13. සරත් සිල්වා කියන්නෙ නම් අශික්ඛිත, වචනයේ අර්ථයෙන්ම රියල් අවස්ථාවාදි පොරක් තමා!! මිනිහා වාසි වාසි විදිහට වැඩ කරන විදිහ දැක්කම ඔය 'විධායක ජනාධිපති' තනතුරට සුදුසුම මිනිහා මෑන්ද කියලත් හිතෙනවා!

    මොක උනත් දන්න යකා අපිට හොදා කියලා, ඉන්න යකාම ආයෙත් එන එක නම් වෙයි තමා!

    ReplyDelete
    Replies
    1. වෙන්නේ ඒකයි.. අපේ කැමත්ත වැඩක් නෑ..

      Delete
  14. මාමා හෙමින් හෙමින් කඩා වැටෙනවා. මාමා ආයෙත් බලයට ආවම ඒ කඩාවැටීම අපට හිතාගන්න බැරි තරම් ඉක්මන් වෙනවා. ඒ නිසා වහාම නැවතත් මාමාට බලය දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. asimu dakimi heena dakinawa . prabarakaran promotion gahapu ayata MR penwanna baha thama.

      Delete
    2. එහෙම වෙන්න පුළුවන් ඉඩ කඩ බොහෝම වැඩියි.. මොකෝ මේ සෙට් එක එක්ක නම් උන්නෑහේට යන්න වෙන්නේ වීරයෙක් විදියට නෙමෙයි.. ජනතාවගේ හතුරෙක් විදියට...

      Delete
    3. ඈඩ මොනෝ. ප්‍රභාකරන් විනාශ කරපු අයට ප්‍රමෝෂන් එකක් දීලා මදි. එච්චර දෙයක් කරපු අයට නොදෙන ප්‍රමෝෂන් දෙන්න ඕනෙ කොන්ද පණ නැති ඇනෝලාටද?

      Delete
    4. ayi doo awurudu 30k okawa maranna walee kawe....
      mahindaya nisa umbalage business walata kela una...
      eka neda atta... Mahindata oya tarama baninne eka neda dooo.

      Ranil kiyana penda ekka baluwama mahinda kiyanne Raja kenek.

      Delete
  15. ඔය සරත් මහත්තය මම එක ලිපියක දැක්ක එක තැනක කියනව මෙ විවස්ථාව වෙනස් කලෙ මහින්ද දෙවෙනිපාර දිවුරුම් දුන්නට පස්සෙ නිසා එයාට ආයි ඉල්ලන්න බැ කියල.එකෙම තව තැනක කියනව සැටලයිට් නොනට ආයි ඉල්ලන්න පුලුවන් කියල.එතකොට එයා දෙවෙනිපාර දිවුරුම් දුන්නෙ මෙ ලගකදිද?
    උබෙ සිහිනය යුඇන්පි ජෙවිපි එකතුවක් නේද?එක එහෙම වෙන එකක්නම් නෙමෙයි බොලේ

    ReplyDelete
    Replies
    1. කාටවත් නොපෙනුන දෙයක් දමියා උඹ දැක්කේ. බලාගෙන ගියාම ඔක්කොම බොරු කාරයොනේ.

      Delete
    2. නැහැ දමිත් එතනදී කියන්නේ එක ලග අවස්ථා දෙකකට පස්සේ නැවත තුන් වෙනි වර එන්න බැහැ කියලායි නේද?එහෙම එක ලග අවස්ථා දෙකකට පස්සේ නැවත ඉදිරිපත් වෙන්න වෙන්නේ තවත් එක ධුර කාලෙකට පස්සේයි.

      මතකයිනේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එක ලග ධුර කාල දෙකකට පස්සේ මිනිහා දිමිත්‍රිව ජනධිපති කරනවා.පුටින් අගමැති වෙනවා.(ඒ කාලෙ දිමිත්‍රිව රූකඩයක් විදියට තිබ්බා කියලායි කියන්නේ.)
      පුටින් නැවත ජනාධිපති වෙන්නේ ඉන් අනතුරුවයි.ඒ කියන්නේ එක ලග ධුර කාලා දෙකක් ඉදලා එකක් අත් ඇරලා තමයි නැවත ඉදිරිපත් වෙන්නේ.

