.

.

Sep 24, 2014

නිවසක් ඕනෑ කර තිබේ..... - House Wanted


නිවසක් ඕනෑ කර තිබේ....!!!

වස්සාන කාළයේ...
කනක් ඇහිලා,
නිදහසේ වසන්නට.
පන්සලක්..
පැත්ත පලාතක නොමැති,
පෙදෙසකින්....
නිවසක්
ඕනෑ කර තිබේ....!!!

-x-

126 comments:

  1. කණගාටුයි! ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන නිවාස අප සතුව නොමැත!

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් පැත්තක් උනත් අවුල් නෑ.. ඒක විනාඩි පහයිනේ...

      Delete
    2. විනාඩි පහ වුනාට තුන් හතර පාරක් නේද?

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. pawkara kaalakanniya apaye ubata kanak ehila inna lebei bebadu kamuka sallalaya,,,,,,,,,,,,,,,,.""""""<<<<<<<<<<<<<<<<<

      Delete
  2. අක්කර 72ක් මැද ඉන්නකොටත් ඔය මල යක්කුගේ සද්දේන් බේරෙන්න බැහැ මාතේ...පෙන්නන්නම බැරි ඔය කවි බනද මොනාද කියන මගුල..

    ReplyDelete
    Replies
    1. මට මොහිදින් බෙග්ව මරාගෙන කන්න හිතෙනවා මචෝ..

      Delete
    2. ඌ හොඳයි බං...අර සාමනේර වොයිස් එකෙන් උදේ පාන්දර ඉඳන් හූ කියන කවි බන පොරගේ සද්දේ පොල් රුප්පාව හිල්කොරගෙන එනකොට උගේ අම්@#*......කියලා වැඩක් නෑ බං...

      Delete
    3. කව්ද බං ලව්ස්පීකරේ හොයා ගත්තේ.... උගේ අම්මට.....!@#$%^(*&^%#$^%

      Delete
    4. මටත් කවි බණ ඇහෙද්දී සසර කලකිරෙනවා.ඔක්කොටම හපන් ඕක ඇහුණාම මටත් නොදැනී මගේ මුණ වෙනස් වෙලා ඔරොප්පු මුඩ් ගැහුවම අම්මගෙන් එන දෝස් මුරේ .
      මටත් ඔය බෙගාව පේන්ඩ බෑ..එයාගෙ සින්දු එක්ක මගේ ජම්මාන්තර තරහක් තීන්නේ. අපේ ගෙදරත් තීන්නේ පන්සලක් ළඟ.බොරුවට සර්ධාව පෙන්නන්ඩ ඕන නෑ..මමත් ඔය ලවුඩ්ස්පීකර් වල අර යකාගේ බුදුගුණ ගී දමන එකට පට්ට විරුද්ධයි..දැන් කියාවි නමට බවුද්ධයෝ කියල. (අපිට මොකෝ කැමැත්තක් හිතා ගනිපුදෙන් මාතලන් අයියේ )

      Delete
  3. එහෙම නෙමෙයි උඹට වස් ආරාධනාවක් ලැබුනා නේද හාමුදුරුවන්ට සලකන්න පොරොන්දු වෙන්නම වෙන.. හැක්..

    ReplyDelete
    Replies
    1. අපේ හාමුදුරුවොත් මම වගේම තමයි.. උන්නාන්සෙටත් දායකයෝ එක්ක මල.. ඕන් අපේ පන්සල..

      Delete
  4. මෙහේ පැත්තෙනම් වස් වසන්නෙ පට්ටෙට පායන කාලේ. මට හිනා යනව ඒක දැක්කම. ඒකත් හරීයට අර දේවාලෙ පූසා වගේ. ඉන්දියාවෙ වස් වසපු කාලෙට තමයි මෙහෙත් වස් වසන්නෙ. ඇයි ඉතින් ඉන්දියාවෙ එහෙමනේ.

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බං... දැන් කඨින පෙරහර යන ගිනි දවල්ට.. විසිල් ගගහා.. සුද්දෙක් ඒක දැකලා බය උනා...

      Delete
    2. ආන්න ඒව වැරදී !!

