.

.

Aug 21, 2014

ලංකාවේ අධ්‍යාපන අපාතයිඩය - How Sri Lanka practices Apartheid


- චානුක වත්තේගමයන්ගේ ළිපියකි....
 
'අපාතයිඩ්' යන අෆ්‍රිකාන් යෙදුම බොහෝ විට සිංහලයට පරිවර්තනය වන්නේ 'වර්ණ භේද වාදය' ලෙසිනි. මෙය වැරදිය. 'අපාතයිඩ්' හි වාච්‍යාර්ථය 'වෙන්ව විසීම' යන්නයි. එය වර්ණ භේදයක් ඇති හෝ නැති අවස්ථාවලට එකසේ භාවිතා කළ හැකිය. දකුණු අප්‍රිකාවේ එය භාවිතා වූයේ  පාලක සුද්දන් සුළුතරය හා බහුතර කල්ලන් වෙන්ව විසිය යුතුය යන, 1948 සිට 1994 දක්වා පවත්වා ගන්නා ලද රාජ්‍ය ප්‍රතිපත්තිය පිණිසය. 

බැලූ බැල්මට අපාතයිඩය ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියක් සේ නොපෙණේ. විවිධ ජන කොටස් ආර්ථික, සාමාජීය හා සංස්කෘතික හේතූන් මත බොහෝ විට වෙන්ව විසුවත් ඒවා මුසු වීමේ තහනමක් රජය විසින් පණවා නැත්තේය. සිංහලයින් යාපනයේ පදිංචි නොවේ නම් ඒ ඉඩම් නැතිවීම, පහසුව වැනි කාරණා නිසා මිස රාජ්‍ය ප්‍රතිපත්ති නිසා නොවේ. එසේම සුළුතර ජන කොටසකට අයත්වන්නකුට වුව තම ආර්ථික හැකියාව මත යම් ස්ථානයක පදිංචි වීම වළකා නැත. අපාතයිඩය අපේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ ඉඳුරා වෙනස් ක්ෂේත්‍රයකදීය. අවාසනාවකට මෙන් අප මේ බෙදුම පවත්වා ගන්නේ එය අවශ්‍යයෙන්ම අතහැරිය යුතු අධ්‍යාපන ක්ෂේත්‍රයේදීය.

පස් හැවිරිදි මොහොමඩ් නසීර්ට කොළඹ ආනන්ද විද්‍යාලයේ දොරටු විවර වේද? අනෙක් අතට ඔහුගේ වයසේම සංජීව උපශාන්තට ආනන්දය පෙනන නොපෙනන මානයේ ඇති සහිරා විද්‍යාලයට ඇතුළු විය හැක්කේද? මේ දෙදෙනාගෙන් එකකුට හෝ බම්බලපිටිය හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලැබිය හැකිද? බම්බලපිටියේ හින්දු විද්‍යාලයේ දැනට අධ්‍යාපනය ලබන ශ්‍රී භවන්ට ඊට වැඩි දුරක් නැති ශාන්ත පීතර විද්‍යාලයෙන් සමාන අවස්ථාවක් හිමිවේද?
අප අපම රවටා ගන්ට කැමැති නම් මේ ප්‍රශ්න වලට "ඇයි ආනන්දේ මුස්ලිම් ළමයි ඇත්තෙම නැද්ද?", (ප්‍රකට දේශපාලනඥයකු වන ඉම්තියාස් බකීර් මාකර් ආදි ආනන්දියයෙකි.) "සෙන්ට් පීටර්ස් එකට වෙනත් ආගම්වල ළමයි ගන්නෙම නැතුවද?" වැනි බොළඳ ප්‍රතිචාර දැක්විය හැකිය. මේ හැම පාසලකම යම් සුළුතරයක් වෙනත් ආගම් වල, වෙනත් ජාතීන් වල සිසුන් අධ්‍යාපනය ලබනවා විය හැකිය. එහෙත් මේ පාසල් හැමෙකක්ම විශේෂිත ජනවර්ගයකට, විශේෂිත ආගමකට පමණක් කේටර් කරන ඒවා බව අපි දනිමු. මේ විශේෂිත ජන වර්ගයට විශේෂිත ආගමට අයත් නොවන දරුවකුට මේ කිසිදු පාසලකදී එම පාසල කේන්ද්‍ර කරන ජනවර්ගයේ, ආගමේ සිසුවකුට ලැබෙන සැලකිල්ල නොලැබේ. ආනන්ද නාලන්දා වැනි 'සිංහල බෞද්ධ' පාසල් වලට ඇතුළත් කර ගන්නා අන්‍යාගමික ශිෂ්‍යයින්ගේ ප්‍රමාණයේ දැඩි සීමාවන් පවතී. එසේම කතෝලික පෞද්ගලික පාසල් ශිෂ්‍යයින් ඇතුළු කර ගැනීමේදී ආගමට දක්වන සැලකිල්ල කෙතක්ද යත් කතෝලික දෙමාපියන්ගේ දරුවකුට ඇන්ග්ලිකන් කිතුණු දෙමාපියන්ගේ දරුවකුට සාපේක්ෂව ප්‍රමුඛත්වයක් හිමිවේ. මේ දෙපිරිසම සරණ යන්නේ එකම දෙවියන් වහන්සේය යන කාරණය එහිදී අවැදගත්ය. විශේෂිත ආගමකට, විශේෂිත ජාතියකට කේටර් කරන හැම පාසලකම මෙවැනි ක්‍රමවේද පවතිනවා විය හැකිය. එයින් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද? 'අපේ එකා', 'උන්ගේ එකා' සමඟ එක බංකුවේ හිඳගෙන අධ්‍යාපනය ලැබීම වැළක්වීම නොවන්නේද?
මට මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ 'සෙංකොට්ටං' සිහිවේ. කථානායක වීරප්පුලි හේනයා පහන් සිතින් තම මුනුබුරා පාසැල වෙත රැගෙන යන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු හිසින් දරාගෙනයි. තමන්ට කිසිදා ඉගෙන ගත නුහුණු අකුරු සාස්තරය දරුවාට හෝ ඉගෙනීමට ඉඩ ලබා දී දරුවා වලෙන් ගොඩ ගැනීම ඔහුගේ අරමුණයි. කුලහීනයන් තම දරුවන් සමඟ එක බංකුවේ හිඳගෙන අකුරු කිරීමට කුලීනයන් එදිරි වීම නිසා ඔහුට බාල හේනයා පාසලට ඇතුළු නොකර හැරී එන්ට සිදුවේ. එයින් සියවසෙකට පමණ පසුව අදද අප 'කුලය' වෙනුවට 'ආගම' ආදේශ කොට ගෙන යන්නේ මේ පාරේම නොවේද?
මේ අපේ රටේ නාගරික පාසල් කිහිපයකට පමණක් සීමාවූ තත්ත්වයක් නොවේ. සමස්තයක් ලෙස ගත් කළ අපේ රටේ සිංහල සිසුන් ඉගෙනුම ලබන්නේ දෙමළ/මුස්ලිම් සිසුන්ගෙන් වෙන්වය. මෙය වෙනස් වන්නේ නම් ඒ දෙමළ/මුස්ලිම් සිසුන් තම අධ්‍යාපන මාධ්‍යය ලෙස සිංහල තෝරා ගන්නා ලද අවස්ථාවන්හිදී පමණෙකි. ලංකාවේ රජයේ පාසල් අධ්‍යාපන මාධ්‍යය අනුව වර්ගීකරණය කොට ඇති පහත වගුව බලන්න.

