.

.

Sep 2, 2014

ජෙප්පන්ට බිය වීම හා මැර දේශපාළණය.. - Election Violence & JVP Phobia



මහින්ද රාජපක්ෂ පාළනය යටතේ මෙතුවක් කාළයක් පැමිණි "මැතිවරණ රැල්ල" (ඒක මැතිවරණයකට පසු, තවත් මැතිවරණයක්) යටතේ පැවති සෑම මැතිවරණයක්ම, සාමන්‍යකරණය යටතේ ගත් කළ, සාධාරන මැතිවරණයක් ලෙස හැඳින්වීමේ ගැටළුවක් නොවූයේ, ඒවා මැතිවරණ ප්‍රචන්ඩත්වය අවම මට්ටමක පැවති මැතිවරණයන් වීම නිසාමය. "මොනවා කළත්, අන්තීමේදී මිනිස්සු ගිහිල්ලා කතිරේ ගහන්නේ මහින්දටමයි.." යන සංකල්පය, සමාජයට එකතු වන්නේද එම කාරණය හෙතුවෙන්මය. 2010 ජනාධිපතිවරණයේදි මහින්ද මහතාගේ ජයග්‍රහණය "කොම්පුටර් ජිල්මාට්" වලට බැර වන්නේත්, ආන්ඩුවේ මැති ඇමතිවරුන් පවා විදේශ ගත වීමට සියල්ල පිලියෙල කොට පැවැත්වු එම තීරණාත්මක මැතිවරණය පවා, මැතිවරණ ප්‍රචන්ද ක්‍රියා අවම මට්ටමක හෝ කිසි සේත්ම එවන් තත්වයක් නොපැවතීම යන කරුණු කාරනා අනුව බව ඕනෑම කෙනකු හට වැටහී යනවා ඇත.

ජිනීවා මානවා හිමිකම් චෝදනා යටතේ වූව, "මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා" යන කළු පැල්ලම ඉස්මතු නොවන්නේ, සැබවින්ම එවැනි තත්වයක් ඉස්මතු කර පෙන්වීමට අවශ්‍ය සාධක, අවස්ථාවන් හෝ සංසිද්ධීන් නොමැති කමම මිස, වෙන කිසිම හේතුවක් නිසා නොවේ. වත්මන් ආන්ඩුව කළ යුතු වන්නේ, එම යහපත් තත්වය තව දුරටත් වර්ධනය කර ගැනීම හා චෝදනා එල්ලවන කරුණු වලින් මිදී සිට, එවන් තත්වයන් මගහැර කටයුතු කිරීම වුවද, අද සිඳුවන්නේ, තමන් හොඳ නමක් ලබා සිටි, "සැමදා සාධාරණ මැතිවරණ" යන කීර්ති නාමය නැති කර ගන්නා කනගාටුදායක තත්වයකට ගමන් කිරීමයි. ආන්ඩුවේ පිරිස් මෙය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස සිතන්නේ නම්, කළකිරි සිටිනා ආන්ඩුව කෙරෙහි තවත් ජනතා අප්‍රසාදය වැඩිවීමක් සිඳු වනා බව ඔවුනට නොතේරීම, ආන්ඩුවේ කරුමයක් මිස ජනතාවගේ කරුමයක් නම් නොවේ.

මෙම ප්‍රචන්ඩ ක්‍රියා වල වග කීම පොලීසිය කෙරෙහි බැර කිරීම, මට්ට ගොන් බූරූ දේශපාළඥයකු කරනවා හැර, සිහි බුද්ධියෙන් කටයුතු කරනා කිසිම දේශපාළඥයකුට කළ හැකි ප්‍රකාෂ නොවේ. එමෙන්ම, මෙම ප්‍රචන්ඩ ක්‍රියා ප්‍රාදේශීය දේශපාළඥයින්ට හා පොදු පෙරමුණු පාක්ෂිකයින් වෙත බැර කිරීමද, ඊටත් එහා ගිය අඥානකමක් මිස වෙන කිසිවක් නොවේ. මේහි වගකීම හිටපු මහ ඇමතිද, ආරක්ෂක ලේඛම්වරයාද, අවසන ජනාධිපති තුමාද අනිවාර්යයෙන් භාර ගත යුතුමය. මන්ද ඔවුන් වගකීව යුතු පුද්ගලයන් පමණක්ම නොව. ප්‍රචන්ඩත්වය පතුරුවාලන පක්ෂයේ සමාජිකයින්ද වන හේතුවෙනි. මෙහිදි කථානයාකතුමාගේ භූමිකාව සිහි කරණුයේ පැරණි ජනකතාවල එන මොනවාදෝ කෑ රිලවාගේ චරිතයටම පමණක්මය. මන්ද ඔහු සමාජය ඉදිරියේ රඟනුයේ සාධු චරිතයක්ම වන නිසාය.

ආන්ඩුව බිය වී තිබෙනුයේ, වෙන කිසිවක් නිසා නොව, ජෙප්පන්ගේ කටවල් වලින් පිටිවන ගිනි පුපුරු වලටමය. අද ආන්ඩුවේ සිටිනා කට හැකර දේශපාළකයන්ට පිළිතුරු දිය හැකි එකම පිරිස, ජෙප්පන් පමණක්මය. සාර්ථක දේශපාළකයකුට තිබිය යුතුම ගුණංගයක් වන මුඛරි කම පිරුණු පිරිසක් ආන්ඩුවෙන් පසුව සිටිනුයේ ජෙප්පන්ට පමණි. ආන්ඩුවේ උන්ගේ මුඛරිකම නන්දෙඩවීමක් වුවද, ජෙප්පන්ගේ මුඛරි කම යොදාගනුයේ නියම ස්ථානයට ඇණය ගැසීමටය. පාර්ලිමේන්තුව තුල වුවද, අද ආන්ඩුවට දරුණුම ප්‍රහාර එල්ල කරන්නේ අනුර කුමාර දිසානායකයන්ය. එහෙත් ඒවා බීරී අලීන්ට වයනා වීනා වාදන පමණක්ම බවට පත්ව ඇත්තේ පාර්ලිමේන්තුවට කිසිම බලයක් නොමැති වීම හා එයින් කිසිඳු හානියක් කළ නොහැකි නිසාවෙන්මය.

එහෙත් ඌව ඡන්දයේදි, සමන්ත විද්‍යාරත්නයන්ගේ හඬ විශාල බලපෑමක් එල්ල කළ හැකි ප්‍රපංචයක් බව ආන්ඩුව මනාව තේරුම් ගෙන ඇත. ඔහු එල්ල කරනා චෝදනාවන් එකක්වත් අසත්‍ය චෝදනා බවට තර්ක නගන කිසිවකු නැත. ආන්ඩු පක්ෂයට මෙන්ම එජාපයටද ඔවුන් එල්ල කරනු ලබනා චෝදනා සියල්ලම සුපිරිසිඳු සත්‍යයන්ම පමණය. ප්‍රාදේශිය පාළකයන් කෙරෙහි ඔවුන් එල්ල කරනු ලබන චෝදනා තුල වෙල්ලස්සේ සිටින්නේ සූර වීර ජනතාවක් නොව, වෙල් අස්සේ සැඟවුනු, මරි මෝඩ ජනතාවක්ය යන සැඟවුනු කතාන්දරයද ඇතුලත්ව ඇත. ඔවුන් වීර ජනතාවක් නොව, සුළු සුළු දේශපාළණ අල්ලස් වලට බිලිවන මට්ට ගොන් ජනතාවක්ය යන පනිවිඩයද ඒ තුල මනාව ඇතුලත් කොට ඇත. ඒ බව උලුප්පා පෙන්වීම සඳහා ඔවුන් විසින් ආරම්බ කරන ලද "ඌව වෙල්ලස්ස ජනතාව හිඟන ජනතාවක්ය.." යන තර්කය, අද ඌව මැතිවරණ වේදිකාවේ, ප්‍රධානම මාතෘකාව බවට පත්වීමට තරම් ඉදිරියට පැමිණ ඇත.

එමෙන්ම, දකුණු හා බස්නාහිර මැතිවරණයන්හීදී ජෙප්පන්ගේ නැගිටීමද, ආන්ඩුව බියට පත් කරන කාරණාවක් බවට පත්ව ඇත. මේ ගිලිහි යන්නේ "වාමාශික දර්ශනයක් සහිත පංච මහා බලවේගයේ" මනාප මිස, ලිබරල්වාධි එජාපයේ මනාප නොවේ. ජෙප්පන්ගේ මනාපයන් රැඳි තිබුනු නිර්ධන හා කම්කරු පන්තිය වෙනුවට, අද මධ්‍යම පාන්තික යොවුන් ජනතාවගේ හා ආන්ඩුව කෙරෙහි කළ කිරීමෙන් පසුව තරුණ ජනගහනයේ මෙන්ම වයසින් පරිනත වූ ජනතාවගේද ආදරය දිනා ගැනීමට ඔවුන් සමත්ව ඇත. එයට විශාළ පිටුවහලක් සයිබර් අවකාෂයද සපයයි. අනෙක් පක්ෂයන්ට වඩා ඔවුන් අන්තර්ජාලය තුල ඉදිරියට පැමිණ සිටී.