      Delete
    3. මනෝජ් - රුසියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ලංකාවේ දිමිත්‍රිලා නෑ . ඉන්නේ යසලාලක තිස්සලා

      Delete
    4. එක එහෙමද? එවුනත් මම අහලතිබුන විදියට වි‍යවස්තාවෙ තියෙන්නෙ දෙවරකට වැඩිවාර ගනනක් කියල මිසක් එකලග දෙවරකට වඩා වාරගනනක් කියල නෙමෙයි.සිල්වා උන්නැහෙත් එහෙම කතාවක් කිවුවෙ නැ.රුසියාවෙ තිබුනෙ එ වර්ඩින් එකත් එක්ක.මෙ මම දැනට දන්න විදිය .හරි එක මොකක්ද කියන එක මම දන්නෙ නැ.හැබැයි එකලග කියව වර්ඩින් එක තියෙනව නම් සැටලයිට පුලුවන්ද බැරිද කියන එක ගැන තර්කකරන්න දෙයක් නෙමෙයි නේ.එවගෙම මම කොහෙවත් දැකල නැ එහෙම වර්ඩින් එකක් ගැන කියවෙනව.

      Delete
    5. දමිත් හරි.. ඒ වගේම මුන් පුක උඩ දාගෙන සැටලයිට් නෝනා ගේන්න ගිය කතාවත් හරි.. ඒත් මුන් නොදන්න දේ තමයි.. ලොක්කා ඔය ගැන ඔක්කෝටම කලින් හෙව්වය කියන එක..

      Delete
    6. ලොක්කා එහෙම හෙව්වා කියා සරත් ද සිල්වාත් දනී. බට් සම් තින් ඉස් බෙටර් දෑන් නතින් කියා දන්නා සිල්වා උන්නැහ පොඩි මයින්ඩ් ගේම් එකක් අපේ බුද්දිමත් ජනතාවගේ ඔලුගෙඩි ඇතුලේ මෙලෙස ඔබ්බවා ඇතිබවට බොට නොතෙරේද මාතලන් ගොයියෝ?

      මොන යකා ගේම් දැම්මත් මාතලන් ගොයියා කිව්වා වගේ රජ ලොක්කා 3 වෙනි පාරටත් අතිගරු ජනපති වෙන එකනම් සුවර්. හැබැයි ගොයියෝ රජ ලොක්කයි හොරු එකසිය ගානයි මේ මාසේ 20 වෙනිදට ඌව දිනනවානම් බොරු.. හාහ් හහ්

      Delete
  16. සිද්ධාලේප වෙද මහත්තයා ඉල්ලුවනම් දෙන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. ඇයි වාසු හොඳ නැද්ද? ඉල්ලන්නේ නැද්ද දන්නේ නෑ මේ ගමන...

      Delete
  17. සරත් සිල්ව අගවිනිසුරු කොරන්න එපාය ඕක පට්ට හොරා ගෑණු පෙරේතය කියපු වික්ටර් අයිවනුයි, සරත් සිල්වම මූලිකවෙලා අවුරුද්දක් කපල කලින් ගෙදර යවපු සැටලයිටුයි, සරත් සිල්වගෙ පොයින්ට් වලින් ගෙදර යවාපු ශිරාණියි, කොල්ලුපිටියෙ ඉඳල කෝට්ටෙට එනකල් බර නොදන්න උපාසිකාවක් නෑ කියල කතාවට කියන සාධුයි, වාර්ථාවකට හිමිකම් කියන විපස්ස නායකයයි, ප්‍රභාට පස්සෙ මරාට දෙන්න ඉන්න ෆොන්සේකයි ඔක්කොම එකට එක සමුළුවෙ වාඩි උනත් ඔය කවුරුත් අනෙක් එකා දිනනවටවත්, අනෙකට ටිකට් එක දීල ඉල්ලන්න යවන්නවත් කැමති නෑ තමයි.

