.

.

Aug 25, 2014

ජනාධිපති තුමා වැකේසොන් ගොහින් - President on Vacation




ජනාධිපතිතුමා, බැක් ටු බැක් ආපු හුටප්පර නිසා උන්නේ හිතේ අමාරුවෙන්ය. එහෙම වෙන්න පටන් ගත්තේ ටික කාළෙකට කලින් පටන්ය. බැටීලා, වාසුලා, තිස්සලා වගේ, දෙන දේ කාළා වෙන දේ බලාගෙන ඉන්න හාල්පාරුවෝ වාසනාවන් කියා හිතුනේ, විමලයලා, චම්පිකයලා පිස්සු කෙලින් කෙලිල්ල දැකලාය. පරණ වමේ වාහෙලා වගේ, මුන්ව කටේ බලෙන් කොන්ට්‍රෝල් කර ගන්න බැරි එක ගැන, අහන්නේ මොකාගෙන්ද කියා කල්පනා කර කර ඉන්න අතරේ, රතනයා පැහැබර හෙටක් හොයාන වඩින්න ගත්තාම, හිතේ අමාරුව තවත් වැඩි වෙලාම ගියේය. කැඩුම් බිඳුම් වලට වෙදකම් කොලාට, හිතේ අමාරුවට බේත් දෙන වෙදෙක් හොයා ගන්න බැරි රජ කම, කොස් කොටන්නද යකෝ කියා එතුමාට හිතුනේය.

ඔහොම ඉන්න අතරේ, සිරිපාලයා ඔපීස් කාමරේ කොම්පීටරෙන් සෙක්ස් සොයන්න ගිහින් වෙච්ච අලකලංචියක්, ඩිලානයා හන්දියක් හන්දියක් ගානේ පීකර් කටක් දැක්ක ගමන් ඇදලා අරින්න ගිය එකෙන් ජනාධිපති තුමා තවත් කලබල වූයේ, මේ වේස කොල්ලෝ කවදා හරි අපිත් ජොලියට කරපු ගේම් ඇදලා අරින්නත් බැරි නෑ නේ යකෝ කියලාය. ඊටත් වඩා කළබල උනේ, කේස්, වික්ටර් අයිවන්ට ගියොත් හෙම, සැටලයිට් නෝනාට ගැහුවා වගේම, මටත් පොතක් ගහලා ගේම අදින්න පුළුවන් නේද යකෝ කියලාය.

අස්සේ ළොකු පුතා ඉරාජ් කොලුවත් එක්ක, කෙල්ලන්ගේ ඉස්කෝලවලට පැනලා, කෙල්ලන්ගෙන් උම්මා උම්මා ඉල්ලපු සීන් එකෙන්, ජනාධිපති තුමාගේ හිත තවත් අඤ්ඤකොරොස් වෙලාම ගියේය. උගේ කාඩ් එක විතරක් නොව, මගේ කාඩ් එකත් කුඩු කරා නේද යකෝ කියා හිත හිතා ඉඳීමෙන්, තවත් හිතේ අමාරුව වැඩි උනා මිස, අඩු වීමක් උනේම නැතිය. අනික මේවා පවුලේ පුරස්න නිසා, ඕවාට ගෙදරදි අත දාන්න ගිහින්, ළමයින්ගේ අම්මාගෙන් එක එක ඒවා අහ ගන්නවාට වඩා, නෝනා නැති තැනක ලොකු කොලුවාට මේ ගැන පැහැදිලි කරලා දෙන එක කෝකටත් හොඳයි කියා හිතුනේ, නුවර වැව රවුමේ රෙස් පැත්ද එක, ළොකු වහන්සෙලා දෙන්නාට ලැම්බෝගිනි දෙකක් දීලා ෂේප් කර ගත්තත්. සී ෂෙල්ස් ටුවර් එකක් එක්කගෙන ගිහිල්ලාවත්, නෝනා ෂේප් කර ගන්න බැරි බව දන්න හින්දාමය.