කලින් සඳහන් කලාවූ මුඛරි කමද මෙහි ඉදිරියට පැමිණ ඇත. සමන්ත විද්‍යාරත්නයන්ට බියවී ඔහුගේ අභියෝගයන් මගහැර යන්නේ, ඔහු සතු දේශපාළණ දැණීම මෙන්ම ලගන්නා සුළු කථා විලාශය හා මුඛරි බව නිසාමය. කෙසේ හෝ, ඔවුන් මෙම ප්‍රචන්ඩත්වයට ප්‍රතිප්‍රචන්ඩත්වයෙන් පිළිතුරු නොදී සිටීම අප අගය කළ යුතුමය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචන්ඩත්වය වෙත යොමුකොට නැවතත් ඔවුන් නිහඬ කිරීමේ අවශ්‍යතාවයක් පාළක පක්ෂයට මෙන්ම, අනෙකුත් පක්ෂවලටද ඇති බවක් මේ සිඳුවන දේවල් අනුව පැහැදිලිව පෙනෙනා කරුණකි. ඔවුන් දෙසරයක්ම වැටුන වලේ, තව දුරටත් නොවැටෙනු ඇත. එමෙන්ම මෙම ප්‍රචන්ඩ ක්‍රියා වහාම නතර කර දැමීම ආන්ඩුවේ ගෞරවයට හේතු වනවා මිස, ජයග්‍රහණයන්ට නම් කිසි සේත් ඉවහල් වන්නේ නැති බවත් පවසා සිටිය යුතුමය.

133 comments:

  1. @ මාතලන් සහබ්,

    ඒ වුණාට අෆ්ෆා අපේ ඥානසාර හාන්දුරුවන්ට තරම් පවර් එකක් ඔය කියන රෙඩ් ලේබල් මහත්තයට නෑ නෙවැ!
    ඒකට අපේ උන්නාන්සේ ස්ටේජ් එකේ ටෝක්ස් දෙනකොට ගෙදර ඉඳන් යූ ටියුබ් එකෙන් බලන පිල්ලියගේ පපු කැනත්තත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් උතුරා යනවා හයියූ...!!!

    බලන්ටකෝ අපේ විමල් සහබ්ට දුන්නු ශොට් එක!! අම්මගෙන් බීපු ලෙමන් පෆ් කටින් ආවා නේද??

    අන්න නියම සමාජ සෝධකයෝ!!!!!!

    හික්z!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. @ සර්ව ජීස්/ සහබ්ස්/ භයියාස්/ දීදීස්/ දෝස්ත්ස්,

      අරේවා!!!!!! හුරේ......... ඉතිහාසයේ පලවෙනි වතාවට පිල්ලියා අද එක අෆ්ෆා!!!!!!

      එකෙන්ම!!!


      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. //පිල්ලියා අද එක//

      අර උඩ පින්තූරෙ කොන්ඩම් වයලන්ස් කියල තියන නිසා වෙන්න ඇති

      Delete
    3. සර්ව ජීස් = හැමතැනම ගූ. සහබ්ස් = ගූ යන සද්දේ. දීදීස් = දිදී ඉන්න සද්දේ. දොස්ත්ස් = වී ඩී හදාගෙන අන්තිමට දොස්තරයා ළඟ

      Delete
    4. >>අර උඩ පින්තූරෙ කොන්ඩම් වයලන්ස් කියල තියන නිසා වෙන්න ඇති <<....
      හෙක්...හෙක්.... මගෙ KP මල්ලිය ...ඒම හිතන කොල්ලෙක් නෙමේ Pra J

      Delete
    5. @ ප්‍රා ජේ ජී,

      අඩේයප්පා දැන්නේ බොලේ ඉමෙජ් එක දැක්කේ....!!

      ඒ නංගිලා ටික කියන්න හදන්නේ "අඩුම තරමේ එලෙක්ෂන් කාලෙට වත් xxxම් යූස් කරපියව්" කියලා වෙන්ටැති!!!

      හික්z!

      @ ඇනෝ සහබ්,

      අෆ්ෆා......!!! ජී හත්තෑවයි!!! අපූර්වි දීදී දැක්කොත් එහෙම සූසයිඩ් කර ගනිය්..ඉ!!!

      @ මාමා ජී,

      ඒකනේ අෆ්ෆා... බලන්නකෝ අනී මෙයා කියන වල් කතා!!!!

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    6. නානසාර ඇවිල්ලා සමාජයේ අවශ්‍යතාවයන් ඉටු කරන්නෙක් වෙලා.. එයාගෙත් ගත් යුතු දේ වගේම නොගත යුතු දේත් බොහෝ තියෙනවා..

      Delete
  2. sudu mathalan me para kathirayak gahanwa neda deyyo seenuwata...

    ReplyDelete
    Replies
    1. අපි අපේ යුතුකම් බස්නාහිරදි ඉටුකලා... මනාප තුනම් ඇතුලේ..

      Delete
  3. දකින සත්‍ය නිර්භයව, නොපැකිලව මෙලෙසින් ඉදිර්පත් කිරීම ගැන මුලින්ම ඔබට මගේ ගෞරවනීය ස්තූතියි පළකරනවා. ආයෙ හෝදන්න දෙයක් නෑ, ඌවේ, විශේෂයෙන්ම මොණරාගල ඉතාම ප්‍රබල භීෂණයක් ආණ්ඩුව දියත් කරල තියෙනවා. මේ වෙලාවෙදි ජවිපෙ, මෙලෙස ඉවසීමෙන් කටයුතු කිරීම ජවිපෙ ඉදිරි ගමනට ප්‍රබල ආලෝකයක්. එමෙන්ම ආණ්ඩුව නොමිලයේම මේ ලබා දෙන ප්‍රචාරණය ජවිපෙට ශක්තියක් වෙයි.

    අපිට තියෙන එකම බය කිසිම හිරිකිතක් නැතිව ප්‍රසිද්ධියේම භීෂණය දූෂණය වපුරන ආණ්ඩුව මේ ප්‍රබල හඬවල් දෙක නිහඬකරයිද කියලයි. පිදේනි තට්ටු වලට යටකරන්න බැරි නිසා වලෙන් හරි මෝලෙන් හරි වී ටික හාල් කරගන්න ආණ්ඩුව මේ චරිත දෙක ට මොනව කරයිද.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ ඒ තරම් ගොන් කම් කරයි කියලා පටන් ගන්න කොටම.. මේ වැටීමක ආරම්භය පෙනුනා විතරයි නේ..

      Delete
  4. Replies
    1. ඒ.....කිව්වෙ එක දිගට කට්ටිය කූරිය ගහපු එක ගැනද ....බොක්කා......

      Delete
    2. අමතක උන කෑල්ල ඔය දාලා තියෙන්නේ..

      Delete
  5. මේ වෙලාවෙ කරන්න ඕන,තමුන්ට හැබෑවටම ඉන්න මිනිස්සු,කොච්චරද කියල දැනගන්න එකයි.හොර වැඩ කරල දිනල,ගොං ආතල් එකක් අරගෙන ජනාදිපතිවරනයකට ගියාම,මිනිස්සු කරන්න ඕනදේ කරයි.කොහොමටත් මිනිහ තව ටික දවසයි,ඔය වෂී බෝලෙ කරකවන්නෙ.

    ReplyDelete
    Replies
    1. බෝල කැරකැවීල්ල නම් තව ටික කලක් කරයි.. හැබයි ඇදගෙන නාගන්න එක තමයි දුක..

      Delete
  6. "ආන්ඩුවේ උන්ගේ මුඛරිකම නන්දෙඩවීමක් වුවද, ජෙප්පන්ගේ මුඛරි කම යොදාගනුයේ නියම ස්ථානයට ඇණය ගැසීමටය."

    මාතේ මමත් කැමතිම දේ තමයි මේක .පාර්ලිමේන්තුවේ මාතෘකාවට අදාලව කතා කරන්නේ ජෙප්පෝ විතරයි .අනික් උන් කරන්නේ තප්පුලන එක විතරයි .
    සමන්තලා අනික් උන්ගේ කොච්චර රෙදි ගැලෙව්වත් වැඩක් නෑ .කොහොමත් වෙන්නේ අර කියලා තියන විදිහටම "ඔවුන් වීර ජනතාවක් නොව, සුළු සුළු දේශපාළණ අල්ලස් වලට බිලිවන මට්ට ගොන් ජනතාවක්ය" කියන එක විතරයි .

