.

.

Aug 28, 2014

ලංකාවේ දුප්පත්කමේ කප් එක ඌව පළාතටද? - Uva Province: The poorest of all?




- චානුක වත්තේගම

ඌව පළාත් සභා මැතිවරණය නියමිතව ඇත්තේ ලබන මාසයටය. ඒ නිසා ඌව පළාතේ දුප්පත්කම ගැන කතා කෙරෙන වීඩියෝ ක්ලිප් දෙක තුනක් මේ දවස් වල ඉන්ටර්නෙට්හි වෛරල් වීම කොහොමටවත් පුදුමයට කාරණාවක් නෙවෙයි. මේ හැම එකකම වාගේ 'සුපර් ස්ටාර්' ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායකයා සමන්ත විද්‍යාරත්නය. ඇත්තටම මගේ අවධානය මේ වාදවිෂයයට යොමු කිරීම ගැන විද්‍යාරත්නට මුලින්ම ස්තූතිවන්ත විය යුතුයි.

සමන්ත විද්‍යාරත්න ඉදිරිපත් කරන තර්කය ප්‍රබලය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මත පදනම්ව ඔහු කියන්නේ ඌව පළාත සමන්විත වන දිස්ත්‍රික්ක දෙකින් එකක් වන මොණරාගල දිවයිනේ දිළිඳුම දිස්ත්‍රික්කයක් බවයි. මෙය ඇත්තකි. 2014 අප්‍රේල් 29 වැනිදා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන දත්ත වලට අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ දුප්පත්කම (දිළින්දන් ගණන මුළු ජනගහණයට ප්‍රතිශතයක් සේ) 20.8% කි. වෙනත් වචන වලින් කිව්වොත් පළාතේ පළාතේ පවුල් පහකින් එකක් ජීවත් වන්නේ මාසයකට රුපියල් 15,000 කට අඩු මුදලෙකිනි. පවුලක සාමාන්‍ය සාමාජික සංඛ්‍යාව 3.7 ක් වන මේ දිස්ත්‍රික්කයේ එය පුද්ගලයකුට මසෙකට රුපියල් 4,000 පමණද, දිනෙකට රුපියල් 133 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් එකක් පමණද වේ. මේ කථා කරන්නේ සාමාන්‍ය දිළිඳුකම ගැන නොව ආන්තික දිළිඳුකම ගැනය. අන්තර්ජාතික සම්මතය අනුව ආන්තික දිළිඳුකම මැනෙන සීමාව මීට ඉහළය.

ඇත්තටම මීට වඩා දිළිඳු දිස්ත්‍රික්කයක් අපේ රටේ වේ නම් ඒ දිළිඳුකම 28.8% ක් වන මුලතිව් දිස්ත්‍රික්කයයි. එහෙත් කාරණා දෙකක් නිසා මුලතිව් දිස්ත්‍රික්කය අප එතරම් සීරියස්ලි ගණන් ගත යුතු නොවේ. එක - එය 2009 වනතුරුම දශක තුනක් ඇදී ගිය යුද්ධයෙන් දැඩි ලෙස බැට කෑ දිස්ත්‍රික්කයකි. ජනවාර්ගික යුද්ධයේ අවසානය සනිටුහන් වූයේ මේ දිස්ත්‍රික්කයේ වන අතර ඒ වෙනුවෙන් එය ගෙවූ වන්දිය ඉහළය. දෙක - මුලතිව් ලංකාවේ ජනගහණය සේම ජනගහණ ඝනත්වයද අඩුම දිස්ත්‍රික්කයයි. එවැනි දිස්ත්‍රික්කයක් යුද්ධයෙන් අඩු ලෙස පීඩා විඳි එමෙන් පස් ගුණයකට ආසන්න ජනගහණයක් ඇති මොණරාගල හා සන්සන්දනය කළ යුත්තේ ලුණු ඇබින්දක් සමඟය.

ඇත්තටම විද්‍යාරත්න එතැනින් එපිටට යයි. මොණරාගල දිස්ත්‍රික්කයේ දිළිඳුකම පසුගිය වසර කිහිපය තුළ වැඩි වී ඇති බව ඔහු කියයි. එයද ඇත්තකි. පෙර මූලාශ්‍රයම උපයෝගී කර ගන්නේ නම් 2009/10 සමයේ පැවැත්වූ සංගණනයකදී 14.5% ක් පමණක් වූ දිස්ත්‍රික්කයේ දිළිඳුකම ඉන් වසර තුන හතරකට පසුව සියයට පනහකින් පමණ ඉදිරියට පැණ 20.8% ක් වෙයි. පුදුමයකට මෙන් දිළිඳුකමේ මෙවැනි සීරියස් වර්ධනයක් දක්වන එකම දිස්ත්‍රික්කය මොණරාගලය. මීට අමතරව අනුරාධපුර, පොළොන්නරුව හා වවුනියා දිස්ත්‍රික්කද දිළිඳුකමේ යම් වැඩිවීමක් පෙන්වතත් ඒ සුළු වශයෙනි.

මොණරාගල දිළිඳු වූ පමණින් ඌව පළාතම දිළිඳුය කිව හැකිද?

විද්‍යාරත්න මේ පැණයට පිළිතුරු නොදෙයි. එය අසීරු කාර්යයක් වන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දිළිඳුකමේ දත්ත ලබා දෙන්නේ දිස්ත්‍රික් වශයෙන් මිස පළාත් වශයෙන් නොවන නිසාය. උදාහරණයක් හැටියට මොණරාගල දිළිඳුකම ඉහළ යද්දී බදුල්ලේ දිළිඳුකම පහළ යන නිසා පළාතක් සේ ඌව කොතැනක වේද එකවර වටහා ගැනීම අපහසුය.

මේ දත්ත දිස්ත්‍රික් මට්ටමින් තබා ගෙන ප්‍රයෝජනයක් නොවේ. දිස්ත්‍රික්කයක් යනු පරිපාලන ඒකකයක් විනා සමාජ ආර්ථික ඒකකයක් නොවේ. පළාතක් වර්තමාන සන්දර්භයේ ඊට වඩා අරුත්බර ආර්ථික ඒකකයකි. එනිසා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අමු දත්ත තරමක වෙහෙසකින් විශ්ලේෂණය කළ යුතුය. එසේ කළ විට ලැබෙන පළාත් අනුව දිළින්දන් සංඛ්‍යාව හා ප්‍රතිශතය පහත වගුවෙහි දෙවැනි හා තෙවැනි කොලම් වලින් දැක්වෙයි.


පළාත
දුප්පතුන්
සංඛ්‍යාව
දුප්පතුන්
සංඛ්‍යාව (පළාත් ජනගහණයේ ප්‍රතිශතයක් සේ)
මාසික සාමාන්‍ය කුටුම්භ ආදායම (මාතය)
රුපියල්
දළ ජාතික නිෂ්පාදිතයට සම්මාදම
පළාත රටක් සේ ගත හොත් ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය
බස්නාහිර
118,465
2.03 %
42,126
43.40 %
4,996
මධ්‍යම
122,452
6.62 %
28,283
9.80 %
3,559
දකුණ
191,603
7.78 %
28,076
11.50 %
3,134
උතුර
115,077
10.85 %
23,250
4.00 %
2,536
නැඟෙනහිර
170,633
11.03 %
21,688
6.30 %
2,736
වයඹ
143,541
6.05 %
27,679
9.60 %
2,720
උතුරුමැද
92,081
7.31 %
27,839
4.70 %
2,508
ඌව
193,005
15.32 %
25,150
4.50 %
2,401
සබරගමුව
168,650
8.78 %
27,820
6.20 %
2,170
ශ්‍රී ලංකාව
1,315,507
6.7%
30,400
100 %
3,280

මූලාශ්‍ර: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

මේ දත්තයන්හි අපූරු පැටර්න් එකක් වේ. සංඛ්‍යාත්මකව ලංකාවේ දිළින්දන් පළාත් නවය අතර බෙදී ගොස් ඇත්තේ එක්තරා දුරකට සමමිතිකවය. හැම පළාතකම දිළින්දන් සංඛ්‍යාව 90,000 හා 200,000 අතර පරාසයට දැමිය හැකිය. මේ දත්ත වක්‍ර ප්‍රස්ථාරයකට නඟන්නේ නම් මේ සමමිතිකත්වය වෘත්තාකාර කේක් ගෙඩියක් දළ වශයෙන් සමාන කොටස් නවයකට බෙදුවාක් සේ වඩා පැහැදිළිව පෙනෙනු ඇත. නමුත් පළාත් නවයේ ජනගහණය වෙනස් නිසා ප්‍රතිශතයන් අතර අහසට පොළොව මෙන් වෙනස්කම් පවතියි. උදාහරණයක් හැටියට බස්නාහිරදී 2% වන දිළිඳුකම ඌවේදී එමෙන් සත් අට ගුණයක් එනම් 15% ක් වෙයි. එසේම මෙහිදීද ඌව අනෙකුත් සියළුම පළාත් වළට ගව් ගණනක් ඉදිරියෙන් (සංවර්ධනය සලකන්නේ නම් පසු පසින්) සිටින බව පැහැදිළිය. ඌවට ජනගහණයෙන් ඉතා කිට්ටු උතුරුමැද පළාතේ දුප්පතුන් ගණන සංඛ්‍යාත්මකව ඌවේ මෙන් අඩකි.