ගෙදරදි බැරි නිසා ලොක්කා පාර්ලිමේන්තු ගියේ, අමාත්‍යාංශයේ බලු පුකක් හින්දා නොව, ලොකු කොලුවා ෂේප් එකේ අල්ලා ගන්න පුළුවන් හින්දාය. පුතේ අපේ කාලෙත් බිග් මැච් කාළෙට කෙල්ලන්ගේ ඉස්කෝල ඉස්සරහා පොඩි බජව්වක් දානවා. පොලිසිය එන කොට අපි මාරු. ඒත් ඉතින් ක්‍රිකට් මැච් ගහන කොට. රගර් ගහන කොට ඒවා කරන්න නොගියේ, ඔය රගර් බෝලේ වගේම, ඔය ගේම් එකත් අවුල් නිසා. අනික ඉතින් පුතාලා තුන් දෙනාට පින් සිද්ද වෙන්න, ඉලිප්සාකාර බෝලෙත් දැන් හතරැස් කරලා නේ තියෙන්නේ. ඒකෙන් විහිදෙන සඳරැස් ඔක්කෝම, අපෙ රැස් ඉවරවෙච්ච දවසකට ඉවරයි. නිසා මොකක් හරි නමක් හදා ගන්න පුළුවන් වැඩක කළා නම් නේද හොඳ කියා, පුංචි පහේ අවවාදයක් දුන්නේ. මේ ගැන හං කවිසියක් හෙම අම්මට එහෙම නම් කියන්න එපා. ඔහෙලත් දැන් ඉතින් දන්නවනේ එයාලගේ හැටි කියාය.

අවවාදේ හිතට ගත්ත ළොකු පුතා කළේ, කැම්පස් යන්න අමතක උන කෙල්ලෙක් හොයා ගෙන, බලෙන් කැම්පස් එකට දැමීමය. වැඩෙන් උනේ, කෙල්ලන්ගේ ඉස්කෝල වලට පැනලා දාගත්ත ලෙඩේටත් එහා ගියපු ලෙඩක් නිසා, ළොකු පුතාටත් වඩා හිත නරක් උනේ ළොකු පුතාගේ තාත්තාටය. යකෝ කැම්පස් යන්න අමතක උන උන් කැම්පස් යැව්වත් වැරදියි. පාස් මාක් ගත්ත උන් යැව්වෙ නැතත් වැරදියි. මුන් නම් උගෙ අම්මගෙම මාද්දියවේදියොම තමයි කියා තවත් හිත අමාරු උනේය.

අස්සේ බොදු බලු සේනාවයි, සිරසයි, අරකයි මේකයි, එක්කහු වෙලා, යුද්ධය දිනපු මල්ලි දේශපාළණේට ගේන්න හදන එකෙන්, අවුල ඩබල් වෙලාම ගියේ, ජැකාගේ ඉතිහාසේ මොකක් උනත්, ඉස්කෝළේ ය්න යන කාළේ සිරිසඟබෝ නාටීටියෙත් ඝෝඨාභය කෙනෙක් උන්න බව මතක් උන නිසාය. නිසා ලැප්ටොප්වේදියන්ගේ රැස්වීමේදි, මට ඉන්නෙත් හොඳ ලේඛම්ලා ටිකයි, එයාලත් දේශපාළනේට ගියොත් හාල්පාරුවෝ වෙන නිසා, දැන් කරන එකම හොඳ යයි කිව්වේ, ඊට පස්සේ ලලිත් වීරතුංගත් ගියොත් හෙම ජනාධිපති කම් කොරලාත් ඉවර බව දන්න නිසාමය.

අස්සේ රාජිතයි තවත් සෙට් එකකුයි බලු සේනාවට එරෙහිව නඩු බලවන්න නුවර උන්නාන්සේලා ගාවට ගියපු එකෙන් ලොක්කාගේ හිත හොඳටම රිදුනේය. අග්‍ර විනිශ්චකාරයාගෙත් නඩු අහන එක්කෙනෙක් ඉන්දැද්දි, එක එක වහන්සේලා ලඟ දන නමස්කාර කොරන්නේ යන්නේ, මුන් වලව්වේ හාමුදුරුවෝ ගැන හාං කවිසියක් වත් නොදන්න බබ්බුද ,එහෙම නැත්නම් මට කින්ජෝල් එකට ගියාදැයි කියා දෙගිඩියාවෙන් උන්න ජනාධිපති තුමා, ගියපු උනුයි නොගිය උනුයි ඔක්කෝම ඉන්න තැන කිව්වේ. බල්ලො බිරුවට ගනන් ගන්න එපාය. පිස්සු බල්ලො හැපුවට, අපි බල්ලා කන්න ඕන නැතෙයිය. ප්‍රශ්ණයක් තියෙනවානම්, ලේඛම් තුමාට කියන්නෙයි කියලාය. එතකොට එතන හිටපු එකෙක් කිව්වේ. ලේඛම් තුමත් අපිත් එක්ක යන්න හිටියේ. පස්සේ එන්නේ නැතිව බ්රේක් ගැහුවා කියලාය.