    මහින්දටත් තියෙන්නෙ එකා එකා මරා ගද්දි ඒ මස් අරන් බයිට් එක හදාන ෂොට් එකක් ගහල ආතල් එකේ ඉන්න විතරයි. අන්තිමේදි මේ යන ක්‍රමයට කවුරු අකමැති උනත් මහින්ද දිනනවම තමයි.

    වෙනසක් වෙන්නනම් අළුත් මූනක්ම ඕනෙ. මොකද මේක අම්මට සිරි ලංකාවනෙ.

    ReplyDelete
    Replies
    1. පට්ට චරිත සහතික ටිකනේ බන් .....

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මචෝ අනුර කුමාර දිසානායක ගැන උඹේ මතය කුමක්ද...?

      Delete
  18. ඒකත් එහෙමයි නේද එහෙනම්.. පුල් මාවලස්.....

    ReplyDelete
    Replies
    1. මාවලස් කියන්නේ පට්ටෙ මාවලස්...

      Delete
  19. මාතලන්තුමා නැද්ද ඡංදෙ ඉල්ලන අදහසක්?

    ReplyDelete
  20. SARATH N SILVA.hora ,vanacharaya,Minihage Theendu Pakshagrahi (wede eththa)kiyala "RAVAYA"Pitupiewwa VICTOR IVEN "Helpin Hambantota"Naduwa gana boru Heenkendiriyak Damala silence una.Hebei lokka weradilawath peradunoth CHO(W)RA RAJA liyawi (Ranjan)

    ReplyDelete
    Replies
    1. අනිවා.... ආයේ දෙකක් නෑ..

      Delete
  21. කොන්දොස්තර රුපියලක් අඩුවෙන් දුන්නොත් ඒ ප්‍රශ්ණය විසදන්නේ එතුමාය .පාරෙ කුණු කාණුව උතුරන විට ඒක සුද්ද කරලා දෙන්නේ එතුමාය .ඉස්පිරිතාලෙ දොස්තර මාතිය ඉස්ට්‍රයික් කරන වෙලාවට ඒක සමථයකට ගේන්නේ එතුමාය. විභාග ප්‍රශ්න පත්තරේ අවුල විසඳන්නේ එතුමාය.පෝයට ටී වී එකෙන් බණ බලන්නේ එතුමා නිසාය.ලැම්බෝගිනියක් දළදා මාලිගාව ඉස්සරහින් පියාඹන පින්බර අරුමැසි අප දකින්නේ එතුමා නිසාය.ලංකාවට විසි හතර පැයේම ගේම දෙන්නට දත කනවා හැර වෙන කිසි රාජකාරියක් නැති ඔබාමා ඇතුළු බටහිර බලවේග වලින් අප රැක ගන්නා මුර දේවතාවා එතුමාය. අලුත උපන් දරු පැටියාට උම්මියක් දී උඩ දම්මවා ආශීර්වාද ලබා ගැනීමට අපට සිටින ජීවමාන දෙවියා එතුමාය .කොටින්ම එතුමා නැති ලොවක කනවා තියා රෙනවා කියන එකවත් කල හැකි දැයි සිතේ.

    ReplyDelete
    Replies
    1. එළකිරි ඇනෝ,උඹගෙ කටේ මසුරං දාන්න වටිනවා.

      Delete
    2. පට්ට කොමෙන්ට් එක මචෝ... බෙට්ට නොයන කතාව පට්ට...

      Delete
  22. පොදු එක්කෙනෙක් ආවොත් ඕක ටිකක් වෙනස් වෙන්න පුළුවන්.. ඒකටත් කට්ටිය එකතු වෙන්න එපැයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. පොද්දා නැතිව තමයි කස්ටිය තටමන්නේ...