ඌව පළාතේ දිළිඳුකම අළුත් දෙයක් නොවෙයි. යුද්ධය තීරණාත්මක සේ පැවැති පසුගිය දශකයේදී අප ඌව පළාත ගැන කථා කළේ “යුද්ධයෙන් පීඩා නොවිඳි උතුරු-නැඟෙනහිර හරුණු විට” ලංකාවේ දුප්පත්ම පළාත ලෙසිනි. දැන් යුද්ධය අවසාන වී තියේ. තිස් වසෙක යුද්ධයෙන් දැඩි ලෙස පීඩා විඳි උතුරු නැඟෙනහිර පළාත් දෙකම දිළිඳුකමේ දර්ශක අතින් ඉන්නේ ඌවට වඩා සතුටු විය හැකි තැනෙකය.

ඉතාම දැඩි ලෙස යුද්ධයෙන් බැට කෑ උතුරු හා නැඟෙනහිර පළාත් යුද්ධය අවසන්ව යාන්තම් පස් වසක් ගත වන තැන ඌව පළාතට වඩා සංවර්ධනය වන්නේ කොහොමද? උතුරු හා නැඟෙනහිර දෙපළාත්ද තවමත් විශාල ලෙස කෘෂිකර්මාන්තයෙන් හා ධීවර කර්මාන්තයෙන් පමණක් යැපෙන බවත්, යම් සංවර්ධනයක් ඇති වෙමින් පවතින මුත් තවමත් ඒවායේ කර්මාන්ත සැලකිය යුතු තරම් දියුණු වී නැති බවත් මෙහිදී අප අමතක නොකළ යුතුයි. එසේම ඌව පළාතේ මෙන් නොව එකී දෙපළාතෙහි ක්‍රියාකාරී ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් යුද්ධය නිසා අහිමි වූ බවද, මේ දෙපළාතෙහි වැන්ඳඹුවන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කුටුම්භ අනෙක් සියළු පළාත් වලට සාපේක්ෂව වැඩි බවද, ජනගහණය සාපේක්ෂව අනෙක් පළාත්වලට වඩා වයස්ගත එකක් බවද මෙහිදී සැලකිල්ලට ගත යුතු අනෙකුත් කාරණායි.

බැංකුවට වැරදුණා වත්ද?

මෙහිදී අපට කළ හැකි එක දෙයක් නම් සංඛ්‍යාලේඛන සැක කිරීමයි. අපේ රටේ විවිධ රජයේ ආයතන මඟින් ඉදිරිපත්කරන සංඛ්‍යාලේඛන වල ඇති පරස්පර භාවයන්  විද්වතුන් විසින් පෙන්නා දී ඇත්තේ වරක් දෙවරක් නොවේ. සංඛ්‍යාලේඛන නිවැරදි නොවීමට හේතු රාශියක් තිබිය හැකිය. නිර්වචනයක ඉතා සුළු වෙනසක් කිරීමෙන් සංඛ්‍යාලේඛනයක ලොකු වෙනසක් වන අවස්ථා තිබිය හැකිය. කලකට ඉහත ජපානය සිය ළදරු මරණ අනුපාතිකය පහළ දා ගත්තේ ඉපිද පැය විසි හතරක් තුළ මිය යන දරුවන්ද මළ දරු උපත් සේ නිර්වචනය කිරීමෙනි. ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළ බව පෙන්වන්ට යොදා ගන්නේ වැඩිහිටි ජනගහණය වෙනුවට වයස අවුරුදු 5 -69 දක්වා ජනගහණය සාම්පල් කිරීමත් 'පරිගණක සාක්ෂරතාවය' යනු පරිගණකයක් ඕනෑම අයුරෙකින් භාවිතා කිරීමට ඇති හැකියාව ලෙස අර්ථ දැක්වීමත්ය. මේ ගැන දිගින් දිගට කරුණු දැක්විය යුතුය නොසිතමි. අපගේ ප්‍රශ්නය මෙයයි. ඌව පළාත දිළිඳු බවේ පතුළටම වැටෙන්නේ වෙනත් පළාතක් හෝ දෙකක් ඔසවා තබන්ට කෙරෙන උත්සාහයේ ප්‍රතිඵලයක් සේද?

මේ ප්‍රශ්නයට් පිළිතුර ලබා ගත හැක්කේ එකම ආකාරයකටයි. ඒ මේ පළාත් නවය හා සම්බන්ධ අනෙකුත් දර්ශකද සසඳා බැලීමය. ඉහත වගුවේ සිව් වැනි කොලමේ සිට සයවැනි කොලම දක්වා දත්ත වෙන් වන්නේ ඒ වෙනුවෙනි.

මෙහි සිව් වැනි කොලමේ දැක්වෙන්නේ පළාත් එකිනෙකෙහි කුටුම්භයක මාසික ආදායමේ මාතයයි. මෙතැනදී මධ්‍යයනය වෙනුවට මාතය තෝරා ගැනෙන්නේ හේතුවක් ඇතිවය. යම් ඒකකයක ධනවත් සුළු පිරිසක් සිටියද ඔවුන්ගේ ආදායම සාපේක්ෂව ඉතා ඉහළ නම් සාමාන්‍ය අගය ඉබේම ඉහළ යයි. එනිසා මෙහිදී මධ්‍යයනය තෝරා ගැනීම විවාදාපන්න විය හැකිය. මාතය යනු යම් ඒකකයක (මේ උදාහරණයේදී පළාතක) ඉහළ අර්ධය පහළ අර්ධයෙන් වෙන් කරන පුද්ගලයාට අදාළ දර්ශකයයි. එය මෙවන් අවස්ථාවලදී වඩා හොඳ නිරූපනයක් වේ.

මාසික කුටුම්භ ආදායම පිළිබඳ දත්ත අනිවාර්යයෙන්ම ඌව පළාත දිළිඳු පළාතක් නොකරයි. මේ දත්ත වලට අනුව උතුර හා නැඟෙනහිර ඇත්තේ ඌවට පිටුපසිනි. එසේම වයඹ, උතුරුමැද හා සබරගමුවද එතරම්ම ඉදිරියෙන් නොවේ. මධ්‍යනය සලකන්නේ නම් ඌව ඇත්තේ උතුරුමැදට හා සබරගමුවට ඉදිරියෙනි. ඌවේ මධ්‍යයන කුටුම්භ ආදායම මසෙකට රුපියල් 40,644 ක් වෙද්දී, උතුරුමැදදී එය රුපියල් 35,771 ක්ද, සබරගමුවේදී රුපියල් 36,379 ක් ද වේ. මේ අනුව බැස ගත හැකි තවත් නිගමනයක් වන්නේ ඌව මෙකී අනෙක් පළාත්වලට සාපේක්ෂව දැඩි ආදායම් විෂමතාවයක් පෙන්වන බවයි. ඌව පළාතේ කියන තරමට දිළින්දෝ වෙත් නම් අනෙක් පැත්තට ඔවුන් සමතුලිත කිරීම පිණිස සාපේක්ෂව ධනවතුන්ද වෙසෙන බව පෙනේ. එසේ නොවන්නේ නම් කිව හැක්කේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව භාවිතා කරන ක්‍රමවේදයන්හි දරුණු වරදක් ඇති බවය. මේ පරස්පරයන් මතු වන්නේ එහෙයිනි.