ඔය අව් අස්සේ ජනාධිපති තුමාගේ හිත තවත් අප්සට් උනේ, දුවත් පිස්සු කෙලින්න පටන් අරන් කියලා ගොසිප් සයිට්ස් වල තියෙනවා දැකලාය. ලොක්කා කැබිනට් රැස්වීමෙත් කිව්වේ, මේ එක එක වාහේලා මට අවිත් කියන ගොසිප්වලට වඩා, ගොසිප් සයිට් වල තියෙන ඒවා මට ෂුවර් කියලාය. උනාට රිපෝට් එකට වඩා ඒවයේ තියෙන කොමෙන්ට් වලින් ගන්න ආතල් එක අර හාල්පාරුවන්ට කිව්වේ නැත්තේ. මුනුත් ළිඳ ළඟ සංගමේ උන්දැලාටත් අන්ත සැට් එකක් බව දන්නා නිසාමය. කොලොන්නාවේ සූටින් එකකින් අප්පුච්චා නිවන් ගියපු දවසේ ඉඳන්, ජනාධිපතිකමටත් වඩා ආදරෙන් බලාගන්න හිරුනිකා, හරේන් එක්ක මළඉලව්වක් පටන් ගත්ත එකෙන්, හිරුනිකාගේ අම්මාටත් වඩා හිත රිදුනේ, කැපකරු තාත්තාගේය. නිසා තාත්තා කිව්වේ උඹට ඕනම නම් මට කියහන්, හැබයි ඕකා කලිනුත් කේස් දාගත්ත දරු දෙදෙනෙක්ගේ පියෙක් යැයි කියාය.

ඕවා මේවා නිසා අන්තෙටම හිත කළකිරවාගෙන උන්න ජනාධිපති තුමා තවත් අප්සට් ගියේ, ලොක්කගෙ නම විකුනගෙන කාපු, ඔපීසියල් පොටෝග්රැපර් සුදතයා ආයෙත් මන්දිරේට රිංගා ගන්න නටාපු තොවිලේ, ලොක්කට ආරංචි උනේ කොඩිවිනයක් කරනවා කියලා නිසාය. කවුරුත් අනන් මනන් කිව්වාට හදන්නම බැරි උන හිත හදන්න බාර ගත්තේ, ඇමරිකාවේ ඉන්නා ඩඩ්ලි මල්ලිය. හම්බ වෙන ලෝන් වලින්, පහෙන් එකක්, ලෝන් එක ගන්න යන, ෆ්ලයිට් එකට පූජා කරනවාය, කියා අනුර දිසානායක කින්ඩි දාන නිසා, එකෙකුටවත් කියන්නේ නැතුව, ඩඩිලි මල්ලිත් එක්ක ලොක්කා ඇමරිකාව බලා වැකේසොන් එකකට් ගියේ, මේ පිස්සු වාහේලා එක්ක උන්නොත්, හිත විතරක් නොව අර්ථාපල් බොම්බයි ළුණු හිටන් කුණු වෙලා යන්න ඉඩ තියෙන නිසාය.

ලොක්කා රට ගිය සීන් එකෙන් කරල පැහුණු ජොනියා කළේ, ඊළඟ ඡන්දෙට වයඹ ඩිස්ටිලරීස් එකෙන් දොලදන් දෙන්න කීයක් හරි හොයා ගන්න ඕන නිසා, අල වලටයි ළුණූ වලටයි අම්මට හැමිනෙන බද්දක් ගහලා දාන එකය. නිසා ඔහේලා මේ දවස්වල මඟුල් ගෙවල් වල ගියාම, අල තෙම්පරාදු තිබුනේ නෑ කියා, මඟුල් ගෙවල් වල උන්ට කින්ඩිය එහෙම දානවා නෙමේය. අවු අස්සේ පොටෝග්‍රැපර් කාරයා ආයෙත් තොවිල් කාරයා ගාවට ගියේ, මොන ක්‍රමේකින් හරි ලොක්කා ලංකාවට ගෙනත්, ආයෙත් ඔපීසියල් පොටෝග්‍රැපර් කරලා දෙන්නය කියලාය.

88 comments:

  1. යන ගමන් සීසෙල්ස් පැත්තෙත් යනවැයි කිව්වා.. හිතේ අමාරුව වැඩි වෙන්නැද්ද. අර හරීන් කියන්නේ ශෂියටත් උන ගැනෙන්න මේ පාර දෙනවයි කියලා. බලං ගියාම කොයි තරං හිතේ අමාරු කං තියේද උන්නැහැට...බොට අමතක උනාද අර අයිස් බකට් එක නාවන්න මේ මනුස්සයව තල්ලු කරන්න හැදුවේ. මං හිතන්නේ ඒකට තමා වැඩියෙන්ම දුක හිතෙන්න ඇත්තේ..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කතා කරන්නවත් කැමති නෑ මචෝ..