      Delete
  23. අපිට කවුරැ මොනවා කිව්වත් තව කාලෙකට මේ ක්‍රමය වෙනස් කරන්න සාමාන්‍ය ජනතාව වන අපට බැරි වේවි.. කුම්බලා මාලු කෑවානම් විදපන් බළලෝ කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ආයෙත් කුම්බලා මාලුම තමයි කන්න වෙන්නේ...

      Delete
  24. මේකට කියන්නේ බලකාමය නෙවේද ? මහින්ද මහත්තයා වගේම අනිත් අයත් ඉන්නේ මේක කොහොම හරි ගන්න බලාගෙන. අවස්ථාවාදය කියන්නෙත් මේකටම තමා. අනුර කුමාර මහත්තයා මතක තියෙන කාලෙක ඉතිං ෆොන්සේකා මහත්තයා වගේ කෙනෙකුට කැමති වෙන එකක් නෑ. ඇයි ගියපාර පරාද වෙනකොට කණ හරහා දුන්නානේ. නරකද නිකං රතුපස්වල රන්ජා ට්‍රයි කලොත් ?

    ReplyDelete
    Replies
    1. sudeek oba niwaradeeya. okkoma inne bala kaamayen math welaya. MR or Ranil kiya wenasak natha . MR ta krana bari una dewal . nokarapu dewal Ranila awoth karanwamaya. Methana thiyenne hora kalli wala satanaka misak mahajana chandayak nowemaya.

      Delete
    2. මුන් හැම එකාටම ඕන බලය විතරයි.. රට උන්ට වැඩක් නෑ...

      Delete
  25. සරත් එන් සිල්වගෙ පොයින්‍ට් එක හරි නම් මරාට පොඩී අවුලක් තියනව. එක්කෝ එයාට සිදුවෙනව මැකෝ හරහා ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ දැක්වීමක් ලබා ගන්න. ඒක ටිකක් වාසිදායකයි. මොකද මො.පීරිස් නෙව ඉන්නෙත්. නමුත් මේ වගේ තීන්දුවක් පක්ෂග්‍රාහීව දෙන එකත් ලේසි නෑ. මොකද මේවගේ අධිකරණ තීන්දු දෙස ලෝකය බලාගෙන ඉන්නව නෙව.
    දෙවනි ක්‍රමය තමයි 2/3 තියන වෙලේ කවුන්සිලේ හරහාම ඕක කරන එක. නමුත් එතකොටත් මේකෙ ආන්දෝලනය වැඩියි. විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් ලඟ තියාගෙන මේවගේ ගේමක් ගැහිල්ල ටිකක් අවදානම්. ඒක හරියට හීතල වතුරෙන් නාල ටික වෙලාවකින් ආයෙත් වතුරට බහින්න වෙනව වගේ වැඩක්. රයිට් එ් ගැන ඒ ඇති.

    මාතලන් රාවය හරියටම කියෙව්ව නං දකින්න ඇති නෙව වික්ටර් අයියගෙ පැහැදිලි කිරීම. දැන් මාතලන් හිතනවද සරත් එන් සිල්ව එක්ක ගේමක ඉන්න අයිවන් එයාගෙ හැම ලබ්බකටම අත දිගෑරල කෙලින්න ඕන කියල? මේක තලගොයා-කබරයා වගේ තැනකට ලඝු කරන්න පෙළඹෙන්නෙ මොකක් නිසාද?

    ReplyDelete
    Replies
    1. ම්ම්.......සරත්...& එළු රැවුල ගැන අපිට කතා කරන්න දෙයක් තියෙනවද ....රාජ්....මල්ලි....

      Delete
    2. ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ දැක්වීම මරාට එරෙහිව යයි කියලා රාජ් හිතනවාද ?
      පාර්ලිමේන්තුව ගැන නම් කථා කරලා වැඩක් නැහැ.ලංකාදීපේ තිබ්බා රජය ඔය ගැන අර්ථ නිරුපණයක් ඉල්ලන්න යන කතාවක්.

      Delete
    3. කිසි අවුලක් නෑ රාජ්... ඒත් කැතයි නේ..