මේ උභතකෝටිකය නිරාකරණය කරගනු වස් වෙනත් ආයතනයකින් ඉදිරිපත් කරන දත්ත සලකමු. පස් වැනි හා සයවැනි කොලමයන්හි දත්ත ශ්‍රී ලංකා මහ බැංකුවෙනි. ඒවා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලින් යම් ප්‍රමාණයකට හෝ ස්වායත්තය සිතිය හැකිය. පස් වැනි කොලමේ දැක්වෙන්නේ එක් එක් පළාත දළ ජාතික නිෂ්පාදිතයට දක්වන දායකත්වයයි. පළාත්වල ජනගහණයන්හි ලොකු වෙනස්කම් ඇති නිසා මේ අමුවෙන් ගෙන සැසැඳීම් කළ හැකි දත්ත කට්ටලයක් නොවේ. සයවැනි කොලමේ දත්ත නිර්මාණය වන්නේ එනිසාය. එය පළාතක් රටක් සේ ගත හොත් ඉහත බෙදීම අනුව ඒ එක් එක් පළාතේ ඒක පුද්ගල දළ “ජාතික” නිෂ්පාදිතයයි. පහසුව තකා දක්වා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් වලිනි. (සන්සන්දනය පිණිස 2013 දී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 3,280ක් සේ ගන්න.)

පුදුමයකට මෙන් වෙනස් ආයතනයකින් ලබා ගන්නා ලද මේ දත්ත යළි ඌව පළාත දිළිඳුය යන කාරණය ස්පුථ කරයි. එහෙත් එය ඊට වඩ පුදුම සහගත කාරණයක්ද මතු කරන්නේය. ඒ මේ දක්වා සැසඳීම් වලදී කැපී නොපෙණුනු සබරගමුව සංවර්ධනය අතින් ඉන්නේ ඌවටත් පිටුපසින්ය යන්නයි. නැවත මේ දෙපළාතම උතුරට හා නැඟෙනහිරට පිටුපසිනි!

මේ දත්ත විශ්ලේෂණය අපට කියන්නේ මොනවාද?

පළමුවැනි පාඩම ඌව පළාත දිළිඳු හා අසංවර්ධිත විය හැකි මුත් එය මාර විදිහට දිළිඳු හා අසංවර්ධිතය කියන මිත්‍යාවෙන් අප මිදිය යුතු බවයි. එකම දත්ත කට්ටලයක් උපයෝගී කොට ගෙන ඌව පළාතේ දිළිඳුකම ගැන නිගමන වලට බැසිය නොහැකි බව ඉහත උදාහරණ වලින් මනාව පෙනේ. මේ දත්ත නිවැරදි නම් මේ තරම් ලොකු පරස්පරයන් මතු විය නොහැකිය. ඇත්තටම මෙය අපට රජයේ ආයතන වලින් ලබාදෙන දත්ත ගැන කොයි තරම් දුරට විශ්වාසය තැබිය යුතුද යන කාරණය ගැන හොඳ නිදසුනෙකි. රජයෙන් අපට සපයන හැම දත්තයක්ම අප පිළිගත යුත්තේ එය වෙනත් දත්ත සමඟ ඩබල් චෙක් කොට සැසඳේ නම් පමණෙකි. එකම දත්ත කට්ටලයක් උපයෝගී කරගෙන නිගමන වලට බසින්නා ලොකු වලවල් වල වැටිය හැකිය.

දෙවැනි හා වඩා වැදගත් පාඩම ඌව දිළිඳු හා අසංවර්ධිත නම් එසේ වී ඇත්තේ මන්ද යන කාරණාවයි. පහසුව පිණිස ඌව උතුර, නැඟෙනහිර, උතුරුමැද හා සබරගමුව සමඟ සසඳමු. ඌව මේ පළාත්වලින් වෙනස් වන්නේ කවර හෙයින්ද? උතුරු නැඟෙනහිර දෙපළාතේම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකය. එසේම පශ්චාත් යුද්ධ සමයේ ඇතිවූ ආර්ථික අවස්ථා උපයෝගී කොට ගෙන පෞද්ගලික අංශය මේ දෙපළාතේම ව්‍යාපාර කටයුතු ආරම්භ කරමින් සිටිති. ලොකුම විපර්යාසයක් නුවූවද මෙය එක්තරා සංවර්ධනයකි. යාපනයේ තරු පන්තියේ හෝටල් කිහිපයක්ම ඉදි වෙමින් පවතී. මඩකලපුවේ කොළඹ ඔඩෙල් වැනි ඇඟැලුම් වෙළඳහලකට මඳක් පසුපසින් ඇති සාප්පු තියේ. මේ හැරුණු විට නැඟෙනහිර පළාතේ විශාල පිරිසක් මැදපෙරදිග සේවය කොට මව් රට සිය පවුල් වලට මුදල් එවති. උතුරේද අඩු තරමින් යම් පිරිසකට විදේශයන්හි ඥාති මිත්‍රාදීන්ගෙන් මූල්‍යාධාර ලැබෙතැයි සිතිය හැකිය. ඌව සංවර්ධනය අතින් උතුරු හා නැඟෙහහිර දෙපළාතට පසු බසින්නේ එහෙයින්ද?

ඊළඟට ඌව පළාත සබරගමුවට හා උතුරුමැදට පරදින්නේ නම් ඒ ඇයි? මේ දෙකම ඌව සේම 'ලෑන්ඩ් ලොක්ඩ්' හෙවත් හැම අතින්ම ගොඩ බිමින් වටවූ පළාත්ය. මේ නිසා මුහුද සමඟ කෙරෙන ගනුදෙනු වලින් ලාභයක් ලැබීමේ ඉඩ මේ තෙපළාතටම නැත්තේය. රත්නපුරයට ස්වාභාවික සම්පත් වලින් යම් තල්ලුවක් ලබේ. අනුරාධපුර පොළොන්නරුවට සංචාරක කර්මාන්තයෙන් යම් තල්ලුවක් ලැබේ. කෑගල්ල වටව ඇති දිස්ත්‍රික්ක හයෙන් හතරක් සාපේක්ෂව සංවර්ධිතය. උතුරුමැද හා සබරගමුව දෙපළාත් ඌවෙන් වෙන් කරන්නේ මේ සුළු සාධකද? එසේය සිතිය හැක්කේ මේවා හැරුණු විට මේ දෙපළාතද ඌව සේම කෘෂිකර්මාන්තය මත පදනම් වන සංවර්ධනයට ඈත ඒවා වන නිසාය. එසේම උතුරු නැඟෙනහිර හා දකුණ සංවර්ධනය රජයට ඇති උවමනාවම මේ තෙපළාත් සංවර්ධනයට් ඇතැයි නොපෙණේ. ඒ නිසා සමස්තයක් ලෙස ඒවායේ දිළිඳුකම ඉහළ යතැයි සිතිය හැක්කේය. ඌව ඒ අතුරින්ද ප්‍රධානය. ඌව කොළඹ සිට තීරණ ගන්නා ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඈතින් ඇතිවා පමණක් නොව විශේෂ අවධානයක් දිනා ගන්ට තරම් රෝමෑන්තිකද නොවේ. උතුර හෝ නැඟෙනහිර සංවර්ධනය කළ යුතුය කියා ඇති ආකාරයේ ජාත්‍යන්තර තල්ලුවක්ද ඌව සම්බන්ධයෙන් නැත්තේය.

ලබන මාසයේ ඌවේ ඡන්දදායකයා යළි ඡන්ද පළට යන්නේය. මා ඉහත සඳහන් කළ කිසිවක් ඔහුගේ හෝ ඇයගේ තීරණය වෙනස් කරන්ට බලපාන්නේය මම නොසිතමි. ලංකාවේ ඡන්දදායකයා තීරණ ගන්නේ සංඛ්‍යාලේඛන මත නොවේ. කවරකු බලයට පැමිණියද ඌව පළාත හා සම්බන්ධ සංඛ්‍යාලේඛන වල ලොකු වෙනසක් නොවේය මට සිතෙන්නේ එහෙයිනි.

58 comments:

  1. සමන්ත විතරක් නොවෙයි අනුරත් හරි දක්‍ෂයි සංඛ්‍යාලේඛන සහ කරුණු කාරණා සහිතව තර්කාණුකූලව කතා කරන්න.

    නමුත් එහෙම ඡන්දදායකයින් ට තමන් ඡන්දේ දෙන්නේ කාටද කියා තීරණය කරන්න ඒ ආකාරයේ විශ්ලේෂණාත්මක අගැයුමක් අවශ්‍යද කියන එකයි ප්‍රශ්ණය.

    අයියෝ සල්ලි!

    ReplyDelete
    Replies


    1. කතන්දර කාරයාAugust 14, 2014 at 10:43 PM
      Sa rasa,

      ඇත්ත කියන්න. ඔබ ඔය කියන සංශෝධිත මහාචාර්ය පට්ටම දෙන පටිපාටිය හෝ එලෙස සංශෝධනය වුණා නම් ඊට පෙර තිබුණු පටිපාටි ය හෝ එකක්වත් දැක නෑ නේද?