වගුව 1: අධ්‍යාපන මාධ්‍යය අනුව පාසල් ගණන (2012)

අධ්‍යාපන මාධ්‍යය
පාසල් ගණන
ප්‍රතිශතය
1. සිංහල පමණක්
6,368
64.3%
2. දෙමළ පමණක්
2,914
29.4%
3. සිංහල හා දෙමළ
39
0.4%
4. සිංහල හා ඉංගිලිසි
403
4.1%
5. දෙමළ හා ඉංගිලිසි
152
1.5%
6. සිංහල, දෙමළ හා ඉංගිලිසි
29
0.3%
එකතුව
9,905
100%

මුලාශ්‍රය: අධ්‍යාපන දෙපාර්තමේන්තුව, 2012

මේ දත්ත අනුව යම් පමණෙකට හෝ ජන වාර්ගිකමය හා ආගමික වශයෙන් මුසුවක් විය හැක්කේ තෙවන (සිංහල හා දෙමළ) කැටගරියේ හා සයවන (සිංහල, දෙමළ හා ඉංගිලිසි) කැටගරියේ පමණෙකි. තෙවන කැටගරියේ පාසල් ගණන 39 කි. සයවන කැටගරියේ 29 කි. එකතුව 68 කි. එනම් ලංකාවේ දස දහසකට ආසන්න රජයේ පාසල් සංඛ්‍යාවෙන් සිංහල සිසුන් දෙමළ/මුස්ලිම් සිසුන් හා මුසු වන්නේ නම් ඒ 68 කදීය. අවසාන කැටගරියට රාජකීය හා ඩී. එස්. සේනානායක බඳු සිසු සංඛ්‍යාව විශාල පාසල් කිහිපයක් අයත් වන මුත් තෙවන කැටගරිය ගැන එසේ සිතිය නොහේ. ලංකාවේ පාසල් වල ශිෂ්‍ය සංඛ්‍යාවේ සාමාන්‍යය පාසලකට සිසු සිසුවියන් 400 බැගිනි. එසේ නම් මේ මුසුව පවතින්නේ සිසු සිසුවියන් තිස් දහසකට අඩු සංඛ්‍යාවක් අතරේය. මේ මිලියන හතරක් හෙවත් ලක්ෂ හතළිහක සිසු ජනගහණයෙකිනි. එය ප්‍රතිශතයක් සේ 1% කට නොවැඩිය.

යටත් විජිත යුගයේදී එක්තරා පන්තියක හෝ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සිසුහු මුසු වූහ. ඒ ඉංගිලිසිය පොදු අධ්‍යාපන මාධ්‍යය කොට ගෙනයි. අද එවැන්නක් වන්නේ නම් ඒ බොහෝ දුරට රජයේ නොවන 'ජාත්‍යන්තර' හා පෞද්ගලික  පාසල් වලදීය. අද රජයේ කිසිම පාසලක පස් වන ශ්‍රේණිය තෙක් ඉංගිලිසිය අධ්‍යාපන මාධ්‍යයක් හැටියට භාවිතා නොවේ. තෝරා ගත් විෂයයන් කිහිපයක් පමණක් රජයේ පාසල් සීමිත සංඛ්‍යාවක ඉංගිලිසියෙන් ඉගැන්වෙන්නේ සයවන ශ්‍රේණියෙන් පසුවය. සමහරවිට එපිණිස වෙනම පන්ති නොපැවැත්වෙන අතර අදාළ විෂයයට පමණක් සිසුහු එක් පන්තියෙකින් තවෙකකට මාරු වෙති. එසේ හෙයින් එවැනි අවස්ථාවකදී වන මුසුව පවා වළක්වා තියේ.

අප තවත් ආන්තිකව කල්පනා කරන්නේ නම් අවම වශයෙන් ටියුෂන් පන්තියකදීවත් වෙනස් ජාතීන්ට අයත් සිසුහු මුසු නොවෙති. ටියුෂන් පන්ති පැවැත්වෙන්නේද අධ්‍යාපන මාධ්‍යයන් අනුව නිසාය. අන්තර් පාඨශාලීය කථික තරග, විවාද තරග යනාදියද මාධ්‍ය මූලිකය. සිරස ඩිබේටර් වැනි රූපවාහිනි තරගද පැවැත්වෙන්නේ (ඉංගිලිසි මාධ්‍ය තරගය හැරුණු කොට) මාධ්‍ය මූලිකවය. එසේ හෙයින් මේ සන්දර්භය තුළ සිංහල සිසුන් අනෙකුත් ජන වාර්ගික සිසුන් හා මුසු වන්නේ නම් ඒ මාධ්‍යය අදාළ නොවන ක්‍රීඩා තරග වැනි දේවල් වලදී පමණක් සීමිතව විය හැකිය.

මීට අමතරව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ හැම පාසලකටම සිංහල, දෙමළ හෝ මුස්ලිම් වශයෙන් නිල වශයෙන්ම ලේබල් ගසා ඇත්තේය. මේ ජන වර්ග වලින් එකකට වැඩි ගණනක් සිසුන් අධ්‍යාපනය ලබන පාසල් වර්ගීකරණය වන්නේ බහුතරය අයත් ජනවර්ගය අනුවය සිතමි. මේ අනුව දෙමළ මාධ්‍යයීය සිසුන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන රාජකීය විද්‍යාලය පවා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව නිල වශයෙන් 'සිංහල' පාසලකි. පළාත් අනුව මේ බෙදීම මෙසේය.