    පෙර රජ දවස වැව් දාගැබ් ගනන් කොට...
    ගල් කණු අසළ හපකරමින් බුළත් විට..
    ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද....
    ඒ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට...

    කහට කෝප්පේ පොඟවා ගිළින්නට...
    පාන් කෑල්ලක් යදිනා දනන් හට...
    ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට…
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට…

    රැවටී සුවහසක් බොරු කාරයින් හට…
    පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට…
    දෑසේ කඳුළු ඉතිරිව නැත හඬන්නට…
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට…

    උගසට තබා මගෙරට පිට රටුන් හට…
    ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට…
    සිගමන් යදිමු සාගින්දර නිවන්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට…

    ගායනය - නන්දා මාලනී
    පද රචනය - සුනිල් ආරියරත්න.
    සංගීතය - ඔස්ටින් මුණසිංහ.

    ReplyDelete
    Replies
    1. යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
      ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
      අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
      කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

      කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
      පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
      රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
      එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

      යදමින් බැද විලංගු ලා...//

      ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
      කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
      කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
      ‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

      යදමින් බැද විලංගු ලා...//

      ගායනය: විශාරද නන්දා මාලිනී
      පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය: සරත් දසනායක

      Delete
    2. පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ක‍ස‍ පු‍පු‍ර‍න‍වෝ‍
      පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ල‍ස්‍ස‍න‍යි‍
      පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ක‍ස‍ පු‍පු‍ර‍න‍වෝ‍
      පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ල‍ස්‍ස‍න‍යි‍ වේ‍ද‍න‍යි‍
      ත‍න‍ම් දෙ‍න‍ත්‍ ත‍ම්‍ දෙ‍න‍ත්‍ ත‍න‍ම්‍ දෙ‍න‍
      තන‍ම්‍ දෙ‍න‍ත්‍ ත‍නෙ‍නා‍

      පො‍රොන්දු මිටියක් හිසින් දරාගෙන
      වියන් රෙද්ද යට රන් කරඬුව ගෙන //
      ගෙයින් ගෙයට පැන ගමින් ගමට එන//
      බලන් වඩින රඟ පොරොන්දු පෙරහැර මේ//

      අත්පිට තබමින ඇත් පිට නගිමින
      පොරොන්දු මිටි ගෙන බල පෙරහැර එන

      අත්පිට තබමින ඇත් පිට නගිමින
      පොරොන්දු මිටි ගෙන
      බල පෙරහැර එන
      බැඳ බැඳ වෙස් මුහුණින් ද
      වැඳ වැඳ දණ නමමින් ද
      සොඳ සොඳ බණ දෙසමින් ද
      වඩින රඟේ.. ////

      ක‍නේ‍රු‍ ම‍ල්‍ (ජයලත් මනෝරත්න)

      Delete
    3. උඹේ මේ වැඩෙන්, පෝස්ට් එකට වගේම, රන් මසුරන් ගීත වලටත් වටිනාකමක් එකතු කරනවා.. පුළුවන්නම් ඇම් පී ත්‍රී එකක ලින්ක් එකකුත් දැම්මා නම් මල් මසුරන්. ඒ වගේම අදහස් එකතු කිරීමත් ළොකු දෙයක්.. මම දැක්කා උඹේ පලු ඇරලා තිබුනා කවුරු හරි.. සින්දු විතරක් දානවය කියලා..

      Delete
    4. සින්දු ඇනෝගේ වැඩේ මාත් රස විඳිනවා මාතේ හොද එකෙන්ම..

      ස්තුතියි සිංදු ඇනෝ..

      Delete
    5. මගේ පෝස්ට් එක්කට සින්දු ඇනෝ දාපු කමෙන්ට් එක්කට කාටද ඇනෝ කෙනෙකුට තද වෙලා මොනාද කියලා තිබුනා. සින්දු ඇනෝ සින්දුවකින්ම උත්තර දීලා තිබුනා.
      සින්දු වලින් කමෙනට් කරන එකෙන් වැඩ දෙකක් එක පාරට වෙනවා කියන එක අර ඇනෝට දරාගන්න බැරිඋන එක තමයි වැඩේ....

      Delete
    6. විභීෂණ ත් සින්දුවා ගැනනම් බොහොම පැහැදී ඇත..

      Delete
    7. සින්දු ඇනෝ මේ ගෙනාවෙ බ්ලොග් ලෝකෙට අලුත් මාවතක්. ඒක මං දකින්නෙ උපසංස්කෘතියක් විදියට. ඒක අපේ බ්ලොග් වලට ලොකු ආලෝකයක්.

      ඒ වගේම මාතලන් විසින් නිතර විවේචනයට ලක් කරන ඉහත ගීත මෙවර ඇගයීමට ලක් කිරීම ගැන මාතලන් අයියණ්ඩිට මගේ සැලියුට් එක.

      Delete
    8. මාතලන් විවේචනය කලේ ගීත නොව පුද්ගලයන්ය..

      Delete
  7. අදත් හරිම දුක හිතෙන අවසානයක්.
    කඳුලකුත් ඉනුව නෙතඟට

    ReplyDelete
  8. ඌව හැක් හැක් ..ජන්ද කාලේට විතරක් පහල වෙන රට ඇතුලේ වෙනම රාජ්‍යක් වගේ ...

    ReplyDelete
    Replies
    1. කාළේකට පහළ වන ගිඟන රාජ්ජේ..

      Delete
    2. ලැජ්ජයි අප්පා...

      Delete
    3. කට්ටිය සීරුවෙන් ඉන්න බලන්න ....
      ඌව ගීතය

      දේශ දේශ කිතු ගසේ නැගු භූමී
      දේශ දේශ අභිවන්දී භූමී
      ශාක්‍ය සිංහ හිමි තෙද පෑ භූමී
      උදාර හෙළ භූමී - ඌව විජය භූමී

      සීත නමුණුකුල කඳුවැටි හෙවනයි
      දුන්හිඳ - දියලුම ගලනා සිහලයි
      වෙල්ලස්සේ ගලනා රණ ගීයයි
      අභීත - රණවිරු නිජ බිම ඌවයි

      මුතියංගන මියුගුන සෑකිරණයි
      කන්ද කදිර හිමි දෙවි රැක වරණයි
      වීර මොනරවිල එඩි පෑ දෙරණයි
      සිංහ කොඩිය සහ අසිපත මෙතනයි

      (මනෝ මේ වෙන කොහේ හරි පලාතක් ගැන වෙන්න ඇති නේද බන් )

      Delete
    4. ඔය බං කේතු මතී නුවර ගැන කියපු එකක්නෙ.

      Delete
  9. ජනතා විමුක්ති පෙරමුණ බිල්ලෙක් කියන සංකල්පය සාමාන්‍ය ගමේ ගොඩේ මිනිස්සුන්ගේ හිතෙන් අයින් කරන්න දරන උත්සාහය මදි.

    ReplyDelete
    Replies
    1. Ow Umabala as bandagena gihilla gahala gahala atha paya kadala marala, ehema nathinam pana pitin puchchala maruwa hati amathaka na. ehema karala neda gal katas promotion gahuwe.

      Delete
    2. @AnonymousSeptember 3, 2014 at 4:27 AM
      අඩෝ..... තොගෙ ඇට දෙක නහයෙන් අරං ඕනද......
      විචාරක තුමා කියන්නෙ අපිට ....උත්තමයෙක්.....
      තෝ කියන ජාතියෙ එවුන් දැනටත් ඉහල පුටුවල......
      මින් මනත විචාරක තුමාට යමක් කියල තිබ්බොත්........,
      ඩයලොග් බෝඩ් එහෙකට හේත්තු කොරල ..... වල්ලට පයින් ගස්සනව ...7 සැරයක් වාරියපොළ කෙල්ලට කියල......හරිය....

      Delete
    3. අා කෙනජියේ, උබ ලංකාවට ඒනකන් ඒ් කෙල්ල බලාෙගන ඉන්නේ. උබ අර FB ඒකේ කෙල්ල ගැන දාපු කොමන්ටුව නිසා ඒකිගේ ලිස්ට් ඒකට උබවත් දාගෙන ඉන්නේ.

      Delete
    4. ඒ කරපු ගොන් වැඩ ගැන උන් ඇත්තටම පසු තැවෙනවා ඇති. ප්‍රජාතන්ත්‍ර මාවතේ ආවා නම් අද මීට වඩා වැඩි බලයක් සහිත පෙරමුණක් වෙනවාමයි.. ඒත් අඩු පාඩූ බොහෝමයි..