      මා දැක ඇති 1990 දශකයේ මැද තිබුණු මහාචාර්ය/ සහාය මහාචාර්ය පදවිය සඳහා පත්කරන ක්‍රමවේදයේ කොටස් දෙකක් තිබුණා.

      1. පර්යේෂණ සහ ප්‍රකාශන මත දෙන මෙරිට් පත්වීම්
      2. ජ්‍යෙෂ්ඨත්වය මට කරනු ලබන පත්වීම්

      ඉන් එක ක්‍රමයක් යටතේවත් සහාය මාහාචාර්ය හෝ මහාචාර්ය හෝ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවියක් ලබා ගැනීමට ආචාර්ය උපාධියක් අවශ්‍ය යැයි නියම කර තිබුණේ නෑ. සුමනසිරිට සහ සරත්ට ඒ 1990 පටිපාටිය යටතේ කාලයත් සමග හෝ ප්‍රකාශන සමග සහාය මහාචාර්ය පදවිය ලබාගත හැකිව තිබුණා
      2. ඉතින් සංශෝදනයක් මොකටද?

      මේ අනුව ඔබ කර ඇති ප්‍රකාශය සාවද්‍ය බව කිව හැකියි. එය කරුණු නොදැන කළ ප්‍රකාශයක් බව යි පේන්නේ.

      ලංකාවේ විශ්ව විද්‍යාවල මේ සම්බන්ධයෙන් ඇති ප්‍රශ්ණය එය නොවේ. සහාය මහාචාර්ය කම ලැබූ අය ඒ සහාය කෑල්ල ඒ විගසින් අත හැරීමයි!

      අනෙක පැන්ෂන් ගත්තු මහාචාර්යවරුන්ට ඒ පට්ටම පැන්ෂන් පිට පාචිච්චි කරන්න නම් - අර සම්මාන මහාචාර්ය කමක් ලැබෙන්න ඕනෑ.

      නලින් ද සිල්වා පහුගිය දවසක දොරමඩලාවකදී තමන්ට මහාචාර්ය නොව ආචාර්ය කියා පමණක් කිව වුතු බව කිව්චා.

      //

      ඔබ තුමා හරි... මම ඒ පටිපාටිය දැක නැහැ... මා කල ප්‍රකාශය සාවද්යයි... ඒ ගැන මම සමාව බජනය කරනවා...

      මහාචාර්ය තනතුරට ඉල්ලුම් කිරීමට ආචාර්ය උපාදිය අවශ්ය යැයි එම චක්‍රලේකයේ නැහැ.. ඔබ හරි!
      ආචාර්ය උපාදිය නොමති කෙනෙකුටත් මහාචාර්ය පදවියට ඉල්ලුම් කර මහාචාර්ය් කෙනෙක් විය හැකියි. තවත් දෙයක් කියන්න ඕනෑ. එම චක්‍ර ලේකයේ ආචාර්ය උපාදිය පමනක් නොව සා පෙල හස ඌ පෙල විබාග සමත් වීමත් සුදුසුකම් ලෙස දක්වා නැහැ. එම නිසා සා පෙල සහ ඌ පෙල නොමැති අයටත් මහාචාර්ය විය හැකිය!!!

      හැබයි මට හිතෙන හැටියට සින්දුව ගායනා වුනේ මෙහෙමයි:

      ඒ කාලයේ ආධුනික කතිකාචාර්ය කෙනෙකු විදියට පත්වීමක් ගන්න පන්ති සාමාර්ත අනිවාර්යයි. ඉන් පසු ජේශ්ට කතිකාචාර්ය වෙන්න ආචාර්ය උපාදියක් උවමනායි. කලකට පසු එය තුන් වසරකට නොඅඩු පූර්න කාලීන පර්යෙශන පස්චාත් උපාදියක් ලෙස අර්ත නිරූපනය උනා. ඒ හිදැස්සෙන් MPhill කාරයෝ senior lecturers ලා උනා.

      ඒ උනාට එවුන්දැලා මහාචාර්ය පදවියට ඉල්ලුවාම අන්තර්ජාතික indexed journal වල පල වූ පර්යෙශන පත්‍රිකා අනිවාර්ය වුනා. ආචාර්ය උපාදියක් කරන්නේ නැතිව එම පත්‍රිකා පල කිරීම අන්තිම අමාරුයි. ඔන්න ඔතැන තමා bottle neck උනේ.කොපමන senior lecturer වුනත් Prof වෙන්න බැරිව අපේ කස්ටිය දුකින් හිටියා.



      ආචාර්ය උපාදියක් නැතිව අන්තර්ජාතික Indexed Journalඑකක පත්‍රිකාවක් පල කල නොහැකි නිසා 99% ම මහාචාර්ය වරුන් හට ආචාර්ය උපාදි තිබුනා. එසේ නොමැති මහාචාර්ය වරුන් හට ලොකේ පිලිගත් සුදුසුකම් තිබුනා ( Ex: මහාචාර්ය ආරිය රාජකරුනා... ජපන් රජයේ ඉහලම පුරවැසි සම්මානය )

      ඔය තත්වය වෙනස් උනේ අන්තර්ජාතික Indexed Journals වල පල වූ පර්යේශන පත්‍රිකා නොමැතිව අපේ රටේම ප්‍රකාශයට පත් කරන "පර්යේශන Journals” වල පල වන පත්‍රිකා වලින් සහ තම විශය ට අදාලව ප්‍රකාශයට පත් කල පොත් වලින් මහාචාර්ය පදවිය සඳහා ලකුනු ලබාගැනීමේ මග ඔය සීයට හයේ කස්ටිය විවර කර ගත් පසුවයි.

      English text books වල පරිචේද අමු අමුවේම කල රෝනියො කල පොත් පහල වෙන්න පටන් ගත්තේ ඒ කාලයේදීයි. ඊට අමතරව Rajarata Jopurnal of අහවල් එක Sabaragamuwa journal of මෙහෙවල් එක යනාදී කෝටියක් Journals කල එලි දැක්කා. සමහර journals වල කතෘ ස්වාමි පුරුශයා වෙද්දී පත්‍රිකා පල වුනේ බිරිඳ ගේ නමින්... බිරිඳ මහාචාර්ය වෙන්නේ එම පත්‍රිකා දීලා.

      සමහර සීයට හයේ මහත්වරු plagiarize කර පට්ටම ලබාගත් තම පොත් මුද්‍රනය කර ශියයන් ට මිලදී ගන්නත් බල කලා.

      ආචාර්ය උපාදි නැතිව මහාචාර්ය වෙන්නට සීයට හයේ ගොබිලන් ට හැකි උනේ ඔන්න ඔහොමයි අම්මේ, තාත්තේ, අය්යේ, අක්කේ, නංගී, මල්ලී.............

      Delete
    2. මේ ගැන අපේ කෙන්ජි මහතාගේ මතය දැනගැනීමට කැමතියි

      Delete
    3. මං අහලා තියෙන විධියට 'මහාචාර්ය' කියන්නේ පදවියක් නෙවේ, තනතුරක්. විශ්ව විද්‍යාල මහාචාර්ය තනතුරු වලට පුරප්පාඩු ආවාම ඉල්ලුම් පත් කැඳවනවා. එතකොට සුදුසුකම් තියෙන අය ඉල්ලුම් කලාම ඒ අනුව මහාචාර්ය තනතුරට පත් කරනවා. ඒක තමයි ක්‍රමවේදය.

      Delete
    4. ලංකාවේ ක්‍රමය අනුව මහාචාර්ය තනතුරු සඳහා පුරප්පාඩු තිබුනොත් දන්වීම් දමා අයදුම් පත් බාර ගන්නවා.
      ඊට අමතරව දැනට ජ්යෙශ්ට කතිකාචාර්ය (Grade I) උන්දැලාට තමන් ගේ ඊලඟ උසස්වීම ලෙස මහාචාර්ය තනතුර සඳහා ඉල්ලුම් කල හැකියි...

      Delete
    5. @AnonymousAugust 29, 2014 at 1:26 AM
      මේ ගැන අපේ කෙන්ජි මහතාගේ මතය දැනගැනීමට කැමතියි>>>> heh...heh...
      I have no comments ,... but next time I will B in the .....දතේ පංසලේ ....නිලමෙ ....... එබැවින් වැඩි අදහස් නොදක්වමි.....
      සමාවෙන්න අනී ......