      කඨිනෙ දවල්ට ගෙනිච්වම අපි තැබිලි වල්ලක් කුරුම්බයක් බාන්න අහිංසකයෙක් කූරිය ගහනකං ඉන්ඩෙපෑ !!! චැහ්

      Delete
  5. ආ මාතලන්.... කොහොමද දැන් සුද්දො අඩුද...... ගාන කැපෙනවා මදිද?...... ගෙස්ලා අඩු නිසා වෙන මුකුත් බ්‍රෝකර් වැඩක්වත් ඇල්ලුවෙ නැද්ද....

    ඒක නෙවෙයි බන්... උඹ වැල්ල පැත්තෙ බහින්නෙ නැද්ද.... හොඳ පාටියක් සෙට් කරගත්තොත් උඹට මාසයක් දෙකක් ඇද්දහැකි.... බෙන්තර පැත්තෙ බහින්න එනවානම් වැල්ල සෙට් කරලා දෙන්නම් උඹට.... සුද්දෙක් සෙට් උනොත් අපිටත් සලකපන්....

    ReplyDelete
    Replies
    1. සුද්දෝ එන්නේ කලු උන් හොයාගෙන බං...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  6. අම්මප මාතලන් අයියෙ, මටත් මල වදයක් ඕක. එක්කො පන්සලට විතරක් ඇහෙන්න දාගන්න ඕනි. අනික ඉතින්, හැමදාම කියන ගාථා ටික කියවන්න කවුරුවත් ඕන යැ. තනියම කියවල, කාටවත් කරදරයක් නොවෙන්න ඒක වත් කර ගන්න අපේ මිනිස්සුන්ට උවමනාවක් නැති හැටි..
    // බුදුන් පාරිලෙයි වනයට වඩිනු ඇත// මට කකාගෙ කවිය මතක් වෙනව හැමදාම.

    ReplyDelete
    Replies
    1. බුදුහාමුදුරුවෝ උන්නා නම් වහ බීලා මැරෙනවා..

      අනේ කොයි තරම් නිවුන දර්ශණයක්ද...?

      Delete
  7. New house for rent...2 rooms, hall, bathroom, chicken
    Call..077XXXXXXX

    ReplyDelete
    Replies
    1. "X" කිව්වේ, දහය වෙන්න ඇති..

      Delete
    2. අන්තිමට තියෙන ෆැසිලිටි එක දැක්කෙ නැද්ද කොහෙද..

      Delete
  8. කරුණාකර, ඔබේ අයදුම්පත පොලිස් වාර්තා, සියලුම සහතික සහ අනන්‍යතා පත්රයද සමග තැපැල් කරන්ට.

    //ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
    තවුතිසා පළමු කොටස,
    දිව්‍යලෝකය.
    අත්සන : පඬුපුල් අසුන (ශක්‍ර දිව්‍ය රාජ වෙනුවට...)//

    ලිපිනය රාජ්ගේ නවාතැනෙනි. :P

    ReplyDelete
    Replies
    1. එතකොට ඔහෙත් දැන් එහේද ඉන්නේ....?

      Delete
    2. පොලිස් වාර්ථා ශක්‍ර පොලිස් එකෙන් ගන්න ඒවද?

      Delete
    3. ඒ කියන්නෙ කස්ටිය රාජ් ගේ නවාතැනේද ඉන්නේ ?

      :ඩි

      Delete
  9. ගෙයත් එක්ක බුරුඇඳ කුත් ඇත . ඒ දෙකම ගත යුතුයි කොන්දේසි සීමිතයි බ්‍රෝකර්වරු අනවශ්‍යයි

    ReplyDelete
    Replies
    1. බූරූ ඇඳක සැප... දන්නෝ දනිති..

      Delete
  10. ඔයාට මේ අදහස් පහල වෙන්නේ කොහොන්ද අයියන්ඩි..පට්ට ඇත්ත..

    ReplyDelete
    Replies
    1. මේ අදහස නම් මේ ටිකේ හැමදාම එනවා..

      Delete
  11. ඉත්ං උඹල බොරුවටනෙ අර හිටපු සීජේ කාරයට බනින්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒ යකාගේ තීන්දු බල්ලොවත් ගනන් ගන්නේ නෑ...

      Delete
  12. සවුන්ඩ් පෲෆ් බංකරයක් හදා ගන්න!

    ReplyDelete
    Replies
    1. ඒ අස්සේ සෝභිතලා රජ කරන්න හදන්නේ... නිදා ගෙනත් ඉවරයි.. දැන් නම් නමයට විතර නවතිනවා..