      Delete
  10. මාතේ..වාඩි වෙච්ච හැටියෙම භාගයක් ඕඩර් කරලා..බ‍යිට් රහ වැඩිඋනාම බොන්න බැරි උනත් තව භාගයක් ඕඩර් කරපු බුවෙක් වගේ කට්ටිය ඔය දඟලන්නේ..හැම චන්දෙම දිනන්නම ඕනි කියන නියතයේ ඉන්න ආන්ඩුවක හැසිරීම මෙහෙම නොවෙන්න බැහැ...ජෙප්පොන්ට තව ඉවසන්න පුලුවන්නම් අපි බලාගෙන ඉන්න වෙනස ඌවෙන් පටන් ගනීවි...

    ReplyDelete
    Replies
    1. ඒ ගමන් ජෙප්පොත් වෙනස් වෙන්න ඕන..

      Delete
  11. සීයට දෙසීයක් එකඟයි.. සමන්ත කියන්නේ පාට පක්ශ නැතුව බදුල්ලේ හැමෝම හිත උඩින් හෝ යටින් කැමති ආදර්ශමත් දේශපාඥයෙක්. අපිට රජවරු සිටුවරු කුමාරවරු ඔනේ නැහැ. අපි දෙන චන්දෙන් පාර්ලිමේන්තුවට ගිහින් අපේ ප්‍රශ්ණ කතා කරල ඒවට උත්තර හොයන්න කටයුතු කරන අපේම පැළන්තියෙ මිනිහෙක් දේශපාලනයට හිටියම ඒ හොඳටම ඇති. පස්වාන් දහසකට බුදු වෙන්ඩ කියල දණ්ඩ නමස්කාරයෙන් රජ්ජුරුවො ඉස්සරහ වැටිල ළමයව ඉස්කෝලෙකට දා ගන්න, රෝහල් කම්කරු රස්සවක් ගන්න.. මොන විකාරයක් ද මේ? මුන්ගේ හීනමානේ නිසා අපි විඳවන්න ඕනේද? ඔය ඔක්කොම රජ කං තව ටික දවසයි ගොයියෝ. ලිබියාවේ ගඩාෆි ට ගහල මැරුවනම් (ඌ ඔච්චර ලිබියාවට වැඩ කරල තියෙද්දී.. ඌට විරුද්දව තිබ්බ එකම සාදාරණ චෝදනාව ඌ ඒකාධිපතියෙක් වීම විතරයි.. ) සදාම් හුසේන් ට කෙළ වුනා නම් මුන් මොක්කුද? නාය යන්න ගත්තම මහ කඳු බටර් උණු වුනා වගේ දිය වෙන්නේ. ලෝකයේ පරම සත්‍ය දැනගෙන ජීවත් වෙන උන්ට මේවා අමුතුවෙන් මතක් කරල දෙන්න ඕනි නෑ. දෙනවනම් චන්දේ ජේ.වී.පී. කාරයෙකුට විතරයි.. නැත්නම් විසිකරල දානවා හොඳයි. පර හැත්ත. තුහ්. අහ්! මමත් දේශපාලනේ තිත්ත වෙච්ච බදුල්ලේ එකෙක්.

    ReplyDelete
    Replies
    1. //සමන්ත කියන්නේ පාට පක්ශ නැතුව බදුල්ලේ හැමෝම හිත උඩින් හෝ යටින් කැමති ආදර්ශමත් දේශපාඥයෙක්//
      මේකත් වැදගත් කතාවක්. බොහෝ දෙනෙක් ජවිපෙ කතා අහන්න කැමතියි. නමුත් ඒ කැමැත්ත ඡන්දයක් බවට පත් කරගන්න තව මහන්සි වෙන්න වෙනව.

      Delete
    2. @ රාජ්..ජවිපෙට ආන්ඩුවෙන්ම ඒකට ආදර්ශ ගන්න පුලුවන්....එක්කෝ මහින්ද වගේ ජනප්‍රිය නායකයෙක්ව උලුප්පා දක්වන්න බලන්න ඕනි, ඉස්සර විජේවීර සහෝදරයා හිටියා වගේ...නැත්නම් පක්ෂේ නම වෙනස් කරන්න ඕනි. ලයියා කියලා තිබුනේ පටන් ගත්ත කාලේ ව්‍යාපාරය කියලයි ජවිපෙට කිව්වේ කියලා.. ඒ වගේ අදට හරියන නමකුයි අනුර වගේ නායකයකුයි එක්ක අදට තියෙන අවශ්‍යතාවයත අනුකූලව නැවතත් ව්‍යාපාරය දියත් කලොත් චන්දවලට පත් කරන්න පුලුවන් ඔය කථා ලේසියෙන්..නැද්ද රාජ්..?

      Delete
    3. //නමුත් ඒ කැමැත්ත ඡන්දයක් බවට පත් කරගන්න තව මහන්සි වෙන්න වෙනව.//

      අනුර කුමාර ලඟදි මේ පැත්තේ සංචාරයකට ආපු වෙලාවේ මේ ප්‍රශ්නයම ඔහුට ඉදිරිපත් වුණා. පක්ෂය ඒ සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ක්‍රියා මාර්ගයක් ගෙන තියනවා කියලා තමයි කිව්වේ...

      Delete
    4. ගඩාෆිලා, සදාම්ලා ඒ රටවල මිනිස්සුන්ට එපා උනේ නෑ. එපා උනේ ජාත්‍යන්තරයට.. අද ඒ රටවල උන්ට තිබුන දේත් නෑ.. අනේ එහෙම විප්ලව නම් සංසාරෙදි එපා..

      Delete
  12. කතරගම දෙවියන් පෙනී හිටිනතුරු උඩබලා හිටපු මිනිසුන් ඉන්න රටක​, මහින්දගේ පැරදීම යනු අර එළුවා සහ නරියාගේ කතාවමය​. මට නම් පෙනෙන්නේ රටට යන්න තිබෙන අන්ත දෙකක් පමනි. එකක් රුමේනියාවය විදිහටය​​. අනෙක උතුරු කොරියාවය විදිහටය​​. නාමලාගේ පැමිනීමත් සමග ඕක වඩා ලග උතුරු කොරියාවටය​. අපට සිව්වැනි සරණ වන අබ සරණ වන්දනා කරගෙන පාඩුවේ බලා සිටීම පාඩු අඩුවනු ඇත​.

    ReplyDelete
    Replies
    1. නාමල් රටේ නායකයා වෙන්නේ නෑ මෑතකදි නම්..

      Delete
  13. වැඩක් නෑ මාතයියා,
    හෙඩ් ෆෝන් එක ගහගෙන ෂින්දුවක් ආන එක ඔය රෙද්දවල් ගැන කල්පනා කරනවට වඩා ශැපයි නොවැ.
    දිනන එකෙක් දිනුවට පස්සේ උගේ යකඩ සපත්තුවට යට වෙලා, හෙඩ් ෆෝන් එක ගහගෙන ෂින්දුවකුත් ආගෙන ආතල් එකේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. //දිනන එකෙක් දිනුවට පස්සේ උගේ යකඩ සපත්තුවට යට වෙලා, හෙඩ් ෆෝන් එක ගහගෙන ෂින්දුවකුත් ආගෙන ආතල් එකේ ඉන්නවා//
      සාමාන්‍යයෙන් මේක තමයි ලංකාවෙ තියන අවුල

      Delete
    2. දැනුත් වැඩි දෙනෙක් කරන්නේ ඒක තමා..

      Delete
    3. ඕක තමයි පුරුදු කරලා තියෙන ඉහලම දේ..

      Delete
  14. එකඟයි වගේම ඩිංගිත්තක් තියනව කියන්න.
    මෙච්චර කල් මැතිවරණ සම්බන්ධව ඇතිකරගෙන තිබුන කීර්ති නාමය බල්ලට දාන්න තරම් හේතු මේ වෙනකොට ඇතිවෙලා තියනව.දකුණු-බස්නාහිර ඡන්දය වෙනකල් හැලිය සීතලට තිබුනෙ. එදා ඒ ප්‍රතිපලයෙන් පස්සෙ කකුළුවො ටිකට තේරුනා තමුන් ඉන්න තැන කොතනද කියල. ඒකෙ අවසාන ප්‍රතිපලය තමයි මේ දැන් ඌවෙන් පේන්නෙ. ඒ එකක්.