වගුව 2: ජනවර්ගය අනුව පාසල් බෙදා ඇති ආකාරය (2012)

පළාත
සිංහල
දෙමළ
මුස්ලිම්
බස්නාහිර
1,205
73
59
මධ්‍යම
952
438
107
දකුණ
1,059
9
35
උතුර
27
871
46
නැඟෙනහිර
263
465
335
වයඹ
1,053
29
131
උතුරු මැද
690
8
78
ඌව
660
170
28
සබරගමුව
917
160
37
එකතුව
6,826
2,223
856

මුලාශ්‍රය: අධ්‍යාපන දෙපාර්තමේන්තුව, 2012

මාධ්‍ය වශයෙන් පාසල් නිල වශයෙන් බෙදා වෙන් කිරීමේ යම් ප්‍රායෝගික අවශ්‍යතාවයක් ඇතැයි කිව හැකිය. එහෙත් ජනවාර්ගික වශයෙන් පාසල් බෙදා වෙන් කිරීමේ ප්‍රායෝගික අවශ්‍යතාවය කුමක්ද?යම් පාසලක් 'සිංහල', 'දෙමළ' හෝ 'මුස්ලිම්' විය යුත්තේ ඇයි? මීට අපේ රටේ හණමිටි ප්‍රතිපත්ති සම්පාදකයින්ට දිය හැක්කේ එකම පිළිතුරකි. එනම් එක් එක් ජන වර්ග වල සිසුන් තම තම ජනවර්ග වල සංස්කෘතිය අනුව ළමා කාලයේදීම හැඩ ගැසිය යුතුය යන තර්කයයි. නමුත් අප විසින් වැළකිය යුත්තේ මෙයම නොවේද? දෙමාපියන්ට අවශ්‍ය නම් තම දරුවන් ගෙදරදී තම සංස්කෘතිය අනුව හැඩ ගැසීමට සැලැස්වීම ප්‍රමාණවත් නොවන්නේද? බදු ගෙවන ජනතාවගේ මුදලින් රජයේ පාසල් පවත්වා ගත යුත්තේ යම් යම් ජනවර්ගවල සංස්කෘතීන්ට අනුව ළමුන් හැඩ ගස්වා ඔවුන්ට වෙනත් සංස්කෘතීන් ආගන්තුක කිරීමටද? පාසලකින් විය යුත්තේ වෙනත් සංස්කෘතීන් වලට දරුවන් විවෘත කිරීම නොවේද?

ජනවාර්ගිකමය/ආගමික බෙදීමට අමතරව ලංකාවේ රජයේ පාසල් ගැහැණු, පිරිමි, මිශ්‍ර වශයෙන්ද නිල වශයෙන්ම වෙන් කොට තියේ. මේ බෙදීම් එතරම් සීරියස් නොවන්නේ ගැහැණු පමණක් හා පිරිමි පමණක් වශයෙන් වෙන් වන්නේ බොහෝ දුරට නාගරික පාසල් සුළු සංඛ්‍යාවක් පමණක් වීම නිසාය. උදාහරණයක් සේ කොළඹ දිස්ත්‍රික්කයේ ගැහැණු පමණක් පාසල් 38 ක්ද, පිරිමි පමණක් පාසල් 56 ක් ද වන විට මිශ්‍ර පාසල් 308 ක් ඇත. අනෙක් පැත්තෙන් අනුරාධපුර, පොළොන්නරුව හෝ මොණරාගල වැනි දිස්ත්‍රික්ක වල ඇති මිශ්‍ර පාසල් ප්‍රතිශතය මීට වඩා බෙහෙවින් වැඩිය. උදාහරණයක් හැටියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැහැණු පමණක් හා පිරිමි පමණක් පාසල් ඇත්තේ එක බැගිනි. මිශ්‍ර පාසල් ගණන 538 කි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම පාසල් මිශ්‍ර පාසල්ය. මොණරාගල දිස්ත්‍රික්කයේ එකක් හැරුණු විට සියළුම පාසල් මිශ්‍ර ඒවායි. රටම සමස්තයක් සේ ගත් කළ මුළු පාසල් සංඛ්‍යාවෙන් ගැහැනු පමණක් හෝ පිරිමි පමණක් ලෙස වෙන් වන්නේ මුලු පාසල් සංඛ්‍යාවෙන් 336 ක් වැනි ගණනකි. ප්‍රතිශතයක් සේ 3% කට තරමක් වැඩිය.

තෙවැනිව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිල වශයෙන් නොපිළිගන්නා සාමාජීය බෙදුමක්ද පාසල් අතර වේ. සියළු පාසල් නඩත්තු වන්නේ බදු ගෙවන්නන්ගේ මුදලිනි. නමුත් ඉන් සමහරක් 'ජනප්‍රිය පාසල්' වන අතර ඉතිරිවා සාමාන්‍ය පාසල්ය. අද පවත්නා සාමාජ ආර්ථික වාතාවරණය අනුව 'ජනප්‍රිය පාසල්' සියයට සියයක්ම නොවතුදු බොහෝදුරට ධන බලය, නිල බලය හෝ දේශපාලන බලය හිමි පන්තියකට සීමා වී තියේ. අතීතයේදී මේ වෙන්වීම එක්තරා දුරකට හෝ සමනය කරන ලද්දේ පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වන සිසු සිසුවියන් යම් පිරිසක් සීමා සහිතව හෝ මේ පාසල් වලට ඇතුළු කොට ගැනීමෙනි. අද වන විට එයද හුදෙක් නාමික ක්‍රියාවලියක් බවට පත්ව ඇත. පසුගිය වසරෙහි මෙවන් 'ජනප්‍රිය පාසල්' ගණනෙක දොර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන්ට විවෘත නුවූයේ යම් අවකාශයක් ඇත්තේද එය ඒ වන විටත් ඉහත කී ඉහළ පන්තියේ දරුවන්ට ඒ වන විටත් වෙන්ව තිබුණු නිසාය.

ජනප්‍රිය හා ජනප්‍රිය නොවන පාසල් අතර ඇති අපාතයිඩයද අප සිතනවාට වඩා දරුණුය. ජනප්‍රිය නොවන පාසල් බොහෝ විට අපේ අවධානයට බඳුන් නොවේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුව 2012 දී පාසල් 124 කට පළමුවැනි ශ්‍රේණිය සඳහා ලැබෙන්නේ එකම අයැදුම්පතක් පමණය. මෙය හොඳය සිතෙන්නේ පාසල් 432 කට එකම අයැදුම්පතක් වත් නොලැබෙන නිසාය. පාසල් 1,853ක්, එනම් මුළු පාසල් සංඛ්‍යාවෙන් පහෙන් එකක් ඇතුළු කොට ගන්නේ සිසු සිසුවියන් දහයකට අඩු ප්‍රමාණයකි. මේ සා සුළු සංඛ්‍යාවකට එක පන්තියක් පවත්වා ගැනීම ප්‍රායෝගික නොවේ. එනිසා මෙවන් පාසල් වල සිදුවන්නේ ශේණි කිහිපයක සිසුන් එක්කොට පන්තියක් සාදා තනි ගුරුවරයකු විසින් ඊට ඉගැන්වීමයි. එහිදී ළමුන් ලබන අධ්‍යාපනයේ විධිමත් බව ගැන තව දුරටත් කථා කළ යුතු නොවේ.