      Delete
  13. ම්ම්...මම ඉතුව.... පෙර ලිපියෙ කමෙන්ට් වලට .....රිප්ලයි පරක්කු වෙද්දී.......හෙක්...හෙක්...

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි කචල් ටිකක් තියෙනවා මචෝ...

      Delete
  14. ගෙයක් සමග 40 ශ්‍රී ලොරියක් විකිණීමට තිබේ.

    අයිතිකරු 2015 ජනාධිපතිවරණයෙන් පසුව විදේශ ගත වීමට අපේක්ෂා කරන නිසා ගැනුම්කරුවකු සොයයි. ගොඩක් දෙනා මේ ලොරිය එළවා තිබුණත් අයිතිකාරයින් (වර්තමාන අයිතිකරුද සමඟ ) සිට ඇත්තේ කිහිප දෙනෙක් පමණකි. අළුතින් තෙල් මාරු කොට ඇත. බ්‍රේක් හොඳයි. හොඳ ටයර් සෙට් එකක්ද තිබේ. වැඩිම ඉල්ලුමට සැපයේ. අදම ඉල්ලුම් කරන්න. ණයක් ගන්න අවශ්‍ය නම් ඉන්දික කොඩිතුවක්කු මහතා අමතන්න.

    ReplyDelete
    Replies
    1. ඒ ගේයි ලොරියයි නම් තව කාළෙකට ගන්න හම්බ වෙන එකක් නෑ..

      Delete
    2. Loriye no. eka KB-9XXX neda. Ah mata waraduna, loriyata KB swift ekak thiyanawa neda?
      - Invest ano..

      Delete
    3. මට පේන්නෙ අර මඤ්ඤොක්ක ගිල්ලන මඩුවට මේ දවස්වල බිස්නස් අඩුද කොහෙද!

      Delete
    4. ඇයි මල්ලී උඹට ඒක වහ ගන්න බැරි උනාට අවුල්ද?

      Delete
    5. /ඒ ගේයි ලොරියයි නම් තව කාළෙකට ගන්න හම්බ වෙන එකක් නෑ.../

      දැන් ඔයත් ඒක ගන්න බලාගෙනද හිටියෙ?

      Delete
  15. හෙක් හෙක්, ear plug එකක් ගන්න. 90% ප්‍රසන්ට් සවුන්ඩ් ප්රූෆ්. ගෙවල් වලට වඩා ලාබයි, වාසියි, ගෑනිගේ බන වලිනුත් බීරිලා ඉන්න පුළුවන්, බාහිරට පේන්නෙත් නැහැ, බීරා වගේ ඉන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මුළු ගෙදරම කවුළු ඔක්කෝම වැහුවා.. නිව්ස් ටිකක් අහන්න නෑ නේ බං... දරුවෙකුට පාඩමක් කර ගන්න විදියක් නෑ.. මාරම කරුමයක්..

      Delete
  16. ඕක හොඳයි මචන්
    පල්ලියේ මංගල්ලෙට පාර දිගේම ඉස්පීකර් පත්තු කරනවා
    පාන්දර පහමාරට පටන් ගන්නේ. රැ හතට නවත්තන්නේ.
    වෙස්ප්‍රස් දවසේ රෑ බීල බීල උදේ පහමාරට කන ළඟ ඉස්පීකරේ පත්තු වෙනකොට.
    ආතල් ප්ලස් ප්ලස්

    ReplyDelete
    Replies
    1. ස්වර්ගෙත් පීකර් තියෙනවද දන්නේ නෑ.. එහෙම නම් එහේ ගිහිනුත් වැඩක් නෑ.. මට ඕන පීකර් නැති ළොවක්..

      Delete
    2. මම එක දවසක් වයර් එක කැපුවා කලුවරේම ගිහින්,
      යන්තම් පැය බාගයක් විතර හිටියා නිස්කලංකෙ

      Delete
    3. ඇනෝට අපායේ තමයි යන්න වෙන්නේ...

      Delete
    4. සරත් සිල්වා කල අවිවාදාත්මක එකම හොඳ වැඩේ ස්පීකර් සීමා කිරීම. දැන් ඒ නීතිය ඩයිලූට් වෙලා

      Delete
    5. ජිවන/මාතලන් , මම ලඟදි ත්‍රිකුණාමලේ ගියා. යන අතරම හෙන විශාල හින්දු පල්ලියක් තිබෙනවා. ඒකෙත් එහෙමයි. හතරවටේට ස්පිකර්ස් දාලා පාරේ යන්නත් බෑ සද්දේ. ඔක්කොම එකයි.