      Delete
  2. මරු මාතයියේ මරේ මරු කියුම් ටික. ඒත් ඔයාට අමතක වුණාද මල්ෂා අපේ රංගොජාව අයිස් බකට් කොරන්න හදපු එක. මම දැක්කා මේක බුකියෙන් දැකපු එවුන් දැන් අනුරාධ පුර පොලොන්නරු පැත්තේ වලවල් වල වතුර එකතු කරනවාලු පුළුවන් විදිහට බකට් කොරගන්න. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මම දැක්කා වතුර ටිකක් හොයාගෙන අම්මා කෙනෙක් ළිං පහුලකට බහිනවා.. අයිස් බකට් චැලේන්ජ් එකට වෙන්ට ඇති..

      Delete
  3. බුදු අම්මෝ ලොක්ක නැති අතරේ මොන ගිනිගෙඩියක් වෙයිද දන්නෑ

    ReplyDelete
    Replies
    1. හාල් මිල වැඩි වෙලා

      Delete
    2. හාල් පරිප්පු ළුූණූ ඔක්කෝටම කෙලියේ..

      නොරොච්චෝලෙත් කරච්චල් කියලා ආරංචියි..

      Delete
  4. ලොක්කට කූරිය ගහනවනම් මම කැමතියි මේ වෙලාවෙ.
    එතකොට ගම්පොල සීයනෙ බලේටෙ එන්නේ.
    අඩු තරමින් "මැදමුලන බලේ" සකබ්ලාස් වෙලා යනව

    ReplyDelete
    Replies
    1. අලුත් සතර පෙර නිමිති: මහල්ලෙක්, ලෙඩෙක්, අගමැති කෙනෙක්, මල මිනියක්.

      Delete
    2. අන්දරේ රජ උනා වගේ තියේවී...

      Delete
  5. කෝෂ ආරෝපණයවීම 'අස්පට්' නිසා කෝෂ රෙපෙයාර් කොරගෙන එන්නලු ගියේ. ඔබාමාගේ එව්වාවත් හයිකොරයිද මන්දා.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ සූර්‍යකෝෂ සැට් එකක් හයි කොරං එයි.. අපිට ලැයිට් දෙන්ඩ !! ඕ යේස්

      Delete
    2. එතකොට සුරිය කෝෂ දාගෙන ආවොත් රැ උනාම වැඩක් ගන්න බැරිවෙයි නේද බන් ???

      Delete
    3. මයෙ හිතේ චාජ් එක අල්ලල හිටී පහුවදා වෙනකං.. ඇමරිකන් බඩු නෙවැ … පිටකොටුවෙ පේමන්ට් බඩු නෙවෙයි බොල.. රට බඩු !! රට බඩු !!
      ඕ යේස් …

      Delete
    4. ඒ ඔපරේෂොන් කොරන්න ගියොත්.. මාස තුනක් රෙස්ට් ගන්න වෙනවළු.. මේ මාස තුනේ තමයි නියමම ගේම දෙන්න තියෙන්නේ.. ඒ නිසා ළොක්කා හෙට එනවලු..

      Delete
  6. නියමයි මාතලන්...ජනාධිපතිතුමාටවත් හිතාගන්න බැරුව ඉන්න ඇත්තෙ අහවල් අහවල් හේතු වලටද මම වැකේසොන් යන්නේ කියලා..ඔබ ඒ හේතු සේරම නියමෙට දීලා තියනවා...දැන් එතුමට තියෙන්නේ මේවා බලාගෙන එක එක ප්‍රශ්න ඒවයෙ දරුණුකම අනුව පෙළගස්වලා වැකේසොන් එකේ කාල සීමාව ඇජස් කොරගන්න විතරයි....

    ReplyDelete
    Replies
    1. වැකේසොන් ගියපු ටිකට කෙලපු පිස්සු ටික දැකලා, ලොක්කා එනවලු වැකේසොන් කැන්සල් කොරලා..

      Delete
  7. පලමුව තමුන් ගේ පිටුවේ අනුන් ගේ ගොන් පාර්ට් දැමීමට සිදු වීම ගැන මාතලන් තුමා ගෙන් සමාදිය බාජනය කරමි.

    මේ කාරුනික නිවේදනය තමන් ගේ පිටුවේ තවදුරටත් කතන්දර පල නොකරන කතන්දර කාරයා වෙතටයි...