    අනිත් කාරණාව ඌවේ මහඇමති පුත්‍රයාගේ කල්කිරියාව. අනෙක් පළාත්වල මහඇමතිලා ඌවෙ සසී පුතාගෙන් වෙනස්. අඩුගානෙ එයාල හොර මැරකම් එක්ක හරි යම් 'මට්ටමකට' මිනිස්සු අතරෙ හිටිය. සසී පුතාට අවුරුදු හතර හමාරකට පස්සෙ ඒකත් කරගන්න බැරිවුනා.(මතක ඇති නෙව අර රාවය පත්තර සීන් එක) ඉතිං පිරිහෙන එක අහන්න දෙයක් නෙවේ.[කොහොමත් සසී පුතා වගේම එයාගෙ තාත්තත් ඒ කලාව දන්නෙ නෑ, එයත් හැමදාම මල්ලිට පින් සිද්ධවෙන්න(සහ මල්ලිගෙ ජිල්මාට් වලට පින් සිද්ධ වෙන්න) කවුන්සිලේට ආපු කෙනෙක්].

    සසීපුතා වගේ කෙනෙක් මේ වගේ අනතුරුදායක තත්වයක ඉඳිද්දි කරන්න පුළුවන් එකම එක දෙයයි. ඒ තමයි තමන්ගෙ කටින් ප්‍රයෝජන ගැනීම. සමන්ත විද්‍යාරත්නලාගේ කට වත් සසී පුතාට තිබුනනනං වැඩේ යම් මට්ටමකට ගොඩදාගන්න තිබුන. නමුත් අවාසනාවට තාත්තලාට බාප්පලාට වගේ සසී පුතාට ඒ හැකියාවත් නෑ. ඉතිං යන්න තියෙන එකම විකල්පය ගහල ගැනිල්ල තමයි.

    ReplyDelete
    Replies
    1. එකගයි රාජ් මල්ලි......
      +++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. බොහොම ස්තූතියි මචෝ පෝස්ට් එක පරිපූර්න කලාට.. ඔය ටික කියා ගන්න විදියක් නැතිවයි උන්නේ..

      Delete
  15. අනේ පලයං යන්න මචෝ.....සමන්තයගේ අම්මගෙ රෙද්ද..... මමත් හරි ආසාවෙන් කියෙව්ව & ඇසුව ......මුගෙ එල කතාවල්.....පසුගිය දිනවල.....
    But ....මචෝ.........................
    මුගෙ සනුහරේට ම හැමිනෙන්න ......අර හුලස් දසය ගෙ බත් ඔතන්නවත් ගන්නෙ නැති (බත් ඔතන්න ගන්නෙ දිනමිණ & සිළුමිණ..... ගොඩක් අය අපේ නලියට Love නිසා...)හරින් /නාමල් මුන ගැසුන දේවල් ......පත්තර වලින් පෙන්වමින් බෙරිහන් දුන්න එක නම් අජූ ......
    පොඩ්ඩක් ඉදිං ..... තව සැරයක් කියවල එන්නම්......
    මම හරින්ගේ ....ජය වෙනුවෙන් වැඩ මචෝ......

    ReplyDelete
    Replies
    1. හරි...හරි... කෙන්ජී, හැම හරි දෙයකම පොඩි හෝ වැරැද්දකුත් තියෙනව.

      Delete
    2. කෙන්ජි,
      ඔය තේ සංග්‍රහය මට නං ටිකක් සැක සහිත තැනක්. දියුණු සමාජයක ප්‍රතිපක්ෂ දෙදෙනෙක් තේ බීම අවුලක් නොවන බව ඇත්ත. නමුත් මේක ලංකාව නෙව. ඒ වගේම හරීන්ගෙ තේ එක බඩේ තියෙද්දිම සන්ධානකාරයන් පටන්ගත්ත උෟ ඡන්දෙන් පස්සෙ දෑත් ශක්තිමත් කරන්න එනව කියන්න. මම අහගෙන දවසක් 'සාමාන්‍ය මිනිහෙක්' ඒ කතාව පිලිඅ‍රගෙන කතා කරනව. හැබැයි ඔයවගේ ගොන්පාට් මහින්ද ලොක්ක නං ඒ ක‍ාලෙවත් දැම්මෙ නෑ. අන්න ඒකයි බුවා ලොකු පුටුවට ආවෙ.

      Delete
    3. හරින් නාමල් සුළු මොහොතකට හමුවී "කිරි තේ" බීම ගැන ඉදිරි දින කීපයකදි සියල්ලටම දැනගත හැකිය.....

      Delete
    4. අඩෝ .....ඇල්බ.... කොහෙද හුත්තො ...තෝ චුත වෙලා හිටියෙ ....
      නැතිව ....නැතිව....බං ....වැරදි තියෙනව .....
      මේ අපි ...පඬි Talk දුන්නට කොච්චර දස කැ රි ස් ටො ද ......බං ... හෙක්....හෙක්...

      Delete
    5. ඇල්බන්
      //අඩෝ .....ඇල්බ.... කොහෙද හුත්තො ...තෝ චුත වෙලා හිටියෙ ..//
      කෙන්ජි අයිය කාටවුනත් හරිම ආදරෙන් අමතන්නෙ නේ?

      Delete
    6. @රාජ්...... :) :) ..... මොකෝ රාජ් මල්ලි..... සොමි ඇනෝ එනකං ...ගොල් ලිප් එකක් උරමින්ද....

      Delete
    7. yela yela'''' හරිමි ආදරෙයි..

      Delete
    8. හිතට වදින ආමන්ත්‍රන කෙන්ඡි වෙතින්ම පමනයි.

      Delete
    9. කෙනජිට හිත රිදිලා තියෙන්නේ සමන්ත විද්‍යාරත්න හරීන් ගැන කියන කතාවටනේ. හැබැයි නාමල් කොල්ලාගෙත්, අනිත් අාණ්ඩු හැත්තගෙක් රෙදි ගලවන්න හරීන්ට බැරිනම් JVP හරි ඒ්ක කරපුවාවේ. විධායක බලය අහෝසි කර ගන්නත්, හොරු ටික අල්ලගන්නත් ඹ්නනම් අපි JVP යට ටිකක් ඉඩ දීල බලමු.

      Delete
    10. විද්යාරත්නලා සමග අනෙකුත් JVP රත්නලා අපිව සුවර්ග රාජ්යයට එක්කන් යනවා කියලා හිතනා උන්දැලාට කියන්න තියෙන්නේ මෙච්චරයි....

      මේ රටේ මිනිස්සු එතරම් මෝඩ නැත. ජෙප්පෝ ලබා ගන්නේ ඔවුන් පොල්මංකාරකමෙන් බුක්ති විඳින 5% චන්ද ප්‍රතිශතය පමණයි......

      Delete
    11. ඇත්තටම ඒවා මෝඩ චූන්ම තමයි.. සමන්තලට අමතක වෙච්චි දේ තමයි මහින්ද මහත්තයා ගෙනාවෙත් එයාලම කියන එක. කාලයක් එක පතේ කාපු කස්ටියනේ.. ඒක නිසා දුකකුත් ඇති..

      Delete
  16. ජවිපේ කොච්චර සත්‍ය පෙන්නුවත් තවමත් ඔවුන්ට චන්දෙ දෙන්න ලංකාවේ මිනිස්සු කැමති නැහැ. ටිකක් අලුත් විදිහට හිතන්න, අලුත් දේවල් අත්දකින්න තියෙන බය ලාංකිකයන් වැඩි හරියකට තියෙන නිසා. ඒටීම් මැශින් එකකින් සල්ලි ගන්න බය, බැංකු වල වැඩකරන කට්ටිය තාම ඉන්නවා.

    හැබැයි ජවිපෙ මුඛරි කමෙන් වැඩි වාසියක් වෙන්නේ එජාප යට. ජවිපෙ පෙන්වන ආණ්ඩුවේ නිරුවතින් කලකිරෙන චන්ද සහ චන්ද දාන්න තරම් උනන්දුවක් නැතිව හිටපු ජනතාව වැඩි හරියක් හැරෙන්නෙ එජාප ය පැත්තට.

    ReplyDelete
    Replies
    1. >>හැබැයි ජවිපෙ මුඛරි කමෙන් වැඩි වාසියක් වෙන්නේ එජාප යට.<<
      +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. >>හැබැයි ජවිපෙ මුඛරි කමෙන් වැඩි වාසියක් වෙන්නේ එජාප යට.<<
      හබන් කුකුලන්ට රජ මගුල් කියන්නෙ ඕකයි.

      Delete
    3. එහෙමද....... හෙක්...හෙක්....

      Delete
    4. /ජවිපේ කොච්චර සත්‍ය පෙන්නුවත් තවමත් ඔවුන්ට චන්දෙ දෙන්න ලංකාවේ මිනිස්සු කැමති නැහැ. ටිකක් අලුත් විදිහට හිතන්න, අලුත් දේවල් අත්දකින්න තියෙන බය ලාංකිකයන් වැඩි හරියකට තියෙන නිසා. / ඒකම නෙවෙයි ජවිපෙට නොදෙන්න හේතුව. ජවිපේ විවේචනයට මිනී මැරිල්ලට එහා ගිය පැහැදිලි රට කරවන වැඩ පිළිවෙලක් ප්‍රකාශයට පත් නොකිරීම.