      Delete
  17. ඔබේ රාගී මන කැළබේදෝ...
    එහෙම තමයි. මේ බුදුන්ගේ දේශයයි.
    අහපිය කවි බණ දැකපිය නිවන්

    ReplyDelete
    Replies
    1. මේ බුදුන් "වැඩි" දේශයයි

      Delete
    2. මේ බුදුන් "වැඩි" දේශයයි
      ලැන්ඩ් මාස්ටරේක පිටිපස්සේ ගහලා තිබුනා

      Delete
  18. අම්මව, තාත්තව, විකුනගෙන කන පොරක් ඉන්නෙ. පොන්න වොයිස් එකකින් මියුසික් එකට බුදු අම්මෝ කියන සී.ඩී එක. අම්මප ඒක ඇහෙන කොට අම්ම, තාත්තවත් එපා වෙනව.

    ReplyDelete
    Replies
    1. මට මළ බද්දය හැදුනම, මම අහන්නේ ඒක.. එතකොට මව් ගුණ බඩ බුරුලට යනවා..

      Delete
    2. අර අම්මා නාන්න ගිය විදියයි, වැසිකිලි ගිය විදියයි, මූණ සෝදන්න ගිය විදියයි කියන ඕඩියෝ එක ගැනද කියන්නෙ ඔය?

      Delete
    3. @ AnonymousSeptember 25, 2014 at 12:42 AM
      ++++++++++++++++++++++++++++++++++

      Delete
    4. හපොයි ඒ අනික. අල්ලපු ගෙදර අය ගොඩක් දවසට උදේ හවා අම්ම මතක් කරද්දි මම
      හිමින් සීරුවේ ඇවිත් ජනෙල් වහලා අපේ ගෙදර මොකක් හරි අටමගලයක් කන පැලෙන්න දමනවා.තාත්ත ගෙදර ඉන්නවා නම් ලැප් එකේ සින්දුවක් අහනවා හෙඩ් සෙට් එක දමාගෙන.ඕක දකිද්දී නම් අපේ අම්මත් හිනා වෙනවා . ;P

      Delete
  19. මාතේ පොඩ්ඩක් දන්නා අදුනන කිදුරු පොරකට කෝල් කරලා බලපන් ..

    කොහේද කොහේද අපේ ලොවක්
    කාහේද කොහේද අපේ රටක්
    මුරකාවල් නැති වැටකොටු බැමි නැති
    අපේම අපේම නවාතැනක්

    රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක්
    නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලෑවක්
    පුංචි සුරංගනාවන් සැඟ වී ඉන්න වළාවක්
    අපට හිතුමතයේ රජ කර ගෙන ඉන්න දිහාවක්
    කොහේද කොහේද . . .

    කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාලුවේ
    මුහුදු හතක් එහා ඔරු පදින්න එන්න යාලුවේ
    මකර කටින් නාග භවනට යමු එන්න යාලුවේ
    අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාලුවේ

    කොහේද කොහේද . . .

    පද මාලාව - සුනිල් ආරියරත්න
    සංගීතය – අමරදේව
    ගායනය – වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. සින්දූර්... මේක මඩොල්දූව ෆිල්ම් එකේ නේද?

      Delete
    2. හදය .....එකේ නෙමේද මචෝ.....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මීක මඩොල් ඩුවේ ...මෙන්න

      https://www.youtube.com/watch?v=YZ9L-DcRpT8

      Delete
    5. නෑ මේක මඩොල් දූවේ.

      Delete
    6. හෙහ්! උඹත් මෙතනමද හිටියේ. මං හදනකොට උඹ දාලා.

      Delete
  20. ඈ බොල මාතයෝ තොට ඇහෙන්නේ නැද්ද ගෙරි තම්බියෝ දවස පුරා තොගේ පුක පලන්න හදන හැටි උන්ගේ පල්ලිවල ලවුස්පීකරෙන්

    ReplyDelete
    Replies
    1. උඹලයි පැත්තේ දවසෙම දානවද..? එහෙනම් නඩුවක් දාපන්.. සද්ද දූශණෙයි කියලා..

      අපෙ පැත්තෙ නම් හතර පස් සැරයක් අල්ලාහූ අක්බාර් කියලා නවත්ත්නවා ඒක සැපයි මීට වඩා...