    කතන්දර මැතිතුමනි..... මා ලියූ විශ්ව විද්යාල ගුරුවරුන් සහ ආචාර්ය උපාදි ගැන ඔබේ කොමෙන්ටුවට ප්‍රති උත්තරයක් දීමට තිබේ..... එය දෙන්නේ කොහේදීද....??? මෙහි ම ලියන්නද?

    ReplyDelete


  8. ලෝකෙ වැරදි හොනවා
    හරිදේ හොයාගන්නවා
    ඒත් වරද හරිය කරල දානවා
    ලොවට බනම කියනවා
    ආගම පෙරට දානවා
    වතුර යටින් ගිණි ගෙනියනවා...//

    පත්තරෙ පුම්බල දාලා
    බොරුවට නග්ගල ඇරලා
    හිතවතාව වැඞර් කරනවා
    නැති වැරදි ලියාලා
    දකෂයා අදක්ෂ කරලා
    නැගපු කෙනා බිමට දානවා...//

    ලෝකෙ වැරදි හොනවා..
    තමන් විෂය දන්නෙ නෑ
    කල දේ තේරෙන්නෑ
    විවේචනය කරල දානවා
    වැඩේ කෙරු කෙනා කැපිලා
    කපපු කෙනා හිට් වෙලා
    අති පණ්ඩිත ලෙස වැජබෙනවා...//

    ලෝකෙ වැරදි හොනවා..

    සන්ෆලවර්ස්

    ReplyDelete
  9. අන්න මාතලං පුල පුලා බලා සිටි අයවැය වාර්ථාව ගම්මං පිල එළියට දාල. දැන් උඹෙ අයවැය විචාරය ලියහන් ඉක්මනට ඊලඟ චන්දෙට කලින්.

    ReplyDelete
    Replies
    1. ඒකා අයවැය වාර්තාව හදන්න ඉගෙන ගෙන තියෙන්නේ ග්‍රාම සේවක ‍ෙකනෙක් ගෙන්ද? වියදමත් එකයි. ලැබිමත් එකයි. මුන්ගේ අමම්ගේ අයවැයක් තමයි. සතයකවත් හිඟත් නැහැ. ඉතිරි වෙලාත නැහැ.

      Delete
    2. "පෞද්ගලිකව යෙදූ මුදල්" කියල තියෙන්නේ අතින් ගිය ගාන.... පිටින් හම්බ වුනු ගානට වඩා වියදම් වුනා නම් ඔහේ හදන අයවැයක ඒක මොන අයිටම් එකටද දාන්නේ?

      හිඟ සල්ලි කියන්නේ හම්බුනු සල්ලි මදි නම් ඉතුරු වා අතින් නොදා පොලු තියන්න ඕන කියන එක ද?

      Delete
    3. අපි ඕ ලෙවල් කාළේ ගදපු බජට් එකක්.. යකෝ ශතයක් එහෙ මෙහෙ වෙන්නේ නැතිව බැලන්ස් කරලා තියෙන එක නේ ලස්සන..

      මේ වගේ බජට් එකක් අපේ පොඩි එකා උනත් හදයි..

      Delete
  10. ඔය අවු අස්සෙ මාතලන් කියල ගොයියෙක් තමන් අහවල් අහවල් හේතු නිසා රටෙන් පැන්න කියල බ්ලොග් එකක ලියල කියලා දැනගත්තොත් අනිවා ෆ්ලයිට් එකේදිම හාට් ඇටෑක් හැදෙනවා.!!

    ReplyDelete
    Replies
    1. මොනව නැතත් එයාගෙ හාට් එක නම් ගල් වගේ හයිය ඇති බං, නැත්නම් මෙච්චර හරියක් කරන්න පුළුවන්ද. ඕනම නම් ඉතිං දැන් ඇති කියල හිතල කෙහෙල් පුතා වගේ වැරදි දොර ඇරන් දොට්ටපිලට යන්න, එළියට බහින්න පුළුවන්.

      Delete
    2. දැන්නම් ආයෙත් ටික කළකට හරි චුත වෙන්න හිතිලා තියෙන්නේ.. පට්ට අමාරුයි 2500 න් ජීවත් වෙන්න..

      Delete
    3. ටික කාලෙකට නෙවෙයි, සදහටම මහරජාණෝගෙ අණ්ඩුව චුතකරන්න වෙයි.

      Delete
  11. Replies
    1. මොකක්ද...? ලොක්කා වැකේසොන් ගිය එකද...?