      Delete
  2. ඌව පලාතේ දරිද්‍රතාවය ගැන කතාකරන්නේ 1980 ඉඳලා. ලංකාවේ වැඩිපුරම දිළින්දන් ඉන්න ප්‍රා.ලේ. කොට්ඨාශ 10 න් 5ක්ම තියෙන්නේ ඌව පලාතේ. ඒවා තමයි සියඹලාන්ඩුව, රිදීමාලියද්ද, මීගහකිවුල, කන්දකැටිය සහ මඩුල්ල. පහුගිය අවුරුදු 40 තුල ඌව පලාතට තරම් දේශීය සහ විදේශීය ආධාර ලැබිලා නැතිව ඇති වෙන කොහාටවත්. ඒත් තාම දුප්පත්කම නැතිවෙලා නෑ. දැනුත් විශාල ආධාර ව්‍යාපෘති කෙරෙනවා. එක ව්‍යාපෘතියක evaluation team එකකත් මට ඉන්ට ලැබුනා. මට නං පේන්නෙ හුඟක් 'දුප්පතුන්' නමට විතරයි, ආධාර වලින්ම යැපෙන්ට බලාගෙන ඉන්න අය. ඇත්ත දුප්පතුන්ට ආධාර ලැබෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. tell me a single project in Uva carried out with foreign aids and as well as from Government funds please. (Uma Oya project is not for the Uva, that is for the Hamabthota)

      Delete
    2. Projects කියන්නේ පසුතල පහසුකම් විතරක් නෙවේ, සමාජ හා ආර්ථික සංවර්ධන ඒවාත් අයිතියි. උදාහරණ ඕනෙ තරම්: මොනරාගල සහ බදුල්ල ඒකාබද්ධ ග්‍රාමීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘති (IRDP), මොණරාගල වාරිමාර්ග සහ ප්‍රජා සංවර්ධන ව්යාපෘතිය, ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ වියලි කලාපයේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය (IFAD Dry Zone Livelihood Support Project), සහ UNDP, World Bank, ADB, CARE International, Plan International, Save the Children වගේ ජාත්යන්තර සංවිධානත පහුගිය කාලේ වගේම දැනුත් ව්‍යාපෘති කරනවා. Department of External Resources http://www.erd.gov.lk/ වෙබ් සයිට් එකෙන් බලන්ට පුළුවන් කෙරෙන ව්‍යාපෘති ගැන.

      Delete
  3. ලංකාවෙ තිබුනු සශ්‍රීකම පළාත මෙහෙම අන්ත් දුගී පළාත් උනේ කොහොමද? ආදම්ගේ පළතුරු උයන කිව්වෙ අපේ පළාතට. මේ ගැන ඉතාම සවිස්තරාත්මක පැහැදිලිකිරීමක් සමන්ත විද්‍යාරත්නම කරනවා.

    ඒ වගේම මෑතකදී ලංකාවේ දුප්පත් කමින් අග තැන්පත් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශය ලෙස විරුදාවලිය ලැබුවෙත් සමන්ත විද්‍යාරත්නගේම ගම වෙච්ච මහියංගණ, රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශය.

    කොහොම උනත් මේ දවස්වල ආඩ්ම්බරකාර තාත්තගේ, ආඩම්බරකාර බාප්පිලා, පුතාලා මෙහේ ඇවිත් ආස්චර්ය ගැන වැදි බණ දෙසනවා. විලි ලැජ්ජා නැතිව රෙදි ඇඳගෙන විරිත්තනවා.

    රටම අරාජික වෙච්ච හැම මොහොතකම අතීතයේ ඉඳලම ඉස්සෙල්ලාම නැඟිට්ටේ අපේ පළාතේ මිනිස්සු. දකුණෙ අයටත්, බස්නාහිර ඔබතුමන්ලාටත්, ආණ්ඩුවට හරි හැටි පෙන්වාගත නොහැකි වූ තරු, මෙවර ඌවේ ජනතාව ආණ්ඩුවට පෙන්නනවා. ඒ ගැන අපි කාටත් වැඩිය හොඳටම ආණ්ඩුව දන්නවා.මේ පාර කවදටත් වඩා කුලප්පු වෙලා. මොණරාගල එකම යුද පිටියක්. අපරාදේ ඩිෆෙන්ඩර් වලට ගහන තෙල් ටිකයි, වෙපන් වල බුලට්ස් ටිකයි.

    ReplyDelete
    Replies
    1. //මේ පාර කවදටත් වඩා කුලප්පු වෙලා. මොණරාගල එකම යුද පිටියක්. අපරාදේ ඩිෆෙන්ඩර් වලට ගහන තෙල් ටිකයි, වෙපන් වල බුලට්ස් ටිකයි//
      අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ කියන්නෙ ඕකයි. සංඛ්‍යාලේඛණ වලට වැඩිය ප්‍රභලයි මෙන්න මේ සංඥා!

      Delete
    2. ඒක තමයි මාත් කිව්වේ. කොහොම උනත් ජනතාවගේ සංඥාව මේ හැමදේකටම වඩා ප්‍රබල වෙයි.

      Delete
    3. මම දන්නා වාචික තොරතුරු මත, මම උඹලා වැනි උදවිය පවා ජීවන අරගලයක හිරවී සිටිනවා. ඒ අරගලයේ රස ඉලක්කම් වලට වඩා අමාරුයි. ඒ බව ගණනය කරන්න චානුකටවත්, නිවාඩ් කබ්‍රාල්ටවත් බැහැ. ඒ අපහසුතවාය කිසිම කොලයකවත්, කොම්පියුටර් ස්ක්‍රීන් එකවත් දකින්න බැහැ. වඩාත් වැදගත් වෙන්නේ භූමිය මත සිට දකින යථාර්තයයි. මම ආරාධනා කරනවා පන්ඩිත මහත්තුරුන්ට පොලවට බහින්න කියා. ස්ක්‍රීන් එක මත දත්ත මත යැපෙන අය, බාස්මතී හාලට වඩා..නාඩු හුන්ඩුව තම්බාගන්නා වතුර බින්දුව ගැන සිතිය යුතුයි. පොලවේ ගහන පයයි, කොම්පියුටරයේ ඇඟිලි තුඩුයි වෙනස්. මා දකිනා වැරැද්ද එයයි.

      Delete
    4. ඕක කරන්න නම් උන් පාවෙවී ආතල් ගන්න සුරංගනා ආස්චර්යමත් ලෝක වලින් බිමට බහින්න වෙනවා අරූ අයියේ. උන් කවදාවත් බිමට බැහැල අපේ දුක දකින්න, අහන්න එන්නෙ නෑ. උන් උන්ගෙම හිත් රවට්ටගන්නවා ඩිජිටල් තිරයකින් කඩතුරා හදාගෙන.

      Delete
  4. තර්කානුකූල නමුත් තේරුමක් නැති ලිපියක්. මේ වගේ කරුණු දැක්වීම් අනන්ත සංඛ්‍යාවක් බලන්න පුළුවන් ඊඑස්පීඑන් ක්‍රික් ඉන්ෆෝ අඩවියේ කමෙන්ට් කරුවන්ගෙන්. පහුගිය දවස්වල වාද විවාද කරගත්ත ලෝකයේ හොඳම පිතිකරුවා(බ්‍රැඩ්මන්ට පස්සෙ) කවුද කියල. ඔන්න අපේ එක්කෙනෙක් කියනව ඇවරේජ් එක අනුව සංගක්කාර කියල. එතකොට ඉන්දියන් කාරයෙක් කියනව ශතක ගාන අනුව සචින් කියල. එතකොට සුද්දෙක් කියනව රටින් පිට බෝලින් විකට් වල දක්ෂතා අනුව ඒබී ඩිවිලියස් කියල. කවුරුත් පෙන්නන්නෙ නිවැරදි වාර්තා ගෙනහැර දක්වමින්. බැලුවම කවුරුත් හරි!

    කාගෙත් "අරමුණ" තමන්ගෙ මතය තහවුරු කිරීම. එහෙම කරන්නෙ "තමන්ගෙ එකා"/"තමන්ගෙ පක්ෂපාතී මතය" සනාථ කරන්න. මේකත් ඒ වගේ එකක් වියහැකියි.

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම කබරයා තලගොයා කරගන්නේ මෙහෙ උන් විතරක් නෙමෙයි වගේ

      Delete
  5. මාතෙ ලිපියෙ අන්තර්ගතය ගැන මට ගැටළුවක් තිබුණා හෝ නොතිබුණා හෝ එය මෙතැනට අදාල නොවන්නක් නෙ.. නේහ්.. මට ප්‍රශ්නයකට තියෙන්නෙඇයි මේ මිනිස්සු කවුරු වුණත් නයායාත්මකව විතරක් මේ ගැන හිතන්නෙ කියල.. ඒ කියන්නෙ දේශපාලකයො ගැන... උංට හැම වෙලේම දුගිය ව මතක් වෙන්නෙ උංව අන්දල තමන්ව ගොඩ දාගන්න ඕන වුණාම විතරයි...
    මිනිස්සුත් අවුරුදු හතරක් විතර තිස්සෙ කලිං චන්දෙ දාපු දවසක් ගැන කල්පනා කර කර තමන්නම බැන ගෙන ඉන්නව... ආයෙත් චන්දයක් ආවම අහවලාට දැම්මට මට ගහගන්න ඖන හරක් ****** කියන එකාම ආයෙත් ගිහින් ඒකටම කතිරෙ ගහනව...