      Delete
  21. පන්නිපිටිය පැත්තෙ කාමරයක් තියෙනව. මහත්තය ගෙදර නැති හපුටු නෝන කෙනෙකුත් එක්කම. මොකද කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගෙයක් හෙව්වාම කාමරයක් ගැන දොඩනවා.. ඊට හපන් නෝනත් හපුටුයිලු....

      Delete
  22. සෙන්නට කියල මේ ගැජට් එක හදාගන්න බලන්න. :D

    ReplyDelete
    Replies
    1. ගෙයක් ගන්න එක ඊට ලාබයි...

      Delete
  23. අවුරුද්දකට අඩු කාලයකට බදුගන්න. පංසල් නැතිවුනාට ලවුඩ්ස්පීකර් සහිත දන්සැල් අවදානම ඕනැම තැනක ඇත්. එතකොට පෙරහැරවල් යන පාර දිගටම ස්පීකර් බැඳීම

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අවුරුද්දකින් පස්සේ අවුලක් නැද්ද...?

      Delete
    2. කොමෙන්ට් එකක්වත් සැනසිල්ලෙ කියවන්න බෑවගේ.
      මං කිව්වෙ පංසලක් ලඟ නැතිවුනාට අවුරුද්දට අඩු කාලයයි කන් බෙරේට වොරන්ටි දෙන්න පුලුවන් කියල.
      මාස 9 කින් පොසොන් - බඩපිරෙන්න කෑම , කන පැලෙන්න සිංදු

      Delete
    3. අම්මපා හැබෑව...

      Delete
  24. අප්පා අර අම්මා ගැන කවිබනක් හදලා තියෙනවා එක නිවිසැනසිල්ලේ අහන එක වෙනම කතාවක් එත් දැන් ගහක් ගලක් ගානේ ඇහේනවා හරියට දැන් ටික කාලේකට කලින් අපේ රජොත්තමයගේ තඩි පිංතූර කොළඹ බොක්කුවක් හංදියක් ගානේ එල්ලලා තිබ්බාවගේ හරි සංතොසයි....!!!

    ReplyDelete
    Replies
    1. ඒක කියන එකාගේ අම්මා නම් මාත් නිතරම මතක් කරනවා...

      Delete
  25. බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් දෙන්නං.ඊට වැඩිය අමාරුයි කැමතිද?

    ReplyDelete
    Replies
    1. වීසා එකයි ජොබ් පර්මිට් එකයි එක්කනම් මං එන්නං? :-D

      Delete
    2. එතකොට ලන්ච් එක.. රෑට පොඩි ෂොට් එක.. උඹ හිතුවද මම ලංකාවේ සුද්දෝ ගෙනිච්චට, උන් වගේ සුද්දෙක් කියලා.. උන් නම් ඉතින් බී බී චෑම්ප්ස්ලා...

      Delete
    3. අපේ මැලේ රාලගෙනුත් අහලා බලමු

      Delete
    4. බ්‍රෙක්ෆස්ට් වෙනුවට ලිකර් දෙනවනං මේ දැං එනවා !!!

      ඕ යේස් !!

      Delete
  26. තක්කෙටම කි‍යන්න පුළුවන් මේ අසිරිමත් සිරි ලංකාවෙන් නම් ලැබෙන්නෑ.

    කණ් දෙකට අබ සරණයි!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි පේන්නේ නම්..

      Delete
  27. ඇන්ටාටිකාවට පල, පන්සල් ,පල්ලි ,චුන් පාන්, ට්‍රීවීල් වල සද්ද වලින් කිසි කරදරයක් නැහැ පොඩ්ඩක් සීතල තියෙනවා අඩියක් ගැහුවම එකත් ශේප් තනියට පත්තර මල්ලිට කතා කරන්න

    ReplyDelete
    Replies
    1. ඇන්ටාට්ටිකාව නෙමෙයි අපායට හරි එනවා . මෙන්ඩියත් එයි විදානෙත් එයි . හබැයි අරව තමා ඕනෑ :D

      Delete
    2. ඒ මම අනිත් කැමතිම එක.. "හිම"

      Delete
  28. Replies
    1. කොහොමත් කැලෑවක තමයි ජීවත් වෙන්න වෙන්නේ අනාගතේදී නම්..