මේ ආන්තික උදාහරණයකි. විවිධ මට්ටම් වල රජයේ පාසල් වලින් ලබා දෙන අධ්‍යාපනයේ ඇති වෙනස්කම් ගැන මීට වඩා උදාහරණ ඇති තරම් දැක්විය හැකිය. දේවි බාලිකා විද්‍යාලය හැම වසරෙකම තම සිසුවියන් සියල්ලම හෝ අඩු තරමින් 99%ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම ගැන උදම් අනයි. අනෙක් පැත්තෙන් වසර ගණනෙකින් එකම ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක මේ විභාගයම සමත් නුවූ පාසලක්ද ඇත්තේ දේවි බාලිකාවට ඇවිද යන තරමේ දුරෙකිනි.

මෙබඳු අපාතයිඩයන් අපේ අධ්‍යාපන පද්ධතියට පිවිසියේ කෙසේද යන ප්‍රශ්නය වැදගත්ය. එය යටත් විජිත සමයේ ආරම්භ වූ සිද්ධීන් දාමයක ප්‍රතිඵලය සේ සැලකිය හැකිය. 1853 දී කලම්බු ඇකඩමිය නමින් රාජකීය විද්‍යාලය ආරම්භ කිරීමේදී සුවිශේෂ ජනවාර්ගික හා ආගමික කේන්ද්‍රීයභාවයක් සලකනු නොලැබුවත් ඉන්පසුව බොහෝ පාසල් ඇති වන්නේ ආගමික, ජනවාර්ගික අවශ්‍යතා අනුවය. ශාන්ත ජෝශප් හා ශාන්ත පීතර විද්‍යාල ඇති වන්නේ කතෝලිකයින් වෙනුවෙනි. ශාන්ත තෝමස් විද්‍යාලය ඇන්ග්ලිකන් කිතුණුවන් වෙනුවෙනි. හෙන්රි ස්ටීල් ඕල්කට් ප්‍රමුඛ බෞද්ධ මිෂනාරීහු මීට ප්‍රතිචාර සේ ආනන්ද, මහින්ද, මලියදේව, ධර්මරාජ, මියුසියස් විද්‍යාල අරඹති. මීට සමාන්තරව 1892 දී එවකට ලාංකීය සමාජයේ ප්‍රමුඛතම මුස්ලිම් නායකයින් දෙදෙනෙක් ඔරාබි පාෂා නම් මුස්ලිම් ධනපතියාගේ ආධාර ඇතිව ලංකාවේ පළමු මුස්ලිම් විද්‍යාලය ලෙස මරදානේ සහිරා විදුහල ආරම්භ කරති. ප්‍රාදේශීය වශයෙන් බැලුවත් මීට සමාන්තර විකසනයක් දැක ගත හැකිය. ජාතිය හා ආගම පමණක් වෙනස්ව යාපනයේ හා මඩකලපුවේ වන්නේද සමාන ක්‍රියාවලියකි. මේ යුගයේ සියළු පාසල් ආරම්භ වන්නේ ආගමික නායකයින්ගේ උවමනාකම් මත අදාළ ආගමික කණ්ඩායම්හි ධනපතියන්ගේ පරිත්‍යාග වලිනි. එහිදී අදාළ පාසල් වල වාර්ගික ස්වරූපය පවත්වා ගැනීම තේරුම් ගත හැක්කේය. එහෙත් 1960 දශකයේදී මෙයින් බොහෝ පාසල් රජයට පවරා ගැනීමෙන් පසුවත්, ඉන් අඩ සියවසක් ගත වූ තැනත් පොදුවේ බදු ගෙවන්නන්ගේ මුදලින් පෝෂණය වන මේ පාසල් තම වාර්ගික ස්වරූපයන් පවත්වා ගැනීම තේරුම් ගත නොහැකිය.

වාර්ගික වශයෙන්, ආගමික වශයෙන්, ගැහැණු-පිරිමි වශයෙන් හා සමාජ-ආර්ථිකමය වශයෙන් අධ්‍යාපන අපාතයිඩයන් පවත්වා ගැනීම අපේ සමාජයට අතිශයින් අහිතකරය. මානවයකු තුළ සංස්කෘතික සත්ත්වයා වර්ධනය වන්නේ බොහෝ දුරට ඔහුගේ හෝ ඇයගේ පළමු වසර දොළහ තුළයි. වෙනත් වචන වලින් කියන්නේ නම් වසර දොළහ අවසාන වන විට මානවයකු යම් සංස්කෘතියකට හුරු වී අවසානය. ඉතිරි ජීවිතකාලය තුළම ඔහු හෝ ඇය අනුගමනය කරන්නේ ඒ සංස්කෘතියයි. මේ තීරණාත්මක අවධියේදී දරුවකු, දැරියක එක් සංස්කෘතියකට පමණක් විවර කිරීමෙන් අප කරන්නේ දැන දැනම ඔහු හෝ ඇය වැසුණු මනසකින් යුතු පුද්ගලයකු බවට පත් කිරීමයි. වැඩි විය පත් වූ පසුව අන්ත වර්ගවාදීන් ආගම්වාදීන් වන්නේ මොවුන්ය. හේතුව ඔවුන්ට අනෙකාගේ සංස්කෘතිය තේරුම් ගැනීමෙහි ඇති නොහැකියාවයි. මේ රටේ වසර තිහක් දිග් ගැසුණු යුද්ධයක් ඇති වන්නේ එනිසාය. සිංහල මුස්ලිම් ජන කොටස් අතර එකිනෙකාගේ බෙලි කපා ගන්නා තරමේ දැඩි වෛරයක් ඇතිව ඇත්තේ එනිසාය. මේ කිසිවකට වර්ගවාදීන්ට හෝ ආගම්වාදීන්ට පමණක් බැණ වැදි පළක් නොවේ. ජාතිවාදය හා ආගම්වාදය උපත ලබා පෝෂණය වන්නේ අපේම පාසල් පද්ධතිය තුළයි. මේ රට වාර්ගික ආගමික ගැටුම් වලින් විනිර්මුක්ත කිරීමේ ප්‍රථම පියවර විය යුත්තේ මේ අධ්‍යාපන අපාතයිඩය බිඳ හෙළීමය.

43 comments:

  1. දෙසැරයක් කියවන්න ඕන.....

    ReplyDelete
    Replies
    1. ඉතාමත් හොද ලිපියක්......