      Delete
    5. ජෙප්පෝ කියන්නේ අන්තිම අවස්තාවාදී සහ අන්තවාදී ඊරිසියාකාරයෝ රැලක්. සාමාන්‍ය ජනතාව අතරම ඉන්නා එවැනි ඊරිසියාකාරයන් හට චන්දය දෙන්න බහුතරය කැමති නැහැ...

      Delete
    6. ජෙප්පන්ට රටේ බලය ගන්න එක ලේසි නෑ.. මොකෝ මිනිස්සු දන්නවා එයාල කැම්පස් වල කරන වැඩ. අනික ඒ කාලේ පතුරපු මත හා භීෂණය තවමත් මිනිස්සුන්ගේ සිත් තුල තියෙනවා.. එයාලා සටන් කලේ ධනපතියන්ට එරෙහිව නෙමෙයිනේ.. සමාන්‍ය මහජනයාට එරෙහිවමයි.. අඩුගානේ සරදියෙල්වත් උනා නම්..

      Delete
    7. ආයේත් අහලා,උන් එළයෙදී සිල්‍‍ ගන්නේ උන්ට උවමනා උනත් නරක් වෙන්න බැරි හින්දා.එක්‍තකොට හොඳ මිනිස්සු නොවී මුක්කු වෙන්න ද? මතකද ධීවර අමාත්‍යාංශය කෘෂිකර්මය උන් කරපු කාලේ. වැව් හැරීල්ලට සුභ ලත්ලා ලංකා පත්තරේ ඇඩ් දම්මපු හැටි. ඔය සෙට් ඔක්කොම මිනිස්සු තම්බන්න දාන මොත්තේ විතරයි.

      Delete
  17. මොන පක්ෂයක් මොන පාටක්වත් වැඩක් නෑ. මේ දේශපාලනේ කර්න්න කාන්තාවන්ට ආරක්ෂා සහිත පරිසරයක් නෑ. ඇත්තෙන්ම කාන්තාවන් දේශපාලනේ කරන්න මැලි වෙන්න මේක ලොකු හේතුවක්. ඇත්තෙන්ම දේශපාලන මැරකම් අතුගාලා කාන්තාවන් වැඩිපුර දේශපාලනේට උනන්දු කරවන්න ඕනේ. මේ තියෙන දේශපාලන පසුබිමම වෙනස් කරන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදය නිවැරදිව අනුගමනය කරන්නේ නෑ. ඔවුන් ගැන කතා වැඩකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. වනිතා ඔයා එන්න දේශපාලනය කරන්න හම්බන්තොටට. මම ඔයාට ආරක්ෂාව දෙන්නං.

      Delete
    2. දැනටමත් චන්දෙ ඉල්ලල තියනව නුවර එළිය දිස්ත්‍රික්කයට.ග්‍රාමීය හා වතු ජනතාවගෙ සහයෝගය බලාපොරොත්තුවුනත් එය ලැබුනෙ නෑ.තවත් දිස්ත්‍රික්ක කිහිපයකටම කාන්තා පෙරමුණක් ලෙස ප්‍රගතිශීලී කාන්තාවන් පමණක් නොවෙයි තරුණයනුත් දාල චන්දය ඉල්ලලා තිබෙනවා.ස්ත්‍රීන්ට චන්දය දීමට ස්ත්‍රී පක්ෂයක් ස්වාධීන කණ්ඩායමක් ලෙස පසුගිය පළාත් සභා මැතිවරණ වලට ඉදිරිපත් කළත් එහි වැදගත්කම ස්ත්‍රීන් හදුනාගත්තේ නෑ

      Delete
    3. රාජ් ආරස්සා කරන විදිය පැහැදිලි කරානං. මොකද ඔය හමිබන්තොට පොරවල් කොන්තගංතොට උන්ට වැඩිය මහ භයානකයි..

      Delete
    4. හරියට ඌව දිහා බලන්නේ නැතුව මේ නෝනා මගුලක් කථා කරනවා.ඌවෙන් බිහි උනු ශ්‍රේෂ්ඨ පුත්‍රයෝ දෙන්නෙක් තමයි මොනරාගල ජයසේන සහ බෝගහකුබුරේ රත්නායක. අපී අවාසනාවට් මේ දෙන්නනම පසුගිය කාලයේ තිබු භීෂණයේ ගොදුරු ලෙස අකාලයේ මියගියා. මේ දෙන්නාගෙන් ඇතිවුණු හිඩැස පුරවන්න ආපු ගෑනු දෙන්නාම මහජනතාව දුන්න චන්දයෙන් අද පිස්සු කෙලිනවා. අපිට කියන්නේ තවත් ගෑනු ගැන විස්වාස කරලා චන්දය දෙන්නද ?

      Delete
    5. තම පුද්ගල ආරක්‍ෂාව සලසා ගැනීම ඒකීය පුද්ගල කටයුත්තක් නැතුව ආණ්ඩුව ස්ත්‍රීන්ව ආරක්‍ෂ කලයුතු නෑ

      Delete
    6. කාන්තාවන් දෙන්නෙක්ම රට පාළණේ කරලා කරේ ලබ්බක්..

      Delete
    7. ඉස්සර අපි පිරිමින්ට බලය දුන්නා වැඩක් වුනේ නෑ
      ඊට පස්සේ අපි ගෑනුන්ට බලය දුන්නා උන් ඊටත් අන්තයි
      දැන් ඉතින් රනිල්ටවත් බලය දීලා බලමු නේද?

      Delete
  18. //ආන්ඩුවේ කරුමයක් මිස ජනතාවගේ කරුමයක් නම් නොවේ//
    එහෙම වුනත් බොහොමයක් කරුම වලට අවසානයේ කරගහන්නේ ජනතාවමය. ඔවුන්ගේ සියලුම කරුමයන් වල උරුමය සහ කරුම ගෙවීම ජනාතාවට බාරවෙන්නේය. එහෙත් ජනතාව නිහඬය. ඒ අපේ ඇත්තන්ගේ හැටිමය. ඔබ නගන්නේ ඔබේ හඬ පමණක් නොව හඬක් නැත්තවුන්ගේද හඬය.

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත.. අන්තීමට ආන්ඩුව කියන්නෙත් ජනතාවමනේ..

      Delete
  19. එකෙන්ම එකගයි ලිපියට.
    ආන්ඩුව මැර දේශපාලනය වහාම නැවත්විය යුතුයි.
    හරින් නාමල් යාලු පිට් එකට තේ එකක් බිපු එක අල්ලගෙන නටන එක කැතම දේශපාලනයක්.

    ReplyDelete
    Replies
    1. එලද..... සජිත් ........ගෙ නෝනගේ ...... පැනට්ස් ......කියන්න බැරි නැහැ.....
      රිලා සිරි........හෙට....

      Delete
    2. ඒවා නම් තුප්පහි වැඩ.. වෙන්න ඕන දේ තමයි ඒක..

      Delete
  20. /ජවිපේ කොච්චර සත්‍ය පෙන්නුවත් තවමත් ඔවුන්ට චන්දෙ දෙන්න ලංකාවේ මිනිස්සු කැමති නැහැ. ටිකක් අලුත් විදිහට හිතන්න, අලුත් දේවල් අත්දකින්න තියෙන බය ලාංකිකයන් වැඩි හරියකට තියෙන නිසා. / ඒකම නෙවෙයි ජවිපෙට නොදෙන්න හේතුව. ජවිපේ විවේචනයට මිනී මැරිල්ලට එහා ගිය පැහැදිලි රට කරවන වැඩ පිළිවෙලක් ප්‍රකාශයට පත් නොකිරීම

    www.jvpsrilanka.com/en/

    මේන් මේක බලන්න.
    ඔතන තියනවා ජේවීපියේ 'රට හදන අපේ දෑක්ම' ප්‍රතිපත්තිමාලාව.

    ReplyDelete
    Replies
    1. ඕවා අපි කියෙව්වට. මිනිස්සු කියවන්නේ නෑ.

      Delete
  21. api chandaya denna Marketting ekata. JVP ekae marketing kalawa danne na.

    ReplyDelete
    Replies
    1. එයාලා තවම ඉන්නේ ගල් යුගයේ..

      ඉස්ටේජ් වලට වහලවල් ගහන්න පුළුවන් කම තියෙද්දි, වහල නොගහ වැස්සේ තෙමෙන කස්ටියනේ..

      Delete
    2. ඒකෙන් දෙන පණිවිඩය අඳුනගත්තනම්..

      Delete
    3. ඒවා ගොන් පාට්..