      Delete
  29. කියලා වැඩක් නෑ. මහණ වෙලත් මෙච්චර ආත්මාර්ථකාමීද කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මහණ උන්ගෙ වැරැද්දම විතරක් නෙමෙයි, දායකයන් වැඩිදෙනත් හිතන්නෙ සද්දෙ තරමට තමයි සාර්ථක කියල.
      සද්දෙ පුලුවන් තරම් දාගෙන ෂෝ එකට ඕනැ දෙයක් කරන එක එක ආගමකට ජාතියකට සීමාවෙලා නෑ. ශ්‍රීලාංකික ලෙඩක්.
      එකම දේ අවිංසාව මුල්කරගත් ආගමක් ලෙස පටන්ගත් බුද්ධාගමේ නාමයෙන් මේක කරන එකටයි නිවී සැනසිල්ලෙ ඉන්න කැමති අයට යකා නගින්නෙ

      Delete
    2. දෙගොල්ලොම එක් වෙලා පිවිතුරු ධර්මය වළඳනවා..

      Delete
  30. අපෙ අම්මලාගේ ඉස්සරහ පන්සලෙත් ස්පීකර් ගස් බැදලා, අන්තිමට මම පොලෝසියට දෙතුම් පාරක් කියලයි නවත්තා ගත්තෙ.

    ඊට හපන් දැන් අපි ඉන්න ගෙදර. එක පැත්තකින් පංසල. අනිත් පැත්තෙන් ඉස්කෝලෙ. උදේට පිරිත්. දවල්ට ළමයින්ගෙ හූව. හවසට බෑන්ඩ් ප්‍රැක්ටිස්. ආයිත් හයට පිරිත්. ඉස්කෝලෙයි, පංසලයි තරගෙට ශබ්ද පූජාව.

    මතක් වෙනකොටත් සංතෝසෙ බැරුවා.....!

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කියන්නෙ අයියෙ කීයක් දුන්නත් කමක් නෑ උඹේ ඉඩං කෑල්ලට . ඒ තරං වටිනවා :D

      Delete
    2. පෙර පවු කරලා ඇති මචෝ මේ වගේ රටක උපදින්න..

      Delete
  31. දකිනවිට පංසලක්, පල්ලියක්, කෝවිලක්, (පෙරහැරක්, දන්සැලක් ......) හුනස්නෙම මෙමට මල පනිනවා..
    රටේ නැති කුණුහරුප හිත යටම හංගගෙන පුක උස්සලා ආයේ තියනවා..

    වෙන මොකුත් හින්දා නෙවෙයි ඔය කෙහෙල්මල් කන්දොස්කිරියාව හින්දාමයි...

    ඛ්‍යාරෝසනා .. පඨිඝ සංඥා.. ඤාඤ්ඥ මංඤස්ස....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. බුද්ධාගමට මේ විනාශය වෙනවා කියලා බුද්ධාගමේම කියලා තියෙනවා කියලා කියන්නේ..

      Delete
  32. පන්සලට හෝම් තියටර් සිස්ටම් එකක් පුජා කරන්න...හාමුදුරුවොත් ගොඩ, පන්සල අවට දායකයොත් ගොඩ... :)

    ReplyDelete
    Replies
    1. එකෙක් දන් දුන්නා.. ලොක්කා ඒකේ සෝ බලනවා... පීකරේ දාන්නම ඕනලු.. දයකයන්ට.. ඔය ඒ වගේ දායකයෙක් මෙතනත් ඇවිත් රීලා තියෙන්නේ..

      Delete
  33. ANONYMOUS september 24.2014 at 11.42 pm. ei pitin kattiya benthara wellata bassala gana hoyannawune,Unbe p+++i Genige h++i den suddonta epa kiyanawada,neththam den dekama loku welada?

    ReplyDelete
  34. Hamadama Udeta hawasata Alla hulalla mahamadu rasulalla kiyaLa ahanna Muslim palliyak thiyana thanak kamak nadda?

    ReplyDelete
  35. නිට්ටඹුවෙන් ගෙයක් හොයාගත්තනං හරි..
    එහේ සිග්නලුත් නෑ...

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩ්ක් හොයලා බලහන් එහෙනම්..

      Delete
    2. අඩේ..නිට්ටඹුවෙ සිග්නල් තියෙනවා හිටං....