    ඇයි අහපුවාම දෙන්නෙ අපූරු උත්තරයක්...
    නොදන්න හරකට වඩා දන්න කොටිය හොදයි නෙ....

    ඕං මිනිස්සු

    ReplyDelete
  6. මටනම් මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ ඔය දුප්පත්කම කියන එක මහ බැංකුව විසින් මනිනුලබන ක්‍රමය මොකක්ද කියන එක. අනෙක දුප්පත් උනත තමන්ගේ මූලික අවශ්‍යතා ගමේ වටපිටාවෙන් සම්පත්වලින් සපුරගෙන සහයෝගයෙන් ජීවත් වෙන මිනිස්සු දුප්පත්කම කියලා බැංකුව කියන දේ ප්‍රශ්නයක් කරගන්නේ නැත්නම් මොකක්ද තත්වේ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. \\අනෙක දුප්පත් උනත තමන්ගේ මූලික අවශ්‍යතා ගමේ වටපිටාවෙන් සම්පත්වලින් සපුරගෙන සහයෝගයෙන් ජීවත් වෙන මිනිස්සු දුප්පත්කම කියලා බැංකුව කියන දේ ප්‍රශ්නයක් කරගන්නේ නැත්නම් මොකක්ද තත්වේ//

      හිතාගෙන ඉන්නෙ ඌවෙ මිනිස්සු රහත් වෙලා ඉන්නවා කියලද? මේ අහිංසක මිනිස්සුත් ආසට්ය් අනිත් පළාත්වල මිනිස්සු විඳින සැප විඳින්න. කෙනෙක් අධිවේගී මාර්ගයක තමන්ගෙ ගැබිණි බිරිඳ බොහොම සුවපහසුවෙන් කාර් එකක නර්සිං හෝම් එකකට අරන් යනකොට අපේ පැත්තෙ මිනිස්සු යන්ඩ පාරක් නැති හද්ද කැලෑ ගම් වල ඉඳල පැය 5,6කට සැරයක් නගරෙට යන බස් එකේ දාගෙන යන්න මැස්සක තියාගෙන උස්සගෙන කිලෝමීටර් 3,4ක් කැලෑ මැදින්, ඇලවල් දිගේ විළිරුදාවෙන් කෑගහන බිරින්දෑල එක්කගෙන එනවා. සමහර විට එහෙම ඇවිත් ඉස්පිරිතාලෙට යනකොට ඒ අම්මයි, බඩේ හිටපු දරුවයි දෙන්නම මැරිලා.

      ඔබ කියපු විදියට සහයෝගෙන් කරගන්නවා තමයි. ඒත් ඒ ෆුල් ආතල් එකේ අපිට මෙහෙම හොඳයි කියල නෙවෙයි. නැති කමට.

      ඕක තමයි අපිට ලැබිල තියෙන අම්මගේ ආස්චර්ය.

      Delete
  7. මොනරාගල දිස්ත්‍රික්කය "නිදහස් ගන්ජා කලාපයක්" (Free Pot Zone) කරන්න. ගන්ජා වැවීම, පිරිපහදු කිරීම සහ පාවිච්චිය නීතිගත කරන්න. මාස දෙකකින් ඌව පලාත මුලු ලන්කාවේ ම වැඩිම ඒකපුද්ගල ආදායම ඇති පලාත වනු ඇත.

    "තනමල්විල ලොකයේ මල් අග නගරය කරමු"!

    ReplyDelete
    Replies
    1. මගෙන් පුල් බකප් එක. ඕ යේස් !!!!

      ඈස්චර්‍රේ දුන්නහැකි පැණි බේරෙන්ඩ..

      Delete
    2. ඔන්න මොලේ තියෙන මහත්තයෙක්...

      Delete
    3. ඒක අහල මගෙත් මල විකසිත උනා. ඔහොම අයින කාගෙන යන්. ජීවිතේ මල්

      Delete
    4. ජීවිතේ සුන්දරද මෙතරම්.............

      විහිළුවට ලිව්වේ ..ගණන් ගන්න එපා.

      අපි කවුරුද????

      Delete
  8. ලිපිය දරුණු වැඩියි වගේ.. මේ පුංචි මොලේට නොතේරෙන නිසා කියෙව්වෙ නැහැ..

    ඒත් එකක්...

    ඌවේ මල් අල්ලන නිසා තමා එයාල දුප්පත් වුනේ..

    හිකිස්.. ඒකයි ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා වැරදියි. ඌවේ මැතිතුමන් ලා මල් වගා කල යුතුයි. ලැබෙනා අස්වැන්න සමස්ත ලෝකවාසී මල්ලෝලීන් හට විකිනිය යුතුයි.

      Delete
    2. නොතේරෙන තැනක් තියෙනං අහපං මගෙන් …

      Delete
    3. සුමේධා ජයසේන ඇමතිතුමිය මල තලන හැටිත් , මල වවන හැටිත් හොඳට දන්නවා. අනේ මට සුමේධ මල තලන්න ලැබුනේ නැහැනේ.සුමේධාගේ මල ගැනයි...ගල ගැනයි දන්න අය දන්නවා...

      Delete
    4. අම්මපා..............................ඉතිං අනේ, ඔය ගල් සහ මල් ගැන පොඩි ලිපි පොජ්ජක් ලියන්නකෝ, අපෙත් ලාම්පු කණගාටුව හෙවත් පහන් සංවේගය උදෙසා.

      Delete
    5. ජගත් පුශ්පකුමාර නැමති මල් කුමාරයා (පොල් වගාකිරීමේ ඇමැති සහ මල් වගාකරන ඇමැති ) අමතක කරන්න එපා....

      Delete
  9. තාප්ප නැති හින්දා සිරියාවන්ත මූණු ටික ගස් ගල් අස්සෙ ඉඳන් අසරණව හිනාවෙනවා ඇති මේ දුප්පත් ජනතාව එක්ක. කඩදාසි, පිටි, පොලිතින්, ඩිජිටල් ප්‍රින්ටින්, ඩීසල්, අරක්කු, බත් etc etc. ස්වල්ප වියදමක්ද ඒ අසරණයන්ට. සංඛ්‍යා ලේඛන වලින් ඒ වියදනුත් වෙනම පෙන්නුවානම් හොඳා.

    ReplyDelete
  10. මේ.... මේ... අර ගම්මන්පිළගේ බජට් එක..... කෝ ඒක....

    ReplyDelete
  11. චානුක වත්තේගම කියන්නේ ලක්බිමට ලියන කෙනාද?
    හිස් අහස සදරෑ ගැන ලිව්වෙත් එයා නේද?

    ReplyDelete
  12. සංඛ්‍යාලේඛන මත පදනම් වූ වාර්තා ගැන රාජ් කියපු කතාවත් එක්ක එකඟ වෙන්න පුළුවන් , මොකද හැමෝම තමන්ගේ මතය තහවුරු කිරීම විනා සැබෑව සොයා යාමක් සිද්ධ වෙන්නේ නෑ.

    මිනිස්සු සහනාධාර වලටම පුරුදු කිරීම දේශපාලකයා තම පැවැත්ම උදෙසා කරපු දෙයක්, නමුත් රටක් හැටියට සංවර්ධනයට එක කොයි තරම් අහිතකර ලෙස බලපානවද කියන දේ හිතනෙන් නෑ
    ඔය statics ඉස්සරහටත් ඔය විදිහටම තමා

    ReplyDelete
  13. උවට අබ සරණයි කියලා තමා කියන්න වෙන්නේ මොකා කොහොම මොන විදියට බලේට ආවත්.

    ReplyDelete
  14. // මාතය යනු යම් ඒකකයක (මේ උදාහරණයේදී පළාතක) ඉහළ අර්ධය පහළ අර්ධයෙන් වෙන් කරන පුද්ගලයාට අදාළ දර්ශකයයි. //

    මාතය (Mode) යනු ගහනයක වැඩියෙන්ම දක්නට ලැබෙන දර්ශකයයි. ඉහළ අර්ධය පහළ අර්ධයෙන් වෙන් කෙරෙන්නේ මාතයෙන් නොව මද්‍යස්තය (Median) මගිනි.