      >>මේ රට වාර්ගික ආගමික ගැටුම් වලින් විනිර්මුක්ත කිරීමේ ප්‍රථම පියවර විය යුත්තේ මේ අධ්‍යාපන අපාතයිඩය බිඳ හෙළීමය. >> හෙක්.....හෙක්....මේව බිඳහෙලන ව තියා තව සුළු දේවල් වත් කරන්නෙ කොහෙද.......අර ගල් මුසලයො තුන් දෙනෙක් අධ්‍යාපනයට කරන වින්නැහිය දකිද්දි ...... Mr.Chanuka ...................

      Delete
  2. ඔය ප්‍රශ්නෙට තියෙන එකම විසදුම තමයි SBයගෙ බෙල්ලේ "මම SB" කියල බෝඩ් එකක් එල්ලල ගාඩ් නැතුව ගලහ හංදියේ තියන්න ඕනෙ පැයක්.

    ReplyDelete
    Replies
    1. මරු කමෙන්ට් එක.

      Delete
    2. බන්දුලයක් තියන්න ඕනේ.

      Delete
    3. ඇයි ග්‍රේරු එපාද? රූකඩ විනාශ කරමු, මාස්ටර් රකිමු.

      Delete
  3. අපේ චම්පක රණවක තුමාට
    බලශක්ති මාෆියාව හමු වී
    හොල්මනක් දැක්කා මෙන් බිය වී
    එයට මුහුණ දීමට
    නිර්භීත මිනිසුන්ට කතා කරයි.

    නිදහස් අධ්‍යාපනය තුළින් ඉහළ නැග
    පිහිටුවාගෙන ඇති සෞඛ්‍යය මාෆියාව
    අසරන මිනිසුන් රෝගී වෙන තුරු බලාසිටින
    දොස්තර කඩ ජාවාරම
    ඇස ගැසුණු නිර්භීත මිනිසෙකු නැද්ද?

    නිල නොවන ලෙස
    දැවැන්ත පුද්ගලික කරණයකට ලක් කර ඇති
    අධ්‍යාපනය හා බැඳුනු අධ්‍යාපන මාෆියාව
    ඇස ගැසුනු පුද්ගලයෙකු නැද්ද?

    අපේ මිනිසුන්ටත් දැන් පිනට දෙන
    දෙවැනි පන්තියේ යයි ඔවුන් සිතන
    අධ්‍යාපනය හා සෞඛ්‍ය එපා වෙලාද

    ලංගමය පුද්ගලික කරණය කරන්නට
    පෙර එය වැටෙන්නට සැලස්සුවා,
    මේ උපක්‍රමත් ඒ පාරේ යන්නටද?

    ReplyDelete
  4. Mathalan lokka heenen dodawanada halooo... lankwe api okoma eka bashawakin wada karanna ona. ehema nathi unama prashna thama lokka. basha prashnaya apita witharak nowei wiwida bashawan katha krana minissu inna ratawala hamotama oya prashnaya thiyenawa.

    api okkoma Kona kapagena. halaal wela , arabi witharak use karamu mokada kiyanne...

    Ethakota oya Mohomada Mathalan faker.
    lassnai neda..... galapenawa neda.....

    ReplyDelete
    Replies
    1. එතකොට ඤාණසාරුගෙත් කපනවද ?

      Delete
  5. නිවේදනයයි.
    පාහර ඇනෝල සෙට් එකක් මාගේ කිසිම අනුදැනුමකින් තොරව පැරාගේ බ්ලොගයේ කිසිම චාරයක් නැතිව බඩ පිනුම් ගසමින් සිටින අයුරු පසුගිය දින කිහිපයක සිට දුටුවෙමි.
    ඒ පිළිබඳව දැනට කොපි රයිට්ස් ඔෆ් ඇනෝ කොමෙන්ට්ස් පිළිබඳව නයිතික උපදෙස් ලබාගනිමින් සිටින බැවින් තව දුරටත් "මගෙ යාලුවෙක් මලා" යන්න මගේ නොවන බව කරුනාවෙක් සලකන්න.
    - මීට යාලු මැරුනු ඇනෝ ("යාලුවෙක් මලා" කොමෙන්ටුවේ හි පේටන්ට් හිමි)

    ReplyDelete
  6. ජාතික සමගියක් සඳහා ජාතිය ආගම අනුව පාසල් වෙන්කිරීම මෙන්ම දේශපාලන පක්ෂ පැවතීමද නැවැත්විය යුතුය

    ReplyDelete
  7. ඉතාම වටිනා ලිපියක්. මේ කියන කාරණාව ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න බැරි ප්‍රධාන හේතුවක් තම්යි භාශා ප්‍රශ්නය සහ ආගම් ප්‍රශ්නය. උදාහරණයකට බෞද්ධ දරුවාට ඉස්ලාම් දහම කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඒ දහම උගනීමට හැකි මනසක් හැදිලා නෑ. ඒ වගේම තමයි අනෙක් ආගම්වල දරුවන්ටත්. මේක විසඳුමක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ගෝලීයකරණය ගැන මොනතරම් බයිල ගැහුවත් එහෙම එකක් නෑ. එහෙම එකක් යථාර්තයක් වෙන්නෙ ආගම්, ජාති නැති "මනුස්ස" කියන ජාතිය විතරක් ලෝකයේ ඉන්න දවසක විතරයි. දේශසීමා, ආගම්, ජාති කියන කෘත්‍රීම සංකල්පවල හිරවෙලා ඒ රාමු වල ඉඳල මේ සිහිනය යථාර්තයක් කරගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සියළු ආගම් හා ජාතීන් තහනම් කල යුතුයි..

      බු දු ස ර ණ යි !!!