      Delete
  12. අනේ මන්දා මාතලන් මටනම් බයෙත් බෑ. ඔච්චර ලොක්කට අංචි අදින අර ඇමෙරිකාව කියන රටට නේද ගිහින් තියෙන්නේ , අධ්රාජ්‍යවාදී කුමන්ත්‍රණකාරයෝ අපේ ලොක්කට මොනවා කරයි ද ? මෙහෙ ඉද්දිත් කොයි වෙලෙත් බලන්නේ බලෙන්ම ඇදගෙන ගිහිං විදුලි පුටුවේ ඉන්ඳන්න. අනේ අප්පේ

    ReplyDelete
    Replies
    1. අස්සං හාරපන්දාහක් එක්කහු කරන්න ගන්ඩෝනැ දැන්ම.. නැත්තං ඔය මනුස්සයා ඉන්දවයි අර මෙව්ව පුටුවෙ ඇමරිකං හැත්ත. ඕ යේස් !!!!

      Delete
    2. ඌව ඡන්දෙට ඌවේ උන්ට පෙන්නන්න විදුලි පුටුවක් ගේන්න ගියාද දන්නේ නෑ..

      Delete
  13. උපහාසාත්මක රචනයනම් මෙයමැයි. ! සුපිරි!!!

    ReplyDelete
    Replies
    1. කැට පිසීම..මෙයත් නියමැයි.!

      Delete
    2. පනේ කිරිපල්ල කහනවා කහන්න බැරිද ඇවිත් ?

      Delete
  14. මේ ෆොටෝ එකේ බුවා සෑහෙන වයස පාටයි.. :D

    ReplyDelete
  15. විජිතමුනියගෙ කටට බ්‍රේක් නෑ,
    සමන්ත විද්‍යාරත්න එක්ක බලය රූපවාහිනි වැඩසටහනේදී

    ඒ මුනිය කියපි

    යකෝ ..........
    මං කන බොන මුනියා
    මට බාර් හතරක් තියෙනවා,
    ජනපතිත් ඉස්සර තිතට මත.... දැන් මතට තිත,

    ගම තමයි බයිට් එකට කනවා ඒ මුනියා .....අප්පා
    ඒවා හොන්ද නැති කතා තමයි

    මේවත් හිතට අමාරු වෙන කතා....අප්පා

    ReplyDelete
    Replies
    1. විජිතමුනියලා මර්වින් සිල්වලා කොච්චර කලත් අවංකයි... උන් ඇත්ත කියනවා.. අනික් උනුත් විජිතමුණිලම තමයි... කිසි වෙනසක් නෑ..

      Delete
  16. දුක හිතෙනව වැල මැරෙනව කියන්නේ මේවාට වෙන්නට ඕනැය...
    විමල් ලොක්කා තනියෙං ඉල්ලනවා කියා ජනතාවට කීවේය...
    ජනතාව අහපු හන්දා එකක් තනියෙං ඉල්ලුවේය..
    ඒ අස්සෙං මහින්ද අංකල් කචල් එක දාද්දි කීවේ ගණන් ගන්න එපා ලොක්කා මං සංධානෙන් ඉල්ලංඥං කියලාය...
    බුවා නං මාරය...
    එක මැතිවරනෙකට පස්ස දෙක්කින් ඉල්ලන්නේය... ජනතාවටත් හැපිය ලොක්කන්ටත් හැපිය...

    අනේ ඔය වගේ හැම හුටප්පරේම කොස්සක් දකින අපිට ඉතිං හැමදා වගේස මංඥංය...

    ReplyDelete
    Replies
    1. විමල් වීරවංශ පක්ෂේ දාලා ගිය එක ගැන පුදුම වෙන්න ඕනය.. ලාල් කාන්ත කියන කතාව ඇහුවාම..

      Delete
  17. මහදනමුත්තයි ගෝලයෝ රොත්තයි වගේ ලොක්කායි වටේ ඉන්න අඳබාලයෝයි කරන ඒවා දැකලා හරිනම් මේ රට දාලා අපියි යන්න ඕනේ තොපි මේක කා ගනිල්ලා කියලා.
    දැන් එතකොට පොටෝ ගන්නේ සුදතා නෙමේද ?
    අල බද්ද ගැහුවේ නම් ඌවේ ජන්ද බලාගෙනත් වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මාර කෙලියක්නේ යකෝ.. උන් කියන ගානට අපි අල කන්න ඕන.. මිනිස්සුන්ට තියෙන්නේ අල නොකා වර්ජනේ කොරන්න.. වවන්න බැරිනම් හැමනියන් කියලා.. මරු දේසීය ගොවි රැකීම..