    එක එක ආයතන වල එක එක දර්ශක ගත්තම කොහොමත් එක එක විදියේ අර්ථකතන එන්න පුලුවන් බව ස්ටැටිස්ටික්ස් දන්න කෙනෙකුට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මෙතන පේන පොයින්ට් එකක් තමයි එකිනෙකින් ස්වායත්ත වගේ පේන ආයතන දෙකක වෙනස් දර්ශක දෙකකින්ම ඌව පලාත ඉන්නේ හොඳ තැනක නොවෙන බව.

    ReplyDelete
  15. 1818 සහ 1848 විමුක්ති අරගලයට උර දුන් ඌවෙ ජනතාව සුද්දන් විසින් මර්ධනය කල අතර ලංකාඅ මැනුම නිසා ඔවුන්ගේ භුමියේ අයිතියද අහිමි උනා. මේ තත්වය 1947දි රටටම දේශපාලන නිදහස ලබුනු විට වෙනස් උනේ නැහැ.මුලදී ඉන්දීය වතු කම්කරුවන් ඌවෙ දේශපාලන බලය හා ගත් අතර,පුරවැසි පනත හේතුවෙන් ඔවුන් ඉවත් උනත් එතැනවූ රික්තය ලංකාවේ වෙනත් පළාත් වලින් ඌවෙ පදිංචියට තාවකාලිකව ආ අය හා ගත්තා. මේක මුලින්ම කලේ ජස්ටින් කොතලාවල අද ඔහුගෙන් පැවත එන්නන් ඌවෙ ඉන්නවාද? ඉන්පසු තේ වතු වල ප්‍රවාහනයට ආපු ඩයස්ලා මෙන්ම තේ වැවීමට ආපු සමරවීරලා උවේ දේශපාලන බලය අතට ගත්තා.අද වන විට ඩයස් පවුලේ ගෑනු ළමයින් සමග යාලු වෙන වත්තල ප්‍රනාන්දු ඌවෙ උරුමක්කාරයා වෙලා. රස්සාවට ආපු පෙරේරලා,සිල්වලා උවේ පුත්‍රයන් වෙලා රඟ පැවත් මේ අයගේ සැබෑ උනන්දුව තමන් ඉපදුන පලාතට සේවය කිරිමට් විතරයි. ඌව ඔවුන්ට නවාතැන් පොලක් පමනයි. මැණික් හොයන්න ආපු සොයිසලාත්,ව්‍යාපාර කරන්න ආපු විදානගාමගේලාත්, බුධදාසලාත් ඌවෙ භුමි පුත්‍රයෝ නෙමෙයි මේ තත්වය ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේම දකින්නට තියෙනවා.ඌව දියුණු වෙන්න නම් 1848දි ඌවෙ භුමි පුත්‍රයන්ගෙන් ගිලිහුණු දේශපාලන බලය නැවතත් ඔවුන්ට ලැබෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. සමරසේකර මහත්තයා.......කතාව ඇත්ත. තරහ නොගෙන විසඳුම කියන්නකෝ. හූවේ දුරින් ඌවේ හිටපු මිනිහෙක් මම. අපි ඇත්ත කතා කරමු. දියතලාව, බණ්ඩාරවෙල, වතු ආශ්‍රීත ජීවන රටාව, විමලේ මහත්තයා දන්නවා ඇතිනේ. එහෙම එන්න. මම මිස්ටර් විමලෙගෙන් ඉල්ලා සිටිනවා...බේල් ඇඳුම් ඇඳන් තේ රත්තරන් කරපු තාමත් ලයිමේ ඉන්න මිනිස්සු ගැන අඩුම ගානේ කමෙන්ට් එකක් දාන්න කියලා. ඔය එක ශිෂ්ණයෙක් හිටියේ නැහැ විමලේ....අපි තේ ආර්ථිකයේ අංක එක වෙනකොට. මම බොරුද කියපන්. ඒ බේල් ඇඳපු, වට්ටිය පිටේ බැඳගත්ත එවුන් තාමත් ලයිමේ.

      Delete
    2. සමරසේකර..ඔබ තුමාගෙ කතාවට මං මගේ අත් දෙකම උස්සලා එකඟ වෙනවා...

      Delete
    3. සමරසේකර ගේ උර පොත්ත ඇතුලේ රත්තරන් පාට උණු ලේ කකියනවා වගෙයි.

      පාත්තයින් උඩරටින් පන්නා දමන සටන අරඹමු!

      Delete
    4. කතන්දර කාරයා වැනි ඇතුලට නැමුණු මනසකට පහල වන බහුබූත වලට උත්තර ලියනවට වඩා ඌවෙ ඛේදවාචකය ගැන බුධිමත්ව සාකච්චා කළ යුතුයි. ඉහල ඌව සහ පහල ඌව යනුවෙන් දෙකොටසක් ඇති උවේ තේ ආර්ථිකය තිබෙන්නේ ඉහල ඌවෙය දකුණේ මෙන් තේ ආර්ථිකය ඉහල ඌවෙ ජනතාව අතරට ආවේ නැහැ.එබැවින් එබැවින් ග්‍රාමීය ආර්ථිකය දුප්පත්ව තිබෙනවා.රටේ අන් පලාත්මේ දෙකොටසම මුලදී සැලකුවේ ගෘහ සේවකයන් එනම් බණ්ඩා,සහ මැණිකා සපයන "බයි " මිනිසුන් ඉන්නා ප්‍රදේශ ලෙසින්ය.ඉහල ඌව දියුණු උනේ ගෝවා,බෝංචි, ආර්ථිකය නිසයි.ඔවුන් අතරේ සමුපකාර ක්‍රමය හා බැඳි චින්තනය මැනවින් තිබුනා. ඔවුන්ගේ ජිව නාලිය උනේ උඩපළාත ගොවි ද්‍රව්‍ය නිපදවීමේ සහ අලවි කිරීමේ සමුපකාර සමිතියයි. සාමාජිකයාගේ උපතේ සිටම මරණය දක්වාවූ ජිවන මගට උර දුන් ඒකට කිට්ටුවෙන් හරි තියන්න පුළුවන් උනේ සඳලංකාව සමුපකාර සමිතියට විතරයි.1971 නිලධාරින් අමන වීදියට ඒක පාරිභෝගික සමුපකාරයක් කරන්න ගිහින් ඒක එහෙම පිටින්ම කාලා දැම්මා. මිට සමගාමිව මදක් පහත් මටමින් පහල ඌවෙ සමුපකාර ව්‍යාපාරය තිබුනා.
      පහළ ඌව වී,උක්,සහ පලතුරු වැවීමට යෝග්‍ය උනත් ඒකට ගැලපෙන මහජන ව්‍යවසායක ක්‍රමයක් හරියටම ආවේ නැති නිසා ඉහල ඌව සමග බලනවිට පහල ඌව ආර්ථික සහ දේශගුණය ඇති දුප්පත්.
      ඌවෙ දුප්පත් කම නැති කරන්න අන් පළාත් වලින් දෙගොල්ලක් ආවා.
      1. වෙළඳුන්
      2. රජයේ රැකියා ලාභින් ,

      මෙහෙම පුද්ගලයන් එන ඒක වරදක් නෙමෙයි. නමුත් වරද මේ අය ඔවුන්ට තම පළාත් වල නැති දේශපාලන බලය මෙහෙදී තහවරු කරගත්තේ ඌවෙ පාරම්පරික පුද්ගලයන්ගේ ඉදිරියට එම වලක්වාය. ඔවුන් සැලසුම් සහගතව කටයුතු කර එසේ ඉදිරයට ආ බණ්ඩාරලා,රාජරත්නලා විරවන්නිලා,ගුණසේකරලා,ආදීන්ගේ දෙවෙනි පරම්පරාව අපිට නැති කළා.මේසේ ආපු මිනිස්සුන්ට ඌව නවාතැන් පොලක් නිස ඔවුන්ට ඌවෙ සංවර්ධනයේ පදනම වන සමුපකාරය ගැන අවභෝදයක් ඇති කර ගැන උවමනාවක් නැහැ.ඔවුන් සමුපකාරය දුටුවේ තම පුද්ගලික දියුණුවට අකුල් හෙලන ආයතනයක් ලෙස සහ තමාට සුරා කෑමට සම්පත් ඇති ආයතයක් ලෙසටය.
      වර්තමාන රජය කරන්නේදඌවෙ සම්පත් සුරා කෑමය. හොඳම උදාහරණය උමා ඔය ව්‍යාපෘතියයි.අඹේවෙල ව්‍යාපාරය දියුණු කර එමගින් රක්ෂණය වන ජාල සම්පත මගින් ඌවෙ ජල හිගයට විසඳුම් දෙනවා වෙනුවට කරන්නේ ඒ වතුර ටික අන් පළාතකට ගෙන ගොස් නම පමණක් ඌවට ඉතිරි කිරීමයි.