      Delete
    2. ජාතික සමගිය පමණක් නොව ජාතික අභිවුර්ධිය සඳහා මගේ යෝජනා
      1) ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් ආගම්වලට දී ඇති ප්‍රමුකතාවය සම්පූර්නයෙන්ම ඉවත් කල යුතුය. ආගම යනු සම්පූර්නයෙන්ම පවුද්ගලික කාරනයක් වන අතර සියලුම ආගමික ස්ථාන අන් අයට බාධා නොවන ආකාරයට තම ආගමික වතාවත් පැවැත්විය යුතුය.
      2) පාසැල් විෂය මාලාවෙන් ආගම සම්පූර්නයෙන්ම ඉවත් කල යුතුය
      ආගම ඉගෙනීමට අවශ්‍යනම් ඒ සඳහා ඒ ඒ ආගමික පන්සල් පල්ලි වලින් මිලදී නොමිලේ ඉගෙනිය යුතු අතර කිසිම් ආගමික ස්ථානයකට ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයක් නොමැත
      3) ජාතීන් හෝ ආගම් වල වෙන්වූ පාසැල් නොමැත
      4) ජාතින් හෝ ආගම් වලට වෙන්වූ දේශ පාලන පක්ෂ නොමැත. සවේච්ඡා සන්විධාන පවත්වාගෙන යාහැකි අතර ඒවා ලියාපදින්චි කලයුතු අතර කිසිම බදු සහනයක් නොමැත
      5) සියලුම පාසැල් ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් වන අතර ඊට අමතරව සෑම සිසුවෙක්ම තෝරාගත් දෙවන බසක් (සින්හල හෝ දෙමලා උසස්පෙල දක්වා අනිවාර්ය කෙරේ
      6) කිසිම නයිතික ලියවිල්ලක (උප්පැන්න, ඉල්ලුම් පත්‍ර ආදිය) ආගම හෝ ජාතිය සඳහනක් නොමැත. ඒ වෙනුවට ජාතිකත්වය (Nationality) සඳහන් කල යුතුය.
      7) ජාතික ගීයේ, ජාතික කොඩියේ ආගමික නැඹුරු ඉවත් කර සමගිය ඉස්මතුවන අයුරින් නැවත නිර්මානය කල යුතුය
      8) ආගම්වල නාමයෙන් කිසිම ප්‍රසිද්ධ නිවාඩුවක් නැත
      අවශ්‍යමනම් එක් ආගමකට එකක් බැගින් අනුමත කල හැක. උදා. වෙසක්, නත්තල්, රාමසාන් වැනි. ඒ ඒ දිනවල ආගමික කටයුතුවල යෙදීමට අවශ්‍යනම් තමාගේ නිවාඩු වලින් ලබාගත හැක
      9) රජයේ කිසිම උත්සවයකට ආගමික කටයුතු සම්බන්ධ කර නොගනී. එමෙන්ම කිසිම නිලධාරියෙක් හෝ දේශපාලකයෙක් ආගමික උත්සව වලට සහබාගි වේනම් ඒ අනිවාර්යයෙන්ම පවුද්ගලික පමණි
      - බුදු අම්මෝ මෙන්න දිව්වෝ -

      Delete
    3. දුවන්න එපා. ඔබ කිව්ව කාරණා හරියටම හරි. මෙයයි විය යුත්තේ. ආගම යනු රජයකට කිසිසේත්ම අදාල නැති තම තම්න්ගේ පුද්ගලික දෙයක් පමණමයි.

      Delete
    4. ඇනෝ ඉදිරිපත් කරන සමහර කාරණා වලට එකඟ වුනත්, ලෝකේ මෙහෙම රටක් හෝ නගරයක් තියෙනවාද ?

      Delete
    5. ජපානය (5) ඇර

      Delete
    6. සුදීක එහෙම රටක් නෑ. ජපානය ගැනත් මං හරියටම දන්නෑ. ඒ නිසාමයි කියන්නෙ, ලෝකය මෙහෙම විය යුතුයි. ඔය කියන ජාති කුල මල බේද කියන ඒවට මෙන්න මෙතනයි සීමාව කියල අපිට මායිමක් දාගන්න බෑනෙ. එක්කො එහෙම ඒව නැතිවෙන්න ඕනි, නැත්නම් තියෙන්න ඕනි. මං මෙච්චරක් ජාති වාදී නෑ, ආගම් වාදී නෑ කියල කියන්න බෑනෙ. එක්කො මං ජාති වාදියි, නැත්නම් මගේ ළඟ ජාති වාද නෑ. ඔඋඅ දෙකෙන් එකයි තියෙන්න පුලුවන්.

      Delete
    7. මනෝශ්
      ඔබ නොදන්නව උනාට දන්න කෙනෙක්නෙ ඔය උඩින් කියල තියෙන්නෙ.
      ජපානෙ ආගම කොහෙත්ම ආන්ඩුවට දමාගෙන නෑ.
      එකම එක සිද්ධියක් වෙනවා අවුරුද්ද්කට වරක් අගමැති ඔෆීෂියලි යනවා යකුෂිනි ජින්ජ (යුද විරුවන් වෙනුවෙන් හදපු දේවාලෙකට)
      ඒක තනිකරම පොලිටිකල්. චීනයයි කොරියාවයි ඔරොප්පු කරන්න යන්නෙ

      Delete
    8. 1972 වෙනකන් මෙහෙත් එහෙම ලෙඩක් තිබුනේ නෑ. ඒත් ඔය කරුම බුද්ධාගමට මුල් තැන දීම දැම්මේ වාමාංශිකයෙක්ය කියාපු කොල්වින් ආර් ද සිල්වා.. මරු වම්මු.. උන් තමයි මේ රට කෑවේ..

      Delete
    9. සුදීක, යම් තරමකට ගැලපෙන නගරයක්නම් තියනවා අල්ලපු මහ රටේ චන්දිගාර් කියලා. හැබැයි නගර සීමාව පනින කොටම ඒ සේරම කියුම් කෙරුම් හමාරයි.

      Delete
    10. ඇත්තටම එහෙම තැන් ලෝකයේ අතලොස්සක්වත් තියෙනවා කියල දැනගත්තෙකනම් සතුටට කාරණයක්. ඒත් අපේ ලංකාවටනම් කවදාවත් මෙහෙම තත්වයක් ඇතිවෙන එකක් නෑ

      Delete
    11. ජපානය ගැන දන්නෙ නැහැ. හැබැයි ප්‍රංශය එහෙම හෝ අඩු තරමින් ඊට කිට්ටු රටක්.

      Delete
    12. 1. The French government highly subsidises private elementary and secondary schools, even those affiliated with religious organizations, as long as they apply the same curriculum as the public schools, with the same academic standards, and that they do not discriminate on grounds of religious affiliation nor make religious education compulsory. It is for instance common that children of agnostic or otherwise non-religious families, or children of families from other religions, are put in Catholic schools, if their parents judge these schools to offer better conditions of education or to be more convenient. Consequently, families can use private schools at moderate costs.

      2. Since 1905, France has had a law requiring separation of church and state, prohibiting the state from recognizing or funding any religion. Schools directly operated by the national or local governments must not endorse or promote any religious dogma (whether endorsing an existing religion or endorsing atheism or any other philosophy). Schools funded totally or in part by the national and local governments by law must not force students into religious education; they should remain equally accessible to children of any, or no, faith. For example, even though a majority of the population nominally professes Catholicism (although far fewer regularly practice Catholicism),government-operated French schools have no communal prayers, religious assemblies, or Christian crosses on the walls. The Constitution of France says that France is a laïque (roughly, secular) Republic.

      Delete
    13. This is a very communist ideology. unfortuanatly we need all the people to attain "Nirvana" to create a sustainable communist society. However I think what we should be aiming at is not a completely secular society, But a society that celebrates cultural diversity. We should encourage the cultural Identity, traditions and the preservation of those, however we have to find ways encourage people to engage in cultural dialog and understand each other. learn to disagree without being disagreeable.