      කළකදි වහලු කළකදි රහ වෙනවාලූ....

      Delete
  26. ආණ්ඩුව වැරදිනම් තවත් ආන්ඩුවක් පත් කිරීමෙන් විඳුමක් ලැබෙන්නේ නෑ ඒ වෙනුවට කලයුත්තේ ඒකීය පුද්ගලයා නිවැරදිව හඳුනාගෙන ඔහුගේ නිදහස හා වගකීම ඔහුට පැවරීමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක් ඉන්නවද...?

      Delete
  27. ලිපිය නම් එල ද බ්‍රා.
    විග්‍රහයක් කරන්න තරම් ලොකු දේශපාලන දැනුමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. දැන්....බ්‍රා ගැන කස්ටියම දනී.......
      බැරිද තොට පෑන්ට්ස් ......ගැන කියන්න.....

      Delete
    2. කප් සයිස් ප්ලීස්...

      Delete
    3. පෑන්ට්ස් බෑ පැන්ටි තෝං ලේඩිස් අන්ඩ වෙයාර් ඔින එකක්.

      Delete
  28. අනේ මහින්ද මාමියගේ ප්‍රී ඇඩ්වටයිසින් වලට ඇන්දෙන ගොන් හැත්තට මොන බල්ලෙක් මොකක් කිව්වත් උගේ මතයේම ඉඳන් රෙවෙන්න බෙරිහන් දෙනන පට්ටම අතල් එකක් එන්නේය. හැමදාම කියන කතාවෙන් ජනතාවට පට්ටම අතල් දෙන්න ඕන බල්ලෙක් බලුගුත්තේරු කතාවක් කියනවා විනා රටේ යහපතට කතාකරන එක බල්ලෙක් වත් මට නම් පෙනෙනී නැත, ජනාතාවටගේ ඔලු වලට කතා කරාට චන්දෙ හම්බ වෙන්නේ නැත, උන්ට ඕනා අතලය. ප්‍රසිද්ද වේදිකාවේ සිටන් දෙපැත්තට බෙදී ගූ නා ගන්න ගමන් හැකි පමණ ගූ ගාන එකා දිනුම්ය, හිටපු නීතියේ ලොක්කා සැටලයිට් නැන්දට නීතියෙන් ඇරලා මහින්ද ලොක්කව ගෙනාවේ ලොකු කුට්ටියක් කන්නම මිසක් වෙන මොකටද, ඕන එකෙක් කුට්ටියට පෙරේත මිසක් රටට ආදරයක් නම් නැත. එත් ලැබෙන කුට්ටිය වෙනස් වෙනකොට උන්ට තමන්ගේ අද්යාපන මට්ටම මතක් වෙන්නේය, එවිට කලින් කතා අමතකව විශාරද ටෝක් දෙන්න ගන්න කොට අපිටනම් අතල් මිසක් වෙන ලබ්බක් නැත්තේය, එත් එත්තටම කතාව නම් ගූ වලක ඉඳන් දෙන අතල් රහයි කියනවා මිසක් කොරන්න දෙයක් නැති තරම්ය. විදායකේ දෙමළට කෙලවන්න ජේ ආර් ගෙනාවට එකේ රහ වැටෙන කොට ජී ආර් ටත් ඉන්නට බැරි උනාය, එත් මහලොකු විදායකේ ඉන්දියාව ඉස්සරහා දෙකට නැවී අපිට අපේ එවුන්ම නැති වෙලා පරිප්පු කාපු හැටි එකෙකුටවත්ම මතක නැති වගෙය, ප්‍රබාකරන් හරි කියලා හිතෙන්නේ මේ වෙලාවටය, " මොකද අපේ උන්ට උපරිම සති දෙකයි, උන්ට ෂෝර්ට් ටර්ම් මෙමේරි ලෝස මිස වෙන ලබ්බක් වැඩක් නැත, බඩට කෑමයි, 6 ඉඳන් 10 හරි 12 හරි වෙනකන් රුපවාහිනයට බලියගන්න විදුලියයි හම්බ උනොත් වෙන