      සමරසේකර

      Delete
    5. ඔය විදියටම මාතලේට පාත් වුණු මුහුදුකරේ පෙරේරා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් තමයි දැන් මුළු රටටම ගල් අරක්කු බෙදන්නේ.

      Delete
    6. On the spot!

      // නිර්මලා මොනරාගලටත් සැතපුම් ගණනාවක් ඈතින් තිබු ගමක පදිංචිකාරියකි. ගාල්ලේ උපන්නෙකු වූ ඇගේ පියා කච්චේරියේ ලිපිකරුවෙකු වීය. නොහොබිනා කම් වලට නම් දරා සිටි ඔහු ගේ නොමනා සම්බන්දකම් කීපයක් ම ගමේ අයගේ අතටම අසු වූ හෙයින් තම ජීවිතය බේරා ගැනීම සඳහා ඔහු ගාල්ලෙන් මොනරාගලට මාරු වී ආවේය.


      බුත්තල නගරයට එහායින් පිහිටි ගලපිට ආර නමැති කුඩා ගමේ පදිංචි වූ ඔහු මොනරාගල කච්චේරියේ ලිපිකරුවෙකු ලෙස තමාට තිබූ නිල බලය අනිසි ලෙස පාවිච්චි කරමින්, ප්‍රාදේශීය දේශපාලකයන්ව රවටා දේශපාලන බලය තර කර ගනිමින්, වෙල්ලස්සේ අසරණ ගැමියන් ගේ ඉඩකඩම් කොල්ලකමින්, රජයේ ඉඩම් බලහත් කාරයෙන් බුක්ති විඳිමින්, ආන්ඩුවේ කැලෑ වල ගස් හොරෙන් කපමින්, බලපත් රහිතව මැනික් ගරමින් මහා ජයට ජීවත් වීය. රජයේ අනවසර ඉඩම් වල උක් වැවීමත් කුඹුරු කෙරීමත් දිගටම කල ඔහුට විසාල ධනස්කන්දයක් උපයා ගත හැකි විය.
      //

      http://sarasavisamaga.blogspot.com/2014/08/17.html

      Delete
  16. දේශපාලනේ කරන අය කැමති මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවානම්. මේ බව හොඳටම පේනවා. නියඟෙ ආවම ජලාශ ගැඹුරු කරන එක වෙනුවට නියඟෙ වවාගෙන කනවා. වැස්ස ආවම ජලාශ ඇරලා වතුර අයින් කරලා ජලාශ හාරනවා. ගංවතුර විකුණාගෙන එක දාගන්නවා.

    ReplyDelete
  17. ඒ මිනිස්සු දුප්පත් වෙන්නේ තමන් ගේ මහන්සිය වැඩිපුර හුරා කන පළාතක ඉපදුන නිසා..

    හැබෑට මාතලං මෙහෙම ලිව්වම නිකං පුදුමයි වගේ මට නං.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. මේක මගේ ළිපියක් නෙමෙයි.. චානුක වත්තේගමගේ ළිපියක්..

      Delete
    2. පස්සේ නේ දැක්කේ.. නම උඩින්ම ගහලා. වෙනදා ගහන්නේ යටින් නෙව..

      Delete
  18. තණ්ඩලේ දෙන්න දෙපොලේ.. දක්කනවා..
    කටු කැලේ ගාලේ නොලිහා.. වද දෙනවා..
    හපුතලේ.. කන්ද දැකලා.. බඩ දනවා...
    පවු කල ගොනෝ.. ඇදපන් හපු..තල් යනවා....

    ඒකාලෙ ඉඳලම ඉතින් ඌව හපුතලේ කීවම දුෂ්කර නොවැ.
    කොහොම වෙතත් ලංකාවෙ දුක්පතුන් ඉන්නකං දේශපාලුවන්ට කල්ල මරේ.

    ReplyDelete
  19. අන්තිම ප්‍රතිපලයට උාව ජනතාව මල් ගැහැව්වා වගේ දායක වෙයි.දුප්පතකමේ ප්‍රධානම අතුරුපලයක් තමයි නූගත්කම.නූගත් වුණහම ජාතිකත්වය වෙනුවට තෝරා ගන්නෙ ජාතිය.සියඹලාණ්ඩුව දක්වාම විහිදුණු කොටි ගැහිලි ටික පෙන්නන්න ගනියි
    කතරගමට ගහපුව පෙන්නයි.බුද්ධිය පරවෙලා හැගීම් පිපෙයි ජාතියයි ආගමය පොහොර කර ගෙන ආයෙමත් කුරහන් මල්ම පිපෙයි.

    අපට මල පැන්නට ඔය විදිහෙ දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි....යුද්ධෙ තිබුණට වඩා මේ රට ආර්ථික අතින් මෙන්ම බියෙන් සංකාවෙන් පිරිලා.ප්‍රධාන දේශපාලන ධාරාවට අභියෝග කරන්න බෝම්බ පත්තු කරලා මිනිස්සු මැරුව තමයි.ඒවා අහඹු මරන.ඒත් සමහර විට මැරෙන්න ඉඩ තියෙනවා කියලා ගිය මිනිහෙක්ට වැඩිය ජීවිත අවධානමක් එක්ක අද පාරට බහින්න වෙන්නෙ

    රණ විරුවො කියලා වැදලා උඩින් තිබ්බ අය අද එහෙම වැන්දට තරහෙන් ඉන්නෙ.කුමාරවරු බෝල අල්ලන්න කොට තාලෙ අල්ලල නටන්න වෙන්නෙත් ඒ අයට එතන ගහන පදේට නටලා එහෙම නටන්න වුණ කේන්තියට සාමාන්‍ය මිනිහෙක්ගෙ කකුල් කඩන්න තරම් කේන්තියක වේදනාවක උන් ඉන්නෙ

    ReplyDelete
  20. මා සති අන්තය (සිකුරාදා හා සඳුදාද සමඟ) ගත කළේ කොළඹින් පිටය. කමෙන්ට් වරින් වර කියැවුවත් දීර්ඝ ප්‍රතිචාර ලබා දෙන්ට තරම් ඉසඹුවක් නොවීය. දැන් ඊට පමා වැඩිය සිතමි. කෙසේ වුවද අදහස් දැක්වූ සැමට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. චානුක මහත්තයෝ
      ගැටලුවෙන් පලා යන එක හොඳ දෙයක් නෙමෙයි.ඕකට කියන්නේ ශේප් න්‍යාය කියලා. ලිපිය ඔබේ නිසා මා මතු කල කරුණු වලට මාතලන්ට උත්තරයක් දෙන්නත් බැහැ. කාලය නැහැ කියල ලිපිය ලියු ඔබත් උත්තර නොදී ඉවත් වෙනවා. නමුත් ඌවෙ ගැටලුව ඉවත් උනාද?
      උත්තර දෙන්න මාතලන් ළඟ ඉඩ නැත්නම් ඔබට මගේ වෙබ් අඩවිය පාවිචිචි කරන්න පුළුවන්.
      සමරසේකර

      Delete
    2. නෑ, ඔබට නම් උත්තර දෙන්න යන්නේ නැත්තේ කාලය නැති නිසා නෙවෙයි, ඒක පලක් නැති දෙයක් නිසා. ඔබ වැනි පුද්ගලයින්ට කැමැති දෙයක් කියා ගන්න දීලා මගේ කාලය ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න පුළුවනි.

      Delete
    3. චතුර,
      මා මෙතෙක් කලක් සිතා සිටියේ ඔබ ගවේශනාත්මක පුවත් කලාවේදියෙක් බවයි.ඔබ තිත්ත ඇත්ත සොයා යන ගවේශයෙකු යන වැරදි සිතුවිල්ල නිවැරදි කිරීම ගැන ස්තුතියි. ඔබ වැනි වැල යන අතට මැස්ස ගසන අයවලුන්ගේ අමන ලිපි නොකියවාම විසි කිරීමට ඔබේ පිළිතුර මට උදව්වක් වේවි.
      සමරසේකර

      Delete
  21. මතක තියා ගන්න ඌව දුප්පත් ,ඌව දුප්පත්, අයෙත් මතක තියාගන්න ඌව දුප්පත, තව පාරක් මතක තියාගන්න ඌව දුප්පත්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න