      Delete
    4. අනිත් දෙකේ අයගෙ ගොන්ම ගොන් පාට් වලට වඩා හොඳයි.

      Delete
  22. හෑ..... ඌවෙ ඡන්දයක් තියෙනවද ?
    මම දන්නෙවත් නෑනෙ....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එහෙම දෙයක්..... තිබේද.........
      මතකයට .....ම්ම්ම්ම්ම්......එන්නෙ නැහැ........බං .....

      Delete
    3. එකෙන්ම මම දැනගෙන හිටියෙත් නැනේ

      Delete
  23. අකුරක් අකුරක් ගානෙ එකගයි මාතේ.අපෙ මින්ස්සුන්ට කොච්චර තෙරුනත් වුවමනාම මොහොතෙදි සාම්ප්‍රධායික ගොන්කම මතුවෙනව.බලමු මට හිතෙන්නෙ දැන් වෙල්ලෙ පොඩි සිදුරක් හැදිල ඉවරයි.ඔහොම ගියොත් වේල්ලම කඩාගෙන යාවි

    ReplyDelete
    Replies
    1. වේල්ල කඩා ගෙන යා යුතුමයි.. නැත්නම් එයාලම මේකේ රෙපයාර් එකක් කරන්න වෙනවා..

      Delete
  24. සමන්තගෙ අනුරගෙ කතා සිහිකරන්නෙ පැරණි ජවිපෙ කථිකයො. විමල් ගියායින් හිස්වෙලා තිබ්බට පස්සෙ යංතන් ආයි ජෙප්පොන්ගෙ මීටිංවල කතා කරන්න සෙට් එකක් ඇවිත්. කොහොමත් ඒ කාලෙත් මිනිස්සු චන්දෙ නුදුන්නත් ජෙප්පොන්ගෙ කතා අහන්න එකතු උනා. බලමු මේ පාර මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. කතා අහලා ආතල් එකක් අරගෙන ගිහින් මහින්ද මහත්තයගේ දෑත ශක්තිමත් කරාවී. වෙන මක්කා කොරන්නද.. ආන් ලොක්කා එහේ පදිංචි වෙලා..නැත්නම් ඉතින් රාජපස්ස නාමෙත් ඉවරයි ශෂී නිසා...

      Delete
  25. ඔබ කියන කතා හරි...ඒත් ලංකාවෙ දැන් දේශපාලනය කරන එකෙක්වත් හොඳයි කියන්න බයයි...පහුවෙදා එළිවෙද්දි ඌ වෙනස් වෙලා...අද අපිට වෙලා තියෙන්නෙ අමනයන් රැළකින් හොඳම (අවම අමනකමක් සහිත ) අමනයන් ටිකක් තෝරලා ජන්දෙ දෙන්න...සම්පූර්ණයෙන් සැක නැතුව හොඳයි කියන්න පුළුවන් එකෙක්වත් මේ වෙලාවෙ නම් මතකයට නොනැගේ...

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ළද සත්‍යයය..

      Delete
  26. 2010 ජනාධිපතිවරණයේදි මහින්ද මහතාගේ ජයග්‍රහණය "කොම්පුටර් ජිල්මාට්" වලට බැර වන්නේත්ංංජිනීවා මානවා හිමිකම් චෝදනා යටතේ වූව, "මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා" යන කළු පැල්ලම ඉස්මතු නොවන්නේ, සැබවින්ම එවැනි තත්වයක් ඉස්මතු කර පෙන්වීමට අවශ්‍ය සාධක, අවස්ථාවන් හෝ සංසිද්ධීන් නොමැති කමම මිස, වෙන කිසිම හේතුවක් නිසා නොවේ." KAWDA KAWDA DAN EHEMA KIYANNE SARATH FONSEKAMA LANGADI KIYALA THIBUNE "HITAPU CHANDA KOMASARISTA(MA.KO) ATHATHIYA HADAWALA OLUWATA PISTHOLE THIYALA CHANDA PRATHIPALA WENAS KALA" KIYALA......

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙනුත් තහවුරු වෙන්නේ මැතිවරණය සාධාරණව තිබුනය.. පස්සෙ මොකක්ද මෙව්වා එකක් මෙව්වා උනා කියන එක නේ..

      Delete
  27. ජෙවිපේ මේ දවස් වල කතාබස් වලටනම් කවුරු කවුරුත් පොඩ්ඩක් බය වෙලා ඇති කියලනම් හිතෙනවා.. හැබැයි ඒවා ඡන්ද දිනන්න තරම් ප්‍රමාණවත්ද කියන එක බලන්න වෙන්නේ මේකෙන් පස්සෙ තමයි..

    ReplyDelete
    Replies
    1. ප්‍රතිඵලේ ආවම බලමුකෝ.. වෙල්ලස්සේ ජනතාව මොකක්ද කියලා තියෙන්නේ කියලා..

      Delete
  28. මේ ලිපිය මාත්ල්න්ගේද කියන සැකය තමයි මුලින්ම ආවේ , මොකද මේක මතලන්ගේ රටාව නම් නෙවෙයි . කොහොම වුනත් කමක් නෑ.
    කොයි තරම දඟ දැම්මත් ඌවෙ ප්‍රතිපලය අනික් තැන්වලින් වෙනස වෙයි කියලා හිතන්න තාම තත්ත්වයක් නෑ. මොකද අමතක කරන්න එපා අන්තිම මොහොතේදී දෑත ශක්තිමත් කරන්න මිලදී ගන්න පුළුවන් මට්ටමේ කීප දෙනක්ම ජවිපෙ සහ එජාපෙ කියන ලැයිස්තු දෙකේම ඉන්නවා කියන එක . ඒ තුලින් අවසන් මොහොතේ මොරාල් එක බිඳ දැමීමට තාම සැලසුම් ක්‍රියාත්මකයි .
    අනික මොනරාගල ගියානම් තේරෙයි මිනිස්සු ශෂීන්ද්‍ර දිහා අබලන්න් හරියට කතරගම දෙයියෝ දිහා බලනවා වගේ කියල . මටත් තේරෙන්නේ නැත්තේ ඒ මොකද කියලා .
    අවසන් ප්‍රතිපලය ආණ්ඩුව ජයග්‍රහණය කිරීම තමා. ආපහු වෙන්නේ "ජනතාව ආණ්ඩුවට රතු එළියක් දල්වලා තියෙනවා" කියන සුපුරුදු කතාන්දරය විපක්ෂ ප්‍රෙස් කොන්ෆරන්ස් වලින් ඇහෙන්නට ලැබීම තමා .

    ReplyDelete
    Replies
    1. //මේ ලිපිය මාත්ල්න්ගේද කියන සැකය තමයි මුලින්ම ආවේ , මොකද මේක මතලන්ගේ රටාව නම් නෙවෙයි . කොහොම වුනත් කමක් නෑ. //

      මටත් ඕකම හිතුන. ආයි බැලුව උඩ පහල ලේඛකයගෙ නමක් තීනවද කියලත් :D

      Delete
    2. එකෙක් මේල් එකක් එවලා තිබුනා අම්මා හිටන් ආදරෙන් මතක් කරලා මාතලන් ඉස්ටයිල් එකට මේක ලිව්වේ නැතිය. එහෙම ලියන්න බැරිනම් පෝස්ට් නොදා ඉන්නය කියලා..

      රතු එළිය කාළයක් ඉඳළම දැල්වෙනවනේ.. හරි පව් නේ මෙයා.. එයාලා..

      Delete
  29. ජවිපෙ ගැන කතා කලොත් ඉතිහාසයේ ඉඳන්ම ඕනෑම සංවාදයකට සූදානම් වෙලා ආපු කෙනෙක් ඉන්නවනම් ඒ ජවිපෙ. ඒ නිසා ජවිපෙ තාරක බිඳින්න කවදාවත් ලේසි වෙලා නෑ. පෙර සූදානම උපරිමයි , විපක්ෂයෙන් එහෙම පෙර සූදානමක් පෙන්නපු කෙනෙක් හිටියනම් ඒ දයාසිරි විතරයි . එත් දැන් කවුරුත් නෑ. මංගල යම් පමණකට ඒ දේ කලත් ඔහුට සමාජ පිළිගැනීමක් නෑ. අනික් අය කයිවාරු කාරයෝ විතරයි. ඒ නිසා ජවිපෙ කතා හැමදාමත් ජනතාව තුල ආකර්ෂණයක් ඇති කළා . නමුත් ජනතාව හැමදාමත් න්‍යායික තලයේ ජවිපෙව විශ්වාස කලත් ප්‍රයෝගික තලයේ ජවිපෙව විශ්වාස කලේ නෑ. ඒ නිසා තමයි මේ ආකර්ෂණය ඡන්ද වලට හරවා ගන්නට ඔඋව්න්ට නොහැකි වුනේ

    ReplyDelete
    Replies
    1. ඒකට ජෙප්පෝ එයාලගේ පෙට්ටියෙන් එලියට එන්න ඕන..