      Delete
  36. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  37. එහෙම තැනක් සයිබීරියාවෙන් හරි ඇන්ටාර්ක්ටිකාවෙන් හරි තමයි හොයගන්ට වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒවල ජීවන වියදම කොහොමද දන්නේ නෑ..

      Delete
  38. ලවුඩ්ස්පීකරයේ පියා කවුද දන්නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මම චෙෆාකිගෙන් ඇහුවෙත් ඔය ප්‍රශ්ණෙමයි.. එයාගේ අම්මට දානයක් දෙන්න කියලා...

      Delete
  39. වෙන රටකිං තමා ගන්න වෙන්නෙ.
    මෙහෙං නං බැරි වෙයි...

    ReplyDelete
    Replies
    1. එහෙම හරි හොයා ගන්න වෙනවා.. මේකේ ඉඳලා එපා වෙලා තියෙන්නේ.. කන්න බොන්න නැති උනත් අවුලක් නෑ.. නිදහසේ කනක් ඇහිලා ඉන්න තියෙනවනම්..

      Delete
  40. * පාඨලී චම්පිකටනම් ඕවා නවත්වන්න ඕනකම තිබුනා. ඒ වුනාට උඹලට ඒකගේ හොඳක් පේන්නෙ නෑ නේ
    * මෙතනදී විචාර ලියන අය බුද්ධාගමත් ‍බුද්ධ ධර්මය කියන දෙක පටලවගෙන තියෙනවා
    ආගමක් කියන්නේ සාමූහික මෙව්වා එකක්
    ධර්මය කියන්නේ ඒකීය පුද්ගලයාගේ මෙව්වා එකක්
    හැබැයි මේ දෙකම ඕනේ නමුත් පටලවා නොගත යුතුයි
    * මුස්ලිම් පල්ලිවල දෙවියන් වඳින්න කැඳවීම සිංහල හා දෙමල බාෂා වලින් පමනක් කිරීමට නීතියක් සෑදිය යුතුයි

    ReplyDelete
    Replies
    1. ඉතින් නවත්තන්න කියහංකෝ.. කව්ද කිව්වේ එපා කියලා.. ඕන නම් මනාපෙකුත් දෙන්න බැරිය..

      Delete
  41. සත්තකින්ම මාතලන්...මම අසංක...මේ මගේ පුද්ගලික මතය... මේ පන්සල් වල හාමුදුරුවරු කියන යක්කු( මෙහෙම කීම ආගමට නිගාවක් නම් කමා කරත්වා...සාදු...සාදු )...කරන විගඩං දැක්කම ඇත්තටම ජීවිතේම කලකිරෙනවා බං...ඇත්තටම මොකක්ද මේ හාල්පාරුවෝ ටික අපේ ආගමට කරන වින්නැහිය...සිවුරක් පෙරෝගෙන රටේ තියන සේරොම දහබලු වැඩයි කුපාඩි වැඩයි මෝස්තරයි දේශපාලනෙයි හැමදේම කරනවා මූලික අරමුණ වන බුද්ධාගම අනුගමනය නොකර...ටික දෙනෙක් හිමිවරු ඇති අපිට නොපෙනී හරියට සීලය රකින...ඒත් අනිත් හැත්ත බුරුත්තම අතුගාලා දාන්න ඕන මේ රටෙන්ම...පන්සල් වලත් බේද...දායකයො අතරත් බේද...මේකද අපේ ආගමේ හරය...තව කියන්න දේවල් ගොඩයි...ඒත් සංවරව කීමට නොහැක...ඇඟේ මාළු නටනවාය...

    ReplyDelete
    Replies
    1. අනා පාන සතිය වඩන්න පින්වත...

      Delete
  42. okane oya gewalayo, perethayo yakshayo kumbhandayo wage ewun elawanda oya wage dewal danne.... habai un nan moke add adala aluthin gewal hoyagannawada dannae...ea wage add ekak dakkaoth amanussayek geyak hoyaganna dapu add ekak kiyala ginas pothata yannath bari nae.. hehh hehh...poddak innako!!!!

    ReplyDelete
  43. පුද්ගලිකව මමත් ඔය කන්දොස්කිරියාවට නම් කැමති නෑ... හැබැයි ඉතින් මාතා අයියෙ ඔයාට ඔහොම නිදහසේ ඉන්න තැනක් නම් මාත් හිතන්නෙ ලංකාවෙන් හොයාගන්ට බැරිවෙයි...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න