      Delete
    14. Sweden - Except 8

      Delete
  8. කුඩා කාලෙ ඉදන්ම කරන්නෙ විස ශරීර ගත කරන එකනෙ.

    "උඹ ලොකුයි අරකා පොඩියි! ඌව ආස්සරේ කරන්න එපා! උගෙන් ඈත් වෙලාම හිටපන්!" කියලා පොඩි කාලෙ ඉදන්ම ඔළුවට දැම්මට පස්සෙ ලොකු උනාමත් ඒ උද්දඡ්ඡ කමින්ම තමා වැඩ කෙරෙන්නෙ!

    ReplyDelete
  9. අද පටන් ආපු තත්වයක් නෙවෙයි මේක.. අතීතයේ ඉදන් පැවත එන තත්වයක්.. ඉස්සර කෙලින්ම මිෂනාරි, බෞද්ධ කියලා පාසල් ඇතිඋනේ.. දැං ඒ තත්වය වර්ධනය වෙලා එච්චරයි.. මේ රටාව වෙනස් කරන්න පාලකයන්ට ඕන කමක් නෑ.. ඔවුන්ට මේ විදියට තියන එක ලේසියි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  10. චන්ද්‍රිකාගේ කාලෙ වෙනස් කරන්න හැදුවා බෞද්ධ ( වැඩියෙන්ම ) සහ කතෝලික දෙගොල්ලම ( ආදි සිසුන්, ජාති ආගම් වාදී දෙශපාලුවන්, පූජ්ජ පස්සෙ ආදීන් ) යකා නැටුව එපැයි කියල. මුස්ලිම් එවුනුත් කැමති වෙන්නෙ නෑ.

    මං ගියෙ ලොකුමයි කියල අපි කියාගන්නා බෞද්ධ පාසැලට මුස්ලිම් එකෙකුයි කතෝලික එකෙක් දෙන්නෙක් සම වයසෙ හිටිය. එච්චරයි!
    වැඩි දුර අධ්යාපනය හා රැකියා කරන කොට තමයි තේරුනේ ඒක කොයිතරම් අඩුපාඩුවක්ද, විවිධත්වය තිබුනනම් මීට වඩා කොයිතරම් ඉගනගන්නවද කොයිතරම් විනෝදවෙනවද කියල. මට පසුව ආශ්‍රය සහ වැඩ කරන්න විවිධ පුද්ගලයින් හමුවූ නිසා එයින් පර්මනන්ට් අඩුවක් නොවුනත් පාසැල් කාලය අසම්පූර්ණයි.

    ඇන්ගිකන් Methodist etc ( Non RC) ඉස්කෝලවල ඔය ගතිය අඩුයි හේතුව ඒ අය අඩු නිසාත්, ආදි සිසුන්ගේ දරුවන්ට ආගමට වඩා ප්‍රමුකත්වය දෙන නිසාත් රටේ ප්‍රතිශතයට ආසන්න විවිධත්වය තියනව. හැබැයි ආර්තික හා සාමාජීය විවිධත්වය අඩුයි elite අය වැඩි නිසා.

    රෝයල් එකේ ( අපි ඉස්කෝලෙ යන කාලෙ childish prejudices නිසා උන්ට අකමැති වුනාට :-D ) නම් ආර්තික සාමාජීය ආගමික ජාතික විවිධත්වය සෑහෙන්න වැඩියි වගේ . හැම ඉස්කෝලයක්ම fully secular වෙනවනම් රටට ලොකු දිගුකාලීන යහපතක් වෙනව.

    හෑල්ල දිග වැඩියි නේ මාතලන්, සොරි.

    ReplyDelete
  11. හලෝ මාතලන්,

    අද නං අපිට හෝ ගාලා වහිනවා. මේ ටිකේම ඉතිං කොළඹට වැස්සනේ. අද නං මාතලන් මම දැන් හොදට අඩියක් එහෙම ගහලා ඉන්නේ. මොකද ඊයේ රෑ මගේ යාළුවෙක් ආවනේ රට ඉදලා. මම එයාව අරං එයාගේ ගෙදෙරට දාලා ඇවිත් නිදා ගත්තා. මට ඇහැරෙනකොටත් දවල් වෙලානේ මාතලන්. ඉතිං මම අද නිවාඩුවක් දැම්මා.

    දැන් නං ඉතිං යාලුවා ගෙනත් දීපු බෝතලෙන භාගයක් විතර ගැහැව්වා. සිතල මකා ගන්න කියාපු අවුසදේ.

    අපේ හැලපෙ,රාජ් එහෙම නං දැක්කේ නෑ මේ සතියෙම. මට ඉතිං ඔපිස්‌ එකේ ඉන්න ගමන් මතක් උනා හැලපෙ එහෙමත් මොනා කරනවද දන්නෑ කියලා.

    මම පහුගිය සතියේ ගියානේ අපේ රාජ්ලගේ පැත්තෙත්. මොකද අපේ ඔපිස්‌ එකෙන් අලුතින් සර්කිට් බංගලාවක් ගන්න ලෑස්ති කතරගමින්. ඉතිං මමයි,අපේ ඔපිස්‌ එකේ මගේ පැත්තේ ලොක්කායි, තව මහත්තරු කීප දෙනෙකුයි කොළඹ ඉදලා අධිවේගේ දිගේ මාතරට ගිහින් අපේ රාජ්ලගේ පැත්තෙන් දලා අපේ ගමන ගියා. මහා පාන්දර රාජ්ලා පැත්තෙන් ගොයේ. මට එතකොට අපේ රාජ්වත් මතක් උනා. ඉතිං අපි වාහනේ නවත්තලා ගොලිප් එහෙම බිලා ගියේ එතනින්.

    දැන් නං හරි බඩගිනියි මාතලන්. මම එහෙනං තව අඩියක් එහෙම ගහලා, බත් ඩිංගක් කාලා හාන්සි වෙනවා. මම ආයේ එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. හා යාලු ඇනෝ,කොහොමද ඉතිං.ඔහෙට වහිනවා කියලනං ආරංචි උනා.මෙහෙ නං වේලෙනවා.මට නං මේ දවස්වල මොකුත්ම ලියාගන්න බැරිඋනා වැඩ වැඩි නිසා.හිමිහිට මොනා හරි ලියන්නයි ඉන්නෙ.එතකොට එන්නකෝ.