      Delete
    2. ඒ කියන්නෙ සාම්ප්‍රදායික ගූ වලටම? බුදු හාමුදුරුව බුදුවෙන්න ෂෝට් කට් ගැහුවෙ නෑනෙ. හරි පාරෙන්මයි ගියේ.

      Delete
    3. එහෙම දෙයක් නෙමෙයි කිව්වේ..

      Delete
  30. ජවිපෙ නායකත්වය සඳහා ප්‍රධාන සුදුසුකම තමයි ඔය මුඛරිකම මට හිතෙන විදියට. මං ලියපු එක කතන්දරයක ජැක්සන් ඇන්තනි කියලා තිබුණා වගේ ඔය මුඛරිකම සහ වචාචාල කම කියන්නේ අහසට පොළව වගේ දුරත්තර දේවල්.

    අනිත් පක්‍ෂවල හොඳ කතිකයෝ කියන්නේ ඇත්තටම වාචාලයින්ටයි.

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ලද සත්‍යය..

      Delete
  31. සිංහල බොග් අවකාසේ හැමෝම දෙසපාලකයන් හට බනිනවා. ඒත් වැරැද්ද දෙසපලකයන් ගෙ අතේ විතරද?
    ඇයි අපි වැරැදි කරන්නෙ නැද්ද? දෙසපාලුවන් ඔය පිස්සු කෙලින්නේ මෙ අපේ ම ඉල්ලීම් වලට කන්දීලා අපිව සතුටු කරන්න නොවේද?

    කලකට පෙර දීප්ති කුමාර ගුණරත්න එක් ලිපියක සිරිපාලලා ගේ කතාව ලෙස මෙ සංසිද්දිය ලස්සනට විස්තර කලා. සිරිපාල ගුරුවරයා ආන්ඩුවේ පාසලෙ වැඩ කරන අතරේ ටියුශන් කප්පිත්තෙක් වෙනවා. සිරිපාල ප්‍රින්සිපල් උපගුරුවරියන් ගෙන් ලිංගික අල්ලස් ගන්නවා. සිරිපාල දොස්තර ආන්ඩුවෙන් පඩිගනිමින් පොඋද්ගලික සේවයෙන් ජය කොඩි නංවනවා.
    සිරිපාල කොස්තාපල් පාරෙ යන එන වාහන වලින් ජරාව ගන්නවා. සිරිපාල ක්ලාක් මහත්තයා අත යට ගනනක් නැතුව එයගෙන් වෙන සේවය ලබා දෙන්නේ නැහැ. සිරිපාල කස්ටම් ඔෆිසර් හතර අතේ කෙලිනවා. කුඩු ලංකාවට ගෙන එන්න ඉඩ් දීල සල්ලි ගන්නවා. සිරිපාල නඩුකාරයා පගාවට වාසිවෙන නඩු තීන්දු දෙනවා. සිරිපාල් කොන්දොස්තර මාරු සල්ලි නොදී අයිතිකාරයගෙනුත් මාටියා ගහනවා.

    සිරිපාල නගර සබිකයො චූටි චූටි ගතමනාවලට පොදු වැඩ කරවලා දෙනවා. සිරිපාල නගරාදිපතිලා, මන්ත්‍රීලා ඇමතිලා, මහ ඇමතිලා නාගසලන් වෙන්නම ජරාව ගන්නවා... පොඩි පොඩි සිරිපාලලා වැර්දි වැඩ කරලා පොලිසියට අහු උනාම ලොකු ලොකු දෙසපාලක සිරිපාලලා ගාවට ගිහින් උදවු ඉල්ලනවා....

    මම හිතන්නේ සින්හල බොග් අවකාසෙ විතරයි ඉහත කී "සිරිපාලලා" නැත්තේ... මෙහි ඉන්නේ අන්තිම ප්‍රතිපත්තිගරුක සත්යවාදී හරිශ්චන්ද්‍රලා...

    මෙ මම ඇරෙන්න...

    People deserve the rulers they get!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ ඇයි....?

      Delete
    2. මට පෙර අදහස් පල කල සියල්ලටම මහාචාර්ය මාතලන් ගෙන් "උත්තර" හෝ statements ලැබුනි....
      මගේ අදහසට පමනක් ඔහු ප්‍රශ්නයක් අසයි....

      එහෙම වෙන්නේ ඇයි?

      එහෙම වෙන්නේ අපට අවශ්ය එහෙම ක්‍රමයක් නිසාය. එහෙම හොර වැඩ නොකරන වංචා නොකරන පෝලිම් නොපනින, අනුන්ගෙන් කඩා වඩා නොගන්නා ක්‍රමයක් අවශ්ය නම් මේ වනවිට අපට එහෙම ක්‍රමයක් හදා ගත හැකිව තිබුනි...

      එසේ හදා නොගත්තේ අපි සියල්ලෝම "සිරිසේනලා" නිසාය...

      සිරිසේනලා ට ජය වේවා!!

      Delete
    3. නෑ සා.... එහෙම රටක් නෙමෙයි මේක.. කළකට කලින්.. ඉහළ ඉඳලයි ආදර්ශය එන්න ඕන. ඉහළ උන් කිසි බයක් නැතිව ඒ දේවල් කරන කොට පහළ උනුත් ඒ දේම කරනවා..

      දූෂණය, වංචාව, හොරකම සියල්ලම සිරිසේනලාට පුරුදු කලේ දේශපාළඥයෝ, පක්ෂ බේදයකින් තොරව.. සුද්දා ලස්සනට හදලා දීලා ගිය රට කෑවේ අපේ පාළකයෝ..

      Delete
  32. බුදු හාමුදුරුවෝ ලමයෙක් ඉස්කෝලෙට දමන්න හොර ඩොකියුමන්ට් නොහදපු ගෙදරකින් අබ අහුරක් ගේන්න කියලා කිසා ගෝතමී ට කිවුවලු...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙත් ඇයි ?

      එහෙම සිස්ටම් එකක් හදලා නොනිල වශයෙන් නීතීගත් කරලා තියෙනවා නම් ඒකට අනුගත නොවන එකා ෆේල්..

      ලාල්කාන්තගේ දුවගේ ටියුෂන් ෆීස් මාසෙට 30,000.00

      කොහොම ප්‍රතිපත්ති රකිනවද මන්දා...

      Delete
    2. ඈ බං මාතලන්. මම ඔය කියන කාරනය ගැන නම් දන්න‍ේ නෑ.
      ක‍ොහ‍ොමත් මම අහන්න‍ේ උන් කන්න‍ේ බ‍ොන්න‍ේ රට‍ෙ මිනිස්සුන්ග‍ෙ සල්ලි වලින්ද.

      Delete
  33. Okotama kalin karanna one anith aya karapu waradi hari gassana eka. Palath saba nethi karana eka. Nethinam lankawema ekpara chande thiyana eka.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. ඒවා ගැන විරුද්ධත්වය පාලා විපක්ෂය කළ යුත්තේ චන්ද වර්ජනය කිරීම.. ඒත් මේ තුප්පහි දේශපාළණය තුල එහෙම උන් නෑ..

      Delete
  34. මාතලන් බොස් ..දැන් කාගේ කාගේත් මළගම ආරම්භ වෙලා තියෙන්නේ...

    ඒකෙන් ආණ්ඩුවේ Funeral එක නම් හෙට අනිද්දම වෙයි වගේ..ඌවෙන් ඒ වැඩේ තවත් ස්පීඩ් වෙයි..

    රනියගෙයි සජියගෙයි වලියත් ඔය විදියටම දිගටම ගෙනිච්චොත් ඒ අයත් සැපෙන් සුවෙන් හාන්සියි..

    වැඩක් කරන්න පුළුවන් එවුන් දැන් ඉන්නේ ජේවීපී එකේ විතරයි..

    අනිත් එවුන් ඔක්කොම වට කාචාලයෝ


    ReplyDelete
    Replies
    1. ආන්ඩුවට කෙළවෙන්න කලින්.. අලි පාටිය නම් සුනු විසුනු වෙයි වගේ..

      Delete
    2. සහතික ඇත්ත..අන්න..මංගල යත් ආපහු දෑත ශක්තිමත් කරන්න මේ දවස්වල එංගලන්තේ ගිහින් හොරෙන් සාකච්ඡා කරනවා කියල ආරංචියි..

      Delete
    3. මේ සැරේ ජේවීපී එකට චාන්ස් එකක් දුන්නොත් මොකද?

      අනිත් දෙගොල්ලන්ටමත් අපි මදි නොකියන්න දැන් චාන්ස් දීලනේ තියෙන්නේ..?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න