      Delete
  18. // සිරිපාලයා ඔපීස් කාමරේ කොම්පීටරෙන් සෙක්ස් සොයන්න ගිහින් වෙච්ච අලකලංචියක්, ඩිලානයා හන්දියක් හන්දියක් ගානේ පීකර් කටක් දැක්ක ගමන් ඇදලා අරින්න ගිය එකෙන් //

    මෙහෙමත් එකක් ද? මම හිතුවෙ ඒ කියන්නෙ අර ගෑනි අමාත්‍යාංසෙට පැන්නම උපන් ඇඳුමෙන් දුවන්න උනා කියන පරන කතන්දරේ ගැනයි කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒකම තමයි... කින්ඩිය දාපු එකත් ඒකම කරාය කියන්නේ..

      Delete
  19. ගල් බාගයක් ගහල නිදාගත්‍තනං හරිනේ බොසා..
    නැගිටිද්දි සේරම විසඳිලා එකෙන්ම :D

    ReplyDelete
    Replies
    1. ගඩොල් බාගයක් හොඳ නැද්ද?

      Delete
    2. ගඩොල් හොඳා අඩ තියන්ඩ :D

      Delete
    3. ඉස්සර ගල් ගැහුවට දැන් ගහනවා ඇත්තේ වෙන අනං මනං..

      Delete
  20. ම්ම්...ඔයාට එහෙමද සිතුනෙ .....සුද්ද.........
    ගිය ගමන ගැන විස්තර........පස්සෙ ...හෙක්...හෙක්....

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල සුද්දිට “ගල“ දීල සුද්දත් එක්ක කළු ලේබල් ගහනවා කියන්නේ..

      Delete
    2. :) :) දන්නව බොකුස් ...හෙක්...හෙක්.....

      Delete
    3. ඕන හෙට එනවා... කළබල වෙන්න එපා... ගොසිප් කාරයෝ සමහර වෙලාවට බොරුත් ලියනවා..

      Delete
  21. මේ දහදුරා යක්කු ඔක්කොම බෝ පැලයක් වගේ ඉන්න අහිංසකයාගේ හිතටමනෙ වද දෙන්නෙ!!!

    පව්ව්ව්ව්ව්ව් අප්පා!!!

    කොහොම උනත් ඇති මේ මනුස්සයා සාරියක පිහිට පැතුවෙ නෑ. :D

    ReplyDelete
    Replies
    1. ලොක්කා කනබොන මනුස්සයා … සාරි , කලිසං ඕනැ එකක් ඔට්ටුයි :D

      Delete
    2. එල්ලෙන්නද? එහෙම නැත්නම් වෙන එහෙකටද...?

      Delete
  22. අහිංසක ලොක්කා උනත් මනුස්සයෙක් නේ මේ කරදර දරා ගන්න බැරි වෙන්න ඇති යන්න ඇත්තෙ ඉස්සරහට ජනාධිපතිවරණයට හිත හදාගන්න පුළුවන් වෙන්නත් එක්ක ...ඌවෙන් කැඩෙන හිතත් එක්කම හදා ගන්න වෙයි ලොක්කට ....

    ReplyDelete
    Replies
    1. කාගේ හිතද? ඌව අනිවාර්යයෙන් දිනනවා.. හැබයි විනින් මාජින් අඩු වෙයි..

      Delete
  23. මට නම් එතුම වැකෝ සොන් ගිය දවසෙ ඉදල ......
    පුෂ්පය විකසිත වෙලා තියෙන්නෙ මැකෝ එක්ක.......& පොල්පිති ඉල්ලං ගෙ කෝන් දෙන්න එක්ක.....

    ReplyDelete
    Replies
    1. මැකෝ කියන්නේ රාජ්‍ය සේවය බල්ලට ගියා කියලා පෙන්වන කැඩපතක්.. කොහොම වැදගත් මිනිස්සුද ඔතන උන්නේ.. ආතතිය එක්ක උනත්..

      Delete
  24. රට යුද මගුලෙන් බේරල දීපු එතුමට .....ඇට දෙකට හානියි කියන ....වෙබ් හුත්තලට ඔදක් වෙන්න එපා......දෙවුන්දර විෂ්ණු දෙවියනේ........
    එතුම ආපු දවසෙ ඉදල .....ගැහැව්වෙම ඕක සගවන් නොවැ .....ජනතාවට.... හෙක්..හෙක්...