අහවල් ලබ්බක් ඕන නැත, කොහෙන් හරි ස්විච් එක දාන කොට බල්බ් එක පත්තු වෙනවා නම් නොරෝච්චොලේට හෙන ගැහුවත් අපේ උන්ට කමක් නැත, ඉන්න එකාටම පෝලිමේ ගිහිල්ලලා ගහලා උටම බනින කොට විල මැද අහවල් එකේ උන්ට ඇඩේන්නේ කටිනුයි පුකෙනුයි, දෙකෙන්න්මය. එහෙම කියන්නේ පුකෙන් ඇඩේන නිසා සබාව තුල ඉන්න පුටුවෙන් නැගිටින්නේය, ඊළඟට කටින් අඳින්නට පටන් ගනී, අනුරලා කොච්චාර සංවේදී ටෝක්ස් දුන්නත් ඒවා ටෝක්ස්ම පමණි, ඒ ටෝක්ස් වලට අහවල් ලබ්බක් වත් කර ගන්නට බැරිය, හැකි උනා නම් මී වෙනකොට කොරගෙන හමාරය, සන්ක්යාලේකන ටෝක්ස් වලට මිනිස්සුන්ගේ බද පිරෙන්නේ නැත, ඒ නිසා අනුරලා දිනිල්ලක් ගැන සිතනු මේ කපේදී නම් බැරි වනු නියතය. ඒ අස්සේ හම්බන්තොට වීරයා ගැන කොරන්න දෙයක් නැත, පියාට උරුම වූ දේ ඔහුට නම් කිසිම කලෙක උරුම වන්නේ නැත, දුක යනු තවත් කිසිම කලක කන්නන්ගර මහත්තුරු නම් බිහි නොවනු ඇත, උපන් දියසේනලා උපන් ගෙයිම මරන්නෙත් නැත, උන්ගේ මනස මහරජානෝ හරි ඔය ඉන්නේ මොකෙක් හරි අපතයෙකුට ආයුබෝ ආවඩා කියවන්නට යොදා ගන්න හැටි නම් පට්ටය, මුදලට කල නොහැක්කක් නොමැත, ජේ ආර්ට බැරි උන ගෑනි මිනිහා කරන්නයි මිනිහා ගෑනි කරන්නයි මුදලට පට්ටේටම පුළුවනය, මොකද කුට්ටියක් හමුවී ඕනෑම පරයෙක් පුක දීගෙන එන හැටි, පාවා දෙන හැටි අනන්ත ඇහින්ම දැක ඇත්තෙමු, මාමිට 2/3 හම්බ උනේ අන්න ඒ විදියට මිසක් වෙන කොහොමද, කවර මැතිවරණයක් උනත් බලයී ඉන්න එකාට පට්ටම වාසි තියෙනවාය, ඒ අතර උපරිම වාසියෙන් මැතිවරණ දිනන්නට නම් මැකෝට ආතතියක් හැදෙන විදියේ වැඩක් සෙට් කරා නම් හරිය. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට විනා තව මොන කතාද. ලංකාවේ දේශපාලනය ගූ හැලියක් විනා ඒ ගූ හැලියෙන් උඩට මතුව ආ එකදු නෙලුම් මලක් නම් නොමැත.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක නම් මල් හතයි... ආයේ කියන්න දෙයක් නෑ...

      තෑන්ක්ස් උඹේ කොමෙන්ට් එකට...

      Delete
  29. Maathalan Dana gatta Ranilata dinanna bari bawa.

    ReplyDelete
    Replies
    1. රනිල්ට නෙමෙයි සෝභිතටත් තනියෙන් බෑ...

      Delete
  30. මට නම් ඔය නොදන්නා යක්කු හොඳයි මේ දන්න යකා කරන ඒවා දිහා බැලුවාම.

    ReplyDelete
    Replies
    1. ඒ අනිත් යක්කු ගැන නොදන්න නිසා.. ඔක්කෝම එක "පවුලේ යක්කු"..