      Delete
    2. මචං ඇනෝ,

      ගොඩාක් කාළෙකින් දැක්කේ. මේ දවස් නම් ගෝලිප් වලටයි ගල් වලටයි මරු කාළේ. මාත් කොළඹින් ගොඩක් ඈත ඉන්නේ. අපරාදේ මහ රෑ හරි රාජ්ලයි දිහා ගියා නම්, ඌත් එයි ගෝලිප් එකක් ගහන්න. සර්කිට් බන්ගලෝ එක ගන්නෙත් අපේ ඇනෝට අඩියක් ගහලා ගෝලිප් එකක් ගහන්න වෙන්න ඇති. බොසත් වාසනාවන්. උඹත් වාසනාවන්..

      Delete
  12. මම දන්නේ නෑ මචන් අනික් පාසල් ගැන, නමුත් මම ගිය කතෝලික පුද්ගලික පාසලේ කතෝලික නොවන අයට ඇතුලත් වෙන්න අමාරු උනාට ඇතුල් උනාට පස්සේ කිසිම බේදයක් ඇතිවෙලා නෑ.
    උදාහරණයක් ලෙස කියනවානම් ප්‍රධාන ශිෂ්‍ය නායක, ක්‍රිකට් නායක, මල්ල ක්‍රීඩා කණ්ඩායම් නායක, වැනි තනතුරු ආගම් බේදයකින් තොරව බෞද්ධ සහ මුස්ලිම් සිසුන් බොහෝ අවස්ථා වල හොබවා තිබෙනවා. එපමණක් නොව විදුහලේ ආදිශිෂය සංගමයේ සභාපතිවරයා ලෙස වසර ගණනාවක් කටයුතු කලේ බෞද්ධ ආදිශිෂයෙක්. අප විදුහලෙන් ඉවත් වූ අලුත ආදී ශිෂ්‍ය සංගම් සභාපති වරයා ලෙස කටයුතු කලේ කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ එවකට සභාපති වරයාය.

    මේ පරිසරය වර්ග භේද, ජාති භේද සහ ආගම් භේද විරෝධී පරපුරක් බිහිකොට තිබෙනවා. අද අපට අපගේ ආගම සහ ජාතිය මිස පාසල් මිතුරන්ගේ ආගම සහ ජාතිය කුමක් දැයි මතකයේ නැත.

    ReplyDelete
  13. හොඳ විස්තරාත්මක සහ වැදගත් ලිපියක්.

    ReplyDelete
  14. මෙතන මෙහෙම දෙයක් තියෙනවා
    ලංකාවේ සුපිරි පාසල් බිහිවෙන්නේ ආණ්ඩුවේ සහයෝගයට වඩා පොහොසත් ආදිශිෂ්‍යන්ගේ සහ
    පොහොසත් දෙමාපියන්ගේ ධනය නිසා. එමනිසා රජයට එම පාසල් වලට බලපෑම් කරන්න අමාරුයි
    එහෙමනම් මේක කියුබාවේ වගේ කොමියුනිස්ට් රටක් වියයුතුයි
    අනිත් අතට ජනවාර්ගික සමඟිය ඇතිකරන්න කියලා වර්ගවාදය රෙජිස්ටර් නොකිරීමත් නොලයුතුයි වාසුදේවගේ ක්‍රමය වාර්ගිකත්වය රෙජිස්ටර් කිරීම ඒකෙන් ප්‍රශ්න ඩබල් වෙනවා

    ReplyDelete
  15. ඉතාම කාලීන ලිපියක්. මෙහෙම ක්‍රියාත්මක වෙන රටවල් ප්‍රමාණයත් බොහොම ස්වාල්පයි නේද ? අපේ රටේ අයගේ මානසිකත්වය අනුව මෙහෙම තැනකට එන්න බැරි වෙයි. මගේ දරුවා යන්නේ ජාත්‍යන්තර පාසලකට. එතැන නම් මේ වගේ ගැටළු නෑ. හොඳ සහජීවනයක් තියෙනවා. ඉදිරියේදී මේ දෙගොල්ලෝ අතරේ රාජකාරි ස්ථාන වල ඝට්ටනයක් ඇති වෙයි කියන බය තමයි මට තියෙන්නේ.

    ReplyDelete
  16. ලිපිය ඉතා හොඳින් කරුණු සහිතව පැහැදිලි කරලා තියෙනවා. මෙහෙම හිතන, කතා කරන පිරිසක් හරි ඉන්න එක ලොකු දෙයක්

    ReplyDelete
  17. I think the biggest issue in Sri Lanka Education system is the "Girls Only" and "Boys Only" schools. I am sure there are millions of studies around the world demonstrating that such segregation is not healthy for the society.

    Have a look at http://www.skyscrapercity.com/showpost.php?p=114511465&postcount=34

    for some ideas on education!

    ReplyDelete
  18. මමත් මේ කතාවට සපුරා එකඟයි. ලංකාවේ වාර්ගික ආගමික ගෝත්‍රවාද වල මූලය පාසල් මවයි.

    චානුක සඳහන් නොකරන කාරනාව වනුයේ මේ ආකාරයට වාර්ගික ආගමික කූඩු වලට ගාල් කෙරෙන දරුවන්ට ඊට පස්සේ, "ඔයා මේ ඉස්කෝලේ ඉන්න නිසා ඔයා මාර කෙනෙක්. ඔයාගේ මේ ඉස්කෝලේ ඔයාගේ ජාතියට ආගමට ඔයා අයිති සමාජ පසුබිමට මෙන්න මෙහෙම වැඩක් කරනවා. ඔයාගේ මේ ඉස්කෝලේ තමා සිරාම පොරවල් ඉන්නේ. දවසක ඔයත් එහෙම ජාතියට ආගමට ඔයාගේ සමාජ තලයට ආදරේ සිරා පොරක් වෙන්න" කියා ඉගැන්වීමයි. මෙම දෙවන කාරණාව සිද්ධ වන්නේ ආගමික ජාතික හා සාමාජිය (එලීට් භාවය) උණ රෝගයට ගොදුරු වූ පාසල් වල. එත් රටේ ප්රෝමිනන්ට් ම මිනිසුන්ගෙන් වැඩි හරියක් එන්නේ ඒවායින්.

    ඒ නිසා මේ පාසල් වාර්ගික ජාතික හා සාමාජිය [එලීට් භාවය) ලෙස හුදෙක් කූඩු කිරීමට අමතරව ඒ සියල්ලේ උත්කර්ෂයක් වන පාසල් මේනියාවෙන් ළමයින් උශාර් කරවනවා.

    ඔය ඔක්කොම කරලා එලියට දානවා. ඉතින් මේ වෙන දේවල් නොවී තියේද?

    ජෙන්ඩර් බයස් අධ්‍යාපනය ගැනත් ඔයාකාරයෙන්ම කතා කරන්න දේවල් තියෙනවා.

    ReplyDelete
  19. Allahu Akbar...Kurban

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න