    ReplyDelete
    Replies
    1. හුකෑස් … ඒක නං පට්ට කතාව බොසා :D :D

      Delete
    2. බොරු කතානේ මචෝ.. ලොක්කා ඔපරේෂන් එකත් ඩිලේ කරලා හෙට එනවා.. ආපු ගමන් ඔක්කෝම අඩු කරාවී.. එතකොට ඌව ගොඩ..

      Delete
  25. පවු අප්ප එ අහින්සක මනුස්සය රට ජාතිය වෙනුවෙන් විදින දුකක්.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ පව් අනී

      Delete
    2. ඇයි හත් ඉලව්වේ එතුම විතරද අර පාරලිමේන්තු සැට් එකම පුදුමාකාර දුකක් විඳින්නෙ.… බඩ පොත්තට ඇලිලා.. ඒත් පුදුමාකාර වේගෙකින් පාරෙ යන්නෙ අපට සේවෙ කරන්න … හැපුනොත් එතුමාලගෙ කැලිත් නෑ..

      මං නං කියන්නෙ අපි ලබන ආත්මෙ බල්ලො බලල්ලු වෙලා හරි එතුමාල ළඟ ඉපදිලා මේ ණය ගෙවන්න ඕනැ..

      ආදෙංකො චන්දෙ…
      ගහනව මුලු කොලේම පිරෙන්න කතිර සීයක් … ඕ යේස් …

      Delete
    3. //""ගහනව මුලු කොලේම පිරෙන්න කතිර සීයක් … ඕ යේස් …"// හැබැයි ඔහොම කියන එවුන් තමා උදේම ගිහිං , බුලත් කොලේ ඉස්සරහ වැඳලා කතිරේ ගහන්නේ

      බල්ලා ආණ්ඩුවට ගියත් මං යන්නේ නෑ කියපු එවුන් හිටපු රටනේ මේක ..දැන් බල්ලා එලියට බහින්න විදිහක් නැතුව ඉන්නවලු ලැජ්ජාවේ

      Delete
    4. දැන් ඡන්දේ දුන් එකෙක්වත්, දෙන එකෙක්වත් හොයා ගන්න නෑ. ඒත් ළොක්කා දිණුම්. මට හිතෙන්නේ, ඔය ඉරිදා පත්තරවල ඉන්න බූතයෝ, මළ පෙරේතයෝ, හොල්මන්, අරුන් මුන් වෙන්න ඇති ඡන්දේ දෙන්නේ...

      Delete
  26. Meka kiyawala lokka gihige heradala Baunwadanna wanannthara gathaweida dannene(Ranjan-D),

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙන්නත් බැරි නෑ.. හිත නම් ෆුල් අවුට්ලු...

      Delete
  27. පවු අහිංසක මනුස්සය...මොන හිතකින් මේ මිනිහට වටේ ඉන්න එවුන් වැඩ දෙනවද මන්ද...

    කොච්චර නිවී සැනසිල්ලේ හිටපු කෙනෙක්ද මේ..

    ReplyDelete
    Replies
    1. පට්ට ආතල් එකේ උන්න එළ කොල්ලෙක් නේ..

      Delete
  28. මටනම් ආරංචි උනේ අර කැමරා කාරයා කොඩිවින කරලා ලොක්කා අසනීපෙන් කියලා..

    ReplyDelete
    Replies
    1. කැමරාකාරයට කෙලින්න ඌත් එක්ක තරහ උන් නියමෙටම අඹරනවා ඇති ගුලිය..

      Delete
  29. මාතා වෙලාවකට කරකවලා අල්ලන ඇල්ලිල්ලට දෙකම උලුක්කුවෙලා ධන රින මාරැවෙලා හරිගස්සෝගන්න ගිහින්ද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. ලොක්කට අල්ලන්නේ නැතිව.. වෙන කාට අල්ලන්නද ලොක්කා...

      Delete
  30. මාතලන් අයියගේ කතා ටික නම් මසුරන්.

    ReplyDelete
    Replies
    1. ඩොලර් වලට මාරු කර ගන්න බැරි වෙයිද දන්නෙ නෑ..

      Delete
  31. Hello Priyantha
    You're such a pleb for a Royalist ! did they not accept you into the "in crowd" at Royal ?

    ReplyDelete
  32. මගේ කමෙන්ට් එක යකා කෑවද ?

    නිකංද කියන්නේ ආරෝග්‍යා පරමා ලාභා - සන්තුෂ්ඨි පරමං ධනං කියලා.

    ReplyDelete
  33. ලමාතන් අනේ ඔයාට හොඳටම සුවර්ද අපේ උතුමාට " බෙල්ලේ වන ""කියලා කොහොමදා දැනගත්තේ හ හා හොරෙන් බැලුවද

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න