      Delete
  31. මේක දැක්කම මටත් හිතෙනවා පොදු අපේක්ෂකයා වෙන්න , ඔය ඉන්න එවුන එක්ක බැලුවම අපිටත් සුදුසුකම් අම්බානට තියෙනවනේ යකෝ

    ReplyDelete
    Replies
    1. එතකොට උඹට ගේම දෙන්නේ පත්තරයා... තාම මේ කොමෙන්ට් එක දැකලා නැද්ද කොහෙද...?

      Delete
    2. හා මේ මං ආවා… පොදු අපේස්සක කම ගන්න මොකද්දෑ උඹට තියන සුදුසුකම.නාල වරෙං.… ආව මෙතන ආණ්ඩු කොරන්න..

      Delete
  32. බ්ලොග් වලින් කියවෙන කේතුමතිය කිසිදා බිහි නොවන බව දන්නා චන්දදායකයින් සහ දේශපාලකයින් තම තමන්ගේ තරමට ජීවිතය ගෙනයන බව පමනක් මෙම පෝස්ට් එකෙනුත් එයට වැටෙන කමෙන්ට්වලිනුත් පේනවා නේද? බ්ලොග් ලියන කියවන අපිත් ඔය කොට්ටාශ දෙකට මිස වෙන කොට්ටාසයකට වැටෙන්නේ නැති බව අපිම දන්නේ නැතුවාවත්ද?

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේ පාළණය තුලම උනත් වෙනසක් අවශ්‍යයි.. මිනිස්සු ඒක ඉල්ලනවා.. මෙයාලා යුද්ධය දිණුවට, ආර්ථිකය ෆේල්.. ඒ වගේම විපක්ෂෙත් ෆේල්.. මහජනයත් එහෙමමයි.. මහින්ද මහත්තයා පලස්තීනෙට ඩොලර් දුන්නා කියලා කෑ ගහන උන්, අයිස් බකට් වලින් නාලා ඇමරිකාවට සල්ලි යවනවා.. ඒත් විරුද්ධව නඟන හඬ නැගිය යුතුමයි.. ඒක ටිකක් හරි කරන්නේ ජෙප්පෝ විතරයි.. ඒ නිසා උන් මොණරාගල කනවා..

      Delete
  33. Anura Kumara talks to the point.but do you remember that he was holding a ministerial post.either Agriculture or Cultural.to arrest the cost of living they suggested the lottery system,to distribute provisions at a concessionary price in "sathi pola ".not only that ,they are not uttering a single word against the Chinese funded projects.can we expect a just society from these people.podian Premadasa is a curse to the party.there are lot of new comers in the UNP who has a bright future.let the party seniors bring them to the fore front.Ruwan W is not to our expectations.don't know what happened to youngest son of Gamini Dissanayake.

    ReplyDelete
    Replies
    1. සියල්ලට එකඟයි එකෙන්ම..

      Delete
  34. දැං අපි මේකට මුකුත් කිව්වයි කියල වෙනසක් වෙයිද මගේ දෙයියෝ..

    ReplyDelete
    Replies
    1. මුකුත්ම නොකියා ඉන්න එක ඊට භයානකයි..

      Delete
  35. මහරජාණෝගේ තෙවැනි සිංහාසනාරූඨය අනිවර්‍යවේ. නමුත් වැරදීමකින් රනිල්, අනුර, විග්ණේශ්වරන් හෝ තනි අලියාගෙන් එකෙක් (මුන් දෙන්නා එක පතේ කන එක නෝ ෂුවර්) සහ හකීම් කියන සෙට් එක පොදු සීන් එකට එන්ටර් වී, සැටලයිට් ඇන්ටි සැලකියයුතු ඡන් ද කුට්ටියක් කැඩුවොත්න්, මහරජානොට චැලේන්ජ් එකක් නොවෙයිද​? රජා වැට්ටුවොත් ඊලගට කවුරු හොද වෙයිද​?

    ReplyDelete
    Replies
    1. අර කිවා වගේ චැලේන්ජ් එකක් දෙන්න නම් ඔක්කෝම එකතු වෙලා එකෙක් දාන්න ඕන.. හොඳ ගේමක් බලා ගන්න පුළුවන්..

      Delete
  36. මගේ මතය එකෙන්ම අනුර කුමාර දිසානායක.

    ReplyDelete
  37. කව්රු හරි බලය සහ බලය පොත ගැන හෝ එහි කතෘ ගැන කථා කරන්නේ නැත්තෙ මොකද? ඒක කොළඹදී එලි දැක්වූ විට මට පොතක් ගන්න බැරි උනා.එත් නුවරදී පෙරේදා දක්වපු එලි දැක්වීමේදී මමත් ගෙඩි සුපියල් 500ක්ම දීලා චම්පිකගේ අත්සනද සමගින් පොතක් ගත්තා.තවම ඒක කියවමින් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. එයාලගේ පොත් කියවලා කියවලා එපා වෙලා... මෙළෝ රහක් නෑ..

      Delete
    2. මාතලන්,
      ඒ උනත් මේ පොතේ 8 වන පරිච්චේදයේ ඉඳලා කියවන්න.ඒකෙ තියෙනවා අපේ රටේ විදුලිය සහ තෙල් මාෆියාව ගැන විස්තර.එහෙත් අවාසනාව නම් ඒවා කරන සහ කරවපු එවුන්ගේ නම් ගම දාල නැහැ.මේ නම් ගම් හෙළි කරන්න කියල අපි චම්පික රණවකට බල කලයුතුයි .

      සමරසේකර

      Delete
    3. එයා ඇමති කාළේ උන් එක්ක එකට කාලා, දැන් අපිට පොත් පෙරලනවා.. විදුලි මාෆියා එක පටන් ගත්තේ එජාපෙන් උනාට ඉන්නේ ඔක්කෝම ආන්ඩුවේ නෑදෑයෝ, රත්වත්තේ පවුල්, අර්ජුණ රණතුංගලා, සැටලයිට් නෝනගේ යාළුවෝ. දැන් මහින්ද මහත්තයගේ යාළුවෝ..

      Delete
  38. Mama hithanne Anura Kumara wage kenek enna ona. ranil enneth kanna balagena. ranilage passen inne hora nadayak nadda mathalan.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව... රනිල්ටත් ජනාධිපති කම ගැන තියෙන්නේ පුදුම කෑදර කමක්..

      Delete
  39. mage blog ekath kiyawanna. http://stories4rmmylife.blogspot.com/ :)

    ReplyDelete
  40. මහින්ද රාජපක්‍ෂව දාර්ශනික විදියට විවේචනය කරන සිංහල අයගේ තියෙන එක රටාවක් තමා ඔවුන්
    බහුතරය කතෝලික වීම

    ReplyDelete
    Replies
    1. එයාගේ නෝනත් එයාව විවේචනය කරන්නේ ඒ නිසා වෙන්න ඇති..

      Delete
  41. ආවා... බැලුවා... ගියා.... කියල තමයි කියන්න තියෙන්නේ

    ReplyDelete
  42. මුලින්ම ඔය කාලකන්නි ජේවීපිය උද්දච්ච කම අතඇරලා රනිල් මහත්තය පොදු අපේක්ෂකය කරන්න එකග වෙන්න ඔනෑ..
    ෆොනී සහ දෙමල සංධානෙ ඒක අල කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ..

    ඊලගට ඔය මහජනයා කියන උන් චන්දෙ දාට චන්ද පොලට ගියානම් හොදා...

    කොහොම වෙතත් මාතලනුත් කරන ලොකුම ගොන්කම තමා මොකා ආවත් එකයි කියල මහින්දටම කඩේයන එක..
    කොහොමත් මාතලන් යුද්දෙ මතක් කරකර අ* ගගහ මහින්දව ටික කාලයක් ඔලුව උඩ තියාගෙන හිටිය කියල අපි දන්නව...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න